Showing posts with label අද්දැකීම්.. Show all posts
Showing posts with label අද්දැකීම්.. Show all posts

9 Jan 2013

මහ කැලේ වැල.




                         අවුරුද්දේ දවස් 365 න් 364 ක්ම වැඩ කරන ආයතනයක වැඩ කරන අපිට  මුලු  ආයතනයටම  නිවාඩු ලැබෙන්නේ දෙසම්බර් 25 නත්තල් දවස. මාත් එක්ක ඉන්න අනිත් දෙන්නටත් අපි තුන්දෙනාම එකට ඉන්නේ අවුරුද්දකට එක දවයි. රට,තොට බලාගන්න පුළුවන් දවසේ අප්‍රිකාවේ සුන්දර තැනක් බලන්න අදහස් කරන් තිබුනා. ඊට කලින් දවසේ 24 වෙනිදා රෑ අපේම ආයතනේයේ අපේ රටට අල්ලපු රටවල් දෙකේ දෙන්නටත් අපේ අදහස දැම්මා. උදේ 7 වෙද්දී පිටත් වුනොත් 200 K.M ඈත තියෙන අප්‍රිකාවේ තවත් වැසි වනාන්තරයක් වන "කුකුම් ජාතික වනොද්‍යනට" අග නගරේ සිට ළඟා වෙන්න ගතවෙන්නේ පැය දෙකක් වගේ කාලයක්.

උදේ 7ට එනවා කියපු අනිත් දෙන්නා 7.45 වෙනකුත් නැති තැන අකමැත්තෙන් වුනත් ඔවුන්ව දාලා යන්න සිද්ද වුනා. සැලසුමේ විදියට ගමන අරබන්න නොහැකි වුන නිසා  මග දිගට ට්‍රැෆික්. නගරයෙන් පිට වෙන්න කලින් වියදමට මුදල් ගන්න අවශ්‍යතාව තදින්ම තිබුනා.ටේලර් මැෂින් පහුකරගෙන නගරේ කෙලවරේම තියෙන අවසාන මැෂින් එකෙන්ම සල්ලි ගන්න සිද්ද වුනේ මොන හේතුවක් නිසාද කියලනම් දන්නේ නැහැ.අපි තුන්දෙනාගෙන්ම දැනට ඉතුරු වෙලා තියෙන එකම "ATM කාර්ඩ් එක" මගේ.හැමෝගෙන්ම මුදල් අවශ්‍යතාවල් පිරිමහගන්නේ "හාල් පොත" වගේ තියෙන මේ කාර්ඩ් එකෙන්.අනිත් දෙන්නගේම කාර්ඩ් ටේලර් මැෂින් විසින් අතුරුදහන් කර අවසන්.අප්‍රිකාවේ මිනිසුන් වගේම යන්ත්‍ර, සුත්‍රාත් විස්වාස කරන්න බැහැ.කිසි වරදක් නැතිව කාර්ඩ් හිරවීම සමානයි.එසේ සිර වුන කාර්ඩ්  කෙලින්ම ලංකාවට යවනවා. සංචාරකයා අසරණයි.



මගේ කාර්ඩ් එක ඇතුල් කර සාමාන්‍ය විදියට පියවර අනුගමනය කලත් අවාසනාවන්ත විදියට ATM මැෂින් එක හිර වුනා.කාර්ඩ් එක ඇතුලේ.එත් කාර්ඩ් එක බැංකුව සතුකරගත්තේ නැහැ.කාර්ඩ් එක දාල යන්නත් බැහැ කොයි මොහොතක හෝ එලියට එවි නැත්නම් මුදල් ගන්න පුළුවන් විදියේ පසුබිමක් ඇතිවේවි කියන බයට දාල යන්නත් බැහැ.අනිත් දෙන්නත් මගේ සහයට හිටියේ හැමෝගෙම අවශ්‍යතාවල් පිරිමහුවේ මේ කාර්ඩ් එක නිසා. විනාඩි 10 ක් 15 ක් බැලුවේ මැෂින් එක සාමාන්‍ය තත්වයට ඇවිල්ලා කාර්ඩ් එක එලියට එනකන්. පසුව බැංකු කළමනාකාර තුමිය සම්බන්ධ කරගන්න හැකි වුනා. ඒ නිවාඩු දවසෙත් බැහැ නොකියා අපි වෙනුවෙන් බැංකුවට ඇවිත් මැෂිම ක්‍රියා විරහිත කර කාර්ඩ් එක අරන් දුන්නේ වද දෙන මැෂින් අතරේ උදවු කරන මිනිසුන් ඉන්නබව සනාත කිරීමටයි.නැවතත් කාර්ඩ් එක මා සතු කරගන්න පැය එකහාමාරක් විතර ගත වුනා.

ඒ අරගෙනත් තවත් කිලෝ මීටරයක් ඈතින් තිබෙන තැනකට ගියාත් ඒ මැෂිමේ මගේ එක කාර්ඩ් හිරවෙන්න කලින් වෙනත් කෙනෙකුගේ එකක් හිර වෙලා.තවත් ඈතින් ඇති මැෂිමක් හොයන් ගිහින් යන්තම් විශ්වාස කරන්න පුළුවන් තැනකින් අවශ්‍ය තරමට මුදල් අරන් හැම ප්‍රශ්නයක්ම විසඳගෙන පිට වෙද්දී 10.30 විතර වෙලා. අපේ ගමනාන්තයට ළඟා වෙද්දී හවස 1.00 විතර වුනා. ඈතින් පෙනන කැලේ ඇතුලෙන් කාක්කෙක් සද්දේ දැම්මත් අපිට ඇහෙන්නේ වලසෙක් කෑ ගහන ශබ්දයක් වගේ.අපේ හිත්වල තිබුනේ දරුණු ගනයේ සතුන් සජීවීව නරබන්න.උන්ගේ සාමාන්‍ය ජිවන රටාවත් එක්ක. සත්තුවත්තේදී වගේ කෘතිමව නැතිව.


"කුකුම් ජාතික වනෝද්‍යානය" අප්‍රිකාවේ ඇති වැසි වනාන්තරයක්.වර්ග කිලෝ මීටර් 350ක් පමණ විශාල මේ වනාන්තරේ අලි කොටි ,වලසුන් වැනි විශාල සතුන්ද ජිවත් වෙනවා.කුරුළු විශේෂ 500ක් විතර සමනළයින් හා අනෙකුත් සතුන් සමග සත්ව විශේෂ 800ක් පමණ මේ වනයේ  ජිවත් වෙනවා. 1960 දී පටන්  සංචාරකයන්ට එය නැරඹීමට අවස්ථාව හිමිවිය.සතුන් බලන්න යන්න තියෙන්නේ කැලේ මැදින් ඇති පාලමක් මගින්.ලෝකෙන්ම වනාන්තර හරහා මෙවෙනි විශාල පාලම් ඇත්තේ 4ක් පමණයි.එයින් දෙවෙනි විශාලතම පාලම  මෙයයි. අනෙකුත් පාලම් ඇත්තේ, චීනයට පළමු තැන, මලයාසියා.පේරු. අඩි 130 උසින් ඇති වැල් පාලමක් උඩින් ඇවිදන ගමන් පහල ඇති ඝන කැලේ සිදුවන සත්ව ක්‍රියාකාරකම් දැක බලා ගැනීමයි සංචාරකයන්ට අවස්ථාව ලබාදී ඇත්තේ.. මෙහි මුළු දිගා මීටර් 330ක්.මෙම පාලම නිර්මාණය කරලා තියෙන්නේ විශාල ගස් අතරේ කේබල් සම්බන්ධ කර  ඒ හරහා එල්ලෙන පාලම සම්බන්ධ කරලා.


                                                   පාලමේ යන්න පෝලිමේ.



මේක තාමා පාලම. 

                                                                ඈතට පෙන්නේ මේ වගේ.




                                         රූස්ස ගසක ඇති නැවතුම් පොලක්

ලංකාවේ ඇති වැල් පාලම් වලින් මිට කලින් ගිහින් තිබුනත් මේ පාලමේ යද්දී පොඩි චකිතයක් තිබුනා.ගඟක් හරහා  යද්දී බයක් නැහැ වැටුනොත් ගඟට එත් මේ ඝන කාලේ හරහා යද්දී වැටුනොත් කොටි වලස්සු ඉන්න කැලෙකට වැටෙන්නේ.ඒත් මේ උද්‍යානය ආරම්භ කල දවසේ සිට අද වෙනකන් කිසිම ජිවිත අනතුරක් සිදුවෙලා නැහැ.මීටර් 130 උඩින් පාලමක් මතින් ඇවිදිද්දී සතුන් බාලාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ.  ගියොත් ගමනේ  අවසානය වෙනකන් යන්න සිදුවෙනවා.මගින් ආපසු හැරෙන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.. මීටර් 330ක ගමනේ අවසානේ ඒ මහා වනයේ හිටපු සතෙක්ව මගේ කැමරාවේ සටහන් කරගන්න හැකි වුනා.


                                               මා දැක්ක එකම සතා "සමනළයා"

අඩි 130 ක උඩින් යද්දී අඩි 60-70ක් විතර උස ගස්වල කරටි තමා පෙන්නේ.කරටි අස්සෙන් පෙන්නනම් අඩුම ගානේ ජිරාෆ්ලා රංචු වත් ඉන්න ඕනේ.එත් ඝානාවේ ජිරාෆ්ලා නැහැ.අඩුම ගානේ උස ගස්වල ජිවත් වෙන ගහෙන් ගහට පැන පැනයන  කළු වඳුරෙක් වත් ඇහැකට දැක්කේ නැහැ. අප්‍රිකාවේ ඝන වනාන්තරයක සංචාරය කර කිසිම සතෙක් නොදැකපු එකම අවසානාවන්ත ශ්‍රී ලාංකිකයා මම විතරද?.


14 Aug 2012

උඹ හොරෙන් තියාගෙන ඉන්නවනේ. මටත් දියන්කෝ.



                          හිස ජෙල් ගෑම,එලියට  යද්දී විලවුන් ගෑම, වගේ පුරුදු  ඒ කාලේ ඉඳලම තිබුනා. ඉස්කෝලේ කාලේ දී ගෑවේ තිබුන මිල අඩුම  එක. දැන් මාසෙන් ඉවර කරන එක  ඒ කාලේ මාස  6ක් විතර ගෑවා. ඒ ඔළුව ඒ කොන්ඩේ ප්‍රමාණයත් එකම වගේ ඒත් පිරිමැස්ම හොඳට තිබුන මගේ ජෙල් අඩුවෙන් වතුර වැඩියෙන් පාවිච්චිකරපු නිසා අමාරුවෙන් කල් ඉකුත්වීමේ දිනට පෙර කොහොම හරි ඉවර කරගත්තා. රැකියාවට කොළඹ ආවයින් පස්සේ ඉතින් ඔළුව පිරෙන්නම ජෙල් කිරීම ඉබේම පුරුදු උනා. මොකද උදේ පිටත් වුනාම හවස එනකන්ම කොන්ඩේ එකම විදියට තියාගන්න තිබුන එකම විකල්පයනේ. අපේ අක්කා (ලොකු අම්මගේ දුව) වැඩ කලේ  ජෙල්, සබන්, ක්‍රීම්, වගේ නිෂ්පාදනය කරන ලංකාවේ ප්‍රධාන ආයතනයක. විද්‍යා අංශයේ හිටපු ඇය අලුත් නිෂ්පාදන කරන්නේ අක්කා සහා එයාගේ කණ්ඩායම. අලුත් දෙයක් නිෂ්පාදනය කරද්දී මට තිබුන වාසියනම් කියල වැඩක් නැහැ. හැම දෙයක්ම වෙළඳ පොලට දාන්න කලින් ටෙස්ට් කරනවා. ලැබ් වල ටෙස්ට් කරයින් පස්සේ  පාරිභෝගිකයෝ කිහිප දෙනෙක් හරහා සමීක්ෂණයක් කරලා ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව හොඳම නිෂ්පාදනය තමා  වෙළඳ පොලට නිකුත් කරන්නේ.

ඉස්සර  ලැබෙනවා ජෙල් බෝතල් 10ක් විතර සුවඳ විලවුන් බෝතල්, අලුත් ක්‍රීම් වර්ග හැම දෙයක්ම වගේ. ඒ හැම බෝතලයක් එක්ක පොඩි ෆෝර්ම් එකකුත් ලැබෙනවා. යාළුවො අතරේ බෙදලා හැමෝගෙම අවංක අදහස් ලියන්න. මේ සාම්පල් ලැබෙන්නේ වෙළඳ පොලට අලුතින් දාන්න තිබෙන  ඇසුරුමේ නෙවෙයි දැනට තියෙන   කුමක් හෝ බෝතලයක. මොකද අලුත් ඇසුරුමේ හැඩය මිනිසුන් දැනගැනීම වැලක් වීමට. ෆර්ෆිම් වගේ ලැබුනාම මට තව කෙනෙකුට බෙදල දෙන්න හිත දෙන්නෙම නැහැ. ඇතැම් දවස් වල මම තනියෙම ෆෝර්ම් ටික අකුරු වෙනස් කරලා පෑනේ පාට වෙනස් කරලා අත්දෙක මාරු කරලා පුරවල දීලා ඒ හැම නිෂ්පාදනයක්ම තනියෙන් බුක්තිවින්දා.  එහෙම නැත්නම් යාළුවො ආපු වෙලාවක ඒ බෝතල් ඉඹින්න දීලා ෆෝර්ම් පුරෝපු වෙලාවලුත් තිබ්බා. මම දන්නා විදියට මා හරහා ටෙස්ට් කරපු නිෂ්පාදන වෙළඳ පොලෙ වැඩිකල් තිබ්බේ නැහැ.

ගැහැණු ළමයින් වෙනුවෙන් නිෂ්පාදනය කරන ඒවා දුන්නෙත් මට. ෆේෂ් වොෂ්, සබන් ජාති, තව අනම් මනං හැම දෙයක්ම.  අප්පේ..... බලන්න එපැයි ඒ කාලේ ගෑනු ළමයි මම වැඩට එනකන් බලන් හිටිය විදිය. ඒත් මම වැඩිය එයාලට බෙදන්න  ගියේ නැහැ ඒවත්  මමම ගෑවා. ටෙස්ට් එකරන්න දෙන ඒවා විස වෙලා ලස්සනට තියෙන මුණ කැත වුනොත් බඳින්න ඉන්න කොල්ලොන්ගෙන්  ගුටි කද්දී ඔය කිසිම ආයතනයක් එන්නේ නැහැ නේ මාව බේරගන්න. කාලෙකට කලින් වෙනත් ආයතනයක ෂැම්පු වගයක් මේ විදියට ටෙස්ට් කරන්න දීලා  මාතර පැත්තේ ගෑණු ළමයෙකුගේ කොන්ඩේ කපන්න වෙලා. ඊට කලින් අවුරුද්දේ අවුරුදු කුමාරිය වුන ඇයගේ කොන්ඩේ කපන්න වෙලා තියෙන්නේ ඇස්වහ කටවහා හින්දා කියල ඒ ගමේ වයසක මිනිස්සුනම් කියල තියෙන්නේ. කොහොම වුනාත් ලක්ෂ 10 වන්දියක්නම් ඒ ආයතනයෙන් ලැබිලා තිබුනා ලු. මම ලංකාවෙන් එද්දී දුක් වුන යාලුවො වැඩි දෙනා මේවා භාවිතා කරපු අය. ඒ දුක් වුනේ ඔවුන්ගෙන් වෙන් වෙනවට නෙවෙයි නිකන් ලැබෙන දේ නොලැබෙන හින්ද. මමත්  ඒවා දුන්නු  අක්කත් දැන් ලංකාවේ නැහැ.

දවසක්  නාන්න ගියපුවෙලේ  බාත්රූම් එකේ නානප්ප්‍රකාර බෝතල්. මට ටෙස්ට් කරන්න නොදුන්න නිෂ්පාදනත් තිබුනා  ලස්සන ලස්සන බෝතල් වල දාපු ඒවා, රට බෝතල්, මේ හැම එකකම මොනවා හරි දෙයක් තිබුනා. පිරිමි නිෂ්පාදන කියල බැලු බැල්මට පේන්න කිසි දෙයක් තිබුනේ නැහැ. වැඩේ සාධාරණයි මොකද  එහෙම දෙයක් තියෙනවනම් මට දෙනවා නේ. පිරිමින්ටත් ගැහැණුන්ටත් ගැලපෙන දෙයකට තිබුනේ මවුත් වොෂ් එකක් විතරයි. ඒත් ඒ බෝතලේ තිබුන ලේබල් එක ගලවලා සුදු පාටින් තිබුන වචන දෙකක්. දිග වචනේ අමාරුවෙන් කියෙවුවාත් තේරුම ගන්න බැරි වුනා විද්‍යාත්මක නමක් තිබුනේ. අනිත් වචනේනම් පුළුවන් "සාම්පල්" කියල තිබුනේ. මොනව කරන්නද ලස්සන වෙන්න ගාන කිසි දෙයක් තිබුනේ නැති කොට නාලා ඉවර වෙලා දත් ටික මදින්න මවුත් වොෂ් එක හලාගත්තා ටිකක් වැඩිපුර, නිකන් ලැබෙන දේ නේ. ඒත් වෙනදා පාවිච්චිකරන ඒවාට වඩා වෙනස් රසයක් දැනුනේ මම හිතුවා කලින් ඒවාට වඩා හොඳ නිෂ්පාදනයක් වෙන්න ඇති. කරාබු නැටි ටිකක් වැඩිපුර දාලා ඒ නිසා මෙහෙම වෙන්නේ. සතියකට කලින්  කාපුවත් උගුරට එනවා වගේ දැනුනා. අමාරුවෙන් ඒවාත් නවත්වගෙන කටේ තියෙන දියරය හක්කෙන් ඒ පැත්තටයි මේ පැත්තටයි මාරුකරලා උගුරත්  හෝදලා වතුරෙන් කට හොදද්දී බෝල බෝල කටින් පිට වුනා. කවදාවත් මෙහෙම දෙයක්  දැකල නැහැ මට හිතුනා සමහර විට පොඩි වුන්ට හදපු එකක්ද දන්නෙත් නැහැ නේ දත් මැදීම පුරුදු කරන්න. තව වතුරෙන් කට හෝදද්දී පෙන වගේ පිට වෙන්නේ නවතින්නෙම නැහැ. දහ වතාවක් විතර සේදුවයින් පස්සේ  ටිකක් සාමාන්‍ය තත්වෙට ආවේ.  කෝකටත් කියල එලියට යද්දී බෝතලෙත් අරන් ගියා. අක්කත් ඉන්නවා සාලෙට වෙලා.

"අක්කේ මේ... මොනවද ටිකක් සුවඳයි."
"අහ්.. මේ අපි අළුතින් හදපු හර්බල් ශේම්පු ඒක කොන්ඩේ කැඩෙනවට හොඳයි. ටෙස්ට් කරන්න තියෙන්නේ. තවම මර්කර්ට් එකේ නැහැ. ඕනේනම් අරන් යන්න."


                                          සබන් බෝල බෝල ගියේ මෙහෙමයි.

ආයෙත් එහෙම්මම ගිහින් දොර වහගත්තා. කවදත් අපිට පුරුදු සිග්නල් වලින්ම දත් මැදලා එලියට ආවේ. ඒත් පැය ගානක් යනම් කටේ අපුල ගතිය ගියේ නැහැ.

හිටපු ගමන් මම බෝඩිමේ ඉන්න කම්මැලි හිතුනාම එහෙ ඉඳං වැඩට යන්නේ.  එහෙම යද්දී මම පාවිච්චිකරන ජෙල් එහෙම අරන් යන්නේ නැහැ. ඒ කාලේ ඒ/සී එකේ ඉද්දි හම වෙලේනවට මම ක්‍රීම් එකක් ගෑවා පුරුද්දක් විදියට. එහෙ යද්දී මොකටද ක්‍රීම් වුනත් අරන් යන්නේ. බෑග් ඒක බර වැඩි වෙන ඒක විතරයි නේ. උදේට වැඩට යද්දී හොරෙන් අක්කගේ කබඩ් ඒක ඇරලා ලස්සන බෝතලයකින් ටිකක් ගාගෙන ගැහැණු ෆර්ෆිම් ටිකක් දෙපැත්තට විදගෙන මම යන්නේ. ප්‍රංශ සමාගමකින් මෙයාලගේ  නිෂ්පාදනයට අමුද්‍රව්‍ය ලැබෙනේ. ඉතින් තිබුනේ හොඳම දේ වගේම ලංකාවේදී දැකලම නැති බෝතල්. එදා ගෑවා ක්‍රීම් එකනම් වෙනදා ගාපු එකට වඩා වෙනස් හොඳට තෙතමනය තියෙනවා සුවඳත් හොඳයි. ඒ පුරුද්දට මම තව දවසක් අක්කට හොරෙන් ඒ ක්‍රීම් එකම ගාගෙන ගියේ.  ඔෆිස් එකේදී දවල් කෑමට කලින් ඇතැම් දවස් වලට අතේ වැලමිට ළඟ ඉඳල හෝදගෙන  මුණත් බෙල්ලත් එක්ක හෝදගෙන ෆ්රේෂ් එකේ කැමට යන්නේ. එතකොට ගොඩාක් කන්න පුළුවන්. එදා දවල්  අතේ වතුර ගැවෙද්දී සුදුපාටට මතු වුනා අමුතුවට. වතුර දාන්න දාන්නා පෙන එනවා . කල්පනා කරලා බැලුවා වොෂ් රූම් එකේ කවදාවත් බෙහෙතකට සබන් කැල්ලක් හොයාගන්න නැහැ. ඒත් අතේ සබන් තියෙන්න කොහොමද කියල කල්පනා කරද්දී පිටිපස්සෙන් ආපු එකා ටිකක් බලං ඉඳලා කියනවා " උඹ හොරාවගේ සබන් කෑල්ලක් ගෙනල්ලා තනියෙන්ම පාවිච්චි කරනවා නේ. මටත් ටිකක් දියන්කෝ අත්දෙක පොඩ්ඩක් හෝදගන්න."  
අඩේ මචං මේ අන්තිම ටික නේ.  අදයි ඒ සබන් කෑල්ල ඉවර වුනේ. දන්නවනේ මෙතන තිබ්බොත් ඉතිං රෙදි හෝදන්නත් කට්ටිය එනවනේ."  නෝන්ඩි නොවී එදා බේරුනා. ඊළඟ සතියේ ඇවීත් මුණේ ගාන ක්‍රීම් අත්වල  ගාන ඒවා ෆෙර්ෆුම් අතරේ අර ලස්සන බෝතලේ අතට අරන් බැලුවා. බාත්රූම් එකේ තියෙන ඕනේ දෙයක් අල්මාරිය ඇතුලේ. අනේ එකත් පිටරට ෂැම්පු එකක්.


ප/ලි  මේ කතාවත් මතක වුනේ හෙන්රි අයියගේ  මට හිතෙන හැටි බ්ලොග් එකේ මේ පොස්ට් එක කියෙවුවාම.

හැමදාම වගේ සිත්තරේ තිළිනිගෙන්.


මේ ටිකේ යාලුවෝ ගොඩ දෙනෙකුගේ පොස්ට් කියවන්න බැරි වුනා. ටිකක් වැඩ වැඩි වුනා. තරහ නැතිව ඇති කියල හිතනවා.මොකද මේ සතියේ බදාදා ලංකාවට යන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි ටික දවසකින් ආයේ හමු වෙමු.  

2 Aug 2012

වේදනාකාරී දුම්රිය ගමන.



                                       කොහේදෝ අතුරු පාරකින් ඇවිත් වැටුනේ ගාල්ල කොළඹ පාරට. වටපිට බලද්දී  දැනගත්තේ  මේ ඉන්නේ මොරටුව හංදියේ බව. ගෙදර යන දවසට මම බස් එකේ  යන්නේ. එදා සෙනසුරාදා මම වෙලාවට කලින් ඔෆිස් එකෙන් පැනපු නිසාත් මාසෙකට දවසක් ගෙදර යන නිසාමත් බස් එකට වඩා සැපට යන්න තියෙන කැමැත්ත නිසා  ඉක්මනින් යන වාහනයක් නිසා කෝච්චියේ යන්න තීරණය කළා. මිට කලින් මම ගාල්ල කොළඹ අතර මැද කොතැනකදීවත් දුම්රියට නැගල බැහැලා පුරුද්දක් නැති නිසා දුම්රිය යන එන වෙලාවක් ගැන හරි අදහසක් තිබුනේ නෑ..


 මගෙන් තිබුන  කරදරේ ඉවසන්න බැරුව තාත්තා මාව මුලින්ම කොච්චි පැද්දුවේ මං තුනවසර ඉගෙනගන්න කාලේ දී. එදා ඉඳල අද වෙනකන් මම වැඩිපුරම කැමති කෝච්චියේ ගමන් යන්න. කොල්ලෝ ටික දෙනෙක් එක්ක එකතු වෙලා හැම අවුරුද්දෙම  සීතල විඳින්න නුවරඑළි යන්න පාවිච්චි කලෙත් කෝච්චිය. එහෙම ගියාම අපි පට්ටිපොලින් බැහැලා නුවරඑළි යන්න අපි බස්, එහෙම නැත්නම් වෙනත් කුලී රථයක් පාවිච්චි කරන්නේ නැහැ. තවමත් ඉස්කෝලේ යන රැකියාවක් කරන්නේ නැති අපි "දරිද්‍රතාවේ අඩියේම" හිටියේ. ගෙදරින් දුන්න සල්ලි පුළුවන් තරම් ඉතුරු කරගෙන "ලෝ බජට්" සංකල්පේ අකුරටම ක්‍රියාත්මක කළා. අනිත් දේවල් වලට ලෝබ නැතුව වියදම් කළා. ගොඩාක් වෙලාවට අපි ගියේ එළවලු ලොරියක පිට්පස්සේ. ආවරණයක් නැති වාහනයක යද්දී මුළු පලාතම මාර ලස්සනට පෙනුනා.


අතේ සල්ලි ඉවර වෙද්දී අපි ආයේ ගෙදර එන්න පිටත් වුනා.ගමනේ බාගයක් ගෙවෙද්දී  හදිසියේම  ටිකට් පරීක්ෂකයෝ ඇවිත් එක්කෙනා එක්කනා හොඳට චෙක් කරනවා. අපි ලඟටත් ආවා. මට ටිකට් නැහැ. ගියේ යාලුවෙකුගේ තාත්තා කෙනෙක් හදල දුන්න වොරන්ට් එකෙන්. එදා මගේ නම වෙනස් කරගෙන මගේ යාලුවයේ සහෝදරගෙ ඉපදුන දවස, නම, පවුලේ විස්තරත්, හොඳින් කට පාඩම් කරන් ගියේ. අපිව වෙන වෙනම චෙක් කරා මොනවා හරි සැකයක් ඇති වෙලා වගේ. පියාගේ නම දෙන්නටම  තිබ්බට  අපි දෙන්න අහසට පොළොවට වගේ වෙනස් . "මේ ඔයාල දෙන්න අයියයි මල්ලි වුනාට හරි වෙනස් නේ" මොනවා හරි සැකයක් නිසා වෙන්න ඇති  මෙහෙම අහන්නේ. මම කිසි පැකිලීමක් නැතුව උත්තර දුන්නා. "එයා අම්මා වගේ මම තාත්තා වගේ එකයි අපි දෙන්නා වෙනස්" (බයටම කියවුනාද කොහෙද) . ටිකකින් ඔවුන්ගේ අවසාන තුරුම්පුව ගැහුවා. ජාතික හැඳුනුම්පත දෙන්න බලන්න.?  "අපි මේ නුවරඑළි ගිහින් එනගමන්. ග්‍රේගරි වැවේ නාන්න ගියපු වෙලේ පර්ස් එක නැති වුනා සල්ලිත් එක්ක ID එක පර්ස් එකේ තිබුනේ". හොඳ වෙලාවට සාමාන්‍ය දැනුම නැතිකෙනෙක් හිටියේ ග්‍රේගරි වැවේ නාන්න බැහැ කියල දන්නවනම් යාළුවගේ තාත්තගේ රස්සාවත් නැති වෙනවා මට දඩේ ගෙවන්නත් වෙනවා. ජිවිතේ එක දවසකට  මම තාත්තාව මාරු කළා.


ඊට පස්සේ අවුරුද්දේත් අපි ගියේ ටිකට් අරගෙනමයි. දවස් හතරකට පස්සේ අපි එද්දී ආවෙත් කෝච්චියෙම. එදාත් කළුතර පහුවෙලා ටික දුරක් යද්දී ටිකට් පරීක්ෂකයෝ පැන්නා. උතුරලා යන සෙනග ඉන්න පෙට්ටියේ ඇදී ඇදී මම ඉන්න තැනටත් ඇවිත් සුපුරුදු වචන ටික කියද්දී එඩිතරව මගේ ටිකට් එක දුන්නේ කිසිදෙයකට බය නැති නිසා. එදා අපි සම්පූර්ණ ගමන ගියේ නිත්‍යානුකුලව. ඒත් අපේ සිට් එකට ඉස්සරහ හිටපු ගෑණු ළමයි තුන්දෙනා  ලොකු වරදක් කරලා වගේ ඒ නිලධාරීන්ගේ හැසිරීමෙන් අපිට තේරුම් ගන්න වැඩිවෙලා ගියේ නෑ.. කරුණු කාරනා හොයල බලද්දී තුන්වැනි පංතියේ ටිකට් වලින් දෙවැනි පංතියේ පෙට්ටියක වාඩිවෙලා ඇවිත්. ඒ අතරේ සිට් නැති ගැහැණු දෙන්නෙක්  ආඩාපාලි කියනවත් ඇහුනා අර ගෑණු ළමයි දෙන්නට. නිලධාරීන්ගේ වචන වටේ ඉන්න මිනිසුන්ගේ බැල්ම ඒ හැම දෙයක් නිසාම මේ තුන්දෙනා  ගොඩාක් අසරණ වෙලා වගේ අපි දැක්කේ. කල වැරැද්දට දඩයක් ගෙවන්න සිද්ද වෙලා. රුපියල් 1400 ක්. ඒත් ඒ තිදෙනා ලඟ ඒ හැටි මුදලක් නැ. කොළඹ ඇඟලුම් කම්හල් සේවිකාවන් වෙන මේ තිදෙනා ජිවිතේ පළමු වතාවට දුම්රියේ යන්නේ ඒ හදිසියේම පවුලේ කෙනෙක් මිය ගිහින්. බස් වලට වඩා ඉක්මනින් ගෙදර යන්න පුළුවන් නිසා. දෙවැනි පන්තිය තුන්වැනි පන්තිය කියන සිද්දියක් දැනගෙන ඉඳල නැහැ. අඬන්න ඔන්න මෙන්න කියල හිටපු කෙල්ලෝ තුන්දෙනාට ඊළඟ ස්ටේෂමෙන් බහින්න කියන අවසාන නිවේදනය දීලාත් ඉවරයි. අපි කතා කරලා සහනයක් කරන්න හැදුවත් ඵලක් වුනේ නැහැ අපිත් එක්කම ඒ පෙට්ටියේ ගියපු හමුදා නිලධාරියෙකුත් අපිත් එක්ක එකතු වුනා. පරීක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වගේ කෙනාට ටිකක් කතා කරලා දඩය රුපියල් 700ට අඩු කරගන්න හැකි වුනා. හමුදා නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් ඒ පෙට්ටියටම ඇහෙන්න කතා කරලා හැකි සහනයක්  ඉල්ලුවා. මුලින්ම අපේ අතේ තියෙන ටික එකතු කරලා විනාඩි දෙකක් වගේ යද්දී පෙට්ටිය පිරෙන්න හිටපු මිනිසුන්ගෙන් දහයේ කොළ විස්සේ කොළ හා අතරින් පතර රුපියල් පනහේ කොලත්. මගේ අත පිරෙන්න ලැබුනා. විනාඩි 10ක් යන්න කලින් රුපියල් 700 එකතුකරලා එම නිලධාරීන්ට දඩේ ගෙවන්න හැකි වුනා. සියල්ල අවසානේ බලද්දී රුපියල් 60 ක් මගේ අතේ ඉතිරියි. සෙනග ගොඩේ ආයේ බෙදන්න ගියේ නැහැ ඉතිරිය මා සතුවිය :ඩි. එදා අපි කෝච්චියේ වීරයෝ වුනා. අවුරුද්දකට පස්සේ ඒ ගෑණු ළමයින්ගෙන් කෙනෙක් රට ගියා. ඒ යද්දිත් අපේ කෙනෙක්ට  කෝල් කරලා නැවත වතාවක් ස්තුතියි කරලා ගියේ. 


මේ මොන සිද්දි සිද්ද වුනාත් හැම වෙලාවකම කෝච්චියේ යන්න තමා උත්සහ කලේ. එදා මම මොරටුවෙන් නැග්ගේ ඒ නිදහස් ගමන යන්න. කොළඹින් පිටත් වෙන සීග්‍රගාමීය මොරටුවට ලංවෙද්දි තව පැය එකහාමාරක් වගේ කාලයක් ගතවෙන බව දැනගත්තේ බෝර්ඩ් කෑල්ලක් කියවපු වෙලේ. සිග්‍රගාමි එක එද්දී මේ මන්දගාමී එකේ ගිහින් මට යන්න ඕන තැනට වේලාසනින් යන්නත් පුළුවන්. මොනවා වුනාත් පැය එක හමාරක් ඉන්නවට වඩා මේ යන්න ඔන්න මෙන්න තියෙන එකේ නැග්ගේ තව සැරයක් හිතන්නේ නැතුව. ගොළු බෙල්ලෙකුට වඩා ටිකක් වේගෙන් යන මේ කෝච්චිය දකින දකින ස්ටේෂන් වල නවත්වල විනාඩි ගණන් නවත්වලා ඉන්නේ අපිට වෙන වැඩ නැහැ කියල හිතන ඉන්නා වගේ. ඒත් මුහුද දිහා බලන් රැල්ල ගලේ වැදිලා බිඳෙන හැටි බලන් ගියපු නිසා ඒ හැටි පරක්කුවක් දැනුනේ නැහැ. ඒ කෝච්චිය පානදුරෙන් එහාට යන්නේ නෑ. එතනින් බැහැලා තව එකක නැග්ගේ එකත් ඒවගේම වේගයක් තමා තිබුනේ. මම ආවෙත් මේ විදියට කැඩී කැඩී යන්න නේ. සිග්නල් නැතුව අතර මැද නවත්වීම් තව දුම්රියක් මාරුවෙනකන් කොහේ හෝ නවත්වා ගෙන සිටීම ප්‍රයිවට් බස් වගේ දකින දකින ස්ටේෂන් වල මගින් ගැනීම නිසා මටත් කේන්ති ගිහින් හිටියේ රියදුරාත් එක්ක. ඒත් මන්දගාමී කෝච්චියේ උපරිම වේගය මෙය වෙන්න ඇති. කෝච්චියේ ගියපු අනිත් හැමෝම හරි සතුටින් තම තමාගේ වැඩ කරගෙන ගියේ. 


තියෙන කම්මැලි කමට සින්දුවක් අහන්න හැදුවේ. ෆෝන් එකේ කෝල් ගන්න පහසුකමට අමතරව තිබුනේ ටෝච් එක විතරයි. හදිස්සියකට සින්දුවක් අහන්න වගේ ඒ කාලේ මම පිටකොටුවෙන් අරන් තිබුනා හැන්ඩි රේඩියෝවක්. ඒකත් කණේ ගහන ඉද්දි "තණකොළ පෙත්තාගේ මාමණ්ඩිය වූද,ඔබේ රුව  වැඩිකිරීමේ රහස හාර්පික්," වගේ FM චැනල් එක පිට එක මාරුවෙලා ඇහෙනෙන්න ගත්තා. ටිකකින් භ්ක්..ස්..ස්..ස්ප්..ෂෝ.. සද්ද විතරයි ඇහුනේ. කිසි වැඩකට නැති රේඩියෝ එක තිබ්බ තැනම නිධාන් ගතකරලා ඈත බලන් හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. ආයෙත් ටිකකින් ස්ටේෂමක නැවැත්තුව ඒ වෙන මොකටවත් නෙවෙයි අපේ පිටි පස්සෙන් එන කොළඹ මාතර කෝච්චිය අපි ඉස්සර කරගෙන යන්න. අතන මම පැය එකහමාරක් හිටියනම් මේ වෙද්දී මේ අධිවේගයෙන් යන කෝච්චිය ඇතුලේ. මාව පහුකරන් ගියපු කෝච්චිය  දිහා බලාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. කොහොම හරි අලුත්ගමටත් ආව හැමෝම බැහැල ගියා කවුරුත් නැග්ගෙත් නැහැ මේ කෝච්චිය අළුත්ගමින් එහාට යන්නේ නැති එකක්. මගේ ඊළඟ උත්සාහය වුනේ අළුත්ගම ඉඳල යන ඊළඟ කෝච්චියේ නගින්න. අළුත්ගමින් එහාට කොච්චි යන්නේ ආයේ හවස පහෙන් පස්සේ කියල දැනගත්තු ගමන් මගේ පපුව "හෝස්" ගාල ගියා. අකමැත්තෙන් වුනාත් එකම විකල්පය වුනේ ගමනේ ඉතුරු ටික බස් එකේ ගමන් කරන්න.


                                                කේන්තියට කොන්ඩේ කෙලින් වුන මම.

ගාල්ල මාතර බස් එකක යනවට වඩා මම නැග්ගේ කතරගම එකක. අනිත් ඒවාට වඩා වේගෙන් යනවා හැම තැනම නවත්වන්නේ නැහැ. ගාන ටිකක් වැඩි වුනාට ඉක්මනින් යන නිසා හිතට සනීපයි. බාගෙට ඇරලා තියෙන කවුළුවෙන්  හුළඟ ඇවිත් මගේ මුණේ වදිද්දී ඒ හුලන්ගත් එක්ක කේන්තියත් ගහගෙන යනවා එතකොට නම් හිතට දැනෙන සනීපෙ ගැන කියල වැඩක නැහැ. වංගුවක් ගද්දි බස් ඒකත් එක්ක ඇඹරෙද්දී කට්ටිය එකා පිට එකා වැටෙද්දී මට තේරුනේ පුදුම වේගයකින් යනවා කියල. නවත්වන තැන් වල නැවත්තුවත් යන වෙලාවට දැනෙන්න යනවා. ලාවට ඇස් දෙක පියවෙද්දී කොන්දාස්තර කෑ ගහනවා ඇහුනා. යුද්ධෙ අවසාන කාලේ හින්දා  ගොඩාක් මාර්ග බාධකවල දුරයන බස් නවත්වනවා. කොතරම් හදිස්සි වුනත් නීතියට හිස නවන්න ඕන නේ. කට්ටියත් එක්ක පොලිමේ ගිහිං පෙන්වන්න තියෙන ඒවා පෙන්නලා ආයේ බස් එකට ආව. එතන හැමෝම චෙක් කරත් එක සීයා කෙනෙක් නවත්වාගෙන  හැඳුනුම්පත නැතිව. මොන මොනවදෝ කතා කරගෙන යන්තම් විනාඩි තිහකට විතර පස්සේ ගමන යන්න පිටත් වුනා. කලින් වතාවේ වගේ මුහුදු හුළඟ ඇඟේ වදිද්දී කේන්තිය නිකන්ම නිවෙනවා.  බස් අජිත්ගේ අදෝනා සිංදුත් කරන්න දෙයක් නැති කමට විඳින ගමන් අම්බලන්ගොඩ කිට්ටුවෙන් හිටියේ. වේගය අඩුවෙනවත් එක්ක සිංදුවේ සද්දේ නැති වෙලා කොන්දස්තර අයියාගේ සද්දේ වැඩි වුනා. "ගමන් මහන්සිය නිවාගන්න ඉක්මනින් මොනවහරි කාල බිලා එන්න." ඒ වෙද්දීනම් මට මගේ ඇඟිල්ල හපාගෙන මැරෙන්න තරම් කේන්තියක් ඇවිත් තිබුනේ. හැම බාධාවක්ම බිඳගෙන පැය තුනෙන් යන ගමන පැය හයහාමරකට පස්සේ ගාල්ලට ලඟා වෙද්දී මගේ සංතෝසය උතුරා ගිහින්.


පලි: අද වෙනකන් කිසිකෙනෙකුට කිවුවේ නැති  ලජ්ජා සහගත සිද්දිය ලියන්න කියල හිතුනේ "මට හිතෙන හැටි" බ්ලොග් එකේ හෙන්රි අයියාගේ මෙන්න මේ පොස්ට් එක කියෙවුවාම.


අනුග්‍රහය "සිත්තර තිලිණි"..

16 Jul 2012

කඩු නැති කටු ගේ .


                        ලෝකයේ  බොහෝ රටවල කෞතුකාගාර ඇත.තම රටේ ප්‍රෞඩ ඉතිහාසය ඒ හා බැඳුන අමිල වස්තුන් වගේ දෑ අනාගත පරපුර වෙනුවෙන්  ආරක්ෂා  කිරීමටත්, ලෝකයේ අනිකුත් රටවලට දැනගැනීමට  ඇති  ස්ථානය නිසා එයට රාජ්‍ය අනුග්‍රහය ලැබේ. එවැනි ස්ථානයකට නිසි ආරක්ෂාවක් නොලැබුනොත් රටේ අනාගතයට තම රටේ ඉතිහාසේ ප්‍රෞඩත්වය පෙන්වීමට ඇති සුළු සාක්ෂි පවා නැතිව යෑම වැලක්විය නොහැක. ඝානාවේ ඇති කෞතුකාගාරය නැරඹීමට ගියපු මට දැකගන්න ලැබුනේ පාලුවට ගියපු විශාල ගොඩනැගිල්ලක ඉතා සුළු ප්‍රමාණයේ භාණ්ඩ කිහිපයක්.පමණයි. ලංකාවේ කඩු නැතිවීමට දින කිහිපයකට පෙර  එම ස්ථානයට ගියපු මම ඊට පසු සතියේ ලංකාවේ කෞතුකාගාරයේ සිදුවුන ඒ කනගාටුදායක සිද්දිය ආරංචි විමෙන් මට අපේ රටේ කෞතුකාගරයටත් මෙවැනි දෙයක් වීමට ඉඩ ඇතිබව නිකමට වගේ දැනුනා. මට දැනුන දේ ඔබටත් දැනේවි. පහත පලවන්නේ එම කෞතුකාගාරයේ ඇති හොඳම භාණ්ඩ කිහිපය පමණයි. 1957 දී ආරම්භ කරන ලද මෙම ආයතනය දිනෙන් දින අභාවයට යනබව දේශීය දෑ අගයන ඝානා වැසියන් පවසයි.

විනාඩි 30 ක් වගේ සුළු වෙලාවක් තුල නැරඹීමට හැකි ඒ විනාඩි 30 වැඩි වෙලාවක් ගත වෙන්නේ  ගොඩනැගිල්ලේ ඇති භාණ්ඩ දෙකක්  අතර ඇති දුර ගෙවා ගැනිමටයි. කෞතුකාගාරයේ සේවකයෝ වගේම තව රටේ බලවත් පිරිසේ උපරිම දායකත්වයෙන් විශාල භාණ්ඩ ප්‍රමාණයක් විදේශිකයන්ට අලෙවිය හා ප්‍රභූ වරුන්ගේ නිවස් තුලද එම භාණ්ඩ විසිර පැවතීම නිසා එම ස්ථානය අභාවයට යමින් පවතී. සත්ව ඇටකටු සතුන්ගේ ඡායාරූප  හා දේශීය ශාන්තිකර්ම වල  ඡායාරූප වැනි දේවල් හිස්තැන් පිරවීමට යොදාගෙන. ආයුධයක්‌ විදියට මා දැක්කේ  ලොකුම ආයුධය ආඩි 5 ක් පමණ දිග "මන්නා පිහියක්."

                                           ලි කැටයම් සහිත ආසන කිහිපයක්.



             

 මැටි වලින් කරපු නිර්මාණයක්.

දේශීය සංගීතයෙදී භාවිතා කරන බෙර විශේෂයක්.

                                     
                                                          සම්ප්‍රධායක ඇඳුම් පිරිමි හා ගැහැණු.
                                
                                                             19 වන සියවසේ   ප්‍රභූවරයෙක්.

ලී කැටයම්.


                                                   විදේශ ආක්‍රමණ වලට පෙර සිටි ප්‍රභූන්ගේ ආසන.


                                                     මෙම කැටයමේ ඇති අලියා ආසියානු අලියෙක්


          
                                    "CAPE COST" 13 වන සියවසේදී ගොඩ නගපු බලකොටුවේ ආකෘතියක්.




මෙම බලකොටුව විදෙශි යන්ගේ සිත් ඇදගන්නා ස්ථානයකි.මා රැකියා කරන  ස්ථානයේ සිට 200 Km ඈතින්ව පිහිටා ඇති මෙය ගාල්ලේ කොටුව මෙන් ප්‍රෞඩත්වයෙන් ඉහලයි. ළඟදීම එම ස්ථානය නැරඹීමට සිතාගෙන ඉන්නේ. එම ගමනෙන් පසු  වැඩි විස්තර බලාපොරොත්තු වන්න.



18 Nov 2011

ගුවන් සේවිකාවකට සේවකයෙක් වුනෙමි






මේක මගේ අත්දැකීමක්.මේක කව්රු හරි කියවල වැරදි අදහසක් තියෙනවනම් නැතිකරගනිවී  කියලත්   හිතනවා.


  මගේ නිවාඩුව ඉවරවෙන්න තිබුනේ තව ටික දවසයි.ඉවර උනු ගමන් මට අයෙත් වැඩකරන රටට යන්න ඕන. මං ඉන්නේ ලංකාවේ මිනිස්සු අඩුවෙන්ම යන ඒ රටේ මිනිස්සු දැක්කම  ජීවිතේ මොකක්ද මේ කියල හිතෙන රටක්. 
පොඩි කලේ මං ආසම දෙයක් තමය් ප්ලේන්  එකක යන එක.ඒකාලේ ප්ලේන් එකේ යන්න සිහින මවපු තරම්.දැන්නම් එපා කරපු දේ  තමයි  ප්ලේන් එකක යන එක.කොහොම හරි යන්න දවස අවා.
ගෙදර මට වඩා වැඩිමහලු  හැමෝටම  වැඳලා පොඩි අය මට වැඳලා හැමෝගෙම  හොටු මගේ මුනේ ගාගෙන ගෙදරින් පිට වෙලා ආවා.ප්ලේන්  නවත්වල තියෙන තැනට.මට සමු දෙන්න තව ටික දෙනෙකුත් අවා (ටික කාලයක් නිදහසේ ඉන්න පුළුවන් කියල  හිතපු අය නොහිටියමත් නෙවෙයි ) එයාලගෙනුත් වෙන් වෙලා ඇතුලේ ඉන්න උන් අහන ඒවටත් උත්තර දීලා ප්ලේන් එකට  නැගල    මං මගේ ෂිට් හොයාගෙන වාඩි වුනා දැන් මං යන්නේ හදන්නේ මොණර පිහාටු වගේ සරි ඇදන් ඉන්න සුන්දරියෝ ඉන්න  ප්ලේන් එකේ.ඔව් "ශ්‍රී ලංකන්".කට්ටිය හැමෝම  වාඩි  වෙලා ඉන්නවා ප්ලේන් එය යන්නත් තව  ටික වෙලාවක් තියෙනවා.සුන්දර කෙල්ලෝ ටික දෙනකුත් හිටිය.මං හිතුවේ  ඒයාලා   මට විශේෂයෙන් සලකනවා ඇති  කියල මට හිතුනු  විදියට මං හෙන පොරක්  වගේ මට දැනුන මං මුලින්ම ශ්‍රී ලංකන් එකක ගියපු දවස තම ඒ.පස්සේ තේරුණා එය මට නෙවෙයි  හැමෝටම ආදරෙන් කතා  කරනවා සලකනවා  කියල .එහාට මෙහාට යද්දී පවුඩර්  සුවදේ බෑ.හැම කෙල්ලෝ ලඟම එන සුවඳ  ඒයාලා ලඟිනුත් ඒක ආව.


දැන් යන්න පිටත්වෙන්න හදන්නේ  හැමෝගෙම ලගට  වගේම මගේ ලගටත් අවා
"සර් අපි  දැන් පිටත් වෙන්න හදන්නේ සර් ගේ  පටිය දාගන්න"
ලස්සන කෙල්ලෙක් සර් කියද්දී මට නිකන්   කිති වගෙත් දැනුනා  (සාමාන්යෙන් දැනෙනවා) .සලිත වෙච්ච හිත එක්තැන්  කරගන  ගමන් මං එයා කියපු විදියට කලා.ටික වෙලාවකින් මං හිටපු  ප්ලේන් එක උඩ යන්න පටන් ගත්තා ටික වෙලාවකට  පස්සේ ෂිට් එකට තියල ගැට ගහපු පටිය ලිහල වට පිට බැලුව එලිය පේන්නෙත් නෑ මහා රෑ තරුවක්වත් නෑ එදා මූසල  දවසක්  වැස්ස දවසක් නිසාද කොහෙද . ඇස පිනවන්නවත් හේතුවක් තියෙනවද කියල අයෙමත් වටපිට බැලුව .කිසිම රසක් නෑ...  හරියට නිකන් "කාන්තාරෙක ඉන්න ඔටුවෙක්" වගේ මට හැගුනේ. ඉස්සර පාරේ තාප්ප වලනම්  අලවල තිබුන "විවාහය ප්‍රමදනම් දුර බස් එකක  යන්න"කියල.එත් ඒ  කතාව වැරදි කියල  දැන් මට තේරෙනවා මං හිතන්නේ මගේ හතර කේන්දරේ පාලුයි  වගේ. ටික වෙලාවකින් ඉස්සර ගමේ බූමි තෙල් බෙදන  "ගොන් කරත්තේ" වගේ කරත්තයක් ඇදගෙන දෙන්නෙක් එනවා මට එක දැකල පුරුදු උනාට පොඩ්ඩක් අමුත්තක්  දැනුනා මොකද මෙයාල දෙන්නට සිංහල පුළුවන් හින්දා.


"සර් සොෆ්ට් ඩ්‍රින්ක්ස් ද හොට් ඩ්‍රින්ක්ස්  ද?"


නිකන් දෙන නිසා දෙකම ගන්නත් හිතුනත් මොකක්දෝ  හේතුවක් නිසා මට හොට් ඩ්‍රින්ක්ස් කියල ඉබේම කියවුන 


"විස්කිද",රෙඩ් වයින් ද? "


තව අමුතු ඉංග්‍රීසි  නම් වගයකුත් කිවුවා
අඩුවෙන් බීල වැඩියෙන් වෙරිවෙනේ විස්කි කියල මගේ අත්දැකීමෙන් දන්නා නිසා විස්කි කියල  දෙපාරක් හිතන්නේ  නැතුව ඉල්ලුව.නිකන් දෙන විස්කි වීදුරුවෙ රසබලල කන්න දුන්නු දේවලුත් ඔක්කොම කලා කරන්න දෙයක්ම නැති  තැන නිදාගන්න  ට්‍රයි කලා.ටික වෙලාවකින් මගේ ජීවිතේ ලබපු  වේදනා කාරම  කන් කැක්කුම පටන් ගත්තා එන්න එන්නම වේදනාව වැඩි වෙනවා වගේ දැනුනා කරන්න දෙයකුත් නෑ  අම්ම ලග හිටියනම් දේශීය බෙහෙතක් හරි හදල දෙනවා  ඒත් මං මේ අහසේ ඉද්දි මං  කාට කියන්නද
ජිවිතේ පලුමු පාරට දැකපු මිනිස්සු ගොඩක් ඉනෙත් කාටද කියන්නේ දහසකුත් ප්‍රශ්න  .බැරිම තැන ඇහැ ඇරලා බලද්දී මගේ එහා පැත්තේ  හිස් වෙලා තිබුණු ෂිට් එකක ඉන්නවා අර කලින් මාව ෂිට් එකට තියල ගැට ගහන්න හදපු ඒ සුන්දරී.ඒ වගේ කෙල්ලෙක් ගෙන්  කොහොමද මං කටක් ඇරලා කියන්නේ කන් කැක්කුමක් තියෙනවා බෙහෙතක්  දෙන්න කියලා.එතකොට ඒ කෙල්ල මං ගැන මොනවා හිතාවිද  මේකා කොල්ලෙක්ද කන්කකුමක් ඉවසන්න බැරිද තව තව  අමුතු ඒවත් හිතුවොත් දහසකුත් විකාර සිතුවිලි මැද මං ටික වෙලාවක් අතර මං උනා ඒත් එන්න එන්නම වේදනාව වැඩි වෙනවා.ඕනදෙයක් හිතපු දෙන් මෙයාව අයෙ දකින්නෙත් නැහැනේ මං මටම බැනගෙන චංචල උනු සිත නිශ්චල  කරනගමන් මං මගේ ඒ අමාරුව කීවා (මගේ හොඳ වෙලාවට ශ්‍රී ලන්කන් එකක ගියේ නැත්නම් වෙනත් එකක ගියානම් මං කොහොමද එක කියන්නේ  කන්  කැකුමට ඉංග්‍රීසියෙන් කියන විදිය දන්නේ නැ)


"මිස් මගේ පොඩි කන් කැක්කුමක් තියෙනවා මොනවත් බෙහෙතක්  දෙන්න පුලුවන්ද"?


 මං ඒ ලස්සන මූණ  දිහා  අසරණ විදියට බලනගමන්  ඉල්ලුව මගේ ජීවිතේ පළමු දවස කෙල්ලෙක්ගෙන් බැගපත් වෙලා දෙයක් ඉල්ලුවේ.එය මගේ මුණ දිහා මට වඩා අසරණ විදියට බලල කිවුවා


"මට පොඩ්ඩක් සනීප නෑ  අනෙත් කෙනාට කියන්න පුලුවන්ද  සර්"


අසරණ වෙච්ච කටහඩෙන් එහෙම කියද්දී මට "අනේ පව්" කියලත් හිතුන මොනවා කරන්නද අත් දෙකින්ම එක කනක් බදාගෙන, බෙල්ල පැත්තට හරවාගෙන, හිටපු ෂිට් එකෙන් උඩින් පැනල,
 නිදා ගෙන උන්නු අයගේ කකුල්වල හැපී හැපී,  අමාරුවෙන් පිටිපස්සේ කොනටම ලං වෙද්දී බාගෙට වැහුණු වැසිකිළි දොර   ඇතුලෙන් ගැණු කෙනෙක් වමනේ දාන සද්දයක් ඇහුණා.ලංවෙන්නත් පොඩ්ඩක් බයත් වගේ එත් කුතුහලෙකුත් තියෙනවා කවුද මේ වමෙනේ දන්නේ මොනවත් සුබ අරන්චියක්වදෝ... කියල එත් මං හිතපු  නැති විදියට එතන හිටියේ අනිත් ගුවන් සේවිකාව." අම්මෝ" මේ දෙන්නටම අමාරුයි කෑම විස වේලාවක්ද දන්නෙත් නෑ අපිට දෙන්න කලින් මෙයාල කනවා නේ එහෙම උනොත් තව ටිකකින් අපිටත් අමාරුවෙන් කාපුවා එළියට දාන්න වෙන්නේ. අමාරුවෙන්  ඉන්නවා දැකල මං ඇහුව     "ඇයි මොකද අසනීපයක්ද"  මගේ අසනිපට  බෙහෙත් හොයන්න හියපු මට මේ දෙන්නටම බෙහෙත් සොයල දෙන්න වෙයි  කියල ඉවෙන් වගේ මට දැනුනා. මගේ වේදනාව පැත්තලින් තියල එයා කිවුව අද මොකක්ද ඉංග්‍රීසි වචනයක් කියල අන්න එක නිසා තම අද  වමනේ ගියේ මට ඒ වචනේ තේරුනේ නැති උනාට තේරුණා වගේ ඉදල එයාලගේ ප්‍රධානියා හොයන්න අයෙත් මං කකුල් උඩින් පැනලා මැද  හරියට ගිහිල්ල  තවත් ඊට දෙවෙනි නොවෙන ලස්සනක් තියෙන කෙනෙක් ඉන්නවා බාගෙට විවර උනු කටත් බාගෙට පියුනු ඇස් දෙකත් එක්ක තරු දිහා බලන මොන්ටිසෝරි ළමයෙක් වගේ මුල්ලක ෂිට් එකක නින්දේ සැප නෙන්දේ වෙනස බලමින් .
ටිකක් ලං වෙලා "Excuse me"   හිටපු  නින්දේ  හැටියට සද්දේ මදි කියල ටිකක් උස් හඩින් අයෙත් කතා කළා .ඊට පස්සෙනම්  මගේ දෙමවුපියෝ සිහිකරන බැල්මකින් මා දිහා බලල, වියාජ හිනහවක් මුනේ මවාගෙන 


"ඇයි සර්"


ඔයාලගේ කෙනෙක්ට ටිකක් සනීප නැ වගේ"


 අතන කිචන් එක ළඟ ඉන්නවා
"OK සර් මං බලන්නම් Thank you "  නොදකින් මෝඩයා   නිදා ගන්නවත් දෙන්නේ නෑ  කියන බැල්මකින් අයෙත් මගේ දිහා රවුවේ නැතත් අමුතු බැල්මක් බලලා ප්ලේන්  එකේ පොදු වැසිකිලිය වෙත Cat wark   එකෙන්ම ගිය. මගේ කනේ අමාරුව ටිකක් අඩු උනා මං  මගේ ෂිට් එකට ගිය .එතකොට තවමත් අර අහිංසක  කෙල්ල ඉස්සරහා ෂිට් එකට ඔළුව ගහගෙන නිදි. කොහොම හරි මගේ ෂිට් එකෙන් මං අමාරුවෙන් වාඩි  වෙලා කතා කරන්න හේතුවක් කල්පනා කරනගමන් දත කට මැදගෙන ඉන්නවා කොහොමද කතාව පටන් ගන්නේ...!! කියල.


"කොහොමද ඔයාට දැන්  " ඒ මගේ හඬ
"දැන් ටිකක් හොඳයි" ඒ ඇයගේ හඬ


මොකද අසනීපෙ ඔයාගේ යාළුවත් වමනේ කරා . ඔව් අද ******* එක වැඩි  එකයි  ආමාරු  කලින් වමනේ කරපු සේවිකාව  කියපු ඉංග්‍රීසි වචනේ  මෙයත් කිවුව මට එත් තේරුනේ නැ මං හා:..  ඒකනිසා ද තේරුණා විදියට ඉඳල ."කොහොමද ඔයාගේ ජොබ් එක" මං කතාව වෙනස් කරා


"හපෝ එපා වෙලා තියෙන්නේ"

අපි ඇවිල්ල තවම "Tow Weeks"  මටනම් ඒපා වෙලා තියෙන්නේ

"කොහොමද ඔයාගේ කනේ අමාරුව"


ආ... එක දැන් හොඳයි  (එය ලගින් අපු පවුඩර් සුවඳට ද නැත්නම්  ලස්සනක ගැණු ළමයෙක් එක්ක කතා  කරපු නිසාද මගේ ලෙඩේ කොහෙන් ගියද නැ )
මගේ කුතුහලය ඇවිස්සුනා ඇයි  මේ වගේ රස්සාවක් එපා වෙන්නේ ගැහැණු ළමයි කි දෙන්නම් සිහින මවනවද  ප්ලේන් එකේ එහාට මෙහාට යන්න .
"ඉස්සර තුබුණු ආසාවට Apply  කළ   "3000" දෙනෙක්ගෙන් 5 Select  උනේ.අපිත් හරි සංතෝසෙන් ට්‍රානින් වුන ජොබ් එක  දෙවැනි දවසෙම එපා වුන ප්ලේන් එක  150 විතර  ඩ්‍රින්ක්ස් දෙන්න ඕනේ එක එක්කන කැමැති  එක එක ඒවා බිල ඉවර උනාම ඒවා එකතු කරගෙන වටයක් යන්න ඕනේ  ඊට පස්සේ කෑම  බෙදන්න ඕනේ කෑම වල අඩු පාඩු තිබුනම මගියෝන්ගෙන්  බැනුම් අහන්නත් ඕනේ... ඒයාලා කපු පිගන් එකතුකරගෙන අයෙත් වටයක් යන්න ඕනේ වතුර,තේ බෙදාගෙන අයෙත් වටයක් යනවා ට්‍රොලිය තල්ලු කරගෙන යන එක හිතපු තරම් ලේසි නෑ  කෑමත්  පුරවගේන නේ..... ඊට පස්සේ අනෙත් මගියෝ ටික පැක් කරගෙන අයෙත් ලංකාවට එන්නාව ඒ එද්දිත් මේ වගේම තමා මහන්සිය.මටනම් මේ රස්සාව එපා වෙලා තව ටික දවසක් බලල මං නවතිනවා. "

"අවුරුදු ගානක් සිහින මවපු රස්සාව සති දෙකෙන් එපා උනේ ඇයි"?ඒ මගේ අන්තිම ප්‍රශ්නේ 

එන්න කලින් දැනගෙන හිටියේ නෑ  මෙක මෙච්චර අමාරු රස්සාවක් කියල එත් දැන් මට තේරෙනවා ඒ කතාවක් සමගම මගේ ගමනාන්තෙට ලං උනා මගේ හිතේ ඇති උනු වේදනාවත් එක්කම හැමදාම කෙල්ලෙක් එක්ක කතාකරම ඇති වෙන ඒ අදහස මට එදත් පහලවුන ඔයාගේ  Contact number නැත්නම්    FB id   එක දෙන්න .එත් මං මගේ හිතේම ඒක තියෙන්න ඇරලා වැදගත් කොල්ලෙක් විදියට  "හැම රස්සවක්ම අමාරුයි  කිසිම රස්සාවක් ලේසි නේ ටික දවසකින් ඕක හරියාවි " මං පොඩි වැඩිහිටියෙක්  වගේ අවවාදයකුත් දීලා අකමැත්තෙන් උනත් ඇයට සමුදීලා මගේ මල්ලත් අරන් මං බැස්සා.




















Related Posts Plugin for WordPress, Blogger...