අවුරුද්දේ දවස් 365 න් 364 ක්ම වැඩ කරන ආයතනයක වැඩ කරන අපිට මුලු ආයතනයටම නිවාඩු ලැබෙන්නේ දෙසම්බර් 25 නත්තල් දවස. මාත් එක්ක ඉන්න අනිත් දෙන්නටත් අපි තුන්දෙනාම එකට ඉන්නේ අවුරුද්දකට එක දවයි. රට,තොට බලාගන්න පුළුවන් දවසේ අප්‍රිකාවේ සුන්දර තැනක් බලන්න අදහස් කරන් තිබුනා. ඊට කලින් දවසේ 24 වෙනිදා රෑ අපේම ආයතනේයේ අපේ රටට අල්ලපු රටවල් දෙකේ දෙන්නටත් අපේ අදහස දැම්මා. උදේ 7 වෙද්දී පිටත් වුනොත් 200 K.M ඈත තියෙන අප්‍රිකාවේ තවත් වැසි වනාන්තරයක් වන "කුකුම් ජාතික වනොද්‍යනට" අග නගරේ සිට ළඟා වෙන්න ගතවෙන්නේ පැය දෙකක් වගේ කාලයක්.
උදේ 7ට එනවා කියපු අනිත් දෙන්නා 7.45 වෙනකුත් නැති තැන අකමැත්තෙන් වුනත් ඔවුන්ව දාලා යන්න සිද්ද වුනා. සැලසුමේ විදියට ගමන අරබන්න නොහැකි වුන නිසා මග දිගට ට්‍රැෆික්. නගරයෙන් පිට වෙන්න කලින් වියදමට මුදල් ගන්න අවශ්‍යතාව තදින්ම තිබුනා.ටේලර් මැෂින් පහුකරගෙන නගරේ කෙලවරේම තියෙන අවසාන මැෂින් එකෙන්ම සල්ලි ගන්න සිද්ද වුනේ මොන හේතුවක් නිසාද කියලනම් දන්නේ නැහැ.අපි තුන්දෙනාගෙන්ම දැනට ඉතුරු වෙලා තියෙන එකම "ATM කාර්ඩ් එක" මගේ.හැමෝගෙන්ම මුදල් අවශ්‍යතාවල් පිරිමහගන්නේ "හාල් පොත" වගේ තියෙන මේ කාර්ඩ් එකෙන්.අනිත් දෙන්නගේම කාර්ඩ් ටේලර් මැෂින් විසින් අතුරුදහන් කර අවසන්.අප්‍රිකාවේ මිනිසුන් වගේම යන්ත්‍ර, සුත්‍රාත් විස්වාස කරන්න බැහැ.කිසි වරදක් නැතිව කාර්ඩ් හිරවීම සමානයි.එසේ සිර වුන කාර්ඩ් කෙලින්ම ලංකාවට යවනවා. සංචාරකයා අසරණයි.
මගේ කාර්ඩ් එක ඇතුල් කර සාමාන්‍ය විදියට පියවර අනුගමනය කලත් අවාසනාවන්ත විදියට ATM මැෂින් එක හිර වුනා.කාර්ඩ් එක ඇතුලේ.එත් කාර්ඩ් එක බැංකුව සතුකරගත්තේ නැහැ.කාර්ඩ් එක දාල යන්නත් බැහැ කොයි මොහොතක හෝ එලියට එවි නැත්නම් මුදල් ගන්න පුළුවන් විදියේ පසුබිමක් ඇතිවේවි කියන බයට දාල යන්නත් බැහැ.අනිත් දෙන්නත් මගේ සහයට හිටියේ හැමෝගෙම අවශ්‍යතාවල් පිරිමහුවේ මේ කාර්ඩ් එක නිසා. විනාඩි 10 ක් 15 ක් බැලුවේ මැෂින් එක සාමාන්‍ය තත්වයට ඇවිල්ලා කාර්ඩ් එක එලියට එනකන්. පසුව බැංකු කළමනාකාර තුමිය සම්බන්ධ කරගන්න හැකි වුනා. ඒ නිවාඩු දවසෙත් බැහැ නොකියා අපි වෙනුවෙන් බැංකුවට ඇවිත් මැෂිම ක්‍රියා විරහිත කර කාර්ඩ් එක අරන් දුන්නේ වද දෙන මැෂින් අතරේ උදවු කරන මිනිසුන් ඉන්නබව සනාත කිරීමටයි.නැවතත් කාර්ඩ් එක මා සතු කරගන්න පැය එකහාමාරක් විතර ගත වුනා.
ඒ අරගෙනත් තවත් කිලෝ මීටරයක් ඈතින් තිබෙන තැනකට ගියාත් ඒ මැෂිමේ මගේ එක කාර්ඩ් හිරවෙන්න කලින් වෙනත් කෙනෙකුගේ එකක් හිර වෙලා.තවත් ඈතින් ඇති මැෂිමක් හොයන් ගිහින් යන්තම් විශ්වාස කරන්න පුළුවන් තැනකින් අවශ්‍ය තරමට මුදල් අරන් හැම ප්‍රශ්නයක්ම විසඳගෙන පිට වෙද්දී 10.30 විතර වෙලා. අපේ ගමනාන්තයට ළඟා වෙද්දී හවස 1.00 විතර වුනා. ඈතින් පෙනන කැලේ ඇතුලෙන් කාක්කෙක් සද්දේ දැම්මත් අපිට ඇහෙන්නේ වලසෙක් කෑ ගහන ශබ්දයක් වගේ.අපේ හිත්වල තිබුනේ දරුණු ගනයේ සතුන් සජීවීව නරබන්න.උන්ගේ සාමාන්‍ය ජිවන රටාවත් එක්ක. සත්තුවත්තේදී වගේ කෘතිමව නැතිව.
"කුකුම් ජාතික වනෝද්‍යානය" අප්‍රිකාවේ ඇති වැසි වනාන්තරයක්.වර්ග කිලෝ මීටර් 350ක් පමණ විශාල මේ වනාන්තරේ අලි කොටි ,වලසුන් වැනි විශාල සතුන්ද ජිවත් වෙනවා.කුරුළු විශේෂ 500ක් විතර සමනළයින් හා අනෙකුත් සතුන් සමග සත්ව විශේෂ 800ක් පමණ මේ වනයේ ජිවත් වෙනවා. 1960 දී පටන් සංචාරකයන්ට එය නැරඹීමට අවස්ථාව හිමිවිය.සතුන් බලන්න යන්න තියෙන්නේ කැලේ මැදින් ඇති පාලමක් මගින්.ලෝකෙන්ම වනාන්තර හරහා මෙවෙනි විශාල පාලම් ඇත්තේ 4ක් පමණයි.එයින් දෙවෙනි විශාලතම පාලම මෙයයි. අනෙකුත් පාලම් ඇත්තේ, චීනයට පළමු තැන, මලයාසියා.පේරු. අඩි 130 උසින් ඇති වැල් පාලමක් උඩින් ඇවිදන ගමන් පහල ඇති ඝන කැලේ සිදුවන සත්ව ක්‍රියාකාරකම් දැක බලා ගැනීමයි සංචාරකයන්ට අවස්ථාව ලබාදී ඇත්තේ.. මෙහි මුළු දිගා මීටර් 330ක්.මෙම පාලම නිර්මාණය කරලා තියෙන්නේ විශාල ගස් අතරේ කේබල් සම්බන්ධ කර ඒ හරහා එල්ලෙන පාලම සම්බන්ධ කරලා.
පාලමේ යන්න පෝලිමේ.
මේක තාමා පාලම.
රූස්ස ගසක ඇති නැවතුම් පොලක්
ලංකාවේ ඇති වැල් පාලම් වලින් මිට කලින් ගිහින් තිබුනත් මේ පාලමේ යද්දී පොඩි චකිතයක් තිබුනා.ගඟක් හරහා යද්දී බයක් නැහැ වැටුනොත් ගඟට එත් මේ ඝන කාලේ හරහා යද්දී වැටුනොත් කොටි වලස්සු ඉන්න කැලෙකට වැටෙන්නේ.ඒත් මේ උද්‍යානය ආරම්භ කල දවසේ සිට අද වෙනකන් කිසිම ජිවිත අනතුරක් සිදුවෙලා නැහැ.මීටර් 130 උඩින් පාලමක් මතින් ඇවිදිද්දී සතුන් බාලාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. ගියොත් ගමනේ අවසානය වෙනකන් යන්න සිදුවෙනවා.මගින් ආපසු හැරෙන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.. මීටර් 330ක ගමනේ අවසානේ ඒ මහා වනයේ හිටපු සතෙක්ව මගේ කැමරාවේ සටහන් කරගන්න හැකි වුනා.
මා දැක්ක එකම සතා "සමනළයා"
අඩි 130 ක උඩින් යද්දී අඩි 60-70ක් විතර උස ගස්වල කරටි තමා පෙන්නේ.කරටි අස්සෙන් පෙන්නනම් අඩුම ගානේ ජිරාෆ්ලා රංචු වත් ඉන්න ඕනේ.එත් ඝානාවේ ජිරාෆ්ලා නැහැ.අඩුම ගානේ උස ගස්වල ජිවත් වෙන ගහෙන් ගහට පැන පැනයන කළු වඳුරෙක් වත් ඇහැකට දැක්කේ නැහැ. අප්‍රිකාවේ ඝන වනාන්තරයක සංචාරය කර කිසිම සතෙක් නොදැකපු එකම අවසානාවන්ත ශ්‍රී ලාංකිකයා මම විතරද?.
අහෝ දුකකි . ලිපියේ මුල ආරම්භ කරල තියෙන විදියට මම හිතුවා අවසානයේ සත්තු ගැන හොඳ විස්තරයක් දැනගන්න පුලුවන් වෙයි කියලා . අපිටත් මේ වගේ සිද්ධියක් වෙලා තියෙනවා උඩවලවේ අලි බලන්න ගිහින් .
ReplyDeleteමං නං උඩවලව ලගින් ගිහිනුත් අලි බලලා ිතයෙනවා....මේ ගිම් ගිහින් තියෙන්නෙ වෙන උඩවලවකට ද මන්දා...
Deleteගිම්හානි = මටත් යාල ගිහින් වෙලා තියෙනවා.අපි දැක්කේ මී හරක් විතරයි මඩ ගොඩක ලගල ඉන්නවා.
Deleteඅමිල = අලි ගම වදින වේලාවකද ඒ ලඟින් ගියේ.
මට හිතෙන්නෙත් අසරනයයි ගිම්හානියි ගිහින් තියෙන්නෙ වෙන කොහෙදෝ උඩවලවකට
Deleteමම ගියේ යාලට එදා හැබැයි නිවාඩු දවසක්..
Deleteඅපි යාල ගිහින් ගැරඬියෙක් බලලා ආවා වගේ..
Deleteහරි = උඹටත් එහෙමද බන් වුනේ.
Deleteසමනළයෙක් බලන්න කාපු කට්ටක්....
ReplyDeleteඇයි බන් කාර්ඩ් එක ලංකාවට යවන්නෙ ? ලංකාවෙ කාර්ඩ් එකක්ද පාවිච්චි කරන්නෙ ?
සමනල් පැටවූ හිටියා එත් කැමරාව ඔන් කරද්දී එකයි හිටිටේ.
Deleteඔව් අපි පාවිච්චිකරන්නේ ලංකාවෙන් ගෙනියපු VISA කාර්ඩ්.
අනේ පව් අසරණය...:( :)
ReplyDeleteඒ කියන්නෙ අප්‍රිකාවේ වනාන්තරවලත් සත්තු නැද්ද අප්පා. සමනලයෙක් විතරක් දකින්න ?
සත්තු ඉන්නවා එත් අපි ගියපු තැන සත්තු නැහැ මිනිසුන්ගේ ශබ්ද නිසා උන් ඉන්නේ එහාලු..
Deleteට්‍රිප් එක නම් මරු.
ReplyDeleteසත්තු දකින්න ලැබිච්ච නැති එක නම් අප්සැට් !
ඔව් උදේ පාන්දරම සිද්ද වුන දේවල් මතක් වෙද්දී ජීවිතය සුන්දරද මෙතරම් කියල හිතුනා.
Deleteහරිම අසරණයෙක්නේ.... හි හි..
ReplyDeleteඔය ට්‍රිප් ගිහින් ඔය වගේ වැඩ හරියට වෙනවා නේ....
හපොයි.. ඔය රට පැත්තේ යන්න ආපු චාන්ස් එකටත් ඕන් නෑ කියලා හිතාගන්න එකට මං දැං පිං දෙනවා... හි හි...
එත් සත්තුබලන්නනම් ඉතින් අප්රිකාවේම එන්න ඕනේ.. ඒත් අවාසනාවන්තයෝන්ට හරියන්නේ නැහැ..
Deleteඅසර්ටත් වෙන වැඩ !කමක් නෑ අර පාලමේ ගිය එකම මදැයි ..හි හි
ReplyDeleteඅඩි 60-70ක් උස ගස් වල කරටි අපි දැක්කා හෙලිකොප්ටර් එකක නොගිහින්.
Deleteහයියෝ....දුකේ බෑ...!
ReplyDeleteමටත් දුකයි බං
Deleteඋබනම් සිරාවටම අසරණයෙක් බං.....
ReplyDeleteඋබේ දුක කියවල මට ඇඬුනා
ඔය හොටු ටික පිහදාගනින්.
Deleteචැහ්.. කොල්ලා අන්ත අසරණ වෙලානෙ... ඇයි බන් ඔහොම ගිහින් සත්තු බලන්න බැරි බව ඔය හිපාටුවන්ට තේරෙන් නැද්ද ? පින්තූර ටිකනම් මල හතයි ඈ... අසරණයට තව තවත් අප්‍රිකාවේ සංචාරය කිරීමට ඉඩ ලැබේවා !!
ReplyDeleteඅර atm පෝලිම මාරයිනෙ බන්.. මුලු රටටම එක මැෂිමද මංදා තියෙන්නෙ..
මේ පාලම දාල තියෙන්නේ 1960 ගණන් වල.ඉතින් ඒ කාලේ ඒ පාලම අවට සත්ති ඉන්නත් ඇති.අනිත් එක අඩි 60-70 විතර උස ගස් නොතිබෙන්නත් ඇති. දැන් එන සංචාරකයන් කෑ ගහන සද්දෙට සත්තු ඈතට ගිහිල්ලා. ඒ කෑගහන්නෙත් මේ රටේම මිනිසුන්.විදේශිකයන් එන්නේ සත්තුබලන්න නිසා නිශ්ශබ්දව ගියාත් ම් අප්‍රිකානුවන් නිසා අපි පව්.
Deleteමම ගියා අර බලකොටුව බලන්න එකත් ඉක්මනින් දැන්නම්.
මේ ATM එක ඈත ගමක එකක් වෙන්න ඕනේ..ගත්තේ ගුගල් එකෙන්..
උඹ අප්‍රිකාවේ ඉන්න හින්දද බං අසරණයා කියල නම දාගත්තේ.. කතාව සිරා මචං එක අකුරක් නෑර කියෙව්වේ. සෑහෙන දෙයක් ඒ කියන්නේ අප්‍රිකානු ස්වරුපය ගැන දැන ගන්න ලැබුණා.. උඹේ හාල් පොත බේරුනාට දෙවියන්ට ස්ත්‍රොත කියපං.. ආයේ ඔය වගේ එකක් දාපං. හැබැයි දෙයියෝ සත්තු දෙතුන් දෙනෙක් වත් හොයාගනිං..
ReplyDeleteඅසරණයා කියල නම දම්මේනම් ඉතින් රටක තනියෙන් ඉද්දි අපි අසරණයි වගේ නේ.අන්න ඒ නිසා.
Deleteමම අප්‍රිකාව ගැන මිට කලින් පොස්ට් කිහිපයක් දාල තියෙන්නේ. වෙලා තියෙන විදියට බලන්න.
ඊ ළඟ සැරේ අඩුම ගානේ වන්දුරෙක්වත් බාලගෙන එනවා.
දැන් කාලේ හැටියට සමනලයෙක් හරි දැක්කනේ :P
ReplyDeleteහම්මෝ මන් වගේ නම් මොනවා දෙනවා කිව්වත් ඔය පාලමේ යන්නේ නෑ හදිස්සියේ පාලම කැඩිලා පල්ලෙහා ඉන්න කොටියෙක්ගේ පිට උඩට එහෙම වැටුනා නම් :D
අළුත් යාළුවෙක් සා-ආදරයෙන් පිලිගන්නවා.
Deleteමේකේ ඉන්දියාවෙන් ආපු තරුණ කෙල්ලෙක් එයාගේ පොඩි දරුවත් වඩාගෙන මේ පාලමේ ගියේ. පාලම කඩාගෙන පහලටනම් වැටෙන්නේ නැහැ මොකද නෙට් එකක් තියෙනවා එකේ රැඳෙන නිසා.
හරිම ලස්සන සමනල පැටියෙක් දකින් ලැබිලා තියෙන්නෙ..සෝක් එකට...
ReplyDeleteසමනල විශේෂත් ඉන්නවලු එත් අපි යද්දී දැක්කේ එකම එකයි.
Deleteගමන නම් නියමයි. සත්තු බලන්න බැරි වෙන්න නම් ඇත්තේ මෙච්චර ලොකු පිරිසක් එකට යන නිසා වෙන්න ඇති.
ReplyDeleteෆොටෝ ටික නම් එල. සත්තු නම් නැත්තේ ඔච්චර ලොකු පිරිසක් ඉන්න නිසා වෙන්න ඇති. සත්තු උනත් නිතර ගැවසෙන ප්‍රදේශ තියනවා නේද..
ReplyDeleteඔව් සත්තු දැන් මිනිසුන්ගේ ශබ්දය ඇහෙන්නේ නැති තැන්වලට ගිහිල්ලා.කලින් මේ ප්‍රදේශ වල සත්තු ඉඳල තියෙනවා.
Deleteඅර වැල් පාලමනං මරේ මරු. උඩ ඉඳං බිම බලද්දි බඩ පපුව නිකං කූල් වෙලා යනව ඇති. බලන්න සත්තු එකෙක්වත් නෙහිටිය එකනම් අපරාදෙ...
ReplyDeleteඋඩ ඉඳන් පොලොව පෙන්නේ නැහැ බන් ගස්වල කරටි පෙන්නේ. සත්තු බලන්නනම් බිමින් ඇවිදන් යන්න වෙනවා.
Deleteඅනේ පවු අසරණයා..........දුක් නොවන් දුටුවානෙ සමණළයා.........
ReplyDeleteදැන් මම ඒ දුකට හුරුවෙලා.එදා උදේ ඉඳල වුනු භාදක නිසා..
Deleteඋඹ මහා අප්‍රිකානු සමනළයෙක් දැකලා නේ! සතුටු වෙයන්!!!
ReplyDeleteඑකනේ උඹල දැකල නැති සතෙක්ව මම දැක්කා.
Deleteඕක දැං සාමාන්‍ය දෙයක්ද කියල හොයල බැළුවෙ නැද්ද?? මම කිව්වේ සත්තු නැති කැලයක් පෙන්නනවද දන්නේ නෑනේ?
ReplyDeleteඅනික වෙලාවත් වැරදි ඇති මයේ හිතේ. උදේ ම වගේ යා ගන්න තිබ්බා නං මම හිතන්නේ ඔයිට වඩා දෙයක් බලා ගන්න පුළුවං වෙයි..
දැනගන්නයි අහන්නේ.. අසර් සහෝ 1 නිවාඩු දවසක් තියෙන එකම රට ද ඕක? එහෙමත් නැත්තං ඔයාලගේ කන්තෝරුවෙද නිවාඩු නැත්තේ??
උඹ හරි මචං. උදේ පාන්දරයි හවසයි සාමාන්යෙන් සත්තු කෑ ගහන සද්ද ඇහෙනවලු. අනිත් එක දැන් ඒ ප්‍රදේශයේ සත්තු නැහැ මිනිසුන්ගේ සද්ද නිසා.
Deleteනැහැ මෙහෙ නිවාඩු තියෙනවා එත් මම වැඩකරන ආයතනය වාහනේ එකම දවසයි.මොකද ලෝකෙම නිවාඩු එදා නිසා අපිට එදාට වැඩ නැහැ.ඉතින් අපේ කන්තෝරුව වහනවා.
අඩේ..ඒටීඑම් මැෂින් ඔච්චරටම හිර වෙන්නේ ඇයි දෙයියනේ...සිරාවට සතෙක් දැක්කේ නෑ කිව්වාම අඬන්න හිතෙනවානේ අප්පා අසාර් අයියේ.. අර සමනලයත් පෙනුනේ රවුම් කරලා තිබුන හින්දා. මට මතක් වුනේ ෆාර් ක්‍රයි ගේම් එක. එකේ මෙහෙම පාලන් සීන් එකක් මතකයි.
ReplyDeleteමෙහෙ මැෂින් හරියට සේර්විස් කරන්නේ නැහැ එකයි බ්ලොක් වෙන්නේ. මෙච්චර ලොකු කාලෙක ගිහිං සතෙක් දැක්කේ නැහැ කියල මතක් වෙන හැම සරයකදිම මටත් ඇඩෙනවා..
Deleteකිසිම සතෙක් නොදැකපු එකම අවසානාවන්ත ශ්‍රී ලාංකිකයා මම විතරද?.
ReplyDeleteඇයි බොලං ඔය සමනලයෙක් දැකලා තියෙන්නෙ..මදෑ ඒකවත් දැක්කා...
විශ්වාස කරන්නත් බෑ ඇයි හැම වෙලාවෙම ඔය විදියට කාඩ් හිරවෙන්නෙ...
උඹල දැකපු නැති සමනලයෙක් මම දැක්ක ඒ ගැන හිතල සතුටු හිතෙනවා.
Deleteඔව් මචං මෙහෙ ලෝකල් බෑන්ක් ෂුවර් නැහැ.එත් යුරෝප් බැංකු ශාකා මෙහෙ තියෙනවා ඒවායින් ගත්තොත් ගොඩ.
හෙහ් හෙහ් පව් අඩෝ!!!!! :) :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කවුද සත්තුද? පව්.
Deleteඅපි අසරණ වෙලා වගේ
ReplyDeleteහිතට දැනෙනවා..
Deleteඅඩෝ අහිංසක සතෙක් දැකලා..
ReplyDeleteඋබ ඊයෙ කියපු විදිහට මම හිතුව තඩි කොටියෙක් දැකලවත්ද කියලා.. :ඩී
ජය වේවා !
//කාක්කෙක් සද්දේ දැම්මත් අපිට ඇහෙන්නේ වලසෙක් කෑ ගහන ශබ්දයක් වගේ// මෙහෙම මානසිකත්වයක් එදා තිබුනේ අන්තිමට අපි දැක්කේ සමනලයෙක්.
Deleteඈ..... දෙයියනෙ... ඒ සමනළයාව විතරද බොලේ දැක්කෙ? අයියෝ....කමක් නෑ.. එහෙමවත් දැකපු එක සතුටුවෙන්න.. :D
ReplyDeleteමාරම අසරණයි හෆ්ෆා...:p
මොකෙක්වත් නොදැක එනවට වඩා සමනළයෙක් දැකපු එක ගැන සතුටු වෙන්න ඕනේ. ධනාත්මක චින්තනේ තියෙන්නේ එහෙමයි..
Deleteඅපරාදෙ...ඒත් පාක් ඒක බලන්න ගියා කියල හරි කියන්න පුළුවං නෙ...
ReplyDeleteඔව් අපි ලොකු ගස් දැක්කා දිග එල්ලෙන පාලමක් දැක්කා,තව සතුන්ගේ පිංතුරත් ගහල තිබුනා.
Deleteහයියූ... මාතෘකාව දැකල මං හිතුවෙ වෙන වැලක් කියල.. දුවන් ආවෙ ඒකයි.. මේ වැලත් හොඳා...
ReplyDeleteඒ වැලත් මේ වැලත් හැර වෙනත් වැල තිබේද ?
වල් වැලක් කියල නේද?..ඒ වැල් නැතුව වැලේ වැල් නැතුව ඉන්න වඳුරෝ ඉන්නවා.
Deleteනත්තල් දවසේ කවුද බන් කැලෑ බලන්න යන්නේ සත්තුත් පාටි වෙන්න ඇති
ReplyDeleteමම හිතන්නේ 24 රෑ කට්ටියම බිලා අපි යන වෙලාව වෙනකනුත් කබරයා දාගෙන නිදි ඇති..
Deleteඔබගේ සංචාර බලන විට අපිටත් යාළුවෝ එක්ක ට්‍රිප් එකක් එහි යන්න හිතෙනවා. නමුත්, ගමනක් යනකොට ඒටීම් කාඩ් ගැන විශ්වාස තියන්නැතිව යම් ප්‍රමාණවත් මුදලක්ද රැගෙනයාම හොඳයි නේද?
ReplyDeleteඒක ඇත්ත ඊට කලින් දවසේ සල්ලි ගත්තනම් වෙනසක් වෙන්න තිබුනා.උදෙන්ම එතනට ළඟා වුනානම් අඩුම ගානේ සතෙක් කෑ ගහන සද්දෙවත් අහන්න තිබුනා.
Deleteඅප්‍රිකාවෙ එක් පැතිකඩක් ගැන හොඳ ලිපියක්, 4,7,8 ෆොටෝස් ගොඩක් ලස්සනයි..
ReplyDeleteසිද්ධවුන අසරණ වැඩත් එක්ක තව රසවත් ගමන් අපට කියවන්න ලැබේවා..!!! :D :D
අඩුම තරමෙ මේ සමනල් පැටියට වාසනාව තිබුණනෙ ආසියාවෙ වැද්දෙක් බලා කියාගෙන , කාචගතවෙලා රූපෙ අන්තර්ජාලගතවෙන්න.. :P
අසාර්ථක ට්‍රිප් ගියාම ඒ පොස්ට් පසුකාලෙක රසවත් ඒ දේ විඳවද්දී නම් හපෝ......
Delete//අඩුම තරමෙ මේ සමනල් පැටියට වාසනාව තිබුණනෙ ආසියාවෙ වැද්දෙක් බලා කියාගෙන , කාචගතවෙලා රූපෙ අන්තර්ජාලගතවෙන්න.// දැන් එතකොට කවුද වද්දා...වවටේ හිටපු අනිත් අය ගැන වෙන්න ඇති මේ කියන්නේ.
මම කල්පනා කළේ අර පූට්ටු මන්තරේ ඔය ATM මැෂින් වලටත් වලංගුද කියලයි.
ReplyDeleteඅපිටත් එකවරක් හෝටන් තැන්නෙ ගිහින් ඔහොම වුනා. එදා ගෝනෙක් තියා ගස්ගෝනෙක්වත් දැක්කෙ නෑ. දැක්ක එකම සතා බත් කූරෙක් විතරයි.
හා හා හා.. හිරකරගන්න එක නේ.
Deleteමම ගියපු දවස් වල එකම එක ගොනෙක් දැක්කා.ඌ හිලෑ වෙච්ච එකෙක්. සත්තුවත්තෙදීම විතරයි දැකලා තියෙන්නේ ඒත් සිංහයෝ වගේ සත්තු කොටන් අස්සේ හැංගිලා ඉන්නේ.
හප්පට සිරි බොල. උඹනම් වචනයේ පරිසමාප්තාර්තයෙන්ම අසරණයෙක් තමයි.
ReplyDeleteඔයවගේ යාලගිහින් අපේ අම්මා කොරවක්කෙක් විතරක් දැක්ක කතාවකුයි, ඒටීඑම් බහිරවයෙක් ගැන කතාවකුයි මාත් ලියලා තියෙනවා.
ඔය වැල් දිරලා නැද්ද බං 1960ගනන් වල ඉඳලා තියෙනවානම්...
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අම්මා කොරවක්කෙක් විතරක් දැකපු කතාවනම් මට මතකයි.එත් ATM කතාවනම් ඒ හැටි මතකයක් නැහැ..
Deleteමේවා යකඩ කඹ අනිත් එක ඒ පාලම ගැන නිතරම වගේ සොයා බලනවා..
මාවම කන ATM...Part 1
Deleteබාලගිරි බැංකුවේ ATM.බහිරවයෝ..Part 2
ATM මේන්ටේන් කරන උන්ට වැල් පාලමත් මේන්ටේන් කරන්න දුන්න නම් කොහොමද?
ඒ දෙකම ඉඩ ලැබුන ගමන් බලන්නම්.
Deleteඑකත් ඇත්ත.එහෙනම් ඒ මැෂින් කැඩෙන්නේ නැහැ නේ.
කට්ට කාලා ගියා උනත් ගමන වටිනවා. අර පාලමේ ගිය එකම මදෑ. දැකපු සතානම් පංකාදු පහයි. දවස් 364 වැඩ කරනවා කිව්වමනම් හිරි වැටිලා ගියා අප්පා
ReplyDeleteදවස් 364ක් වැඩ කලත් මට සතියකට දවසක් ලැබෙනවා.
Deleteඒ ඒ සමනලයා මම දැක්කේ ඒ එදාම විතරයි නේ.
ට්‍රිප් එක පටන්ගත්තු වෙලාවෙ ඉඳන්ම ඔක්කොම අවුල් වගේ මට නම් දැනෙන්නෙ, කාර්ඩ් හිර වෙලා, පමාවෙලා..ඒ කොහොම උනත් අඩුම ගානේ අප්‍රිකාවේ වනාන්තරයක සමනළයක් දැක ගනීමෙන් හරි ගමන සාර්ථක උනා කියාලා හිතාගන්න. අර පාලම දකිද්දි මට භය හිතනවා අසාර්..:)
ReplyDeleteඇත්ත ආරම්බය ඉතාම සෝචනීයයි.. එකයි ඔක්කොම අවුල් වුනේ. ඒ හැටි බයක්නම් දැනුනේ නැහැ.ලංකාවේ වැල් පාලම් වල කලින් ගිහින් තිබුන නේ.
Deleteෂා .... මාර අත්දැකීමක්.
ReplyDeleteමමත් ඔය අවිස්සාවේල්ලට ටිකක් එහාදි ඔය වගේ පාලමක ගියා 75 m - 80 m ක් විතර දිග ඇති මගේ හිතේ. අප්පා ඒකෙ මැදට ගියාම කකුල් දෙක මැන්ඩලින් ගහන්න ගත්තා බං. අපි බොහොම අමාරුවෙන් යද්දි ගමේ අය මොනවද මන්ද ගෝනිත් කරගහන් එකේ දුවනව. එයාල යන වේගෙට පාලම පැද්දෙන්න ගත්තම මට වමනෙට වගේ ආව. ගිහිපු වෙලේ ඉඳල මගේ ඔළුවෙ තිබුනෙ ආපහු ඒ පාලමේම අනිත් පැත්තට එන හැටි, පොද වැස්සකුත් තිබුණ නිසා ලිස්සයි කියල බයේ හිටියෙ.
මේ පාලම 330M ඉතින් හැරෙන්නනම් බැහැ.එක සැරේ දෙන්නෙකුට යන්නත් බැහැ.හා හා උඹ හොඳටම බයෙන් නේ ඉඳල තියෙන්නේ.අපේ ඉස්කෝලේ ළඟ තිබුනා වැල් පාලමක්.අපිත් පාලම මැදට ගිහින් පාලම හොලවනවා එත් බය වෙන්න එකෙක්වත් හිටියේ නැහැ.
Delete//අප්‍රිකාවේ ඝන වනාන්තරයක සංචාරය කර කිසිම සතෙක් නොදැකපු එකම අවසානාවන්ත ශ්‍රී ලාංකිකයා මම විතරද?//
ReplyDeleteවෙන්ට ඇති. අපි නම් ගිහින් හොඳට සත්තු බලලා ආවා...:D
ඔයාල ගියේ කෙන්නියාවේ ටැන්සානියාවේ වගේ රටකද?. මම කවදාහරි යන්න හිතාගෙන ඉන්නවා.
Deleteඅපි එක සැරයක් උඩවලවෙ අලි බලන්න ගිහින් අන්තිමේදි මැරුන අලියෙක්ව විතරක් දැකල ආපු හැටි මතක් උනා ඔයාගෙ කතාව කියවල.
ReplyDeleteඅලි කොටි ,වලසුන්, කුරුළු විශේෂ 500ක් සමනළයින් හා අනෙකුත් සතුන් සමග සත්ව විශේෂ 800ක් ඉන්න කැලේකට ගිහින් එකම එක සමනළයෙක්ව විතරක් බලල එන්න ලැබුන එක මං නම් හිතන්නෙ සෑහෙන ලොකු ජයග්රහනයක් ;) හැමෝටම එහෙම චාන්ස් එකක් හම්බ වෙන්නෙ නෑනෙ :P
මමත් කොහේ හරි ගියපු දවසක දැක්ක කුළු මිමෙක්ගේ ඇට කටු ටිකක්.මම හිතන්නේ අපේ ගඳට උන් හන්ගේනවද කොහෙද?.
Deleteනියම ෆොටෝ ටික...වනයක් නම් කොහෙත් සුන්දරයි ඉතින් !
ReplyDeleteඔව් බලන බලන පැත්තේ කොළ පාටයි..
Deleteඉතාම ලොල් සහගතයි බන් ..:D
ReplyDeleteකමක් නැහැ බොල ඔය දැක්ක ටිකම
මදිද යකෝ..කෝ කෝ හිත හදා ගනින් ... :P
දැන් හිත හදාගෙන ඉන්නේ. මතක් වෙද්දීත් ටිකක් අප්සෙට් එත් දැන් හරි බං..
Deleteඅය්යෝ සල්ලි.
ReplyDeleteමේච්චර කැලේ ඇවිදලත් සත්තු නැත්නම් තව ඔය කැලේ ඇතුලට ගියත් ඔච්චර තමයි. මදැයි ඉතිං කැලේවත් දැක්කා.
බලන බලන පැත්ත කොළ පාටයි ලොකු ගස් කලේ තියෙන්න ඕනේ හැම සුන්දරත්වයම තිබුනා සතුන් නැතිව..
Deleteඅම්මෝ මමත් ඉස්සර බයයි ඔය card හිර වෙන එකට. දැන් නම් බය නැතෝ :D
ReplyDeleteදැන් බැංකුවේ නේ.බැංකුව ඔයගෙනේ හික්ස්..
Deleteනියමයිනේ. මේ වගේ රූස්ස කැලෑවල සත්තු ඉන්න එපැයි. සමහර විට උනුත් එදා නිවාඩුද දන්නේ නැහැ :P
ReplyDeleteනිවාඩු දවසේ මටත් හිතෙන්නේ සත්තුත් නිවාඩු ඇති කියලයි.
Deleteමරු වෙලාව ඈ...
Delete12 Jan 2013 00:00:00
AKM = මටත් උඹ කියනකම්ම දැක්කෙම නැහැ. මාර ඇසක් නේ තියෙන්නේ..
Deleteඅසරණයා අසරණ වෙලා...
ReplyDeleteඒ ටී එම් ගැන නම් කියලා වැඩක් නෑ. මොකද අපි කරන්නෙත් මිනිස්සු රස්තියාදු කරන එකමනේ.....
අපේ පැත්තෙත් ඉස්සර ඈතින් ඈතින් ලෑලි තිබුණ වැල් පාලමක් තිබුණා. ඒකෙ යද්දිනම් පට්ට ආතල්.
අර වැල් පාලමනම් මගේ හිත ගත්තු මාරම තැනක්. ඕකේ යනකොට ගුවනේ පාවෙනවා වගේ ඇති නේද? ඕකේ සෙනග වැඩි කාලෙක යද්දී හිතේ හැටියට බලන්න බැරුව ඇති නේද?
සත්තු වැල් පාලම තියෙන හරියෙන් ඉවත් වෙන එකනම් පුදුමයට කාරණයක් නෙවෙයි.
ඔව් ඔව් ගුවනේ යන වගේ තමා මොකද උස ගස් වල කරටි දකින්න පුළුවන් නේ..
Deleteදැන් ඒ සත්තු පාලම අවටින් ඈත් වෙලා ජිවත් වෙන්නේ.
බාධා වේවී ගිය ගමන මෙහෙමවත් ඉවර වෙච්ච එක මදෑ..
ReplyDeleteකොහොම වුනත් අප්‍රිකානු වැසි වනාන්තරයකට ගිහිං සමනලයෙක් විතරක් දැක්කා කියලා කියන්න එපා..කැලෑවටත් ලැජ්ජයි..
මේ වනාන්තරේ බිම ඇවිදින්න දෙන්නෙම නැද්ද?
ඔව් වෙන කරදරයක් නොව්වී මෙහෙම ගිය එක හොඳයි බාද වුන විදියට.
Deleteමම හිතන්නේ අපේ වෙලාව නරක ඇති.කවදාවත් කැලේක ගිහින් සත්තු බලන්න ලබිලම නැහැ නේ..
සෑහෙන්න අසරණ වෙච්ච අවස්තාවක් වගෙයි ඉඩක් කඩක් තිබුනොත් යන්න ඕනේ මේ පැත්තේ. කටු කාල කාල ගිහින් සමනලයෙක් බලල ආව කියල කියන්න ලජ්ජා නැද්ද? :P
ReplyDeleteමේ පැත්තේ එන්න එපා.යන්න හොඳ පැත්ත තමා කෙනියා,ටැන්සානියා. ඒවායේ ගොයොත් සත්තු වරදින්නේ නැහැ.
Deleteඒ උයා ඕකෙ ගියාඩ.........................:O
ReplyDeleteසටෙක් නොඩැක්කට් මුකෝ අනී ඕකෙ ගිය එකම මඩෑ..........හම්මූ...
එක වෙලාවකට එකත් හිතෙනවා සත්තු නොදැක්කට මොකෑ නේ.
Deleteමොනව වුණත් ෆොටෝ ටික නම් හිත් ඇදගන්න සුලුයි.අනික් අතට අග්නි අක්කා කිව්ව වගේ ගියපු එකම මදැයි.ලද දෙයින් සතුටු වෙන එක හිතටත් හොදයිනේ.නැත්නම් හිතෙයි අවුරුද්දටම තියෙන එකම නිවාඩුව විනාස වුණා කියලා..))
ReplyDeleteඔව් ඔව් ලද දෙයින් සතුටු වෙන්න ඕනේ නේ.දැක්කනේ උදේම අපිට සිද්ද වුන දේවල් වලින් කොච්චර වින්දනයක් ලැබුවද කියල.
Deleteඒ සත්තු බැලිල්ලත් අපේ රටේ ඉතිහාසෙ වගේනෙ බන්.ඉස්සර තිබ්බා දැන් නෑ..
ReplyDeleteහා හා මාර කමෙන්ට් එක මචං. ඉස්සර තිබ්බා දැන් නැහැ..
Deleteඅසරණයෝ මං අද තමයි මේකට ආවේ , අර පාලමේ එක පාර කී දෙනෙකුට යන්න දෙනවද ? , වනෝද්‍යානයේ කොපමණ පෙදෙසක් ආවරණය වෙනවද ? , අසරණය ඉන්නේ දකුණු අප්රිකාවේද ?
ReplyDeleteඉන්න ගානක් පාලමේ යන්න දෙනවා එකා පස්සේ එකා වෙන්න. මේක කොච්චර අක්කර ගානක් ද කියල පොස්ට් එකේ තිබුනා නේද?.කොහොම උනාත් මේ පාලම දිගයි මීටර් 330ක්.
Deleteමම ඉන්නේ ඝානාවේ..
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්ත අසරණයෙක් වෙලානේ බොලේ....
ReplyDeleteහැබැයි ඉතින් ඔහොම සමනලයෙක් හරි දැක්ක එක ගැනනම් සතුටු වෙන්නම එපැයිනේ.කොච්චර උනන්දුවෙන් උවමනාවෙන් උකුසු ඇස් ඇරගෙන ගිහින් තියෙනවද කියලා පැහැදිලියි හැබැයි....
මේ මම අන්තිමටම අසරණ වුන අවස්තාව.
Deleteදැක්කනේ කලාත්ම ඇස..ඕනේ කලාවක පොඩි සතා ඉඳලා දකින්න පුළුවන්.
ඔන්න අසරණයාගේ බ්ලොග් අඩවියට මටත් ගොඩවෙන්න චාන්ස් එකක් ලැබුණ ගුගුල් ලොක්කට පිංසිද්ධ වෙන්න. ඉතිං පරක්කු වෙලා වුවත් මේක කියෙව්වාම මොනවා හරි ලියලා යන්න හිතුණා ඇවිත් ගිය බව දැනුම් දෙන්න.
ReplyDeleteඅම්මට සිරි සෙල්ලන්ද කොල්ලෝ කීවලු. මාර පරිප්පුවක්නේ කාලා තියෙන්නේ. ඒ වුණාට කියවන අපට නම් මාර රසයක් තමා තිබුණේ ලියා තිබු අපූර්වත්වයෙත් එක් කොට තිබූ සේයාරූ වලත්. ඉඩ ලැබෙන විදිහට ඉතුරු ඒවාත් කියවන්නම්කෝ.
එහෙම නම් ඉතින් ඔබට; ජය හා සතුට කීවා..:D
Papuwa cool wela thiyeddi saththu peneida
ReplyDelete