බස් අජිත්ගේ පැහර ගැනීම.
{"ඒ.... මල්ලි මාර වැඩේ නේ බස් ඒක නැහැ නේ. අපි ඩිපෝවට මොකද කියන්නේ ."
"අපි මෙතන නේද නැවැත්තුවේ." එදා හිටියේ අලුත් කොන්දොස්තර කෙනෙක්.
රියදුරා මගේ ලඟට ආවා
"මල්ලි මෙතන තිබුන බස් ඒක දැක්කද?"
"අහ්... හංදිය පැත්තට ගියා ඒ ඔය ගොල්ලෝ නෙවෙයිද?" නොදන්නා විදියට ඇහුවේ.}
පාසැල ජිවිතේ තවත් අඳුරු දවසක්.
{ඉර එළියත් දැන් ටිකක් වැටිලා කණ දෙපැත්තෙන් දාඩියත් බේරෙනවා. හැම හංදියක් ලඟම ඉස්කෝල බස් ඒක එනකං ඉන්න ළමයි මගේ දිහා බලන්නේ හරි අමුතු විදියට වට පිට බලද්දී මට දැනෙනවා ටිකක් දවල් වෙලා වගේ. සමිරලගේ ගේ ටිකක් පහු වෙද්දී, ඇඟටත් ටිකක් මහන්සි එත් හිතටනම සතුටුයි ඉස්කෝලෙට තියෙන්නේ තව ටික දුරකින් නේ. සමීරගේ ගෙදර පහු වෙලා වැඩි දුර යන්න ලැබුනේ නැහැ මගේ පිටි පස්සෙන් ඇහුන ලොරි හෝන් සද්දෙට මම පාරේ කාණුවට බැහැල අයින් වුනේ ඒ ලොරිය ලොකු වැඩි නිසා සද්දෙන් මම දන්නවා ඒ කාගේ ලොරියද කියල. එත් ඒ ලොරියක් නෙවෙයි....}
{උදේ එක සැරේම අත ඇඳෙන් එලියට වැටෙද්දී කවදාවත් නැති සීතලක් "ජබුක්..!!" සද්දයකුත් ඇහුනා. මිට කලින් නින්දෙන් ඒ වගේ සීතලක් සද්දෙකුත් ඇහිලා නැති මම ටිකක් කල්පනා කරලා අමාරුවෙන් ඔලුව උස්සල බලද්දී බලන්න ලස්සනයි පුටු දෙකත් මේසයත් මගේ සපත්තුත් කාමරේ තැන් තැන් වල පාවෙනවා.!}
{හොරෙන් ගස් වල පළතුරු කඩද්දි අයිතිකාරයා එද්දී ගහෙන් පැනල දුවපු මම දැන් මේ පොඩි උස තැනින් බහින්න බැරුව ඉන්නේ. එතෙක් වෙලා දනගහගෙන හිටපු මම වහල දිගේ බඩ ගෑවේ දිග ඇදිලා උළු වලට යටින් තියෙන පරාල දෙකේ එල්ලිලා පනින්න. පරාල ලඟට යද්දී මට පෙනේවා මෙතනට වඩා අනිත් පැත්තේ වහල පාතයි කියලා. ආමාරුවෙන් ඒ කොනට ආයෙත් දනගාගෙන යන්නේ.එතැනදී මට පේනවා හිටපු පැත්ත අනිත් හැම පැත්තටම වඩා පතයි කියල. දෙපැත්තට මාරු වේවි හිටපු මම වහලේ උඩ වාඩි වුනේ මොකක්ද කරන්නේ කියල කල්පනා කරන්න.}
{මට දුන්නු වතුර ටිකක් අමුතුයි වෙනද දෙන තැනින් නෙවෙයි වතුර ගත්තෙත්. බොන්න දුන්නේ වතුර එකෙත් තේ කොළ තව බත් ඇටයක් වගෙත් තිබුනා. එක උගුරක් බොද්දි රස වෙනස් බව තේරුණා නිසා බොන විදියට ටිකක් ඉඳල වතුර එක විසිකරලා දාලා නිශාන්ත ඉන්න තැනට ගිහින් විස්තරේ කිවුවාම දැනගත්තේ ඒ ඊට කලින් නිශාන්ත ගියපු වෙලේ අත හෝදපු හා කෝප්ප හෝදපු වතුර මට බොන්න දුන්නේ කියලා.}
{"තණකොළ පෙත්තාගේ මාමණ්ඩිය වූද,ඔබේ රුව වැඩිකිරීමේ රහස හාර්පික්," වගේ FM චැනල් එක පිට එක මාරුවෙලා ඇහෙනෙන්න ගත්තා. ටිකකින් භ්ක්..ස්..ස්..ස්ප්..ෂෝ.. සද්ද විතරයි ඇහුනේ. කිසි වැඩකට නැති රේඩියෝ එක තිබ්බ තැනම නිධාන් ගතකරලා ඈත බලන් හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. ආයෙත් ටිකකින් ස්ටේෂමක නැවැත්තුව ඒ වෙන මොකටවත් නෙවෙයි අපේ පිටි පස්සෙන් එන කොළඹ මාතර කෝච්චිය අපි ඉස්සර කරගෙන යන්න.}
{ගැහැණු ළමයින් වෙනුවෙන් නිෂ්පාදනය කරන ඒවා දුන්නෙත් මට. ෆේෂ් වොෂ්, සබන් ජාති, තව අනම් මනං හැම දෙයක්ම. අප්පේ..... බලන්න එපැයි ඒ කාලේ ගෑනු ළමයි මම වැඩට එනකන් බලන් හිටිය විදිය. ඒත් මම වැඩිය එයාලට බෙදන්න ගියේ නැහැ ඒවත් මමම ගෑවා. ටෙස්ට් එකරන්න දෙන ඒවා විස වෙලා ලස්සනට තියෙන මුණ කැත වුනොත් බඳින්න ඉන්න කොල්ලොන්ගෙන් ගුටි කද්දී ඔය කිසිම ආයතනයක් එන්නේ නැහැ නේ මාව බේරගන්න.}
{අපි හෙමින් හෙමින් අඩිය තිබ්බේ.. ගස් අස්සේ ඉඳල කොයි වෙලේ අපේ ඇඟට පනිවිද දන්නේ නැති නිසා.පොඩි පැටවුනම් කකුල් හූරනවා. ඒක තමා ඉවසන්නම බැරි.මේ සත්තුත් බළල් පවුලේ නිසා කොයි පැටියත් එකයි.. තුන් දෙනාට තුන් දෙනා බයෙන් තව ඇතුලට ගියා.}
{අද කාලේ “නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී”කියන ගීතය ගීතයක් විදියට ජනප්‍රිය වෙන්න කලින් ඒ මුල් වචන ටික මුලින්ම නිර්මාණය කලේ අපේ පාළම ලඟදි අපේ නිශාන්තම තමා. ඒ ඔහුගේ සිහින පෙම්වතියට. ඒ ගීතය අද කාලේ කොච්චර රස වින්දක් නිශාන්ත ඒ වචන ටික ඒ කාලේ කියද්දී මගේ බඩ පපුව පිච්චිලා යනවා. එයට හේතුව ගෑණු ළමයාගේ ගෙවල් ළඟට යන්නනම් මග දිගට ඇති කඳු 3ක් තරණය කරලා කිලෝ මීටර් 2ක් දුර බයිසිකලේ නිශාන්තවත් දාගෙන පදින්න වෙන එක ගැන. කෙල්ලව බලන්න "ෆ්‍රෙෂ්" එකේ යන්න ඕන නිසා මම දාඩිය දාගෙන බයිසිකලේ පදින්නේ.ගියර් තිබ්බත් ඒ කඳු පදින එක ලේසි නැහැ.}
මගේ පොස්ට් වලට ගැලපෙන ෆොටෝ නැතිව දස අතේ දිව විකාගෙන සොයද්දි ආපු යෝජනාවෙ ප්‍රතිඵල තමා මේ තියෙන්නේ.කැමති චිත්‍රය මොකක්ද කියල කමෙන්ට් එකක් දාල යන්න. මේ ඔක්කොම ඇන්දේ තිළිණි.
අර පලක්කු වෙලා ගීන් ඉක්කෝලෙ කුණු ඇහිඳින්න වුන කතාවතයි ඔයා වහලෙ එල්ලිලා හිටිය කතාවටයි ටමා මං ගොඩක්ම කැමටි....^_^
ReplyDeleteඒ මොකද ඒ දෙකට කැමති.මට වුන ඒ කැත වැඩේ නිසා ද?.
Deleteවිත්තර ටික ලස්සන වගේම කතා ටිකත් බොක්කටම වැදිච්චි ඒවා තමා බං අසරණයෝ..
ReplyDeleteඋඹ මිට කලිනුත් එහෙම කියල තිබුනා නේ.මගේ කතා උඹට දැනෙනවා කියලා.
Deleteමොනා උනත් සිතුවම් නිර්මාණෂීලි නමුත් මම දැකපු දෙයක් මුල්කාලේ සිට වර්ථමානයට එනකොට චිත්රවල ප්‍රගතියක් නැත්නම් ගුනාත්මක බව වැඩිවිම එක ඉතා හොඳලක්ෂණයක් ජය
ReplyDeleteඔව් ඔව් මම තමා සැඟවිලා තිබුන හැකියාව ඇදලා ගත්තේ.
Deleteම්..ඒ පෝස්ට් කියවපු බව ආපහු මතක් වුනා..ඒත් මේවට කියන්නෙ කම්මැලි පෝස්ටු කියලා..හික්ස්..
ReplyDeleteමම නම් ආසම එක අර ඉත්තෑ කූරු කොණ්ඩෙ පේන්න ඇඳපු කෝච්චියේ සිත්තරේට..
ආ තව එකක් මේ කොමෙන්ට් වලට උත්තර දෙන්න ඕන හරිනම් සිත්තර ඇඳපු කෙනා..!!
ඒ මොකද මේවා කම්මැලි පොස්ටු කියන්නේ. එච්චරටම බොරින්ද?..
Deleteහේ හේ එයා පස්සේ දවසක උත්තර බදිවී..
කතාව වගේම කතාවට අදාලව ඇඳලා තිබ්බ සිතුවම් ටිකත් හරිම නිර්මානශීලියි. ඒහ්කෙන් මේකෙන් පහුගිය පෝස්ටුත් කියවන්න ලැබුනා...
ReplyDeleteඔව් කාලෙකින් මේ පැත්තේ ආවේ නැහැ කියල මතකයි. කමක් නැහැ පරණ ඒවා ටික කියෙවුවා නේ.
Deleteස්තුතියි.
මේ චිත්‍ර නිසා කතාවට මාර ආලෝකයක් එනවා.
ReplyDeleteදෙන්නටම ජය!
ජාලෙන් හොයලා දානවට වඩා මෙහෙම එකක් දාන එක හොඳයි කියල හිතුනා.
Deleteස්තුතියි.
චිත්‍ර ටික ඔක්කොම හොඳයි බං. එකක් කියල කියන්න බෑ. මෙතැන මං තවම කියවපු නැති පෝස්ට් ටිකකුත් තියනවා. කොහොමත් පෝස්ට් එකට ෆොටෝ හොයනවට වඩා ඇඳලා දාන එක නියම වැඩේ..
ReplyDeleteඒ ටිකත් එහෙනම් වෙලා තියෙන විදියට කියවපන් මචං.
Deleteපොස්ට් එකටම අදාළ එකක් හොයන්න ටිකක් අමාරුයි නේ.
අනිවා... ටිකක් බැලුව ඔන්න.
Deleteඅනෙක් ටිකත් හෙමින් බලන්නම්. තිළිණිගේ චිත්‍රත් ලස්සනයි..
එළ මචං.
Deleteඇල කොහොමද මෙතෙන්ට ආවේ?? ජබුක්...
ReplyDeleteඒක තමා ලොල්ම සිද්ධිය :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒ සිද්දිය වුනේ මම හිටපු දෙවෙනි බෝඩිමේ. ජරා ගොඩාක්.
Deleteසිත්තර ටික නම් සෝයි....ඒ උනාට තිළිණි කියන්නෙ කවුද කියලා බොලා කියලා නෑනෙ...බිරිදද / පෙම්වතියද / නෑනද / යෙහෙලියෙක්ද / රසිකාවියක්ද ?
ReplyDeleteගිය පාර පෝස්ට් එකේ කමෙන්ට් බලාපං පාට්නර්.
Deleteවෙස් බඳින්න දීල අපි ඇහැ කන් වහන් ඉමු.:D
Delete@ සිරා = ඇයි මචං කලින් පොස්ට් එක කියෙවුවාම හිතුනේ නැද්ද?..පහළිනුත් මේ ඉඟි දීලා තියෙන්නේ.
DeleteDude = අමතක වෙලා වෙන්න ඇති.
silentsahan = වෙස් බඳින්නේ නැහැ බොලව්.. හෙක්ස්..
//ප/ලි: ඉරිසියාවක් නැතිව අදත් සිත්තරේ ඇන්දේ තිළිණි.//
Deleteපස්සට ගිහින් උත්තරේ හොයාගෙනම ආවා...මගේ ජීවිතයටත් ඔය තිළිණි කියන නම කාලයක් ලං වෙලා හිටියා...දැන් නම් නෑ...අසරණයට සුභ අනාගතයක් පතනවා...ජය !
සොයන්නාට සම්බවේ..
Deleteඑල එල මචං තැනක් යු..
එන්න එන්න ඇඳපු චිත්‍ර වල මාර ප්‍රගතියක් තියනවා..අන්න ඒක වටිනවා
ReplyDeleteඔව් ඇත්ත මචං මමත් මේ ටික එකතු කරාම තම හොඳටම තේරුනේ කොලිටිය කොහොමද කියල.
Deleteමටත් මේ හැම පින්තූරයක්ම වගේ ලස්සනයි. තිළිණිට චිත්‍ර අඳින්න ඉතාම හොඳ හැකියාවක් තියෙනව කියල පේනව. කියවන්න බැරිඋන කතා වගේකුත් තියෙනව..වෙලාවක් හොයාගෙන කියවන්න ඕන.
ReplyDeleteඔයාගේ විභාගේ දවස් වල වෙන්න ඇති ඒ පොස්ට් දැම්මේ. කරදරයක් නැති වෙලාවක් බලල හෙමිහිට කියවන්න.
Deleteස්තුතියි..
එළ! ඔක්කොම හොඳයි.
ReplyDeleteස්තුතියි මචං..
Deleteඅමුතුම ආරක චිත්‍ර ටිකක්නේ... හරිම අගෙයි. වර්ණ ගැන්වීමත් ඇහැට හරි ම ප්‍රියයි.
ReplyDeleteස්තුතියි නලින් අයියා.
Deleteචිත්‍ර ටික නම් හරිම පංකාදුයි ..මාත් හරි ආසයි
ReplyDeleteචිත්‍ර අඳිනවා බලන් ඉන්න..මොකද මට පොඩ්ඩක් wath
චිත්‍ර බැහැ ..
මේ එකතුව හරි ලස්සනයි අසාර් ..
( ආචාරිය මෙහෙටත් ආවොත් පට්ටන්තරයක් දායි විචාරය
විදිහට :D..)
ස්තුතියි මචං මටත් බැහැ බන් අඳින්න බලන් ඉන්නනම් පුළුවන්.
Deleteමමත් බලන් ඉන්නේ ආචාරියා එනකං..
මම චන්දේ දෙන්නෙ චිත්‍ර ශිල්පිනිය තිළිණිට.
ReplyDeleteඅපි තිළිණිට!
තිළිණි අපිට!
අපි තිළිණිට!
තිළිණි අපිට!
අපි තිළිණිට!
තිළිණි අපිට!
අපි තිළිණිට!
තිළිණි අපිට!
අපි තිළිණිට!
තිළිණි අපිට!
අපි තිළිණිට!
තිළිණි අපිට!
අපි තිළිණිට!
තිළිණි අපිට!
මම තිලිණිට!
Deleteතිළිණි මට!
උඹ ගනිං බං. සපෝට් එකට කිව්වේ. :D
Deleteහා හැ හා හේ හේ......
Deleteමේ මොකද වලි
Deleteඩි
Deleteතිලිණි අපිට..! :D:D:D
Deleteහයියූ .... ඒ දැරිවි මේව දැක්කොත්.....
Deleteඔව් ඔව් අපිට මතකයි ඔය චිත්‍ර හිමීට කරලියට ආව හැටි.. :-)
ReplyDeleteඅර ගිය පාර ඩූඩ් කිව්වා වගේ;
මුලින්ම නිකන්ම චිත්‍රෙ
ඊලඟට සිත්තරේ තිළිණිගෙන්
අදත් වෙනදා වගේම සිත්තරේ ඇන්දෙ තිළිණි
ඊරිසියාවක් නැතුව සිත්තරේ ඇන්දෙ තිළිණි
ඔන්න ඔහොමලු වුනේ.. :-)
>> යෝජනාවෙ ප්‍රතිඵල තමා මේ තියෙන්නේ. <<
යෝජනාවෙ ප්රථිඵලය ඕක විතරමද කියලා දැන ගන්න මේ ගරු වියත් සභාව පුල පුලා බලා ඉන්නවා.. :-)
තිළිණි, චිත්‍ර ටික පංකාදු පහයි ඈ..
ලේඛකයටයි, සිත්තර ශිල්පිණියටයි දෙන්නටම ජය !!
මම කැමති අන්තිම එකට..
Deleteහා හා.තව කල් තියෙනවා නේ කියල හිතෙනවා. හෙමින් හෙමින් එලියට දාමු.
Deleteස්තුතියි මචං එදා ඉඳලා මව දිරිමත් කරපු උඹලට.
චිත්‍ර ටික නම් එළම එළ! සිරාවටම.
ReplyDeleteපාසැල ජිවිතේ තවත් අඳුරු දවසක් - මේකට දාලා තියෙන චිත්‍රය තමා මටනම් එළ.නොකියවපු කතා ටිකත් ඒ එක්කම කියව ගත්තා. :)
ස්තුතියි මචං අගය කිරීම ගැන.
Deleteමට කේන්ති ගියපු නිසාද උඹ කැමති.ඒ මගේ ඇත්ත මුණ කියල නේද උඹ හිතුවේ. හේ හේ.....
එල චිත්‍ර ටික....
ReplyDeleteස්තුතියි මචං.
Deleteමේක තිළිණිට තැන්කූ කියන්න දාපු පෝස්ටුවක්ද කොහෙද... ඒකෙන් මට කියවපු නැති කතා කිහිපයකුත් කියවන්න ලැබුණා... කමෙන්ට්ස් දැම්මෙ නැතිවට තරහ වෙන්න එපා හොඳේ.... ඔක්කොම කියෙව්වා... තිළිණිගෙ චිත්‍ර ටික හරිම ලස්සනයි.... අන්තිම එක මම කැමතිම... අසරණයාටත් සිත්තරීටත් ජය...!!!
ReplyDeleteඔව් ඔව් තැන්කු පොස්ට් එකක් වගේ තමයි.එයාම දැන් දකින්න ඇති එයා කොච්චර දුරට දියුණු වෙලාද කියල හේ...
Deleteඔයා ආපු නැති කාලේ නේ මේ ටික දැම්මේ කමක් නැහැ කියෙවුවානේ ඒ ඇති.
ස්තුතියි අක්කේ ඔයාට.
ආපු නැති කාලෙ ?? හෙහ් හෙහ්..වහාම නිවැරදි කරපන් "ඔයා නිදි කාලෙ" කියලා
Deleteඇත්තටම බස් අජිත්ගෙ චිත්රෙයි, අන්තිම චිත්රෙයි ගත්තම මාර ප්‍රගතියක් පෙන්නුම් කරනවා..
ඔව් ඔව් කාලෙකට පස්සේ නේ අවදු වුනේ.
Deleteතිලිණිගෙ චිත්‍ර ටික නම් නියමයි :)
ReplyDeleteස්තුතියි නංගි..
Deleteදැන් දෙන්නම එකතුවෙලා එකක් ඇඳල දාහල්ල..!
ReplyDeleteදෙන්නම එකතුවෙලා ඇදලා දාන්නද හදලා දාන්නද?. හා හා හා....
Deleteඔක්කොම චිත්‍ර ලස්සනයි... මේ පෝස්ට් එක දැම්මේ තිළිණි වෙනුවෙන් නේද? :D
ReplyDeleteඔව් එයාගේ වර්ධනය වුන හැකියාවන් පෙන්වන්න.
Deleteඔක්කොම ලස්සනයි..
ReplyDeleteකවුද අසර්ගේ තිලිණී.... හොදයි හොදයි..
ඇත්තටම තිළිණි කවුද?..
Deleteස්තුතියි..
chithranam okkoma lassanai. wadiyama kamathi gan wathura chithrayata.
ReplyDeleteහොඳයි හොඳයි
Deleteස්තුතියි..
ඔක්කොම ලස්සනයි.ඒත් අන්තිම චිත්‍රය(එක කෙල්ලයි කොල්ලො තුනයි මගේ හිත වැඩියෙන්ම ගත්තා.චිත්‍රය කෙසේ ඇන්ඳත් කලාත්මකයි.වටිනාකමට මිලක් නැත.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔව් මම මේ හැම එකකටම ඒකනේ ගොඩාක් කැමති..
Deleteමම කැමති අන්තිම එකට. ඒක තිළිණි වගේම ලස්සනයි...:)
ReplyDeleteහේ හේ ඔළුව පුරවල සුකුරුත්තම් බඩු එල්ලගෙන ඉන්න නිසාද?.
Deleteමම කැමති අන්තිම එකට...මම ඒක කලිනුත් කිව්වා...තිලිණට ජය..අසරණයාට තිලිණගේ සරණ ....
ReplyDeleteඔව් ඔව් ඔයා ඒක එදා කිවුවානේ.
Deleteස්තුතියි
මම නම් සේරටම ආසයි...
ReplyDeleteමෙතනින් හොඳම ලස්සනම එක 8 වෙනි එක
තිළිණිට ජය වේවා
එකට කැමති කිවුව පලවෙනි කෙනා ගැමියා නේ.
Deleteස්තුතියි මචං ගැමියෝ..
සමහර අත්දැකීම්නම් ඇත්තටම එළි කරලා තියෙනවා නේද....?
ReplyDeleteඔව් මේ හැම එකක්ම මට සිදු වුන දේවල්ම තමා මේ තියෙනේ.
Deleteස්තුතියි නිර්මලා.
මේ කලාකාරිය ගැන ලියපං කෝ..
ReplyDeleteජය!
මම තවම ගලපනවා මචං එයා ගැන ලියන්න.
Deleteඑල!
අඩේ මාරයිනේ....
ReplyDeleteදැං ඔන්න මටත් චිත්‍ර අදින්න ආසාවක් එනවලු ඈ...
හික්ස්...
අර ඇල බෝඩිමට ආපු එකයි එක බයිසිකලෙං කොල්ලෝ තුනක් ගොඩ ගිය එකයි සිරා...
උඹත් ඉතිං පටන් ගනින් එල පොස්ට් එක තවත් ලස්සන වෙනවා.
Deleteඋඹට පෙර සිද්දි මතක් වෙනවද?
ස්තුතියි මචං..
මම කැමැති වේදනාකාරි දුම්රිය ගමන ට.
ReplyDeleteඅකුරුවලින් කියෙව්වත් නැතත්, හැම චිත්රයේම වගේ අමුතු කතාවක් සැඟවිලා තියනවා. තිළිනි දක්ශ චිත්‍ර ශිල්පියෙක්. ඇයට ජය!
පත්තර වල තියෙන කාටුන් විශේෂාංගයෙන් ගොඩාක් දේවල් කියා වෙනවා නේ. එවගේද මේකත්.
Deleteස්තුතියි!!
තිළිනිගෙ චිත්‍ර ලස්සනයි... මම කැමතිම අර පාවෙන බෝඩිම චිත්‍රයට
ReplyDeleteගොඩාක් දෙනෙක් කැමති ඒ පාවෙන බෝඩිමට.
Deleteස්තුතියි දයා අයියා වෙනදා වගේම අදත් ඇවිල්ල දිරිමත් කිරීම ගැන.
හිකිස් මරු ඈ. බස් සීන් එක අදමයි කියෙව්වේ
ReplyDeleteමම හිතන්නේ එක දැම්මේ උඹ විභාගේ කරන කාලේ වෙන්න ඕනේ.
Deletemachan ube namin ara pissa comment daanawa..
ReplyDeletepoddak balapan..
මම දැක්ක මචං උගේ කේන්තිය යනකන් තව තව දේවල් කරවී. ඌ පිස්සෙක්...
Deleteලේඛකයෙක්ට, රචකයෙක්ට.., සිත්තරාවියක් ළඟින්ම ඉන්නවා කියන්නෙ ..perfect!!! නියමම නියමයි!! ඉධිකට්ටයි නූලයි වගේ අපූරුවට ගැලපෙනවා නොවැ!!!
ReplyDeleteඇත්තට මාත් එකඟයි!! චිත්‍ර වල ප්‍රගතිය එන්න එන්න වැඩිවෙලා.. ඒත් මටනම් එකක් ලස්සනයි කියන්න බෑ..
මම ඔක්කොමටම කැමතියි!! :D
ජය වේවා!!! (Y) පරක්කු වුනාට සමාවෙන්න .. බ්ලොග් කියවන එකත් එපා වෙලා තිබ්බෙ පහුගිය දොහේ!!
කතාවට ගැලපෙනම චිත්‍ර ගන්න පුළුවන් එතකොටනේ,
Deleteඔව් මම සැඟ වෙලා තිබුන කුසලතා එලියට ගත්තා.හෙක්ස්..
ඔව් ඔව් තවමත් එහෙමම තමා වැඩි වෙනසක් නැහැ, විවිදාකරේ පිස්සෝ පිස්සියෝ ඉන්නවා.
පාසල් ජීවිතේ අඳුරු දවසක් චිත්‍රෙ තමා මං කැමතිම. කොල්ලගේ මුණ එක්ක බස් එකේ එවුන්ගේ කින්ඩිය ලෙසටම ඒ චිත්‍රෙ තියනවා.
ReplyDeleteස්තුතියි මචං දිරිගැනිවිමට..
Deleteඔච්චර උදව් කරපු තිළිණිට ගරු කිරීමක් විදිහට එයාගේ පින්තූරයකුත් දාමු. හැකියාවන් තියෙන අයට අත හිත දෙන්න ඕනනෙ.
ReplyDeleteඋඹ මාව ගස් යවන යෝජනාවක් නේ කලේ. බලමු බලමු ඉස්සරහට.
Deleteස්තුතියි හරි.
චිත්‍ර ටික දැක්කමයි මතක් වුණේ කමෙන්ට් දාල තිබ්බත් නැතත් මං මේ කතා ඔක්කොම කියෙව්වා... චිත්‍ර ඔක්කොම ලස්සනයි...
ReplyDeleteඔය ඉතින් ඒ කාලේ ඉඳලා ආපි යාවජීව සාමාජිකාවක් නේ.
Deleteතිළිණිගෙ චිත්‍ර නම් ලස්සනයි, එයාටම ආවේනික ශෛලියක් තියෙනව. මුල් චිත්රවල ඉඳල අග හරියකට එනකොට මුලදි සරලව තිබුනු චිත්‍ර ටිකක් වැඩි වැඩියෙන් හැඩ වැඩ දාපු ගතියක් තියෙනව. මම හිතන්නෙ පේන්ට් ඉලස්ට්‍රේටර් පස්සෙන්පහු පොටෝෂොප් එහෙමත් යූස් කරල තියෙනව. මම දෙන්නටම සුබ පතනව.
ReplyDeleteමුල ඉඳලම ඇඳලා තිබුනේ ෆොටෝ ෂොප් වලින්.
Deleteස්තුතියි මචං අගේ කිරීම ගැන.