23 Nov 2011

අසරණයගේ අදෝනාව









               

මං වැඩ කරන පැය දහ තුනෙන් නමයක්   ම
ඉන්නේ සයිබ අවකාසේ තනියෙන්           ම 
කරන්න වැඩක් නැති හැම වෙලාවේම       ම
කියවනවා දකින දකින හැම දෙයක්           ම 


අහම්බෙන් දවසක් අස  ගැටුනා ඔහුගේ   විරු
කියෙවුවා ඒ සියල්ල ගෙන මගේ සිතට  විරු
"හිස් අහස " ඒ එකතුවේ කවිනම් මරේ  මාරු

එය  ලියන කිවිදගේ නම "අම්පාරේ     සඳරු" 


සිත් උනා මටත් ගලපන්න කවි සහ කතන්දර 
සිතුවා අරබන්න අවකාශයක් ගෙන සින්නක්කර 
සිටිය දින දෙක තුනක් මං කල්පනා කර කර 
සිහියට නැගුනා  කරන විදියක්  සදරුට  කරදර 

යැවුවා  ඊ තැපෑලෙන් මගේ අදහස එකට ඔතා
එවුවා හැරෙනු තැපෑලෙන් ඔහුගේ අදහසක් මනා 
පැතුවා යන්නට දුර ගමනක් හැකියාවෙන්ම මනා 
සිතුනා  නමක් "අසරණය" ඉන්නවිට මං හිත හිත 

මුල් දින පහේ බැලුව ලොව හතර දෙසින් 
දැන්නම් කවුරුවත්  නෑ  දැන් මගේ හිත හරි දුකින් 
ආපු සැම දෙනා ගියේ අයේ නොයෙන සිතින් 
ඒ සම දෙනාටම පුදනෙමි මගේ තුති ඉතින්

රුසියාවේ ඉදන් බැලුව "මදූ .."   නංගි
ඔයානම් ඉතින් හරි සීදේවි   නංගී 
ඔබ අපු දිනේ ආවේ  ඔබේ පිනෙන් නංගී 
දැන් කවුරුත් නෑ  මන් හරි කලකන්නි 

මං මෙය ලියන්නේ මගේ හිතේ අමාරුවෙන් 
රූරා වැටෙනවා කදුළු කැට මගේ දෙනෙත් අගින් 
දුක කියන්නත් කෙනෙක් නැති මේ අදුරු ලොවෙන් 
වැලපෙනවා මං බඩගිනි වුනු පොඩි දරුවෙක් විලසින් 

ලිවුවා කවි කතා මට හැකි අයුරින් 
කියෙවුවා මං තනියෙන් ඇදේ පෙරළෙමින් 
කොහොමද කියන්නේ මන් රෙදි ඇදන් ඉතින් 
අපු වමනේ නතර කලේ  මගේ දකුණු අතින් 

ආසයි  කියවන්න කාගේ   හෝ කමෙන්ට් එකක් 
මාත්  දැම්මා කමෙන්ට් විසි අටක් තිහක් 
නෑ සැලකුවේ කිසි කෙනෙක් මෙතෙක් 
අයියෝ!! ඇඩෙනවා මගේ හිත හිනි ගොඩක් 

දස දහස් බ්ලොග් කරුවන් අතරින් ද 
කිහිප දෙනෙක් ඇත ඉහලින් වැජබෙමින් ද 
අනිකුත් බ්ලොග් කරුවන්  අතරින් ද
අසාර්ථකම  බ්ලොග් කරු මම විතරද 

අසරණයට සරණක් වෙන්න 
මට ලැජ්ජාවක් නෑ 

20 Nov 2011

දන්සලෙන් පොලිසියට







එදා හරියටම පොසොන් පෝය දවසක් කවදාවත් නැතුව නිවාඩුවට ගෙදර අවේ ඊට කලින් දවසේ.අපේ යහළුවෝ කට්ටියක් එක්ක පොඩි සුභ සාධක එකමුතුවක් හදාගෙන තිබුන ගමට වැඩක් කරන්න කියල හිතාගෙන.දැන් අපි කරන්න හදන්නේ අයිස්ක්‍රීම් ධන්සලක් දෙන්න කලින් දවසේ රැ 10.30 විතර  දන්සල දෙන මඩුව හදන තැනට අමාරුවෙන් ආවා රැ  10.30 බස් එක කියන්නේ බීපු නැති අය වෙරිවෙන වෙරි උනු අය කබරු තලගොයි පිටකරන ගඳක්  තියෙන බස් එකක්.මොකද ඒ බස් එකේ එන බීපු උත්තමයෝ පොලිස් උත්තමයෝත් එන්නේ එකම බස් එකේ මට මතක විදියට මං හොඳ  සිහියෙන්  හිටියේ මං විතරයි.(කොන්දස්තරත් බීල)

"දැන්ද යකෝ එන්නේ....!! වැඩේ ඉවරයි"  ඒ අපේ සභාපති තුමා මාව ඉහලින්ම  පිළිගත්තු විදිය.

මං අමාරුවෙන් දුර ගෙවාගෙන අරක්කු වල සුවද විඳගෙන අරක්කු ගදෙන්න් නොමිලේම මාත් ටිකක් වෙරිවෙලා මං "හට්" එක හදන තැනට එද්දී එයාල එක හදල ඉවරයි. ඉලග දවසේ උදේට කරන්න ඕනේ  මොනවද කියල කට්ටිය කතා කරනවා කුමාර සින්දු දෙනවා ගමටම ඇහෙන්න ,රෝහණ පුටු දෙනවා චමිල් තාම අමාරුම දේ කරන්නේ අපි දේන්න ගෙනාපු අයිස්ක්‍රීම්  පරිස්සම් කරන්නේ එයා.පස්සේ ආරංචි උනා පරිස්සම් කරන්න බාරගත්තු කෙනාගෙන් පරිස්සම් කරන්න අමාරු උනා ලු (අනේ අපිනම් දන්නේ නෑ කට්ටිය එහෙමයි  කිවුවේ)

"දෙවැනිවරටත්  පවත්වන මහා... අයිස්ක්‍රීම් දන්සලට ඔබත් සහභාගිවන්න " අපේ සභාපතිතුමා ගමටම ඇහෙන්න කෑ ගහනවා. ගමේ ප්‍රභූවරු නොවුනත්  ටිකක් ඒවගේ හිතපු  කිහිපදෙනෙක්  ආරාධනා  කරලා තිබුනා.මොකද එයාල ආවම ආධාරයක් විදියට  ටිකක් ලොකු ගානක් දෙනවා එකෙන් අපි ණය ගෙවන්නේ. චන්ඩි වගේ දන්සල් දුන්නට අතේ සතේ නෑ.. මුලින්ම පොඩි ළමයි ආව ඊටපස්සේ  අම්මලත් එක්ක ආවා, පොලිමෙනුත් ආව,පොලින් පැනලත් ආවා, ලග තියෙන පොලිසියේ මාමලත් එයාලගේ නන්දලත් එක්ක අවේ. එයාලටනම් අපි විශේෂෙන්  සැලකුවා මට බාර වෙලා තිබුනේ ටිකක් විශේෂ අයට සලකන්න ඉතිං පොලිසිය නිසා මං හොඳින් සලකල ගෙදර ගෙනියන්නත්  ටිකක්  දුන්නා (මං හිතන්නේ  මං වැරදි වැඩක් කලේ කියල ) මං එහෙම දුන්නම එයාල හරි සංතෝසෙන් අරගෙන මටත් නොසහෙන්න ස්තුති කරලා  අයිස්ක්‍රීම් අරන් දිවුවේ බලු පැටියෙක්ට මස් කටුවක් ලැබුනම අනෙත් බල්ලොන්ගෙන් එක පරිස්සම්කරගෙන හැංගි හැංගි දුවන ව්දියට.
පෙරේත කමකට නෙවෙයි  අයිස්ක්‍රීම් දියවෙයි කියල.අපේ පළවෙනි වැඩේ හවස 3 විතර   සාර්ථකව අවසන් උනා අපිට සංතෝසයි  රණ්ඩුවක් නොවී ඉවර උනු එක ගැන

හවස තියෙන්නේ පාර දිගට පහන් පත්තු කරන්න එතකන් මොකද කරන්නේ?

 විවිද යෝජනා  ආවා එත් ඒවා පෝය දවසක  කරන්න හොඳ වැඩ නෙවෙයි  "ශාලික ගනින් බයිසිකලේ උඩහ දමිතාගේ පොට්
  එකේ තියෙනවා"  දවල් වරුවෙම කිසිම වැඩකට නැතිව ඇලී මැළිව  පැත්තකට වෙලා හිටපු රෝහන හරි    කඩිසරව ඒ වැඩේට බැස්සේ  නිකන් කලන්තේ දාපු කෙනෙක්ට වතුර දෙන්න වෙහෙසෙනවා වගේ. කළු කඩ හොයාගෙන් ගිහිල්ල බල්ලොන්ට ගහන ඒවා "හතරැස් බෝතල්" කිහිපයක් හොයාගෙන ඇවිල්ල තිබුන. මං නම් ඒවා පානය කලේ නෑ  මොකද මට එවෙලේ හිතුනේ නෑ හෝරා වකට විතර පස්සේ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට ගොඩ බැස්ස වගේ හරි සතුටින් ගියපු දෙන්න ආව  තිබුණු සතුටට බයිසිකලේ නවත්වන්න කලින් බිමට පැන්නා.ගෙනාපු බෝතලේ රැකගන්න තවත් කිහෙප දෙනෙක් හිටිය කප් එකත් එක්ක සමුහ ජයරුපෙකට  ඉන්න වගේ හරි ආදරෙන් තුරුළු කරගෙන අකුලක් හොයාගෙන කට්ටියම එක පස්සේ එක වෙන්න හරි ශාන්ත ගමනින් චුත උනා.


දැන් කරුවලත් වැටිලා පහන් පත්තු කරන්න පටන් ගමු  කෝ කට්ටිය

පහන් ටික,ගෙන්න තෙල් ගෙන්න, කට්ටියක් මැටි පහන් ටික පේලියට තියාගෙන යන්න හරි කරච්චලේ සභාපති මොරදෙනවා.

ටික වෙලාවකින් ඔන්චිල්ලාවක් ගිලපු කොල්ලෙක් වගේ එක්කෙනෙක් පැද්දී  පැද්දී  අපේ පැත්තට ආව අයෙත් තව කෙනෙක් ආවා එයාලගේ පාඩුවේ එයාල පහන් පත්තුකරනවා.


පහන් 8000 ක් පත්තුකරන්න දැන් කට්ටිය ලස්තිවෙන්නේ එත් අපි දන්නවා  අපිළඟ  2000 ක් වත් නෑ. ටිකක් පත්තුකරගෙන යද්දී තෙල් ඉවර වුනා.තෙල් බාරව හිටපු දෙන්න ඒවා ගෙන්න එතනින් පිටත් වුනා 



"උබල පොඩ්ඩක් හිටපල්ලා අපි ඉක්මනටම අරන් එන්නම්"


 තෙල් එකතු කරපු අය ඒවා ගේන්න පිටත් උනා.
උන් තෙල් ගේනකන් මොකද බං කරන්නේ කඩයක් අයිනේ පඩියක් උඩ වැඩිවෙනගමන් මං ඇහුව (මට වැරදුනු දෙවෙනි සැරේ )

"ජෝලියටත් එක්ක සින්දුවක් කියමු"  


වෙන කොහේදෝ ඉඳල ආපු අපිත් එක්ක ඉන්නෙත් නැති  හැමවෙලාවෙම බිල ඉන්න අපතයෙක් වගේ එකෙක්  යෝජනාවක් දැම්මා
හපෝ බෑ ඉස්සරහම පොලිසිය එතන හිතපු බිවුවත්  හොද සිහියෙන් හිටපු කෙනෙක් කෙයනවගේත් ඇහුනා

අවුලක් නෑ  අද අපි දසලකුත් දුන්නා එයාලත් දන්නවා නේ..

හරි එහෙනම් පටන් ගමු

"අඩුකුලේ කියල අසරණ
යා මැඩලන්නේ මේ ලෝකේ වසලයා අ අ ආ .." 

හෙනහුරෙක් පහත් උනාවගේ අපු ඒක පටන් ගත්තා අනෙත් අයත් හෙමිහෙට තාලෙ ඇල්ලුවා ටිකක් සද්දේ වැඩි වගේ දැනුනත්  අපි දවල් කරපු පිං බලෙන්   මොනවත් කරදරයක් වෙන්නේ  නෑ  කියල  හිතුන නිසා දිගටම කරගෙන ගියා

"පොලිසියෙන් පොලිසියෙන් එනවා"..

චන්ඩි වගේ හිටපු උන් ඉස්සෙල්ලාම දිවුවා. ඒ කලේ ඉඳල මෝඩ කමට දුවන්නේ නැති  ඒ මෝඩකම එදත් කරා.වැඩියෙන්ම වෙරි උනු එකා අල්ලගත්ත එකට හිටපු එකෙක්ව දල දුවන්න තරම් මං බලු නැති නිසා මං පොලිසියේ මාමලත් එක්ක කතා කරා.

"රාළහාමි අපි මේ තෙල් ඉවර උනු නිසා පොඩ්ඩක් වැඩි උනේ අනෙත් කට්ටිය තෙල් ගෙන්න ගියා එයාල එන්න පොඩ්ඩක් පරක්කු නිසා සින්දුවක් කිවුවේ"
"පාරේ සින්දුකියන්න මොකක් කියල හිතුවද උබත් වරෙන් යන්න උබල දෙන්නම දානවා කුඩුවට"

 දවල් මං අයිස්ක්‍රීම් වැඩිපුර දීල  අනෙත් අයට හොරෙන් ගෙදර ගෙනියන්න දුන්නු ඒ පොලිස් මම මට හරි කරුණාවෙන් කතාකරල මාව අතින් අලගෙන පාරත් පන්නල පොලිසියට එක්කන් ගියා මට කිසි බයක් දැනුනේ නෑ මොකද එළියේ යාලුවෝ ගොඩක් ඉන්නවා අපි හොද වැඩක් දවලෙත් කර දැනුත් කර කර නේ හිටියේ එක නිසා  මං ඉක්මනින් නිදහස් කරයි  කියල හිතුනා ජීවිතේ පළමු සැරේට හිර කුඩුවක්  දැක්කේ එදා.මාත් එක්ක ආපු එකා නම ඒක හොඳට පුරුදුයි, ඒක ඌට ගෙදර  වගේ ලු ....

විනාඩි පැය උනා පැය ,පැය දෙක තුන උනා කවුරුවත්  අවේ නෑ  මං මහා රෑ කුරු  අතරින්  ඇත බලන් ඉන්නවා කවුරු හරි මාව බේරගන්න ඒවි කියල මාත් එක්ක උදේ ඉදන් එකට වැඩ කරපු උන් ඇයි  තවමත් පරක්කු . අනිත් එකටම ගානක්වත් නෑ හැමෝම දුවද්දී මං නැවතිලා මොනවහරි දෙයක් කරන්න හදපු නිසානේ මාත් බලු කුඩුවේ ලැග්ගේ  ඇයි  පරක්කු ?දැන්නම් හිතට පොඩි දුකක්වගේත් දැනුන රැ 1.00 විතර  යාළුවෙක්ගේ  අයිය කෙනෙක් අවා චීස් කැලි දෙකකුයි බිම  බෝතලයකුයි බොන්න කියල දුන්නා
 එකත් කලා හිතේ අමාරුවෙන් ඉන්න මං මදුරෝවන් ගෙනුත් කරදරේ ඒක ඇතුලෙන්  එන වැසිකිලි ගඳ  අපිට කලින් හිතපු  උන්ගේ කෙල,තුවාල ප්ලස්ටේර්, හැම ජරාවක්ම ඒක ඇතුලේ .අමාරුවෙන් ඉද්දි එක යාලුවෙක් අවා ඇවිල්ල කියල ගියා දැන් මොනවත් කරන්න බෑ  හෙට උදේ එලියට දානවා එතකන් ඉන්න අනිත් එකාගේ වෙරි බහිනකන් කොහෙවත් හිටපු එකෙක් නිසා මාත් බේබදු මාක් එක ගහ ගත්තා.හෙට උදේ වැඩට යන්නත් ඕනේ වැඩට නොගියොත් එතනත් ප්‍රශ්න ගෙදරට අරන්චිවූනොත් තවත් ප්‍රශ්න ගමේ යාලුවොන් දැනගත්තොත් විඳින්න වෙන  ආපහාස.ඒද රැ එළිවෙන්න පරක්කු උනා වගේ දැනුන.ජිවිතේ අදුරම දවසක් කොහොම හරි ගෙවුන  ටිකක් නින්ද ගියා පරණ යාලුවෝ ටිකදෙනෙක් ආව බලන්න එයාලගේ මුනේ හරි දුක්බර විදියට මැලවිලා තිබුන.මට උනු අකරතැබිය නිසාද දන්නේ නෑ . පැය 18 පස්සේ මමත් මගේ අපත යාලුවත් (යාලුවෙක් නොවූනත් ) එලියට දැම්මා මං නොදැනුවත්ම මාව එලියට ගන්න මාත් එක්ක දවල්  හිටපු ශාන්ත අයියා එළිවෙනකන් වෙහෙසිලා තියෙනවා  ජිවිතේ අමතක නොවන පාඩමකුත් ඉගන ගෙන මං එලියට ආව.

පොලිසියෙන් නිදහස් උනාට මට තව නිදහස් වෙන්න තව තැන්  කිහෙපයක්ම තිබුණා අපේ ගෙදරින් වැඩකරන තැන බොස් ගෙන් කියන්නේ නෙතුව නිවාඩු ගත්ටට  ගමේ යාලුවන්ගෙන් හිත හදාගෙන මොනවත් නොවුණු ගානට ගෙදර ගිහෙල්ල  හවසම ආයේ මං කොළබ ගියා.හොඳම දේ තවම අපේ ගෙදරින් දන්නේ නෑ  මං පොලිසියේ  රැයක් ගත කරපු එක  .අදටත් මට තේරෙන්නේ නෑ  මං එදා දුවපු නැති  එක වැරද්දක්ද කියල කවුරු හරි කියපු කෙනෙක් මට කියල දෙන්න. 

"අසරණය" කියන වචනේ මගේ ජීවිතේට ගොඩක් සමීපයි

නම්ගම් මනංකල්පිතයි  

18 Nov 2011

ගුවන් සේවිකාවකට සේවකයෙක් වුනෙමි






මේක මගේ අත්දැකීමක්.මේක කව්රු හරි කියවල වැරදි අදහසක් තියෙනවනම් නැතිකරගනිවී  කියලත්   හිතනවා.


  මගේ නිවාඩුව ඉවරවෙන්න තිබුනේ තව ටික දවසයි.ඉවර උනු ගමන් මට අයෙත් වැඩකරන රටට යන්න ඕන. මං ඉන්නේ ලංකාවේ මිනිස්සු අඩුවෙන්ම යන ඒ රටේ මිනිස්සු දැක්කම  ජීවිතේ මොකක්ද මේ කියල හිතෙන රටක්. 
පොඩි කලේ මං ආසම දෙයක් තමය් ප්ලේන්  එකක යන එක.ඒකාලේ ප්ලේන් එකේ යන්න සිහින මවපු තරම්.දැන්නම් එපා කරපු දේ  තමයි  ප්ලේන් එකක යන එක.කොහොම හරි යන්න දවස අවා.
ගෙදර මට වඩා වැඩිමහලු  හැමෝටම  වැඳලා පොඩි අය මට වැඳලා හැමෝගෙම  හොටු මගේ මුනේ ගාගෙන ගෙදරින් පිට වෙලා ආවා.ප්ලේන්  නවත්වල තියෙන තැනට.මට සමු දෙන්න තව ටික දෙනෙකුත් අවා (ටික කාලයක් නිදහසේ ඉන්න පුළුවන් කියල  හිතපු අය නොහිටියමත් නෙවෙයි ) එයාලගෙනුත් වෙන් වෙලා ඇතුලේ ඉන්න උන් අහන ඒවටත් උත්තර දීලා ප්ලේන් එකට  නැගල    මං මගේ ෂිට් හොයාගෙන වාඩි වුනා දැන් මං යන්නේ හදන්නේ මොණර පිහාටු වගේ සරි ඇදන් ඉන්න සුන්දරියෝ ඉන්න  ප්ලේන් එකේ.ඔව් "ශ්‍රී ලංකන්".කට්ටිය හැමෝම  වාඩි  වෙලා ඉන්නවා ප්ලේන් එය යන්නත් තව  ටික වෙලාවක් තියෙනවා.සුන්දර කෙල්ලෝ ටික දෙනකුත් හිටිය.මං හිතුවේ  ඒයාලා   මට විශේෂයෙන් සලකනවා ඇති  කියල මට හිතුනු  විදියට මං හෙන පොරක්  වගේ මට දැනුන මං මුලින්ම ශ්‍රී ලංකන් එකක ගියපු දවස තම ඒ.පස්සේ තේරුණා එය මට නෙවෙයි  හැමෝටම ආදරෙන් කතා  කරනවා සලකනවා  කියල .එහාට මෙහාට යද්දී පවුඩර්  සුවදේ බෑ.හැම කෙල්ලෝ ලඟම එන සුවඳ  ඒයාලා ලඟිනුත් ඒක ආව.


දැන් යන්න පිටත්වෙන්න හදන්නේ  හැමෝගෙම ලගට  වගේම මගේ ලගටත් අවා
"සර් අපි  දැන් පිටත් වෙන්න හදන්නේ සර් ගේ  පටිය දාගන්න"
ලස්සන කෙල්ලෙක් සර් කියද්දී මට නිකන්   කිති වගෙත් දැනුනා  (සාමාන්යෙන් දැනෙනවා) .සලිත වෙච්ච හිත එක්තැන්  කරගන  ගමන් මං එයා කියපු විදියට කලා.ටික වෙලාවකින් මං හිටපු  ප්ලේන් එක උඩ යන්න පටන් ගත්තා ටික වෙලාවකට  පස්සේ ෂිට් එකට තියල ගැට ගහපු පටිය ලිහල වට පිට බැලුව එලිය පේන්නෙත් නෑ මහා රෑ තරුවක්වත් නෑ එදා මූසල  දවසක්  වැස්ස දවසක් නිසාද කොහෙද . ඇස පිනවන්නවත් හේතුවක් තියෙනවද කියල අයෙමත් වටපිට බැලුව .කිසිම රසක් නෑ...  හරියට නිකන් "කාන්තාරෙක ඉන්න ඔටුවෙක්" වගේ මට හැගුනේ. ඉස්සර පාරේ තාප්ප වලනම්  අලවල තිබුන "විවාහය ප්‍රමදනම් දුර බස් එකක  යන්න"කියල.එත් ඒ  කතාව වැරදි කියල  දැන් මට තේරෙනවා මං හිතන්නේ මගේ හතර කේන්දරේ පාලුයි  වගේ. ටික වෙලාවකින් ඉස්සර ගමේ බූමි තෙල් බෙදන  "ගොන් කරත්තේ" වගේ කරත්තයක් ඇදගෙන දෙන්නෙක් එනවා මට එක දැකල පුරුදු උනාට පොඩ්ඩක් අමුත්තක්  දැනුනා මොකද මෙයාල දෙන්නට සිංහල පුළුවන් හින්දා.


"සර් සොෆ්ට් ඩ්‍රින්ක්ස් ද හොට් ඩ්‍රින්ක්ස්  ද?"


නිකන් දෙන නිසා දෙකම ගන්නත් හිතුනත් මොකක්දෝ  හේතුවක් නිසා මට හොට් ඩ්‍රින්ක්ස් කියල ඉබේම කියවුන 


"විස්කිද",රෙඩ් වයින් ද? "


තව අමුතු ඉංග්‍රීසි  නම් වගයකුත් කිවුවා
අඩුවෙන් බීල වැඩියෙන් වෙරිවෙනේ විස්කි කියල මගේ අත්දැකීමෙන් දන්නා නිසා විස්කි කියල  දෙපාරක් හිතන්නේ  නැතුව ඉල්ලුව.නිකන් දෙන විස්කි වීදුරුවෙ රසබලල කන්න දුන්නු දේවලුත් ඔක්කොම කලා කරන්න දෙයක්ම නැති  තැන නිදාගන්න  ට්‍රයි කලා.ටික වෙලාවකින් මගේ ජීවිතේ ලබපු  වේදනා කාරම  කන් කැක්කුම පටන් ගත්තා එන්න එන්නම වේදනාව වැඩි වෙනවා වගේ දැනුනා කරන්න දෙයකුත් නෑ  අම්ම ලග හිටියනම් දේශීය බෙහෙතක් හරි හදල දෙනවා  ඒත් මං මේ අහසේ ඉද්දි මං  කාට කියන්නද
ජිවිතේ පලුමු පාරට දැකපු මිනිස්සු ගොඩක් ඉනෙත් කාටද කියන්නේ දහසකුත් ප්‍රශ්න  .බැරිම තැන ඇහැ ඇරලා බලද්දී මගේ එහා පැත්තේ  හිස් වෙලා තිබුණු ෂිට් එකක ඉන්නවා අර කලින් මාව ෂිට් එකට තියල ගැට ගහන්න හදපු ඒ සුන්දරී.ඒ වගේ කෙල්ලෙක් ගෙන්  කොහොමද මං කටක් ඇරලා කියන්නේ කන් කැක්කුමක් තියෙනවා බෙහෙතක්  දෙන්න කියලා.එතකොට ඒ කෙල්ල මං ගැන මොනවා හිතාවිද  මේකා කොල්ලෙක්ද කන්කකුමක් ඉවසන්න බැරිද තව තව  අමුතු ඒවත් හිතුවොත් දහසකුත් විකාර සිතුවිලි මැද මං ටික වෙලාවක් අතර මං උනා ඒත් එන්න එන්නම වේදනාව වැඩි වෙනවා.ඕනදෙයක් හිතපු දෙන් මෙයාව අයෙ දකින්නෙත් නැහැනේ මං මටම බැනගෙන චංචල උනු සිත නිශ්චල  කරනගමන් මං මගේ ඒ අමාරුව කීවා (මගේ හොඳ වෙලාවට ශ්‍රී ලන්කන් එකක ගියේ නැත්නම් වෙනත් එකක ගියානම් මං කොහොමද එක කියන්නේ  කන්  කැකුමට ඉංග්‍රීසියෙන් කියන විදිය දන්නේ නැ)


"මිස් මගේ පොඩි කන් කැක්කුමක් තියෙනවා මොනවත් බෙහෙතක්  දෙන්න පුලුවන්ද"?


 මං ඒ ලස්සන මූණ  දිහා  අසරණ විදියට බලනගමන්  ඉල්ලුව මගේ ජීවිතේ පළමු දවස කෙල්ලෙක්ගෙන් බැගපත් වෙලා දෙයක් ඉල්ලුවේ.එය මගේ මුණ දිහා මට වඩා අසරණ විදියට බලල කිවුවා


"මට පොඩ්ඩක් සනීප නෑ  අනෙත් කෙනාට කියන්න පුලුවන්ද  සර්"


අසරණ වෙච්ච කටහඩෙන් එහෙම කියද්දී මට "අනේ පව්" කියලත් හිතුන මොනවා කරන්නද අත් දෙකින්ම එක කනක් බදාගෙන, බෙල්ල පැත්තට හරවාගෙන, හිටපු ෂිට් එකෙන් උඩින් පැනල,
 නිදා ගෙන උන්නු අයගේ කකුල්වල හැපී හැපී,  අමාරුවෙන් පිටිපස්සේ කොනටම ලං වෙද්දී බාගෙට වැහුණු වැසිකිළි දොර   ඇතුලෙන් ගැණු කෙනෙක් වමනේ දාන සද්දයක් ඇහුණා.ලංවෙන්නත් පොඩ්ඩක් බයත් වගේ එත් කුතුහලෙකුත් තියෙනවා කවුද මේ වමෙනේ දන්නේ මොනවත් සුබ අරන්චියක්වදෝ... කියල එත් මං හිතපු  නැති විදියට එතන හිටියේ අනිත් ගුවන් සේවිකාව." අම්මෝ" මේ දෙන්නටම අමාරුයි කෑම විස වේලාවක්ද දන්නෙත් නෑ අපිට දෙන්න කලින් මෙයාල කනවා නේ එහෙම උනොත් තව ටිකකින් අපිටත් අමාරුවෙන් කාපුවා එළියට දාන්න වෙන්නේ. අමාරුවෙන්  ඉන්නවා දැකල මං ඇහුව     "ඇයි මොකද අසනීපයක්ද"  මගේ අසනිපට  බෙහෙත් හොයන්න හියපු මට මේ දෙන්නටම බෙහෙත් සොයල දෙන්න වෙයි  කියල ඉවෙන් වගේ මට දැනුනා. මගේ වේදනාව පැත්තලින් තියල එයා කිවුව අද මොකක්ද ඉංග්‍රීසි වචනයක් කියල අන්න එක නිසා තම අද  වමනේ ගියේ මට ඒ වචනේ තේරුනේ නැති උනාට තේරුණා වගේ ඉදල එයාලගේ ප්‍රධානියා හොයන්න අයෙත් මං කකුල් උඩින් පැනලා මැද  හරියට ගිහිල්ල  තවත් ඊට දෙවෙනි නොවෙන ලස්සනක් තියෙන කෙනෙක් ඉන්නවා බාගෙට විවර උනු කටත් බාගෙට පියුනු ඇස් දෙකත් එක්ක තරු දිහා බලන මොන්ටිසෝරි ළමයෙක් වගේ මුල්ලක ෂිට් එකක නින්දේ සැප නෙන්දේ වෙනස බලමින් .
ටිකක් ලං වෙලා "Excuse me"   හිටපු  නින්දේ  හැටියට සද්දේ මදි කියල ටිකක් උස් හඩින් අයෙත් කතා කළා .ඊට පස්සෙනම්  මගේ දෙමවුපියෝ සිහිකරන බැල්මකින් මා දිහා බලල, වියාජ හිනහවක් මුනේ මවාගෙන 


"ඇයි සර්"


ඔයාලගේ කෙනෙක්ට ටිකක් සනීප නැ වගේ"


 අතන කිචන් එක ළඟ ඉන්නවා
"OK සර් මං බලන්නම් Thank you "  නොදකින් මෝඩයා   නිදා ගන්නවත් දෙන්නේ නෑ  කියන බැල්මකින් අයෙත් මගේ දිහා රවුවේ නැතත් අමුතු බැල්මක් බලලා ප්ලේන්  එකේ පොදු වැසිකිලිය වෙත Cat wark   එකෙන්ම ගිය. මගේ කනේ අමාරුව ටිකක් අඩු උනා මං  මගේ ෂිට් එකට ගිය .එතකොට තවමත් අර අහිංසක  කෙල්ල ඉස්සරහා ෂිට් එකට ඔළුව ගහගෙන නිදි. කොහොම හරි මගේ ෂිට් එකෙන් මං අමාරුවෙන් වාඩි  වෙලා කතා කරන්න හේතුවක් කල්පනා කරනගමන් දත කට මැදගෙන ඉන්නවා කොහොමද කතාව පටන් ගන්නේ...!! කියල.


"කොහොමද ඔයාට දැන්  " ඒ මගේ හඬ
"දැන් ටිකක් හොඳයි" ඒ ඇයගේ හඬ


මොකද අසනීපෙ ඔයාගේ යාළුවත් වමනේ කරා . ඔව් අද ******* එක වැඩි  එකයි  ආමාරු  කලින් වමනේ කරපු සේවිකාව  කියපු ඉංග්‍රීසි වචනේ  මෙයත් කිවුව මට එත් තේරුනේ නැ මං හා:..  ඒකනිසා ද තේරුණා විදියට ඉඳල ."කොහොමද ඔයාගේ ජොබ් එක" මං කතාව වෙනස් කරා


"හපෝ එපා වෙලා තියෙන්නේ"

අපි ඇවිල්ල තවම "Tow Weeks"  මටනම් ඒපා වෙලා තියෙන්නේ

"කොහොමද ඔයාගේ කනේ අමාරුව"


ආ... එක දැන් හොඳයි  (එය ලගින් අපු පවුඩර් සුවඳට ද නැත්නම්  ලස්සනක ගැණු ළමයෙක් එක්ක කතා  කරපු නිසාද මගේ ලෙඩේ කොහෙන් ගියද නැ )
මගේ කුතුහලය ඇවිස්සුනා ඇයි  මේ වගේ රස්සාවක් එපා වෙන්නේ ගැහැණු ළමයි කි දෙන්නම් සිහින මවනවද  ප්ලේන් එකේ එහාට මෙහාට යන්න .
"ඉස්සර තුබුණු ආසාවට Apply  කළ   "3000" දෙනෙක්ගෙන් 5 Select  උනේ.අපිත් හරි සංතෝසෙන් ට්‍රානින් වුන ජොබ් එක  දෙවැනි දවසෙම එපා වුන ප්ලේන් එක  150 විතර  ඩ්‍රින්ක්ස් දෙන්න ඕනේ එක එක්කන කැමැති  එක එක ඒවා බිල ඉවර උනාම ඒවා එකතු කරගෙන වටයක් යන්න ඕනේ  ඊට පස්සේ කෑම  බෙදන්න ඕනේ කෑම වල අඩු පාඩු තිබුනම මගියෝන්ගෙන්  බැනුම් අහන්නත් ඕනේ... ඒයාලා කපු පිගන් එකතුකරගෙන අයෙත් වටයක් යන්න ඕනේ වතුර,තේ බෙදාගෙන අයෙත් වටයක් යනවා ට්‍රොලිය තල්ලු කරගෙන යන එක හිතපු තරම් ලේසි නෑ  කෑමත්  පුරවගේන නේ..... ඊට පස්සේ අනෙත් මගියෝ ටික පැක් කරගෙන අයෙත් ලංකාවට එන්නාව ඒ එද්දිත් මේ වගේම තමා මහන්සිය.මටනම් මේ රස්සාව එපා වෙලා තව ටික දවසක් බලල මං නවතිනවා. "

"අවුරුදු ගානක් සිහින මවපු රස්සාව සති දෙකෙන් එපා උනේ ඇයි"?ඒ මගේ අන්තිම ප්‍රශ්නේ 

එන්න කලින් දැනගෙන හිටියේ නෑ  මෙක මෙච්චර අමාරු රස්සාවක් කියල එත් දැන් මට තේරෙනවා ඒ කතාවක් සමගම මගේ ගමනාන්තෙට ලං උනා මගේ හිතේ ඇති උනු වේදනාවත් එක්කම හැමදාම කෙල්ලෙක් එක්ක කතාකරම ඇති වෙන ඒ අදහස මට එදත් පහලවුන ඔයාගේ  Contact number නැත්නම්    FB id   එක දෙන්න .එත් මං මගේ හිතේම ඒක තියෙන්න ඇරලා වැදගත් කොල්ලෙක් විදියට  "හැම රස්සවක්ම අමාරුයි  කිසිම රස්සාවක් ලේසි නේ ටික දවසකින් ඕක හරියාවි " මං පොඩි වැඩිහිටියෙක්  වගේ අවවාදයකුත් දීලා අකමැත්තෙන් උනත් ඇයට සමුදීලා මගේ මල්ලත් අරන් මං බැස්සා.




















14 Nov 2011

එක් නොවෙන ප්‍රේමය..



මං කැමති අය මට කැමති නැ..
මට කැමති අයට මං කැමති නැ ...
දැන් අපි අපිට කැමති
ඒත් අපේ අම්මා කැමති නැ ...


13 Nov 2011

සමාවෙලා මේක කියවන්න..



 හැමෝටම ආයුබෝවන්!!!!!..



හැමෝටම තියෙන නිසා හමෝම  කරන නිසා මාත් එකක් හැදුවා.කිසි වැඩකට නැති  වෙන්නත් පුළුවන් .
කවදාවත් පාසලේදී කවිකක් කතාවක් ගලපලා ලියපු නැති මම මොනවා ලියන්නද කියලත්  හිතෙනවා .ඒත් මං හිතනවා මොනවා හරි ප්‍රගතියක් වේවි කියල.
කියවල බැනලවත් යන්න(මට විතාරක්).මේක ලස්සනට කරන්න ඔයාලත් හෙල්ප් එකක් දෙන්න.
මට 
ජයවේවා !!!!!!

මෙයට ඔබේම
 අසරණයා ..









අසරණයෙකි



මවක් පියෙක් ඇති
සහෝදරියෝ ගොඩක් ඇති
සහෝදරයෙක්වත් නැති
මිතුරු මිතුරියනුත්  ඇති
එත්
කාත් කව්රුවත් නැති
අසරණයෙකි මා............!









Related Posts Plugin for WordPress, Blogger...