Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

28 Jan 2012

තවත් එක් ලිංගික පාඩමක්.

                             


                                දවසක් රැයක වැඩ ඉවර වෙලා ගෙදර යද්දී මගේ රියදුරත් සමග (මගේ කිවුවේ ආයතනයෙන් ගෙදර යන්න ඔෆිස් එන්න දීල හිටපු කෙනා)  ඕපාදුප කතාකරන්න හිතුනා.රට තොට ගැන වගේම ඔහුගේ පෞද්ගලික ජිවිතේ ගැනත් අහන්න හිතුනේ ජිවන රටාවේ  තියෙන වෙනස් කම් ගැන දැනගන්න.වයස 40 ක් වෙන එහෙත් 30 ක් විතර පෙනෙන මේ පුද්ගලයා ගේ විවාහක අවිවාහක බව දැනගෙන බිරිඳ වගේම දරුවන් ගැනත්  නිකමට අහන්න කල්පනා කරා.


මට දැන් වයස 40 ක් වෙනවා. (මගේ ඇස් දෙක නළලේ) මගේ ලොකු දරුවට දැන් වයස 15 ක් .දැන් මට දරුවන් 4 දෙනෙක් ඉන්නවා.අන්තිමට ලැබුනේ දුවෙක්.පුතාල දෙන්නයි දුවල දෙන්නයි.සම සමව  ඉන්නවා නේ මට නිකම්ම හිතුනා.දිගු නිහඩ තාවයකින් පසු පාට තුනේ විදුලි කණුවක් ළඟ නතර කර නැවතත් වෙනත් මාවතකට යනවත් සමගම ඔහුම නැවතත් එම කතාවම ආරම්භ කළා.මට ඕනෑ වෙලා තිබුනේ දරුවන් 3 දෙනයි පුතාල දෙකයි එක දුවකුයි.එත් මගේ බිරිඳට තවත් දුවෙක් ඕනේ කිවුවා.ඒ කතාව මට නිකන් ජපන් සිංදුවක් වගේ.කිසි දෙයක් තේරුනේ නැහැ.


අපිට දුවෙක් ඕනේ වුනත් පුතෙක් ඕනේ වුනත් අපිට ලැබෙන කෙනා නේ අපි බාර ගත යුතුයි.දරුවා පිළිසිඳ ගත පසුව නවීන විද්‍යාවේ උදවුවෙන් දැනගන්න හැකියාවක් තියෙනවා.එත් කොහොමද පිළිසිඳ ගැනීමට පෙර ලැබෙන්න ඉන්නේ දුවෙක් ද පුතෙක්ද යන වග.රියදුරාට අවශ්‍ය පුතාල  දෙදෙනකුත් එක දුවක් එත් බිරිඳට හැම එකකින්ම දෙක දෙක.අවිවාහක මට ඒ ගැන කිසි අවබෝධයක් නැති මේ කතාව විකාරයක් වගේ දැනුනා.එත් ඔහුගේ බිරිඳගේ අවශ්‍යතව ඔහු ඉටුකළ.මට මෙය අලුත් දෙයක් වුවත් මෙය අලුත් සිද්දියක් වෙයි.ලංකාවෙත් ගොඩක් දෙනෙක් දන්නා අප්‍රසිද්දියේ යන චක්‍රයක් බව ලංකාවේ සිටින ම්තුරන් කිහිප දෙනෙක් මාර්ගයෙන් දැනගන්න ලැබුනා.


ඔහු ඔහුගේ රහස මට හෙලිකලා.එයට කියන්නේ චීන දර්ශකය කියල.මගේ දරුවන් 4 දෙනාම හැදුවේ ඒ දර්ශකයට අනුව ඉතින් එය සාර්ථකයි.ඔහු එම පොත මට පසුදින මා සන්තක කලා.මේ එම පොතේ ආකාරයට නොදන්නා පිරිස දැනුවත් කිරීමට ගන්න උත්සහයයි.

                                                       බය නැතුව හැසිරෙන්න මේ චක්‍රය ටිකක් වැදගත් නේද?


චීන දර්ශකය අනුව මේ ආකාරයට පාවිච්චිය සුදුසුයි.

 
වයස අවුරුදු 18 කාන්තාවක් ජනවාරියේ දරුවෙක්ගේ අවශ්‍යතවක් නිසා  ලිංගිකව එකතු වුනොත් ඇයට ලැබෙන්නේ දියණියක්.එහෙත් 19 කාන්තාවක් ජනවාරියේ එකතු වුනොත් ලැබෙන්නේ පුතෙක්.ඒ ආකාරයට මේ චක්‍රය යන්නේ.ඔහුගේ දරුවන් සතර දෙනාම ඉපදුනේ මේ ආකාරයට චීන චක්‍රය භාවිතා කිරීමෙන්.මෙම රටේ ප්‍රතිශතයක් ලෙස වැඩි පිරිසක් මෙම දර්ශකය භාවත කරන බව ඔහු ආඩම්බරයෙන් කියන්නේ.


එහෙත් ලෝකෙන්ම සියට 95 ක්ම තම කුළුඳුල් දරුවා වන්නේ දියණියක්.එයට හේතුව මා දන්නා තරමින් කාන්තාවට පළමු දරු ප්‍රසුතියෙන් පසුව තමයි පිරිමි දරුවෙක් ලබන්න හැකි ජානමය ශක්තියක් ඇති වෙන්නේ. 


මට මෙය අලුත් දෙයක් වුවත් විවාහක ඔබට එක අලුත් දෙයක් නොවෙන්න පුළුවන්.මෙම චක්‍රයේ නිවරද්‍ය භාවය කොතෙක් දුරට ඇද්දැයි මම නොදනමි.මෙම චක්‍රය ගැන හොඳ අවබෝධයක්  අපේ වෙද මහත්තයා දන්නවා ඇතැයි සිතමි.ඒ වගේම දැනට දරුවන් සිටින ඔබ මෙය කොතරම් සත්‍යක්ද යනවග නොදත් පිරිස දැනුවත් කිරීමට කාරුණික වන්න.


අලුත විවාහ වූ සහා විවාහයට සුදානම් වෙන සියලු දෙනා මෙම චක්‍රය භාවිත කර වෙනස වැටහා ගෙන මෙය ගැන නොදන්නා අපි වැනි වුන්ව දැනුවත් කර ඒ ලබන්නා වූ පිං බලෙන් වැඩි වැඩියෙන් ලැබේවා බබාලම.




ස/යු : බූත වනේ අවසාන කොටස ඊළඟ පොස්ට් ඒකෙන බල පොරොත්තුවන්න.





Related Posts Plugin for WordPress, Blogger...