25 Jul 2012
සිරිවර්ධන බුදුදහමින් නිවන් ගිය සීයාගේ බීම කඩේ.
අපි ඉස්කෝලේ ඇරිලා බස් එක එනකන් හිටපු හංදියේ ලොකුම කොල්ලෝ ටික තමා අපි. බස් අජිත් ඒ මල්ලි නිශාන්ත ,රොෂාන් මම. අපි තමා හිටපු එකම දිග කලිසම් කාරයෝ. අනිත් උන් පොඩි උන් නිසා උන්ගේ වැඩ ලාමක නිසාත් අපි උන්ව ගණන ගත්තේ නැහැ ඒත් පස්සෙනුත් ආවා. කාලේන් කාලෙට අපි බස් එක එනතෙක් හිටපු තැන් සැරින් සැරේ මාරු කළා. මේ කාලේ අපි හිටියේ සියාගේ කඩේ. සීයාගේ කඩේ කියන්නේ හංදියේ තිබුණු ටොෆි බිම බෝතල් කෑම ජාති තිබුන පොඩි කඩයක්. මේක කලින් ආත්තගේ කඩේ. ආත්තා මියගියාට පස්සේ අපි කිවුවේ ආත්තා හිටපු සීයාගේ කඩේ කියල. නම දිග වැඩි වචනෙත් පොඩ්ඩක් පැටලෙන ගතිය වැඩි පස්සේ ලොකු එකා ඉඳල පොඩි එකා දක්වා හැමෝම කිවුවේ සීයාගේ කඩේ කියලා.
මම එක වසරට බාර දුන්න දවසේ ඉඳල මේ කඩේ හොඳට මතකයි. අවුරුදු ගානකට සැරයක් පොඩි තීන්ත පාරක් දැල් වටේ ගෑවට සමහර බඩු ඇන්ටික් වෙලා. බිස්කට් පැකට් වල පාට පාට කවරය තනි සුදු පාටට හැරිලා. මේ කඩෙන් මම මුලින්ම ටෝෆියක් හොරෙන් කෑවේ එක වසරේදීමයි. ඒ ප්‍රසාද් ගේ හැකියාවෙන්. ප්‍රසාද් කියන්නේ මම එක වසරට බාර දුන්නු වෙලේ මගේ වම් පැත්තේ පුටුවේ හිටපු කෙනා. ලේනෙක් අඳින්න කියපු වෙලේ මගේ පොතේ නරියෙක් ඇඳලා නරියට ලේනා කියපු ප්‍රසාද් ගේ ආත්තමගේ කඩේ තමා මේ. අපි දෙන්න ඉස්කෝලේ ඉවර වුන ගමන් කඩේට ගියාම ආච්චි අහක බලද්දීම බෝතලෙන් ටොෆි ගන්නේ අනුන්ගේ කඩේකින් හොරෙන් ගන්න විදියට. නිකන් ලැබෙන ටොෆිය කන්න මම හැම දාම ප්‍රසාද් එක්ක යන්න පුරුදු වෙලා හිටියේ මටත් නොදැනීමයි. ටික කාලයක් යද්දී ඒ පුරුද්ද නැති වෙලාම ගිය.
මේ ආච්චි ගෙන් පස්සේ නිතරඟයෙන් මුදලාලි වුනේ සීයා. සීයා ඒ හැටි පොඩි ළමයින්ට කරුණාවන්ත නෑ නිකන් ටොෆි එකක්වත් දුන්නේ නැහැ කවදාවත්.බස් එක පරක්කු වෙද්දී වතුර බොන්න ළමයි කඩේට යද්දී සීයාගේ නහය දිග් වෙනවා කේන්තියට. හිටපු ගමන් බැනලත් එලව ගත්තු දවස් තිබුනා වතුර නොදී. දැල් අස්සේ එල්ලිලා සෙල්ලම් කරද්දී දැල් දොරේ ඔන්චිලි පදිද්දී තරම් මේ සියට කේන්ති ගියේ නැහැ වෙන මොකකටවත්. කොහොම කලත් ලොකු ළමයින්ට පොඩි කැමැත්තක් තිබුනා මොකද කිසි කරදරයක් නොකර ඉන්න නිසා වෙන්න ඕන. අපිට ඒ විදියට සැලකුවාට මම කාලෙක ඉඳං මේ සීයා එක්ක කේන්තියෙන් හිටියේ. ඒ මට පොඩි කාලේ කරපු වැඩක් නිසා.
ඒ කාලේ මම 7 වසරේ වගේ වෙනද වගේ වතුර තිබහක් හැදිලා අපි වතුර බොන්න ගියේ සීයාගේ කඩේට. පිරිසක් එක්ක ගියාට කවදාවත් වතුර දෙන්නේ නැහැ. තනි තනියෙන් යද්දී සියාටත් සංතෝසයි අපිටත් වතුර ලැබෙනවා. මට කලින් කඩේට ගියේ නිශාන්ත ඊට පස්සේ මම. මට දුන්නු වතුර ටිකක් අමුතුයි වෙනද දෙන තැනින් නෙවෙයි වතුර ගත්තෙත්. බොන්න දුන්නේ වතුර එකෙත් තේ කොළ තව බත් ඇටයක් වගෙත් තිබුනා. එක උගුරක් බොද්දි රස වෙනස් බව තේරුණා නිසා බොන විදියට ටිකක් ඉඳල වතුර එක විසිකරලා දාලා නිශාන්ත ඉන්න තැනට ගිහින් විස්තරේ කිවුවාම දැනගත්තේ ඒ ඊට කලින් නිශාන්ත ගියපු වෙලේ අත හෝදපු හා කෝප්ප හෝදපු වතුර මට බොන්න දුන්නේ කියලා. එතන හිටපු අනිත් එකා අපි දෙන්නටම කලින් ගිහින් අඹ ගහෙන් ඇහුලුව ගෙඩියත් හෝදලා තියෙන්නේ මට වතුර දුන්නු තැනින්. එදා ඉඳල වතුර බොන්න අපි වෙන කඩයකට යන්න පුරුදු උනා.
අපි ලොකු පන්ති වලට ගියාම දිග කලිසම් අඳින්න පටන් ගනිද්දී කලින් වගේ නෙවෙයි පොඩි පිළිගැනීමක් තිබ්බා. කඩේ ඇතුලට ඇවිත් වාඩි වෙලා ඉන්න අවසරය ලැබුනා. ඒ කාලේ තමා දැනගත්තේ පොඩි වුන්ට අකමැති හේතුව. කඩේ දැල් අතරින් අනම් මනං කඩේට ඇතුල් කිරීම දොරේ එල්ලිලා සිසෝ පැදීම හකුරු කෑලි කිරි ටොෆි වගේ දේවල් ණයට ගැනීම පසුව ආයේ මුදල් නොදීම පස්සේ අකමැත්තෙන් වුනාත් ඒ දේවල් අමතක කරන්න සිදු වීම වගේ සිද්දි නිසා පොඩි වුන්ව පෙන්න බැහැ. මොනවා උනාත් කතාව සාධාරණයි. ඒත් මට කරපු ඒ අලුගුත්තේරු වැඩේ මටනම් තවමත් හොඳට මතකයි. සමහරවිට ආච්චි නැති සොවින් ඉන්න නිසා මේ වගේ වැඩ කරනවද දන්නේ නැහැ .
එදත් අපි තුන්දෙනා කඩේ ඇතුලේ බැංකුවේ වැඩි වෙලා ඉද්දි අපිට තිබහක් ඇවිත් තිබුනේ. ටිකකින් අපිට හිතුන දේ නිශාන්ත දෙසැරයක් හිතන්නේ නැතුව ක්‍රියාත්මක කලා. රාක්ක අතරේ පාට පාටින් තියෙන එක එක ජාතියේ බිම බෝතල් තුනක් අපි තුන් දෙනාගේ බෑග් ඇතුලට අතුරුදහන් වුනා. බෝතල් අඩි දෙකක් විතර විශාල කන්නාඩි දෙකක් නිතරම පැළඳගෙන හිටියාට පෙන්නේ නැහැ. කන් ඇහෙන්නෙත් නැහැ කියල අපි දැනගත්තේ බෝතල් දෙකක් එකට වදිද්දී එන ශබ්දයට කිසි වෙනසක් පෙන්නේවේ නැති නිසා. එක සැරේම කඩෙන් එලියට යන්නේ නැතුව ටිකකින් අපි සීයට සුභ පතල කඩෙන් එලියට ගියේ හංදියෙන් ටිකක් එහාට වෙන්න තියෙන කරදරයක් නැති පාළු තැනකට. මුඩිය කටින් කඩලා වීදුරු බෝතලේ ඇති රතු පාට බිම ටික කටට හලාගෙන ටිකක් රස බලලා ටිකකින් උගුරෙන් පහලට යද්දී දැනෙන සනීපෙ ගැන කියල වැඩක් නැහැ. තුන්දෙනාගෙම තිබහත් ගිහින් බඩ ගින්නත් ඉවරයි. හිතටත් සනීපයි. අපි කවදාවත් හිස් බෝතල් අකුලකට වීසි කලේ නැහැ. ඒ බෝතලෙත් බෑග් එකේ දාගෙනම ගියේ. ටිකකින් එන පාන් බාගේ බස් එකේ සැමන් වගේ ළමයි පැක් වෙද්දී අපි දොරටුවේ එල්ලීලා යන්නේ හිස් බෝතලයත් පිටේ එල්ල ගෙන.
අපි එදා මෙහෙමයි හිටියේ.
කිලෝ මීටර් හයක් විතර බස් එකේන් ගිහින් බහිද්දී අපිට ආයෙත් තිබහයි. ඒ පාලතටම සීයාගේ වගේ කඩ තිබුනේ එකක් නිසාත් ආයේ බොනවානම් සල්ලි දීලා තමා බොන්න වෙන්නේ. ඒත් අපි හොරෙන් ගන්නෙත් නැතුව සල්ලි දෙන්නෙත් නැතුව තව බිම බෝතල් දෙකක් ගත්තා. ඒ සාමාන්යෙන් හිස් බෝතලයකට රුපියල් දහයක් ලැබෙනවා බෝතල් තුනෙන් ලැබෙන සල්ලි වලින් අපිට තවත් බෝතල් දෙකක් ගන්න පුළුවන් කම තිබුනා ඒ වායේත් රස බලල කට්ටියම සතුටින් විසිරිලා යනවා. කාලයක් මේ විදියට කරද්දී සීයාට ටිකක් වෙනසක් දැනිල තිබුනා බෝතල් අඩුවීම ගැන. පස්සේ අපි බෑග් එකේ දාගෙන ගෙදර ලඟට හිස් බෝතල් ගෙන යන එක නැවැත්තුවා. සීයාගෙන් අරගෙන මගට ගිහින් බිලා හිස් බෝතලේ ආයේ හොරෙන්ම ගෙනල්ලා රාක්කෙන් තියලා කිසි දෙයක් නොවන විදියට ආයෙත් කඩේ වාඩි වෙලා අපි අපේ පාඩුවේ හිටියා. කාලෙකට පස්සේ සීයාගේ පුතා, ප්‍රසාද්ගේ තාත්තා කඩේ බාරගත්තයින් පස්සේ ඉබේම අපි කඩේට යන එක නැවතුනා..
අපි දන්නා කාලේ ඉඳල සීයා බෞද්ධ පොත් කියවන ගමන් හිටියේ . සීයා "සිරිවර්ධන බුද්ධාගමේ" සරණ කියපු උපාසකයෙක්. දැන් කාලේ ප්‍රසිද්ධ සිරිවර්ධන කියන තැනැත්තා ඒ කාලේ ඉඳලම මේ වගේ වයසක මිනිසුන්ගේ මනස විකුර්ති කරලා තිබුනේ. ඔහුගෙන් බණ අහල සියදිවි නසාගත් එකම පුද්ගලයා මේ සීයා වෙන්න ඕනේ. අපේ පාසල් ගමනේ අවසාන දවස් කිහිපයේදී දැනගන්න ලැබුනේ මුහුදට පැනලා සියදිවි නසා ගත්තා කියන සංවේදී පුවත. ගාල්ල කොටුව උඩ ඉඳල මුහුදට පැනලා තියෙන්නේ "මේ මගේ කුණු ශරීරය මුහුදේ ඉන්න මාළුන්ට ආහාරයක් වේවා ඒ පිනෙන් නිවන් දකින්න ලැබේවා" කියල. ඒ වෙලාවේ කොටුවේ හිටපු හිඟන මනුස්සයෙක් සාක්ෂි දීලා තියනවා අන්තිමට පනින්න පෙර සීයා කියපු වචන ටික. මිය යන්න කලින් සිකුරාදා දවසේ "සිරිවර්ධන" බණක් දේශනා කරද්දී මේ වගේ වයසක පිරිසකට කියල තියෙන්නේ මේ කුණු ශරීරය කෙනෙකුට ආහාරයට දෙන්න වගේ අදහසක් එන දෙයක්. සීයා මුහුදට කෙසේ වෙතත් මුහුදු රැල්ලට පැනලා තියෙන්නේ. උඩ ඉඳං පනිද්දී ගොඩට ආපු රැල්ල අයෙත් ගිහින්. කෙලින්ම වැටිලා තිබුනේ කළු ගල් ගොඩට. කොහොම උනාත් නිවන්නම් දකින්න බැරි වෙයි ඒ කාලේ කරපු ඇතැම් වැඩ නිසා. සිරිවර්ධන ගෙන් බණ අහපු කි දෙනෙක් මේ විදියට අකාලේ ජිවිත නැති කරගත්තද දන්නේ නැහැ.
වෙනදා වගේම සිත්තරේ තිලිණිගෙන්.
Labels:
පොඩි කාලේ
Subscribe to:
Post Comments (Atom)
ෂෝක් ඉස්කෝලෙ කාලයක්....ඔහොම අතීත මටත් තිබෙනවා ....!මතක් වෙනකොටත් හිනායනව...අර සීයානම් පව් මචං...!බුදු දහම විකුර්ති කරන උන්ට මොනව කරන්නද මංදා...???
ReplyDeleteමොනවැයි ඉස්සුවෙ??
Deleteටෙනිස් බෝලයක් උස්සල..මාට්ටුවෙලා..නෝන්ඩි උනා නැතිවෙන්නම..හිකිස්..!
Deleteඕව් ඒ කාලේ ජොලි තමා ඒත් හරි ඉක්මනින් ගෙවිලා ගියා නේ. සියානම් පව් තමා ඒත් මට හිතෙන විදියට ටිකක් ඔළුව අප්සෙට් වගේ අන්තිම කාලේ.
Deleteවීමු = මේ පහල උත්තරේ දාල තියෙන්නේ.
පොකුර = කවුද උඹලව නොන්ඩි කලේ කඩේ මුදලාලිද? නොන්දිකරලා බේරුනා එක ඇති ගුටි නොදී.
ඔය වගේ බොරුකාරයො ඉන්නෙ ආගම නාමෙන් විතරක් නෙමේ.කී දෙනෙක්ගෙ ජිවිත නැතිවෙලා ඇත්ද?
ReplyDeleteසිත්තරෙත් ලස්සණයි!!!
ඇත්ත මේ වගේ කි දෙනෙක් තව ඉන්නවා අතීත. මේ සිරිවර්ධන ප්‍රසිද්ධ වුනේ මේ ලඟදි නේ.
Deleteකොච්චර උත්සාහ කලත් බුද්ධිය දෙන්න බෑනේ මනුස්සයෙකුට..
ReplyDeleteසිරිවර්ධනට විතරක් බැනලා වැඩක් නෑ අසරණයා..
කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න ඕන..
සිත්තරේ නම් වෙනදා වගේම අපූරුයි..
ඔයා ඉතින් ඕකට බුද්ධිට බැනලා වැඩක් නෑනේ.. ඌ මොනවා කරන්නද මේ කොහෙවත් වෙන දේවල් වලට.. ?
Deleteරූ... = ඇත්ත කන්න බොන්න දෙන්න පුළුවන් ඒත් මොලේ දෙන්න බැහැ කියල තියෙනවා නේ.
Deleteසිත්තරේ ස්තුතියිය තිළිනිට නේ.
සෙන්නා = හෙක් හෙක් එක ඇත්ත ඒ අහිංසකය මක් කරන්නෙයි.
@සෙන්නා,
Deleteමේ සෙන්නා.. ඔයා නම් වලියටමයි එන්නේ..
අර කතාවක් අහලා තියනවාද කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටපු දාට වෙන සංතෑසිය ගැන..
ඔන්න මම නොකිව්වයි කියන්න එපා..
@ රූ....
Deleteඔය විදිහට කෙහෙල් ගහක පැටලුනු එක කොට්ටෝරුවෙකුව දැකලා තියෙනවද?
@රූ.... ඔන්න දෙන්න බලන්න ඔයාගේ උත්තරේ.
Deleteමං මලා.....
Delete@හරී,
Deleteඔයා කියන එකත් ඇත්ත..හැබැයි මේ කතාව කියන්නෙ උපමා රූපකයක් විදිහටනේ..
මම හිතන්නෙ මම සත්තුවත්තෙදි ඇරෙන්න කොට්ටෝරුවෙක් හරියට දැකලා නෑ..හික්ස්..
මම දැන් කාගේ පැත්ත අරගන්නද කියල හිතන්නේ.
Deleteකරපු වැඩේට තරහක් ආවත් අපරාදෙ මනුස්සය නොමඟ ගියේ.
ReplyDeleteතරහා ආවේ මාත් එක්කද අනේ බං සමාවෙන් ඩි..
Deleteඋඹ එක්ක නෙවේ බං ඉඳුල් වතුර දීපු මුදලාලි එක්ක.
Deleteහෙක්. ඔව් හෙන අප්‍රිය සිද්දියක් බං..
Deleteඅසරණය පොඩි කාලේ අසරණ කමට ඉඳලා නෑ වගේ..........
ReplyDeleteකොහොම උනත් අර සීය පව්.. අන්ධ විශ්වාස නිසා ඔහොම කීදෙනෙක් දුක් කරදර වලට වැටිල තියනවද දන්නේ නෑ
ඉස්සර වගේ නැහැ දැන් හෙන අහිංසකව ඉන්නේ. සමාජේ විසයි නේ ඉතින් බයයි.
Deleteඇත්ත දැන් ඉන්නේ මිථ්‍යාව වපුරන අයනේ...
මෙන්න මම ආසා ජාතියෙ කතා!
ReplyDeleteපහත සඳහන් කතා විස්තර සහිතව බ්ලොග් පෝස්ට් වලින් ඕනෑ කර තිබේ.
1. සීයාගේ කඩෙන් එක වසරේදී ටොෆියක් හොරෙන් කාමේ කතා වස්තුව
2.ප්‍රසාද් ලේනෙක් ඇඳ නරියා යයි නම් කල කතා වස්තුව.
henryblogwalker the Dude
හපෝ මේ දෙකේ මට ලොකු විස්තරයක් මතක නැහැ. එක වසරේදිනේ සිද්දිය උනේ. ඒත් මම උත්සහ කරන්නම්.
Deleteප්‍රසාද් දැන් ඉන්නේ ඔයා ඉන්න රටේ හැබැයි මොන දුපතේද දන්නේ නැහැ.
චිත්තර ටික නං සිරා ඈ.. :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි මචං සොරි රජෝ
Deleteඅනේ මන්දා මේ මිනිස්සු මොකර අර සිරිවර්ධන කාරයා අදහනවද මන්දා...
ReplyDeleteඅර කිව්වත් වගේ ඔය වගේ කීදෙනෙක් ඔහොම මාළුන්ට කෑම වෙලාද මන්දා.
කවුද හැබෑට ඔය සිත්තර තිළිණි ??? ඔබ තුමාගේ ......
Deleteඒ කාලෙම ගමේ මිනිස්සුන්ට තේරුනා බොරුව ඒත් දුර පළාත් වලින් මිනිස්සු දිගටම එන්න ගත්තා.
Deleteමධුර ඕනේ නැති ප්‍රශ්න අහන්න ඔට්ටු නැහැ.
oya siriwardhana goiyawa
ReplyDeleteula thiyanna one.sithara ela !
ඇත්ත එහෙම දෙයක් කරන්න ඕනේ. ඒත් උලෙ ජරාව ගැවෙනවා නේ.
Deleteස්තුතියි.
'ලේනෙක් අඳින්න කියපු වෙලේ මගේ පොතේ නරියෙක් ඇඳලා නරියට ලේනා කියපු ප්‍රසාද් ගේ ආත්තමගේ කඩේ තමා මේ.' මේ ටික ෂෝයි! හි හි හි..
ReplyDeleteචිත්‍රෙත් අපූරුයි යාළු :)
උඩින්ම ලියල තිබුනේ ලේනා කියල ඒත් අන්දලා තිබුනේ නරියෙක්. හවස අම්මා ඒ චිත්‍ර ගැන මොනවද කිවුවා මතකයි ඒත් හරියටම මතක නැහැ. ඒ සිද්දිය පොස්ට් එකේ ලියද්දි මට තනියෙම හිනා.
Deleteස්තුතියි අගයකිරීමට.
අසරණ ගොයියට එන්න කියාපිය
ReplyDeleteමේකට උත්තර දෙන්න කියාපිය
henryblogwalker the Dude
මෙයි අදහස් කලේ මධුරංග ඇසූ දෙවෙනි ප්‍රශ්නයය. එතන යම්කිසි අභූත හේතුවක් නිසා කමෙන්ට් නොවැටේ. එකට ඇලෙන රටේ ඉන්න එකාගේ තවත් ගුරුකමක් විය හැක.
Deleteප්රශ්නය පැහැදිලි නැතිනම් මධුරංග ඇසුවේ "කවුද හැබෑට ඔය සිත්තර තිළිණි ??? ඔබ තුමාගේ ......?"
අසරණ ගොයියට එන්න කියාපිය
මේකට උත්තර දෙන්න කියාපිය. :D
henryblogwalker the Dude
ම්..... කවුද අෆ්ෆා ඒ අසරණී.
Deleteකිසිම ගුරුකමක් කල නැත සත්තයි. හේ හේ.
Deleteඇයි බං මම ඒ හැටි අසරණ වෙන ප්‍රශ්න අහන්නේ. මේ තිලිනි කියන්නේ මගේ යාලුවෙක් බං...හෙන්රි පල්ලා..
DDT = අසරනියෙක් නෙවෙයි පිහිට වෙන්නියක් මචං..
හැබෑටම කවුද මේ තිළිණි.. නංගිල දෙන්නෙක් ඉන්නවා කිවුවනේ.. ඒ කවුරු හරිද? අසරණයගේ අසරණි නොවන බවනම් හොදින්ම දනිමි... :)
Deleteනැහැ නැහැ ඒ කවුරුවත් නෙවෙයි. මේ බං ගැල්ලමයෙක්...
Deleteආව්........... කවුද තිළීණී?? ;) ගෑල්ලමයෙක් බව නමින් තේරෙනවා...
Deleteහිතු = උත්තර නැති ප්‍රශ්න අහන්න ඔට්ටු නැහැ ..
Deleteසිරිවර්ධනල විතරක් නෙවෙයි දැන් කාලෙ සමහරක් හාමුදුරුවරුත් දේශනා කරන්නෙ අමුතුම බුදු දහමක්. අනේ මන්ද මේව මෙහෙම වෙන්න ගත්තොත් තව කාලයක් යනකොට මිනිස්සුන්ට ආගම දහමට තියෙන විශ්වාසය, භක්තිය නැතිව යාවි.
ReplyDeleteඉස්සරනම් කිවුවේ "කලකිනි බුදුකෙනෙකුන් උපදින්නේ" කියල.ඒත් දැන් පඳුරක් පඳුරක් ගානේ බුදුවරු. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ.
Deleteමදැයි සීයට වෙච්චි දේ! තව කී දෙනෙක් ඔහොම නොමඟ යනව ඇත්ද!
ReplyDeleteඅපේ ගමේනම් මෙයා විතරයි මොකද ඒ කාලේ මිනිස්සුන්ට තේරුණා සිරිවර්ධන කියන්නේ කවුද කියන එක.
Deleteපව් සීයා..
ReplyDeleteඕව් පාඩු පිට කඩේ කලේ. අන්තිමේ සියදිවි නසගත්තා.
Deleteඅඩේ මටත් මතක් උනා හොරෙන් හැලප කාපු සීන් ...
ReplyDeleteහපෝ උඹ හැලප හොරෙක්නේ. හැලපයා හෙක් හෙක්..
Deleteපාන් භාගෙ බස් එක ගැන කියද්දි මට මතක් වුනේ... ඔය වගේ පාන් භාගයක් සිරා පාසලේ 6 වසරේ ඉන්නකොට පාසල ඉදිරිපිටින් ධාවනය වුනා... ගම්පහ - මෝරැපොල මට මතක විදියට මේක දිව්වෙ... සීට් තිබ්බෙ 2ක් හෝ 3 හැමදාම පාසල ඇරෙන වෙලාවට මේ පාන් භාගෙටම නගින්න ළමයි හැමෝම කැමතියි.. ඒ සැමන් වෙන්න තියෙන ආශාවට.. යන්න පුලුවන් හැම තැනකම එල්ලිලා, ඇලවෙලා ටවුමට සේන්දු වන පාන්බාගෙ නවත්තපු ගමන් කොල්ලො සල්ලි නොදී මාරැවෙන හින්දා ඩැයිවර් තුමත් බැහැලා එනවා සල්ලි එකතු කරන්න.
ReplyDeleteමම මුලින්ම සල්ලි නොදී බස් එකේ ගිහින් ටිකර්ට් පරික්ෂක්යෝන්ට අහු වෙද්දී මම දෙක වසරේ. පස්සේ ඉතින් අපි සීසන් නේ.
Deleteකොල්ලෝ ඩ්‍රයිවර් සීට් එකෙන් බැස්සේ නැද්ද? මම නම් එහෙනම් එතනින් තමා එක්සිට්... :)
Deleteපොඩි කාලෙනම් මම විදිරුවෙන් බැහැල තියෙනවා කවුද කෙනෙක් මාව වීදුරුවෙන් එලියට දැම්මා තාත්තා වඩා ගත්තා.
Deleteක්සැන්ඩර් ට තරම් මොළයක් තිබ්බෙ නෑනෙ හැබෑටම එකෙක්ටවත්....
Deleteසිරිවර්ධන අංකල් දැන් අතුරුදහන් වෙලා වෙන්නැති මේ ලඟදි යුද්ධ ප්‍රකාශ කරලා තිබුනනේ.මෙයා ගැන දැනගන්න මම කියෙව්වා අංකල් මෛත්‍රිය කියලා බ්ලොග් එකකුත්.එයාලා ගානට මෙයාගේ රෙදි ගලවලා තිබුනා...
ReplyDeleteවෙනදා වගේම පට්ට ලස්සන චිත්‍රයක් අයියේ.ඒක නෙමේ කාලයක් නම නොකියා නොකියා ඉඳලා දැන් නම කිව්වා යන්තම්.ඊළඟට ඔය ඩුඩිතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නනම් වටිනවා....
හැමදාමත් වගේ සුන්දර මතකයක් ලස්සනට එලිදක්වලා තියෙනවා.මගෙ ජීවිතේ ඔහොම උස්සපු අත්දැකීම් කීපයක් තියෙනවා.එකක් ඉස්කෝලෙ කැන්ටිමේ හිස් බීම බෝතල් උස්සන්න මගෙ තඩි බෑග් එක පරිත්‍යාග කරලා කැන්ටිමේ ඇන්ටිලව නොමග යවන්න බොරු සංවාදයක් දාගෙන හිටීමක්.
අනික ඩීවිඩි රෙන්ට් කරන කඩේකින් අළුත් ඩීවිඩි අරගන්න එතනත් ඒකෙ අයියව කතාවට අල්ලගෙන නොමග යැවීමක් කලා.කතාවට අල්ලගෙන ඉන්න පුළුවන් නිසා ගානට වැඩේ කලා ඒත් පහුවදා ඒකා මාව අල්ලගත්තනේ.මූ කැමරාවක් හයි කරලා තිබිලා මගෙ යාළුවෝ මාට්ටු.මම කිව්වා ඕවා මම දන්නෑ මම එව්වා ඉල්ලලා ගෙනත් දෙන්නම් කියලා.... ඒ යක්කු මට ඩීවිඩි එක දුන්නා ගිහින් දෙන්න කියලා.ඒක අයියා ඇරලා බලද්දි කේසින් එක විතරයි ඩීඩිඩිය දෙවෙනි පාරටත් මගෙ යාළුවොම උස්සලා....
ඕව් දැන්නම් මොකක්ද දන්නේ නැහැ අලුත්ම තත්ත්වේ සිරිවර්ධනාග් කොහේ ඉන්නවද කියල හොයන්න වෙනවා.
Delete//කාලයක් නම නොකියා නොකියා ඉඳලා දැන් නම කිව්වා යන්තම්.ඊළඟට ඔය ඩුඩිතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නනම් වටිනවා...// මොකක්ද බං උඹල ඔක්කොම මාව අසරණ කරන්නේ. නිකන් සිත්තරවියක් බං ඒ..
උඹ හීන් නුලෙන් ගේම දෙන එකා විත්තිය අපි දන්නවා නේ.
උම්බේ යාළුවා තමා යාලුවා. හොරුන්ගෙන් හොරු කම්බ හොරු කියන්නේ මෙන්න මෙයාලට..
එච්චර මෝඩ අංකල් කෙනෙක්ද බං ?
ReplyDeleteඕව් හිතේ අමාරුවෙන් ඉන්නත් ඇත්තේ.
Deleteමොකක්ද බන් සිරිවර්ධන බුදු දහම කියන්නෙ.. සිරිවර්ධන සිටානනුත් දහමක් දේශනා කළාද ?
ReplyDeleteමරු කතාව..මොනවා උනත් හොරකම හොඳ නෑ...
නැහැ මචං කාලෙක ඉඳල සිරිවර්ධන කියන කෙනෙක් බණ කියනවා තියෙන බුද්ධර්මය විකුර්ති කරලා. මෑතක ඉඳං කියනවා එයා බුදුවෙලාලු ඉන්නේ. ලඟදි ලොකු ප්‍රශ්නෙකුත් ඇති වුනා.
Deleteපාසල් නිළ ඇඳුම ගැලෙවුවයින් පස්සේ ඒ හැම නරක වැඩක්ම අතෑරියා. දැන් අහිංසකයි.
siyata ahu unanam tama wade wenne. :):)
ReplyDeleteසියාගේ හැරමිටිය කිතුල්.
Deleteවීදුරු කෑල්ලක් පෙන්නල "මේං මැණික් ගලක්" කියල කිව්වම "එහෙයි" කියල පිළිගන්න මිනිස්සු ඉන්නකං මේ වගේ හොරුංගෙනුත් අඩුවක් වෙන එකක් නෑ. ඔය සීයල වගේ මිනිස්සු පව් ඉතින්.
ReplyDeleteඇත්ත ජිවිතේ සැන්දෑ සමයේ නේ බුද්ධනම්බන ප්‍රීතිය වැඩි වෙන්නේ ඉතිං නිවන් දකින්නමයි යන්නේ.
Deleteමොනා උනත් සීයා පව් වැඩේ..
ReplyDeleteඇත්ත බං හිටියනම් තව අවුරුදු 5 ක් විතර ජිවත් වෙනවා.
Deleteඅපිත් හොරෙන් බනිස් කාල තියෙනවා තව ගොඩක් ගොඩක් දේවල් කාල අහුවෙලත් තියෙනවා...හික්ස්...සීය මොනව වුනත් පවු...
ReplyDeleteකියන්න අමතක වුණා චිත්තර ටිකනම් නියමයි...
Deleteහපෝ මේ කෙල්ලොත් හොර වැඩ කරලා තියෙන්නේ ඒත් අහුවුන එක තමා අප්සෙට් එක.
Deleteස්තුතියි
ලස්සන චිත්‍රයක්.කවුද අප්පා මේවා අඳින්නෙ? විස්තරෙත් මරු..ඔයාල නම් හෙන මැරයො..දැන් නම් 'අසරණ' හහ්..අපි නම් රැවටේවි ඕවට..අසරණ...අසරණ...:D:D
ReplyDeleteමේ චිත්‍ර අඳින්නේ "තිලිණි" හෙක් හෙක්... ඇයි ඔයා අපිට අභූත චෝදනා කරන්නේ මැරයෝ කියල අපි නෙවෙයි බණ කිවුවේ අහිංසකව බිම බෝතලයක් බිලා හිටපු කොල්ලෝ.
Deleteචිත්‍රෙ ඇන්දේ තිලිණි කෙනෙක්. ඒ කවුද කියන එක තමයි තහනම් ප්‍රශ්නේ..
Deleteඋඹ විතරයි මට සපෝර්ට් කරන්නේ.
Deleteඔය සිරිවර්ධන ගොයියාටනම් පිස්සු ඈ. මොන නිවන් දකින්නද බන් අර වතුර එකම ඔහොම දුන්න එක කොච්චර පවක්ද? (හොරකම් කරපු එකත් ඒ වගේ තමා ඉතින්)
ReplyDeleteඇත්ත නිවන්නම් දක්කින්න බැරිවෙන්න ඇති මට දීපු වතුර එකට. තව ඒ වගේ කොච්චර වැඩ අක්රලා ඇති ද?.
Deleteමුහුදේ මාලුන්ට තමන්ගේ ශරීරේ පූජ කරන්න ගිය සීයගේ කතාව දැක්කාම මතක් වුනේ මීට අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා තරුණයෙක් සත්තු වත්තේ සිංහයෝ ඉන්න කෑල්ලට පැනලා තිබුණා තමන්ගේ මේ කුණු ශරීරේ සිංහයන්ට ආහාරයක් වේවා කියලා. ඒත් කොහොම හරි සත්තු වත්තේ මහත්තුරු මිනිහාව බේරගත්තා
ReplyDeleteහසිත ඇත්තටම මම ඒ කතාව ගැන ඒ හැටි මතකයක් නැහැ. ඒ තරුණයත් මේ කෙනාගෙන් බණ අහපු කෙනෙක්ද දන්නේ නැහැ. සත්තුවත්තේ මහත්වරු ඒ මනුස්සයව බේරගත්තට නීතියෙන් බේරෙන්න බැරි වෙන්න ඇති.
Deleteසීය ඔයාට කරලා තියන වැඩේ නම් අන්තිමයි. වතුර ටිකක් බොන්න ඉල්ලුවම මෙහෙම කරන්නෙ මොන වගේ මිනිස්සුද
ReplyDeleteඇත්ත මම හිතන්නේ ඉස්කෝලේ ළමයි එක්ක තිබුන කේන්තිය නිසා වෙන්න ඇති නැත්නම් ලොකු ළමයින්ට කිසි කරදරයක් නැහැ එකනේ කඩේ ඇතුලෙන් වාඩි වෙලා ඉන්න දුන්නේ.
Deleteඔය සිරිවර්දන නම් හෙනම කෙස් එකක්..
ReplyDeleteසිරිවර්ධන කියන මනුස්සය දැන් ඉන්නේ අත්තඩංගුවේද?
Delete"සිරිවර්ධන බුදුදහම" මට මීටර් නෑනේ අසාර් ඇයියේ එහෙම කතාවක්. කතාව කියවද්දී යන්තම් තේරුමක් ගන්න පුළුවන් මේවගේ පොරක් වෙන්න ඇතිය කියල.
ReplyDeleteහොරකම් කරන එක නම් නරක පුරුද්දක්. සමහරු විනොදෙට ඔහොම කරනව. සමහරු ඒක මගදී නවත්තනවා, එහෙමත් නැති අය, ජීවත් වෙන්න බඩගොස්තරේ රැක ගන්න පවා හොරකම් කිරිල්ල දිගටම කරගෙන යනවා.
මොන පින කලත් කරුමේ පල දෙනකොට තැනක් නොතැනක් නෑ. එහෙව් එකේ පව් කරන මිනිහෙක්ගේ පලදීම හිතාගන්න පුළුවන්නේ කාටත්. පුංචි කාලේ නොදැනුවත් කමට කරන දේවල් වලට මම හිතන්නේ නෑ පව් පිරෙයි කියල.
මතකද ලඟදි ප්‍රශ්නයක් වුනා බුදුවුනායි කියාගත්තු කෙනෙක් ගැන. එයාගේ තියෙන්නේ අමුතුම බුදුදහමක් ඒ ධර්මය හරි වෙනස්
Deleteහොරකමනම් නරක පුරුද්දක් ඒත් අපි ඒ දේවල් පාසල් කාලෙන් පස්සේ කලේ නැහැ.
කරපු පව් නිසා තම ඒ විදියේ වෙධනාවක් විඳින්න ඇත්තේ අන්තිමේදී.
// පුංචි කාලේ නොදැනුවත් කමට කරන දේවල් වලට මම හිතන්නේ නෑ පව් පිරෙයි කියල.// උඹ විතරයි හිත හැදෙන්න දෙයක් කිවුවේ හෙක් හෙක්..
දැන් බලන්න දරුවා මෙතරම් හොඳ ලිපියක් ලියලත් ව්‍යාකරණවලට තැනක් දී නැති හැටි.. "අපි ඉස්කෝලේ ඇරිලා බස් එක එනකන් හිටපු හංදියේ ලොකුම කොල්ලෝ ටික තමා අපි." පළවෙනි වාක්‍යයම ඉවරනෙ.. අපි කිව්වොත් ඉවර වෙන්න ඕනෙ 'මු' යන්නෙන්.. පහළ උදාහරණ බලන්න..
ReplyDeleteඋදා: අපි කන අඹ ඇයි මෙච්චර අමු.
අපි වැරදි වැඩ කළොත් ගහාවි ගම්මු.
අපි ඉන්න පින්තූරය කරනවා රාමු.
ලිපිය ගැන නම් කියන්න තියෙන්නෙ.. මම නම් ඉස්කෝලෙ කාලෙ ඔය වගේ වැඩ නම් කරලා නෑ වගෙයි මතක... ආ.. දෙක වතලෙදි මම දාපු උප්පලවැට්ටියක් සාල්තක වෙන්න ඔන්න මෙන්න තියලා කෙලවුනා..
සෙන්නා නම් ඒ කඩේ දන්නවා ඇති..
ඇත්ත පටන්ගත්තු තැනම වැරදිලා නේ. // "අපි ඉස්කෝලේ ඇරිලා බස් එක එනකන් හිටපු හංදියේ ලොකුම කොල්ලෝ ටික තමා අපි.// එකේ මෙහෙම ඉවරකරමු "ලොකුම කොල්ලෝ ටික තමා අමු"
Delete//අපි ඉන්න පින්තූරය කරනවා රාමු// දැඩි ලෙස සිනා ගියා.
ඒ මොකක්ද ඒ කතන්දරේ. විස්තර කියල බලමු.
කොයි කඩේද බන් ? ඉස්සෙල්ලා කතාව කියපන්කො..
Deleteකවුද අප්පා මේ සිරිවර්ධන...පව් අනේ අර සීයා. නම අසරණයා උනාට මගෝඩි වැඩත් කරලා තියනවා එහෙනම්.
ReplyDeleteමේ ලඟදි කෙනෙක් කිවුවේ බුදුවෙලා ඉන්නේ කියලා අන්න එයා ඒ කාලේ ඉඳලම බණ කියනවා අමුතු බණ එයාගේ නම තම සිරිවර්ධන. පස්සේ හැමෝම කිවුවේ සිරිවර්ධන බණ කියල.
Deleteඉස්සර ටිකක් ටිකක් එහෙම දේවල් කරාට දැන් අහිංසකයා.
දැන් බැලුවම සිරා (සිරිවර්ධන) කියන්නෙ මිනීමරුවෙක්නෙ.... :(
ReplyDeleteතව කි දෙන්නම් ඒ බණ නිසා ජිවිතේ නැතිකරගත්තද දන්නේ නැහැ.
Deleteඑක අතකට අයියලා පොඩි කාලේ අයියලට කරපු දේවල් නිසා වෙන්න ඇති මාළුන්ට කෑමක් වෙලා හරි පිනක් කර ගන්න හිතුනේ...
ReplyDeleteඇයි අපේ තිබහා නැතිවෙන්න බිම දුන්නේ. ඒ පිනම මදෑ නිවන් යන්න..
Deleteහැබෑට කවුද මේ සිරිවර්ධන?
ReplyDeleteනම අසරණ උනාට කරලා තියෙන දේවලින් එහෙම ගතියක් පේන්ට නෑ.
බලනකොට සයුරිත් කියලා තියෙන්නේ මම කියපුවාමයි.:)
මේ ලඟදි කෙනෙක් කිවුවේ බුදුවෙලා ඉන්නේ කියලා අන්න එයා ඒ කාලේ ඉඳලම බණ කියනවා අමුතු බණ එයාගේ නම තම සිරිවර්ධන. පස්සේ හැමෝම කිවුවේ සිරිවර්ධන බණ කියල.
Deleteසයුරිට දෙන උත්තරයේ ඔයාටත් දෙන්නම්.හේ හේ දැන් මම හෙන අහිංසකයා.
සීයා පව්. අපේ පැත්තෙ ඉන්නවා ඉංග්‍රීසි සර් කෙනෙක්.ටිකක් විතර මානසික ආභාදයක් තියෙනවා.හැබැයි හොදට උගන්නවනවා.ළමයින්ගෙ මූනට කෙලත් ගහනවා හිටපු ගමන්. අපි දන්න අක්කා කෙනෙකුත් ගියා. එයා ඔය කතාව කිව්වාම අපි ඇහුවා හිරිකිත නැද්ද කියලා. නෑ කිව්වානෙ.ඕන් බලමුකො ඒවගෙ හැටි...
ReplyDeleteමම හිතන්නේ ඒ කෙල වැටුනාම ඉංග්‍රීසි ඉගන ගන්න පහසු ඇති සාස්තරේ පිහිටනවා නේ. හෙක් හෙක්. එහෙම නැත්තම් ඒ සර්ට ආදරේ ඇති ආදරේදී කෙල හිරිකිත නැහැ නේ. ඔය ෆිල්ම් වල තියෙන්නේ දත් සුද්දකරගන්නේ දෙන්නත් එක්ක.
Deleteමරු ආට් එක ඈ
ReplyDeleteස්තුතියි බටේ..
Deleteසීය කරගෙන තියෙන වැඩක්...
ReplyDeleteපව් තමා ඒත් මොනවා කරන්නද?
Deleteහික් හික් එළ සීන් ටික....මේ චිත්රේනං මරු ඈ...කව්ද මේ........
ReplyDeleteඑල සිං එක කොයි එකද???? කවුද මේ .... ඇලිස්..
Deleteඉස්කෝලේ ලඟ කඩෙන් අපි ඉස්සර හොරෙන් මාළු පාන් කනවා....කඩේ ඉස්සරහින් මාළුපාන් එක අරගෙන පස්සේ දොරෙන් එලියට එනවා....කඩේ සීයා තේ හදන්න ගත්තම ලොකේ පෙරලුනත් දන්නේ නෑ.....
Deleteඅපි තැනක ඒ විදියට කෑවා ඒත් පස්සේ අපි එන වෙලාවට කඩේට වැඩ කරන්න කිහිප දෙනෙක් දැම්මා..
Deleteමරු චිත්‍රෙ...
ReplyDeleteඅපිත් ඔය වගේම තමයි ඉස්කෝලෙ කාලෙ, හන්දියේ සීයගෙ කඩෙන් අපි අහුවෙන අහුවෙන එක කනවා, ණයට... (ආපසු ගෙවීමක් නැත.) අන්තිමට අපි එනව දකිනකොට සීය ඉක්මනටම ඔය එල්ලල තියෙන බයිට් පැකට්, රබුටන්, වගේ දේ අපිට අත පොවන්න බැරි දුරකින් තියනවා... ඒක හරි පොඩි පෙට්ටි කඩයක් ... අපි ඉතින් කුඩයක් හරි දික් කරලා ගන්නම තමයි බැලුවෙ.. පව් දැන්නම් හරිම දුකයි.. ඒ සීයත් නැතිවුණා මේ ළගදි..
අන්න ඒ සිද්දි නිසා තමා ඒ සීයත් පොඩි ළමයින්ට කැමති නැත්තේ. පාඩු පිටනේ ඒ කඩේ දියුවේ...
Deleteඔයාලගේ සීයාත් පව්..
ප්‍රසාද්ගේ තාත්තා කඩේ බාරගත්තායින් පස්සෙ ඇයි කඩේට යන එක නැවැත්තුවේ යාලුවා ගැන දුක හිතුනද නැත්නම් යාල්වා වෙන්න යන දේ දැනගෙන හිටිය නිසාද,
ReplyDeleteසිරිවර්ධනකාරයගෙන් බණත් අහලා එහෙනම්
කළු ගල් වල ඔලුව හප්පා ගන්න කවුද කැමති. සාමෙට කැමති කොල්ලොනේ අයියා අපි ඒ කාලේ..
Deleteදැන්නම් ගමේ මිනිස්සු නෙවෙයි ගොඩාක් දුර පැතිවලින් එන්නේ.
කරලා තියෙන දේවල් නිසා තමා අසරණ වෙලා තියෙන්නෙ දැන්..:/ පවු හෆ්ෆා සීයා!!! :(
ReplyDeleteසුදු කලිසම ගැලෙවුවයින් පස්සේ ඒ හැම දෙයක්ම නැවැත්තුව අහිංසක වුනා ඊටත් පස්සේ අසරණ වුනා.
Deleteසීයාට පවු නොකියමි. සීයා ඉඳුල් වතුර තිබහට දෙන්න තරම් තුච්ජ මිනිසෙක් වීමම ඔහුව මේ තත්වයටද පත්කරන්නට ඇත. සිරිවර්ධන නුවර ඇවිත් නම් තව පොඩ්ඩෙන් බඩකට පුරා කන්න සෙට්වුනා.
ReplyDeleteඔව් ඇත්ත ඒ වගේ වැඩ කරන්න ඉස්කෝලේ පොඩි ළමයින්ට.
Deleteසිරිවර්ධන නුවරටත් ආවද? මම හිතුවේ එයාගේ අසපුවේ විතරයි ඉන්නේ කියල. දැන්නම් පොර හොයන්නත් නැහැ.
ආවා 2002 විතර. එතකොට එයා ඔච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි. තව හිටියා මැණිකේ මෑණියෝ කියලත් කෙනෙක්. දැන් ඉන්නවද දන්නේ නෑ,
Deleteඅර සියා මරුනේ ඒ වගේ කාලෙක තමා.අපේ පැත්තේ ප්‍රසිද්ද වුනේ මුල් කාලේ. මැණිකේ මෑණියෝ ගැන අහල තියෙනවා ඒත් වැඩි විස්තරයක් කියන්න දන්නේ නැහැ.
Deleteඅපිත් ඒ කාලේ ඉතින් ඔය වගේමනේ...වෙනසක් නෑ...
ReplyDeleteඋඹලා මහා හොරුනේ. ආස්සරේ කරන්න හොඳ නැහැ.
Deleteඊ...සීයා මහ ජරා වැඩේනේ කරලා තියෙන්නේ...ඉඳුල් වතුර බොන්න?????
ReplyDeleteඉන්දුල්මත් නෙවෙයි මේ බත් ඇට දෙක තුනක්.
Deleteපරක්කු උනා මේ පැත්තට එන්න .
ReplyDelete…ඔයාලත් කරල තියන වැඩ නේද ඉස්සර . කොහොම උනත් හරි සුන්දර පාසල් කාලයක් තිබිල තියනව .
…අර සිරිවර්ධනනම් අලිම හොරෙක් තමා . පුදුම කියන්නෙ අපේ මිනිසුත් යනවනේ වැල නොකැඩී මෙයා ගාවට .
පරක්කු වුනාට මොකද ඉතිං..
Deleteඔයා දවස් හොරෙන් කාල තියේද හා කියමු බලන්න.
සිරිවර්ධන වගේ ගොඩ දෙනෙක් අපේ රටේ බොරු බණ වපුරනවා..
හිහිහී.. අයියත් සෑහෙන පාඩුවක් කොරල නොවැ මුදලාලිට.. :D
ReplyDeleteකතාවෙන් සුන්දර ළමා කාලයත් වර්තමාණයට ඔවදනකුත් මතක් කරලා..
සිරිවර්ධනලා වගේ අය නිසා ශාසනේටත් රටටත් වෙන්නෙ ලොකු හානියක්.. ඇයිද මන්දා මේ වගේ දේවල් වලට නීතියෙනුත් අඩු අවධානයක් යොමු වෙන්නෙ.. :(
මම හිතන්නේ සියා කලකිරුණේ ඒ නිසා වෙන්න ඇති. මුහුදේ පනින්න තරම් ප්‍රශ්නයක්.
Deleteදැන්නම් ටික ටික මිනිස්සු එලියට බහිනවා ඒත් නිතියක්නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ වගේ මිනිස්සු කොටුකරගන්න.
පිස්සෙක් ද මන්දා! ඔය මිනිස්සු සමාජයට කරන හානිය නම් කවදාවත් මකන්න බැරි එකක්. පව් පස්සෙන් යන අය!
ReplyDeleteඇත්ත පවා පසුපස යන්නේ. කවදා කොහෙන් මේවා නතර වෙයිද දන්නේ නැහැ.
Deleteඅඩේ අප්පා කවුද මේ සිරිවර්ධන...? මට මේක ටික දවසකට කලින් අහුවුනේ නෑ නේ.
ReplyDeleteඅපේ මාමණ්ඩියා පන්සල කරෙ තියන් ඉන්නේ. මට නං එපා උනා එයා යන පන්සලට එක පාරක් ගියාම. ආගමේ වැරැද්දක් නෙවෙයි, යන කට්ටිය ඔලුව උඩ තියාගෙන ඉන්න හින්දා. උන්දැට මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියන්න තිබුනා මේ කතාව දැන ගත්තනං....
උන්දැත් සිරිවර්ධන කෙනෙක් නොවැ......
මේ ලඟදි කෙනෙක් කිවුවේ බුදුවෙලා ඉන්නේ කියලා අන්න එයා ඒ කාලේ ඉඳලම බණ කියනවා අමුතු බණ එයාගේ නම තම සිරිවර්ධන. පස්සේ හැමෝම කිවුවේ සිරිවර්ධන බණ කියල.
Deleteස්තුතියි මේ පැත්තේ ආවට..
අඩේ අප්පා මටත් මතක් උනා ඔය අන්කල්ව. දැන් ඒ කඩේ තිබුන තැනවත් හොයන්න නෑ. ඔක්කොම කාලයේ වැලි වලින් වැහිල ගිහිල්ලා.....
ReplyDeleteඕව් ඒ කඩේ නැහැ දැන්. කාලේ වැලිතලාවට නෙවෙයි පස් පුරවලා එතන ලොකු කඩයකුත් හදලා.
Deleteහෆොයි සීයට උන දේ...
ReplyDeleteඅසරණයා! අලි ඕලා නේද ඔයියා....
සියා මලා. නිවන් දකින්න වෙන්න ඇති.
Deleteමම හොර නැහැ.
විකෘති කරලා දෙසන දේවල් වලින් අර සීය වගේ අය කොච්චර නොමග යනවද..
ReplyDeleteකාලෙකට කලින් ආච්චි කෙනෙක් මෙහෙත් කඩයක් කලා. පොඩි එකෙක් ගියාම ආච්චිම දෙනවා ටොපියක්, සීනි බෝලයක් එහෙම..
ඇත්ත මචං අපි නොදන්නා කි දෙනෙක් ඉන්නවා ඇතිද?.
Deleteඉතින් ඒ ආච්චිගේ කඩේ වැහුවේ නැද්ද ඉතින්.