Showing posts with label ආදර කතා. Show all posts
Showing posts with label ආදර කතා. Show all posts

28 Apr 2012

රුවැත්තියක් මට අත වනනවා මම ඉඳගෙන බෑ බෑ කියනවා..


                                                       සෙනසුරාද වැඩ තියෙන්නේ වෙනද වගේ නෙවෙයි දවස් භාගයයි.වැඩ ඉවර වුන ගමන් මාත් එක්ක වැඩ කරන තනිකඩයෝ හෙව්වේ අපේ සමාජෙට ගැලෙපෙන්නේ එවුන් නිසා.ඒත් එදා මට මේ නව නින්ගිරා වැඩේ සිද්ද වෙන්න ඕනේ නිසා මගේ නපුරු වෙලාවට කාටවත් මාත් එක්ක  සමාජ ගත වෙන්න එදා බැරි වුනා. ඒ හැම දෙයක්ම අසාර්ථක  වුනු  හින්දම බම්බලපිටියෙන් බස් එකට නැග්ගේ පිටකොටුවට ගිහින් තවත් ගමනක් යන්න හිතාගෙන.


වැඩි සෙනගක් නැති බස් එකේ මාත් එක්කම හතර පස් දෙනෙක් හිටගෙන කවුලුවෙන් එලිය බලාන යන්නේ වෙන කරන්න දෙයක් නැති කමට.ජිවිතේ අනිත්‍ය තේරුම යන වයස දහ අටේ  සිට හැත්තෑව දක්වා හිටපු කෙල්ලෝ ඇන්ටිලා ආච්චිලා අතරේ මමත් ඒ බස් එකේම ගියේ... එක එක සුකුරුත්තම් කරන කෙල්ලෝ ගොඩක් එක්ක තනි වුනු තව කෙල්ලෙකුත් ඒ බස් එකේ හිටියා.සුකුරුත්තම් පිරිස කොල්ලුපිටියෙන් බැස්සත් තනි වුනු කෙල්ල තවමත් තනියෙන් . 


ඒ කාලේ ලංකාවට අලුත් විලාසිතාවක් වුනු කොන්ඩේ කෙලින් කරන් (ස්ට්‍රේට්)  විලාසිතාවත් පොල් කටු වලින් හදාගත්තු කරාබු දෙකකුත්, ඇට ඇට මාලයෙකුත් පැලඳ ගෙන.අවු කණ්නාඩිය ඔලුවේ දාගෙන ඉන්න මේ කෙල්ල මට වඩා සීට් පේලි හතරක් එහායින් දොර ළඟ හිටියේ.බස් එක  ඒ වෙද්දී ගොල් ෆේස් කිට්ටු කරලා තිබුනේ .පොඩි කාලේ ඉඳල බලන්නම ආස හින්දාම මම යන්නෙම ගෝල ෆේස් පාරෙන් යන බස් වල විතරයි.පොඩි කාලේ තාත්තත් එක්ක මුහුද දිහා බලන් ඉන්න ආසකරපු මම පස්සේ කාලෙක මල් මල් කුඩයක් යට ඉඳං මුහුද දිහා බලන් ඉන්න ආස කලා.දවල් වෙලාවක කොහේදෝ යන්න එතනින් බැහැපු මට එදා තේරුනා මෙතනට ආදරේ කරන්න  එක්කන් එන්න හොඳ තැනක් නෙවෙයි තමන්ගේ පෙම්වතියට දඬුවම් දෙන්න හොඳ තැනක් විත්තිය.මොකද ඒ වෙද්දී "නයා" කට ඇරියා වගේ පුදුම රස්නයක් තියෙන්නේ.මල් මල් කුඩ යට ඉන්න තිබුණු මගේ ආසාව නැති වුනා.ඒත් බධක ජය ගන්න අවංක ප්‍රේම වන්තයොන්ට ඒ අව්වත් අව්වක්‌ නෙවෙයි විත්තිය මම හැබැහින් දැකල තියෙනවා.


මමත්  තව වයසක සීයා කෙනෙකුත්  අඟනක් වගේ කෙල්ලත් විතරයි හිටගෙන .වැඩි උස නැති එත් උස වෙන්න දාගෙන හිටපු ආඩි උස සෙරෙප්පුවේ උල දැක්කම ලඟට යන්න හිතේන්නේවත් නෑ.මම බැලුවේ නැතත් මගේ ඇස් දෙක යන්නෙම ඒ කෙල්ල දිහාවටමයි.මගේත් ඇයගේත් ඇස් එකට ගැටුණු වෙලාවේ ඇය මාත් එක්ක සිනා සුනාත් මම එක සැරේම හිනාවෙන්නේ නැතිව වට පිට බලලා හිනා වුනේ මීට කලින් මගේ පිටු පස හිටපු කෙනෙක් වෙනුවෙන් මම හිනා වුන ඒ අතීත ලජ්ජා සහගත මතකය නිසාමයි.ඇ හිනා වෙනවා දැකපු සීයා මගේ දිහා බලල ජනේලෙ අතරෙන් අහසත් මුහුදත් ගෑවෙන දිහා බැලුවේ යටි හිතෙන් මට ඉරිසියා කරන ගමන්.ඒ කෙල්ලට ගැලපෙන වයස කෙනෙකුට හිටියේ මම විතරයි ඒ මුළු බස් එකේම ඉතිං දැනගත්තා ඒ හිනා වුනේ මාත් එක්කම තමයි කියල.


ඇ හිටි තැනින් තවත් දොර ලඟට කිට්ටු වුනේ බහින්න විත්තිය මට තේරුන් ගන්න වැඩි වෙලා ගියේ නැහැ.බහින්න කලින් තව වතාවක් හිනාවෙන්න ආසාවෙන් හිටපු මම ඇය දිහා බැලුනේ ඉබේටම.මගේ එතෙක් ජිවිතේට නොහිතපු දෙයක් සිද්ද වුනා.ඇ තව සැරයක් මාත් එක්ක හිනා වෙලා ලඟට කතා කළා බහින්න. ඒ සියල්ල වුනේ හස්ත මුද්‍රාවෙන්.ඒ තැනත් එච්චර හොඳ තැනකුත් නෙවෙයි.පොඩි කාලෙම ගෝනි බිල්ලා ගැන අහල තිබුණු අපි අම්මත් කියා දීලා තිබුනා අඳුරන්නේ නැති කාත් එක්කවත් යන්නවත් කතා කරන්නවත් එපා කියන දේ.පොඩි කාලේ කියා දුන්නත් අද කාලෙටත්  වලංගුයි කියන එක  මට එවෙලේ තේරුනා.මම ඔළුව වනලා බෑ කිවුවා.




ඒ විදියට කොල්ලෝ රවටන් ගිහිං සිහිය නැතිවෙන්න ටොෆි ,චෝකොලට් වගේ දීලා පර්ස් එක සුද්ද කරලා හෙමින් මාරු වෙන කෙල්ලෝ ගැන පත්තරවල අනත්වත් අහල තියෙනවා.ඊට කලින් දවසේ මගේ පඩි පත ලැබුනෙ. මා ගැන දන්නා කෙනෙක් වෙන්නත් ඕනේ.මම වැඩ කරන තැන ඉඳලම මා ගැන ඇහැ ගහගෙන ආපු කෙල්ලෙක් වෙන්න ඕනේ.මගේ මුළු පඩියම පර්ස් එකේ.එක තමා මාත් එක්ක කට පුරෝවල හිනා වුනේ.නැත්නම් වැඩි පුර බස් වල යන්නේ ඔරවන කෙල්ලෝ .හදවතට නෙවෙයි බුද්ධියට ඉඩදෙන්න ඕනේ කියල මට තේරුම ගන්න වැඩි වෙලා ගියේ නැහැ.හදිස්සියෙවත් මෙතනින් බැහැල කතා කර කර ඉන්න ගමන් මොනවා හරි දුන්නනම් මට සිහිය නැති වෙනවා.මාසයක් වැඩකරලා ගත්තු මගේ පඩිය කාටවත් නිකන් දෙන්න බැහැ නේ.එහෙම වුනොත් මට මෙතන ඉඳල මගේ බෝඩිම තියෙන  නාරාහේන්පිටට පයින්ම යන්න වෙන්නේ.කාටවත් කෝල් එකක් දෙන්න ඒ කාලේ මම ෆොනේ  පාවිච්චිකලේ නැහැ.අනිත් එක අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ.කොහෙත්තම අඳුරන්නේ නැති කෙල්ලොත් එක්ක වැඩි බජෙනට යන්න හොඳ නැහැ කියල මට එවෙලේ තේරුම ගියා.




ඇයත් මම වගේ තනිකඩ කෙනෙක් වෙන්න ඕනේ.ඇයත් තනියෙන් මමත් තනියෙන් දෙන්නම එකතු වුනාම දෙන්නටම තනි නැ එහෙම හිතපු නිසාද දන්නේ නැහැ බහින්න කියන්නේ.හැම බන්කුවකම කුඩ යට දෙන්න දෙන්න ඉන්න දර්ශනමයි තියෙන්නේ.කරන හැම දෙයක්ම මම දෙපාරක් හොඳට හිතන කෙනෙක් නිසා වෙන කොල්ලෝ වගේ එක සැරේ ලඟට ගිහිං හා කිවුවේ නැ.එක සැරයක් බෑ කියපු මගෙන් ආයෙත් ලජ්ජා නැතුව  අතින් කතා කරනවා.බහින හෝල්ට් එක දිහාට අත දික් කරලා පෙන්නන්නේ මෙතනින් බහින්න කියන්නාක් වගේ.දෙවැනි සැරෙත් මම සද්දේ පිට නොවෙන්න  තොල් වලින් බෑ කියන ගමන්  ඔළුවත් වැනුවා. කෙල්ලෙක් කවදාවත් මෙහෙම කොල්ලෙක්ට කතා කරන්නේ නැහැ ඒත් මට මේ කතා කරන විදියෙන් සැක හිතුනා.මේ නම් මාව රවටගෙන අරන් ගිහිං පර්ස් එක සුද්ද කරන කෙල්ලෙක් වෙන්න ඕනේ. විච්චුරන විදියට ඇඳ පැලඳ ගෙන කොළඹ හතේ කෙනෙක් විදියට යද්දී ඕනෙම කෙනෙක් ඉතිං අහුවෙනවා. ඇය එක අතකින් සීට් එකක් අල්ලාගෙන අනිත් අතින් උඩ පොල්ල දිහා බලලා අල්ලන්න හදනේ ඒත් ඇය උස නැති නිසා කොහෙත්තම උඩ පොල්ල අල්ලන්නම් බෑ..


තුන් වෙනි සැරේ මට කතා කලේ ඔළුව පැත්තට හරවාගෙන "අනේ එන්නකෝ" කියනව වගේ.අපි දෙන්නගේ මේ සංවාදේ දිහා මා සිටි තැන වාඩි වෙලා හිටපු අයියා බාලගෙන හිටියේ.ඇ දිහාත් මා දිහාත් මාරුවෙන් මාරුවට බලපු ඒ අයියා හිටපු තැනින් නැගිටලා බස් එක දිගට යන කඹේ ඇදල බෙල් එක ගැහුවා.ඒ එක්කම බස් එක නවතින ගමන් ඩ්‍රයිවර් ගෙන ඇහුනේ සුන්දර වචන ටිකක්."ලඟට එනකන් ඉන්නවා බහින්න මතක් වෙන්න මොන ලෝකෙද ඉන්නේ" බස් එක නැවැත්තුවා කෙල්ල බැහැලා ගියා .එයා කොහෙද මාව රවටන්නේ මම මටම කියා ගත්තා.කඹේ ඇදපු අයියා මගේ ලඟට ඇවිත් "අර ගෑණු ළමයා අච්චර බෙල් එක ගහන්න කියලත් ඇයි මල්ලි ඔයා බෑ කිවුවේ"



 රුවැත්තියක් මට අතවනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා..
අනෙ එයා හිටන් කම් කම් කියනවා..
මම ඉඳගෙන නෝ නෝ කියනවා..






28 Feb 2012

මම හෙට බඳිනවා. තවත් ආදර කථාවක්..



පොඩි කතාවක්




                                    එදා සඳුදා උදෙන්ම වැඩට ගියේ දවස් දෙකක නිවාඩුවකට පස්සේ.මටනම් සඳුදා දවසේ විශේෂයක් තිබුනේ වෙනදට ලැබෙන පාප්ප වගේ අඩු සීනි වැඩි වතුරත් එක්ක දෙන කිරි තේ ඒක වෙනුවට සම්පුර්ණ යොදය සහිත කිරි වීදුරුවක් ලැබෙන්නේ ඒ ආයතනයේ සඳුදට තියෙන මැනේජ්මන්ට් මිටින් ඒක නිසා.පැය දෙකක නිදිමත නැතිවෙන්න කියාපු පානය.කාලයාගේ ඇවෑමෙන් මටත් ඒ මිටින් එකට සහභාගී වෙන්න (අ)වාසනාව ලැබුනා.හැම දෙනාගේම ප්‍රශ්න සාකච්චා කරලා අවසානයට එන්නේ මගේ ප්‍රශ්න ගැන.ඒත් මගේ ඩ්පර්ට්මේන්ට් එකේ කවදාවත් ප්‍රශ්නයක් නෑ.සතිය ගෙවාගන්න ප්‍රශ්නයක් නැත්නම් ඒ සතිය  අමුතුවට දැනෙන්නේ.ඒ සියල්ල අවසානයේ සුපුරුදු පරිදි ඔෆිස් ඒක වටේ යන්නේ මොනවගේ ප්‍රශ්න තියේද කියල පොඩි අදහසක් ගන්න .හැම දාම වගේ කකුල් දිගවැඩි කෙල්ලෙක් ගෙන් තියෙන කරදරයක් වුනු "නෙට්වර්ක් කේබල්" ඒක ගලවන් දැඟලිල්ල එදත් තිබුනා.වතුර දාලා මැදන් ආපු ෂර්ට් ඒක පොඩි නොවෙන්න මෙසේ යට අමාරුවෙන් රින්ගද්දීම මගේ දුරකථනය දෙදරුවා.මකුණු දැල් කඩාගෙන මෙසේ යටින් නැගිට්ටේ ඒ කෙල්ලට බනින්න තියෙන හැම වචනයක්ම මුණෙන් ආරෝපණය කර ගෙනමයි.


එහා පැත්තෙන් : හලෝ කොහොමද?
මම : හොඳයි ඔයාට කොහොමද?
එයා :මටත් හොඳයි. මතකයි නේ හෙට දවස ගැන
මම: ඔව් ඔව් මට මතකයි හෙට මගේ උපන්දිනේ නේ.ඔයාට අදම මතක් වුනාද?
එයා. හෙට.. අනේ මට අමතක වුනා නේ.සුභ උපන්දිනයක්.ඒත් ඒක නෙවෙයි
මම : එහෙනම් මොකක්ද
එයා : මම හෙට බඳිනවනේ .10.20 පෝරුවේ චාරිත්‍ර
මම: අහ්.... ඔව් නේ මට දවස අමතක වුනා .දෙන්නටම ආසිරි මංගලම් හොඳින් පරිස්සමින් දෙන්න හැමදාම සතුටින් ඉන්න.
එයා:එහෙනම් පොඩි වැඩ වගයකුත් තියෙනවා.  වැඩක් ඉවර වුනා විතරයි පුළුවන් වෙලාවක ආයෙත් කෝල් එකක් දෙන්නම්කො..බායි
මම :බායි.


ඒ ඇමතුම  වෙන කාගෙන්වත් නෙවෙයි මගේ පෙම්වතියගෙන්. එයා හෙට බඳිනවලු.ජිවිතේට අමතක නොවන උපන්දින තෑග්ගක්.ඒ දෙන්නගේ විවාහ සන්වත්සර සාදය තිබෙන හැම දවසකම මගේ උපන්දිනේ.ඉතිං මම කොහොමද උපන්දිනයක් සමරන්නේ.මම ඇයට සුභ පැතුවත් අවංකව නොවෙන විත්තිය මගේ යටි හිත කිවුවා.ඒත් ලොකු දුකක් නොදැනුනත් පෙනී පෙනී තිබුණු කුසලානයක් ගිලිහුනා වගේ හැඟීමක් මට දැනුනේ.ඒ ඇමතුම කොයි මොහොතේ හෝ ලැබෙන බලාපොරොත්තුවෙන් හිටපු නිසා මට වැඩි දුකක් දැනුනේ  නැහැ.උදෙන්ම කුටු කුටු ගාන කෙල්ලොන්ගේ සද්දේ හිනා සද්දෙ ටිකෙන් ටික  නැති වෙලා පාලාතම නිශ්ශබ්ද වෙලා වගේ දැනුනා.සිහි එලොවගෙන  වට පිට බලද්දී "බොස්" ඇවිත්  එවෙලේ මම හිටපු ඩිචිෂන් එකට.ඕනෙම වෙලාවක ඕනෑම තැනක ඉන්න අවසරය මට තිබෙන නිසා ප්‍රශ්නයක් උනේ නැහැ.මේ සියල්ලම ඇරඹුමේ  සිට එකින ඒක මතක් වෙන්න ගත්තා.


අලුත් තැනක රැකියාව ලැබුනේ ගාලු පාරම ළඟ ඉතා ජනාකීර්ණ ස්ථානයක.වටේ ටිකක් උස ගොඩනැගිලි තියෙන තැනක් වුනු මේ තැන මගේ අලුත් ස්ථානයත් නවීන පන්නයට හදපු තැනක්.කලින් වැඩ කරපු තැනත් සමඟ  සංසන්දනය කරද්දී මේ තැන හුරු නැති අමුතු තැනක් වගේ දැනුනා.මගේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලෝත් වටේ ඔෆිස් වල ඉන්න  වෛවර්ණ කෙල්ලොන්ගේනුත් මට කිසි වෙනසක් දැනුනේ නැහැ.කාලයක් යද්දී අහම්බෙන් දැක්කා එයාව.ලඟම තියෙන වෙනත් තැනක වැඩ කරන ඇය ලස්සන ඇති වෙන්න තිබුණු කෙනෙක්.ඒ වෙද්දී මගෙත් එක්ක වැඩ කරපු කිහිප දෙනෙක්ට  ඇය ගැන හිත ගිහින් තිබුනේ.ඒ වටේ තිබෙන තවත් ආයතන  කිහිපයකම කොල්ලෝ  ඇය යන එන මග රැකගෙන හිටියේ තමන්ට අයිති කරගැනීමෙ අදහසින්.කාර් වැන් ජීප් වගේ සුපිරි වාහනවලින් එන යමක් කමක් ඇති කඩවසම් තරුණයොත් සමඟ අත් දිග ෂර්ට් ඒක වැලමිට ලඟට නවලා බස් එකේ යන එන  මමත් එයාට කැමැත්තෙන් හිටියේ.


ඇය මුලින්ම දැකපු දවසේ ඉඳල මාසයක් වගේ කාලයකදී ෆොන් නම්බරේ ගන්න හැකියාවක් ලැබුනා.ඊට පසු  කෙටි පණිවිඩ අපි දෙන්න අතරේ හුවමාරු වීම ටිකෙන් ටික වැඩි වුනේ අපි දෙන්නටම නොදනිමමයි.මේ කාලේ මගේ ජිවිතේ අමුතු සන්තෝසයකින් ගත අකරපු කාලයක්.නිතරම මැවෙන්නේ ආදරණිය සිදුවීම්.නිදාගන්න ගියත් ඇඳේ දෙපැත්තට පෙරළෙමින් සිහින මාලිගා හැදුවා.ආදරේ හමුවේ රජුන් පවා බොළඳ වෙද්දීත් මමත් බොළඳ හීන දැක්කා. බොළඳ කවි ගැලපුවා.මාස තුනකට විතර පස්සේ මං බලාපොරොත්තුවෙන් හිටපු ඒ වචනේ එයාගෙන් ලැබුනා.මුදල් තියෙන යාන වාහන තියෙන ඒ සියල්ල නැතිව සාමාන්‍ය කෙනෙක් වෙච්ච මට කැමති වීම මට මං ගැන ආඩම්බරයක් තිබුනේ.


මගේ යටි සිතේ ඇඳිලා තිබුණු ඒ රූපේම ඇයට පිහිටලා තිබුනා.ගමන බිමන කථාව අහිංසක කම කරන විලාසිතා පවා  මා ගෑණු ළමයෙක්ගෙන් බලපොරොත්තු වූ සියල්ල ඇයට පිහිටලා තිබුනා.මේ කාරණා නිසා මම හැම වෙලාවේම හිටියේ ගොඩාක් සන්තෝසෙන්.ඒ වෙද්දී වටේ ඉන්න ඇයට බැල්ම දාපු සියලු දෙනා මාත් සමග වෛර බැඳගෙන ඉන්න බව මට තේරුනේ  ඔවුන්ගේ හැසිරීමෙන්.අපි මෙහෙම ආදරෙන් හිටියත් ඒ සියල්ල කලේ ඇයගේ ආයතනයට නොතේරෙන්න මොකද ඈ ඒ වෙද්දී රැකියාව කලේ ඇයගේ මාමට  අයත් ආයතනයක.


කලින් මං තනියෙන් හදපු අහස් මාලිගා අපි දෙන්නම එකතුවී  හදන්න ගත්තා.අපි ඉඳල හිටලවත් රණ්ඩු වුනේ නැහැ.ඇයට ගොඩාක් ඉවසීම තිබුනා ඒ වගේම ප්‍රශ්නයක් හොඳට තේරුම ගැනීමේ හැකියාව තිබුනා. මට මේ කරුණු කාරනා නිසා හැම වෙලාවේම එයා ගැන තව තවත් ආදරේ වැඩි වුනා.මේ විදියට මගේ අලුත් ජිවිතේ මාස 9 ක්  සතුටින් ගාලගෙන ගියා.රැළි නැති සයුරේ කුණාටුවක ආරම්භය වගේ අපි දෙන්නගේ ආදර කතාවට කණ කොකා හඩලන්න ගත්තා.විවාහ විය යුතු වයසේ හිටපු ඇයට ගෙදරින් පොඩි බලපෑමක් ඇවිත්.ඒ අපි දෙන්නට ලැබුණු පලවෙනි අසුභ ආරංචිය එයයි..


ඇයගේ වචන වලින් කියානවානම් ඇයට  විවාහ යෝජනාවක් ඇවිත්. ඒ දේ ස්ථිර වෙලත් ඉවරයි ඒ පවුල් දෙකෙන්. ඒ කිසි දෙයක් වෙනකන් ඇය දන්නේ නැහැ.ඒවාට විරුද්ද වීමේ හැකියාවක් තිබිලත් නැහැ.මෙයාගේ කැමැත්ත නැතුව ගෙවල් දෙකේ කැමැත්තෙන් කෙනෙක්ව විවාහ කර දෙන්න තරම් හැකියාවක් අද කාලේ තියෙන්නේ කොහොමද.අනිත්ඒක කොළඹ ජිවත් වෙන පිරිසක්.ඇයට යෝජනා වී තිබුනේ ඇයගේ නංගිගේ මහතගේ අය්යා.ඒක ගෙදර අක්කයි නංගියි අනිත් ගෙදර අය්යලා මල්ලිලා විවාහයක්.මේ හැම දෙයක්ම මට ලොකු ප්‍රශ්නයක් ගෙනාවා.එන්න එන්න හිතේ ප්‍රශ්න වැඩි වුනා.


ඇයගේ අම්මට එක් වස්ථාවක අපේ සම්බන්දෙ ගැන කියපු වෙලාවේ දුන් පිළිතුර  වුනේ. "ඕවා ඉතිං එහෙම තමයි නවත්වන්න බැරි කමක් නැහැ නේ.පටන් ගෙනත් වැඩි කාලයක් නැහැ නේද?"වැනි වචන.දවසක් කලත් ආදරේ ආදරෙමයි.ඒත් ඒ අම්මා ඒ ගොල්ලන්ගේ නෑදෑ පරපුර ගැන විතරයි හිතුවේ.ලඟම නෑදෑයෝ පවුලේ හැමෝම මාසයකට සැරයක් එයාලගේ ගෙදර එකතු වෙනවා.ඒ හැම දවසකම හැමෝම කතා වෙන්නේ මෙයා ගැනලු.මට කියපු විදියට ඇයත් හිටියේ ගොඩාක් කලකිරීමෙන්.අපි දෙන්න වෙනුවෙන් කතා කරන්න කිසි කෙනෙක් හිටියේ නැහැ.එයාගේ යාලුවෝ පවා උදවු කලේ "රෙක්ස්" කියන ගෙදරින් බල කරන කෙනාත් එක්ක විවාහ වෙන්න.


වයස 23 ක් වුනු ඇය කොහොමත් විවාහ විය යුතු වයසේ හිටියේ. මට විවාහයක් සඳහා කිසිම සුදුසු කමක් තිබුනේ නැහැ.ඇයත් මමත් එකම වයසේ වුනු අපි තව කල් ගන්න කොතකුත් දේවල් කලත් කිසිම ප්‍රථිපලයක් නැති වුනා.ඇයගේ දෙමාපියන් එක්ක කතා කරන්නත් මට ඒ වෙද්දී දුවෙක් දෙන්න තරම් සුදුසුකම් තිබ්බේ නැහැ.ඒත් සුදුසුකම් හදාගන්න ටික කාලයක් අවශ්‍ය  වුනාත් ඒකට  කාලයක් දෙන්නෙත් නෑ කියල දන්නවා.එක් අවස්ථාවකදී ඇයගේ ගෙදර ගිහින් කතා කරන්න උත්සහ කලත් ඇය ඒ දේට අකමැති වුනා.ලංකාවේ ඒ වෙද්දී තිබුන නීතියත් මම හොයල බැලුවො මට මොනයක් විදියකින් හරි සහනයක් තියෙවිදෝ කියලා.මට දැනගන්න ලැබුණු විදියට දෙමාපියන්ටත් බැහැ තමන්ගේ දරුවාව බලෙන් විවාහ කර දෙන්න.ඒ දේ නීති විරෝදියි.දෙමාපියන් අත්තඩංගුවට ගැනීමේ හැකියාවත් තියෙනවා.මං ඒ දේ ඇයට කිවුවත් අම්මව පොලිසියෙන් අල්ලන යනවට කොහෙත්තම කැමති වුනේ නැහැ.අවසානයට තිබුනේ අපි දෙන්නට හොරෙන් විවාහ වෙලා ටික කාලයක් දුරක ගිහින් ඉන්න..මම ඒ යෝජනාව කලේ ඇයගේ ඇත්ත අදහස  දැනගන්න.කොහොම වුනාත් මං කවදාවත් කැමති නැහැ ඒ විදියේ විවාහයකට.ඒත් ඇයගේ පිළිතුර වුනේ අම්මට දුකක් දෙන්න බැරි නිසා එහෙම දෙයක් කිරීමේ අකමැත්ත.


මම කරන යෝජනාවලට  අකමැති වීම මට ටිකක් සැකයි.හදිස්සියෙවත්  ඒ එක යෝජනාවකට කැමති වුනාත් මම ඒ දේවල් කරන්නේ නැහැ.මොන දේ කරත් බුද්ධිමත් වෙන්න ඕන නිසා.මම කොතෙකුත් යෝජනා කරත් ඒ කිසිම දෙයකට යහපත් පිළිතුරක්   ලැබුනේ නැහැ.ගෙදරට කීකරුව හැදුනු අහිංසක කම නිසා හා දෙමාපියන්ට තියෙන ලැදියාව නිසා වෙන්නත් ඇති කියල මට හිතුනා.අපි දෙන්නට කරදරයක් නොවෙන්න කොතෙකුත් දේ කලත් ඇයගේ ප්‍රතිචාරය වූයේ එකතු වෙන්න වාසනාව තියේනම් මොන භාදකේ ආවත් පුළුවන් කියාය.ඒත් මට ටිකෙන් ටිකේ තේරුම ගියා මේ දේ එක පාර්ශ්වික ආදරයක් බව.එක්කෝ ගෙදරින් බලපෑම නිසා කැමති එහෙමත් නැත්නම් ඒ ගෙදර වට පිටාවේ තිබුණු  බලපෑමත් එක්ක තනිව සටන් කිරීමේ නොහැකියාව.


ටික කාලෙකට පස්සේ ඒ කථාව ටික ටික අඩු වෙලා ගියා.අයෙත් අපි දෙන්නට හොඳ කාලයක් ලැබුවා.ගෙදරින් තිබුණු බලපෑම නැති වෙලා.හැම දාම හවස බස් එකේ බත්තරමුල්ලට  වෙනකන් කතා කර කර යෑම බත්තරමුල්ලේ ඉඳල නුගේගොඩ ඇයගේ ගේ අසලට  වෙනකම්  කතා කරනගමන් ඇය ලඟින්ම යන්න හැකි වුනා.මේ යන හැම පාරකම විවාහයට යෝජනා වෙලා තිබුණු රෙක්ස්ගේ මිතුරන් ඉන්න බව මම දැනගෙන හිටියේ.ඒත් ඒ කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව ඇය මාත් සමග ඇවිදීම නිසා  මට ඇය ගැන පැහැදීමකින් ඇතිවුනා.ඔහුට කැමැත්තක් තිබුනනං මාත් සමග කොහෙත්තම ප්‍රසිද්දියේ ඇවිදින්න එන්නේ නැති බව මම දන්නවා.


දවසක් අපි හැමදාම වගෙ වැඩ ඉවර වෙලා බස් එකේ ගියේ වෙනදට වඩා සතුටින් එකිනෙකාට විහිළු කරගනමින්.දවසේ දින චර්යාවෙන් අවසාන එක් වූ නින්දට පෙර ඇමතුම මට ලැබුනේ වෙනදට වඩා කලින්.ඒත් එයා පැත්තෙන් ඇහුනේ ඉකි බිඳුම් දිගු සුසුම් පමණයි.මොනවා හරි ලොකු දෙයක සේයාවක් බව මට තේරුම් ගිය.ටික වෙලාවක දෙපැත්තේම නිෂබ්දයි."මගේ වෙඩින එක තීන්දු වෙලා දින වෙන් කරගෙන ඒ නැකත් ගෙනල්ල .දෙසැම්බර් වල තියෙන්නේ.".දැන් මට කරන්න කිසි දෙයක් නැහැ පරක්කු වැඩියි .කලින් කරන්නත් හැකියාවත් තිබ්බෙත් නැහැ.ඒ ඇමතුම මගේ ජිවිතේ ලබපු භයානකම ඇමතුම .


මට  ගැලපෙන මම ඇයගේ සියලු ඉරියවු වලට ආදරේ  කරපු කෙනෙක්.මට ලැබුණු හොඳම වටිනාම කෙනා වෙනත් කෙනෙකුට අයිති වෙන්න යන්නේ.එදා රාත්‍රීයෙන් පසු සතියක් විතර මම ගතකරපු විදිය මම දන්නේ නැහැ.මට කියන්න කෙනෙකුත් හිටියේ නැහැ.මිතුරන් කොතෙකුත් හිටියත් ඒ කිසිකෙනෙකුට කියන්න බෑ.ඇයත් සමගවත් මම කතා කරන්න කැමැත්තක් තිබුනේ නෑ. ඒ වෙද්දී විවාහයට තව මාස 3 ක් විතර තිබුනා.සති දෙකකට විතර පසු අපි ආයෙත් කෙටි පණිවිඩ හා ඇමතුම්  හුවමාරු වුනා.අපි ආයෙත් සතියකට දවසක් වගේ මුණ ගැහුනා.පිළිකා රෝගියෙක්ගේ අවසාන දින කිහිපය සතුටෙන් තියනව වගේ අපි දෙන්නට දෙන්නා එකිනෙකව සතුටු වෙන විදියට හිටියේ.


වෙනද ඇගේ දුරකතනයට ඇමතුමත් ගත් විට ඇහෙන ඒ රිගින් ටෝන් එකට ඇහෙන ඒ සිංදුව වෙනත් තැනක ඇහෙද්දී මහා පාළුවක් වගේ දැනුනා.සාමාන්‍ය දෙනා වගේ අපිත් ෆොටෝ හුවමාරු කරගෙන තිබ්බේ.විවාහය ළඟ නිසාත් වෙනත් කෙනෙකුත් එක්ක ඉන්න නිසාත් එයාට ප්‍රශ්නයක් වෙයි කියල මම දුන් ඒ පිංතුර ආයෙ ඉල්ලුවත් මට  දුන්නේ නැහැ මාව මතක් වෙන්න ඕනේ නිසා.වෙනත් කෙනෙකුත් සමග විවාහ වුවත් තවත් කෙනෙකුගේ පිංතුර ඇය ළඟ තියාගෙන ඉන්නේ.දවසක් විවාහ උත්සවය සැරසීමට අවශ්‍ය රේන්ද හෝ එවැනි යමක් ගැනීමට නුගේගොඩ විච්චුර්ණ බඩු තිබෙන සාප්පුවකට මමත් ගියා.මගේ පෙම්වතිය වෙනත් කෙනෙකුත් සමග කෙරෙන විවාහයට අවශ්‍ය  කළමනා ගන්න ගියේ ඇයි කියල අදටත් මට හිත ගන්න බැහැ.ඒ ගියපු දවස වීදුරුවලින් හදපු ලස්සන තෑග්ගක හිටපු  පොඩි කුරුල්ලෝ දෙන්නෙක් ගලවල එකෙක් මට දීලා  අනිත් එකා ඇය තියාගත්තා .ඒ ලස්සන තෑග්ග දෙකට වෙන් කරාම  වටිනා කම නැති වෙනවා නේ කියල මං ඇහුවම ඇයගේ පිළිතුර වුනේ.මේ තනි කුරුල්ලා දකිද්දී ඉබේම අනිත් එකත් මතක් වෙනවා එතකොට නිකම්ම ඔයාට මාවත් මට ඔයාවත් මතක් වෙනවා නේ කියාය.


අවසාන මාස එකහමාර එයා හැසිරුනේ මට එයා එපා වෙන විදියට.ඉඳල හිටලා අපි හමු උනා. එයාගේ ශරීරයේ ලොකු වෙනසක් දැක්කා.රූපය ගැන නිතරම හිතපු ඇය දුර්වර්ණ වෙලා අපිරිසිදුයි.අඳින ඇඳුම කිසි පිළිවලක් නැහැ.නියපොතු කටින් කඩා කාපු අපිලිවලට තිබුනේ.සාමාන්‍ය කෙනෙක් උවත් හවස ගෙදර යද්දී පොඩි හෝ ආලේපයක් පාවිච්චි කලත් ඇයගේ තිබුනේ උදේ ආලේප කරපු ආලේපන දියවී අප්‍රසන විදියක් .ඒත් එහෙම වුනත් කොල්ලෝ එයා දිහා හැරි හැරි බලන්න තරම් රූපයක් ඒ වෙද්දීත් ඇයට තිබුනා.මේ වෙනසට හේතුව මට කිවුවේ හැම දෙයම එපා වී ඇති නිසා පිලිවල සිටීම පලක් නැහැ කියල.මගේ ශරිරයත් මට නොපෙනෙන වෙනස් වෙලා තිබිල.මානසික ප්‍රශ්න තියෙද්දී ඒ දේ ශරීරයට බලපෑමක් තියෙනවා කියල මට තේරුම ගියා.


විවාහයට පෙර සතියෙත් අපි සුපුරුදු විදියට බස් එකේ ගියේ ඒ අපි මුණ ගැසෙන ආවසාන දවස බව දැනගේනමයි.ඒත් මට ගොඩාක් වෙලාවට හිතුනා ඇය මට කරන්නේ බොරු ආදරයක් නේද කියල.ඇයි එයා මට මෙච්චර ආදරේනම් ගෙදරින් කියන දේට කැමති වුනේ.ඒ දේ ඇයගෙන් ඇහුවත් පිළිතුර වුනේ මම ආදරේද නැද්ද කියල ඔයාට තේරෙනවා ඇති නේ කියල..ඒත් මම ඒ දෙයට පිළිතුරක් දුන්නේ නැහැ.අවසාන දවස කීපයේ මට එයාව එපා වෙන විදියට වැඩ කලේ මට එයා ගැන වෛරයක් ඇති කරවල දුක අඩු කරන්න ඕනේ නිසාලු.විවාහයට පෙර දින මට ලැබුණු ඇමතුමේ අවසානයට ඈ කිවුවේත් "මම ඔයාට ආදරෙයි"කියල


ඇය හරියටම මගේ 24 වෙනි උපන්දිනය දවසේ සුභ මොහොතින් ඇය වෙනත් කෙනෙකුත් සමග අලුත් ජිවිතයක් ගතකරන්න ආරම්භ කල.ඇයටනම් ඒ දවස විශේස සන්තෝෂ දවසක් වෙන්න ඇති.ඒත් මට....


ඒ මගේ අවසාන පෙම්වති 2008 දෙසැම්බර් මගේ උපන්දිනය දවසේ විවාහ වුනා.ලඟදි දවසක ඇයගේ රිගින් ටෝන් එකට දාපු ඒ ගීතය හදිස්සියෙන් අහන්න ලැබුනා.එක ඇහෙන වාරයක් වාරයක් පාසා ඒ අතීතය මතක වෙලා දුකක් නැතත් මහා අමුතු දෙයක් දැනෙනවා.අපේ රට කොච්චර කුඩා රටක් වුනත් හදිස්සින්වත් ඇය පාරකදිවත් දැකල නැහැ.ඉන්න ගෙදර හැම විස්තරයක්ම  දැන ගත්තත් ප්‍රශ්නයක් වෙයි කියල ඒ අහලකටවත් යන්න හිතිලා නැහැ.සමහර විට මගේ ෆොටෝ අර විදුරු කුරුල්ලා තවමත් එයළඟ ඇති නැත්තනම් කුඩුකරලා ෆොටෝ ඉරල විසිකරලත් ඇති.


ඒත් මට දැනගන්න ඕනේ ඇය මට ඇත්තටම ආදරේ කලද මට මොනවා හැරි දෙයක් කරන්න තිබ්බද කියන ප්‍රශ්න ටිකට උත්තර විතරයි මට දැන් කිසි දුකක් නැහැ ඈ මට අහිමි වුනු එක ගැන.හිටියනම් සතුටුයි.තවම කෙනෙක් නැත්තේ ඒ වේදනාව නිසා නොවෙයි රටේ නැති නිසා.අනුකම්පාවකින් තොරව ඇත්තම අදහස කියන්න.

~~අසර්~~

19 Dec 2011

කෙල්ලෙක් කේක් සහ බස් හෝල්ට්

                                         


         විශාල ශබ්දයක් ඇහෙනවත් එක්ක මට යන්තම් ඇහැ ඇරුනා.මං ඒ සද්දේ ආපු දිහා ඉතා ඕනෑකමින් අහගෙන ඉද්දි මට දැනුන ඒ  හොඳ හුරුපුරුදු කට හඬක්  බව.ඒ අපේ අම්මගේ දින චර්යාවෙන් එකක් වූ  මට බැනීම.සාමන්‍ය පෙළ කරලා ගෙදර ඉද්දි මං  උදේ නැගිටින්නේ අපේ අම්මගේ කරුණාබර වදන් වලින්.

"දැන් නිදාගත්තා ඔය හොඳටම ඇති.A /L  කරන්න පටන් ගන්න කුම්බ කරණය වගේ දවල් වෙනකන්ම නිදි."

අපේ අම්මගේ ඒ ආඩපලිය  අහලම එපා වෙලා මගේ යාළුවෙක්ගෙන් උසස්පෙළ කරන්න පංති තියෙන වෙලාවල් තියෙන තැන් අහගත්තා.එත් මං මොනවයින් උසස් පෙළ කරනවද කියල කිසිම අදහසක් තිබුනේ නැහැ හදිස්සියෙවත් ෆේල් වෙලා තිබුනොත් ගමේ ඉන්න ලිඳ ලඟ  අන්ටිලගෙන් අහන්න වෙන මසුරන් කතාවලට බයෙන් අම්මා මට සාමාන්‍ය පෙළ කරන්න උනන්දු කලා.ඒක ඉවරුනා    විතරයි දැන් අනිත් විභාගෙට පංති යන්නලු.ඒ කලේ මං අස්සරේ  කලෙ මට වඩා අවුරුදු දෙකක් වැඩිමහල් පන්තිවල ඉන්න කොල්ලෝ.දැනටත් ඉන්නේ හොඳම යාලුවෝ එයාල.එයාලගෙන් උපදෙස් අරගෙන මට හිතුනු විදියට ලේසිම දේවල් කියල හිතුනු කලා විෂයන් කරන්න හිතා ගත්තා.


අම්මලාගේ තියෙන වුවමනාවට මං පන්තිත් හොයාගෙන අඩුවෙන් පාඩම් කරන්න පුළුවන් විෂයනුත් තෝරාගෙන ගෙදර  ඉඳල පැය දෙකක් දුරින් තියෙන ටවු
මේ  තැනකට මං ගියේ.හැම දෙයකටම යන්න හිටපු මගේ යාලුවෝ කවුරුවත් මං යන පංති වලට යන්න හිටියේ නැහැ.ඉස් ඉසරම සෙනග ගොඩක්  මැද්දේ තනියෙන්  ගියපු දවස එදා.කවදාවත් දැකපු නැති ළමයි ගොඩක් මැද්දෙන් ගිහින් පොඩි ඉඩක් තියෙන තැනකින් වාඩි  වුනා.මං ගියපු ඉස්කෝලේ චන්ඩිය වගේ හිටියට අලුත් තැනක් නිසා බල්ල නැට්ට කොහෙද ගහනවා වගේ වට පිට වැඩිය  බලන්නේ නැතුව හිස් බෝඩ් ඒක දිහාත් පොත දිහාත් මාරුවෙන් මාරුවට බල බලා හිටියා.ඒ පන්තියේ හිටපු  ගැහැණු පිරිමි හැම කෙනෙක්ම කල්ලි පිටින් හිටියට මං විතරයි තනියෙන් හිටියේ.

"ඒ මේ චා
මී  බෝඩ් එකේ මොනවත් පේනවද මටනම් මොනවත් පෙන්නේ නැහැ"  

කවුරුත් උගන්වන්නෙත් නැතුව බෝඩ් එකේ මොනවත් ලියපුවත්  නැතිව ඒක දිහා බලන් ඉද්දි පිටි පස්ස පේලියේ හිටපු ඒක ගැහැණු ළමයෙක් මට ඇහෙන්න එයාගේ යාළුවොත් එක්ක හින්ට් එකක් පාස් කලා.
සතුරාට පහර දෙනවනම් දුරුවල සතුරාට පහර දෙන්න ඕනේ කියන නියාය එදා  එයාල අනුගමනය කලේ.ඒක එතනින් ඉවර උනේ නැහැ

"කොන්ඩේ වැඩි නේද අපි මෙයට බූල් බෑන්ඩ් එකක් දෙමුද?.

වල වෙට්ටුවක් වගේ තිබුණු මගේ කොණ්ඩෙට විහිළු කරනවා කියල මට දැන් තේරුණා.අම්මා බැනල සල්ලි දුනේ කොන්ඩේ කපන්න එත් එදා ඒ සල්ලි වලින් කොන්ඩේ කපන්නේ නැතිව කොල්ලොත් එක්ක 
අනම් මනම්  කාපු එකේ  පල විපකේ තමා මේ මං දැන් විඳින්නේ.මං මටම බැනගත්තා.

 ඔයාගේ නම මොකක්ද?.මොකක්ද ඔයාගේ ඉස්කෝලේ?  කෝ   ඔයාගේ යාළුවො පිටි පස්සේ   පේලියේ හිටපු ඒ ගැණු  ළමයි ටික මව අමාරුවේ  දාන්න කියල වෙන්න ඇති එහෙම ඇහුවේ ඒ අහපු  හැම ප්‍රශ්නයකටම  කෙටි  උත්තර  දීල  මං මගේ පාඩුවේ  හිටියා.පැය තුනකට  පස්සේ පන්තිය  ඉවරයි .එත් මගේ තනිකම  එයාල ප්‍රේයෝජනයට ගත්තා .

එත් ගෙදර ගියාම මට හරි අමුත්තක් දැනුන.කාලය යනවා දැනුනේ නැහැ.රෑට  නිදාගන්න ගියාට නින්ද ගියෙත් නැහැ මොනවා හරි දෙයක් දැනෙනවා එත් මොකක්ද කියල තේරෙන්නේ නැහැ.හරි අමුතුයි.ඊලග සතියේ පංති දවස වෙනකන් ආසාවෙන් හිටිය.එත් මං දන්නේ නැහැ ඇයි මං මෙච්චර ආස.දවස් දෙක තුනකට පස්සේ මාව අමාරුවේ දාන  ප්‍රශ්න වැලක් අහපු ඒ සුදු,කෙට්ටු,චුටි,කට සැර 
ගෑණු ළමයාගේ  රූපේ නිතරම  මැවිලා පෙන්න පටන්ගත්තා.ඊට කලින් ගැණු ළමයිගේ පස්සෙන් ගියාට වඩා අමුතු හැඟීමක් මෙයා ගැන තිබුනා.දෙවැනි දවසෙත් පංති  ගියාම මෙයට වඩා පේලියක් ඉස්සරහින් වැඩි වෙන්න මං පැයකට කලින් පන්තියට ගියේ.මගේ නම අහගත්තට මට එයාගේ නම අහන්න තරම් ශක්තියක් තිබ්බේ නැහැ.වාසනාවකට වගේ ඒක දවසක් විභාගයක් තිබුනා.එයාගේ ප්‍රශ්න පත්තරේ නම ලියන විදිය මං හොරෙන් බලන් ඉඳල නම අමතක වෙන නිසා පොතේ අන්තිම කොලේ ලියා ගත්තා.දැන් මං එයාගේ නම දන්නවා.එත් කතා කරන්න විදියක් නැහැ.එයා ඉන්නේ යාළුවො ගොඩක් මැද්දේ.එත් එයාගේ කට ටිකක් සැර වැඩියි.කතා කරන විදියක් ගැන කල්පනා කරද්දී ඒක අදහසක් ආවා.


බස් එකෙන් බැහැල පන්තියට යනකම් තියෙන ඒ මීටර් 600 ක දුර විනාඩි 10 ක් වගේ කාලයක් ඇතුලත දැනගත යුතුම  දේවල් කොලයක  එකින් ඒක ලියාගත්තා.කලින් මේවගේ දේවල් වලට කිසිම සුදානමක් නැතුව ගියපු මම කවදාවත් නැතිව පෙර සුනමක් ඇතුව මේ යන්න හදන්නේ.ආදරයක් ඉල්ලන්න නෙවෙයි එත් ටිකක් භයයි ඇයි දන්නේ නැහැ.ඒ අහපු හැම දෙයකටම ඒ මුකාරී කටෙන් හැම දෙයකටම උත්තර දුන්න.මං දැන් එයාගන ටිකක් විස්තර දන්නවා.හැම දාම පන්තියට පැයක් කලින් ගිහිල්ල එයා එන බස් පාරේ හැම බස් එකක් දිහාම බලාගෙන ඉන්න පුරුදු වුනා සතියට දවසක් ලැබෙන ඒ විනාඩි දහයේ උපරිම ප්‍රයෝයනය ගන්න.පොත් මාරු කරගෙන උත්තර බලපු දවසක මගේ ප්‍රශ්න 10 න් 8 ක් ම වැරදි ඒ හැම එකටම හරි උත්තරේ ලියල තිබුන.එයා මතක් වෙන හැම සැරේකම මං ඒ පොතේ පිටු පෙරලලා ඒ අකුරු දිහා අසාවෙන් බලන් හිටියේ ඒ කලේ තිබුණු බොළඳ ගතියට වෙන්න ඇති.(තවම ඒ පොත මං ලඟ ඇත).

කිසියම් හේතුවක් නිසා මට ඒ පන්තියට යන්න බැරි වෙන කාලයක් 
ආවා. නොදැක ඉන්න බැහැ වගේ දැනුනා.හීනෙන් පෙන්න ගත්තා පාරේ ඉන්න හැම ගැහැණු ළමයම එයා වගේ කියල පෙනුනා.මේක මහා කරදයක් වගේ දැනුන අවසානේ මං ඒ එඩිතර තීරණය ගත්තා.වෙනද වගේම බස් එකෙන් බහිනකන් ඉඳල එයත් එක්ක වෙනද විදියටම කතා කරන්න  ගත්තා.

"මොකද දැන් ක්ලාස් එන්නේ නැත්තේ?" 


"මං පොඩි කෝස් එකක් කරනවා ඒක තියෙන්නේ අද ඉතින් මට මේ ක්ලාස් එකට එන්න වෙන්න නැහැ"


"ආ.. එහෙමද"


මං මගේ කතාව පටන් ගන්න සියල්ල  සුදානම් 
මාස ගානක් හිතේ කැකැරේමින්  වද දුන්නු දේ මං වෙවුලන තොල් වලින් වචන විදියට පිට කලා.



ක්ෂණයකින් ඔරවමින් ඇස් දෙක ලොකු කරමින් ඇඟිලි හතරක් නවාගෙන ඒක කෙලින් කරගෙන 

"ඕවට එන්න එපා හරිද" 


මාස තුනකට වැඩි කාලයක් හිතේ  තියාගෙන් හිටපු   ඒ  අදහසට මට ලැබුනේ  ඉතා ආවේගශීලි කෙටි පිලුතුරක්.මගේ අනිත් යාළුවොන්ගේ හැම දෙයකටම හතර පාස් දෙන යන මේ වගේ වැඩ වලට මං තනියෙන් යන්න තරම් 
එදා මං බුද්ධිමත් වුනා.එත්  උන් ආපු නැති ඒක ගැන තවමත් සතුටු වෙනවා.මේ විදියට බැනුම් අහගෙන වැඩි කාලයක් යන්න බැරි උනා.කරන්න පුළුවන් වෙනත් විකල්පයක් ගැන කල්පනා  කරද්දී  කවදත් තනියට ඉන්න මගේ යාළුවො දෙන්නෙක් මතක් වුනේ එවෙලේ .එත් එයාල කරන්නේ විද්‍යා විෂයන් මෙයා ඉන්නේ කලා විෂයන්.එත් විද්‍යාව අතහැරලා කලාව හදාරන්න තරන්  මගේ වචන එදා බලවත් උනා.මගේ යාළුවො හමු  වෙන හැම වෙලාවේම අපේ ඉදිරි  සැලසුම්  වල පිඹුරු  පත්  සැකසුව .

අපි සර්ව  ෆිට්  කර ගමු .ඒ එකෙකුගේ  අදහස  මං දැන් පන්ති  යන්නෙත්  නැහැ එත් එයාලගේ සැලසුම් ක්‍රියාත්මක  කරන්න ඉඩ  දුන්නා.කියපු විදියට සර්ව ෆිට්  කරගත්තා .ටික කාලයක් යද්දී  දැනගන්න  ලැබුනා  සර්ගේ  ගේ සහ  ඒ ආඩම්බර  කරිගේ  ගෙදර තියෙන්නේ එකම  ලග.කළ යුත්තේ  සර්ගේ  ගෙදර සිංහල  අවුරුද්දට  ගෝලයෝ  විදියට යන්න.හැම දෙයක්ම සුදානම් ගිහින් සර් එක්ක කතා කරන ගමන්  වට පිට සිදුවෙන  දේවල්   දැනගන්න.



ටවුන් එකෙන් කේක්   දෙකක් ගත්තේ  සර්ට  එකයි එයාගේ ගෙදරට එකයි.සර් කියපු විදියට බස්  වල නැගල  පාරවල්  දෙගේ  හොයාගෙන    10.30 වගේ වෙද්දී සර්ගේ    ගෙදරට ආවා.ඒ අහිංසක  සර් හිතුවේ  අපි ගුරු  භක්තිය  වැඩි වෙලා සර්ව  හොයාගෙන ආව  කියල පව්  සර්.අපිව ඉතා ඉහලින් පිළිගත්තා.උදේ දුන්නු තේ  සංග්‍රහයත්  ටිකක් ලජ්ජාවෙන්  භාගෙට  ඉවර කරලා දවල්ටත්  කෑම කලාම  යන්නලු  දෙපාරක්ම  බෑ  කියල බොරුවට  තුන්වෙනි  සැරේ  හා  කිවුවා .ටික වෙලාවකින් සමීර  හරි ඕන  කමින්  මොනවත් දෙයක් කියන්න ඕන විදියට ඉඟියක්  දුන්නා.ඒ කියපු දෙයින්  මටත්  අ සංකටත්  සතුටු වෙන්නද  භය  වෙන්නද කියල දැනුනේ නැහැ.


සර්ගේ අල්ලපු  වැටේ  තියෙන ගෙදර තමයි ඒ හිතට  වද දෙන ගැණු ළමයා ඉන්නේ.මාස ගානක් නොදැක හිටපු ඒ මුණ  බලන්න  සර්ගේ ගෙදර ජනේලයෙන්  ගොඩක් වෙලා බලන්හිටිය  එත් ඒ  කෙල්ල  එලියටවත්  බැස්සේ  නැහැ.සර්ගේ වයිෆ්  අපේ කෑම හදන  එකට සර් උදවු  කරන කුස්සියට  ගිය අතර  තුර  අපේ සැලසුම් රහස්  කතාවෙන්ම  සැලසුම් කාර.එත් විවිද  ප්‍රශ්න නැතුවම  නෙවෙයි.ඒ ගෙදර අයිය  කෙනෙක් හිටියොත්  අපිට ගහන්නත්  ඉඩ තියෙනවා.තාත්තාගෙන්   මොනවගෙන්  පිලි  ගැනීමක්  තියේවිද ? එහෙම දෙයක් උනොත්  නිවාඩු  කාලෙන්  පස්සේ අයෙත් සර්ගේ මුණ බලාගෙන ඒ පන්තියට යන්නේ  කොහොමද කියන ප්‍රශ්නේ ඒ දෙන්නට  තිබුනා මටනම් ගානක්වත් නෑ .මගේ යාළුවො දෙන්නයි  එයයි  එකම ක්ලාස් එකේ එත් ඒ දෙන්නට ටිකක් බයයි  වගේලු අනාගතය  ගැන හිතුවහම.මගේ ජිවිතේ ගැන තීරණාත්මක  දවසක් එත් තනියට ගියපු දෙන්න.මට වඩා ගැහෙන හදින්   ඉන්න බව තේරුණා.එයාලගේ පැත්තෙන්  බලද්දී  සාධාරණයි    මගේ කීමට  විද්‍යාව අත හැරලා  කලාව හැදෑරුවේ  මං නිසා විභාගෙට ලියන්න බැරිවෙයි .හිත  දැඩි  කරගෙන ඕන දෙයකට  මුහුණ දෙන්න සියලු  දෙනාම  එකම අදිෂ්ටනයකට ආවා.


හවස  දෙකට  විතර සියළුව  සංග්‍රහයන්  ඉවරයි.දැන් අපේ ප්‍රදාන  මිෂන්  ඒක තියෙන්නේ.යන්න සුදානම්  වෙලා සර්ට වඳින්න  යන වෙලේ  සමීර සර්ගේ වයිෆ් ගේ ලඟ වැටහුනේ  ස්ටුල්  එකක  තිබුණු විදුරු  කොප්පයකුත්  පෙරලගෙන  අපි ගෙනාවේ  රුපියල්  180 කේක්    එකක්.උදේටයි  දවල්ටයි  කාල කොප්පයකුත් බිඳලා  1000 ක විතර පාඩුවකුත්  කරලා අපි මේ යන්න හදන්නේ.අපි යනවට   සර්ගේ වයිෆ් සතුටු වුනු  විදිය අ
පි හොරෙන් බලන් හිටියේ.උගන්නපු  සර්ට ලාභ  කේක්  ඒක දීල වටිනාකමින්  වැඩි  ඒක අපි අරන්  යන්න හදන්නේ ඒ ගැණු ළමයාගේ ගෙදරට.සියල්ල සුදානම් ගේට්ටුවෙන්  පිට උනා.එත් මීටර් 20 ක් යද්දී අසංක  වෙනත් යෝජනාවක් ගේනවා .අපි අයෙත් කතා කරමු  බස් හෝල්ට්  එකට ගිහින්.අලුත් සැලසුමක්  වෙන්න ඇති ඒක නිසා අපි දෙන්නම  ඒක පයින්  කැමති  වුනා.

අපි අද ආපු එකෙන්   ඒක දෙයක් දැනගත්තානේ.ගේ තියෙන තැන හොයාගත්තා ඒ අසංක මොනවදෝ දෙයක් කියන්න තෙබර බාමින් හිටියේ..දැන් අපිට ඕන වෙලාවක යන්න පුළුවන්.එත් අද යන විදියක් ගැන කිසිම කතාවක් නැහැ.සර් අපි 
ගැන සැක හිතුව.අද යන්න බැහැ නේද?.ඒ සමීරගේ කපටි කතාව.විනාඩි පහක නිහැඩියාවක්  එක්ක සමීර හැමෝගෙන්ම අවසර අරගෙන අලුත් යෝයනාවක් ගේනවා.අපි වෙන දවසක යමු.මාස තුනක සැලසුමක් ඇතුව කරපු දේ අඳුරන්නේ නැති පළාතකින් ගුටි කන්න තියෙන බයට අකමැත්තෙන් වුනත් කැමති වෙන්න සිද්ද උනා.එත් අපි ගෙනාපු කේක් එකට මොකද කරන්නේ.දැන් ඒක අයෙ ගෙදර අරගෙන යන්න බැහැ නේ අපි මෙතන තියාගෙන කමු.කවදත් කෑම වෙනුවෙන් මහන්සි වෙන අසංක ඒ අදහස ස්ථිර කරා.කේක් ගෙඩිය අතින් කඩාගෙන කනගමන්  හිටි හැටියේම ගැණු ළමයි දෙන්නෙක් ආවා බස් හෝල්ට් එකට.තුන්දෙනාගේම කටේ කේක්.හිස්  පෙට්ටිය ලෑල්ල උඩ.ආවසනාවකට මට කේක් හිර උනා කැස්සක් ආව හුස්ම ගන්න අමාරු වුනා  කැස්ස වැඩි කමට කඳුළු පිරිලා පළාතම බොඳ  වෙලා ගියා ඒ දෙන්න අපි දිහා ඔරවල බලල එලියට ගිය අය්යෝ...!! එතනින් ඒක ගැණු ළමයෙක් අපි බලන්න ගියපු කෙනා.

Related Posts Plugin for WordPress, Blogger...