ලෝකයේ බොහෝ රටවල කෞතුකාගාර ඇත.තම රටේ ප්‍රෞඩ ඉතිහාසය ඒ හා බැඳුන අමිල වස්තුන් වගේ දෑ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමටත්, ලෝකයේ අනිකුත් රටවලට දැනගැනීමට ඇති ස්ථානය නිසා එයට රාජ්‍ය අනුග්‍රහය ලැබේ. එවැනි ස්ථානයකට නිසි ආරක්ෂාවක් නොලැබුනොත් රටේ අනාගතයට තම රටේ ඉතිහාසේ ප්‍රෞඩත්වය පෙන්වීමට ඇති සුළු සාක්ෂි පවා නැතිව යෑම වැලක්විය නොහැක. ඝානාවේ ඇති කෞතුකාගාරය නැරඹීමට ගියපු මට දැකගන්න ලැබුනේ පාලුවට ගියපු විශාල ගොඩනැගිල්ලක ඉතා සුළු ප්‍රමාණයේ භාණ්ඩ කිහිපයක්.පමණයි. ලංකාවේ කඩු නැතිවීමට දින කිහිපයකට පෙර එම ස්ථානයට ගියපු මම ඊට පසු සතියේ ලංකාවේ කෞතුකාගාරයේ සිදුවුන ඒ කනගාටුදායක සිද්දිය ආරංචි විමෙන් මට අපේ රටේ කෞතුකාගරයටත් මෙවැනි දෙයක් වීමට ඉඩ ඇතිබව නිකමට වගේ දැනුනා. මට දැනුන දේ ඔබටත් දැනේවි. පහත පලවන්නේ එම කෞතුකාගාරයේ ඇති හොඳම භාණ්ඩ කිහිපය පමණයි. 1957 දී ආරම්භ කරන ලද මෙම ආයතනය දිනෙන් දින අභාවයට යනබව දේශීය දෑ අගයන ඝානා වැසියන් පවසයි.
විනාඩි 30 ක් වගේ සුළු වෙලාවක් තුල නැරඹීමට හැකි ඒ විනාඩි 30 වැඩි වෙලාවක් ගත වෙන්නේ ගොඩනැගිල්ලේ ඇති භාණ්ඩ දෙකක් අතර ඇති දුර ගෙවා ගැනිමටයි. කෞතුකාගාරයේ සේවකයෝ වගේම තව රටේ බලවත් පිරිසේ උපරිම දායකත්වයෙන් විශාල භාණ්ඩ ප්‍රමාණයක් විදේශිකයන්ට අලෙවිය හා ප්‍රභූ වරුන්ගේ නිවස් තුලද එම භාණ්ඩ විසිර පැවතීම නිසා එම ස්ථානය අභාවයට යමින් පවතී. සත්ව ඇටකටු සතුන්ගේ ඡායාරූප හා දේශීය ශාන්තිකර්ම වල ඡායාරූප වැනි දේවල් හිස්තැන් පිරවීමට යොදාගෙන. ආයුධයක් විදියට මා දැක්කේ ලොකුම ආයුධය ආඩි 5 ක් පමණ දිග "මන්නා පිහියක්."
ලි කැටයම් සහිත ආසන කිහිපයක්.
මැටි වලින් කරපු නිර්මාණයක්.
දේශීය සංගීතයෙදී භාවිතා කරන බෙර විශේෂයක්.
සම්ප්‍රධායක ඇඳුම් පිරිමි හා ගැහැණු.
19 වන සියවසේ ප්‍රභූවරයෙක්.
ලී කැටයම්.
විදේශ ආක්‍රමණ වලට පෙර සිටි ප්‍රභූන්ගේ ආසන.
මෙම කැටයමේ ඇති අලියා ආසියානු අලියෙක්
"CAPE COST" 13 වන සියවසේදී ගොඩ නගපු බලකොටුවේ ආකෘතියක්.
මෙම බලකොටුව විදෙශි යන්ගේ සිත් ඇදගන්නා ස්ථානයකි.මා රැකියා කරන ස්ථානයේ සිට 200 Km ඈතින්ව පිහිටා ඇති මෙය ගාල්ලේ කොටුව මෙන් ප්‍රෞඩත්වයෙන් ඉහලයි. ළඟදීම එම ස්ථානය නැරඹීමට සිතාගෙන ඉන්නේ. එම ගමනෙන් පසු වැඩි විස්තර බලාපොරොත්තු වන්න.
අගනා පෝස්ටුවක්!
ReplyDeleteබ්ලොග් එකත් අලුත් කරල වගේ දැක්කා..හොඳයි හොඳයි හ්ම්ම්..
Deleteස්තුතියි.
Deleteනැහැ මේ කලින්ම තිබුන විදියම තමා. ඒත් පොඩි වෙනසක් බස් රේඩියෝ එකේ බැනර් එක එල්ලුවා.
අඩිස් අබාබා කටු ගේත් පරණ ගොඩනැගිල්ලක් . හැබැයි මෙයිට වඩා ගොඩක් දේ තියෙනව බලන්න . අපේ ඇස් මානයෙන් සැඟවුන මෙවැනි තැන් ගැන කියනවට බොහොම ස්තුතියිඅසරණයට .
ReplyDeleteකොංගෝවේ කෞතුකාගාරයක් ඇත්තෙම නැහැ. මේ ටික නම් කාලාන්තරයක් තියේවි. මොකද ඒවා වැඩිය වටින්නේ නැති නිසා.
Deleteපට්ටනේ මචන්.
ReplyDeleteනඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගෙ වෙච්චි කොට නැතිවෙච්ච කඩු ගැන කවර කතාද?
හරියට හරි බං අගේ නැහැ නේ ලොකු උදවියට.
Deleteනියම පෝස්ට් එක..
ReplyDeleteජයවේවා!!!!
ස්තුතියි මචං
Deleteලංකාව හොඳයි නෙව.
ReplyDeleteඔව් තවම එකයි නේ.
Deleteශා... ෂෝක් පින්තූරු සෙට් එක. අපට බලන්න වෙන්නේ නැති දේවල් ටික පෝස්ට් කරනවට අසරණයාට ස්තුතියි !!!
ReplyDeleteපුළුවන් විදියට හොයන්න බැරි විස්තර දැන්නම් මචං.
Deleteකිව්වත් වගේ ලොකුවට කෞතුක භාණ්ඩ පේන්න නෑනේ..
ReplyDeleteමේක නිකම් ජන කලා කෞතුකාගාරයක් වගේ..(folk Art)
ස්තුතියි පින්තූරු ටිකට..
ඔව් දුක හිතෙනවා එක ඇතුලට ගියාම.මොකද කෙනෙක් යන්නේ නොදැකපු විශේෂ දේවල් බලන්න ඒත් එහෙම ගියාම පෙන්නේ ලි කැටයම් වගේ පොඩි පොඩි දේවල්.
Deleteස්තුතියි.
අන්න හරි අසරණයා, අපි කවදානම් ඇවිල්ලා ඔහේකටු ගෙයක් බලන්නද?
ReplyDeletehenryblogwalker the Dude
ඔව් නේ මමත් හරි ආසාවෙන් ගියේ.
Deleteශාහ්හ්හ්හ්!! මෙන්න පෝස්ට්!! නියමයිනෙ.. අසර් අයියාත් දැන් මාර වටින දේවල් ලියනවානෙ...:)
ReplyDeleteඅපි නොදන්න නොදැකපු දේවල් ගැන ලියන එක වටිනවා!!
ගියාට කමක් නෑ..රස්තියාදුවෙ යන්න එහෙම එපා වැඩිය!!! :/
හා... දැන් මම කලින් දැම්මේ වටිනා දේවල් නෙවෙයි ද?. හෙක්ස් හෙක්...
Deleteමගේ කතාත් හැමදාම කියවන්න එපාවෙනවා නේ වෙනසක් කරන්න කියල සුමිත් අයියා කිවුවා. ඉතින් වෙනසකටත් එක්ක මේ වගේ දේවල් අතරින් පතර ලියන්න හිතුවා.
මාර ආසාවේ ඉන්නේ රස්තියාදුවේ යන්න ඒත් තැනක් නැහැ නේ.
මෙයා ඉස්සර මට රස්තියාදුකාරයා කියලා ගහපු ලේබලේ උන්න දැන් උඹේ පැත්තට එන්නේ අයියේ... බලාගෙන... :)
Deleteඉරිසියාව බං. මොකද කෙල්ලොන්ට අපිට වගේ ඕනෙම තැනක ඇවිදින්න බැහැ නේ එකයි.පුපුරා පුපුර ඉන්නේ. මල් පුජා කරන්න ඉක්මනින් කොල්ලෙක් ලැබෙයි.
Deleteඅන්තිමටම මට හිතුනේ අපි අභිමානවත් රටක් නේද බං..
ReplyDeleteඋඹට ඕක අන්තිමටද හිතුනෙ ? උඹ දන්නවද ඝානාවෙ උන්ටත් ඔහොම අන්තිමටම ඕක හිතුන හින්දා තමයි උන්ගෙ කටුගෙට ඔහොම වෙලා තියෙන්නෙ.. බොරුනම් අසරණයගෙන් අහපන්..
Delete@සෑම් = ඔව් තවමත්. තවම කඩු විතරයිනේ නැති වුනේ.
Delete@සෙන්නා = ඇත්ත කතාව.
වටිනා පෝස්ටුවක්.....!!
ReplyDeleteඅර ආසියානු අලියා ඉන්න පුටුව නම් අප්‍රිකානු එකක් නෙවෙයි වගේ, ඒකෙ තියෙන්නෙම ආසියානු හැඩතලමනෙ සමයරවිට ඝානා ප්‍රභූවරයෙකුට ආසියානු රටකින් ලැබුණු තෑග්ගක් ද දන්නෙ නෑ.
උඩින් තියෙන වක්‍රහැඩේ ආසනවල නම් නියම අප්‍රිකානු ගතියක් තියෙනවා.
මට ඒ කැටයම් ගැන ඒ හැටි දැනුමක් තිබුනේ නැහැ. අලියා ආසියානු එකෙක් කියල බලු බැල්මට පේනවා.
Deleteආසියාවෙන් දුන්නත් වෙන්න බැරි නැහැ.
එළ අසරණය එළ.. ඔය වගේ ඒවා හැමෝටම බලාගන්ඩ බෑනේ.. අනිත් එක විරල දේවල්නෙ බන්.. මෙහෙම දාන එක හොඳයි..
ReplyDeleteසෑමා කියන වගේ කියන වුන් වෙනුවෙන් ලියන අහිංසක වෑයමක්. බ්ලොග් එකේ මේ වගේ පොස්ට් වැටෙන්නේ උඹලගේ කමෙන්ට් වලෙන් හා සුමිත් ගේත් උඹෙත් වචන.
Deleteගොඩක් වටින පෝස්ට් එකක්..! ප්‍රාර්ථනා කරමු අපේ රටේ උරුමයන්ට මේ දේ සිද්ධ නොවේවා කියලා.. :(
ReplyDeleteතවත් මේ වගේ වටින චාරිකා සටහන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.. :)
මට මතක්වුණේ මමම ලිව්ව කවියක්..
තරඟකලට තම ඉල්ලීම් සිඟාන ආ
පඩිය උඩට'විත් කඳුළින් පස්ම කකා
කරනා හුවමාරු අප උරුමයන් වසා
දැනුනෙ දෙඹරුන්ට රට යන කලය විනා
පරිස්සමින් අයියවත් කෞතුකාගාරයට තියාගනීවි ප්‍රදර්ශණයට.. :P :D
ස්තුතියි නන්දු..
Deleteඔය මෙහෙම කවි ලියන්නේ ඒවා එතුකරලා පොස්ට් එකක් දන්නා.
//පරිස්සමින් අයියවත් කෞතුකාගාරයට තියාගනීවි ප්‍රදර්ශණයට// එකට කමක් නැහැ සත්තුවත්තට එක්ක යන්නේ නැතුව.
පින්තුරත් එක්කම දාපු එක ගොඩාක් වටිනවා යලු.. නැත්නම් අපිට බලන්න වෙන්න්ම නැහැනේ...
ReplyDeleteචායාරුප ගැනිම තහනම් කියලා තිබුනේ නැද්ද?
එල
මම බලාපොරොත්තු වුනා මිට වඩා වටිනා දේවල් ඇතියි කියල.
Deleteනැහැ ෆොටෝ ගන්න පුළුවන් සල්ලි දුන්නම එතනදිත් මාව ඇන්දුවා..
ස්තුතියි මචං..
ගොඩක් වෙලාවට අප්‍රිකා රටවල කෞතුක භාණ්ඩ එන්නේ යුරෝපා රට වලට.. ඛියක් ගියත් ගන්න කැමති සල්ලි කරයෝ මේවයේ ඉන්නවනේ.. ඉතින් කිවුවත් වගේ ඔහේ ඒ දේවල් තියෙන්නේ නැති එක පුදුමෙකුත් නෙමෙයි..
ReplyDeleteබලකොටුවත් ඉක්මනටම බලන්න ගිහින් ඒ ගැනත් පෝස්ටුවක් ඉක්මනටම වැටේවිඉ කියලා හිතනවා..
මෙහෙ මිනිස්සු සල්ලි වලට ගොඩාක් කැමති. ඕනෙම දෙයක් පාවාදෙන්න පුළුවන්. ලොකු මිනිහගේ ඉඳල එ විදිය නිසා පොඩි වුන් බය නැහැ.
Deleteඔව් මම ඉක්මනින් යන්න හිතන ඉන්නේ.
වටිනා විස්තරයක්. පොඩි කාලේ දැක්කට පස්සේ ලංකාවේ කටුගේ දැකලත් නෑ. ලංකාවට ගිය වෙලාවක, ගිහිං බලන්ට හිතුනා මේ විස්තරය දැක්කට පස්සේ. :)
ReplyDeleteමමත් පොඩි කාලේ ගිහින් තියෙනවා. දැන්නම් මට තිබුන කිසි දෙයක් මතක නැහැ. කාලෙක ඉඳල හිතාගෙන ඉනවා අයෙත් බලන්න යන්නේ. මේ සැරේවත් බලමු.
Deleteහරිම ෂෝක් කටු ගෙයක්..ඔය වගේ පරන කැටයම් බඩු ගෙදර තියා ගන්න මම මාර ආශයි..පොටෝ ටිකත් ලස්සනයි..මෙහෙ ඇෆ්‍රිකන් වෙලෙන්ඳො ඉන්නව කලුපාට ලී වලින් ඔය වගේ සමහර බඩු හදල විකුනන්න තියන් ඉන්න...
ReplyDeleteඅප්‍රිකාවේ ලි කැටයම් හොඳට හොයාගන්න පුළුවන්.මොකද කැලෑ තියෙනව ඉතින් ගස් කපලා ඕනෙම දෙයක් කරන්න පුළුවන්.
Deleteඅනේ අපේ කටු ගේටත් මේ ටික වෙන්න එපා කියලා පතනවා. පින්තුර ටිකනම් හරිම වටිනවා අසාර්. තෑන්ක්ස් හොඳේ...
ReplyDeleteඔව් අපේ කටු ගෙට මෙහෙම වෙන්න බැරි නෑ අනාගතයට පෙන්නන්න තියෙන දේවල් තැන තැන වල විසිරේවි.
Deleteපෝස්ටුවකින්ම උත්තර දෙමි.
ReplyDeleteඉක්මනින් බලාපොරොත්තුවෙමි.
Deleteහරිම අගේ ඇති විස්තර ටිකත් පිංතූරත් . ගිහින් බලල ඇවිත් තව විස්තර දාන්නකෝ අපිටත් බලන්න .
ReplyDeleteමේ කටු ගේ නම් අයෙ බලන්න දෙයක් නැහැ.ඒත් අර බලකොටුව ඉක්මනින් බලන්න හිතාගෙන ඉන්නේ.
Deleteඑක පැත්තකින් දුකයි
ReplyDeleteතව පැත්තකින් සතුටුයි
ඔව් අපේ රටේ තරම් හොඳ මිනිස්සු එ රටවල නැහැ. එ නිසයි එහෙම වෙලා තියෙන්නේ.
Deleteදුනු ඊතලයි හෙලියි අර හම් වලින් හදාපු පලිහවල් එහෙම තිබ්බෙ නැද්ද?
ReplyDeleteතිබ්බා ඒත් ඒවා අලුත් නිර්මාණ. ලස්සනක් දැක්කේ නැහැ මම ඒවායේ.
Deleteමොනවා උනත් අපේ අතීතය බලාගන්න තියෙන කටුගෙවල් ආණඩුවෙන් බලාගන්න එක වැදගත් පොලිසි වලට කඩන්න නොදී
ReplyDeleteඔව් ඒවා ආරක්ෂා කරන්නඉන්න පිරිසගෙන් ආරක්ෂා කිරීම තමා ගොඩාක් අමාරුයි.
Deleteඅපේ ජාතික කෞතුකාගාරයට වගේම අනෙක් කෞතුකාගාරවලටත් මේ තත්වය උදාවෙන පෙර නිමිති පෙන්වන මේ වගේ කාලෙක ඒකට එරෙහිව කටයුතු කළේ නැත්නම් අපේ දරු පරම්පරාවලත් ඉස්සරහට මේ වගේ පෝස්ට් තමා ලියන්න වෙන්නේ අපේ කෞතුකාගාර ගැනත් :(
ReplyDeleteඇත්ත අනාගතේ ගැන තියෙන්නේ අවිනිශ්ෂිත තත්වයක්. දැම්ම ෆොටෝස් අරගෙන පරිස්සමින් අරන්තියාගන්න වෙනවා.අපේ දරුවොන්ට පෙන්වන්න.
Deleteමම බලුව කටු ගෙ කිව්වම උඹගෙ කාමරේ ගැන ලියලද කියල:D.
ReplyDeleteලංකාවේ කෞතුකාගාර ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑනේ!කැටිය මේ දවස්වල දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න හොයනවනේ එනිසා කෞතුගාර බිසී !
මගේ කාමරේ හෙන පිළිවෙලයි.
Deleteදැන් ඔටුන්න ගන්නත් හදනවද? එහෙනම් ළඟදීම රාජ ආසනේ උස්සන් යන්නත් බැරි නැහැ නේ.
වටින පෝස්ට් එකක්, අපි කොහෙන් දකින්නද ඕවා. ඔයාට බොහොම ස්තුතියි අසර්. අලියා ආසියානු එකෙක් කියල බැලු බැල්මට පේනවා තමයි නෙ. කැටයම් වැඩත් ඉහල මට්ටමෙ තියන්නෙ අපරාද කියන්න බැ. :)
ReplyDeleteඔව් මේ ලි වලින් කරන අනිර්මාන ගොඩාක් තියෙනවා. අප්‍රිකාවේ ඉද්දි අපිට ලැබෙන්නේ හරි පොඩි දේවල් ටිකක් එ දේවල් තම මේ.
Deleteවිනාඩි 30 න් බලල ඉවරනම් බලන්න සෑහෙන දේවල් ඇති නේද අයියේ... ;)
ReplyDeleteඔව් පින්තුර එහෙම තියෙනවා හිස්තැන් පුරවන්න.
Deleteහරි අපූරු ලිපියක්! ෆොටෝ ටිකත් ගොඩක් වටිනවා! අසර් ඔහොම කියල නොදුන්නා නම් අපි කවදා ඕව අහන්න දකින්නද! ඊළඟ ලිපිය එනකල් බලාගෙන ඉන්නවා!
ReplyDeleteනිවාඩු හරි සීමිතයි .පුළුවන් හැම වෙලාවේම මේ වගේ විස්තර දැන්නම් කට්ටියටම බලන්න.
Deleteස්තුතියි.
ලංකාවේ නැතිවෙච්ච ඒවා මේවත් එක්ක බලද්දී ලොකු දේවල් නෙමෙයි කියලා කිව්වාට අපිට නම් ලොකු දේවල් නේද සහෝ
ReplyDeleteඑකනේ තවම නැති වුනේ කඩු 9 ක් කාසි කිහිපයක් එ වගේ පොඩි දේවල්. ලංකාවේ මිනිස්සුන්ට පිස්සු. එ හැටි කෑ ගහන්නේ.
Deleteහොද ඉදිරිපත් කිරීමක්... ඒ කෞතුකාගාරයට වෙලාතියෙන දේ නම් ශෝචනීයයි...
ReplyDeleteමොන රටක වුනාත් හරිම ශෝචනීය ඉරණමක්. අපිට එහෙම දෙයක් නොවේවා කියල ප්‍රර්ථනා කරමු.
Deleteඅපේ වුන්ගෙ නෑදෑයෝ ඉන්නවද දන්නෑ ඝානාවෙ, කටු ගෙවල් සුද්ධ කරන!!! ඵල ඵල!!!
ReplyDeleteවෙනත් රටවලින් හොඳ ආදර්ශ ගන්නේ නැහැ මෙන්න මේ වගේ දේවල් තමා ඉගන ගන්නේ.
Deleteස්තූතියි. ෆොටෝ ටිකට. මම හිතන්නෙ හුඟක් අප්‍රිකානු, ආසියානු, දකුණු ඇමරිකානු රටවල තිබ්බ වටින කියන පෞරාණික දේවල් හුඟක් තියෙන්නෙ යුරෝපයෙ. අධිරාජ්‍යවාදීන්ගෙන් අපි වගේ රටවලට ලැබුණු දායාද ! ඉතිරිවෙල තියෙන සොච්චමටත් ලෝකල් සුද්දො කෙලිනව. ජාතියෙ අවාසනාව, නැතුව වෙන මොනව කියන්නද?
ReplyDeleteඇත්ත අපේ දේවල් ඔක්කොම අරගෙන ගියා. මොකක් හරි දෙයක් නිසා සුද්දෝ ගියෛන් පස්සේ එ දේවල් රැකුණා ඒත් ආයෙත් එ දේවල් නැති වෙනවා.
Deleteවටින පෝස්ට් එකක්.කවද දකින්නද අපි..ඊලග ලිපිය එනකම් බලන් ඉන්නවා...
ReplyDeleteඊළඟ ලිපිය කවදා දන්නා පුළුවන් වේවිද දන්නේ නැහැ.ඒත් පුළුවන් ඉක්මනින් නිවාඩුවක් ලැබුන ගමන් යන්න හිතාගෙන ඉන්නේ.
Deleteඝනාවේ කටුගේට වඩා ලංකාවෙ කටුගේ නම් තරමක් ඉදිරියෙන් තියෙනවා. ඒත් ඉතින් බලන් ඉන්න ගමන් ඒකෙත් කඩු ටික නැතිවෙනවානේ.
ReplyDeleteඅර පුටුවේ ඉන්න අලියයි පොල්ගහයි .තියෙන පිංතූරෙනම් අපේ කැටයම් කලාවේ නිර්මාණයක් කියලා මටත් හිතෙනවා.
ලස්සන පිංතූර ටිකක් එක්ක ගොනු කල සටහනක්..
ඔව් මෙහෙම ගියොත් ඝානාවේ කටු ගේත් අභිබවා යන්න බැරිවෙන එකක් නැහැ.
Deleteමටත් දැන් හිතෙනවා ඒක ආසියනුවෙක් තෑගී දීපු එකක් වෙන්න ඇති කියලා.
ස්තුතියි අයියා.
අහ්හා ලංකාවේ කටු ගෙවල් වලත් ඉස්සරහට ඔච්චරක් විතරක් තියෙයි. අහෝ ආශ්චර්ය
ReplyDeleteඅහෝ අහෝ... හොඳම දේ අන්තිමටම නේ. තව කල් තියෙනවා.
Deleteකිව්වත් වගේ අපේ රටේ වටිනා පුරාවස්තු වලිනුත් සැහෙන කොටසක් තියෙන්නේ පිටරටවල කෞතුකාගාරවල. සමහරවිට සුද්දන්ගේ ගෙවල් වල. දැන් නම් කෞතුක වස්තු කොල්ලකන්නේ එළිපිටම. සැහෙන වටිනා ලිපියක්. බලකොටුව ගැන දැනගන්න මග බලාගෙන ඉන්නේ.
ReplyDeleteඔව් මෙච්චර ආරක්ෂාවක් තිබුන තැනක් වෙලාත් කොහොමද ඒවා හොරකන් කරන්නේ. අනේ අපි බබාලා නිසා මොකවත් දන්නේ නැහැ.
Deleteඉතුරු ටිකක් ඉක්මනින් දාන්නම්
ලංකාවත් හරි හැටි පාලනයක් කලේ නැත්ත්තම් අපේ රටේ කෞතුකාගාර වලට අත්වෙන්නෙත් මේ ඉරණමම තමයි.කඩු උස්සපු එවුන් ඉස්සරහට තව මොන මොනවා උස්සයිද දන්නේ නැනේ
ReplyDeleteදැකපු නැති මේවගේ රටවල් වල විස්තර හොයල දාන එක ගොඩක් වටිනවා අසාර් අයියේ.
තව අවරුදු 10 විතර පස්සේ ලංකාවට ඇවිත් ගියපු සංචාරකයෙක් මේ වගේ ලිපියක් දැම්මොත් කොහොමද සන්තෝසේ.
Deleteස්තුතියි මචං.
තොරතුරැ වලට ස්තූතියි... මගේ බ්ලොගියෙත් චාරිකා සටහන් එක්ක ඉතිහාසය ගැන ලියලා තියෙනවා වෙලාවක කියවලා බලන්න.
ReplyDeleteසිරා මම ඒ පොස්ට් දෙකක් කියෙවුවා අන්තිම එකත් කියෙවුවා හොඳ විස්තරයක් තියෙනවා. පින්තුර ටිකත් නියමයි.
Deleteස්තුතියි මචං.
මගේ අම්මියෝ මන් සැහෙන්න කාලෙකින් මේ පැත්තේ ආවේ...:(
ReplyDeleteමන් හිතුවේ මේ කඩුවේ කතාව කිව්වම ලංකාවේ කෞතුකාගාරයැ ගැන කියලනේ එහෙම හිතාගෙන එනකොට දැක්කේ මේක අපේ රට ගැන නෙවෙයි කියලා...
අපේ රටේ මිනිස්සුන්ට අපේ දේවල් වල කිසි වටිනාකම්නෑකමක් නැති හැටි... මේ කෞතුකාගාරය බලන්න විනාඩි 30කින් පුළුවන්ලු එකට අපේ රටේ එක නියම වෙලා අරන් බැලුවොත් සම්පුර්ණ විස්තර දැනගන්න දවසකුත් මදි එච්චර වටිනා දේවල් තියනවා...
හුගක් ස්තුතියි අසර් අයියේ මේවගේ වාර්තාමය විස්තර දාන එක ගැන අපි හුගක් වැදගත් විස්තර අලුත් කරුණු මේවයින් ඉගන ගන්නවනේ
විභාගේ ඉවර වෙලා කියවන බැරි උන ඉතුරු පොස්ට් ටික හිමින් කියවන්නම් හොදේ.... :)
මුලින්ම කියන්න ඕනේ ඉස්සෙල්ල විභාගේ කරගන්න කියල.
Deleteමමත් පොඩි කාලේ බැලුවට දැන් ලංකාවේ එක ගැන මතකම නැහැ. ගොඩාක් වටිනා දේවල් එකේ තියෙන්නේ. අපේ රට ගැන තවමත් ආඩම්බර වෙන්න පුළුවන්.ඒත් ඉස්සරහට මේ දේවල් එක දෙක නැතිවෙන්න ගත්තොත්.
වෙනද වගේම උඹේ ඇස්දෙකෙන් ලොකයේ තවත් තැනක් බලන්නට අපට මගපාදා දී තිබෙනවා ස්තුතී ඔබට. ලංකාවට ලබා ඇති අබුද්දස්ස කොළමේ අපලය ලඟදීම දුරුවේවායි පතමි එච්චරයි
ReplyDeleteහැකි හැම දෙයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙනවා. අපේ රටට ඉක්මනින් ඒ අබුද්දස්ස කාලේ නැති වෙන්න කියල මමත් ප්‍රර්ථනා කරනවා.
Deleteමම පරක්කු වෙලා වගේ.. කමෙන්ට් කියවන්නේ නැතුවම පල්ලෙහට ආවා, වෙලාව ටිකක් සීමිතයි. ඒකයි.
ReplyDeleteලංකාවෙත් ඔය දේම වෙයි මෙහෙම ගියොත්. කටාර් වල නම් කටු ගේ තියෙන්නේ අනිත් රටවල එව්වා. කටාර් වල දේවල් නැතිම තරම්. ඉන්දියාවේ ෂා ජෙහාන් අධිරාජ්‍යයාගේ කඩුව තියෙන්නෙත් මෙහෙ.
ගියපු අලුතානේ වැඩ ඇති උඹට.
Deleteතවමත් ඉතිං හොරු අල්ලන්න බැරුව නේ ඉන්නේ. පුදුම පොලිසියක්. කටාර් වල ඒ හැටි ඉතිහාසයක් නැහැ නේද? ඒ නිසා වෙන්න ඇති.
වැඩ වැඩියි කියන්නේ එපා වෙන්නම. පැය හයකදී කරපන් කෝ පැය 8 කරපුවා ම. අනේ!!
Deleteඕවා පරිස්සම් කොරන්ඩ වියදම් වෙනවනෙ බන්.ඒකයි අපේ උන් බඩු උස්සන් යන්නෙ.අපේම සල්ලිනෙ ඉතුරු වෙන්නෙ.
ReplyDeleteඇත්ත පුළුවන් තරම් වියදම් අඩු කරන්න වෙනවා එතකොටනේ රටක දියුණු වෙන්නේ.
Deleteකොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කව්තුකාගාරෙ ඔය්ට වඩා භාණ්ඩ තියෙනවා..!
ReplyDeleteලංකාවෙත් ඉස්සරහට ඔහොම වෙය්ද..?
ඇත්ත බං.මටත් දැන් කිවුවාම මතක වුනේ අපි පොඩි කාලේ ගියා එතනත් මිටවඩා ගොඩාක් දේවල් තිබුනා.
Deleteඅර මීළඟට යනවා කිව්ව දිහාවේ පිංතුර එක්ක විස්තරේ දාන්නකෝ... මම ඒ පෝස්ට් එකවත් බලන්න එන්නම්කො.... :)
ReplyDeleteකොහෙද ගිහින් හිටියේ. මෙච්චර කාලයක්.
Deleteඑකට යන්න තව ටික දවසක් යාවි.
කොහෙවත් නෑ... ලඟදි ට්‍රයල් තිබ්බා... පාඩම් වැඩත් තිබුණා... ඒකයි ඉතින්... :))
Deleteවෙලාවට ඔක්කොම වගේ ලී බඩු තියෙන්නේ...තඹ හරි කඩුවක් නෑ නේ ආසාවටවත්...
ReplyDeleteතිබුනා අඩි 5ක් විතර දිග මන්නා පිහියක්. ඊතලේකැ උලක්. ඒ ඔක්කොම වානේ තඹ ඇන වගයක් තිබුනා.
Deleteමාර වැඩේ කියන්නේ මට මේක මිස්වෙලානේ.... පමාවට සමාව අසරණයානෙනි.
ReplyDeleteපින්තූර ලෝඩ් වෙන්න සෑහෙන්න වෙලාවක් යනෝ කොලිටි තව අඩු කරන්ඩෝ...
මේක වටිනවා අයියේ.කවදා ඔහෙ එන්නද අර ලිංගල කතා කරන කොංගෝවරු වගේ පෝස්ට් සෑහෙන්න බලාපොරොත්තුවෙන් අපි ඉන්නේ.ඒක නෙමේ අර වීඩියෝ එක ලඟදි එනවද???
වෙලාවට අයියේ මාතෘකාවටම කඩු නෑ කියලා දැම්මේ.නිකමට හරි ඒ වචනේ දැම්මනම් ඕකටත් බඩුම තමා....
ඒක තමා මම බැලුව ගැමියාට මොකද උනේ කියලා.
Deleteඅනිත් දවසේ දාද්දි කොලටිය අඩු කරන්නම්.මේවා ටිකක් ලොකු වැඩි වගේ තමා.
තව ඒ වගේ පොස්ට් දන්නා හිතාගෙන ඉන්නවා.ඒත් ඉතිං කවදා වැටෙයිද දන්නේ නැහැ.
කඩු නැතත් ලොකු මන්නා පිහි තියෙනවා.
මේ වගේ ඒවා දැනගන්න එක නම් වටිනවා ගොඩක්.
ReplyDeleteලංකාවේ කටු ගේ ගැන නම් ඉතින් අනේ මන්දා..මෙහෙම ගියොත් අනිත් බඩු ටිකත් කවුරු කවුරු හරි උස්සන් යාවි.
අර බ්ලැක් මැජික් එහෙම නැද්දෝ?
අද දැක්ක හොරාගේ පින්තුරයක් දාල තියෙනවා දැක්කොත් පොලිසියට කියන්න ලූ ලක්ෂ 10ක්.කටු ගේ සොරා.
Deleteබ්ලැක් මැජික් ඒක තව ටිකක් තියෙනවා කරුණු එකතු කරන්න. ඒ ටික හොයලා මම අනිත් ලිපිය දාන්නම්.
anith lipiyath ikmanata danna hode asar ayya.....
ReplyDeleteඉක්මනින් දන්නා හිතන ඉන්නවා.ඒත් තවම ගියේ නැහැ.
Delete