28 May 2012
බස් අජිත්ගේ පැහැර ගැනීම.
ඔහුගේ නම අජිත්. ඒත් කථා කරද්දී වෙනස් වෙනස් විදියට නම සංස්කරණය වෙලා තිබුනේ. අජ්ජා, අජිත් මල්ලි, අජූත, වගේ නම් වලින්. වැඩි දෙනා හැඳිනුවේ "අජිත් මල්ලි" කියන නමින්. මට වඩා වයසින් වැඩි වුනත් අපි කථා කලේත් අජිත් මල්ලි කියල. පොඩි එකෙක් මල්ලි කිවුවට ඌ නම් ගණන් ගත්තෙම නැහැ. හැමදාම හවසට කට්ටිය එකතු වෙන තැන දී අජිත් මල්ලි අනිත් අයට වඩා කැපිලා පෙනුනා. ඒ වැඩියෙන් කථා කරන හා කරන මගෝඩි වැඩ නිසා. අජිත් ඉස්කෝලේ කාලේ මිස් කෙනෙක්ව බයිසිකලේක හප්පලා මිස්ගේ අත කැඩූවයින් පස්සේ ටික කාලයක් යනකම් "මැර අජිත්" වුනා.මේ මොනවා කලත් හරි හිත හොඳ එකා.
මම දෙක වසරේදී තනියෙන් බස් එකේ එන්න බැරි කමට කනිෂ්ඨයේ පිට්ටනිය කොනේ වාඩි වෙලා පාරේ යන බස් ගණන් කර කර ඉන්නේ අක්කාගේ ඉස්කෝලේ ඉවර වෙනකං. එත් මට එහෙම වැඩි කාලයක් තනියෙන් ඉන්න ලැබුනේ නැහැ. මගේ තනියට ආවේ නිශාන්ත. ඒ මොන්ටිසෝරි කාලේ යාළුවා. හොඳ මිතුරෝ දුක සැප දෙකේදීම ළඟ ඉන්නවා කියල මට තේරුම් ගියේ දෙක වසරේදීමයි. නිශාන්ත කියන්නේ අපේ අජිත් මල්ලි ගේ මල්ලි. අයියා වගේම ගොන් වැඩ කරන්නේ සමහර විට ආරෙට යනවද දන්නේ නෑ. ඒ කාලේ ටාසන් කථා මාලාව හොඳට ජනප්‍රිය වෙලා තිබුනේ. මම වගේම අක්කලා අයියලා එනකං තනියෙන් හිටපු අපි කිහිප දෙනෙකුට කම්මැලි කම යන්න ගස් නැගීම පැනීම කම්බි වැටවල් යටින් රිංගීම වගේ වීර ක්‍රියා කලේ නිශාන්ත. පිට්ටනිය අයිනේ වවලා තියෙන අරලිය ගස් උඩ තමා වැඩි පුර කාලේ ගෙවුවේ. දවසක් ටාසන් ගහක් උඩ ඉඳල කැරකි කැරකි පනින සංදර්ශනයක් පෙන්වන්න ගහ මුදුනේ. "හූ" තුනක් කියල බිමට පැන්නේ වටයක් කැරකිලා කකුල් දෙක පොළොවේ වදින්න. එත් අවාසනාවට වුනේ වට බාගයක් කැරකිලා කකුල් දෙක හැර මුළු ඇඟම ඒක සැරේ පොළොවේ වැදීමයි.ටික වෙලාවක් යනකන් නිශාන්ත ඒ විදියටම නිදාගෙන හිටියේ. ටිකකින් අමාරුවෙන් නැගිටලා ඇලපත අතගාන ගමන් කිවුවේ "අද හරියට කැරකුණේ නැහැ බං" කියලා ඒ අයියගේ මල්ලි නේ. වැඩි වෙනසක් දැක්කේ නැහැ ගොන්කං වලින්.
අජිත්, නිශාන්ත හා අපි හැමෝම හවසට එකතු වුනේ හංදියේ බස් හෝල්ට් එකට. එතන ජිවිතේ හරි වෙනස්. කවදාවත් එපා වෙන්නේ නැති අසනීපයක් හැදුනු දවසකටවත් ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ නැති හරියට අබින් කාපු වගේ ඇබ්බැහි විමක් වෙලා තිබුනේ. හැම දාම හවස තුන වෙද්දී කිසිම විදියකින් ගෙදර ඉන්න බෑ. කරන්න තියෙන හැම වැඩක්ම උදේ වරුවේ කරලා තුන වෙද්දී නාලා පිරිසුදු වෙන්නේ හංදියට එකතු වෙන්න. සාමාන්‍ය පෙළ ලියලා කිසි වැඩක් නැතිව ඕපපාතිකයන් වගේ හිටපු මේ දවස් ටිකේ වැඩිපුරම කාලේ ගත කලේ එතන. එත් හැම වින්දනයකටම දුෂ්ඨයෝ ඉන්න වගේම අපිටත් හිටියා. වෙන කවුරුවත් නෙවෙයි පොලිසියේ OIC දවසක් කියල ගියේ "උඹල ඔතන ආයේ මම එද්දී හිටියොත් ජනෙල් ටිකකුයි දොරකුයි හයිකරලා දෙනවා ඔතනම පදිංචි වෙලාම ඉන්න" කියල එත් එතුමාගේ හිත රිද්දන්න බැරි නිසා ඈත නිල්පාට ජීප් එකක් එද්දී දුවන වගේ ශාරීර අභ්‍යාස කළා. අජිත් ගේ සමහර හුරතල් වැඩ වලට ගමේ මිනිස්සු ටික දෙනෙක් කිවුවේ මාදවීකාරයා කියල එත් ඔහු සැලුනේ නැහැ. මොකද නඩුකරයත් ඉන්නේ "කාරයා"කියන ගොඩේ නිසා.හැබයි ටික දෙනෙක් අනුමත කලා අපි එතන ඉන්න නිසා හංදියට ආරක්ෂාවක් ලැබෙනවා කියල. ඒ කාලේ අපි ඔවුන්ට දීර්ඝායුෂ පැතුවා.
අපේ ගේ පහුකරලා ඒ හංදියේ එක් ගමනාන්තයක් වෙන ඩිපෝ බස් එකක් යන්නේ හවස මම ගෙදරින් එලියට බහින වෙලවෙදිමයි. ගෙදර බයිසිකලයක් තිබුනත් නෑවයින් පස්සේ බයිසිකල් පදින්නේ නැත්තේ දාඩිය දාන නිසා. ඒ වෙනුවට කරන්නේ ගේ ඉස්සරහින් යන බස් එකේ එල්ලිලා හංදියේන් බැහැ ගැනීම ටිකට් නොගෙනම . කොන්දාස්තර මාමා එද්දී කියන එකම උත්තරය උනේ බයිසිකලේ හුලන් බැහැලා එකයි මේ එල්ලුනේ කියල. එත් ඒ බොරුව වැඩිකල් කියන්න ලැබුනේ නැහැ. සුපුරුදු බොරුව කියපු දවසක බස් එකටම ඇහෙන්න කිවුවේ "මල්ලි ඔයාගේ බයිසිකලේ හැමදාම හුලන් බහිනවා නේ. ලබන මාසේ පඩියෙන් ටියුබ් එකක් අරන් දෙන්නම් එතකන් ඉන්න කියලය". බස් එකේ පිටිපස්සට වෙන්න හිටපු ගෑණු ළමයි හිනා වෙන අතරේ එක ඔරවන මූණක් දැක්කා ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ අක්කා. එදායින් පස්සේ සල්ලි දීලවත් ඒ බස් එකේ ගියේ නැහැ දාඩිය දාගෙන බයිසිකලේ හංදියටම පැද්දා.
අපිත් එක්ක හිටපු පිරිසගෙන් වැඩිපුර රථ උණ තිබුනේ අජිත්ට. රියදුරු බලපත්‍ර තිබුණු දෙන්නාගෙන් එක්කෙනෙක් මේ අජිත්. කාගේ හරි බයිසිකලයක් දැක්කොත් හොරෙන් පදින ගමන් තනි රෝදෙන් යන වගේ වැඩ කරන නිසා අපි පුළුවන් තරම් ඔහුගෙන් බයිසිකල් හංගන් ඉන්න උත්සහ කළා. ගේ ඉස්සරහින් එන බස් ඒක නවත්වන්නේ හංදියේ තියෙන තේ කඩේ ළඟ එතනින් සෙනග නග්ගගෙන ආයෙත් අනිත් ගමනාන්තයට පිටත් වෙනවා. මේ පිටත් වීම පැය භාගයක් වගේ ඇති. ඒ හිටියත් බස් ඒක පිරෙන්නම රියදුරු මහතායි කොන්දාස්තර මහතායි විතරක් ඉන්න දවසුත් තියෙනවා. එච්චරට අපේ හංදියෙන් සෙනඟ. දවසක් අජිත් මේ බස් ඒක වටේ ඇවිද්දේ හරියට අපේ බයිසිකල් වටේ කැරකෙන වගේ. සුපුරුදු විදියට දෙන්නා කඩේ ඇතුලට ගියේ ඉතුරු පැය භාගේ තේ බිලා බුලත් විඩක් කාලා එන්න. මේ හැම දෙයක්ම අජිත් වෙනදට වඩා උනන්දුවෙන් බැලුවා. බස් සේවකයෝ දෙන්න එලියට අවම අජිත් වෙලාව බලල කිවුවේ "මුන් දෙන්නා තේ බොන්න පැය භාගයක් ගන්නවා නේ මචං" කියලා.ඒ කතාවේ ගැඹුරු අර්ථය අපිට තේරුනේ නැහැ.
පහුවදාත් බස් ඒක හරි වෙලාවට ඇවිත් කඩේ ඉස්සරහම නැවැත්තුවා. අජිත් වටයක් කැරකුනා අද මම මේ බස් ඒක අනිත් හන්දියට අරං ගිහිං ආයේ එනවා කවුද එන්නේ මාත් එක්ක. මම දැනගෙන හිටියා මේ දේ කවදාවත් කරන්න බැහැ මොකද යතුර ඩ්‍රයිවර් ළඟ නේ. එත් අජිත් විස්තර කලේ ඩිපෝ බස් වල යතුරු නැහැ වයර් දෙකක් එකතු කරලා ස්ටාර්ට් කරන්න පුළුවන් කියල. ඒ කියපු ක්ෂණයෙන් අජිත් බස් එකට නැගලා ස්ටාර්ට් කළා ඒ එක්කම මාත් එක්ක හිටපු තව දෙන්නෙකුත් නැග්ගා. මම නැග්ගේ නැත්තේ බස් එකක් පැහැර ගැනීම ලොකු වැරද්දක් කියල දන්න නිසා. අනිත් ඒක මොන දේ කලත් පාසල් නිළ ඇඳුමින් හිටියොත් පොලිසියෙන් හරි සහනයක් ලැබෙනවා කියල දන්නවා. සාමාන්‍යන් මේ වගේ වැඩ කරන්න මම කොහෙත්තම එකතු වෙන්නේ නැහැ. අජිත්ට හරියන අනිත් දෙන්නත් එක්ක බස් ඒක හෙමිහිට තිබුන තැනින් පිටත් වුනා. ටික වෙලාවකින් රියදුරා ආව එලියට කොන්දොස්තරගේ පැත්තට හැරිලා
"ඒ.... මල්ලි මාර වැඩේ නේ බස් ඒක නැහැ නේ. අපි ඩිපෝවට මොකද කියන්නේ ."
"අපි මෙතන නේද නැවැත්තුවේ." එදා හිටියේ අලුත් කොන්දොස්තර කෙනෙක්.
රියදුරා මගේ ලඟට ආවා
"මල්ලි මෙතන තිබුන බස් ඒක දැක්කද?"
"අහ්... හංදිය පැත්තට ගියා ඒ ඔය ගොල්ලෝ නෙවෙයිද?" නොදන්නා විදියට ඇහුවේ. විනාඩි දෙකකින් විතර හන්දියට ගියපු බස් ඒක හරවාගෙන ආයෙත් එනවා බස් ඒක තිබුන විදියටම හරවල නැවැත්තුවා. බස් ඒකෙන් බැහැලා ආවේ රියදුරු අජිත් හා සහයක රියදුරෝ දෙදෙනා. බසයේ ඔරිජිනල් රියදුරා අජිත් ලඟට ගියා ඒ සුනන්ගුවෙන්ම ඔහුගේ දකුණු අත අජිත්ගේ වම් කම්මුල සිප ගත්ත බව "චිටිස්"....... කියන සද්දෙන්ම තේරුනා. ඒ එක්කම හරි සංවේදී සිද්දියක් උනේ. අජිත්ගේ අත්දෙකම එකතු උනා ඉස්සරහට තිබුණු කකුල දණ හිස ලඟින් ටිකක් නැවුනා.
අජිත් මල්ලිට ගහද්දි අපි බලන් හිටියේ මෙහෙමයි කොටේ උඩ ඉන්නේ මම.
"අනේ අයියේ ඔයාට ඕනෙනං මට ගහන්න නැත්නම් මාව මරාගෙන කන්න.පොඩි කාලේ ඉඳලම තිබුන ආසාවක් CTB බස් එකක් පදින්න. දැන් ඒකත් හරි. වැඩි දුර ගියේ නෑ අතන හන්දියට විතරයි ගියේ." උණුවෙන හිතක් තිබුණු රියදුරු මාමා තව බොරු සද්දයක් දැම්මේ ඔහුගේ රස්සාව ගැන හිතලමයි.පොලිසි නොගිහින් බේරුනේ අහුගේ තිබුන කාරුණික කම නිසා. ඒ සිද්දිය වෙනකොට අපි හතර දෙනෙක් විතර හිටියේ ඒත් හවස පහෙන් පස්සේ ආපු දෙන්නෙකුට මම සිද්දිය කිවුවා හැමෝම දැනගෙන ඉන්න ඒක හොඳයි නේ.පස්සේ කාලෙකදී අජිත් මල්ලි අපේ ගමේ බස් අජිත් බවට පත්වුනා.
Labels:
පොඩි කාලේ
Subscribe to:
Post Comments (Atom)
බස් අජිත් කියපු ගමන් මට මතක් වුනේ... අජිත් මුතුකුමාරණ ගායකයවයි...
ReplyDeleteමටත්..
Deleteමමත් හිතුවේ අසරණයා බස් අජියව (මුතුකුමාරණ )අඳුනනවා කියලා.
Deleteමමත්...!
Deleteඅජිත් මුතුකුමරණට එ නම වැටෙන්න කලින් අපේ අජිත්ද ඒ නම වැටුනේ. මම හිතන්නේ අපෙන් තමා ඒ නම කොපි කරන්න ඇත්තේ.
Delete@අමුතු ඉලංදාරියා = මම ඒ අජිත්ව දැකල තියෙන්නේ ටීවී එකේ විතරයි.
හූ හූ කට්ටිය රැවටුනා නේ. .
අර අහිංසක ලංගම සේවකයගේ රස්සාවට මක්ක හරි වුනානම්...??
ReplyDeleteගහපු ඒක සාධාරණයි එකනේ අපි මොනවත් නොකර හිටියේ.
Deleteහිහිහිහ්..... එල බුවෙක් බං...
ReplyDeleteඌ ආයේ බස් පදින්න නැතුව ඇති :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නැහැ නැහැ පස්සේ වෑන් එකක් පදින්න ගත්තා.
Deleteඇත්තට බස් අජිත් කිව්වෙත් ඉතින් සිංදු අජිත නේව...අම්මපා අජිත් කියන නමයි බසුයි ගැලපෙන අපුරුව බං හරියට කිරියි පැනියි වගේ
ReplyDeleteඔව් බං උඹ කියනකන් ඒ දේ මට මතක් වුනේ නැහැ නේ. තව බස් අඩයා කියල එකෙක් ඉන්නවා උගේ නමත් අජිත්. බස් එකට යට වෙලා යන්තම් බේරුනේ.
Deleteමුලින්ම කියන්නම් සිත්තරේ නම් යසයි .. වෙලාවට තමා බොලේ අජිත්ව පොලීසි ගෙනියන්නේ නැතුව බේරලා යවුවේ . අපේ ගැන්සියේ කොල්ලෙකුත් බෝමතින් ප්‍රයිවට් බස් එකෙක් අරගෙන ගිහින් ඔරලෝසු කණුවේ වද්දලා ගල් පල්ලියේ හිටියා සති දෙකක් හෝ තුනක් උඹලාගේ මිත්‍රයා ඔයින් ගියා මදෑ ඉතින්
ReplyDeleteස්තුතියි මචං. අරු මොනවා උනත් හොඳ රියදුර අපේ අජිත් තවම ඒක සැරයි වහනයක් හැප්පුවේ. ඒ බස් එකට මොනවා හරි වුනානම් අර අහිංසකයෝ දෙන්නා ගස් නේ.
Deleteමම හිතුවෙම සිංදුකියන කෙනා කියලා.. මේ දැන් මියුසික් ෆීල්ඩ් එකට බහී කිය කිය හිත හිත දිගටම කියෙව්වා.. මේ වෙන අජියෙක්නෙ.. :)
ReplyDeleteසිත්තරෙත් මරු.. කතාවත් මරු.. බස් එක කොහෙහරි මුල්ලකට දාලා මස් කළා නම් තමා වැඩේ..
*/මම හිතුවෙම සිංදුකියන කෙනා කියලා../*
Deleteඅම්මෝ බය හිතෙන කතා කියන්න එපා. මු සින්දු කියන්න ට්‍රය් කරා නම් තමයි, එත් කිව්වේ නෑ.
නැ නැ හරි මේ අජිත්ට කවියක්වත් කියවන්න බැහැ. වැඩි දුර ගියේ නැහැ මීටර් 600 ක් වගේ දුරක ගියේ. බස් එකක් පදින්න තිබුන ආසාවට නේ අරං ගියේ. ඒ බස් එකේ ගන්න දෙයක් නැහැ CTB බස් නේ.
Delete@ක්සැන්ඩර් = හරියට හරි මු සින්දු කිවුවනම් හෆොයි.
අජියා මාර වැඩනේ කරන්නේ.. බස් එකේ සෙනග නැති නිසා හොදයි.. කොහොම උනත් ඩ්‍රයිවර්ගේ හොද අගය කරන්න ඕන.. ඒත් ඉතින් මොකක් හරි අවුලක් උනානම් ඒ මනුස්සයටම තමයි ලෙඩේ වැටෙන්නෙත්..
ReplyDeleteඉට පස්සේ බස් එක පැය භාගයක් එතන නැවතුනයි... :)
ඔව් ඒ දෙන්නට උපරිමෙයින්ම අගය කරනවා නැත්නම් අහක හිටපු මමත් ඇතුලේ ලගින්න වෙයි.
Deleteඊට පස්සෙත් එතන නැවැත්තුවා නැතුව බැහැ නේ.එත් සමහර දවස් වලට හංදියේ ත්‍රිවිල් රියදුරෝ බස් රියදුරාට සල්ලි දීලා ඉක්මනින් යැව්වා හංදියේ එකතුවෙන සෙනග ත්‍රිවිල් වල එක්ක යන්න තියෙන ආසාවට.
පළවෙනියෙන්ම සිත්තරේ නම් හරි අගෙයි..කියලා වැඩක් නෑ..
ReplyDeleteමේ වගේ අමුතු ආසාවල් හැමෝටම තියනවා නේ..වරදක් කියන්නත් බෑ ඉතින්..
ලොකු බරපතල කමක් ඒ කාලේ දැක්කේ නැහැ එත් වරදක් කියල දන්න නිසා මම පැත්තකට වෙලා හිටියා.
Deleteඅගය කිරීම ගැන ස්තුතියි රූ..
යකෝ මිනී මරන වෑඩනේ මෙව්වා,වෙලාවට ඩ්‍රයිවර් පිලීසියට ගියෙ නෑත්තේ,ගියානම් අනිවා හෙන පෝරියල් එකක් ලෑබෙනවා....
ReplyDeleteඔව් බස් එකක් පැහැර ගත්තා කියල හිරේ දානවා පොලිසියේ OIC මහත්තයත් අපිත් එක්ක හිත හොඳ නැහැ නේ.
Deleteයක්ෂ පැටව් ටිකක්නෙ. දන්නවද තව නූලෙන් ඩබොල් කිරිමෙල්. ආයිත් දෙකක් නැහැ. මහ උළුගෙදර බොඩිම් බත් තමයි. ඇයි මේක පොදු දේපල පණත යටතේ එන වරදක්. ආයිත් ඇපවත් නැහැ. අර රියදුරා දෙවියෙක්නෙ.
ReplyDeleteහෑ එච්චරම බරපතලයිද. වැරදි වැඩක කියලනම් දන්නවා වෙලාවට ඒ වගේ ටියදුරෙක් හිටියේ. එකක් ගහලා නිකා හිටිය ඒක ගැන සතුටුයි.
Deleteපට්ට සීන්එක බං. "අනේ අයියේ ඔයාට ඕනෙනං මට ගහන්න නැත්නම් මාව මරාගෙන කන්න.පොඩි කාලේ ඉඳලම තිබුන ආසාවක් CTB බස් එකක් පදින්න. දැන් ඒකත් හරි. වැඩි දුර ගියේ නෑ අතන හන්දියට විතරයි ගියේ." ඔහොම කිව්වම කාටද ආයෙ ගහන්න හිතෙන්නෙ.
ReplyDeleteඔව් ඌ කොච්චර සද්දේ දැම්මත් එතැනදී වලියට ගියේ නැහැ. අපිටත් දුක හිතුනා අජිත් අරෙහෙම කියද්දී. ආසාවනේ බස් පදින්න.
Deleteඅතීත කතා කියවන එක හරිම සුන්දරයි නේද ? ඉස්සර කරපු වැඩ කොච්චර මෝඩ උනත් නුවනක්කාර උනත් ඒවා මතක් වෙනකොට හරිම සුන්දරයි,
ReplyDeleteඔය බස් එකේ නිකක් යන සීන් එකනම් මමත් කරලා තියෙනවා,තවත් කතා බලාපොරොත්තු වෙමි....!!!!
ඔව් අතීත කථා පාඨක වෙද්දී ඇඟ හිරිවැටෙන වෙලාවලුත් තියෙනවා. ඒ කාලේ වැඩි දුර දිග හිතන්නේ නැහැ නේ. මමත් හොරෙන් ගිහිල්ල තියෙනවා අහුවෙලත් තියෙනවා.
Deleteමගේ පොඩි කාලේ අත්දැකීම් ගොඩාක් ලියල තියෙනවා ලේබල් කරලා තියෙන්නේ ෆ්‍රී වෙලාවක බලන්න
ස්තුතියි රොබින්...
බස් අජිත් කිව්වාම මාත් හිතුවේ මේ සිංදු කියන අජිත් කියලා. දැන් මේ අජිත් කියන නම් මොකක්ද ? අලුත් විශේෂණයක් යෙදුණේ නැද්ද ???
ReplyDeleteනැහැ ආයෙත් අජිත් මල්ලිම තමා දැන් ඒ හැටි මගෝඩි වැඩ කරන්නේ නෑ ඌ හොඳ වෙලා.
Deleteම්මත් හිතුවෙ සින්දු කියන අජිත් ගැනයි කියන්න යන්නෙ කියලා.. හික්ස්ස්..:D
ReplyDeleteඉස්සරකාලෙ දේවල් අඅයෙත් මතක් කරද්දි හරිම සතුටක් නේද දැනෙන්නෙ??
හූ හූ ඔයාත් රැවටුනා නේ.
Deleteමට මේ කතාව මතක වුනේ ඔෆිස් එකේදී ලඟදි දවසක තනියෙන්ම හිනා.
මාර අත්දැකීම්නේ අයියේ ඔයාට තියෙන්නේ අර කවුදෝ මන්දා කියලා තිබුනා අයියගේ ලමා කාලේ ටොම් සෝයර් වගේ කියලා ඇත්තටම මේ කතාවත් ඒ වගේ සෑහෙන්න සුන්දර ලමා කාලයක්නේ තිබිලා තියෙන්නේ.... චිත්‍රයත් ගති ඈ පොටෝෂොප්ද?? මෝඩකම කියනවට වඩා කොලුකම කියන වචනේ හොඳයි වගේ මොකද හැමෝම ඔහොම වැඩ කරන්නේ මෝඩ වැඩක් කියලා දැන දැනම තමා නැද්ද....
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා හිතට දැනෙන විදියටම එක හුස්මට කියවතෑකි.... ජය වේවා අයියේ
ඒක නෙමේ ආයේ බස් එක තිබ්බ තැනට එලවගෙන ආවෙත් අජිත්මද
ආ.... මට එහෙම කිවුවේ අපේ සෙනා නේ. ඇත්තටම මගෝඩි වැඩ තමා එත් ටිකක් නරක වැඩ වගේ දේවලුත් කළා. දැන්නම් ඉතිං හැමෝම රස්සාවල් වල ලංකාවෙත් ඉන්නේ ටික දෙනයි.
Deleteස්තුතියි මචං දිරිගැන්වීමට උඹල වෙනුවෙන්ම මේ ලියන්නේ.
ඌ හොඳ රියදුරා එතනට ඇවිල්ල තිබ්බ විදියටම නැවැත්තුවා.
ඇත්තටම මරැ කතාව බස් අජිත් කොහොම හරි ලංගම බසයක් ඩ්‍රයිව් කළානේ. දැන් මොකද අජිත් කරන්නේ? ජීවිතේ සුන්දරම මතකයක් කිසිදාක නොමියෙන විදියට තැන්පත් වෙලා තිබුණත් මේවගේ අත්දැකිම් අද ඉන්න යොවුන් වියේ අයට නම් කවදාවත් ලබාගන්න පුළුවන් කමක් නහැ.
ReplyDeleteලස්සන අතිත කතාවක්
දැන් අජිත් පිට රට රැකියාවක් කරලා ආයේ ලංකාවට ඇවිල්ල ඉන්නවා. දැන්නම් මොනවා කරනවද දාන්නේ නෑ. දැන් ගොඩ දෙනෙක් එහෙම හවසට එකතුවෙනවා අඩුයි. කාලයත් එක්ක හැම දේම වෙනස් වෙලා.
Deleteහැබෑට කිසම කරදරයක් නැතුව බස් එක ආවද අයියෝ....???
ReplyDeleteෂා අර කොටේ උඩ ඉන්න අසර් හලි ලත්තනයිනේ.....
බස් ඒක තිබ්බ හැඩේන්ම තිබුන තැනට ගෙනාවා.
Deleteකොහොමද මම නළුවෙක් වගේ නේ.
ඔය වගේ දෙතුන්දෙනෙක් අපේ ගමේ හිටියනං අපේ ගම කොච්චර ලස්සනද? :D
ReplyDeleteඑහෙම උන් හිටියට ලස්සන වෙන්නේ නැහැ පාර අයිනේ ලස්සන මල් ගස් ටිකක් වවපන්.
Deleteමමත් දඩ බඩ ගාලා දුවගෙන ආවේ බස් අජිත් උස්සලද කියල බලන්න.....
ReplyDeleteහොඳ වෙලාවටැ බස් එක රවුම් නොකර ගෙනාවේ.. නැත්තම් අර අහින්සකයො දෙන්නගේ රස්සාව ඉවරයි...
ආණ්ඩුවෙත් වැරදි මෙව්වා.. බස්වලට හරි හාමන් යතුරක් හදල නොදෙන එක ( ආණ්ඩුවට බැන්නෙ නැත්තං නිකන් කහනවා කහනවා වගේ බං )
ආ සිත්තරේ මරු ඈ
බස් වලින් උස්සනවා තමා අජිත්ව තව ටිකකින් හෙක්..
Deleteතිබුන විදියටම බස් ඒක ගෙනාව ඒක ගැන තවමත් අපි සතුටු වෙනවා.
ඇත්ත ආණ්ඩුවේ වැරදි හැබැයි මේක වෙන කාලේ තිබුනේ අනිත් ආණ්ඩුව එත් ආණ්ඩුවේ බං වැරැද්ද.
සිත්තරේ එළද?
බස් අජිත් කිවුවම මමත් හිතුවෙ අජිත් මුතුකුමාරණය කියල.
ReplyDeleteහොඳ වෙලාවට ඌට බස් පදින්න ආසාවක් තිබුණෙ, කෝච්චි පදින්න ආසාවක් නැතුව.
අපේ පාරේ කොච්චි නැති නිසා වටිනා ජිවිත ගණනක් බේරුනා.
Deleteඋඹලටත් ඉන්නේ සුපිරිම මිත්තරයෝ නේ :ඩ්
ReplyDeleteඅන්න බලපන් විවිදත්වය.
Deleteපව් අනේ අජිත්..මම ඒ ඩ්‍රයිවර් මාමා උනා නම්..''තව රවුමක් ගිහින් වරෙන් පුතේ කියල බස් එක දෙනව..'' :D:D:D
ReplyDeleteඑහෙම කරානම් ඒ අහිංසක දරු පවුල් කාරයාගේ රස්සාව නැතිව එනවා මේ කරදර කාර කොල්ලෝ නිසා.
Delete//හුරතල් වැඩ වලට ගමේ මිනිස්සු ටික දෙනෙක් කිවුවේ මාදවීකාරයා කියල එත් ඔහු සැලුනේ නැහැ. මොකද නඩුකරයත් ඉන්නේ "කාරයා"කියන ගොඩේ නිසා.//
ReplyDeleteඅලේ.. අයියටත් කොහෙන් මතක් වෙනවද මන්දා මේවා.. :D අන්න යාළුවො.. යාළුවට ගහන කොටත් කොටයක් උඩට වෙලා කණ්ණාඩි දාගෙන බලාගෙන ඉන්නවා..:P
කතාවෙ හැටියට හිතුණෙ අජිත් බස්එක මඟ දාලා ඒවි කියලා.. කොහොම වුණත් පුංචි කාලෙ ආසාවට වයර්ෂෝට් කරගෙන බස්එකත් ස්ටාර්ට් කරගෙන ආයෙ තිබ්බ තැනින්ම තියන්නත් තරම් බස්එකක් එළවන්න කොච්චර ආසාවෙන් ඉන්න ඇතිද.. :)
අයියෙ.. අර බයිසිකලේ හුලන් තවම තියේද.. :P
වරදට නිසි දඬුවම් ලබන්න ඕනේ කියන මතේ මම ඒ කාලේ ඉඳලම හිටියා ඉතිං මම හරි ආසාවෙන් බලන හිටියේ ඒ දිහා. ඔව් ඒ අජිත්ට පුදුම ආසාවක් තිබුනේ ඒ වගේ නසරානි වැඩ කරන්න.
Deleteබයිසිකලේ දැන් එලියට දාලා තියෙන්නේ හුලන් වදින්න නැත්නම් පුස් කනවා නේ.
අනේ මම මේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් මේ ආවේ බස් අජියාව උස්සපු බීරා මොකාද කියල බලන්න. මොකද ඉස්සර බස් අජිත් මගේ පරම හතුරෙක්. කණ පැලෙන්න සින්දු දාපු ප්‍රයිවෙට් බස් වල නැගල පැය 3-4 ගෙදර එනකොට තියන මහන්සියටත් එක්කම මුත් කණ කන්න හදන හින්දා මට මු එක්ක පට්ට මල.
ReplyDeleteකවදාවත් ඌව බිරෙක්වනම් උස්සන්නේ නැහැ උස්සනවානම් උස්සන්නේ උඹ අපි වගේ මහන්සි වෙලා වෙන යන්න විදියක් නැතුව බස් එකේ යන කෙනෙක් වෙන්න ඕනේ. එතකොටවත් කරදෙරේ නැති වෙයි නේ.
Deleteබස් අජිත් කිව්වම මට මතක් උනේ අජිත් මුතුකුමාරණව !
ReplyDeleteඅඩේ අරූට මාර ආසාවක්නේ තිබිලා තියෙන්නේ.
තව එකෙක් හිටියා පොලිස් ජීප් එකක ඇතුලේ යන්න වැඩේනම් හරි ලේසියි එත් කලේ නැහැ.
Deleteසිරාවටම නියම කතාව..
ReplyDeleteඊට වැඩිය චිත්‍රය නියමයි..අත්සනකුත් දාන්න එපැයි...
ඒ ඔය්යා කන්නාඩි දානවද...
සිත්තරේ මම නෙවෙයි නේ ඇන්දේ.
Deleteඉස්සර කන්නාඩි දැම්ම ඉස්කෝලේ යන කාලේ කළු ලෑල්ල පෙන්නේ නැහැ නේ.
අජිත්ට තිබිල තියෙන්නෙ රථ ගායෙ දරුණුම එක
ReplyDeleteබස් අජිත් නේ? බස් එකට කතා කරන්ඩ පුළුවන්නං ඒකත් කියයි “මොන මගුලක්ද ඕයි!“ කියල.
පොඩි වාහන පදින්න නෙවේ ආසාව ලොකුවා.
Deleteඅපිට බස් අජිත් කියන නම මෙච්චර අමිහිරිනම් බස් වලට කොච්චර අමිහිරි ඇතිද?
ඒල කතාව...
ReplyDeleteඅජිතය පිස්සෙක්නෙ...
ඔව් උපතින්ම පිස්සු.
Delete//"අහ්... හංදිය පැත්තට ගියා ඒ ඔය ගොල්ලෝ නෙවෙයිද?"//
ReplyDeleteඅනේ අනේ අසරණයෝ :))
අදත් කතාව නියමයි...හරි හරි යාළුවොනේ අසර්ට ඉඳලා තියෙන්නේ...
මම මොනවත් දන්නේ නැති විදියට හිටියේ. නැත්නම් වරදකට අනුබල දුන්නා කියල මාවත් අල්ලාගෙන යාවි.
Deleteඒක ඒක විදියේ යාළුවො හිටියා මට ඒ කාලේ.
//ඈත නිල්පාට ජීප් එකක් එද්දී// යකෝ පොලිසිය පක්ෂෙ මාරු කරලද?
ReplyDeleteකොල පාට නෙවේද ?
බලපං ඒ කාලෙ බස් එකක් පැද්ද කිව්වම අජිය වැඩ්ඩෙක්. උබට තාම බයිසිකලෙත් බැහැ නේද? තල්ලු කරන් යනවා කිව්වේ..
ජය !
සෑමෝ...හැබැයි මටත් මතකයි වගේ නිල් පාට පොලිස් ජීප් තිබුනා :-/ හ්ම්ම්ම්ම්
Deleteඅපේ ළමා කාලේ උඹේ තලස්තනි කාලේ ඒ කියන්නේ 2000 ආණ්ඩුව කාලේ ගෙන්වපු ඉන්දියන් ටාටා ජීප් නිල්පාටයි. හැම හන්දියක් ගානෙම කැඩිලා තිබුනේ ආන් ඒ ජීප්. කොළ පාට ජීප් තිබ්බේ උඹ තරුණ කාලේ නේ.
Deleteමට දැන් බයිසිකලේ කුඩුවේ පදින්නත් පුළුවන්. වැටෙන්නේ නැතිවෙන්න.
@සයුරි = අන්න දැක්කද මගේ වයසේ තව කෙනෙක්.
පව් කියලා හිතුනා අර ඩ්‍රයිවර් ගාව වැද වැටුනා කිව්වාම.. මම හිතුවා ඩ්‍රයිවර් ගැහුව හන්දා එ කොල්ලත් ගහයි කියලා..එහෙම නොවි ඔහොම හැසිරුනාම..හිතේ තිබ්බම ආසාව වෙන්න ඇති.
ReplyDeleteඔව් එදා අපිටත් හිතුනා කොච්චර ආසාවක් තියෙන්න ඇතිද කියල.මොකද කාර් වෑන් එහෙම ඊට කලින් පැදලා තියෙනවා.
Deleteඑත් බස් එකක්?
ඌ උගේ හීනය සැබෑ කරගත්තා. අර කනේ පාර ඒ හැබෑවෙච්ච හීනයට වඩා කොහොමත් යටයි.
ReplyDeleteඔව් සුමිත් වෙන්න තියෙන කරදරේ ගැන නොහිතා ඒ වැඩේ කලේ. සාමාන්යෙන් අජිත් ගැහුවොත් ගහන වගේ කෙනෙක් එත් එදා අතකවත් ඉස්සුවේ නැහැ.
Deleteහරිම සුන්දර අතීතයක් නේද ? දැන් මතක් වෙනකොට රසය වැඩි . තාමත් අජිත් එක්ක යාලුකම පවත්වනවද ?
ReplyDeleteඔව් ඒ විදියේ මතකයන් ටිකක් තියෙනවා ටික ටික දාන්නම්.
Deleteඅජිත් ගේ යාළුකම තවමත් තියෙනවා මොකද එයාගේ මල්ලි මගේ මොන්ටිසෝරි කාලේ ඉඳල යාළුවා.
රත්නපුර තියෙනවා හංගමුව කියල ගමක. එහේ CTB බස් රෑට නවත්තල තියනවා හන්දියක (රියදුරු, කොන්දොස්තර ගමේමයි). ගොඩක් අය එතනට කියන්නෙත් කියන්නේ ස්ටෑන්ඩ් එක කියල. ඔය කිට්ටුව පදිංචි වෙලා හිටපු අපේ මිත්‍රයෙකුගේ ගෙදර ටික දවසක් නතර වෙලා හිටියා බස් හිමි පුත්‍ර, රියදුරු/කොන්දොස්තර(දැන් දොස්තර) පළපුරුද්ද තියෙන තවත් මිත්‍රයෙක්. මුන් දෙන්න දවසක් CTB බස් එකක් නවත්තලා තිබුණු තැනින් සෑහෙන දුරකට ගෙනිහින් දමලා පයින් ආවා. :D
ReplyDeleteඒ ඇයි බං එහෙම කරලා තියෙන්නේ. අරුන් දෙන්නව බය කරන්නද? මොනවා උනාත් උන් දෙන්නත් නියමම දෙන්නෙක්.
Deleteහි හි!
ReplyDeleteඌ මාර පිස්සු අජිත් කෙනෙක්නෙ බං,ඌ හැබැයි අතුරු ආන්තරාවක් කරගන්නේ නැතුව අපු එකම මදෑ!නැත්තම් ඩ්‍රයිවර්ටයි කොන්දටයි ගෙදර යන්න තමයි වෙන්නෙ!:P
ඒක නෙමේ කව්ද මේ අලුත් සිත්තරා??:P
තිබ්බ විදියටම අරගෙන ආපු නිසා ඒක කනේ පාරෙන් ඔක්කොම ප්‍රශ්න විසඳුනා.
Deleteසිත්තරේ ඇන්දේ මම නෙවෙයි. හික්...
මෙන්න හොරු !
ReplyDeleteකෝ කෝ.. කෝල් පොලිස්..
Deleteඔය වගේ එක එක ජාතියේ ආසාවල් තියෙන උන් ඉන්නවා බං.
ReplyDeleteඅපේ එකෙක් ඉන්නවා ඌට ආසලු අර කන්ටේනර් අදින ලොකු ප්‍රයිම් මුවර් එකක් පදින්න.
ගුටි කෑවත් කමක් නැහැ බස් අජියා උගේ ආසාව ඉෂ්ට කරගත්තනේ, ඒ පිනම මදෑ ඩ්‍රයිවර් මාමට නිවන් දකින්න...:))
උඹේ යාළුවයි මේ අජියයි දෙන්නම ඒක වල්ලේ. අපේ එකාට එහෙම ආසාවල් ඇති හොඳ වෙලාවට අපේ පාරේ එච්චර ලොකු වාහන යන්නේ නැත්තේ.
Deleteකවුද බන් සිත්තරේ ඇන්දෙ ? සිරා. ඉස්සර කාටුන් එකක හොරෙක් හිටියා, උඹ වගේමයි.. හෙහ් හෙහ්.
ReplyDeleteඋඹත් මාර පොරවල් තමා ආශ්‍රය කොරන්නෙ.
ජයම පතමි !!!
අඩේ ඒ හොරා මම වගේ ලස්සනයිද? ( මට උඹ හොරා කිවුවා නේ.)
Deleteඅමුතු අමුතු පිරිසක් ආශ්‍රය කළා කාලයක් දැන් හැමෝගෙන්ම ඈත් වෙලා පරිස්සමින් ඉන්නවා.
ජයෙන් ජය.
පින්තූරේ ලස්සනයි. ඒක නියමෙටම ඇදලා තියෙනවා.
ReplyDeleteඅපරාදේ. අයියටත් බස් එකේ නැගලා යන්න තිබුනේ. එහෙනම් මේ වීර ක්‍රියාවට අයියත් දායක වෙනවනේ.
:)
ස්තුතියි නෙත්පානි එත් මම නෙවෙයි ඇන්දේ.
Deleteහපෝ මම වරද දුටු තැන කැපෙනවා අනේ මටනම් බෑ හිරේ යන්න.
බස් අජිත් කිවුවම මම හිතුවෙ වෙන එකෙක් ව..පිතූරෙනම් පන්කාදුයි
ReplyDeleteඒ අජිත් හා මේ අජිත් හැර තව අජිත්ලා සිටීද?
Deleteසිත්තරේ ගැන පසුව කියන්නම්.
ස්තුතියි.
දැන්නේ දන්නේ අසර්ට ලස්සන චිත්‍ර අදින්න පුළුවන් බව. කොටේ උඩ ඉන්න කෙනා ඔයා කියලා කිව්වේ අනිත් අයට වඩා එයා ලස්සනට ඇන්ද නිසානේ.. :D
ReplyDeleteමට මතක් උනෙත් බස් වල සිංදු කියන කෙනාව.
ඔයාත් පොඩි කාලේ ඉදලා කරන්නේ හරිම වැඩ තමයි.
මම නෙවෙයි චිත්‍ර ඇඳේ වෙන කෙනෙක්..... අයියෝ වැඩේ කෑවනේ දැන් හැමෝම දැනගන්නවා කොටේ උඩ ඉන්නේ මම නෙවෙයි කියල.
Deleteඒ අජිත් සිංදුවක් කියාගෙන පැත්තකට වෙලා ඉන්නවා මේ වගේ වැඩ කරලා නැහැ.
මම අහිංසකව පැත්තකට වෙලා හිටියේ කිසිම දෙයකට සම්බන්ද නැහැ දෙයියම්පල්ලා..
මාත් සන්තෝසෙන් ආවේ බස් අජිත්ව පහර ගෙන ගිහින් ආයේ සින්දු කියන්න එපා කියල තර්ජනය කරලා කියා සීතලයි .අය්යෝ
ReplyDeleteමෙච්චර පැහැර ගන්න රටේ ඒ වගේ වැදගත් වැඩක් කරන කෙනෙක් නැහැ නේ. කි දෙන්නම් සංතෝස වෙයි ද?.
Deleteදැන් එහෙනම් වංගු කෙළින් කරන් යනවා ඇති..
ReplyDeleteකාගේත් වාසනවාවට කිසි අතුරු අන්තරාවක් වුනේ නැහැ...
Deleteමටත් ඔහොමම ම උනා බන් ...! අම්මාගේ නිල මෙව්වා රථය උස්සන් ගිහින්..!! ඩයිවර් ලොක්කා අම්බානක බැන්නා...!!, හැබැයි සුපුරුදු පරිදි පුතාට වදින ගාථාවෙන් පටන් අරන් ගුටි පුජාවකින් මව් තුමිය සිද්දිය අහවර කොරා
ReplyDeleteඑහෙනම් උඹට කියන්න වෙන්නේ බස් පොඩ්ඩා කියල.
Deleteඅම්මල ඉතිං ගහන එකමනේ වැඩේ. උඹටත් එහෙමෙයි.
බස් අජිත් කිව්වම මම හිතුවේ වෙන කෙනෙක් ගැන අප්පා. බස් එක පල්ලමකට පත බෑවුනා නම් හෙම කාට කියල කියන්නද අප්පා. මොනවා වුනත් පන ගිහින් හරි අජිත් තමන්ගේ ආසාව ඉස්ට කරගෙන තියනවා. අර ගල උඩ ඉඳන් ඉන්න ළමයාගේ හෙන ලුක් එක ආ......
ReplyDeleteමොකෝ පරක්කු....
Deleteඒ පාරේ පල්ලමක් නම් නැහැ එත් ලොකු ගඟක් යනවා. එකට වැටුනානම් ඉස්සොටිකක් හරි බෝ කරගන්න තිබුනා.
සිරා පොරක් නේද එතන ඉන්නේ කවුද බං ඒ..??
මන් සැහෙන්න පරක්කුයිනේ....එත් ඔන්න ආවා....
ReplyDeleteමේ චිත්තරේ ඇන්දේ පේන්ට් වලින්ද අසර් අයියේ..?ලස්සනයි.......:)
අනේ අම්මපා මෙයාලාගේ වැඩ නම්..අර අහිංසක මනුසයගේ රස්සාවත් නැති උනා නම් තමා....
යාලුවා ගුටි කදී ඔහේ බලන් ඉන්න හැටි තම මරු...ශික් මුකුත් නොකරපු බබාලා වගේ අර මනුස්සයට උත්තර දීලා තියන ලස්සන.
වැරදිලා හරි අජිත්ට බස් එකක්ම පදින්න ඕන උනේ ප්ලේනේ එකක් වගේ උනා නම් විනාසයි.....:)
මොනවා උනත් පරණ දේවල් මතක් වෙනකොට ඒවා කොච්චර සුන්දරද කියල හිතෙනවා...
මේ චිත්‍ර ඇන්දේ මව්ස් එකෙන් නංගි.
Deleteමම මොනවත් කරන්න ගියේ නැහැ. වෙන හැම දෙයක්ම බලාගෙන හිටියා.
තව එයා ගල් රෝලකුත් පැදලා තියෙනවා.
මම හිතුවෙ බන් 370 පට්ට ගහපු බස් අජියා ගැන කියලා
ReplyDeleteනැහැ බන් එහෙම වුනානම් කීදෙනෙක් කැමති වෙයිද?
Delete