16 Jul 2012

කඩු නැති කටු ගේ .


                        ලෝකයේ  බොහෝ රටවල කෞතුකාගාර ඇත.තම රටේ ප්‍රෞඩ ඉතිහාසය ඒ හා බැඳුන අමිල වස්තුන් වගේ දෑ අනාගත පරපුර වෙනුවෙන්  ආරක්ෂා  කිරීමටත්, ලෝකයේ අනිකුත් රටවලට දැනගැනීමට  ඇති  ස්ථානය නිසා එයට රාජ්‍ය අනුග්‍රහය ලැබේ. එවැනි ස්ථානයකට නිසි ආරක්ෂාවක් නොලැබුනොත් රටේ අනාගතයට තම රටේ ඉතිහාසේ ප්‍රෞඩත්වය පෙන්වීමට ඇති සුළු සාක්ෂි පවා නැතිව යෑම වැලක්විය නොහැක. ඝානාවේ ඇති කෞතුකාගාරය නැරඹීමට ගියපු මට දැකගන්න ලැබුනේ පාලුවට ගියපු විශාල ගොඩනැගිල්ලක ඉතා සුළු ප්‍රමාණයේ භාණ්ඩ කිහිපයක්.පමණයි. ලංකාවේ කඩු නැතිවීමට දින කිහිපයකට පෙර  එම ස්ථානයට ගියපු මම ඊට පසු සතියේ ලංකාවේ කෞතුකාගාරයේ සිදුවුන ඒ කනගාටුදායක සිද්දිය ආරංචි විමෙන් මට අපේ රටේ කෞතුකාගරයටත් මෙවැනි දෙයක් වීමට ඉඩ ඇතිබව නිකමට වගේ දැනුනා. මට දැනුන දේ ඔබටත් දැනේවි. පහත පලවන්නේ එම කෞතුකාගාරයේ ඇති හොඳම භාණ්ඩ කිහිපය පමණයි. 1957 දී ආරම්භ කරන ලද මෙම ආයතනය දිනෙන් දින අභාවයට යනබව දේශීය දෑ අගයන ඝානා වැසියන් පවසයි.

විනාඩි 30 ක් වගේ සුළු වෙලාවක් තුල නැරඹීමට හැකි ඒ විනාඩි 30 වැඩි වෙලාවක් ගත වෙන්නේ  ගොඩනැගිල්ලේ ඇති භාණ්ඩ දෙකක්  අතර ඇති දුර ගෙවා ගැනිමටයි. කෞතුකාගාරයේ සේවකයෝ වගේම තව රටේ බලවත් පිරිසේ උපරිම දායකත්වයෙන් විශාල භාණ්ඩ ප්‍රමාණයක් විදේශිකයන්ට අලෙවිය හා ප්‍රභූ වරුන්ගේ නිවස් තුලද එම භාණ්ඩ විසිර පැවතීම නිසා එම ස්ථානය අභාවයට යමින් පවතී. සත්ව ඇටකටු සතුන්ගේ ඡායාරූප  හා දේශීය ශාන්තිකර්ම වල  ඡායාරූප වැනි දේවල් හිස්තැන් පිරවීමට යොදාගෙන. ආයුධයක්‌ විදියට මා දැක්කේ  ලොකුම ආයුධය ආඩි 5 ක් පමණ දිග "මන්නා පිහියක්."

                                           ලි කැටයම් සහිත ආසන කිහිපයක්.



             

 මැටි වලින් කරපු නිර්මාණයක්.

දේශීය සංගීතයෙදී භාවිතා කරන බෙර විශේෂයක්.

                                     
                                                          සම්ප්‍රධායක ඇඳුම් පිරිමි හා ගැහැණු.
                                
                                                             19 වන සියවසේ   ප්‍රභූවරයෙක්.

ලී කැටයම්.


                                                   විදේශ ආක්‍රමණ වලට පෙර සිටි ප්‍රභූන්ගේ ආසන.


                                                     මෙම කැටයමේ ඇති අලියා ආසියානු අලියෙක්


          
                                    "CAPE COST" 13 වන සියවසේදී ගොඩ නගපු බලකොටුවේ ආකෘතියක්.




මෙම බලකොටුව විදෙශි යන්ගේ සිත් ඇදගන්නා ස්ථානයකි.මා රැකියා කරන  ස්ථානයේ සිට 200 Km ඈතින්ව පිහිටා ඇති මෙය ගාල්ලේ කොටුව මෙන් ප්‍රෞඩත්වයෙන් ඉහලයි. ළඟදීම එම ස්ථානය නැරඹීමට සිතාගෙන ඉන්නේ. එම ගමනෙන් පසු  වැඩි විස්තර බලාපොරොත්තු වන්න.



102 comments:

  1. අගනා පෝස්ටුවක්!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකත් අලුත් කරල වගේ දැක්කා..හොඳයි හොඳයි හ්ම්ම්..

      Delete
    2. ස්තුතියි.

      නැහැ මේ කලින්ම තිබුන විදියම තමා. ඒත් පොඩි වෙනසක් බස් රේඩියෝ එකේ බැනර් එක එල්ලුවා.

      Delete
  2. අඩිස් අබාබා කටු ගේත් පරණ ගොඩනැගිල්ලක් . හැබැයි මෙයිට වඩා ගොඩක් දේ තියෙනව බලන්න . අපේ ඇස් මානයෙන් සැඟවුන මෙවැනි තැන් ගැන කියනවට බොහොම ස්තුතියිඅසරණයට .

    ReplyDelete
    Replies
    1. කොංගෝවේ කෞතුකාගාරයක් ඇත්තෙම නැහැ. මේ ටික නම් කාලාන්තරයක් තියේවි. මොකද ඒවා වැඩිය වටින්නේ නැති නිසා.

      Delete
  3. පට්ටනේ මචන්.
    නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගෙ වෙච්චි කොට නැතිවෙච්ච කඩු ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි බං අගේ නැහැ නේ ලොකු උදවියට.

      Delete
  4. නියම පෝස්ට් එක..
    ජයවේවා!!!!

    ReplyDelete
  5. ලංකාව හොඳයි නෙව.

    ReplyDelete
  6. ශා... ෂෝක් පින්තූරු සෙට් එක. අපට බලන්න වෙන්නේ නැති දේවල් ටික පෝස්ට් කරනවට අසරණයාට ස්තුතියි !!!

    ReplyDelete
    Replies
    1. පුළුවන් විදියට හොයන්න බැරි විස්තර දැන්නම් මචං.

      Delete
  7. කිව්වත් වගේ ලොකුවට කෞතුක භාණ්ඩ පේන්න නෑනේ..
    මේක නිකම් ජන කලා කෞතුකාගාරයක් වගේ..(folk Art)

    ස්තුතියි පින්තූරු ටිකට..

    ReplyDelete
    Replies
    1. ඔව් දුක හිතෙනවා එක ඇතුලට ගියාම.මොකද කෙනෙක් යන්නේ නොදැකපු විශේෂ දේවල් බලන්න ඒත් එහෙම ගියාම පෙන්නේ ලි කැටයම් වගේ පොඩි පොඩි දේවල්.

      ස්තුතියි.

      Delete
  8. අන්න හරි අසරණයා, අපි කවදානම් ඇවිල්ලා ඔහේක‍ටු ගෙයක් බලන්නද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් නේ මමත් හරි ආසාවෙන් ගියේ.

      Delete
  9. ශාහ්හ්හ්හ්!! මෙන්න පෝස්ට්!! නියමයිනෙ.. අසර් අයියාත් දැන් මාර වටින දේවල් ලියනවානෙ...:)

    අපි නොදන්න නොදැකපු දේවල් ගැන ලියන එක වටිනවා!!

    ගියාට කමක් නෑ..රස්තියාදුවෙ යන්න එහෙම එපා වැඩිය!!! :/

    ReplyDelete
    Replies
    1. හා... දැන් මම කලින් දැම්මේ වටිනා දේවල් නෙවෙයි ද?. හෙක්ස්‌ හෙක්...

      මගේ කතාත් හැමදාම කියවන්න එපාවෙනවා නේ වෙනසක් කරන්න කියල සුමිත් අයියා කිවුවා. ඉතින් වෙනසකටත් එක්ක මේ වගේ දේවල් අතරින් පතර ලියන්න හිතුවා.

      මාර ආසාවේ ඉන්නේ රස්තියාදුවේ යන්න ඒත් තැනක් නැහැ නේ.

      Delete
    2. මෙයා ඉස්සර මට රස්තියාදුකාරයා කියලා ගහපු ලේබලේ උන්න දැන් උඹේ පැත්තට එන්නේ අයියේ... බලාගෙන... :)

      Delete
    3. ඉරිසියාව බං. මොකද කෙල්ලොන්ට අපිට වගේ ඕනෙම තැනක ඇවිදින්න බැහැ නේ එකයි.පුපුරා පුපුර ඉන්නේ. මල් පුජා කරන්න ඉක්මනින් කොල්ලෙක් ලැබෙයි.

      Delete
  10. අන්තිමටම මට හිතුනේ අපි අභිමානවත් රටක් නේද බං..

    ReplyDelete
    Replies
    1. උඹට ඕක අන්තිමටද හිතුනෙ ? උඹ දන්නවද ඝානාවෙ උන්ටත් ඔහොම අන්තිමටම ඕක හිතුන හින්දා තමයි උන්ගෙ කටුගෙට ඔහොම වෙලා තියෙන්නෙ.. බොරුනම් අසරණයගෙන් අහපන්..

      Delete
    2. @සෑම් = ඔව් තවමත්. තවම කඩු විතරයිනේ නැති වුනේ.

      @සෙන්නා = ඇත්ත කතාව.

      Delete
  11. වටිනා පෝස්ටුවක්.....!!

    අර ආසියානු අලියා ඉන්න පුටුව නම් අප්‍රිකානු එකක් නෙවෙයි වගේ, ඒකෙ තියෙන්නෙම ආසියානු හැඩතලමනෙ සමයරවිට ඝානා ප්‍රභූවරයෙකුට ආසියානු රටකින් ලැබුණු තෑග්ගක් ද දන්නෙ නෑ.
    උඩින් තියෙන වක්‍රහැඩේ ආසනවල නම් නියම අප්‍රිකානු ගතියක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මට ඒ කැටයම් ගැන ඒ හැටි දැනුමක් තිබුනේ නැහැ. අලියා ආසියානු එකෙක් කියල බලු බැල්මට පේනවා.

      ආසියාවෙන් දුන්නත් වෙන්න බැරි නැහැ.

      Delete
  12. එළ අසරණය එළ.. ඔය වගේ ඒවා හැමෝටම බලාගන්ඩ බෑනේ.. අනිත් එක විරල දේවල්නෙ බන්.. මෙහෙම දාන එක හොඳයි..

    ReplyDelete
    Replies
    1. සෑමා කියන වගේ කියන වුන් වෙනුවෙන් ලියන අහිංසක වෑයමක්. බ්ලොග් එකේ මේ වගේ පොස්ට් වැටෙන්නේ උඹලගේ කමෙන්ට් වලෙන් හා සුමිත් ගේත් උඹෙත් වචන.

      Delete
  13. ගොඩක් වටින පෝස්ට් එකක්..! ප්‍රාර්ථනා කරමු අපේ රටේ උරුමයන්ට මේ දේ සිද්ධ නොවේවා කියලා.. :(
    තවත් මේ වගේ වටින චාරිකා සටහන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.. :)

    මට මතක්වුණේ මමම ලිව්ව කවියක්..

    තරඟකලට තම ඉල්ලීම් සිඟාන ආ
    පඩිය උඩට'විත් කඳුළින් පස්ම කකා
    කරනා හුවමාරු අප උරුමයන් වසා
    දැනුනෙ දෙඹරුන්ට රට යන කලය විනා

    පරිස්සමින් අයියවත් කෞතුකාගාරයට තියාගනීවි ප්‍රදර්ශණයට.. :P :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නන්දු..

      ඔය මෙහෙම කවි ලියන්නේ ඒවා එතුකරලා පොස්ට් එකක් දන්නා.

      //පරිස්සමින් අයියවත් කෞතුකාගාරයට තියාගනීවි ප්‍රදර්ශණයට// එකට කමක් නැහැ සත්තුවත්තට එක්ක යන්නේ නැතුව.

      Delete
  14. පින්තුරත් එක්කම දාපු එක ගොඩාක් වටිනවා යලු.. නැත්නම් අපිට බලන්න වෙන්න්ම නැහැනේ...

    චායාරුප ගැනිම තහනම් කියලා තිබුනේ නැද්ද?

    එල

    ReplyDelete
    Replies
    1. මම බලාපොරොත්තු වුනා මිට වඩා වටිනා දේවල් ඇතියි කියල.

      නැහැ ෆොටෝ ගන්න පුළුවන් සල්ලි දුන්නම එතනදිත් මාව ඇන්දුවා..

      ස්තුතියි මචං..

      Delete
  15. ගොඩක් වෙලාවට අප්‍රිකා රටවල කෞතුක භාණ්ඩ එන්නේ යුරෝපා රට වලට.. ඛියක් ගියත් ගන්න කැමති සල්ලි කරයෝ මේවයේ ඉන්නවනේ.. ඉතින් කිවුවත් වගේ ඔහේ ඒ දේවල් තියෙන්නේ නැති එක පුදුමෙකුත් නෙමෙයි..

    බලකොටුවත් ඉක්මනටම බලන්න ගිහින් ඒ ගැනත් පෝස්ටුවක් ඉක්මනටම වැටේවිඉ කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. මෙහෙ මිනිස්සු සල්ලි වලට ගොඩාක් කැමති. ඕනෙම දෙයක් පාවාදෙන්න පුළුවන්. ලොකු මිනිහගේ ඉඳල එ විදිය නිසා පොඩි වුන් බය නැහැ.

      ඔව් මම ඉක්මනින් යන්න හිතන ඉන්නේ.

      Delete
  16. වටිනා විස්තරයක්. පොඩි කාලේ දැක්කට පස්සේ ලංකාවේ කටුගේ දැකලත් නෑ. ලංකාවට ගිය වෙලාවක, ගිහිං බලන්ට හිතුනා මේ විස්තරය දැක්කට පස්සේ. :)

    ReplyDelete
    Replies
    1. මමත් පොඩි කාලේ ගිහින් තියෙනවා. දැන්නම් මට තිබුන කිසි දෙයක් මතක නැහැ. කාලෙක ඉඳල හිතාගෙන ඉනවා අයෙත් බලන්න යන්නේ. මේ සැරේවත් බලමු.

      Delete
  17. හරිම ෂෝක් කටු ගෙයක්..ඔය වගේ පරන කැටයම් බඩු ගෙදර තියා ගන්න මම මාර ආශයි..පොටෝ ටිකත් ලස්සනයි..මෙහෙ ඇෆ්‍රිකන් වෙලෙන්ඳො ඉන්නව කලුපාට ලී වලින් ඔය වගේ සමහර බඩු හදල විකුනන්න තියන් ඉන්න...

    ReplyDelete
    Replies
    1. අප්‍රිකාවේ ලි කැටයම් හොඳට හොයාගන්න පුළුවන්.මොකද කැලෑ තියෙනව ඉතින් ගස් කපලා ඕනෙම දෙයක් කරන්න පුළුවන්.

      Delete
  18. අනේ අපේ කටු ගේටත් මේ ටික වෙන්න එපා කියලා පතනවා. පින්තුර ටිකනම් හරිම වටිනවා අසාර්. තෑන්ක්ස් හොඳේ...

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ කටු ගෙට මෙහෙම වෙන්න බැරි නෑ අනාගතයට පෙන්නන්න තියෙන දේවල් තැන තැන වල විසිරේවි.

      Delete
  19. පෝස්ටුවකින්ම උත්තර දෙමි.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් බලාපොරොත්තුවෙමි.

      Delete
  20. හරිම අගේ ඇති විස්තර ටිකත් පිංතූරත් . ගිහින් බලල ඇවිත් තව විස්තර දාන්නකෝ අපිටත් බලන්න .

    ReplyDelete
    Replies
    1. මේ කටු ගේ නම් අයෙ බලන්න දෙයක් නැහැ.ඒත් අර බලකොටුව ඉක්මනින් බලන්න හිතාගෙන ඉන්නේ.

      Delete
  21. එක පැත්තකින් දුකයි
    …තව පැත්තකින් සතුටුයි

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ රටේ තරම් හොඳ මිනිස්සු එ රටවල නැහැ. එ නිසයි එහෙම වෙලා තියෙන්නේ.

      Delete
  22. දුනු ඊතලයි හෙලියි අර හම් වලින් හදාපු පලිහවල් එහෙම තිබ්බෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. තිබ්බා ඒත් ඒවා අලුත් නිර්මාණ. ලස්සනක් දැක්කේ නැහැ මම ඒවායේ.

      Delete
  23. මොනවා උනත් අපේ අතීතය බලාගන්න තියෙන කටුගෙවල් ආණඩුවෙන් බලාගන්න එක වැදගත් පොලිසි වලට කඩන්න නොදී

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවා ආරක්ෂා කරන්නඉන්න පිරිසගෙන් ආරක්ෂා කිරීම තමා ගොඩාක් අමාරුයි.

      Delete
  24. අපේ ජාතික කෞතුකාගාරයට වගේම අනෙක් කෞතුකාගාරවලටත් මේ තත්වය උදාවෙන පෙර නිමිති පෙන්වන මේ වගේ කාලෙක ඒකට එරෙහිව කටයුතු කළේ නැත්නම් අපේ දරු පරම්පරාවලත් ඉස්සරහට මේ වගේ පෝස්ට් තමා ලියන්න වෙන්නේ අපේ කෞතුකාගාර ගැනත් :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත අනාගතේ ගැන තියෙන්නේ අවිනිශ්ෂිත තත්වයක්. දැම්ම ෆොටෝස් අරගෙන පරිස්සමින් අරන්තියාගන්න වෙනවා.අපේ දරුවොන්ට පෙන්වන්න.

      Delete
  25. මම බලුව කටු ගෙ කිව්වම උඹගෙ කාමරේ ගැන ලියලද කියල:D.
    ලංකාවේ කෞතුකාගාර ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑනේ!කැටිය මේ දවස්වල දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න හොයනවනේ එනිසා කෞතුගාර බිසී !

    ReplyDelete
    Replies
    1. මගේ කාමරේ හෙන පිළිවෙලයි.

      දැන් ඔටුන්න ගන්නත් හදනවද? එහෙනම් ළඟදීම රාජ ආසනේ උස්සන් යන්නත් බැරි නැහැ නේ.

      Delete
  26. වටින පෝස්ට් එකක්, අපි කොහෙන් දකින්නද ඕවා. ඔයාට බොහොම ස්තුතියි අසර්. අලියා ආසියානු එකෙක් කියල බැලු බැල්මට පේනවා තමයි නෙ. කැටයම් වැඩත් ඉහල මට්ටමෙ තියන්නෙ අපරාද කියන්න බැ. :)

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ලි වලින් කරන අනිර්මාන ගොඩාක් තියෙනවා. අප්‍රිකාවේ ඉද්දි අපිට ලැබෙන්නේ හරි පොඩි දේවල් ටිකක් එ දේවල් තම මේ.

      Delete
  27. විනාඩි 30 න් බලල ඉවරනම් බලන්න සෑහෙන දේවල් ඇති නේද අයියේ... ;)

    ReplyDelete
    Replies
    1. ඔව් පින්තුර එහෙම තියෙනවා හිස්තැන් පුරවන්න.

      Delete
  28. හරි අපූරු ලිපියක්! ෆොටෝ ටිකත් ගොඩක් වටිනවා! අසර් ඔහොම කියල නොදුන්නා නම් අපි කවදා ඕව අහන්න දකින්නද! ඊළඟ ලිපිය එනකල් බලාගෙන ඉන්නවා!

    ReplyDelete
    Replies
    1. නිවාඩු හරි සීමිතයි .පුළුවන් හැම වෙලාවේම මේ වගේ විස්තර දැන්නම් කට්ටියටම බලන්න.

      ස්තුතියි.

      Delete
  29. ලංකාවේ නැතිවෙච්ච ඒවා මේවත් එක්ක බලද්දී ලොකු දේවල් නෙමෙයි කියලා කිව්වාට අපිට නම් ලොකු දේවල් නේද සහෝ

    ReplyDelete
    Replies
    1. එකනේ තවම නැති වුනේ කඩු 9 ක් කාසි කිහිපයක් එ වගේ පොඩි දේවල්. ලංකාවේ මිනිස්සුන්ට පිස්සු. එ හැටි කෑ ගහන්නේ.

      Delete
  30. හොද ඉදිරිපත් කිරීමක්... ඒ කෞතුකාගාරයට වෙලාතියෙන දේ නම් ශෝචනීයයි...

    ReplyDelete
    Replies
    1. මොන රටක වුනාත් හරිම ශෝචනීය ඉරණමක්. අපිට එහෙම දෙයක් නොවේවා කියල ප්‍රර්ථනා කරමු.

      Delete
  31. අපේ වුන්ගෙ නෑදෑයෝ ඉන්නවද දන්නෑ ඝානාවෙ, කටු ගෙවල් සුද්ධ කරන!!! ඵල ඵල!!!

    ReplyDelete
    Replies
    1. වෙනත් රටවලින් හොඳ ආදර්ශ ගන්නේ නැහැ මෙන්න මේ වගේ දේවල් තමා ඉගන ගන්නේ.

      Delete
  32. ස්තූතියි. ෆොටෝ ටිකට. මම හිතන්නෙ හුඟක් අප්‍රිකානු, ආසියානු, දකුණු ඇමරිකානු රටවල තිබ්බ වටින කියන පෞරාණික දේවල් හුඟක් තියෙන්නෙ යුරෝපයෙ. අධිරාජ්‍යවාදීන්ගෙන් අපි වගේ රටවලට ලැබුණු දායාද ! ඉතිරිවෙල තියෙන සොච්චමටත් ලෝකල් සුද්දො කෙලිනව. ජාතියෙ අවාසනාව, නැතුව වෙන මොනව කියන්නද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපේ දේවල් ඔක්කොම අරගෙන ගියා. මොකක් හරි දෙයක් නිසා සුද්දෝ ගියෛන් පස්සේ එ දේවල් රැකුණා ඒත් ආයෙත් එ දේවල් නැති වෙනවා.

      Delete
  33. වටින පෝස්ට් එකක්.කවද දකින්නද අපි..ඊලග ලිපිය එනකම් බලන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඊළඟ ලිපිය කවදා දන්නා පුළුවන් වේවිද දන්නේ නැහැ.ඒත් පුළුවන් ඉක්මනින් නිවාඩුවක් ලැබුන ගමන් යන්න හිතාගෙන ඉන්නේ.

      Delete
  34. ඝනාවේ කටුගේට වඩා ලංකාවෙ කටුගේ නම් තරමක් ඉදිරියෙන් තියෙනවා. ඒත් ඉතින් බලන් ඉන්න ගමන් ඒකෙත් කඩු ටික නැතිවෙනවානේ.

    අර පුටුවේ ඉන්න අලියයි පොල්ගහයි .තියෙන පිංතූරෙනම් අපේ කැටයම් කලාවේ නිර්මාණයක් කියලා මටත් හිතෙනවා.

    ලස්සන පිංතූර ටිකක් එක්ක ගොනු කල සටහනක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මෙහෙම ගියොත් ඝානාවේ කටු ගේත් අභිබවා යන්න බැරිවෙන එකක් නැහැ.

      මටත් දැන් හිතෙනවා ඒක ආසියනුවෙක් තෑගී දීපු එකක් වෙන්න ඇති කියලා.

      ස්තුතියි අයියා.

      Delete
  35. අහ්හා ලංකාවේ කටු ගෙවල් වලත් ඉස්සරහට ඔච්චරක්‌ විතරක් තියෙයි. අහෝ ආශ්චර්ය

    ReplyDelete
    Replies
    1. අහෝ අහෝ... හොඳම දේ අන්තිමටම නේ. තව කල් තියෙනවා.

      Delete
  36. කිව්වත් වගේ අපේ රටේ වටිනා පුරාවස්තු වලිනුත් සැහෙන කොටසක් තියෙන්නේ පිටරටවල කෞතුකාගාරවල. සමහරවිට සුද්දන්ගේ ගෙවල් වල. දැන් නම් කෞතුක වස්තු කොල්ලකන්නේ එළිපිටම. සැහෙන වටිනා ලිපියක්. බලකොටුව ගැන දැනගන්න මග බලාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙච්චර ආරක්ෂාවක් තිබුන තැනක් වෙලාත් කොහොමද ඒවා හොරකන් කරන්නේ. අනේ අපි බබාලා නිසා මොකවත් දන්නේ නැහැ.

      ඉතුරු ටිකක් ඉක්මනින් දාන්නම්

      Delete
  37. ලංකාවත් හරි හැටි පාලනයක් කලේ නැත්ත්තම් අපේ රටේ කෞතුකාගාර වලට අත්වෙන්නෙත් මේ ඉරණමම තමයි.කඩු උස්සපු එවුන් ඉස්සරහට තව මොන මොනවා උස්සයිද දන්නේ නැනේ


    දැකපු නැති මේවගේ රටවල් වල විස්තර හොයල දාන එක ගොඩක් වටිනවා අසාර් අයියේ.

    ReplyDelete
    Replies
    1. තව අවරුදු 10 විතර පස්සේ ලංකාවට ඇවිත් ගියපු සංචාරකයෙක් මේ වගේ ලිපියක් දැම්මොත් කොහොමද සන්තෝසේ.

      ස්තුතියි මචං.

      Delete
  38. තොරතුරැ වලට ස්තූතියි... මගේ බ්ලොගියෙත් චාරිකා සටහන් එක්ක ඉතිහාසය ගැන ලියලා තියෙනවා වෙලාවක කියවලා බලන්න.

    ReplyDelete
    Replies
    1. සිරා මම ඒ පොස්ට් දෙකක් කියෙවුවා අන්තිම එකත් කියෙවුවා හොඳ විස්තරයක් තියෙනවා. පින්තුර ටිකත් නියමයි.

      ස්තුතියි මචං.

      Delete
  39. මගේ අම්මියෝ මන් සැහෙන්න කාලෙකින් මේ පැත්තේ ආවේ...:(
    මන් හිතුවේ මේ කඩුවේ කතාව කිව්වම ලංකාවේ කෞතුකාගාරයැ ගැන කියලනේ එහෙම හිතාගෙන එනකොට දැක්කේ මේක අපේ රට ගැන නෙවෙයි කියලා...
    අපේ රටේ මිනිස්සුන්ට අපේ දේවල් වල කිසි වටිනාකම්නෑකමක් නැති හැටි... මේ කෞතුකාගාරය බලන්න විනාඩි 30කින් පුළුවන්ලු එකට අපේ රටේ එක නියම වෙලා අරන් බැලුවොත් සම්පුර්ණ විස්තර දැනගන්න දවසකුත් මදි එච්චර වටිනා දේවල් තියනවා...
    හුගක් ස්තුතියි අසර් අයියේ මේවගේ වාර්තාමය විස්තර දාන එක ගැන අපි හුගක් වැදගත් විස්තර අලුත් කරුණු මේවයින් ඉගන ගන්නවනේ
    විභාගේ ඉවර වෙලා කියවන බැරි උන ඉතුරු පොස්ට් ටික හිමින් කියවන්නම් හොදේ.... :)

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියන්න ඕනේ ඉස්සෙල්ල විභාගේ කරගන්න කියල.

      මමත් පොඩි කාලේ බැලුවට දැන් ලංකාවේ එක ගැන මතකම නැහැ. ගොඩාක් වටිනා දේවල් එකේ තියෙන්නේ. අපේ රට ගැන තවමත් ආඩම්බර වෙන්න පුළුවන්.ඒත් ඉස්සරහට මේ දේවල් එක දෙක නැතිවෙන්න ගත්තොත්.

      Delete
  40. වෙනද වගේම උඹේ ඇස්දෙකෙන් ලොකයේ තවත් තැනක් බලන්නට අපට මගපාදා දී තිබෙනවා ස්තුතී ඔබට. ලංකාවට ලබා ඇති අබුද්දස්ස කොළමේ අපලය ලඟදීම දුරුවේවායි පතමි එච්චරයි

    ReplyDelete
    Replies
    1. හැකි හැම දෙයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙනවා. අපේ රටට ඉක්මනින් ඒ අබුද්දස්ස කාලේ නැති වෙන්න කියල මමත් ප්‍රර්ථනා කරනවා.

      Delete
  41. මම පරක්කු වෙලා වගේ.. කමෙන්ට් කියවන්නේ නැතුවම පල්ලෙහට ආවා, වෙලාව ටිකක් සීමිතයි. ඒකයි.

    ලංකාවෙත් ඔය දේම වෙයි මෙහෙම ගියොත්. කටාර් වල නම් කටු ගේ තියෙන්නේ අනිත් රටවල එව්වා. කටාර් වල දේවල් නැතිම තරම්. ඉන්දියාවේ ෂා ජෙහාන් අධිරාජ්‍යයාගේ කඩුව තියෙන්නෙත් මෙහෙ.

    ReplyDelete
    Replies
    1. ගියපු අලුතානේ වැඩ ඇති උඹට.

      තවමත් ඉතිං හොරු අල්ලන්න බැරුව නේ ඉන්නේ. පුදුම පොලිසියක්. කටාර් වල ඒ හැටි ඉතිහාසයක් නැහැ නේද? ඒ නිසා වෙන්න ඇති.

      Delete
    2. වැඩ වැඩියි කියන්නේ එපා වෙන්නම. පැය හයකදී කරපන් කෝ පැය 8 කරපුවා ම. අනේ!!

      Delete
  42. ඕවා පරිස්සම් කොරන්ඩ වියදම් වෙනවනෙ බන්.ඒකයි අපේ උන් බඩු උස්සන් යන්නෙ.අපේම සල්ලිනෙ ඉතුරු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත පුළුවන් තරම් වියදම් අඩු කරන්න වෙනවා එතකොටනේ රටක දියුණු වෙන්නේ.

      Delete
  43. කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කව්තුකාගාරෙ ඔය්ට වඩා භාණ්ඩ තියෙනවා..!
    ලංකාවෙත් ඉස්සරහට ඔහොම වෙය්ද..?

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං.මටත් දැන් කිවුවාම මතක වුනේ අපි පොඩි කාලේ ගියා එතනත් මිටවඩා ගොඩාක් දේවල් තිබුනා.

      Delete
  44. අර මීළඟට යනවා කිව්ව දිහාවේ පිංතුර එක්ක විස්තරේ දාන්නකෝ... මම ඒ පෝස්ට් එකවත් බලන්න එන්නම්කො.... :)

    ReplyDelete
    Replies
    1. කොහෙද ගිහින් හිටියේ. මෙච්චර කාලයක්.

      එකට යන්න තව ටික දවසක් යාවි.

      Delete
    2. කොහෙවත් නෑ... ලඟදි ට්‍රයල් තිබ්බා... පාඩම් වැඩත් තිබුණා... ඒකයි ඉතින්... :))

      Delete
  45. වෙලාවට ඔක්කොම වගේ ලී බඩු තියෙන්නේ...තඹ හරි කඩුවක් නෑ නේ ආසාවටවත්...

    ReplyDelete
    Replies
    1. තිබුනා අඩි 5ක් විතර දිග මන්නා පිහියක්. ඊතලේකැ උලක්‌. ඒ ඔක්කොම වානේ තඹ ඇන වගයක් තිබුනා.

      Delete
  46. මාර වැඩේ කියන්නේ මට මේක මිස්වෙලානේ.... පමාවට සමාව අසරණයානෙනි.

    පින්තූර ලෝඩ් වෙන්න සෑහෙන්න වෙලාවක් යනෝ කොලිටි තව අඩු කරන්ඩෝ...

    මේක වටිනවා අයියේ.කවදා ඔහෙ එන්නද අර ලිංගල කතා කරන කොංගෝවරු වගේ පෝස්ට් සෑහෙන්න බලාපොරොත්තුවෙන් අපි ඉන්නේ.ඒක නෙමේ අර වීඩියෝ එක ලඟදි එනවද???

    වෙලාවට අයියේ මාතෘකාවටම කඩු නෑ කියලා දැම්මේ.නිකමට හරි ඒ වචනේ දැම්මනම් ඕකටත් බඩුම තමා....

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම බැලුව ගැමියාට මොකද උනේ කියලා.

      අනිත් දවසේ දාද්දි කොලටිය අඩු කරන්නම්.මේවා ටිකක් ලොකු වැඩි වගේ තමා.

      තව ඒ වගේ පොස්ට් දන්නා හිතාගෙන ඉන්නවා.ඒත් ඉතිං කවදා වැටෙයිද දන්නේ නැහැ.

      කඩු නැතත් ලොකු මන්නා පිහි තියෙනවා.

      Delete
  47. මේ වගේ ඒවා දැනගන්න එක නම් වටිනවා ගොඩක්.
    ලංකාවේ කටු ගේ ගැන නම් ඉතින් අනේ මන්දා..මෙහෙම ගියොත් අනිත් බඩු ටිකත් කවුරු කවුරු හරි උස්සන් යාවි.
    අර බ්ලැක් මැජික් එහෙම නැද්දෝ?

    ReplyDelete
    Replies
    1. අද දැක්ක හොරාගේ පින්තුරයක් දාල තියෙනවා දැක්කොත් පොලිසියට කියන්න ලූ ලක්ෂ 10ක්.කටු ගේ සොරා.

      බ්ලැක් මැජික් ඒක තව ටිකක් තියෙනවා කරුණු එකතු කරන්න. ඒ ටික හොයලා මම අනිත් ලිපිය දාන්නම්.

      Delete
  48. anith lipiyath ikmanata danna hode asar ayya.....

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දන්නා හිතන ඉන්නවා.ඒත් තවම ගියේ නැහැ.

      Delete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...