28 Feb 2012

මම හෙට බඳිනවා. තවත් ආදර කථාවක්..



පොඩි කතාවක්




                                    එදා සඳුදා උදෙන්ම වැඩට ගියේ දවස් දෙකක නිවාඩුවකට පස්සේ.මටනම් සඳුදා දවසේ විශේෂයක් තිබුනේ වෙනදට ලැබෙන පාප්ප වගේ අඩු සීනි වැඩි වතුරත් එක්ක දෙන කිරි තේ ඒක වෙනුවට සම්පුර්ණ යොදය සහිත කිරි වීදුරුවක් ලැබෙන්නේ ඒ ආයතනයේ සඳුදට තියෙන මැනේජ්මන්ට් මිටින් ඒක නිසා.පැය දෙකක නිදිමත නැතිවෙන්න කියාපු පානය.කාලයාගේ ඇවෑමෙන් මටත් ඒ මිටින් එකට සහභාගී වෙන්න (අ)වාසනාව ලැබුනා.හැම දෙනාගේම ප්‍රශ්න සාකච්චා කරලා අවසානයට එන්නේ මගේ ප්‍රශ්න ගැන.ඒත් මගේ ඩ්පර්ට්මේන්ට් එකේ කවදාවත් ප්‍රශ්නයක් නෑ.සතිය ගෙවාගන්න ප්‍රශ්නයක් නැත්නම් ඒ සතිය  අමුතුවට දැනෙන්නේ.ඒ සියල්ල අවසානයේ සුපුරුදු පරිදි ඔෆිස් ඒක වටේ යන්නේ මොනවගේ ප්‍රශ්න තියේද කියල පොඩි අදහසක් ගන්න .හැම දාම වගේ කකුල් දිගවැඩි කෙල්ලෙක් ගෙන් තියෙන කරදරයක් වුනු "නෙට්වර්ක් කේබල්" ඒක ගලවන් දැඟලිල්ල එදත් තිබුනා.වතුර දාලා මැදන් ආපු ෂර්ට් ඒක පොඩි නොවෙන්න මෙසේ යට අමාරුවෙන් රින්ගද්දීම මගේ දුරකථනය දෙදරුවා.මකුණු දැල් කඩාගෙන මෙසේ යටින් නැගිට්ටේ ඒ කෙල්ලට බනින්න තියෙන හැම වචනයක්ම මුණෙන් ආරෝපණය කර ගෙනමයි.


එහා පැත්තෙන් : හලෝ කොහොමද?
මම : හොඳයි ඔයාට කොහොමද?
එයා :මටත් හොඳයි. මතකයි නේ හෙට දවස ගැන
මම: ඔව් ඔව් මට මතකයි හෙට මගේ උපන්දිනේ නේ.ඔයාට අදම මතක් වුනාද?
එයා. හෙට.. අනේ මට අමතක වුනා නේ.සුභ උපන්දිනයක්.ඒත් ඒක නෙවෙයි
මම : එහෙනම් මොකක්ද
එයා : මම හෙට බඳිනවනේ .10.20 පෝරුවේ චාරිත්‍ර
මම: අහ්.... ඔව් නේ මට දවස අමතක වුනා .දෙන්නටම ආසිරි මංගලම් හොඳින් පරිස්සමින් දෙන්න හැමදාම සතුටින් ඉන්න.
එයා:එහෙනම් පොඩි වැඩ වගයකුත් තියෙනවා.  වැඩක් ඉවර වුනා විතරයි පුළුවන් වෙලාවක ආයෙත් කෝල් එකක් දෙන්නම්කො..බායි
මම :බායි.


ඒ ඇමතුම  වෙන කාගෙන්වත් නෙවෙයි මගේ පෙම්වතියගෙන්. එයා හෙට බඳිනවලු.ජිවිතේට අමතක නොවන උපන්දින තෑග්ගක්.ඒ දෙන්නගේ විවාහ සන්වත්සර සාදය තිබෙන හැම දවසකම මගේ උපන්දිනේ.ඉතිං මම කොහොමද උපන්දිනයක් සමරන්නේ.මම ඇයට සුභ පැතුවත් අවංකව නොවෙන විත්තිය මගේ යටි හිත කිවුවා.ඒත් ලොකු දුකක් නොදැනුනත් පෙනී පෙනී තිබුණු කුසලානයක් ගිලිහුනා වගේ හැඟීමක් මට දැනුනේ.ඒ ඇමතුම කොයි මොහොතේ හෝ ලැබෙන බලාපොරොත්තුවෙන් හිටපු නිසා මට වැඩි දුකක් දැනුනේ  නැහැ.උදෙන්ම කුටු කුටු ගාන කෙල්ලොන්ගේ සද්දේ හිනා සද්දෙ ටිකෙන් ටික  නැති වෙලා පාලාතම නිශ්ශබ්ද වෙලා වගේ දැනුනා.සිහි එලොවගෙන  වට පිට බලද්දී "බොස්" ඇවිත්  එවෙලේ මම හිටපු ඩිචිෂන් එකට.ඕනෙම වෙලාවක ඕනෑම තැනක ඉන්න අවසරය මට තිබෙන නිසා ප්‍රශ්නයක් උනේ නැහැ.මේ සියල්ලම ඇරඹුමේ  සිට එකින ඒක මතක් වෙන්න ගත්තා.


අලුත් තැනක රැකියාව ලැබුනේ ගාලු පාරම ළඟ ඉතා ජනාකීර්ණ ස්ථානයක.වටේ ටිකක් උස ගොඩනැගිලි තියෙන තැනක් වුනු මේ තැන මගේ අලුත් ස්ථානයත් නවීන පන්නයට හදපු තැනක්.කලින් වැඩ කරපු තැනත් සමඟ  සංසන්දනය කරද්දී මේ තැන හුරු නැති අමුතු තැනක් වගේ දැනුනා.මගේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලෝත් වටේ ඔෆිස් වල ඉන්න  වෛවර්ණ කෙල්ලොන්ගේනුත් මට කිසි වෙනසක් දැනුනේ නැහැ.කාලයක් යද්දී අහම්බෙන් දැක්කා එයාව.ලඟම තියෙන වෙනත් තැනක වැඩ කරන ඇය ලස්සන ඇති වෙන්න තිබුණු කෙනෙක්.ඒ වෙද්දී මගෙත් එක්ක වැඩ කරපු කිහිප දෙනෙක්ට  ඇය ගැන හිත ගිහින් තිබුනේ.ඒ වටේ තිබෙන තවත් ආයතන  කිහිපයකම කොල්ලෝ  ඇය යන එන මග රැකගෙන හිටියේ තමන්ට අයිති කරගැනීමෙ අදහසින්.කාර් වැන් ජීප් වගේ සුපිරි වාහනවලින් එන යමක් කමක් ඇති කඩවසම් තරුණයොත් සමඟ අත් දිග ෂර්ට් ඒක වැලමිට ලඟට නවලා බස් එකේ යන එන  මමත් එයාට කැමැත්තෙන් හිටියේ.


ඇය මුලින්ම දැකපු දවසේ ඉඳල මාසයක් වගේ කාලයකදී ෆොන් නම්බරේ ගන්න හැකියාවක් ලැබුනා.ඊට පසු  කෙටි පණිවිඩ අපි දෙන්න අතරේ හුවමාරු වීම ටිකෙන් ටික වැඩි වුනේ අපි දෙන්නටම නොදනිමමයි.මේ කාලේ මගේ ජිවිතේ අමුතු සන්තෝසයකින් ගත අකරපු කාලයක්.නිතරම මැවෙන්නේ ආදරණිය සිදුවීම්.නිදාගන්න ගියත් ඇඳේ දෙපැත්තට පෙරළෙමින් සිහින මාලිගා හැදුවා.ආදරේ හමුවේ රජුන් පවා බොළඳ වෙද්දීත් මමත් බොළඳ හීන දැක්කා. බොළඳ කවි ගැලපුවා.මාස තුනකට විතර පස්සේ මං බලාපොරොත්තුවෙන් හිටපු ඒ වචනේ එයාගෙන් ලැබුනා.මුදල් තියෙන යාන වාහන තියෙන ඒ සියල්ල නැතිව සාමාන්‍ය කෙනෙක් වෙච්ච මට කැමති වීම මට මං ගැන ආඩම්බරයක් තිබුනේ.


මගේ යටි සිතේ ඇඳිලා තිබුණු ඒ රූපේම ඇයට පිහිටලා තිබුනා.ගමන බිමන කථාව අහිංසක කම කරන විලාසිතා පවා  මා ගෑණු ළමයෙක්ගෙන් බලපොරොත්තු වූ සියල්ල ඇයට පිහිටලා තිබුනා.මේ කාරණා නිසා මම හැම වෙලාවේම හිටියේ ගොඩාක් සන්තෝසෙන්.ඒ වෙද්දී වටේ ඉන්න ඇයට බැල්ම දාපු සියලු දෙනා මාත් සමග වෛර බැඳගෙන ඉන්න බව මට තේරුනේ  ඔවුන්ගේ හැසිරීමෙන්.අපි මෙහෙම ආදරෙන් හිටියත් ඒ සියල්ල කලේ ඇයගේ ආයතනයට නොතේරෙන්න මොකද ඈ ඒ වෙද්දී රැකියාව කලේ ඇයගේ මාමට  අයත් ආයතනයක.


කලින් මං තනියෙන් හදපු අහස් මාලිගා අපි දෙන්නම එකතුවී  හදන්න ගත්තා.අපි ඉඳල හිටලවත් රණ්ඩු වුනේ නැහැ.ඇයට ගොඩාක් ඉවසීම තිබුනා ඒ වගේම ප්‍රශ්නයක් හොඳට තේරුම ගැනීමේ හැකියාව තිබුනා. මට මේ කරුණු කාරනා නිසා හැම වෙලාවේම එයා ගැන තව තවත් ආදරේ වැඩි වුනා.මේ විදියට මගේ අලුත් ජිවිතේ මාස 9 ක්  සතුටින් ගාලගෙන ගියා.රැළි නැති සයුරේ කුණාටුවක ආරම්භය වගේ අපි දෙන්නගේ ආදර කතාවට කණ කොකා හඩලන්න ගත්තා.විවාහ විය යුතු වයසේ හිටපු ඇයට ගෙදරින් පොඩි බලපෑමක් ඇවිත්.ඒ අපි දෙන්නට ලැබුණු පලවෙනි අසුභ ආරංචිය එයයි..


ඇයගේ වචන වලින් කියානවානම් ඇයට  විවාහ යෝජනාවක් ඇවිත්. ඒ දේ ස්ථිර වෙලත් ඉවරයි ඒ පවුල් දෙකෙන්. ඒ කිසි දෙයක් වෙනකන් ඇය දන්නේ නැහැ.ඒවාට විරුද්ද වීමේ හැකියාවක් තිබිලත් නැහැ.මෙයාගේ කැමැත්ත නැතුව ගෙවල් දෙකේ කැමැත්තෙන් කෙනෙක්ව විවාහ කර දෙන්න තරම් හැකියාවක් අද කාලේ තියෙන්නේ කොහොමද.අනිත්ඒක කොළඹ ජිවත් වෙන පිරිසක්.ඇයට යෝජනා වී තිබුනේ ඇයගේ නංගිගේ මහතගේ අය්යා.ඒක ගෙදර අක්කයි නංගියි අනිත් ගෙදර අය්යලා මල්ලිලා විවාහයක්.මේ හැම දෙයක්ම මට ලොකු ප්‍රශ්නයක් ගෙනාවා.එන්න එන්න හිතේ ප්‍රශ්න වැඩි වුනා.


ඇයගේ අම්මට එක් වස්ථාවක අපේ සම්බන්දෙ ගැන කියපු වෙලාවේ දුන් පිළිතුර  වුනේ. "ඕවා ඉතිං එහෙම තමයි නවත්වන්න බැරි කමක් නැහැ නේ.පටන් ගෙනත් වැඩි කාලයක් නැහැ නේද?"වැනි වචන.දවසක් කලත් ආදරේ ආදරෙමයි.ඒත් ඒ අම්මා ඒ ගොල්ලන්ගේ නෑදෑ පරපුර ගැන විතරයි හිතුවේ.ලඟම නෑදෑයෝ පවුලේ හැමෝම මාසයකට සැරයක් එයාලගේ ගෙදර එකතු වෙනවා.ඒ හැම දවසකම හැමෝම කතා වෙන්නේ මෙයා ගැනලු.මට කියපු විදියට ඇයත් හිටියේ ගොඩාක් කලකිරීමෙන්.අපි දෙන්න වෙනුවෙන් කතා කරන්න කිසි කෙනෙක් හිටියේ නැහැ.එයාගේ යාලුවෝ පවා උදවු කලේ "රෙක්ස්" කියන ගෙදරින් බල කරන කෙනාත් එක්ක විවාහ වෙන්න.


වයස 23 ක් වුනු ඇය කොහොමත් විවාහ විය යුතු වයසේ හිටියේ. මට විවාහයක් සඳහා කිසිම සුදුසු කමක් තිබුනේ නැහැ.ඇයත් මමත් එකම වයසේ වුනු අපි තව කල් ගන්න කොතකුත් දේවල් කලත් කිසිම ප්‍රථිපලයක් නැති වුනා.ඇයගේ දෙමාපියන් එක්ක කතා කරන්නත් මට ඒ වෙද්දී දුවෙක් දෙන්න තරම් සුදුසුකම් තිබ්බේ නැහැ.ඒත් සුදුසුකම් හදාගන්න ටික කාලයක් අවශ්‍ය  වුනාත් ඒකට  කාලයක් දෙන්නෙත් නෑ කියල දන්නවා.එක් අවස්ථාවකදී ඇයගේ ගෙදර ගිහින් කතා කරන්න උත්සහ කලත් ඇය ඒ දේට අකමැති වුනා.ලංකාවේ ඒ වෙද්දී තිබුන නීතියත් මම හොයල බැලුවො මට මොනයක් විදියකින් හරි සහනයක් තියෙවිදෝ කියලා.මට දැනගන්න ලැබුණු විදියට දෙමාපියන්ටත් බැහැ තමන්ගේ දරුවාව බලෙන් විවාහ කර දෙන්න.ඒ දේ නීති විරෝදියි.දෙමාපියන් අත්තඩංගුවට ගැනීමේ හැකියාවත් තියෙනවා.මං ඒ දේ ඇයට කිවුවත් අම්මව පොලිසියෙන් අල්ලන යනවට කොහෙත්තම කැමති වුනේ නැහැ.අවසානයට තිබුනේ අපි දෙන්නට හොරෙන් විවාහ වෙලා ටික කාලයක් දුරක ගිහින් ඉන්න..මම ඒ යෝජනාව කලේ ඇයගේ ඇත්ත අදහස  දැනගන්න.කොහොම වුනාත් මං කවදාවත් කැමති නැහැ ඒ විදියේ විවාහයකට.ඒත් ඇයගේ පිළිතුර වුනේ අම්මට දුකක් දෙන්න බැරි නිසා එහෙම දෙයක් කිරීමේ අකමැත්ත.


මම කරන යෝජනාවලට  අකමැති වීම මට ටිකක් සැකයි.හදිස්සියෙවත්  ඒ එක යෝජනාවකට කැමති වුනාත් මම ඒ දේවල් කරන්නේ නැහැ.මොන දේ කරත් බුද්ධිමත් වෙන්න ඕන නිසා.මම කොතෙකුත් යෝජනා කරත් ඒ කිසිම දෙයකට යහපත් පිළිතුරක්   ලැබුනේ නැහැ.ගෙදරට කීකරුව හැදුනු අහිංසක කම නිසා හා දෙමාපියන්ට තියෙන ලැදියාව නිසා වෙන්නත් ඇති කියල මට හිතුනා.අපි දෙන්නට කරදරයක් නොවෙන්න කොතෙකුත් දේ කලත් ඇයගේ ප්‍රතිචාරය වූයේ එකතු වෙන්න වාසනාව තියේනම් මොන භාදකේ ආවත් පුළුවන් කියාය.ඒත් මට ටිකෙන් ටිකේ තේරුම ගියා මේ දේ එක පාර්ශ්වික ආදරයක් බව.එක්කෝ ගෙදරින් බලපෑම නිසා කැමති එහෙමත් නැත්නම් ඒ ගෙදර වට පිටාවේ තිබුණු  බලපෑමත් එක්ක තනිව සටන් කිරීමේ නොහැකියාව.


ටික කාලෙකට පස්සේ ඒ කථාව ටික ටික අඩු වෙලා ගියා.අයෙත් අපි දෙන්නට හොඳ කාලයක් ලැබුවා.ගෙදරින් තිබුණු බලපෑම නැති වෙලා.හැම දාම හවස බස් එකේ බත්තරමුල්ලට  වෙනකන් කතා කර කර යෑම බත්තරමුල්ලේ ඉඳල නුගේගොඩ ඇයගේ ගේ අසලට  වෙනකම්  කතා කරනගමන් ඇය ලඟින්ම යන්න හැකි වුනා.මේ යන හැම පාරකම විවාහයට යෝජනා වෙලා තිබුණු රෙක්ස්ගේ මිතුරන් ඉන්න බව මම දැනගෙන හිටියේ.ඒත් ඒ කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව ඇය මාත් සමග ඇවිදීම නිසා  මට ඇය ගැන පැහැදීමකින් ඇතිවුනා.ඔහුට කැමැත්තක් තිබුනනං මාත් සමග කොහෙත්තම ප්‍රසිද්දියේ ඇවිදින්න එන්නේ නැති බව මම දන්නවා.


දවසක් අපි හැමදාම වගෙ වැඩ ඉවර වෙලා බස් එකේ ගියේ වෙනදට වඩා සතුටින් එකිනෙකාට විහිළු කරගනමින්.දවසේ දින චර්යාවෙන් අවසාන එක් වූ නින්දට පෙර ඇමතුම මට ලැබුනේ වෙනදට වඩා කලින්.ඒත් එයා පැත්තෙන් ඇහුනේ ඉකි බිඳුම් දිගු සුසුම් පමණයි.මොනවා හරි ලොකු දෙයක සේයාවක් බව මට තේරුම් ගිය.ටික වෙලාවක දෙපැත්තේම නිෂබ්දයි."මගේ වෙඩින එක තීන්දු වෙලා දින වෙන් කරගෙන ඒ නැකත් ගෙනල්ල .දෙසැම්බර් වල තියෙන්නේ.".දැන් මට කරන්න කිසි දෙයක් නැහැ පරක්කු වැඩියි .කලින් කරන්නත් හැකියාවත් තිබ්බෙත් නැහැ.ඒ ඇමතුම මගේ ජිවිතේ ලබපු භයානකම ඇමතුම .


මට  ගැලපෙන මම ඇයගේ සියලු ඉරියවු වලට ආදරේ  කරපු කෙනෙක්.මට ලැබුණු හොඳම වටිනාම කෙනා වෙනත් කෙනෙකුට අයිති වෙන්න යන්නේ.එදා රාත්‍රීයෙන් පසු සතියක් විතර මම ගතකරපු විදිය මම දන්නේ නැහැ.මට කියන්න කෙනෙකුත් හිටියේ නැහැ.මිතුරන් කොතෙකුත් හිටියත් ඒ කිසිකෙනෙකුට කියන්න බෑ.ඇයත් සමගවත් මම කතා කරන්න කැමැත්තක් තිබුනේ නෑ. ඒ වෙද්දී විවාහයට තව මාස 3 ක් විතර තිබුනා.සති දෙකකට විතර පසු අපි ආයෙත් කෙටි පණිවිඩ හා ඇමතුම්  හුවමාරු වුනා.අපි ආයෙත් සතියකට දවසක් වගේ මුණ ගැහුනා.පිළිකා රෝගියෙක්ගේ අවසාන දින කිහිපය සතුටෙන් තියනව වගේ අපි දෙන්නට දෙන්නා එකිනෙකව සතුටු වෙන විදියට හිටියේ.


වෙනද ඇගේ දුරකතනයට ඇමතුමත් ගත් විට ඇහෙන ඒ රිගින් ටෝන් එකට ඇහෙන ඒ සිංදුව වෙනත් තැනක ඇහෙද්දී මහා පාළුවක් වගේ දැනුනා.සාමාන්‍ය දෙනා වගේ අපිත් ෆොටෝ හුවමාරු කරගෙන තිබ්බේ.විවාහය ළඟ නිසාත් වෙනත් කෙනෙකුත් එක්ක ඉන්න නිසාත් එයාට ප්‍රශ්නයක් වෙයි කියල මම දුන් ඒ පිංතුර ආයෙ ඉල්ලුවත් මට  දුන්නේ නැහැ මාව මතක් වෙන්න ඕනේ නිසා.වෙනත් කෙනෙකුත් සමග විවාහ වුවත් තවත් කෙනෙකුගේ පිංතුර ඇය ළඟ තියාගෙන ඉන්නේ.දවසක් විවාහ උත්සවය සැරසීමට අවශ්‍ය රේන්ද හෝ එවැනි යමක් ගැනීමට නුගේගොඩ විච්චුර්ණ බඩු තිබෙන සාප්පුවකට මමත් ගියා.මගේ පෙම්වතිය වෙනත් කෙනෙකුත් සමග කෙරෙන විවාහයට අවශ්‍ය  කළමනා ගන්න ගියේ ඇයි කියල අදටත් මට හිත ගන්න බැහැ.ඒ ගියපු දවස වීදුරුවලින් හදපු ලස්සන තෑග්ගක හිටපු  පොඩි කුරුල්ලෝ දෙන්නෙක් ගලවල එකෙක් මට දීලා  අනිත් එකා ඇය තියාගත්තා .ඒ ලස්සන තෑග්ග දෙකට වෙන් කරාම  වටිනා කම නැති වෙනවා නේ කියල මං ඇහුවම ඇයගේ පිළිතුර වුනේ.මේ තනි කුරුල්ලා දකිද්දී ඉබේම අනිත් එකත් මතක් වෙනවා එතකොට නිකම්ම ඔයාට මාවත් මට ඔයාවත් මතක් වෙනවා නේ කියාය.


අවසාන මාස එකහමාර එයා හැසිරුනේ මට එයා එපා වෙන විදියට.ඉඳල හිටලා අපි හමු උනා. එයාගේ ශරීරයේ ලොකු වෙනසක් දැක්කා.රූපය ගැන නිතරම හිතපු ඇය දුර්වර්ණ වෙලා අපිරිසිදුයි.අඳින ඇඳුම කිසි පිළිවලක් නැහැ.නියපොතු කටින් කඩා කාපු අපිලිවලට තිබුනේ.සාමාන්‍ය කෙනෙක් උවත් හවස ගෙදර යද්දී පොඩි හෝ ආලේපයක් පාවිච්චි කලත් ඇයගේ තිබුනේ උදේ ආලේප කරපු ආලේපන දියවී අප්‍රසන විදියක් .ඒත් එහෙම වුනත් කොල්ලෝ එයා දිහා හැරි හැරි බලන්න තරම් රූපයක් ඒ වෙද්දීත් ඇයට තිබුනා.මේ වෙනසට හේතුව මට කිවුවේ හැම දෙයම එපා වී ඇති නිසා පිලිවල සිටීම පලක් නැහැ කියල.මගේ ශරිරයත් මට නොපෙනෙන වෙනස් වෙලා තිබිල.මානසික ප්‍රශ්න තියෙද්දී ඒ දේ ශරීරයට බලපෑමක් තියෙනවා කියල මට තේරුම ගියා.


විවාහයට පෙර සතියෙත් අපි සුපුරුදු විදියට බස් එකේ ගියේ ඒ අපි මුණ ගැසෙන ආවසාන දවස බව දැනගේනමයි.ඒත් මට ගොඩාක් වෙලාවට හිතුනා ඇය මට කරන්නේ බොරු ආදරයක් නේද කියල.ඇයි එයා මට මෙච්චර ආදරේනම් ගෙදරින් කියන දේට කැමති වුනේ.ඒ දේ ඇයගෙන් ඇහුවත් පිළිතුර වුනේ මම ආදරේද නැද්ද කියල ඔයාට තේරෙනවා ඇති නේ කියල..ඒත් මම ඒ දෙයට පිළිතුරක් දුන්නේ නැහැ.අවසාන දවස කීපයේ මට එයාව එපා වෙන විදියට වැඩ කලේ මට එයා ගැන වෛරයක් ඇති කරවල දුක අඩු කරන්න ඕනේ නිසාලු.විවාහයට පෙර දින මට ලැබුණු ඇමතුමේ අවසානයට ඈ කිවුවේත් "මම ඔයාට ආදරෙයි"කියල


ඇය හරියටම මගේ 24 වෙනි උපන්දිනය දවසේ සුභ මොහොතින් ඇය වෙනත් කෙනෙකුත් සමග අලුත් ජිවිතයක් ගතකරන්න ආරම්භ කල.ඇයටනම් ඒ දවස විශේස සන්තෝෂ දවසක් වෙන්න ඇති.ඒත් මට....


ඒ මගේ අවසාන පෙම්වති 2008 දෙසැම්බර් මගේ උපන්දිනය දවසේ විවාහ වුනා.ලඟදි දවසක ඇයගේ රිගින් ටෝන් එකට දාපු ඒ ගීතය හදිස්සියෙන් අහන්න ලැබුනා.එක ඇහෙන වාරයක් වාරයක් පාසා ඒ අතීතය මතක වෙලා දුකක් නැතත් මහා අමුතු දෙයක් දැනෙනවා.අපේ රට කොච්චර කුඩා රටක් වුනත් හදිස්සින්වත් ඇය පාරකදිවත් දැකල නැහැ.ඉන්න ගෙදර හැම විස්තරයක්ම  දැන ගත්තත් ප්‍රශ්නයක් වෙයි කියල ඒ අහලකටවත් යන්න හිතිලා නැහැ.සමහර විට මගේ ෆොටෝ අර විදුරු කුරුල්ලා තවමත් එයළඟ ඇති නැත්තනම් කුඩුකරලා ෆොටෝ ඉරල විසිකරලත් ඇති.


ඒත් මට දැනගන්න ඕනේ ඇය මට ඇත්තටම ආදරේ කලද මට මොනවා හැරි දෙයක් කරන්න තිබ්බද කියන ප්‍රශ්න ටිකට උත්තර විතරයි මට දැන් කිසි දුකක් නැහැ ඈ මට අහිමි වුනු එක ගැන.හිටියනම් සතුටුයි.තවම කෙනෙක් නැත්තේ ඒ වේදනාව නිසා නොවෙයි රටේ නැති නිසා.අනුකම්පාවකින් තොරව ඇත්තම අදහස කියන්න.

~~අසර්~~

20 Feb 2012

කරාටේ ධම්මික රටට හදුන්වාදුන් 7 වසරේ කරාටේ පන්තිය 2 කොටස.(අවසානය)

                              
දෙනෝ දහසක් දෙනා බලන් ඉන්න තැනකදී අපි පැරදුනේ හිතන්නවත් අවස්ථාවක් නොදී.අපි ඔවුන්ට ලැබුණු තෑග්ග හොරෙන් ගත්තා.ඒ සියලු විස්තරේ  මෙතනට ගිහින් බලන්න..
                                            
                                          
                                             අලුත් පාසල් වාරයේ ආරම්භ මුල් දවස හැමදාම වගේ වැඩ ගොඩයි.මාසයක් පුරා එකතුවුණු කුණු රොඩු එකතු කිරීම ඩේස් බංකු පිරිසිදු කිරීම.මකුණු දැල් ගැලවීම් වගේ දේවල්.ඩේස් පුටු හොයන්න අපිට වැඩි මහන්සියක් වෙන්න තිබුනේ නැහැ මොකද සාමාන්යෙන් ලොකු පන්තිවල අයියලා වාරෙ පලවෙනි දවසේ එන්නේ නැහැ.ඉතින් අපි එයාලගේ හොඳ ඩේස් එකක් වගේ අරන් අපේ පන්තියට එන්නේ ඉල්ලපු වෙලාවක දෙන්න හිතාගෙන.එහෙම අරන් එන ඒවා බ්ලේඩ් එකෙන් හූරලා වෝටර් කලස් වලින් වතුර නැතිව පාට කරන්නේ අලුත් වාරෙ පන්තිය ලස්සන තියාගන්න  ඕනේ නිසා.අපේ දේවල් අපි හොයාගෙන අනිත් ළමයි ඒවා පිරිසිදු කරන දීහා බලන් ඉද්දි අපිට හරි ජොලි.තව පිරිසක් සෑම පාසලකට උරුම වෙලා තිබෙන පරවී කරදරේ නිසා ඩේස්වල තියෙන පරෙවි බෙටි හෝදන්න ටැප් පේලියට අරන් එනවා.අපි වගේ සරළ ක්‍රමයක් අනුගමනය කලානම් මේ කාටවත් මේ විදියට දුකක්  නැහැ.එත් අපි ඒ දේ කාටවත් කියාදෙන්න ගියෙත් නැ.එක දිගට තියෙන ටැප් 4 පේලියට ඩේස් පුටු සෝදද්දී කානුව දිගේ වතුර බැහැගෙන යන්නේ  පොඩි දොළක් වගේ.දියවුණු පරවී බෙටි,දුවිළි,මකුණු දැල්, සහා ගැහැණු ළමයින්ට  අප්‍රිය හිතුනම ගහන කෙළ හොටු  මේ සේරම යන්නේ ඒ කානුව දිගේ.


6 වසරේ මල්ලිලා කරන සිඟිති වැඩ වලට අපි කල අළුගුත්තේරු කම් නිසා  අපිත් සිඟිති වින්දනයක් ලැබුවා.කොළ කෑලි වලින් බෝට්ටු හදල කානුව දිගේ  පා කරද්දී සතුරු හමුදාවලින්  ලැබෙන ප්‍රහාර විදියට අපි ගල් ගැහුවේ ඒ බෝට්ටු යට යන විදියට.අපිට රවන අපි ගැන කේලම් කියන ගෑණු ළමයි එතනින් යද්දී වතුරට ගල් ගැහුවේ කුණු ජරා වතුරෙන් නෑවෙන්න.හිතේ තියෙන කේන්තිය පිට කරන්න වෙනත් විදියක් තිබුනේ නැහැ.අපි 5 දෙනෙක් එක්ක වටේම ඉන්න හැමෝටම අඩාන් තේට්ටම් කරද්දී කි දෙනෙක් නම් අපිට හිතින් සාප කරන්න ඇතිද?එත් අපිට ඒ සෑම දෙයකින්ම ලැබුනේ ලොකු වින්දනයක්. ඒ විදියට ඉන්න අතරේදී අපේ සාම්ප්‍රදායක සතුරා එහා පන්තියේ බාල්දියාලගේ 3 දෙනෙක් අපි ඉන්න තැනින් කොහේ හෝ යන්න එනවිත්තිය පෙනුනා.මේ කානුව හරහා ගියපු ගොඩක් දෙනෙක්ට කල ඒ කුණු වතුරෙන් නෑවීම මේ සහෝදරුන්ටත් කරනවද කියල කතා කරද්දී අපි ඒ අදහස අත් ඇරියේ මොනවා වුනාත් අපේ 5 ක් උන්ගේ 3 ක් නිසා.සතුරා වුනත් සටනේදී සාධාරණය වෙන්න ඕන නිසයි.


ඒ ආපු පිරිස යන්නේ වෙන කොහෙවත් නෙවෙයි අපි ඉන්න දිහාවටයි. ඒ එන්නේ මොනවටද කියල අපි දන්නවා.


"කෝ අපේ තෑග්ග මොකද එකට කලේ.උඹලගෙ එකෙක් ඒක ගත්තේ.  කවුද හොරකන් කලේ."
"ඒ තෑග්ග ලැබුනේ නිවාඩු දුන්න දවසෙනෙ.ඇයි අද අපෙන් ඉල්ලන්නේ?. අපි දන්නේ කොහොමද උඹලගේ තෑග්ග"
"එදා තමයි ඒක අපෙන් උඹලා හොරන් ගත්තේ.දැම්ම දියන් නැත්තනම් ප්‍රින්සිපල්ට කියනවා."


උන්ගේ 3 දෙනෙක් අපේ 5ක් හිටියත් උන් බය නැහැ.කටු වැහෙන්න මස් පිරිලා තියෙන මේ තුන් දෙනා අපි පස් දෙනාටම පත බෑවෙන්නම ගහන්න වැඩි අමාරුවක් නැහැ.කඳ බඩ තියෙන සුරංගත් කිසි විශ්වාසයක් කරන්න බැරි ඒකා.අර වගේ තරඟයකදී කඹයක් අතරිවිද නැත්නම්.අනිත් 3 දෙනාම මම වගේම "අම්බලන්ගොඩ මපට් වගේ." අනිත් ඒක මුහුද සැර වෙලාවට ඔරු පදින්නත් හොඳ නැහැ නේ.වැරදිලාවත් මේ දේ ගැන කාට හරි පැමිණිලි කලොත් අපේ පැත්තටමයි වැරැද්ද එන්නේ.කරන දෙයක් අතින් පයින් නැතුව ඔලුවෙන් කරන්න මම හිතා ගත්තා.එත් අපිත් ඒක ඉන්න ධම්මික යන්නෙම උන් එක්ක පැටලෙන්න.මෙතෙක් කාලයක් එහා පන්තියත් එක්ක පැටලුනේ මේ ධම්මික නිසා.

                                              
ධම්මික කියන්නේ උපන්ගෙයි මෝඩයා.96 ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානේ දිනපු අලුත ක්‍රිකර්ට් භිෂණයක් ඇති වෙලා තිබුණු කාලේ පුරන් වු කුඹුරක, රබර් ඉඩමක, ලංගම බස් විතරක් යන පාරක, පොඩි තැනිතලාවක වගේ හැම තැනකම ක්‍රිකර්ට් සෙල්ලම් කළා.මේ මෝඩ ධම්මිකත් පොඩි දොළක් අයිනේ තියෙන පිට්ටනියේ හැමදාම සෙල්ලම් කලේ ඊළඟ මහා කුසලානෙට ලංකාවේ ටීම් එකත් එක්ක සෙල්ලම් කරන්න කියල හිතා ගෙන.ඒ නිසා ජාත්‍යන්තර නීති අකුරටම පිලි පැද්දා.එදා මමත් ධම්මිකගේ තැනට ගියේ වෙනසකටත් එක්ක අලුත් පිටියක වෙනස විඳ ගන්න.විකට් කුරු උඩ තියන බෙල්ස් නැති දවසක හතර වටේ බලල හීන් සැරේ දොලට බැස්සේ බෙල්ස් කෑලි දෙකක් ගේනවා කියලා.ටික වෙලාවකින් වතුර නැතුව දඟලන "දොළ කොරලි" පැටවූ දෙන්නෙක් හෙනාවේ ලාඩප්ප කෝටු වලින් හදපු  විකට් කූරු අතරේ බෙල්ස් විදියට රඳවන්න.මාළු පැටවූ කූරු අතරෙන් වැටෙන්නේ නැතිව රඳවන්න තොප්පි කටුත් පවිච්චිකලා.ටික වෙලාවකින් තඩි නිල මැස්සෝ විකට් කූරු වට කර ගෙන.විකට් කුඋරක් දෙකක් විතර ඇති.පිලී ගඳත් ඉවසන්න බැහැ.හවස් වෙද්දී අපිට දැනුනේ ශාන්ත ජෝන් මාළු කඩේ  ඉන්නවා වගේ හැඟීමක්.මේ වගේ දහ දුරා වැඩ කලත්  ඔහුගේ පියා විදුහල්පති කෙනෙක්.


මේ විදියට ටිකක් කතාව ගලාගෙන යද්දී  මම මිත්‍රත්වයේ දෑත දික් කරද්දී මගේ අත ඇදාල දාල ධම්මික වෛරය පතුරවන වචනමයි කියන්නේ.


ඒ තෑග්ග තිබුණු විදියට අයෙත් දුන්නේ නැත්නම්නේ බලාගන්නේ.
"ඇයි උඹල අපිට මොනවා කරන්නද ?දෙනවා දැනගනින් උඹල තුන් දෙනාටම උළු පට්ටලේ ගෙදර නවතින්න ."


මගේ දකුණු කකුලේ මේස් එකත් එක්ක සිතල වෙනවා වගේ දැනුනා.ගස් හරස් අතට කැරකිලා තියෙනවාගේ.ගෑණු ළමයි අතින් කට තදකරගෙන අපේ පැත්ත බලාගෙන එහෙ මෙහෙ යනවා දැක්කා.අලුතෙන් දුන්නු නිල ඇඳුම ඇඳන් ආපු සුරංගගේ  ෂර්ට් එකේ තැනින් තැන සුදු පැල්ලම්  අනිත් හැම තැනකම චොකලට් පාටයි.හැම දෙයක්ම එකින් ඒක මම ගලපන්න වුනා.ඒ දේවල් ගැන කල්පනා කරද්දී මතක් වුනේ ධම්මික කියපු උළු පට්ටලේ කතාවත් එක්ක උන් 3 දෙනා අපිට ගහල ගිහිල්ල.ධම්මිකගේ නහයෙන් ලේ එනවා.ලේ එනවා දැකපු වුන් දුවලා.කෙළ හොටුත් එක්ක පරවී බෙටි ගලාගෙන  යන වතුරේන් කෙල්ලෝ නාවපු මම  ඒක කකුලක් කාණුවේ දාගෙන දිය බුං කෙලිනවා.ධම්මිකගේ නහයෙන් ලේ ආවට ඒ ඇවිත් තිබුනේ නිවාඩු කාලේ වුනු සිදුවීමක තුවාලයක් අලුත් වෙලා.මම ඒ වෙද්දීත් හිටියේ බිම වැටිලා.


මේ අවනම්ම්බුව වෙන වෙලාවේ අපේ වටේ ගොඩාක් දෙනෙක් හිටියා.ගුටි කෑවට වඩා තිබුනු ඇඳුම් වල මඩ හොදන්න  ටැප් පේලියට යන්න ලැජ්ජාවකින් හිටියේ.අමාරුවෙන් හෝදගෙන අපේ පන්තියට යද්දී හැම දේම පන්තියට ආරංචියි.මෙච්චර වෙලා කට පියාගෙන ලේ පිහදාපු ධම්මික කතා කළා.අපි හැම දාම මුන්ගෙන් ගුටි කනවා මුන් නිසා සර්ලාගෙන් බැනුම් අහනවා.මේහෙම හිටියොත් හැම දාම ගුටි කන්න වෙන්නේ.මොනවා හරි දෙයක් කරන්න ඕනේ.ධම්මිකගේ තියෙන කේන්තියට බෙල්ල  තියෙන නහරෙත් ලොකු වෙලා.හැමෝටම ඕනේ වැඩක් දෙන්න තමයි එත් කොහොමද කරන්නේ.


"හරි අපි මෙහෙම කරමු.ඊළඟ නිවාඩු දෙන දවසට අපි මුන්ට රිටන් එක දෙමු".එදාටත් ඉතින් මෙහෙම ගුටි කන්න වෙන්නේ.අපි ගුටි කන්න තවත් හේතුවක් වලියකදී එහා පන්තියේ හැමෝම ආවත් අපේ පන්තියෙන් කොල්ලෝ එන්නේ ටික දෙනයි ඉතින් ඔවුන්ගේ පිරිස් බලය වැඩි හා භුමි වාසි නිසා වැඩි පුර ආවාසිය අපිට.


"නෑ එහෙම නෙවෙයි අගෝස්තු නිවාඩුවට තව මාස 4ක් තියෙනවා නේ එතකන් අපිට පුරුදු වෙන්න පුළුවන්".මේ පුරුදු වෙන්න විදිය විස්තර කරන හදන්නේ.සියල්ලන්ම ඒ දේ දැන ගන්න කැමැත්තෙන් හිටියේ.ඒ හැමෝගේම බලාපොරොත්තු වුන විදියට අලුත් විස්තරේ ධම්මික විස්තර කරන පටන් ගත්තා.


අපි යමු කරාටි පංති.මේ මාස හතර  හොඳට ඉගනගෙන අන්තිම දවසට රිටන්  එක දෙමු.නිවාඩුවෙන් පස්සේ  මුන්ට අමතක වෙලා යාවි.අපිව සනසන්නත් එක්ක ධම්මික කිවුවේ.තෑග්ග මතක්  වුනානම් අපි ගහපු එක අමතක වෙන්නේ නැහැ කියල අපට මතක් වුනේ නැ..


                                          
ඉස්කෝලේ කිට්ටුව තිබුන සමිති ශාලාවේ ඒ පංතියට අපි ගියේ තවත් පිරිසකගෙන් පළිගැනීමේ චේතනාවෙන්.ඒත් අපිව ඒ පංතියට ඇතුල් කරගත්තේ නැහැ.ඒ වෙද්දී අපේ වයස මදි කම නිසා.එත් කරාටි මාස්ටර් ගේ ගෝලයෙක් වුනු සුදත් මාස්ටර්ගේ කරාටේ ජුනිය පංතියට ඇතුල් වෙන්න පුළුවන් වුනා.ඒ පන්තියේ ගොඩාක් දෙනා වයස අඩු ළමයි.පලවෙනි දවස නොමිලේ නිසා අපිත් ඒ පංතියට යන්න දෙපාරක් හිතුවේ නැ.සුදත් සර් ගේ පොඩි දේශනයක් නිසා අපි පොඩ්ඩක් බය වෙලා හිටියේ.සටන් කලාව හදාරන්නේ ඉවසීම වැඩි කරන්න ඒවගේම තමන්ගේ ආත්ම ආරක්ෂාවට.කෙනෙක් එක්ක රණ්ඩු කරන්න හිතාගෙන මේ දේවල් හදාරන්න එපා.එහෙම හිතන කෙනෙක් ඉන්නවනම් ආයෙත් එන්නත් එපා.අපිටනම් හිතුනේ ඒ කිවුවේ අපිටමයි කියලා.චිනේ කරටි මාස්ටර්ලට භාවනා ක්‍රම මගින් අනුන්ගේ හිත් කියවන්න පුළුවන් වගේ අපි බය වුනා අපේ හිත් කියවලදෝ කියල.


ගෙදරට හොරෙන් ටියුෂන් යනවා නොකිය ඉස්කෝලෙම මග හැරුණු පාඩම් අල්ලගන්න හවස පන්ති දැම්මා කියල හැම සතියකම දවසක් ගෙදරින් පනින්න අපිට පුළුවන් වුනා.ටියුෂන් යනවනම් සල්ලි කියාක්වත් වැඩියෙන් ගන්න තිබුනා එත් අපි ඒ දේ කලේ නැහැ.ටියුෂන් පන්තියේදී කරන පාඩම් වැඩ මොනවද කියල අම්මා පොත් බලන නිසා වැඩේ පාඩු වුනාත් අපි ඉස්කෝලේ පංතිය පාවා දුන්නා.ඉන්ටවල් එකට කන්න දෙන සල්ලි බස් එකේ යන්න දුන්නු සල්ලි.එහෙං මෙහෙන් එකතු කරලා කරාටි පංතියේ මාසික කුලිය විදියට  එකතු කරගන්න පුළුවන් වුනා.


පාන්, බනිස්, මාළුපාන්, ජෑම් පාන්, කනඑක නැවැත්තුවා.සමපෝෂ, මුන් ඇට, බතල, වගේ ශක්ති ජනක කෑම අම්මගෙන් ඉල්ලගෙන කෑවා.අප්පිරියාවෙන් වුනාත් උදෙන්ම බිත්තරයක් බොන්න පුරුදු වුනේ අපේ ඇඟේ ශක්තිය වැඩි කරගන්න.කිලෝ 10 හාල් උරෙකට වැලි පුරවල ගහක අත්තක එල්ලුවේ  හැම උදේම වැලි කොට්ටෙට තඩි බාන්න.කිරි ගේන හට්ටි දෙකකට  සිමෙන්ති පුරවලා ඒ දෙක හරහා පොල්ලක් දාල හැම හවසකම  ඉස්සුවේ අත් දෙකේ ශක්තිය වැඩි කරන්න.බිමට පහත් වුනු අත්තක එල්ලිලා කර හත ගැහුවා.මේ සේරම කලේ චමිල්ගේ පන්තියෙන් පළිගන්න.සමහර උන්ගේ කාමරවල කපරාරුව තැනින් තැන ගලවිලලු බිත්තියට ගහලාම.(ඒවානම් බොරු කතා)


එදා 7 වසර විතරක් ගෙදර යැවුවේ පරක්කු වෙලා.වසෙරේ හැම ළමයෙකුටම තිබුණු විශේෂ රැස්විමක් නිසා.ඉස්කෝලේ ඉඳල බස් ඒක තියෙන හංදියට යන්න ටිකක් දුර යන්න වෙනවා.හැමදාම ඉන්න අපේ 8ක විතර සෙට් ඒකක්. ගල් ගැලවෙච්ච පාරේ තිබුණු තාර ගල්වලට පයින් ගහාන ගමන් ඇවිදින්නේ.ඒ එක්කම ධම්මික හැමදාව වගේ බොරු වීරක්‍රියා කතා අපිට මහන්සිය නැතිවෙන අතුරු පසක් වගේ.අපි යන පාරේ තව කොල්ලෝ ටික දෙනෙක් හිටියා  ටිකක් කිට්ටු වෙද්දී අපි දැක්කේ වෙනත් ඉස්කෝලෙක අපේ සෙනසුරාද ගණන් පංතියට එන ටික දෙනා කියල.මුන් එක්කත් ධම්මික නිකන් ඉන්න බැරුව රණ්ඩුවකට පැටලිලා තියෙන්නේ.එත් මේ අපේ ගම වගේ හංදිය අහල පහල ඉන්නේ ඔක්කොම අපේ යාළුවො ඉතින් මොකටද බය වෙන්නේ.සෙනසුරාද පන්තියේදී අපිට එහෙම හිතුනා.


 ප්‍රසන්න කතා වුනේ අද මුන් එක්ක කොක්කක් දාගන්න.උපන් ගෙයි මොඩයා වෙච්ච ධම්මික වැඩේ ස්තීර කලා.සිමෙන්ති මුට්ටි උස්සල බිත්තර බිලා කරාටි පංතියේ කියා දුන්නු ශිල්ප අගෝස්තු නිවාඩුවට කලින් රිහසල් එකක් විදියට කරන්න උත්සහ කළා.අපි කාපු කෑමේ තිබුණු පිෂ්ඨය ප්‍රෝටීන් වගේම අත පයේ හයි හත්තිය ගැන අපිටම තේරුම් ගන්න හොඳ අවස්ථාවක්.වැරදි අඩු පාඩු වුනොත් ඉතින් ඒවත් නිවැරදි කරගෙන අපේ ඉලක්කයට යන්න අපි අදහස් කලේ.උන්ගේ ඉන්න පිරිස වැඩි වුනාත් අපේ ශිල්ප හොඳටම වැඩි කියල අපි දන්නවා.එත් අපි කොච්චර ශක්තිවන්ත වුනත් සටනකදී සතුරාට අපි දුරුවලයි කියල පෙන්නන්න ඕනේ.නැත්නම් ඔවුනුත් තවත් දියුණු වෙනවා.


                                                
වචන ඒක දෙක උච්ච ස්වර වලින් ඇහෙනවා .කොලර් වලින් අල්ලලා ඇඹරීම වගේ දේවල් සිද්ද වුනා.මටනම් එකක්වත් ගැහුවේ නැහැ. කොලර් එකෙන් අල්ලාගෙන  හිටපු කෙනා දණහිස නැවුවා විතරයි.ඒ එක්කම මම බිම වාඩි වෙලා බොඳ වුනු ඇස් දෙකෙන් සිදු වෙන සියල්ල බලාන හිටියේ.8 ක් විතර හිටපු අපේ සෙට් එකේ මමත් එක්ක 5 දෙනයි පෙන්න හිටියේ 4 දෙනෙක් තවම ගුටි කෙලියේ.තුන් දෙනෙක් පේන්නවත් නෑ.12 ක් විතර එහා ඉස්කෝලේ උන් ටික අපේ 4 දෙනෙක්ට ගහනවා මට කියල කරන්න දෙයක් තිබුනේ නැ බඩ කොර වෙලා.පහුගිය ටිකේ කාපු ආරිය සිංහල කෑම නිසා ගහ ගැනිල්ලා කෙසේ වෙතත් හොඳට ගුටි කෑම ශක්තිය තිබුනා.ධම්මික තවමත් සටනේ.


හිටපු ගමන් අපේ පිරිස වැඩි වුන්නා උන්ගේ එකාට අපේ 3ක් වගේ අනුපාතකයට වටකරලා ගැහුවේ.අපේ හිටපු තුන් දෙනා අතුරුදහන් වුන විදියට උන්ගේ එකා දෙන්නා හොයාගන්න බැරි වුනා.සියල්ල ඉවර වෙද්දී ගුරුවරු එක්කෙනා දෙන්නත් අපි ඉන්න තැනට ඇවිල්ලා. ඒ වෙද්දී මම කෙලින් වෙලා හිටියේ.හිතේ කලබලේ අඩු වෙද්දී ආපු කොල්ලෝ දිහා බැලුවා.කිසිදෙයක් හිතාගන්න බැරි වුනා අඩන්නද  දුවන්නද කියල මතක් වුනේ නැ.ඒ ඇවිත් තිබුනේ එහා පංතියේ චමිල්ලා.අපි කරාටි පංති යන ඒක නැවැත්තුවා.වැලි කොට්ට උස්සන ඒක උදේට උදේට බිත්තර බොන පුරුද්ද නැවතුනා.වෙනද වගේ ජෑම් පාන් කිඹුලා බනිස් කන්න පටන් ගත්තා.
                                         


කාලයක් යද්දී අපි හොඳ යාලුවෝ විදියට හිටියා. 10 වසරේදී රා මුට්ටියට ගල් ගහන වෙලාවෙත් අපිත් එක්ක ඉඳපු කිතුල් ගහට වැඳන් හිටියෙත් එහා පංතියේ හිටපු  තුසිත.ධම්මික අද ගුරුවරයෙකි.චමිල් වියාපරිකයෙක්


සතුරෙකුගෙන් පළිගන්න හොඳම විදිය තමයි ඒ සතුරා අසරණ වුනු ආවස්තාවකදී ඔහුට උදවු කිරීම.අතින් පයින් පළිගැනීමට වඩා ඒ දේ වේදනාකාරී අපිත් ඒ වේදනාව වින්දා.අත්දැකීමෙන් කියන්නේ.


සැ/යු. කතාව කියවද්දී මා ගැන ඇඳුනු චිත්‍රය වැරදියි. මම දැන් කිසි කෙනෙකුට කරදරයක් නැති මගේ පාඩුවේ ඉන්න කෙනෙකි.පාසල් කාලේ සිදු කරපු ඇතැම් දේවල් ගැන තවමත් පසුතැවෙමි.


උළු පට්ටලේ ගෙදර යනු කැඩුම් බිඳුම් වලට ප්‍රතිකාර කරන ස්ථානයකි


~~අසර්~~

15 Feb 2012

කරාටේ ධම්මික රටට හදුන්වාදුන් 7 වසරේ කරාටේ පන්තිය 1 කොටස.


                                             
                                                   
                                     යන්තම් ස්කොලේම හිටපු පොඩිවුන් කියන නම නැතිකරගෙන අපි 7 වසරට ආවා.එකම නමින් තියෙන ස්කොලේ කණ්ෂ්ඨ විද්‍යාල හා මහා විද්‍යාල කියල දෙකක් තිබුනේ.මහා විද්‍යාලයේ පොඩිම පන්තිය 6 වසර.ඒ ඉස්කෝල දෙකටම ප්‍රින්සිපල්ල දෙන්නෙක් ඉන්නවා.ඒ දෙක වෙන් වෙන්නේ  රැට හරක් ලඟින උදේට පොඩිම පන්තිය කොල්ලෝ  ගොම එකතුකරන  ඉස්කෝලේ නැති දවස් වල වටේ කොල්ලෝ පිස්සු කෙලින ක්‍රීඩා පිටියකින්.6 වසරට එන්නේ කණ්ෂ්ඨ විද්‍යාලේ හිටපු ළමයි විතරක් නෙවෙයි වටේම තියෙන මහා විද්‍යාල නැති අනිත් කණිෂ්ඨ විද්‍යාලවල අලුත් ළමයිනුත් එනවා.ඒත් ඔවුන්ගෙනුත් අපෙත් කිසිම වෙනසක් තිබුනේ නැහැ සියල්ලන්ම අලුත් නිසා අපිට දැනුනේ අපි හෝඩියට භාරදුන්නු දවස වගේ.


වසරවල් 7 ක අයියලා හා අක්කල ගේ තාඩන පීඩන මැද ඒ වසර ඉවරවුනේ අපි තව ඒක වසරක කොල්ලෝ ටික දෙනේක්ගේ අයියල කියන අහිංසක ආඩම්බරයෙකුත් එක්ක.ලොකු පන්තිවල අයියලා අපිට කන මිරිකලා ගැහුවත් අපෙන් රුපියකක් දෙකක් උදුර ගත්තත් අපිට කිසි තරහක් දුකක් නැහැ.ඒත් ලොකු පන්තිවල අක්කලා අපිට "චූ කොල්ලෝ" කියන ඒක අපිට ඉවසන්න බැරිවුනා.ප්‍රභලයා දුභාලයව මර්ධනය කරන දේ අපි 6 වසර විද්‍යා පාඩමේ ආහාර දාමය යටතේ ඉගන ගත්තත් ඒ දේ අපි ප්‍රයෝගිකව අත්වින්දා.


හත වසරේදී අපිට හිටපු පොඩිම හා එකම පන්තිය 6 වසෙරේ වුන්ට අපි විඳපු දුකක ටිකක් හරි දෙන්න අපි උත්සහ කරත් අපි කරපු දේට අපිට ලැබුනේ බිත්තියකට විසිකරපු ටෙනිස් බෝලයක් වගේ. කැරකිලා අපේ පැත්තටම ඒ දේ ආවේ.මොනවා හරි දෙයක් කලොත් අපි ගැන ගුරුවරුන්ට කියල නිත්‍යනුකුලව  අපිට ලැබිය යුතු දේ ලැබෙනවා  නැත්තනම් ඒ පොඩි කොල්ලොන්ගේ අයියලාගෙන් කැලෑ නිතින් දඬුවම් ලැබෙනවා.මොනවා කලත් ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩියවගේ හිටපු අපිට කාලයත් යද්දී 6 වසරේ හිටපු නාහෙට අහන්නේ නැති උනුත් අපිට පාර්ට් දැම්මා.අපි තුන් පැත්තකින් තෑලෙද්දී  අපි නම්බු පිටින් කාටවත් කරදරයක් නොකර ඉන්න උත්සහ කලා.


පලවෙනි වාරේ අප්‍රේල් ඉවර වෙන්න කලින් අපිට තිබුනා අවුරුදු උත්සවයක්. අපිටත් ලැබුනා අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වෙන්න.එහා පන්තියත් එක්ක කඹ ඇදීමට.ඒ තරගේ බ්‍රසිලයත් එක්ක ෆුට් බෝල ගහන ශ්‍රී ලංකා කණ්ඩායම වගේ.අපි ශ්‍රී ලංකා කණ්ඩායම තරම් ශක්තිමත්.උපතින්ම අඩු බර උපත් සිදුවෙච්ච කණ්ඩායමක් තමයි අපිට හිටියේ.අනිත් පන්තියේ පිරිස 7 වසරේ හිටියට 9 වසරවත් ඉන්න ඕනේ තරම් හෙන ඇඟ පත ලොකු සෙට් එකක්.පන්ති බෙදද්දී අපිට ආසධාරණය වෙන විදියට  ඒ දේවල් සිද්ද වෙලා තියෙන්නේ.පන්ති පන්ති වල සටන් යද්දී ඒ දේ අපිට ගොඩාක් බලපෑවා.දිනන්න තිබුන අවස්ථා නැතුවම නොවෙයි. ඒත්  රජ කාලේ ඉඳල තිබුණු සටන පාවා දීම 7 වසරේ අපිටත් උරුම වෙලා තිබුනා.අපේ පන්තියේ ඉඳල එලියට යන්නත් ආයේ එන්නත් සිදු වුනේ එහා පංතිය ඉස්සරහින්.හැම දෙයක්ම  ඒ විදියට සිද්ද වෙද්දී   භුමියේ වාසියත් උන් ප්‍රයෝජනයට ගත්තා. ඉතිං අපි හැමදාම එහා පන්තියෙන් ගුටි කෑවා.


                                                   
එදා උත්සවය දවසේ ළමයි 3200 ක් ගුරුවරු 105 ක් හා දෙමාපියන් පිරිසක් එක්ක පාසලේ සුළු සේවකයෝත් ඉන්න තැනක අපි ගියේ කඹ ඇදීමට. ඒ තරඟයට සහභාගී වෙන්න තිබුණු එකම සුද්දුසුකම ප්‍රින්සිපල්ගේ නියෝගයක් වුනු හැම ළමයෙක්ම ඒක තරඟයකට සහභාගී විය යුතු ඒ තීරණය .එහා පන්තියේ ඇඟ ලොකුම එකා  චමිල්. වෙනත් ස්කොලකින් අපේ එකට ආවේ.ඌට හැමෝම කියන්නේ බල්දියා කියල මොකද උගේ මුණ ළිඳේ තියෙන වතුර අදින බාල්දිය වගේ.ඒත් අපි ඌ ලඟින් යද්දී කියන්නේ පනිට්ටුවා කියලා.නැත්නම් උගෙන් ගුටි කෑවම බාල්දි කොක්කෙන් කෑවා වගේ සනීපයි.


අපේ පාසලේ තිබුණු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා තැන නොතැන බලලා කෑ ගහන එකා මේ චමිල්. කන්න ගියාමත් අඩි 65 කැන්ටෙර් ලොරියකට වැලි පටවනවා වගේ කෑමක් කන්නේ.ගුරුවරු ඌට කැමතියි මොකද ඉන්න තැන පාලු නැති නිසා.අපිටනම් පෙන්නන බැරි එකා.අපේ පන්තියේ ගොඩ දෙනෙක් කෝටු කිතයියා ඉඳිකටු පංචා වගේ ඇඟපත තිබුණු පිරිසක්.චමිල්ලගේ පන්තියේ හිටියේ රබ්බඩයියා පුවක් බඩිල්ලා වගේ පිරිසක්.4000 ක්  විතර පිරිසක් වටවෙලා ඉන්න තැනක අපි ගියේ අපිට විදුහල්පති නියමයෙන් හිමිවුණු පරාජය උරුම වූ  තරඟයකට.


කණ්ඩායමේ ඉස්සරහින්ම ඉන්නේ පන්තියේ හිටපු පොඩිම කෙනා වුනු තිලිණ උගෙන් අපේ කණ්ඩායමට  ඇති කිසිම තිළිණයක් නැහැ. වටේ ඉන්න සියලු දෙනාගේම ඇස් තියෙන්නේ අපේ තරඟ දිහාවට.හැම දෙයකට ඉස්සරහට යන අපි කඹ ඇදලත් ඉස්සරහට යන්න පුළුවන් කියල තරඟයට කලින්ම අපි දැනගෙන හිටියේ.මුලින්ම හිටියේ තිලිණ අන්තිමට හිටියේ අපේ පන්තියේ ලොකුම එකා සුරංග.ලොකු ඇඟක් තිබ්බට සෙම ඇඟක්.ලබ්බට කෝටු ගහල වගේ.තරගේ පටන් ගන්න සියල්ල සුදනාම්.ආරම්භ කිරීමට  ලැබුනා වූ විදානයෙන් යාන්තම්  ඇහුන වගේ මතකයි ඒ එක්කම හුස්ම ගන්න අමාරුවුනා.උල් වගේ ඒවා ඇනෙනවා වගේ දැනුනා  මගේ ඇඟ උඩ 4 දෙනෙක්.මමත් තව දෙන්නෙක්ගේ ඇඟ උඩට වැටිලා.ඒ හිටපු කොල්ලොන්ගේ කෝටු කෑලි වගේ අත පය ඇනේද්දී මට දැනුනේ උල් ඇනෙන වගේ වේදනාවක්.


තිලිණගේ තොල කැඩිලා ලේ එනවා සුරංග තරගේ පටන් ගද්දිම කඹේ අත ඇරලා.එයා පන්තියේ හයි හත්තිය තියෙන වුන් අපිට හිතන්නවත් ඉඩක්  නොදී ඒ තරගේත් දිනුවා.පරාද වුනාට වඩා වටේ බලන් හිටපු පිරිසගේ හිනාව අපිව දැක්කම අපිට කියන කතන්දර පැරදුනාට වඩා ඒ දේවල් ඉවසන්න බැරි වුනා.අපිට ඇත්තටම තිබුනේ ලැජ්ජාවක්.කොහොම තරඟ කරත් අපි එහා පන්තියත් එක්ක හැමදාම  පරාදයි.ඇඟේ හයියෙන් දිනන්න බැරි නිසා මමත් ඒක නිතරම හිටපු 6 දෙනාගේ සෙට් එකේ අදහස වුනේ බුද්ධිමය ගේමක් දෙන්න .වාරේ අවසාන දවසේ එදා  දිනපු කණ්ඩායම් වලට තෑගී දුන්නා.අපිත් බලන් හිටියේ සැනසිලි තෑග්ගත්වත් ලැබෙයිදෝ කියල.ආවසනාවට පැරදුනු කණ්ඩායම් වලට තෑගි ලැබුනේ නැහැ.


චමිල්ලා තෑග්ග අපේ ඉස්සරහින් අරන් ගියේ 7 වසරේ චන්ඩි වගේම අපිත් එක්ක කොහොම ආවත් දිනන්න බැරි වැඩ කාරයෝ ටිකක් විදියට.මාස 3 ක් පුරා කෑකැරෙමින් තිබුණු කේන්තිය අපේ තවත් වැඩි වුනා.දුවල ගන්න බැරි තෑග්ග අරන් දුවන්න අපි තීරණය කලා. ඒ කියන්නේ හොරෙන් ගන්න.සියල්ල අවසානේ තිබුනේ විවිධත් ප්‍රසංගය.හැමෝම කවි සින්දු රස විඳින වෙලාවේ අපිට තිබුනේ සතුරාව මානසිකව රිද්දන්න.හොරෙන් එහා පන්තියට පැනල කඹ ඇදීමෙන් ලැබුණු ඒ තෑග්ග අපි කිසි මහන්සියක් නැතිව අපේ පන්තියට ගෙනත් ආරක්ෂක උපක්‍රමයක් විදියට ඉස්කෝලේ වත්තේ පොඩි ලඳු කැලෑවක හැන්ගුවේ ගෙදර යද්දී කට්ටියත් එක්ක බෙදාගන්න.ඒ වෙද්දී අපේ පලාතට බක්මහා වැස්ස පටන් අරන් තිබුනේ.තෑග්ග හංගල වැඩි වෙලාවක් යන්න කලින් ඒ මහා වැස්ස පටන්ගත්තේ වැස්සකට තිබිය යුතු කිසිම පෙර නිමිත්තක් වත් නැතුව.


වැස්සෙන් පස්සේ වතුර ගොඩෙ අමාරුවෙන්  කැලේ ඇතුලේ තිබුණු තෑග්ග ගන්න ගියත් එතන තිබුනේ පෙඟුණු කාර්ඩ් බෝර්ඩ් පෙට්ටියක් ඇතුලේ පාට 6 පැන්සල් පෙට්ටිය කිහිපයක්.ලස්සන කොලයක ඔතලා තිබුණු ඒ පෙට්ටිය දියවෙල කර්ඩ් බෝර්ඩ් ගොඩක ලස්සන රටා මවමින් පාට  පාට පැන්සල් ටික විතරක් පෙඟුණු ලී කෝටු වගේ තිබුනේ.වැඩිය හිතන්න නැතිව එතනම තිබුනොත් පැන්සල් දිරන නිසා කාර්ඩ් බෝර්ඩ් ටික තියල පැන්සල් ටික විතරක් සමගියෙන් ගෙවල් වල අරන් ගියේ අයෙත් චමිල්ලට දුන්නොත් ලස්සන පෙට්ටිය විනාස වුනු ඒක ගැන එයාලට දුක හිතේයි කියල .පාසල් නිවාඩුයි හැම දෙයක්ම හොඳින් සිද්ද වුනා.ආවසාන දවසේ සිදුවීම් කිසිකෙනෙක් දැක්කේ නෑ.."ඔපරේෂන් තෑගි පෙට්ටිය" අති සාර්ථක විදියට අවසන් වුනා.

අවසාන මහා සටන ඊළඟ කොටසින්.

දෙවැනි කොටසට මෙතනින් යන්න 
~~අසර්~~

10 Feb 2012

කකුල් තුනේ මිතුරා... ආබධිතයෙක් නොවෙයි

                              


                                 "යන්නම් ඇන්ටි" කියාගෙන අසංකත් සමීරත් අපේ ගෙදරින් පිටත් වුනේ එදා රැ සමීර අසන්කලගේ ගෙදර නවතින අදහසින්.මට හදල තිබුණු කිරි ටොපි ටිකත් කාලා මේ දෙන්නා පිටත් වුනයින් පස්සේ ඇඳන් ඉන්නු දිග කලිසම ගලවලා ඒ කාලේ ඇවිත් තිබුණු කොට කලිසම් රැල්ලේ සාක්කු ගොඩක් තියෙන කොට කලිසම හොය හොය ඉඳල බැරිම තැන තිබුණු කඩමාළු වෙච්ච තනි සාක්කුවේ කලිසම ඇඳගෙන කලිසම ගත්තු කෙනාට හිතින් බැන බැන ඉඳල නිදාගන්න ගියා. එදා රැ තමයි මේ සිද්දිය සමීරට වෙන්නේ.සමීරත් අසංකත් කියන්නේ "කෙල්ලෙක් බස් හෝල්ට්" කතාවේ ප්‍රධාන චරිත දෙක රංගපපු එඩිතර කොල්ලෝ දෙන්නා.සමීරට හැමෝම කියන්නේ බාලා කියලා.ඒත් බාලා මටවඩා වැඩිමල්.මාත් කිවුවේ බාලා කියලා.


සමීර ගැන කියන්න එක පොස්ට් එකක් මදි.සමීර ගැන කියනවනම් බොරුවේ උපත.ලංකාවේ ඕනෑම තැනක තියෙන වැසිකිලිවල සිතියමක් ඔහුගේ ළඟ තියෙනවා.මොකද කොහේ ගියාත් බඩේ අමාරුවක් හැදෙන නිසා.ගුගල් සිතියමටවඩා ඇඩ්වාන්ස්. ගස් නගින බල්ලෙක් ගැන මුලින්ම ඇහුවේ මේ බාලාගෙන්.මේ බාලාගේ ගෙදර බල්ලෙක් හිටියා අපිට හොඳ හුරුපුරුදු සතා.අපි හැමදාම යනවා ඒත් හැමදාම අපිව කන්න පනිනවා.මේ ටොමියා වත්ත පහල තියෙන ඩොන්කා ගහට නැගලා ඩොන්කා කඩාගෙන කනවලු.අපි හිතුවේ ටෝමියා කියල වඳුරෙක්වත් ඇති කරනවද කියල.ඒත් නැහැ ඒ කියන්නේ බල්ලා ගැන.අපි ටෝමියගේ වික්‍රම බලන්න දවසක් ගියා එතකොට කියනවා දැන් ඩොන්කා ආවාරෙලු.ඊළඟ අවුරුද්දේ ගියාම කිවුවා ඌ ට හිතුනොත් විතරයිලු ගස් නගින්නේ.ටෝමියට ගස් නගින්න හිතෙනකං බලන් හිටියට ඌ නැග්ගේ නැහැ ගස්.සුන් වුනු බලාපොරොත්තුවෙන් අයෙත් අපි ආවා.


කාලයක් අපිට කිසි වගකීමක් නැතිව ඔහේ මහා පොලවට බරක් වෙලා හිටපු කාලයක් තිබුනා.ඒ කාලේ අපිත් එක්ක හිටපු වැඩුමල්ම කෙනාට වයස 20 ක් වගේ.ඔහේ ඔපපාතිකයක් වගේ ඉන්න අපිට කෝච්චියේ ට්‍රිප් යන්න ආසාවක් ඇතිවුනා.ඉතින් අපිට ගෙදරින් දෙන්නේ හරි පොඩි ගානක්.මඟ වියදමට විතරයි වැඩිපුර ආතල් ගන්න ඕනෙනං වැඩියෙන් සල්ලි ඕනේ. ඒ සල්ලි හොයන්න ගෙවල් වලට හොරෙන් දන්නා යාලුවෙකුගේ තැනකට අපි ගියා වැලි ගොඩ දාන්න.එතන ඉන්න හැමෝගෙන්ම පීනන්න බැරි කෙනා මේ සමීර.ගඟක මුහුදක නෑවත් බකට් එකකින් වක්කරගෙන නාන්නේ. එහෙම ඉන්නගමන් කෙනෙක් කිවුවා  පොලිසියෙන් එනවා කියලා.හිටපු හැමෝම ගඟට පැනල එහා ඉවුරට පිනුවා.මෙයා ගොඩ දාපු වැලි ගොඩ ළඟ පහත් වෙලා ඇස් දෙක පියාගෙන.ඉස්කෝලෙදි මං අහල තියෙනවා කුරුල්ලෙකුත් ඉන්නව මොනවා හරි කරදරයක් වුනාම ඔලුව පස් ගොඩාක් ඇතුලට ඔබාගන්න.මේ සමීර හිතල තියෙන්නෙත් එහෙමයි.ඒත් හොඳ වෙලාවට ඒ ඇවිත් තිබුනේ පොලිසියෙන් නෙවෙයි  P.H.I. කෙනෙක් ළඟ තිබුණු බෙකරියකට.


අසංක කියන්නේ ලහිපිට වගේ.මම ලංකාවට ආවා කියල හැමෝටම කියන්න මං පවිච්චිකරණේ අසංක මාද්‍ය ජාලය.අඩු වියදමකින් වැඩි ප්‍රචාරයක්. එක කෝල් දුන්නම ඇති විනාඩි 10 කින් ප්‍රතිඵල.


හැඳින් වීම අවසන්...


එදා රැ අපේ ගෙදරින් අරන් ගියපු කිරි ටොපි ටික කාල දෙන්න නිදාගෙන.මහා රැ සමිරව මොකෙක්ද සතෙක් කෑවා කියල නැගිටලා.අසංක කියන්නේ නිදගත්තහම කණ ළඟ තොවිලයක් නැටුවත්  ඇහැ ඇරෙන්නේ නැති කෙනෙක්.පොඩි කාලේ අසන්කව නිදි කරවන්නේ තත්තාලු.නිදිමත වැඩි වුනාම නිදිමත විකාරෙන් ගේ වටේ දුවන්න ගන්නවා.එතකොට කරන්නේ පොඩි රෙදිපටි කෑල්ලකින් පුටු කකුලක ගැට ගහල තියෙන එක.එහෙවු කෙනාට ඉතින් කණ ළඟ දවුලක් ගැහුවක්‌ නැගිටින්නේ නැත.වේදනාවා වැඩි තැන සමීර අසංකට කිවුවා 


මචං මොකෙක්ක කෑවා.... 
උඹට හොඳ වැඩේ ඇඳ උඩ තියාගෙන ආනං මනං කෑවනේ ඉතින් කුඹි ඇඳේ.
නෑ නෑ කුමියෙක්ට වඩා විසයි මචං
අහ්.. එහෙනම් කුඹි දෙන්නෙක් වෙන්න ඇති...

ඒ අසංකගේ ප්‍රතිකාරය සහ ප්‍රතිචාරය.කාලා තියෙන්නේ පැත්තෑයෙක්. කලිසම අතරින් ගිහිල්ල කොල්ලෙකුගේ වටිනාම අවයවයට දෂ්ඨ කරලා.වේදානාවෙන් ඉද්දි  උපතින් තිබුණු හැඩය ටික ටික වෙනස් වෙන්න ගත්තා.තෑල්මකට ඉඳිමිමකදී  වගේ හැම දෙනාටම මතක් වෙන සෑම ගෙදරකම සිටිය යුතු වෙදමහතා වන සිද්ධාලේප මතක් වෙලා තියෙන්නේ අසංකගේ හුරතල් මොලේට.අසංක ඒක ගෙනල්ල දීල තියෙන්නේ ඉඳිමුම ඉක්මනින් බැහැල යාවි කියල.ඒක සමිරම ගා ගත්තද නැත්නම් අසංක ගෑවද කියල හරියට දන්නේ නැහැ.ඒත් ඒ දෙන්න ගේ කුරුල්ලෝ දෙන්නේක්නම් නෙවෙයි.ඒක ගාපු ගමන් සමීර එළිවෙනකං හිටපු විදිය අපි කවුරුවත් දන්නේ නැහැ.මොකද ඒ වගේ තැනක සිද්ධාලේප වගේ දෙයක් ගෑ වුනාම මොනවගේද කියල දන්නෝ දනිති.

එළි වෙනකන් කරපු ගොඩ වෙදකම් නිසා පොඩ්ඩක් සනීප වෙලා.සනීප වුනු නිසා ගෙදර යන්නේ නැතුව අසන්කලගේ ගෙදරට උඩින් තියෙනවා රඹුටන් ගහක්‌.......................කන්ද නැගල කලින් දවසේ වුනු කිසිදෙයක් මතක නැතිව රඹුටන් කාලා. කන්ද බහින්න විදියක් නැහැ කාපුවයේ විසටද නැත්නම් කන්ද නැග්ග නිසාද කකුල් දෙකෙන් නැගපු සමීරට දැන් කකුල් තුනක් තියෙනවා.අසංක කියපු විදියට කකුලකට වැඩිය පොඩ්ඩයිලු පොඩි.අමාරුවෙන් කන්ද බැහැලා අසංකගේ ගෙදරට වෙනකම් ඇවිල්ලා.කලිසම ගලවගන්න විදියක් නැතිව ඉඳල ගොඩක් වෙලා.ආයෙත් මොන මොනවද කරලා ඉඳිමුම අඩු කරගෙන බස් එකේ ගෙදර යද්දී බැග් එකකින් වහගෙන ගියේ. හිටපු ගමන් මිනිස්සු අමුතු විදියට මූණ දිහා බලද්දී මතක් වෙන්නේ වහ ගත්තු දේ පේනවා නේ කියල.

                                     
අමාරුවෙන් බෙහෙත් ගන්න ගිහිල්ලා දවස් 4 විතර පස්සේ සාමාන්‍ය තත්වෙට ආවිල්ල.සිද්දිය වෙලා සතියකට විතර පස්සේ හදිස්සියේම බයිසිකලේකින් සමීර ඇවිල්ල පාර්සලයක් දීල හදිස්සි ගමනක් යන්න තියෙන නිසා ආපු වේගෙන්ම ආයෙත් ගියා.කවදාවත් තෑගි දෙන්නේ නැති යාළුවා මේ දුන්නේ මොකක්ද කියල බලද්දී තිබුනේ මගේ නැති වුනු සාක්කු ගොඩක් තියෙන කොට කලිසම.පස්සේ දවසක සමීර මට විස්තර කළා.එදා රැ ඇඳන් නිදාගෙන තියෙන්නේ මගෙන් හොරකම් කරපු කලිසම.ඒ කාපු පැත්තයා කලිසමේ අරන් යද්දී කලිසමත් එක්ක ඔතාගෙන  ගියාද නැත්නම් අසන්කලගේ ගෙදර හිටපු එකෙක්ද කියල දන්නේ නැහැ.කලිසම් හොරා අතටම අහුවුනා.

මේ සමීර බ්ලොග් කියවන්නේ නැත ඔහු දන්නේ බ්ලොග් ගඩොල් ගැනය.මොකද ළඟක ඉඳල අලුතෙන් ගෙයක් හදන නිසාය.දැන් සමීර ලංකාවේ රජයේ  බැංකුවක  වගකිවයුතු නිලයක් දරනවා.අසංක පෞද්ගලික ආයතනයක විධායක අද්‍යක්ෂක වරයෙකි.

~~අසර්~~

4 Feb 2012

අපේ ගමේ "බූත වනේ"..අවසාන කොටස







මෙතෙක් කතාව


ගමේන්ම ලොකුම සරුංගලේ උඩ යවද්දී කඩාගෙන ගිහින් වැටුනේ මහා කැලයක් මැද්දට.සරුංගලේ හොයාගෙන එද්දී අපිට පාර හොයාගන්න බැරුව අපි ඒ කැලේ නීති විරෝදී වගාවන් කරන පිරිසකට අහුවෙනවා.දවසකට පස්සේ අපි ඔවුන්ගෙන් පැනලය යද්දී පොලිසිය යයි හිතල උන්හෙම වෙනත් පිරිසකට යලිත්  අහුවෙනවා. ඒ  පිරිස මාව කැලේ අනිත් උන්ගේ  වාඩියේ තියලා අංජන විතරක් කැලෙන් එලියට අරන් යනවා.


අද එතන සිට.


අපේ ගමේ "බූත වනේ".1 කොටස..

අපේ ගමේ "බූත වනේ".2 කොටස..


                                     දවස් දෙකක්ම එකම කරදරය සම සමව විඳපු මාත් අංජනත් එකට හිටියොත් අයෙත් පැනල යාවි කියන බයට මාව කැලේ තියල හොර පොලිස් පිරිස අන්ජනවා අරන් ගියේ.මට මේ කැලෙන් කවදාවත් එලියට යන්න බැරි වෙන විත්තිය මට දැනුනා.එහෙම එලියට ගියොත් ඔවුන්ගේ මේ නීති විරෝදී හැම දෙයක්ම නවතිනවා ඒ විතරක් නෙවෙයි හිරේ විලංගුවේ ලගින්නත් වෙන නිසා මාව කොහෙත්තම එලියට යවන්නේ නැහැ.ඒ විතරක් නෙවෙයි ගුණසේන මාමගේ මිනි මරුමත් අනිවාර්යෙන්ම අහුවෙන නිසා එලියට යන්න කොහොමත් වෙන්නේ නැහැ.


අවට කරුවල වැටෙද්දී වාඩියට සියලු දෙනා ඇවිත් තිබුනා.ඒ වෙද්දී එතන හිටපු දෙන්නෙක් ඊට කලින් දැකල තිබුනේ නැති දෙන්නෙක්.හවස ආපු පිරිසේ හිටපු කෙනෙකුත් නොවෙයි.මේ පිරිසගේ එදිනෙද කැමට වුවමන අඩුම කුඩුම ගමෙන් මේ කැලෙට ගෙනල්ල දෙන්නේ මේ පිරිස වෙන්න ඕනේ.නායකයා වගේ හිටපු කෙසඟ සිරුරක් තියෙන ඒ පුද්ගලයට හැමෝම කිවුවේ ලොකු අයිය කියල.එත් එතන හිටිය හැමෝටම වඩා වයසෙන් අඩු ශරීර ප්‍රමාණයෙන් පොඩිම කෙනා මේ ලොකු අයියා.


මේ ලොකු අයියා ගැන මට ටිකක් අමුත්තක් දැනුනා.මේ වගේ නීතිවිරෝදී වැඩ කරන කිසිම කෙනෙක් මේවගේ කාරුණික නැහැ.එත් මාව පොඩි එකෙක් නිසාද නැත්නම් වෙන දෙයක් නිසාද මට ඒ හැටි සැර වැර කලේ නැහැ.එත් ඔහුගේ ගුප්ත බව නිසා  මං වැඩිය ඔහුත් එක්ක මිත්‍ර වෙන්න ගියේ නැ.අද රැ වෙනදට වඩා දිග වැඩි වෙයි කියල දැනුන.හැම කරදරයක්ම එකට විඳපු අන්ජනවා නැතිව මට මොනවයින් මොනවා වෙයිද.එත් අන්ජනට මොනවා කරලා ඇත්ද කැලෙන් එලියට අරන් ගියද නැත්නම් තාත්තට වුනු දේ මේ අහිංසකයට වුනොත් ඉතින් ඒ සියලු අවාසනවන්ත දේවල් වෙන්න ප්‍රදානම හේතුව මගේ වැරැද්ද.


එදා ආපු ආගන්තුක හොරු ගෙනාපු කෑම ජාති නිසා  දවසක් පරණ පානුයි සැමනුයි මටත් දුන්නා.දවස් ගානකට පස්සේ හිටපු බඩගින්නට ඒ කෑම මට දැනුනේ මගේ ජිවිතේට කාපු හොඳම කෑම වේල වගේ.උන්ගේ කතාවෙන් මට තේරුණා මෙයාල කරන්නේ මොනවගේ වැඩද යන වග.මේ වාඩියේ ඉඳලා ඔවුනේ වගාව තියෙන තැනට පැයක විතර ඇවිදින දුරකින් තියෙන්නේ.එතන තනි රකින්නේ සේන කියන කෙනක් එක්ක තවත් කෙනෙක්.කැලේ අවට ගම්වල තියෙන වගාවනුත් මේ වන සතුන්ගෙන් පරිස්සම් කරන්න බැරි ඒකේ මේ දෙන්නෙක්  මහා කැලයක් මැද්දේ කොහොම මුර කරන්නද?


එදා මුළු රෑම මට නින්ද ගියේ නැතිතරම් කැලේ සත්තුන්ගෙන් මදුරුවන්ගෙන් සද්ද වගේම කැලේ ඇතුලේ තියෙන සීතල නිසා මට දැනුනේ මහා වේදනාවක්.මං දවස් දෙකක් වගේ ඒ වාඩියේ ඉන්න මිනිසුන්ගේ කෑම හැදීම වගේ පොඩි පොඩි වැඩවලට උදවු දෙන්න විතරයි තිබුනේ.මගේ ගැන  නිතරම ලොකු අයියා නැත්නම් වෙනත් කෙනෙක් ඇහැ ගහගේනමයි හිටියේ අයෙත් පැනල යාවි කියන බයට.එදා අපි රැවටුනේ නැත්නම් අපි දෙන්නම  වීරයෝ වගේ ගමට එන්න තිබුනා.ඒ සියලු බලාපොරොත්තු නැතිවෙලා ගියේ අපි දෙන්නම හීනෙන්වත් හිතපු නැති විදියට.ගුණසේන මාමගේ පිහිය අංජන ගත්තේ මොනවහරි දෙයක් වුනොත් කාටහරි පෙන්නලා අපි කියන්නේ ඇත්ත කියල ඔප්පු කරන්න.


කැලේට කරුවල එද්දී උදෙන්ම ගියපු පිරිසත් එදා වැඩ ඉවර කරලා වාඩියට ආවා.එක්කෙනෙක් ඒක දිගට දවස් 5 කට වාඩා මේ කැලේ ඉන්නේ නැ.දෙන්නෙක් වැඩ ඉවර කරලා එලියට යද්දී තව දෙන්නෙක් ඇතුලට එනවා.මාත් මෙයාලගේ කණ්ඩායමේ නම් මටත් ගෙදර යන්න තියෙනේ තව ඒක දවසයි.එළියේ ඉන්න ලොකු මුදලාලිලාත් එක්ක   සම්බන්ද වෙන්නේ මේ නිවාඩු යන පිරිස වෙන්න ඕනේ.පිට වෙලා ගියපු දෙන්න එන්නත් කලින් කැලේට අලුතින් තව දෙන්නෙක්.මේ දවස් දෙක තුන ඇතුලත අලුත් මුණු කිහිපයක්ම දැක්කා.ඒ දෙයින් මට තේරුණා මේ වියාපාරය මහා පරිමාන වියාපාරයක් බව.හවස කැලෙන් එලියට ගියපු දෙන්නා ඊට පැයකට විතර පස්සේ  අයෙත් ආවා.එත් ඒ ආවේ තව 10 විතර කණ්ඩායමක් එක්ක.ඒ සියලු දෙනාගේම අතේ තුවක්කු තිබුනා.ඒ තුවක්කුව මේ ලකු අයියා කරේ තියාගෙන ඉන්න බටය දිග කොටන තුවක්කුව වගේ නෙවෙයි.ගොම්මන් අඳුරේ කිසි දෙයක් පැහැදිලිව පෙන්නේ නැහැ.එත් එතන ඉන්න සියලු දෙනාම කලබල වෙලා.එතනින් කෙනෙක් මාව අරගෙන කැලේ ඇතුලට අරන්ගිය.මට මේ කිසි දෙයක් හිතා ගන්න බැහැ.සැරින් සැරේ එක්කෙනෙක් දෙන්නෙක් කෑගන සද්දත් එක්ක ලාවට කුණුහරුපත් ඇහුනා.


මාව අරන් ගියපු කෙනා මගේ අතින් අල්ලාගෙන ඔහුගේ තුවක්කුව කරේ එල්ලගෙන පැයකටත් වැඩි කාලයක් කැලේ ඇවිදලා යන්තම් කැලේන් එලියට ආවා.ඒ එන අතර තුර මට කිසිම වචනයක් කථා කරගන්න බැරිවුනා.එම පුද්ගලයා මගෙන් ඇහුවේ මගේ නම විතරයි.මවත් අංජන වගේ එලියට අරන් යන්නේ මොකටද ඉස්සෙල්ල අරන් ගියපු අංජන දැන් කෝ.කැලෙන් එලියට ආවට ලොකු වාහන යන පාරක්  මිනිස් වාසයක් පෙනෙන තෙක් මානයක නැහැ.ඒ ලඟම ලොරියක් හා තව වැන් එකකුත් තිබුනා.ඒ වාහන වල ආරක්ෂාවට වගේ තවත් ටිකදෙනෙක් හිටියා.වැන් එකට ලං වෙද්දී මාව පෙන්වල කෙනෙක් කියනව ඇහුනා "මෙය තමයි අනිත් කෙනා "වගේ.


මට මෙයාල කරන කිසි දෙයකට එරෙහි වෙන්නත් බැහැ.පැනල යන්නත් බැහැ.ඉතින් එයාලගේ තීරණව වලට විරුද්ද වුනෙත් මොකකින් මොකක් වෙයිද කියන්න බෑ.මට කරන්න පුළුවන් මේ මිනිස්සු යන තැනකට යන්න විතරයි.අධික වේගයෙන් ගියපු වහනය ටික ටික හුරු නැති නගරයකට ඇතුල් වුනා.ටික වෙලාවකින් වේගය අඩු වෙනවත් එක්ක වෙනත් මාවතකට  හරවන ගමන් ඒ ආ ගමන නතර වුනා.ඔවුන්ගේ අණ කිරීමත් එක්ක මමත් බැස්සා.ඒ දැකපු දෙයන් මට මගේ ඇස් අදහගන්න බැරිව ගියා.එතන හිටපු සියලු දෙනාම මා දිහා බලනවා ගේ මට තේරුණා.මං මේ මෙච්චර දුරක් කිසිම කතාවක් නැතුව එක්ක ඇවිල්ල තියෙන්නේ මෙතනටද .ආයෙමත් ඇස් දෙකම පිහදලා එතන තිබුණු සුදු පාට ලෑල්ලක නිල් පාට අකුරින් ලියල තියෙන ඒ ලොකු බෝර්ඩ් ඒක අයෙත් කියෙවුවා.


"පොලිසිය"


මාව කැලේ ඉඳලා අතින් අල්ලන් ඇවිත් තියෙන්නේ පොලිසියේ රාළහාමි කෙනෙක්.ඒත් ඇයි එයා මගේ හිතේ තියෙන බය නැති නොකළේ. මගෙන් විස්තර ඇහුවේ නැත්තේ.එතන තිබුණු කිසිම වාහනයක "පොලිස්" කියලා ගහල තිබුනෙත් නැහැ.ඒ රාළහාමිම මාව පොලිසිය ඇතුලට අරන් ගිහින් ලොකු මහත්තයාට මාව අඳුන්වල දුන්නා.මට කන්න පොඩි කෑම වගයක් දෙනවත් එක්ක හොඳට උණුවෙන් කිරිතේ එකකුත් ලැබුනා.මේ සියල්ල එකට ලැබෙද්දී හිතට වගේම මගේ ඇඟටත් දැනුන සනීපෙ විස්තර කරන්න බැහැ.මට නිදහසේ කෑමවල රස බලන ඉඩ ලැබුනා.එතනට තවත් රාළහාමි කෙනෙක් ආවා හැබැයි ඒ තැනීම නෙවෙයි.මට ඒක සැරේම පුටුවෙන් නැගිට්ටුනා.අංජන ඔයත් ඉන්නවද ඒ කියන්නේ අපි දෙන්නම බේරුනා.කොහොමද ඔයාව බේරුනේ.අර හොර පොලිස් හතර දෙනාට මොකද වුනේ. මට දුන්නු බනිස් ගෙඩියෙන් කැල්ලක් දෙනගමන් මං අන්ජනගෙන් විස්තර අහන්න පටන් ගත්තා.


"අපි කැලෙන් එලියට ඇවිල්ල මුන් මාව වහනෙක දාගෙන මගේ ඇස් ගැට ගහල අරන් ගියේ.එහෙම ගොඩක් දුර ගියා කොහේ යනවද කියල හිතාගන්නත් බැහැ.මට නොදනිම නින්ද ගියා.මට ඇහෙරෙද්දී වාහනේ තෙල් ගහන්න නවත්වලා කියලා  උන්ගේ කතාවෙන් තේරුනා.මං හිටපු ෂිට් එකෙන් නැගිටලා වට පිට බැලුවට මුකුත් පෙනුනේ නැහැ ඇස් ඒ වෙද්දීත් ගැට ගහල තිබුනේ. හැබැයි ආපු සද්ද වලින් එලිය වැටිලා වගේ තේරුණා.ඔලුව උස්සනවත් එක්ක එකෙක් මගේ ඔලුව පහත් කළා ෂිට් ඒක යටට. තෙල් පුරවාගෙන වැඩි දුර යන්න ලැබුනේ නැහැ වාහනේ නතර වුනා ඉස්සරහ හිටපු කෙනා දුවපන් කියනව විතරයි ඇහුනේ.ඒ එක්කම දොරවල් අරුනා.එත් කාටවත් දුවාගන්න ලැබුනේ නැහැ.ඔක්කොම අහුවුනා.මං හිතන්නේ තෙල් ගහන්න නවත්තපු තැනදී තමයි මාව කවුරුහරි දැකල තියෙන්නේ.මං මේ මහත්ටරුන්ට ඔක්කොම විස්තරේ කිවුවයින් පස්සේ තමා ඒ කට්ටිය කැලේ හොයාගෙන ගියේ."
                                       
                                                   
අපි දෙන්න බඩ පිරෙන්න කාපු නිසාද නැත්නම් හිතේ සතුටද නිදිමත පොඩ්ඩක්වත් දැනුනේ නැහැ.සැරින් සැරේ පොලිසියේම ඉන්න ඒක එක්කෙනා අපෙන් විස්තර අහන්න එනවා.එකම උත්තර  දීලා අපි දෙන්න ආයෙත් හෙම්බත් වුනා.එහෙම ඉද්දි කලින් කැලේ ළඟ නවත්වලා තිබුණු ලොරිය පොලිසියේ ඉස්සරහ නැවැත්තුවා.ඒක එක්කෙනා එලියට ගන්නවා.මුලින්ම අයෝමා පුරුෂය වගේ කෙන ඊළඟට ලොකු අයියා.ඒ පිලිවලට බස්සවද්දී අංජන හිටපු පුටුවෙන් නැගිටලා උන් ඉන්න පැත්තට දිවුවේ මටවත් අපේ වටේ හිටපු කාටවත් හිතාගන්න බැරි විදියට.අන්ජනගේ කේන්තියට වුන්ට තඩි බාන්නද මේ යන්නේ එහෙම මොනවා කලත් පොලිසිය අන්ජනගේ පැත්තේ මටත් හිතේ කිසි බයක් දැනුනේ නැ .මොකක්ද වෙන්නේ කියල බලන්න මාත් එතනට යද්දී අංජන හයියෙන් අඬනවා මට කිසි දෙයක් හිතා ගන්න බැරි වුනා.


ගුණසේන මාමා!!.


ඒ කියන්නේ ගුණසේන මාමා ඉන්නවා. වාඩියේ මිනිස්සු සේන කියල කථා කලේ අපේ ගුණසේන මාමාට වෙන්න ඕනේ .එතකොට කාලෙකට ඉහත කැලෙන්  අරගෙන අවේ මස් දියවුණු කෑලි ගැලවෙච්ච මිනීය කාගේද? මට කිසිදෙයක් තේරුම්ගන්න බැහැ.ගුණසේන මමත් හෙමිහිට අඬනවා.ඒක දකින  පොලිස් නෝනා කෙනෙකුගේත් ඇස් වල කඳුළු තිබුනා.


ඒ හැම ප්‍රශ්නයක්ම ටික ටික ඉවර වෙද්දී කාලෙකට පස්සේ ඒ සියල්ල අන්ජනගේ තාත්තා මාත් එක්ක කිවුවා.


"එදා මං කැලේට යද්දී මට නොදනිම පාර වැලහුනා.එහෙම ඉද්දි තමයි ලොකු අයියගේ ගෝලයෙක් මාත් එක්ක ඔට්ටුවෙන්න ආවේ.හෝරාවකට කිට්ටුවෙන්න අපි දෙන්න පොර බැදුවා.මිනිහගෙන් ගලවෙන්නම බැහැ.මටත් හොඳටම මහන්සියි.මට එතකොට මතක් වුනා ඉස්සර අපේ මුත්තා කියල දුන්නු පොඩි අඩියක් අල්ලන්න. මිනිහගෙන් බේරෙන්නම බැරි තැන දුන්න නිලයක් බලලම.එහෙම්මම පත බැවුනා බැවුනාම තමයි.එහෙම වෙද්දී උන්ගෙන් තව දෙන්නෙක් විතර මං ඉන්න තැනට ඇවිල්ල.උන් දෙන්න මට හොඳටම ගහල උන්ගේ තැනට මාව අරන් ගියා.එතන හිටපු ලොකු අයියා තමා ආතර් මහත්තයාගේ ගල් මෝලේ ඉඳලා සල්ලි වගයක් හොරකන් කරලා පැනල ගිය කොල්ලා.මිනිහ හින්ද තමා මාව නොමැරී බේරුනේ"

         ~~නිමී~~


බූත වනේ කතාවට පාදකවූ සත්‍ය සිද්දිය.


දවසක් මගේ මිතුරෙක් සමග වැඩිම දුරක් සරුංගලේ යවන්න ගත් උත්සාහයෙන් එය කැඩී ගොස් වැටුනේ මහා රූස්ස ගස් තියෙන කැලෙයකට.ඔහුත් මමත් ඒ කැලේට ගොස් නැවත එද්දී අපි ආ පාර මග හැරුනා වගේ දැනුනා.වෙනත් පාරක් සොයන එද්දී අපිට දකින්න තිබුනේ  රක්ෂිත වනයක් වූ එම රක්ෂිතයේ අනවසරයෙන් කෙරෙන  දැව ජාවාරමක්.ඒ සියල්ල බලගෙන කැලෙන් එලියට එන්න හැකි විදියක් කල්පනා කරද්දී ගමේ පංසලේ ඝන්ථිරේ සද්දේ  ඇහුනා.ඒ සද්දේ ආපු දිශාව පැත්තට ගිහින්  අපි කැලෙන් එලියට ආවා. 


~~අසාර්~~
Related Posts Plugin for WordPress, Blogger...