දවල් කෑම කාලා බත් ඇටේ බඩේ හරස් වෙන්නත් කලින්
කහට කෝප්පයක් බිවුවේ ඕනෑ කමට නෙවෙයි
පුරුද්දට.ගිම්හාන කාලේ හන්දා එලියට බහින්න තියෙන්නේ පුදුම ආමරුවක්.උඩ බලද්දී දකින්න තියෙන්නේ වළාකුලක්වත් නැති හිස් අහසක්.ගෙයින් එලිය හරියට "නයා කට ඇරියා වගේ" පුදුම රස්නයක් තියෙන්නේ.මේ මොනවා වුනාත් ළහිරු කියපු විදියට මේ
වෙලාවට ගියොත් තමයි ලියන මහත්තයා අල්ලගෙන
මේ ලියමන ගැන හරි විස්තරයක් දැනගෙන එන්න වෙන්නේ.මගේ ජිවිතේ ලොකු වෙනසකුත් වෙන්න තියෙනවා කියලලුනේ මේකේ තියෙන්නේ. ඉෂාන්ගේ ගෙදර පහු
වෙද්දී තියෙන කුරුන්ද මැදින් මඩකලපු සරම
ඇඳන් මේ කන්නයේ නෙලා ගත්තු අස්වැන්නත් කරේ තියන් මතු වුනේ දයානන්ද අයියා කියල අඳුර
ගන්න ඒ හැටි අමාරුවක් වුනේ නැහැ. ගිය වන්ගියේ මේ වගේ කාලේදී අපිත් එතන ඉද්දි මට
මතකයි ඒ සිද්දිය.ගිමන් නිවන්න ටිකක් ගොයම් කොලේ උඩ වැඩිවෙලා ඉද්දි හරිගේ ඇහේ වී පොකුරක් වැදිලා කට්ටියම වේද ගෙදර ගිය හැටි. සෙන්නා අකමැති DDT පොහොර පාවිච්චි
කරන නිසාම වෙන්න ඕනේ කලින් කන්නයට වඩා මේ කන්නයේ මේ විදියේ සාරයක්!. දයානන්ද අයියා
මොනවා වුනාත් ඉතිං හොඳ දක්ෂ ගැමියෙක්.
හැලප කඩේ ළඟ නවත්වල තියෙන AKM නම්බර් තියෙන
අලුත්ම බයිසිකල් එක හැම වෙලාවේම නිල් ඩෙනිම ඇඳන් ඉන්න හෙන්රි ගේ වෙන්න ඕනේ.බයිසිකල් එක පැදගෙන යද්දී ඈතට පේන්නේ හරියට ශාක්රයාගේ රියදුරා මාතලන් වගේ.ඉස්සරනම් අපේ ගමේ තිබුනේ CL,EL -
නම්බර්. දැන් ඉස්සරහට අකුරු තුනක් ඊටත් පස්සේ තවත් අංක හතරක්.!!.. මෙහෙම ගියොත්
WMK නම්බර් එන්න වැඩි කාලයක් යන එකක් නැහැ. පුදුම වාහන ගොඩාක් දැන් මේ රටේ
ඇත්තේ.එකත් එක්කම මේ අද පොලිසි ගිහින් එන ගමන වෙන්න ඇති.අර ගමට අලුතින් ආපු පොලිස්
කොස්තාපල් ඉස්සරහා නෝන්ජලයෙක් විදියට හිටපු නැති වරද නිසා අදයි පොලිසිය නඩුව විභාග කලේ..මිනිහා කොහොමත් නාඩි කාරයනේ. සුදිකත් එක්ක ගියපු නිසා වැඩේ දෙක කරගෙනද දන්නේ
නැහැ. මට මතකයි මේ හාදයා පොඩි එකා සන්දියේ ඉඳලම.පොල් පිත්තයි ඔට්ට පාළු බොලේ අතේ
තියාගත්තු ගමන්මයි.ඒ කාලේ ඉමල්කයි සුදිකයි හිටියේ ඇවිද්ද පයින්මයි හැම වෙලාවේම..හරියට
සමකය වටේ යන දේශ ගවේෂකයෝ දෙන්නෙක් වගේ.හැබැයි ගමේම හිටිය රස්තියාදු කාරයෝ දෙන්නා.ඉවසන්න බැරිම
තැන වෙන්න ඕනේ ඔට්ට පාළු බෝලෙයි පොල් පිත්තයි අත්තම්මගේ පෙට්ටගමේ දාල අගුළු
දැම්මේ.යසිත් ගේ තාත්තා කියන විදියට අපි පොඩි වුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න
ඕනේ.නැත්නම් උන් මුරණ්ඩු වෙනවා. දැන් කොල්ලෝ කුරුට්ටෝ බෝල ගහන, ගමේ අවුරුදු උත්සවය තියෙන, හැන්දෑවෙ 6න් පස්සේ සූදූ කෙලින මේ
පිට්ටනිය අපේ කස්සා කියපු විදියට ඉස්සර නෙලුම් විලක්.කාලයක් තිස්සේ මුළු ගමම හෝදන් ඇවිල්ල ගොඩ වෙලා තියෙන්නේ හරියට ඇහැළේපොළ
කුමාරිහාමි ගිල්වලා මරපු බෝගම්බර වැවට වෙච්ච සන්තැසියට සමාන දෙයක්.එතන නැවතිලා ආගිය කතා කතා කරන්න නොහිටියේ ආනිවරාතයේ ගෙවා
දමන්න කාලයක් නැති නිසා.
රුක්අත්තන වංගුවේදී මම දැක්කේ සුදු අත්දිග
බෝරිච්චි හැට්ටයක් ඇඳන් එන පොඩි කුමාරිහාමි.මම
නොපෙනෙන්න අම්බලමට ගොඩ වුනේ ඇගේ ඉස්සරහා මුණ ගැහෙන්න මට තිබුන බැරි කමට. මෙහෙම හිටියට හරි ප්‍රසිද්ධ නිළියක් වෙසක් නාට්‍ය වල.වගේමයි හිතුවක්කාර කෙල්ලෙක්. ..එත් මගේ අනුමානය වැරදි කියල තේරුනේ ලඟට එද්දීමයි.ඒ ඇවිත් තිබුනේ පුංචි කුමාරිහාමි.මෙයා ඉතිං හැම වෙලාවේම කතා කරන්නේ මියුරු,මිහිරි වචනමයි.මාව දැක්කත් නඳුනන්නියක් විදියට යන්නේ නිසුපාගේ කතා විස්වාස කරන නිසා වෙන්න ඇති.මොනවා වුනාත් මෙයාලගෙන් පස්සේ ඉතින් වලවුව කාට සින්න වෙයිද දන්නේ නැහැ. කෝරලේ මහත්තයාත් ඉන්නේ මේකට කෙල හාලාගෙනමනේ.තව වෙලා මෙතන මට රැදෙන්න වෙයි වගේ!! මම මගේ හිතටම කියා ගත්තා.කෑහැ පට ගහ ගත්තු සරමත් එක අතකින් අමුඩ ලේන්සුව පෙනෙන නොපෙනෙන ගානට උස්සගෙන අනිත් අතින් රා මුට්ටිය අරන් එන්නේ සෑම් අංකල්.අනිවාර්යෙන්ම සිරාගේ කාමරේට වෙන්න ඕනේ යන්නේ.මේ වෙද්දී ලුණු කැටයි ගම් මිරිස් කුඩුයි එකතු කරගෙන වල් රජත් එතනට වෙලා ඇත්තේ.දුසිරිත කොතනද උන් එතන.හුන්ඩුවක් වගේ කමරයක් ඇතුලේ කොහොම ඉන්නවද? හරියට නිකන් පිස්සාගේ පලාමල්ල වගේ.සෑම් අංකල් මාත් එක්ක තරහ වුන හේතුව ටිකක් හිතද්දී මට මතක් වුනා.එදා හිරු නැති හෝරාවේදී ඒ කියන්නේ මහා රෑ චන්දනලාගේ ගෙදර කුකුල්ලු හොරකමට යන්න කතා කරපු වෙලේ මට කේන්ති ගියපු හින්දා ඕන අටම්පහුරක් කරගනින් කියලා හුළු අත්තෙන් දමල ගහල යද්දී ෆාතිමා ගෙවල් උඩ ඉඳන් බලන් හිටපු ලැජ්ජාවට වෙන්න ඕනේ.ඒ විතරක් නෙවෙයි ෆාතිමා නිර්මලාට කියලා නිර්මලා බට්ටිට කියල.දැන් ඉතිං ගමේ ග්රාමසසේවක හා ඉතාලි ගියපු ඩිලන් හැර අනිත් හැමෝම දන්නවා.
නොපෙනෙන්න අම්බලමට ගොඩ වුනේ ඇගේ ඉස්සරහා මුණ ගැහෙන්න මට තිබුන බැරි කමට. මෙහෙම හිටියට හරි ප්‍රසිද්ධ නිළියක් වෙසක් නාට්‍ය වල.වගේමයි හිතුවක්කාර කෙල්ලෙක්. ..එත් මගේ අනුමානය වැරදි කියල තේරුනේ ලඟට එද්දීමයි.ඒ ඇවිත් තිබුනේ පුංචි කුමාරිහාමි.මෙයා ඉතිං හැම වෙලාවේම කතා කරන්නේ මියුරු,මිහිරි වචනමයි.මාව දැක්කත් නඳුනන්නියක් විදියට යන්නේ නිසුපාගේ කතා විස්වාස කරන නිසා වෙන්න ඇති.මොනවා වුනාත් මෙයාලගෙන් පස්සේ ඉතින් වලවුව කාට සින්න වෙයිද දන්නේ නැහැ. කෝරලේ මහත්තයාත් ඉන්නේ මේකට කෙල හාලාගෙනමනේ.තව වෙලා මෙතන මට රැදෙන්න වෙයි වගේ!! මම මගේ හිතටම කියා ගත්තා.කෑහැ පට ගහ ගත්තු සරමත් එක අතකින් අමුඩ ලේන්සුව පෙනෙන නොපෙනෙන ගානට උස්සගෙන අනිත් අතින් රා මුට්ටිය අරන් එන්නේ සෑම් අංකල්.අනිවාර්යෙන්ම සිරාගේ කාමරේට වෙන්න ඕනේ යන්නේ.මේ වෙද්දී ලුණු කැටයි ගම් මිරිස් කුඩුයි එකතු කරගෙන වල් රජත් එතනට වෙලා ඇත්තේ.දුසිරිත කොතනද උන් එතන.හුන්ඩුවක් වගේ කමරයක් ඇතුලේ කොහොම ඉන්නවද? හරියට නිකන් පිස්සාගේ පලාමල්ල වගේ.සෑම් අංකල් මාත් එක්ක තරහ වුන හේතුව ටිකක් හිතද්දී මට මතක් වුනා.එදා හිරු නැති හෝරාවේදී ඒ කියන්නේ මහා රෑ චන්දනලාගේ ගෙදර කුකුල්ලු හොරකමට යන්න කතා කරපු වෙලේ මට කේන්ති ගියපු හින්දා ඕන අටම්පහුරක් කරගනින් කියලා හුළු අත්තෙන් දමල ගහල යද්දී ෆාතිමා ගෙවල් උඩ ඉඳන් බලන් හිටපු ලැජ්ජාවට වෙන්න ඕනේ.ඒ විතරක් නෙවෙයි ෆාතිමා නිර්මලාට කියලා නිර්මලා බට්ටිට කියල.දැන් ඉතිං ගමේ ග්රාමසසේවක හා ඉතාලි ගියපු ඩිලන් හැර අනිත් හැමෝම දන්නවා.
මේ තරියගේ කෙරුවාවල් නිසා දැනටම මට තරහා කාරයෝ
ගිහිප දෙනෙක්ම ඇතිවෙලා ඉවරයි.හැම වෙලාවේම කවුබෝයි තොප්පිය දාන, අශ්වයා පදින සුමිත් එයින් කෙනෙක්.හදිස්සියෙවත් පාරේදී හම්බවුනොත් ගල් ප්‍රහාරයක් දෙන විත්තිය හොඳටම
විශ්වාසයි.මිට කලින් ළිහිනිගේ ජිවිතයට ඇඟිලි ගහන්න ගිහින් මධුරංග ගුටි කාල මුළු
පිටම ලා දම් අහසක් වගේ.පස්සේ සනීප වුනාම
කිවුවේ පිට මැද හරහා අග්නි ධාරාවක් ගියාවාගේ වේදනාවක් දැනුනා කියලා.. ඒ සිද්දි වෙන වෙලේ Raj හිටියේ රාජ්ගේ නවාතැනේ සභිත් එක්ක. ඒ අනූගේ ලෝකයම ඩිල්ෂාන්ට බාර දෙන විදියේ උප්පරවැට්ටියක් ගැන
හිතමින්..එත් මේ මොනවා කලත් ඔහු හරියට
Silentsahan වගේ නිශ්ශබ්ද කෙනෙක්..වර්ණාගේ මතකයට අනුව මේ හැමෝන්ගෙම ප්‍රර්ථනාව වුනේ
සුමිත්ට කිට්ටු වෙන්න. ඒ මානවයකුට ඇති
පරිකල්පන ශක්තිය ටිකක් වැඩිපුර ඔහුට
තියෙන හින්දා කියලයි ගමේ කණිෂ්ඨ විද්‍යාලයේ
ඉතිහාස මිස් සයුරි නම් කිවුවේ.. ගමේ
කොල්ලොන්ගේ භාෂාවෙන් කියනවනම් "එල කොල්ලෙක්".(ඇනෝ කෙනෙක්)..මම කොහොම වුනාත් බුවාගේ සිතුවිලි වලට පොඩි කැමැත්තක් තිබුනා.ඒත් අනිත් හැමෝම කතන්දර කාරයෝ.
මගේ කෙස්ස පැහුනේ මේ ගමටමයි. ඒත් මම කොල්ලා කාලේදී
දැන් වෙන වගේ විගඩන් කවදාවත්ම දැක්කේ නැහැ.කොහොම
කිවුවත් අර මිසපොතේමියානු ශිෂ්ඨාචාරයේ ඉඳල එන කතාවක් තියෙනවා නේ.
"දැන් හැදෙන උන් කිසි කමකට නැහැ" කියල.මොක නැතත් මේ අපි ඉපදුන මැරන ගමේ අලුතින් හැදෙන උන් නම් කිසි කමකට නැහැ. මේවා ඇහෙද්දී දකිද්දී ඇති වෙන දුක කියාගන්න බෑ.කාලයක් මේ ගමට මි ගොඩ පැත්තෙන් ආපු ගයනි වේදගේ කියන පොඩි කෙල්ලට හරකෙක් එලව එලවා ඇන්නා.ඒකි කොහේ ගියත් හරකෙක් එළවන් එන එක සාමාන්‍ය දෙයක් වුනා.නොකරපු තොවිලයක් නැහැ.නැති භූත දෝස මවාපාලා සල්ලි හූරන් කාපු එක විතරයි කලේ.පස්සේ ඈ ඉහලන් යන රතු පාට කුඩේ මාරු කාරයින් පස්සේ හිටියයි කියපු හැම භූතයෝම ගියා.හරක් රතු පාට දක්කමා කුලප්පු වෙනවා කියලා ගමේ කිරි හරක් පට්ටියක් කරවන සරත්වත් දන්නේ නැහැ.මුලින්ම ඒ භයානකම සිද්දිය වෙද්දී මමත් ඈත ඉඳන් බාලාන උන්නේ.. "තරු අරුන්දතී නෙතු කැලුම් පිරි" කියන වෑර්ලස් සිංදුව මුමුණ මුමුණ තමයි එදා ගියේ.ගමේ හිටිය හැඩ කාරයගේ රූ සිරියට රැවටිලා ඇගේ හිත අද්දර ඇති වුන ලෙන්ගතු කමට වෙන්න ඇති. ඒ වෙනකොටත් පෙති තුනක් විතරක් පිපුන තැඹිලි පාට වද මලක් දුන්නේ චමි ෆෝ යු කියලා. මට ඉතිං සුද්දගේ භාෂාව දන්නා ඒකකයැ.එත් ඉතින් මොකෙන් කිවුවත් මල දුන්නේ ඇයි කියලා ඕනෙම නකියෙක්ට තේරෙනවා.ආන්.... එදා මල දීලා එද්දී මුලින්ම ගොනා ඇන්නේ.
කොහොමින් කොහෙම වුණත් මේ අනම් මනම් එක්ක ගමනටත් සුනංගුවුණා. ඒ බව දන්නෙ නීල ගැබේ චන්ද්‍රයත් ප්‍රමුදිත වෙලා යාන්තමට බිම් කළුවරත් වැටීගෙන එනවා කියලා මතක් කලායින් පස්සෙ. හප්පේ.. මේ සාතන් ගස් නඟින වෙලාවේ එහෙ මෙහෙ යන්න එපා කිව්වත් ඒක අමතක වෙලාද කොහෙද පිළිකන්නේ හිටිය උමඟන නඟා බය වෙලා ගෙට දුවද්දී දණහිස් දෙක එකට වැදිලා වැටුනේ "තලපතා පොළොවේ ගහපු විදියට". ඒ සද්දෙට බය වුන පූස් තඩියා ඥ්ඤෑස් කියාගෙන එළියට පැනගත්තත් බීරන්තට්ටුවේගෙන.හෙමින් සැරේ පිටිපස්ස හැරිලා බැලුවෙ රතී මාමවත් බැල්මක් දානවද බලන්න. අහල ගම් හතටම අනුශාසනා දෙන දේශකයා කෝට්ටකුත් තියාගෙනම ඉන්නෙ උරුවම් බාගෙනම. "කොහෙදෑ මේ.. ගොම්මන් වෙලාවෙ.. ?" මගෙන් ඇහුවත් මතක්වුණෙ අදින් පස්සෙ මේ වැයික්කියෙත් කරගහලා ඉවරයි කියලා. මොකද මූ ඕනවෙලාවක මැන්ටල්. ඒකාගේ සිතුවිලි සංජය සිතුවිලි තරම් පිරිසිදු නැහැ."නෑ.. මේ..." කියලා කටගන්න හම්බවුණේ නෑ.. බණ්ඩාරත්,පොඩි නුවනුත් දුවගෙන එනවා හතිදාගෙනම.. "අන්න අරහෙ කොළමක් නටන්න අරගෙන." මේ ආරංචියට එයාලා ඒ පැත්තට දිවද්දි මං දෙයියොට පිං දුන්නෙ නිර්මල අවංක හිතින්. ඈතදිම කට්ට කළුවරේ ගිලුන ගෙදර දැක්කත් හිතුවෙ නෑනෙ මේ වගේ විගඩමක්..! ඒකත් එකටම ලියන මහත්තයත් ක්සැන්ඩර්ගෙ කොළම බලන්න ගිහින්. අනේ හෆොයි..! ඒකෙන් මේකෙන් මේ ලියවිල්ලෙ මුල මැද අග ගලපගන්න හරි විස්තරයක් අහගන්න බැරිව අසරණ වුණේ අන්තිමට මම..!
ප/ලි: අවුරුද්දයි මාස 3ක් ඇතුලත අමාරුවෙන් කොටලා කොටලා දැම්ම 50 වෙනි පොස්ට් එක. එදා ඉඳල අද වෙනකන් දිරියක් වුන ඔබ සියලු දෙනාටම ස්තුතියි කරන්න ගත්තු උත්සහයක් මේ. හැම කෙනා ගැනම සඳහන් කළත් කිසියම් කෙනෙකුගේ නමක් අතපසු වී ඇත්නම් ඒ ගැන සමාවෙන්න!.
අපහසයක් කරන්න කිසිම උත්සහයක් ගත්තේ නැහැ.සුළු උපහාසයක් විතරක් ඇති..
~~අදත් සිත්තරේ තිලිනිගෙන්.~~
"දැන් හැදෙන උන් කිසි කමකට නැහැ" කියල.මොක නැතත් මේ අපි ඉපදුන මැරන ගමේ අලුතින් හැදෙන උන් නම් කිසි කමකට නැහැ. මේවා ඇහෙද්දී දකිද්දී ඇති වෙන දුක කියාගන්න බෑ.කාලයක් මේ ගමට මි ගොඩ පැත්තෙන් ආපු ගයනි වේදගේ කියන පොඩි කෙල්ලට හරකෙක් එලව එලවා ඇන්නා.ඒකි කොහේ ගියත් හරකෙක් එළවන් එන එක සාමාන්‍ය දෙයක් වුනා.නොකරපු තොවිලයක් නැහැ.නැති භූත දෝස මවාපාලා සල්ලි හූරන් කාපු එක විතරයි කලේ.පස්සේ ඈ ඉහලන් යන රතු පාට කුඩේ මාරු කාරයින් පස්සේ හිටියයි කියපු හැම භූතයෝම ගියා.හරක් රතු පාට දක්කමා කුලප්පු වෙනවා කියලා ගමේ කිරි හරක් පට්ටියක් කරවන සරත්වත් දන්නේ නැහැ.මුලින්ම ඒ භයානකම සිද්දිය වෙද්දී මමත් ඈත ඉඳන් බාලාන උන්නේ.. "තරු අරුන්දතී නෙතු කැලුම් පිරි" කියන වෑර්ලස් සිංදුව මුමුණ මුමුණ තමයි එදා ගියේ.ගමේ හිටිය හැඩ කාරයගේ රූ සිරියට රැවටිලා ඇගේ හිත අද්දර ඇති වුන ලෙන්ගතු කමට වෙන්න ඇති. ඒ වෙනකොටත් පෙති තුනක් විතරක් පිපුන තැඹිලි පාට වද මලක් දුන්නේ චමි ෆෝ යු කියලා. මට ඉතිං සුද්දගේ භාෂාව දන්නා ඒකකයැ.එත් ඉතින් මොකෙන් කිවුවත් මල දුන්නේ ඇයි කියලා ඕනෙම නකියෙක්ට තේරෙනවා.ආන්.... එදා මල දීලා එද්දී මුලින්ම ගොනා ඇන්නේ.
කොහොමින් කොහෙම වුණත් මේ අනම් මනම් එක්ක ගමනටත් සුනංගුවුණා. ඒ බව දන්නෙ නීල ගැබේ චන්ද්‍රයත් ප්‍රමුදිත වෙලා යාන්තමට බිම් කළුවරත් වැටීගෙන එනවා කියලා මතක් කලායින් පස්සෙ. හප්පේ.. මේ සාතන් ගස් නඟින වෙලාවේ එහෙ මෙහෙ යන්න එපා කිව්වත් ඒක අමතක වෙලාද කොහෙද පිළිකන්නේ හිටිය උමඟන නඟා බය වෙලා ගෙට දුවද්දී දණහිස් දෙක එකට වැදිලා වැටුනේ "තලපතා පොළොවේ ගහපු විදියට". ඒ සද්දෙට බය වුන පූස් තඩියා ඥ්ඤෑස් කියාගෙන එළියට පැනගත්තත් බීරන්තට්ටුවේගෙන.හෙමින් සැරේ පිටිපස්ස හැරිලා බැලුවෙ රතී මාමවත් බැල්මක් දානවද බලන්න. අහල ගම් හතටම අනුශාසනා දෙන දේශකයා කෝට්ටකුත් තියාගෙනම ඉන්නෙ උරුවම් බාගෙනම. "කොහෙදෑ මේ.. ගොම්මන් වෙලාවෙ.. ?" මගෙන් ඇහුවත් මතක්වුණෙ අදින් පස්සෙ මේ වැයික්කියෙත් කරගහලා ඉවරයි කියලා. මොකද මූ ඕනවෙලාවක මැන්ටල්. ඒකාගේ සිතුවිලි සංජය සිතුවිලි තරම් පිරිසිදු නැහැ."නෑ.. මේ..." කියලා කටගන්න හම්බවුණේ නෑ.. බණ්ඩාරත්,පොඩි නුවනුත් දුවගෙන එනවා හතිදාගෙනම.. "අන්න අරහෙ කොළමක් නටන්න අරගෙන." මේ ආරංචියට එයාලා ඒ පැත්තට දිවද්දි මං දෙයියොට පිං දුන්නෙ නිර්මල අවංක හිතින්. ඈතදිම කට්ට කළුවරේ ගිලුන ගෙදර දැක්කත් හිතුවෙ නෑනෙ මේ වගේ විගඩමක්..! ඒකත් එකටම ලියන මහත්තයත් ක්සැන්ඩර්ගෙ කොළම බලන්න ගිහින්. අනේ හෆොයි..! ඒකෙන් මේකෙන් මේ ලියවිල්ලෙ මුල මැද අග ගලපගන්න හරි විස්තරයක් අහගන්න බැරිව අසරණ වුණේ අන්තිමට මම..!
ප/ලි: අවුරුද්දයි මාස 3ක් ඇතුලත අමාරුවෙන් කොටලා කොටලා දැම්ම 50 වෙනි පොස්ට් එක. එදා ඉඳල අද වෙනකන් දිරියක් වුන ඔබ සියලු දෙනාටම ස්තුතියි කරන්න ගත්තු උත්සහයක් මේ. හැම කෙනා ගැනම සඳහන් කළත් කිසියම් කෙනෙකුගේ නමක් අතපසු වී ඇත්නම් ඒ ගැන සමාවෙන්න!.
අපහසයක් කරන්න කිසිම උත්සහයක් ගත්තේ නැහැ.සුළු උපහාසයක් විතරක් ඇති..
~~අදත් සිත්තරේ තිලිනිගෙන්.~~
//රුක්අත්තන වංගුවේදී මම දැක්කේ සුදු අත්දිග බෝරිච්චි හැට්ටයක් ඇඳන් එන පොඩි කුමාරිහාමි.මම නොපෙනෙන්න අම්බලමට ගොඩ වුනේ ඇගේ ඉස්සරහා මුණ ගැහෙන්න මට තිබුන බැරි කමට.//
ReplyDeleteසුදු, අත්දිග බෝරිච්චි හී හී...ජීවිතේට මෙහෙම එකක් ඇඳලා නෑ. ඉතින් මට මොනා කල නිසාද දැන් මූන දෙන්ට බැරි උනේ.
තිලිනිගේ චිත්‍ර එන්ට එන්ටම ලස්ස්න වෙනව කියන්ටකෝ.:)
සුබ පැතුම් පනස් වෙනි පෝස්ට් එකට.:D
ඔයා සාරි ඇඳලා නැද්ද?
Deleteඔයාට මුණ දෙන්න බැරි වැඩ ගොඩාක් සිද්ද වෙන්න ඇති ඒ ගමේ දී.
ස්තුතියි සුභ පැතුමට හා අගේ කිරිමගැන.
සුභ් පැතුම්.. පට්ට ලිවිල්ල... අපූරුයි කොලුවෝ...
ReplyDeleteමේ වගේම ගීත ගැනත්, චිත්‍රපට ගැනත් ළිපි දැකලා තියෙනවා, බ්ලොග් ගැන මේ තරම් සාර්ථක එකක් දැක්කමයි, ඇත්තටම මෙතන් බොග් කීයක් තියෙනවාද...?
ඔව් මචං මමත් අහලා තියෙනවා. මේ කලින් එක වගේම ස්තුතියි කිරීමක්.
Deleteස්තුතියි!!
මෙතන තියෙනවා 74ක් වගේ..
Deleteසකස්කඩ වාගේ - ලක්සණට අමුණල නෙව!
ReplyDeleteජය!
ස්තුතියි තිස්ස අයියා.!!
Deleteමේක විශිෂ්ඨ නිර්මාණයක් අසරණයො.. මෙහෙම එකක් දැක්කමයි මේ බ්ලොග් අවකාශෙ.. මම හිතන්නෙ සිංහල බ්ලොග්වල වැඩිම අමාරුවකින් ලියපු බ්ලොග් ලිපිය මේක වෙන්න ඕනා.. ඇයි බොල මේ ලින්ක් දැමිල්ල සෙල්ලන්ද..
ReplyDeleteසුබ පැතුම් !!!
මටත් හිතුනේ ඒකමයි සෙන්නා.. ලින්ක් දැම්ල්ල පිස්සු හැදෙන වැඩක් නේ...
Deleteමරු ඇ.... මට ටිකක් වෙලා යනකම් හිතාගන්න බැරි උනා මොකක් වෙලාද කියලා මෙහෙම බ්ලොග් ගොඩක් එක තැනකට එකතු වෙලා තියෙන්නෙ... ඔන්න 50ට සුබ පැතුම්.... හි හි...
මමත් මේ හිතන්නෙ ඒ ටිකමයි. අවුරුද්දයි මාස තුනක් ඇතුලත පෝස්ට් 50ක් ලියාපු එකටත් වඩා මහන්සි වෙන්නැති මේ එක පෝස්ටුව ලියන්න...අපූරුයි..
Delete50 වෙනි පෝස්ටුවට සුබ පැතුම් යාළු !
මේ පොස්ට් එක මම සති දෙකක ඉඳල ලිවුවා. ලින්ක් දාන්න ඒ හැම එකකටම. එත් මේක නව නිර්මාණයක් නෙවෙයි මේ හා සමාන විවිද දේවල් මම දැකල අහල තියෙනවා.
Deleteස්තුතියි මචං.
හිරු = පටන් ගද්දිම කොර වෙළද හිටියේ :D
ළිහිණි = ඔව් සති දෙකක් වගේ ගියා පොස්ට් එක ඉවර වෙන්න.
ස්තුතියි !!!
මමත් බ්ලොග් කියවන්න ගත්තට පස්සේ දැකපු විශිෂ්ටම නිර්මාණය මේක. මම හිතන්නේ සයිබරයේ සිහින උළෙලේ නිර්මාණ වලට දෙන සම්මානය මේකට නිතරඟයෙන් දෙන්න ඕනේ.
Deleteසුදික = මේක ඒ හැටි නිර්මාණාත්මකයි ද?.
Deleteනිර්මාණාත්මකයිදත් අහනවා..?? මෙහෙම අදහසක් ඔළුවට එන්නත් හොඳ නිර්මාණාත්මක මනසක් තියෙන්න ඕනා.. ඕකට තව් ටිකක වද දීපන්.. තව හොඳ හොඳ දේවල් එළියට ගන්න පුළුවන් වෙයි..
Deleteමගෙත් බ්ලොග් ඉතිහාසෙටම මෙහෙම එකක් කියවලා නෑ..
සිරාවට ලිංක් දාන්න ගියාම ඉල ඇදෙන්න ඇති....
Delete//ඕකට තව් ටිකක වද දීපන්.. තව හොඳ හොඳ දේවල් එළියට ගන්න පුළුවන් වෙයි.//
Deleteමටත් ඒ ගැන නම් හිතුන. උත්සාහයක් දාපන් අසර්. අලුත් අලුත් විදිහට ලියන්න උඹට පුළුවන් බව පේනවා මේ ලිවිල්ලෙන්.
//සුදික = මේක ඒ හැටි නිර්මාණාත්මකයි ද//
Deleteනැතුව යකෝ පට්ටයි
අටම් = අනේ අම්මපා කියපං.
Deleteබ්ලොග් ගම්මානෙ සුපිරියට විස්තර කරලා...
ReplyDeleteමලේ උඹේ එකත් හොයාගන්න අමාරු වුනේ නැහැ නේ..
Deleteස්තුතියි!!
සාර්ථක නිර්මාණාත්මක ගැලපීමක්
ReplyDeleteස්තුතියි!!
Deleteඑළකිරි වගේම උණූසුම් සුභපැතුම් අපිව අසරණ කරන්න 50 ක් ම නෙලපු එකට.. හෙහ්.. තොට හම්බ වෙන්නේ අර කතාවේ කවුරුහරි හැලිල හිටියොත් තමා. ජය වේවා... ඇතත්තටම අවංකව මගේ නම දැක්කම සතුටු හිතුනා..
ReplyDeleteමගේ පොස්ට් කියෙවුවාම උඹලා අසරනවද මචං. :ඩි.
Deleteඋඹලා මේකට ඇවිල්ල කමෙන්ට් කරලා යන එකත් මට මාර සතුටක් මචං.
ස්තුතියි!!
ඇත්තෙන්ම..ගොඩාක් නිර්මානශීලියි අසා..දැන්වත් ඉක්මනට ලියාපන්..අනික,උණුසුම්ම සුබ පැතුම්
ReplyDeleteඔව් මචං ලියන්න ආසයි ටිකක් වැඩිපුර එත් වෙලාව තමා ප්‍රශ්නේ.
Deleteස්තුතියි!!
මේක ලිව්වේ කතන්දරද?
ReplyDeleteමේ දවස්වල මගේ 250 වෙනි පෝස්ටුව ලියැවෙනවා කතන්දර අතින්. උබ ඒක දැකලවත්ද මේක ලිව්වේ??
යකෝ මේකෙ සෑම් කියන එකා නැහැ නේද?
ජය වේවා !
සෑම් කියල අංකල් කෙනෙක් බං ඉන්නේ...
Delete//කෑහැ පට ගහ ගත්තු සරමත් එක අතකින් අමුඩ ලේන්සුව පෙනෙන නොපෙනෙන ගානට උස්සගෙන අනිත් අතින් රා මුට්ටිය අරන් එන්නේ සෑම් අංකල්.අනිවාර්යෙන්ම සිරාගේ කාමරේට වෙන්න ඕනේ යන්නේ.මේ වෙද්දී ලුණු කැටයි ගම් මිරිස් කුඩුයි එකතු කරගෙන වල් රජත් එතනට වෙලා ඇත්තේ.//
යකෝ රා බොන්නෙ ලුණු කැටත් එක්ක කියල දැන්ගත්තෙ මම උබෙන් :ඩී
උඹ ඇත්තටමද කිවුවේ සෑම් කියන එකෙක් නැහැ කියල??. උඹට තමා අංකල් කිවුවේ ආදරේට.හෙක්ස් හෙක්ස්.
Deleteඋඹ එක ලියන්නෙත් මේ වගේද නැත්නම් වෙනස් විදියකින්ද?.
උඹ මෙච්චර රා බිලත් එක දන්නේ නැද්ද? හෙහෙ... අපේ පැත්තේ සමහර මිනිස්සු බොනවලු ලුණුත් එක්ක.හේතුව දන්නේ නැහැ.
සෑම් අංකල් ලින්ක් එක යන්නේ උඹව සොයාගෙන නේ.
ස්තුතියි මචං පලවෙනි එකේ ඉඳල අද වෙනකන් හැම දාම ආපු එක ගැන.
උබ රා බඩාලු නේද ?
Deleteසුභ පැතුම් ! , සුපිරි ලියවිල්ල
ReplyDeleteස්තුතියි මචං.
Deleteහරිම නිර්මාණශීලී ඒ වගේම ගොඩක් මහන්සි වෙලා ලියපු පෝස්ට් එකක්. සුභ පැතුම් අසර්...තිළිණිගෙ චිත්‍රෙත් ගොඩක් ලස්සනයි කිව්වා කියල එයාට කියන්න :)
ReplyDeleteජය!!!!!
ඔයාගේ නම හොයාගන්න අමාරු වුනේ නැහැ නේ.
Deleteස්තුතියි ඇගේ කිරීමට හා සුභ පැතුමට.
ඔබ අටපට්ටම වැනි අනුකරණයකින් රචනයක් කර තිබෙනවා. නමුත් ඊට දෙවෙනි නැහැ.
ReplyDeleteමම ඒ වැඩසටහනම් බලල නැහැ. නමුත් මේ නව නිර්මාණයක් නොවෙයි. කිහිප සැරයක් දැකලා තිබුනා මේ හා සමාන රචනා.
Deleteස්තුතියි ඇගේ කිරීමට.
ලස්සනට ලියල තියෙනව සහෝදරයා... තව ඉස්සරහට තව වැඩි වේවි නේ... සුභ පැතුම්
ReplyDeleteස්තුතියි මචං ....
Deleteඑකෙම්ම මචන් පට්ට මහන්සියක් වෙලා තියෙනවා..
ReplyDeleteමොකද ලින්ක් ටික හොයාගන්න ගියාම නම් පුදුම
දුකක් විඳින්න වෙනවා.කතාවත් එලම තමයි..
අවංකවම අපිත් ඉන්නවා දකිද්දී සතුටක් ඇති උනා ...
50 වෙනි පෝස්ට් එකට උණුසුම් සුබ පැතුම්..
ඒ වගේම දිගටම ලියන්න..අපි එනවා බලන්න..
තිළිණිටත් සුබ පැතුම් චිත්‍ර වලට..
දෙන්නටම පොදුවේ සුබ පැතීමකුත් කරනවා හැම
දේම සාර්ථකව ඉෂ්ඨ වේවා කියල....
ඔව් මචං ලින්ක් හොයන්නනම් ටිකක් කට්ටක් කෑවා.
Deleteඋඹල ඇවිල්ල යන එකටත් මාර සතුටක් තියෙන්නේ.
ස්තුතියි මචං සුභ පැතුමට.
මල මගුලයි එල කිරි මචං, මගෙන් බොක්කෙන්ම සුබ පැතුම් මචන්..!! ලිවීමේ ආසාව බුර බුරා නැගෙන්ටය කියලා පතමි.
ReplyDeleteමචං ලියන්න වෙලාව ලැබේවා කියලත් ප්‍රර්ථනා කරපන් කෝ.හේ හේ....!
Deleteස්තුතියි මචං.
50 නං මදි! කමක් නෑ. සුභපැතුම්.
ReplyDelete-රාජ්
අඩේ මේ ඇත්තම සිංහල රාජ් ද? ස්තුතියි මචං.
Deleteඉස්ඉස්සෙල්ලම 50ට සුභ පැතුම් ඔන්න..ඉස්සර වගේ ලිපි ලියවෙන්නැතත් ඉඳලා ඉඳලා ලියපු මේ ලියමන නම් අපූරුයි..
ReplyDeleteඅසරණයාටත් තිළිණිටත් උණූසුම් සුභ පැතුම්..
ඔව් දැන් කලින්ට වඩා වෙලාව ටිකක් හොයාගන්න අමාරුයි.
Deleteස්තුතියි රූ...
මාරයිනේ ..ඇත්තටම මට නම් හිතා ගන්නත් අමාරුයි ඔච්චර ලින්ක් ගොඩක් ..අම්මෝ . සුබ පැතුම් අසරණය . චිත්‍ර ශිල්පිනියටත් එක්කම . නෙලුම් විල ගොඩ වෙලා ..හික් ඇත්ත තමා . අද වත් යන්න ඕන ඒ පැත්තේ
ReplyDeleteඔව් සතිදෙකකින් විතර මොකවත් තිබුනේ නැහැ. පේන්නවත් හිටියේ නැහැ.
Deleteස්තුතියි අගේ කිරීම ගැන..
එන්න පරක්කු උනා.ඇයි දන්නවද ආයේමත් හරක් පැටියෙක් එලවන් අාවෝ.සුභ සුභ සුභ වේවා!.තව තවත් ඔබේ අසරණකම අපිව දැනුමෙන් පොෂණය කරයි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔය රතු කුඩේ මාරු කරලා බෝල බෝල තියෙන කහ පාට කුඩයක් ගන්න.
Deleteස්තුතියි හැමදාම වගේ අදත් ඇවිල්ලා සරණක් වෙලා ගියාට හා සුභ පැතුමට.
මේක ගලපලා ලියන්න වෙච්ච මහන්සිය මට හිතා ගත්තෑකි. අනික ලින්ක් දාන්න. බ්ලොග් ලොවේ දිගු ගමනක් ඩබල් දාලා යන්නට ලැබේවා. අපිව මතක් කලාට බොහෝම ස්තුතියි, අසරණයා.
ReplyDeleteසති දෙකක උත්සහයක් හෙන්රි. ස්තුතියි මචං එදා ඉඳල හැමදාම කියවල බලල දිරියක් වෙලා ගියාට.
Deleteඅඩේ උඹ මගේ නම හරියට ගහලා. ඒක නෙවෙයි. මගේ all time favorite එක අර මාලු පැටියා හොද්දට දාපු එක. :D මම උඹව අඳුනාගත්තෙ ඒකෙන්.
Deleteඇයි අර හැලප කඩේදී කිවුවනේ හරියට ලියන විදිය.දැන් ඉගනගත්තා. මගේ ඒ පොස්ට් එකටද ඉස්සෙල්ලා අවේ ගුරුතුමිගේ එකටද?
Deleteමම හිතන්නෙ මාලු පැටියා. ඒක මගේ හිතේ ගැඹුරටම කා වැදිච්ච හුරතල් කතාවක්.
Deleteහ්ම්..
Deleteසෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.
ReplyDeleteබ්ලොග්වල සහ බ්ලොග්කාරයින් ගේ නම් ගැන ලින්ක් දාන්ණ සටහනක් ලියනවාට වඩා ලිපියක එන වාක්යාංගවලට විවිධ බ්ලොග් ලිපිවල ලින්ක් දැමීම මීටත් වඩා අමාරු වේවි.
හැබැයි කතන්දර ඒ වැඩේනම් ටිකක් සංකීර්ණයි.මම මගේ පලවෙනි පොස්ට් දහයට ආපු කිහිප දෙනා ගැන ඒ විදියේ ලිපියක් ලිවුවා.
Deleteස්තුතියි කතන්දර.
මේක නම් මැක්සා සැමරුමක් අසර් අයියේ...50 ට මගෙන් සුභ පැතුම්.. තව තවත් බ්ලොග් ගමන සාර්ථක කර ගන්න කාලය වගේම අදහස් නොඅඩුව ලැබේවා..!!!
ReplyDeleteමාවත් මතක් කලාට ස්තුතියි ගොඩක..!!!
උඹල අමතක වෙන්නේ නැහැ නේ.
Deleteස්තුතියි මචං අගේකිරිම ගැන.
අපූරැයි
ReplyDeleteස්තුතියි යාළුවා!
Deleteපනස්වෙනි පෝස්ටුවට සුබ පැතුම් අසර්..
ReplyDeleteමට මේක කියවද්දීබුදු අම්මෝ කියලා හිතුණා. කොච්චර මහන්සියක් වෙන්න ඕනෙද මේක ලියන්න. ඒ වගේම නියෙමෙට ගලපලා ලියලා තියෙනවා. ස්තූතියි...
බුදු අම්මෝ කියන්නේ බය වුනාමනේ. :P..
Deleteස්තුතියි කරන්න ඉතින් පොඩි මහන්සියක් ගත්තාම මොකද?
ස්තුතියි ඔයාටත්.
නියම සින්ඩියක් හදලා තියෙන්නෙ. හරිම රසවත්!
ReplyDeleteස්තුතියි අරුනි සාදරයෙම් පිලිගන්නවා මේ අඩවියට.
Delete50ට සුභ පැතුම්!!ඉතා මහන්සියෙන් ගලපා ලියූ රසවත් ලිපියක්.රයිගම/ඇල්කෙමි/අරුණි/මාරය යන අයගේ නම් ටිකත් ආවනම් තවත් ලස්සන වෙන්න තිබුන බවයි මගේ මතය.කෙසේ වෙතත් දිගටම සාර්ථක හරබර/රසබර ලිපි ලිවීමට ශක්තිය පතමි!!!
ReplyDeleteඔව් මම මෙතැනදී සඳහන් කලේ මගේ බ්ලොග් එකට ආපු සාමාජිකයෝ. ඔබ සඳහන් කරපු අයකෙන් අරුණි හැර (ඇය මුලින්ම ආවේ අදයි) අනිත් ඇය මේ අඩවියට පැමිණ කොමෙන්ට් කර තිබුනේ නැහැ.ඒ නිසයි ඔවුන්ගේ නම් සඳහන් නොකළේ.
Deleteස්තුතියි සුභ පැතුමට හා අගේකිරිම ගැන.
ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්.... මේකනම් නියම පෝස්ට් එකක්!! 50වෙනි එක විදියට හුඟාක් මහන්සිවෙලා ලියපු, ලස්සන පෝස්ට් එකක්.. :D අඋරුයි!!
ReplyDeleteආ.. මගෙ නමත් තියෙනවා.., නොතිබ්බානම් බලාගන්න තිබ්බා :p :P
50වෙනි පෝස්ටුවට සුභ පැතුම් අසාර් අයියේ!! ජය වේවා!!
*අපූරුයි !!
Deleteඅකුරුත් ටැපලෙනවා අනේ.. :p
ඇත්ත මම බයෙන් හිටියේ ඔයාගෙන් කන්න වෙයි කියල.
Deleteඔයාල ඉතින් අමතක වෙන්න විදියක් නැහැ නේ.
ස්තුතියි..
අලේ.... මේක මරු අෆ්ෆා... නියමයි... ඔක්කෝම චරිත නියමෙට ගලපලා මහන්සි වෙලා ලියලා.ගැලපීම මරුවට කරලා තියෙනවා අයියේ... ඔන්න සුභ පැතුම් මගෙන් 50 වෙනි පෝස්ට් එකට. ජය වේවා...
ReplyDeleteස්තුතියි ස්තුතියි!!! සන්තෝසයි අගේකිරිම ගැන.
Deleteමේක ගලපන්න නම් සෑහෙන්න අමාරුවෙන්ඩ ඇති..
ReplyDelete50 වෙනි ලිපියට සුභපැතුම්..
ටිකක් අමාරු උනානම් තමයි එත් ඉතින් හිතේ සතුට වෙනුවෙන් නේ.
Deleteස්තුතියි සුබ පැතුමට..
අපි දෙන්නා බලපුවාම සමකාලීනයෝ. ඒත් අසරණයා කමෙන්ට් විතරක් කරන කෙනෙක් කියලයි මම මෙච්චර කල් හිතන් හිටියේ. මම අද තමයි මේ බ්ලොග් එකට මුලින්ම ගොඩ වැදුනේ. ඒත් අසරණයා මගේ පොස්ට් කීයකට නම් කමෙන්ට් කරලා ඇතිද? අන්න ඒ ගුණය තමයි මම ඇගේ කරන්නේ. මම ලියපු පොස්ට් 140 ට වඩා මට මේක රසවත්. මේ වගේ නිර්මාණශීලී දේ තව බොහෝ ලියන්න ඉඩ ලැබේවා කියලා මම පතනවා. මොකද මගේ බ්ලොග් එකෙක් යාවජීව කමෙන්ට් කරන අයාගෙන කෙනක් වෙච්ච අසරණයාගේ බ්ලොග් එකට ගොඩ වදින්න පරක්කු වීම ගැන මට පුදුම විචිකිච්චාවක් තියෙන්නේ.
ReplyDeleteකණගාටු වෙන්න එපා සුදික අයියා ඔය මිට කලින් කිහිප වතාවක් මේකට ඇවිත් ගියා. මගේ පලවෙනි සංවත්සරේ වෙනුවෙනුත් ඇවිත් ගියා.තව තව පොස්ට් වලට ඇවිල්ල තියෙනවා ඒ නිසා ඒ ගැන කනගාටුවෙන්න එපා. මේකට ආව ගියපු කෙනෙක් නිසයි ඔබේ නමත් සඳහන් කලේ.
Deleteස්තුතියි..
හැමෝම කියනවා වගේ මාර කට්ටක් කන්නෑතිනේ.
ReplyDeleteමට නම් හිතාගන්නත් බැහැ මේ වගේ දෙයක්.නියමයි.
සුභ පැතුම් මගෙනුත්..! තව ලියන්න ධෛර්ය,ශක්තිය ලැබේවා..! තිලිනිටත් අඳින්න ධෛර්ය,ශක්තිය ලැබේවා..!
ඔව් මචං එත් උඹල වෙනුවෙන් ඒහැටි අමාරුවක් වුනේ නැහැ.
Deleteස්තුතියි මචං විශ් එකට.
uparimai asaranayo. kohen mathak wenawada manda mewa. pattama nirmanathmakai :) 50 weni post ekata suba pathum.
ReplyDeleteටිකක් ලියාගෙන යද්දී ඔයාල හැමෝන්ගේම නම් ඔලුවේ තියෙද්දී නම් ටික නිකම්ම එනවා. ලින්ක් දාන්නනම් ටිකක් වෙලා ගියා.
Deleteස්තුතියි සයුරි.
අපූරු සිතුවිල්ලෙන් අගනා නිර්මාණයක් අසාර්. 50 වෙනි එකටත් චිත්‍ර ශිල්පිනියටත් උණුසුම්ම සුබ පැතුම්!
ReplyDeleteස්තුතියි ෆාතිමා..
Deleteගොඩක් මහන්සි වෙලා කරපු නිර්මාණයක් අසරණයෝ.
ReplyDeleteඔබටත් 50 ටත් සුබ පැතුම්
හැලප කඩෙත් ඇවිත් හිටියේ..
Deleteස්තුතියි.
අප්පේ...සෙල්ලං ලිවිල්ලක්ද උඹ ලියලා තියෙන්නේ! සුපිරිම තමා!!! සුභ පැතුම්!
ReplyDeleteකොහොමත් මම ටිකක් නාඩි කාරයා තමා!
උඹ නාඩි කාරයා උනාට කමක් නැහැ නාඩි වැටෙන එක නවත්වගන්න එපා!!.
Deleteස්තුතියි මචං.
හි හි...
ReplyDeleteහැමෝම සහභාගි කරගෙන 50 සමරපු එකනං කියලා වැඩක් නෑ ඈ..
එල....
ජයවේවා අසරණයෝ!!!!!!!!!!
අපිවත් මතක් උනාට සහ ලිංකුවට තැංකූ ඈ....
උඹලත් යාවජීව සාමාජිකයෝ නේ.ඉතින් කොහොමද උඹලා අමතක වෙන්නේ.
Deleteස්තුතියි මචං..
මම ඔයාගේ දැක්ක ලස්සනම පෝස්ට් එක අසර්..
ReplyDeleteගොඩක් මහන්සියෙන් වගේම ගොඩක් නිර්මාණශීලිව ගලපලා. ඔයාගේ දක්ශකම ඒකෙන් පැහැදිලි වෙනවා හොදටම.
තිලිණිගේ චිත්‍රත් හොදට ගැලපෙනවා. සුබපැතුම් දෙන්නටම..!
සුභ පතුමටයි දිරිගැන්විමටයි ගොඩාක් ස්තුතියි..
Deleteඅඩෝව්... මගේ කුකුල්ලු ටික දීපිය... !! මං මේ හොයා හොයා හිටියේ ඕක කරපු එකාව... :D
ReplyDeleteනියමයි අසර්.. මේක ලියන්න වුනු මහන්සිය ගැන හිතා ගන්න පුළුවන්. ලින්ක් එක වගේම ඒ ලින්ක් එක අවස්ථාවට ගලපන එකත් ලේසි නෑනේ.
මෙහෙම එකක් දැක්කමයි මමත්...
සුබ පැතුම් මචං... උඹටත් තිලිණිටත්..! මේ වෙනකල් මං නොදැකපු බ්ලොග් ටිකක් තියනවා වගේ. ඒ ටිකත් හොයාගෙන යන්න මේ පෝස්ට් එක මට ප්‍රයෝජනවත් වේවි.
කුකුල්ලු ටික ගත්තේ සෑම් තමා රා බොනගමන් බයිට් එකට.
Deleteප්‍රයෝජනයක් ගන්න පුළුවන් වුනානම් මටත් හැපී.
ස්තුතියි මචං අගේ කිරීම ගැන..
මචං.. මේ මම දැක්ක හොඳම පෝස්ට් එකක්.. මේ ටික ගලපගන්න ගිය මහන්සිය එක්ක හැමෝම එකම තැනකට එකතු කරපු එකනම් මචං ලස්සන වැඩක්.
ReplyDeleteඑහෙනං තිළිණිගේ චිත්‍ර වලින් හැඩවුණු උඹේ කතාවක් බලන්න අපි අයෙත් මෙහෙ ගොඩවදින්නම්..
සුභපැතුම් දෙන්නටම..
කාලයක් තිස්සේ මට දිරියක් වෙන්න කමෙන්ට් කරපු උඹටත් ස්තුතියි මචං..
Delete.වර්ණාගේ මතකයට අනුව මේ හැමෝන්ගෙම ප්‍රර්ථනාව වුනේ සුමිත්ට කිට්ටු වෙන්න.
ReplyDeleteඅලෙ අප්පේ සුමිත් අයියේ මෙන්නෝ .... :පි
නියමයි අයියේ නියමෙටම නියමයි. අපිවත් මතක් කරලා. ගොඩාක් සතුටුයි. 50 ට පැතුම්. :)
ඒ මොකද දන්නවනේ ? මානවයෙකුට ඇති පරිකල්පන ශක්තිය ටිකක් වැඩිපුර තියෙන නිසා.
Deleteඔයාල ඉතින් මතක් නොකර බැහැනේ.මුල අමතක කලානම් මේ වගේ දුරක් එන්න වෙන්නේ නැහැ නේ.
ස්තුතියි වෙනද වගේ ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගත්තොත් හොඳයි නේ..
සුපිරිම වැඩක් අසරණයෝ.. මගේ සුබ පැතුම් ඔබට.
ReplyDeleteස්තුතියි නලින් අයියා.
Deleteඅසර්ගෙන් මැක්සා වැඩක් ! කාලෙයක් අන්තර්ජාලෙන් වහන් වෙලා ඉඳලා ඉඳලා අද තමයි ගොඩ බැස්සෙ..
ReplyDeleteඅපෙනුත් සුබ පැතුම් !
එක තමාව් අඩිය දැක්කේ නැත්තේ. ආයෙත් ලියනවද නැත්නම් හවුල් ලියවිල්ලද?
Deleteස්තුතියි වෙනදා වගේ මේ පැත්තේ ඇවිල්ල සුබ පැතුවට.
පනහට සුබපැතුම් අසා!
ReplyDeleteගොඩක් මහන්සි වෙලා ලියල තියෙන්නෙ සුපිරියටම. අපිවත් මතක් කරාට තැන්කූ ඈ...
උඹල වෙනුවෙන් මේකත් මහන්සියක් ද?
Deleteස්තුතියි මචං !!
පට්ටම පට්ටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටට
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේ රජාගෙ මම දැකපු දිගම කමෙන්ට් එක.. :D
Deleteමේ කමෙන්ට් එකේ තියෙන්නේ "ට" විතරයි.
Deleteඋඹටත් සැපක් ලැබේවා ඉක්මනින්.
සෙන්නා = මමත් මේ දැක්ක දිගම එක.
පට්ට ක්‍රියේටිව් අසරණයා..!
ReplyDeleteඕක තමා පෝස්ට් එක කියවද්දී මුලින්ම හිතට ආව දේ.ආය වෙන මොනවා කියන්නද.. ;)
50ට සුබ පැතුම්..
50ට මෙහෙමනම් 100 වෙනි පෝස්ට් එකට කොයි වගේ එකක් ලියවෙයිද? තව සෑහෙන සෙට් එකක් ඉදි නේ? :)
100 වෙනි පොස්ට් එකක් නොලින්නත් ඉඩ තියෙනවා මචං.
Deleteස්තුතියි හැමදාව වගේ අදත් ඇවිල්ල දිරියක් වෙලා ගියාට.
සුභ පැතුම් මචං! හැමෝම කියනවත් වගේ සාපේක්ෂව වෙනස් අගේ ඇති නිර්මානයක්! ස්තුතියි මගේ නමත් ඇතුල් කලාට!
ReplyDeleteඑළ මචං උඹත් කාලෙකට කලින් හැමදාම ඇවිත් ගියා නේ.
Deleteනන්දු29 Nov 2011 01:11:00
ReplyDelete//මෙච්චර යාළුවො ගොඩක් ඉද්දී අසරණයා අසරණ වෙන්නෙ කෝමෙයි..? දිගටම ලියන්න යාළු.. අපි එනවා.. තව තවත් නිර්මාණ කරන්නට සුබ පැතුම් හා ජය ඔබට..!!! :)//
සුන්දර ළමා කාලය, කතුහලයෙන් පිරි ගවේෂණ, ජීවියේ අව්‍යාජ කතා පිරුණ පෝස්ට් 50ක සටහන් අතර මේ තැබූ සටහනේ වටිනාකම මේ ලියැවිලා තියෙන ප්‍රතිචාරවලින් කියැවෙනවා.. ඒ වුණ මහන්සියේ සාර්ථක ප්‍රථිපල.. :)
මගෙ දෙවෙනි කමෙන්ට් එකට තව වැඩියෙනුත් එකතුකරලා සුබ පතන්නම්...
කටු අතු+ බෝල්ට් ඇණ+බාල්දි බකට් වලටත් බාධකයක්ව ඉදිරියටම යන්න... :D මේ ලැබූ අත්දැකීම් වලින් ධෛර්ය්ය ශක්තිය ලැබේවා..!!!!
ඔව් ඔව් මට මචකයි ඔයාගේ ඒ කමෙන්ට් එක "අසරණයාගේ අදෝනාව" පොස්ට් එකට වැටුනේ.
Deleteස්තුතියි නන්දු!!
සිංදු - ටෙලි නාට්‍ය - නාට්‍ය - චිත්‍රපටි....එකට සම්බන්ධ කරලා මේ වගේ ලියපු යාන්ස් ඕන තරම් මම කියවලා තියෙනවා.ඒත් මෙහෙම එකක් මේ දැක්කමයි.
ReplyDeleteකාටවත් ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
හාෆ් සෙන්චරියට සුබ පැතුම්......!
ජය වේවා....!!!
ටිකක් වෙනස් දෙයක් කරන්න ට්‍රයි එකක් දුන්නේ හැමෝටම ස්තුතියි කරන්න.
Deleteස්තුතියි මචං දිරිගැන්වීමට හැමදාම වගේ.
අඩේ මේකනම් සිරාවටම පට්ටයි...
ReplyDeleteසුබ පැතුම් ඈ..... :)
උඹත් ඉතින් යාවජීව සාමාජිකයෙක් නේ.
Deleteස්තුතියි මචං.
මරු අසරනයා උබේ 50 පෝස්ට් එක නම්,,,උබව අහම්බෙන් ප්ලස් වලදී සෙට් උනු විදිහ තාම මතකයි මට,,,සුභ පැතුම් බන් 50ට
ReplyDeleteඑල මචං උඹලත් ඉතින් මේ 50 මෙහෙම කරගෙන එන්න ලොකු සප් එකක් දුන්න නේ.
Deleteස්තුතියි !!
මරු ඈ
ReplyDeleteඑළ මචං
Deleteස්තුතියි!!
මගේ පරිගණකය මේ ටිකේ දෝෂ යක් හටගෙන තියෙනවා. ඒ නිසා සතියකින් විතර අද තමයි ආවේ. මම මේ කල්පනා කලේ අවුරුද්දක් විතර මහන්සි වෙන්න ඇති මේ ලස්සනට ගපලා ලියන්න. එහෙම කැපවිමක් නැත්නම් කොහොමද ලියන්නේ..
ReplyDeleteඉතින් ඒ මොනව වුනත් 50 වෙනි සටහනට මගේ හෘදයාංගම සුබ පැතුම් ........
සති දෙකක් විතර ගියා හැබැයි ඉවර කරන්න තියෙන වැඩත් එක්ක.
Deleteස්තුතියි සුභ පැතුමට.
පට්ට පට පටස්නේ :D
ReplyDeleteස්තුතියි උඹලගේ සපෝර්ට් එකට.
Delete//ඒ අනූගේ ලෝකයම ඩිල්ෂාන්ට බාර දෙන විදියේ උප්පරවැට්ටියක් ගැන හිතමින්..//
ReplyDeleteහයියෝ...අනේ අපොයි කවුද මේ අනූගේ ලෝකයම බාරගන්න ඩිල්ෂාන්... මාව හොල්මන් වෙලා ගියා ඒ කතාවට... අයියටත් හිතෙන දේවල් තමා නේ... :)))
මේ අපේ බ්ලොග් ලියන කෙනෙක් නේ.
Deleteස්තුතියි.
අසාර් ගේ බ්ලොග් ගමනට මගේ සුභ පැතුම්, 50 වෙනි පොස්ටුව හෙන ක්‍රියේටිව් වැඩක් නොවැ , ඉස්සරහටත් හොද පොස්ටු බලාපොරොත්තු වෙමි
ReplyDeleteස්තුතියි මචං.දිගටම ලියන්න තමා උත්සාහය.
Deleteඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
ReplyDeleteමේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
එසේනම් දැන්ම මේ පාහරයා,
ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..
** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
(රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )
ස්තුතියි..
Deleteමාර ලිවිල්ලක්නෙ අසරණයො... ආයෙ කියල වැඩක් නෑ....
ReplyDeleteඅපිව මතක් කළාට බොහොම ස්තුතියි... ඒ වගේම මේ වගේ තවත් නිර්මාණ වලින්, බොහෝ කාලයක්, බ්ලොග් ලෝකෙදි ඔබවත් තිළිණිවත් හමුවෙන්න ලැබේවා කියලා පතනවා...!!
මොකද පරක්කු වුනේ.මම හිතුවා ආයෙත් දොයි කියල.
Deleteකාලෙක ඉඳල යන එන කෙනෙක් වෙච්ච ඔයාව කොහොමද අමතක කරන්නේ.
ස්තුතියි.
හි හී ඈහෙන ගේමක් දෙන්න ඇතිනේ මේ විදියට ලියන්න, හැබැයි හරි ම නිර්මාණාත්මකයි. ඒක තමයි ගොඩක් ම වටින්නෙ. ඒත් එක සැරේම මම බැලුවා මොකොද මේ කියලත්. කොහොම වුණත් පරක්කුවෙලා ඇවිත් වුණත් මගෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝ... ජය!!!
ReplyDeleteඔව් මචං ටික කාලයක් ගියා ගලපන්නනම්. උඹ ඉතින් ටිකක් පරක්කු වෙයි කියල හිතුව මොකද වැඩ නිසා.
Deleteස්තුතියි මචං.
හයියෝ සංසාරේ...... මං පරක්කු වෙලා නොවැ අම්බානක. සමාවෙයන් රත්තරනේ....
ReplyDeleteඔන්න මුලින්ම පනස් වැනි පෝස්ටුවට මගෙන් සුභ පැතුම්! ඒ වගේම දීර්ඝ ගමනකට ආසිරි!!
----
අමුතුම විදියේ නිර්මාණයක්. ලස්සනට ගලපලා තියෙනවා. මාවත් නොම්මර තහඩුවකට අලෝලා තියෙන්නේ යස අගේට. කමෙන්ට් බලන්නනම් දැන් වෙලාවක් නෑ. රෑට එන්නම්. ඇවිත්ම මොනා හරි කියන්නම්කෝ.
පරක්කු වුනාට කමක් නැහැ මචං.උඹේ කමෙන්ට් එකට රෙප්ල්යි කරන්නත් පරක්කු උනා මචං.
Deleteස්තුතියි මේ හැම දෙයකටම.
අඩෝ මේක නියමයි බන්. අහම්බෙන් තමයි මෙහෙට පාත් උනේ. දැන් නම් දිගටම එනවා. මොකද උඹ අසරණයා කියලා අත හැරලා යන්න බැහැනේ බන්.
ReplyDeleteඅඩේ මාර හැපී මචං උඹල එහෙම කියද්දී ආදරෙන් පිලිගන්නවා මගේ අඩවියට.
Deleteස්තුතියි මචං.
දෙයියනී ......................................මේක මට මග ඇරිලා තියෙන්නේ කෝමද ම්ම්ම් ?
ReplyDeleteවෙලා තියන මහන්සිය හිතාගන්න පුළුවන් ...ලස්සනට ගලපලා ලියලා තියනවා ! සුභ පැතුම් ...ඉක්මනට ආයෙත් ලියන්න