5 Dec 2011
කුකුළා උඹට නිවන්සුව!!!...
මගේ ජිවිතේ 3 වසරට වෙනකන් හරි සුන්දරයි.ඒකට හේතුව මං පොඩි ළමයෙක් නිසාමත් අපේ පුංචි අපිත් එක්ක හිටියා නිසාත්,තව තව සිදුවීම් නිසා. අම්ම ගහද්දි අපිව බේර ගත්තේ, අපිත් එක්ක සෙල්ලම් කරේත් පුංචි .කාලෙකට පස්සේ එයා මොකක්ද විභාගයක් පාස් උන නිසා කොළොඹ රස්සාවකට ගියා.ඊට පස්සේ මගේ ජිවිතේ "අදුරුයි, ගුප්තයි,හරියට ලෙනක් වගේ රයිට් " මං ඉස්කෝලේ ගිහින් ගෙදර ආපු ගමන් ගෙදරමයි ඉන්නේ.මට ගමේ යාලුවෝ නැහැ ගමේ හැමෝම ගමේ ඉස්කෝලෙට යද්දී මං ගියේ බයිසිකලෙන් ටිකක් ගිහින් පාලමකින් එගොඩ වෙලා බස් එකෙනුත් ගිහිල්ල බැහැල එතනින් පයින් ගිහාම තියෙන ඉස්කෝලෙකට. අපේ අම්මා මං හොඳ ඉස්කෝලෙකට දාන්න ඇත්තේ මං ලොකු මිනිහෙක් කරන්න හිතාගෙන වෙන්න ඇති.එත් බැරි උනා සමාවෙන්න අම්මේ .මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එන වෙලාවට ගමේ කොල්ලෝ කුරුට්ටෝ සෙල්ලම් කරනවා ගමේ ඉස්කෝලෙට ගියාම තියෙන වාසි ඒවා මොකද ඉක්මනින් ගෙදර එන්න පුළුවන් නේ .මටත් සෙල්ලම් කරන්න ආසයි උන් එක්ක එත් උන් මාව ගණන් ගන්නේ නෑ. මාත් ගණු ළමය වගේ ගෙදරමයි හිටියේ.මගේ යාලුවෝ ඔක්කොම හිටියේ අනෙත් ගමේ ඉතින් පොඩි එකා නිසා කොහෙවත් යන්න දෙන්නෙත් නෑ .අක්කයි මමයි සෙල්ලම් ගෙවල් දානවා මං පොඩි එකා නිසා මට වුනේම අසාධාරන කම්. මට දෙන්නේ එක චරිතයි.අම්මගේ චරිතේ විතරයි තාත්තගේ චරිතේ,අල්ලපුගෙදර මාමගේ,නැන්දගේ,පොඩි බබාගේ,හැම චරිතයක්ම එයා තනියෙන් කරා.මං අම්මගේ චරිතේ කරන නිසා අක්ක මට එයාගේ ගවුන් අන්දවල ඉන්න දෙන්නේ එය හරි කපටියි .උපතින් කොල්ලෙක් උනත් පහු කාලීනව ගෙදර කෙල්ලෙක් බවට මටත් නොදනිම පත් උනා
ඒ කලේ මගේ හැම යාලුවෙකුටම ගෙදර ඇති කරන්න බල්ලෙක්,පුසෙක් ගිරවෙක් ,මලු ටැංකියක් හෝ මොනවා හරි දෙයක් තිබුන .ගෙදර හිටපු බල්ලත් හඳුනා නොගත් රෝගයකින් මැරිලා ගොඩක් කල්. මේ එකක්වත් මට තුබුණේ නෑ ගමේ යාලුවෝ සෙල්ලම් කරන ඒවා බලාගෙන ඉන්නවා මව එයාල ගන්නෙත් නෑ මන් වෙනත් ස්කොලෙකට යන නිසා.අම්ම මව යවන්නෙත් නේ මොකක් හරි හේතුවක් නිසා.
ඉස්සර හැම දාම වගේ අපේ ගෙදරට එනවා "රාජ මාමා". රාජ මාමා කියන්නේ අපේ තාත්තගේ හොඳ යාලුවෙක්.
"පිරිමි දෙන්නෙක් වෙලත් මොනවාද ඔච්චර කතා කරන්නේ හරියට ගැණු ඕපාදුප කතා කරනවා වගේ"
අපේ අම්මට ඒ දෙන්නගේ හිනාවෙවී කතා කරන එක දිහා බලන් ඉන්න බැරි ඉරිසියාවෙන් ඇහුවා
"මොනවා කතා කරන්නද උතුරු නැගණහිර ප්‍රශ්නේ , ගාසා තිරයේ අර්බුදය.ජම්බු කාශ්මීර් යුද්දේ ඕව තමා කතා කරන්නේ"
ඒ රාජ මාමා අපේ අම්මගේ ප්‍රශ්නෙට දීපු උත්තරේ.ගොළුව කසාය බිවුවම මුණ හැඩ කරනවගේ හැඩයක් අපේ අම්මගේ මූණෙන් මං දැක්කා.එත් මොනවත් නොකිය හිටියේ අහපු මෝඩ කම කියල හිතුනු නිසා වෙන්න ඇති.
අපේ පුතා ඇති කරන්න මොකෙක් හරි සතෙක් ඉල්ලනවා රාජ මල්ලි නැද්ද දන්නා තැනක ගිරවෙක්? .මං අම්මගේ අගේ දැවටී දැවටී මාස ගානක් අම්මගෙන් ඉල්ලපු දේ අම්මා හොයල දෙන්න හදන්නේ.මං ආසාවෙන් හිටියේ මලු ටැංකියකට එත් අම්මා ගිරවෙක් ගෙනල්ල දෙන්න හදන්නේ .මොකෙක්වත් නැති මට කාක්කෙක් වුනත් හොඳයි කියල මං හිතාගෙන හිටියේ. "හිරවෙක් නැහැ දන්නා තැනක ඉන්නවා ටිකක් දුබුරුයි ඇස් රතු කුරුල්ලෙක්". මටත් හරි ආස හිතුනා මොමක්ද මාමේ ඒ කුරුලගේ නම මට ඉවසුන් නැතුව පැනපු ගමන් ඇහුවා ආ ..මේ .. "ඇටිකුකුලෙක්" නේ.. හැමෝම කොක් හඬලා හිනා වෙද්දී මන් ලජ්ජාවෙන් සෙරප්පු දෙකක් වත් නැති මගේ කකුලේ මාපට ඇඟිල්ලෙන් පොලොව හැරුවා ගැඩවිලෝ මතුවෙනකන් .මට හරියට ලජ්ජා හිතුන එදානම්! . ඇයි හොඳ නැද්ද ජම්බු කොට්ටෝරුවෙක්,මුගලන් බස්සෙක්,උන් හොඳ ලස්සන කුරුල්ලෝ තාත්ත හරි කුරිරු විදියට මට විහුලු කලා. හරි අක්කේ මං බලන්නන් රාජ මාමා මගේ හිත හදන්න වෙන්න එති එහෙම කිව්වේ .මං සත්තු ඇතිකරන අදහස නැවැත්තුව.
දවස් තුන හසරකට පස්සේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එන වෙලාවේ පුංචි කිවුව "ඔයාට අද තෑග්ගක් දෙනවා පුලුවන්නම් කියන්න!". මට අවුරුද්දට දෙසරයයි තෑගි ලැබෙන්නේ. ඒ සිංහල අවුරුදටයි උපන්දිනේටයි ඉතින් අද ඒ දෙකම නෙවෙයි.ඉතින් මොකද මට දෙන තෑග්ග මං පොඩි ඒකා නිසා මට මොනවත් හිතා ගන්න බැරි උනා ."කුස්සියට ගිහෙල්ල බලන්න " පුංචි එයාගේ ලොකු ඇස් තවත් ලොකුකරගෙන එහෙම කිවුවම මං දුවල ගිහෙන් කුස්සියේ බැලුව.මට ඇතිකරන්න සතෙක් ගෙනල්ල වතුර තිබහට ගොන් තැඹිලි ගෙඩියක් ලැබුන වගේ සතුටක් මට ඇති උනේ.ඌ "කුකුලෙක්" ලස්සන කුකුලෙක් දැන් මට ඉස්කෝලේ ගිහෙන් රචනා ලියන්න පුළුවන් කුකුළා ගැන යාළුවන්ට කියන්න පුළුවන් කුකුළා ගැන දැන් මට හරි සතුටුයි.
මං ඉස්කෝලේ ඇරුන ගමන් ගෙදර එන්නේ කුකුලත් එක්ක සෙල්ලම් කරන්න.කුකුලෙක් එක්ක මොනවද තියෙන සෙල්ලම් මගේ යාලුවෝ මට විහිළු කරා. මං කන වෙලාවේ කුකුළා මගේ ලගින්ම හිටියා මගේ පිගානෙන් වැටෙන මාත් ඇට අහුලන් කන්න.කාලා ඉවර වෙලා උබව වඩාගන්න මං වත්ත වටේම උබේ පස්සෙන් දියුවා එක දවසක් දුවනගමන් වැටිලා තොල කැඩිලා කෑම කන්නත් බැරුව හිටියා මතකද?. ගමේ කොල්ලෝ සෙල්ලම් කරන දිහා මං බොඳ වුනු ඇස් දෙකින් බලන් ඉන්න එක නැවැත්තුවා අක්කත් එක්ක සෙල්ලම් ගෙවල් දාන ඒක නැවැත්තුව අක්කගේ ගවුන් ඇදන් සලේ මැද නටපු එක නැවැත්තුව.මේ හැම දෙයක්ම උනේ උඹ නිසා කුකුලෝ.මං අයෙත් ගෙදර කොල්ලෝ උනා. අපි කාලයක් හොඳම යාලුවෝ වගේ හිටියා. මගේ ඉස්කෝලේ යාලුවෝ වගේ නෙවෙයි උඹ කවදාවත් මගේ වැරදි ගුරුවරුන්ට කිවුවේ නෑ වාඩි වෙද්දී පුටුව පස්සට ඇදල මාව බිම වැට්ටුවේ නෑ. මං උඹට කතා කරපු ගමන් මගේ ලඟට ආවා ඒ මට තියෙන ලෙන්ගතු කමටද නැත්නම් මං දෙන බත් කන්නද කියලා මං කවදාවත් උඹෙන් ඇහුවේ නෑ.උඹ හැම දාම හවස 6 වෙද්දී රෑ නිදාගන්න දෙහි ගහට නැගල නිදාගන්නවා.දවසක් හොරෙක් ඇවිල්ල උඹව අරන් යන්න හදද්දී උබ කෑ ගැහුවා එදානම් මං හොඳටම බය උනා කුකුලෝ උඹ මට නැතිවෙයි කියලා.ඊට පස්සේ උගුඩුවන්ගෙන් අපේ ගමේ ඉන්න කුකුල් හොරුන්ගෙන් උඹව පරිස්සම් කරන්න ඕන නිසා කුස්සියට දල රෑට දොර වහලා අපි නිදා ගත්තේ.ඒ කාලේ උඹ උදෙන්ම නැගිටලා හඬලන නිසා මට නිදාගන්න බැරිවෙනකොට මට තරහ ගිහිපු දවසක "මෝඩ කුකුළා" කියලා මං බැන්නා ඒ කාලේ කුණුහරුප දන්නේ නෑ මං දැන් වගේ.මං උඹේ බිත්තර කන්න ආසාවෙන් හිටියේ මං හැම දාම තාත්තාගෙන් උඹේ බිත්තර කොහෙද කියල ඇහුවම උදේන් නැගිටින ළමයින්ට විතරයිලු උඹේ බිත්තර දෙන්නේ ඉතින් මං උදේන්ම නැගිටලා උඹ මිදුල පුරාම දාල තියෙන කුකුල් බෙටි පාග,පාග උඹේ පස්සේ ගියා, උඹ ලැගලා හිටපු තැන් අවුස්සලා බිත්තර හෙවුවා එත් කවදාවත් මට උඹේ බිත්තර කන්න ලැබුනේ නෑ.පස්සේ දවසක තාත්තා කියලා දුන්නා බිත්තර දාන්නේ කුකුලෝ නෙවෙයි කිකිලියෝ කියල.එදයින් පස්සේ මං වෙනද වෙලාවටම නැගිට්ටා.
අපේ ගම වටේ වී පපුරපු දවස් වල උඹ ගෙදර හැමෝටම හොර කුඹුරුවලට බැහැල හොරෙන් වී අහුලාගෙන කනවා අපේ කුඹුරට එහා කුඹුර අයිති පීටර් මාමගේ විත් උඹ කැවා නේද? ඒකට අපිට බැන්නා.මං එදා හවසම උඹ උදේන්ම යන නිසා රැ නිදාගන්න කලින් කඹයකින් උබේ කකුල ගැට ගහල අනෙත් කෙලවර දෙහිගහ මුල ගැට ගැහුවා හරක් බල්ලෝ විතරයි කඹවලින් ගැට ගහන්නේ එත් මං උඹවත් එහෙම ගැට ගැහුවා.ඒකට උඹ මාත් එක්ක තරහ උනාද.ඒක දවසක් උදේ බලද්දී කඹේ පැටලිලා තනිකකුලෙන් එල්ලී එල්ලී වටේට කරෙකෙනවා දැකල මං හොඳටම බය උනා.එදායින් පස්සේ උඹව ආයෙත් ගැට ගැහුවේ නැහැ නේ.උඹ හොරුන්ගෙන් පරිස්සම් කරන්න ඕන නිසා ගෙට ගන්න හරි අමාරු උනා.තාත්තා උබව අල්ලන එද්දී උඹ අමාරුවෙන් මිදුලේ තියෙන අලිගැටපේර ගහට පියෙබුව නේ කුකුලෙක් පියඹනවා දැක්කේ ඉස්සෙල්ලම එදා.තාත්තා හරි අමාරුවෙන් පොල් වළල්ල කකුල් දෙකට දාගෙන ගහා දිගේ බඩගාගෙන ගහට නැග්ගේ ඒක දිහා බලන් හිටපු අක්කයි මමයි ගෙට දුවල ගිහිල්ල ඇඳේ තිබුණු මෙට්ටේ ගෙනල්ල ගහ මුලට දැම්මේ තාත්තා වැටිලා තුවාල වෙයි කියන භයට.තාත්තා උඹ හිටපු අත්තට එනවත් එක්ක උඹ එතන තිඹුණු අනෙත් ගහට පියාබුවා ඉතින් තාත්තා අයෙමත් ඒ ගහටත් අමාරුවෙන් නැග්ගා එදා කරුවල වැටෙනකන් ඒක දිගටම තාත්තා ගස් නැග්ගා.
මං උඹ ලැගලා හිටපු තැන් වල වැටිලා තුබුණු උබේ ලස්සන පිහාටු එකතුකරා ඒවා මං ඉස්කෝලේ ගිහිල්ල කොල්ලන්ට විකුණුවා.මං උඹව අල්ලගත්තම හැලෙන්න ඔන්න මෙන්න වගේ තිබුණු ඒවත් ගලවල ගත්ත. ඒ වෙලාවට උඹ වේදනාවෙන් කැගැහුවට මට ඒ කාලේ හිතුනේ නෑ රිදෙන නිසා කෑ ගහන්නේ කියලා උඹේ පෙඳේ තියෙන දිග පාට පාට පිහටුවට තමා කොල්ලෝ ගොඩක් ආස. මං ඒක රුපියල් දෙකකට සිංහල උගන්නන මිස්ගේ පුතාට විකුණුවා.මං ඒ සල්ලි වලින් පොහොසත් උනා.අම්මා උදේට අක්කටයි මටයි රුපියල රුපියල දෙන්නේ. අක්කා රුපියලේ අයිස් පැකට් කද්දී මං රුපියල් දෙකේ ඒවා කෑවේ.ඒ උඹ නිසා මං ඒවා කන දිහා අක්කා අඬ අඬ බලන් හිටියා.මං අනිත් කොල්ලොන්ට වඩා පොහොසත් කොල්ලෙක් උනා. ඉස්කෝලේ ඉතින් මට යාලුවෝ ගොඩක් හටිය මං උන්ට අරන් දෙන සත පනගේ හකුරු කෑල්ලට පෙරේත කමේ මං යන එන තැන් කොල්ලෝ මගේ පස්සෙන් ආවා ඒ උඹ නිසා කුකුලෝ.
ඔහොම ටික කාලයක් යද්දී මට තේරුණා කුණාටුවක ලකුණු පහල වෙනවා අහස කළු උනා මහා විනාසයක් වගේ දැනුනා උඹ මට නැති වෙන්නයි හදන්නේ .දවසක් රාජ මාමා ආවා උඹව ගෙනියන්න තාත්තත් එක්ක කතා කරන ගමන් අම්මට ඇහිලා තිබුන අද රැට උඹව මරන්න හදන්නේ ඒ උඹේ අයිතිකාරයා. අම්මා උඹව කුස්සියේ පෙට්ටියක් අස්සේ හංගල උඹව බේර ගත්තා.එත් එක දවසයි.අනෙත් දවසේ උඹ අතටම අහු උනා.අනේ කුකුලෝ මට අඬනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.එත් උඹ අපිට අයිති නැහැ.අක්කගෙයි මගෙයි විලාපය මැද්දේ රාජ මාමායි උඹේ අයිතිකරයයි උඹව අරන් ගියා ගිනි වතුර බොනගමන් උඹේ රස බලන්න.මං ඊට පස්සේ අවුරුදු 15 කට පස්සේ කොළඹ රස්සාවට එනකන් කුකුළු මස් කෑවේ නෑ. හිත පිත් නැති මිනිස්සු උඹේ රස බැලුවට මට ඒ තිබුණු කේන්තියට මං උඹලගේ සන්වරේ උන්ගේ මස් වල රස බැලුවේ නෑ.
අන්තිමටම උඹේ පෙඳෙන් ගලවගත්තු පිහාටුව විකුණලා ගත්තු සල්ලිවලින් රුපියල් දෙකේ අයිස්ක්‍රීම් ඒක කෑවේ සුමනේ මාමගේ කඩේ ඉස්සරහ තිබුණු කොට්ටම්බා ගහ දිහා බලාගෙන හරිම දුකෙන් .ඊට පස්සේ අක්කයි මාමායි දෙන්නම රුපියලේ පැකට් කෑවේ.
යාලුවෙක් නැති කලේ යාලුවෙක් උනේ මට උඹ
ගණු ළමයා වගේ ගෙදර ඉද්දි කොල්ලෙක් වගේ වත්තේ දුවන්න පනින්න ඉගන ගත්තේ උඹ නිසා කුකුලෝ
ඉස්කෝලේ පොහොසත් කොල්ලෙක් උනේ උඹ නිසා
හකුරු වලට පෙරේත කොල්ලොන්ගේ විරය උනේ මං.මගේ පස්සෙන් උන් එද්දී මං ඉස්සරහින් ගියේ වීරයෙක් වගේ
උඹ නැතිවෙලා ටික දවසකින් හිටපු කොල්ලෝ එකා දෙන්න මාව දාල ගියා.
මේ හැම දෙයක්ම ලැබුනේ උඹ නිසා උඹ ඒ කරපු පිනෙන් උඹ කුකුල් ආත්මෙන් මිදිලා මනුස්ස ආත්මයක් ලබන්න ඇතයි කියලා ඒ කාලෙම මගේ පුංචි මොලේට හිතුනා
කුකුළා උඹට නිවන්සුව!!!...
Labels:
පොඩි කාලේ
Subscribe to:
Post Comments (Atom)
අනේ මට හරියට දුක හිතුනා :(( ඇස් වලට කළුත් ආවා...හරිම සංවේදී සටහනක්. මටත් හිටිය ෂෝයි බව පැටියෙක්, පුංචි කාලේ ඉදන් මම ගොඩාක් ලොකු වෙනකම්ම,අනේ දවසක් එයා නැති වෙලා. අපි ගේ හැමතැනම හෙව්වා, එයා හරිම ලස්සනයි, අර ඩියුලක්ස් බව්වෙක් වගේ. කව්රුහරි එයාව අරන් යන්ද ඇති, අපි පත්තරේ ඇඩ් එකකුත් දැම්ම, එත එයාව හම්බුනේම නැහැ, ඉති එදා ඉදන් අඩ වෙනකම් අපේ ගෙදර සුරතලේක්ව අතිකෙරුවේ නැහැ :(((
ReplyDeleteමට මේක කියුවම මතක උනා, මමත් ඉස්සර මගේ මල්ලියට ගවුම් අන්දනවා. ලිප්ස්ටික් ගානවා. එයා ඔහේ ඉන්නවා.මට බනින්නෙවත් නැහැ, ගහන්නේවත් නැහැ, හැමදාම එයා තමයි අපේ සෙල්ලම් ගෙදර මුරකාරයා, මම අම්මා, එහා පැත්තේ ගෙදර ඉන්න අක්කෑ තමයි තාත්තා,, හිහි, මාව සුන්දර අතිතෙකට ගෙනිච්චා අසරණයෝ ඔයාගේ මේ සටහනට මම ගොඩාක් ආදරෙයි....
කුකුල් බිත්තර මං කවදාවත් දැකල නෑ
ReplyDeleteමමත් ඔයාගෙ කුකුලට නිවන් සුව පතනවා!
ReplyDelete"මේ කමෙන්ට් එක වර්ණාගේ මොකක්හරි දෙයක් නිසා පෙන්වන්නේ නෑ" = අනේ මට හරියට දුක හිතුනා :(( ඇස් වලට කළුත් ආවා...හරිම සංවේදී සටහනක්. මටත් හිටිය ෂෝයි බව පැටියෙක්, පුංචි කාලේ ඉදන් මම ගොඩාක් ලොකු වෙනකම්ම,අනේ දවසක් එයා නැති වෙලා. අපි ගේ හැමතැනම හෙව්වා, එයා හරිම ලස්සනයි, අර ඩියුලක්ස් බව්වෙක් වගේ. කව්රුහරි එයාව අරන් යන්ද ඇති, අපි පත්තරේ ඇඩ් එකකුත් දැම්ම, එත එයාව හම්බුනේම නැහැ, ඉති එදා ඉදන් අඩ වෙනකම් අපේ ගෙදර සුරතලේක්ව අතිකෙරුවේ නැහැ :(((
ReplyDeleteමට මේක කියුවම මතක උනා, මමත් ඉස්සර මගේ මල්ලියට ගවුම් අන්දනවා. ලිප්ස්ටික් ගානවා. එයා ඔහේ ඉන්නවා.මට බනින්නෙවත් නැහැ, ගහන්නේවත් නැහැ, හැමදාම එයා තමයි අපේ සෙල්ලම් ගෙදර මුරකාරයා, මම අම්මා, එහා පැත්තේ ගෙදර ඉන්න අක්කෑ තමයි තාත්තා,, හිහි, මාව සුන්දර අතිතෙකට ගෙනිච්චා අසරණයෝ ඔයාගේ මේ සටහනට මම ගොඩාක් ආදරෙයි....
කවදාවත් කාගෙන්වත් නොඇහැව්ව වෙනස්ම කතාවක් සහෝ. හුරතලා ගැන රචනා ලියන්න ඕන තරම් ඔබට කරුණු තියෙන්න ඇති.. :)
ReplyDeleteමේ කල හොඳ දේවල් වලින් හුරතලා ලබන්න හැකි උපරිම ඵල ලබලා ඇති සහෝ. :)
ඔය පුංචි කාලෙ සෙල්ලම් කරන්න ගියාම හරි හරි ප්‍රශ්න ඇතිවෙනවා.... ලොකු එවුන් එක්ක සෙල්ලම් කරන්න හදනකොට අපි උන්ට පොඩි එවුන්.... ඒ හින්ද උන් අපිව උන්ගෙ සෙල්ලම් වලට ගන්නෙ නෑ.... පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න යනකොට අපිව උන්ට ලොකු වැඩියි..... ඒ නිසා ගන්නෙ නැහැ.... මටත් ඔහොම අනන්තවත් වෙලා තියෙනවා හරියටම ගැලපෙන සෙට් එකකට ඈඳෙනකම්....
ReplyDeleteඅසරණයගෙ කුකුල් කතාව කියවනකොට හරිම දුක හිතුණා....අසරණයත් පව්...කුකුළත් පව්..... අර කුකුළව අල්ලන්න තාත්තා මුළු දවසෙම ගස් නැගපු කතාව මරු..... :)
රාජ මාම වගේ වැඩිහිටියන්ට, ඔය විදියට පොඩි එකෙකුගෙ හිත තලන්න පුලුවන්ද?
ReplyDelete@වර්ණා = ඔයත් ඔයාගේ මල්ලිට මං විඳපු දුක උරුම කරද?.එත් ඔයාගේ බවුවට උණු දේ ගැන මට දුකයි
ReplyDelete.................................................................................................................................................................
@තනිඅලිය = ස්තුතියි යාළුවා
.....................................................................................................................................................................
@නාන්දු = මට වෙලා තියෙන සිදුවීම් කාටවත් වෙලා නෑ සහෝදරි .මටත් හිතෙනවා ඒ කුකුළා දැන් බ්ලොග් ලියන කෙනෙක්ද දන්නේ නෑ
..................................................................................................................................................................................................................
@Miuru = ඔව් අපේ තාත්ත රෑ වෙනකන් ගස් දෙක අතරේ මාරු උනා පව් අප්පා !!
...............................................................................................................................................................................................................
@Observer = කුරිරුයි අයියේ මේ සමාජය.ස්තුතියි අය්යා මේ පැත්තේ අවට
අනේ ඔව් මගේ බ්ලොග් එක නැති වෙලා තිබුනා. දැන් හොයාගත්තා. දැන් හරි :)))
ReplyDeleteAsarana malliye..... bohoma dukai kukula gana... hondata liyala thiyenawa kollo...
ReplyDeleteTharaha awasara ,,,, Uba asarana wela unna wage maath asarana wela.... Ane mage blog eka develop karaganna upakarayak dunnanam.... dan mata eka epppppppaaaaaaaaaa wela ...... :( :(( i don't have enough knowledge abt blogging .... my blog is www.malmitiyawatha-sammani.blogspot.com
ඔව් ඔව් , මගේ බ්ලොග් එක නැති වෙලා තිබුනා,, දැන් හම්බුනා. :)))
ReplyDeleteමටත් හිටියා හරිම ලස්සන සුදුම සුදු හා පැටියෙක්..හරිම මහතයි එයා..ගොඩාක් ලස්ස්නයි..ඒත් අපි ගෙදර නැති දවසක එයා කව්දෝ අරන් ගිහින් තිබුනා..කොච්චර හෙව්වත් අපිට කිසිම තොරතුරක් ලැබුනෙ නැහැ..එදා ඉදල අපේ ගෙදරට කිසිම සතෙක්ව ගෙනාවෙ නැහැ..තාත්තනම් කිව්වෙ කවුරු හරි මසට අල්ල ගත්තද දන්නැහැ කියල..මොනව කරන්නද සමහර මිනිස්සු ඉන්නවා හිත් වල කිසි තෙතමනයක් නැති..
ReplyDeleteඅදම තමා මේ පැත්තෙ ආවේ..ලස්සනට ලියල තියෙනවා..ඔබට ජය ..
@වර්ණා = ඔයාගේ කමෙන්ට් එක මං පොස්ට් කල
ReplyDelete............................................................................................
@සිත්රූ සිහින = සමහරකට අපි ඇතිකරන සතා දිහා බලන් ඉන්න බැරි ඉරිසියාව.හැමෝටම එහෙම නේද ස්තුතියි මේ පැත්තේ ආවට
@Sammani = සැලෙන්න එපා මටත් ගොඩක් දෙන කිවුව සැලෙන්න එපා කියල ඇත්තටම ටිකදවසක් යද්දී ඔක්කොම හරි යාවි මං දුන්නු ලින්ක් එකෙන් ගිහෙල්ල ලස්සනට හදාගන්න ඔයාගේ බ්ලොග් එක
ReplyDeleteඅසරණයා- කියන්නට ඇත්තේ එක වදනකි. වචන දහසකට එය සමාන වනු නොඅනුමානය.
ReplyDelete"අසරණයාගේ අදහස් අසරණ නැත්තේමය, උත්කෘෂ්ඨය"
ජයෙන් ජය...
@sAm (සෑම්) = බර පතල වචන තියෙන කොමෙන්ට් එකක් නේ .එල මචන් තැනක් යු
ReplyDeleteසත්තු ගැන නම් කවර කතාද මගේ ජීවිතේ මම ගොඩක් ආදරේ කරන අය තමයි සුරතල්ලු, මේ කතාව මමත් අනෙත් අයත් පුන්චි කාලෙට අරන් ගියා කියල හිතනවා. මමත් අක්කගෙ ගවුම් ඇදන් සින්දු කිව්වා නැටුවා, මතක් උනා. බස් එකේ යන්න දෙන සල්ලි වල අයිස් කාලා පයින් ගෙදර ආවා මතක් උනා. එල අයියා, ආ මරු ලොවෙත් නැති උපමා ටික. (සිංහල අකුරුවල අඩු පාඩු එන්න ඇයි)
ReplyDelete@Shaggy = හැම අක්ක කෙනෙක්ම මල්ලිලට ගවුන් අන්දවල නේ බලාගෙන ගියහම ( අකුරුවල ප්‍රශ්නයක්ද මන් බලන්නම් ස්තුතියි යාළුවා )
ReplyDeleteමාර සන්වේදි කතාවක් මචන්.. සතෙක් ගැන ඔහොම හිතන්න, උඹටත් හොඳ සන්වේදී හදවතක් තියෙන්ඩ ඕනා..
ReplyDeleteමචන්, උබේ බ්ලොග් එකේ Background color එක වෙනස් කලොත් නරකද ? හරි අමාරුයි මචන් කියවන්ඩ. දැන් මට මේ comments එක type කරද්දී ඔක්කොම බොඳ වෙලා වගේ පේන්නේ මචන්.
@Senna = මං දන්නේ නෑ මට එහෙම සංවේදී හදවතක් තියෙනවද කියල හැබැයි පොඩි දෙයකටත් දුකනම් හිතෙනවා.
ReplyDeleteඔව් මචන් පොඩි වෙනසක් කරන්නම් බ්ලොග් එකේ ස්තිතියි වැරදි පෙන්නලා දුන්නට
අසරණයා, මටත් හොඳටම දුක හිතුනා මේ පෝස්ට් එක බලලා
ReplyDeleteහරිම සංවේදී සටහනක්,
ගෙදරක පොඩිඑකා උනාම මේ වගේ අක්කලගෙන් අයියලාගෙන් අසාධාරණ කම් සිද්ධ වෙනවාම තමයි
ලොකු කට්ටිය එකතුවෙලා අර කුකුලව ඔයාගෙන් උදුරගෙන ගිය එකනම් හොඳ වැඩක් නෙමෙයි
මම පෞද්ගලිකව සත්තු ඇති කරන්න කැමති නැහැ
(ඒත් අපේ ගෙදරත් කාලයක් පූස් පරම්පරාවක් හිටියා)
@ලොකු පුතා = ඔයාට අය්යල අක්කල කරදර කරලා නැතුව ඇති නේද? මොකද ඕය ලොකු පුතනේ!!
ReplyDeleteස්තුතියි මෙ පත්තේ ආවට
ගොඩක් සන්වේදී විදියට ලියලා තියෙනවා දුක හිතෙන්න......
ReplyDelete@ගැමියාගේ පත් ඉරුව = මගේ පොඩි කාලෙන් ඕය එක් මතකයක් විතරයි
ReplyDeleteමට වැඩිය කරදර කරලනම් නැහැ තමයි
ReplyDeleteඅපේ ගෙදර කෙල්ලෝ තුන් දෙනෙකුට පස්සේ හම්බුවෙච්ච කොල්ලා නිසා හැමෝම ආදරෙන් තමයි හිටියේ
පස්සේ ඉතින් මලයත් අපේ පවුලට එකතු උනාට පස්සේ ආදරේ ටිකක් අඩු උනා
ඒත් පස්සේ පස්සේ අම්ම තාත්ත දෙන්න මට තමයි වැඩිපුරම ආදරෙන් හිටියේ...
@ලොකු පුතා = ලොකු පුතාට ඉතින් පස්සේ හරි ආදරේ වැඩි වුනානේ ඒ ඇති..
ReplyDeleteමේ පෝස්ට් එක මගේ බ්ලොග් එකේ අප්ඩේට් වුනේ නෑනේ.. දැනුයි මේක දැක්කේ... ලොකු සංවේදීකමක් ඇතිවුණා මේ පෝස්ට් එක දැකලා... කුකුළාට නිවන්සුව!
ReplyDelete@Ice (අයේෂා කුලතුංග) = ඇයි දන්නේ නැහැ එහෙම උනේ.කමක් නැහැ පරක්කු වෙලා හරි ආව නේ.මං හිතන්නේ ඒ කුකුළා දැන් බ්ලොග් ලියනවද කොහෙද
ReplyDeleteඕහ් අනේ පව් ඒ කුකුලා.කුකුලට නිවන්සුව
ReplyDeleteඅඩේ අසරණයා...
ReplyDeleteමම ආය බ්ලොග් ලියන් නෑ,
මම මේක කොපි කරනවා,
ලස්සන කතාව,
අඩේ නියමයි,
කියල වැඩක් නෑ,
මම මේ වගේ කතාවක් අහල තියනවා,
ඒත් මේ තරම් ලස්සන නෑ,
මට දුකයි :(
මං මේකෙ කෑල්ලක් කොපි කරන්න ද?
@Gordonia ceylanica = අයියෝ ඕකත් අහන්න දෙයක් ද.කොපි කරගන්න කිසිම තරහක් නැ.කැමතිනම් විතරක් මගේ බ්ලොග් එකේ නම ලියන්න.
ReplyDeleteඅසරණයා...
ReplyDeleteමම මේක කොපි කරන්නෙ මගේ "අනුන්ගේ වැදගත් ලිපි" ලේබලේට දාන්න....
ස්තූතියි,
අයිතිය සමඟ මේක පළ කරනවා :)
@Gordonia ceylanica = ඉතින් කොච්චර හොඳයිද.ඕනෑම දෙයක් කොපි කරගන්න.කැමතිනම් මගේ නමත් දන්නා.
ReplyDeleteමටත් හිටිය බං පූසෙක් . . . උගෙ නම පූෂා. අම්ම නැතිඋනාට පස්සෙ අපේ නුගේගොඩ ගෙදර විකුනලා අපි කුලී ගෙදරක පදිංචි උනා. තාත්ත අපේ අමතර බඩු මුට්‍ටු ටිකත් එක්කම පූසවත් ගෙනිහිං දැම්ම කුරුණෑගල මහ ගෙදරට. ඒ ගෙදර සත්තුන්ට කන්න දාන්නෙ ගෙදර අය කාල ඉවර වෙලා පිඟන් වල ඉතිරිවෙන ඉඳුල් ටික විතරයි. මගෙ පූස ඒව කන්නෙ නෑ. ඌ හැමදාම කෑවෙ මම කන බත් එකෙං, මගෙ පිඟානෙං. මම කෑම කද්දි පිඟානෙම අයිනක ඌට කෑම ටිකක් අනල තියනව. ඌ ඒ ටික කනව.
ReplyDeleteඅන්තිමටම කුරුණෑගල ගිහිං දාපු දවසෙ ඉඳංම ඌ කෑම නොකා, අඩුම ගානෙ වතුර ටිකක් වත් නොබී පාර දිහා බලාගෙම ඉඳල මැරුන නං . . . මේ කොමෙන්ට් එක කොටනකොටත් මට ඇඬෙනව. එදායිං පස්සෙ මම හිතාගත්ත ආයෙ කවදාකවත් සත්තු ඇති කරන්නෙ නෑ කියල
ඔව් මචං මේ කුකුකගේ කතාව මට හිටපු එක සතෙක් විතරයි.අනිඉත් හැම සතෙක්ම නැති වුනා.මාර දුකයි මචං ලග හිටපු සතෙක් නැති වුනාම.
Deleteඕනයා කියපු සීන් එක වගේ එකක් අපේ පුංචිටත් වුනාලු බං, මට ඒක මතක් වුනා !
Deleteමච්න් අසරණයා,උඹ ලියපු ලිපි වලින් සිරාම ලිපිය මේක වෙන්න ඇති...බොක්කටම දැනෙනවා කියවත්දි.
ReplyDeleteදිගටම ලියන්න ශක්තිය!!!
මට පොඩිකාලේ වුනු සිද්දියක්.ස්තුතියි මචං දිරිගැන්වීමට.
Deleteලිපිය කියවලා ඉකි ගගහා ඇඬුවා !!!
ReplyDeleteකුකුලෝ උබට නිවන් සුව !!!
අඩන්න එපා.. හා හා දැන් කඳුළු පිහදගන්න.
Deleteමේ ලිපිය මට අප්ඩේට් උනෙත් නෑ.. බුකියෙන් හොයාගෙනයි ආවේ.. වෙනස්ම කතාවක්.. හුඟක් දුකයි අයියේ...මේ කතාව කියවද්දී ඔයා මොන තරම් සංවේදීද කියලා මට හිතුණා.. සිංහල අකුරු වල නම් පොඩි අවුලක් තියෙනවා තමයි :) [ අපි ඒව නොගිණිය හැකි තරම් කුඩයි කියල නොසලකා හරිමු]
ReplyDeleteඒ මගේ පරණ ලිපියක්.එකයි ඔයාට පෙන්නන්නේ නැත්තේ.අකුරුවල අඩුපාඩු මං බලන්නම් අයෙත්.
ReplyDeleteස්තුතියි..
මටත් මේ ලිපියේ ෆීඩ් එක ඇවිල්ලා තිබුනේ නෑ . ෆේස්බුක් එකේ තිබිලයි මේක හොයාගෙන ආවේ .
ReplyDeleteඇත්තටම ගොඩක් සංවේදී කතාවක් . මගේ පොඩි කාලෙදී මම ඇති කරපු සත්තු ගොඩ දෙනෙක් මියැදෙනවා මම දුකෙන් බලාන හිටියා .
කුකුලෙක් සුරතලේට ඇති කලා කීවම මට පුදුම නෑ මගේ ගෙදරත් පොඩි කාලේ කුකුල්ලු එකයි කිකිලියෝ ගොඩකුයි හිටියා උන් නම් හැමදාම බිත්තර දෙකක් තුනක් දානවාමයි .
කුකුලට නිවන් සුව
මේක ටිකක් පරණ කතාවක්.කුකුලෙක් ඇති කරලා බිත්තර ගන්න හෙනම ට්‍රය් එකක් දුන්නා.
ReplyDelete