15 Nov 2012

වසරක අවසානේ.


                                     එදා සිට අද දක්වා මාව Follow කරපු යාළුවො.

                      මිට  හරියටම අවුරුද්දකට කලින් (නොවැම්බර් 13) පැය 13 ක වැඩ මුරයක් තිබියදී වැඩ තිබුනේ උදේ පැයකුත් හවස පැයකුත් විතරයි. උදෙත් හවසත් අතර කාලේ කරන්න වැඩ නැතුව අන්තර් ජාලයේ ඔහේ මෙහෙ ඇවිද ඇවිද  ඉද්දි හදිස්සියේම හම්බ වුනා ලස්සන කතා ලියපු ජිවිත අත්දැකීම් ලස්සනට ගොතපු "සිංහල සයිට් එකක්". එකේ තිබුනේ “හිස් අහස” කියලා. ටික දවසකින් දැනගත්තා ඒ “බ්ලොග් සයිට් එකක් විත්තිය”  එහෙම කියෝලා කියෝලා යද්දී හදිස්සියෙන්ම තව එකක් දැක්කා තැඹිලි පාට පසුබිමක තියෙන තවත් පාසල් කතා ලියන බ්ලොග් එකක්.(දැන් පාට වෙනස්) ඒක ලියන්නේ" සෑම් කියලා එකෙක්". තව තව ඒවා කියව කියව යද්දී  මටත් හිතුනා හැමෝම කරන නිසා මටත් බ්ලොග් එකක් අටවා ගන්න. කොහොම හරි  හිස් අහසේ අයිතිකාරයා සඳරුගේ උපකාරය ඇතිව බ්ලොග් එකක් අටවා ගන්න පුළුවන් වුනා. ඇස් රිදෙනකම්,ඔළුව කකියනකම්ම ගොඩාක් දෙනෙක් ගේ බ්ලොග් කියෙවුවා.කමෙන්ට් කළා. වෙලාවක් ලැබුන ගමන් මගේ ජිවිතේ කාටවත් නොකියපු සිද්දිත් ලිවුවා.

පරණ බ්ලොග් කරුවන්ගේ පොස්ට් වලට කමෙන්ට් එකසිය ගණන් වැටෙද්දී මාසයක්වත් නැති බ්ලොග් එකක් වන මගේ එකටත් ඒ වගේ කමෙන්ට් බලාපොරොත්තු වුනා තිබුන ලාමක කමට. හිතේ වේදනාවට කවි වලින් පොස්ට් එකක් දැම්මා.මේ තියෙන්නේ දුකහිතිලා මම දාපු පොස්ට් එක.එකෙන් පස්සේ මගේ ඒ තිබුන ලාමක ආසාව එහෙම්මම නැති වෙලා ගියා.ප්‍රාර්ථනා තමා සින්ඩි ගැන කියල දුන්නේ. අළුත් හැම දෙනාටම මේ තත්වය තමා මුලින්ම තිබිල තියෙන්නේ. ඒ පරණ බ්ලොග් කරුවන්ගේ උපදෙස්  ඉස්මුදුනින්ම පිළිගත්තා. කාලයක් යද්දී එයාලගේ උපදෙස් නිසා මගේ  බ්ලොග් එක සාමාන්‍ය තරමට  ජනප්‍රිය වුනා.සිංහල ටයිප් කරන ලේසි විදියක් "වර්ණා මන්දාකිනි" කියල දුන්නයින් පස්සේ පරංගියා කෝට්ටේ යන විදියේ සිංහල ටයිප් කිරීම නැවැත්තුවා.ටිකෙන් ටික සාර්ථක වෙද්දී මගේ මුල් පොස්ට් දහයට හා මුල ඉඳලම උදවු කරපු හැමෝම වෙනුවෙන් ටිකක් වෙනස් විදියේ ස්තුතියි පොස්ට් එකක් දැම්මා."බ්ලොග් කරුවන්ගේ පැටිකිරිය" කියලා.මේ තියෙන්නේ ඒක ඒවා මඩක් කියලත් කිවුවා. පායන කාලෙක ලියපු දෙයක් නිසා මම ඒ කතාව තවමත් පිලි ගන්නේ නැහැ.

පාසල් කාලේ හා  අනෙකුත් කතා හැම දාම ලිය ලිය ඉද්දි  ලංකාවේ  මිනිස්සුන් අඩුවෙන් යන අප්‍රිකාවේ රට වල හා ඒ ඒ සංස්කෘතිය ගැන  ලියන්න  මාව  උනන්දු කලේ ප්‍රහාරයේ සුමිත්, කුරුන්දේ සෙන්නාත්,හා ඉතාලි ඩිලානුත්. ලෝකේ අංක එකේ දුප්පත් රට වන කොංගෝවේ මම හිටපු කාලේ ලබපු අත්දැකීම් හා ඒ රටේ සංස්කෘතික දේවල් ලියන්න මටත් ආසාවක් ඇති වුනා.වෙනස් වෙනස් දේවල් තවත් කෙනෙකුට පොඩි හෝ අධ්‍යාපනික දෙයක් ලබා දෙන්න හැකි වුනා කියල හිතනවා ඒ වෙනසින්. ඒ වෙනස ඇති කරන්න ප්‍රධාන වශයෙන් උනන්දු කරපු ඔවුන් තිදෙනාට නැවතත් ස්තුතියි.

මම ලියපු පොස්ට් එකක් ඇගයීමට ලක්වුණා පළමු අවස්තාව තමා ඔස්ට්‍රලියාවේ සිට ක්‍රියාත්මක වන "කැඩපත" මාසික සඟරාවේ මම ලියපු “පාසල්ගමන එපා කරපු ගුරුතුමියගේ උණුවතුර බෝතලේ”පොස්ට් එක එම සඟරාවේ පලවිම. ප්‍රධාන කතුවරයා කියපු විදියට ඔහුටත් එම පොස්ට් එකට විශාල ප්‍රතිචාර ලැබිල තියෙනවා. ඔහුගේ පැත්තෙන් ඒ කරපු උදව්ව මට ලැබුන විශාල සම්මානයක්. තව " ශ්‍රී ලංකා යුත්" වෙබ් අඩවියේ මගේ ලිපි තුනක් පල වුනා සිඟන්නෙක් සමඟ රැයක්   කඩු නැති කටු ගේ  සහා අප්‍රිකානු ගුරුකම්.  .










බ්ලොග් ලිවීමෙන් සිරා බොක්කවල් තියෙන යාලුවෝ ගොඩ  දෙනෙකුත් අඳුර ගන්න ලැබුනා.පසු කාලේලේ තව තවත් අළුත් යාළුවො අඳුර ගන්න පුළුවන් වුනා. ඒ කාලේ ඉඳම කියවීමට කම්මැලි කෙනෙක් වුන මං කියවීමටත් කවියක් රස විඳීමටත් පටන් ගත්තේ මේ බ්ලොග් හරහා. ඔෆිසියේ අයිස් යුගය ඉවර වෙලා වැඩ කරන යුගය පැමිනිලා තියෙන මේ කාලේ.පහුගිය මාස තුනටම මම ලිවුවේ එක පොස්ට් එකක් විතරයි.කියෙවුවෙත් අතරින් පතර. එත් මම ලියපු අන්තිම පොස්ට් එකටත් මාව අමතක නොකර කලින් හිටපු බ්ලොග් කරුවෝ සියල්ලම මගේ බ්ලොග් එකට පැමිණීම ගැන මට ගොඩාක් සතුටුයි. එදා ඉඳල මාත් එක්ක හිටපු ඒ හැම දෙනාටම ස්තුතියි. නම් වශයෙන් කියන්න යන්නේ නැහැ එකක් හෝ මග අරුනොත් තව කෙනෙකුට දුක හිතෙන නිසා. මගේ පලවෙනි අවුරුද්දේ මාත් එක්ක හිටියා වගේ ඉදිරියේදීත් මාත් සමඟ රැදෙන්න. ඔබල සියලු දෙනාටම ස්තුතියි.

"ස්තුතිය සිත්තර තිලිණිට".
Related Posts Plugin for WordPress, Blogger...