21 Mar 2013

මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.

                           
                       අපි පොඩි කාලේ TV චැනල් දෙකක් තුනක් විතරක් තිබුන කාලේ  ළමයි වෙච්ච අපිට  සතියේ එක දවසක් බලල අයෙත් එන  සතියේ ඒ දවස එනකං කතා කරන්න පුළුවන් විදියේ පිට රටින් ගෙනාපු ටාසන්,රොබින්සන් අන්දරය,රොබින් හුඩ්,මායා  බන්ධන  වගේ බොලඳ නැති නාට්‍ය  කිහිපයක්ම තිබුනා.  ඒ නිර්මාණවල ඇති වටිනාකම ගැන කියනවනම් තවමත් ඒ කතා කිහිප සැරයක් බැලුවත් එපා වෙන්නේ නැති ගතිය තවම තියෙනව්. ළමා කාලේදී නැරඹුවත් රැකියාවක් කරන කාලේ නැවත විකාශනයක් ගියා උදේ 7ට. ඒ පාසල් නිවාඩු කාලයක්.උදේම නැගිටලා සම්පුර්ණ පැයේම  නාට්‍ය බලල රැකියාවට  පරක්කු වෙලා ගිහින් ලොක්කගේ තනි කැමැත්තට  වරුවේ නිවාඩු ලැබිලත් තියෙනවා. ඒ තරම් මං මායා බන්ධන කතාවට කැමති. ඒ කාලේ අපේ විරයෝගේ හා දුෂ්තයන්ගේ අළුත් විස්තර සහ අද වෙද්දී ඔවුන්ගේ රූපයේ වෙනස් වීම  ගැන කෙටි දැනුමක් ලබාගන්න පුළුවන් වේවි.


Spellbinder නොහොත් මායා බන්ධන ඔස්ට්‍රලියා සහ පෝලන්ත සම නිෂ්පාදනයක්. මෙය නිර්මාණය කලේ  Film Australia සහ  Telewizja Polska (පෝලන්ත) යන දෙරටේ නිර්මාණ ආයතන දෙක විසින් ඔස්ට්‍රලියාවේ ළමා රුපවාහිනී ආයතනයකට. කොටස් 26ට සිමා වූ 1995 මුලිම විකාශනය වුන මෙමෙ ළමා කතාවේ අධ්‍යක්ෂ  වුනේ Noel Price  නම් අධ්‍යක්ෂ  වරයායි.ඉන් පසු 1997 දී  Spellbinder 2: Land of the Dragon Lord නමින් දෙවෙනි කොදසක් ද විකාශනය වුනා. පළවෙනි කොටස තරම්ම  ජනප්‍රිය නොවුත් දෙවෙනි කොටසේ සිටියේ පළවෙනි කොටසේ සිටිය ආෂ්කා නම් නපුරු ගැහැණිය පමණයි. 1997 දී මුලින්ම ශ්‍රී ලංකාවේ විකාශනය සිදු වුනේ. ලෝකයේ බොහෝ රටවල ද මෙය විශාල වශයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. ආසියාවෙන් බංගලාදේශයද, මැලේසියාවේද විකාශය වුනු අනිකුත් රටවල්ය.
විශ්වවිද්‍යාල සිසුවෙකු වන පොල් නම් තරුණයා සමාන්තර ලෝකයට ගිහින් එම ලෝකේ තිබුන තාක්ෂණයක් ඔහුගේ දැනුමෙන් යලි ප්‍රතිනිර්මාණය කර දුෂ්ඨ ගැහැනියගේ කරදර විඳිමින් එම ලෝකෙම තරුණ කෙල්ලෙකුත් සමඟ යලිත්  පෝල්ගේ ලෝකයේ තියෙන නිවසට ඇවිත් යලිත් ඇගේ ලෝකයට පිටමන් කරන  සිද්දියක් වටා ගෙතෙන මෙම කතාව එක දිගට බලන් ඉන්න ආස හිතෙන විදියේ නිර්මාණයක්.

පෝල්
ඔහුගේ සැබෑ නම Zbych Trofimiuk .ඔහුගේ උපන් රට පෝලන්තයයි.  උපත ලබා තියෙන්නේ 1979 අප්‍රේල් 7 වනදා. 2004 ඔහුගේ උපාධිය ලබාගන්නවා වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන්. ඔහු මුලින්ම නිර්මාණයකට එකතු තිබුනේ 1993 දී විකාශනය වුන Snowy River: The McGregor Saga,  නම් කොටස් වශයෙන් විකාශය වුන ටෙලි නාට්‍යක. ඔහුගේ මුල්ම චිත්‍ර පැටිය වුනේ Sky Trackers නම් සිනමා පථයයි.එහි රඟපෑම වෙනුවෙන් හොඳම තරුණ නළුවට හිමි සම්මානය ලැබිල තියෙනවා..
                                                               එදා පෝල්


                                                  අද පෝල්.


රියානා.
ඇයගේ සැබෑ නම Gosia Piotrowska. මයාමන්ධන ලෝකයෙන් මේ ලෝකෙට එන ගැහැණු ළමයාගේ චරිතය රඟපෑ ඇය උපන්නේ පෝලන්තයේ. ඈ 2003 වසරේදී විවාහ වුවත් 2007 දී දික්කසාද වෙන ඇය යලිත් 2010 දී විවහා වෙනවා ඒ ඔහුගේ මිතුරෙක් සමග. ඇයට පලවෙනි විවාහයෙන් දරුවෙකුත් සිටිනවා සහ දෙවෙනි විවාහයෙන් නිවුන් දරුවන් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඇගේ පළමු සහ අවසාන නිර්මාණය වුනේ මායා බන්ධනයි. ඇයත් ජිවත් වෙන්නේ ඔස්ට්‍රලියාවේ.

                                                                       එදා රියනා.


                                          මේ ඇයම විය හැක.


ඇලෙක්ස් 
පෝල්ගේ යාළුවා. ටිකක් විකාර වැඩ කරන්නේ.!!.  උතුරු අයර්ලන්තයේ උපන් ඔහුගේ සැබෑ නම Brian Rooney.ඔහුත් පදිංචි වී සිටින්නේ ඔස්ට්‍රලියාවේ.ළමා ලෙටි නාට්‍යවල  වැඩි වශයෙන් රඟපෑ ඔහු මුලින්ම කලාවට එකතු වී තිබෙන්නේ 1989 දී The Punisher නම් නිර්මානයත් සමඟයි. චිත්‍ර පටි කිහිපයකටම සම්බන්ධ වූ  ඔහු සහබාගි වුන අවසාන  නිර්මාණය වුනේ මායා බන්ධන කතන්දරයයි.

                                                                1989 දී ඔහු.


                                                 මායා බන්ධන කාලේදී ඇලෙක්ස්.


              වසර කිහිපයකට පෙර.


කත්‍රිනා
ඇලෙක්ස් ගේ පෙම්වතිය වන ඇගේ සැබෑ නම Michela Noonan.ඇය ඉතාලි ජාතික නිළියක් නමුත් ඇයද ජිවත් වෙන්නේ ඔස්ට්‍රලියාවේ. ඇගේ මුල්ම නිර්මාණය වුනේ මායා බන්ධනයි.ඉන් පසුව ඇගේ අවසාන නිර්මාණය වුනේ 2005 දී තිරගත වුන Apnea නම් චිත්‍ර  පටියයි. ඇගේ විස්තරත් අන්තර්ජාලයේන් සොයාගැනීමට අපහසුයි.

                                                                      එදා


 
                                                          අද ඇගේ රුව.                                     

ආෂ්කා.
නපුරු කාන්තාව. අපි හැමෝම අකමැති ඇගේ නම Heather Mitchell . ඇය ඔස්ට්‍රලියානු ජාතික කාන්තාවක් 1958 දී උපත ලැබූ ඇය මුලින්ම චිත්‍ර පටියකට  එකතු වුයේ 1986 දී.මායා බන්ධන 1 සහ මායා බන්ධන 2 හැර තවත් ටෙලිනාට්‍ය කිහිපයකම ඈ රඟපා ඇත. මුලින්ම කලාවට සම්බන්ධ වී ඇත්තේ 1984 පමණ ඒ වෙදිකා නාට්‍යවලය.ඈ අවසානයට සහභාගී වුන නිර්මාණය වුයේ Griff the Invisible නම් සිනමා පථයයි.එය තිරගත වුනේ 2011 දිය.

                                                               එදා පෝල්ගේ පියා සමඟ


                                                   ඇගේ අද තත්වය.

බ්‍රයන් (පෝල්ගේ පියා)
ඔහු ඔස්ට්‍රලියානු ජාතිකයෙක්. සැබෑ නම Andrew McFarlane.1951 බටහිට ඔස්ට්‍රලියාවේ ඉපදුනු ඔහු මුලින්ම රඟපෑමට එකතු වුයේ 1972 දී ඒ රුපවාහිනී නාට්‍යකටයි. ආරම්භයේ සිට 2009යේ ඔහු සහභාගී වුන අවසාන නිර්මානයත් සමඟ ඔහු නිර්මාණ  35  ආසන්න ගණනක විවිධ චරිත රඟ තිබෙනවා. 2010 ඔහු ගායකයෙක් විදියටත් ප්‍රසංගයක් පවත්වා තිබෙනවා.

                                                                     එදා ඔහු 

                                         කඩවසම් ඔහුගේ අද තත්වය.


කොරිඔන්.
මායා බන්ධන ලෝකයේ ඉන්න වැඩිහිටි පුද්ගලයා ඔහුත් පෝලන්ත ජාතිකයෙක් ඔහුගේ සැබෑ නම Krzysztof Kumor. 1940 අප්‍රේල් 16 වනදා උපත ලැබන ඔහු කලාව සම්බන්ද උපාදියල් ලබාගනු ලැබුයේ 1964 දිය.2005 දී ඔහු සහබාගි වුනු කොටස් 326 ටෙලි නාට්‍යකින් පසු යලිත් කිසිම නිර්මාණයකට දායක වී නැහැ. ඒ වගේම තවත් සිනමා සම්මාන කිහිපයකම ඔහුට ලැබී තිබෙනවා. ඒ ඔහු රඟපෑ 30ට ආසන්න නිර්මාණ අතරින්.තවද වැඩි වශයෙන් ඔහුගේ මුල් කාලේ ඔහු සහභාගී වී ඇත්තේ වේදිකා නාට්‍ය වලටය.

                                                              වේදිකා නාට්‍යක ඔහු.

                                                                      මයා බන්ධනයේදී.



                                                 ඔහුගේ අද තත්වය.


ග්රෙව්න්.

ආශ්කාගේ සහයකයා. රියානාගේ ගමේම තරුණයා. ඔහුත් පෝලන්ත ජාතිකයෙක් 1974 දෙසැම්බර් උපත ලබන ඔහු කුඩා කල සිටම රංගනයෙක් දායක වී තිබෙනවා. කුඩා කල සිටම රුපවාහිනී නාට්‍ය වලට සම්බන්ධ වුනු ඔහු නාට්‍ය 10 ආසන්න ගණනක රඟපා ඇත.පළමු නිර්මාණයට සහභාගී වී ඇත්තේ 1985 දී.ඔහුගේ සැබෑ නම Rafal Zwierz. 

                                                              1990 දී ඔහු.


                                                                    මායා බන්ධනයේදී.


                                              වර්ථමානේ ඔහු.



සැ/යු:

බොහෝ නළු නිලියන් පෝලන්ත ජාතිකයන් වන බැවින් ඔවුන් පිලිබඳ විශාල තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් පලවී නැහැ. කෙසේ වෙතත් මම මේ පොස්ට් එකෙන් උත්සහ කරන්නේ ඔවුන්ගේ රුපය කොතරම් දුරට වෙනස් වී ඇත්තයි පෙන්වීමටයි.


136 comments:

  1. ෂා... මරු විස්තර ටික.

    ReplyDelete
  2. මමත් ආසාවෙන් බලපු නාට්‍යක් අසරණයා..ගොඩක් ස්තුතියි විස්තර වලට වගේම වුනු මහන්සියටත්..

    මේ වගේම මම කැමති නාට්‍යක් තමා Small Wonder කියන්නේ..මේ දවස්වල ඒක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වුනා..ඒ නළු නිළියන්ගේ විස්තර බලද්දි එක නළුවෙක් දැන් රස්සාවක් නැතුව පාලමක් යටලු ජීවිත් වෙන්නේ.

    ස්පෙල් බයිනඩර් එකේ අයට එහෙම නොවුන එක වටිනවා..:D

    ප/ලි: කවුද කවුද ඔය ජරා බොස් ඔයාගේ වරුවක පඩි කැපුව!! අල්ලගෙන ගහන්නයි වටින්නෙ..!!ස්පෙල් බයින්ඩර් බලන එක එච්චර බරපතල වැරැද්දක් යැ..හ්ම්..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඇතැම් නළු නිලියනුත් ජිවත් වෙන්නේ ඒ වගේ තමා. කුලී ගෙවල් වල.

      ඔෆිස් පටන් ගන්න වෙලාවට පහුවෙලා ගියාම හාෆ් ඩේ නිවාඩු දුන්න. එත් පඩි කැපුවේ නැහැ.

      Delete
  3. ඉස්සර ටීවී එකේ යද්දි වරද්දන්නෙ නැතුව අනිවාර්යෙන් බැලුවා මතකයි. පළවෙනි සීරීස් එකේ කතා 26 නම් මගේ ළඟ දැනුත් ඇති ඩීවීඩී එකක රයිට් කරල. මේ මෑතකදිත් නැවත බැලුවා. දෙවැනි කොටස නම් බාගන්න බැරිවුනා.

    ඔය කතාව බලපු මුල් දවස්වල මම සමාන්තර ලෝක ගැන හිතපු තරමක්. මතක්වෙනකොට දැන් හිනහත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මමත් පුදුම ආසාවක් තිබුනේ ඒ වගේ තව ලෝකයක් ගැන. අර විදියට උදේ හවස යන්න තිබ්බනම් කොහොමද කියල. වැඩේ කියන්නේ පලිඟුවක් හොයාගන්න තිබුනේ නැහැ නේ.

      Delete
  4. ඉස්සර අපි ආසා කරපු මේ වගේ නලු නිලියන් වෙනස් වෙලා දැක්කාම දැනෙන්නේ කලකිරීමක්. මේ වගේ ලස්සන අයටත් මෙහෙම උනානේ වගේ හැඟීමක්!!!

    දන්න හැම නලු නිලියෙක්ගේම මෙදා පින්තූරයක් හොයාගෙන බලන්ට හිතුනා මේ විස්තරේ දැක්කාම.:)

    අසරණයා මහන්සිවෙලා ගොඩක් විස්තර හොයාගෙන තියනවා. ස්තූතියි. මේ පාර තිළිණි චිත්‍ර ඇන්ඳේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි ආසා කරපු මේ වගේ නලු නිලියන් වෙනස් වෙලා දැක්කාම දැනෙන්නේ කලකිරීමක්.//

      ඔයා බයවෙන්න එපා නෝනා. ලංකාවේ අය කොන්ඩේ කැපුවේ නැත්තම් වැවෙනවා. වවන්න ඔට්ටු වෙන්න ඕනෑ නෑ. ඒ වගේම තමා හමත්. කබර හම වගේ අන්තිම මොහොත වෙනකල් කැත වෙන්නෙ නැතුව හයියට තියෙනවා. බය නැතුව ඉන්ට!!!

      Delete
    2. @ බුද්ධි,

      බලන්ඩකො මහින්ද මාමා දවසින් දවස තිරිහන් වෙනවා..

      Delete
    3. පොඩි කුමාරිහාමි.
      ..............
      ඔයත් මේ කතාව බැලුවද? ලංකාවේදී ද නැත්නම් ඔස්ට්‍රලියවේදී ද?. ලඟදි මම දැක්ක රොබින් හුඩ් එකේ හිටපු නළු නිළියන්ගේ දැන් කාලේ ෆොටෝස් හැමෝම වයසට ගිහිල්ලා.ඔයාගෙත් දත් හැලිලා කොන්ඩේ සුදු වෙන්න වැඩි කාලයක් නැහැ නේ. හෙක්ස්...

      අද එයාගේ චිත්‍රයක් නැහැ. ඊළඟ එකෙන් බලමු.


      බුද්ධි.
      .........
      ඔව් උඹවත් හිත හදපන් මචං.

      හරි
      .....
      ඔව් නේද මමත් හොදට බලපු දෙයක්.

      Delete
    4. තිරිහන් වෙනවද තිරිසන් වෙනවද මන්දා...ජස්ට් කිඩින් හොඳේ

      Delete
  5. අසරණය ගොඩක් මහන්සි වෙලා තියෙනව විස්තර හොයා ගන්න

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා ටිකක් හොයන්න අමාරුයි පොලිෂ් භාෂාවෙන් ගොඩාක් විස්තර තිබුනේ.

      Delete
    2. ඒ විස්තර පොලිස් කොලානම් ටොප්

      Delete
  6. මායා බන්ධන පලවෙනි එකට තමා මං වැඩියෙන්ම කැමති. මායා බන්ධන දෙක නම් ඒ හැටි "කික්" එකක් නෑ. ඔහේ යනවා වතුර වගේ, මෙලෝ රහක් නෑ මට. ඒ වුනත් මං ඔය කතාව පන්න පන්නා බැලුව නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් පලවෙනි එකත් එක්ක බලද්දී දෙවැනි එක ඒ හැටි ගතියක් නැහැ. ඒ නිසාම අපිට ඒ චරිත ඒ කතාව ගැන ඒ හැටි මතක නැත්තේ.

      මමත් කිහිප සැරයක්ම බැලුව.

      Delete
  7. අසරණයෝ මරු ම තමා.

    ReplyDelete
    Replies
    1. කවුද?? ආශ්කාද රියනාද?? පොස්ට් එකද?

      ස්තුතියි..

      Delete
  8. කාලය මැවු වෙනසක අරුමේ....
    පෝල්, රියානා, කැතී එහෙම නම් මේ එයාලමයි කියල අඳුනගන්න බැරි තරමට වෙනස් වෙලා. ඇලෙක්සුයි, ආශ්කායි,කොරිඔනුයි නම් තාමත් ටිකක් ඒ වගේ. ඒ දවස් වල මං ඇලෙක්ස්ට ගොඩක් කැමතියි..එයා කරන පිස්සු වැඩ වලට හිනා වෙලා පණ යනවා :D

    කොහොම උනත් Spellbinder ගැන තිබුන ඒ මතකය අසර් මහන්සි වෙලා විස්තර හොයාගෙන ලියපු මේ පෝස්ට් එක නිසා අලුත් උනා..

    ReplyDelete
    Replies
    1. ඒ තුන්දෙනාගෙම ළමා කාලෙනේ අපි බැලුවේ දැන් වෙනස් වෙලා.එත් රියානගේ ෆොටෝ එක මට ෂුවර් නැහැ. හොයන්න අමාරුයි කිසිම දායකයක් වුනේ නැති නිසා.

      ස්තුතියි නංගි.

      Delete
  9. අයියෝ කැතී.......... මයි ලව්........ මේකි කැත වෙලා.... සික්! :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ලොකු වෙද්දී කැත වෙනවා නේ. එත් මටනම් හිතෙන්නේ දැන් තමා ඉස්සරට වඩා හොඳ?.

      Delete
    2. ඔව් මන් දැන් මේ බලන්නෙ 2021 . ඇඩෙන්ට වගේ../

      Delete
  10. මම ආසම චරිතය ඇලෙක්ස්..අර රේඩියෝ කට්ටක් අරන් කරන ජොලි වැඩ ටික මරු බං..!

    ස්තූතියි අසරනයා..සෑහෙන්න මහන්සි වෙලා..)

    මම නම් පෙන්නපු හැමවාරයක්ම බැලුව පොඩි එකා වගේ..හි...හි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එත් කොහොමද අන්තිමටම මිනිහගේ රේඩියෝ එකෙන් ආශ්කා ඉන්න තැන හොයාගත්තා නේ.

      මමත් හැම වාරයක්ම බැලුවා.ජොබ් එකට පරක්කු වෙලා ගිහිනුත් තියෙනවා මේ කතාව නිසා.

      Delete
  11. සෑහෙන කාලෙකින් අපි ඒ දවස්වල වරද්දන්නතිව බැලුව, 2009 අවුරුද්දෙත් නැවත විකාෂනයවුනා සවස 7ට ජාතිකේ,
    ස්තුතියි අසරණයට පිහිට වුනාට දැනගන්නට

    ReplyDelete
    Replies
    1. පස්සේ කාලක උදේ 7 ගියා පැයක්.

      ස්තුතියි..

      Delete
  12. හපොයි මුන්ට ගිය කලක්.. අපේ බෙස්ට් ප්‍රෙන්තෝ ටික නේ.. තැන්කුයි කිව්වා.. වැඩේට.. මොකෝ මේ ටිකේ හොර ගල් අහුලන්නනේ.. බස් අජියා තව කැසට් එකක් කරලද බං

    ReplyDelete
    Replies
    1. ඒ මොකද මචං අජියා ගැන කිවුවේ මට තේරුනේ නැහැ මචං.

      හොරගල් අහුලන්නේ ටිකක් වැඩ වැඩි වුනා මචං. බ්ලොග් කියවන්නවත් වෙලාවක් සෙට් වුනේ නැහැ.

      Delete
  13. මාත් ආසාවෙන් බලපු කතාවක් තමයි ස්පෙල්බයින්ඩර් 1. මෙ0ක කියෙව්වට පස්සෙ ආයෙ බලන්න හිතුනා..

    කත්‍රිනා ඇලෙක්ස්ගෙ පෙම්වතිය කියන එකනම් ප්‍රශ්ණයක්.. ඒ කතාවෙ කොහෙවත් කවුරුවත් කාගෙවත් පෙම්වතෙක් / පෙම්වතියක් කියලා පෙන්නුවෙ නෑ නේද ?

    ස්තූතියි මේ මහන්සියට..

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නා යලු වෙනකම් අපි කට ඇරන් බලං හිටියා විතරයිනේද සෙන්නා මටත් මතක විදියට... අර රේඩියෝ දෙක ගන්න උන් දෙන්නා රඟපෑමක්නේ කරන්නේ... හි හි...

      Delete
    2. ඇයි මචං දෙන්න එකටමනේ හිටියේ. විභාගෙට පාඩම් කලේ. උත්තර අතේ ලියාගෙන ඉඳලා මාට්ටු වුනේ. කත්‍රිනාගේ අම්මා ඇලෙක්ස්ට කැමති නැහැ නේ. මට ඒ වගේ සිද්දි ටිකක් මතකයි.

      ස්තුතියි සේනා.

      හිරු.
      ...............
      ඇත්තටම එහෙම දෙයක් ඒ දෙන්නා අතර තිබුනේ නැද්ද?.එහෙනම් අපි වැරදි හිතින් බලමු නිසාද වැරදි අදහසක් ආවේ.

      Delete
    3. කත්‍රිනායි ඇලෙක්ස්සුයි මුලදී රඟපෑමක් කරනවා. ඒත් කත්‍රිනාගේ ලොකුකම හින්දා පොඩි පසු බෑමක් තිබුනට ඇලෙක්ස්ගෙ හිතේ ලොකු ලව් එකක් තියෙනවා කත්‍රිනා ගැන. ඌ කත්‍රිනාගේ අවධානය ගන්න කරන පිස්සු වැඩ තාමත් මතක් වෙනවා....හැබැයි එක තැනකදී කත්‍රිනාම ඇලෙක්ස්ට කිස් එකක් (ඔව් ඔව් කටටම තමයි) දෙනවා ඇලෙක්ස් උඩ යන්නම.

      Delete
  14. දැන් නම් ආයිත් බලනකොට හිනා යනවා අප්පා.. ඒ කාලේ මැරීගෙන බලමු හැටි මතක් වෙලා... හි හි... ( ඔය තරුණ සෙට් එකට වඩා වැඩි ඉල්ලුමක් තිබ්බා මට මතක විදියට පෝල්ගේ තාත්තට ඒ දවස්වල අපේ කෙල්ලන්ගේ.. හි හි...)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඒ කෙල්ලොන් දන්නවා තෝරද්දී හරිම දේ තෝරාගන්න. හා හා හා...

      Delete

  15. මාත් මේ ලඟදි මතක්වෙලා හොයන්න හිත හිත
    හිටියේ .. ගොඩක්ම ආසාවෙන් බැලුව පෝස්ට් එකක්
    මේක පහු ගිය මාස කීපය ඇතුලත වැටුන පෝස්ට් වලින්..
    පෝල් කොලුවගේ නංගි ඩිංග ගැන මක්කවත් නැද්ද බන්
    හොයාගන්න :(

    ReplyDelete
    Replies
    1. මමම හොයාගත්තා මගේ රත්තරන්ව ..
      මේ ඉන්නේ ..
      උම්ම්මා
      උම්ම්ම්ම්මා
      උම්ම්ම්ම්මා

      සම්පූර්ණ නම : ජෝර්ජියානා ෆිෂර්

      Delete
    2. පෝල් කොලුවාගේ චුටි නංගි ගැන හොයන්න බැරි වුනා මචං. පොඩි කෙල්ල දැන් ලොකු ඇති.

      Delete
    3. machan mama eya gana hoyan comment ekak damma..
      balanna spam welawada kiyala...

      Delete
    4. ඔව් මචං ස්පෑම් වෙලා තිබුනා. උඹ මේ කෙල්ලට හෙන කැමතියි වගේ නේ.

      Delete
  16. අසාර් අයියගෙන් වෙනස් විදිහේ පොස්ට් එකක්..මමත් ආසාවෙන් බලපු කතා දෙකක් තමයි ඔය මායා බන්ධන කොටස් දෙක.. මිනිස්සු වයසට යනවා.. ඒත් මේ රුප දකිනකම් මගේ හිතේ ඇඳිලා තිබ්බේ ඔවුන් තවමත් ඒ ස්වරුපයෙන්ම ඇති කියලා (කොහොමත් එක වෙන්න බැරි දෙයක්, ඒත් හිතේ ඇඳිලා තියෙනේ එහෙමනේ) ආශ්කා, ඔරියොන් හැරුනාම අනික් ඔක්කොම ගොඩක් වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදියට ආශ්කා කෙට්ටු වෙලා ඇදිලා ගිහිල්ල වගේ ඔරියොන් නම් තරුණ කාලේ ඉඳල තවමත් ඒ වගේමයි.

      ස්තුතියි මචං..

      Delete
  17. මේ Spellbinder මම බලලා නෑ ඒත් ගොඩක් අය ඒ ගැන කතා වෙද්දී බලන්නම හිතෙනවා

    ReplyDelete
    Replies
    1. හැබැයි බැලුවනම් අයේඅයේ බලන්න හිතෙනවා. මාර ගතියක් තියෙන කතාවක්.

      Delete
    2. man gaawa download karapu season 2kam thiyenawa. welawaka dennam.

      Delete
  18. ඒ කාලේ සෙනසුරාදා සෙල්ලම් කරලා කරලා දාඩිය පෙරාගෙන ටිවි එක ඉස්සරහට දුවනගෙන එනවා හරි ම වෙලාවට. ඉස්සර මතකේ අවදි වෙන්න ඇත්තෙ මේ දවස් වලත් ගිය නැවත විකාශය හන්දද?

    කොහොම උනත් මේ විස්තර ටික ගැන ස්තුති කරන්න ඕනේ. රොබින් හුඩ්, මායා බන්ධන වගේ ටෙලි නාට්‍ය වල නලු නිලියන්ගේ විස්තර හොයන්න ඒකාලේ උණක් තිබුනට අන්තර්ජාල පහසුකම් කොහෙත්ම නැති කාලේ ඒවා හීන විතරයි. දැන් අන්තරජාල පහසුකම තිබ්බත් කාලය හරස් වෙලා. ඉතින් මේ ලිපියේ වටිනා කම ගැන කියන්න ඕනේ නැනේ අමුතුවෙන්. ස්තුතියි.

    මීට ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.


    http://cyberyaya.blogspot.com/search/label/%E0%B6%A0%E0%B7%96%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F

    ReplyDelete
    Replies
    1. මුලින්ම සාදරයෙන් පිලිගන්නවා.

      ඔව් මගෙත් කාලෙක ඉඳල හිතේ තිබුන ආසාවක් තමා මේ චරිත ගැන හොයන එක.කාලයක් ගියත් හෙමින් හෙමින් මම මේ චරිත ගැන හොයල හැමෝමත් එක්ක බෙදා ගත්තේ.

      ස්තුතියි.

      Delete
  19. මේක නම් මාත් බලල නෑ බං..

    //මම මේ පොස්ට් එකෙන් උත්සහ කරන්නේ ඔවුන්ගේ රුපය කොතරම් දුරට වෙනස් වී ඇත්තයි පෙන්වීමටයි.// මං උඩ ඉඳන් බල බලා ආවෙත් ඒකමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උඹ මේක බලල නැද්ද?.

      Delete
  20. ඉස්සර සෙනසුරාදා හවසට බඩේ අමාරු හැදිලා ක්ලාස් නොගිය ළමයිනුත් හිටියා... මේක බලන්නම...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කවුද ඒ ළමයි.

      Delete
  21. මේ කතා ටික නම් රූපවාහිනිය පට්ට ගැහුවා ඇතිවෙන්ඩ... මම හිතන්නෙ මේ කතා හදපු රටවලවත් මෙච්චර නැවත විකාශන තියෙන්ඩ නැතුව ඇති..

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්නෙට් එකේ තිබුන විදියට ලංකාවේ තමා ගොඩාක් සැරයක් විකාශනය කරලා තියෙන්නේ. හැබැයි එපා වෙන්නේ නැති ගතියක්නම් තියෙනවා.

      Delete
  22. මම පුරුද්දක් විදියට ටෙලි චිත්‍රපට හෝ ටෙලි නට්‍ය බලන්නෙ නෑ. ඒත් මේ රංගන ශිල්පීන්ගේ අගනා විස්තර ටික වැදගත් ඉඳහිටලා විඩියෝවක් හොයාගන්න ඒනෙ වුන වෙලාවට

    ReplyDelete
    Replies
    1. ඔව් පුලුවන්නම් හොයාගෙන් අබලන්න.රසවිඳින්න පුළුවන්.

      Delete
  23. ආසාවෙන් බලපු කතාවත්... ඒ කාලේ ගියපු ටීවී සීරිස් ගොඩක් ආසාවෙන් බැලුවා. අද ඒවගේ ඒවා යනවා හරි අඩුයි.
    ස්තුතියි තොරතුරු වලට..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා\

      ඇත්ත අදකාලේ ඒ වගේ කතා යානාව හරි අඩුයි. ඊටපස්සේ ආපුවයේ කිසි කික් එකක් නැහැ..

      ස්තුතියි!!

      Delete
  24. අම්මො ඒවා බලලා තිබුණට මෙච්චර විස්තර දැනගෙන හිටියේ නැනේ.අසරණා ස්තිතුයි.මොන අසරණ කමක්ද.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. හැමෝමත් එක්ක බලන්න මම මේ පොස්ට් එක දැම්මේ. අපේ ඒ කාලේ වීරයෝ වයසට ගිහිල්ල.

      Delete
  25. අම්බානක මහන්සි වෙලා කරුණු හොයලා....

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ටිකක් අමාරු උනානම් තමා.

      Delete
  26. පුරුද්දක් විදියටම හැම නාට්‍යයක්ම වගේ මම නම් ඕකත් බැලුවේ එහෙං මෙහෙන්. අගක් මුලක් දන්නේ නැතුව. :) එහෙම බැලුවත් ඒකෙ තිබ්බ සමාන්තර ලෝක බල ඇදුම් වගේ අමුතු දේවල් නිසා ඔය කතා මාලාව නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවත් මාර අමුතු ගතියක් තිබුනා. ආශ්කා වගේ ගින්දර බෝලයක් අරන් විසිකරන්න ට්‍රයි කලේ නැද්ද??.

      Delete
  27. මමත් ආසාවෙන් බැලුව කතාවක්. කොහොමත් ඒ දවස් වල හවස 6.00ට ගිය කතා එකක්වත් මිස් කරගන්නේ නැතුව බැලුවා.පරන මතක සේරම අළුත් උණා මේ පෝස්ට් එක කියවලා..

    ReplyDelete
    Replies
    1. ඔව් එක දිගටම සෙනසුරාද 6 මාර කතා සෙට් එකක් ගිය නේ.

      ස්තුතියි.

      Delete
  28. මෙයාලා මේ විදිහට නාකි වෙනකොට අපිත් ඊට සාපේක්ෂව නාකි වෙලා කියන එක අමතක කරන්න එපා. අගනා තොරතුරු රැසක්. බොහොම ස්තුතියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලේ හිටිය අපි දෙන උසමහත් වෙලා.එත් තවමත් ඒ කතා ලැබුනොත් බලනවා.

      Delete
  29. මට හිනා ගියේ උඹ ස්පෙල්බයින්ඩර් අලන්න ගිහින් වැඩට යන්න පරක්කු වෙලා නිවාඩු වැටිච්ච කතාවට. එක අතකට අපි කැමති දෙයක් කරන්න ගිහින් එහෙම වුනත් කමක් නෑ කියලා මටත් හිතෙනවා. තිළිණි මතක් කලා කියාපං.

    ReplyDelete
    Replies
    1. ඔව් මාසෙකට අනිවාර්යෙන් එක නිවාඩුවක් ලැබෙනවාමයි.

      ඔයාවත් මතක් කළා කියන්න කිවුවා. මේ කමෙන්ට් එක දැකලා :P

      ස්තුතියි මචං.

      Delete
  30. සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!

    ———————————————————————
    තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!
    ———————————————————————-

    http://srisadaham.wordpress.com/
    http://goo.gl/Q1u1Q

    ReplyDelete
  31. පොල්ට ඉස්සර අපේ කට්ටිය පිස්සු වැටිලා හිටියේ. දැන්නම් කැත වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. පොල් ගාන්න වෙයිද ? ගහන්න වෙයිද ?

      :)

      Delete
    2. සයුරි
      ................
      දැන් කියන්නේ මිට අවුරුදු 3 කලින් වගේ ෆොටෝ එකක්. එත් අර ළමා කාලේ තිබුන හුරුබුහුටි ගතිය ගිහිල්ල නේ.
      පහල නරක කොල්ලෝ කියන දේවල් ගැන ඒ හැටි හිතන්න එපා.

      Delete
  32. අර අශ්ක කියන ගෑනිව අයින් කරපං.. මට මල පනිනවා.. කටු බැල්ලිව දැක්කමත්.. :(

    ReplyDelete
    Replies
    1. මල මඟුලයි ! ඇයි බං සෑමො ඒකිගෙන් උඹට මොකුත් කරදරයක් එහෙම උනේ නෑනේ.

      Delete
    2. සෑම්
      ..........
      සන්සුන් වෙන්න සෑම් සන්සුන් වෙන්න. උඹට වගේ නෙවෙයි මේ අපිටත් එහෙමයි.

      DDT
      .......
      මම හිතන්නේ මූ ඔස්ට්‍රලියාවේ ඉද්දි වුන සිද්දියක් වගේ. අපිනම් දන්නේ නැහැ මොකද වුනේ කියල.

      Delete
  33. අනේ පොල් <3 <3 <3 <3

    ReplyDelete
    Replies
    1. අපිනම් කැමති කත්‍රිනා ට.

      Delete
    2. kathreenage gawmata hamadama redi madi wenawada manda ;)

      Delete
    3. ඔව් ඔව් අපේ ඉස්කෝලෙත් එහෙම තුබුනනම් හොඳි කියල ඒ කාලේ ඕක බලද්දී හිතෙනවා.

      Delete
  34. දැන් ආයි මායා බන්ධන යනවා හවස 4 ට. වර්තමාන රියානාගේ ස්වරූපය නම් රියානාගේ වෙන්න බැහැ. ඇලෙක්ස්ගේ නම් දඟ පෙනුම එහෙම්මයි. ග්‍රෙවෝන්ගේ තිබුණු කපටි පෙනුම නැතිවෙලා වගේ. කොරියොන් නම් ළඟදීත් මොකක් හරි නිර්මාණයක දැක්කා. මතක් වෙන්නේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා ඒ රියාන වෙන්න විදියක් නැහැ කියල. එත් හොයාගන්න අමාරුයි හොයාගන්න ලැබුනේ මේ ෆොටෝ එක තමයි.

      කොරියොන් නම් ටිගටම රඟපානවා. ඇලෙක්ස් මාත් කැමති චරිතයක්.

      Delete
  35. අඩේ...මගේ ආසම කතාවක්

    ReplyDelete
    Replies
    1. නෑ සිරාවට. අම්මපා කියපන්.

      Delete
  36. පෝල්ගෙ තාත්තා නම් තවමත් හැන්ඩියානේ වයසට ගියාට. පෝල් එතනින් පස්සෙ රඟපෑවෙ නෑ නේද. කොහෙ හරි විශ්වවිද්‍යාලයක ලෙක්චරර් කෙනෙක් වගේ මතකයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත තවම ඒ අංකල් කොල්ලා වගේ. ඔව් ඊටපස්සේ රඟපෑවෙ නැහැ තමයි. ඔස්ට්‍රලියවේම විශ්වවිද්‍යාලයක වෙන්න ඕනේ.

      Delete
  37. ඒ කියන්නේ මේක ලංකාවේ ගියපු පලවෙනි පාරම මම බලලා තියනවා 97දි..:) ඉස්සර ආසම වැඩේ ඕක ඉවර වෙනකොට පෝල් ගේ නම බලන එක.ඒ මනුස්සයාගේ නමට එක වවල් එකක්වත් නැනේ...දැන් තමයි දැක්කේ කොරිඔන්ගේ නමෙත් නැහැ කියලා..කොරිඔන් දැන් පෝලෝ කොයියෝ වගේ නේද?

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ මම බැලුවෙත් පලවෙනි සැරේ වගේ. මේ ගොඩාක් නළුවෝ පෝලන්ත ජාතිකයන් එකාගේ භාෂාව පොලිෂ්. අකුරු ලියන විදියේ වෙනසක් තිබුනට ශබ්ධ් වෙන්නේ ඉංග්‍රීසි විදියට.

      ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  38. සෙනසුරාදා 6.00ට මායාබන්ධන බලන්න එකනම් අනිවාර්යයි.. හැබැයි ඉතින් මොකක් හරි හේතුවක් නිසා අද දින විකාශය නොවේ කියලා දැම්මම තමයි එපාවෙන්නෙ.. :D

    ටාසන්,රොබින්සන් අන්දරය,රොබින් හුඩ් වගේ කතා වල චරිත ගැන පසුවිපරමක් සිංහලෙන් ලියැවිලා තිබුණත් මායාබන්ධන වලට ආදරය කල අයට මං දැක්ක මහන්සිවෙලා කරුණු එකතුකෙරුණ අන්තර්ජාලයට සිංහලෙන් වටින ලිපියක්..!

    ReplyDelete
    Replies
    1. ඔව් තව සතියක් බලන් ඉන්නවා කියන්නේ හරියට තව අවුරුද්දක් වගේ කාලයක් ඉන්න වෙනවා වගේ.

      මට ටාසන් ගැන ඒ හැටි මතකයක් නැහැ.එත් රොබින් හුඩ් අනිවාර්යෙන්ම බැලුවා.එත් සිංහලෙන් ලියවුන දෙයක්නම් දැක්කේ නැහැ.

      Delete
  39. ඉස්සර වරද්දන්නෙ නැතුව බලපු කතාවක්. මට මතක හැටියට රියානා ට රඟපාපු නිළිය මේකෙන් පස්සෙ වෙන එව්වයෙ රංග පෑවෙ නෑ. මම බැලුවෙ කත්‍රිනා වෙනස් වෙලා තියෙන හැටි!

    ReplyDelete
    Replies
    1. ඔව් එය ඊට පස්සේ රඟපෑවේ නැහැ. කිසිම තොරතුරක් නැහැ හොයාගන්නත්.

      කත්‍රිනා ලස්සන වෙලා වයසට ගිහිල්ලා.

      Delete
  40. ආශාවෙන් බලපු නාට්‍යක ගැන ආශාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. සාධරයෙන් පිලිගන්නවා.

      මම දැක්ක ගමන් හිතුවේ රතු රටකජු කියල. දෙසැරයක් කියෙවුවාම නේ හරි නම කියවගන්න පුළුවන් වුනේ.

      Delete
  41. මාත් ආසාවෙන් බලපු ඒවා තමයි
    මායා බන්ධන, රොබින් හුඩ්, ටාසන්,
    රියානා හොඳට වයසට ගිහින් නේද. අපූරු විස්තර ටික,
    අසරණයා සෑහෙන්න මහන්සිවෙලා පිළිවෙලට හදලා තියනවා..:)

    ReplyDelete
    Replies
    1. ටික කාලයක්නම් කියා කරුණු හොයන්න. ඔයාලගේ කමෙන්ට් දැක්කම මහන්සිය නිකන්ම නැතිවෙලා යනවා.

      ස්තුතියි.

      Delete
  42. කැතී කැත වෙලා ද මන්දා... පලමුවෙන් කොටස නම් ගොඩක් ආසාවෙන් තමයි බැලුවේ, දෙවෙනි එක බලන්න ඒ තරම් ලොකු උනන්දුවක් තිබුණෙ නැහැ, හැබැයි නැත්තෙමත් නෑ. රූපය අනිත්‍යයයි නේද :(

    ReplyDelete
    Replies
    1. කට්ටියම වයසට යද්දී කැත වෙනවා නේ. පලවෙනු එකට තමා ගොඩාක් අය කැමති.

      Delete
  43. ගොඩාක් මහන්සිවෙලා හොයාගත්ත විස්තරයක්.....

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් මහන්සි වෙන්න වුනා.

      ස්තුතියි.

      Delete
  44. කොරියොන් විතරයි ලොකු වෙනසකට ලක් වෙලා නැත්තේ.

    ආසාවේ බෑ අප්පා මේ කතා මතක් වෙනකොට. මමනම් ඔය සීරියස් දෙකම බැලුවා යාලුවෙක්ගෙන් හම්බ වෙලා. ආයේ ඒකෙ 2වැනි කොටසේ එපිසොයිඩ් ටිකක් නැතිවෙලා ගිය සතියේ තමයි ඇදලා ඉවර කළේ. ඕෂන් ගර්ල් සෙට් එකම ඇද්දා. බලන්න ඉස්පාසුවක් හම්බ උනේ දැන් මාස දෙක තුනකට ඉස්සෙල්ලා. එක දවසකට එක සීරියස් එකක් ඉවරයි. (කොහොමද ඇම්ම?)

    ස්පෙල් බයින්ඩර් බලලා කරපු මෝඩ පිස්සු වැඩක් අද හෙටම දාන්නම්කෝ.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහු පලවෙනි ෆොටෝ එක වගේමයි ඔහුගේ 3 වෙනු ෆොටෝ එකත්. රැවුල කොන්ඩේ සුදු වෙලා විතරයි.

      හේ හේ ඒ පොස්ට් එක එනකං බලන් ඉන්නවා.

      Delete
  45. ඔන්න අලුත් අවුරුද්දේ අපිත් ඇවිත් යන්න ආවා. උඹටත් සිතුවම් අඳින තිලිනිටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං
      උබටත් එසේම වේවා..!!

      Delete
  46. මමත් පොඩි කාලේ බලපු ප්‍රියතම කතා සෙට් එකක්.......මට තාම මතකයි කෝ ඔරකල් අදිරාජ්‍යයේ ජපන් පැටිය.(පාලකයා)..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ දෙවැනි කොටසේ මචං.

      Delete
  47. මමත් හුඟක් ආසාවෙන් බලපු කතාවක්. දෙතුන් පාරක් ම බැලුවා මතක විදියට. කාලයත් එක්ක කොච්චර වෙනසක් වෙලා ද?

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත හැම දෙයක්ම වගේ එයාලත් වෙනස් වෙලා නේ.

      Delete
  48. කාලෙකින් මේ පැත්තෙ ගොඩ වෙලා ආසාවෙන් බලපු කතාවක විස්තර ගොඩාක් දැන ගත්තා. අපිත් මේ විදියට වෙනස් වෙයි නේද අසරණයා? මතක් වෙන කොටත් දුකයි, මොනව කරන්නද ඇත්ත ඒකනේ..........

    ReplyDelete
    Replies
    1. මොකද දැන් පේන්නවත් නැත්තේ.

      හැම දෙයක්ම වෙනස් වෙනවා නේ. නවත්වන්න බැහැ ඉතින්.

      ජයෙන් ජය.

      Delete
  49. ඔබටත් එසේම වේවා.

    ReplyDelete
  50. අනේ මරු බං , උඹටත් හිතෙන එව්වා ,

    ReplyDelete
  51. මං තාමත් මාර ආසයි ඕකට.. අර මකර අධිරාජ්‍යයෙ පොඩි කොලුව කෝ... සන් ද මොකාද ? කොණ්ඩෙ පොයින්ට් එක තියපු එකා

    ReplyDelete
  52. මොකෝ සද්ද නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. මාස තුනක් උනා නේද සද්දේ off කරලා...?

      Delete
  53. Meka balanna...
    https://www.youtube.com/watch?v=--21Pa6OLZg

    Spellbinder S01 youtube eken balanna me channel eken..
    https://www.youtube.com/user/HoangTuLeeShin/search?query=spellbinder

    thunderstorm series ekath meke tiyanawa...

    Enjoy!! -chula roX

    ReplyDelete
  54. අනේ මචං මොකක්ද උබ මේ ලියලා තියන කුණු හරුපේ. උබලා බ්ලොග්කරණයට තවම ආධුනික අය. මම වගේ ජ්‍යෙෂ්ඨ උත්තමයෙකුගෙන් හරි උපදේශයක් ගත්තා නම් කම්මැලිකමක් නැතුව කියවන්න පුලුවන් බ්ලොග් ලිපි ටිකක් ලියා ගන්න තිබ්බා උබට. වරෙන් කාමරේට ටිකක් හවස් වෙලා මම උබව හදලා ගන්නම් ටිකක් පිලිවෙලට.

    ReplyDelete
  55. අහම්බෙන් මේ සයිට් එකට වැටුනෙ.. මෙක පට්ට සයිට් එකක් නෙ.. :D

    ReplyDelete
  56. මොකද දැන් අසර් පේන්න නැත්තෙ. ළඟකදි ආයෙ ලියන්න එහෙම අදහසක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. මචං වැඩ බං. කියවන්නවත් ටීමේ එකක් නැහැ. සම්පුර්ණයෙන්ම වගේ බ්ලොග් වලින් ඈත් වෙලා ඉන්නේ.ස්තුතියි මචං හොයල බැලුවට.

      Delete
  57. ජීවිතයේ ඇති අස්ථිර බව මොනවට පැහැදිලි වෙනවා මොකෝ ලියන්නේ නැත්තේ

    ReplyDelete
  58. Asaaaaarrrrrrrr...........................

    ReplyDelete
  59. මයාබන්ධකයෝ අසර්ව පැහැරගෙන ගිහින් කියලා ආරංචියක් තියනවා... උන් බ්ලොග් ලියන්න දෙන්නෙම නෑලු.... :D

    ReplyDelete
  60. මචං රියානා ගේ [ Gosia piotrowska ] photo මාත් හොයල බැලුවා.වර්ථමාන photo හොයාගන්න බැරිවුනා අහඹු ලෙස එකක් හොයා ගත්තා ඒත් ඒක උඹේ මේ අසරණ blog එකට දාන්න මං දන්නෑ මචං.

    ReplyDelete
    Replies
    1. ඒ ෆොටෝ එක ගත්තු ලින්ක් එක එවන්න පුළුවන් ද?.

      Delete
    2. මචං රියානා ( gosia piotrowska ) 2003 දී විවාහ වෙනවා Martin weiss කියන පුද්ගලයා සමග.එම විවාහයෙන් ඇයට 18,February,2005 දින දුවක් ලැබෙනවා.ඇයගේ නම මායා( Maya). පසුව gosia පලමු විවාහයෙන් දික්කසාද වී 2010 නැවත විවාහ වනවා Maxwell Sanderson නම් අයකු සමග.එම විවාහයෙන්ද ඇයට දරැවන් දෙදෙනෙකු සිටිනවා.මේ විස්තර ඇතුලත් link එක පහතින්
      http://www.filmweb.pl/person/Gosia+Piotrowska-85650

      Delete
    3. මෙන්න මේ link එකේ https://www.google.com.search?q=gosia+piotrowska&sa=X&stick=H4sIAAAAAAAAAGOovnz8BQMDgwoHsxCnfq6-gVGZiZmBEheIaWJcmGNgoMUZEhaS75hckl8UPSMs6eG_t1NNJ2_fm8zcLyKjHF8GAPg_yxpBAAAA&tbm=isch&tbo=u&source=univ&ei=5QFRU8KKMsLG0QW7iYGoAw&ved=0CKgBEIke&biw=1357&bih=638#imgdii=_ ඇයගේ වර්ථමානයේ photo 1 එකකුත් 1995 spellbinder කථාව විකාශය වීමෙන් ටික කලකට පසුව ,photo එකකුත් තියෙනවා

      Delete
  61. මොනවහරි ලියහංකෝ බං

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...