මගේ කලින් පොස්ට් එක ලියන්න හිතුවේ මගේ පලවෙනි පොස්ට් 10 ට කොමෙන්ට් කරලා මාව දිරි ගැන්වීමක් කරපු සියලු දෙනා වෙනුවෙන්.කවදාවත් දැකලා කතා නොකරපු පිරිසක් වෙනුවෙන් මට පුළුවන් විදියේ ස්තුතියි කිරීමක්.එය විනෝදය ගෙන දෙන දෙයක් විදියට ඉදිරි පත් කරන්නට මට හිතුනා. කිසිම කෙනෙකුගේ හිත රිදවෙමක් සඳහාද නොවෙයි.කම්මැලි ජිවිතේ පොඩි හරි වින්දනයක් කරන්න පුළුවන් විහිළුවක් මං කලේ කාගෙවත් ඇස් රතු කරන්නනම් නෙවෙයි.
බ්ලොග් ලෝකේ ප්‍රවිනොයෝ වගේම වැඩුමහල් සියලු දෙනාටම ඒ විදියේ හැඳින්වීමක් කලා.මට තේරුනේ නැහැ එතන වරදක් ඇති බව.කිසියම් කෙනෙකුගේ සිත් රිදවීමක් සිදුවුනනම් සමාවෙන්න..අයෙත් එවැනි දේ පල නොකරන්න බව කියන්න කැමතියි.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
දැන් මගේ කතාව.----
තුන වසෙරේ අවසාන වාරේ නිවාඩුවෙන් පස්සේ අලුත් වසරකට අලුත් පන්තියකට කට්ටියම මාරු වුනා.ඒ මාරු කරපු විදියට තුන වසරේ මාත් එක්ක හිටමු හොඳම යාලුවෝ හැමෝම එක එක පන්තිවලට බෙදිලා ගියා.එවකට කුලෑටි ගති හොදටම තිබුණු මම අලුත් යාලුවෙක් හොඳම යාලුවෙක් කරගන්න ගොඩක් කාලයක් ඉන්න වෙනවා කියල මං දැනගෙන හිටියේ.මේ අවුරුද්ද පටන් ගද්දි මට කවදාවත් හිතුනේ නැහැ මේ පාසල් ගමන මේ තරම් දුක්කිත කටුක වේදනා කාරී දෙයක් වේවි කියලා.පහ වසරේ ශිෂ්‍යත්වේ කොහොම හරි පාස් වෙන්නලු අම්මගේ කුන්චනාදේ හැම දාම අහල මගේ කන් දෙක පිරිලා.තුන වසරේ හැම දාම පළවෙනි තුන් දෙන අතර හිටපු මම ශිෂ්‍යත්වේ පාස් වෙයි. වැඩිය මහන්සි කරන්න එපා කියලා අපේ පුංචි අම්මට කියනවා මට ඇහිලා තියෙනවා.එහම හැකියාවක් තිබුණු කෙනෙක් හතර වසරට ගියපු හැටියේම හරි කරදර.
අපේ පන්ති බාර මිස් වුනේ "වජිරා" මිස් එයා මහතායි.හැම වෙලවෙක කලේ කොන්ඩේ පීරන එක සාරියේ රැලි හදන එක,තොල් දෙක දික් කරලා තොල් හැඩ කරන වගේ දේවල්.අපි හතර වසරේ හිටියට අපි ඉස්සරහ හැසිරුනේ 13 වසර අයියිල ඉස්සරහ 11 වසර අක්කල හැසිරෙන විදියට.දැන් නැතුවට දැන් අහව්දෝ වගේ.ඒ කලේ මට වාසය 9 ක් වෙච්ච පොඩි එකෙක් ඒවා. ගැන තේරීමක් තිබුනේ නැහැ. මිස් ගේ මේස උඩ වුණුවතුර බෝතලයක් නිතරම තියෙනවා.පන්තියේ ළමයි 52 ඉස්සරහ තනියෙන් බොන්නේ හරි අමුතු දෙයක් විදියට .ඒ බොන ගමන් ළමයි එක්ක කියනවා ඒකේ වටිනාකම. ගෙදර ඒවා ගොඩක් තියෙනවලු හතර වසෙරේ පොඩි වුන් වෙච්ච අපිත් එක්ක එයාගේ පුරාජේරුව කියවනවා අපිට මොලේ දෙයක් තේරෙන්නේ නැහැ.හිටපු ගමන් කවි සින්දු තාලෙට කියනවා අහන් ඉන්න බැහැ.එහෙම කියලා ඉස්සරහ පේළිවල ඉන්න ගැණු ළමයින්ගෙන් අහනවා ලස්සනයි ද?. අපිටනම් හොඳටම තේරුණා කිසිම තාලයක් තිබුනේ නැහැ කියලා.
පාට පැන්සල් වලින් අපි චිත්‍ර ඇන්දට එයා කළු පට පාට පන්සලේ තුඩට කෙල ගාල අහි බැමි පාට කරනවා.අපිට ඒවා මැජික් වගේ උනාට සමහර ගැණු ළමයි ඒවා ගැන කතා වෙනවා.අපිනම් කලේ කළු පට පාට පැන්සලෙන් රැවුල වගේ ඇඳගෙන ලග ඉන්න කෙනා භය කරන වගේ සිඟිති වැඩ.ඉංග්‍රීසි නැතිව අනිත් හැම විෂයම ඉගැන්නුවේ මේ මේ වජිරා මිස් ඉන්ටවල් එකට පන්තියෙන් එලියට යද්දී තව ගැණු ළමයෙක් මිස්ගේ පස්සෙන් යනවා පඩිපෙළ බහිද්දී සාරි පොට පඩි පෙළ දිගේ බිම අතිල්ලිලා සරි පොටේ කුණු ගැවෙන නිසා එක උස්සගෙන පල්ලහට බහිනකන් කවුරු හරි ගැණු ළමයෙක් අපේ මිස්ගේ පස්සෙන් පඩිපෙළ ඉවර වෙනකන් බහින්න ඕනේ.හරියට පල්ලියේ චාරිත්‍ර ඉවර වෙලා දෙවන මනමාලි දිග සාරි පොට අල්ලන් යන වගේ. මිස් නම් කියන්නේ පොත් ටිකයි බැග් එකයි නිසා සාරි පොට අලගන්න බැහැ කියලා.
ඒ කාලේදී මං පන්තියේ මැද පේලියේ හිටියේ.මුළු පන්තියටම තිබුනේ එක කුමාරෝදය සිංහල පොතයි.ඒ අපේ අම්ම ශිෂ්‍යත්වයට මාව පුහුණු කරන හිතාගෙන කොළඹින් ගෙනල්ල දුන්නේ පුංචිට කියලා.අපේ පන්තියේ ඒ කලේ පොරක් කියන්නේ ගානක් දුන්නොත් ඉස්සෙල්ලම පෙන්නන කෙනා එහෙම නැත්නම් සිංහල පැවරුමක් දුන්නම ඉස්සෙල්ලම පෙන්වන කෙනා.පොඩි කලේ ඉඳලම කුලෑටි ගති තුබුනට ඉගන ගැනීමේ හැකියාවක් තිබුනා.ඉතින් මටත් මුල් 5 දෙන අතරේ පොත් පෙන්නන්න හැකියාවක් ලැබුන.කාලයක් යද්දී තවත් ඉක්මනින් පෙන්වන්න ඕන නිසා පළවෙනි පේලියට ආවා.
එදා දවස මගේ ජිවිතේට වෙනසක් වෙයි කියලා හිතුනෙම නැහැ. කවදාවත් නැතුව ෂර්ට් එකේ කන පිට ඇඳලා.මේස් දෙක ජාති දෙකෙන්.ඒ හැම දෙයක්ම හදාගෙන ගෙදරින් පිටත් වෙද්දී ගෙදර මායින් වැටේ පොල්කිච්චෙක් වහල උදේ පාන්දරම.පොල් කිච්චෙක් දැක්කහම මුසිලයිලු දෙන්නෙක් දැක්කොත් වාසනාවන්තයි ලු.මං කවදාවත් දෙන්නෙක් එකම සැරේ දැකල නැහැ.තනි එකා දැක්කොත් ළඟම ඉන්න කෙනාට පෙන්නන කියලා ඉස්කෝලේ ළමයි කතා වෙනවා ඇහිලා තියෙනවා.එත් මට ඌව පෙන්නන්න කවුරුවත් ලග නැහැ අක්කා මං පරක්කු නිසා මාව දාලා ගිහිල්ලා.අමාරුවෙන් දුවල දුවල බස් එක අල්ලගත්ත.වෙනද වගේම කඩිසරව ඉස්කෝලේ වැඩ කරා හැම දෙයක්ම සාමාන්‍ය වගේ.සිංහල පාඩමක් කියලා දීලා පැවරුමක් දුන්නා ඒක ඉක්මනින් කරලා දෙවෙනියට පොත පෙන්නුවත් මං ලියපු දේ වැරදි. අකුරක් වැරදියට ලියල තියෙන්නේ.අයෙත් ඒක නිවැරදි කරගෙන එද්දී ළමයි ගොඩ දෙනෙක් ගුරු මෙසේ වටෙ පිරිලා.පොත පෙන්නන කට්ටිය පොර කන අතරේ මාත් එතනට ලං වෙද්දී "දඩාස්"..-- ගාල සද්දයක් ඇහිලා බලද්දී මගේ කකුල් දෙක ලග මිස්ගේ වටිනා වුණු වතුර බෝතලේ.බිම වැටිලා තියෙන දෙයක් උඩකින් අරන් තියන්න කියලා කියලා දුන්නෙම මං හෝඩිය පන්තියට ගියපු අලුත.මගේ අතේ මිස්ගේ බෝතලේ තියෙද්දී මිස් එක්කල අනෙත් හැමෝම මගේ දිහා බලාගෙන.මට තේරෙන්නේ නැහැ ඇයි කියලා.
පුටුව පස්සට දාලා නැගිට්ටා මං ඉන්න තැනට ඒ පිම්මෙන්ම ඇවිත් කන මිරිකන ගමන් "මොකක්ද මෝඩයෝ කලේ" මං මොනවත් දන්නේ නැහැ.එත් මහා දරුණු අපරාධයක් කරපු විදියට මට බැන්නේ.එත් මං කලේ බිම වැටිලා තිබුණු උණු වතුර බෝතෙල අහුලලා මෙසේ උඩින් තියන්න හදපු දේ විතරයි.මම නෙවෙයි මිස් කියල මට එක වතාවට වඩා කියන්න තරම් ශක්තියක් තිබ්බේ නැහැ.කවුරු බිම දැම්මත් වරදකරු වෙලා තියෙන්න මම.එක ඇතුලේ කැලි හෙල්ලෙනවා.මගේ පාසල් ගමනේ නරක දසාව ලැබුවා."හෙට එද්දී වුණු වතුර බෝතලයක් අරන් එන්න නැත්නම් ආයේ ඉස්කෝලේ එන්න එපා" කියල තර්ජනය කලා.මෙතෙක් කාලයක් මිස්ටලම සින්න වෙන්න ගියපු කුමාරෝදය පොතෙන් මට ගුරු මෙසේ ලග ඉඳන් විසිකර මගේ මෙසේ උඩට.වැඩ ඔක්කම නවත්වල පල්ලෙහට ගියා ප්‍රින්සිපල්ට කියන්න.ටික වෙලාවකින් පහල පන්තියේ ළමයෙක් ඇවිත් මට කතා කර.මං පහලට යන්න නැගිට්ටා. ඇවිද ගන්න බැහැ දණහිස් දෙක ළඟින් කකුල් නැවෙනවා ඇඟ පන නැති වෙලා වගේ වෙවුලනවා.හොඳ වෙලාවට මිස් ප්‍රින්සිපල්ට කියන්න කලින් වෙනත් මිස් කෙනෙක්ට කියල.දෙන්න කතා වෙලා මට කිවුවා ඔයාට ප්‍රින්සිපල්ට කියල ගස්සන්න බැහැ පව් නිසා එක හින්ද අලුත් එකක් ගෙනත් දෙන්න කියල.එත් මං ඊට පස්සේ දවසේ ඉස්කෝලේ ගියේ නැහැ අලුත් වුණු වතුර බෝතලයක් නැති නිසා.
අනිත් දවසේ පන්තියට ඇතුල් වෙද්දීම ඇහුවේ "කෝ ගේනවද" කියල නෑ කිවුවම "එහෙනම් ඇයි ආවේ ඉන්නවා එළියෙන් එන්න එපා ඇතුලට" ජිවිතේ පලවෙනි සැරේට මාව පන්තියෙන් එලියට දැම්මේ.ටික වෙලාවකින් අපේ ගෙවල් ලග අම්මලත් එක්ක හිතවත් මිස් කෙනෙක් දැක්කා බැග් එකත් එක්ක මං එළියේ කොරිඩෝවේ ඉන්නවා.මගෙන් විස්තර ඇහුව මං සියලු විස්තෙරේම හිතේ දුකට කියල දැම්මා.ඒ මිස් අපේ ගෙදරට කියල අපේ ගෙදරින් ඉස්කෝලෙට ඇවිල්ල ප්‍රින්සිපල්ට කියල. ඒ හැමෝම අතරේ වුණු කිසිම දෙයක් මං දන්නේ නැහැ.ඊට පස්සේ මගෙන් වන්දිය ඉල්ලුවේ නැහැ.එත් මට මුළු පන්තියෙන්ම කොන් කරා මගෙන් පළි ගත්තා.පිටි පස්ස පෙලියටම දැම්මා කගේ හරි පුටුවක් නැති වුනොත් මාව නැගිට්ටවල මගේ පුටුව ඒ ළමයට දෙනවා.ඊට පස්සේ ඉස්කෝලේ වටේම ගිහින් පුටුවක් හොයාගෙන එන්න ඕනේ.අල්ලපු පන්තියේ ළමයි ඩෙස් පුටු හොරෙන් අරන් ගියත් මගේ ඩෙස් එක තමා නැති වුණු කෙනාට දෙන්නේ.මගේ නම දිය සායම් වලින් ලියල තිබුනත් මං ඩෙස් පුටු හොරකන් කරලා කියල මෙගෙන් ගන්නවා.මාස ගානකට පස්සේ පන්තියට අලුත් ළමයෙක් ආව එයාගේ නම සම්පත්.අලුත් කෙනක් ආවම පිලි ගන්නේ ඔහොමද කියල මගේ පුටුවයි ඩෙස් එකයි දෙකම සම්පත්ට දුන්නා.ඉන්ටෙවල් එකේදී එකක් හොයාගන්නකන් කොරිඩොවත් පන්ති කාමරයත් වෙන් වෙන කොට බිත්තිය උඩ පොත තියාගෙන ලියන්න ගත්තා.එත් මට එදා ඩෙස් එකක් විතරයි හොයාගන්න පුළුවන් වුනේ දවසමේ හිටගෙන හොයන ආපු ඩෙස් එකේ පොත තියාගෙන ලිවුවේ.ලග ඉන්න කෙනා පුටුවෙන් ටිකක් දුන්නත් මිස් ඒ දෙයට කැමති උනේ නැහැ මාත් එක්ක තියෙන තරහ නිසා වෙන්න ඇති.
තව දවසක් මාව අයෙත් පන්තියෙන් එලියට දැම්මා මගේ කොන්ඩේ වැඩියි කියල.ඒත් මට වඩා කොන්න්ඩේ වැවිලා තිබුණු කිහිප දෙනෙක් පන්තියේ හිටියත් පොල් තෙල් ගාල කොන්ඩේ පැත්තට පීරලා හිටපු මාව පන්තියෙන් එලියට දැම්මේ වුණු වතුර බෝතලේ පළිය යන්න කියල මට තේරුණා. පන්තියේ හැමෝම ඉස්සරහ මාව සමච්චල කිරීම සාමාන්යෙන් තිබුනා.ඉඳල හිටලා අද්‍යාපන පරීක්ෂකයෝ ආවත් මාව දුරුවලයි කියල පැමිණිලි කරනවා මගේ පොත් වල රතුපැනෙන් ලොකුවට වැරදි ලකුණු කරනවා. ඒ වෙද්දී මගේ ඉගන ගැනීමේ ආසාව නැති වෙලා තිබුනේ මටත් නොදනිම.දිගින් දිගටම විභාග වලට ලකුණු අඩු වෙද්දී සෙල්ලම් කරන කාලේ අඩු වුනා.නිදහස නැතව ගියා අම්මගේ තරවටු එන්න එන්න වැඩි වුනා.ඉස්කෝලෙදි විඳින අපවද විඳලා ගෙදර අපුවහමත් අම්මගේ තරවටු වලත් කෙළවරක් නැහැ.ඒ වෙද්දී හැම අතින්ම මං දුරුවල වෙලා හිටියේ .අම්මගේ සිහිනයක් වෙලා තිබුණු මාව ශිෂ්‍යත්වේ පාස් කරන සිහිනය මට වගේම අම්මගෙනුත් හිතෙනුත් නැති වෙලා ගියා.
මේ හැම දෙයක්ම ඉවසගෙන ඉස්කෝලෙට ගියේ ගෙදර හිටියත් කිසිම වෙනසක් නැති නිසා.මේ කලේ වෙද්දී පළාත් අද්‍යාපන අද්යක්ෂ අපේ තාත්තගේ ලගම නෑයෙක්.ඉස්කෝලේ ප්‍රින්සිපල් අම්මගේ බාප්පා කෙනෙක්.ඉස්කෝලේ උගන්වන ගුරුවරු කිහිප දෙනෙක් ලොකු අම්මගේ සම කලිනයෝ.මේ හැම දෙයක්ම දැනගෙනත් මට ඉස්කෝලේ වෙන මේ අසාධාරනකම් ගෙදරට කිවුවේ නැහැ.එහෙම කිවුවනම් මට තවත් ප්‍රශ්න ඇති වෙයි කියල බයට.කාලෙකට පස්සේ එදා විසිකරලා ගහපු කුමාරෝදය පොත අයෙත් මගෙන් ඉල්ලගත්තා.මං එක හරි ආසාවෙන් අයෙත් මිස්ට දුන්නේ ඊට පස්සේ ඉඳලවත් මට වෙනස් කම් කරනකන් නැහැ කියල.එත් නැවතුනේ නැහැ .මගේ පුටුව නැති වෙන එක සාමාන්‍ය විදියට සිදු වුනා.මේ හැම දෙයකටම මුල මිස්ගේ වතුර බෝතලේ බිම තිබිල අහුලපු නිසා කියල මට නිතරම හිතුනා.මිස් කරන සමහර විහිළු මිස් පන්තියේ නැති වෙලාවේදී ගැණුලමයි කලා.ඒවාට එරෙහිව දෙයක් කිවුවොත් හරි කලත් හරි මට දනගහගෙන ඉන්න වෙනබව මං දන්නවා.පුළුවන් හැම වෙලාවේම ඉවසගෙන මං හිටියේ ඒ කලේ තිබුණු මගේ කුලෑටි ගතියට.දවක් මං තීරණයක් ගත්තා.හැම දාම ගෙදරින් දෙන සල්ලි වලින් රුපියලක් දෙකක් ඉතුරු කරලා අලුත් වුණුවතුර බෝතලයක් අරන්දෙන්න එත් එක කරන්න බැරි වුනා.
තුන වසරේ අවසාන වාර විභාගේ පන්තියේ 2 වෙනියා වුණු මම හතර වසරේ අවසාන විභාගෙදි පන්තියේ ළමයි 52 අතරින් 41 වෙනියා වෙනකන් පහලට වැටුනා.එහෙම දුරුවල ළමයෙක් වෙද්දී අම්මා මාව ශිෂ්සත්වේ පස් කරන අදහස අත ඇරලා සාමාන්‍ය වැඩ කරන්න පුළුවන් තත්වෙට ගන්න ලොකු උත්සහයක් ගත්තා.මේ විදියට 8 වසරට වෙනකන් පන්තියේ දුරුවල ළමයි 10 දෙනා අතර නිතරම මං හිටියා.පන්තියේ මොන වරදක් වෙලා තිබුනත් අපි දිහා හැමෝම බලන්නේ අපරාධ කාරයෙක් විදියට.හැම විභාගයකදී 35 ත් 42 අතර මං නිතරම දෝලනය වුනා.ඒ විදියට 9 වසර අලුත් පන්තියකට ආවා.එතකොට අපේ පීරියඩ් 8 ම ගුරු වරු 8 දෙනෙක් උගන්වන්නේ.අපිට ඉංග්‍රීසි ඉගැන්නුවේ ඉන්ද්‍රානි මිස්.ඉස්කෝලේ හිටපු ගොඩක් සැර මිස් කෙනෙක්. දුරුවල ළමයි දිහා හැම ගුරුවරයෙක්ම බලන්නේ ටිකක් වෙනස් විදියට.හොඳ ළමයි වැරදි 100 කට අපේ එක වැරද්දක් සමාන කලා.ඒ කලේ වෙද්දී මගේ කුලෑටි ගතිය අඩු වෙලා තිබුනේ.එක දවසක් ඉංග්‍රීසි පීරියඩ් එකේදී මාව පන්තියේ ඉස්සරහට ගෙන්නුවා.ඒ කලේ ගුරුවරුන්ගෙන් බැනුම් ඇසීම අවුවේ දන ගහගෙන සිටීම සහ ගුටි කෑම ඉතා සුලබ දෙයක්.හැම දෙයකටම සුදානමෙන් දෙන දඬුවම බාරගැනීමේ සුදානමෙන් ඉද්දි හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ද වුනා.මගේ පොතක් පංතියටම පෙන්න උස්සල මේ වගේ පිලිවලකට වැඩකරන්න පුරුදු වෙන්න මාව ආදර්ශට ගන්න කියල පන්තියටම කිවුවා.පාසලේ වැඩ හරියාකාරව නොකරත් පොත් වලට පිට කවර දාන එකේ ඉඳල ඇතුලේ ලියල තියෙන දේ පවා පිලිවටල තිබුනා.උත්තර වැරදියට තිබුනත් කරන වැඩේ පිලිවලට කරන්න පොඩි කලේ තිබුණු පුරුද්ද ඒ වෙද්දීත් තිබුනා.
පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක්වීම සාමාන්‍ය දෙයක් වෙලා තිබුනු මට අවුරුදු 5 කට පස්සේ මාව පිරිසක් ඉදිරියේ ඇගයීම මට නොපුරුදු දෙයක් වුනා.මොනයම් දෙයක් නිසා මිස් මගේ අනිත් විෂයන් ගැනත් හොයල බැලුවා.ඒ කලේ වහ කදුරු වගේ වෙලා තිබුණු ඉංග්‍රීසි වලට ආසාවක් ඇති වුනා.පොතේ පිලිවලට තිබුණු ප්‍රශ්නවල ඉදිරියෙන් තිබුණු කතිර ලකුණ වෙනුවට ඉඳල හිටලා හරි ලකුණක් වැටෙන්න ගත්තා.බැන බැන හිටපු ගුරු වරු මං ගැන වෙනදට වඩා දඩුවම් ලිහිල් කරා.ටික කාලයක් හද්දී කතිර ලකුණ අඩු වෙලා හරි ලකුණ පොත් වල අයෙත් වැටෙන්න වුනා.කලින් 42 වගේ හිටපු මම පළමු 15 දෙන අතරට එන්න පුළුවන් වුනා. සාමාන්‍ය පෙළ විෂයන් 8 ම සමත් වෙන්න හැකියාව ලැබුනා.
මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ වුණු ඉන්ද්‍රානි මිස්ගේ ඒ කෙටි වචන ටික මට මේලෝකේ කිසිම වටිනා වස්තුක් සමග සමානකරන්න බැහැ.එකම පාසලක ගුරුවරු දෙදෙනෙක් එකම ළමයෙක් ගේ ජිවිත වෙනස් කරපු අපුරුව.අද මම කිසියම් තැනක ඉන්නවනම් එදා මගේ පොත ගැන කියල මාව අගයපු ඉන්ද්‍රානි මිස් නිසා කියල මට හැම වෙලාවේම හිතෙනවා.
කිසියම් ළමයෙක් දුරුවල වෙනවනම් ඒ ළමය දුරුවල වෙන හේතුව අපි නොදන්නා සිද්දියක් වෙන්න පුළුවන්.පෙනෙන දෙයට වඩා වෙනස් විදියට දකින්න.වජිරා මිස් ගැන මගේ හිතේ කිසිම වෛරයක් නැහැ මෙය කියන කිසිම කෙනෙක් ඇය ගැන වෛරයක් ඇතිකරගන්න එපා.!!
දෙවිදිහේම මිනිස්සු ඉන්නව අප්ප ලෝක වල! :(
ReplyDeleteවිශේෂයෙන් ... ඔය පොඩිපන්ති වලට උගන්නන ගුරුවරු බහුතරයකගේ තත්වය අතිශයින් කනගාටුදායකයි!
මට වගේම තව කී දෙකෙඋට මෙහෙම වෙලා ඇතිද.දැන්නම් ඒ ගැන කිසි දුකක් නැහැ.
Deleteගුරුවරු සහ ගුරුහොරු කියල ජාති දෙකයි..ළමයි හැදෙන්නෙත් නැති වෙන්නෙත් එයාල අතින්ම තමයි.
ReplyDeleteඅනිවාර්යෙන්ම මචන් පොඩි වයසේදී හිත තලුනොත්
Delete4 වසරෙදි මගේ ඉස්කෝලේ ප‍්‍රින්සිපල් ඔය වගේ මට වෙනස්කම් කරන්න ගත්තා.. අම්මා මාව වහාම ඉස්කොලෙන් අයින් කලා.. 12 වසරෙදි උපවිදුහල්පතිට එරෙහිව ලෝකයයි මායි කේස් දැමමෙ ඔය වගේ අසාධාරණකම් ඉවසන්න බැරි නිසා... අපේ අම්මලා ඒවට අපිට ආශිර්වාද කලා
ReplyDeleteකලින් පොස්ට් එකේ වැරුද්ද මොකද්ද... මමනං අවුලක් දැක්කෙ නෑ..
12 වසර වගේ වෙද්දී අපි ටිකක් තලිලානේ.එත පොඩි කාලේ හැම දෙයකටම බයයි.
Deleteදන්නේනැද්ද ඉතින් හැමෝටම විහිළු තේරෙන්නේ නැහැ නේ.
ඔහොම අවුල් තින දෙතුන් දෙනෙක් ඉන්නවා..
ReplyDeleteදෙවිවරු වගේ අයත් ඉන්නවා....
ඔය වගේ කතාවක් මටත් මතක් වුනා..
මගේ වෙලාවට දෙවිවරු වගේ ගුරුවරියක් ලැබුනේ.ඔයාගේ කතාවත් දාමුද බලන්න.
Deleteඅනේ පලයං බං යන්ඩ,,මමත් ගුරුවරුන්ට ගරුකරනව තමයි...මගේ අම්මයි තාත්තත් ගුරුවරු..නමුත් සමහර ගුරුවරුන්ගේ මානසික රොග වලට ලමයින්ගේ අනාගතේ පලි නෑනොවැ...ඔය පෙලක් පර හැත්ත මොකට ගුරු පත්වීම් ගන්නවද දෙයියො තමා දන්නේ...
ReplyDeleteආ අර උබ උඩින්ම ලියල තිබ්බේ...ඔව කව්ද යකො ගනං ගන්නේ..එළම තමයි..හික්
එහෙම පහත විදියට වඩා කරන්නේ ඉතාමත්ම සුළු පිරිසක් විතරයි මචං..
Deleteඋඹලගේ කොමෙන්ට් වලින්ම තේරුණා ඒ දේ පිළිගත්තේ කොහොමද කියල.එත එහෙම තේරුම ගන්න බැරි වුනු කෙනෙකුට.
දුක හිතෙනවා මේක කියවද්දී..සමහර ගුරුවරු නම් ලමයිට ඉගෙන ගන්න එක එපා කරනවා..
ReplyDeleteඅපේ ඉස්කොලේ ටීචර් කෙනෙකුත් එහෙම කරා..එයාගේ දුව තමා හැම දේටම ඉදිපත් කරන්න ඔනේ..අනිත් අයව කපනවා.
අපෝ ගුරුවරුන්ගේ ළමයි එක්ක එක පන්තියේ ඉන්න තරම් දුකක් තවත් නැතුව ඇති.මොනවා කරත් එයාල හරි අපි වැරදියි.
Deleteකතාව නම් හරි දුකයි බං .. ඒ අතින් අපිට මොන ප්‍රශ්න ද තිබුණේ කියල හිතෙනවා ...
ReplyDeleteමාත් කියන්න හිටියේ උඹට .. කලින් පෝස්ට් කතාව මොකක්ද .. ඒකෙ වරදක් පේන්න නෑනේ...
එච්චර හිතන්න එපා දැන් මං එල කොල්ලෙක් විදියට ඉන්නවා නේ.
Deleteකලින් එක උඹල වෙනුවෙන් නෙළෙයි මචං.දන්නේ නැද්ද හැමෝටම විහිළු අල්ලන්නේ නැහැ නේ.
හ්ම් ඉන්ද්‍රානි මිස් හිටියේ නැත්තන් ඔයා අද කොතැනද?
ReplyDeleteඇත්තටම ගුරුවරු විතරක් නෙමෙයි අපි අතින් වුනත් පුංචි දරුවෙක්ට වෙනස් කමක් වුනොත් ඒක බොහොම භයානක විදියට බලපාන්න පුළුවන්..
ඒක නෙමෙයි මොකද්ද අර කලින් පොස්ට් එකේ අවුල? මට නම් කිසිම අවුලක් නැතෝ.. :D
මටම හිතාගන්න බැහැහ අද මං කොහෙද ඉන්නේ කියල.පොඩි ළමයින්ට සර කරද්දී දෙපාරක් හිතන්න ඕනේ.
Deleteනැ නංගි ඔයාලා වගේ ෆනී ගර්ල්ස්ලට නෙවෙයි..
න සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.....
ReplyDeleteඔව එක ඇත්ත.හැමෝම එකවගේ නැහැ නේ.ස්තුතියි..
Deleteවන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතවුන් වැනි මිනිසුන් ඇත
ReplyDeleteඔය අසරණය උණේ ඒ නිසාද??
ReplyDeleteතනි ඇහැට ඇදෙන කතාවක්නේ!
මටත් ඔහොම සිද්ධි වෙලා තියෙනවා!
එත් ඔච්චරම දරුණු ඒවා නෙමෙයි.ඔය සිද්ධිය මට උන නම් මම ඉස්කෝලෙ යන ඒක කුත් නෑ!:((
9 වසරෙන් පස්සේ අසරනවෙන එක නැවතුනා.ඉස්කෝලේ නොගිහින් හිටියොත් ගෙදරින් ඊටත් වඩා කරදරේ නේ..
Deleteහොඳට හෝ නරකට, ගුරුවරයෙක්ට කොයි තරම් නම් බලපෑමක් කරන්න පුලුවන්ද ළමයින්ට...මටනම් වජිරා මිස් ගැන ඇති වුනේ වයිරයක් නෙමෙයි කලකිරීමක්..
ReplyDeleteඇත්තට ඉස්කෝලේ කොඩක් ගුරුවරු ඒ මිස්ට කැමති නැහැ.ඉස්කෝලේ එන්නේ පාර්ටි එකකට යනවගේ.
Delete/*
ReplyDeleteවජිරා මිස් ගැන මගේ හිතේ කිසිම වෛරයක් නැහැ මෙය කියන කිසිම කෙනෙක් ඇය ගැන වෛරයක් ඇතිකරගන්න එපා.!!
*/
මේ විදියට හිතන්න පුළුවන් තැනක අද ඔයා ඉන්නව. වජිර මිස්ට ඔයාව වට්ටන්න පුළුවන් වෙලා නෑ.
ඔව් යාළුවා මගේ ජිවිතේ මාර විදියට වෙනස් වුනා ඉන්ද්‍රානි මිස් නිසා.
Deleteඉස්සෙල්ලා පෝස්ට් එක ගැන කනගාටු වෙන්න එපා බන්z මල්ලියෙ !!!! මමත් ඔහොම මාරයා ගැන ලිව්වහම කවුද මන්දා කිව්වා එහෙම ලියන්න එපා කියලා.. මන් ඇහුවා මාව දිරිමත් කරපු අය ගැන මම ඇර වෙන කවුරු ලියන්නද කියලා !!! හිකිස්.. ඒකෙ වරදක් ලියලා නැහැනෙ..මල්ලි දකින විදියනෙ ලියලා තියෙන්නෙ !
ReplyDeleteඑච්චරයි..
ගුරුවරු කියන්නෙත් අපේ මේ සමාජ තලයේම කොටසක් නිසා හොඳ, නරක දෙකම තියෙනවා ඒ අය තුලත්..!
කේන්ති ගන්නවානම් වෙනි අයිය කොහොම කේන්ති ගන්න ඕනෙද.කට්ටියටම විහිළුවක් කල විතරයි.ගොඩ දෙනෙක් එක ගැන සන්තෝස වුනා.
Deleteඑයාල පහු කාලේවත් ළමයින්ට සලකන්න ඉගනගත්තොත් හොඳයි.
ගුරුවරු නිසා ළමයි හොඳ වගේ ම නරක පැත්තට යන්නත් පුළුවන්,හරියට ගිරා පැටවුන් ගේ කතාව වගේ නේද... ඵල!
ReplyDeleteඔව් මචං ළමයෙකුගේ වැරැද්දකට තව මොනවහරි බලපෑමක් තියෙනවා.
Deleteවැඩකට නැති පලිගන්න ගුරැවරැ අතරේ එහෙම හොද ගුරැවරැත් ඉන්නවා බං...
ReplyDeleteහරිම සුන්දරයි.. සංවේදී... සිරාවට මට මැවිලා පෙනුනා මම පොඩි පන්ති වල හිටපු හැටි...
ජය ශ්‍රි කිව්වා !
ටික දෙනෙක් ඉන්නවා වැඩකට නැති ගුරුවරු.මොකද පොඩිකාලේ උඹටත් මේවගේ දේවල් වුනාද?
Deleteඅසරණයා මට උබේ තත්වය හොඳට තේරෙනවා, ඔය වගෙම සිද්ධ්යකට මමත් මූන දීලා තියෙනවා, අන්තිමේ මම ගෙදරිනුත් තරහවෙලා ගියා
ReplyDeleteඔය වගේ දිසා පාමොක්ල නිසා දහස් ගනණ් අහිංසකලා අංගුලිමාලලා වෙනවා.
අනිවාර්යෙන්ම මචං මට වගේම කී දෙකෙක්ට වෙන්න ඇද්ද.ස්තුතියි මේ පැත්තේ ආවට
Deleteකෙනෙක් වැටෙන්නත් නැගිටින්නත් අත්දැකීම් වලින් ගොනු කරන්න මම දන්නෙ නෑ.. ඒත් මට මෙහෙම දෙයක් උනා නම් මම අදටත් ඒ කෙනා ට වෛර කරනවා. නැත්නම් මම ඒ කාලෙදිම මේ දේවල් විසදගන්නවා. ඔහොම කරබාගෙන ඉන්න නම් මට බෑ..
ReplyDeleteමචං දැන් වගේ නෙවෙයි ඉස්සර මං මාරම කුලටියි ඉතින් මාව වට්ටන්න ගොඩක් ලේසියි.
Deleteකලින් පෝස්ට් එකේ කිසිම අවුලක් මමනම් දැක්කේ නැහැ මචං...
ReplyDelete............................................................................................
වජිර මිස්ලා වගේ ගොඩක් උන් ගුරුවෘත්තියේ යෙදිලා ළමයින්ගේ අනාගතේ අඳුරු කරනවා
අපි පොඩි කාලේ ඉස්කෝල වල පහල පන්තිවලට උගන්න්වන්න හිටපු බහුතරයක් ගුරුවරු ඔහොමයි
මේ වගේ අය ගැන අපේ කාලේ ළමයි ගෙවල් වලට පැමිණිලි කලේ ටිකක් අඩුවෙන්
හැබැයි දැන් කාලේ ළමයි ගෙවල් වලට ඉස්කෝලෙ දේවල් කියන නිසා මේ වගේ උන්ට මේ තරම් පජාත වැඩ කරන්න ලැබෙන එකක් නැහැ
ලොකු පන්ති වලට එද්දී හොඳ ගුරුවරු හම්බ උනත්, පුංචි පන්ති වලට උගන්නන්න දාල හිටපු අය ගැනනම් කතා කරලා වැඩක් නැහැ...
උන්ට ගොට්ට ඇල්ලුවේ නැත්නම් කැඳත් නැහැ
පොඩි පන්තිවලදිනම් ගොට්ට අල්ලන සීන් එක හොඳටම තිබුනා.ලොකු පන්ති වලට යද්දී ගොඩක් ගුරුවරු අපිට මානුෂික විදියට සැලකුවා.
Deleteමේකනම් මහ පුදුම දුක හිතෙන කතාවක් ව්උනා මට..:( අර උණුවතුර බෝතලේකට පුංචි හිතක් ඒ තරම් තලලා දාන්න තරම් ඒ මිස් මොන තරම් දුෂ්ඨද?? ඇත්තම්යි ඔහොම වුනානම් මම අඬලාම මැරෙයි..:'( මොනා තේරෙන වයසක්ද?? ඔහොම මිස්ලානම් මොකට පොඩි පංතිවලට උගන්වන්න දානවද මන්දා...
ReplyDeleteමොනා වුනත් ඉන්ද්‍රානි මිස් නිසා ඔයා වෙනස් වුනානෙ.. ඒ මිස් වගේ ගුරුවරු ගුරු දෙවිවරු.... එහෙම කරුණාවන්ත, ගුරු වෘතිය ගැන දන්න මිස්ලා වටිනවා...
කලින් පොස්ට් එකේ මටනම් වැරැද්දක් නෑ අයියේ.. ඒක හොදයි
ඇත්තටම නංගි දුෂ්ඨ මිනිස්සු කියන්නේ ඒවගේ මිනිස්සුන්ට.ඉන්ද්‍රානි මිස්ලා වගේ තව ගුරුවරු ඉස්කෝලවල ඉන්නවනම් කොච්චර හොඳද.
Deleteකලින් පොස්ට් ඒකෙන දැනට එක්කෙනුට දුක හිතුනලු ඉතින් එයාගෙන් මං සමව ඉල්ලන ඒ උදටික දැම්මේ
උඹ අද ඉන්න තැන අපිට හොදටම ඇති මචන්. ඔච්චර දේවල් උඹට කරපු ඒ මිස්ට උඹ තරහක් නෑ. උඹ හරිම උසස් මචන්
ReplyDeleteමං ඒ මිස්ගේ වැරදි වලට මොකට කේන්ති අරගෙන මගේ ලේ පුච්චගන්නවද
Deleteඋඹගේ කථාව කියවනකොට පොඩි කාලේ මතක් උනා....අපරාදේ ගෙදර ගිහිල්ලා කියන්න තිබ්බේ....මගෙත් අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු....ඉස්කෝලෙදිනං කිසිම අවුලක් උනේ නෑ....මම අවුලක් කර ගත්තොත් මිසක්...
ReplyDeleteඅප්පටසිරි ඉස්කෝලේ යනකලෙත් දන්වගේද ජල්තරස් ද.?ගෙදර ගිහින් කියන්න බැහැ හිතුන මචං.
Deleteහරිම සංවේදී කතාවක්. ඇත්තටම මේ ඔයාගේ කතාවනම් ඔය වගේම අත්දැකිම් තියන අය වෙනුවෙන් ඒක ලියපු එක ගැන ඔයට ස්තුතියි. මටත් ඔහොම කතාවක් තියෙනවා මචං...
ReplyDeleteඉතුතියි අහයිමට ඉතින් මචං උඹත් පොස්ට් එකක් දාපන්කෝ.
Deleteඋඹ අනවශ්‍යය වැඩක් කරලා තියෙන්නේ ගිය පාර ලිපිය ගැන සමාව ඉල්ලලා... යමක් විහිළුවෙන් රස විදින්ඩ බැරි උන්ට.. බම්බු ගහ ගන්ඩ කියපන්..
ReplyDelete----------------------------
ගනන් ගන්ඩ එපා බන්... සමහර ගුරු හොරු ඔහොම තමා... හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගනින්..
----------------------------
මචන්.. ගොඩක් පොඩි පොඩි අක්ෂර වින්‍යාස දෝෂ දැක්කා.. සමහර විට උඹ හදිස්ස්සියෙන්.. ලිව්වද දන්නෑ... පුළුවන්නම් හදපන්..
නැ මචං එක්කෙනෙක්ට විතරයි මගේ අතින් වැරද්දක් වුනු නිසා මං සමාව ඉල්ලුවේ.හැමෝම එකවගේ අතල නැහැ නේ.අකුරුවල වැරදි තියෙන්නෙත් හදිසියේ පොස්ට් කාලේ ඉක්මනින් සමාව ගන්න ඕනේ නිසා.දැන් එක හරි මං හරි ගැස්සුවා.ස්තුතියි වැරැද්ද පෙන්වල දුන්නට.
Deleteඅනිවාර්යෙන්ම මචං හැම සිද්දීයකටම හැම සිදුවීමක්ම එකින එකට සම්බන්ධයි.මට කිසිම දුකක් නැහැ මචං.
අතිශයින්ම දුක හිතුනු පෝස්ට් එකක් ඒ මොනා උනත් ඔයා ජීවිතේ පැරදිලා නෑනේ අයියේ ඒ නිසා සතුටුවෙන්න පුළුවන්.මේ වගේම කතාවක් බුකියේ තිබිලා කියෙව්වා හැබැයි ඒ අම්මා නැති ලමෙක්ට ගුරුවරියක් අම්මා වෙලා ඒ ලමයාග් ජීවිතේ උසස් කරපු හැටි ඒ වගේ කතාවක් මේකත්.ජීවිතය මල් ඇතිරූ යහනායක් නෙමෙයිලුනේ සැලෙන්න එපා සහෝදරයා
ReplyDeleteඔව් මල්ලි මමත් ඒ කතාව කියවල තියෙනවා.කටුකයි තමයි මේ ජිවිතේ.
Deleteහිතට තදින්ම වැදුනා මල්ලි ලියලා තියෙන සිද්ධිය. ගුරුවරුන් දෙවියන් විදිහට සලකන්න පුරුදු වෙලා ඉන්න අපේ සමාජය ගුරුවරුන්ගෙන් ළමයින්ට සිදු වෙන මේ වගේ නොපනත් කම් ගැන සලකන්නෙ නෑ. ආපහු හැරිලා බලනකොට අපේ ඉස්කෝලෙත් සමහර ළමයින්ට ඔය වගේම අසාධාරණ උනා නේද කියලා දැන් මතක් වෙනවා. මම ඉගෙන ගත්ත ඉස්කෝලෙ පොඩි පන්තිවලදී හැමදාම පන්තියේ පලවෙනියා වෙච්ච ළමයෙක් ඉහලට යද්දි ඔය වගේ වැඩ වලට දුර්වල වෙලා, සාමාන්‍යය පෙළත් ෆේල් වෙලා, පස්සෙ කාලෙක පාතාලයෙක් විදිහට පොලීසියෙන් වෙඩි කාලා මැරුණා....!
ReplyDeleteමම දනුවත්ම තවත් ළමයි හිටිය ගුරුවරුන්ගේ අසාධාරනකම් නිසා දුක් විඳින.සමහරවිට ඉන්ද්‍රානි මිස් නොහිටින්න මමත් අද රස්තියාදුකාරයෙක් වගේ සමාජෙට වැඩක නැති එකෙක් වෙන්න තිබුනා.ස්තුතියි දුමි අයියා...
Deleteඔයාට තිබුනෙ විස්තරේ ඔක්කෝම ගෙදරට කියල මිස් ට පාඩමක් උගන්වන්න....මම නම් එහෙම දෙයක් කලා...අන්තිමට ඉස්කෝලෙන් මාරුවකුත් හම්බ උනා ඈත පලාතකට......පොඩි උන්ගෙ මනස කාල දාන ඔය වගේ උන්ව එලවන්න ඕනෙ දුශ්කර පලාත් වලට වේලිලා කරවල වෙලා එන්න.......
ReplyDeleteනියම කතාව කිරිල්ලි.. හලි සැලයිනෙ කිරිල්ලි මෙහෙම හිටියාට ;)
Deleteගෙදරට කියන්න බය හිතුනා.මං පොත දුන්නෙත් ආයේ කරදර කරනකන් නැහැ කියල හිතල.පළාත අද්‍යාපන අද්‍යක්ෂ නෑයෙක් වෙලත් මං එහෙම කලේ නැහැ.
Delete@හිතුවක්කාරී.වින්චැට්කිරිල්ලි කිවුවට මෙය වළි කිකිලියෙක් නේ.හික් හික්...
ඔහොම තමයි බන්. අපිත් ඔය කට්ට කාලා තියෙනවා. හැමදාම පුටුවෙන් පුටුවට.. වෙලාගිහින් එන කොල්ලෙක්ට හොඳ පුටුවක් දෙන්න අපි හැමදාම තැනින් තැනට. අන්තිමට බලද්දි උදෙන්ම යන්නෙත් අපි. කැඩුනු පුටුවල වාඩිවෙන්නෙත් අපි. පන්තියට අවශ්‍යගානට පුටු හොයන්නෙත් අපි...
ReplyDeleteඑහෙම අසාධාරනකම් කොච්චර වෙනවද.කකුල් තුනේ ඩේස් තමයි ගොඩක් පාවිච්චි කලේ.
Deleteමගේ ඇගේ මයිල් කෙලින් උනා මේ කතාවෙ සමහර තැන් වලදි.... මගේ ජීවිතෙත් ඔය වගේ හොද ගුරුවරු කීප දෙනෙක්ම ඉන්නවා.. ඒ වගේ අයට නිරෝගි සුව දීර්ගායුශ පතනවා....
ReplyDeleteටිකක් සැර වැඩිද?ඒත් වෛරය ඇතිකරනනම් නෙවෙයි මේක ලිවුවේ.හොඳ ගුරුවරුත් ඉන්නේ මේ සමජෙමනේ..
Deleteගුරුවරු අතර දෙවිවරු වගේ අයත් ඉන්නවා ඒ අතර ළමයින්ට බල්ලන්ට වගේ සලකන බල්ලොත් ඉන්න්වා,මට ඔයතරම් දරුනු අද්දෑකීමක් නෑති වුනත් ඔයලගින් යන අද්දෑකීම් කීපයක්ම තියන්වා,නමුත් සමහර ගුරුවරුන් දෙවියන් මෙන් ජීවිතය ගෑන කියාදීපු නිසා වර්තමාන සර්තකත්වයට පියනගන්න හෑකිවෞනා.
ReplyDeleteඔව් අනිවාර්යෙන්ම යාළුවා.මිනිහෙක් කරන්නත් නරුමයෙක් කරන්නත් දෙකම කරන්න පුළුවන් ඒ ගුරුවරුන්ට.
Deleteමම නං ගුරුවරු කියන සත්ව කොට්ටාසයට එච්චර කැමති නෑ. මෙන්න ඒකට හේතු.
ReplyDelete1. එයාල හිතං ඉන්නෙ සර්වබලධාරී දෙවියන් එයාල කියල. ළමයෙකුගෙ අතින් මේ විදියෙ වැරැද්දක් උනොත් ජීවිත කාලෙටම පළිගන්නව.
2. මම බාලාංශෙ ඉගනගත්ත පාසලේ ගුරුවරුන්ගෙ ක්‍රියාකලාපය. ඒ ගැන වෙනම පෝස්ටුවක් ලියන්න කරුණු තියනව.
3. ගුරුවරු කෑදරයි.
4. ගුරුවරු ලෝභයි.
5. ළමයින්ගෙන් ගන්න පුළුවන් සුළු හරි වටිනාකමක් තියනදෙයක් ගන්න පෙළඹෙන්නෙ හරිම පහත් විදියට.
6. හොද ළමයි හොද විදියටත් නරක ලමයි සම්පූර්ණ නරක විදියටත් හංවඩු ගැසීම. සමහරවිට එකවසරෙදි වදින හංවඩුව 13 වසර වෙනකන්ම තිබිල ඒක නිසාම ළමය විනාශවෙන්නත් ඉඩ තියනව.
තව කාරණා තියනව. දැනට මේටික ඇති. මම මේ කියපු වපසරියට අදාල නොවන හොදඅයත් ඉන්නව. හැබැයි ටිකදෙනයි.
ඔව් මචං ඒ කරුණු එක්ක මං එකයි.මං 4 වසරේදී ඉඳං දුරුවල ලමයක් කියල කොන් වෙලා 9 වසරට වෙනකන් ඒ විදියට ආවා.අපි ගැන හැම වෙලාවේම බලන්නේ වැරදි කරෝයෝ දිහා බලන විදියට.
Deleteරාජ් මහත්තයෝ:
Deleteඔබතුමා ගුරුවරු කියන කොට්ඨාශය ගැන ඔහොම කතා කරන්න එපා,
ඔය ගුණ ඉස්සරහට සමහර කියලවත් දාන්න.
මොකද ඔබ අද ඉන්න තැන ඉන්න එක හොඳ ගුරුවරයෙක් හරි දායක වෙලා ඇතිනෙ,
Gordonia ceylanica
Deleteමහත්තයගෙ ඇස් පෙනීම දුර්වලයිද? මම දාල තියන //මම මේ කියපු වපසරියට අදාල නොවන හොදඅයත් ඉන්නව. හැබැයි ටිකදෙනයි.// ඒ වාක්‍ය දැක්කෙ නැද්ද.
කතාව කියෙව්වට පස්සෙ මට හිතුනේ එකම එක දෙයයි...දිල්ට ලැබුන ගුරුවරු මොනතරමක් හොඳද .....අම්මයි අප්පච්චියි මැරුනට පස්සෙ දිල් ගොළුවෙක් වෙලා අවුරුදු 3 ක් උන්නා..ඒ කාලය ඇතුලත දිල්ගෙ පන්තිවල උන්නු ගුරුවරු දිල්ට මොනතරමක් ආදරයෙන් සැළකුවද ? කතා කලාද ? කියන හැමදේටම ඔළුව විතරක් හොල්ලාපු දිල්ට ඒ අය මොනතරමක් තේරුම් ගත්තද ?
ReplyDeleteඔයාගේ කොමෙන්ට් එකට මට ගොඩක් දුක හිතුනා.එක අතකින් ඔයා වාසනාවන්තයි පාසැල් කාලෙම ආදරෙන් ගුරුවරු කතා කරන්නේ ඉතා කලාතුරකින්.
Deleteමචන් මේක ලංකාවේ ගුරුවරුන්ට පෙන්නන්න වටින ලිපියක්..... ඇත්තමයි.........
ReplyDeleteකියවද්දි මටත් මාර දුකක් වගෙම තරහක් ආවා...
ඔව් ඇත්තටම ඒ වජිරා මිස් ගේ මොනවහරි ආකල්ප නිසා ඒ වගේ දෙයක් කලේ.
Deleteදැං වැඩියෙන් ඉන්නේ ගුරුවරුන්ට වඩා ගුරුහොරු.. ඒ ගැන කියලා වැඩක් නෑ.. පුංච් දේකට ළමයෙක්ගෙන් මේ තරම් පළි ගන්න පූළුවන්ද කියලා හිතෙනවා.. අපි ඉස්කෝලේ යන කාලත් ඔය වගේ දේවල් නොවුනාම නෙමෙයි..
ReplyDeleteහැම ඉස්කොලේකටම පොදු දෙයක් නේද මේ වගේ ගුරුවරු..
Deleteඅර ඉංග්‍රීසි ගුරුවරිය වගේ කෙනෙක් නිසා හෝ අසරණයට ගොඩ එන්න ලැබුන එක ගැන සන්තෝෂයි
ReplyDeleteමට එහෙම දෙයක් කරනකන් මං හිතන හිටියේ හැම ගුරුවරයෙක්ම වජිරා මිස් වගේ ඇති කියලා.
Deleteමට කියාගන්න දෙයක් හිතෙන්නේ නැහැ. අනේ දෙවියනි මට ඔහොම දෙයක් වුනානම්?
ReplyDeleteඔයාගේ හිත ගොඩාක් ශක්තිමත්.
හ්ම්ම් හොද ගුරුවරු අතේ ඔය වගේ නපුන්සකයොත් ඉන්නවා.
ඒ කලේනම් මගේ හිත ශක්තිමත් නැහැ.වෙන කරන්න දෙයක් නැතිකමට ඉස්කෝලේ ගියේ.හැම දෙයක්ම වෙන්නේ හොඳටනේ..
Deleteමටත් ඔහොමම දෙයක් උනා....නැහැ සිද්ධි දෙකක් වුනා ...මහ කාළකණ්නි කියලා ගුරුවරු පිරිසක් ඉන්න බව මම දැනගත්තේ එයින්..පුත්ගලික තරහකට(අසල් වැසි නිවසේ) ගනන් මිස් මට හැමදාම බණිනවා,ගහනවා, අදටත් මට ගනන් අරහන්....අනික අපේ සංගීත මිස් මාව සින්දු කියන්න බැහැ කියලා පන්තියෙන් එලෙව්වා..හැබැයි එලවපු අවුරුද්දෙම මම සමස්ත ලංකා චිත්‍ර තරඟයකින් පලමු වැනියා වුනා..අදටත් කවුරුහරි සින්දුවක් කියන්න කිව්වොත් අර ලැජ්ජාව තියනවා...සංගීතය හදාරන්නේ සින්දු කියන්න විතරයි කියලා හිතන ගුරුවරුයි වට පිටාවේ ප්‍රශ්ණ ඉස්කෝලෙට ගෙනියන ගුරුවරුයි ගුරු සංහතියටම නින්දාවක්...
ReplyDeleteමන්ද මානසිකත්වය තියෙන ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා.මගේ යාලුවෙක්ටත් ගෙවල් ලග ඉන්න මිස හරියට වෙනස්කම් කලා
Deleteමම ඔයාගෙ කුකුලා මගෙ බ්ලොග් එකට දැම්මා,
ReplyDeleteහි හී බැරිදා මාව ප්‍රමෝට් කරන්න :)
(විහිළුවක් හොඳද?)
මං දැක්කා..ඔයාගේ බ්ලොග් එක හරහා ගොද්ක් දෙනෙක් ඇවිල්ල තියෙනවා.ස්තුතියි සහෝදරයා.
Deleteකොහොම වුනහ් අසරණයො,
ReplyDeleteමට නම් හම්බුන අති බහුතරයක්ම ගුරුවරු හොඳ අය,
ගොඩක් හොඳට උගන්නව්වෙ නැතත් මම පුරුදු වුනා සමහරුන්ට ගරු කරන්න,
නොතේරෙන කාලෙ කීවට අපේ සර් කියල දුන්නම ඒක වැරදියි කියල,
මම ගුරුවරුන්ට නික් නේම් කීවෙ නෑ,
දැන් කැම්පස් ඇවිල්ලා වුනත් ඒක තියනවා,
දැනට වුනත් සමහර ගුරුවරු උගන්නන විදිහෙ අඩුපාඩු තිබුනත් මම ඔවුන්ට බනින්ට යන්නෙ නෑ,
ළමයි තමන්ට වඩා ගොඩක් උසස් දැනුම් මට්ටමක් තියන ගුරුවරුන්ට කතා කරන්නෙ කොන්දොස්තරලට වගේ,
ඔවුන් ආචාර්ය උපාධි ගත්ත දක්ෂයෝ,
ළමයි යන්තම් ඒ\එල් පාස් වුනාම හිතනව ලොක්කො කියල,
ඒක වැරදියි ළමයි නිහතමානි වෙන්න ඕන,
ඔයාගෙ ඉන්ද්‍රානි මිස්ට මගේ උපහාරය,
ඔව් ඒ වගේ නොහොබින ළමයි ටික දෙනෙකුත් ඉන්නවා.අපිව හොඳින් සලකන ගුරුවරුත් ඉන්නවා.ස්තුතිය් කොමෙන්ට් එකට..
Deleteලංකාවට විතරක් සීමා නැහැ අයියෙ සමහර ගුරුවන්ගෙ මේ ගතිගුණ..
ReplyDeleteමටත් ඔය වගේ ගොඩක් අය හමුවෙලා තියෙනවා.. ඒත් අදට වුණත් ළඟට ගිහින් කතා කරලා මට පුළුවන් උපකාරයක් කරනවා.. මං සතුටුවෙනවා හොඳගුරුවරු ටික දෙනෙක් හරි මගෙ ජීවිතයෙදි හමුවුණ එක ගැන.. ඒ වගේම සතුටුවෙනවා.. අද මං ඉන්න තැන ගැන.. :)
මාත් සතුටු වෙනවා ඉන්ද්‍රානි මිස් ගේ ඒ පොඩි වචෙනේ ගැන.පොඩි වචනයකින් කොච්චර වෙනසක් කරන්න පුළුවන් ද?
Deleteගොඩක් දුක හිතුනා කියවත්දි.....කොහොම උනත් උඹ පැරදිලා නැහැනෙ යාලුවා.....
ReplyDeleteමට පුදුමත් හිතුනා කියවනකොට..මොකද අද දවල් මම මතක් කලා මට උගන්නපු ගුරුවරු ගැන ....මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ගුරුවරු දෙන්නෙක් ඉන්නවා.ඉතින් දැන් මේක කියවනකොට හිතුනා මට ඒ ගුරුවරුන් ගැන තිබුන ගෞරවය තව වැඩි උනා...:)
ඉන්ද්‍රානි මිස් ගැනත් තියෙන්නේ මටත් ලොකු ගෞරවයක්. ලිපියෙන් කියන්න උත්සහ කලෙත් ගුරුවරුන්ගෙන් ළමයෙකුට කරන පුළුවන් බලපෑම..
Deleteමේ කමෙන්ට් එක ලියන මමත් ගුරුවරයෙක්. මම හොඳාකාරව දන්නවා අසරණයා කියලා තියෙන ජාතියෙ ගුරුවරු අප අතර ඉන්න බව. ඔය වගෙ අත් දැකීම් මම ඉගෙන ගන්න කාලෙ මටත් නොලැබුනාම නොවෙයි. නමුත් ඒ නිසාමද කොහෙද මම හැම තිස්සෙම උත්සාහ කලේ එයිට හාත්පසින්ම වෙනස් ගුරුවරයෙක් වෙන්න. ඒ වගෙම අමතක කරන්න එපා ඉතාම හොඳ ගුරුවරුත් ඉන්න බව. සංඛ්‍යාව අඩුවෙන්න පුලුවන්.
ReplyDeleteගුරුවරයෙක් හැටියට මම ඉතාම කණගාටුවෙනවා අසරණයා ලබපු කටුක අත්දැකීම ගැන.
henryblogwalker the Dude
මේ අද්දැකීම ලබපු පළමු සිදුවද මම නොවෙයි.අවසානයද මම නොවෙයි.ස්කොලේ අවසාන අවුරුදු කීපයේ ගොඩාක් හොඳ ගුරුවරු ලැබුනා.සමාජය ගැනත් කියල දුන්නේ නේ ඒ ගුරුවරු.එදා දුකක් වගේ දැනුනට අද මට ඒ දේ දුකක් නැහැ..
Deleteකලු සුදු චරිත ගුරුවරු අතරත් ඉන්නවනෙ..හැබැයි බහුතරය හොඳ අය.
ReplyDeleteඔව් එක ඇත්ත.හැම කෙනාම එක වගේ නැහැ.මෝඩ ආකල්ප තියෙන කිහිප දෙනෙක් ඉන්නවා.
Deleteඋඹේ කතාව හරියට වැදුන! ගුරුවරු වගේම ගුරු හොරුත් ඉන්න රටක් මේ. ඒ නිසා උඹල අපි ලොකුමහත් වෙනකොට තමන්ගෙ දරුවො ගැන බලන විදිය මේ වගේ දේවල් අහල දැනගෙන වෙනස් වෙන එකයි වෙන්න ඕන.
ReplyDeleteසෑහෙන්න ගානක් අපේ දිහා ඇවිත් තිබ්බ උඹේ ලින්ක් එකට. ඒකට ස්තූතියි ආයි පාරක්.
අපි පොඩි දරුවෝ ගැන හොයල බලන්න ඕනේ.හිතන්නේ නැති ප්‍රශ්න කොච්චර තියෙනවද.
Deleteඅයියෝ..ස්තුතියි කරන්න තරම් දෙයක්ද බං ඕක..
පුංචිකාලේ මමත් උඹ වගේම නිහඩ චරිතයක් මචං.
ReplyDeleteමගේ වාසනාවට 3 පන්තියේ ඒ වගේ ගුරුවරියක් හිටියේ නැහැ.
හිටියනං ඉතිං ලොවෙත් නැහැ තමයි
මචං අපේ ජිවිත හිතන්නේ නැති විදියට වෙනස් වෙන්නේ.එත් මං මේ ඉන්න විදිය දැක්කහම කලින් හිටපු නිහඩ චරිතෙද කියල හිතෙනවා..
Deleteගුරුවරයෙකුට පුළුවන් ළමයෙකුව හදන්නත්, ඒ වගේම නැති කරලා දාන්නත්... ඒකට හොඳම උදාහරණයක් තමයි මේ.....
ReplyDeleteඒක ඇත්ත.මේ එහෙම වුනු ඒක ළමයෙක විතරයි.තව කීදෙනෙක් ඇත්ද?
Deleteමටත් ඔය වගේ එකක් උනා 4 වසරෙදී.. හැබැයි මෙච්චරම දරුණු උනේ නෑ..
ReplyDeleteමේකෙදි හොද වෙලාවට ඒ ඉංග්‍රීසි ගුරුවරිය හින්දා යහමගට ආවා.. මම් දන්න සමහර යාළුවෝ ඉන්නවා සාමාන්‍ය පෙලත් අසමත් වෙච්ච..
පොඩි ළමයින්ගේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් ගුරුවරුන්ට... හොදට හෝ නරකට..
මේක කියවන කොට නම් ටිකක් විතර තරහ ගියා හැබැයි :)
ඕව් එක ඇත්ත.ළමයෙක අංගුලිමාල කෙනෙක් කරන්නත් ගුරුවරයෙක්ට පුළුවන් කමක් තියෙනවා.
Deleteතරහ ගන්න එපා මම දන ටිකක් හොඳ තැනක ඉන්නවා.හෙක් හෙක්.
පිස්සු හැදෙන කතාවක් බං! උඹ එච්චර පොඩි එකෙක් වෙලත් ඔහොම හැදුන එක පුදුමයි!
ReplyDeleteඔව් මම මේ විදියට හැදෙන්න ඇත්තේ ඉන්ද්‍රානි මිස නිසා වෙන්න ඇති. හැම දෙයක්ම හොඳින් සිද්ද වෙලා මම දන සාමාන්‍ය තැනක ඉන්නවා.
Deleteහරිම සංවේදියි. අසරණයා. මට හුගක් දේ එක දිගට කියවන්න බැරි උනත් හැගීමෙන් යුතුව කියෙව්වා. ස්තුතියි. ඔබගේ වටිනා ලිපියට...
ReplyDeleteස්තුතියි..
Deleteමම අද මෙතන ඉන්නේ ගුරුවරු නිසා. එකේ තේරුම උඹට හම්බුනා වගේ එවුන් නිසා මට මෙතනින් උඩට යන්න බැරි උනා හැබැයි ගුරු දෙවි වරු නිසා මෙතෙන්න්ට හරි ඇවීත් නතර උනා.
ReplyDeleteඔව් ඇත්ත ගුරුවරු අතරේ ඉන්නවා එක එක විදියේ ගුරුවරු.මොන දේ වුනාත් තමන් ඉස්සරහට යන්න ඕනේ එතකොටයි ගොඩාක් ජිවිතයට පන්නරය ලැබෙන්නේ..
Deleteරිවිර පුවත්පතේ මේ ලිපිය කියවන්න. ඔබ ගැනත් එහි සඳහන්
ReplyDeletehttp://www.rivira.lk/epaper/sunday/2014/02/09/index.html#15/z