Showing posts with label සිංහල කවි. Show all posts
Showing posts with label සිංහල කවි. Show all posts

23 Nov 2011

අසරණයගේ අදෝනාව









               

මං වැඩ කරන පැය දහ තුනෙන් නමයක්   ම
ඉන්නේ සයිබ අවකාසේ තනියෙන්           ම 
කරන්න වැඩක් නැති හැම වෙලාවේම       ම
කියවනවා දකින දකින හැම දෙයක්           ම 


අහම්බෙන් දවසක් අස  ගැටුනා ඔහුගේ   විරු
කියෙවුවා ඒ සියල්ල ගෙන මගේ සිතට  විරු
"හිස් අහස " ඒ එකතුවේ කවිනම් මරේ  මාරු

එය  ලියන කිවිදගේ නම "අම්පාරේ     සඳරු" 


සිත් උනා මටත් ගලපන්න කවි සහ කතන්දර 
සිතුවා අරබන්න අවකාශයක් ගෙන සින්නක්කර 
සිටිය දින දෙක තුනක් මං කල්පනා කර කර 
සිහියට නැගුනා  කරන විදියක්  සදරුට  කරදර 

යැවුවා  ඊ තැපෑලෙන් මගේ අදහස එකට ඔතා
එවුවා හැරෙනු තැපෑලෙන් ඔහුගේ අදහසක් මනා 
පැතුවා යන්නට දුර ගමනක් හැකියාවෙන්ම මනා 
සිතුනා  නමක් "අසරණය" ඉන්නවිට මං හිත හිත 

මුල් දින පහේ බැලුව ලොව හතර දෙසින් 
දැන්නම් කවුරුවත්  නෑ  දැන් මගේ හිත හරි දුකින් 
ආපු සැම දෙනා ගියේ අයේ නොයෙන සිතින් 
ඒ සම දෙනාටම පුදනෙමි මගේ තුති ඉතින්

රුසියාවේ ඉදන් බැලුව "මදූ .."   නංගි
ඔයානම් ඉතින් හරි සීදේවි   නංගී 
ඔබ අපු දිනේ ආවේ  ඔබේ පිනෙන් නංගී 
දැන් කවුරුත් නෑ  මන් හරි කලකන්නි 

මං මෙය ලියන්නේ මගේ හිතේ අමාරුවෙන් 
රූරා වැටෙනවා කදුළු කැට මගේ දෙනෙත් අගින් 
දුක කියන්නත් කෙනෙක් නැති මේ අදුරු ලොවෙන් 
වැලපෙනවා මං බඩගිනි වුනු පොඩි දරුවෙක් විලසින් 

ලිවුවා කවි කතා මට හැකි අයුරින් 
කියෙවුවා මං තනියෙන් ඇදේ පෙරළෙමින් 
කොහොමද කියන්නේ මන් රෙදි ඇදන් ඉතින් 
අපු වමනේ නතර කලේ  මගේ දකුණු අතින් 

ආසයි  කියවන්න කාගේ   හෝ කමෙන්ට් එකක් 
මාත්  දැම්මා කමෙන්ට් විසි අටක් තිහක් 
නෑ සැලකුවේ කිසි කෙනෙක් මෙතෙක් 
අයියෝ!! ඇඩෙනවා මගේ හිත හිනි ගොඩක් 

දස දහස් බ්ලොග් කරුවන් අතරින් ද 
කිහිප දෙනෙක් ඇත ඉහලින් වැජබෙමින් ද 
අනිකුත් බ්ලොග් කරුවන්  අතරින් ද
අසාර්ථකම  බ්ලොග් කරු මම විතරද 

අසරණයට සරණක් වෙන්න 
මට ලැජ්ජාවක් නෑ 

Related Posts Plugin for WordPress, Blogger...