27 Dec 2011

කිතුල් ගස් වන්දනාව.

                               
                       
                       
                      කො කලිසම ගලවලා දිග කලිසම ඇඳපු අලුත. ගැණු ළමයින්ට හිත යන්න පටන් ගත්තු මුල් කාලේ.ලොකු පන්තිවල උන් එක්ක පැටලෙන කුරුමානම් අල්ලන හිතන් හිටපු  අවුරුදු 9 ක් කොටට ඇඳලා දිගක් අන්දම ලොකු මිනිස්සු කියල වලිප්පුව හැදුනු 10 වසරට ගියපු ඒ අලුත.ඒ කාලේ වෙද්දී අපේ ගොඩක් දෙනෙක් විටමින් කුරු උරන්න පුරුදු වෙලා හිටියේ.ගෙදර වහලේ වැඩ කරන්න ආපු වයසක මාමා කෙනෙක්ගේ බීඩි හොරෙන් බිල අහුවෙලා ඒ හැමෝම ඉස්සරහ මට ගැහුවයින් පස්සේ ආයේ මං පොල් කොළයක්වත් බිවුවේ නැහැ.මගේ යාලුවෝ ගොඩක් පුරුදු උනේ දුම උරලා වළලු පිට කරන්න.එකට තියෙන ආසාවට ගොඩක් දෙන ඒවා  උරන්න පුරුදු උනා.මම  වළලු  තියා කරාබු වත් පිට කරන්න කිසිම උත්සහයක් අද වෙනක්න් දරල නැහැ ඒ වේදනාව මතක් වෙන නිසා.


වැරදි වැඩ වලට පුරුදු වෙන වයස මං පහු කරමින් හිටියේ.පන්තියේ ඉගන ගන්න ළමයිනට උදවුවක් විදියට අපි හැම වෙලාවේම පිටි පස්සේ පේලියේ හිටියේ.ඒ වෙද්දී මං මූඩී පාගල විතරයි තිබුනේ.අනෙත් හැමෝම මොන මොනවා හරි දෙයක් ඒ වෙද්දී  කරලා තිබුනේ.අපේ ඉස්කෝලෙට පරක්කු වෙලාම එන කෙනා තමයි ප්‍රගීත්.එයාගේ ගෙදර තිබුනේ ඉස්කෝලේ ළගමයි එක නිසා  ඒ කාලේ ඉඳලම පරක්කු වෙලා එන්නේ.ප්‍රගිත්ගේ   සියාලගේ ඉඩමක් තියෙන්නේ අපේ ඉස්කෝලේ අල්ලපු වත්තේ.අපි ඒකට ඉන්ටවල් එකට යන්නෙ හෙවන තියෙන නිසා.දිග කලිසම ඇඳපු අලුත නිසා අපි සෙල්ලම් කරන්නෙත් නැහැ කුණු ගැවෙන හින්ද . පොඩි කොල්ලොන්ගේ බෝල ඒ කැලේට ආවම අපි හංගගෙන ඉන්නවා. සල්ලි තියෙන පොඩි උන්ගෙන් රුපියලක් දෙකක් ඉල්ලගන්නවා හොයල දුන්න එකේ කුලිය විදියට.


ඔහොම කාලයක් යද්දී අපි දැක්කා පොඩි කිතුල් ගහක් තියෙනවා මලකුත් එක්ක වැඩිය උස නැහැ අඩි 12 ක් වගේ ඇති.මේක ප්‍රගිත්ලගේ සීයාගේ එයා හැමදාම දවසට තුන් සැරයක් ගහට නැගල මුට්ටිය බානවා  හසිත් දැකල තියෙනවා.ඒ අරගෙන යන්නේ තෙලිජ්ජ ඒවා උණු  කරලා හකුරු හදන්න. මං පොඩි කාලේ කුකුලගේ පිහාටු විකුණලා  කොල්ලොන්ට අරන් දුන්නේ මේ සීයා හදපු හකුරු .මෙයා ඒ කාලේ ඉඳල සුළු වියපරිකයෙක්.මං ඒ වෙද්දී අම්මා ගෙදරට විනාකිරි හදන්න එකතු කරපු පොල් රා බිල තිබුනට කිතුල් රා බිල නැහැ.එතන හැමෝටම වඩා මට උවමනාව තිබුනා  මේවයේ රස බලන්න.එත් කොහොමද මේක කරන්නේ අපි 6 දෙනෙක් ඉන්නවා ඉස්කෝලේ මේවා බිල අපි මොනවගේ දේවල් කරාවිද කියල පොඩියට බයකුත් තිබුනා.


කිතුල් ගහ දිගට හැර ගහල තියෙන්නේ.නගින්නත් ලේසියි එත් නගින්න බැහැ ගහ උඩට යද්දී වටේටම පේනවා. සුදු ඇඳගත්තු කෙනෙක් කිතුල් ගහ කට නගිද්දී ඕනෑම කෙනෙක් උනන්දුවෙන් බලනවා.ඒ වෙලාවට සෙල්ලම් කරන පොඩි කොල්ලොත් අපිට කැමති නැහැ ප්‍රින්සිපල්ගෙන් ලකුණු දාගන්න කැමති ශිෂ්‍ය නායකයෝ හැම වෙලාවේම බැලුවේ අපේ වැරදි .ඉස්කෝලේ අනෙත් ළමයි එක්ක ප්‍රින්සිපල් කවුද කියල හොයන්නත් අමාරුයි.ඈතදී  ප්‍රින්සිපල් අඳුරගන්න තිබුනේ එක විදියයි ඒ ප්‍රින්සිපල් ගේ හෙන ගහපු පිට්ටනියක් වගේ කිසිම කොණ්ඩයක් නැති තට්ටේට හිරු එළිය වැටුනහම ඇති වෙන දිස්නෙන් අපිට ඉන්න ස්ථානය ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.


තෙලිජ්ජ වලට පෙර තියෙන දියරය බොන්න පුළුවන් විදිය තුසිත හොයාගත්තා.ඒ ක්‍රමය ක්‍රියාත්මක කරන්න ඊලග දවසේ ඉන්ටෙවල් එක එනකන් අපිට ඉන්න සිද්ද වුනා.ඊලග දවසේ උදෙන්ම කට්ටිය සුදානම් කරා.11.00 බෙල් එක ගහපු ගමන් ප්‍රගීත් ලගේ සීයාගේ ඉඩමට යන්න කට්ට්ය සුදානම්.අපි බලාගෙන ඉන්නු දවසයි වෙලාවයි ලං වුනා.සියල්ල සුදානම් කට්ටිය ඉස්කෝලේ වෙලාවේ කරන්න යන්නේ පස්වෙනි සිල් පදේ  කඩන්න(ඉතින් අපිට හරියාවිද).ගත්තා ගලක් ගැහුවා මුට්ටියට පරණ වෙච්ච ඒ කළු පාට  මුට්ටුය කෑලි  අංසක 360 ක  වට ප්‍රමනකය වසාගෙන ඒ කැලි එකෙන් එක බිම වැටුනේ වටේම ඉන්න හැමෝගෙම ඇඳුම් වල කිතුල් රා සහ මන්න්ඩේ රැඳෙන විදියට.ඒත් ගල ගහපු තුසිත එතනම මුණ අල්ලාගෙන බිම ඉඳගෙන් ඉද්දි අනතුරක් වෙද්දී ඉක්මනටම දැනෙන මටනං තේරුණා මොනවහරි කරදරයක් නේද කියල. තුසිත ඊලග දවසේ ඉස්කෝලේ අවේ "මකගේ යලක්" කාටුන් එකේ ඉන්න මල් මාමා වගේ.නහය පුරාම ලොකු ප්ලාස්ටරයක්  ගහගෙන.එදා වැටුන වලං කැල්ලක්  වැටිලා තියෙන්නේ තුසිතගේ නළල ඉරාගෙන නහය තුවාල කරගෙන.


ඊලග  දවසේ  මොනවත් උනේ නැති වගේ අයෙත් එතනට ගියාම අපි දැක්කේ අලුත් මුට්ටියක්.කලින්  දවසේ වගේ නැතුව විද්‍යානුකුලවා මුට්ටියකට ගලක් ගහන විදිය හසිත විස්තර කරා. මුලින්ම අපි නියමිත  ස්කන්දයක් හා වට  ප්‍රමාණයක් සහිත  එයට සුදුසු ගලක් සොයාගත්තා.අඹ ගහකට,රඹුටන් ගහකට හා බල්ලෙකුට ගල් ගහන විදියට වඩා වෙනස් රා මුට්ටියකට ගල් ගහන විදිය.ඒකට සම්කිසි විද්‍යානු කුලව චලනයක් කරන්න ඕනේ කියල හසිතගේ කැම්පස්  ඉන්න  අය්යා ලඟ ගෙදරක නංගි කෙන්ක්ට කියල දෙනවා අහගෙන ඉඳල  තියෙනවා.


කලින් කියපු විදියේ ස්කන්දයක්  සහිත ගලක් නියමිත ප්‍රවේගයකින්  පොළොවේ සිට අංසක 90 ක් හෝ 80 වක කෝණයකින් මැටි  මුට්ටියේ මද්‍යා  ලක්ෂයට අඟලක් එහාට වෙන්න ඒ ගල පතිත කරන්න හසිත සුදානම් උ/පෙ කරන අය්යල වගේ ඒ විද්‍යාව අත්හද බලන්න අපි මේ උත්සහ කරන්නේ 10 වසරට ගියපු අලුත (අපි කොහොම  පොරවල්ද).මේ හැම දෙයකින්ම එක දෙයක් වරදුනොතින් කලින් දවදේ තුසිතට වුනු දෙයම හසිතට වෙන බව ඔහු වගේම අපිත් දැනගෙන හිටියේ.වැඩි වේගයකින් මුට්ටියට වදුනොතින් කැලි කැඩෙනවා.අඩුවෙන් වැදුනොත් මුට්ටිය බිඳෙන්නේ නැහැ.(මේ මං දන්නා විද්‍යාව මේකෙ වචන වැරදි ඇති.)


හැම දෙයක්ම හොඳින් සිද්ද උනා මුට්ටිය බිඳෙන්නේ නැතිව පිපුරුණා රා ටික ටික පොලොව වෙත  ගලාගෙන ආව.එකා පස්සේ එකා වෙන්න රා බින්දුවක්වත් බිම වැටෙන්නේ නැතිව දිය ඇල්ලකින්  වතුර බොන  කෑරලන්සේ අපි ඒ පිරිසිදු රා වල රස බැලුවේ.



සියල්ල අවසානයේ අපේ පන්තියට යද්දී ඉන්ටෙර්වල් එක ඉවර වෙන්න කිට්ටුයි.ගැණු ළමයි රංචුවක් පහු කරපු ගමන් ඊට  ටිකක් එහායින් ඉන්නේ කොල්ලෝ රංචුව.මේ හැමෝම පහු කරගෙන පන්තියේ සුන්දරම තැන වෙච්ච පිටි පස්ස පේලියට යන්න හදන්නේ.ගැණු ළමයි ටික පහු කරනවත් එක්කම මට  "ගුඩුස්" ගියා.


"අම්මෝ .... ගඳ මොනවද ඒ කසිප්පු ගඳක්ද කොහෙද?"



ටවුමේ චීන කෑම කඩේ බන්දු මාමගේ දුව අපේ පන්තියේ චමිලා අතින් නහය වහගෙන ළඟ ඉන්න ටික දෙනෙක්ට ඇහෙන්න කිවුවා.එයාට ඕනෙම ගඳක් අඳුර ගන්න හැකියාවක් තියෙනවලු.මං ඉක්මනට මගේ සපත්තු අඩිය දිහා බැලුවා.  


"කසිප්පු ගඳ එන්නේ පැගුනම නෙවෙයි හලෝ ඒවා බිවුවහම ...."


"මුහුද සැර වෙලාවට ඔරු පදින්න හොඳ නැහැ" කියනවා වගේ වැඩි කතාවක් නැතිව මං මගේ තැනට ගියා.දවස් දෙකකට පස්සේ ප්‍රින්සිපල් ගේ ඔෆිස් එකේ ඉඳල ඉස්කොලෙටම ඇහෙන්න ලව්ඩ්ස් පිකර් එකෙන් හොඳ හුරු පුරුදු නම් වගයක් කියනවත් එක්ක ලාවට මගේ නමත් කියනවා ඇහුනා.සාමාන්යෙන් එහෙම නම් කියල කතා කරන්නේ විශේෂ ළමයින්ට,ශිෂ්‍ය නායකයන්ට වගේ ළමයින්ට.මගේ නමත් කියපු නිසා මාත් ගියා.වැඩේ කියන්නේ ඒ කියපු හැම නමක්ම මාත් එක්ක එදා හිටපු අනෙත් 5 දෙනාගේ.වෙනද අපිව පිළිගන්නේ ප්‍රින්සිපල් වුනාට එදා පිළිගන්න ඉස්සරහට ඇවිල්ල හිටියේ නහය පුරාම ප්ලාස්ටරයක් දාපු තුසිත ඇස් දෙක රතුපාට බෝත්තන් දෙකක් වගේ.කඳුළු බේරිලා කඳුලුත් එක්ක හොටු එනවා ඒවා පිහදන්නත් බැහැ ප්ලස්ටරේ නිසා.අපිට වෙන්න යන දේ හැමෝටම හොඳට තේරුණා එදා කරපු දේ කවුරු  හරි දැකලා.තුසිතට හොඳටම ගහල එතකොට හැම දේම වමාරලා.


අපි හැමෝටම වේවැල් පාරවල් 20 ගානේ  එක සමානව ලැබුනා.ඉතුරු දඬුම දෙන්නේ හෙට කියල අපිව පන්තියට  පිටත්කරා.එදා දවසම අපි වාඩිවෙන්න බැරි අමාරුවකින් හිටියේ.එත් හෙට වෙන්නේ මොනවද කියල අපි කවුරුත් දන්නේ නැහැ.


අපේ දඬුවමේ දෙවෙනි දවස ලැබුවා උදේ 9 වෙද්දී අපි හැමෝම ප්‍රින්සිපල් ළඟ."අද උඹලට මං ගහන්නේ නැහැ වෙන දඬුවමක් දෙනවා" ගහන්නේ නැති ඕනෑම දඬුවමක්  විඳින්න අපි කැමැත්තෙන් හිටියේ.අපිව එක්ක ගියා අපි විනාස  කරපු ඒ කිතුල් හග යටට "ගහ වටේට හිට ගනිල්ලා" ප්‍රින්සිපල් මහා සද්දෙන් කිවිව.මං හිතුවේ "ගිනි ගිනි බෝල රැලි රැලි මලේ" සෙල්ලමවත්  කරන්න දෙනවදෝ කියල.එත් හිතල ඉවර වෙන්නත් කලින් දෙවැනි දවසේ දඬුවම ක්‍රියාත්මක කරා.ඒ හවස දෙක වෙනකන් කිතුල්ගහට වැඳගෙන මුට්ටිය දිහා බලන් ඉන්න.බෝ ගහකට කලින් වැඳලා තිබුනට කිතුල් ගහකට වඳින්නේ අදයි.හපෝ එක සරල දෙයක් නේ කියල හිතුනට ටිකක් වෙලා යද්දී එක මහා සංකීර්ණ දඬුවමක්‌ කියල තේරුම් ගියා.ඉඳල හිටලා අපිව බලන්න අමුත්තෝ ආවා.ඒ විනය භාර සර් සහ අනිත් ගුරුවරු. ඇවිල්ල  මොන මොනවදෝ කියල ගියා. අපිට ඇහුනේ නැහැ ලජ්ජාවට කන් අගුල් වැටිලා තිබුනේ ඒ වෙලාවේ.මට හිතෙන විදියට අපිට බැන්නා.ඉන්ටර්වල්  එකේදී 6 වසර පොඩි ළමයි එක්ක අවේ පෝලිමේ ඒ පන්තිභාර ගුරුවරුත් එක්ක.ඉස්කෝලේ හැමෝම අපිව බලන්න ආවා.ඒ හැම කෙනෙක්ම අපිට විවිද ජාතියේ දේවල් කිවුවේ තරහකට නෙවෙයි.අපි ඉස්කෝලේ ප්‍රසිද්ද වුනා එක දවසෙන්.


තව දවසක් උදා උනා.හැම දාම වගේ අපි ඉස්කෝලෙට ගිහාම අපි දිහා හැමෝම අමුතු විදියට බැලුවා.පන්තියෙට එන ගුරුවරුත් අපි දිහා බලල හ්ආ.. මේ මෙයාල නේ...! ඊට වඩා දෙයක් කිවුවේ නැහැ. කාලයක් යනකන්ම අපිට "රා ගුඩ්ඩා"  "කිතුලා" වගේ විවිද නම් වලින් කට්ටිය අපිට කතා කලා එත් ඉවසීම අපි හොඳින් ප්‍රගුණ කරලා තිබුණු නිසා අපි ඒවාගැන එච්චර හිතුවේ නැ.කාලයකට පස්සේ ඒ හැම දෙයක්ම හැමෝගෙන්ම  හිත් වලින් මැකිලා ගියා. 




සැ/යු : හිස් අහසේ සඳරුගේ යාළුවා  කිතුලා සහ අපි අතර කිසිම සම්බන්දයක් නැත.ඔවුන් සිටින්නේ පේදුරු තුඩුවේය මං සිටින්නේ දෙවුන්දර තුඩුවේය..


කාලයේ වැලිතලාවක සැගවෙන්න ගියා මේ අඳුරු මතකය ගොඩගන්න උත්සහ කරපු   සැමාට තුති!!.




මේ මගේ අවසාන පොස්ටුව(මේ අවුරුද්දට )


ලබන්නා වූ අලුත් අවුරුද්ද සැමදෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! 



19 Dec 2011

කෙල්ලෙක් කේක් සහ බස් හෝල්ට්

                                         


         විශාල ශබ්දයක් ඇහෙනවත් එක්ක මට යන්තම් ඇහැ ඇරුනා.මං ඒ සද්දේ ආපු දිහා ඉතා ඕනෑකමින් අහගෙන ඉද්දි මට දැනුන ඒ  හොඳ හුරුපුරුදු කට හඬක්  බව.ඒ අපේ අම්මගේ දින චර්යාවෙන් එකක් වූ  මට බැනීම.සාමන්‍ය පෙළ කරලා ගෙදර ඉද්දි මං  උදේ නැගිටින්නේ අපේ අම්මගේ කරුණාබර වදන් වලින්.

"දැන් නිදාගත්තා ඔය හොඳටම ඇති.A /L  කරන්න පටන් ගන්න කුම්බ කරණය වගේ දවල් වෙනකන්ම නිදි."

අපේ අම්මගේ ඒ ආඩපලිය  අහලම එපා වෙලා මගේ යාළුවෙක්ගෙන් උසස්පෙළ කරන්න පංති තියෙන වෙලාවල් තියෙන තැන් අහගත්තා.එත් මං මොනවයින් උසස් පෙළ කරනවද කියල කිසිම අදහසක් තිබුනේ නැහැ හදිස්සියෙවත් ෆේල් වෙලා තිබුනොත් ගමේ ඉන්න ලිඳ ලඟ  අන්ටිලගෙන් අහන්න වෙන මසුරන් කතාවලට බයෙන් අම්මා මට සාමාන්‍ය පෙළ කරන්න උනන්දු කලා.ඒක ඉවරුනා    විතරයි දැන් අනිත් විභාගෙට පංති යන්නලු.ඒ කලේ මං අස්සරේ  කලෙ මට වඩා අවුරුදු දෙකක් වැඩිමහල් පන්තිවල ඉන්න කොල්ලෝ.දැනටත් ඉන්නේ හොඳම යාලුවෝ එයාල.එයාලගෙන් උපදෙස් අරගෙන මට හිතුනු විදියට ලේසිම දේවල් කියල හිතුනු කලා විෂයන් කරන්න හිතා ගත්තා.


අම්මලාගේ තියෙන වුවමනාවට මං පන්තිත් හොයාගෙන අඩුවෙන් පාඩම් කරන්න පුළුවන් විෂයනුත් තෝරාගෙන ගෙදර  ඉඳල පැය දෙකක් දුරින් තියෙන ටවු
මේ  තැනකට මං ගියේ.හැම දෙයකටම යන්න හිටපු මගේ යාලුවෝ කවුරුවත් මං යන පංති වලට යන්න හිටියේ නැහැ.ඉස් ඉසරම සෙනග ගොඩක්  මැද්දේ තනියෙන්  ගියපු දවස එදා.කවදාවත් දැකපු නැති ළමයි ගොඩක් මැද්දෙන් ගිහින් පොඩි ඉඩක් තියෙන තැනකින් වාඩි  වුනා.මං ගියපු ඉස්කෝලේ චන්ඩිය වගේ හිටියට අලුත් තැනක් නිසා බල්ල නැට්ට කොහෙද ගහනවා වගේ වට පිට වැඩිය  බලන්නේ නැතුව හිස් බෝඩ් ඒක දිහාත් පොත දිහාත් මාරුවෙන් මාරුවට බල බලා හිටියා.ඒ පන්තියේ හිටපු  ගැහැණු පිරිමි හැම කෙනෙක්ම කල්ලි පිටින් හිටියට මං විතරයි තනියෙන් හිටියේ.

"ඒ මේ චා
මී  බෝඩ් එකේ මොනවත් පේනවද මටනම් මොනවත් පෙන්නේ නැහැ"  

කවුරුත් උගන්වන්නෙත් නැතුව බෝඩ් එකේ මොනවත් ලියපුවත්  නැතිව ඒක දිහා බලන් ඉද්දි පිටි පස්ස පේලියේ හිටපු ඒක ගැහැණු ළමයෙක් මට ඇහෙන්න එයාගේ යාළුවොත් එක්ක හින්ට් එකක් පාස් කලා.
සතුරාට පහර දෙනවනම් දුරුවල සතුරාට පහර දෙන්න ඕනේ කියන නියාය එදා  එයාල අනුගමනය කලේ.ඒක එතනින් ඉවර උනේ නැහැ

"කොන්ඩේ වැඩි නේද අපි මෙයට බූල් බෑන්ඩ් එකක් දෙමුද?.

වල වෙට්ටුවක් වගේ තිබුණු මගේ කොණ්ඩෙට විහිළු කරනවා කියල මට දැන් තේරුණා.අම්මා බැනල සල්ලි දුනේ කොන්ඩේ කපන්න එත් එදා ඒ සල්ලි වලින් කොන්ඩේ කපන්නේ නැතිව කොල්ලොත් එක්ක 
අනම් මනම්  කාපු එකේ  පල විපකේ තමා මේ මං දැන් විඳින්නේ.මං මටම බැනගත්තා.

 ඔයාගේ නම මොකක්ද?.මොකක්ද ඔයාගේ ඉස්කෝලේ?  කෝ   ඔයාගේ යාළුවො පිටි පස්සේ   පේලියේ හිටපු ඒ ගැණු  ළමයි ටික මව අමාරුවේ  දාන්න කියල වෙන්න ඇති එහෙම ඇහුවේ ඒ අහපු  හැම ප්‍රශ්නයකටම  කෙටි  උත්තර  දීල  මං මගේ පාඩුවේ  හිටියා.පැය තුනකට  පස්සේ පන්තිය  ඉවරයි .එත් මගේ තනිකම  එයාල ප්‍රේයෝජනයට ගත්තා .

එත් ගෙදර ගියාම මට හරි අමුත්තක් දැනුන.කාලය යනවා දැනුනේ නැහැ.රෑට  නිදාගන්න ගියාට නින්ද ගියෙත් නැහැ මොනවා හරි දෙයක් දැනෙනවා එත් මොකක්ද කියල තේරෙන්නේ නැහැ.හරි අමුතුයි.ඊලග සතියේ පංති දවස වෙනකන් ආසාවෙන් හිටිය.එත් මං දන්නේ නැහැ ඇයි මං මෙච්චර ආස.දවස් දෙක තුනකට පස්සේ මාව අමාරුවේ දාන  ප්‍රශ්න වැලක් අහපු ඒ සුදු,කෙට්ටු,චුටි,කට සැර 
ගෑණු ළමයාගේ  රූපේ නිතරම  මැවිලා පෙන්න පටන්ගත්තා.ඊට කලින් ගැණු ළමයිගේ පස්සෙන් ගියාට වඩා අමුතු හැඟීමක් මෙයා ගැන තිබුනා.දෙවැනි දවසෙත් පංති  ගියාම මෙයට වඩා පේලියක් ඉස්සරහින් වැඩි වෙන්න මං පැයකට කලින් පන්තියට ගියේ.මගේ නම අහගත්තට මට එයාගේ නම අහන්න තරම් ශක්තියක් තිබ්බේ නැහැ.වාසනාවකට වගේ ඒක දවසක් විභාගයක් තිබුනා.එයාගේ ප්‍රශ්න පත්තරේ නම ලියන විදිය මං හොරෙන් බලන් ඉඳල නම අමතක වෙන නිසා පොතේ අන්තිම කොලේ ලියා ගත්තා.දැන් මං එයාගේ නම දන්නවා.එත් කතා කරන්න විදියක් නැහැ.එයා ඉන්නේ යාළුවො ගොඩක් මැද්දේ.එත් එයාගේ කට ටිකක් සැර වැඩියි.කතා කරන විදියක් ගැන කල්පනා කරද්දී ඒක අදහසක් ආවා.


බස් එකෙන් බැහැල පන්තියට යනකම් තියෙන ඒ මීටර් 600 ක දුර විනාඩි 10 ක් වගේ කාලයක් ඇතුලත දැනගත යුතුම  දේවල් කොලයක  එකින් ඒක ලියාගත්තා.කලින් මේවගේ දේවල් වලට කිසිම සුදානමක් නැතුව ගියපු මම කවදාවත් නැතිව පෙර සුනමක් ඇතුව මේ යන්න හදන්නේ.ආදරයක් ඉල්ලන්න නෙවෙයි එත් ටිකක් භයයි ඇයි දන්නේ නැහැ.ඒ අහපු හැම දෙයකටම ඒ මුකාරී කටෙන් හැම දෙයකටම උත්තර දුන්න.මං දැන් එයාගන ටිකක් විස්තර දන්නවා.හැම දාම පන්තියට පැයක් කලින් ගිහිල්ල එයා එන බස් පාරේ හැම බස් එකක් දිහාම බලාගෙන ඉන්න පුරුදු වුනා සතියට දවසක් ලැබෙන ඒ විනාඩි දහයේ උපරිම ප්‍රයෝයනය ගන්න.පොත් මාරු කරගෙන උත්තර බලපු දවසක මගේ ප්‍රශ්න 10 න් 8 ක් ම වැරදි ඒ හැම එකටම හරි උත්තරේ ලියල තිබුන.එයා මතක් වෙන හැම සැරේකම මං ඒ පොතේ පිටු පෙරලලා ඒ අකුරු දිහා අසාවෙන් බලන් හිටියේ ඒ කලේ තිබුණු බොළඳ ගතියට වෙන්න ඇති.(තවම ඒ පොත මං ලඟ ඇත).

කිසියම් හේතුවක් නිසා මට ඒ පන්තියට යන්න බැරි වෙන කාලයක් 
ආවා. නොදැක ඉන්න බැහැ වගේ දැනුනා.හීනෙන් පෙන්න ගත්තා පාරේ ඉන්න හැම ගැහැණු ළමයම එයා වගේ කියල පෙනුනා.මේක මහා කරදයක් වගේ දැනුන අවසානේ මං ඒ එඩිතර තීරණය ගත්තා.වෙනද වගේම බස් එකෙන් බහිනකන් ඉඳල එයත් එක්ක වෙනද විදියටම කතා කරන්න  ගත්තා.

"මොකද දැන් ක්ලාස් එන්නේ නැත්තේ?" 


"මං පොඩි කෝස් එකක් කරනවා ඒක තියෙන්නේ අද ඉතින් මට මේ ක්ලාස් එකට එන්න වෙන්න නැහැ"


"ආ.. එහෙමද"


මං මගේ කතාව පටන් ගන්න සියල්ල  සුදානම් 
මාස ගානක් හිතේ කැකැරේමින්  වද දුන්නු දේ මං වෙවුලන තොල් වලින් වචන විදියට පිට කලා.



ක්ෂණයකින් ඔරවමින් ඇස් දෙක ලොකු කරමින් ඇඟිලි හතරක් නවාගෙන ඒක කෙලින් කරගෙන 

"ඕවට එන්න එපා හරිද" 


මාස තුනකට වැඩි කාලයක් හිතේ  තියාගෙන් හිටපු   ඒ  අදහසට මට ලැබුනේ  ඉතා ආවේගශීලි කෙටි පිලුතුරක්.මගේ අනිත් යාළුවොන්ගේ හැම දෙයකටම හතර පාස් දෙන යන මේ වගේ වැඩ වලට මං තනියෙන් යන්න තරම් 
එදා මං බුද්ධිමත් වුනා.එත්  උන් ආපු නැති ඒක ගැන තවමත් සතුටු වෙනවා.මේ විදියට බැනුම් අහගෙන වැඩි කාලයක් යන්න බැරි උනා.කරන්න පුළුවන් වෙනත් විකල්පයක් ගැන කල්පනා  කරද්දී  කවදත් තනියට ඉන්න මගේ යාළුවො දෙන්නෙක් මතක් වුනේ එවෙලේ .එත් එයාල කරන්නේ විද්‍යා විෂයන් මෙයා ඉන්නේ කලා විෂයන්.එත් විද්‍යාව අතහැරලා කලාව හදාරන්න තරන්  මගේ වචන එදා බලවත් උනා.මගේ යාළුවො හමු  වෙන හැම වෙලාවේම අපේ ඉදිරි  සැලසුම්  වල පිඹුරු  පත්  සැකසුව .

අපි සර්ව  ෆිට්  කර ගමු .ඒ එකෙකුගේ  අදහස  මං දැන් පන්ති  යන්නෙත්  නැහැ එත් එයාලගේ සැලසුම් ක්‍රියාත්මක  කරන්න ඉඩ  දුන්නා.කියපු විදියට සර්ව ෆිට්  කරගත්තා .ටික කාලයක් යද්දී  දැනගන්න  ලැබුනා  සර්ගේ  ගේ සහ  ඒ ආඩම්බර  කරිගේ  ගෙදර තියෙන්නේ එකම  ලග.කළ යුත්තේ  සර්ගේ  ගෙදර සිංහල  අවුරුද්දට  ගෝලයෝ  විදියට යන්න.හැම දෙයක්ම සුදානම් ගිහින් සර් එක්ක කතා කරන ගමන්  වට පිට සිදුවෙන  දේවල්   දැනගන්න.



ටවුන් එකෙන් කේක්   දෙකක් ගත්තේ  සර්ට  එකයි එයාගේ ගෙදරට එකයි.සර් කියපු විදියට බස්  වල නැගල  පාරවල්  දෙගේ  හොයාගෙන    10.30 වගේ වෙද්දී සර්ගේ    ගෙදරට ආවා.ඒ අහිංසක  සර් හිතුවේ  අපි ගුරු  භක්තිය  වැඩි වෙලා සර්ව  හොයාගෙන ආව  කියල පව්  සර්.අපිව ඉතා ඉහලින් පිළිගත්තා.උදේ දුන්නු තේ  සංග්‍රහයත්  ටිකක් ලජ්ජාවෙන්  භාගෙට  ඉවර කරලා දවල්ටත්  කෑම කලාම  යන්නලු  දෙපාරක්ම  බෑ  කියල බොරුවට  තුන්වෙනි  සැරේ  හා  කිවුවා .ටික වෙලාවකින් සමීර  හරි ඕන  කමින්  මොනවත් දෙයක් කියන්න ඕන විදියට ඉඟියක්  දුන්නා.ඒ කියපු දෙයින්  මටත්  අ සංකටත්  සතුටු වෙන්නද  භය  වෙන්නද කියල දැනුනේ නැහැ.


සර්ගේ අල්ලපු  වැටේ  තියෙන ගෙදර තමයි ඒ හිතට  වද දෙන ගැණු ළමයා ඉන්නේ.මාස ගානක් නොදැක හිටපු ඒ මුණ  බලන්න  සර්ගේ ගෙදර ජනේලයෙන්  ගොඩක් වෙලා බලන්හිටිය  එත් ඒ  කෙල්ල  එලියටවත්  බැස්සේ  නැහැ.සර්ගේ වයිෆ්  අපේ කෑම හදන  එකට සර් උදවු  කරන කුස්සියට  ගිය අතර  තුර  අපේ සැලසුම් රහස්  කතාවෙන්ම  සැලසුම් කාර.එත් විවිද  ප්‍රශ්න නැතුවම  නෙවෙයි.ඒ ගෙදර අයිය  කෙනෙක් හිටියොත්  අපිට ගහන්නත්  ඉඩ තියෙනවා.තාත්තාගෙන්   මොනවගෙන්  පිලි  ගැනීමක්  තියේවිද ? එහෙම දෙයක් උනොත්  නිවාඩු  කාලෙන්  පස්සේ අයෙත් සර්ගේ මුණ බලාගෙන ඒ පන්තියට යන්නේ  කොහොමද කියන ප්‍රශ්නේ ඒ දෙන්නට  තිබුනා මටනම් ගානක්වත් නෑ .මගේ යාළුවො දෙන්නයි  එයයි  එකම ක්ලාස් එකේ එත් ඒ දෙන්නට ටිකක් බයයි  වගේලු අනාගතය  ගැන හිතුවහම.මගේ ජිවිතේ ගැන තීරණාත්මක  දවසක් එත් තනියට ගියපු දෙන්න.මට වඩා ගැහෙන හදින්   ඉන්න බව තේරුණා.එයාලගේ පැත්තෙන්  බලද්දී  සාධාරණයි    මගේ කීමට  විද්‍යාව අත හැරලා  කලාව හැදෑරුවේ  මං නිසා විභාගෙට ලියන්න බැරිවෙයි .හිත  දැඩි  කරගෙන ඕන දෙයකට  මුහුණ දෙන්න සියලු  දෙනාම  එකම අදිෂ්ටනයකට ආවා.


හවස  දෙකට  විතර සියළුව  සංග්‍රහයන්  ඉවරයි.දැන් අපේ ප්‍රදාන  මිෂන්  ඒක තියෙන්නේ.යන්න සුදානම්  වෙලා සර්ට වඳින්න  යන වෙලේ  සමීර සර්ගේ වයිෆ් ගේ ලඟ වැටහුනේ  ස්ටුල්  එකක  තිබුණු විදුරු  කොප්පයකුත්  පෙරලගෙන  අපි ගෙනාවේ  රුපියල්  180 කේක්    එකක්.උදේටයි  දවල්ටයි  කාල කොප්පයකුත් බිඳලා  1000 ක විතර පාඩුවකුත්  කරලා අපි මේ යන්න හදන්නේ.අපි යනවට   සර්ගේ වයිෆ් සතුටු වුනු  විදිය අ
පි හොරෙන් බලන් හිටියේ.උගන්නපු  සර්ට ලාභ  කේක්  ඒක දීල වටිනාකමින්  වැඩි  ඒක අපි අරන්  යන්න හදන්නේ ඒ ගැණු ළමයාගේ ගෙදරට.සියල්ල සුදානම් ගේට්ටුවෙන්  පිට උනා.එත් මීටර් 20 ක් යද්දී අසංක  වෙනත් යෝජනාවක් ගේනවා .අපි අයෙත් කතා කරමු  බස් හෝල්ට්  එකට ගිහින්.අලුත් සැලසුමක්  වෙන්න ඇති ඒක නිසා අපි දෙන්නම  ඒක පයින්  කැමති  වුනා.

අපි අද ආපු එකෙන්   ඒක දෙයක් දැනගත්තානේ.ගේ තියෙන තැන හොයාගත්තා ඒ අසංක මොනවදෝ දෙයක් කියන්න තෙබර බාමින් හිටියේ..දැන් අපිට ඕන වෙලාවක යන්න පුළුවන්.එත් අද යන විදියක් ගැන කිසිම කතාවක් නැහැ.සර් අපි 
ගැන සැක හිතුව.අද යන්න බැහැ නේද?.ඒ සමීරගේ කපටි කතාව.විනාඩි පහක නිහැඩියාවක්  එක්ක සමීර හැමෝගෙන්ම අවසර අරගෙන අලුත් යෝයනාවක් ගේනවා.අපි වෙන දවසක යමු.මාස තුනක සැලසුමක් ඇතුව කරපු දේ අඳුරන්නේ නැති පළාතකින් ගුටි කන්න තියෙන බයට අකමැත්තෙන් වුනත් කැමති වෙන්න සිද්ද උනා.එත් අපි ගෙනාපු කේක් එකට මොකද කරන්නේ.දැන් ඒක අයෙ ගෙදර අරගෙන යන්න බැහැ නේ අපි මෙතන තියාගෙන කමු.කවදත් කෑම වෙනුවෙන් මහන්සි වෙන අසංක ඒ අදහස ස්ථිර කරා.කේක් ගෙඩිය අතින් කඩාගෙන කනගමන්  හිටි හැටියේම ගැණු ළමයි දෙන්නෙක් ආවා බස් හෝල්ට් එකට.තුන්දෙනාගේම කටේ කේක්.හිස්  පෙට්ටිය ලෑල්ල උඩ.ආවසනාවකට මට කේක් හිර උනා කැස්සක් ආව හුස්ම ගන්න අමාරු වුනා  කැස්ස වැඩි කමට කඳුළු පිරිලා පළාතම බොඳ  වෙලා ගියා ඒ දෙන්න අපි දිහා ඔරවල බලල එලියට ගිය අය්යෝ...!! එතනින් ඒක ගැණු ළමයෙක් අපි බලන්න ගියපු කෙනා.

13 Dec 2011

සරුංගලේ... නුඹ වාගේ රට හැර යන අපේ ළමයි!!


                                           




"දැන් වෙලාව පස්වරු එක පසුවී විනාඩී  දහා තුනයි.මේ ලක් හඬ ගුවන්විදුලි සේවයයි".........
"මේ වෙලාවේ ගීතයක් ඉල්ලීමට රසිකාවියක් රැඳී ඉන්නවා"
"ඔබතුමියගේ නමකියන්න".........
"මම චන්ද්‍රානි" 
"ඔව් චන්ද්‍රානි මහත්මිය ගීතය සුදානම් කරනකන් ඔබ තුමියගේ විස්තර ටිකක් කියන්න බලන්න ...."
"මං ඉන්නේ කඩවත කලින් ගුරුවරියක් දැන් විශ්‍රාම ගිහෙල්ල ඉන්නේ."
"මොකද මේ ගීතය තෝරාගන්න ඔබ තුමියට හිතුනේ"
"මේ ගීතය මගේ ජිවිතයට ටිකක් සමීපයි".
"කැමතිද විස්තර  කරන්න ?."

මට පුතාල දෙන්නෙකුයි දුවකුයි ඉන්නවා දැන් ඒ කවුරුවත්  මං ලග නැහැ දැන්.අපි  තරුණ කාලේ  අපේ දරුවෝ පොඩි කාලේ මේ හැමෝම එකටමයි හිටියේ අපේ ජිවිත වුනේ  මේ තුන්දෙනා.අපිට පුළුවන් උපරිමේට අපි මේ හැමෝටම ඉගැන්නුවා.එයාලත් හොඳින්  ඉගන ගත්තා.කාලයක් යද්දී අපි වයසට ගියා එයාල තරුණ ළමයි වුනා.එයාලගේ අද්‍යපනේ  හැටියට  වැටුපක් ලංකාවේ ලැබුනේ නැහැ.මං ගුරුවරෙක් විදියට හැම ළමයටම අපේ දේ අගයන්න කියල දෙනවා මගේ දරුවන්ටත් හෙමයි.ඒත් කාලයක් යද්දී ඒයාලා විදේශ ගත වෙන්න අදහස් කරා.අපිත් වැඩි කැමැත්තක් වුනේ නැහැ අපේ රටේ වටිනාකම තරුණ ළමයින්ට වඩා අපි දන්නා නිසා.මොන රටක ගියත් දුක් විඳින වෙයි කියල අපිට බයත් තිබුනා.මේ රටේ ඉගන ගෙන වෙනත් රටකට සේවය කරනවට මගේ මහත්තය කොහෙත්තම කැමති උනේ නැ.අපි නොදන්නවට අපේ දරුවොන්ගේ  නිදහස් අද්‍යපනේට   අහිංසක දුප්පත් මිනිසුන්ගේ මහන්සියත් එකතුවෙලා තියෙනවා.කාලයක් යද්දී ඒයාලා විවාහ වුනා. පස්සේ  රැකියාවට ඔස්ට්‍රලියාවේ  ගියා.එක්කෙනා 
එක්කෙනා  ගියා එයාලගේ නෝනලාත් එක්ක.ඊට පස්සේ හැමෝම මගෙන් ඈත්  වුනා.කලින් අවුරුද්දකට වතාවක් ආවා මාව බලන්න.දැන් එහෙම එන්නෙ නැහැ .එයාලට දැන් එහෙ පුරවැසිබවය තියෙනවා. මගේ දරුවොන්ටත් දැන් දරුවෝ ඉන්නවා.එයාලටත් ප්‍රශ්න ඇතිනේ කලින් වගේ මාව බලන්න එන්න වෙන්නේ නැහැ.මගේ ලග නැති වුනත්  එයාලා සතුටින් ඉන්නවා.මාත් ආසයි මගේ දරුවෝ හැමෝම ආයේ එක දවසක් හරි  එකට ඉන්නවා දකින්න.නෑදෑයෝ කොච්චර හිටියත් මට මගේ දරුවෝ නැති  පාළුව එයාලට මකන්න බැහැ.මගේ ජිවිතේ හොඳම කාලේ කැප කලේ මගේ දරුවන්ට.එත් මට එයාලත් එක්ක ඉන්න ඕනේ කාලේ වෙද්දී ඒ කවුරුවත්  මගේ ළඟ නැහැ.    

සරුංගලේ වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ 
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ රට හැර යන අපේ ළමයි

මේ ගීතය හැම පදයක් පදයක් ගානෙම ඒ අම්මා කියපු කතාව තියෙනවා නේද?.ලංකාවෙන් ඉගන ගෙන වෙනත් රටවල අපි මේ වැඩකරන්නේ ඩොලර් වලට තියෙන ආසාව නිසාද.අපි මෙතන මෙහෙම ඉන්නේ එයාලගේ තරුණ ජිවිත කැප කරපු නිසා."සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි"  අපේ රටට  අපේ ගමට  අපිට  ණය ගේවන්න පුළුවන් වේවිද අපේ මේ ජිවිත  කාලෙටම.අපිට  කවදාහරි මේ දුක තේරෙන්නේ අපිත් වයසට යද්දී.ඒ කලේ වෙද්දී අපේ අම්මලා නැ .. !

 දවසේ පඩියට කුලී වැඩ කරන ඈත  ගම්වල  මිනිසුන් ගෙවන බදු  වලිනුත් එක්ක තමයි අපේ නිදහස් අද්‍යපනේ රඳා පවතින්නේ.ඒත් තමන්ගේ දෙමවුපියෝ සහෝදරයෝන් ගෙන් කැමැත්තෙන් වෙන්වෙලා  වෙනත් රටක ජීවත්වෙන්නේ කියෙන් කී  දෙනාද ?.කවද අපිට අපේ රටේ නවතින්න ලැබෙයිද ?


මේ පොස්ට් එකේ සෑම දෙයක්ම මටත් බලපානවා .මෙය කියව සිත් රිදවීමක් ඇති උනානම් සමාවෙන්න.!!


සැ:යු : මේ සිදුවීම සත්‍ය සිදුවීමක් මිට අවුරුදු දෙකකට විතර කලින් මං රේඩියෝව අහගෙන ඉන්න වෙලාවක ඇහුනු දෙයක් ඒත් එක වැඩියෙන්ම දැනෙන්න ගත්තේ මාත් ලංකාවෙන් පිට උනාම. 

11 Dec 2011

සිගන්නෙක් සමඟ රැයක් ...!!

                         



"එහෙනම් ඔයාල දෙන්නයි අලුත් කෙනයි ගියහම ඇති වෙයි නේද" ?


ඒ අපේ බොස් මගේ නම සඳහන් කරලා මාත් එක්ක නෙට්වර්ක් කරන ඒ ආයතනේ පරණ දෙන්නට කියනවා ඇහුනා.අද අපිට මීගමු පැත්තේ කොම්පැනි එකකට නෙට්වර්ක් කරන්න යන්න ඔක්කොම සුදානම්. මාවත්  එක්කගෙන් යන්නේ.මං මේ ආයතනයට බැඳුනු අලුත ඉතින් එහෙම උනාම පොඩි ළමය වෙච්ච අපි කඩේ යන්න වෙනවා.වැඩට ගියපු පළවෙනි දවසෙම රස්සාවකට ගියාම වෙන කරදර.කැපිලි එපා වෙන විදියට පරණ සේවකයන්ගෙන් අහන්න වෙන අවලාද මේ හැම දෙයක්ම ජිවිතේ මට වඩා අත්දැකීම් තියෙන අපේ තාත්ත කියල දුන්නා.ඉතින් මට මේ කරදර කිසි දෙයක් වැඩිය හිතට ගත්තේ නැ.තාත්තා කියපු හැම දෙයක්ම නිතරම මගේ ඔලුව වටේ කම්පනය වෙන නිසා.එත් මං මේ ආවේ වැඩ ඉගන ගන්න.ඉතින් මොන දුක විඳලා හරි.කොම්පුටර් වලට සම්බන්ධ හැම දෙයක්ම ඉගන ගන්න ඕනේ කියල මට නිතරම හිතුනා.


පැය දෙකක ගමනකින් පස්සේ අපි අපේ ගමනාන්තය වෙත ලංවුනා.අද වැඩේ කරන්නේ සුගත්,දමිත් සහ අසරණය නොහොත් මම.අපිව ගෙනත් දාපු වාහනේ අපිව දාල  යන්න ගියා.අපිට පැය 4,5,ක වැඩක් තියෙන්නේ ඒත් අපිට වැඩිවෙලා කරන්න දුන්නේ නැහැ ඒ ආයතනයේ ලොක්කා.අපි බිත්ති කඩද්දි,එහා මෙහා යද්දී එයාලට කරදරි ලු.ඉතින් අපි අකමැත්තෙන් වුනත් ඉන්න සිද්ද වුනා එයාල වැඩ ඉවර වෙලා යනකන්.අපි වාහනෙන් බහිද්දී ඔෆිස් එකේ හිටපු තරුණ  ගැහැණු ළමයි අපි දිහා බැලුවේ ඇස් කොනේන් ළඟම ඉන්න යාලුවටත් නොපෙනෙන්න.මිනිස් සිත වෙනස් වෙන්න තප්පරයක්වත් යන්නෑ කියල මට එදානම ඇත්තටම හිතුන.අපි දිහා  ඇස් කොනෙන් බලපු ඒ ගැහැණු ළමයි අපිට ඔරවන්න පටන් ගත්තා.ඇසිල්ලකින් එයාල වෙනස් වුනු හේතුව මොකක්ද කියල කල්පනා කරද්දී මට මතක් උනා මගේ අතේ තියෙන්නේ මොනවද මේ කියල.වයර් රෝල්,මිටියක් බට කැලි සහ නෙට්වර්ක් එකකට වුවමන කරන ගොඩක් දේවල් මං ළඟ තිබුනා.එහෙම "නාට්ටාමි" කෙනෙක් වගේ කොල්ලොන්ට තරුණ කෙල්ලෝ කැමති නැහැ නේ.වාහනෙන් බැස්සේ කොල්ලෙක් වගේ එත් මගේ ලග තිබුණු අනන් මනම් ජාති නිසා.සුරූපී මුහුණෙන් මවපු ඒ සිනහව ඇසිල්ලකින් විරූපී   එරවිල්ලක් බවට පත් වුනා.මේ වගේ දෙයක් මග ජිවිතේ වුනු පළවෙනි දවස නෙවෙයි.එත් හිතට මොනවද වුනා වගේ.ඒ හිතේ අමාරුවෙන් කල්පනා කරනගමන් පඩිපෙලක් නගිද්දී කකුල පැටලිලා පඩිපෙළ උඩ වැටුනු වෙලේ අපිත් එක්ක හිනා වුනු ගැහැණු ළමයි දෙනෙක් අතින් කට වහගෙන පිටිපස්ස බල බල ගියේ මොන  මොනවද කියමින්.


අපේ බොස් කියපු විදියට .සුගත් සහ දමිත් ගේ සහයෝගෙන්   අපි  තුන්දෙනාම එකතුවෙලා වැඩේ ඉවර කරද්දී පාන්දර 1.00 විතර වෙලා.අපි ආපු වාහනේ  අපි බැස්ස ගමන්ම කොළොඹ ගියා.මේ මහා රෑ ඉන්න තැනක් නැහැ කොහෙවත් නවතින්න කියල වැඩිපුර සල්ලි දුන්නෙත් නැහැ ප්‍රශ්න ගොඩක්. තිබුනේ එක විසඳුමයි දැන්ම කොළොඹ  යනන බස්  එක නගින්න. ගෙනාපු බඩු එහෙම තියල අපි තුන්දෙනාම බස් එකේ කොළඹ ආවා. 


මං ඒ කාලෙ නැවතිලා හිටියේ රාගම කිට්ටුව.අනෙත් දෙන්නත් වෙනම පැත්තක.මහාබාගේ ලගින්  බස්  එකෙන් බහිනකොට උදේ 2.45 වගේ එතනින් ටික දුරක් සුගත් එක්ක ගිහෙල්ලා  එතන හන්දියෙන් එයාගේ ගෙදරට හැරුනා.එතන ඉඳල මං ඉන්න තැනට ටිකක් දුරයි පාරේ බස් නැහැ වීල් එකක යනන තරම් පඩියක් ඒකාලේ නැ.රස්සාවල්  කරන එක මේ තරම් අමාරුද? කඩවත පැත්තට යන වැන් කාර්.මාව පහුකරන් ගියේ  උඹට හොඳ වැඩේ ඔහොම කටු කපන්  ටික කාලයක් යනකන් කියන්නාක් වගේ.කරන්න තියෙන්නේ එළිය වැටෙනකන්  මඟ නැවතිලා යන්න.මග කිවුවට කොහෙ නවතින්නද කාටවත් පොදු ස්ථානය වෙච්ච බස් නවතුන්පොල මගේ නවතන්පළ කරගත්තා.


එදා අමාවක දවසක්ද කොහෙද වටේටම කරුවලයි පාරේ තැනින් තැන විතරයි බල්බ් තියෙන්නේ ඒවායිනුත් සමහරක් වැඩ නැහැ.වැස්සක් වැහැල පැවුවා විතරයි.දැන් උදේ 3 විතර වෙලා පළාතම  සීතලයි.පලගටියන්ගේ සද්දේ වවුලෝන් ගස්වල එල්ලෙද්දී එන ඒ හඬ හැමෝටම කරදරයක් වෙන කරදර කාර පරපෝෂිතය වන මදුරුවාගේ කොඳුරලා කියන සින්දුව එදා දවස මහා පාළු භයානක රැයක් කරා.දවල් දවසෙම වැඩ කරලා මහන්සියි බඩගිනි,නිදිමතයි,ඉන්නෙත්  පාළු ගඳගහන අපිරිසිදු බස් නවතුන්පොලක මට එවෙලේ කළ හැක්කේ එකම දෙයයි.කවුරුත් වැඩිවෙන අපිරිසිදු ඒ ලෑල්ල මත ඇලවීම පමණයි.බඩගින්න හා මහන්සියත් එක්ක තිබුණු කේඩරි ගතිය නිසාම නිදාගන්න  එක හිතපු තරම් අමාරුවක් උනේ නැ.


ලොකු ලොරියක හෝන් සද්දෙන්   මං ගැස්සිලා අහරෙනවිට පොඩ්ඩක් එළිය  වැටිලා.එක සැරේම ඇස් අරින්න කම්මැලි කම නිසාම ටිකක් සාමාන්‍ය තත්වෙට එනකොට මට ඇහුනා ඉස්කෝලේ යන ගනු ළමයි 5-6 ක් වගේ වටවෙලා මගේ පැත්ත බල බල අනිත් මාව පෙන්නලා  මොන මොනවද කියවනවා.මගේ ඇඟ ආයෙත් සීතල  උනා මොන විලි ලැජ්ජාවක් ද මේ.මං දකින්නේ හීනයක්ද?.උදෙන්ම ඉස්කෝලේ යන ළමයි ඇවිල්ලා  බස් හෝල්ට් එක වටේ එහා මෙහා යනගමන්  වැඩි දෙනාගේ ඇහැ ගියේ මගේ කකුල් දෙක පැත්තට රෑ කවුරුවත් මගේ කලිසමවත් ගලවගෙනත් ගිහිල්ලද ? මං නිදාගෙන ඉන්න වෙලාවේ මොනවහරි දෙයක් සිද්ද වෙලා වගේ මට දැනුනා.එතන උන්නු හැමෝටම හොරෙන් ඇස් වල කබ කඩලා  හෙමිහිට බැලුවා මගේ කකුල් දෙක දිහා. මං දැක්ක දෙයෙන්  මං ඉබේම එතනින් නගිටුනා.මොකක්ද මේ වෙන්න යන්නේ මගේ කකුල් දෙක පැත්තෙට කකුල් දාගෙන මං නිදාගෙන උන්නු ඒ ලෑල්ලේ මුණ පුරා වැවුණු මහා ඝන රැවුල,වලස් තොප්පියක් වගේ අවුල් උනු කොන්ඩේ,ගෝනියක් වගේ ඇඳුමක් ඇඳගත්තු කකුල් දෙකෙන්  ඕජස් ගලන සිඟන මිනිහෙක් හොඳටම නිදි.මුළු රෑ පුරා  මං නිදාගෙන තියෙන්නේ මේ මනුස්සයත් එක්කද.මං දැන් කොහොමද මෙතනින් එලියට යන්නේ කලිසමක් ඇඳන්?.



"ඩෙක්ස් ෂුස් දාගෙනත් ඇවිල්ලා අලුත් කෙනෙක්ද"?
 "කලින් මෙතන එක්කනයි හිටියේ දැන් දෙන්නෙක්ම ඉන්නවනේ"  


එතන හිටපු කට කැඩිච්ච කෙල්ලෙක් කියනවා ඇහුනා.ඉස්කෝලේ යන ටිකක් ලොකු පන්තිවල  ගැහැණු ළමයි ගොඩක් එකතුවෙලා කියපු ඒ කතා මට යන්තම් වගේ ඇහුනෙ... ඒ කාලේ  වෙද්දී මාත් ඉස්කෝලෙන් අස්වුණා විතරයි.මගෙයි ඒ කෙල්ලෝ ටිකගෙයි වයස එච්චර ලොකු වෙනසක් නැතුව ඇති.කල යුත්තේ පුළුවන් තරම් ඉක්මනින් මෙතනින් පිට වෙලා යන්න.මගේ කලිසම් සාක්කුවේ තිබුණු ලේන්සුවෙන් කට දෙපැත්තයි ඇස් දෙකයි පිහදාගෙන ධෛර්ය හිතට අරගෙන එලියට එනවත් එක්කම තව කෙල්ලෙක් කියනවා "මේ ඔයාගේ අයියද ?"  මට කියන්න කිසිම දෙයක් නෑ පුදුම ලැජ්ජාවක් හිතුනේ.මං බස් එකක් එනකන් හිටියොත් තව තව දේවල් අහගන්න වෙන නිසා මං ඇවිදගෙන  ටික දුරක් ගිහිල්ලා බස් එකක නැග්ගා. එත් මට එක දෙයක් නිසා සතුටුයි එතන හිටපු කිසිම කොල්ලෙක් මට මොනවත් කිවුවේ නැහැ.     



එදා  හවසම  මට උණ හදුනා...!   


5 Dec 2011

කුකුළා උඹට නිවන්සුව!!!...

   

       ගේ ජිවිතේ  3 වසරට වෙනකන් හරි  සුන්දරයි.ඒකට හේතුව මං පොඩි ළමයෙක් නිසාමත් අපේ පුංචි අපිත් එක්ක හිටියා නිසාත්,තව තව සිදුවීම් නිසා.  අම්ම ගහද්දි  අපිව බේර ගත්තේ, අපිත් එක්ක සෙල්ලම් කරේත් පුංචි .කාලෙකට පස්සේ එයා  මොකක්ද විභාගයක් පාස්  උන නිසා කොළොඹ  රස්සාවකට ගියා.ඊට පස්සේ මගේ ජිවිතේ "අදුරුයි, ගුප්තයි,හරියට ලෙනක් වගේ රයිට් " මං ඉස්කෝලේ ගිහින්  ගෙදර ආපු ගමන් ගෙදරමයි  ඉන්නේ.මට ගමේ යාලුවෝ නැහැ ගමේ හැමෝම ගමේ ඉස්කෝලෙට යද්දී  මං  ගියේ බයිසිකලෙන් ටිකක්  ගිහින් පාලමකින් එගොඩ වෙලා බස් එකෙනුත්  ගිහිල්ල බැහැල එතනින් පයින් ගිහාම තියෙන ඉස්කෝලෙකට. අපේ අම්මා මං හොඳ ඉස්කෝලෙකට දාන්න  ඇත්තේ මං ලොකු මිනිහෙක් කරන්න හිතාගෙන වෙන්න ඇති.එත් බැරි  උනා සමාවෙන්න අම්මේ .මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එන වෙලාවට ගමේ කොල්ලෝ කුරුට්ටෝ සෙල්ලම් කරනවා ගමේ ඉස්කෝලෙට ගියාම තියෙන වාසි ඒවා මොකද ඉක්මනින් ගෙදර එන්න පුළුවන් නේ  .මටත් සෙල්ලම් කරන්න ආසයි  උන් එක්ක එත්  උන් මාව ගණන් ගන්නේ නෑ. මාත් ගණු ළමය වගේ ගෙදරමයි හිටියේ.මගේ යාලුවෝ ඔක්කොම හිටියේ අනෙත් ගමේ ඉතින් පොඩි එකා නිසා කොහෙවත් යන්න දෙන්නෙත් නෑ .අක්කයි මමයි සෙල්ලම් ගෙවල් දානවා මං පොඩි එකා නිසා මට වුනේම අසාධාරන කම්. මට දෙන්නේ එක චරිතයි.අම්මගේ චරිතේ විතරයි තාත්තගේ චරිතේ,අල්ලපුගෙදර මාමගේ,නැන්දගේ,පොඩි බබාගේ,හැම චරිතයක්ම එයා තනියෙන් කරා.මං අම්මගේ චරිතේ කරන නිසා අක්ක මට එයාගේ ගවුන්  අන්දවල ඉන්න දෙන්නේ එය හරි කපටියි .උපතින් කොල්ලෙක් උනත් පහු කාලීනව ගෙදර කෙල්ලෙක් බවට මටත් නොදනිම පත් උනා
  


ඒ කලේ මගේ හැම යාලුවෙකුටම ගෙදර ඇති කරන්න බල්ලෙක්,පුසෙක් ගිරවෙක් ,මලු ටැංකියක් හෝ  මොනවා හරි දෙයක් තිබුන .ගෙදර හිටපු බල්ලත්  හඳුනා නොගත් රෝගයකින් මැරිලා ගොඩක් කල්. මේ  එකක්වත් මට තුබුණේ නෑ ගමේ යාලුවෝ සෙල්ලම් කරන ඒවා බලාගෙන ඉන්නවා මව එයාල ගන්නෙත් නෑ මන් වෙනත් ස්කොලෙකට යන නිසා.අම්ම මව යවන්නෙත් නේ මොකක් හරි හේතුවක් නිසා. 


ඉස්සර හැම දාම වගේ අපේ ගෙදරට එනවා "රාජ මාමා". රාජ මාමා කියන්නේ  අපේ තාත්තගේ හොඳ යාලුවෙක්.


"පිරිමි දෙන්නෙක් වෙලත්  මොනවාද  ඔච්චර කතා කරන්නේ හරියට ගැණු ඕපාදුප කතා කරනවා වගේ"


අපේ අම්මට ඒ දෙන්නගේ හිනාවෙවී කතා කරන එක දිහා  බලන් ඉන්න බැරි ඉරිසියාවෙන් ඇහුවා


"මොනවා කතා කරන්නද උතුරු නැගණහිර ප්‍රශ්නේ , ගාසා තිරයේ අර්බුදය.ජම්බු කාශ්මීර් යුද්දේ ඕව තමා කතා කරන්නේ"


ඒ රාජ මාමා අපේ අම්මගේ ප්‍රශ්නෙට දීපු උත්තරේ.ගොළුව කසාය බිවුවම මුණ හැඩ කරනවගේ හැඩයක් අපේ අම්මගේ මූණෙන් මං දැක්කා.එත් මොනවත් නොකිය හිටියේ අහපු මෝඩ කම කියල හිතුනු නිසා වෙන්න ඇති.
අපේ පුතා ඇති කරන්න  මොකෙක් හරි සතෙක් ඉල්ලනවා රාජ මල්ලි නැද්ද  දන්නා තැනක ගිරවෙක්? .මං අම්මගේ අගේ දැවටී දැවටී මාස  ගානක් අම්මගෙන් ඉල්ලපු දේ අම්මා  හොයල දෙන්න හදන්නේ.මං ආසාවෙන්  හිටියේ මලු ටැංකියකට එත් අම්මා ගිරවෙක් ගෙනල්ල දෙන්න හදන්නේ .මොකෙක්වත් නැති මට කාක්කෙක් වුනත් හොඳයි කියල මං හිතාගෙන හිටියේ. "හිරවෙක් නැහැ දන්නා තැනක ඉන්නවා ටිකක් දුබුරුයි ඇස්  රතු කුරුල්ලෙක්". මටත් හරි ආස  හිතුනා මොමක්ද මාමේ ඒ කුරුලගේ නම මට ඉවසුන් නැතුව පැනපු ගමන් ඇහුවා ආ ..මේ .. "ඇටිකුකුලෙක්" නේ.. හැමෝම කොක් හඬලා   හිනා වෙද්දී මන් ලජ්ජාවෙන් සෙරප්පු  දෙකක් වත් නැති මගේ කකුලේ මාපට ඇඟිල්ලෙන්  පොලොව හැරුවා ගැඩවිලෝ  මතුවෙනකන් .මට හරියට ලජ්ජා හිතුන එදානම්! . ඇයි  හොඳ නැද්ද ජම්බු කොට්ටෝරුවෙක්,මුගලන් බස්සෙක්,උන් හොඳ ලස්සන කුරුල්ලෝ තාත්ත හරි කුරිරු විදියට මට විහුලු කලා.  හරි අක්කේ මං බලන්නන් රාජ මාමා මගේ හිත හදන්න වෙන්න එති එහෙම කිව්වේ .මං සත්තු ඇතිකරන අදහස නැවැත්තුව.


දවස් තුන හසරකට පස්සේ ඉස්කෝලේ ඇරිලා ගෙදර  එන වෙලාවේ පුංචි කිවුව "ඔයාට අද තෑග්ගක් දෙනවා පුලුවන්නම් කියන්න!". මට අවුරුද්දට දෙසරයයි තෑගි ලැබෙන්නේ. ඒ සිංහල  අවුරුදටයි උපන්දිනේටයි ඉතින් අද ඒ දෙකම නෙවෙයි.ඉතින් මොකද මට දෙන තෑග්ග මං පොඩි ඒකා නිසා මට මොනවත් හිතා ගන්න බැරි උනා ."කුස්සියට ගිහෙල්ල බලන්න " පුංචි එයාගේ ලොකු ඇස් තවත් ලොකුකරගෙන එහෙම කිවුවම මං දුවල ගිහෙන් කුස්සියේ බැලුව.මට ඇතිකරන්න සතෙක් ගෙනල්ල වතුර තිබහට ගොන් තැඹිලි ගෙඩියක් ලැබුන වගේ සතුටක් මට ඇති උනේ.ඌ "කුකුලෙක්"  ලස්සන කුකුලෙක් දැන් මට ඉස්කෝලේ  ගිහෙන් රචනා ලියන්න පුළුවන් කුකුළා ගැන යාළුවන්ට කියන්න පුළුවන් කුකුළා ගැන දැන් මට හරි සතුටුයි.


මං ඉස්කෝලේ ඇරුන  ගමන් ගෙදර එන්නේ කුකුලත් එක්ක සෙල්ලම් කරන්න.කුකුලෙක් එක්ක මොනවද තියෙන සෙල්ලම් මගේ යාලුවෝ මට විහිළු කරා. මං කන වෙලාවේ කුකුළා මගේ ලගින්ම හිටියා මගේ පිගානෙන් වැටෙන මාත් ඇට අහුලන්  කන්න.කාලා  ඉවර වෙලා උබව වඩාගන්න මං වත්ත වටේම උබේ පස්සෙන් දියුවා එක දවසක්  දුවනගමන් වැටිලා තොල කැඩිලා  කෑම  කන්නත් බැරුව හිටියා මතකද?.  ගමේ කොල්ලෝ සෙල්ලම් කරන දිහා  මං බොඳ වුනු ඇස් දෙකින් බලන් ඉන්න එක නැවැත්තුවා අක්කත් එක්ක සෙල්ලම් ගෙවල් දාන ඒක  නැවැත්තුව අක්කගේ ගවුන් ඇදන් සලේ මැද නටපු එක නැවැත්තුව.මේ හැම දෙයක්ම උනේ උඹ නිසා කුකුලෝ.මං අයෙත් ගෙදර කොල්ලෝ  උනා. අපි කාලයක් හොඳම යාලුවෝ වගේ හිටියා. මගේ ඉස්කෝලේ  යාලුවෝ වගේ නෙවෙයි උඹ කවදාවත් මගේ වැරදි  ගුරුවරුන්ට කිවුවේ නෑ වාඩි වෙද්දී පුටුව පස්සට ඇදල මාව බිම වැට්ටුවේ නෑ. මං උඹට කතා කරපු ගමන් මගේ ලඟට ආවා ඒ මට තියෙන ලෙන්ගතු කමටද නැත්නම් මං දෙන බත් කන්නද කියලා මං කවදාවත්  උඹෙන් ඇහුවේ නෑ.උඹ හැම දාම හවස 6 වෙද්දී  රෑ නිදාගන්න දෙහි ගහට  නැගල නිදාගන්නවා.දවසක් හොරෙක් ඇවිල්ල  උඹව අරන් යන්න හදද්දී උබ කෑ ගැහුවා එදානම් මං හොඳටම බය උනා කුකුලෝ  උඹ මට නැතිවෙයි කියලා.ඊට පස්සේ  උගුඩුවන්ගෙන් අපේ  ගමේ ඉන්න කුකුල් හොරුන්ගෙන් උඹව පරිස්සම් කරන්න ඕන නිසා කුස්සියට දල රෑට දොර වහලා අපි නිදා ගත්තේ.ඒ කාලේ උඹ උදෙන්ම නැගිටලා හඬලන  නිසා මට නිදාගන්න බැරිවෙනකොට මට තරහ ගිහිපු දවසක   "මෝඩ කුකුළා" කියලා මං   බැන්නා ඒ කාලේ කුණුහරුප දන්නේ නෑ මං දැන් වගේ.මං උඹේ බිත්තර කන්න ආසාවෙන් හිටියේ මං හැම දාම තාත්තාගෙන් උඹේ බිත්තර කොහෙද කියල ඇහුවම උදේන් නැගිටින ළමයින්ට විතරයිලු උඹේ බිත්තර දෙන්නේ ඉතින් මං උදේන්ම නැගිටලා උඹ මිදුල පුරාම දාල තියෙන කුකුල් බෙටි පාග,පාග උඹේ පස්සේ ගියා, උඹ ලැගලා හිටපු තැන් අවුස්සලා බිත්තර හෙවුවා එත් කවදාවත් මට උඹේ බිත්තර කන්න ලැබුනේ නෑ.පස්සේ දවසක තාත්තා කියලා දුන්නා බිත්තර දාන්නේ කුකුලෝ නෙවෙයි  කිකිලියෝ කියල.එදයින් පස්සේ මං වෙනද වෙලාවටම නැගිට්ටා.


අපේ ගම වටේ වී පපුරපු දවස් වල උඹ ගෙදර හැමෝටම හොර කුඹුරුවලට  බැහැල හොරෙන් වී අහුලාගෙන කනවා අපේ කුඹුරට එහා කුඹුර අයිති  පීටර් මාමගේ විත් උඹ කැවා නේද?   ඒකට අපිට බැන්නා.මං එදා හවසම උඹ උදේන්ම යන නිසා රැ නිදාගන්න කලින්  කඹයකින් උබේ කකුල ගැට ගහල අනෙත් කෙලවර දෙහිගහ මුල  ගැට ගැහුවා හරක් බල්ලෝ විතරයි කඹවලින් ගැට ගහන්නේ එත් මං උඹවත් එහෙම ගැට ගැහුවා.ඒකට උඹ මාත් එක්ක තරහ උනාද.ඒක දවසක් උදේ බලද්දී කඹේ පැටලිලා තනිකකුලෙන් එල්ලී එල්ලී වටේට කරෙකෙනවා දැකල මං හොඳටම බය උනා.එදායින් පස්සේ උඹව ආයෙත් ගැට ගැහුවේ නැහැ නේ.උඹ හොරුන්ගෙන් පරිස්සම් කරන්න ඕන නිසා ගෙට ගන්න හරි අමාරු උනා.තාත්තා උබව අල්ලන එද්දී උඹ අමාරුවෙන් මිදුලේ තියෙන අලිගැටපේර  ගහට පියෙබුව නේ කුකුලෙක් පියඹනවා දැක්කේ ඉස්සෙල්ලම එදා.තාත්තා හරි අමාරුවෙන් පොල් වළල්ල කකුල් දෙකට දාගෙන ගහා දිගේ  බඩගාගෙන ගහට නැග්ගේ ඒක දිහා බලන් හිටපු අක්කයි මමයි ගෙට දුවල ගිහිල්ල  ඇඳේ තිබුණු මෙට්ටේ ගෙනල්ල ගහ මුලට  දැම්මේ තාත්තා වැටිලා තුවාල වෙයි කියන භයට.තාත්තා  උඹ හිටපු අත්තට එනවත් එක්ක උඹ එතන තිඹුණු අනෙත් ගහට පියාබුවා  ඉතින් තාත්තා අයෙමත් ඒ  ගහටත් අමාරුවෙන් නැග්ගා එදා කරුවල වැටෙනකන් ඒක දිගටම තාත්තා ගස් නැග්ගා.


මං උඹ  ලැගලා  හිටපු තැන් වල වැටිලා තුබුණු  උබේ ලස්සන පිහාටු එකතුකරා  ඒවා මං ඉස්කෝලේ ගිහිල්ල  කොල්ලන්ට විකුණුවා.මං උඹව    අල්ලගත්තම හැලෙන්න ඔන්න මෙන්න වගේ තිබුණු ඒවත් ගලවල ගත්ත. ඒ වෙලාවට උඹ වේදනාවෙන් කැගැහුවට මට ඒ කාලේ හිතුනේ නෑ රිදෙන නිසා කෑ  ගහන්නේ  කියලා උඹේ පෙඳේ තියෙන දිග පාට පාට පිහටුවට තමා කොල්ලෝ ගොඩක් ආස. මං ඒක රුපියල් දෙකකට සිංහල උගන්නන මිස්ගේ පුතාට විකුණුවා.මං ඒ සල්ලි වලින් පොහොසත් උනා.අම්මා උදේට අක්කටයි මටයි රුපියල රුපියල දෙන්නේ. අක්කා රුපියලේ අයිස් පැකට් කද්දී මං රුපියල් දෙකේ ඒවා කෑවේ.ඒ උඹ නිසා මං ඒවා කන දිහා අක්කා අඬ අඬ බලන් හිටියා.මං අනිත් කොල්ලොන්ට වඩා පොහොසත් කොල්ලෙක් උනා. ඉස්කෝලේ ඉතින් මට යාලුවෝ ගොඩක් හටිය මං උන්ට අරන් දෙන සත පනගේ හකුරු කෑල්ලට පෙරේත කමේ මං යන එන තැන් කොල්ලෝ මගේ පස්සෙන් ආවා ඒ උඹ නිසා කුකුලෝ.


ඔහොම ටික කාලයක් යද්දී මට තේරුණා කුණාටුවක ලකුණු පහල වෙනවා  අහස කළු උනා මහා විනාසයක් වගේ දැනුනා උඹ මට නැති වෙන්නයි හදන්නේ .දවසක් රාජ මාමා ආවා  උඹව ගෙනියන්න තාත්තත් එක්ක කතා කරන ගමන් අම්මට ඇහිලා තිබුන අද රැට  උඹව මරන්න හදන්නේ ඒ උඹේ අයිතිකාරයා. අම්මා උඹව කුස්සියේ පෙට්ටියක් අස්සේ හංගල උඹව බේර ගත්තා.එත් එක දවසයි.අනෙත් දවසේ උඹ අතටම අහු උනා.අනේ කුකුලෝ මට අඬනව ඇරෙන්න වෙන  කරන්න දෙයක් තිබුනේ නෑ.එත් උඹ අපිට අයිති නැහැ.අක්කගෙයි මගෙයි විලාපය මැද්දේ රාජ මාමායි උඹේ අයිතිකරයයි උඹව අරන් ගියා ගිනි වතුර බොනගමන් උඹේ රස බලන්න.මං ඊට පස්සේ අවුරුදු 15 කට පස්සේ කොළඹ රස්සාවට එනකන් කුකුළු මස් කෑවේ නෑ. හිත පිත් නැති මිනිස්සු උඹේ රස බැලුවට මට ඒ තිබුණු කේන්තියට මං උඹලගේ සන්වරේ උන්ගේ මස් වල රස බැලුවේ නෑ.


අන්තිමටම උඹේ   පෙඳෙන් ගලවගත්තු පිහාටුව විකුණලා ගත්තු සල්ලිවලින් රුපියල් දෙකේ අයිස්ක්‍රීම් ඒක කෑවේ සුමනේ මාමගේ කඩේ ඉස්සරහ තිබුණු කොට්ටම්බා ගහ දිහා බලාගෙන හරිම දුකෙන් .ඊට පස්සේ අක්කයි මාමායි දෙන්නම රුපියලේ පැකට් කෑවේ.


යාලුවෙක් නැති කලේ යාලුවෙක් උනේ මට උඹ


ගණු ළමයා වගේ ගෙදර ඉද්දි කොල්ලෙක් වගේ වත්තේ දුවන්න පනින්න ඉගන ගත්තේ උඹ නිසා කුකුලෝ
ඉස්කෝලේ පොහොසත් කොල්ලෙක් උනේ උඹ  නිසා


හකුරු වලට පෙරේත කොල්ලොන්ගේ විරය උනේ මං.මගේ පස්සෙන් උන් එද්දී මං ඉස්සරහින් ගියේ වීරයෙක් වගේ


උඹ නැතිවෙලා ටික දවසකින් හිටපු කොල්ලෝ එකා දෙන්න මාව දාල ගියා.
මේ හැම දෙයක්ම ලැබුනේ උඹ නිසා උඹ ඒ කරපු පිනෙන් උඹ කුකුල් ආත්මෙන් මිදිලා  මනුස්ස ආත්මයක් ලබන්න ඇතයි කියලා ඒ කාලෙම මගේ පුංචි මොලේට හිතුනා




කුකුළා උඹට නිවන්සුව!!!...









1 Dec 2011

රට ගිය ඇත්තෝ..

                                                                       




මේ කතාව මට ඊ තැපෑලෙන් ආපු එකක් ගොඩක් අය කියවලත් ඇති එත් මේක කියවපු නැති හැමෝටම .. මේ ලිපියේ අයිතිය මුල්  රචකයා නිහාල් ගුරුසුංහ.

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටමතේරෙන්නෙ නැහැ.අපි මෙහෙම පටන් ගමු.මම සිංහ සමාජයේසාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා.ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසුආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට්උනා. දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහුයනවා.මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක.ගෑස් ස්ටේෂන් කියන්නේ පැට්‍රල් ෂෙඩ්.පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පුදෙකක් දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ටයි එකකුත් දාන්නඕන.මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනයපදවන්නාමයි. පොම්ප 10 ක් 12 ක් විතරතියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස් ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල්ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි.ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත්පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණනමිනි මාකට් එකකුත් තියෙනවා.මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්.වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදීසංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක් අරින්නවත්, වාහනයක් එළවන්නවත් බැහැ.

not authorized to work කියල පාස්පෝට් එකේ ගහල තියෙනවා.
නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට්තමයි.ඇමරිකන් ඉංග්‍රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ“ඇ” කාරය වැඩි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් –ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවාකස්ටමස්ලට යන්න වැසිකිළියක්. ඒවාටකියන්නේ “රෙස්ට් රූම් ” නැත්නම් “වොෂ් රූම්”කියලා.ඇමරිකාව කියන්නේ ගෙදරට මරගාතෙ-ලෝකෙට පරකාසෙ කරන රටක්. මෙහේ තරම්හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්.මුන්ට කියන්නේ “හෝම්ලස් පීපල්” කියල. “බෙගර්ස් ” කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ.අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මානතියෙනව ඉංග්‍රීසි භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මාකියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේමටද නොතේරෙයි.ඒ නිසාම මට දී තිබුනේ කස්ටමර්ලා අඩු රෑ සේවාමුරයයි.දිනක් එක් හෝම්ලස් මිනිහෙක් ඇතුළට ඇවිත් 


” may I use your rest room ” කියල මගෙන්ඇහුවා.
“rest room only for customers” කියලා මමමිනිහව එළවා ගත්තා.


 මගෙ තාත්තගේ වයසේමිනිහෙක්. මට පස්සෙ දුක හිතුනා. උගෙ මූනඅමුතුයි. හමේ පාට සුදුත් නෙවෙයි.. කලුත්නෙවෙයි. ඇස් දෙක පැහැදිලියි. බැල්ම තියුණුයි.පසුවදා සුපුරුදු රෑ ෂිෆ්ට් එක නිම වෙලා මමපයින්ම මගේ නවාතැනට ගාටමින් හිටියා. වෙලාවඋදේ 7.30 ට විතර ඇති. පාර අයිනෙ බංකුවක්උඩ හෝම්ලස් මිනිහෙක් ඉඳගෙන හිටියා. මිනිහාමොනවද තාලෙට කියනව මට ඇහුනා.
” ඩූව් ඩීමට් කාරෙ බෙන්ඩා…” ටිකක් පුරුදු හඬක්.ඒ අර මම එළව ගත් මිනිහා. මම මිනිහට කිට්ටුකළා.


හලෝ.. are you singing ?මිනිහ පැහැදිලි ඉංග්‍රීසියෙන් ” cold….can you buy me a coffee ? මිනිහගේ කකුල් දෙකම වනවෙලා. ඒවාට දැමූ දම් පාට බෙහෙතට උඩින් සාරෙගලමින් තිබුණා. මම වහාම කෝපි එකක් අරන් දී,
” are you sick?”
“I am having cold and fever”මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල්පෙති වගයක් තිබුණා. ඉන් දෙකක් මම මිනිහට දුන්නා.


” Panadol ? are you sri lankan ?”
” my god ! are you sri lankan too ?දිග සුසුමක් හෙලූ එයා මොනවදෝ කියන්නලෑස්ති උනා.


මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමුකියල , රෑ ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර්කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනටගියා.රෑ නිදි වරා සිටියත් උදේ සිදුවූ දේ නිසා මට නින්දගියේ නැහැ.කොහොමටත් රෑ නින්ද වගේ නෙවේ දවල්ට නිදාගන්න එක.ඊට පස්සෙ දින කීපයක් යන තුරු මම මිනිහවදැක්කෙ නෑ.එදත් සුපුරුදු පරිදි මගේ රෑ ෂිෆ්ට් එක. හදිසියේම ”අරයා” ආවා. රෑ 12.30 ට විතර. ඇතුලට නෑවිත්වීදුරු ජනේලෙන් මා දිහා ඔරවා ගෙන හිටියා.ඔහුගේ රැවුල , කොන්ඩේ දිගටම වැවිලා තිබුනා.වැඩි හරියක් සුදු කෙස්.ඒ වෙලාවේ කස්ටමර්ලා අඩුයි. මම කෝපිඑකකුත් හදාගෙන මිනිහ ළඟට ගියා.


” Are you speaking Sinhala ?” මිනිහාමගෙන් අහනව.
” මම හිතුවේ  මහත්තයා ඉන්දියන් හරිමෙක්සිකන් හරි කියල. ලංකාවෙ කොහේද ?”මටයි මිනිහගේ විස්තර දැන ගන්න ඕන. මිනිහ මංගැන අහනව.මෙතන ඉඳල ලියන්නම් ඔහු මට කී කතාව.මගේ නම සිරිල් සපරමාදු. මගේ වයිෆ් පද්මිනී. අපි හෝමාගම.ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන්කීදෙනාටද  මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක. දැනට අවුරුදු 25කට ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලිකනිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි    ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා. ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක් අපේ ගෙදරලිප පත්තු උනේ නෑ මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා. අපිට ළමයි තුන්දෙනයි. වැඩිමළා පුතා ඊළඟට දූලා දෙන්නා. අපිමෙහේ එනකොට පුතාට 7 යි. දූලට 6 යි, 5 යි. අපි තිබ්බ සේරම සේසත විකුණලයි ආවෙ.මාත් ඔයා වගේ ගැස් ස්ටේෂන් එකක වැඩ කළා.වයිෆ්ට මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපිදෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්නඅමාරු නිසා මම ජොබ් දෙකක් කළා. ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම නිතරනිතර ලෙඩ වුනා.විවිධ හැල හැප්පීම් මැද කාලය ගෙවී ගියා.පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙනෑ. දූල දෙන්නම ” මාස්ටර්ස්” දක්වා ඉගෙනගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක විවාහ උනා.ඒව නිකම් ” නමට විවාහ” ලාස් වේගාස් වලතියෙනව ” drive through ” කසාද බඳින්නතැනක්. ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියාපදිංචියට.ඉන්න තැනක අපි කාටවත් කීවෙ නැහැ.පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරලමෝටර් රත හදන කොම්පැනියකට බැඳුනා.මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි උනා. ඉතිරියක් , අනාගතයක් ගැනහිතුවෙ නැහැ.පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා එයාලගෙ ගෙදරට. අපි එහේ හිටියේ ආගන්තුකයෝ වගේ. මගෙ වයිෆ්ට නම් වැඩතිබුනා. ඒ මිනිපිරී – නිකෝල් – බලා ගන්න එක.කෙලීට තිබුනේ නිල් පාට ඇස් දෙකක්. සුදු පාටහමක්. කොන්ඩෙ නම් කලු පාටයි. ටිකක් මගෙවයිෆ් පද්මිනිත් වගෙයි. සමහර දාට නිකෝල් මගෙ උනුහුමට තුරුල් වෙලා නිදා ගත්තා. මම ඇගේ හිස පිරි මැද්දා. ඈ ඊට ආසා කළා. මම ඈට” කිරි සුදු හාවා” ඉගැන්නුවා.


දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනවමගෙ දුවගෙන් what the hell that old man doing here කියල.


Don’t talk like that. He is may dad. ඒ මගෙදුව.
But this is my house– ඒ බෑණා.
OK I will ask them to leave. You can hire a baby sitter for 600 dollars for a week.මම එදා හිතා ගත්තා මම තව දුරටත් මෙහේහිටියොත් ඒක මෙයාලගෙ පවුල් ජීවිතයට බාධාවක් කියල.
” පද්මිනි… මම යනව පුතා ළඟට. ඔයාට මෙහේකරදරයක් නැහැනෙ.”අපි දෙන්නා බැන්දට පස්සෙ කවදාවත් වෙන්වෙලා ඉඳල නෑ. එයා කඳුලු පුරවා ගෙන මා දිහාබලා ගෙන ඊට කැමැත්ත දුන්නා.
” මතක් කරල බෙහෙත් ටික අරගෙන යන්න”පුතා ජීවත්වුනෙ single bed room අපාර්ට්මන්ට්එකක. මිනිහ මාව සතුටෙන් පිළිගත්ත. ඒත් වැඩිවිස්තර ඇහුවෙ නෑ. ඒ එයාගෙ හැටි.මම ගිය ගමන්ම කළේ ගේ අස් කරන එක. පුතාකැම බීම කරල තියෙන්නෙ පිටින්.
” තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර්බෝතලයක් කටේ තියාගෙන බොන ගමන්මගෙන් ඇහුව. මම මගේ තාත්ත ඉස්සරහ වාඩිවෙලාවත් නැහැ.මම මටම සාප කර ගත්ත. දුර දිග නොබලා ගත්තුතීරණ නිසා අද අපේ පවුල සී සී කඩ. දරුවන් දෙමාපියන් අතර සම්බන්දයක් නැහැ. දරුවො හිත්පිත් නැති මැෂින් වගේ. රොබෝල වගේ.මම මාකට් එකට ගිහින් පුංචි රයිස් කුකර් එකක්,තේ හදන්න අවශ්‍ය කරන දේ සහ තවත් දේ ගෙනාවා.


” පුතා මීට පස්සෙ පිටින් කෑම කන්න එපා. අදඉඳල මම උයනව”


“ඉතින් කොහොමද මේ තත්ත්වෙට වැටුනේ ?”මම එයාගෙ කතාවට බාධා කලා.


” අනේ මහත්තයෝ, මං ගැන කාටවත්කියන්න එපා. ඒක අපේ රටට කරන අගෞරවයක්.”පුතා මගෙත් එක්ක මුලින් හොඳට කතා බහ කළා.පස්සෙ පස්සෙ අහන දේට විතරක් උත්තර දුන්න.සුමානයක් දෙකක් යනකොට මට එයා ගෙවෙනසක් තේරුනා. මිනිහ මාව නොරුස්සනගතියක් මට දැනුන.එදා ජූනි 15. පුතාගෙ උපන් දිනෙ. මම උදේම නැගිටල කිරිබත් ඉව්වා. පුතා කිරිබත් කන්න හරිආසයි.
” පුතා අද කලින් ගෙදර එන්න. මම ඩිනර් ලෑස්තිකරනව.”මට හොඳට උයන්න පුලුවන්. මම කහ බතක් උයල චිකන් උයල, පරිප්පු වේලෙන්න උයල,ලූනු සම්බෝලයකුත් හැදුව. පුතා ආවෙ නැහැ. මමරෑ 11 වෙන තුරු බලා ඉඳල තනියම කෑම කෑවා.තව ටිකක් බලා හිටියා. මට දන්නෙම නැතිව ඉඳගෙන හිටි පුටුවෙම නින්ද ගියා. පුතා තවකට්ටියක් එක්ක එනකොට පාන්දර 3.00 ට විතරඇති. සේරටම හොඳටම වෙරි.උන් ළඟ වස ගඳයි. මරිජුවානද මොනවද ගහල.සාලෙ ලයිට් පත්තු උනා. එකෙක් අහනව


 “Who the fuck is this ?” කියල.
“Are you living with your dad ?” ඒ තවඑකෙක්.


මම දවසක් පුතාගෙන් ඇහුව ” පුතාට මම ඉන්නඑක කරදරයක්ද ?” කියල.
” කරදරයක් නම් නෑ. ඒත් යාලුවෙක් වත් ගෙන්නගන්න විදිහක් නෑ. “I too have a life තාත්තෙ”මට දැනුන ලොකු විනාශයක් අත ළඟ කියල. මම දවස් කීපයක්ම පොඩි දුවටත්, පද්මිනීටත් කෝල් කරන්න උත්සාහ කළා. එයාලගෙ ෆෝන් එකඩිස්කනෙක්ට් කරල. එයාල වෙන කොහාටදගිහිල්ල.පුතා හදිසියෙම එයාගෙ කාර් එක වික්කා.
” තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට .ට්‍රේනින් එකකට. සති දෙකකට.”එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙමඅරගෙන පිටත් උනා.එදා ඉරිදා දවසක්. මම ටිකක් දවල් වෙන තුරු නිදාගත්ත. කවුදෝ දොරට ගහනව. මම ගිහින් බැලුව.නෝටන් ලෝපෙස්- අපාට්මන්ට් මැනේජර්.


“Your son din’t pay rent. You have to pay or leave the apartment”
” Can’t you wait? He will be back in two weeks”
” No he is not coming back. He moved to NewYork”මගේ පුතා අභිනිෂ්ක්‍රමණය කරලා.


පුතා ඉපදුනේ ජයවර්ධනපුර රෝහලේ. මටපනිවිඩේ ලැබෙන කොට හවස 3.00 ට විතර ඇති.සීසර් සැත්කම නිසා පද්මිනීට සිහිය ඇවිත් තිබුනේනැහ. පුතා කොට් එකේ හිටියා. අඬ අඬා. මමඇඟිල්ලෙන් එයාගෙ ලපටි ලා රෝසපාට කම්මුල්ස්පර්ශ කළා. ඇඬිල්ල නැවතුනා. ළඟ ඇඳක හිටි ගැහැණියක් ” දැක්කද තාත්ත අඳුර ගත්තු හැටිකීවා. මට අද වගේ මතකයි.සපරමාදුගෙ කතාව ඇහුවට පස්සෙ මෙතෙක් කල්ජීවිතය ගැන තිබූ ආසාවන් සේරම වෙනස් වුනාවගේ කියල මට හිතුනාමම නවාතැනට ගියගමන්ම අම්මට කෝල් කළාමගෙ තාත්ත ජීවතුන් අතර නැහැෆෝන් එක ගත්තෙ අම්ම.මම “හලෝ” කිව්වම”  මගෙ පුතේ.. දැන් කාලබීලද ඉන්නෙදැන් ඔහේ වෙලාව කීයද?” කියල ඇහුවමට එක පාරටම ඇඬුම් යන්න ආවා.” ඇයිපුතාට සනීප නැද්ද?” අම්ම අහනව.” ඔය හිටියඇති පුතේ ඉක්මණට ආපහු එන්නෆෝන් කාඩ් එක ඩොලර් පහයිඒක ඉවරවෙනතුරුම මම අම්මත් එක්ක කතා කළාඒත් මගේහිතේ ඇතිවුනු පීඩනය ඉවත් වුනේ නැහැ

.”ඇයි සපරමාදු අන්කල්ට පංසලට යන්නතිබුණනේ?” බුද්ධාගමේ නේද ?ඔය සිංහළ ඇසෝසේෂන් එකට එහෙම ගියෙනැද්ද?”ඒව තියෙන්නෙත් ලොකු මිනිස්සුන්ට විතරයි.ඒවයින් කෙරෙන්නේ බාස්කට් බෝල් ටූනමන්ට්/ඩිනර් ඩාන්ස් වගේ ඒව කරන එක විතරයි.හැමදාම ජොබ් දෙකක් කරල මම ගෙදර එන්නේකොයි වෙලාවෙද ඇඳට වැටෙන්නෙ කියල බලාගෙන. ඒ නිසා මට යාලුවෙක් ආශ්‍රයකරන්නවත්, පංසලකට පල්ලියකට යන්නවත්බැරි වුනා. මගේ හිතේ තිබූ හීන මාණය නිසා ලංකාවෙ මිනිස්සු ගැවසෙන තැන් වලට නොයාඉන්න මම පුරුදු උනා.මම කීප වතාවක්ම ලංකාරාමයට ගිහින් තියෙනව.ඒ කඨින දවස් වල. කටට රහට කාල එන්න. මට ජිනානන්ද හාමුදුරුවන්ට මූන දෙන්න බෑ.මගෙත් එක්ක වැඩ කරන උන් මම නිතරම හෝම්ලස් මෑන් කෙනෙක් එක්ක කතා කරනවනෝට් කරල. උන් කියන්නේ ඒ මගෙ ඩෑඩ් කියල.මගේ තත්වයත්, සපරමාදුගෙ තත්වය වගේම බරපතල එකක්. “මටත් වඩා අබලන් මගෙ හැරමිටිය” කිව්ව වගේ අනේ අපොයි කියල හිතහදා ගන්නව ඇරෙන්න මට වෙන කරන්න දෙයක්තිබුනේ නැහැ . ඉඳල හිටල මම කීයක් හරිසපරමාදුට දුන්න.



” ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බවෙනව නේද?”මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන්මට ඉන්න තැනක් නෑ. ඇඩ්‍රස් එකක් නෑ.මට හිඟමන් ලැබෙන්නෙ කලාතුරකින්. උන්හිඟමන් දෙන්නෙත් පාට බලල.
” දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙල?”දැනට අවුරුදු 5 කට වඩා .. සමර් එකට නම්ගානක් නැහැ. වැටිච්ච තැන නින්ද යනව. වින්ටර්එකට අපි ගිහින් දානව කෑම්ප් එකකට.
” ඉතිං අංකල් ගෙ වයිෆ් දැක්කෙ නැද්ද ඊටපස්සෙ?”ඇයි නැත්තෙ ?දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා.මං දැක්ක හැඩ රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒපද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.මම ඒ වෙනකොටත් හොඳටම ජරා ජීර්ණ වෙලා.මම එයා ළඟට ගියා. එයා ඇස් උඩ තියා ගත්තා.


” ඔයාට මොකද මේ උනේ?” මම ඔයා හැමතැනම හෙව්වා”
” පුතා මාව දාල ගියා.. ඔයා දැන් කොහේදඉන්නේ?”
“පොඩි දුවලත් වෙන කොහාටද ගියා. මංහිතන්නෙ ෆ්ලොරිඩා වලට… බේබි සිටින් කරලපළපුරුද්ද තියෙනව කියල මට සහතිකයක් දීලගියා.. මම දැන් ගෙදරක බබෙක් බලාගන්නවා..ඔයා කොහේද ඉන්නේ ?”
” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවටෆ්‍රී වේ එක යට තමයි නිදා ගන්නෙ”
” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔයතුවාල වලට බෙහෙත් දාගන්න”ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබලවෙන්නෙ පද්මිනී. මාව බලෙන්ම දොස්තරගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි.හැමදේම වෙනස් වෙලා.
” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”මගේ පපුව හෝස් ගා ගෙන ගියා. හැමෝම වෙන්වෙලා යනව. අපි ආයෙ කවදා හමුවෙයිද ?දවසක් මං හම්බ වෙන්න රෑ 12.30 ට විතර සපරමාදු ආව. එයා මට දුන්න පොලිතින් වලින්ඔතාපු පාර්සලයක්
”  මහත්තයා මට පොඩි උදව්වක් කරන්න.මේ අපේ ෆොටෝ ඇල්බම් එක. ඔයාට පද්මිනී අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔය ඇල්බම් එක එයාට දෙන්න. ඕක ඇතුලේ සල්ලි වගයක් ඇති . ඒකත් එයාට දෙන්න.”ඔයා ආපහු ලංකාවට යනව කිව්වා නේද ?යන්න…… මේක හොඳ රටක් නෙවි.”සපරමාදු එදා නම් කතා කලේ සිහි විකලෙන්වගේ.
‘ඔයාට මගෙ වයිෆ් හම්බ උනේ නැත්නම් ඔය සල්ලි වලින් මහත්තයගෙ අම්මට මොනව හරිඅරන් යන්න..”පහුවදා පාන්දර මට කස්ටමර් කෙනෙක් ඇවිත් කිව්ව ට්‍රෑෂ් බින් එක ළඟ හෝම්ලස් මිනිහෙක් වැටිල ඉන්නවා කියල. මම විගහට ගිහින් බැලුව.ඒ සපරමාදු. මම 911 කෝල් කළා.ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක ආව. මමවීදුරු කවුලුවෙන් බලා හිටියා.සුදු රෙද්දකින් වහපු සපරමාදුගෙ සිරුර ඇම්බියුලන්ස් එකෙන් කොහාටද අරන් ගියා.සපරමාදු මැරිලා.



"උපන් බිමට කිසිදා ගරාගන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිද ලන්න එපා

ගස සිදුව මිස පැල ගලවන්න එපා
Related Posts Plugin for WordPress, Blogger...