28 Jan 2012

තවත් එක් ලිංගික පාඩමක්.

                             


                                දවසක් රැයක වැඩ ඉවර වෙලා ගෙදර යද්දී මගේ රියදුරත් සමග (මගේ කිවුවේ ආයතනයෙන් ගෙදර යන්න ඔෆිස් එන්න දීල හිටපු කෙනා)  ඕපාදුප කතාකරන්න හිතුනා.රට තොට ගැන වගේම ඔහුගේ පෞද්ගලික ජිවිතේ ගැනත් අහන්න හිතුනේ ජිවන රටාවේ  තියෙන වෙනස් කම් ගැන දැනගන්න.වයස 40 ක් වෙන එහෙත් 30 ක් විතර පෙනෙන මේ පුද්ගලයා ගේ විවාහක අවිවාහක බව දැනගෙන බිරිඳ වගේම දරුවන් ගැනත්  නිකමට අහන්න කල්පනා කරා.


මට දැන් වයස 40 ක් වෙනවා. (මගේ ඇස් දෙක නළලේ) මගේ ලොකු දරුවට දැන් වයස 15 ක් .දැන් මට දරුවන් 4 දෙනෙක් ඉන්නවා.අන්තිමට ලැබුනේ දුවෙක්.පුතාල දෙන්නයි දුවල දෙන්නයි.සම සමව  ඉන්නවා නේ මට නිකම්ම හිතුනා.දිගු නිහඩ තාවයකින් පසු පාට තුනේ විදුලි කණුවක් ළඟ නතර කර නැවතත් වෙනත් මාවතකට යනවත් සමගම ඔහුම නැවතත් එම කතාවම ආරම්භ කළා.මට ඕනෑ වෙලා තිබුනේ දරුවන් 3 දෙනයි පුතාල දෙකයි එක දුවකුයි.එත් මගේ බිරිඳට තවත් දුවෙක් ඕනේ කිවුවා.ඒ කතාව මට නිකන් ජපන් සිංදුවක් වගේ.කිසි දෙයක් තේරුනේ නැහැ.


අපිට දුවෙක් ඕනේ වුනත් පුතෙක් ඕනේ වුනත් අපිට ලැබෙන කෙනා නේ අපි බාර ගත යුතුයි.දරුවා පිළිසිඳ ගත පසුව නවීන විද්‍යාවේ උදවුවෙන් දැනගන්න හැකියාවක් තියෙනවා.එත් කොහොමද පිළිසිඳ ගැනීමට පෙර ලැබෙන්න ඉන්නේ දුවෙක් ද පුතෙක්ද යන වග.රියදුරාට අවශ්‍ය පුතාල  දෙදෙනකුත් එක දුවක් එත් බිරිඳට හැම එකකින්ම දෙක දෙක.අවිවාහක මට ඒ ගැන කිසි අවබෝධයක් නැති මේ කතාව විකාරයක් වගේ දැනුනා.එත් ඔහුගේ බිරිඳගේ අවශ්‍යතව ඔහු ඉටුකළ.මට මෙය අලුත් දෙයක් වුවත් මෙය අලුත් සිද්දියක් වෙයි.ලංකාවෙත් ගොඩක් දෙනෙක් දන්නා අප්‍රසිද්දියේ යන චක්‍රයක් බව ලංකාවේ සිටින ම්තුරන් කිහිප දෙනෙක් මාර්ගයෙන් දැනගන්න ලැබුනා.


ඔහු ඔහුගේ රහස මට හෙලිකලා.එයට කියන්නේ චීන දර්ශකය කියල.මගේ දරුවන් 4 දෙනාම හැදුවේ ඒ දර්ශකයට අනුව ඉතින් එය සාර්ථකයි.ඔහු එම පොත මට පසුදින මා සන්තක කලා.මේ එම පොතේ ආකාරයට නොදන්නා පිරිස දැනුවත් කිරීමට ගන්න උත්සහයයි.

                                                       බය නැතුව හැසිරෙන්න මේ චක්‍රය ටිකක් වැදගත් නේද?


චීන දර්ශකය අනුව මේ ආකාරයට පාවිච්චිය සුදුසුයි.

 
වයස අවුරුදු 18 කාන්තාවක් ජනවාරියේ දරුවෙක්ගේ අවශ්‍යතවක් නිසා  ලිංගිකව එකතු වුනොත් ඇයට ලැබෙන්නේ දියණියක්.එහෙත් 19 කාන්තාවක් ජනවාරියේ එකතු වුනොත් ලැබෙන්නේ පුතෙක්.ඒ ආකාරයට මේ චක්‍රය යන්නේ.ඔහුගේ දරුවන් සතර දෙනාම ඉපදුනේ මේ ආකාරයට චීන චක්‍රය භාවිතා කිරීමෙන්.මෙම රටේ ප්‍රතිශතයක් ලෙස වැඩි පිරිසක් මෙම දර්ශකය භාවත කරන බව ඔහු ආඩම්බරයෙන් කියන්නේ.


එහෙත් ලෝකෙන්ම සියට 95 ක්ම තම කුළුඳුල් දරුවා වන්නේ දියණියක්.එයට හේතුව මා දන්නා තරමින් කාන්තාවට පළමු දරු ප්‍රසුතියෙන් පසුව තමයි පිරිමි දරුවෙක් ලබන්න හැකි ජානමය ශක්තියක් ඇති වෙන්නේ. 


මට මෙය අලුත් දෙයක් වුවත් විවාහක ඔබට එක අලුත් දෙයක් නොවෙන්න පුළුවන්.මෙම චක්‍රයේ නිවරද්‍ය භාවය කොතෙක් දුරට ඇද්දැයි මම නොදනමි.මෙම චක්‍රය ගැන හොඳ අවබෝධයක්  අපේ වෙද මහත්තයා දන්නවා ඇතැයි සිතමි.ඒ වගේම දැනට දරුවන් සිටින ඔබ මෙය කොතරම් සත්‍යක්ද යනවග නොදත් පිරිස දැනුවත් කිරීමට කාරුණික වන්න.


අලුත විවාහ වූ සහා විවාහයට සුදානම් වෙන සියලු දෙනා මෙම චක්‍රය භාවිත කර වෙනස වැටහා ගෙන මෙය ගැන නොදන්නා අපි වැනි වුන්ව දැනුවත් කර ඒ ලබන්නා වූ පිං බලෙන් වැඩි වැඩියෙන් ලැබේවා බබාලම.




ස/යු : බූත වනේ අවසාන කොටස ඊළඟ පොස්ට් ඒකෙන බල පොරොත්තුවන්න.





23 Jan 2012

අපේ ගමේ "බූත වනේ".2 කොටස..

                              
                               


                                       අංජන අත දික් කරලා පෙන්නපු දිහාට අපි  අත් අල්ලාගෙන කටුපඳුරු උඩින් දොළක් හරහා නයි හුබසක් වටෙන් ගිහින් පැටි මාමගේ ඉඩමේ  කොනට වෙන්න ලං වුනා.අපි  මිට කලින් පැටි මාමගේ ඉස්සරහ මිදුලට ගිහින් තිබුනට කුස්සිය  පැත්තෙන් ගිහින්  තිබුනේ නැහැ.ඉතින් අපිට ඒ පැත්ත දැනුනේ නිකන් අර කැලේම  කැල්ලක් විදියට.

ඉරුණු සරුංගල් අලවන්න පාප්ප ටිකක් හදාගන්න උණු වතුර ටිකක්,ඇමරිකන් පිටි ටිකක් ඉල්ලගන්න අපි දුවන්නෙම පැටි මාමගේ ගෙදරට.කවදාවත් බැහැ නොකියා අපිට ඒ දේවල් දුන්නේ පැටි මාමාට දරුවෝ නැති නිසා. අපේ වයසේ හැමෝටම එකම විදියට ආදරෙයි .සරුංගල් කාලෙට ගමේ සමුපකාරෙන් ගුල්ලෝ ගහපු පන් පිටි ගෙනල්ල තියාගෙන ඉන්නේ අපිට පාප්ප හදන්නමලු. මහන්සි වෙලා තිබහ හැදුනහම  ඒ දුවන්නෙත් පැටි මාමගේ ලිඳ ලගට.ඉතින් අපිට මේ ගෙදර හරි හුරු පුරුදු තැනක්. අපි පොඩි කාලෙමලු පැටි නැන්දා මොකක්ද සතෙක් ගහාල  නැති වෙලා තියෙන්නේ.ගමේ හැමෝම වගේ දර ඇහිදින්න යන්නේ මේ "අවතාර වනෙට".එහෙම ගියපු දවසක දර මිටියත් එක්ක හිටපු කර වැලක් ද කුණ කටුවෙක්ද  කොහෙද දෂ්ඨ කරලා තියෙන්නේ බෙල්ලටමලු.ඒ වේදනාවෙන් දවසකට පස්සේ පැටි නැන්දා මාමාව දාලා යන්නම  ගියා.

වැට මායිමට යද්දී අංජන ඉස්සර වුනා.එක සැරේම මට දැනුන මගේ බෙල්ල පිටි පස්සෙන් හිර වෙන වගේ.මං දැගලුවත් බේරෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.කලුවරේම අංජන නොපෙනී ගියා.කොන්ඩේ භූ ගාපු රැවුල වැවිච්ච යකඩ දන්වලක් බෙල්ලේ තියෙන අයෝමා පුරෂයෙක් වගේ කෙනෙක් මාව අල්ලාගෙන.හන්දියේ ඩෙක් පීස් තියෙන කඩේ බිත්තිවල අලවල තියෙන පින්තුර වල ඉන්න කෙනෙක් වගේ.අම්මෝ එයාගේ අතක විශාල.මගේ මුළු ඇඟම විතර ලොකුයි.හවස  ඉඳල මත් එක්ක හිටපු අංජනට  මොකද වුනේ.අන්ජනලගේ තාත්තට වුනු දේ අංජනටත්  වෙයිද එහෙම වුනොත් ඒ දේ මටත් වෙනවා නේ.අනේ මටනම් බැහැ දැම්ම මැරෙන්න.මට අපේ අම්මා මතක් වුනා අක්කවත් මතක් වුනා.මට මොනවා හරි වුනොත් තාත්තගේ නෑදෑයෝ හැමෝම බනේන්නි අම්මට.එපා කියද්දී ආපු එකේ වැරැද්ද.ගෙයින් එලියට බහිද්දී සරුංගලේ ඉරුනේ විනාසයක පෙර නිමිත්තක් විදියට.මේ හැම දෙයක්ම වුනේ මගේ වැරැද්දෙන් මං කෑ ගහන්න හැදුවත් යකඩයක් වගේ අතකින් මගේ කට වහල උස්සගෙන් යන්නේ අපි පැටි මාමලාගේ ගේ කියල හිතපු පැත්තට.
                                     
මේ පැටි මාමලාගේ ගෙදර නොවන විත්තිය මට දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.එතනට යද්දී අන්ජනත් තව ලොකු මිනිස්සු 3 දෙනෙක් වට කරගෙන.මිට කලින් මං වැඩියෙන්ම බය  වෙලා තිබුනේ ප්‍රින්සිපල් සර්ට වැරද්දක් කරලා අහුවුණු  දවසක.එත් අද ඊටත් වඩා බයක් දැනුනා.අංජන අඬන්න ඔන්න මෙන්න වගේ.මං එතනට අරන් එද්දී ඔක්කම විස්තරේ අංජන කියල.එත් අපි කියපු දේ එච්චර විස්වාස කරන්න බැ කියල සරුංගලේ හංගපු තැනට අපිව එක්ක යන්න හැදුවා.එත් මේ රැ කරුවල අයෙත් ඒ ගහ හොයා ගන්න එක අමාරුයි කියන එක ඒ ලොකු ඇඟවල් තියෙන යෝද පැටවුන්ට තේරුනේ නැහැ.ඈතින්  ඇහෙන සත්තුන්ගේ ගෙරවුම් සද්ද, විලාප,බස්සක් ගේ බකමුනගේ මුසිල කෑගහිල්ලත් එක්ක  අපිව වට  කරගෙන ඉන්න ලොකු අයියලා ළඟ  තියෙන කොකු  පිහිය හා ගිනි කඳ බටය  දිග තුවක්කුව නිසා මට කෙල ගිලෙන්නේ නැතිව ගියා . අමාරුවෙන් වචන එකතු කරලා වතුර එකක් ඉලුවත්.ඉඳා මේක පිපන් කියල කොප්පක දාලා දෙද්දී වටේ ඉන්න පිරිසට  අමුතු හිනාවක්  එක්ක මං දිහා බැලුවා.ගෙදරින් එද්දී දවල් කෑම කාල බිවුවට පස්සේ වතුර එකක් දැක්කෙම නැහැ කබරංක කෑවට වතුර බිවුව වගේ සනීපයක් නැහැ. බොන්න කට ලගට ලං කරද්දී "අම්මෝ මේකේ ගඳ" මට කිය වුනේ හිතල නෙවෙයි . මුන් රෑට බොන්න ගෙනාපු අගල් පැන්ට  මට දුන්නේ. එතන හිටපු නායකයා වගේ කෙනා වතුර එකක් දෙන්න කියල තව කෙනෙක්ට අණ කලා.කළු පැල්ලම් තියෙන කඩ තොළු වෙච්ච කටක් තියෙන අපිරිසිදු කෝප්පයක මට ඇත්තම වතුර දුන්නා.පොල් කටුවක උනත් බොන්න පුළුවන් තිබහක මං ඒ වෙලාවේ හිටියේ.අම්මෝ මෙහෙම රසයක් මට ඒ වතුර ටිකට බිවුවහම දැනුනා..එත් එක්කම අන්ජනටත් වතුර කෝප්පයක් දික් කලා.සරුංගලේ හොයන්න යන වැඩේ එහෙම්මම අමතක වෙලා ගියා.                                


           
හොරෙන් ගස් කපන වැඩ සහ නීති විරෝදී වගාවක් මේ කැලේ ඇතුලේ කරනවා කියල මටයි අන්ජනටයි තේරුනේ අගල් පැන්ටා වල විස උන්ගේ ලේ වලට එකතු වෙලා  එකේ බලෙන්  සිහි විකාරෙන් දොඩවද්දී.ඒ කියපු දේ ඇත්තනම් මේවා මේ කාලෙන් එලියට අරන් යන විදියක් තියෙන්න ඕනේ.ගස් කපනවනම් වහනයක් මේ කැලේ ඇතුලට එන්නම වෙනවා.එත් හවස කිසිම ගහක් කපන සද්දයක්වත් ඇහුනේ නැහැ.අපි කැලේ අතක් පතක් නැතුව ඇවිදිද්දී කලින් කපපු එක ගහක මුලක්වත් දැක්කේ නැහැ.ඉතින් මේවා කොහෙද තියෙන්නේ.අපි හෙට වෙනකන් හිටියොත් අපෙනුත් වැඩ ගනීවි.ස්කොලේ මිස් නම් කියල දුන්න පුත්තලම් පැත්තට මෙහෙම ළමයි හොරෙන් අරන් ගිහිල්ල කරවල වාඩි වලට දාලා වැඩ ගන්නවා කියල.අපිටත් ඒ දේ වුනොත්.අපි පුත්තලම් අරන් යන්නනම් ගොඩාක් දුර යන්න වෙනවා. එත කොට කොහොමත් අපිව හොයාගන්න පුළුවන්.එත් මේ කැලේ ඇතුලේ තියෙන වගාවේ වැඩ වලට අපි ගත්තොත් ආයේ කවදාවත් එලියට යන්න වෙන්නේ නැහැ.මේ රැ කොහොම හරි කැලෙන් පැනල යන්න විදියක් ගැන කල්පනා කලා.කිසි දෙයක් අන්ජනත් එක්ක කතා කරන්න බැහැ.අපි දෙන්න ඉන්නේ ආරක්ෂකයෝ තුන් දෙනෙක් මැදින්.මොනවා කතා කරනත් උන්ට ඇහෙනවා  .

අපි දෙන්නටම රොටියක් දුන්නා. එත් රොටි 3 ක් වත් කන්න පුළුවන් බඩ ගින්නක හිටියේ.තියෙන දේ සම සමව අපි දෙන්නා කෑවේ නිකම්ම  රොටි භාගේ විතරයි.හවස ඉඳල වුනු හැම කරදරයක්ම අපි දෙන්නට සම සමව ලැබුනා.අඩුවෙන් කාල වැඩියෙන් වතුර බොන්න අපි දෙන්නට සිද්ද වුනා.දැන් මුළු ගමම දන්නවා අපි මේ කාලෙට ගියා කියල.කීදෙනෙක් නම් බලන් හිටියද.එත් ඇයි අපිව හොයාගෙන කිසිම කෙනෙක් ආවේ නැත්තේ.ගමේ හැදී දැඩි පිරිමින්වත් හවස් කාලෙට මේ කාලෙට ඇතුල් වෙන්නේ නැති කොට මේ මහා රැ කොහොමත් එන එකක් නැහැ.එත් මොනවා වුනත් අපේ අම්මා හොයාගෙන එවි කියල මට හිතුනා.අනේ එහෙම ආවොත් අපේ අම්මත් මේ මිනිස්සුන්ව අල්ල ගනීවි නේ.මට අයෙත් මං ගැන නැතුව අම්මා ගැන බය හිතුනා.ගමේ මිනිස්සු,අපේ අම්මා හැමෝම බනිනවා ඇත්තේ අන්ජනට.පව් අසරණයාගේ අම්මා අක්කා බැනුම් අහනව ඇති.මොනවා කරන්නද අපේ වැරැද්ද.මහා පලු කැලේ ඇතුලේ මට එක එක විකාර දේවල් හිතෙන්න ගත්තා.හිටපු හැමෝගෙම කතාවල් අඩු වුනා එකින් එක හිටපු තැන් වලම නිදි අපිත් නිදි වගේ ටිකක් වෙලා හිටිය.අන්ජනට හොඳටම නින්ද ගිහෙන්.මොනවා හරි දෙයක් කරනවානම් දැන් තමයි හොඳම වෙලාව.එත් දැන් අංජන ඇහැ ඇරවන්න ගියොත් අනිත් හැමෝම අවදි වෙනවා.මං අංජන නැතත් තනියෙන්ම කැලෙන් පැනල යන්න හිතා ගත්තා.එහෙම ගමට ගිහිල්ල පොලිසියත් එක්ක ආයේ කාලෙට ඇවිල්ල අන්ජනව බේරා ගන්න.මං හිටි තැනින් නැගිට්ටේ  කොටු කෑල්ලක්වත් පැගෙන්නේ නැති වෙන්න. පොළොවට බර නොවී අඩි තිබ්බේ හරියට රොඩු ගොඩක කොරවක්කෙක් ඇවිදින විදියට.එත් එක්කම අන්ජනත් ගෙමින් නැගිට්ට.නිදි කියල හිතන් හිටියට ඌත් මං වගේ පැනල යන විදියක් ගැන හිතන් ඉඳල තියෙන්නේ.නිවෙන්න කිට්ටු වෙච්ච කුප්පි ලාම්පු එළියෙන් පළාතේම චයාවන් යන්තම් පේනවා.එතන වුන් සියලු දෙනා අයෙත් නිදන් හිටියේ අයෙත් එළි වෙනකන් නැගිටින්න නැති තද නින්දක.කොටයක් උඩ තිබුණු පිහිය අංජන අතට ගත්තේ මගේ හිතේ තිබුනේ දේ හරියට තේරුම් ගත්තා වගේ.

පොළොවට බර නොදී කොටු කෑල්ලක්වත් නොකඩේන විදියට ඔවුන්ගේ වාඩිය සිට ටික දුරක් ඇවිත් අපිට පුළුවන් උපරිම වේගෙන් දිවුවේ  හොර බඩු කැලෙන් එලියට ගෙනියන පාර හොයාගෙන.ඒ කැලි කැපෙන කළුවරේ පාරක් හොයා ගන්නවා කිය හිතන්නවත් බැහැ.මේ යන ගමනේ සතෙක් හිටියොත් මැරෙන්න වෙනවා..අර වාඩියේ හියොත් නොමරා මැරෙන්න වෙයි.ඉතින් මේ ගත්තු  තිරණය ගැන අපි දෙන්නම මොනවත් හිතුවේ නැහැ.අපි මේ යන්නේ කලින් වගේම කැලේ තවත් අතුලටද නැත්නම් කැලෙන් එලියටද කියාද විස්වාසයක් නැහැ.අපි අයෙත් මොනවගේ තැනකට වැටෙයිද කියල හිතන්න බැහැ.ඉතින් අපි අද රැ ගහක් උඩ නිදාගමුද අංජන ගස් දිහා බලන ගමන් ඇහුව.මටත් ගොඩක් මහන්සි.කකුල් වලින් ලේ එනවා කටු වලට හිරිලා මුල් වල වැදිලා.ඒ හැම වේදනාවක් එක්කම මං කැමති වුනා.එත් මට ගස් නගින්න බැහැ නේ.එත් අංජන අතු තියෙන ගහක් හොයාගෙන මාව ඒ ගහට ඉස්සෙල්ල නැග්ගුව.අපි දෙන්නම ලොකු අත්තක කරු දෙකක් උඩ නිදාගත්තා.

මට දැනුනා මගේ මුණ ලග කවුරු හරි ඉන්නවා වගේ.ටික වෙලාවකින් සීතලත් එක්ක බලද්දී ලොකු සතතෙක් මං හිටපු අත්ත  උඩ.මට පහලින් හිටපු අන්ජනට මොකද වුනේ.නැගිටලා උඩ ඇත්තට යද්දීම උගේ ඉස්සරහ කකුලෙන් මුනට පාරක් වැදුනා.එත් එක්කම මගේ දකුණ කම්මුල පැත්තෙන් වේදනාවක් දැනුනා.උගේ නියපොතු පාරට මුණ හිරිලා ලේ මගේ උරහිස දිහේ බිමට වෙනවා වගේ දැනුනා.අඩ අඳුරේ ඒ ඉන්නේ දිවියෙක් බව මං දැක්කා.මගේ කකුලේ කැල්ලක් උගේ දිග දත්වලින් හපලා කැල්ලක් කඩද්දි ඇති වුනු වේදනාවෙන් මං කෑගැහුවා.මගේ කට තද වෙනවා වගේ දැනෙද්දී ඇස් ඇර බලද්දී අංජන මගේ කට වහගෙන.හිතේ තිබුණු බයට මං හීනයක් දැකල.ඊට පස්සේ එළි වෙනකන් මට හරියට නින්ද ගියේ නැහැ.ඇස් පිය වෙද්දී අයෙත් කොටිය මතක් වෙන නිසා.

එලිය වැටිලා ගහෙන් බහිද්දී මට තේරුනේ අපි රැ ඉඳල තියෙන්නේ  ගොඩක් උස ගහක් උඩ  නේ කියල.මටම හිතාගන් බැහැ කොහොමද ඒ ගහට නගපු විදිය.අමාරුවෙන් ගහෙන් බැහැල යද්දී අතේ තිබුණු පිහ දිහා අංජන ගොඩක් වෙලා බලන් හිටියා.මේ අපේ තාත්තගේ පිහිය වගේ පිහියක්.ඒ කියන්නේ ගුණසේන මම මැරිලා තියෙන්නේ සතෙක් එක්ක පොර බලා  නොවෙයි.ගුණසෙන මාමගේ මිනි මැරුවොත් එක්කද අපි රෑ හිටියේ.අන්ජනගේ ඇස් වල මං දැක්කේ ඒ කේන්තිය දුක.අපි මේ කැලෙන් එලියට ගිහින් මුන්ට හොඳ පාඩමක් උගන්වමු.මං අන්ජනගේ හිත ගන්න හිතාගෙන එහෙම කිවුවේ.ඉර එලිය දකුණු කන පැත්තට වැටෙන විදියට අපි එකම දිශාවකට ඇවිද්ද පැය ගානක්.ටික වෙලාවක් යද්දී ඉර අපේ පිට පත්ත්ටා වැටෙද්දී අපි යන දිශා වෙනස් වුනා.කටු කටු තියෙන මගේ රබර් සෙරෙප්පු දෙක ගෙවෙනකන්ම දැන් ඇවිද්ද.කිසිම මනුස්ස වසෙක සද්දයක්වත් නැහැ.අංජන අතේ ඇති පිහිය දිහා සරින් සැරේ බලන ගමන් කිසි කතාවක් නැතුව ඇවිද්දේ හිතේ තෙයෙන දුකටත් කේන්තියත් නිසා.

එක සැරේම මිනිස් රුප 4 ක් මතු වුනා.සාමන්‍ය කමිස  හා පොලිස් කලිසමට සමාන කලිසමක් ඇඳන් හිටපු ඒ හතර දෙන දිහාවට අපි දුවල ගියේ ඔවුන්ට අපිව මග හැරෙයි කියල බයට.අපි අපි ගැන කියල අපිට වුනු කරදරේ  සියලු විස්තරේ කියල දැම්මා.අපි ඉස්සරෙවෙලා කිසිම බයක් නැතුව ඊයේ රැ  හිටපු වැඩිය පැත්තට ගියේ ගුණසෙන මාමගේ මිනි මරුවන්ගේ පොලිසියට අල්ලලා දෙන වීරයෝ වගේ.

"මේ තියෙන්නේ මෙතන තමයි උන් හිටියේ"

අංජන අත දික් කරලා පෙන්නද්දී  ඇතුලෙ ඉඳන් නායකයා වගේ හිටපු කෙනා එලියට ආවා. "ඕකුන්ව අල්ල ගනින් ඊයේ රෑ  මුන් පැනල ගියේ" ඒ විධානෙන් එක්ක අපි දෙන්නා අයෙත් කොටු වුනා.පොලිස්  වගේ හිටියේ මේ හොරුනේ වෙනත් කණ්ඩායමක්.වෙන්න යන දේ හිතාගන් බැරුව අපි දෙන්නා මුණෙන් මුණ බලාගත්ත.අපේ අත් පිටි පස්සට වෙන්න ගැට ගහල පුටුවක වැඩි කලේ පැනල ගියොත් මරනවා කියල තර්ජනයෙකුත් එක්කමයි.වටින් ගොඩින් කරුවල වැටෙද්දී හොර පොලිස් හතර දෙන යන්න පිටත් උනේ අන්ජවත් අරගෙන..



   


සැ/යු : කුඩා කල සිදුවූ පොඩි සිදුවීමක් කතාවක් ලෙස  ඉදිරිපත් කිරීමට ගත් අසාර්ථක උත්සහයයි ඒ..


ප/ලි මා මුලින් සරුංගලයක් සැදුවේ 6 වසරේදීය.එත් උඩගිය සරුංගලේ හැදුවේ 11 වසරේදීය.

~~අසාර්~~

18 Jan 2012

අපේ ගමේ "බූත වනේ".1 කොටස..

                                   
                                                  


                             එදා සිකුරාදා පාසල් ඇරිලා ගෙදර ආවේ සුමතිපාල හදල දුන්නු නයා වාට්ටුව සරුංගලේ නුල් කාල් දෙකම ඉවර වෙනකන් උඩ යවන්න.නුල් කාලක්  උඩ යැවුවත් උඩු හුළගට අහුවන නිසා කරදරයක් නැතුව  ඒ දිහා බලන් ඉන්න පුළුවන් කියල අංජන කිවුවා.එත් නූල් කාල් දෙකම දුන්නොත් හවස බාන්න ඕනේ නැහැ.ඊලග දවසේ හවස නැත්නම් ඉරිදා හවස බාන්න පුළුවන් කියල මට වඩා සරුංගල් ගැන දන්නා අංජන මාත් එක්ක කිවුවේ පොල් බිඳෙන කන්ද පාමුල බයිසිකලේ තල්ලු කරන ගමන්.

හරියටම තව පැයකින් ගමේ එහා කොනේ තියෙන වෙල් යායට මගේ සරුන්ගලෙත් අරන් එන පොරොන්දුවෙන් අපි දෙන්න වෙන් වුනා.එදත් සුපුරුදු පරිදි සරුංගලේ අතට ගද්දි අම්මා බැන්නේ කිසිම වැඩක් නැතුව හැම වෙලේම සරුන්ගලෙත් එක්ක ඉන්න නිසා.එත් අම්මට තේරෙන්නේ නැද්ද හැම දාම සරුංගල්  යවන්නේ නැහැ එක කාලයක විතරයි නේ ඇයි එකවත් තේරුම් ගන්න අම්මට බැරි කියල කියන්නත් හදල කිවුවේ නැත්තේ එකට ඒක කතා කලොත් කොහොමත්ම යන්න දෙන්නේ නැති නිසා.රෑ වෙන්න කලින් ගෙදර එන පොරොන්දුව මත අඩි 7 ක් විතර දිග වරලත් එක්ක සරුංගලේ ඉම්පනවා වෙල් යායට අරගෙන යන්න පිටත් වෙද්දී බයිසිකලේ හැඩල් එකේ වැදිලා සරුංගලේ ඉරුනා.ඉරුණු සරුංගලේ පොඩි සවරන් කැල්ලක්  මුට්ටු කරලා වෙල් යායට යද්දී අංජන එතනට ඇවිල්ලා.

අම්මා මේ වෙල් යායට එන්න දෙන්නේ නෑ. මෙතන පාළු තැනක් නිසාත් වෙළෙන් එහා තියෙන මහා කැලේ බයානක සත්තු ඉන්න නිසාත් ගම කොනට වෙන්න තියෙන හින්ද ගමේ ගොඩ දෙනෙක්ගේ ඇසට අසු වෙන්නේ නැති මායිමේ පිහිට ඇති නිසා.හරිම පාළුයි හවස පහෙන් පස්සේ කැලේ පැත්තෙන් එන ඒක ඒක බය හිතෙන සද්ද නිසාත් ගමේ වැඩිහිටියෝ ගොඩ දෙනෙක් ඒ කලේ හඳුනුවේ "අවතාර වනේ " ලෙසයි.අපිට ඒ ගැන එච්චර හිතන්න වෙලාවක් දැනීමක් තිබුනේ නැහැ අඩි 7 ක් විතර දිග වලිගයක් තියෙන දිග සරුංගලයක් නූල් කාල් දෙකක් උඩ යවන්නම් ලොකු  වෙල් යායක් තියෙන ඕනේ.ගමේ කොල්ලන්ගෙන් වැඩ කාර කොල්ල වෙන්න නං ලොකුම සරුංගලේ වැඩිම දුරක් යවන්න වෙනවා.දැනට අපේ ගමේ තියෙන ලොකුම සරුංගලේ සුමතිපාල මට හදල  දුන්නු නයා වාට්ටුව සරුංගලේ.
                                                     
අන්ජනලගේ තාත්තගේ නැතිවුනේ  හරක් හොයන්න මේ කැලෙට වැදිලා.මාස දෙකකට විතර පස්සේ භාගෙට දිය වෙච්ච ගුණසෙන මාමගේ මිනිය හම්මුනේ කැලේ හොරෙන් දර කපන වෙනත් පිරිසකට.ඒ කාලේ අංජන හිටපු විදිය මාට හොඳට මතකයි අපිත් එක්ක කතා කරන්නේ නැහැ.අහන දෙයට උත්තරයක් දීල උගේ පාඩුවේ හිටියේ.ගුණසේන මාමගේ මිනිය පොලිසියෙන් වට කරගෙන ඉටිකොලෙක ඔතල ගමට ගෙනාපු දවසේ අන්ජනගේ අම්මයි අක්කලා දෙන්න අඬපු විදියට කාකි ඇඳුම ඇඳන් හිටපු පොලිස් ලොකු මහත්තරුන්ටත් ඇස් රතු වෙලා තිබුනා.ගොඩක් දෙනෙක් කිවුවේ වලහෙක් එක්ක පොර බැදලා කියල.තව කිහිප දෙනෙක් කිවුවේ දිවියෙක් එක්ක සටන් කරලා කියල.ඒ කොහොම වුනත් ගුණසේන මාමගේ ඉනේ  නිතරම තියෙන කිතුල් මල්  මදින මල් පිහිය කෑලි ගැලවෙච්ච මස් දිය වුනු  ඒ මිනිය තිබුණු අහලකවත් තිබිල නැහැ.

ඒ කැලේ අක්කර එකසිය ගානක් විතර විශාලයිලු.කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ වෙනත් දිස්ත්‍රික්කයක්.මෙහා පැත්තේ තියෙන්නේ අපේ දිස්ත්‍රික්කේ.දිස්ත්‍රික්ක වෙන් කරන්නේ ඒ කැලේ තියෙන විශාලත්වය නිසා කියලා අපේ ගමේ දහම් පසෙලේදී උදේ රැස්වීමේදී ලොකු හාමුදුරුවෝ කිවුවා මතකයි.ඒ කැලේ භයානකම සත්තු 3 දෙනාම ඉන්නවා.ඒ වගේම සඳුන්,හොර,කළුවර වගේ සුර්ලබ වටිනා ගස් ඇතිවෙන්න තියෙන කැලයක්.නීතිවිරෝදී වැඩ ඕන තරම්   වෙනවා. කැලේ එහා පැත්ත වෙනත් පොලිසියකට මෙහා පැත්ත තවත් පොලිසියකට.මොන වැරදි වැඩ කලත් නීතියෙන් පැනල යන්න ඒ  හොරු හොදට දන්නවා.

අපේ සරුංගලේ දිහා තව කීප දෙනෙක්ම බලාගෙන ඉන්නේ ඒ සරුංගලේ තියෙන විශාලත්වය නිසා.විනාඩි 15 ක් උත්සහයකින් යන්තම් සරුංගලේ උඩට නැග්ගුවා.නායා වාට්ටුව සරුංගලේ උඩයන දිහා අනිත් පොඩි උන් බලන් ඉන්නේ ඉරිසියාවෙන්.ගිය සැරේ ලොකුම සරුංගලේ හැදුවේ මිලින්ද එයා මට වඩා ගොඩක් ලොකු පන්තියක හිටියේ.මේ සැරේ මගේ එක තමා ලොකුම එක.එත් මට වඩා එකේ අගේ තියෙන්න අංජනට.පව් ගුණසේන මාමා හිටියනම් මටයි අංජනටයි සරුංගල් හදල දෙන්නේ ඒ මාමා.එත් දැන් කාටවත් කියල සරුංගල් හදවන්නේ නැහැ.අම්මටවත් කරදර කරන්නේ නැ සවරන් කොළ ඉල්ලා.ඒ අතින් අංජන මං වගේ නෙවෙයි  ජීවිතය ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ.

වෙනද නුල් කාලක් ඉවර වෙන්න යවද්දීත් උඩු  හුළගට අහුවෙලා වලාකුල් වහල.එත් අද වෙනදට වඩා වෙනස් කියල අංජන කිවුවේ අහස දිහා බලන ගමන්.සරුංගලේ මුදුන් කරන්න හැදුවත් මුදුන් වෙන්නේ නැහැ දුර යන්නේ.අල්ලන් හිටපු නුල එක සැරේම සැහැල්ලුවක් වගේ දැනුනා.ඒ එක්කම  අංජන කෑ ගැහුවේ "සරුංගලේ කඩාගෙන යනෝ" කියලා.එක දැකපු වටේ බලන් හිටපු හැමෝම අපිට හිනා වුනා. අංජන සරුංගලේ වැටෙන පැත්තට  දිවුවා  මාත් ඒ පස්සෙන් දිවුවා.

අපි කැලේ ඇතුලටම ගියේ සරුංගලේ කොහොම හරි හොයාගෙන ඊලග දවසේ අරුන්ට  පේන්න  උඩ යවන්න.

අද හුලන් අඩුයි නේද ඒක නිසා උඩ  ගියේ නැහැ නේ

අංජන හේතු කියනවා.එත් මං දැක්කා හවස එද්දී ඉරුණු තැනට අලවපු සවරන් කැල්ල ගැලවිල වගේ මං කිවුවා.එත් සරුංගලේ කඩාගෙන ගියේ කූරිය ගහද්දි දිග වරලයි නුලයි ඔක්කොම එකට පැටලුන නිසා.මේ මහා කැලේ අපි තනියෙම ටිකක් ඇතුලට ඇවිල්ල.සරුංගලේ වැටෙනු තැන හිතින් අනුමාන කරගෙන ඒ  තැනට අපි ආවත් ගහක පටලිච්ච නුලක්වත් පෙන්න නැහැ.තියෙන හැම ගහක්ම මහා රූස්ස ගස්.

"මං මේ ගහට නැගල බලන්නම්" අංජන උනන්දුවෙන් කිවුවා.

එතන තිබුන කඳ හීනි හොර ගහට බඩ ගෑවේ ලේනෙක් ගස් නගින විදියට.තාත්තගේ හැකියාව පුතාටත් ඒ විදියටම පිහිටලා නේ කියලා මටත් නොදනිම කියා වුනා. ටික වෙලාවකින් හින් හිනාවක් එක්ක ගහෙන් බැස්ස අංජන ඈත  ගහක වරලක් පෙන්න තියෙනවා කියලා සතුටින් කිවුවේ.අපි මේ කැලේට මෙච්චර අතුලට ආවේ අදමයි එත් අපිට කිසි බයක් දැනුනේ නැහැ.පැයකට කිට්ටු කාලයක් අපි කැලේ ඇතුලට ඇවිද්දා.ලොකු ගස් අස්සෙන් නයි හුඹස් පහු කරගෙන පුස් වැල්වල එල්ලිලිය  හරි විනෝදෙන් සරුංගලේ තියෙන ගහ ලහට කිට්ටු වුනා.මගේ සරුංගලේ වුනාට මට වඩා වුනන්දුව තියෙන්නේ අංජනට.එත් දැන් ඒක මගේ නෙවෙයි ඒක අපේ.

අංජන තවත් ඒ වගේම ලොකු ගහකට බඩ ගාන ගමන් මට  ඒ දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ.හවුලේ සරුංගල් යැවුවට හවුලේ ගස් නගින්න බැහැ නේ.හරි ලස්සන කැලයක් කැලේ ඇතුල සීතලයි වාහන වල සද්ද, "ආතර්" මාමගේ ගල් මොලේ  සද්ද වගේ සද්ද මොනවත් නැ.හැම දාම මෙහෙට වෙලා ඉන්න තිබුනානම් කොච්චර ශෝක් ද කියලා මට හිතුනා.ටික වෙලාවකින් සරුන්ගලෙත් එක්ක අංජන ගහෙන් බැස්ස.එත් සරුංගලේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉරිලා.එත් කමක් නැහැ සරුංගලේ ලැබුනානේ අන්ජනට දැන් මට වඩා සන්තෝසයි.ගස් දෙකක්ම බඩ ගාල හොඳටම මහන්සි වෙලා හිටපු අංජන ගහක් මුලින් වාඩි වුනේ වතුර ටිකක් ඉල්ලගෙන."මං කොහෙන්ද බං වතුර දෙන්නේ මටත් තිබහයි".මේ කැලේ වතුර හොයන්න එච්චර අමාරු වෙන එකක් නැහැ.එත් දැන් වටින් ගොඩින්  කරුවල වෙන්නත් ඇවිත්.අදනම් අම්මගෙන් ගුටි කන්න තමයි වෙන්නේ මං අංජන අතින් ඇදල නැගිට්ටවන ගමන් කිවුවා.

වතුර වැටෙන සද්දයක් වත් ඇහෙන්නේ නැහැ.කිරලේක්ගේ,ඇටි කුකුලේක්ගේ, කෑ ගහන සද්ද සහ හුළගට ගස් වල අතු හෙළවෙන "හෝ" "හෝ" සද්දේ විතරයි ඇහෙන්නේ.ඒ සද්ද වලට මං වගේම අංජනත්  ටිකක් බයවෙලා හිටියේ.ඉරුණු සරුන්ගලයත් අතින් අරගෙන අපි දෙන්න අඩිය  ඉක්මන් කරලා කැලෙන් එලියට යන්න පිටත් වුනා.ටිකක් දුර යද්දී අපි දැක්ක කබරංක ගහක්.හොඳට ඉදිලා ගෙඩි හැම තැනම වතුර තිබහට නියමයි.එත් බිම තිබුණු හැම ගෙඩියක්ම සත්තු බාගෙට කාල දාපුවා.මොනවා කරන්නද මහන්සිය නොබලා  තිබහ වැඩි කමට අංජන ආයෙත් ගහට නැග්ගා.වතුර තිබහට කාබරංකා  ගෙඩියක් කැවහම වතුර තිබහට ෆැන්ට බෝතලයක් බිවුවට වඩා සනීපයි.


දැන් හොඳටම රෑ වෙලා.අපේ ගමට රෑ වෙන්න කලින් මේ කැලේට රෑ වෙන්නේ තියෙන ඝන කලේ නිසා ඉර එලිය වැටෙන්නෙත් ටිකක් අඩුවෙන් ගෙදරට වඩා ඒ කැලේ සීතලයි.අපි දෙන්නටම අමුතු බයක්  දැනුනා අම්මල දැන් හොඳටම බය වෙලා ඇති.මේ හැම දෙයක්ම උනේ මම නිසානේ.එත් අංජන මට මොනවත් කිවුවේ නැහැ මහා ගස් තුකටම බඩ ගාලා  ඒ හැම දෙයක්ම අපි දෙන්නම එකට විඳුමු කියන්න තරම් අංජන හොඳ යාලුවෙක් වුනා. ගුණසෙන මම වගේම මූත් හරි හිත හොඳ එකා.අපේ කැලෙන් එලියට යන්න ගියත් අපි ආපු පාර හොයාගන්න බැරි වුනා.කටු ගස් වල පඳුරු වල පැටලී පැටලී සරුංගලේ අරන් යද්දී තවත් ඒක ඉරිලා ගිය.


මේක වැඩි දුර අරන් ගියොත් වට්ටුවවත් ඉතුරු වෙන්නේ නැහැ ඒ නිසා අපි මේක ගහක් ලඟින් තියෙල හෙට ඇවිත් අරන් යමු අංජන කිව්වේ තරහෙන් වගේ.


මෙච්චර අමාරුවෙන් ගස් නැගල හොයා ගත්තු සරුංගලේ මේ මහා කැලේ මැද තියල යන්න  කොහොමටත් බෑ.ටික දුරක් යද්දී මට තේරුණා මේක අරන් ගියොත් අංජන කියපු දේ වෙන බව.ලොකු ගහක් හොයල ඒ ගහේ අපේ අත උසින් ගැට ගහල එල්ලුවේ බිම තිබුනොත් සත්තු පාගල කඩා දාවි කියන බයට.අපි දෙන්න ඒක ලගින් නිතරම හිටියා.මං කොහොමත් කරුවලට බයයි අන්ජනත් මේ කැලේ ඇතුලෙන් එන අමුතු අමුතු සද්දවලට බය වෙලා හිටියේ.අපිට නොදනිම අපේ පාර වලහිලා. තව තවත් කැලේ ඇතුලටම ඇවිත්.අන්ජනගේ තාත්තට වුනා වගේ අපි දෙන්නටත් මේ සත්තුන්ට බිලි වෙන්න වෙයිද.රැහයියෝන්ගේ සද්ද මදුරුවෝ කොඳුරන සද්දේ එක්කම බඩගින්නත්  අපේ ගමන තවත් එපා කලා.ගෙදර ඉද්දි මේ වෙලාවට කාල නිදාගන වෙලාව.එත් අද මහා කැලයක් මැද්දේ අපි දෙන්න විතරක්.ඒක සැරේම කැලේ කිසිම සද්දයක් නැතිව ගියා.කකුලට පෑගෙන වියලි  දර කැල්ලක සද්දයක් විතරක් ඇහුනේ.අයෙත් අමුතු සද්ද එන්න පටන් ගත්ත.අංජන මගේ අතින් හයියෙන් අල්ලගතා.ගමේ ලොකු  මිනිස්සු මේකට බූත කැලේ කියන්නේ  මේ එන සද්ද නිසා වෙන්න ඇති. 



මේ කැලේ වලස්සු ඉන්නවද දන්නේ නැහැ. දිවියා,සර්පයෝ,දළ තියෙන වල් ඌරා  වගේ ධරුනු සත්තු ඉන්නවා.හිටපු ගමන් පායන කාලෙට වතුර හොයාගෙන ගමට එන මේ සත්තු කීප දෙනෙක්ම ආයේ යන්නේ නැ.බඳින තුවක්කුවකට හරි මොකක් හරි උගුලක හිර වෙලා පරලොවම යනවා.ඉතින් උන්ගේ සන්වරේ එකෙක් අපේ ඉස්සරහට අවොත් අපිට වෙන්නෙත් ගුණසේන මාමාට වුනු ඉරණමයි.උන් සත්තු උනත් අපිත් එක්ක කේන්තියෙන් ඇත්තේ.ලොකු මිනිස්සු කරන වැඩ නිසා පොඩි අපි නිකන් මැරුම් කන්න වෙන්නේ.


ටික වෙලාවකින් අංජන අල්ලන්හිටපු  මගේ අත ඇත්තරියා.ඒක සැරේම ආයෙත් ගහකට බඩ ගානවා.මට මොනවත් හිත ගන්න බැහැ.



"මොකක්ද බං කරන්නේ.ආයේ ගස් නගිනකන් බලන් ඉන්න බැහැ යමු ඉක්මනට". මං පහල  තනියෙන් ඉන්නේ බයේ කෑ ගැහුවා.එත් මං කීයටවත් කියන්නේ නැහැ මට බයයි කියල කොච්චර බයේ හිටියත් නම්බුව ගැන හිතන්න එපයි.මට වඩා හිතන්න පුළුවන් අංජන කෙලින් තියෙන උස ගහකට නැග්ගා.ඒක සැරේම හයියෙන් කෑ අහගෙන ගහෙන් බැස්සා.


මොකද බං සතෙක්ද ගහ උඩ?.මොකද කෑ  ගහන්නේ.මොකක්ද උනේ?.


අපි කරුවලේ වුනත් හරි පැත්තට ඇවිල්ල තියෙන්නේ මං දැක්ක ගහ උඩදී ලාම්පු එළියක්. ඒ අපේ ගමේ පැටි මාමගේ ගෙදර ලාම්පු එළිය වෙන්න ඕනේ.පැටි මාමනේ වෙළ කිට්ටුවම ඉන්නේ.අම්මෝ...!! ඇති  යන්තන්  ගෙදර යන්න පුළුවන්..!!


තව කොටසක්ද කොහෙද ඇත.


නූල් කාලක් යනු මීටර් 800 ක් දිග නූල් පන්දුවක්.

පොල් බිඳෙන කන්ද යනු ලෙලි නැති පොල් පටවාගත් කරත්ත ඒ කන්ද නගිද්දී කන්දේ තියෙන ආනතිය වැඩි කමට  පොල් ගෙඩි බිමට වැටිලා බිඳෙන නිසා.

~~අසාර්~~

12 Jan 2012

පාසැල් ගමන එපා කරපු මිස්ගේ වතුර බෝතලය හා පෙර ලිපියට සමාව ගැනීම..




                                     
                       මගේ කලින් පොස්ට් එක ලියන්න හිතුවේ මගේ පලවෙනි පොස්ට් 10 ට කොමෙන්ට් කරලා මාව දිරි ගැන්වීමක් කරපු සියලු දෙනා වෙනුවෙන්.කවදාවත් දැකලා කතා නොකරපු පිරිසක් වෙනුවෙන් මට පුළුවන් විදියේ ස්තුතියි  කිරීමක්.එය  විනෝදය ගෙන දෙන දෙයක් විදියට ඉදිරි පත් කරන්නට මට හිතුනා. කිසිම කෙනෙකුගේ හිත රිදවෙමක් සඳහාද නොවෙයි.කම්මැලි ජිවිතේ පොඩි හරි වින්දනයක් කරන්න පුළුවන් විහිළුවක් මං කලේ කාගෙවත්  ඇස් රතු කරන්නනම් නෙවෙයි.


බ්ලොග් ලෝකේ ප්‍රවිනොයෝ වගේම වැඩුමහල් සියලු දෙනාටම ඒ විදියේ හැඳින්වීමක් කලා.මට තේරුනේ නැහැ එතන වරදක් ඇති බව.කිසියම් කෙනෙකුගේ  සිත් රිදවීමක් සිදුවුනනම් සමාවෙන්න..අයෙත් එවැනි දේ පල නොකරන්න බව කියන්න කැමතියි.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------


                  දැන් මගේ කතාව.----
                                          


                                 
                                  තුන වසෙරේ අවසාන වාරේ නිවාඩුවෙන් පස්සේ අලුත් වසරකට අලුත් පන්තියකට කට්ටියම මාරු වුනා.ඒ  මාරු  කරපු විදියට තුන වසරේ මාත් එක්ක හිටමු හොඳම යාලුවෝ හැමෝම එක එක පන්තිවලට බෙදිලා ගියා.එවකට කුලෑටි ගති හොදටම තිබුණු මම අලුත් යාලුවෙක් හොඳම යාලුවෙක් කරගන්න  ගොඩක් කාලයක් ඉන්න වෙනවා කියල මං දැනගෙන හිටියේ.මේ අවුරුද්ද පටන් ගද්දි මට කවදාවත් හිතුනේ නැහැ මේ පාසල් ගමන මේ තරම් දුක්කිත කටුක වේදනා කාරී දෙයක් වේවි කියලා.පහ වසරේ  ශිෂ්‍යත්වේ  කොහොම හරි පාස් වෙන්නලු අම්මගේ කුන්චනාදේ හැම දාම අහල මගේ කන් දෙක පිරිලා.තුන වසරේ හැම දාම පළවෙනි තුන් දෙන අතර හිටපු මම  ශිෂ්‍යත්වේ  පාස් වෙයි. වැඩිය මහන්සි කරන්න එපා කියලා අපේ පුංචි අම්මට කියනවා මට ඇහිලා තියෙනවා.එහම හැකියාවක් තිබුණු කෙනෙක් හතර වසරට ගියපු හැටියේම හරි කරදර.


අපේ පන්ති බාර  මිස් වුනේ "වජිරා" මිස් එයා මහතායි.හැම වෙලවෙක කලේ  කොන්ඩේ පීරන එක සාරියේ රැලි හදන එක,තොල් දෙක දික් කරලා තොල් හැඩ  කරන වගේ දේවල්.අපි හතර වසරේ හිටියට අපි ඉස්සරහ හැසිරුනේ  13 වසර අයියිල ඉස්සරහ 11 වසර අක්කල හැසිරෙන විදියට.දැන් නැතුවට දැන් අහව්දෝ වගේ.ඒ කලේ මට වාසය 9 ක් වෙච්ච පොඩි එකෙක් ඒවා. ගැන තේරීමක් තිබුනේ නැහැ.  මිස් ගේ මේස උඩ වුණුවතුර  බෝතලයක් නිතරම තියෙනවා.පන්තියේ ළමයි 52 ඉස්සරහ තනියෙන් බොන්නේ හරි අමුතු දෙයක්  විදියට .ඒ බොන ගමන් ළමයි එක්ක කියනවා ඒකේ වටිනාකම. ගෙදර ඒවා ගොඩක් තියෙනවලු හතර වසෙරේ පොඩි වුන් වෙච්ච අපිත් එක්ක එයාගේ පුරාජේරුව කියවනවා අපිට මොලේ දෙයක් තේරෙන්නේ නැහැ.හිටපු  ගමන් කවි සින්දු තාලෙට කියනවා අහන් ඉන්න බැහැ.එහෙම කියලා ඉස්සරහ පේළිවල ඉන්න ගැණු ළමයින්ගෙන් අහනවා ලස්සනයි ද?. අපිටනම් හොඳටම තේරුණා කිසිම තාලයක් තිබුනේ නැහැ කියලා.


පාට පැන්සල් වලින් අපි චිත්‍ර ඇන්දට එයා කළු පට පාට පන්සලේ තුඩට කෙල ගාල අහි බැමි පාට කරනවා.අපිට ඒවා මැජික් වගේ උනාට සමහර ගැණු ළමයි  ඒවා ගැන කතා වෙනවා.අපිනම් කලේ  කළු පට පාට පැන්සලෙන්  රැවුල වගේ ඇඳගෙන  ලග ඉන්න කෙනා භය කරන වගේ සිඟිති වැඩ.ඉංග්‍රීසි නැතිව අනිත් හැම විෂයම ඉගැන්නුවේ මේ මේ වජිරා මිස් ඉන්ටවල් එකට පන්තියෙන් එලියට යද්දී තව ගැණු ළමයෙක් මිස්ගේ පස්සෙන්  යනවා පඩිපෙළ බහිද්දී සාරි පොට පඩි පෙළ දිගේ බිම  අතිල්ලිලා සරි පොටේ කුණු ගැවෙන නිසා එක උස්සගෙන පල්ලහට බහිනකන් කවුරු හරි ගැණු ළමයෙක් අපේ මිස්ගේ පස්සෙන් පඩිපෙළ ඉවර වෙනකන් බහින්න ඕනේ.හරියට පල්ලියේ චාරිත්‍ර ඉවර වෙලා දෙවන මනමාලි දිග සාරි පොට අල්ලන් යන වගේ. මිස් නම් කියන්නේ පොත්  ටිකයි බැග් එකයි නිසා සාරි පොට අලගන්න බැහැ කියලා.


ඒ කාලේදී මං  පන්තියේ මැද පේලියේ හිටියේ.මුළු පන්තියටම තිබුනේ එක කුමාරෝදය සිංහල පොතයි.ඒ අපේ අම්ම ශිෂ්‍යත්වයට  මාව පුහුණු කරන හිතාගෙන කොළඹින් ගෙනල්ල දුන්නේ පුංචිට කියලා.අපේ පන්තියේ ඒ කලේ පොරක් කියන්නේ ගානක් දුන්නොත් ඉස්සෙල්ලම පෙන්නන කෙනා එහෙම නැත්නම් සිංහල පැවරුමක් දුන්නම ඉස්සෙල්ලම පෙන්වන කෙනා.පොඩි කලේ ඉඳලම  කුලෑටි ගති තුබුනට ඉගන ගැනීමේ හැකියාවක් තිබුනා.ඉතින් මටත් මුල් 5 දෙන අතරේ පොත් පෙන්නන්න හැකියාවක් ලැබුන.කාලයක් යද්දී තවත් ඉක්මනින් පෙන්වන්න ඕන නිසා  පළවෙනි පේලියට ආවා.


එදා දවස මගේ ජිවිතේට වෙනසක් වෙයි කියලා හිතුනෙම නැහැ. කවදාවත් නැතුව ෂර්ට්  එකේ කන පිට ඇඳලා.මේස් දෙක ජාති දෙකෙන්.ඒ හැම දෙයක්ම හදාගෙන ගෙදරින් පිටත් වෙද්දී ගෙදර මායින් වැටේ පොල්කිච්චෙක් වහල උදේ පාන්දරම.පොල් කිච්චෙක් දැක්කහම මුසිලයිලු දෙන්නෙක් දැක්කොත් වාසනාවන්තයි ලු.මං කවදාවත් දෙන්නෙක් එකම සැරේ දැකල නැහැ.තනි එකා දැක්කොත් ළඟම ඉන්න කෙනාට පෙන්නන කියලා ඉස්කෝලේ ළමයි කතා වෙනවා ඇහිලා තියෙනවා.එත් මට ඌව පෙන්නන්න කවුරුවත් ලග නැහැ අක්කා මං පරක්කු නිසා මාව දාලා ගිහිල්ලා.අමාරුවෙන් දුවල දුවල බස් එක අල්ලගත්ත.වෙනද වගේම කඩිසරව ඉස්කෝලේ වැඩ කරා හැම දෙයක්ම සාමාන්‍ය වගේ.සිංහල පාඩමක් කියලා දීලා පැවරුමක් දුන්නා ඒක ඉක්මනින් කරලා දෙවෙනියට පොත පෙන්නුවත් මං ලියපු දේ වැරදි. අකුරක් වැරදියට  ලියල තියෙන්නේ.අයෙත් ඒක  නිවැරදි කරගෙන එද්දී ළමයි ගොඩ දෙනෙක් ගුරු මෙසේ වටෙ පිරිලා.පොත පෙන්නන කට්ටිය පොර කන අතරේ මාත් එතනට ලං වෙද්දී     "දඩාස්"..--   ගාල සද්දයක් ඇහිලා බලද්දී  මගේ කකුල් දෙක ලග මිස්ගේ වටිනා වුණු වතුර බෝතලේ.බිම වැටිලා තියෙන දෙයක් උඩකින් අරන් තියන්න කියලා කියලා දුන්නෙම මං හෝඩිය පන්තියට ගියපු අලුත.මගේ අතේ මිස්ගේ බෝතලේ තියෙද්දී මිස් එක්කල අනෙත් හැමෝම මගේ දිහා බලාගෙන.මට තේරෙන්නේ නැහැ ඇයි කියලා.




පුටුව පස්සට දාලා නැගිට්ටා මං ඉන්න තැනට ඒ පිම්මෙන්ම ඇවිත්  කන මිරිකන ගමන් "මොකක්ද  මෝඩයෝ කලේ" මං මොනවත් දන්නේ නැහැ.එත් මහා දරුණු අපරාධයක් කරපු විදියට මට බැන්නේ.එත් මං කලේ බිම වැටිලා තිබුණු උණු වතුර බෝතෙල අහුලලා මෙසේ උඩින් තියන්න හදපු දේ විතරයි.මම නෙවෙයි මිස් කියල මට එක වතාවට වඩා කියන්න තරම් ශක්තියක් තිබ්බේ නැහැ.කවුරු බිම දැම්මත් වරදකරු වෙලා තියෙන්න මම.එක ඇතුලේ කැලි හෙල්ලෙනවා.මගේ පාසල් ගමනේ නරක දසාව ලැබුවා."හෙට එද්දී වුණු වතුර බෝතලයක් අරන් එන්න නැත්නම් ආයේ ඉස්කෝලේ එන්න එපා" කියල තර්ජනය කලා.මෙතෙක් කාලයක් මිස්ටලම සින්න වෙන්න ගියපු කුමාරෝදය පොතෙන් මට ගුරු මෙසේ ලග ඉඳන් විසිකර මගේ මෙසේ උඩට.වැඩ ඔක්කම නවත්වල පල්ලෙහට ගියා ප්‍රින්සිපල්ට කියන්න.ටික වෙලාවකින් පහල පන්තියේ ළමයෙක් ඇවිත් මට කතා  කර.මං පහලට යන්න නැගිට්ටා. ඇවිද ගන්න බැහැ දණහිස් දෙක ළඟින් කකුල්  නැවෙනවා ඇඟ පන නැති වෙලා වගේ වෙවුලනවා.හොඳ වෙලාවට මිස් ප්‍රින්සිපල්ට කියන්න කලින් වෙනත් මිස් කෙනෙක්ට කියල.දෙන්න කතා වෙලා මට කිවුවා ඔයාට ප්‍රින්සිපල්ට කියල ගස්සන්න බැහැ පව් නිසා එක හින්ද  අලුත් එකක් ගෙනත් දෙන්න කියල.එත් මං ඊට පස්සේ දවසේ ඉස්කෝලේ ගියේ නැහැ අලුත් වුණු වතුර බෝතලයක් නැති නිසා.

                        
අනිත් දවසේ පන්තියට ඇතුල් වෙද්දීම ඇහුවේ "කෝ  ගේනවද" කියල නෑ කිවුවම "එහෙනම් ඇයි ආවේ ඉන්නවා එළියෙන් එන්න එපා ඇතුලට" ජිවිතේ පලවෙනි සැරේට මාව පන්තියෙන් එලියට දැම්මේ.ටික වෙලාවකින් අපේ ගෙවල් ලග අම්මලත් එක්ක හිතවත් මිස් කෙනෙක් දැක්කා බැග් එකත් එක්ක මං එළියේ කොරිඩෝවේ ඉන්නවා.මගෙන් විස්තර ඇහුව මං සියලු විස්තෙරේම හිතේ දුකට කියල දැම්මා.ඒ මිස් අපේ ගෙදරට කියල අපේ ගෙදරින් ඉස්කෝලෙට ඇවිල්ල ප්‍රින්සිපල්ට කියල. ඒ හැමෝම අතරේ වුණු කිසිම දෙයක් මං දන්නේ නැහැ.ඊට පස්සේ මගෙන් වන්දිය ඉල්ලුවේ නැහැ.එත් මට මුළු පන්තියෙන්ම කොන් කරා මගෙන් පළි ගත්තා.පිටි පස්ස පෙලියටම දැම්මා කගේ හරි පුටුවක් නැති වුනොත් මාව නැගිට්ටවල මගේ පුටුව ඒ ළමයට දෙනවා.ඊට පස්සේ ඉස්කෝලේ වටේම ගිහින් පුටුවක් හොයාගෙන එන්න ඕනේ.අල්ලපු පන්තියේ ළමයි ඩෙස් පුටු හොරෙන් අරන් ගියත් මගේ ඩෙස් එක තමා නැති වුණු  කෙනාට  දෙන්නේ.මගේ නම දිය සායම් වලින් ලියල තිබුනත් මං ඩෙස් පුටු හොරකන් කරලා කියල මෙගෙන් ගන්නවා.මාස ගානකට පස්සේ පන්තියට අලුත් ළමයෙක් ආව එයාගේ නම සම්පත්.අලුත් කෙනක් ආවම පිලි ගන්නේ ඔහොමද කියල මගේ පුටුවයි ඩෙස් එකයි දෙකම සම්පත්ට දුන්නා.ඉන්ටෙවල් එකේදී එකක් හොයාගන්නකන් කොරිඩොවත් පන්ති කාමරයත් වෙන් වෙන කොට බිත්තිය උඩ පොත  තියාගෙන ලියන්න ගත්තා.එත් මට එදා  ඩෙස් එකක් විතරයි හොයාගන්න පුළුවන් වුනේ දවසමේ හිටගෙන  හොයන ආපු ඩෙස් එකේ පොත තියාගෙන ලිවුවේ.ලග ඉන්න කෙනා පුටුවෙන් ටිකක් දුන්නත් මිස් ඒ දෙයට කැමති උනේ නැහැ මාත් එක්ක තියෙන තරහ නිසා වෙන්න ඇති.




තව  දවසක් මාව අයෙත් පන්තියෙන් එලියට දැම්මා මගේ කොන්ඩේ වැඩියි කියල.ඒත් මට වඩා කොන්න්ඩේ වැවිලා තිබුණු කිහිප  දෙනෙක් පන්තියේ හිටියත් පොල් තෙල් ගාල කොන්ඩේ පැත්තට පීරලා හිටපු මාව පන්තියෙන් එලියට දැම්මේ වුණු වතුර බෝතලේ පළිය යන්න කියල මට තේරුණා. පන්තියේ  හැමෝම ඉස්සරහ මාව සමච්චල කිරීම සාමාන්යෙන් තිබුනා.ඉඳල හිටලා අද්‍යාපන පරීක්ෂකයෝ ආවත් මාව දුරුවලයි කියල පැමිණිලි කරනවා මගේ පොත් වල රතුපැනෙන් ලොකුවට වැරදි ලකුණු කරනවා. ඒ වෙද්දී මගේ ඉගන ගැනීමේ ආසාව නැති වෙලා තිබුනේ මටත් නොදනිම.දිගින් දිගටම විභාග වලට ලකුණු අඩු වෙද්දී සෙල්ලම් කරන කාලේ අඩු වුනා.නිදහස නැතව ගියා අම්මගේ තරවටු එන්න එන්න වැඩි වුනා.ඉස්කෝලෙදි විඳින අපවද විඳලා ගෙදර අපුවහමත් අම්මගේ තරවටු වලත් කෙළවරක් නැහැ.ඒ වෙද්දී හැම අතින්ම  මං දුරුවල වෙලා හිටියේ .අම්මගේ සිහිනයක් වෙලා තිබුණු මාව  ශිෂ්‍යත්වේ  පාස් කරන සිහිනය මට  වගේම අම්මගෙනුත් හිතෙනුත් නැති වෙලා ගියා.



මේ හැම දෙයක්ම ඉවසගෙන ඉස්කෝලෙට ගියේ ගෙදර හිටියත් කිසිම වෙනසක් නැති නිසා.මේ කලේ වෙද්දී පළාත් අද්‍යාපන අද්යක්ෂ අපේ තාත්තගේ ලගම නෑයෙක්.ඉස්කෝලේ ප්‍රින්සිපල් අම්මගේ බාප්පා  කෙනෙක්.ඉස්කෝලේ උගන්වන ගුරුවරු කිහිප දෙනෙක් ලොකු අම්මගේ සම කලිනයෝ.මේ හැම දෙයක්ම දැනගෙනත් මට ඉස්කෝලේ වෙන මේ අසාධාරනකම් ගෙදරට කිවුවේ නැහැ.එහෙම කිවුවනම් මට තවත් ප්‍රශ්න ඇති වෙයි කියල බයට.කාලෙකට පස්සේ එදා විසිකරලා ගහපු කුමාරෝදය පොත අයෙත් මගෙන් ඉල්ලගත්තා.මං එක හරි ආසාවෙන් අයෙත් මිස්ට දුන්නේ ඊට පස්සේ ඉඳලවත් මට වෙනස් කම් කරනකන් නැහැ කියල.එත්  නැවතුනේ නැහැ .මගේ පුටුව නැති වෙන එක  සාමාන්‍ය විදියට සිදු වුනා.මේ හැම දෙයකටම මුල මිස්ගේ වතුර බෝතලේ බිම තිබිල අහුලපු නිසා කියල මට නිතරම හිතුනා.මිස් කරන සමහර විහිළු මිස් පන්තියේ නැති වෙලාවේදී ගැණුලමයි  කලා.ඒවාට එරෙහිව දෙයක් කිවුවොත් හරි කලත් හරි මට දනගහගෙන ඉන්න වෙනබව මං දන්නවා.පුළුවන් හැම වෙලාවේම ඉවසගෙන මං හිටියේ ඒ කලේ තිබුණු මගේ කුලෑටි ගතියට.දවක් මං තීරණයක් ගත්තා.හැම දාම ගෙදරින් දෙන සල්ලි වලින්  රුපියලක් දෙකක් ඉතුරු කරලා අලුත් වුණුවතුර බෝතලයක් අරන්දෙන්න එත් එක කරන්න බැරි වුනා.


තුන වසරේ අවසාන වාර විභාගේ පන්තියේ 2 වෙනියා වුණු මම හතර වසරේ අවසාන විභාගෙදි පන්තියේ ළමයි 52 අතරින් 41 වෙනියා වෙනකන් පහලට වැටුනා.එහෙම දුරුවල ළමයෙක් වෙද්දී අම්මා මාව ශිෂ්සත්වේ  පස් කරන අදහස අත ඇරලා සාමාන්‍ය වැඩ කරන්න පුළුවන් තත්වෙට ගන්න ලොකු උත්සහයක් ගත්තා.මේ විදියට 8 වසරට වෙනකන් පන්තියේ දුරුවල ළමයි 10 දෙනා අතර නිතරම මං හිටියා.පන්තියේ මොන වරදක් වෙලා තිබුනත් අපි දිහා හැමෝම බලන්නේ අපරාධ කාරයෙක් විදියට.හැම විභාගයකදී  35 ත් 42 අතර මං නිතරම දෝලනය වුනා.ඒ විදියට 9 වසර අලුත් පන්තියකට ආවා.එතකොට අපේ පීරියඩ් 8 ම ගුරු වරු 8 දෙනෙක් උගන්වන්නේ.අපිට ඉංග්‍රීසි ඉගැන්නුවේ ඉන්ද්‍රානි මිස්.ඉස්කෝලේ හිටපු ගොඩක් සැර මිස් කෙනෙක්. දුරුවල ළමයි දිහා හැම ගුරුවරයෙක්ම බලන්නේ ටිකක් වෙනස් විදියට.හොඳ ළමයි වැරදි 100 කට අපේ  එක වැරද්දක් සමාන කලා.ඒ කලේ වෙද්දී මගේ කුලෑටි ගතිය අඩු වෙලා තිබුනේ.එක දවසක් ඉංග්‍රීසි පීරියඩ් එකේදී මාව පන්තියේ ඉස්සරහට ගෙන්නුවා.ඒ කලේ ගුරුවරුන්ගෙන් බැනුම් ඇසීම අවුවේ දන ගහගෙන සිටීම  සහ ගුටි කෑම ඉතා සුලබ දෙයක්.හැම දෙයකටම සුදානමෙන් දෙන දඬුවම බාරගැනීමේ සුදානමෙන් ඉද්දි හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ද වුනා.මගේ පොතක් පංතියටම පෙන්න උස්සල මේ වගේ පිලිවලකට වැඩකරන්න පුරුදු වෙන්න මාව ආදර්ශට ගන්න කියල පන්තියටම කිවුවා.පාසලේ වැඩ හරියාකාරව නොකරත් පොත් වලට පිට කවර දාන එකේ ඉඳල ඇතුලේ ලියල තියෙන දේ පවා පිලිවටල තිබුනා.උත්තර වැරදියට තිබුනත් කරන වැඩේ පිලිවලට කරන්න පොඩි කලේ තිබුණු පුරුද්ද ඒ වෙද්දීත් තිබුනා.


පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක්වීම සාමාන්‍ය දෙයක් වෙලා තිබුනු මට අවුරුදු 5 කට පස්සේ මාව පිරිසක් ඉදිරියේ ඇගයීම මට නොපුරුදු දෙයක් වුනා.මොනයම් දෙයක් නිසා මිස් මගේ අනිත් විෂයන් ගැනත් හොයල බැලුවා.ඒ කලේ වහ කදුරු වගේ වෙලා තිබුණු ඉංග්‍රීසි වලට ආසාවක් ඇති වුනා.පොතේ පිලිවලට තිබුණු  ප්‍රශ්නවල ඉදිරියෙන්  තිබුණු කතිර ලකුණ වෙනුවට ඉඳල හිටලා හරි ලකුණක් වැටෙන්න ගත්තා.බැන බැන හිටපු ගුරු වරු මං ගැන වෙනදට වඩා දඩුවම්   ලිහිල් කරා.ටික කාලයක් හද්දී කතිර ලකුණ අඩු වෙලා හරි ලකුණ පොත් වල අයෙත් වැටෙන්න වුනා.කලින් 42 වගේ  හිටපු මම පළමු 15 දෙන අතරට එන්න පුළුවන් වුනා. සාමාන්‍ය පෙළ විෂයන් 8 ම සමත් වෙන්න හැකියාව ලැබුනා.


මගේ ජිවිතේ හැරවුම්  ලක්ෂ වුණු ඉන්ද්‍රානි මිස්ගේ ඒ කෙටි වචන ටික මට මේලෝකේ  කිසිම වටිනා වස්තුක් සමග සමානකරන්න බැහැ.එකම පාසලක ගුරුවරු දෙදෙනෙක් එකම ළමයෙක් ගේ ජිවිත වෙනස් කරපු අපුරුව.අද මම කිසියම් තැනක ඉන්නවනම් එදා මගේ පොත ගැන කියල මාව අගයපු ඉන්ද්‍රානි මිස් නිසා කියල මට හැම වෙලාවේම හිතෙනවා.


කිසියම් ළමයෙක් දුරුවල වෙනවනම් ඒ ළමය දුරුවල වෙන හේතුව අපි නොදන්නා සිද්දියක් වෙන්න පුළුවන්.පෙනෙන දෙයට වඩා වෙනස් විදියට දකින්න.වජිරා මිස් ගැන මගේ හිතේ කිසිම වෛරයක් නැහැ මෙය කියන කිසිම කෙනෙක් ඇය ගැන වෛරයක් ඇතිකරගන්න එපා.!!



7 Jan 2012

බ්ලොග් කරුවන්ගේ පැටිකිරිය අසරණයාගේ ඇසින්.

                                 
                                        


         බ්ලොග් එකක් පටන් ගෙන සති දෙකක් ඇතුලත හිට්ස් ලක්ෂ ගානක් බලාපොරොත්තු වුනු ගොනෙක් මං.එහෙම මානසික වැටිලා දණහිස් තුවාල වෙලා ඉන්න අවස්ථාවේදී  මාව දිරිමත් කරලා බ්ලොග් එකේ තියෙන අඩුපාඩු පෙන්නලා ටිකෙන් ටික සාර්ථක වෙන විදිය කියල දුන් නවක බ්ලොග් කරුවන් හා පැරණි  බ්ලොග් කරුවන්ට මට හැකි අයුරින්  ඇගයීමට ලක් කරන්න මට හිතුනා.දැනට මාස දෙකකට කලින් අරඹපු  මේ බ්ලොග් එක දැන් හිතේ  කිසි දුකක් නැතිව කාටවත් කියාගන්න බැරිවුනු අසරණ අවස්ථාවල් හා ලජ්ජා සහගත සිදුවීම් හැකි අයුරින් ගලපලා පොස්ට් එකක් විදියට පිට කරන්නේ මගේ හිතේ නිදහස වෙනුවෙන්.2000 ක්  පමණ වන බ්ලොග් කරුවන් අතර ගලිවරයොත් එක්ක හැප්පෙන ලිලිපුට්ටෙක් මං.ඉතින් මේ ඔබ වෙනුවෙන් කරන සුළු හැඳින් වීමක්..

සඳරු ඉතින් මෙයා තමයි මගේ බ්ලොග් ගුරුතුමා.මෙයා ගැන කියන්න දෙයක්  නැහැ නේ.නැගනහිර අහසේ පායපු තරුවක් වුනු ස්ටාර් කෙනෙක්.හරි හරි වැඩ කරපු කෙනෙක් වැඩිය කියන්න ගිහිල්ල වරිගේ නහ ගන්න ඕනේ නැහැ නේ.

Music girl සින්දු කෙල්ල කියන්නේ මෙයට තමයි.මුල් කාලේ ඉඳලම එන කෙනෙක් පලවෙනි පොස්ට් එකේ ඉඳලම ආවා ගියා.වැඩිය පොස්ට් දන්නේ නැහැ.හැබැයි  ඒ දාන්නෙත්  ඉතා දුර්ලබ සිදුවීම්.කවුරු හරි  BBQ එක්ක සැලඩ් කාලා තියෙනවද? .මෙයාගේ බ්ලොග් එකේ තියෙනවා සිද්දිය.මෙයාගේ කමෙන්ට් එක නිසා තමයි මගේ මෝඩ අදහස නැතිව ගියේ.එදා ඉඳල කමෙන්ට් බලාගෙන කිසිම පොස්ට් එකක් ලිවුවේ නැහැ.ලියන එක හොඳින් ලියන්න ට්‍රයි  කලා.

වර්ණා මෙයනම් හරි නිශ්ශබ්ද කෙල්ල.අලුත් අයට අත හිත දෙන්න හරි කැමතියි. සින්ඩි ගැන කියල දුන්නු කෙනෙක් නේ මෙයා.හරි  දුකෙන් ඉන්නේ සුරතල්ලු හැමෝම නැති වුනා කියලා.අයේ කිසිම සතෙක් හදන්නේ නැහැලු.ඔය කිවුවට...බලමුකෝ ...

නාන්දු දොස්තර නෝනා  කෙනෙක් වෙන්නලු යන්නේ. ලංකාවට ඇවිල්ල බ්ලොග් ලියන හැමෝටම නොමිලේ බෙහෙත් කරනවා කිවුවේ. මට අහගන්න බැරි වුනා පශු වෛදය වරයෙක්ද නැත්නම් අනෙත් කෙනෙක්ද කියලා.

ShagsZone   මේ මල්ලි ඉන්නේ කොරියාවේ.මෙයාගේ බ්ලොග් එකේ කවි විතරමයි තියෙන්නේ.මාරයි වැඩිය දාන්නේ නැහැ හැමෝගෙම බ්ලොග් වලට සප් එකක් දීගෙන ඉන්නවා..

නචියා මාසෙකට පොස්ට් එකයි දාන්නේ ඒ දාන්නෙත් කෙල්ලෙක් කොල්ලෙක්ට බුට් එකක් දීපු සීන් එකක් මුල් කලේ අපු කෙනෙක්.හෙන බිසී පොරක්ක්ලු .හාවා උල්කාපාතය දකිනවගේ තමයි මෙයාගේ පොස්ට් එකක් දකින්නේ.

ප්‍රර්ථනා මෙයා මට කිවුවා ඉතින් මල්ලි බුකියත් එක්ක එකතුවෙන්න, සින්ඩි වලට ඇඩ් වෙන්න කියලා.මං ඒ අක්කා කියපු විදියට කලා.පස්සේ හොයල බැලුවා මේ අක්කා කවුද කියලා මෙයා ඉපදිලා තියෙන්නේ මං මොන්ඩිසොරි  ගියපු අවුරුද්දේ.මට මල්ලිලු. ඒ උනාට මං අක්කා කියලා තවමත් කියන්නේ.

සයුරි.  ඉතින් මේ අක්කා ඉන්නේ ඇමරිකාවේ  මගේ හිත හැදෙන   කමෙන්ට් කරපු කෙනෙක් .මට පොඩි කාලේ ඉඳලම ඇමරිකා  යන්න  ආසාවක්  තිබුන .මෙයා ඉතින් හෙන මිටරෙනේ  ඒයට  තේරුණා  මං මොකාටද    එන්නේ  කියලා චැට් කරන වේලාවකදී  කිවුවා මල්ලි මං බැඳලා  කියලා. ලැජ්ජාවේ  කඳුළු   බින්දු  දෙකක් පැන්නා  කීබෝඩ්  එකට. එකක් F කී  එකට අනෙත් එක Any  කී එක උඩට .නාසා එක බලන්න  ගිල්ල  අපිට  ඒ  ගැන  ලොකු විස්තරයක්  කලේ..

suri මේ මල්ලි සා/පෙළ කරේ මේ ලගදි.සින්ඩි වල ලින්ක් දුන්නේ බ්ලොග් එකේ වැරදි කියලා දුන්නේ මෙයා..දැන්නම් වැඩිය පේන්න නැහැ..

වර්ණ. බ්ලොක් එක කරන දෙනේෂ්. නිලියෝන්ට  අඹ කඩලා දෙන්න හෙන ආසයි. "මඩර්" එකකට සම්බන්ද වෙලා දැන් ඉතාලියට පැනල ඉන්නේ.ලගදි පාපොච්චාරණයක් කලා.ලංකාවේ නිතිය අනුව උඹව අත්තඩංගුවට  ගන්න බැහැ.වරෙන් මලේ ලංකාවට. ඉස්කෝලෙදි  වෙච්ච සීන් කට උලාට  වුනු විදියට අපිට කියනවා.අපි අහුවෙයි!!

සිත්රූ සිහින.. මෙයානම් රොමැන්ටික් කෙල්ලෙක්. කවි තමයි වැඩියෙන් ලියන්නේ.මාර සප්  එකක් දෙනවා හැමෝගෙම බ්ලොග් වලට.

මියුරු.. මිහිරි කියලලු ගෙදරට කියන්නේ. අප්පා ...මෙයද .. ලෝකෙම ඔම්ලේට් වෙලා ගියත් ෆන්  එකේ ඉන්න කෙල්ලෙක්(හැබැයි  අවුරුදු 25 විතර කලින් දැන් ඇන්ටි.) ඕස්ට්‍රේලියාවේ(ලු) ඉන්නේ.මෙයාගෙත් මාර කතා සෙට් එකක් තියෙන්නේ. බෝඩින් කථා, කැම්පස් කථා.වැඩිය හොඳ කථා දාන්නේ නැහැ හෙන  අගේ.ෆප්පෝ... හැම විදියෙම කථා කවලම් කරලා දාන්නේ..

හිතුවක්කාරිගේ හිත. මෙයා ඉතින් හිතුවක්කරියක්ද කියන්න  දන්නේ නැහැ.සැහෙන්න ජනප්‍රිය කතාවක් ලියන්නේ මෙයනේ.ටික කාලෙකට කලින් මෙයා ළඟ වේකන්සියක් තිබුණා මාත් ඇප්ලයි කරා.උත්තරයක් දුන්නේ නැහැ.සමහර විට සුදුසුකම් මදි වෙන්න ඇති..


sAm sRi  සැමා කියලා හැමෝම කියන්නේ.අම්මෝ මෙයද .හෙන ආතල් ඩයල් එකක්.ඉස්කෝලෙදි කරපු දේවලුයි වේච්ච දේවලුයි හෙනම ආතල්.ලියන විදිය ඊටත් වඩා ආතල්.මෙයනේ ඉස්කෝලේ ඇරිලා ගෙදර යනගමන් මඩ වලක තිබිලා කොම්පුටරයක් ඇහිලුවේ.කොහොම වටිනා මඩවල්ද සැමලගේ ගෙවල් පැත්තේ තියෙන්නේ කියලා ඉස්සර මට හිතුනා.එත් පස්සේ කාලෙක දැනගත්තා ඒ ඇහිලුවේ කොම්පියුටරයක් නොවෙයි කැල්කියුලේටරයක් කියලා.වැඩිය කියන්න බැහැ ගිහිල්ලම බලන්න.

ගැටයා අනිවාරතේ බ්ලොග් එක ලියන්නේ මෙයා.හෙන රහස් පරීක්ෂකයා.ශෝලොක් හෝම්ස්ට වඩා දස්සයා.මෙයට මාර සහජ හැකියාවක් තියෙනවා.ඕනෑම කෙනෙක්ගේ රදනක දතක් දිහා බලලා අක්කගේ වයස කියන්න පුළුවන්.ඒවගේම තමයි බෙල්ලේ තියෙන උපන් ලපේ දිහා බලල උදේට කපු දේවල් ගැන කියන්න පුළුවන්.තීක්ෂණ බුද්ධියක්  තියෙන්නේ ඇඟ පුරාම. නියපොතු කපන්නේ නැත්තේ ඒකලු..

ඔබ නුදුටු ලොවක් .නම බණ්ඩාර. මෙයගෙයි මගේ සාමනකම් ටිකක් තියෙනවා.මෙයාගේ  ගම අර පාලමෙන් එහා පැත්තනේ.මාත් ඉතින් ඒ පැත්තේ.කරන්නේ IT ජොබ් එකක් මාත් එහෙමයි.දැන් ඉන්නේ අප්‍රිකා රටක ඉතින් මාත් ඉන්නේ අප්‍රිකාවේ රටකනේ (රටවල් දෙකක කවදාවත් නොදැකපු කෙනෙක්). ලංකාවේ ඉන්න කන්  හෙන ජල්තරස්  වැඩ කරලා තියෙන්නේ.තේ හදන එකාටවත් ඉන්න දීල නැ.මෙයා මුලින්ම කොළඹ ආපු දවසේ ටවුන් හෝල් එක ලද්දී බස් එකෙන් බැහැල රුවන්වැලි සැය කියලා හිතල අර මහා බිල්ඩිමට වැඳලා.("බණ්ඩා කොළඹ ගියා  වගේ" කථාව හැදුනේ මේ බණ්ඩාට නොවෙයි වෙනත් බණ්ඩා කෙනෙකුටය.)

Raj මෙයත් ඉතින් අතල් ගන්න කැමති පොරක්.යාලුවෙක්ගෙ සාක්කුවේ තිබිලා කොන්ඩම් එකක් නැති වුනා කිවුවේ.අපි නොදන්නා චෙස්.සනි අන්කල්ගේ හෝල්මන් කතාවක් කියාගෙන ආවා ඒක එක සැරේම නැවතුන..උගේ කතාවටම ඌම බයවෙලා.  


අයේෂා කුලතුංග Ice ගේ කෝලමලියන්නේ මේ කොලම නේ.ඉස්සර මගේ බ්ලොග් එකට හොඳ සප් එකක් දුන්නු කෙනෙක්.ඉන්නේ නුවර.හැන්  බැග් එකේ යටටම වෙන්න පොඩි ටෝච් එකක් තියාගෙන ඉන්නේ. කට්ටිය එහෙමයි කිවුවේ . අයෙෂලගේ ගෙදර ඉඳල  බස් එකේ මහියංගනයට රුපියල් 7.50 යි.එතකොට ගෙදර ඉඳල කැන්ඩි ටවුන් එකට රුපියල් 80 යි.ගෙදර පිටි පස්සේ වෙළෙන් පැනලා මහියංගනේ ටවුන් එකට යන්න විනාඩි 10 යි.ඇහුවම  කියන්නේ අපි කැන්ඩි ගර්සලා  කියලා.හෙක් හෙක් .....අපි නොදන්නා කැන්ඩි..


ලොකු පුතා. ලොකු පුතා බ්ලොග් ඒක ලියන පොඩි කොල්ලෙක්.ජිවිත කථාව පොඩියට ලියාගෙන ලොකු ගමනක් යනවා පාසල් විත්ති කියලා.සමහර ඒවානම් මාරම සංවේදී.පොඩි කාලේ  අමුතු විදියේ කවකටු පෙට්ටියක් දැකල තියෙනවනේ.රෑ හොඳටම බයවෙලා..පව් පොඩි එකා.

ගැමියාගේ පත් ඉරුව.මට බයිසිකල් පැදීමේ ආසාව නැති කලේ මේ ගැමියා.වේද ගෙදර කථා කියලා ඒ විඳපු දුක අපිට රසකරල ලියන්නේ මේ පොඩි එකා.ලගදි විභාගේ කලේ.. ගීත රචකයෙක් වෙන්න හදන්නේ.අලුත් අවුරුද්දට අම්මගෙන් අරුම පුදුම තෑග්ගක් ලැබිල ඉන්නේ.සන්තෝසේ බෑ..


තනි අලියා. අපෝ... මෙයාද කරන තරම් සෙට් වෙන තරම් ඔක්කොම ආක්කල.එකක්වත් නැහැ නංගි කෙනෙක් ගැන  කතාවක්.මේ ලගදි කියනවා අලුත් එකක් ගැන අක්කා කෙනේද කියලා ඇහුවම නැහැ  ලු.මං හිතුව එහෙනම් මේ සැරේ ගොඩ යන්න නංගි කෙනෙක් හොයාගෙන නේද කියලා.පස්සේ කියනවා එය ඇන්ටි කෙනෙක් අයියා..


Senna මෙයා ඉන්නේ ජා- ඇල මට කිවුවේ එහෙමයි.ඇත්තටම කොහෙද දන්නේ නැ.මාර කොල්ලෙක් ඉවසීම පුරුදු  වුනේ  මෙයාගේ පොස්ට් එකෙන් අනෝල  වගේ අයට  ඉවසීමෙන්  උත්තර දෙන්නේ පුරුදු වෙන්නනම් මිනිස් ගති සහ දේව ගති කියලා පොස්ට් ඒක කියවන්න .ලංකාවේ කෙල්ලොත් මේ සේනා වගේ  ඉවසනවානම් කොල්ලෝ වුනු අපේ ජිවිත කොච්චර සුන්දර වේවිද?

Observer හැමෝම කියන්නේ ඔබ මාමා කියලා.ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලගදිනේ හේතුව හොයා ගත්තේ.අපේ තාත්තගේ බාප්පාගේ වයස.විසි දෙකේ කොල්ලා වගේ ඉන්නේ.සුදු වෙච්ච ඒක කෙස් ගහක් හොයා ගන්න නැහැ.දවස් දෙකකට සැරයක් ඩයි කරනවලු (මියුරු අක්කා කිවුවේ)මෙයා හෙන කුකා.දෙල් පට්ට කරිය කොස් කොළ මැල්ලුම ලෙසටම උයන්න පුළුවන්.හවස වැඩ ඇරිලා ගෙදර එද්දී කෑල්ල කෑල්ල ගෙනල්ල ඉස්සෙල්ලම C .T .B  .බස් එකක් ගෙදර එසැම්බල් කලේ මේ මාමා තමයි. පවුලේ වාහනය වුනෙත් ඒක. ලංකාවෙන් පිටමන් කරද්දී ඒ බස් ඒක ගම්පහ ඩිපෝවට දීල 99 බදු ක්‍රමයට.(මංනම්  දාන්නේ නැහැ රට්ටු කියන්නේ එහෙමයි.)

Sammani මෙයත් මං වගේම අලුත් බ්ලොග් කාරියක් .කොට ජිවිතයක් ගත කරන්නේ.උස අඩි 4 යි අඟල් නෑ  ෆොර් ෆිට් නො ඉන්චේර්ස්."නුරි" කියලා ජපන් නමක් තියෙන සිංහල කෙල්ලේ ගැන  කතාවක් ලියනවා..හෙන බිසිලු ..........

sabith මෙයානම් අපි වගේ නෙවෙයි ඉගන ගන්න කොල්ලෙක් ඉන්නේ බංගලාදෙසියේ.වැඩිය පොස්ට් දන්නා විදියක් නෑ පාඩම් වැඩ නේ..

මාතලන් මගේ බ්ලොග් ඒක ගැන වර්ණනාවක් කලේ මෙයාගේ සින්ඩියෙන්.ඔබ මාමගේ මියුරු අක්කගේ බ්ලොග් හොයාගත්තේ මෙයාගේ සින්ඩිය හරහා.

වින්චැට්කිරිල්ලි. අළු පාට හැන්දෑව බ්ලොග් එකේ උරුමක්කාරිය මේ කෙල්ල නේ. මෙයා ඉන්නේ ඉතාලියේ..මෙයත් ජොලියේ  ඉන්න කෙල්ලෙක්.කජු අලුව කාල සබන් පෙන බීපු කෙල්ලෙක් හෙන රසයිලු අපිටත් ට්‍රය් කරන්න කියන්නේ..අපිනම් කරයි..

shani .ශනිගේ හිත බ්ලොග් ඒක ලියන්නේ මෙයා.ලගදි ප්‍රතිපල ආවේ.පිළි ගන්න බැහැ කියන්නේ ප්‍රතිපලේ.. දවසක් මට කියනවා එයට චුටි නංගි කියලා කියන්නලු.ඉතින් පොටෝ එකකුත් එවුවා.අප්පා... දකුණු ඉන්දියාවේ නිලියක් වගේ.හෙන මහතායි.ඉතින් කොහොමද කටක් ඇරලා  චුටි නංගි කියන්නේ.

රාජ්. රජගේ නවාතැන ලියන්නේ   මේ රාජ්. කලින් කිවුවේ  වෙන රාජ් කෙනෙක් ගැන.මෙයා ඉතින් හැම විදියෙම කථා කියනවා දේශපාලන, සමාජීය.ඒ අස්සේ උසාවි කථා. මේ ලගදි ජනප්‍රිය බ්ලොග් කරුවා හොයන්න හෙන ගේමක් දෙනවා.අලුත්ම ජමිතික සුත්‍රයක් හදාගෙන යනවා.ඉස්සරහට බලමු. වැඩ.

නරකයා.හෙන පරණ පොරක්.කොස් ඇට කලා බස් වල යද්දී වෙන සීන් එකක් ගැන ලිය තියෙන්නේ.යාපනේ යද්දී එකටම හිටපු කොල්ලගේ නංගිට ලයින් දාපු එකෙන් නේ මේ යකා.

මහි.ඉස්සර ඉඳලම අපු කෙනෙක්.ටිකක් පරණයි.මෙයත් මාර දේවල් ගැන ලියන්නේ..කාටුන් බලන්න හෙන අසයිලු සොනික් ඉන්න කාටුන් ඒක හැම දම බලනවා කියන්නේ.මොකක්ද දාන්නේ නැහැ විෂේශේ.



kumaraya .මාලිගාව බ්ලොග් ඒක මෙයා මාලිගවක හිටියට රජෙක් නම් නෙවෙයි ඔබා මමට ඔබා මල්ලි කියලා කියන්නේ. ඉතින් කොහොම වයස පොරක් ද.එයනම් ඒක ඒක විදියේ පොස්ට් දානවා.

ඉන්දික උපශාන්ත. සැහැල්ලුව බ්ලොග් එකේ තියෙන කිසිම පොස්ට් එකක් සැහැල්ලුවට ගන්න බැහැ.මාර දේවල් තියෙන්නේ.කවි නිකන් පිස්සු කොර.

Weni අයියා. මෙයාගේ මාර ස්ටයිල් එකක් තියෙනවා පොස්ට් වල. ගැණු ළමයි ගොඩක් ආසාවෙන් කියෙවුවෙ මෙයාගේ පොස්ට් එකක් . ඉ මේල් වලින් ගොඩක් ගැණු ළමයි අතරේ ජනප්‍රිය වුනේ.ලොකු චුවක් ඕනේ කියලා තියෙන පොස්ට් ඒක.හැබැයි විනි අයියා නොකිය කිවුවා එයට ලොකු එකක් තියෙනවා කියලා.. මං ආස එයාගේ සාක්කුවට අත දාද්දි සාක්කුවේ ඉඳල කරපොත්තෙක් පැනලා වුනු  සිද්දිය මාර අතල් කථාව.
 

සැ/යු. දෙකක් දාගත්තු වේලාවකදී මට මේ හිතුනු හැටි.කාගෙවත් හිතක් රිදවීමේ සඳහා නොවෙයි හුදෙක් මගේ වින්දනය සඳහායි.කාපු බීපු වෙලාවට කියන දේවල් ගැන වැඩිය හිතන්න එපා.!!






2 Jan 2012

අලුත් එකක පහස ලැබීමට සුදානම්..

                                        
                                                   
                                    



                             
                                මං මුලින්ම ඔයා ගැන ඇහුවේ මගේ යාලුවෝ එක්ක එකතුවෙලා කථා කරන වෙලාවකදී .එදා මං එච්චර ඔයා ගැන හිතුවේ නැ.ඒ කථාව  එහෙම්මම මගේ හිතෙන් අමතක වෙලා ගියා. එත් පස්සේ තව දවසක් ආයෙත් කට්ටිය ඔයා ගැන කථා කරන නිසා මාත් ටිකක් අවධානයෙන් හිටියේ.ඉඳල හිටලා මගේ යාලුවෝ හමු වුනත් අපේ දේවල් නැතිව කථා කලේ ඔයා ගැන.වෙලාවකට ඒ හැමෝමත් එක්ක කේන්ති ගියපු වෙලාවලුත් තිබුනා.ඔයාත් එක්ක  කේන්ති ගියේ ඔයාට තියෙන අකමැත්තකට නෙවෙයි ඔයා ගැන මං ඒ වෙද්දීකිසිම දෙයක් දැනගෙන හිටියේ නැති නිසයි.


ගොඩක් වෙලාවට ඔයාට එයාල කියන්නේ  sexy & cute කියලා.ඔයාගේ ඇඟ හරි Slim ලු.ඔයා ගැන වර්ණනාව අහන් ඉද්දි මටත් නිකම්ම ඔයා ගැන හොයල  බලන්න හිතුනා.මං මගේ යාලුවගෙන් ඔයා ගැන විස්තර  හොයලා දෙන්න කියලා ඇවිටලි කරත් එයාල ඒක මග ඇරියා.එත් දවසක් වෙනත් යාලුවෙක් ඔයාගේ පින්තුරයක් මට පෙන්නුවා.එයා දැනගෙන තිබුනා මං ඔයා ගැන විස්තර  හොයන්න කරදර වෙන විත්තිය.ඇත්තටම මට ඔයා ගැන මහා අමුතු ආසාවක් ආවා ඒ පින්තුරේ දැක්කම.ඇත්තට හරි ලස්සනයි පින්තුරයකට මෙච්චර ලස්සනයිනම් හැබැහින්  දකිනකම් ඉවසිල්ලක් නැතුව ගියා.තව කිහිප දෙනෙක් ඔයාගේ අංගෝපාංග ගැන කථා කාර.ඇතුලේ තියෙන ඒවා මේවා ගැන.අතන මෙහෙම  වෙන්න ඇතිනේ,අරහෙම වෙන්න ඇතිනේ අන්න ඒවගේ දේවල්..ඕනෙම දෙයක් ඔයාට කියන්න පුළුවන් නිසා මේ දේවල් ඔයාට කියන්නේ.තව එකක් තියා උන් ඔයාගේ පෙට්ටිය ගැනත් කථා කරා.හදිස්සියෙවත් ඔයාව ලබාගන්න පුළුවන් උනොත් ඔයත් එක්ක ලැබෙන දේවල් ගැනත් එයාලා කථා කරා.මං ඒ වෙද්දී ඔයාගේ රූපයක් දැකල විතරක් තිබුනට අනෙත් හැමෝම ඔයාව හැබැහින් දැකල තිබුනා කීප සැරයක්ම.ඉතින් එයාල ඔයාගේ ඒවා මේවා ගැන කථා කරත් මං හැම වෙලාවේම හිතුවේ ඔයා ගැන විතරයි.එයාල ඔයා ගැන විතරක් නැතිව ඔයාට සම්බන්ද අනෙත් දේවල් ගැනත් කථා කරන්නේ උන් කොල්ලෝ නිසා කියලා  මං දන්නවා.


මගේ බොස් මාව කවදාවත් නැතුව බැංකුවට යන්න කියපු වෙලේ මං ඔහුගේ දෙමා පියන් සිහි  කලේ මට එවෙලේ තිබුණු කේන්තියට. බැංකු යන ඒක මගේ රස්සාව නෙවෙයි නේ.එත් යන්න වහනයක්වත් නැහැ මහා දවාලේ වැලි කැට පුපුරන රස්නයක් තියෙන වෙලාවේ එළියේ ඇවිදින  ඒක කොච්චර අමාරුද කියලා ඔයා වගේ ඉගල පෙලන්තිවල  ඉන්න අය දන්නේ නැහැ.ඇත්තටම ඒක හරි දුෂ්කර දෙයක්.මං ගියපු ඒ වැඩේ ඉවර වෙලා අයෙත් එද්දී වීදුරු ජනෙල් තියෙන ඇතුල  සීතල කරපු ඔයා වගේ සුපිරි පන්තිවල අය යන එන තැනක් දිහා මට ඉබේමයි මගේ ඇස ගියේ.හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියනවා වගේ.මං ඒ විනිවිද පෙනෙන වීදුරු අතරෙන් ලාවට එදා පින්තුරේ දැකපු රූපේ වගේ කෙනෙක් දැක්කා.මං යන ගමන ඉබේම නැවතුනා.තවත් පියවර දෙකක් ඉදිරිය ඇවිත් ඇස් දෙක පිහදලා  අයෙත් බැලුවා.මං දැකපු දෙයින් මට මගේ ඇස් අදහගන්න බැරි වුනා.පොඩි කණුවකට හේත්තුවෙලා මාව  දැක්කා නොදැක්ක ගානට ඔයා වෙන පැත්තක් බලාගෙන හිටියේ.ඇත්තමයි ඔයා ගොඩක් ලස්සනයි ඔයා මගේම කරගන්න තියෙනවනම් කියලා ඉබේම කියා උනේ ඔයාගේ ලස්සනට.ඇතුලට ඇවිල්ල ඔයාගේ ලඟට එන්න්න හිතුනත් ඔයාව තව ටිකක් කිට්ටුවෙන් බලල ඇඟිලි තුඩකින් හරි ස්පර්ශ කරන්න මට ඕනේ වුනා.මං ඒ වෙලාවේ අවුවේ ඇවිදපු නිසා මට හොඳටම දහඩිය දාල තිබුනේ.එහෙම අවොත් ඇතුලේ ඉන්න මිනිසුන්ගෙන් මට බැනුම් අහන්නවෙයි කියලා බය හිතුනා.ඉතින් මං  දුරින් ඉඳල  එතන ඉන්න කාටවත් නොතේරෙන්නේ ඔයා දිහා බලන් ඉඳල ගියා.


ලස්සනට රැවටිලා මගේ යාලුවෝ ගොඩ දෙනෙක් අමාරුවේ වැටිලා තිබුනත් මට ඔයාව දැක්කම එහෙම දෙයක් හිතුනෙම නැහැ.හැමෝම ඒක වගේ නෙවෙයි කියලා මං දන්නවා.මං මගේ යාලුවෝ වගේ ඔයාගේ අනිත් දේවල් ගැන එච්චර හොයලා බැලුවේ නැහැ.මොනවා උනත් ඔයා ලස්සනයි..එදාම හවස මං මගේ යාළුවොත් එක්ක ඔයා ගැන කත කරා ඒ සියලු දෙනාම කිවුවේ  මට ඔයාට ලං වෙන්නවත් බැරි වෙයි කියලා.සුපිරි වාහනයක් තියෙන සුපිරි වැටුපක් ලබන එක්තරා පන්තියක පිරිසකට විතරයි ඔයවගේ අය ලබාගන්න පින තියෙන්නේ. අපි වගේ සාමාන්‍ය  මිනිසුන්ට ඔයා වගේ කෙනෙක්ට ලං වෙන්නවත් බැහැ  කියලා එයාලා හැම වෙලාවේම කියුවා.ඒත් මට හිත දුන්නෙම නැහැ ඔයාව අමතක කරන්න නිදා ගන්න ගියත් මට ඔයාව මතක් වෙනවා.හැම වෙලාවේම හිතුවේ ඔයාව ලබාගන්න විදියක්.එත් මාත් සුපිරි පුද්ගලයෙක් වෙන්නනම්  සැහෙන කාලයක් බලන් ඉන්න වෙනවා එතකොට ඔයත් වයසයි මමත් වයසයි."හිත ඇත්නම් පත කුඩාද" කියලා තිබුනට .ඒ සියල්ල කෙසේ වෙතත් මගේ පඩි පතනම් කුඩා බව හැමෝම දන්නවා.


පාර මාරු වෙන ඒක දවසක මං දැක්කා අලුත්ම විදියේ වාහනයක හිටපු කොල්ලෙක් ඔයාව තුරුළු කරගෙන යනවා.ඔයත් හරි උජාරුවෙන් ඌට තුරුළු වෙලා හිටියේ.ඒ කොල්ල අපේ ඔෆිස් එකට අපු දවසක ඔයත් එක්ක මං ඔයාව  අත ගෑවේ  ඔයාටත්  නොතේරෙන්න.ඔයාගේ පෙනුව වගේම ඔයාත් හරි සිනිදුයි.මට ඔයාව මගේ මේ අත්දෙකට ගන්න මගේ හිත කිවුවත් ප්‍රශ්නයක් වෙයි කියලා මං ඒ දේ කලේ නැහැ.ඇපල් මාමායි ඔයාගේ තාත්තයි අතරේ ප්‍රශ්නයක් තියෙනවා නේද?.මං ඒවා ගැනත් දැනගත්තේ ඔයාගේ විස්තර හොයද්දි.ඒ ප්‍රශ්න නිසා ඔයාටත් පොඩි හිත්වේදනාවක් ඇති නේද.කවුරු හරි වුනත් වැරදි වුනත් මං ඔයාලගේ පැත්තේ.


මට ඔයාව කවද හරි හිමි කරගන්න පුළුවන් උනොත්  දැනට මං ලග ඉන්න හැම කෙනෙක්ගෙන්ම ඇත් කරනවා.ඔයා වගේ කෙනෙක් එක්ක ඉද්දි මාත් ඒ සමාජෙට හැඩ ගැහෙන්න ඕනනේ.බාල ඒවා තමයි මං තියාගෙන ඉන්නේ.මං වගේ කෙනෙක්ට අයිති කරගන්න පුළුවන් මේ වගේ ඒවා තමයි  හරි ලේසියෙන්ම. මොනවත්ම නැතුව ඉන්නවට වඩා බාල දෙයක් එක්ක ඉන්න ඒක හොඳයි නේද.මොකද මටත් අවශ්‍ය තවාල්  තියෙනවා මාත් කොල්ලෙක්නේ.දැන් කාලේ කොල්ලොන්ට දෙකක් තියන් ඉන්නවා කියන්නේ සාමාන්‍ය දෙයක්.එහෙම එකේ මොනවත් නැති එකේ බාල අතින් අත ගියපු කෙනෙක්ව තියාගෙන හිටියට ඔයා තරහ නැහැ නේද?.ඔයාව ලැබුනොත් මං සදා කාලයටම ඔයාම විතරයි.ඔයා මගේ මං ඔයාගේ.තව ටික දවසකින් ඔයාව මං අයිති කරගන්නවා එතකන් ඔයා ඉවසීමෙන් ඉන්න.ඔයා මගේම..... 






 SAMSUNG  Tab 10.1.. ඔබ මටමයි හිමි..




                                                  
කියවද්ද වැරදි අදහසක් ආපු කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න..



Related Posts Plugin for WordPress, Blogger...