1 Dec 2011

රට ගිය ඇත්තෝ..

                                                                       




මේ කතාව මට ඊ තැපෑලෙන් ආපු එකක් ගොඩක් අය කියවලත් ඇති එත් මේක කියවපු නැති හැමෝටම .. මේ ලිපියේ අයිතිය මුල්  රචකයා නිහාල් ගුරුසුංහ.

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටමතේරෙන්නෙ නැහැ.අපි මෙහෙම පටන් ගමු.මම සිංහ සමාජයේසාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා.ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසුආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට්උනා. දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහුයනවා.මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක.ගෑස් ස්ටේෂන් කියන්නේ පැට්‍රල් ෂෙඩ්.පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පුදෙකක් දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ටයි එකකුත් දාන්නඕන.මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනයපදවන්නාමයි. පොම්ප 10 ක් 12 ක් විතරතියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස් ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල්ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි.ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත්පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණනමිනි මාකට් එකකුත් තියෙනවා.මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්.වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදීසංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක් අරින්නවත්, වාහනයක් එළවන්නවත් බැහැ.

not authorized to work කියල පාස්පෝට් එකේ ගහල තියෙනවා.
නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට්තමයි.ඇමරිකන් ඉංග්‍රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ“ඇ” කාරය වැඩි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් –ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවාකස්ටමස්ලට යන්න වැසිකිළියක්. ඒවාටකියන්නේ “රෙස්ට් රූම් ” නැත්නම් “වොෂ් රූම්”කියලා.ඇමරිකාව කියන්නේ ගෙදරට මරගාතෙ-ලෝකෙට පරකාසෙ කරන රටක්. මෙහේ තරම්හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්.මුන්ට කියන්නේ “හෝම්ලස් පීපල්” කියල. “බෙගර්ස් ” කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ.අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මානතියෙනව ඉංග්‍රීසි භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මාකියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේමටද නොතේරෙයි.ඒ නිසාම මට දී තිබුනේ කස්ටමර්ලා අඩු රෑ සේවාමුරයයි.දිනක් එක් හෝම්ලස් මිනිහෙක් ඇතුළට ඇවිත් 


” may I use your rest room ” කියල මගෙන්ඇහුවා.
“rest room only for customers” කියලා මමමිනිහව එළවා ගත්තා.


 මගෙ තාත්තගේ වයසේමිනිහෙක්. මට පස්සෙ දුක හිතුනා. උගෙ මූනඅමුතුයි. හමේ පාට සුදුත් නෙවෙයි.. කලුත්නෙවෙයි. ඇස් දෙක පැහැදිලියි. බැල්ම තියුණුයි.පසුවදා සුපුරුදු රෑ ෂිෆ්ට් එක නිම වෙලා මමපයින්ම මගේ නවාතැනට ගාටමින් හිටියා. වෙලාවඋදේ 7.30 ට විතර ඇති. පාර අයිනෙ බංකුවක්උඩ හෝම්ලස් මිනිහෙක් ඉඳගෙන හිටියා. මිනිහාමොනවද තාලෙට කියනව මට ඇහුනා.
” ඩූව් ඩීමට් කාරෙ බෙන්ඩා…” ටිකක් පුරුදු හඬක්.ඒ අර මම එළව ගත් මිනිහා. මම මිනිහට කිට්ටුකළා.


හලෝ.. are you singing ?මිනිහ පැහැදිලි ඉංග්‍රීසියෙන් ” cold….can you buy me a coffee ? මිනිහගේ කකුල් දෙකම වනවෙලා. ඒවාට දැමූ දම් පාට බෙහෙතට උඩින් සාරෙගලමින් තිබුණා. මම වහාම කෝපි එකක් අරන් දී,
” are you sick?”
“I am having cold and fever”මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල්පෙති වගයක් තිබුණා. ඉන් දෙකක් මම මිනිහට දුන්නා.


” Panadol ? are you sri lankan ?”
” my god ! are you sri lankan too ?දිග සුසුමක් හෙලූ එයා මොනවදෝ කියන්නලෑස්ති උනා.


මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමුකියල , රෑ ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර්කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනටගියා.රෑ නිදි වරා සිටියත් උදේ සිදුවූ දේ නිසා මට නින්දගියේ නැහැ.කොහොමටත් රෑ නින්ද වගේ නෙවේ දවල්ට නිදාගන්න එක.ඊට පස්සෙ දින කීපයක් යන තුරු මම මිනිහවදැක්කෙ නෑ.එදත් සුපුරුදු පරිදි මගේ රෑ ෂිෆ්ට් එක. හදිසියේම ”අරයා” ආවා. රෑ 12.30 ට විතර. ඇතුලට නෑවිත්වීදුරු ජනේලෙන් මා දිහා ඔරවා ගෙන හිටියා.ඔහුගේ රැවුල , කොන්ඩේ දිගටම වැවිලා තිබුනා.වැඩි හරියක් සුදු කෙස්.ඒ වෙලාවේ කස්ටමර්ලා අඩුයි. මම කෝපිඑකකුත් හදාගෙන මිනිහ ළඟට ගියා.


” Are you speaking Sinhala ?” මිනිහාමගෙන් අහනව.
” මම හිතුවේ  මහත්තයා ඉන්දියන් හරිමෙක්සිකන් හරි කියල. ලංකාවෙ කොහේද ?”මටයි මිනිහගේ විස්තර දැන ගන්න ඕන. මිනිහ මංගැන අහනව.මෙතන ඉඳල ලියන්නම් ඔහු මට කී කතාව.මගේ නම සිරිල් සපරමාදු. මගේ වයිෆ් පද්මිනී. අපි හෝමාගම.ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන්කීදෙනාටද  මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක. දැනට අවුරුදු 25කට ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලිකනිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි    ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා. ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක් අපේ ගෙදරලිප පත්තු උනේ නෑ මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා. අපිට ළමයි තුන්දෙනයි. වැඩිමළා පුතා ඊළඟට දූලා දෙන්නා. අපිමෙහේ එනකොට පුතාට 7 යි. දූලට 6 යි, 5 යි. අපි තිබ්බ සේරම සේසත විකුණලයි ආවෙ.මාත් ඔයා වගේ ගැස් ස්ටේෂන් එකක වැඩ කළා.වයිෆ්ට මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපිදෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්නඅමාරු නිසා මම ජොබ් දෙකක් කළා. ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම නිතරනිතර ලෙඩ වුනා.විවිධ හැල හැප්පීම් මැද කාලය ගෙවී ගියා.පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙනෑ. දූල දෙන්නම ” මාස්ටර්ස්” දක්වා ඉගෙනගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක විවාහ උනා.ඒව නිකම් ” නමට විවාහ” ලාස් වේගාස් වලතියෙනව ” drive through ” කසාද බඳින්නතැනක්. ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියාපදිංචියට.ඉන්න තැනක අපි කාටවත් කීවෙ නැහැ.පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරලමෝටර් රත හදන කොම්පැනියකට බැඳුනා.මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි උනා. ඉතිරියක් , අනාගතයක් ගැනහිතුවෙ නැහැ.පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා එයාලගෙ ගෙදරට. අපි එහේ හිටියේ ආගන්තුකයෝ වගේ. මගෙ වයිෆ්ට නම් වැඩතිබුනා. ඒ මිනිපිරී – නිකෝල් – බලා ගන්න එක.කෙලීට තිබුනේ නිල් පාට ඇස් දෙකක්. සුදු පාටහමක්. කොන්ඩෙ නම් කලු පාටයි. ටිකක් මගෙවයිෆ් පද්මිනිත් වගෙයි. සමහර දාට නිකෝල් මගෙ උනුහුමට තුරුල් වෙලා නිදා ගත්තා. මම ඇගේ හිස පිරි මැද්දා. ඈ ඊට ආසා කළා. මම ඈට” කිරි සුදු හාවා” ඉගැන්නුවා.


දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනවමගෙ දුවගෙන් what the hell that old man doing here කියල.


Don’t talk like that. He is may dad. ඒ මගෙදුව.
But this is my house– ඒ බෑණා.
OK I will ask them to leave. You can hire a baby sitter for 600 dollars for a week.මම එදා හිතා ගත්තා මම තව දුරටත් මෙහේහිටියොත් ඒක මෙයාලගෙ පවුල් ජීවිතයට බාධාවක් කියල.
” පද්මිනි… මම යනව පුතා ළඟට. ඔයාට මෙහේකරදරයක් නැහැනෙ.”අපි දෙන්නා බැන්දට පස්සෙ කවදාවත් වෙන්වෙලා ඉඳල නෑ. එයා කඳුලු පුරවා ගෙන මා දිහාබලා ගෙන ඊට කැමැත්ත දුන්නා.
” මතක් කරල බෙහෙත් ටික අරගෙන යන්න”පුතා ජීවත්වුනෙ single bed room අපාර්ට්මන්ට්එකක. මිනිහ මාව සතුටෙන් පිළිගත්ත. ඒත් වැඩිවිස්තර ඇහුවෙ නෑ. ඒ එයාගෙ හැටි.මම ගිය ගමන්ම කළේ ගේ අස් කරන එක. පුතාකැම බීම කරල තියෙන්නෙ පිටින්.
” තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර්බෝතලයක් කටේ තියාගෙන බොන ගමන්මගෙන් ඇහුව. මම මගේ තාත්ත ඉස්සරහ වාඩිවෙලාවත් නැහැ.මම මටම සාප කර ගත්ත. දුර දිග නොබලා ගත්තුතීරණ නිසා අද අපේ පවුල සී සී කඩ. දරුවන් දෙමාපියන් අතර සම්බන්දයක් නැහැ. දරුවො හිත්පිත් නැති මැෂින් වගේ. රොබෝල වගේ.මම මාකට් එකට ගිහින් පුංචි රයිස් කුකර් එකක්,තේ හදන්න අවශ්‍ය කරන දේ සහ තවත් දේ ගෙනාවා.


” පුතා මීට පස්සෙ පිටින් කෑම කන්න එපා. අදඉඳල මම උයනව”


“ඉතින් කොහොමද මේ තත්ත්වෙට වැටුනේ ?”මම එයාගෙ කතාවට බාධා කලා.


” අනේ මහත්තයෝ, මං ගැන කාටවත්කියන්න එපා. ඒක අපේ රටට කරන අගෞරවයක්.”පුතා මගෙත් එක්ක මුලින් හොඳට කතා බහ කළා.පස්සෙ පස්සෙ අහන දේට විතරක් උත්තර දුන්න.සුමානයක් දෙකක් යනකොට මට එයා ගෙවෙනසක් තේරුනා. මිනිහ මාව නොරුස්සනගතියක් මට දැනුන.එදා ජූනි 15. පුතාගෙ උපන් දිනෙ. මම උදේම නැගිටල කිරිබත් ඉව්වා. පුතා කිරිබත් කන්න හරිආසයි.
” පුතා අද කලින් ගෙදර එන්න. මම ඩිනර් ලෑස්තිකරනව.”මට හොඳට උයන්න පුලුවන්. මම කහ බතක් උයල චිකන් උයල, පරිප්පු වේලෙන්න උයල,ලූනු සම්බෝලයකුත් හැදුව. පුතා ආවෙ නැහැ. මමරෑ 11 වෙන තුරු බලා ඉඳල තනියම කෑම කෑවා.තව ටිකක් බලා හිටියා. මට දන්නෙම නැතිව ඉඳගෙන හිටි පුටුවෙම නින්ද ගියා. පුතා තවකට්ටියක් එක්ක එනකොට පාන්දර 3.00 ට විතරඇති. සේරටම හොඳටම වෙරි.උන් ළඟ වස ගඳයි. මරිජුවානද මොනවද ගහල.සාලෙ ලයිට් පත්තු උනා. එකෙක් අහනව


 “Who the fuck is this ?” කියල.
“Are you living with your dad ?” ඒ තවඑකෙක්.


මම දවසක් පුතාගෙන් ඇහුව ” පුතාට මම ඉන්නඑක කරදරයක්ද ?” කියල.
” කරදරයක් නම් නෑ. ඒත් යාලුවෙක් වත් ගෙන්නගන්න විදිහක් නෑ. “I too have a life තාත්තෙ”මට දැනුන ලොකු විනාශයක් අත ළඟ කියල. මම දවස් කීපයක්ම පොඩි දුවටත්, පද්මිනීටත් කෝල් කරන්න උත්සාහ කළා. එයාලගෙ ෆෝන් එකඩිස්කනෙක්ට් කරල. එයාල වෙන කොහාටදගිහිල්ල.පුතා හදිසියෙම එයාගෙ කාර් එක වික්කා.
” තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට .ට්‍රේනින් එකකට. සති දෙකකට.”එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙමඅරගෙන පිටත් උනා.එදා ඉරිදා දවසක්. මම ටිකක් දවල් වෙන තුරු නිදාගත්ත. කවුදෝ දොරට ගහනව. මම ගිහින් බැලුව.නෝටන් ලෝපෙස්- අපාට්මන්ට් මැනේජර්.


“Your son din’t pay rent. You have to pay or leave the apartment”
” Can’t you wait? He will be back in two weeks”
” No he is not coming back. He moved to NewYork”මගේ පුතා අභිනිෂ්ක්‍රමණය කරලා.


පුතා ඉපදුනේ ජයවර්ධනපුර රෝහලේ. මටපනිවිඩේ ලැබෙන කොට හවස 3.00 ට විතර ඇති.සීසර් සැත්කම නිසා පද්මිනීට සිහිය ඇවිත් තිබුනේනැහ. පුතා කොට් එකේ හිටියා. අඬ අඬා. මමඇඟිල්ලෙන් එයාගෙ ලපටි ලා රෝසපාට කම්මුල්ස්පර්ශ කළා. ඇඬිල්ල නැවතුනා. ළඟ ඇඳක හිටි ගැහැණියක් ” දැක්කද තාත්ත අඳුර ගත්තු හැටිකීවා. මට අද වගේ මතකයි.සපරමාදුගෙ කතාව ඇහුවට පස්සෙ මෙතෙක් කල්ජීවිතය ගැන තිබූ ආසාවන් සේරම වෙනස් වුනාවගේ කියල මට හිතුනාමම නවාතැනට ගියගමන්ම අම්මට කෝල් කළාමගෙ තාත්ත ජීවතුන් අතර නැහැෆෝන් එක ගත්තෙ අම්ම.මම “හලෝ” කිව්වම”  මගෙ පුතේ.. දැන් කාලබීලද ඉන්නෙදැන් ඔහේ වෙලාව කීයද?” කියල ඇහුවමට එක පාරටම ඇඬුම් යන්න ආවා.” ඇයිපුතාට සනීප නැද්ද?” අම්ම අහනව.” ඔය හිටියඇති පුතේ ඉක්මණට ආපහු එන්නෆෝන් කාඩ් එක ඩොලර් පහයිඒක ඉවරවෙනතුරුම මම අම්මත් එක්ක කතා කළාඒත් මගේහිතේ ඇතිවුනු පීඩනය ඉවත් වුනේ නැහැ

.”ඇයි සපරමාදු අන්කල්ට පංසලට යන්නතිබුණනේ?” බුද්ධාගමේ නේද ?ඔය සිංහළ ඇසෝසේෂන් එකට එහෙම ගියෙනැද්ද?”ඒව තියෙන්නෙත් ලොකු මිනිස්සුන්ට විතරයි.ඒවයින් කෙරෙන්නේ බාස්කට් බෝල් ටූනමන්ට්/ඩිනර් ඩාන්ස් වගේ ඒව කරන එක විතරයි.හැමදාම ජොබ් දෙකක් කරල මම ගෙදර එන්නේකොයි වෙලාවෙද ඇඳට වැටෙන්නෙ කියල බලාගෙන. ඒ නිසා මට යාලුවෙක් ආශ්‍රයකරන්නවත්, පංසලකට පල්ලියකට යන්නවත්බැරි වුනා. මගේ හිතේ තිබූ හීන මාණය නිසා ලංකාවෙ මිනිස්සු ගැවසෙන තැන් වලට නොයාඉන්න මම පුරුදු උනා.මම කීප වතාවක්ම ලංකාරාමයට ගිහින් තියෙනව.ඒ කඨින දවස් වල. කටට රහට කාල එන්න. මට ජිනානන්ද හාමුදුරුවන්ට මූන දෙන්න බෑ.මගෙත් එක්ක වැඩ කරන උන් මම නිතරම හෝම්ලස් මෑන් කෙනෙක් එක්ක කතා කරනවනෝට් කරල. උන් කියන්නේ ඒ මගෙ ඩෑඩ් කියල.මගේ තත්වයත්, සපරමාදුගෙ තත්වය වගේම බරපතල එකක්. “මටත් වඩා අබලන් මගෙ හැරමිටිය” කිව්ව වගේ අනේ අපොයි කියල හිතහදා ගන්නව ඇරෙන්න මට වෙන කරන්න දෙයක්තිබුනේ නැහැ . ඉඳල හිටල මම කීයක් හරිසපරමාදුට දුන්න.



” ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බවෙනව නේද?”මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන්මට ඉන්න තැනක් නෑ. ඇඩ්‍රස් එකක් නෑ.මට හිඟමන් ලැබෙන්නෙ කලාතුරකින්. උන්හිඟමන් දෙන්නෙත් පාට බලල.
” දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙල?”දැනට අවුරුදු 5 කට වඩා .. සමර් එකට නම්ගානක් නැහැ. වැටිච්ච තැන නින්ද යනව. වින්ටර්එකට අපි ගිහින් දානව කෑම්ප් එකකට.
” ඉතිං අංකල් ගෙ වයිෆ් දැක්කෙ නැද්ද ඊටපස්සෙ?”ඇයි නැත්තෙ ?දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා.මං දැක්ක හැඩ රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒපද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.මම ඒ වෙනකොටත් හොඳටම ජරා ජීර්ණ වෙලා.මම එයා ළඟට ගියා. එයා ඇස් උඩ තියා ගත්තා.


” ඔයාට මොකද මේ උනේ?” මම ඔයා හැමතැනම හෙව්වා”
” පුතා මාව දාල ගියා.. ඔයා දැන් කොහේදඉන්නේ?”
“පොඩි දුවලත් වෙන කොහාටද ගියා. මංහිතන්නෙ ෆ්ලොරිඩා වලට… බේබි සිටින් කරලපළපුරුද්ද තියෙනව කියල මට සහතිකයක් දීලගියා.. මම දැන් ගෙදරක බබෙක් බලාගන්නවා..ඔයා කොහේද ඉන්නේ ?”
” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවටෆ්‍රී වේ එක යට තමයි නිදා ගන්නෙ”
” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔයතුවාල වලට බෙහෙත් දාගන්න”ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබලවෙන්නෙ පද්මිනී. මාව බලෙන්ම දොස්තරගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි.හැමදේම වෙනස් වෙලා.
” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”මගේ පපුව හෝස් ගා ගෙන ගියා. හැමෝම වෙන්වෙලා යනව. අපි ආයෙ කවදා හමුවෙයිද ?දවසක් මං හම්බ වෙන්න රෑ 12.30 ට විතර සපරමාදු ආව. එයා මට දුන්න පොලිතින් වලින්ඔතාපු පාර්සලයක්
”  මහත්තයා මට පොඩි උදව්වක් කරන්න.මේ අපේ ෆොටෝ ඇල්බම් එක. ඔයාට පද්මිනී අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔය ඇල්බම් එක එයාට දෙන්න. ඕක ඇතුලේ සල්ලි වගයක් ඇති . ඒකත් එයාට දෙන්න.”ඔයා ආපහු ලංකාවට යනව කිව්වා නේද ?යන්න…… මේක හොඳ රටක් නෙවි.”සපරමාදු එදා නම් කතා කලේ සිහි විකලෙන්වගේ.
‘ඔයාට මගෙ වයිෆ් හම්බ උනේ නැත්නම් ඔය සල්ලි වලින් මහත්තයගෙ අම්මට මොනව හරිඅරන් යන්න..”පහුවදා පාන්දර මට කස්ටමර් කෙනෙක් ඇවිත් කිව්ව ට්‍රෑෂ් බින් එක ළඟ හෝම්ලස් මිනිහෙක් වැටිල ඉන්නවා කියල. මම විගහට ගිහින් බැලුව.ඒ සපරමාදු. මම 911 කෝල් කළා.ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක ආව. මමවීදුරු කවුලුවෙන් බලා හිටියා.සුදු රෙද්දකින් වහපු සපරමාදුගෙ සිරුර ඇම්බියුලන්ස් එකෙන් කොහාටද අරන් ගියා.සපරමාදු මැරිලා.



"උපන් බිමට කිසිදා ගරාගන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිද ලන්න එපා

ගස සිදුව මිස පැල ගලවන්න එපා

30 comments:

  1. මොනව ලියන්නද කියල හිතෙන්නෙ නෑ.... ඒත් උඹ දිගටම ලියපන්...

    ReplyDelete
  2. @ CD/DVD = දුකයි වගේද ? ස්තුතියි යාළුවා

    ReplyDelete
  3. @Anonymous = හැමෝටම දුකයි
    ..................................................

    @සමනලයාගේ Linux පිටුව = අපි නොදන්නා ,කොච්චර තව කථා ඇත්ද ?

    ReplyDelete
  4. http://nihalw.wordpress.com/2011/10/23

    Original post is there.

    ReplyDelete
  5. This was written by Nihal sometime back.
    I also got it through e-mail and saw it has been posted on FB also.

    It would be nice if anyone who share this at least mentions the name of the original author.

    Nash

    ReplyDelete
  6. this was written by Nihal Some time back, one man has copied this and circularated by emals with his name during last few days, without given any reference to the original author. This is a very bad situation. please try to avoid these things.

    ReplyDelete
  7. අනේ කියවලා මට කදුළු ආවා, හරිම දුකයි, මමත් රට යන්න ඉන්නේ, එත මගේ අම්මා ව මම කවදාවත් තනි කරන්නේ නැහැ, ඔව් ,, සත්තයි.

    ReplyDelete
  8. @Ano Nash = මේක පොස්ට් කලේ කියවල නැති හැමෝටම .ස්තුතියි යාලු
    ..........................................................
    @වර්ණා = මටත් කියවපු පළවෙනි සැරේ ගොඩක් දුක හිතුනා

    ReplyDelete
  9. සංවේදි සටහනක් යාළුවා...

    ReplyDelete
  10. මටත් මේක කියවලා ගොඩක් දුක හිතුනා.. ලංකාව තරම් ජීවත්වෙන්න, ජීවත් වෙන්න ජීවයදෙන බැදීම් තියෙන රටක් මේ ලොකෙ නෑ යාලුවේ...

    ReplyDelete
  11. මේක මටත් ආවා අසරණයෝ... ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසි වගේ සිද්ධියක් නේ..

    ReplyDelete
  12. මමත් මේක කලින් කාගෙ හරි බ්ලොග් එකක කියෙව්වා මේ ළඟදි.... මේක බොක්කටම වදින කතාවක් හින්දා වෙන්න ඇති කවුරුත් එහෙට මෙහෙට යවන්නෙ.... කවුරු හරි කෙනෙක් මුලින්ම මුල් අයිතිකාරයගෙ නම නැතිව ලිපියක් උපුටා ගත්තහම, ඒ නැවත පළ කරපු ලිපිය මුල්වරට දකින කෙනෙකුට ලිපිය ඇත්තටම ලියපුකෙනා කවුද කියලා දැනගන්න විදියක් නැහැනෙ.... මට තේරෙන විදියට අසරණයට වෙලා තියෙන්නෙත් ඒක.....

    ReplyDelete
  13. දුක හිතෙන කතාවක්..:( අයියෝ ශික්.. මේක හරිම දුකයිනෙ,,, දෙමව්පියොන්ට මෙහෙම කරන්න මොන දරුවටද පුලුවන්..:'(

    ReplyDelete
  14. @Dinesh = ඇත්තටම සංවේදී යාළුවා.
    ........................................................................................
    @ShagaZone = රට යනකන් මට තේරුනෙත් නෑ ලංකාවේ වටිනාකම
    ..............................................................................................................................
    @ස්තුතියි sAm මේ පැත්තට ඇවිත් ගියාට
    ........................................................................................................................
    @Miyuru = අනේ මට නෙවෙයි මේකේ මුල් අයිතිකාරයා ලස්සනට ලියල තියෙනවා එයට තමා මේකේ ගෞරවය..
    ...........................................................................................................................................................................;.....
    @Music Girl = ඔව් හැමෝටම දුක හිතෙනවා.ජිවිතේ ඔහොම තමයි
    ..................................................................................................................................................................................
    @හිතුවක්කාරී = ඔව් ඇත්තටම දුක හිතෙනවා මේ පොළොවේ හැම ජාතියේම මිනිස්සු ඉන්නවනේ සහෝදරි

    ReplyDelete
  15. අපිට මතුපිටින් නොපෙනුනාට ඕක තමයි ඇත්ත තත්වය.. මුල කතාවත් කියෙවුව වගේ මතකයි කොහෙද මන්දා. කොච්චර ලිවුවත් කමක් නැහැ මනුස්සකම් මතුකරවන්න උදවු වෙනවා නම්..

    ReplyDelete
  16. @සරත් ලංකාප්‍රිය = ස්තුතියි යාළුවා මේ පැත්තට ගොඩ උනාට.

    ReplyDelete
  17. දුක් සීන් එකක් ..මමත් මේක කියෙව්වා ඊයකයි බ්ලොග් එකකයි...

    ReplyDelete
  18. @ඔබ නොදු‍ටු ලොවක්.... = ස්තුතියි යාළුවා මේ පැත්තට ආවට

    ReplyDelete
  19. හරිම දුක හිතෙන කතාවක්. සපරමාදු තරමටම අසරණ නොවුනත්, දහසක් බලාපොරොත්තු හිසින් දරාගෙන මේ විදිහට මව්බිමෙන් පියඹා ආව බොහෝ දෙනෙක් ජීවිතය කඩාවැටීමෙන් ලැබුන පසුතැවීම තුරුල් කරගෙන වියපත් වූ ජීවිතයේ අවසන් කාලය ගතකරනව.කියවන්න සැලැස්සුවට අසරණ ස්තුතියක්.

    ReplyDelete
  20. @වැලිමැඬියා = ස්තුතියි යාලු මේ පැත්තට ගොඩ වුනාට ජයවේව!

    ReplyDelete
  21. නිහාල් ගුරුසිංහ ලිවූ මේ කතාව ඇත්තටම හොඳ කතාවක් නිසා තමා, ඊමේල් මගින් සර්කියුලේට් වෙන්නෙ, නමුත් නිහාල්ගේ නමත් සඳහන් කළා නම් තමා හොඳ.
    [අසරණයගෙ වැරද්දක් නෙමේ]

    ReplyDelete
  22. මෙන්න ඔය කතාව මුලින්ම ලිව්ව නිහාල් ගුරුසුංහගේ ඒ බ්ලොග් ලිපිය.
    http://nihalw.wordpress.com/2011/10/23/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D/

    ReplyDelete
  23. @Observer = ස්තුතියි ඔබ මාමා.
    ...............................................................
    @පූසා = මටත් කිහිපදෙනෙක් මේ ලින්ක් එක දුන්න ස්තුතියි සහෝදරයා

    ReplyDelete
  24. මේක ඇත්තක්ද අහන්න තරම් මගේ හිත කුහක උනා... කියවල මම අසරණ උනා වගේ දැනුන... ප්‍රාර්තනා කරනව ඒ අසරණයා මතු මතු ආත්මවල ඒ දුකට මුහුණ නොදේවා කියල... ලියුවට පිං...

    ReplyDelete
  25. පස්සේ දක්කෙ... කමක්නෑ දැම්මට පිං..ලියපු කෙනාටත් පිං..මමත් ඔන්න මේක උපුටාගත්තා

    ReplyDelete
  26. @චරිත්|charith = කාටවත් මෙවන් දුකක් සිදු නොවේවා!!

    ReplyDelete
  27. අපේ සිරිත් විරිත් හැදියාව බැඳීම් මේ විදිහට නැතිවෙලා යන බව දුටුවම හිතට දැනෙන්නේ වෙදනාවක්.....වටිනා ලිපියක්

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...