අංජන අත දික් කරලා පෙන්නපු දිහාට අපි අත් අල්ලාගෙන කටුපඳුරු උඩින් දොළක් හරහා නයි හුබසක් වටෙන් ගිහින් පැටි මාමගේ ඉඩමේ කොනට වෙන්න ලං වුනා.අපි මිට කලින් පැටි මාමගේ ඉස්සරහ මිදුලට ගිහින් තිබුනට කුස්සිය පැත්තෙන් ගිහින් තිබුනේ නැහැ.ඉතින් අපිට ඒ පැත්ත දැනුනේ නිකන් අර කැලේම කැල්ලක් විදියට.
ඉරුණු සරුංගල් අලවන්න පාප්ප ටිකක් හදාගන්න උණු වතුර ටිකක්,ඇමරිකන් පිටි ටිකක් ඉල්ලගන්න අපි දුවන්නෙම පැටි මාමගේ ගෙදරට.කවදාවත් බැහැ නොකියා අපිට ඒ දේවල් දුන්නේ පැටි මාමාට දරුවෝ නැති නිසා. අපේ වයසේ හැමෝටම එකම විදියට ආදරෙයි .සරුංගල් කාලෙට ගමේ සමුපකාරෙන් ගුල්ලෝ ගහපු පන් පිටි ගෙනල්ල තියාගෙන ඉන්නේ අපිට පාප්ප හදන්නමලු. මහන්සි වෙලා තිබහ හැදුනහම ඒ දුවන්නෙත් පැටි මාමගේ ලිඳ ලගට.ඉතින් අපිට මේ ගෙදර හරි හුරු පුරුදු තැනක්. අපි පොඩි කාලෙමලු පැටි නැන්දා මොකක්ද සතෙක් ගහාල නැති වෙලා තියෙන්නේ.ගමේ හැමෝම වගේ දර ඇහිදින්න යන්නේ මේ "අවතාර වනෙට".එහෙම ගියපු දවසක දර මිටියත් එක්ක හිටපු කර වැලක් ද කුණ කටුවෙක්ද කොහෙද දෂ්ඨ කරලා තියෙන්නේ බෙල්ලටමලු.ඒ වේදනාවෙන් දවසකට පස්සේ පැටි නැන්දා මාමාව දාලා යන්නම ගියා.
වැට මායිමට යද්දී අංජන ඉස්සර වුනා.එක සැරේම මට දැනුන මගේ බෙල්ල පිටි පස්සෙන් හිර වෙන වගේ.මං දැගලුවත් බේරෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.කලුවරේම අංජන නොපෙනී ගියා.කොන්ඩේ භූ ගාපු රැවුල වැවිච්ච යකඩ දන්වලක් බෙල්ලේ තියෙන අයෝමා පුරෂයෙක් වගේ කෙනෙක් මාව අල්ලාගෙන.හන්දියේ ඩෙක් පීස් තියෙන කඩේ බිත්තිවල අලවල තියෙන පින්තුර වල ඉන්න කෙනෙක් වගේ.අම්මෝ එයාගේ අතක විශාල.මගේ මුළු ඇඟම විතර ලොකුයි.හවස ඉඳල මත් එක්ක හිටපු අංජනට මොකද වුනේ.අන්ජනලගේ තාත්තට වුනු දේ අංජනටත් වෙයිද එහෙම වුනොත් ඒ දේ මටත් වෙනවා නේ.අනේ මටනම් බැහැ දැම්ම මැරෙන්න.මට අපේ අම්මා මතක් වුනා අක්කවත් මතක් වුනා.මට මොනවා හරි වුනොත් තාත්තගේ නෑදෑයෝ හැමෝම බනේන්නි අම්මට.එපා කියද්දී ආපු එකේ වැරැද්ද.ගෙයින් එලියට බහිද්දී සරුංගලේ ඉරුනේ විනාසයක පෙර නිමිත්තක් විදියට.මේ හැම දෙයක්ම වුනේ මගේ වැරැද්දෙන් මං කෑ ගහන්න හැදුවත් යකඩයක් වගේ අතකින් මගේ කට වහල උස්සගෙන් යන්නේ අපි පැටි මාමලාගේ ගේ කියල හිතපු පැත්තට.
මේ පැටි මාමලාගේ ගෙදර නොවන විත්තිය මට දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.එතනට යද්දී අන්ජනත් තව ලොකු මිනිස්සු 3 දෙනෙක් වට කරගෙන.මිට කලින් මං වැඩියෙන්ම බය වෙලා තිබුනේ ප්‍රින්සිපල් සර්ට වැරද්දක් කරලා අහුවුණු දවසක.එත් අද ඊටත් වඩා බයක් දැනුනා.අංජන අඬන්න ඔන්න මෙන්න වගේ.මං එතනට අරන් එද්දී ඔක්කම විස්තරේ අංජන කියල.එත් අපි කියපු දේ එච්චර විස්වාස කරන්න බැ කියල සරුංගලේ හංගපු තැනට අපිව එක්ක යන්න හැදුවා.එත් මේ රැ කරුවල අයෙත් ඒ ගහ හොයා ගන්න එක අමාරුයි කියන එක ඒ ලොකු ඇඟවල් තියෙන යෝද පැටවුන්ට තේරුනේ නැහැ.ඈතින් ඇහෙන සත්තුන්ගේ ගෙරවුම් සද්ද, විලාප,බස්සක් ගේ බකමුනගේ මුසිල කෑගහිල්ලත් එක්ක අපිව වට කරගෙන ඉන්න ලොකු අයියලා ළඟ තියෙන කොකු පිහිය හා ගිනි කඳ බටය දිග තුවක්කුව නිසා මට කෙල ගිලෙන්නේ නැතිව ගියා . අමාරුවෙන් වචන එකතු කරලා වතුර එකක් ඉලුවත්.ඉඳා මේක පිපන් කියල කොප්පක දාලා දෙද්දී වටේ ඉන්න පිරිසට අමුතු හිනාවක් එක්ක මං දිහා බැලුවා.ගෙදරින් එද්දී දවල් කෑම කාල බිවුවට පස්සේ වතුර එකක් දැක්කෙම නැහැ කබරංක කෑවට වතුර බිවුව වගේ සනීපයක් නැහැ. බොන්න කට ලගට ලං කරද්දී "අම්මෝ මේකේ ගඳ" මට කිය වුනේ හිතල නෙවෙයි . මුන් රෑට බොන්න ගෙනාපු අගල් පැන්ට මට දුන්නේ. එතන හිටපු නායකයා වගේ කෙනා වතුර එකක් දෙන්න කියල තව කෙනෙක්ට අණ කලා.කළු පැල්ලම් තියෙන කඩ තොළු වෙච්ච කටක් තියෙන අපිරිසිදු කෝප්පයක මට ඇත්තම වතුර දුන්නා.පොල් කටුවක උනත් බොන්න පුළුවන් තිබහක මං ඒ වෙලාවේ හිටියේ.අම්මෝ මෙහෙම රසයක් මට ඒ වතුර ටිකට බිවුවහම දැනුනා..එත් එක්කම අන්ජනටත් වතුර කෝප්පයක් දික් කලා.සරුංගලේ හොයන්න යන වැඩේ එහෙම්මම අමතක වෙලා ගියා.
හොරෙන් ගස් කපන වැඩ සහ නීති විරෝදී වගාවක් මේ කැලේ ඇතුලේ කරනවා කියල මටයි අන්ජනටයි තේරුනේ අගල් පැන්ටා වල විස උන්ගේ ලේ වලට එකතු වෙලා එකේ බලෙන් සිහි විකාරෙන් දොඩවද්දී.ඒ කියපු දේ ඇත්තනම් මේවා මේ කාලෙන් එලියට අරන් යන විදියක් තියෙන්න ඕනේ.ගස් කපනවනම් වහනයක් මේ කැලේ ඇතුලට එන්නම වෙනවා.එත් හවස කිසිම ගහක් කපන සද්දයක්වත් ඇහුනේ නැහැ.අපි කැලේ අතක් පතක් නැතුව ඇවිදිද්දී කලින් කපපු එක ගහක මුලක්වත් දැක්කේ නැහැ.ඉතින් මේවා කොහෙද තියෙන්නේ.අපි හෙට වෙනකන් හිටියොත් අපෙනුත් වැඩ ගනීවි.ස්කොලේ මිස් නම් කියල දුන්න පුත්තලම් පැත්තට මෙහෙම ළමයි හොරෙන් අරන් ගිහිල්ල කරවල වාඩි වලට දාලා වැඩ ගන්නවා කියල.අපිටත් ඒ දේ වුනොත්.අපි පුත්තලම් අරන් යන්නනම් ගොඩාක් දුර යන්න වෙනවා. එත කොට කොහොමත් අපිව හොයාගන්න පුළුවන්.එත් මේ කැලේ ඇතුලේ තියෙන වගාවේ වැඩ වලට අපි ගත්තොත් ආයේ කවදාවත් එලියට යන්න වෙන්නේ නැහැ.මේ රැ කොහොම හරි කැලෙන් පැනල යන්න විදියක් ගැන කල්පනා කලා.කිසි දෙයක් අන්ජනත් එක්ක කතා කරන්න බැහැ.අපි දෙන්න ඉන්නේ ආරක්ෂකයෝ තුන් දෙනෙක් මැදින්.මොනවා කතා කරනත් උන්ට ඇහෙනවා .
අපි දෙන්නටම රොටියක් දුන්නා. එත් රොටි 3 ක් වත් කන්න පුළුවන් බඩ ගින්නක හිටියේ.තියෙන දේ සම සමව අපි දෙන්නා කෑවේ නිකම්ම රොටි භාගේ විතරයි.හවස ඉඳල වුනු හැම කරදරයක්ම අපි දෙන්නට සම සමව ලැබුනා.අඩුවෙන් කාල වැඩියෙන් වතුර බොන්න අපි දෙන්නට සිද්ද වුනා.දැන් මුළු ගමම දන්නවා අපි මේ කාලෙට ගියා කියල.කීදෙනෙක් නම් බලන් හිටියද.එත් ඇයි අපිව හොයාගෙන කිසිම කෙනෙක් ආවේ නැත්තේ.ගමේ හැදී දැඩි පිරිමින්වත් හවස් කාලෙට මේ කාලෙට ඇතුල් වෙන්නේ නැති කොට මේ මහා රැ කොහොමත් එන එකක් නැහැ.එත් මොනවා වුනත් අපේ අම්මා හොයාගෙන එවි කියල මට හිතුනා.අනේ එහෙම ආවොත් අපේ අම්මත් මේ මිනිස්සුන්ව අල්ල ගනීවි නේ.මට අයෙත් මං ගැන නැතුව අම්මා ගැන බය හිතුනා.ගමේ මිනිස්සු,අපේ අම්මා හැමෝම බනිනවා ඇත්තේ අන්ජනට.පව් අසරණයාගේ අම්මා අක්කා බැනුම් අහනව ඇති.මොනවා කරන්නද අපේ වැරැද්ද.මහා පලු කැලේ ඇතුලේ මට එක එක විකාර දේවල් හිතෙන්න ගත්තා.හිටපු හැමෝගෙම කතාවල් අඩු වුනා එකින් එක හිටපු තැන් වලම නිදි අපිත් නිදි වගේ ටිකක් වෙලා හිටිය.අන්ජනට හොඳටම නින්ද ගිහෙන්.මොනවා හරි දෙයක් කරනවානම් දැන් තමයි හොඳම වෙලාව.එත් දැන් අංජන ඇහැ ඇරවන්න ගියොත් අනිත් හැමෝම අවදි වෙනවා.මං අංජන නැතත් තනියෙන්ම කැලෙන් පැනල යන්න හිතා ගත්තා.එහෙම ගමට ගිහිල්ල පොලිසියත් එක්ක ආයේ කාලෙට ඇවිල්ල අන්ජනව බේරා ගන්න.මං හිටි තැනින් නැගිට්ටේ කොටු කෑල්ලක්වත් පැගෙන්නේ නැති වෙන්න. පොළොවට බර නොවී අඩි තිබ්බේ හරියට රොඩු ගොඩක කොරවක්කෙක් ඇවිදින විදියට.එත් එක්කම අන්ජනත් ගෙමින් නැගිට්ට.නිදි කියල හිතන් හිටියට ඌත් මං වගේ පැනල යන විදියක් ගැන හිතන් ඉඳල තියෙන්නේ.නිවෙන්න කිට්ටු වෙච්ච කුප්පි ලාම්පු එළියෙන් පළාතේම චයාවන් යන්තම් පේනවා.එතන වුන් සියලු දෙනා අයෙත් නිදන් හිටියේ අයෙත් එළි වෙනකන් නැගිටින්න නැති තද නින්දක.කොටයක් උඩ තිබුණු පිහිය අංජන අතට ගත්තේ මගේ හිතේ තිබුනේ දේ හරියට තේරුම් ගත්තා වගේ.
පොළොවට බර නොදී කොටු කෑල්ලක්වත් නොකඩේන විදියට ඔවුන්ගේ වාඩිය සිට ටික දුරක් ඇවිත් අපිට පුළුවන් උපරිම වේගෙන් දිවුවේ හොර බඩු කැලෙන් එලියට ගෙනියන පාර හොයාගෙන.ඒ කැලි කැපෙන කළුවරේ පාරක් හොයා ගන්නවා කිය හිතන්නවත් බැහැ.මේ යන ගමනේ සතෙක් හිටියොත් මැරෙන්න වෙනවා..අර වාඩියේ හියොත් නොමරා මැරෙන්න වෙයි.ඉතින් මේ ගත්තු තිරණය ගැන අපි දෙන්නම මොනවත් හිතුවේ නැහැ.අපි මේ යන්නේ කලින් වගේම කැලේ තවත් අතුලටද නැත්නම් කැලෙන් එලියටද කියාද විස්වාසයක් නැහැ.අපි අයෙත් මොනවගේ තැනකට වැටෙයිද කියල හිතන්න බැහැ.ඉතින් අපි අද රැ ගහක් උඩ නිදාගමුද අංජන ගස් දිහා බලන ගමන් ඇහුව.මටත් ගොඩක් මහන්සි.කකුල් වලින් ලේ එනවා කටු වලට හිරිලා මුල් වල වැදිලා.ඒ හැම වේදනාවක් එක්කම මං කැමති වුනා.එත් මට ගස් නගින්න බැහැ නේ.එත් අංජන අතු තියෙන ගහක් හොයාගෙන මාව ඒ ගහට ඉස්සෙල්ල නැග්ගුව.අපි දෙන්නම ලොකු අත්තක කරු දෙකක් උඩ නිදාගත්තා.
මට දැනුනා මගේ මුණ ලග කවුරු හරි ඉන්නවා වගේ.ටික වෙලාවකින් සීතලත් එක්ක බලද්දී ලොකු සතතෙක් මං හිටපු අත්ත උඩ.මට පහලින් හිටපු අන්ජනට මොකද වුනේ.නැගිටලා උඩ ඇත්තට යද්දීම උගේ ඉස්සරහ කකුලෙන් මුනට පාරක් වැදුනා.එත් එක්කම මගේ දකුණ කම්මුල පැත්තෙන් වේදනාවක් දැනුනා.උගේ නියපොතු පාරට මුණ හිරිලා ලේ මගේ උරහිස දිහේ බිමට වෙනවා වගේ දැනුනා.අඩ අඳුරේ ඒ ඉන්නේ දිවියෙක් බව මං දැක්කා.මගේ කකුලේ කැල්ලක් උගේ දිග දත්වලින් හපලා කැල්ලක් කඩද්දි ඇති වුනු වේදනාවෙන් මං කෑගැහුවා.මගේ කට තද වෙනවා වගේ දැනෙද්දී ඇස් ඇර බලද්දී අංජන මගේ කට වහගෙන.හිතේ තිබුණු බයට මං හීනයක් දැකල.ඊට පස්සේ එළි වෙනකන් මට හරියට නින්ද ගියේ නැහැ.ඇස් පිය වෙද්දී අයෙත් කොටිය මතක් වෙන නිසා.
එලිය වැටිලා ගහෙන් බහිද්දී මට තේරුනේ අපි රැ ඉඳල තියෙන්නේ ගොඩක් උස ගහක් උඩ නේ කියල.මටම හිතාගන් බැහැ කොහොමද ඒ ගහට නගපු විදිය.අමාරුවෙන් ගහෙන් බැහැල යද්දී අතේ තිබුණු පිහ දිහා අංජන ගොඩක් වෙලා බලන් හිටියා.මේ අපේ තාත්තගේ පිහිය වගේ පිහියක්.ඒ කියන්නේ ගුණසේන මම මැරිලා තියෙන්නේ සතෙක් එක්ක පොර බලා නොවෙයි.ගුණසෙන මාමගේ මිනි මැරුවොත් එක්කද අපි රෑ හිටියේ.අන්ජනගේ ඇස් වල මං දැක්කේ ඒ කේන්තිය දුක.අපි මේ කැලෙන් එලියට ගිහින් මුන්ට හොඳ පාඩමක් උගන්වමු.මං අන්ජනගේ හිත ගන්න හිතාගෙන එහෙම කිවුවේ.ඉර එලිය දකුණු කන පැත්තට වැටෙන විදියට අපි එකම දිශාවකට ඇවිද්ද පැය ගානක්.ටික වෙලාවක් යද්දී ඉර අපේ පිට පත්ත්ටා වැටෙද්දී අපි යන දිශා වෙනස් වුනා.කටු කටු තියෙන මගේ රබර් සෙරෙප්පු දෙක ගෙවෙනකන්ම දැන් ඇවිද්ද.කිසිම මනුස්ස වසෙක සද්දයක්වත් නැහැ.අංජන අතේ ඇති පිහිය දිහා සරින් සැරේ බලන ගමන් කිසි කතාවක් නැතුව ඇවිද්දේ හිතේ තෙයෙන දුකටත් කේන්තියත් නිසා.
එක සැරේම මිනිස් රුප 4 ක් මතු වුනා.සාමන්‍ය කමිස හා පොලිස් කලිසමට සමාන කලිසමක් ඇඳන් හිටපු ඒ හතර දෙන දිහාවට අපි දුවල ගියේ ඔවුන්ට අපිව මග හැරෙයි කියල බයට.අපි අපි ගැන කියල අපිට වුනු කරදරේ සියලු විස්තරේ කියල දැම්මා.අපි ඉස්සරෙවෙලා කිසිම බයක් නැතුව ඊයේ රැ හිටපු වැඩිය පැත්තට ගියේ ගුණසෙන මාමගේ මිනි මරුවන්ගේ පොලිසියට අල්ලලා දෙන වීරයෝ වගේ.
"මේ තියෙන්නේ මෙතන තමයි උන් හිටියේ"
අංජන අත දික් කරලා පෙන්නද්දී ඇතුලෙ ඉඳන් නායකයා වගේ හිටපු කෙනා එලියට ආවා. "ඕකුන්ව අල්ල ගනින් ඊයේ රෑ මුන් පැනල ගියේ" ඒ විධානෙන් එක්ක අපි දෙන්නා අයෙත් කොටු වුනා.පොලිස් වගේ හිටියේ මේ හොරුනේ වෙනත් කණ්ඩායමක්.වෙන්න යන දේ හිතාගන් බැරුව අපි දෙන්නා මුණෙන් මුණ බලාගත්ත.අපේ අත් පිටි පස්සට වෙන්න ගැට ගහල පුටුවක වැඩි කලේ පැනල ගියොත් මරනවා කියල තර්ජනයෙකුත් එක්කමයි.වටින් ගොඩින් කරුවල වැටෙද්දී හොර පොලිස් හතර දෙන යන්න පිටත් උනේ අන්ජවත් අරගෙන..
සැ/යු : කුඩා කල සිදුවූ පොඩි සිදුවීමක් කතාවක් ලෙස ඉදිරිපත් කිරීමට ගත් අසාර්ථක උත්සහයයි ඒ..
ප/ලි මා මුලින් සරුංගලයක් සැදුවේ 6 වසරේදීය.එත් උඩගිය සරුංගලේ හැදුවේ 11 වසරේදීය.
~~අසාර්~~
අඩේ.. අංජනගේ තාත්තව මැරුවේ එයාලද? එතකොට උඹල දෙවෙනි පාර අහුවෙලා බේරුනේ කෝමද ???
ReplyDeleteබේරුනේ නැහැ.මගෙන් වඩා ගත්තා.අංජන ගැන කිසිම තොරතුරක් තවම නැහැ.
Deleteමේක සිරා සිද්ධියක්ද
Deleteළහිරු = නැ මචං මේක නිකන් කතාවක්..
Deleteඋඹලා කොහොමද බේරිලා ආවේ....අංජනයට මොකද උනේ...මාර සීන් එකක් නේ......
ReplyDeleteබේරිලා අවේ නැහැ.අංජන ගැන කිසිම තොරතුරක් නැහැ.
Deleteඅප්පට බොල මේක දරුනු කේස් එකක් නෙ, දැන් ඉතින් ඉවරාආආආආආයි කියල දන්නෙ නැතිව ඉතිරිටිකත් දාන්න වෙයි
ReplyDeleteදැන්නම් මං ඇත්තටම අසරණයි.කට්ටියම මට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ.අම්මෝ..
Deleteඅනේ අසරණයෝ...ඇත්ත සිද්ධියක් නම් ඇත්ත විතරක් දාන්නකෝ...අතින් පයින් දාලා ලිව්වම අපිට අස්පට් යනවනේ :(
ReplyDeleteඕව් අක්කේ මට දැන් තේරෙනවා එකේ බර පතලකම.ආයේ එහෙම කරන්නේ නැහැ.
Deleteනෑ නෑ... කතාව ඉවර නෑ... තාම ඉතිරියි.. අන්තිමට ඔයා බේරුන හැටි, අන්ජනට වෙච්ච දේ... මොකුත්ම නෑනේ... :(
ReplyDeleteඕව් ඉවරයි කිවුවට ඉවර නැහැ එහෙනම්..
Deleteඉවරයි.... කිව්වට කතාව තාම ඉවර නෑ.
ReplyDeleteනැ නැ ඉවර නෑ..හෙක් හික්..
Deleteඅඩෝ අසරණයා අපිව අසරණ නොකර ඉතුරු ටික දාපන් ඉක්මනට.
ReplyDeleteඔය අන්තිමට තියෙන ඉවරයි කියන එකත් මකල දාපන්.
මාව දැන් ඇත්තටම අසරණවෙලා ඉන්නේ.
Deleteමෙහෙම කොහොමද මේක ඉවර වෙන්නේ... අන්තිමට මොකද උනේ කියලා අපි මුකුත්ම දන්නේ නෑනේ.. අයියා බේරුනේ කොහොමද? අංජනට මොකද උනේ.. අපිට මේවට උත්තර ඕන..
ReplyDeleteඕව් නේද ඔයාල නිකන් අතරමං වුනා වගේ නේද.ඒ හැම දෙයටම උත්තර දෙනවා..
Deleteකතාව ''ඉවරයි'' කියල දාපු හැටි නම් අන්තිමයි.....අවසානයක් නෙවේනෙ මේක .අපිව අතරමං කිරීමක්....කරුණාකරල කතාව නියම විදියට අවසන් කරන්න..(මට ටිකක් තද වෙලා ඉන්නෙ ඔන්න...!! )
ReplyDeleteමං මේ පොල්කටුවක් හොයාගෙන ඉන්නේ ඔය එද්දී හැංගෙන්න.හික් හික්..තව කැල්ලක් දාලම ඉවර කරන්නම්..
Deleteමේ කතාව ඉවරවෙන්න බෑනෙ අයියේ... තව කොටසක් තියෙන්න ඕනි.. බලන්න.. බලන්න කොහෙ හරි තියෙන්න ඕනි.. :D මෙච්චර ලස්සනට ලියාගෙන ඇවිත් කතාවට අසාධාරණයක් කලාම අපිට නඩුදාන්න වෙනවා හලී.. :D
ReplyDeleteමගේ අතින් අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.අසාධාරණය පිටුදකිමූ..ස්තුතියි ඇගයීමට..
Deleteමේ.. අලෝ.. එහෙම ලිස්සල යන්න දෙන්න බෑ හලී... දානව කිව්වෙ ඉතුරු ටිකත්... හැබැයි බොලු බෑ හොඳේ.....හ්ම්...
ReplyDeleteඅලෙ ඒම ලෑ... හැමෝගෙම ඉල්ලීමට ඇහුන්කන් දෙනවා..
Deleteඔයාගෙ කතාව ලස්සනයි.ඒත් අන්තිමට කියල තිබුන දේටනම් මට එකඟ වෙන්න බැහැ.
ReplyDelete"කුඩා කල සිදුවූ පොඩි සිදුවීමක් කතාවක් ලෙස ඉදිරිපත් කිරීමට ගත් අසාර්ථක උත්සහයයි ඒ.."
මම ගොඩක් ලිපි වලින් දැක්ක ඔයා අසර්තකයි කියල කියන්න හදන.මම නම් බ්ලොග්ස් ගැන කියන්න දන්නෙ නැහැ.බ්ලොග් එකක් ලිව්වට සමහර විට තව ටික දවසකින් බ්ලොග් ලියන එක සම්පූර්නයෙන්ම නතර වෙන්නත් පුළුවන්.ඒත් ඔයා ගොඩාක් දුර ඇවිල්ල තියෙනව.ඔයාට ගොඩක් යාළුවොත් ඉන්නව හරි වැරදි පෙන්නන්න.මේ කතාවෙ අන්තිම ටික අඩුයි කියල මටත් හිතුන.අනිත් අයත් කියල තිබුන.ඒත් ඒ ටික සම්පූර්ණ කරාම කතාව හරිනෙ.ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්.
සුභ පතනව දිගු ගමනක් යන්න කියල.!!!!!!!
මටත් දැන් තේරෙනවා මගේ අතින් වැරද්දක් වුනා කියල.කතාවේ ඉතුරු ටික ඊලග පොස්ට් ඒකෙන දැන්නම්.
Deleteඔයා කියපු දේ ඇත්තටම මට ගොඩක් වටිනවා.මගේ හැම සාර්ථකත්වයටම උර දුන්නේ මේ ඉන්න හැම යාලුවෙක්ම තමා.එත් සමහර තැන් වලදී මට දැනෙනවා මං අසාර්ථකයි කියල.මේ කතාව මට වුනු සිදුවීමක් නෙවෙයි.එත් කතාවක් විදියට ලියන්න ගත් උත්සහයක්.
ස්තුතියි දිරිගැන්වීමට..
ඉවර කරන්න එපා ඊට පස්සෙනෙ කථාවේ හොද හරිය එන්නෙ. ඒකත් කියන්න.
ReplyDeleteතවත් දෙයක්. ඔයා හිතන්න එපා ඔයා අසරණයි කියලා. අපි කවුරුත් අසරණයි. නමුත් තමන් ගැන ආඩම්බර වෙන්න. ඔබගේ ලිපිවල මනා ආකර්ශණීය බවක් තිබෙනවා. ඔබ වෙනුවෙන් මහා පිරිසක් නොවුනත් මේ බ්ලොග් කියවන විශාල ගනනක් බලන් ඉන්නවා. එන්න අපි කවුරුත් එක වගේ. මිත්‍රෙය්ක් විදියට මේ කියන්නේ. අපි හැමෝම එක වගේ. මම නම් ටිකක් වැඩිමල්. ඒත් ඒක අපේ මිත්‍රකමට බාධාවක් නෙමේ. තමන් ගැන ආඩම්බර වෙන්න.
Well said
Deleteනෑ වේද මහත්තයා ඉවර කරන්නේ නැහැ.මගේ ජිවිතේ පැත්තෙන් මං අසරණ නැහැ එත් නිර්මාණ පැත්තෙන් මං අසරණයි.වේද මහත්තයාගේ උපදෙස් මට මට ලොකු ගැම්මක්..
Deleteස්තුතියි..
හපෝ.......... ඉතුරු ටික කෝ ?
ReplyDeleteඉතුරු ටික ළගදීම..හික් හික් අයිස්...
Deleteඈ! ඉවරවුනේ නෑනේ.
ReplyDeleteඉවරයි කිවුවට ඉවර නෑ... තවතියෙනවා..
Deleteකතාව හොදයි.ඒත් අවසානය?
ReplyDeleteඅවසානයේ හරි නෑ වගේ හැමෝම කිවුව නේ.ඉතින් ඉතුරුටික දානම්..
Deleteකතාව හරියට ඉවර කරපන් පිස්සු කෙලින්නේ නැතුව...
ReplyDeleteඅනිත් එක මේක ඇත්ත කතාවක් කියල උඹ කියන නිසාම මේකේ ඇත්ත නැත්ත අපිට දැනගන්න අයිතියක් තියෙනවා
ලොකු පුතාට කේන්ති ගිහින් වගේ. කතාවේ සත්‍ය සිද්දිය පසුව කියන්නම්
Deleteමේක නිකන් අර famous five එක වගේනේ!
ReplyDeleteතව කොටසක් ලිව්වනම් තමයි සුපිරි හැබැයි!
තාම අවසානයක් නෑනේ බොල!:/
මොකක්ද බං කොලුවෝ famous five කියන්නේ.කට්ටිය කියන නිසාම තව කොටසක් දැන්නම්..
Deleteපෝස්ට් එකේ අන්තිම ටික නෑනෙ...
ReplyDeleteඅන්තිම ටික අන්තිමට බෝල..හික් හික්..
Deleteමුලින්ම කියන්න මේක ඇත්ත සිද්දියක්ද නැත්තම් ගොතපු කතාවක්ද කියලා.
ReplyDeleteඅන්තිමට ඉවරයි කියලා තියෙන්නේ කෝ ඉවර නැහැනේ, කෝ අංජන>?
ප්‍රශ්න ගොඩයි ඒ හැම ප්‍රශ්නයකටම පිලිතුරුත් එක්ක එන්නම්.මේක ඇත්තම සිද්දියක්ම නෙවෙයි..
Deleteඇත්ත සිද්ධියක් වටා ගොතපු කතාවක් වගේ..
ReplyDeleteඕව් මාමේ..මේකේ ඇත්ත සිද්දිය පොඩි සිදුවීමක්.ඒ කරුනුත් එක්ක ගෙතුවා.
Deleteඅඩෝ උඹ ඉවරයි කියලා දැම්මේ විහිළුවට නේද ? නැත්නම් අපි ඉවරයි කියන එක ඇගවෙන්ඩ නේද... මොනවා උනත් කමක් නෑ ඉතුරු ටිකත් කියපන් හරිද මෙතන අපිව කොලොප්පන් නොකර.. නැත්නම් අරුන්ට කලින් අපි උඹට ගේම දෙනවා හරිද...
ReplyDeleteඅයියෝ සේනට කේන්ති ගිහින් තියෙන තරම්.ඉතුරු ටික දාලම ඉන්නම්.එතකන් ඉව්කසංන රත්තරනේ...
Deleteඅහ්හ් කට්ටිය බැනලා තියෙන එක සාධාරණයිනෙ. මේක නිකන් අපිව අසරණ කරලානෙ අසරණයා...:@ මටත් තද වුනා මේකටනම්..:p
ReplyDeleteකට්ටියගෙ ඉල්ලීම ගැන හිතලා ඉතුරුටිකත් දාපිය බං මගෙ සුදු අයියේ,:D
ඉතින් කෙල්ලේ මට සුදු අයියා කියල කිවුවයින් පස්සේ කොහොමද නොදා ඉන්නේ.හැමෝගෙම ඉල්ලීම නිසා ඉතුරු ටීකා දාන්නම්
Deleteකෙන්තිගන්න එපා. පොඩ්ඩක් හිනවෙන්නකෝ..හි හි....හික්ස්
oya denna randu karaganna epaa....cool down wenna....
Deleteහේ හේ.අපි සංදු වෙන්නෑ........
Deleteමේ මන් කතාව ඉවර කරලා දෙන්නද??? මේ මිනිමැරුමක් එහෙම තිනවා නම් පොලීසියට කලින් මට කියන්........
ReplyDeleteඕව් ඕව් රහස් පරික්ෂකයෙක්ගේ උදවු ඕන වෙනවා.
Deleteඅසාර් ගේ උත්සාහය අසාර්ථක නෑ..මට නම් හොඳටම හොදයි.හොඳට ලියල..මම මේකට ගොඩක් කැමතියි
ReplyDeleteඅනේ කුමරියේ ස්තුති ඈ.එත් තව ගොඩ දෙනෙකුගේ ඉල්ලීම අහක දාන්න විදියක් නැහැනේ.ඉතින් තව කොටසක් දානවා.එත් ඔයාගේ බෝනිකර තරුව පොස්ට් එකට වෙච්ච දේ ගැන දුකයි.
Deleteඇඟ කිළිපොලා ගියපු කතාවක් මට මේක කියවද්දි තුන් යහළු වික්‍රමය කතා සෙට් එක මතක් වුනා...මේක අසාර්ථක නෑ ඇත්තටම මේකේ කොයි හරයට වෙනකන් ඇත්තද කියන්නකෝ
ReplyDeleteමේවගේ කතාවකුත් තියේද.එත් මෙතන ඉන්නේ 2 යි නේ..
Deleteඒයි නවත්තපු විදියනම් කැතයි .... ලියනව ඉතිරි කොටස අපිව හොල්මං කරන්නැතුව !
ReplyDeleteඉක්මනින්ම දානවා.දැන් මං හොල්මන් වෙලා ඉන්නේ අක්කණ්ඩි..
Deleteහරිම ජුගුප්සාජනකයි......ඉතිරි ටික ඉක්මනට දාන්න එහෙනම්......:(
ReplyDeleteඉතුරුව මඟ එනවෝ.....
Delete