4 Feb 2012

අපේ ගමේ "බූත වනේ"..අවසාන කොටස







මෙතෙක් කතාව


ගමේන්ම ලොකුම සරුංගලේ උඩ යවද්දී කඩාගෙන ගිහින් වැටුනේ මහා කැලයක් මැද්දට.සරුංගලේ හොයාගෙන එද්දී අපිට පාර හොයාගන්න බැරුව අපි ඒ කැලේ නීති විරෝදී වගාවන් කරන පිරිසකට අහුවෙනවා.දවසකට පස්සේ අපි ඔවුන්ගෙන් පැනලය යද්දී පොලිසිය යයි හිතල උන්හෙම වෙනත් පිරිසකට යලිත්  අහුවෙනවා. ඒ  පිරිස මාව කැලේ අනිත් උන්ගේ  වාඩියේ තියලා අංජන විතරක් කැලෙන් එලියට අරන් යනවා.


අද එතන සිට.


අපේ ගමේ "බූත වනේ".1 කොටස..

අපේ ගමේ "බූත වනේ".2 කොටස..


                                     දවස් දෙකක්ම එකම කරදරය සම සමව විඳපු මාත් අංජනත් එකට හිටියොත් අයෙත් පැනල යාවි කියන බයට මාව කැලේ තියල හොර පොලිස් පිරිස අන්ජනවා අරන් ගියේ.මට මේ කැලෙන් කවදාවත් එලියට යන්න බැරි වෙන විත්තිය මට දැනුනා.එහෙම එලියට ගියොත් ඔවුන්ගේ මේ නීති විරෝදී හැම දෙයක්ම නවතිනවා ඒ විතරක් නෙවෙයි හිරේ විලංගුවේ ලගින්නත් වෙන නිසා මාව කොහෙත්තම එලියට යවන්නේ නැහැ.ඒ විතරක් නෙවෙයි ගුණසේන මාමගේ මිනි මරුමත් අනිවාර්යෙන්ම අහුවෙන නිසා එලියට යන්න කොහොමත් වෙන්නේ නැහැ.


අවට කරුවල වැටෙද්දී වාඩියට සියලු දෙනා ඇවිත් තිබුනා.ඒ වෙද්දී එතන හිටපු දෙන්නෙක් ඊට කලින් දැකල තිබුනේ නැති දෙන්නෙක්.හවස ආපු පිරිසේ හිටපු කෙනෙකුත් නොවෙයි.මේ පිරිසගේ එදිනෙද කැමට වුවමන අඩුම කුඩුම ගමෙන් මේ කැලෙට ගෙනල්ල දෙන්නේ මේ පිරිස වෙන්න ඕනේ.නායකයා වගේ හිටපු කෙසඟ සිරුරක් තියෙන ඒ පුද්ගලයට හැමෝම කිවුවේ ලොකු අයිය කියල.එත් එතන හිටිය හැමෝටම වඩා වයසෙන් අඩු ශරීර ප්‍රමාණයෙන් පොඩිම කෙනා මේ ලොකු අයියා.


මේ ලොකු අයියා ගැන මට ටිකක් අමුත්තක් දැනුනා.මේ වගේ නීතිවිරෝදී වැඩ කරන කිසිම කෙනෙක් මේවගේ කාරුණික නැහැ.එත් මාව පොඩි එකෙක් නිසාද නැත්නම් වෙන දෙයක් නිසාද මට ඒ හැටි සැර වැර කලේ නැහැ.එත් ඔහුගේ ගුප්ත බව නිසා  මං වැඩිය ඔහුත් එක්ක මිත්‍ර වෙන්න ගියේ නැ.අද රැ වෙනදට වඩා දිග වැඩි වෙයි කියල දැනුන.හැම කරදරයක්ම එකට විඳපු අන්ජනවා නැතිව මට මොනවයින් මොනවා වෙයිද.එත් අන්ජනට මොනවා කරලා ඇත්ද කැලෙන් එලියට අරන් ගියද නැත්නම් තාත්තට වුනු දේ මේ අහිංසකයට වුනොත් ඉතින් ඒ සියලු අවාසනවන්ත දේවල් වෙන්න ප්‍රදානම හේතුව මගේ වැරැද්ද.


එදා ආපු ආගන්තුක හොරු ගෙනාපු කෑම ජාති නිසා  දවසක් පරණ පානුයි සැමනුයි මටත් දුන්නා.දවස් ගානකට පස්සේ හිටපු බඩගින්නට ඒ කෑම මට දැනුනේ මගේ ජිවිතේට කාපු හොඳම කෑම වේල වගේ.උන්ගේ කතාවෙන් මට තේරුණා මෙයාල කරන්නේ මොනවගේ වැඩද යන වග.මේ වාඩියේ ඉඳලා ඔවුනේ වගාව තියෙන තැනට පැයක විතර ඇවිදින දුරකින් තියෙන්නේ.එතන තනි රකින්නේ සේන කියන කෙනක් එක්ක තවත් කෙනෙක්.කැලේ අවට ගම්වල තියෙන වගාවනුත් මේ වන සතුන්ගෙන් පරිස්සම් කරන්න බැරි ඒකේ මේ දෙන්නෙක්  මහා කැලයක් මැද්දේ කොහොම මුර කරන්නද?


එදා මුළු රෑම මට නින්ද ගියේ නැතිතරම් කැලේ සත්තුන්ගෙන් මදුරුවන්ගෙන් සද්ද වගේම කැලේ ඇතුලේ තියෙන සීතල නිසා මට දැනුනේ මහා වේදනාවක්.මං දවස් දෙකක් වගේ ඒ වාඩියේ ඉන්න මිනිසුන්ගේ කෑම හැදීම වගේ පොඩි පොඩි වැඩවලට උදවු දෙන්න විතරයි තිබුනේ.මගේ ගැන  නිතරම ලොකු අයියා නැත්නම් වෙනත් කෙනෙක් ඇහැ ගහගේනමයි හිටියේ අයෙත් පැනල යාවි කියන බයට.එදා අපි රැවටුනේ නැත්නම් අපි දෙන්නම  වීරයෝ වගේ ගමට එන්න තිබුනා.ඒ සියලු බලාපොරොත්තු නැතිවෙලා ගියේ අපි දෙන්නම හීනෙන්වත් හිතපු නැති විදියට.ගුණසේන මාමගේ පිහිය අංජන ගත්තේ මොනවහරි දෙයක් වුනොත් කාටහරි පෙන්නලා අපි කියන්නේ ඇත්ත කියල ඔප්පු කරන්න.


කැලේට කරුවල එද්දී උදෙන්ම ගියපු පිරිසත් එදා වැඩ ඉවර කරලා වාඩියට ආවා.එක්කෙනෙක් ඒක දිගට දවස් 5 කට වාඩා මේ කැලේ ඉන්නේ නැ.දෙන්නෙක් වැඩ ඉවර කරලා එලියට යද්දී තව දෙන්නෙක් ඇතුලට එනවා.මාත් මෙයාලගේ කණ්ඩායමේ නම් මටත් ගෙදර යන්න තියෙනේ තව ඒක දවසයි.එළියේ ඉන්න ලොකු මුදලාලිලාත් එක්ක   සම්බන්ද වෙන්නේ මේ නිවාඩු යන පිරිස වෙන්න ඕනේ.පිට වෙලා ගියපු දෙන්න එන්නත් කලින් කැලේට අලුතින් තව දෙන්නෙක්.මේ දවස් දෙක තුන ඇතුලත අලුත් මුණු කිහිපයක්ම දැක්කා.ඒ දෙයින් මට තේරුණා මේ වියාපාරය මහා පරිමාන වියාපාරයක් බව.හවස කැලෙන් එලියට ගියපු දෙන්නා ඊට පැයකට විතර පස්සේ  අයෙත් ආවා.එත් ඒ ආවේ තව 10 විතර කණ්ඩායමක් එක්ක.ඒ සියලු දෙනාගේම අතේ තුවක්කු තිබුනා.ඒ තුවක්කුව මේ ලකු අයියා කරේ තියාගෙන ඉන්න බටය දිග කොටන තුවක්කුව වගේ නෙවෙයි.ගොම්මන් අඳුරේ කිසි දෙයක් පැහැදිලිව පෙන්නේ නැහැ.එත් එතන ඉන්න සියලු දෙනාම කලබල වෙලා.එතනින් කෙනෙක් මාව අරගෙන කැලේ ඇතුලට අරන්ගිය.මට මේ කිසි දෙයක් හිතා ගන්න බැහැ.සැරින් සැරේ එක්කෙනෙක් දෙන්නෙක් කෑගන සද්දත් එක්ක ලාවට කුණුහරුපත් ඇහුනා.


මාව අරන් ගියපු කෙනා මගේ අතින් අල්ලාගෙන ඔහුගේ තුවක්කුව කරේ එල්ලගෙන පැයකටත් වැඩි කාලයක් කැලේ ඇවිදලා යන්තම් කැලේන් එලියට ආවා.ඒ එන අතර තුර මට කිසිම වචනයක් කථා කරගන්න බැරිවුනා.එම පුද්ගලයා මගෙන් ඇහුවේ මගේ නම විතරයි.මවත් අංජන වගේ එලියට අරන් යන්නේ මොකටද ඉස්සෙල්ල අරන් ගියපු අංජන දැන් කෝ.කැලෙන් එලියට ආවට ලොකු වාහන යන පාරක්  මිනිස් වාසයක් පෙනෙන තෙක් මානයක නැහැ.ඒ ලඟම ලොරියක් හා තව වැන් එකකුත් තිබුනා.ඒ වාහන වල ආරක්ෂාවට වගේ තවත් ටිකදෙනෙක් හිටියා.වැන් එකට ලං වෙද්දී මාව පෙන්වල කෙනෙක් කියනව ඇහුනා "මෙය තමයි අනිත් කෙනා "වගේ.


මට මෙයාල කරන කිසි දෙයකට එරෙහි වෙන්නත් බැහැ.පැනල යන්නත් බැහැ.ඉතින් එයාලගේ තීරණව වලට විරුද්ද වුනෙත් මොකකින් මොකක් වෙයිද කියන්න බෑ.මට කරන්න පුළුවන් මේ මිනිස්සු යන තැනකට යන්න විතරයි.අධික වේගයෙන් ගියපු වහනය ටික ටික හුරු නැති නගරයකට ඇතුල් වුනා.ටික වෙලාවකින් වේගය අඩු වෙනවත් එක්ක වෙනත් මාවතකට  හරවන ගමන් ඒ ආ ගමන නතර වුනා.ඔවුන්ගේ අණ කිරීමත් එක්ක මමත් බැස්සා.ඒ දැකපු දෙයන් මට මගේ ඇස් අදහගන්න බැරිව ගියා.එතන හිටපු සියලු දෙනාම මා දිහා බලනවා ගේ මට තේරුණා.මං මේ මෙච්චර දුරක් කිසිම කතාවක් නැතුව එක්ක ඇවිල්ල තියෙන්නේ මෙතනටද .ආයෙමත් ඇස් දෙකම පිහදලා එතන තිබුණු සුදු පාට ලෑල්ලක නිල් පාට අකුරින් ලියල තියෙන ඒ ලොකු බෝර්ඩ් ඒක අයෙත් කියෙවුවා.


"පොලිසිය"


මාව කැලේ ඉඳලා අතින් අල්ලන් ඇවිත් තියෙන්නේ පොලිසියේ රාළහාමි කෙනෙක්.ඒත් ඇයි එයා මගේ හිතේ තියෙන බය නැති නොකළේ. මගෙන් විස්තර ඇහුවේ නැත්තේ.එතන තිබුණු කිසිම වාහනයක "පොලිස්" කියලා ගහල තිබුනෙත් නැහැ.ඒ රාළහාමිම මාව පොලිසිය ඇතුලට අරන් ගිහින් ලොකු මහත්තයාට මාව අඳුන්වල දුන්නා.මට කන්න පොඩි කෑම වගයක් දෙනවත් එක්ක හොඳට උණුවෙන් කිරිතේ එකකුත් ලැබුනා.මේ සියල්ල එකට ලැබෙද්දී හිතට වගේම මගේ ඇඟටත් දැනුන සනීපෙ විස්තර කරන්න බැහැ.මට නිදහසේ කෑමවල රස බලන ඉඩ ලැබුනා.එතනට තවත් රාළහාමි කෙනෙක් ආවා හැබැයි ඒ තැනීම නෙවෙයි.මට ඒක සැරේම පුටුවෙන් නැගිට්ටුනා.අංජන ඔයත් ඉන්නවද ඒ කියන්නේ අපි දෙන්නම බේරුනා.කොහොමද ඔයාව බේරුනේ.අර හොර පොලිස් හතර දෙනාට මොකද වුනේ. මට දුන්නු බනිස් ගෙඩියෙන් කැල්ලක් දෙනගමන් මං අන්ජනගෙන් විස්තර අහන්න පටන් ගත්තා.


"අපි කැලෙන් එලියට ඇවිල්ල මුන් මාව වහනෙක දාගෙන මගේ ඇස් ගැට ගහල අරන් ගියේ.එහෙම ගොඩක් දුර ගියා කොහේ යනවද කියල හිතාගන්නත් බැහැ.මට නොදනිම නින්ද ගියා.මට ඇහෙරෙද්දී වාහනේ තෙල් ගහන්න නවත්වලා කියලා  උන්ගේ කතාවෙන් තේරුනා.මං හිටපු ෂිට් එකෙන් නැගිටලා වට පිට බැලුවට මුකුත් පෙනුනේ නැහැ ඇස් ඒ වෙද්දීත් ගැට ගහල තිබුනේ. හැබැයි ආපු සද්ද වලින් එලිය වැටිලා වගේ තේරුණා.ඔලුව උස්සනවත් එක්ක එකෙක් මගේ ඔලුව පහත් කළා ෂිට් ඒක යටට. තෙල් පුරවාගෙන වැඩි දුර යන්න ලැබුනේ නැහැ වාහනේ නතර වුනා ඉස්සරහ හිටපු කෙනා දුවපන් කියනව විතරයි ඇහුනේ.ඒ එක්කම දොරවල් අරුනා.එත් කාටවත් දුවාගන්න ලැබුනේ නැහැ.ඔක්කොම අහුවුනා.මං හිතන්නේ තෙල් ගහන්න නවත්තපු තැනදී තමයි මාව කවුරුහරි දැකල තියෙන්නේ.මං මේ මහත්ටරුන්ට ඔක්කොම විස්තරේ කිවුවයින් පස්සේ තමා ඒ කට්ටිය කැලේ හොයාගෙන ගියේ."
                                       
                                                   
අපි දෙන්න බඩ පිරෙන්න කාපු නිසාද නැත්නම් හිතේ සතුටද නිදිමත පොඩ්ඩක්වත් දැනුනේ නැහැ.සැරින් සැරේ පොලිසියේම ඉන්න ඒක එක්කෙනා අපෙන් විස්තර අහන්න එනවා.එකම උත්තර  දීලා අපි දෙන්න ආයෙත් හෙම්බත් වුනා.එහෙම ඉද්දි කලින් කැලේ ළඟ නවත්වලා තිබුණු ලොරිය පොලිසියේ ඉස්සරහ නැවැත්තුවා.ඒක එක්කෙනා එලියට ගන්නවා.මුලින්ම අයෝමා පුරුෂය වගේ කෙන ඊළඟට ලොකු අයියා.ඒ පිලිවලට බස්සවද්දී අංජන හිටපු පුටුවෙන් නැගිටලා උන් ඉන්න පැත්තට දිවුවේ මටවත් අපේ වටේ හිටපු කාටවත් හිතාගන්න බැරි විදියට.අන්ජනගේ කේන්තියට වුන්ට තඩි බාන්නද මේ යන්නේ එහෙම මොනවා කලත් පොලිසිය අන්ජනගේ පැත්තේ මටත් හිතේ කිසි බයක් දැනුනේ නැ .මොකක්ද වෙන්නේ කියල බලන්න මාත් එතනට යද්දී අංජන හයියෙන් අඬනවා මට කිසි දෙයක් හිතා ගන්න බැරි වුනා.


ගුණසේන මාමා!!.


ඒ කියන්නේ ගුණසේන මාමා ඉන්නවා. වාඩියේ මිනිස්සු සේන කියල කථා කලේ අපේ ගුණසේන මාමාට වෙන්න ඕනේ .එතකොට කාලෙකට ඉහත කැලෙන්  අරගෙන අවේ මස් දියවුණු කෑලි ගැලවෙච්ච මිනීය කාගේද? මට කිසිදෙයක් තේරුම්ගන්න බැහැ.ගුණසේන මමත් හෙමිහිට අඬනවා.ඒක දකින  පොලිස් නෝනා කෙනෙකුගේත් ඇස් වල කඳුළු තිබුනා.


ඒ හැම ප්‍රශ්නයක්ම ටික ටික ඉවර වෙද්දී කාලෙකට පස්සේ ඒ සියල්ල අන්ජනගේ තාත්තා මාත් එක්ක කිවුවා.


"එදා මං කැලේට යද්දී මට නොදනිම පාර වැලහුනා.එහෙම ඉද්දි තමයි ලොකු අයියගේ ගෝලයෙක් මාත් එක්ක ඔට්ටුවෙන්න ආවේ.හෝරාවකට කිට්ටුවෙන්න අපි දෙන්න පොර බැදුවා.මිනිහගෙන් ගලවෙන්නම බැහැ.මටත් හොඳටම මහන්සියි.මට එතකොට මතක් වුනා ඉස්සර අපේ මුත්තා කියල දුන්නු පොඩි අඩියක් අල්ලන්න. මිනිහගෙන් බේරෙන්නම බැරි තැන දුන්න නිලයක් බලලම.එහෙම්මම පත බැවුනා බැවුනාම තමයි.එහෙම වෙද්දී උන්ගෙන් තව දෙන්නෙක් විතර මං ඉන්න තැනට ඇවිල්ල.උන් දෙන්න මට හොඳටම ගහල උන්ගේ තැනට මාව අරන් ගියා.එතන හිටපු ලොකු අයියා තමා ආතර් මහත්තයාගේ ගල් මෝලේ ඉඳලා සල්ලි වගයක් හොරකන් කරලා පැනල ගිය කොල්ලා.මිනිහ හින්ද තමා මාව නොමැරී බේරුනේ"

         ~~නිමී~~


බූත වනේ කතාවට පාදකවූ සත්‍ය සිද්දිය.


දවසක් මගේ මිතුරෙක් සමග වැඩිම දුරක් සරුංගලේ යවන්න ගත් උත්සාහයෙන් එය කැඩී ගොස් වැටුනේ මහා රූස්ස ගස් තියෙන කැලෙයකට.ඔහුත් මමත් ඒ කැලේට ගොස් නැවත එද්දී අපි ආ පාර මග හැරුනා වගේ දැනුනා.වෙනත් පාරක් සොයන එද්දී අපිට දකින්න තිබුනේ  රක්ෂිත වනයක් වූ එම රක්ෂිතයේ අනවසරයෙන් කෙරෙන  දැව ජාවාරමක්.ඒ සියල්ල බලගෙන කැලෙන් එලියට එන්න හැකි විදියක් කල්පනා කරද්දී ගමේ පංසලේ ඝන්ථිරේ සද්දේ  ඇහුනා.ඒ සද්දේ ආපු දිශාව පැත්තට ගිහින්  අපි කැලෙන් එලියට ආවා. 


~~අසාර්~~

58 comments:

  1. ඇති යන්තම් මේක දාලා...හොඳ අවසානයක් :) ඇත්ත සිද්ධියත් කියපු එක ලොකු දෙයක්...:)

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ පොඩි සිදුවීමක්.ඔයාලා ඉතින් ඉල්ලලා කරදර කරානේ ඉතින් ඉතුරු ටික නොදී කොහොමද

      Delete
  2. හෆෝයි.. මදැයි ඔයින් ගියා!

    ReplyDelete
    Replies
    1. අම්මෝ යන්තම් බේරුනේ.

      Delete
  3. ඇත්ත කතාවට ගොතල තියෙන්නෙ නිර්මාණයක් ලෙසටම...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාමේ හැමදාම වගේ අගය කිරීම ගැන.

      Delete
  4. උඹගේ නිර්මාණයනම් හරිම අපුරුයි...
    කතාව එක හුස්මට කියවල ඉවර කලා
    ඇත්ත කතාව වෙනම දැම්මේ නැත්නම් මේක ඇත්ත කතාවක් කියල හිතෙනවා

    උඹල අර හොර ලී ජාවාරම කාරයින්ව අල්ලලා දුන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං ලොකු...අර හොරුගන ඊට පස්සේ මතක වුනෙත් නැහැ.මොකද අපිට ඒ දේ ලොකුවට දැනුනේ නැහැ.වැලි ගොඩ දැමීම කසිප්පු ජාවාරම වගේ දේවල් ඒ කලේ පොලිසියේත් පොඩි පොඩි සම්බන්ධ කම තිබුනා.

      Delete
  5. ඒ කියන්නේ මේක ගොතපු කතාවක්ද??
    අන්තිමට තියෙන ටික විතරද ඇත්ත????:o

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි අන්තිම ටික විතරයි ඇත්ත.

      Delete
  6. හප්පේ........ මදැයි ඔයින් ගියා..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ තව පොඩ්ඩෙන් ඉතින් ඉවරයි..

      Delete
  7. එළ කතාව මචන්.... උඹ හොඳට කතාව ගොතලා තියනවා...

    තවත් ලියපන් මේ වගේ ඒවා...

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි ඇගයීම ගැන.සේනා ඉතින් හැමදාම සපෝර්ට් එකක් දෙනවා නේ.

      තව කතාවක් ලියන්න උත්සහයක් ගන්නම් එත් දැම්ම නෙවෙයි සහෝදරයා.

      Delete
  8. සිරා මචං. ගුණසේන මාමා ආපු එක හොදයි. නැත්තම් අංජන පව් බං..

    තව ස්ටෝරියක් ඕනේ..

    ReplyDelete
    Replies
    1. අන්ජනයි අම්මා අක්කා හැමෝටම දැන් සතුටුයි.

      Delete
    2. අපිටත් සතුටුයි බොල කතාව හොදින් අහවර වුණ එකට.

      ලවු ස්ටෝරියක් දාපං කෝ..

      Delete
    3. ලවු ස්ටෝරීස් ලියන්න කිසිම අදර හැඟීමක් ඇතිවෙන්නේ නැහැ බොල.ඉතින් කොහොමෙයි කතා ලියන්නේ පුග්...

      Delete
  9. හෆ්ෆා අපිව මේ භූත කැලයෙන් එළියට අරගෙන.. :D කතාවට හොඳ අවසානයක් දීලා අයියා.. ගොඩක් ලස්සනයි.. සුබ පැතුම් තව තවත් නිර්මාණ කරන්නට.. :)

    ReplyDelete
    Replies
    1. ඔයාල ටික දවසක් කැලේ ඇතුලේ හිරවෙලා හිටිය නේ.තව එකක් ලියන්න උත්සහයක් ගන්නම්.

      Delete
  10. කථාව අන්තිම කොටසට ආව නිසා එක හුස්මට කොටස් ඔක්කොමකියවගෙන ගියා..

    එල මචන්... නියමයි සුපබ්... අන්තිම කොටසේ විතරයි කමෙන්ට් කලේ හොදේ,,

    අර ලි ජාවාරම ගැන ඔත්තුවක් දුන්නේ නැද්ද ඉතින්

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් නොකලට මොකද කතාව කියෙවුව නේ.ස්තුතියි මචං.

      නැ බං ඒ කාලේ පොඩියිනේ ඉතින් ඒවා ගැන එච්චර හිතුවේ නැහැ.

      Delete
  11. ෂා නියම වීර ක්‍රියා ලියන්නෙක්නෙ. නරකද පොතක් ලිව්වොත්.....

    ReplyDelete
    Replies
    1. අෆොයෝ පොත් ලියන්න.එකේ වීරයා අංජන.අපි අන්ජනටම කියමු පොතක් ලියන්න කියලා.

      Delete
  12. අම්මෝ.. අපෙන් බැනුම් අහලා හරි අන්තිම කොටසත් ලියලා සාධාරණයක් ඉශ්ඨ කල එක හොදයි!!! :) නියම වීරක්‍රියාව!!!හොද අවසානයක් දීලා..තවත් මෙහෙම කතා ලියන්න ඉස්සරහටත්.. ජය වේවා අයියෙ!!

    ReplyDelete
  13. කතාව පරක්කු උනේ ඔයාලගේ බැනුම් නිසා මට උණ හදුනනේ.ඊට පස්සේ හොඳ වුනුගමන් මේ දැම්මේ.

    තවත් කතාවක් ඉල්ලුව නිසා මං ඇත්තටම අසාරණ වෙලා වගේ.

    ReplyDelete
  14. දැන් එතකොට මේ හෙන බොරුවක් නේද රස කර කර කියල අපිවත් නොමග යවල තියෙන්නෙ..??..බොරුකාරයාආආආ......!!!!!

    ReplyDelete
    Replies
    1. බනින්න එපා.....අන්තිමට හරි මඟට ගත්තනේ.

      Delete
  15. ම්ම්ම්ම් මේ තියෙන්නෙ කතා... එක හුස්මට කියවගෙන ගියා.. හරි හරි.. බූත වනේ අවසානයි.... දැන් ඊළඟ කතාව !!!

    ReplyDelete
    Replies
    1. ඊළඟට නේද? හිතන්නවත් එපා.කතා ලියන්න බැහැනේ මට

      Delete
  16. ටිකක් සංස්කරණය කරලා යොවුන් නවකතාවක් විදියට ප්‍රින්ට් ‍කළොත් හොඳයි නේද..?

    ReplyDelete
    Replies
    1. මේ කතාව ප්‍රින්ට් කරන්න.එච්චර හොඳයිද? ස්තුතියි මාව අගය කිරීම ගැන..

      Delete
  17. ඇත්ත සිද්ධිය එක්ක කතාව අපූරුවට ගලපල....නියම කතාව....අසරණ අයියා....... වන් මෝ වන් මෝ.....

    ReplyDelete
  18. වන් මෝ...අම්මෝ...ඇයි මාව මේ විදියට අසරණ කරන්නේ.හික් හික්..

    ReplyDelete
  19. සිරා කතාව.. එදා අවසන් කරපු තැනට වඩා අපේ තර්ජන හමුවේ මේ කොටස දාපු එක හොදයි.. දැන් අපි ඇත්තටම උනේ මොකක්ද කියලා දන්නවා.. පොඩි සිද්දියක පදනම් වෙලා මේ වගේ සුන්දර කතාවක් ලියන්න ගත්ත උත්සාහය සාර්ථකයි අයියේ.. නියමයි..

    ReplyDelete
  20. උඹලගේ වචන නිසාතමයි මගේ බ්ලොග් එකත දාන පොස්ට් එකක් සාර්ථක වෙන්නේ.

    ස්තුති යාළුවා..

    ReplyDelete
  21. Replies
    1. ස්තුතියි යාළුවා..

      Delete
  22. ඇත්තටම අසරණයෝ, ලිවිල්ලට ගියාම නම් ඔයා අසරණ නෑ කියල පැහැදිලිවම පේනව.... අනිත් අයගෙනුත් ලොකු ඉල්ලීමක් තියෙන එකේ නරකද අර කිව්වත් වගේ තව කතාවක් ලියන්න ගත්තොත්.... :D

    ReplyDelete
    Replies
    1. මගේ නිර්මාණයක් ඇගයිමතරම් සතුටක් වෙන නැහැ.ගොඩාක් සතුටුයි.එත මේ හැමෝම ඉල්ලා දේ නිසා මං අසරණ වෙලා ඉන්නේ.එක සැරේම සිතුවිල්ලක් ආවගමන් අයෙත් කතාවක් ලියන්නම්.නිර්මාණාත්මක අදහස් ගලාගෙන එන්නේ හරි අඩුවෙන්.

      Delete
  23. පොඩි සිද්ධියකින් ලොකු කතන්දරයක් ගොතල තියෙන්නෙ. හොදයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්..තවම නෝනා හැක් කරලද?වැඩියේ යන එන තැනකදීවත් පෙන්න හිටියේ නැහැ.

      Delete
  24. tawa ekaaak liyamu kathawa mara lassanai giya sare dapu kotasin mamat atharaman wela hitiye me kotasat ekka serama hari niyamai aaaaa atta kathawat antimata liwwa eka hodai..........hoda nirmanatmaka hakiyawak elaaaaaaaa digatama kathawakut liyamuu

    ReplyDelete
    Replies
    1. ගැමියා ස්තුතියි.කලින් සැරේ හැමෝම බැන්නනේ ඉතින් ඉතුරු ටික ආමාරුවෙන් ලිවුවා.

      Delete
  25. තව පොඩ්ඩෙන් මේක මිස් වෙනවා....මාර සීන් එකක් නේ...ඔය කිව්වත් වගේ ලියපංකෝ තව එළ සීන් එකක්...

    ReplyDelete
    Replies
    1. ඒත් මං බැලුව මොකද පරක්කු කියලා.තව කතාවක් ලියන්න දැම්මම අදහසක් නැහැ.ඒත් හැමෝම කියන නිසා බලමු නේ මචං.

      Delete
  26. හැමෝම වගේ ලව් ස්ටෝරි ලියන එකේ නරකද වෙනින් මාතෘකාවක් තොරගත්තොත්. මේ ලියපු එක වගේ පුංචි කාලෙ සිදු වුනු දෙයක්. එහෙමත් නැත්නම් අද සමාජයේ නිතර අහන්න දකින්න ලැබෙන දෙයක්. එහෙමත්ම නැත්නම්...ම්...ම්...ම්.... මම තවම කල්පනා කරනවා. :D

    ReplyDelete
    Replies
    1. සින්දු අක්කේ ආයෙත් මොනවා හරි ලියන්න උත්සහයක් කරන්නම්.බලමු නේද ඉදිරියේදී හොඳ දෙයක් ගැන ලියන්න.

      Delete
  27. මේ කතාවෙ අවසානය ලස්සනට හදල තියෙනව.ඇත්ත සිද්දියත් එක්ක කතාව අලුතින් ලස්සනට ගොතල.සුභ පැතුම්....!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා.

      Delete
  28. ලස්සන කතාවක් අසාර්.. ඉවර නොකර තව ටිකක් ලියන්න තිබ්බේ... ඔයා දැන් "අසාර්" විදියටම රෙජිස්ටර් වෙලා.නේද..

    ReplyDelete
    Replies
    1. තව දිගට ලිවුවොත් කට්ටියට එපා වෙයිනේද.ඔයානේ මට මේ නම දැම්මේ.ඉතිං හොඳයි නේ හික් හික්........

      Delete
  29. බූත වනේ කොටස් 2කම එක පාර කියවන්න වුනේ..ලස්සනයි..එතකොට මේ කතාව මුල් ටික සත්‍ය සිදුවීමක්.. :O

    ReplyDelete
    Replies
    1. කතාවේ අන්තිමට ලියල තියෙන ටික සත්‍ය සිදුවීමක්.ඉතුරු ටික ගොතපු කතාවක්.

      Delete
  30. හොද වෙලාවට ඉතුරු කොටසත් දැම්මේ. නැත්තන් මගෙන් ගුටි කනවා

    ReplyDelete
    Replies
    1. අම්මෝ.. මෙයාගේ සැර මං බය වුනා.

      Delete
  31. කතාවනම් නියමෙටම නියමයි අය්යේ,,,,,,,අදහසක් නැද්ද පොතක් එහෙම ලියන්න,,,,හැබැයි ලියුවොත් නම් ගොඩක් ෆේමස් වෙයි හොදේ,,,,,,කතාව නම් ඇත්තටම ගොඩක් ලස්සනයි,,,,,keep it up,,,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාගේ අදහසට. ඒත් මම හිතන්නේ නැහැ මට ඒ හැටි හැකියාවක් තියේද කියල සතුටුයි කතාව අගය කිරීම ගැන හා රසවින්දට

      Delete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...