31 Oct 2012

"එරල් මුහුද". Aral Sea.




                          "එරල් මුහුද" මෙය පිහිට ඇත්තේ මධ්‍යම ආසියාවේය.රතු මුහුද,මල මුහුද, කළු මුහුද තරම්ම විශාල නැති එහෙත් නැව් ගමනාගමනය වන  විශාල ධිවර කර්මාන්තයක් තිබුන මුහුදකි.  උතුරින් කස්කස්ථානයටත් දකුණින් උස්බෙකිස්ථානයටත් මායින්ව පිහිට ඇත. එරල් මුහුදේ තේරුම නම් "ගොඩබිමේ මුහුද" යන්නයි.මෙය මුහුදක් ලෙස හැඳින් වුවාත් එය ලෝකයේ හතර වන විශාලතම "විල"මෙයයි. එහි විශාලත්වය වර්ග කිලෝ මීටර 68,000ක්.එහි  උපරිම  ගැඹුර මීටර් 68ක්. ගැඹුරේ සාමාන්‍යක් ලෙස ගතහොත්  මීටර් 16. දුපත්  1,534 වඩා  ප්‍රමාණයක් වටා ඇති මෙහි ජලයේ ලුණු සාන්ද්‍රණය 1%..  මෙහි ප්‍රධාන ජාල පෝෂකය වන්නේ "අමු දර්ය" සහ "සයීර් දර්ය" යන ගංගාවල් දෙකෙනි. එම  ගංගාවල් දෙකෙන් ලැබෙන පිරිසිදු ජලය නිසා ලවන ගතිය අඩුවීමට  එයත් එක් හේතුවකි.

                                                      1985දි.



         රුසියානුවන් මුලින්ම දියත් කල යුද නැව්

රුසියානුවන්ට අයත්ව තිබුන මෙම මුහුදට මුලින්ම යුද නැවක් යාත්‍රා කලේ 1847 තරම් ඈත අතීතයේ සිටයි. පසුව රුසියාවෙන් වෙන්වීමත් සමග එහි අයිතිය කස්කස්ථානයටත් උස්බෙකිස්ථානයටත් හිමිවිය. අඩි 100ක් තරම් දිග මගී නැව් පවා මෙහි ගමන් කර තිබේ. 1960 දශකයේ එවකට සෝවියට් සමුහ ආණ්ඩුව අනාගතයේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් කුඹුරු අස්වැද්දීමටත් "කපු" නිෂ්පාදයටත්  එරල් මුහුදට පෝෂණය දෙන ගංගාවල් දෙක ප්‍රයෝජනයට ගෙන තිබේ. දැනට ලෝකයේ අංක එකේ කපු නිෂ්පාදකයා වන්නෙත් උස්බෙකිස්ථානයයි. ගංගාවල් දෙක හරස් කරමින් වැඩි ජල  ප්‍රමාණයක් ගොවිතැනටත් කපු නිෂ්පාදනයටත්  ලබාගැනීම නිසා දැන් එම  මුහුද ඉතා වේගයෙන් සිඳී යාමට පටන් ගෙන ඇත. පසුගිය අවුරුදු 10 ඇතුලත ධීවරයන් 82,900 පමණ ප්‍රමාණයක් ඉන් ඉවත් වී තිබෙනවා.


                                          1960 සිට 2010 දක්කවා වෙනස් වීම.


1985  සහ 2010 

                                                  2012 දී.

                                   කෙමෙන් කෙමෙන් ජලය සිඳී යෑම.

1960 එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු ගංගාවල් දෙක බෙදීමෙන් වසරකට පසු කියුබික් කිලෝමීටර් 20-60 අතර ප්‍රමාණයක් මුහුදට එකතු වීම අඩු විය.ජල මට්ටම අඩුවීම ආරම්භ  වන්නේ 1961 සිටය. 1961 සිට 1970 දක්කව සෑම වසරකම සෙන්ටි මීටර් 20ක පමණ සාමාන්‍යකින් අඩු විය.1970-1980 කාලය තුල සෙන්ටි මීටර් 50-60 ප්‍රමාණයකින් ද 1960 සිට 2000 දක්වා සෙන්ටි මිටෙර් 80-90 සාමන්‍යකින් පහත වැටි ඇත .එයට හේතුව වී ඇත්තේ කපු නිෂ්පාදනය දෙගුණ කර ඇති බැවිනි. 1960 සිට 1998 දක්කවා සම්පුර්ණ මුහුදෙන් 60% දක්කවා අඩු වී ඇත. 1960 දී විශාලත්වය වර්ග කිලෝමීටර 68,000ක්.එහෙත්  1998 වෙද්දී එය වර්ග කිලෝමීටර්  28,687 දක්වා පහත වැටි ඇත.කෙමෙන් කෙමෙන්  ජල මට්ටම සිඳී යෑමෙන් 2007 වෙද්දී  මුහුදේ ජල මට්ටම 90% සිඳී ගොස් ඇත. දැනට එය වර්ග කිලෝමීටර් 9,000 ආසන්න ප්‍රමාණයකට සීමාවී ඇත.තවත් වසර 20න් පසු සම්පුර්ණයෙන්ම සිඳී ගිය කිසිම වැඩකට ගත නොහැකි  වැලි වලින් පිරුන කාන්තාරයක් ඉතිරිවනු ඇත.

ධිවර යාත්‍රා.

 විශාල නැව්.



ජලය සිඳී යාම නිසා සිර වුනු නැවක්.










එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය මේ වන විට මෙයට යොමුවී ඇති අතර අනිකුත් පරිසර සංවිධානද "එරල් මුහුද" රැක ගැනීමට උත්සහ දරමින් සිටියි. සිඳී ගිය මුහුදේ කිසිදු වගා කටයුත්තක් සාර්ථක නොවන්නේ පොළොවේ ඇති ලවන ගතිය නිසයි.ධිවර කර්මාන්තයෙන්  ජිවත් වූ ධිවර පවුල් වෙනුවෙන් එම පසේ ඇති ලවන ගතිය රසායන ද්‍රව්‍ය මගින් ඉවත් කිරීමට ගත් උත්සාහයද සාර්ථක වීනොමැත. නුදුරු අනාගතයේ සංචාරක කර්මාන්තය දියුණුව නිසා ලංකාවේ වැව් වලටද මේ ඉරණම අත්වීමට ඉඩ ඇත.


සැයු:  නිවාඩුවට ගිහින් ආවයින් පසු මේ ලියන පලවෙනි පොස්ට් එක මාස දෙකක් තිස්සේ මොකවත් කරගන්න බැරි වුනා. ආයතනය ලොකු වෙලා වැඩ වැඩි වෙලා කාලය නැතිවීම නිසා ගොඩක් බ්ලොග් මග ඇරිලා ගියා.ආයෙත් ලියන්න කියල මාව දිරිමත් කරපු හැම දෙනාටම ස්තුතියි. ලියවිල්ලේ රිත්මය ටිකක් වෙනස් වෙලා වගේ දැනුනත් ආයෙත් සුපුරුදු බ්ලොග් ජිවිතයට හැකි හැම වෙලේම එනවා. එහෙනම් ආයෙත් පටාන් ගත්තා.
Related Posts Plugin for WordPress, Blogger...