"යන්නම් ඇන්ටි" කියාගෙන අසංකත් සමීරත් අපේ ගෙදරින් පිටත් වුනේ එදා රැ සමීර අසන්කලගේ ගෙදර නවතින අදහසින්.මට හදල තිබුණු කිරි ටොපි ටිකත් කාලා මේ දෙන්නා පිටත් වුනයින් පස්සේ ඇඳන් ඉන්නු දිග කලිසම ගලවලා ඒ කාලේ ඇවිත් තිබුණු කොට කලිසම් රැල්ලේ සාක්කු ගොඩක් තියෙන කොට කලිසම හොය හොය ඉඳල බැරිම තැන තිබුණු කඩමාළු වෙච්ච තනි සාක්කුවේ කලිසම ඇඳගෙන කලිසම ගත්තු කෙනාට හිතින් බැන බැන ඉඳල නිදාගන්න ගියා. එදා රැ තමයි මේ සිද්දිය සමීරට වෙන්නේ.සමීරත් අසංකත් කියන්නේ "කෙල්ලෙක් බස් හෝල්ට්" කතාවේ ප්‍රධාන චරිත දෙක රංගපපු එඩිතර කොල්ලෝ දෙන්නා.සමීරට හැමෝම කියන්නේ බාලා කියලා.ඒත් බාලා මටවඩා වැඩිමල්.මාත් කිවුවේ බාලා කියලා.
සමීර ගැන කියන්න එක පොස්ට් එකක් මදි.සමීර ගැන කියනවනම් බොරුවේ උපත.ලංකාවේ ඕනෑම තැනක තියෙන වැසිකිලිවල සිතියමක් ඔහුගේ ළඟ තියෙනවා.මොකද කොහේ ගියාත් බඩේ අමාරුවක් හැදෙන නිසා.ගුගල් සිතියමටවඩා ඇඩ්වාන්ස්. ගස් නගින බල්ලෙක් ගැන මුලින්ම ඇහුවේ මේ බාලාගෙන්.මේ බාලාගේ ගෙදර බල්ලෙක් හිටියා අපිට හොඳ හුරුපුරුදු සතා.අපි හැමදාම යනවා ඒත් හැමදාම අපිව කන්න පනිනවා.මේ ටොමියා වත්ත පහල තියෙන ඩොන්කා ගහට නැගලා ඩොන්කා කඩාගෙන කනවලු.අපි හිතුවේ ටෝමියා කියල වඳුරෙක්වත් ඇති කරනවද කියල.ඒත් නැහැ ඒ කියන්නේ බල්ලා ගැන.අපි ටෝමියගේ වික්‍රම බලන්න දවසක් ගියා එතකොට කියනවා දැන් ඩොන්කා ආවාරෙලු.ඊළඟ අවුරුද්දේ ගියාම කිවුවා ඌ ට හිතුනොත් විතරයිලු ගස් නගින්නේ.ටෝමියට ගස් නගින්න හිතෙනකං බලන් හිටියට ඌ නැග්ගේ නැහැ ගස්.සුන් වුනු බලාපොරොත්තුවෙන් අයෙත් අපි ආවා.
කාලයක් අපිට කිසි වගකීමක් නැතිව ඔහේ මහා පොලවට බරක් වෙලා හිටපු කාලයක් තිබුනා.ඒ කාලේ අපිත් එක්ක හිටපු වැඩුමල්ම කෙනාට වයස 20 ක් වගේ.ඔහේ ඔපපාතිකයක් වගේ ඉන්න අපිට කෝච්චියේ ට්‍රිප් යන්න ආසාවක් ඇතිවුනා.ඉතින් අපිට ගෙදරින් දෙන්නේ හරි පොඩි ගානක්.මඟ වියදමට විතරයි වැඩිපුර ආතල් ගන්න ඕනෙනං වැඩියෙන් සල්ලි ඕනේ. ඒ සල්ලි හොයන්න ගෙවල් වලට හොරෙන් දන්නා යාලුවෙකුගේ තැනකට අපි ගියා වැලි ගොඩ දාන්න.එතන ඉන්න හැමෝගෙන්ම පීනන්න බැරි කෙනා මේ සමීර.ගඟක මුහුදක නෑවත් බකට් එකකින් වක්කරගෙන නාන්නේ. එහෙම ඉන්නගමන් කෙනෙක් කිවුවා පොලිසියෙන් එනවා කියලා.හිටපු හැමෝම ගඟට පැනල එහා ඉවුරට පිනුවා.මෙයා ගොඩ දාපු වැලි ගොඩ ළඟ පහත් වෙලා ඇස් දෙක පියාගෙන.ඉස්කෝලෙදි මං අහල තියෙනවා කුරුල්ලෙකුත් ඉන්නව මොනවා හරි කරදරයක් වුනාම ඔලුව පස් ගොඩාක් ඇතුලට ඔබාගන්න.මේ සමීර හිතල තියෙන්නෙත් එහෙමයි.ඒත් හොඳ වෙලාවට ඒ ඇවිත් තිබුනේ පොලිසියෙන් නෙවෙයි P.H.I. කෙනෙක් ළඟ තිබුණු බෙකරියකට.
අසංක කියන්නේ ලහිපිට වගේ.මම ලංකාවට ආවා කියල හැමෝටම කියන්න මං පවිච්චිකරණේ අසංක මාද්‍ය ජාලය.අඩු වියදමකින් වැඩි ප්‍රචාරයක්. එක කෝල් දුන්නම ඇති විනාඩි 10 කින් ප්‍රතිඵල.
හැඳින් වීම අවසන්...
එදා රැ අපේ ගෙදරින් අරන් ගියපු කිරි ටොපි ටික කාල දෙන්න නිදාගෙන.මහා රැ සමිරව මොකෙක්ද සතෙක් කෑවා කියල නැගිටලා.අසංක කියන්නේ නිදගත්තහම කණ ළඟ තොවිලයක් නැටුවත් ඇහැ ඇරෙන්නේ නැති කෙනෙක්.පොඩි කාලේ අසන්කව නිදි කරවන්නේ තත්තාලු.නිදිමත වැඩි වුනාම නිදිමත විකාරෙන් ගේ වටේ දුවන්න ගන්නවා.එතකොට කරන්නේ පොඩි රෙදිපටි කෑල්ලකින් පුටු කකුලක ගැට ගහල තියෙන එක.එහෙවු කෙනාට ඉතින් කණ ළඟ දවුලක් ගැහුවක් නැගිටින්නේ නැත.වේදනාවා වැඩි තැන සමීර අසංකට කිවුවා
මචං මොකෙක්ක කෑවා....
උඹට හොඳ වැඩේ ඇඳ උඩ තියාගෙන ආනං මනං කෑවනේ ඉතින් කුඹි ඇඳේ.
නෑ නෑ කුමියෙක්ට වඩා විසයි මචං
අහ්.. එහෙනම් කුඹි දෙන්නෙක් වෙන්න ඇති...
ඒ අසංකගේ ප්‍රතිකාරය සහ ප්‍රතිචාරය.කාලා තියෙන්නේ පැත්තෑයෙක්. කලිසම අතරින් ගිහිල්ල කොල්ලෙකුගේ වටිනාම අවයවයට දෂ්ඨ කරලා.වේදානාවෙන් ඉද්දි උපතින් තිබුණු හැඩය ටික ටික වෙනස් වෙන්න ගත්තා.තෑල්මකට ඉඳිමිමකදී වගේ හැම දෙනාටම මතක් වෙන සෑම ගෙදරකම සිටිය යුතු වෙදමහතා වන සිද්ධාලේප මතක් වෙලා තියෙන්නේ අසංකගේ හුරතල් මොලේට.අසංක ඒක ගෙනල්ල දීල තියෙන්නේ ඉඳිමුම ඉක්මනින් බැහැල යාවි කියල.ඒක සමිරම ගා ගත්තද නැත්නම් අසංක ගෑවද කියල හරියට දන්නේ නැහැ.ඒත් ඒ දෙන්න ගේ කුරුල්ලෝ දෙන්නේක්නම් නෙවෙයි.ඒක ගාපු ගමන් සමීර එළිවෙනකං හිටපු විදිය අපි කවුරුවත් දන්නේ නැහැ.මොකද ඒ වගේ තැනක සිද්ධාලේප වගේ දෙයක් ගෑ වුනාම මොනවගේද කියල දන්නෝ දනිති.
එළි වෙනකන් කරපු ගොඩ වෙදකම් නිසා පොඩ්ඩක් සනීප වෙලා.සනීප වුනු නිසා ගෙදර යන්නේ නැතුව අසන්කලගේ ගෙදරට උඩින් තියෙනවා රඹුටන් ගහක්.......................කන්ද නැගල කලින් දවසේ වුනු කිසිදෙයක් මතක නැතිව රඹුටන් කාලා. කන්ද බහින්න විදියක් නැහැ කාපුවයේ විසටද නැත්නම් කන්ද නැග්ග නිසාද කකුල් දෙකෙන් නැගපු සමීරට දැන් කකුල් තුනක් තියෙනවා.අසංක කියපු විදියට කකුලකට වැඩිය පොඩ්ඩයිලු පොඩි.අමාරුවෙන් කන්ද බැහැලා අසංකගේ ගෙදරට වෙනකම් ඇවිල්ලා.කලිසම ගලවගන්න විදියක් නැතිව ඉඳල ගොඩක් වෙලා.ආයෙත් මොන මොනවද කරලා ඉඳිමුම අඩු කරගෙන බස් එකේ ගෙදර යද්දී බැග් එකකින් වහගෙන ගියේ. හිටපු ගමන් මිනිස්සු අමුතු විදියට මූණ දිහා බලද්දී මතක් වෙන්නේ වහ ගත්තු දේ පේනවා නේ කියල.
අමාරුවෙන් බෙහෙත් ගන්න ගිහිල්ලා දවස් 4 විතර පස්සේ සාමාන්‍ය තත්වෙට ආවිල්ල.සිද්දිය වෙලා සතියකට විතර පස්සේ හදිස්සියේම බයිසිකලේකින් සමීර ඇවිල්ල පාර්සලයක් දීල හදිස්සි ගමනක් යන්න තියෙන නිසා ආපු වේගෙන්ම ආයෙත් ගියා.කවදාවත් තෑගි දෙන්නේ නැති යාළුවා මේ දුන්නේ මොකක්ද කියල බලද්දී තිබුනේ මගේ නැති වුනු සාක්කු ගොඩක් තියෙන කොට කලිසම.පස්සේ දවසක සමීර මට විස්තර කළා.එදා රැ ඇඳන් නිදාගෙන තියෙන්නේ මගෙන් හොරකම් කරපු කලිසම.ඒ කාපු පැත්තයා කලිසමේ අරන් යද්දී කලිසමත් එක්ක ඔතාගෙන ගියාද නැත්නම් අසන්කලගේ ගෙදර හිටපු එකෙක්ද කියල දන්නේ නැහැ.කලිසම් හොරා අතටම අහුවුනා.
මේ සමීර බ්ලොග් කියවන්නේ නැත ඔහු දන්නේ බ්ලොග් ගඩොල් ගැනය.මොකද ළඟක ඉඳල අලුතෙන් ගෙයක් හදන නිසාය.දැන් සමීර ලංකාවේ රජයේ බැංකුවක වගකිවයුතු නිලයක් දරනවා.අසංක පෞද්ගලික ආයතනයක විධායක අද්යක්ෂක වරයෙකි.
~~අසර්~~
හප්පට සිරි.හිතාගන්න පුළුවන්..ඒත් බං, පත්තෑයට වෙන කන්න තැනක් තිබ්බෙම නැද්ද අහවල් එකට විද්දෙ.හැබැයි හොරකම් කලාට හොඳ රිටන් එක.
ReplyDeleteදැක්කනේ කල පවු පස්සෙන් එන්නේ ගොනා පසුපස එන කරත්තරෝදය වගේලු නේ..
Deleteඅසරණයා, පොඩි එවුන්ට ගිනි ගෙඩි දෙන්න එපා. මේක බලන අවයවේ පුංචි එවුන් පත්තෑයෙක් ලව්ව දෂ්ට කොර ගත්තොත් වග කියන්න ඕනෙ අසරණයා.
ReplyDeleteඔබා මාමේ පැත්තෑයෙක් කෑවා වගේ නෙවෙයි සිද්ධාලේප ගෑවොත්..
Deleteඔබා මාම දන්නවා ඕවට නියම බෙහෙත්
Deleteඑක පාරක් පෝස්ට් එකකුත් දැම්මේ ලොකු කරගන්න හැටි කියල දීලා
එයාට බඩේපාර වදියි කියල වෙන්නැති උඹව බය කරන්න හදන්නේ :))
මං ඔබා මාමාගෙන් හොරෙන් අහගන්නම් සිද්ධාලේප වලට වඩා හොඳ බෙහෙතක් ගැන.මාත් පොඩ්ඩක් බයවෙලා හිටියේ. දැන් හරි වතුර එකක් බිවුවා.
Deleteඕනයා අයියගේ බෙහෙතක් තියෙනවා නටන උණු වතුර එකකට එබුවාම හරියනවලු
Deleteඋණු වතුර එකේ දාද්දි ලුණු ගොරකා වගේ දේවලුත් දන්නා ඕන දන්නේ නැහැ නේ.
Deleteමචන් පත්තෑය යහතින් ඉන්නවද කියලා හොයලා බැලුවේ නැද්ද.. ? මම හිතන්නේ ඌ එතනම මැරෙන්ඩ ඇති.. හෙහ්...
ReplyDeleteඇත්තමයි සෙනා ඌ මැරිලා හිටියලු උදේ බලද්දී.
Deleteසිද්ධාලේප ලගින් ගියත් ඇති පිච්චිලා යන්න! එහෙව් එකේ යකෝ කව්ද ප** අතුල්ලන්නේ ඕවා!
ReplyDeleteඒ කාලේ පොඩියිනේ යාළුවා අපි.ඉතින් එච්චර හිතල නැහැ.
Deleteමාර අාතල් අැති.
ReplyDeleteආතල් කියන්නේ එළිවෙනකම් කොහොමහිටියද දන්නේ නෑ..
Deleteකව්රුත් වැඩේ විහිලුවකට ගත්තට .....පත්තෑයො ඇත්තටම දෂ්ට කරන්නෙ ඔතනටමයි. ශුක්‍රාණු වලට උන්ගෙ තියෙන දැඩි ආකර්ශණය නිසයි එහෙම වෙන්නෙ....( මේ ගැන ඔය මහවෙදනා එහෙම යමක් දන්නවා ඇති)
ReplyDeleteඒ හින්ද තමන් ඇඳගෙන ඉන්න පිරුවටයෙ ධාතු තැම්පත්වෙන වයසෙ ඉන්න අය ඒ ගැන සැලකිලිමත්වීම හොඳයි, විශේෂයෙන්ම වැහිබර දවස්වලදි (*ක දෙක කරගත්තයි කියල වෙන විශේෂ වාසියකුත් නැහැනෙ)
මචං මමත් අහල තියෙනවා ඒ කතාවනම්.අම්මෝ මතක්වෙද්දීත් බය හිතෙනවා.
Deleteඅෆ්පා.. දවසක් අපේ එකෙකුත් ගාගෙන තිබ්බා (සෑමා නොවේය..)
ReplyDeleteමචං අර බොක දාන්න මැප් එක දන්නවා කිව්වම මතක් වුනේ අපේ බොකා කියල එකෙක් හිටියා. පොරත් යන යන තැන රෙනවා
ස්ටේෂන් එකේ බොක දාලා - ස්ටේෂන් බොකා වුනා
ඉස්කෝලෙන් නුවර ට්‍රිප් එකක් ගිහින් දළදා මාලිගාවට ගියේ ලක්ස් කැටයක් අරන් බොක දාන්න බලාගෙන එතකොට පොර කැන්ඩි බොකා ලක්ස් පුකා වුණා..
පව් කොල්ලෝ.. පත්තෑය මරන්න වටිනවාය..
කැන්ඩි බොක ලක්ස් පුකා එල නම හෙක් හෙක්..පත්තෑය මරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ ඔටෝ මැරිලා.
Deleteබලාන ගියා ම පත්තෑයා මහ අසික්කිත, විලි ලැජ්ජා නැති සතෙක් නේ...කෑවත් මදි මෙවුං. මුං ව එල්ලන්නයි වටින්නේ!
ReplyDeleteඑල්ලලා හරියන්නේ නැහැ.කකුල් කඩලා උළ තියන්න ඕනේ ඒ කරපු පැහැර වැඩේට.
Delete//මොකද කොහේ ගියාත් බඩේ අමාරුවක් හැදෙන නිසා.//
ReplyDeleteමේක මටත් එසේමය දරුණුම බඩේ අමාරුවක් තිබියදී කොළඹ සිට නුවර දක්වා පැය 4කට කිට්ටු තද කරගෙන ගියපු අවස්ථාවකුත් මතක් වුනා නුවරින් බැහැලා ටොයිලට් හොයලා බැරිම තැන පාර අයියේ ඉඳගෙන අපේ අයියට කෝල් කරලයි තැනක් අහගත්තේ හි හි...එදා ගෙදර යනකන් විවිධ තැන් 5ක විතර වැසිකිලි සිතියම් ගත කරගත්තා අන්තිමේ ගෙදර යන්න බැරිව දවස් 3ක් හිටියා ලුණු මිරිසුයි බතුයි කකා හි හි..
අසරණයා අයියා නොකියා කියන්නේ මගේ ඇඳුම් ඉස්සුවොත් පත්තෑයෙක් නොමිලේ කියලා වෙන්න ඕනේ හි හි
නෑ නෑ... මගේ කාමරේ පත්තෑයෝ නැහැ.අඩුම ගානේ කුබියෙක්වත් නැහැ.
Deleteහි හි..කකුල් තුනක්..:)) මට දුක පත්තෑයා ගැන...
ReplyDeleteඅහිංසක ජීවිතයකින් වන්දි ගෙවුවා. පව් පත්තෑය..
Deleteඔය පත්තෑයා හමදාම ඔය කලිසමේ ඉන්න ඇති..උන්ට නහයක් තියෙනවා.. ගඳ සුවඳ තේරෙන නිසා තමයි අසරණයා බේරිලා තියෙන්නෙ !
ReplyDeleteඅඩේ.. ඒ කියන්නේ මම පුදුම බෙරිල්ලක්නේ බේරිලා තියෙන්නේ.ඒ දේ මට වුනානම්.විලිලජ්ජාවේ බැහැ.කොහොමද බෙහෙත් ගන්න ගිහින් කාටවත් පෙන්නන්නේ..
Deleteහප්පේ සිද්ධාලේපේ ගෑවුනාම තියෙන සනීපේ අපි එකෙක්ට කරලම අහගත්තා...ඟරුඩ පත්තෑයෙක් එහෙම කෑවනං ඉවරයි.....
ReplyDeleteඅහ්හ් ... අර තේ හදන අංකල්ට නේද?
Deleteඔය සමීර වගේ යාලුවෙක් මටත් ඉන්නව.මගේ හොඳම යාලුවන්ගෙන් එක්කෙනෙක්.හැබැයි කට ඇරියොත් කෙබ්බයක් කියන්නෙ.ඉස්සර ගතිය තාමත් එහෙමයි.
ReplyDeleteඋඹේ යාලුවත් මගේ යාලුවමද දන්නේ නැහැ.මොකද ඌත් තවම එහෙමයි.
Deleteඒ කියන්නේ අසරණයව කන්න හිටපු පත්තෑයා අන්තිමේ කාලා තියෙන්නේ සමීරව..
ReplyDeleteහොරකන් කිරීමේ ආනිසංස.අපේ ගෙදර හිටපු එකෙක් වෙන්න බැහැ.
Deleteඌ ගෑනු පත්තෑයෙක් වෙන්ටැ....
ReplyDeleteසමහර විට පිරිමි එකෙක් වෙන්නත් පුළුවන් නේ.
Deleteපව් අහිංසක පත්තෑයා...මොනාට කන්න ගියාද මන්ද ජරාව..!
ReplyDeleteඒක තමයි කිරිල්ලි මහා ජරා සතෙක්.කනවා කියල ඒවගේ තැනුත් කනවද?චික්..
Deleteකිරිල්ලිනම් දාන්නෙ ෆට්ට කමෙන්ට් හෆ්ෆා..හිනා වෙලා පන යනවා..:D
Deleteඔව් ඔව් කොහොම හිතෙනවද දන්නේ නැහැ.හික් හික්...
Deleteඇයි මේ කිරිල්ලියි අසර් දෙන්න හැම තිස්සෙම රන්ඩු කරගන්නෙ.සතුටින් සමගියෙන් ඉන්න බලන්නකො අනේ......
Deleteයාලුවෙක්....
අයියෝ... අපි රණ්ඩු වුනේ නැහැ නේ. හා කියන්න බලන්න කිරිල්ලි අපි රණ්ඩු වුනේ නැහැ කියලා.....
Deleteමාව නොන්ඩි කරන කතාවක් කියන්න එපා. එතකොට කවුද මේ යාළුවා?... ම්..ම්.. මං දන්නවා.
නෑ..නෑ...මම දන්නව ඔය හිතන කෙනා....මම එයා නෙවෙයි....වෙන දන්න කියන යාලුවෙක්...හ්ම්...
Deleteහෙ හේ...
Deleteපැත්තෑය ඊට පස්සේ මැරුණද කියල හොයල බැලුවේ නැද්ද??:D
ReplyDeleteඌ මැරිලා හිටියලු උදේ බලද්දී.සමීරගේ ඇඟේ විසට වෙන්න ඇති.
Deleteහික්ස්ස්... මටත් අහන්න තියෙන්නෙ පත්තෑයාට මොකුත් වුනේ නැද්ද කියලා තමා..:D අසරණ පත්තෑයා පවු...
ReplyDeleteඔයාල සත්තුන්ට මෛත්‍රී කරනවා එතකොට අපි ගැන කවුද හිතන්නේ.
Deleteඌ මරිළලු නංගි උදේ බලද්දී.
ඔහොම හදිස්සියකදි සිද්ධාලේප ගෑවා කියල ගේ කුරුල්ලෙක් වෙනවයැ..... මගෙත් පුන්ච කාලෙ ඔතනම කාලා තියෙනවා, දැන්නෙ දන්නෙ සිද්දිය මූ එතනට මාර කැමතියි කියල....
ReplyDeleteඔව් ඔව් මාත් ලඟදි දන්නේ ඌ එතනට කැමති කියලා.
Deleteඔයාගෙ පෝස්ට් මට අප්ඩේට වෙන්නැහැනෙ..මේ වෙන බ්ලොග් එකක ලින්ක් එකක් දිගේ ආවෙ..
ReplyDeleteඒ කොට කලිසම ඔයාගෙනම් මේ පෝස්ට් එකේ මාතෘකාව තව පොඩ්ඩෙන් වෙනස් වෙන්නත් තිබුනා.. :D
ඒක තමයි මාත් බැලුව ඔයාට මොකද උනේ කියල.
Deleteකොට කලිසම මගේ එත පැත්තෑයා මගේ නෙවෙයි. හි හික්...
ඒත් මං බැලුව මොකද පහුගිය ටිකේ ආවේ නැත්තේ කියලා.
Deleteකලිසම මගේ හැබැයි පැත්තෑයා මගේ නෙවෙයි.
කකුල් තුනායි...!!!
ReplyDeleteකකුල් තුනේ කනප්පුවක් නෙවෙයි.
Deleteතව පොඩ්ඩෙන් කනප්පුවක් වෙන්න තමා නෙ ගියේ.............
Deleteදුකේ බෑ පත්තෑයා ගැන.අනේ අසර් ඔයා මොනාටද පත්තෑයෝ ගෙදර ගේන්නේ...
ReplyDeleteයාලුවෝ හැමෝම කිවුවේ අපේ ගෙදර ඉඳල කලිසමත් එක්ක අරන් ගිය කියල.ඒත් එහෙම නෙවෙයි ඌ අපේ ගෙදර එකෙක් නෙවෙයි.
Deleteපව් බන් පැත්තෑයා........ හී හී... මරු වැඩේ
ReplyDeleteඇයි අපි ගැන දුක නැද්ද? හික් හික්.ඌ මැරිලා බන ඊළඟ දවසේ උදේ බලද්දී.
Deleteමාර වැඩේනේ වෙලා තියෙන්නේ හයියෝ
ReplyDeleteහික් හික්..ඌ නම මහා සතෙක්..
Deleteඅපි හොස්ටල් ඉන්න දවස්වල එකෙක්ගේ අහවල් එකට කූඩැල්ලෙක් එල්ලිලා. ලේ බිලා ! කූඩැලු විසට අරකේ ඉස්සරහා මල වගේ පිපිලා !!! මූ කට්ටියට ඕක පෙන්නලා අහනවා මොනාද කරන්නේ කියලා.
ReplyDeleteඑකෙක් කිව්වා සිද්ධාලේප ගාහන් කියලා. එතනින් එහාට කියන්ඩ ඕනේ නෑ නේ ! :)
මට උඹේ යාළුවව මැවිලා පෙනුනා.
Deleteමේක වුනේ සමීරටමද.....නැත්නම් අස....... එක්කො ඕන නෑ..:D
ReplyDeleteනැ මට නෙවෙයි සමීරට සිරා ඇත්ත..
Deleteකලිසං වල ආරක්සාවට පත්තෑයො දාල වගේ!
ReplyDeleteපුරාන රජවරු පවිච්චිකරපු ආරක්ෂක උපක්‍රම
Delete