දවල් කෑම කාලා බත් ඇටේ බඩේ හරස් වෙන්නත් කලින්
කහට කෝප්පයක් බිවුවේ ඕනෑ කමට නෙවෙයි
පුරුද්දට.ගිම්හාන කාලේ හන්දා එලියට බහින්න තියෙන්නේ පුදුම ආමරුවක්.උඩ බලද්දී දකින්න තියෙන්නේ වළාකුලක්වත් නැති හිස් අහසක්.ගෙයින් එලිය හරියට "නයා කට ඇරියා වගේ" පුදුම රස්නයක් තියෙන්නේ.මේ මොනවා වුනාත් ළහිරු කියපු විදියට මේ
වෙලාවට ගියොත් තමයි ලියන මහත්තයා අල්ලගෙන
මේ ලියමන ගැන හරි විස්තරයක් දැනගෙන එන්න වෙන්නේ.මගේ ජිවිතේ ලොකු වෙනසකුත් වෙන්න තියෙනවා කියලලුනේ මේකේ තියෙන්නේ. ඉෂාන්ගේ ගෙදර පහු
වෙද්දී තියෙන කුරුන්ද මැදින් මඩකලපු සරම
ඇඳන් මේ කන්නයේ නෙලා ගත්තු අස්වැන්නත් කරේ තියන් මතු වුනේ දයානන්ද අයියා කියල අඳුර
ගන්න ඒ හැටි අමාරුවක් වුනේ නැහැ. ගිය වන්ගියේ මේ වගේ කාලේදී අපිත් එතන ඉද්දි මට
මතකයි ඒ සිද්දිය.ගිමන් නිවන්න ටිකක් ගොයම් කොලේ උඩ වැඩිවෙලා ඉද්දි හරිගේ ඇහේ වී පොකුරක් වැදිලා කට්ටියම වේද ගෙදර ගිය හැටි. සෙන්නා අකමැති DDT පොහොර පාවිච්චි
කරන නිසාම වෙන්න ඕනේ කලින් කන්නයට වඩා මේ කන්නයේ මේ විදියේ සාරයක්!. දයානන්ද අයියා
මොනවා වුනාත් ඉතිං හොඳ දක්ෂ ගැමියෙක්.
හැලප කඩේ ළඟ නවත්වල තියෙන AKM නම්බර් තියෙන
අලුත්ම බයිසිකල් එක හැම වෙලාවේම නිල් ඩෙනිම ඇඳන් ඉන්න හෙන්රි ගේ වෙන්න ඕනේ.බයිසිකල් එක පැදගෙන යද්දී ඈතට පේන්නේ හරියට ශාක්‍රයාගේ රියදුරා මාතලන් වගේ.ඉස්සරනම් අපේ ගමේ තිබුනේ CL,EL -
නම්බර්. දැන් ඉස්සරහට අකුරු තුනක් ඊටත් පස්සේ තවත් අංක හතරක්.!!.. මෙහෙම ගියොත්
WMK නම්බර් එන්න වැඩි කාලයක් යන එකක් නැහැ. පුදුම වාහන ගොඩාක් දැන් මේ රටේ
ඇත්තේ.එකත් එක්කම මේ අද පොලිසි ගිහින් එන ගමන වෙන්න ඇති.අර ගමට අලුතින් ආපු පොලිස්
කොස්තාපල් ඉස්සරහා නෝන්ජලයෙක් විදියට හිටපු නැති වරද නිසා අදයි පොලිසිය නඩුව විභාග කලේ..මිනිහා කොහොමත් නාඩි කාරයනේ. සුදිකත් එක්ක ගියපු නිසා වැඩේ දෙක කරගෙනද දන්නේ
නැහැ. මට මතකයි මේ හාදයා පොඩි එකා සන්දියේ ඉඳලම.පොල් පිත්තයි ඔට්ට පාළු බොලේ අතේ
තියාගත්තු ගමන්මයි.ඒ කාලේ ඉමල්කයි සුදිකයි හිටියේ ඇවිද්ද පයින්මයි හැම වෙලාවේම..හරියට
සමකය වටේ යන දේශ ගවේෂකයෝ දෙන්නෙක් වගේ.හැබැයි ගමේම හිටිය රස්තියාදු කාරයෝ දෙන්නා.ඉවසන්න බැරිම
තැන වෙන්න ඕනේ ඔට්ට පාළු බෝලෙයි පොල් පිත්තයි අත්තම්මගේ පෙට්ටගමේ දාල අගුළු
දැම්මේ.යසිත් ගේ තාත්තා කියන විදියට අපි පොඩි වුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න
ඕනේ.නැත්නම් උන් මුරණ්ඩු වෙනවා. දැන් කොල්ලෝ කුරුට්ටෝ බෝල ගහන, ගමේ අවුරුදු උත්සවය තියෙන, හැන්දෑවෙ 6න් පස්සේ සූදූ කෙලින මේ
පිට්ටනිය අපේ කස්සා කියපු විදියට ඉස්සර නෙලුම් විලක්.කාලයක් තිස්සේ මුළු ගමම හෝදන් ඇවිල්ල ගොඩ වෙලා තියෙන්නේ හරියට ඇහැළේපොළ
කුමාරිහාමි ගිල්වලා මරපු බෝගම්බර වැවට වෙච්ච සන්තැසියට සමාන දෙයක්.එතන නැවතිලා ආගිය කතා කතා කරන්න නොහිටියේ ආනිවරාතයේ ගෙවා
දමන්න කාලයක් නැති නිසා.
රුක්අත්තන වංගුවේදී මම දැක්කේ සුදු අත්දිග
බෝරිච්චි හැට්ටයක් ඇඳන් එන පොඩි කුමාරිහාමි.මම
නොපෙනෙන්න අම්බලමට ගොඩ වුනේ ඇගේ ඉස්සරහා මුණ ගැහෙන්න මට තිබුන බැරි කමට. මෙහෙම හිටියට හරි ප්‍රසිද්ධ නිළියක් වෙසක් නාට්‍ය වල.වගේමයි හිතුවක්කාර කෙල්ලෙක්. ..එත් මගේ අනුමානය වැරදි කියල තේරුනේ ලඟට එද්දීමයි.ඒ ඇවිත් තිබුනේ පුංචි කුමාරිහාමි.මෙයා ඉතිං හැම වෙලාවේම කතා කරන්නේ මියුරු,මිහිරි වචනමයි.මාව දැක්කත් නඳුනන්නියක් විදියට යන්නේ නිසුපාගේ කතා විස්වාස කරන නිසා වෙන්න ඇති.මොනවා වුනාත් මෙයාලගෙන් පස්සේ ඉතින් වලවුව කාට සින්න වෙයිද දන්නේ නැහැ. කෝරලේ මහත්තයාත් ඉන්නේ මේකට කෙල හාලාගෙනමනේ.තව වෙලා මෙතන මට රැදෙන්න වෙයි වගේ!! මම මගේ හිතටම කියා ගත්තා.කෑහැ පට ගහ ගත්තු සරමත් එක අතකින් අමුඩ ලේන්සුව පෙනෙන නොපෙනෙන ගානට උස්සගෙන අනිත් අතින් රා මුට්ටිය අරන් එන්නේ සෑම් අංකල්.අනිවාර්යෙන්ම සිරාගේ කාමරේට වෙන්න ඕනේ යන්නේ.මේ වෙද්දී ලුණු කැටයි ගම් මිරිස් කුඩුයි එකතු කරගෙන වල් රජත් එතනට වෙලා ඇත්තේ.දුසිරිත කොතනද උන් එතන.හුන්ඩුවක් වගේ කමරයක් ඇතුලේ කොහොම ඉන්නවද? හරියට නිකන් පිස්සාගේ පලාමල්ල වගේ.සෑම් අංකල් මාත් එක්ක තරහ වුන හේතුව ටිකක් හිතද්දී මට මතක් වුනා.එදා හිරු නැති හෝරාවේදී ඒ කියන්නේ මහා රෑ චන්දනලාගේ ගෙදර කුකුල්ලු හොරකමට යන්න කතා කරපු වෙලේ මට කේන්ති ගියපු හින්දා ඕන අටම්පහුරක් කරගනින් කියලා හුළු අත්තෙන් දමල ගහල යද්දී ෆාතිමා ගෙවල් උඩ ඉඳන් බලන් හිටපු ලැජ්ජාවට වෙන්න ඕනේ.ඒ විතරක් නෙවෙයි ෆාතිමා නිර්මලාට කියලා නිර්මලා බට්ටිට කියල.දැන් ඉතිං ගමේ ග්‍රාමසසේවක හා ඉතාලි ගියපු ඩිලන් හැර අනිත් හැමෝම දන්නවා.

මේ තරියගේ කෙරුවාවල් නිසා දැනටම මට තරහා කාරයෝ
ගිහිප දෙනෙක්ම ඇතිවෙලා ඉවරයි.හැම වෙලාවේම කවුබෝයි තොප්පිය දාන, අශ්වයා පදින සුමිත් එයින් කෙනෙක්.හදිස්සියෙවත් පාරේදී හම්බවුනොත් ගල් ප්‍රහාරයක් දෙන විත්තිය හොඳටම
විශ්වාසයි.මිට කලින් ළිහිනිගේ ජිවිතයට ඇඟිලි ගහන්න ගිහින් මධුරංග ගුටි කාල මුළු
පිටම ලා දම් අහසක් වගේ.පස්සේ සනීප වුනාම
කිවුවේ පිට මැද හරහා අග්නි ධාරාවක් ගියාවාගේ වේදනාවක් දැනුනා කියලා.. ඒ සිද්දි වෙන වෙලේ Raj හිටියේ රාජ්ගේ නවාතැනේ සභිත් එක්ක. ඒ අනූගේ ලෝකයම ඩිල්ෂාන්ට බාර දෙන විදියේ උප්පරවැට්ටියක් ගැන
හිතමින්..එත් මේ මොනවා කලත් ඔහු හරියට
Silentsahan වගේ නිශ්ශබ්ද කෙනෙක්..වර්ණාගේ මතකයට අනුව මේ හැමෝන්ගෙම ප්‍රර්ථනාව වුනේ
සුමිත්ට කිට්ටු වෙන්න. ඒ මානවයකුට ඇති
පරිකල්පන ශක්තිය ටිකක් වැඩිපුර ඔහුට
තියෙන හින්දා කියලයි ගමේ කණිෂ්ඨ විද්‍යාලයේ
ඉතිහාස මිස් සයුරි නම් කිවුවේ.. ගමේ
කොල්ලොන්ගේ භාෂාවෙන් කියනවනම් "එල කොල්ලෙක්".(ඇනෝ කෙනෙක්)..මම කොහොම වුනාත් බුවාගේ සිතුවිලි වලට පොඩි කැමැත්තක් තිබුනා.ඒත් අනිත් හැමෝම කතන්දර කාරයෝ.
මගේ කෙස්ස පැහුනේ මේ ගමටමයි. ඒත් මම කොල්ලා කාලේදී
දැන් වෙන වගේ විගඩන් කවදාවත්ම දැක්කේ නැහැ.කොහොම
කිවුවත් අර මිසපොතේමියානු ශිෂ්ඨාචාරයේ ඉඳල එන කතාවක් තියෙනවා නේ.
"දැන් හැදෙන උන් කිසි කමකට නැහැ" කියල.මොක නැතත් මේ අපි ඉපදුන මැරන ගමේ අලුතින් හැදෙන උන් නම් කිසි කමකට නැහැ. මේවා ඇහෙද්දී දකිද්දී ඇති වෙන දුක කියාගන්න බෑ.කාලයක් මේ ගමට මි ගොඩ පැත්තෙන් ආපු ගයනි වේදගේ කියන පොඩි කෙල්ලට හරකෙක් එලව එලවා ඇන්නා.ඒකි කොහේ ගියත් හරකෙක් එළවන් එන එක සාමාන්‍ය දෙයක් වුනා.නොකරපු තොවිලයක් නැහැ.නැති භූත දෝස මවාපාලා සල්ලි හූරන් කාපු එක විතරයි කලේ.පස්සේ ඈ ඉහලන් යන රතු පාට කුඩේ මාරු කාරයින් පස්සේ හිටියයි කියපු හැම භූතයෝම ගියා.හරක් රතු පාට දක්කමා කුලප්පු වෙනවා කියලා ගමේ කිරි හරක් පට්ටියක් කරවන සරත්වත් දන්නේ නැහැ.මුලින්ම ඒ භයානකම සිද්දිය වෙද්දී මමත් ඈත ඉඳන් බාලාන උන්නේ.. "තරු අරුන්දතී නෙතු කැලුම් පිරි" කියන වෑර්ලස් සිංදුව මුමුණ මුමුණ තමයි එදා ගියේ.ගමේ හිටිය හැඩ කාරයගේ රූ සිරියට රැවටිලා ඇගේ හිත අද්දර ඇති වුන ලෙන්ගතු කමට වෙන්න ඇති. ඒ වෙනකොටත් පෙති තුනක් විතරක් පිපුන තැඹිලි පාට වද මලක් දුන්නේ චමි ෆෝ යු කියලා. මට ඉතිං සුද්දගේ භාෂාව දන්නා ඒකකයැ.එත් ඉතින් මොකෙන් කිවුවත් මල දුන්නේ ඇයි කියලා ඕනෙම නකියෙක්ට තේරෙනවා.ආන්.... එදා මල දීලා එද්දී මුලින්ම ගොනා ඇන්නේ.
කොහොමින් කොහෙම වුණත් මේ අනම් මනම් එක්ක ගමනටත් සුනංගුවුණා. ඒ බව දන්නෙ නීල ගැබේ චන්ද්‍රයත් ප්‍රමුදිත වෙලා යාන්තමට බිම් කළුවරත් වැටීගෙන එනවා කියලා මතක් කලායින් පස්සෙ. හප්පේ.. මේ සාතන් ගස් නඟින වෙලාවේ එහෙ මෙහෙ යන්න එපා කිව්වත් ඒක අමතක වෙලාද කොහෙද පිළිකන්නේ හිටිය උමඟන නඟා බය වෙලා ගෙට දුවද්දී දණහිස් දෙක එකට වැදිලා වැටුනේ "තලපතා පොළොවේ ගහපු විදියට". ඒ සද්දෙට බය වුන පූස් තඩියා ඥ්ඤෑස් කියාගෙන එළියට පැනගත්තත් බීරන්තට්ටුවේගෙන.හෙමින් සැරේ පිටිපස්ස හැරිලා බැලුවෙ රතී මාමවත් බැල්මක් දානවද බලන්න. අහල ගම් හතටම අනුශාසනා දෙන දේශකයා කෝට්ටකුත් තියාගෙනම ඉන්නෙ උරුවම් බාගෙනම. "කොහෙදෑ මේ.. ගොම්මන් වෙලාවෙ.. ?" මගෙන් ඇහුවත් මතක්වුණෙ අදින් පස්සෙ මේ වැයික්කියෙත් කරගහලා ඉවරයි කියලා. මොකද මූ ඕනවෙලාවක මැන්ටල්. ඒකාගේ සිතුවිලි සංජය සිතුවිලි තරම් පිරිසිදු නැහැ."නෑ.. මේ..." කියලා කටගන්න හම්බවුණේ නෑ.. බණ්ඩාරත්,පොඩි නුවනුත් දුවගෙන එනවා හතිදාගෙනම.. "අන්න අරහෙ කොළමක් නටන්න අරගෙන." මේ ආරංචියට එයාලා ඒ පැත්තට දිවද්දි මං දෙයියොට පිං දුන්නෙ නිර්මල අවංක හිතින්. ඈතදිම කට්ට කළුවරේ ගිලුන ගෙදර දැක්කත් හිතුවෙ නෑනෙ මේ වගේ විගඩමක්..! ඒකත් එකටම ලියන මහත්තයත් ක්සැන්ඩර්ගෙ කොළම බලන්න ගිහින්. අනේ හෆොයි..! ඒකෙන් මේකෙන් මේ ලියවිල්ලෙ මුල මැද අග ගලපගන්න හරි විස්තරයක් අහගන්න බැරිව අසරණ වුණේ අන්තිමට මම..!
ප/ලි: අවුරුද්දයි මාස 3ක් ඇතුලත අමාරුවෙන් කොටලා කොටලා දැම්ම 50 වෙනි පොස්ට් එක. එදා ඉඳල අද වෙනකන් දිරියක් වුන ඔබ සියලු දෙනාටම ස්තුතියි කරන්න ගත්තු උත්සහයක් මේ. හැම කෙනා ගැනම සඳහන් කළත් කිසියම් කෙනෙකුගේ නමක් අතපසු වී ඇත්නම් ඒ ගැන සමාවෙන්න!.
අපහසයක් කරන්න කිසිම උත්සහයක් ගත්තේ නැහැ.සුළු උපහාසයක් විතරක් ඇති..
~~අදත් සිත්තරේ තිලිනිගෙන්.~~