8 Feb 2013

එක කෙල්ලයි, කොල්ලෝ තුනයි,මාස 10යි.


    
    
                        පේ සෙට් වෙන බල ප්‍රදේශයේ අලුතින්ම ගෙනාපු  ගියර් 21 ඉස්සරහ විතරක් ශෝකට් තියෙන  නිල් පාට මවුන්ටන් බයිසිකලය මගේ. ඒ කාලේ ඒ බයිසිකලය සමාන වුනේ 70 දශකයේ ගමේ "මැම්බර් මහත්තයා" ගෙනාපු "ඉබ්බා කාර්" එකට ලැබුන තැනමයි.හැම දෙයකටම පාවිච්චිකලේ මගේ මේ සයිකලේ.ඒ කාලේ කාර් එක ලෙඩෙක් ගෙනියන්න, මගුල් ගෙදරක මනමාලිව ගෙනියන්න, වගේ වැදගත් වැඩවලට ගත්තත් මේකෙන් කලේ හවස පංති ඉවර වෙන  වෙලාවට පන්තිය වටේ කැරකෙන්න, තමන්ගේ කෙල්ලගේ ගෙවල් පැත්තේ යන්න වගේ වැඩ වලට.ලොකු එකාගේ ඉඳල පොඩි එකාගේ දක්වා වැඩ වලට මේක පාවිච්චි කළා. මේ හැමෝගෙම වැඩ ඉවර වෙලා බයිසිකලේ නැවත මට භාරදෙනකන් මදුරුවෝ තල,තල පාලම උඩට වෙලා ඉන්න සිදුවුණ අවාස්තාවල් එමටයි.


මගේ එක වසරේ ඉඳල යාළුවා, "බස් අජිත්ගේ" මල්ලි නිශාන්තත්  මේ බයිසිකලේ ගමට ගෙනාව දවසේ ඉඳල කෑල්ලෙන් කෑල්ල කඩා දාලා  අපේ ගෙදර පිළිකන්නේ දිරලා යනකම්ම හොඳට ප්‍රයෝජන ගත්ත කෙනෙක්.ඔහුගේ ඒ දවස් වල ට්‍රයි කරපු ඒ කෙල්ල බලන්න යන්න පාවිච්චිකලේ මේ සයිකලයම තමා. අපේ ගමට ගම් දෙකකට ඈතින් හිටපු ඒ ගෑණු ළමයාගේ  ගේ අවට කැරකෙන්න අපි සඳුදා, බදාදා,වැඩක් නොතිබුනොත් සෙනසුරාදත් යන්නත් අපි පුරුදු වෙලා හිටියා. ඒ අවට හිටපු ලස්සනම කෙල්ල.පැය දෙකේ හින්දි ටෙලි නාට්‍ය වල "ස්ට්‍රේට් කොන්ඩ" දකින්න කලින් අපි මුලින් ස්ට්‍රට් කොණ්ඩයක් දැක්කේ ඇගේ උපතින්ම හිමිවෙලා තිබුන කොන්ඩෙන්. ඇස් දෙක හරියට "සුදු කිරි කෝප්පයකට කළු කෝපි බිංදුවක්" දාලා වගේ.පැහැදිලි ඇස් දෙකක් ඇයට තිබුනේ. රූපය ටිකක් "ශෂිකා නිසංසලා" කියන ගායිකාව වගේ.


ඈ ටියුෂන් තුන හතරකට ගියා.ඒ යන හැම තැනකදීම කොල්ලෝ ඈගෙ පස්සෙන් දුසිම් ගණන් ආවා.අපි නම් ඒ පංති අසල කැරකුණේ නැ.අපි මොකටද නොදන්නා පළාත් වල ගිහින් චාටෙර් කන්නේ. කොහේ ගියාත් හවස ගෙදර එන නිසා අපි ගේ අවටම තමා කැරකුණේ. අද කාලේ “නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී” කියන ගීතය ගීතයක් විදියට ජනප්‍රිය වෙන්න කලින් ඒ මුල් වචන ටික මුලින්ම නිර්මාණය කලේ අපේ පාළම ලඟදි අපේ නිශාන්තම තමා. ඒ ඔහුගේ සිහින පෙම්වතියට. ඒ ගීතය අද කාලේ කොච්චර රස වින්දක් නිශාන්ත  ඒ වචන ටික ඒ කාලේ කියද්දී මගේ බඩ පපුව පිච්චිලා යනවා. එයට හේතුව ගෑණු ළමයාගේ ගෙවල් ළඟට යන්නනම් මග දිගට  ඇති කඳු 3ක් තරණය කරලා  කිලෝ මීටර් 2ක් දුර බයිසිකලේ නිශාන්තවත් දාගෙන පදින්න වෙන එක ගැන. කෙල්ලව බලන්න "ෆ්‍රෙෂ්" එකේ යන්න ඕන නිසා මම දාඩිය දාගෙන බයිසිකලේ පදින්නේ.ගියර් තිබ්බත් ඒ කඳු පදින එක ලේසි නැහැ.එනගමන් ඔහු මාව තියාගෙන පැද්දත් මම කලින් තරණය කරපු කඳු ඔහුට තිබුනේ නිවුටල් එකේ බස්සන්න.කන්දක් තිබුනොත් පැල්ලමක් ඇතැයි කියන සිද්ධාන්තය මෙතැනදී අපිට බලපෑවේ නැහැ.


අපි යන එක දවසකවත් ඇය මිදුලේවත්  හිටියෙනම් නැහැ.යන හැම දාම අපි දැක්කේ මිදුලේ ඇති මල්ගස් හා පිළිකන්නේ ඇති හිස් රෙදි වැල විතරයි.හැම දාම ඇගේ ගෙදර ළඟදීම අපේ බයිසිකලේ චේන් එක පනිනවා. මම චේන් එක දාගන්නකන් නිශාන්ත ගේ දිහා බලන් ඉන්නේ හරියට "ගැරඬියා ගෙම්බෝ පැටවූ දානකන්" බලන් ඉන්නාව වගේ.කවදාවත් එලියට ආවේ නැහැ. ඔන්න දවසක් නිශාන්ත තරමක්  සතුටු හිතෙන දෙයක් තිබුනා.ඒ පිළිකන්නේ රෙදි වැලේ ඇය එදා පංති ඇඳන් ගියපු ඩෙනිම් කලිසම වනලා තිබුනා. මෙය දැකීමෙන් නිශාන්ත ගේ මුනේ තිබුන හිනාව හරියට ඇගෙන් විවහා යෝජනාවක් ආවා වගේ. ඔහුගේ ඇස් වලින් මම දැක්කා අවංක ප්‍රේමය.


මට හිතුන එක දෙයක් තමා කොහොම හරි මේ දේ ඇයට ඒත්තු ගන්වන්න ඕනේ කියන එක.කවදාවත් කතා කරලා නැහැ, ඈතින් ඉඳන් බලන් ඉන්නවා නැත්නම් ගේ ඉස්සරහින් එහාට මෙහාට යනවා.ඊට වඩා දෙයක් නිශාන්තගේ අතින් සිද්ද වුනේ නැහැ."වඳුරා ගෙවල් හදනවා වගේ" අද අහනවා හෙට අහනව කියා කියා හැම දාම වැඩේ පස්සට දැම්මා. දවසක් මගේ උනන්දුවෙන් බස් එකෙන් බහිද්දිම ඈ ලඟට යන්න කැමති කරව ගත්තේ යාළුවෙක් හිතින්  දුක් විඳිනවා බලන්න ඉන්න බැරි කම නිසාමයි. බස් එක පස්සෙන් පුට් සයිකලයක් පදින එකනම් ලේසි නැහැ.ගියර් බයිසිකලෙන් වැඩක් ගත්තේ මම නම් එදාම තමා. දාඩිය දාගෙන නහයෙන් හා කටින් හුස්ම ගන්න ගමන් මම ඇ යන පාරේ ටිකක් ගෙවල් අඩු හරියකදී  ඈගේ ලඟට  කිට්ටු කලේ නිශාන්තගේ හිතේ කැකෑරෙමින් තිබුන අවංක අදහස වචන වලින් පිට කරන්න. මම තවත් ඇගේ කිට්ටුවටම ලන් කරද්දීම අරු රහසින් ලතෝනි දුන්නේ වේගෙන් පදින්න කියලයි. “මොකෝ බන් චෑන්ස් එක මිස් කලේ”. වෙවුලන කට හැඩින් මමත් රහසින් ලතෝනි දුන්නා. "උඩ ගෙදර හිටිය අංකල් අපේ තාත්තා වගේ බං මම දැක්කේ". තියෙන බයට තමන්ගේම තාත්තත් අඳුර ගන්න බැරි වුන පුතෙක් ගැන මං එදා දැනගත්තා.

මොනවා වුනාත් ඇය හොඳ හැදිච්ච කෙල්ල. කොල්ලෝ 100ක් පස්සෙන් ආවත් හිනා වෙලා බලා පොරොත්තු දුන්නෙත් නැහැ වචනයක්වත් කියලා එක කොල්ලෙක්ගේ හිත රිදෙවුවෙත් නැහැ.බැනලා තරහා කරගත්තෙත් නැහැ. ඉඳල හිටලා පස්සෙන් එන කොල්ලොන්ට රවනව විතරයි. මේ අතරේ මහා පුදුම දෙයක් සිද්ද වෙනවා.නිශාන්ත තනියෙන් බස් එකේ යන දවස් වල  ඒ ගෑණු ළමයා නිශාන්තත් එක්ක හිනා වෙනවා “කොහොමද” කියලා කතා කරනවාලු.අපි දෙන්නම ඉද්දි මුණවත් බලන්නේ නැහැ.මාස 4කට පස්සේ නිශාන්ත තීරණයක් ගත්තා. “වැඩේ හරියන්නේ නැහැ බං. එකී අල්ලන්න අමාරුයි වගේ අල්ලලා දාමු මචං”.මම කඳු පැදිල්ලට නිමාවක් තැබුවා.


දවසක් මම දවල් නිදාගෙන ඉන්න වෙලාවක අපේ සෙට් එකේම සම වයසේ තව යාළුවෙක් අපේ අම්මට බොරුවක් කියලා මාව එලියට එක්කරගෙන ආව.කඳු තරඟයට නිමාවක් කියල හිතුවත් ආයෙත් නිශාන්ත තියන් පැදපු මට දුලිප්ව තියාගෙන පදින්න සිද්ද වෙලා.එදා තමා මම ඉස්සෙල්ලාම උදේ හවස පිහදාල සන්සිල්ක් ෂැම්පු වතුරෙන්  හෝදන මගේ බයිසිකලේ දිහා කේන්තියෙන් බැලුවේ. නිශාන්තගේත් දුලිප්ගේත් වැඩි වෙනසක් මම දැක්කේ නැහැ ගෙදර ලඟට යනවා ආයේ එනවා බස් එකේදී හිනා වෙනවා ලු.ඒ හැර දෙයක් සිද්ද වුනේ නැහැ. නිශාන්තට හිත ගියේ නැති ඇය දුලිප්ටවත් හිත යාවිදෝ කියන අදහසින් මම හිටියේ. නිශාන්ත හිතින් ආදරේ  කරපු ඇයට දුලිප් ට්‍රයි කරන්නේ අවංකවමයි. නිශාන්තගෙන් අපිට තිබුනේ සහයෝගයක්  මිසක් කවදාවත් නපුරක් වුනේ නැහැ.අපි අතර තිබුන මිතුරුකම "මිරිඟුවක්" වගේ කෙල්ලෙක් වෙනුවෙන් නැතිකරගත්තේ නැහැ. කාලෙකට පස්සේ දුලිප් නිශාන්ත වගේම අඩි ගානක් පස්සට තියලා හැරිල වෙන ගමනක් ගියා.


කාලයක් ඒ පැත්තටවත් යන්න හේතුවක් නොතිබුන නිසා සාමාන්‍ය විදියට හවස් වරුව ගත කළා.හිටපු ගමන් පුරුද්දට වගේ ආයෙත් ඇගේ ගෙවල් පැත්තේ රවුමක් දාල එන්න හිත කියනවා. නිශාත්තත් එක්ක දවසක් ඔහු නැති වුන දවසට දුලිප් එක්කත් ඒ පැත්තේ ගියා.විශේෂයකට තිබුනේ වෙනදා දහඩිය දාගෙන පැදපු මම බයිසිකලේ වාඩි වෙලා යන්නේ. ඒ කියන්නේ කෙසේ හෝ මේ ගැහැණු ළමයා ගමේ කෙනෙක්ට අයිති කරගන්න තම අපි උත්සහ කලේ. ඈ ගැන හිතක් පහල වුනාට නිදා ගනිද්දී  සිහින දකින ඒවා අත අල්ලාගෙන පාරේ ඇවිදින හැටි,පෝරුවක් උඩ ඉන්නවා වගේ දේවල් ගැන සිහින් මැවුවෙත් නෑ නින්දේදී දැක්කෙත් නෑ.මිට කලින් මවපු හීන බොඳ වුනේ  හරියට "ගස්ලබු බටයෙක් සබන් බෝල යවපු ගමන් බිඳෙනවා වගේ". මවන වේගෙට වඩා වැඩි වේගයෙන් බොඳ වෙනවා. අනිත් දෙන්නත් එක්ක බස් එකේ හිනා වෙලා කතා කලා කිවුවට මගේ මුණ බැලුවෙත් නැහැ ඇගේ යාළුවනම් අමුතු බැල්මක් බලල අහක බලාගන්නේ මහා "අලුගුත්තේරු" විදියට.එත් අරුන් දෙන්නට වඩා මං ටිකක් ඉස්සරහින් හිටියේ.ඇගේ පාසලේ නිවාසාන්තර තරඟ දවසක "සරඹ සංදර්ශනයකට" ඈ සහභාගී වෙලා එයට අවශ්‍ය  සුදු අත්දික ෂර්ට් එකක් මට දෙන්න හැකි වුනා .ඈ ඇන්දයින් පසු සෝදන්නේ නැතිව මට අඳින්න මම සිහින මැවුවා.නැවත එය බාර දෙද්දී අර "කිරි පාට ඇස් දෙක" ලගටම දකින්න, ඒ දෙද්දී ඇස්දෙක කරකවා "ස්තුතියි" කියනවා අහන්න ආසාවෙන් හිටියේ. අනිත් දෙන්නට වඩා පියවර ගානක් ඉස්සරහින් මම හිටියා.අවාසනාවකට  ඒ සුදු කමිසය නැවත ලැබුනේ නැහැ. මේ විදියට මම නිශාත්තත් එක්කත් දුලිප් එක්කත් අපේ ගමන ගියා. හදිස්සි දවස් වල අපි තිදෙනාම ඇගේ ගෙවල් වටේ කැරකුණ වෙලාවලුත් තිබුනා.ඒ වෙද්දී අපි තිදෙනාම එකා පස්සේ එකා ඇගේ හිත ගන්න උත්සහ කළා.




කාලෙකට පස්සේ උදේ බස් එකේ මම රැකියාවට කොළඹ යද්දිත් එකම බස් එකෙන් ඇවිත් බස් ස්ටැන්ඩ් එකේ අපි දෙන්නම මූණට මුණ හමු වුනා .මාව දැක්ක ගමන්  ඉතා හුරුපුරුදු යාළුවෙක් එක්ක හිනා වෙන විදියේ හිනාවක් දැම්මා.ඒත් එක සැරේම හිනා නොවී පිටුපස බැලුවේ ඇගේ යාලුවෙක් එක්කවත් හිනා වුනාදවත් කියල දැනගන්න.මිට කලින් ඒ විදියේ නින්දාසහගත අත්දැකීම්  අනන්තවත් විඳලා ඇති නිසයි.නොසිතු විදියට ඇය මාත් එක්ක කතා කළා!!..  ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් බව ඇගෙන් මම දැනගත්තා. මෙච්චර කොල්ලෝ කරදර කරලත් පළවෙනි  සැරෙන්ම විශ්වවිද්‍යාල යන්න තරම් ඈ දක්ෂ වුනා. මමත් මගේ රැකියාව ගැන ටිකක් විස්තර කියල අපි දෙන්න වෙන් වුනා.ඉන්පසු  අද වෙනකන් ඈ දැක්කේ නැහැ.


අපිත් එක්ක කතා නොකර දැන් අපිටත් කලින් හිනා වෙලා කතා කරන්නේ ඇයිද කියලා මට ඒ හැටි පුදුමයක් ඇති වුනේ නැහැ."පැණි වරක ගහටත් හෙන ගහනවානේ" කාලෙකදී.ඒ වගේම ඇයට මහා නින්දා සහගත සිද්දියකට මුහුණ දෙන්න සිදු වුනා. ඉතා ප්‍රසිද්ද ටියුෂන්  ගුරුවරයෙක් සමඟ ඇති වුනා කියන සම්බන්ධයක්.ඔහුගේ බිරිඳ ඇයත් සමඟ කෙහිවලු පටලවා ගත්තා. තව තව සිද්දි ගොඩාක් ඇති වුනා ලු. පස්සෙන් ආපු කොල්ලෝ හැමෝම  විහිළු කරන්න ගත්තා. ඉතා පහත් ගෑණියෙක් විදියට කොල්ලෝ අතරේ කතාවක් නිර්මාණය වුනා.ඈ කාලයක් ගමෙන් පිට වෙලාත් හිටියා.මේ කිසි දෙයක් සිදු වුනාත්  කවදාවත් අපි තුන්දෙනා ඒ කිසිම කතාවක් විශ්වාස කලේ නැහැ.අපි තිදෙනාම අවංකව ආදරේ කල නිසා වෙන්න ඇති.ටික කලකින් ඈ ආයෙත් ගමට ආවා.කොල්ලෝ වෙනදා වගේ තමා මුණ බලන්නේ නැති විදියට කොල්ලොන්ට එපා වෙලා. නින්දා සහගත විදියට ඈ ස්සරහ හැසිරුනා. "හරියට උන්ගේ තාත්තත් එක්ක මේ කෙල්ල හිටියා වගේ". ඇතැම් විට ඇගේ කැමැත්ත නොලැබුන කේන්තියට වෙන්න ඕනේ.. මේ කිසිදෙයක් අපි නොදැක්ක නිසා විශ්වාස කලේ නැහැ.ඒ කාලේ අපි විතරයි කලින් විදියටම කෙල්ලෙක්ට කරන ගෞරවයෙන් හිටියේ.ඒ නිසාම වියයුතුයි එදා මාත් එක්ක කතා කලේ. අපි තිදෙනාම කැමැත්ත ලබා ගැනීමට උත්සහ කිරීම  අනිකුත් ප්‍රශ්න ඇති වීම මේ හැම දෙයක්ම මාස 10ක් ඇතුලත සිදු වුනේ.


අද වෙද්දී නිශාන්ත ලංකාවේ නැත. දුලිප් හා මමද ලංකාවේ නොමැත.අප තිදෙනාගේ තාරුණ්‍ය විඳින්නට සැලසු ඇයද අද ගමේ නැත. නුවර පැත්තෙන් දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතුව විවාහ වෙලා සැපවත් ජිවිතයක් ගතකරනවා.ගමේ  කොල්ලන්ගේ සිහින පෙම්වතියන් වෙනුවෙන් මැම්බර් මහතාගේ ඉබ්බා කාර් එකට සමාන සේවාවක් කල මගේ බයිසිකලේද අද ගෙදර පිලිකන්නේද නැත. නමුත් මතක් වෙද්දී ඇස්දෙක බොඳ කරන සුන්දර මතකයක් ඉතිරිව ඇත.හැමදාම මට හිතෙනවා වගේ අදත් හිතෙනවා "අපරාදේ අපි ඉක්මනින් ලොකු වුනේ".


ප/ලි: ඉරිසියාවක් නැතිව අදත් සිත්තරේ ඇන්දේ තිළිණි.



127 comments:

  1. //"අපරාදේ අපි ඉක්මනින් ලොකු වුනේ".//

    සහතික ඇත්ත බං , අම්මේ ලොකුවෙලා අපි කන කට්ටක්

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? රස්සාවල් කරන්න ඕනේ නැහැ,ප්‍රශ්න නැහැ.හවසට හවසට කොල්ලොත් එක්ක හංදියක එකතු වෙලා පොලිසියෙන් එද්දී දුවන තරම් විනෝදයක්..

      Delete
  2. ඇත්තටම මචන් මට මගේ ඇස් වලට කදුලු ආව... මමත් හැම තිස්සෙම හිතන දෙයක් තමා ඇයි අපි ඉක්මනට ලොකු උනේ කියන එක... ලස්සනට කතාව ලියල තියෙනව.... මමත් මගේ අතීතය සිහිපත් කරල ලියල තියෙනව... මේ පැත්තටත් ගිහිල බලන්නකො...

    http://jeevithayasundharai.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හා හා මචං කඳුළු පිහදාගනින්.

      මචං ඒ පොස්ට් එකේ ලිනක එක දැම්මනම් සොයාගන්න ලේසියි.ඒ පැත්තේ ඇවිල්ල බලන්නම් මේ අළුත් යාළුවා ගැන.

      ස්තුතියි අගය කිරීම ගැන.

      Delete
  3. Replies
    1. ඇත්ත ඒ මිහිර වැඩියෙන් ඒ කාලේ වැඩියෙන් බැනුම් අහන්නම වෙනවා වැඩිහිටියන්ගෙන්.

      Delete
  4. නියමයි ... උඹ මේ උපමා කොහෙන්ද බන් හොයා ගන්නෙ.. මරුනෙ ඒවා..

    පලියෙන් වෙනම කතාවක් කියවෙනවා හෙහ් හෙහ්.. ඒවත් ලියවෙයිනෙ හිමීට...

    ජය !!

    ReplyDelete
    Replies
    1. ඒ බන් මේ සාමාන්‍ය වචන ටිකක් මචං දැම්මේ. ටිකක් වෙලා අරගෙන ලිවුවා.

      හා හා ඒවා පසුව.

      ස්තුතියි මචං.

      Delete
  5. අතීතට සුන්දරයි.... සිරාවටම ඇයි බන් අපි ලොකු උනේ ?

    ReplyDelete
    Replies
    1. උත්තරයක් නැති ප්‍රශ්නයක්.

      Delete
  6. ඒක පාර්ශ්වික ප්‍රේමයන්.. මටත් තියෙනවා බං මමත් ලිව්වා. හැබැයි උඹ වගේ භාෂාව මටසිලිටි නෑ. පුළුවන් නං කියවල බලපං... මට කියන්න ඕන උනේ මචෝ.. අපි ඒ කාලෙදි හැම කොල්ලම වගේ එකම මට්ටමකින් හිතන විදිය ගැන, නරුම කොල්ලෝ කීප දෙනෙක් ඇරුනම..ලස්සනයි අසරණයෝ...

    ReplyDelete
    Replies
    1. මගේ භාෂාවත් එහෙමම නැහැ නේද මචං.හැමෝටම තියෙනවා මේ වගේ අත්දැකීම් ඒ කාලේ දුකක් වගේ දැනෙනවා එත් පස්සේ මතක් වෙද්දී තනියෙම හිනා යනවා.

      පුලුවන්නම් දාපන්කෝ ඒ ලින්ක් එක.

      එකම වැසේ එවුන් එකට සෙට් වෙන්න හේතුවත් එකම වෙන්න ඇති..

      Delete
    2. http://deshakaya.blogspot.com/2013/01/blog-post_18.html
      http://deshakaya.blogspot.com/2012/11/blog-post_29.html

      Delete
  7. දුක වැඩියෙන් තිබුණේ අතීතයේ උනත්.දැන් හැරිලා බලද්දි සතුට වැඩියෙන් තිබිලා තියෙන්නෙත් ඒ කාලේ..

    අර සිත්තරේ නම් මරු ආ...ඉලස්රේට වලින් නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත ඒ කාලේ අපි විනෝදෙන් කාලේ ගත කළා කියල හිතෙන්නේ අද දවස ගැන හිතත්දී.

      මම හිතන්නේ ෆොටෝ ෂොප්.

      ස්තුතියි..

      Delete
  8. ලස්සන කතාව බං. ඇත්තෙන්ම බලාපං ජීවිත රෝදේ කැරකෙන හැටි නේද?

    දැන් නියම මාතෘකාවට යමු.

    ඉස්සර: "සිත්තරේ තිළිණිගෙන්."

    ඉතින් අපිත් මෝඩ කමට ඇහුවා, "කවුද බං තිළිණි කියන්නේ?"

    "තිළිණි කියන්නෙ මගේ යාලුවෙක්!" ඕං ලැබිච්ච උත්තරේ.

    "යාලුවෙකුට වඩා වැඩි දෙයක් නැත්ද මෙතන?" කියලා අහන්න ඕනෙ කම තිබ්බත් ඩීසන්ට් කමට ඉතින් ඇහුවේ නෑ.

    මේ පාර උඹ පරණ ලව් එකක් ගැන කතන්දරයක් දාලා "ප/ලි: ඉරිසියාවක් නැතිව අදත් සිත්තරේ ඇන්දේ තිළිණි."

    "ඉරිසියාවක් නැතිව"

    දැන් අපි මොනවද හිතන්න ඕනෙ?

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි මචෝ... ඒක හැබැයි..

      Delete
    2. උඹ තමයි දවසකටවත් මිනිහා ඩූඩෝ.... ඌට ඕක හෙමින් හෙමින් කියන්න දියහංකෝ....

      Delete
    3. උඹ කාගෙන් බේරුනත් අසරනයෝ ඩූඩ්ගෙන් බේරෙනවා බොරු.....

      කර්නල් ‍"හෙන්රි" කූගන් වගේ තමයි මේ හෙන්රිත්.

      Delete
    4. @ ඩුඩි = මගේ පොස්ට් එකට වඩා හොඳම දේ කියල තියෙන්නේ හෙන්ද්‍රි ගේ කමෙන්ට් එකෙන්..මාව හිරකරලා බෙල්ල මුලින්ම.

      දැන් හිතල තියෙන දේ අන්න එකා හරි..හේ හී.

      දේශක = හාහ් හා...

      මියුරු = එකනේ කාලෙට ඉඩ දෙන්න එපැයි.

      සුමිත් = මාර මතකයක් තියෙන්නේ. මේ කාලෙකට කලින් කියපු දෙයක්.අද මාව හිරකලේ ආයේ දඟලන්න බැරි වෙන්නම.

      Delete
    5. හික්ස්.. බළලා මල්ලෙන් එලියට.. :D

      Delete
    6. පැපරාසි ඩූඩ්ට මගේ ප්‍රණාමය..!

      Delete
    7. මමත් මේ චිත්තරේ ගැන අහන්නෝන කියල හිතාගෙන ආවෙ, මෙන්න ඩූඩ් අපි හැමෝම වෙනුවෙන් කිරිගහට මෝල්ගහෙන් ඇන්නැහෙ අහල.

      Delete
    8. හැමෝන්ගෙම ප්‍රශ්නවල එකතුවක් හෙන්ද්‍රි අහල තියෙන්නේ..

      Delete
  9. හ්ම්ම්ම් හ්ම්ම්..අතීතය සුන්දර සිහිනයකි.... අනේ ඇත්තට ඇයි බං අපි ලොකු උනේ?

    ReplyDelete
    Replies
    1. දුකයි ඒ කරපු දේවල් ආයේ මතක් වෙද්දී..

      Delete
  10. හයියෝ මදැයි පස්ස හම යනකම් බයිසිකල් පැද්දා...මාස දහයක් ඇතුලත යාළුවන්ට සප් එක දීලා, තමනුත් ලයින් දාලා, මහ ගහෙන්ම ඇණගෙන... සිකේ... ;P

    ReplyDelete
    Replies
    1. අපිට ඒ හැටි තේරුනේ නැහැ මාස 10 ගියා කියලා. පස්සේ බලද්දී තම තේරුනේ ළඟ ළඟ වැඩි නේ කියල.

      //මහ ගහෙන්ම ඇණගෙන.// මේක ටිකක් තේරුනේ නැහැ වගේ.

      Delete
    2. එක සෙට් එකේ තුන්දෙනෙක්ම ට්‍රයි කරලත් එක්කෙනෙකුටවත් බැරි උනානෙ කෙල්ලව දාගන්න... ;P

      Delete
    3. අහ්.. අපේ ඒ හැටි උනන්දුවක් නැති නිසාමද දන්නේ නැහැ.

      Delete
  11. "අපරාදේ අපි ඉක්මනින් ලොකු වුනේ".

    මටත් සමහර වෙලාවට මෙහෙම හිතෙනවා අනේ..

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද.'කාලය මැව් වෙනසක අරුමේ.

      Delete
  12. හැමදාමත් අතීතයේ තියෙන්නෙ අපිට ආයෙම ලබාගන්න බැරි දේවල් කියල මට හිතෙන්නෙ .

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවා මතකයන්ම විතරයි.ඇතැම් දේවල් මැරෙනකම්ම හිතේ රැඳිලා තියෙනවා.

      Delete
  13. පොඩි කාලෙ අපිට ඕන උනේ ඉක්මනට වැඩිහිටියො වෙන්න. ඒත් දැන් ජීවිතේ ටික ටික සංකීර්ණ වෙන්න ගන්නකොට අපිට ආයෙත් පොඩි කාලෙට යන්න ඇත්තන් කියල හිතෙනව. ජීවිතේ හරි පුදුමයි....

    ReplyDelete
    Replies
    1. උදේ ඉස්කෝලේ යද්දිනම් මටත් හ්ටිහුනා ඉක්මනින් ලොකු වුනානම් හොඳයි කියල.එත් දැන්?.

      Delete
  14. //ප/ලි: ඉරිසියාවක් නැතිව අදත් සිත්තරේ ඇන්දේ තිළිණි.//

    පලි කෑල්ල තමා පෝස්ටුවේ රසම කෑල්ල...ඉක්මනට ලොකු වුන එක ගැන දුකෙන් ලිව්වත් ප/ලියෙන් ඒ දුක මැකෙනවා..

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකට වඩා ගොඩාක් දෙනෙක්ට හිත ගිහින් තියෙන්නේ පාලි කෑල්ලට.

      මගේ පොස්ට් එකේ දුක තිබුනේ කොතනද??,

      Delete
  15. මේක ඇත්ත සින් එකද්ද බන් හරියට කෙටි කතාවක් කියෙව්වා වගේ, උබ ලියන විදිය සුපිරියි...

    ReplyDelete
    Replies
    1. මට කෙටි කතා ලියන්න බැහැ මචං.මේ මං ගමේ ඉන්න කාලේ අත්විඳපු දේවල් තමා.

      ස්තුතියි අගය කිරීම ගැන.

      Delete
  16. අතීතය සිහිනයක් පමණයි හැබැ සුවඳයක් නෑ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම් ‍
    මෙදා වියොවක්නෑ...

    බයිසිකලේ දිරගල ගියා.. ඈ වෙන දීගෙක ගියා. උඹලා රට ගියා.. මේක තමයි සියලු දේ අනිතයයි කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මේක නිසා ඒ ඇත්තට මුණ දෙන්න ඕනේ. ආයේ ඇදලා නවත්වන්න බැහැ නේ.

      Delete
  17. අනේ බං මාත් මේ කල්පනා කරන්නේ ඇයි මං මේ තරම් ඉක්මනට නාකි වුණේ කියල....ඇඩෙනවා බං...

    ReplyDelete
    Replies
    1. හේ හේ.... මත තවම එහෙම හිතිලා නැහැ. එත් තව ටික දවසකින් ඒ වගේ හිතේවි..

      Delete
    2. මට නම් හිතෙන්නේ මෙතෙක් කල් මන් එකතු කරගත් අද්දැකීම් සමගම මට ආපහු යන්නට පුළුවන් නම් ඉස්කෝලේ ගිය අවදියට, මම ආපහු සැරයක් පරණ මෝඩකම් කරයිද? නැත්නම් ලැබුන අවස්ථාවලින් හොඳින් ප්‍රයෝජන ගනියිද? කියල

      Delete
    3. WMK = ඔව් ඔව් රෑ වැටුන වැලේ දවල් වැටෙන්නේ නැහැ නේ.එහෙම වරමක් ලැබුනොත් හොඳ ළමයෙක් වෙනවා.

      Delete
  18. අඩේ...සෑහේන දේවල් මතක් උනා බං අයියේ..සිරාවටම යන්න කැමති උනත් යන්න බැරි අතීත සිද්දි ගොඩක් ආයිත් හිතට ආවා..

    ReplyDelete
    Replies
    1. සැහෙන්න දේවල් කියන්නේ 10ක් 12ක් ගැන සිහින් මැවුවද??

      Delete
  19. "ඉරිසියාවක් නැතිව අදත් සිත්තරේ ඇන්දේ තිළිණි" බළලා මල්ලෙන් එලියට පනිනවා යන්නට උදහරනයක්ද ? ,
    සිරා පොස්ටුව අසාර් , ඇෆ්රිකන් මිනිස්සු ගැන / එහෙ තියෙන එව්වා ගැන ලියන පොස්ටු ටිකක් වැඩි කරන්න කෝ , මොකද අපිට ඒවා ගොඩක් ආගන්තුක නිසා

    ReplyDelete
    Replies
    1. මචං ඇෆ්රිකන් ගැන විස්තර ලියන්න ටිකක් අමාරුයි මොකද ඒවා හොඳට හොයල බලන්න ඕනේ.නැත්නම් වැරදි තොරතුරුනේ දැනගන්නේ. ඒ නිසා පොස්ට් එකකට ඒ ආශ්‍රිත දේවල් රටේ ටිකක් වයසක දැනුම් තේරුම් තියෙන කෙනෙක් එක්ක කතා කරලා හෙමින් හෙමින් තොරතුරු එකතු කරලා දාන්නම්. ස්තුතියි මචං මගේ පොස්ට් එකක් වෙනුවෙන් බලන් ඉන්න එක ගැන.

      Delete
    2. ඇෆ්රිකන් විස්තර ලියන එක සීරියස් ගන්න ඕනේ නෑ , එදිනෙද හමුවෙන අමුතු මිනිස්සු , එහෙදී යන පොඩි පොඩි ටුවර් වගේ දේවල්

      Delete
    3. හරි මචං කියවන වුන් වෙනුන් ලියනවා කියලා සැමත් කියල තියෙනවා නේ.හැකි විදියට දාන්නම්.

      Delete
  20. අතීතය මතක් කර කර අසරණ විය යුතු නැහැ. දැන් ලොකු ළමයි නේ. ජීවිතයට ඉතිරි කාලය බොහෝම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් කල යුතු දේ බොහෝය.ඒ දේවල් කරද්දී ඉඩ ලැබුණු ගමන් අතීතය හාර ඇවිස්සුවේ.

      Delete
  21. mewa dakiddi parana story mathaka wenawa ban..:(

    ReplyDelete
    Replies
    1. හා හා මොන වගේ ඒවාද?

      Delete
  22. මරු කතාව බං. අපි කාට කාටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ වයසේදී ඒ ඒ දේවල් ඉබේම සිද්ද වෙනවා.

      Delete
  23. මටත් මතක් උනා කෝසලයව දාගෙන පට්ටිවිලට වෙනකං පැදපු පැදිල්ල උගේ ගෑනිව බලන්න...
    හැබැයි එහෙම යාළුවෙක් ඉන්න එක සරීර සෞඛ්‍යයටනං මාර හොදයි....
    මරු කතාව....

    ReplyDelete
    Replies
    1. එතකොට කෝසල උඹව දාගෙන පැද්දේ නැද්ද? නැත්නම් වෙන එකෙක්ද උඹව දාගෙන පැද්දේ.

      ඒ කාලේ ඉතින් හැම වෙලාවේම මොකක් හරි දෙයක් කරන ගමන් නේ.ඉතින් වියායාම ඉබේම ලැබුනා.

      Delete
  24. අතීතයේ සිදුවූ ඇතැම් සුන්දර මතකයන් එක්ක ඉඳ හිට හෝ උඩට මතු වෙනවා... අවසාන ඡේදය ලියල තියන විදිහ මට තදින්ම දැනුනා.

    ReplyDelete
    Replies
    1. අවසාන් අපෙලිය මට මේ පොස්ට් එක ලියද්දි හිතේ ඇති වුනේ සංවේගය නිසා දැම්මේ. සිදුවුම් එකින් එක මතක් වෙද්දී තනියෙන් හිනා යනවා.

      Delete
  25. ආතල් නෙහ්? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  26. මං හොම්මනට ජීවිතේට තාම කොල්ලෙක් සෙට් නොව්නට්....(කොල්ලන්ගෙ වාසනාවඈ....;) යාලුවො නිසා... කාපු කටුනම් අනන්තයි අප්‍රමාණයි.....මගෙ ඉහේ තියෙන කෙස් වලට වඩා වාර ගානක් චාටර් වෙලා ඇති යාලුවන්ගෙ සීං වලට උඩව් ඩෙන්න ගීන්.... හයියූ......ඒ කාලෙ මටක් වෙනකොටත් ඇඬිල ආයෙ ඇඬෙනවා....:/

    ReplyDelete
    Replies
    1. හොටු ගාන්නේ නැතිව අඬන්න.

      අර ගැහැණු ළමයාට ඔයා වගේ යාළුවෙක් හිටියනම් අපේ නිශාන්ත ගොඩ..

      Delete
  27. ඒක පාර්ශවීය ප්‍රේමය...

    “සිතින් විතරක් පෙම් කරන්නම් - දුරින් හිඳ ඔබ දෙස බලන්නම්...“ (වෙන කොල්ලෙක් ඇවිල්ල යාළු කරගන්නකංම)

    හයියූ!

    ReplyDelete
    Replies
    1. ඔව් අපිට කැමති වුනෙත් නැහැ වෙන ඇයට කැමති වුනෙත් නැහැ.

      අම්මලාම හොයල බලල වැඩේ කරලා දුන්නා.

      Delete
  28. මම වැඩියෙන්ම කැමති මේ කතා ලියන ඉස්ටයිල් එකට..හිහි..අන්තිම අසරණ ලීලාවෙන් තමා ලියන්නේ. හිනාත් යනවා ඒ මදිවට. නියමයි..

    මටත් මතක් උනා ඉස්කෝලේ කාලේ.. :) අපේ පැත්තෙත් කොල්ලෝ එන්නේ බයිසිකල් වලින් තමා. (පෙරාරි රථ වලින්). ගොඩක් වෙලාවට යුගල වශයෙන් එන්නේ. අර කිව්වා වගේ ලයින් දාන එකා පොල්ලේ වාඩි වෙලා එන්නේ. අදනේ හේතුව තේරුණේ..:)

    තුන්දෙනාම සහයෝගෙන් වැඩේ කරපු හැටිනම් මරු

    ReplyDelete
    Replies
    1. මම අසරණ පාර්ට් එකෙන්ද ලියල තියෙනේ.මට ඕක තේරෙන්නම නැහැ කොච්චර කියෙවුවත්.

      දැන් කි දෙනෙක් ආවද කියන්න බලන්න පොල්ලේ වැඩිවෙලා.ඔයා රවුවේ නැහැ නේ කාටවත්??...

      එදා ඉඳල අපේ යාළුවොනේ ඉතින් කුමටද වළි.

      Delete
    2. සයුරි...,
      අපි ඔහොම පැදල කිච උනාම ජීවිත අත්දැකීමක් වෙනවනෙ..ගෑල්ලමයෙකුට මොනවගේ හැඟීමකද දැනෙන්නෙ..ඔයාටත් අත්දැකීම් තියෙනව කිව්ව නිසා ඇහැව්වෙ..?

      Delete
    3. තවම සයුරි මේ පැත්තේ ඇවිල්ල නැති වගේ.මගේ ප්‍රශ්නෙට උත්තරේත් තවම ලැබුනේ නැහැ..

      Delete
    4. 'ගෑල්ලමයෙකුට මොනවගේ හැඟීමකද දැනෙන්නෙ.'

      කියන්ඩ බලන්ඩ?

      Delete
  29. කතාව නං වැදුනා කොල්ලො නියමෙටම
    අපේ ජීවිත හැම එකකම වගේ පුදුම සමානකමක් නේද තියෙන්නෙ.
    පොඩ්ඩක් හිතල බලන්න

    ReplyDelete
    Replies
    1. ඒ සමාන කම එක එක්කෙනාගේ පොස්ට් වල තියෙනවා. සම වයසේ සමව සිතනවා.

      ස්තුතියි මචං..

      Delete
  30. සයුරි කියන්න වගේ මාත් කැමති උඹ මේ ලියන සංකාකූල ලේකන ශෛලිටයි (ආඛ්‍යානය).

    අර සුදු අත්දිග කමිසෙ නෙ එක නම් මාත් කළා, හැබැයි එතකොට කෙල්ල සෙට් වෙලා ගොඩාක් කල්.

    ReplyDelete
    Replies
    1. //නෙ එක // දෙන එක

      Delete
    2. අම්මෝ සුමිත් බර වචන දාලා හෙක් හෙක්ස්.

      ඉතින් සෙට් වෙලා ඉද්දි කොහොම හරි දෙන්න ඕනේ හොයල හරි.එත් මම කැමැත්ත ගන්න කෙළේ.වැඩේ කියන්නේ එක මට දුන්නේ නැහැ නේ.මතක් වෙන්න තියාගෙන ඉන්නවද දන්නේ නැහැ.

      Delete
  31. අතිතයේ සුන්දර මතක..ඒ කාලෙ නම් අප කාටවත් අමතක කරන්න බැ නේද අසර්? හැමදාම වගේ ලස්සනට පැහැදිළිව ලියලා. කථාවට ගැලපෙන විදියට චිත්‍ර ටිකත් මරු!

    ReplyDelete
    Replies
    1. කවදාවත් ඒ දේවල් අමතක වෙන්නේ නැහැ.වර්තමානේ වෙන සිද්දි මාසෙන් දෙකෙන් අමතා වුනාට ඒ කාලේ කරපුව චිත්‍ර පටියක් වගේ බලනවා වගේ මතක් වෙන්නේ.

      Delete
  32. අපරාදේ අපි ලොකු උනේ මටත් ඕක නම් නිතරම හිතෙනවා.
    "පිරිමි ගොඩයි මම විතරයි" වගේ නේද.. නම.. හි ..හි

    ReplyDelete
    Replies
    1. හැමෝටම එකම දේ නේද හිතෙන්නේ.

      කොල්ලෝ ගොඩාක් ඔයාගේ පස්සෙන් එද්දී ඔයාටත් ආඩම්බර කමක් දැනුනද?

      Delete
    2. අයියෝ මම කිව්වේ අර සන්නස්ගලගේ පොතේ නමනේ.. :D
      (අනේ මගේ පස්සේ කොල්ලෝ ආවේ නෑ.. මම ඉතින් හරි කැතයිනේ.. හික්ස්)

      Delete
    3. හා මම එපොත ගැන දන්නේ නැහැ නේ.

      බොරු කියන්න එපා.මෙන්න මෙයා තවත් ආඩම්බර වෙලා.

      Delete
  33. පිට රටවල වැඩක් නැති වෙලාවට උඩ බලාගෙන ඉද්දී මේවා මතක් වෙනකොට නොදැනීම ඇහැට කදුලක් එනවා නේද බන්,, ඒ මතකයන් මතක් කරගෙන හූලනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මටත් මේ දේවල් මතක් වෙන්නේ තනියෙන් ඉද්දි ඔහේ කල්පනා කර කර ඉද්දි තමයි.

      ඒ අතීතය හුල්ලන එක අපි හැමෝන්ගෙම පුරුද්දක් වෙලා නොදැනුවත්වම.

      Delete
  34. හපොයි... ඒ කාලෙත් වෙලා තියෙන දේවල්, හැබැයි මතක් වෙද්දි ටිකක් විතර දුකත් හිතෙනවා ඒ අතීතෙ අපෙන් එන්න එන්න ම ඈත් වෙන නිසා...

    ReplyDelete
    Replies
    1. ආතිතය ඈත් වීම කොහොමද නවත්වන්නේ. අතීතය අතිතයක්ම තමයි මචං.

      Delete
  35. ඇඬුණ බං... ඉස්කෝලෙ කාලෙ මතක් වෙලා... ආපහු ඒ කාලෙට යන්න ඇත්නම්.....

    ReplyDelete
    Replies
    1. අඬන්න එපා. මචං මොනවා කරන්නද?..

      Delete
  36. එක අතකින් අපි හැමෝම ලබල තියෙන්නෙ සමාන අත්දැකීම්ද මන්දා..සුලු වෙනස් කම් ඇතිව..!මාර ත්‍රිල් එකක් ආව බං කියෝල..(ත්‍රිල්...වචනෙ හරිද මන්දා..වෙන වචනයක් එන්නෑ.!)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වචනේ හරි. මොකද කිහන් බලන්න ත්‍රිල් එක ආවේ.පරණ සිද්දි කියක් මතක් වුනාදා?.

      Delete
  37. මට ඒ කාලෙට ආපහු යන්න පුළුවන් වුණොත් ඔය කෙල්ලන්ගේ පස්සෙන් ගිහින් අහන්න බැරි වුනු හැමකෙල්ලෙක්ගෙන්ම අහනවා. ඒ කාලේ ඝට තිබුණේ නෑ මේ කාලේ වගේ!

    ReplyDelete
    Replies
    1. බඳින්න ඔන්න මෙන්න ඉන්න කොල්ලෙක් කියන කතාවක් ද?.

      Delete
  38. //ගියර් 21 ඉස්සරහ විතරක් ශෝකට් තියෙන නිල් පාට මවුන්ටන් බයිසිකලය මගේ.//
    මට තිබ්බෙත් ෂිමානෝ මවුන්ටන් එකක්. තාම ගෙදර තියෙනවා බං. රෙපයාර් පාරක් දීල ගන්නෝනි.

    සුන්දරයි බං. කිව්වත් වගේ මෙච්චර දුක් විදින්න ඇයි අපි ඉක්මනට ලොකු වුනේ !

    ReplyDelete
    Replies
    1. මට තිබුනේ ඉන්දියන් එකක්. නම මතක නැහැ.

      ඔව් බන් මෙහෙම රස්ස්වල් කර කර දුක් විඳින්න ඕනේ නැහැ නේ.

      Delete
  39. //එය බාර දෙද්දී අර "කිරි පාට ඇස් දෙක" ලගටම දකින්න……//

    කිරි පාට ඇස් හී හී...

    කතාව එක දිගට කියවාගෙන ගියා. ලියලා තියන විදිය ලස්සනයි ....

    මේ කොල්ලෝ ඉස්කෝලේ යනකොට කරලා තියන ජාති. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සුදුම සුදුයි දැන්නම් තැඹිලි පාට වෙන්න ඇති.

      ඔයාගේ පස්සෙන් සුද්දෝ පැටවූ ආවේ නැද්ද?..

      Delete
  40. ෂෙහ් .. මුං ඔක්කොම සත්‍ය ප්‍රේම භෘංගරාජයොනේ.

    මොකටද බං කෙල්ලොන්ගෙ ගෙවල්වල වැල් බල බල යන්නෙ, අර ඩෙනිම ඇරෙන්න වෙන එකක් තිබුන නම් මොකද වෙන්නෙ.

    කිව්වත් වගේ මටත් තියෙන ප්‍රශ්නයක් අපි ලොකු උනේ ඇයි කියල. අර හිටපු විදියට හිටිය නම් කොච්චර හොඳද, ඒ කාලෙ හරි සුන්දරයි බං. දැන් කොයි වෙලෙත් අරකට ගෙවන්න ඕන - මේකට ගෙවන්න ඕන, අතේ තියන ගානෙන් රෝල පෙරලන හැටි ගැන කල්පනා කරනවට වැඩිය වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. මචං ඩෙනිම විතරයි අනිත්වා ඇතුලේ වැලක වනන්න ඇත්තේ..

      ඔව් ඔලුවෙන් ප්ලෑන් කොච්චරනම් ගහනවද? හපෝ මෙහෙම ජිවිතයක්.

      Delete
  41. කාලයක් ගිහිනුත් කතාකරන්න අමතක නොකරන්න සමහර විට දෙන්න බැරිවුණ සුදු කමිසෙ ඇයට මතක්වෙන්න ඇති.. නැතිනම් ඒ කමිසය මතකසටහනක් විදිහට තියාගත්තද දන්නෙ නෑ..:D
    ගෑණු ළමයි අතර නම් මේ වගේ ආදරය බෙදාගැනීම් බලාපොරොත්තුවෙන්න බැහැ. ඒ අතින්.. සහයෝගයෙන් වැඩ කරන මේ යාළුකම් ගැනනම් හිනා.. :D
    අතීතය කොයිතරම් ලස්සනයිද සැහැල්ලුද.. ඒ ලෝකයේ සුන්දර මතක බෙදානොගෙන ඉන්න එපා..:)

    විරල ඒත් සරල උපමාත් එක්ක ආයෙත් පරණ අසා හමුවෙලා.. :) :)

    //ප/ලි: ඉරිසියාවක් නැතිව// :P

    ReplyDelete
    Replies
    1. // සුදු කමිසෙ ඇයට මතක්වෙන්න ඇති.. නැතිනම් ඒ කමිසය මතකසටහනක් විදිහට තියාගත්තද දන්නෙ නෑ.// සමහර විට පාන්කඩ හදලා වෙසක් එකට පත්තු කලාද දන්නේ නැහැ.

      Delete
  42. ඇයි අපි ලොකුවුනේ

    මට තියෙන ප්‍රශ්නෙත් ඒකයි.. අපි 10, 11 වසරවල හැමදාම හිටියානම් මරු..

    ReplyDelete
    Replies
    1. 11 වසරේදී තමා නියම ජීවිතය ගත කලේ.ඊට පස්සේ ටික ටික බැරෑරුම් ප්‍රශ්න.

      Delete
  43. ඔන්න අදයි මම මේ පැත්තට ඔලුව දාන්නෙ...අපරාදෙ බන් උඹ හැමදාම අනුන් වෙනුවෙන් බයිසිකල් පැද රැස් කරගත් කුශලයෙන් බොට හොද කෑල්ලක් සැට් වේවි...

    මම මහව දුම්රියෙන් රැකියාවට යන කාලෙ අපේ සෙට් එකේ හිටිය කෙල්ලෙක් ගැන හිතක් පහළ වුනා. මුලින්ම විස්තරේ කිව්වෙ එතැන හිටිය වැඩිමල් එකෙක්ට...ඌත් මට බොක්කෙන්ම සප් එක දෙන්න එකග වුනා...මම ගම්පහ ඉස්ටේසුම පහුකරගෙන පල්ලෙවෙලට ගියා කෙල්ලගෙන් ඩිරෙක්ට් අහන්න...

    ඔන්න දැන් මමයි එයයි මගේ සහයට ආපු එකයි තුන් දෙනාම පල්ලෙවෙල ඉස්ටේසමේ බැස්සා...මම කෙල්ලට ලං වෙලා කථාව කියන්න හදනකොට ඒකි මගෙ දිහා බලලා ගස්සගෙන ගියා...ආයෙ අල්ලන්න බැරි වුනා...වෙනදට මට හොදට හිනාවෙලා සුහදතාව පෙන්වන කෙල්ලට මොකද වුනේ කියලා හොයාගෙන යද්දි තමා මට සිද්ධිය අනාවරණය වුනේ...

    මගේ සහායකයා මට කලින් තව එකෙක් ඒ කෙල්ලට පංගරාත්තු කරන්න ඇවිල්ලා...ඒ වතාවෙ දෙන්නා සෙට් වෙලා...නමුත් ටික කාලෙකින් ඒකා පොල්ල තියලා මාරු වෙලා...අර පැරණි සපෝටර් අලුතින් එකෙක් අල්ලගෙන ආයෙත් ආපු එකට තමා එයාට තරහා ගිහිල්ලා තියෙන්නෙ... නැතුව මා එක්ක නෙමෙයි...

    ලව් වලට බහිනවානම් තනියෙන් බහින එක තමා හොදම දේ...

    ReplyDelete
    Replies
    1. එකනම් ඉතින් හරිම දුක හිතෙන සිද්දියක්. තනියෙන් වැඩ වලට බහින්නේ සාමාන්යෙන් වයස ටිකක් වැඩි කාලේ නේද?. පාසල් කාලේ ඉතින් සෙට් එකෙන් පිට මොකවත් කරන්නේ නැහැ නේ.

      උඹ එදා තනියෙන් වැඩේට බැස්සනම් අද සිරා පියෙක්.

      Delete
  44. මේ කතාවෙ මාතෘකාව දැක්කාම නම් හිතෙන්නෙ මාස 10ක් ඇතුලත කොල්ලො 3 දෙනෙක් එක්ක යාළු උනු කෙල්ලෙක් ගැන කියලා.. ඒත් ඊට හාත්පසින්ම වෙනස් නෙ මේක...

    ReplyDelete
    Replies
    1. උඹ රැවටිලා නේද මේ පැත්තට ආවේ.සාදරයෙන් පිලිගන්නවා.

      Delete
    2. හි හි.. බොහොම ස්තුතියි..

      Delete
  45. අනේ අපොයි අර කිව්වත් වගේ ඔයා ලියන විදිය තමයි මරු අයියේ... පුදුම වචන සෙට් එකක් තියෙන්නෙ... අතීත මතක හැමදාම සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. ඔව් අතීතය තමා කවදත් සුන්දර..

      ස්තුතියි කාලෙකින් දැක්කේ.

      Delete
  46. කන කෑම පොඩ්ඩක් අඩු කළා නම් ඉක්මනට ලොකු වෙන එක වලක්කගන්ඩ තිබ්බා. හෙහ් හෙහ් ....ඇත්තටම මට හරියටම ඊයේ රෑ වැඩ ඇරිලා බෝඩිමට යද්දී ඉස්සර ඉස්කෝලේ යන කාලේ මතක් වෙලා හීල්ලුනා..මතක් වෙනකොට පපුව දාල යන ඒ අතීතේ වචන වලින් කියන්ඩ බැරි සුන්දරයි...හැමෝම කියනවා වගේ අසාර් අයියගේ ලිවීම පට්ට, මරු උපහැරණ..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අපි ඉක්මනින් ඉස්කෝලේ යන එක නවත්වන්න හැම වෙලාවේම කෑවා.මොකද බන් එක සැරේම පරණ සිද්දි මතක් වුනේ ට්‍රයි එකක්වත් හිටියද පාරේ.

      ස්තුතියි මචං අගය කිරීම ගැන.

      Delete
  47. උපමා ටික හරි ලස්සනයි මචං. හරි නැවුම් බවක් තිබුනා ඒවායේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං

      මොකද මේ පරක්කු වෙලා.

      Delete
  48. මම හිතුවේ අන්තිමට ඔබතුමා ගොඩ ගියා කියලා. අයියෝ සල්ලි. කමක් නැහැ බයික් පැදිල්ල සෞඛ්‍යයටත් හොඳයිනේ :P

    ReplyDelete
    Replies
    1. කොහේ ගොඩ යන්නද? අපි කාගේවත් ඔරලෝසුව හොඳ වුනේ නැහැ නේ.

      Delete
  49. //"අපරාදේ අපි ඉක්මනින් ලොකු වුනේ".//

    ඔයා විස්වාස කරන එකක් නෑ අයියේ හිරු අක්කගේ පෝස්ටුවකට මේ වචන ටිකම දාලා මේ ආවා විතරයි මෙතනත් අතීතය සිහි කරවන කතාවක්.එක දිගටම සෑහෙන්න දුකක් දැනුනා එකක් පස්සේ එකක් මෙහෙම දුක්බර සුන්දර අතීතේ මතක් කරන්න වෙච්චි නිසා....

    http://hirunethihorawa.blogspot.com/2013/02/blog-post_19.html

    මොනවා උනත් අන්තිමට කෙල්ලට වෙච්චි අවමානේ ගැන කියවද්දි නම් දුක හිතුනා ගම්වල ගොඩක් වෙලාවට නැති කතා ඇති කරනවනේ...

    ReplyDelete
    Replies
    1. කාටත් දැනෙන ප්‍රශ්නේ. ඉක්මනින් ලොකු වුන එක නේ.

      ඇත්ත මචං මොනවා වුනාත් ඒ කෙල්ලගෙන් ලබාගන්න දෙයක් නැහැ ඉතින් මොකටද කතන්දර හදන්නේ.කැමතිද ඇහුවා නැහැ කිවුවා නිකා හිටියා.

      Delete
  50. මේ කතා ඒ කාලේ දුක් සීන් වුණාට අද වෙද්දී ඒවා හිතල හිනාවෙන්න පුළුවන් (ද මන්දා)

    ReplyDelete
    Replies
    1. අන්න ඒ හින්දම තමා මේ කතාව මෙච්චර සාර්ථක විදියට ලියවුනේ.

      කාලෙකින් මචං මේ පැත්තේ.

      Delete
  51. හ්ම්ම්
    10 වසරේදී මාත් ගියා පොඩි පන්තියකට ,ඉන්නේ ළමයි 3 දෙනයි ,මායි පොඩි කොල්ලෙකුයි විතරයි මුලදී හිටියේ ,පස්සේ ආව ලොකු ඇස්දෙකක් තියන සුදු පොඩි කෙල්ලෙක් ,පන්තිය ඉවරයි ,මල් මල් ලෝකයයි ,ටික දවසකින් අම්මා ගාව මට දෙන්න සල්ලි නැති උනා ,මන් පන්ති ගියේ නැ ,ඒ ළමයට වෙච්ච දෙයක් නැ ,ඒ කාලේ හින හැම එකේම හිටියා එයා :)

    ReplyDelete

  52. بسم الله الرحمن الرحيم تقدم لكم شركة الكمال جميع خدمات رش المبيد يجميع انحاء المملكة بافضل انواع

    المبيدات للقضاء على جميع الحشرات الطائرة والزاحفه كالصراصير والفائران والنمل الابيض والبق

    والذباب والناموس
    شركة رش مبيدات بالطائف
    شركة رش مبيدات بجازان
    شركة رش مبيدات بحائل
    والسلامه عليكم ورحمة الله وبركاته

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...