19 Dec 2011
කෙල්ලෙක් කේක් සහ බස් හෝල්ට්
විශාල ශබ්දයක් ඇහෙනවත් එක්ක මට යන්තම් ඇහැ ඇරුනා.මං ඒ සද්දේ ආපු දිහා ඉතා ඕනෑකමින් අහගෙන ඉද්දි මට දැනුන ඒ හොඳ හුරුපුරුදු කට හඬක් බව.ඒ අපේ අම්මගේ දින චර්යාවෙන් එකක් වූ මට බැනීම.සාමන්‍ය පෙළ කරලා ගෙදර ඉද්දි මං උදේ නැගිටින්නේ අපේ අම්මගේ කරුණාබර වදන් වලින්.
"දැන් නිදාගත්තා ඔය හොඳටම ඇති.A /L කරන්න පටන් ගන්න කුම්බ කරණය වගේ දවල් වෙනකන්ම නිදි."
අපේ අම්මගේ ඒ ආඩපලිය අහලම එපා වෙලා මගේ යාළුවෙක්ගෙන් උසස්පෙළ කරන්න පංති තියෙන වෙලාවල් තියෙන තැන් අහගත්තා.එත් මං මොනවයින් උසස් පෙළ කරනවද කියල කිසිම අදහසක් තිබුනේ නැහැ හදිස්සියෙවත් ෆේල් වෙලා තිබුනොත් ගමේ ඉන්න ලිඳ ලඟ අන්ටිලගෙන් අහන්න වෙන මසුරන් කතාවලට බයෙන් අම්මා මට සාමාන්‍ය පෙළ කරන්න උනන්දු කලා.ඒක ඉවරුනා විතරයි දැන් අනිත් විභාගෙට පංති යන්නලු.ඒ කලේ මං අස්සරේ කලෙ මට වඩා අවුරුදු දෙකක් වැඩිමහල් පන්තිවල ඉන්න කොල්ලෝ.දැනටත් ඉන්නේ හොඳම යාලුවෝ එයාල.එයාලගෙන් උපදෙස් අරගෙන මට හිතුනු විදියට ලේසිම දේවල් කියල හිතුනු කලා විෂයන් කරන්න හිතා ගත්තා.
අම්මලාගේ තියෙන වුවමනාවට මං පන්තිත් හොයාගෙන අඩුවෙන් පාඩම් කරන්න පුළුවන් විෂයනුත් තෝරාගෙන ගෙදර ඉඳල පැය දෙකක් දුරින් තියෙන ටවුමේ තැනකට මං ගියේ.හැම දෙයකටම යන්න හිටපු මගේ යාලුවෝ කවුරුවත් මං යන පංති වලට යන්න හිටියේ නැහැ.ඉස් ඉසරම සෙනග ගොඩක් මැද්දේ තනියෙන් ගියපු දවස එදා.කවදාවත් දැකපු නැති ළමයි ගොඩක් මැද්දෙන් ගිහින් පොඩි ඉඩක් තියෙන තැනකින් වාඩි වුනා.මං ගියපු ඉස්කෝලේ චන්ඩිය වගේ හිටියට අලුත් තැනක් නිසා බල්ල නැට්ට කොහෙද ගහනවා වගේ වට පිට වැඩිය බලන්නේ නැතුව හිස් බෝඩ් ඒක දිහාත් පොත දිහාත් මාරුවෙන් මාරුවට බල බලා හිටියා.ඒ පන්තියේ හිටපු ගැහැණු පිරිමි හැම කෙනෙක්ම කල්ලි පිටින් හිටියට මං විතරයි තනියෙන් හිටියේ.
"ඒ මේ චාමී බෝඩ් එකේ මොනවත් පේනවද මටනම් මොනවත් පෙන්නේ නැහැ"
කවුරුත් උගන්වන්නෙත් නැතුව බෝඩ් එකේ මොනවත් ලියපුවත් නැතිව ඒක දිහා බලන් ඉද්දි පිටි පස්ස පේලියේ හිටපු ඒක ගැහැණු ළමයෙක් මට ඇහෙන්න එයාගේ යාළුවොත් එක්ක හින්ට් එකක් පාස් කලා.
සතුරාට පහර දෙනවනම් දුරුවල සතුරාට පහර දෙන්න ඕනේ කියන නියාය එදා එයාල අනුගමනය කලේ.ඒක එතනින් ඉවර උනේ නැහැ
"කොන්ඩේ වැඩි නේද අපි මෙයට බූල් බෑන්ඩ් එකක් දෙමුද?.
වල වෙට්ටුවක් වගේ තිබුණු මගේ කොණ්ඩෙට විහිළු කරනවා කියල මට දැන් තේරුණා.අම්මා බැනල සල්ලි දුනේ කොන්ඩේ කපන්න එත් එදා ඒ සල්ලි වලින් කොන්ඩේ කපන්නේ නැතිව කොල්ලොත් එක්ක අනම් මනම් කාපු එකේ පල විපකේ තමා මේ මං දැන් විඳින්නේ.මං මටම බැනගත්තා.
ඔයාගේ නම මොකක්ද?.මොකක්ද ඔයාගේ ඉස්කෝලේ? කෝ ඔයාගේ යාළුවො පිටි පස්සේ පේලියේ හිටපු ඒ ගැණු ළමයි ටික මව අමාරුවේ දාන්න කියල වෙන්න ඇති එහෙම ඇහුවේ ඒ අහපු හැම ප්‍රශ්නයකටම කෙටි උත්තර දීල මං මගේ පාඩුවේ හිටියා.පැය තුනකට පස්සේ පන්තිය ඉවරයි .එත් මගේ තනිකම එයාල ප්‍රේයෝජනයට ගත්තා .
එත් ගෙදර ගියාම මට හරි අමුත්තක් දැනුන.කාලය යනවා දැනුනේ නැහැ.රෑට නිදාගන්න ගියාට නින්ද ගියෙත් නැහැ මොනවා හරි දෙයක් දැනෙනවා එත් මොකක්ද කියල තේරෙන්නේ නැහැ.හරි අමුතුයි.ඊලග සතියේ පංති දවස වෙනකන් ආසාවෙන් හිටිය.එත් මං දන්නේ නැහැ ඇයි මං මෙච්චර ආස.දවස් දෙක තුනකට පස්සේ මාව අමාරුවේ දාන ප්‍රශ්න වැලක් අහපු ඒ සුදු,කෙට්ටු,චුටි,කට සැර ගෑණු ළමයාගේ රූපේ නිතරම මැවිලා පෙන්න පටන්ගත්තා.ඊට කලින් ගැණු ළමයිගේ පස්සෙන් ගියාට වඩා අමුතු හැඟීමක් මෙයා ගැන තිබුනා.දෙවැනි දවසෙත් පංති ගියාම මෙයට වඩා පේලියක් ඉස්සරහින් වැඩි වෙන්න මං පැයකට කලින් පන්තියට ගියේ.මගේ නම අහගත්තට මට එයාගේ නම අහන්න තරම් ශක්තියක් තිබ්බේ නැහැ.වාසනාවකට වගේ ඒක දවසක් විභාගයක් තිබුනා.එයාගේ ප්‍රශ්න පත්තරේ නම ලියන විදිය මං හොරෙන් බලන් ඉඳල නම අමතක වෙන නිසා පොතේ අන්තිම කොලේ ලියා ගත්තා.දැන් මං එයාගේ නම දන්නවා.එත් කතා කරන්න විදියක් නැහැ.එයා ඉන්නේ යාළුවො ගොඩක් මැද්දේ.එත් එයාගේ කට ටිකක් සැර වැඩියි.කතා කරන විදියක් ගැන කල්පනා කරද්දී ඒක අදහසක් ආවා.
බස් එකෙන් බැහැල පන්තියට යනකම් තියෙන ඒ මීටර් 600 ක දුර විනාඩි 10 ක් වගේ කාලයක් ඇතුලත දැනගත යුතුම දේවල් කොලයක එකින් ඒක ලියාගත්තා.කලින් මේවගේ දේවල් වලට කිසිම සුදානමක් නැතුව ගියපු මම කවදාවත් නැතිව පෙර සුනමක් ඇතුව මේ යන්න හදන්නේ.ආදරයක් ඉල්ලන්න නෙවෙයි එත් ටිකක් භයයි ඇයි දන්නේ නැහැ.ඒ අහපු හැම දෙයකටම ඒ මුකාරී කටෙන් හැම දෙයකටම උත්තර දුන්න.මං දැන් එයාගන ටිකක් විස්තර දන්නවා.හැම දාම පන්තියට පැයක් කලින් ගිහිල්ල එයා එන බස් පාරේ හැම බස් එකක් දිහාම බලාගෙන ඉන්න පුරුදු වුනා සතියට දවසක් ලැබෙන ඒ විනාඩි දහයේ උපරිම ප්‍රයෝයනය ගන්න.පොත් මාරු කරගෙන උත්තර බලපු දවසක මගේ ප්‍රශ්න 10 න් 8 ක් ම වැරදි ඒ හැම එකටම හරි උත්තරේ ලියල තිබුන.එයා මතක් වෙන හැම සැරේකම මං ඒ පොතේ පිටු පෙරලලා ඒ අකුරු දිහා අසාවෙන් බලන් හිටියේ ඒ කලේ තිබුණු බොළඳ ගතියට වෙන්න ඇති.(තවම ඒ පොත මං ලඟ ඇත).
කිසියම් හේතුවක් නිසා මට ඒ පන්තියට යන්න බැරි වෙන කාලයක් ආවා. නොදැක ඉන්න බැහැ වගේ දැනුනා.හීනෙන් පෙන්න ගත්තා පාරේ ඉන්න හැම ගැහැණු ළමයම එයා වගේ කියල පෙනුනා.මේක මහා කරදයක් වගේ දැනුන අවසානේ මං ඒ එඩිතර තීරණය ගත්තා.වෙනද වගේම බස් එකෙන් බහිනකන් ඉඳල එයත් එක්ක වෙනද විදියටම කතා කරන්න ගත්තා.
"මොකද දැන් ක්ලාස් එන්නේ නැත්තේ?"
"මං පොඩි කෝස් එකක් කරනවා ඒක තියෙන්නේ අද ඉතින් මට මේ ක්ලාස් එකට එන්න වෙන්න නැහැ"
"ආ.. එහෙමද"
මං මගේ කතාව පටන් ගන්න සියල්ල සුදානම්
මාස ගානක් හිතේ කැකැරේමින් වද දුන්නු දේ මං වෙවුලන තොල් වලින් වචන විදියට පිට කලා.
ක්ෂණයකින් ඔරවමින් ඇස් දෙක ලොකු කරමින් ඇඟිලි හතරක් නවාගෙන ඒක කෙලින් කරගෙන
"ඕවට එන්න එපා හරිද"
මාස තුනකට වැඩි කාලයක් හිතේ තියාගෙන් හිටපු ඒ අදහසට මට ලැබුනේ ඉතා ආවේගශීලි කෙටි පිලුතුරක්.මගේ අනිත් යාළුවොන්ගේ හැම දෙයකටම හතර පාස් දෙන යන මේ වගේ වැඩ වලට මං තනියෙන් යන්න තරම් එදා මං බුද්ධිමත් වුනා.එත් උන් ආපු නැති ඒක ගැන තවමත් සතුටු වෙනවා.මේ විදියට බැනුම් අහගෙන වැඩි කාලයක් යන්න බැරි උනා.කරන්න පුළුවන් වෙනත් විකල්පයක් ගැන කල්පනා කරද්දී කවදත් තනියට ඉන්න මගේ යාළුවො දෙන්නෙක් මතක් වුනේ එවෙලේ .එත් එයාල කරන්නේ විද්‍යා විෂයන් මෙයා ඉන්නේ කලා විෂයන්.එත් විද්‍යාව අතහැරලා කලාව හදාරන්න තරන් මගේ වචන එදා බලවත් උනා.මගේ යාළුවො හමු වෙන හැම වෙලාවේම අපේ ඉදිරි සැලසුම් වල පිඹුරු පත් සැකසුව .
අපි සර්ව ෆිට් කර ගමු .ඒ එකෙකුගේ අදහස මං දැන් පන්ති යන්නෙත් නැහැ එත් එයාලගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නා.කියපු විදියට සර්ව ෆිට් කරගත්තා .ටික කාලයක් යද්දී දැනගන්න ලැබුනා සර්ගේ ගේ සහ ඒ ආඩම්බර කරිගේ ගෙදර තියෙන්නේ එකම ලග.කළ යුත්තේ සර්ගේ ගෙදර සිංහල අවුරුද්දට ගෝලයෝ විදියට යන්න.හැම දෙයක්ම සුදානම් ගිහින් සර් එක්ක කතා කරන ගමන් වට පිට සිදුවෙන දේවල් දැනගන්න.
ටවුන් එකෙන් කේක් දෙකක් ගත්තේ සර්ට එකයි එයාගේ ගෙදරට එකයි.සර් කියපු විදියට බස් වල නැගල පාරවල් දෙගේ හොයාගෙන 10.30 වගේ වෙද්දී සර්ගේ ගෙදරට ආවා.ඒ අහිංසක සර් හිතුවේ අපි ගුරු භක්තිය වැඩි වෙලා සර්ව හොයාගෙන ආව කියල පව් සර්.අපිව ඉතා ඉහලින් පිළිගත්තා.උදේ දුන්නු තේ සංග්‍රහයත් ටිකක් ලජ්ජාවෙන් භාගෙට ඉවර කරලා දවල්ටත් කෑම කලාම යන්නලු දෙපාරක්ම බෑ කියල බොරුවට තුන්වෙනි සැරේ හා කිවුවා .ටික වෙලාවකින් සමීර හරි ඕන කමින් මොනවත් දෙයක් කියන්න ඕන විදියට ඉඟියක් දුන්නා.ඒ කියපු දෙයින් මටත් අ සංකටත් සතුටු වෙන්නද භය වෙන්නද කියල දැනුනේ නැහැ.
සර්ගේ අල්ලපු වැටේ තියෙන ගෙදර තමයි ඒ හිතට වද දෙන ගැණු ළමයා ඉන්නේ.මාස ගානක් නොදැක හිටපු ඒ මුණ බලන්න සර්ගේ ගෙදර ජනේලයෙන් ගොඩක් වෙලා බලන්හිටිය එත් ඒ කෙල්ල එලියටවත් බැස්සේ නැහැ.සර්ගේ වයිෆ් අපේ කෑම හදන එකට සර් උදවු කරන කුස්සියට ගිය අතර තුර අපේ සැලසුම් රහස් කතාවෙන්ම සැලසුම් කාර.එත් විවිද ප්‍රශ්න නැතුවම නෙවෙයි.ඒ ගෙදර අයිය කෙනෙක් හිටියොත් අපිට ගහන්නත් ඉඩ තියෙනවා.තාත්තාගෙන් මොනවගෙන් පිලි ගැනීමක් තියේවිද ? එහෙම දෙයක් උනොත් නිවාඩු කාලෙන් පස්සේ අයෙත් සර්ගේ මුණ බලාගෙන ඒ පන්තියට යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඒ දෙන්නට තිබුනා මටනම් ගානක්වත් නෑ .මගේ යාළුවො දෙන්නයි එයයි එකම ක්ලාස් එකේ එත් ඒ දෙන්නට ටිකක් බයයි වගේලු අනාගතය ගැන හිතුවහම.මගේ ජිවිතේ ගැන තීරණාත්මක දවසක් එත් තනියට ගියපු දෙන්න.මට වඩා ගැහෙන හදින් ඉන්න බව තේරුණා.එයාලගේ පැත්තෙන් බලද්දී සාධාරණයි මගේ කීමට විද්‍යාව අත හැරලා කලාව හැදෑරුවේ මං නිසා විභාගෙට ලියන්න බැරිවෙයි .හිත දැඩි කරගෙන ඕන දෙයකට මුහුණ දෙන්න සියලු දෙනාම එකම අදිෂ්ටනයකට ආවා.
හවස දෙකට විතර සියළුව සංග්‍රහයන් ඉවරයි.දැන් අපේ ප්‍රදාන මිෂන් ඒක තියෙන්නේ.යන්න සුදානම් වෙලා සර්ට වඳින්න යන වෙලේ සමීර සර්ගේ වයිෆ් ගේ ලඟ වැටහුනේ ස්ටුල් එකක තිබුණු විදුරු කොප්පයකුත් පෙරලගෙන අපි ගෙනාවේ රුපියල් 180 කේක් එකක්.උදේටයි දවල්ටයි කාල කොප්පයකුත් බිඳලා 1000 ක විතර පාඩුවකුත් කරලා අපි මේ යන්න හදන්නේ.අපි යනවට සර්ගේ වයිෆ් සතුටු වුනු විදිය අපි හොරෙන් බලන් හිටියේ.උගන්නපු සර්ට ලාභ කේක් ඒක දීල වටිනාකමින් වැඩි ඒක අපි අරන් යන්න හදන්නේ ඒ ගැණු ළමයාගේ ගෙදරට.සියල්ල සුදානම් ගේට්ටුවෙන් පිට උනා.එත් මීටර් 20 ක් යද්දී අසංක වෙනත් යෝජනාවක් ගේනවා .අපි අයෙත් කතා කරමු බස් හෝල්ට් එකට ගිහින්.අලුත් සැලසුමක් වෙන්න ඇති ඒක නිසා අපි දෙන්නම ඒක පයින් කැමති වුනා.
අපි අද ආපු එකෙන් ඒක දෙයක් දැනගත්තානේ.ගේ තියෙන තැන හොයාගත්තා ඒ අසංක මොනවදෝ දෙයක් කියන්න තෙබර බාමින් හිටියේ..දැන් අපිට ඕන වෙලාවක යන්න පුළුවන්.එත් අද යන විදියක් ගැන කිසිම කතාවක් නැහැ.සර් අපි ගැන සැක හිතුව.අද යන්න බැහැ නේද?.ඒ සමීරගේ කපටි කතාව.විනාඩි පහක නිහැඩියාවක් එක්ක සමීර හැමෝගෙන්ම අවසර අරගෙන අලුත් යෝයනාවක් ගේනවා.අපි වෙන දවසක යමු.මාස තුනක සැලසුමක් ඇතුව කරපු දේ අඳුරන්නේ නැති පළාතකින් ගුටි කන්න තියෙන බයට අකමැත්තෙන් වුනත් කැමති වෙන්න සිද්ද උනා.එත් අපි ගෙනාපු කේක් එකට මොකද කරන්නේ.දැන් ඒක අයෙ ගෙදර අරගෙන යන්න බැහැ නේ අපි මෙතන තියාගෙන කමු.කවදත් කෑම වෙනුවෙන් මහන්සි වෙන අසංක ඒ අදහස ස්ථිර කරා.කේක් ගෙඩිය අතින් කඩාගෙන කනගමන් හිටි හැටියේම ගැණු ළමයි දෙන්නෙක් ආවා බස් හෝල්ට් එකට.තුන්දෙනාගේම කටේ කේක්.හිස් පෙට්ටිය ලෑල්ල උඩ.ආවසනාවකට මට කේක් හිර උනා කැස්සක් ආව හුස්ම ගන්න අමාරු වුනා කැස්ස වැඩි කමට කඳුළු පිරිලා පළාතම බොඳ වෙලා ගියා ඒ දෙන්න අපි දිහා ඔරවල බලල එලියට ගිය අය්යෝ...!! එතනින් ඒක ගැණු ළමයෙක් අපි බලන්න ගියපු කෙනා.
Labels:
ආදර කතා
Subscribe to:
Post Comments (Atom)
අයියෝ..කාලෙකට පස්සෙ අදනම් හොඳටම හිනා වුනා.. :D:D
ReplyDeleteහික් හික් පව් අනේ මදැයි කොලා කියුවලු. ඉතින් දැන් ඒ ගනුලමයව සෙට් කරගත්තද හිහි.
ReplyDeleteමොනා උනත් අප්සෙට් වැඩේ උනේ.. කේක් රසට තියෙන්න ඇති නේ....
ReplyDeleteආතල් නේ අරුන් දෙන්නා පට්ටනේ......
ReplyDeleteඅපරාදේ කේක් ගෙඩිය ...
ReplyDeleteඇඩෙනවා......වහ කන කේස් එකක්නේ හික් හික්.මොනා උනත් කෙල්ල දරුණු නම් පසු බහින එක හොදයි කියන එක තමයි මම ඉගෙන ගෙන තියෙන්නේ.කෙල්ල සෙට් උනාද????
ReplyDeleteයකො ලවු කරනවට වඩා ලවු කොරන්ඩ කාපු කටු ආතල් කියන්නේ..ඔන්න ඔය වගේ වැඩහින්දා...හික්
ReplyDeleteඋඹේ පෝස්ට් ගොඩක් කියෙව්ව ....
ReplyDeleteමොන එකක්ද මන්දා, මහ අමුතු හැඟීමක් එනවා බන්,
ගනන් ගන්න එපා...සමාජය විසයි, තනියම සැපයි...
අපරාදේ සල්ලි..........
ReplyDeleteඅනේ අනේ ගට්ස් අරගෙන ගියානම් ඉවරනේ ...
ReplyDeleteඅනේ අපොයි.... උඹලට කේක් කාල බොන්ඩ වහ ටිකක් තිබුන් නැතෙයි ?
ReplyDelete@සිත්රූ සිහින = අපිටනම ලැජ්ජාවේ පණ ගියා.ඔව් අවුරුදු 3 කට විතර පස්සේ කැමති වුනේ.
ReplyDelete........................................................................................................................................................................
@වර්ණා = මං ඒ කලේ ඉඳලම සැලුනේ නැහැ නේ නංගි.ඉතින් පසේ කාලේ එය කැමති වුනා
........................................................................................................................................................................
@Shani = අප්සට් තමයි එත් දුකම උරුමය නේ අපිට.කේක් නම් රසයි කියල වැඩක් නැහැ
.............................................................................................................................................................................
@නරකයා... = අරුන් දෙන්න ඒ ජාතියේ කේක් කාල තියෙනවා කලින් එකයි උන්ට ඕක කන්න ඕනවෙලා තියෙන්නේ
............................................................................................................................................................................
@Harshana = අයියෝ සල්ලි කියල හිතුනා
.............................................................................................................................................................................;
@ගැමියාගේ පත් ඉරුව = පහුබහින්න හිතුනේ නැහැ මචන් මොන කරුමයක් නිසාද දන්නේ නැහැ
.............................................................................................................................................................................
@Raj = ඒ කියන්නේ උඹත් හොඳ කටු කාපු එකෙක් වගේ නේද? හික් හික්...
..........................................................................................................................................................................
@uwiniran = අනේ මචන් කිහන්කෝ මොනවගේ හැඟීමක්ද එන්නේ කියලා.උඹත් අපේ සමාජෙද තවම ඉන්නේ (තනිකඩ)ස්තුතියි මේ පැත්තේ ආවට.
...................................................................................................................................................................
@මහි = සල්ලි වගේද පින. කොල්ලෝ දෙන්නෙක්ට කේක් කවුවේ
.........................................................................................................................................................................
@Sammani = ගට්ස් අරන් එලියට බැස්සට එයාලගේ ගේට්ටුව ලගට යද්දී බයක් වගේ දැනුනා
........................................................................................................................................................................
@Senna = ඇයි අපිටම ඔහොම දේවල් වෙන්නේ.
කොහොම උනත් ඒ කෙල්ල වාසනාවන්තයි.... හැබැයි කෙල්ල දුර තියා එනවා දැකල සමීරය වැඩේ ප්ලෑන් කරාද දන්නෙ නෑ....
ReplyDeleteලවු කරද්දි කාèඋ කටු ආතල් කියන්නේ ඇත්ත තමයි...
ReplyDeleteඅසරණයා උපරිමයි බං.. ආදරේ ඉල්ලගෙන යන කාලේ ආතල් ආදරේ කරන කාලේ නැහැ බං.. මේව තමයි ආතල්...
ReplyDeleteජය ශ්‍රී..
//එයාගේ ප්‍රශ්න පත්තරේ නම ලියන විදිය මං හොරෙන් බලන් ඉඳල නම අමතක වෙන නිසා පොතේ අන්තිම කොලේ ලියා ගත්තා//
ReplyDeleteඒ කියන්නේ තව අය ඉදලා තියෙනවා නම් අමතක වෙන්න තරම්..
හිහිහී.. ගෑණු ළමයා පහු කාලෙක කිව්වෙ නැද්ද.. බස්හෝල්ට් එකට එද්දි අසරණා හිටිය හැටි.. :D
ReplyDeleteචිකේයියා.......මම නම් වස බොනවා.....
ReplyDeleteකොහොමද මන්දා මට මේ බ්ලොග් එක මග හැරුනෙ මෙච්චර දවසක් ...ලිවීමේ රටාව සිත් ඇද ගන්නා සුළුයි..ඉඩ හසරක් ලැබුනු ගමන්ම අනිත් ලිපි ටිකත් කියවන්නම්.. නියමයි කාපු කට්ට ආදරය වෙනුවෙන්..ඉතින් අන්තිමේ හරි ගියාද වැඩේ ?
ReplyDelete@Shaggy = ඇයි බන් වාසනාවන්තයි කියන්නේ.සමීර දැක්කේ නැහැ පෙරේතකම නිසා තම ඔක්කොම
ReplyDelete...................................................................................................................................................................
@Dinesh = දැන්නම් ආතල් කියලා හිතෙනවා එත් ඒ කාලේ...
...................................................................................................................................................................
@sAm (සෑම්) = හයියෝ ..!! විඳපු දුකක් .
නෑ බං මට කොහොමත් නම් අමතක වෙනවා එකයි සින් එක
............................................................................................................................................................................
@නන්දු = කිවුවා කිවුවා...කඳුළු බේරෙනවා දැක්කලු හික් !!
.......................................................................................................................................................................
@වින්චැට්කිරිල්ලි = වස ගන්නත් ඒ වෙලාවේ සල්ලි තිබුනේ නැහැ
.........................................................................................................................................................................
@Weni = කොහොම හරි ඔයත් ආවනේ අපේ පැත්තේ එකට ස්තුතියි කාපු කට්ටේ හැටියට පස්සේ කාලෙක ප්‍රතිපල තිබුන
හපොයි නෝක්කාඩුවක් ඇහිල පාන්දරම දුවගෙන ආවෙ.... ;P
ReplyDeleteඉඳල ඉඳල මාර කෙල්ලෙකුටනෙ ලයින් පාර දාන්න ගිහින් තියෙන්නෙ.... හික්ස්.... අනේ පව් අර සර්.... සර්ගෙ ගෙදරින් කාපු එකේ ඒ මනුස්සයට අර මිළ වැඩි කේක් එක දුන්න නම් මොකද මං අහන්නෙ...
ලස්සනට තියෙන්න ඇති කෙල්ල එනකොට කේක් ඉස්මොල්ලෙ ගිහින් දඟලනකොට..... හොඳ වෙලාවට ගෙදරට ගිහින් නැත්තෙ... ගියා නම් හම්බෙයි..... හික්ස්....
@Miyuru = අයියෝ.. නෝක්කාඩුවක් නෙවෙයි ඔයාට මොකද උනේ කියල බැලුවේ!
ReplyDeleteඇත්තටම ගෙදර ගියානම් මොනවයින් මොනවා වේවිද
පසුබහින්න හිතුනේ නෑ කියන්නේ කටු කාගෙන වැඩේ ගොඩ දාගෙන වගේ
ReplyDeleteඅවුරුදු තුනකට පස්සේ වැඩේ ගොඩ ගියා
ReplyDeleteහප්පේ වෙච්ච සංගෙඩියක්...ඉතින් මොකෝ උනේ.පොත තාම ලග තියන් බලං ඉන්නවද.....
ReplyDelete@ඔබ නොදුටු ලොවක් = පොතත් තියෙනවා.පහු කලෙක එක ගොඩ දාගත්ත
ReplyDeleteඅර කෙල්ලට මොකද උනේ?දැන් වැඩේ සෙට්ද?
ReplyDeleteඔව අවුරුදු 4 කලින් ගොඩ ගිය ඒත් දන ඒවා ඉවරයි
ReplyDeleteකට්‌ටිය හොඳට කේක් කන්න ඇති නේ එදා..
ReplyDeleteතිබ්බ හොඳම කේක් ඒක අපි කෑවා..
Delete