අවුරුද්දේ දවස් 365 න් 364 ක්ම වැඩ කරන ආයතනයක වැඩ කරන අපිට මුලු ආයතනයටම නිවාඩු ලැබෙන්නේ දෙසම්බර් 25 නත්තල් දවස. මාත් එක්ක ඉන්න අනිත් දෙන්නටත් අපි තුන්දෙනාම එකට ඉන්නේ අවුරුද්දකට එක දවයි. රට,තොට බලාගන්න පුළුවන් දවසේ අප්‍රිකාවේ සුන්දර තැනක් බලන්න අදහස් කරන් තිබුනා. ඊට කලින් දවසේ 24 වෙනිදා රෑ අපේම ආයතනේයේ අපේ රටට අල්ලපු රටවල් දෙකේ දෙන්නටත් අපේ අදහස දැම්මා. උදේ 7 වෙද්දී පිටත් වුනොත් 200 K.M ඈත තියෙන අප්‍රිකාවේ තවත් වැසි වනාන්තරයක් වන "කුකුම් ජාතික වනොද්‍යනට" අග නගරේ සිට ළඟා වෙන්න ගතවෙන්නේ පැය දෙකක් වගේ කාලයක්.
උදේ 7ට එනවා කියපු අනිත් දෙන්නා 7.45 වෙනකුත් නැති තැන අකමැත්තෙන් වුනත් ඔවුන්ව දාලා යන්න සිද්ද වුනා. සැලසුමේ විදියට ගමන අරබන්න නොහැකි වුන නිසා මග දිගට ට්‍රැෆික්. නගරයෙන් පිට වෙන්න කලින් වියදමට මුදල් ගන්න අවශ්‍යතාව තදින්ම තිබුනා.ටේලර් මැෂින් පහුකරගෙන නගරේ කෙලවරේම තියෙන අවසාන මැෂින් එකෙන්ම සල්ලි ගන්න සිද්ද වුනේ මොන හේතුවක් නිසාද කියලනම් දන්නේ නැහැ.අපි තුන්දෙනාගෙන්ම දැනට ඉතුරු වෙලා තියෙන එකම "ATM කාර්ඩ් එක" මගේ.හැමෝගෙන්ම මුදල් අවශ්‍යතාවල් පිරිමහගන්නේ "හාල් පොත" වගේ තියෙන මේ කාර්ඩ් එකෙන්.අනිත් දෙන්නගේම කාර්ඩ් ටේලර් මැෂින් විසින් අතුරුදහන් කර අවසන්.අප්‍රිකාවේ මිනිසුන් වගේම යන්ත්‍ර, සුත්‍රාත් විස්වාස කරන්න බැහැ.කිසි වරදක් නැතිව කාර්ඩ් හිරවීම සමානයි.එසේ සිර වුන කාර්ඩ් කෙලින්ම ලංකාවට යවනවා. සංචාරකයා අසරණයි.
මගේ කාර්ඩ් එක ඇතුල් කර සාමාන්‍ය විදියට පියවර අනුගමනය කලත් අවාසනාවන්ත විදියට ATM මැෂින් එක හිර වුනා.කාර්ඩ් එක ඇතුලේ.එත් කාර්ඩ් එක බැංකුව සතුකරගත්තේ නැහැ.කාර්ඩ් එක දාල යන්නත් බැහැ කොයි මොහොතක හෝ එලියට එවි නැත්නම් මුදල් ගන්න පුළුවන් විදියේ පසුබිමක් ඇතිවේවි කියන බයට දාල යන්නත් බැහැ.අනිත් දෙන්නත් මගේ සහයට හිටියේ හැමෝගෙම අවශ්‍යතාවල් පිරිමහුවේ මේ කාර්ඩ් එක නිසා. විනාඩි 10 ක් 15 ක් බැලුවේ මැෂින් එක සාමාන්‍ය තත්වයට ඇවිල්ලා කාර්ඩ් එක එලියට එනකන්. පසුව බැංකු කළමනාකාර තුමිය සම්බන්ධ කරගන්න හැකි වුනා. ඒ නිවාඩු දවසෙත් බැහැ නොකියා අපි වෙනුවෙන් බැංකුවට ඇවිත් මැෂිම ක්‍රියා විරහිත කර කාර්ඩ් එක අරන් දුන්නේ වද දෙන මැෂින් අතරේ උදවු කරන මිනිසුන් ඉන්නබව සනාත කිරීමටයි.නැවතත් කාර්ඩ් එක මා සතු කරගන්න පැය එකහාමාරක් විතර ගත වුනා.
ඒ අරගෙනත් තවත් කිලෝ මීටරයක් ඈතින් තිබෙන තැනකට ගියාත් ඒ මැෂිමේ මගේ එක කාර්ඩ් හිරවෙන්න කලින් වෙනත් කෙනෙකුගේ එකක් හිර වෙලා.තවත් ඈතින් ඇති මැෂිමක් හොයන් ගිහින් යන්තම් විශ්වාස කරන්න පුළුවන් තැනකින් අවශ්‍ය තරමට මුදල් අරන් හැම ප්‍රශ්නයක්ම විසඳගෙන පිට වෙද්දී 10.30 විතර වෙලා. අපේ ගමනාන්තයට ළඟා වෙද්දී හවස 1.00 විතර වුනා. ඈතින් පෙනන කැලේ ඇතුලෙන් කාක්කෙක් සද්දේ දැම්මත් අපිට ඇහෙන්නේ වලසෙක් කෑ ගහන ශබ්දයක් වගේ.අපේ හිත්වල තිබුනේ දරුණු ගනයේ සතුන් සජීවීව නරබන්න.උන්ගේ සාමාන්‍ය ජිවන රටාවත් එක්ක. සත්තුවත්තේදී වගේ කෘතිමව නැතිව.
"කුකුම් ජාතික වනෝද්‍යානය" අප්‍රිකාවේ ඇති වැසි වනාන්තරයක්.වර්ග කිලෝ මීටර් 350ක් පමණ විශාල මේ වනාන්තරේ අලි කොටි ,වලසුන් වැනි විශාල සතුන්ද ජිවත් වෙනවා.කුරුළු විශේෂ 500ක් විතර සමනළයින් හා අනෙකුත් සතුන් සමග සත්ව විශේෂ 800ක් පමණ මේ වනයේ ජිවත් වෙනවා. 1960 දී පටන් සංචාරකයන්ට එය නැරඹීමට අවස්ථාව හිමිවිය.සතුන් බලන්න යන්න තියෙන්නේ කැලේ මැදින් ඇති පාලමක් මගින්.ලෝකෙන්ම වනාන්තර හරහා මෙවෙනි විශාල පාලම් ඇත්තේ 4ක් පමණයි.එයින් දෙවෙනි විශාලතම පාලම මෙයයි. අනෙකුත් පාලම් ඇත්තේ, චීනයට පළමු තැන, මලයාසියා.පේරු. අඩි 130 උසින් ඇති වැල් පාලමක් උඩින් ඇවිදන ගමන් පහල ඇති ඝන කැලේ සිදුවන සත්ව ක්‍රියාකාරකම් දැක බලා ගැනීමයි සංචාරකයන්ට අවස්ථාව ලබාදී ඇත්තේ.. මෙහි මුළු දිගා මීටර් 330ක්.මෙම පාලම නිර්මාණය කරලා තියෙන්නේ විශාල ගස් අතරේ කේබල් සම්බන්ධ කර ඒ හරහා එල්ලෙන පාලම සම්බන්ධ කරලා.
පාලමේ යන්න පෝලිමේ.
මේක තාමා පාලම.
රූස්ස ගසක ඇති නැවතුම් පොලක්
ලංකාවේ ඇති වැල් පාලම් වලින් මිට කලින් ගිහින් තිබුනත් මේ පාලමේ යද්දී පොඩි චකිතයක් තිබුනා.ගඟක් හරහා යද්දී බයක් නැහැ වැටුනොත් ගඟට එත් මේ ඝන කාලේ හරහා යද්දී වැටුනොත් කොටි වලස්සු ඉන්න කැලෙකට වැටෙන්නේ.ඒත් මේ උද්‍යානය ආරම්භ කල දවසේ සිට අද වෙනකන් කිසිම ජිවිත අනතුරක් සිදුවෙලා නැහැ.මීටර් 130 උඩින් පාලමක් මතින් ඇවිදිද්දී සතුන් බාලාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. ගියොත් ගමනේ අවසානය වෙනකන් යන්න සිදුවෙනවා.මගින් ආපසු හැරෙන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.. මීටර් 330ක ගමනේ අවසානේ ඒ මහා වනයේ හිටපු සතෙක්ව මගේ කැමරාවේ සටහන් කරගන්න හැකි වුනා.
මා දැක්ක එකම සතා "සමනළයා"
අඩි 130 ක උඩින් යද්දී අඩි 60-70ක් විතර උස ගස්වල කරටි තමා පෙන්නේ.කරටි අස්සෙන් පෙන්නනම් අඩුම ගානේ ජිරාෆ්ලා රංචු වත් ඉන්න ඕනේ.එත් ඝානාවේ ජිරාෆ්ලා නැහැ.අඩුම ගානේ උස ගස්වල ජිවත් වෙන ගහෙන් ගහට පැන පැනයන කළු වඳුරෙක් වත් ඇහැකට දැක්කේ නැහැ. අප්‍රිකාවේ ඝන වනාන්තරයක සංචාරය කර කිසිම සතෙක් නොදැකපු එකම අවසානාවන්ත ශ්‍රී ලාංකිකයා මම විතරද?.










