දෙනෝ දහසක් දෙනා බලන් ඉන්න තැනකදී අපි පැරදුනේ හිතන්නවත් අවස්ථාවක් නොදී.අපි ඔවුන්ට ලැබුණු තෑග්ග හොරෙන් ගත්තා.ඒ සියලු විස්තරේ මෙතනට ගිහින් බලන්න..
අලුත් පාසල් වාරයේ ආරම්භ මුල් දවස හැමදාම වගේ වැඩ ගොඩයි.මාසයක් පුරා එකතුවුණු කුණු රොඩු එකතු කිරීම ඩේස් බංකු පිරිසිදු කිරීම.මකුණු දැල් ගැලවීම් වගේ දේවල්.ඩේස් පුටු හොයන්න අපිට වැඩි මහන්සියක් වෙන්න තිබුනේ නැහැ මොකද සාමාන්යෙන් ලොකු පන්තිවල අයියලා වාරෙ පලවෙනි දවසේ එන්නේ නැහැ.ඉතින් අපි එයාලගේ හොඳ ඩේස් එකක් වගේ අරන් අපේ පන්තියට එන්නේ ඉල්ලපු වෙලාවක දෙන්න හිතාගෙන.එහෙම අරන් එන ඒවා බ්ලේඩ් එකෙන් හූරලා වෝටර් කලස් වලින් වතුර නැතිව පාට කරන්නේ අලුත් වාරෙ පන්තිය ලස්සන තියාගන්න ඕනේ නිසා.අපේ දේවල් අපි හොයාගෙන අනිත් ළමයි ඒවා පිරිසිදු කරන දීහා බලන් ඉද්දි අපිට හරි ජොලි.තව පිරිසක් සෑම පාසලකට උරුම වෙලා තිබෙන පරවී කරදරේ නිසා ඩේස්වල තියෙන පරෙවි බෙටි හෝදන්න ටැප් පේලියට අරන් එනවා.අපි වගේ සරළ ක්‍රමයක් අනුගමනය කලානම් මේ කාටවත් මේ විදියට දුකක් නැහැ.එත් අපි ඒ දේ කාටවත් කියාදෙන්න ගියෙත් නැ.එක දිගට තියෙන ටැප් 4 පේලියට ඩේස් පුටු සෝදද්දී කානුව දිගේ වතුර බැහැගෙන යන්නේ පොඩි දොළක් වගේ.දියවුණු පරවී බෙටි,දුවිළි,මකුණු දැල්, සහා ගැහැණු ළමයින්ට අප්‍රිය හිතුනම ගහන කෙළ හොටු මේ සේරම යන්නේ ඒ කානුව දිගේ.
6 වසරේ මල්ලිලා කරන සිඟිති වැඩ වලට අපි කල අළුගුත්තේරු කම් නිසා අපිත් සිඟිති වින්දනයක් ලැබුවා.කොළ කෑලි වලින් බෝට්ටු හදල කානුව දිගේ පා කරද්දී සතුරු හමුදාවලින් ලැබෙන ප්‍රහාර විදියට අපි ගල් ගැහුවේ ඒ බෝට්ටු යට යන විදියට.අපිට රවන අපි ගැන කේලම් කියන ගෑණු ළමයි එතනින් යද්දී වතුරට ගල් ගැහුවේ කුණු ජරා වතුරෙන් නෑවෙන්න.හිතේ තියෙන කේන්තිය පිට කරන්න වෙනත් විදියක් තිබුනේ නැහැ.අපි 5 දෙනෙක් එක්ක වටේම ඉන්න හැමෝටම අඩාන් තේට්ටම් කරද්දී කි දෙනෙක් නම් අපිට හිතින් සාප කරන්න ඇතිද?එත් අපිට ඒ සෑම දෙයකින්ම ලැබුනේ ලොකු වින්දනයක්. ඒ විදියට ඉන්න අතරේදී අපේ සාම්ප්‍රදායක සතුරා එහා පන්තියේ බාල්දියාලගේ 3 දෙනෙක් අපි ඉන්න තැනින් කොහේ හෝ යන්න එනවිත්තිය පෙනුනා.මේ කානුව හරහා ගියපු ගොඩක් දෙනෙක්ට කල ඒ කුණු වතුරෙන් නෑවීම මේ සහෝදරුන්ටත් කරනවද කියල කතා කරද්දී අපි ඒ අදහස අත් ඇරියේ මොනවා වුනාත් අපේ 5 ක් උන්ගේ 3 ක් නිසා.සතුරා වුනත් සටනේදී සාධාරණය වෙන්න ඕන නිසයි.
ඒ ආපු පිරිස යන්නේ වෙන කොහෙවත් නෙවෙයි අපි ඉන්න දිහාවටයි. ඒ එන්නේ මොනවටද කියල අපි දන්නවා.
"කෝ අපේ තෑග්ග මොකද එකට කලේ.උඹලගෙ එකෙක් ඒක ගත්තේ. කවුද හොරකන් කලේ."
"ඒ තෑග්ග ලැබුනේ නිවාඩු දුන්න දවසෙනෙ.ඇයි අද අපෙන් ඉල්ලන්නේ?. අපි දන්නේ කොහොමද උඹලගේ තෑග්ග"
"එදා තමයි ඒක අපෙන් උඹලා හොරන් ගත්තේ.දැම්ම දියන් නැත්තනම් ප්‍රින්සිපල්ට කියනවා."
උන්ගේ 3 දෙනෙක් අපේ 5ක් හිටියත් උන් බය නැහැ.කටු වැහෙන්න මස් පිරිලා තියෙන මේ තුන් දෙනා අපි පස් දෙනාටම පත බෑවෙන්නම ගහන්න වැඩි අමාරුවක් නැහැ.කඳ බඩ තියෙන සුරංගත් කිසි විශ්වාසයක් කරන්න බැරි ඒකා.අර වගේ තරඟයකදී කඹයක් අතරිවිද නැත්නම්.අනිත් 3 දෙනාම මම වගේම "අම්බලන්ගොඩ මපට් වගේ." අනිත් ඒක මුහුද සැර වෙලාවට ඔරු පදින්නත් හොඳ නැහැ නේ.වැරදිලාවත් මේ දේ ගැන කාට හරි පැමිණිලි කලොත් අපේ පැත්තටමයි වැරැද්ද එන්නේ.කරන දෙයක් අතින් පයින් නැතුව ඔලුවෙන් කරන්න මම හිතා ගත්තා.එත් අපිත් ඒක ඉන්න ධම්මික යන්නෙම උන් එක්ක පැටලෙන්න.මෙතෙක් කාලයක් එහා පන්තියත් එක්ක පැටලුනේ මේ ධම්මික නිසා.
ධම්මික කියන්නේ උපන්ගෙයි මෝඩයා.96 ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානේ දිනපු අලුත ක්‍රිකර්ට් භිෂණයක් ඇති වෙලා තිබුණු කාලේ පුරන් වු කුඹුරක, රබර් ඉඩමක, ලංගම බස් විතරක් යන පාරක, පොඩි තැනිතලාවක වගේ හැම තැනකම ක්‍රිකර්ට් සෙල්ලම් කළා.මේ මෝඩ ධම්මිකත් පොඩි දොළක් අයිනේ තියෙන පිට්ටනියේ හැමදාම සෙල්ලම් කලේ ඊළඟ මහා කුසලානෙට ලංකාවේ ටීම් එකත් එක්ක සෙල්ලම් කරන්න කියල හිතා ගෙන.ඒ නිසා ජාත්‍යන්තර නීති අකුරටම පිලි පැද්දා.එදා මමත් ධම්මිකගේ තැනට ගියේ වෙනසකටත් එක්ක අලුත් පිටියක වෙනස විඳ ගන්න.විකට් කුරු උඩ තියන බෙල්ස් නැති දවසක හතර වටේ බලල හීන් සැරේ දොලට බැස්සේ බෙල්ස් කෑලි දෙකක් ගේනවා කියලා.ටික වෙලාවකින් වතුර නැතුව දඟලන "දොළ කොරලි" පැටවූ දෙන්නෙක් හෙනාවේ ලාඩප්ප කෝටු වලින් හදපු විකට් කූරු අතරේ බෙල්ස් විදියට රඳවන්න.මාළු පැටවූ කූරු අතරෙන් වැටෙන්නේ නැතිව රඳවන්න තොප්පි කටුත් පවිච්චිකලා.ටික වෙලාවකින් තඩි නිල මැස්සෝ විකට් කූරු වට කර ගෙන.විකට් කුඋරක් දෙකක් විතර ඇති.පිලී ගඳත් ඉවසන්න බැහැ.හවස් වෙද්දී අපිට දැනුනේ ශාන්ත ජෝන් මාළු කඩේ ඉන්නවා වගේ හැඟීමක්.මේ වගේ දහ දුරා වැඩ කලත් ඔහුගේ පියා විදුහල්පති කෙනෙක්.
මේ විදියට ටිකක් කතාව ගලාගෙන යද්දී මම මිත්‍රත්වයේ දෑත දික් කරද්දී මගේ අත ඇදාල දාල ධම්මික වෛරය පතුරවන වචනමයි කියන්නේ.
ඒ තෑග්ග තිබුණු විදියට අයෙත් දුන්නේ නැත්නම්නේ බලාගන්නේ.
"ඇයි උඹල අපිට මොනවා කරන්නද ?දෙනවා දැනගනින් උඹල තුන් දෙනාටම උළු පට්ටලේ ගෙදර නවතින්න ."
මගේ දකුණු කකුලේ මේස් එකත් එක්ක සිතල වෙනවා වගේ දැනුනා.ගස් හරස් අතට කැරකිලා තියෙනවාගේ.ගෑණු ළමයි අතින් කට තදකරගෙන අපේ පැත්ත බලාගෙන එහෙ මෙහෙ යනවා දැක්කා.අලුතෙන් දුන්නු නිල ඇඳුම ඇඳන් ආපු සුරංගගේ ෂර්ට් එකේ තැනින් තැන සුදු පැල්ලම් අනිත් හැම තැනකම චොකලට් පාටයි.හැම දෙයක්ම එකින් ඒක මම ගලපන්න වුනා.ඒ දේවල් ගැන කල්පනා කරද්දී මතක් වුනේ ධම්මික කියපු උළු පට්ටලේ කතාවත් එක්ක උන් 3 දෙනා අපිට ගහල ගිහිල්ල.ධම්මිකගේ නහයෙන් ලේ එනවා.ලේ එනවා දැකපු වුන් දුවලා.කෙළ හොටුත් එක්ක පරවී බෙටි ගලාගෙන යන වතුරේන් කෙල්ලෝ නාවපු මම ඒක කකුලක් කාණුවේ දාගෙන දිය බුං කෙලිනවා.ධම්මිකගේ නහයෙන් ලේ ආවට ඒ ඇවිත් තිබුනේ නිවාඩු කාලේ වුනු සිදුවීමක තුවාලයක් අලුත් වෙලා.මම ඒ වෙද්දීත් හිටියේ බිම වැටිලා.
මේ අවනම්ම්බුව වෙන වෙලාවේ අපේ වටේ ගොඩාක් දෙනෙක් හිටියා.ගුටි කෑවට වඩා තිබුනු ඇඳුම් වල මඩ හොදන්න ටැප් පේලියට යන්න ලැජ්ජාවකින් හිටියේ.අමාරුවෙන් හෝදගෙන අපේ පන්තියට යද්දී හැම දේම පන්තියට ආරංචියි.මෙච්චර වෙලා කට පියාගෙන ලේ පිහදාපු ධම්මික කතා කළා.අපි හැම දාම මුන්ගෙන් ගුටි කනවා මුන් නිසා සර්ලාගෙන් බැනුම් අහනවා.මේහෙම හිටියොත් හැම දාම ගුටි කන්න වෙන්නේ.මොනවා හරි දෙයක් කරන්න ඕනේ.ධම්මිකගේ තියෙන කේන්තියට බෙල්ල තියෙන නහරෙත් ලොකු වෙලා.හැමෝටම ඕනේ වැඩක් දෙන්න තමයි එත් කොහොමද කරන්නේ.
"හරි අපි මෙහෙම කරමු.ඊළඟ නිවාඩු දෙන දවසට අපි මුන්ට රිටන් එක දෙමු".එදාටත් ඉතින් මෙහෙම ගුටි කන්න වෙන්නේ.අපි ගුටි කන්න තවත් හේතුවක් වලියකදී එහා පන්තියේ හැමෝම ආවත් අපේ පන්තියෙන් කොල්ලෝ එන්නේ ටික දෙනයි ඉතින් ඔවුන්ගේ පිරිස් බලය වැඩි හා භුමි වාසි නිසා වැඩි පුර ආවාසිය අපිට.
"නෑ එහෙම නෙවෙයි අගෝස්තු නිවාඩුවට තව මාස 4ක් තියෙනවා නේ එතකන් අපිට පුරුදු වෙන්න පුළුවන්".මේ පුරුදු වෙන්න විදිය විස්තර කරන හදන්නේ.සියල්ලන්ම ඒ දේ දැන ගන්න කැමැත්තෙන් හිටියේ.ඒ හැමෝගේම බලාපොරොත්තු වුන විදියට අලුත් විස්තරේ ධම්මික විස්තර කරන පටන් ගත්තා.
අපි යමු කරාටි පංති.මේ මාස හතර හොඳට ඉගනගෙන අන්තිම දවසට රිටන් එක දෙමු.නිවාඩුවෙන් පස්සේ මුන්ට අමතක වෙලා යාවි.අපිව සනසන්නත් එක්ක ධම්මික කිවුවේ.තෑග්ග මතක් වුනානම් අපි ගහපු එක අමතක වෙන්නේ නැහැ කියල අපට මතක් වුනේ නැ..
ඉස්කෝලේ කිට්ටුව තිබුන සමිති ශාලාවේ ඒ පංතියට අපි ගියේ තවත් පිරිසකගෙන් පළිගැනීමේ චේතනාවෙන්.ඒත් අපිව ඒ පංතියට ඇතුල් කරගත්තේ නැහැ.ඒ වෙද්දී අපේ වයස මදි කම නිසා.එත් කරාටි මාස්ටර් ගේ ගෝලයෙක් වුනු සුදත් මාස්ටර්ගේ කරාටේ ජුනිය පංතියට ඇතුල් වෙන්න පුළුවන් වුනා.ඒ පන්තියේ ගොඩාක් දෙනා වයස අඩු ළමයි.පලවෙනි දවස නොමිලේ නිසා අපිත් ඒ පංතියට යන්න දෙපාරක් හිතුවේ නැ.සුදත් සර් ගේ පොඩි දේශනයක් නිසා අපි පොඩ්ඩක් බය වෙලා හිටියේ.සටන් කලාව හදාරන්නේ ඉවසීම වැඩි කරන්න ඒවගේම තමන්ගේ ආත්ම ආරක්ෂාවට.කෙනෙක් එක්ක රණ්ඩු කරන්න හිතාගෙන මේ දේවල් හදාරන්න එපා.එහෙම හිතන කෙනෙක් ඉන්නවනම් ආයෙත් එන්නත් එපා.අපිටනම් හිතුනේ ඒ කිවුවේ අපිටමයි කියලා.චිනේ කරටි මාස්ටර්ලට භාවනා ක්‍රම මගින් අනුන්ගේ හිත් කියවන්න පුළුවන් වගේ අපි බය වුනා අපේ හිත් කියවලදෝ කියල.
ගෙදරට හොරෙන් ටියුෂන් යනවා නොකිය ඉස්කෝලෙම මග හැරුණු පාඩම් අල්ලගන්න හවස පන්ති දැම්මා කියල හැම සතියකම දවසක් ගෙදරින් පනින්න අපිට පුළුවන් වුනා.ටියුෂන් යනවනම් සල්ලි කියාක්වත් වැඩියෙන් ගන්න තිබුනා එත් අපි ඒ දේ කලේ නැහැ.ටියුෂන් පන්තියේදී කරන පාඩම් වැඩ මොනවද කියල අම්මා පොත් බලන නිසා වැඩේ පාඩු වුනාත් අපි ඉස්කෝලේ පංතිය පාවා දුන්නා.ඉන්ටවල් එකට කන්න දෙන සල්ලි බස් එකේ යන්න දුන්නු සල්ලි.එහෙං මෙහෙන් එකතු කරලා කරාටි පංතියේ මාසික කුලිය විදියට එකතු කරගන්න පුළුවන් වුනා.
පාන්, බනිස්, මාළුපාන්, ජෑම් පාන්, කනඑක නැවැත්තුවා.සමපෝෂ, මුන් ඇට, බතල, වගේ ශක්ති ජනක කෑම අම්මගෙන් ඉල්ලගෙන කෑවා.අප්පිරියාවෙන් වුනාත් උදෙන්ම බිත්තරයක් බොන්න පුරුදු වුනේ අපේ ඇඟේ ශක්තිය වැඩි කරගන්න.කිලෝ 10 හාල් උරෙකට වැලි පුරවල ගහක අත්තක එල්ලුවේ හැම උදේම වැලි කොට්ටෙට තඩි බාන්න.කිරි ගේන හට්ටි දෙකකට සිමෙන්ති පුරවලා ඒ දෙක හරහා පොල්ලක් දාල හැම හවසකම ඉස්සුවේ අත් දෙකේ ශක්තිය වැඩි කරන්න.බිමට පහත් වුනු අත්තක එල්ලිලා කර හත ගැහුවා.මේ සේරම කලේ චමිල්ගේ පන්තියෙන් පළිගන්න.සමහර උන්ගේ කාමරවල කපරාරුව තැනින් තැන ගලවිලලු බිත්තියට ගහලාම.(ඒවානම් බොරු කතා)
එදා 7 වසර විතරක් ගෙදර යැවුවේ පරක්කු වෙලා.වසෙරේ හැම ළමයෙකුටම තිබුණු විශේෂ රැස්විමක් නිසා.ඉස්කෝලේ ඉඳල බස් ඒක තියෙන හංදියට යන්න ටිකක් දුර යන්න වෙනවා.හැමදාම ඉන්න අපේ 8ක විතර සෙට් ඒකක්. ගල් ගැලවෙච්ච පාරේ තිබුණු තාර ගල්වලට පයින් ගහාන ගමන් ඇවිදින්නේ.ඒ එක්කම ධම්මික හැමදාව වගේ බොරු වීරක්‍රියා කතා අපිට මහන්සිය නැතිවෙන අතුරු පසක් වගේ.අපි යන පාරේ තව කොල්ලෝ ටික දෙනෙක් හිටියා ටිකක් කිට්ටු වෙද්දී අපි දැක්කේ වෙනත් ඉස්කෝලෙක අපේ සෙනසුරාද ගණන් පංතියට එන ටික දෙනා කියල.මුන් එක්කත් ධම්මික නිකන් ඉන්න බැරුව රණ්ඩුවකට පැටලිලා තියෙන්නේ.එත් මේ අපේ ගම වගේ හංදිය අහල පහල ඉන්නේ ඔක්කොම අපේ යාළුවො ඉතින් මොකටද බය වෙන්නේ.සෙනසුරාද පන්තියේදී අපිට එහෙම හිතුනා.
ප්‍රසන්න කතා වුනේ අද මුන් එක්ක කොක්කක් දාගන්න.උපන් ගෙයි මොඩයා වෙච්ච ධම්මික වැඩේ ස්තීර කලා.සිමෙන්ති මුට්ටි උස්සල බිත්තර බිලා කරාටි පංතියේ කියා දුන්නු ශිල්ප අගෝස්තු නිවාඩුවට කලින් රිහසල් එකක් විදියට කරන්න උත්සහ කළා.අපි කාපු කෑමේ තිබුණු පිෂ්ඨය ප්‍රෝටීන් වගේම අත පයේ හයි හත්තිය ගැන අපිටම තේරුම් ගන්න හොඳ අවස්ථාවක්.වැරදි අඩු පාඩු වුනොත් ඉතින් ඒවත් නිවැරදි කරගෙන අපේ ඉලක්කයට යන්න අපි අදහස් කලේ.උන්ගේ ඉන්න පිරිස වැඩි වුනාත් අපේ ශිල්ප හොඳටම වැඩි කියල අපි දන්නවා.එත් අපි කොච්චර ශක්තිවන්ත වුනත් සටනකදී සතුරාට අපි දුරුවලයි කියල පෙන්නන්න ඕනේ.නැත්නම් ඔවුනුත් තවත් දියුණු වෙනවා.
වචන ඒක දෙක උච්ච ස්වර වලින් ඇහෙනවා .කොලර් වලින් අල්ලලා ඇඹරීම වගේ දේවල් සිද්ද වුනා.මටනම් එකක්වත් ගැහුවේ නැහැ. කොලර් එකෙන් අල්ලාගෙන හිටපු කෙනා දණහිස නැවුවා විතරයි.ඒ එක්කම මම බිම වාඩි වෙලා බොඳ වුනු ඇස් දෙකෙන් සිදු වෙන සියල්ල බලාන හිටියේ.8 ක් විතර හිටපු අපේ සෙට් එකේ මමත් එක්ක 5 දෙනයි පෙන්න හිටියේ 4 දෙනෙක් තවම ගුටි කෙලියේ.තුන් දෙනෙක් පේන්නවත් නෑ.12 ක් විතර එහා ඉස්කෝලේ උන් ටික අපේ 4 දෙනෙක්ට ගහනවා මට කියල කරන්න දෙයක් තිබුනේ නැ බඩ කොර වෙලා.පහුගිය ටිකේ කාපු ආරිය සිංහල කෑම නිසා ගහ ගැනිල්ලා කෙසේ වෙතත් හොඳට ගුටි කෑම ශක්තිය තිබුනා.ධම්මික තවමත් සටනේ.
හිටපු ගමන් අපේ පිරිස වැඩි වුන්නා උන්ගේ එකාට අපේ 3ක් වගේ අනුපාතකයට වටකරලා ගැහුවේ.අපේ හිටපු තුන් දෙනා අතුරුදහන් වුන විදියට උන්ගේ එකා දෙන්නා හොයාගන්න බැරි වුනා.සියල්ල ඉවර වෙද්දී ගුරුවරු එක්කෙනා දෙන්නත් අපි ඉන්න තැනට ඇවිල්ලා. ඒ වෙද්දී මම කෙලින් වෙලා හිටියේ.හිතේ කලබලේ අඩු වෙද්දී ආපු කොල්ලෝ දිහා බැලුවා.කිසිදෙයක් හිතාගන්න බැරි වුනා අඩන්නද දුවන්නද කියල මතක් වුනේ නැ.ඒ ඇවිත් තිබුනේ එහා පංතියේ චමිල්ලා.අපි කරාටි පංති යන ඒක නැවැත්තුවා.වැලි කොට්ට උස්සන ඒක උදේට උදේට බිත්තර බොන පුරුද්ද නැවතුනා.වෙනද වගේ ජෑම් පාන් කිඹුලා බනිස් කන්න පටන් ගත්තා.
කාලයක් යද්දී අපි හොඳ යාලුවෝ විදියට හිටියා. 10 වසරේදී රා මුට්ටියට ගල් ගහන වෙලාවෙත් අපිත් එක්ක ඉඳපු කිතුල් ගහට වැඳන් හිටියෙත් එහා පංතියේ හිටපු තුසිත.ධම්මික අද ගුරුවරයෙකි.චමිල් වියාපරිකයෙක්
සතුරෙකුගෙන් පළිගන්න හොඳම විදිය තමයි ඒ සතුරා අසරණ වුනු ආවස්තාවකදී ඔහුට උදවු කිරීම.අතින් පයින් පළිගැනීමට වඩා ඒ දේ වේදනාකාරී අපිත් ඒ වේදනාව වින්දා.අත්දැකීමෙන් කියන්නේ.
සැ/යු. කතාව කියවද්දී මා ගැන ඇඳුනු චිත්‍රය වැරදියි. මම දැන් කිසි කෙනෙකුට කරදරයක් නැති මගේ පාඩුවේ ඉන්න කෙනෙකි.පාසල් කාලේ සිදු කරපු ඇතැම් දේවල් ගැන තවමත් පසුතැවෙමි.
උළු පට්ටලේ ගෙදර යනු කැඩුම් බිඳුම් වලට ප්‍රතිකාර කරන ස්ථානයකි
~~අසර්~~
කුඩාකල මතක හරිම අපූරුයි. ලස්සන කථාව.
ReplyDeleteඔව් ඒක ඇත්ත වේද මහත්තොයෝ.පහුගිය කාලේ නැතිවෙලා හිටියේ..
Deleteමරු කතාව.
ReplyDeleteස්තුතියි සහෝදරයා.
Deleteබිම පෙරලෙමින් සිනා සුනෙමි. හරිම අපුරුයි
ReplyDeleteහා හා ඔයාගේ ෂර්ට් එකත් චොකලට් පාටවෙයි..
Deleteස්තුතියි සහෝදරයා.
මගේ නම් පළවෙනි කරාටි මාස්ටර් අපේ පියතුමා :)
ReplyDeleteසාතන් සටන් කරුවෙක් නේ.බය හිතෙනවා.
Deleteඅන්තිමේදි හැමෝම හොඳ යාලුවෝ උන එක නම් ලොකු දෙයක්. කතාව ඇත්තටම ලස්සනයි :)
ReplyDeleteඔව් පොඩි කාලේ තරහවල් ඉතිං වැඩි කාලයක් තියෙන්නේ නැහැ නේ.
Deleteමරු කතාව ..............
ReplyDeleteබිත්තර බොනවා කියන එක හරිම අප්‍රියයි නේද? ඊයා ........
ඔව් ඒත් අපි කැපවීමෙන් ඒ දේවල් කලේ.අපේ අදිෂ්ඨනය ජයගන්න..
Deleteඅද තමයි පලවෙනි කොටසත් බැලුවේ...
ReplyDeleteපොඩි කාලේ වෙච්ච සිද්ධි ටික ලස්සනට ලියල තියෙනවා
වළි දා ගත්තු ගොඩ දෙනෙක් පස්සේ පස්සේ යාළුවෝ වෙන එකනම් හරි අපුරු දෙයක්
මටත් ඒ වගේ අත්දැකීම් කීපයක්ම තියෙනවා
ඒ කාලේ කරපු මෝඩකම් ගැන දැන් මතක් කරද්දීත් දුකයි තමා බං
මමත් කරාටේ පන්ති ගියා කාලයක්, පටි කීපෙකුත් ගත්තා
පන්තියේ තිබ්බ ටෙස්ට් එකකින් ගොඩක් හොඳ ප්‍රතිපල ලැබිලා කාලයක් තිස්සේ දනිස්සට බෙහෙත් කරන්නත් උනා...
ඊට පස්සේ ඒ ලෙවල් කරද්දී පන්තිය නතර කරන්න සිද්ධ උනා
හැබැයි ඉගෙන ගත්තු දේවල්නම් අපතේ ගියෙත් නැහැ :)
මූ අහිංසක එකෙක් වගේ හිටියට වලි එහෙම දාගෙන තියෙනවා නේ.ඉගන ගත්තු දේ අපතේ ගියේ නැ කියන්නේ කිදෙනෙක්ට තඩි බෑවද?
Deleteහික් හික්...
Deleteඅද මේ පැත්තට ඇවිත් පරණ පොස්ට් ටිකකුත් කියෙව්වා...බොහොම ලස්සන කියවන්න ආස හිතෙන පොස්ට් ටිකක් තියනවා.
ReplyDeleteහැබැයි මෙන්න මෙහෙම දෙයකුත් මට දැනුනා...වාක්‍ය දෙකකින් කියන්න ඕන දේ තනි වාක්‍යයකින් කියන්න හදන ගතියක් තියනවා...සමහර වෙලාවට තේරුම් ගන්න දෙසැරයක් විතර කියවන්න ඕන...ටිකක් නිවිහැනහිල්ලෙ ලියන්න...ඔබගෙ හැකියාව ගැන කිසිම සැකයක් නැහැ..
ජය.!!!
ඒක ඇත්ත.. මමත් ඕක කියන්ඩ හැදුවේ.. සමහර තැන් තේරුන් ගන්ඩ ටිකක් දගලන්ඩ ඕන..
Deleteඅනිත් දවසේ උඹ ලියන්ඩ එනකොට ලිපේ කඩදාසි නොදා වරෙන්..
ලකී සිරි අයියේ මට තේරෙනවා ලිවීමේ පොඩි පොඩි අඩුපාඩු ඇති කියලා ඒත් මොකක්ද අඩුපාඩුව කියල දැන් තේරුම ගත්තා.මම ඉක්මනින්ම ඒ වැරැද්ද හදාගන්නම්.
Deleteස්තුතියි සහෝදරයා.
සේනා මගේ වැරැද්ද මට වඩා තේරෙන්නේ උඹලටනේ අනිවාර්යෙන්ම ඊළඟ පොස්ට් එකේ ඉඳල වැරැද්ද නිවැරදි කරගෙන ලියනවා.
Deleteස්තුතියි මචං හැමදාම වගේ අඩුපාඩු පෙන්නලා දුන්නට.
ලකී සිරි කියන දේ මටත් දැනුනා.ඔය දරුවට බොහොම ලේසියෙන් ඒ වැරද්ද නිවැරදි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ජය!!
Deleteමොන වැරැද්දක්ද බං.උඹ සුපිරි ඩයල් එකක්. ඉස්කෝලෙ යන කාලෙ වලියක් දාගෙන මරාගත්තෙ නෑ කියන්න උගෙන් ඇති වැඩක් නෑ.උඹට ලොකු උනාම මෙහෙම රස කරල ලියන්න අතීතයක් තිබුන.සමහර උන්ට මොන මල දානයක්වත් නෑ.
ReplyDeleteඔව් ඒක ඇත්ත කස්සා ගොඩ දෙනෙක් හිටියේ පතෝල වගේ උන්.ඊට පස්සේ ලොකු වලි ගියේ නැහැ ඉස්කෝලෙන් අස් වෙනකන්ම.
Deleteඔයාගේ කතා හරිම රසවත් . පොඩි පොඩි අඩුපාඩු දකිනවා අර ලකී කිව්ව වගේ . නමුත් කාලයත් එක්ක ඔබටම ඒවා වැටහෙයි .
ReplyDelete…
…//සතුරෙකුගෙන් පළිගන්න හොඳම විදිය තමයි ඒ සතුරා අසරණ වුනු ආවස්තාවකදී ඔහුට උදවු කිරීම.//
…
…ඔබගේ ඔය කියමන නම් හරිම අගෙයි . මාත් අනුගමනය කරන එකක් .
ඔව් ගිම්හානි මම ඒ වැරැද්ද හදාගන්නම්.ස්තුතියි.
Deleteසතුරාට උදවු කරන ඒ සිද්දිය මමත් විඳලා තියෙනවා.මං මගේ හතුරෝන්ටත් කරලා තියෙනවා.
ධම්මික තාමත් උපන්ගෙයි මෝඩ වැඩ කරන්නැතුව ඇති කියල හිතනව.
ReplyDeleteදිගටම ලියන්න. ජය!
ඔව් දැන් ගුරුවරයෙක් නිවිච්ච මිනිහෙක් දැන්.
Deleteස්තුතියි මචං..
එළ කතාව.. ඔය රන්ඩු වෙච්ච උන් පස්සේ යාළු වෙන එක හුඟක් වෙලාවට වෙනවා නේද.. ?
ReplyDeleteතව ලියපන්.. ඔය වගේ වෙච්ච දේවල්... අපි කියවමින්..
ඔව් තරහවල් වැඩි කාලයක් තියාගන්නේ නැහැ නේ.පොඩි කාලේ වෛරය කියන දේ කාගේවත් හිත්වල නැහැ.
Deleteඉඩ තියෙන වෙලාවට අනිවාර්යෙන්ම ලියනවා මචං.උඹලගේ වචන මට ශක්තියක්.
ඔයා ලස්ස්නට ලියලා. අපරාදේ අසාර් ඉවර කරේ..පොඩි කාලේ මතකයන් හරිම සුන්දරයි..ආයෙත් මේ වගේම එකක් ලියන්න.අපි ආසාවෙන් කියවනවා..
ReplyDeleteඅනේ කුමරියේ කතාව ඉවර වුනා නේ.මම අයෙත් කතාවක් ලියන්නම්.
Deleteස්තුතියි අගය කිරීමට.
කතාව එල..... පාසලේ 6-7 හිටි කාලය මතක් උනා.....
ReplyDeleteඇයි උඹලත් රණ්ඩු වුනාද? හික් හික්
Deleteඅපුච්චියේ මාර වැඩක්නෙ.පස්සෙ කට්ටිය දැන ගත්තද තෑග්ග ගත්තෙ ඔයාලමයි කියලා.??
ReplyDeleteඔව් ගත්තු දවසමේ ගෑනු ළමයෙක් දැකල අපි ගන්නවා.
Deleteහපෝ කෙල්ලො කේලම් මලු !
Deleteඊයා.............
ReplyDeleteබිත්තරත් බිව්වද අනේ...........
සුන්දර මතකයක් ලස්සනට ලියල තියෙනව....:)
සුදානම් ශරීරයෙන් යන්න එපයි.හැම විදියෙන්ම අපි කැප වුනා.
Deleteස්තුතියි නිසුපා..
හයියෝ දෙයියනේ මම නිසූපා අක්ක නෙමෙයි.....:'(
Deleteමම අක්කා කියල කියල නැහැ නේද?.මේ ඔයා එතකොට කොල්ලෙක්ද?..අෆොයි එහෙම වුනොත් ඉඳල හමාරයි..
Deleteනෑ අයියෝ..මං කෙල්ලෙක්....මම “නිසූපා“(අක්ක කිව්වෙ මට අක්ක වෙන නිසා)අක්ක නෙමෙයි....මම නිපුණි සඳරු පූර්ණිමා.....:(
Deleteහරි නම දැනගෙන වුනේ නැහැ නේ අක්කණ්ඩි..
Deleteඑයා නිසපු. නිසූපා අක්කා වෙන කෙනෙක්.හෆ්ෆෝයි!! අසරණයා අයියා හොදටම අසරණ වෙලා..:D
Deleteහෑ...අක්ක...:o
Deleteහලේ මම 93නේ හලේ...ඔයැයි 85නේ....
අදනම් මගේ දවස නෙවෙයි පටන් ගත්තු වෙලේ ඉඳල වැරදුනා නේ.ඉතිං නගෝ අසරණයෙක් නේ.ඔන්න ඔහේ අමතක කරලා දාන්න.
Deleteශා... ඔය තියෙන්නෙ නියම කතාවක්.. අයියා දැන් අහිංසක වුනත් පොඩි කාලෙ වැඩ නම් මරු.. කෙනෙක්ට මතක් කරන්න එහෙම අතීතයක් තියෙන්න ඕනෙ.. නියම කතාව අයියෙ..
ReplyDeleteඒථ්,
//අප්පිරියාවෙන් වුනාත් උදෙන්ම බිත්තරයක් බොන්න පුරුදු වුනේ අපේ ඇඟේ ශක්තිය වැඩි කරගන්න.//
ඊයා.......... කොහොම බොන්නද හෆ්ෆා බිත්තර.. මටනම් හත් අවුරුද්දක් වමනෙ යයි...
කාලයත් එක්ක අහිංසක වුන්නා නංගි.ඒ කාලේ වගේද අද පාරේ රණ්ඩු වුනානම් පොලියේ ලගින්න තිබුනා.පොඩි ළමයි මල් වගේ නේ.මල් වලට කවුරුත් කැමති.
Deleteඅපි බිත්තර බිවුවේ හරි ආමාරුවෙන්.යුද්දේකට යද්දී හොඳ ශක්තිවන්ත විදියට යන්න ඕනනේ..
ඉස්කෝලෙ කාලෙ නේද?සුන්දරයි!
ReplyDeleteඔව් සහෝදරයා.ඒ කාලේ කරපුව විතරයි අදට ඉතුරු වෙලා තියෙන්නේ.දැන් ඉතිං ජිවිතේ වැඩි හරියක් බිත්ති 4 කොටුවෙලා මාසේ අන්තිම දවස වෙනකන් බලා ඉන්නවා.
Deleteඇත්ත තමයි අපි ඉස්කෝලෙ ඇතුලෙදි මොන ප්‍රශ්ණ තිබුනත් පිටින් කවුරුහරි එක්ක ප්‍රශ්ණයක් උනාම එකා වගේ තමයි ඒවට විරුද්ධ වෙන්නේ.. මටත් ඔය වගේ හොද අත්දැකීම් තියෙනවා..
ReplyDeleteඔව් එකනේ නැත්නම් අර විදියේ වැඩක් අපි කරලා.අපිව බේරගන්න උන් ඒවිද.අපි හැමෝටම පොඩි හරි මතකයක් තියෙනවා නේ.
Delete//සෑම පාසලකට උරුම වෙලා තිබෙන පරවී කරදරේ නිසා ඩේස්වල තියෙන පරෙවි බෙටි හෝදන්න ටැප් පේලියට අරන් එනවා.//
ReplyDeleteඅපේ ඉස්කෝලෙ 8 වසරෙදි තිබ්බ මේ කේස් එක. අපේ මැරයා (සර්) ගේ ස්ටෝරිය මතක් වුනා.
ඉස්සර කොච්චර මරා ගත්තත් අන්තිමට එකතුයි නොවැ.. ස්තුති සහෝ අපේ අතීතයටත් අපිට ඇදගෙන ගියාට..
ඔව් ඔව් මට මතකයි මැරයාගේ කතන්දරේ
Deleteඕක මොකක්ද සැමෝ අතීතයට ඇදන් යාම.උඹ අපිව අනාගතයට අරන් ගියේ.
කද්දි හරි අාතල් එකට තියෙන්න අැති නේ :D :(
ReplyDeleteමටනම් ඉතිං එකක්වත් ගැහුවේ නැහැ.
Delete//සතුරෙකුගෙන් පළිගන්න හොඳම විදිය තමයි ඒ සතුරා අසරණ වුනු ආවස්තාවකදී ඔහුට උදවු කිරීම//
ReplyDeleteබොහොම හරි...එතකොට තමා සතුරා අසරණ වෙන්නේ...:)) ලස්සන සිදු වීමක්..
ඔව් ඒ දේ ඔහු සිතින් හරි විඳවනවා.අතින් පයින් ගහල ප්‍රශ්න ඇතිකරගන්න ඕනේ නැහැ නේ.
Deleteඅපේ අය්යල බිත්තර බොනව දැකල මාත් දවසක් ට්‍රයි කලා...නහය අල්ලගෙන බිත්තරේ කඩල කටට දා ගත්තා..ගිලින කොට ආපහු කටට එනවා..ආයෙ ගිලිනව ආයෙ කටට එනවා..ඒක උගුරෙන් පහලට යන්නෙම නැහැ හලේ......
ReplyDeleteකහ මදෙ වෙන්න ඇති..නැත්නම් බිත්තරේ හොඳට හොලවල බොද්දි ගානක් නැහැ.අදම කරලා බලන්න.
Deleteඅපෝ!!! ඊයා..කිරිල්ලිත් මා පෙලේත වැඩ කරලා...:p
Deleteඅහ්හ්!! පොඩි කාලේ තරම් සුන්දර ජිවිතයක් කවදාවත් ලැබෙන්නේ නැහැ දරුවෝ.පිරිමියෙක් පුංචි දවස්වල අඩදබර වලට පැටලිලා නැත්තම් ඒ ජිවිතේ මේලෝකේ රහක් නැහැ දරුවෝ.අංකල්ත් පුංචි සන්දියේදී අනන්තවත් අඩදබර වලට පැටලිලා තියෙනවා හෙහ් හෙ :D බරක් පතලක් නැති වයස නෙව.
ReplyDeleteබොහොම අපූරුවට ලියලා තියෙනවා පුතේ.
අන්කලුත් වලි කාරයෙක්ද?අමිහිරි වර්තමානයේ මිහිරි සිදුවීම් නේ අංකල් ඒ සිද්දි..
Deleteස්තුතියි අංකල් ඇගයීමට..
අපූරු කතාව. බොහොම රස වින්දා !
ReplyDeleteස්තුතියි යාලුවා.
Deleteඅපෝ බිත්තර බොන එක තරම් ජුගුප්සාජනක වැඩක් තියෙනවද කියලත් සැකයි !!!
ReplyDeleteඒ වුනාට සමහර ගෑණු ළමයි කොහොඹ කොළ බ්‍රෙන්ඩ් කරලා බොනවලු හම ලස්සන වෙන්න මම දන්නා කෙනෙකුත් හිටියා.
Deleteපොඩි කාලේ කරපුවානං අමතක කරන්නම බෑ...තීන්ත පෑන් වලියක් ගිහිල්ලා ගෙදර යන්න බැරුව හිටිය මම..ශර්ට් එක පිරෙන්න නිල් පට තීන්ත පාරක් කෑවා....
ReplyDeleteකොහොමද ඉස්සර නිල් දියකරලා ගහන වැඩේ.හැබැයි ඉතිං උඹ කරන වැඩවලට තීන්ත පාරක් කාල බේරුනා ඇති..
Deleteජෑම් පාන් කොහොම වෙතත්, කිඹුල බනිස් මගෙත් ප්‍රියතම කෑමක්
ReplyDeleteමාළු පාන් කොහොමද?මම ආසම මාළු පාන් කන්න හැබැයි අපේ ඉස්කෝලේ ළඟ තියෙන කඩේ ඒවා විතරයි.
Deleteගොඩක් වෙලාවට ඉස්කෝලෙ කාලෙ රණ්ඩු වෙන අය පස්සෙ හොඳට ඉන්නවනේද??
ReplyDeleteමේ කතාව ලස්සනයි.කලින් කතාව වගේම ලස්සනට ලියල තියෙනව....
ඔව් ගොඩ දෙනෙක් එහෙමයි ටික ටික ලොකු වෙද්දී හැම වෙලාවේම බැලුවේ අලුත් යාලුවෙක් ව.
Deleteස්තුතියි සහෝදරයා.
ලස්සනට කතාව ලියල තියෙන්නෙ... ගුටි කාපු එකේ කෙලවරක් නෑනෙ බැලුවම... ඔය බාල්දිය කියන හාදය මරිසි ඩයල් එකක්ද.....?
ReplyDeleteවැඩිපුර තියෙන්නේ අපිට ගහපුවා අපි ගහපුවනම් නැහැ.බාල්දිය ඒ තරම් මරිසි එකෙක් නෙවෙයි ඒත් ඌ බය නැහැ.
Deleteඉස්කොලෙ කාලෙ මතක් උනා. අපි 8 වසරෙ ඉන්නකොට 9 එවුන් එක්ක පැටලිලා ඔයවගේ සීන් එකක් උනා. ඒ වලිය මං හිතන්නෙ පාසල් ඉතිහාසයේ සිද්ධ වෙච්ච ලොකුම වලියක්. කොල්ලො දෙන්නෙකුගෙන් පටන් ගත්ත වලිය වසර දෙකේ පන්ති 6ක එවුන් එකතැන ගහගත්ත.
ReplyDeleteඊට ගොඩ කාලෙකට පස්සේ අපි 11 වසර ඉද්දි 12 පංතිත් එක්ක වලියක් ගියා 11 වසරේ හිටපු පිරිස වැඩියි නේ.අපි දුන්න ඇති වෙන්න.අන්තිමෙදේ ගුරුවරුනුත් අපේ පැත්තේ..
Deleteනාගොඩත් ඉදල තියෙනව හොද වැඩකාරයෝ එහෙනම්!:)
ReplyDeleteගුටි කන්නත් හොඳ හැකියාවක් තියෙන්න ඕනේ.මොකද ඒ මුළු සිද්දියෙන්ම අපි ගහපු තැනක් නෑ.කතාව පුරාම ගුටි කෑවා..
Deleteකවුරුවත් අයියට ගැහුවෙ නැත්තෙ අම්බලන්ගොඩ මපට් වගේ නිසා වෙන්ටැති නෙ.. ඔය පරවී බෙටි සීන් එක අපිටත් 5 වසරේ මුහුණ දෙන්න වෙච්ච සිරා අත්දැකීමක්... සුපිරි කතාව...
ReplyDeleteදණහිසෙන් ගැහුවාම මහත් වෙලා නේ හිටියේ.ඉතිං ඌ ගැහුවේ නැහැ.පරවී බෙටි හැම පාසලකටම පොදු සතුරා ගජ මිතුරා.
Deleteපලවෙනි කතාව ආසාවෙන් කියෝලා දෙවනි කොටහ එනතුරු මග බලාන් උන්නු අයගේ ගොඩේ මමත් හිටියා . ඉස්කෝලේ කාලේ තරම් සුන්දර කාලයක් තවත් නෑ . ඒකාලේ කරපු කතරමක් කලේ මේ වගේ මැරෑටි වැඩම තමයි . ඒ වැඩ සිහියට නැඟෙද්දී හිතට දැනෙන දුක මේ පෝස්ට් එක ඇතුලේ බෝම ලස්සනට මම දැක්කා ..
ReplyDeleteනියම කතාව
ස්තුතියි සඳරු දෙවැනි කොටස එනකන් බලන් හිටියට .ඒ කියන්න කතාව සාර්ථකයි කියන ඒක නේ.කොච්චරනම් සිදුවීම් තියෙනවද ඒ පාසල් කාලේ.
Deleteකිරි හට්ටි දෙකට සිමෙන්ති පුරවපු වැඩේ මමත් කලා. තවමත් තියනවා. ඉඳල හිටලා එක පාවිච්චි කරනවා.
ReplyDeleteස්වදේශීය නිර්මාණ නේ ..!!!
අපේ දේ අපි අගයන්න ඕනේ.. අපේ රටේ මුදල් පිට රට යන ඒක නවත්වන්න ඕනේ.හෙක් හෙක්.
Deleteඋඹේ පැතුමත් වෙන කොල්ලෝ සෙට් එකකට ගහනන්ද නැත්නම් ඇත්තටම ඇඟ හදාගන්නද?
හරිම ලස්සන කතාව හොඳ ආදර්ශයකුත් තියෙනවා අතීතේ මතක් වෙලා දුකත් හිතෙනවා මම හිතුවේ අර උළු පට්ටලේ කිව්වේ හිර ගෙදර වෙන්නැති කියලා.... අපේ තිබ්බ අදහසක් තමා තරහකාරයෝ ගහ ගත්තොත් හොඳම යාළුවෝ වෙනවා ඒත් යාළුවෝ දෙන්නෙක් ගහගත්තෝතින් කවදාවත් ආයේ මිතුරු වෙන්නේ නෑ කියන එක.... හරි ලස්සන අතීතයක් තියෙනවනේ අයියට
ReplyDeleteමහා උළු ගෙදර නෙවෙයි..යාලුවෝ රණ්ඩු වෙන කතාවනම් ඇත්ත.ඉස්කෝලේ ගැන මතක් වෙද්දී හරි දුකයි.
Deleteපසුතැවිලි වෙන්න දෙයක් නෑ. ඒ කාලය තමයි සුන්දර ම කාලය.. ඒ අත්දැකීම් තමයි ජීවිතය ශක්තිමත් කරන්නේ..
ReplyDeleteඒක ඇත්ත.නොතේරුම් කමට කොච්චර වැරදි කලාද?ඒත් ඉතිං දැන් මතක් වෙද්දීත් සුන්දරයි.
Deleteඉස්කෝලේ කාල තමයි ලස්සනම කාලේ.. ඔය කාලේ ඔය විදියට නොකරොත් තමා අයියේ පසුතැවිලි වෙන්න ඕනේ... මරු වැඩ තමා මෙයත් කරලා තියෙන්නේ..
ReplyDeleteහෙක්.ඉතිං ඔයත් කරපුවා ඔයාගේ පොස්ට් වලින් දැක්කා ඉඳල හිටලා.ලොකු දෙයක් නොවී බේරුනා.නැත්නම් උන් අපිට තවමත් ගහනවා.
Deleteමදැයි කට්ටිය කොර ගත්ත දේ.....දෙන්න හිතෙනව වොන්ඩර් බාර් එකක්....
ReplyDeleteඇයි බං අපිටම හැමෝම ගහන්නේ..අහින්සය වැඩිද අපි.
Deleteඅම්මෝ සමපෝෂ මම ගොඩාක් ආස කෑමක් :))
ReplyDeleteඑතකොට තිරිපොෂ වලට ආස නැද්ද?
Delete//ටික වෙලාවකින් වතුර නැතුව දඟලන "දොළ කොරලි" පැටවූ දෙන්නෙක් හෙනාවේ ලාඩප්ප කෝටු වලින් හදපු විකට් කූරු අතරේ බෙල්ස් විදියට රඳවන්න.මාළු පැටවූ කූරු අතරෙන් වැටෙන්නේ නැතිව රඳවන්න තොප්පි කටුත් පවිච්චිකලා.ටික වෙලාවකින් තඩි නිල මැස්සෝ විකට් කූරු වට කර ගෙන.//
ReplyDeleteමැවිලා පෙනුනා.. හලේ.. මෙහෙමත් ගහගැනිල්ලක්.. වලියක සුන්දර මතකය වුණත් අපි ඉස්සරහා ගහගන්න අයියා ලියලා තියෙනවා.. බලාගෙන හිටිය අපිටත් බිත්තර බොන්න වෙයිද දන්නෙ නෑ.. මේ ගුටිකන විදිහට.. :D
සුන්දර මතකයක ලස්සන සටහනක්..!
ගහ ගණන් ඒ දේවල් කලත් අන්තිමට අපිට පොයෝජන වුනේ ගුටිකන්න.කොහොමද කෑම අතිවිශිෂ්ඨයි.
ReplyDeleteස්තුතියි නාන්දු
අසර් නියමයි කියලා නිකං යන්න බැහැ..අතිතය හරිම සුන්දර මතකයක්..එහෙවි මතක වල ගහ මරාගැනීම් එමටයි...පාසල් කාලේ ඊටත්...හරිම සුන්දර සිතුවිල්ලකට පනපොවන්න මේ අකුරු වලට පුළුවන් වුනා..හැම දේකටම වැඩිය සංකල්ප රූප මවන්න පුළුවන් අපූරු හැකියාවක් මෙතන තියනවා..මේ අකුරු වලට පණ තියනවා..අපිව මෙච්චර ලස්සනට අතීතෙට ගෙනියන්නේ එනිසයි..ජය!!
ReplyDeleteස්තුතියි මචන්.උඹලගේ වචන නිසා තමයි මම මේ විදියට ලියන්න ශක්තිය ලැබෙන්නේ .මේ අගය කිරීම නැත්නම් මගේ කතා බාල ගනයේ නිර්මානයක්ක් වේවි.අයෙත් සැරයක් ස්තුතියි..
Deleteහාහ් හා... හා.. හඃ !
ReplyDeleteමට නම් කියෝනකොට හිනා වෙලා පණ ගියා.......
හිත ගන්න බැහැ මේ පිරිමි ළමයින්ගේ සිතුවිලි නම්!
ගොඩක් ලස්සනයි එක හුස්මට කියෙව්වා වගේම අපේ කාලේ කරපු කියපු දේවල් ෆිල්ම් එකක් වගේ මැවිලා පෙනුනා...
ReplyDeleteඅපි නම් තනිකරම බුද්ධිමය ගේම් තමයි දුන්නෙ... එකක් වත් වැරදිලත් නැහැ කවදාවත් ගුටිකන්න වෙලත් නැහැ.... අපි සෙට් එකේ හතර පස් දෙනා විතරයි අද වනතුරුත් දන්නෙ....
හැබැයි ඒවා ලිව්වොත් එහෙම අදටත් අපිව හොයාගෙන ඇවිල්ල ගහනවා... නැති කරදර වලට පැටලෙන්න වෙනවා...