18 Nov 2011

ගුවන් සේවිකාවකට සේවකයෙක් වුනෙමි






මේක මගේ අත්දැකීමක්.මේක කව්රු හරි කියවල වැරදි අදහසක් තියෙනවනම් නැතිකරගනිවී  කියලත්   හිතනවා.


  මගේ නිවාඩුව ඉවරවෙන්න තිබුනේ තව ටික දවසයි.ඉවර උනු ගමන් මට අයෙත් වැඩකරන රටට යන්න ඕන. මං ඉන්නේ ලංකාවේ මිනිස්සු අඩුවෙන්ම යන ඒ රටේ මිනිස්සු දැක්කම  ජීවිතේ මොකක්ද මේ කියල හිතෙන රටක්. 
පොඩි කලේ මං ආසම දෙයක් තමය් ප්ලේන්  එකක යන එක.ඒකාලේ ප්ලේන් එකේ යන්න සිහින මවපු තරම්.දැන්නම් එපා කරපු දේ  තමයි  ප්ලේන් එකක යන එක.කොහොම හරි යන්න දවස අවා.
ගෙදර මට වඩා වැඩිමහලු  හැමෝටම  වැඳලා පොඩි අය මට වැඳලා හැමෝගෙම  හොටු මගේ මුනේ ගාගෙන ගෙදරින් පිට වෙලා ආවා.ප්ලේන්  නවත්වල තියෙන තැනට.මට සමු දෙන්න තව ටික දෙනෙකුත් අවා (ටික කාලයක් නිදහසේ ඉන්න පුළුවන් කියල  හිතපු අය නොහිටියමත් නෙවෙයි ) එයාලගෙනුත් වෙන් වෙලා ඇතුලේ ඉන්න උන් අහන ඒවටත් උත්තර දීලා ප්ලේන් එකට  නැගල    මං මගේ ෂිට් හොයාගෙන වාඩි වුනා දැන් මං යන්නේ හදන්නේ මොණර පිහාටු වගේ සරි ඇදන් ඉන්න සුන්දරියෝ ඉන්න  ප්ලේන් එකේ.ඔව් "ශ්‍රී ලංකන්".කට්ටිය හැමෝම  වාඩි  වෙලා ඉන්නවා ප්ලේන් එය යන්නත් තව  ටික වෙලාවක් තියෙනවා.සුන්දර කෙල්ලෝ ටික දෙනකුත් හිටිය.මං හිතුවේ  ඒයාලා   මට විශේෂයෙන් සලකනවා ඇති  කියල මට හිතුනු  විදියට මං හෙන පොරක්  වගේ මට දැනුන මං මුලින්ම ශ්‍රී ලංකන් එකක ගියපු දවස තම ඒ.පස්සේ තේරුණා එය මට නෙවෙයි  හැමෝටම ආදරෙන් කතා  කරනවා සලකනවා  කියල .එහාට මෙහාට යද්දී පවුඩර්  සුවදේ බෑ.හැම කෙල්ලෝ ලඟම එන සුවඳ  ඒයාලා ලඟිනුත් ඒක ආව.


දැන් යන්න පිටත්වෙන්න හදන්නේ  හැමෝගෙම ලගට  වගේම මගේ ලගටත් අවා
"සර් අපි  දැන් පිටත් වෙන්න හදන්නේ සර් ගේ  පටිය දාගන්න"
ලස්සන කෙල්ලෙක් සර් කියද්දී මට නිකන්   කිති වගෙත් දැනුනා  (සාමාන්යෙන් දැනෙනවා) .සලිත වෙච්ච හිත එක්තැන්  කරගන  ගමන් මං එයා කියපු විදියට කලා.ටික වෙලාවකින් මං හිටපු  ප්ලේන් එක උඩ යන්න පටන් ගත්තා ටික වෙලාවකට  පස්සේ ෂිට් එකට තියල ගැට ගහපු පටිය ලිහල වට පිට බැලුව එලිය පේන්නෙත් නෑ මහා රෑ තරුවක්වත් නෑ එදා මූසල  දවසක්  වැස්ස දවසක් නිසාද කොහෙද . ඇස පිනවන්නවත් හේතුවක් තියෙනවද කියල අයෙමත් වටපිට බැලුව .කිසිම රසක් නෑ...  හරියට නිකන් "කාන්තාරෙක ඉන්න ඔටුවෙක්" වගේ මට හැගුනේ. ඉස්සර පාරේ තාප්ප වලනම්  අලවල තිබුන "විවාහය ප්‍රමදනම් දුර බස් එකක  යන්න"කියල.එත් ඒ  කතාව වැරදි කියල  දැන් මට තේරෙනවා මං හිතන්නේ මගේ හතර කේන්දරේ පාලුයි  වගේ. ටික වෙලාවකින් ඉස්සර ගමේ බූමි තෙල් බෙදන  "ගොන් කරත්තේ" වගේ කරත්තයක් ඇදගෙන දෙන්නෙක් එනවා මට එක දැකල පුරුදු උනාට පොඩ්ඩක් අමුත්තක්  දැනුනා මොකද මෙයාල දෙන්නට සිංහල පුළුවන් හින්දා.


"සර් සොෆ්ට් ඩ්‍රින්ක්ස් ද හොට් ඩ්‍රින්ක්ස්  ද?"


නිකන් දෙන නිසා දෙකම ගන්නත් හිතුනත් මොකක්දෝ  හේතුවක් නිසා මට හොට් ඩ්‍රින්ක්ස් කියල ඉබේම කියවුන 


"විස්කිද",රෙඩ් වයින් ද? "


තව අමුතු ඉංග්‍රීසි  නම් වගයකුත් කිවුවා
අඩුවෙන් බීල වැඩියෙන් වෙරිවෙනේ විස්කි කියල මගේ අත්දැකීමෙන් දන්නා නිසා විස්කි කියල  දෙපාරක් හිතන්නේ  නැතුව ඉල්ලුව.නිකන් දෙන විස්කි වීදුරුවෙ රසබලල කන්න දුන්නු දේවලුත් ඔක්කොම කලා කරන්න දෙයක්ම නැති  තැන නිදාගන්න  ට්‍රයි කලා.ටික වෙලාවකින් මගේ ජීවිතේ ලබපු  වේදනා කාරම  කන් කැක්කුම පටන් ගත්තා එන්න එන්නම වේදනාව වැඩි වෙනවා වගේ දැනුනා කරන්න දෙයකුත් නෑ  අම්ම ලග හිටියනම් දේශීය බෙහෙතක් හරි හදල දෙනවා  ඒත් මං මේ අහසේ ඉද්දි මං  කාට කියන්නද
ජිවිතේ පලුමු පාරට දැකපු මිනිස්සු ගොඩක් ඉනෙත් කාටද කියන්නේ දහසකුත් ප්‍රශ්න  .බැරිම තැන ඇහැ ඇරලා බලද්දී මගේ එහා පැත්තේ  හිස් වෙලා තිබුණු ෂිට් එකක ඉන්නවා අර කලින් මාව ෂිට් එකට තියල ගැට ගහන්න හදපු ඒ සුන්දරී.ඒ වගේ කෙල්ලෙක් ගෙන්  කොහොමද මං කටක් ඇරලා කියන්නේ කන් කැක්කුමක් තියෙනවා බෙහෙතක්  දෙන්න කියලා.එතකොට ඒ කෙල්ල මං ගැන මොනවා හිතාවිද  මේකා කොල්ලෙක්ද කන්කකුමක් ඉවසන්න බැරිද තව තව  අමුතු ඒවත් හිතුවොත් දහසකුත් විකාර සිතුවිලි මැද මං ටික වෙලාවක් අතර මං උනා ඒත් එන්න එන්නම වේදනාව වැඩි වෙනවා.ඕනදෙයක් හිතපු දෙන් මෙයාව අයෙ දකින්නෙත් නැහැනේ මං මටම බැනගෙන චංචල උනු සිත නිශ්චල  කරනගමන් මං මගේ ඒ අමාරුව කීවා (මගේ හොඳ වෙලාවට ශ්‍රී ලන්කන් එකක ගියේ නැත්නම් වෙනත් එකක ගියානම් මං කොහොමද එක කියන්නේ  කන්  කැකුමට ඉංග්‍රීසියෙන් කියන විදිය දන්නේ නැ)


"මිස් මගේ පොඩි කන් කැක්කුමක් තියෙනවා මොනවත් බෙහෙතක්  දෙන්න පුලුවන්ද"?


 මං ඒ ලස්සන මූණ  දිහා  අසරණ විදියට බලනගමන්  ඉල්ලුව මගේ ජීවිතේ පළමු දවස කෙල්ලෙක්ගෙන් බැගපත් වෙලා දෙයක් ඉල්ලුවේ.එය මගේ මුණ දිහා මට වඩා අසරණ විදියට බලල කිවුවා


"මට පොඩ්ඩක් සනීප නෑ  අනෙත් කෙනාට කියන්න පුලුවන්ද  සර්"


අසරණ වෙච්ච කටහඩෙන් එහෙම කියද්දී මට "අනේ පව්" කියලත් හිතුන මොනවා කරන්නද අත් දෙකින්ම එක කනක් බදාගෙන, බෙල්ල පැත්තට හරවාගෙන, හිටපු ෂිට් එකෙන් උඩින් පැනල,
 නිදා ගෙන උන්නු අයගේ කකුල්වල හැපී හැපී,  අමාරුවෙන් පිටිපස්සේ කොනටම ලං වෙද්දී බාගෙට වැහුණු වැසිකිළි දොර   ඇතුලෙන් ගැණු කෙනෙක් වමනේ දාන සද්දයක් ඇහුණා.ලංවෙන්නත් පොඩ්ඩක් බයත් වගේ එත් කුතුහලෙකුත් තියෙනවා කවුද මේ වමෙනේ දන්නේ මොනවත් සුබ අරන්චියක්වදෝ... කියල එත් මං හිතපු  නැති විදියට එතන හිටියේ අනිත් ගුවන් සේවිකාව." අම්මෝ" මේ දෙන්නටම අමාරුයි කෑම විස වේලාවක්ද දන්නෙත් නෑ අපිට දෙන්න කලින් මෙයාල කනවා නේ එහෙම උනොත් තව ටිකකින් අපිටත් අමාරුවෙන් කාපුවා එළියට දාන්න වෙන්නේ. අමාරුවෙන්  ඉන්නවා දැකල මං ඇහුව     "ඇයි මොකද අසනීපයක්ද"  මගේ අසනිපට  බෙහෙත් හොයන්න හියපු මට මේ දෙන්නටම බෙහෙත් සොයල දෙන්න වෙයි  කියල ඉවෙන් වගේ මට දැනුනා. මගේ වේදනාව පැත්තලින් තියල එයා කිවුව අද මොකක්ද ඉංග්‍රීසි වචනයක් කියල අන්න එක නිසා තම අද  වමනේ ගියේ මට ඒ වචනේ තේරුනේ නැති උනාට තේරුණා වගේ ඉදල එයාලගේ ප්‍රධානියා හොයන්න අයෙත් මං කකුල් උඩින් පැනලා මැද  හරියට ගිහිල්ල  තවත් ඊට දෙවෙනි නොවෙන ලස්සනක් තියෙන කෙනෙක් ඉන්නවා බාගෙට විවර උනු කටත් බාගෙට පියුනු ඇස් දෙකත් එක්ක තරු දිහා බලන මොන්ටිසෝරි ළමයෙක් වගේ මුල්ලක ෂිට් එකක නින්දේ සැප නෙන්දේ වෙනස බලමින් .
ටිකක් ලං වෙලා "Excuse me"   හිටපු  නින්දේ  හැටියට සද්දේ මදි කියල ටිකක් උස් හඩින් අයෙත් කතා කළා .ඊට පස්සෙනම්  මගේ දෙමවුපියෝ සිහිකරන බැල්මකින් මා දිහා බලල, වියාජ හිනහවක් මුනේ මවාගෙන 


"ඇයි සර්"


ඔයාලගේ කෙනෙක්ට ටිකක් සනීප නැ වගේ"


 අතන කිචන් එක ළඟ ඉන්නවා
"OK සර් මං බලන්නම් Thank you "  නොදකින් මෝඩයා   නිදා ගන්නවත් දෙන්නේ නෑ  කියන බැල්මකින් අයෙත් මගේ දිහා රවුවේ නැතත් අමුතු බැල්මක් බලලා ප්ලේන්  එකේ පොදු වැසිකිලිය වෙත Cat wark   එකෙන්ම ගිය. මගේ කනේ අමාරුව ටිකක් අඩු උනා මං  මගේ ෂිට් එකට ගිය .එතකොට තවමත් අර අහිංසක  කෙල්ල ඉස්සරහා ෂිට් එකට ඔළුව ගහගෙන නිදි. කොහොම හරි මගේ ෂිට් එකෙන් මං අමාරුවෙන් වාඩි  වෙලා කතා කරන්න හේතුවක් කල්පනා කරනගමන් දත කට මැදගෙන ඉන්නවා කොහොමද කතාව පටන් ගන්නේ...!! කියල.


"කොහොමද ඔයාට දැන්  " ඒ මගේ හඬ
"දැන් ටිකක් හොඳයි" ඒ ඇයගේ හඬ


මොකද අසනීපෙ ඔයාගේ යාළුවත් වමනේ කරා . ඔව් අද ******* එක වැඩි  එකයි  ආමාරු  කලින් වමනේ කරපු සේවිකාව  කියපු ඉංග්‍රීසි වචනේ  මෙයත් කිවුව මට එත් තේරුනේ නැ මං හා:..  ඒකනිසා ද තේරුණා විදියට ඉඳල ."කොහොමද ඔයාගේ ජොබ් එක" මං කතාව වෙනස් කරා


"හපෝ එපා වෙලා තියෙන්නේ"

අපි ඇවිල්ල තවම "Tow Weeks"  මටනම් ඒපා වෙලා තියෙන්නේ

"කොහොමද ඔයාගේ කනේ අමාරුව"


ආ... එක දැන් හොඳයි  (එය ලගින් අපු පවුඩර් සුවඳට ද නැත්නම්  ලස්සනක ගැණු ළමයෙක් එක්ක කතා  කරපු නිසාද මගේ ලෙඩේ කොහෙන් ගියද නැ )
මගේ කුතුහලය ඇවිස්සුනා ඇයි  මේ වගේ රස්සාවක් එපා වෙන්නේ ගැහැණු ළමයි කි දෙන්නම් සිහින මවනවද  ප්ලේන් එකේ එහාට මෙහාට යන්න .
"ඉස්සර තුබුණු ආසාවට Apply  කළ   "3000" දෙනෙක්ගෙන් 5 Select  උනේ.අපිත් හරි සංතෝසෙන් ට්‍රානින් වුන ජොබ් එක  දෙවැනි දවසෙම එපා වුන ප්ලේන් එක  150 විතර  ඩ්‍රින්ක්ස් දෙන්න ඕනේ එක එක්කන කැමැති  එක එක ඒවා බිල ඉවර උනාම ඒවා එකතු කරගෙන වටයක් යන්න ඕනේ  ඊට පස්සේ කෑම  බෙදන්න ඕනේ කෑම වල අඩු පාඩු තිබුනම මගියෝන්ගෙන්  බැනුම් අහන්නත් ඕනේ... ඒයාලා කපු පිගන් එකතුකරගෙන අයෙත් වටයක් යන්න ඕනේ වතුර,තේ බෙදාගෙන අයෙත් වටයක් යනවා ට්‍රොලිය තල්ලු කරගෙන යන එක හිතපු තරම් ලේසි නෑ  කෑමත්  පුරවගේන නේ..... ඊට පස්සේ අනෙත් මගියෝ ටික පැක් කරගෙන අයෙත් ලංකාවට එන්නාව ඒ එද්දිත් මේ වගේම තමා මහන්සිය.මටනම් මේ රස්සාව එපා වෙලා තව ටික දවසක් බලල මං නවතිනවා. "

"අවුරුදු ගානක් සිහින මවපු රස්සාව සති දෙකෙන් එපා උනේ ඇයි"?ඒ මගේ අන්තිම ප්‍රශ්නේ 

එන්න කලින් දැනගෙන හිටියේ නෑ  මෙක මෙච්චර අමාරු රස්සාවක් කියල එත් දැන් මට තේරෙනවා ඒ කතාවක් සමගම මගේ ගමනාන්තෙට ලං උනා මගේ හිතේ ඇති උනු වේදනාවත් එක්කම හැමදාම කෙල්ලෙක් එක්ක කතාකරම ඇති වෙන ඒ අදහස මට එදත් පහලවුන ඔයාගේ  Contact number නැත්නම්    FB id   එක දෙන්න .එත් මං මගේ හිතේම ඒක තියෙන්න ඇරලා වැදගත් කොල්ලෙක් විදියට  "හැම රස්සවක්ම අමාරුයි  කිසිම රස්සාවක් ලේසි නේ ටික දවසකින් ඕක හරියාවි " මං පොඩි වැඩිහිටියෙක්  වගේ අවවාදයකුත් දීලා අකමැත්තෙන් උනත් ඇයට සමුදීලා මගේ මල්ලත් අරන් මං බැස්සා.




















61 comments:

  1. කියන්ඩ තරම් දෙයක් නැ.

    හොදයි ඕයි.ජය!

    ReplyDelete
  2. KC =කියන්න තරම් දෙයක් න කිවුවේ පොස්ට් එක හොද නැ වගේද

    ReplyDelete
  3. අනේ නැ.පොස්ට් 1 හොදයි...
    ඒ වෙලාවේ මට කමෙන්ට් කරන්න දෙයක් හිතුනේ නැ.

    ReplyDelete
  4. KC = එහෙනම් කමක් නේ යාළු..

    ReplyDelete
  5. මෙක අපේ කෙල්ලොත් කියවනවනම්, කොට්න්ම මටත් ඒක තෙරුනෙ දැන්....

    ReplyDelete
  6. මම නම් හිතුවෙ ගුවන් සේවිකාවො හරිම කැමැත්තෙන් එයාලගෙ රස්සාව කරනව කියල. බලාගෙන ගියාම ඒකත් තවත් එක රස්සාවක් විතරයි....

    ReplyDelete
  7. @ ShagsZone = මගේ මේ පොස්ට් ඒක එච්චර වැදගත්ද?.

    @Music Girl = රස්සාවක අමාරුකම දන්නේ ඒ රස්සාව කරන කෙනා විතරයි නේ සහෝදරි ...

    ReplyDelete
  8. ඔව්, අපි හිතන් හිටියෙ උන් හරි කැමැත්තෙන් ඒක කරනවා ඇති කියලා. ලස්සනට හිනාවෙලා සර් කිව්වම අපිට එ අයගෙ ඇතුලාන්තය දකින්න බෑනෙ.

    ReplyDelete
  9. අපරාදෙ බන්, කන්ටෑක් නම්බර් එක නැතත් FB ID එකනම් ඉල්ල ගන්න තිබුනෙ....

    ReplyDelete
  10. මටනම් හිනා ගියා අර නින්දෙයි සැප නින්දෙයි වෙනස බලමින් කියල තියෙන හරියේදී.. හිකිස්‌. බලමු, මමත් හෙට අනිද්දට යන්නයි ඉන්නේ ප්ලේන් එකේ

    ReplyDelete
  11. @නචිය = මං හැමදාම ඔය ගොන් වැඩේ කරනවා බන් .ඉල්ලන්න චාන්ස් එක තුබුණත් කෙල්ල දෙනකන් ඉන්නේ (හෙන පොරක් කියල හිතන ඉන්නේ)
    ........................................................................................................................................................................................................................................;
    @වර්ණා = කියවද්දී හිනානම් එක දැකපු මට කොහොම හිනා ඇත්ද.ඔයත් රට දාලා යනවද?

    ReplyDelete
  12. ඔව් ඔව් යනවා

    ReplyDelete
    Replies
    1. ආ..වර්ණා අපිට කියන්නෙත් නැතුවම යනවා එහෙනම්..:/

      Delete
  13. i tried to be an airhostess.. but couldn't as i'm short. Now, i think luckily i didnt get that chance.. Thanks for sharing....

    ReplyDelete
  14. @Sammani = ඔව් ඒ ගර්ල් කිවුවා උස තියෙන්න ඕනේ බර තියෙන්න ඕනේ හොඳට ඉංග්‍රීසි කතාකරන්න ඕනේ ඒවා තම ප්‍රධාන සුදුසුකම් .හැම දෙයක්ම වෙන්නේ හොඳටනේ සම්මානි .ස්තුතියි සහෝදරි

    ReplyDelete
    Replies
    1. හපෝ බරත් ඕන කිව්වද...එහෙනම් මටත් ඕකට යන්න බෑ. මමත් ඉස්සර ආසාවෙන් හිටියේ. ඒත් වෙනම මාර්ගේක ගිය නිසා සලකලා බලන්නවත් උනේ නැහැ..

      Delete
  15. වාහනේ ලොකු වෙන තරමට තමයි ජොබ් එකේ ලොකු කම, නැත්තං වීල් මල්ලිගෙයි පයිලට් ගෙයි වෙනසක් නෑ.

    ඒ වගේම එයා හොස්ටස් කියන්නේ වේටර් ජොබ් එකක්. අමාරු තැනක, ලොකු පිරිසකට, අවම පහසුකම් යටතේ!

    ReplyDelete
  16. @කතන්දර = හැම ජොබ් එකක්ම අමරුයිනේ වෙනස තියෙන්නේ අපි ඉන්න සමාජයේ මිනිස්සු දකින විදිය .ස්තුතියි යාළුවා මේ පැත්තේ ආවට

    ReplyDelete
  17. මරුවට ලියනවා ඈ.....

    ReplyDelete
  18. @නරකයා! = සිරද බන් ඔය කියන්නේ.ස්තුතියි යාළුවා

    ReplyDelete
  19. ලකුනු 100% ලස්සන පෝස්ට් එක

    ReplyDelete
  20. ela :) ela :) ela :)

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් ස්තුතියි.

      Delete
  21. හොදට ලියලා තියෙනවා

    ReplyDelete
  22. සැක්.. අර නොමිලේ දෙන FB කාඩ් එක වත් තිබ්බා නම් නෙහ් ? :D :D

    ReplyDelete
    Replies
    1. පස්සෙනේ තේරුනේ කරපු ගොන් කම.

      Delete
  23. මේක අවාසනාවකට ඇත්ත කතාවක්ද ?

    ReplyDelete
    Replies
    1. ඕව් නිවාඩු ඇවිල්ල යද්දී වුනු සිද්දියක්.

      Delete
  24. තුෂානි31 Mar 2012, 16:06:00

    හොදට ලියලා තියනවා.

    ReplyDelete
  25. කවුද දන්නේ තව මොන මොනවා සිද්ධ වුනාද කියලා. එව්ව ඉතින් අපි හිතා ගමු. ;)

    ReplyDelete
    Replies
    1. වෙච්ච දේවල් නේන්නම් මේ අසර් කියලා තියෙන්නෙ..කුබූට කියවන්න බැරිද හෑ?? :O අයියෝ අසර් බලන්නකෝ මෙයා කියන එක..
      -හුරතල් ඇනී-

      Delete
    2. @කුබූ වෙන මොනවත් වුනේ නැහැ.සිද්ද වුනු සියල්ලම මේ තියෙන්නේ.දැක්කනේ හුරතල් ඇනිට කේන්ති ගිහිල්ල තියෙන තරම

      @ඇනී. හා හා ඔයා කෙන්තිගන්න එපා රට්ටු කියන කතා

      Delete
  26. හොද පොස්ට් එකක්.

    ReplyDelete
  27. සුන්දරයි කියලා පේන රස්සාවක නොදුටු පැත්තක්

    ReplyDelete
    Replies
    1. මගියෝ පැමිණිලි කලොත් වැසිකිලි පවා සෝදන්න වෙනවලු.

      Delete
  28. හික්ස්ස්... අයියාගෙ කනේ අමාරුව සුන්දරියෝ දැකලා හොද වෙලා.. මාරයිනෙ..;) අම්මියෝ.. ඔය රස්සාවට මැරෙන්න හදන මම දන්න හුඟාක් අය හිටියා. සිලෙක්ට් නොවුනාට දුකින් හිටපු අයත් හිටියා.. සුන්දරයි කියලා පෙනුනාට ඒකත් කට්ටක් නේද?

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ තියෙන කිසිම රස්සාවක් සුන්දර නැහැ. මමත් හිතන් හිටියේ එහෙම තමා.ඒත් වැසිකිලි සෝදන වැඩේ ඉඳලම කරන්න තියෙනවා.

      Delete
  29. අනේ පව් අප්පා ගෑණු දරුවා...

    ReplyDelete
  30. ඉතිං උඹ කියන්න එපෑ අනේ පටිය පොඩ්ඩක් දාල දෙන්නකො කියල :D

    ReplyDelete
    Replies
    1. කියන්න හිතුනා පස්සේ බය හිතුනා එලියට ඇදල දැම්මොත්

      Delete
  31. ආයෙ එයාව ඩැක්කෙ නැඩ්ඩ...??

    ReplyDelete
  32. Contact number එක ඉල්ලන්නෙ නැතුව එන්න ඇත්තේ මාර අමාරුවෙන් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. හිත දුන්නෙම නැහැ.ඒත් යන්න ඕනේ නේ..

      Delete
  33. ගුවන් සේවිකාව Menses කියලද කිව්වෙ?

    ReplyDelete
    Replies
    1. නැහැ වෙන එකක් ස්භාවික සිද්දියක් ගැන කිවුවේ.

      Delete
  34. හ්ම්ම්.. මමනම් ශ්‍රී ලන්කන් එකේ මෙතුවක් දැක්කේ නෑ එක ලස්සන කෙල්ලක්. මේ පාර එද්දිත් මමයි මගේ යාළුවයි කතා උනෙත් ඉතින් ඔය ගැනමයි. එක්කෝ එහෙම උන් දැන් නෑ නැත්නම් අපි එන ප්ලේන් වලට උන් නගින්නේ නෑ

    ReplyDelete
    Replies
    1. දැන් මම හිතන්නේ එයාලා වෙන වෙන එයාර් වේස් වලට යනවා ඇති.

      Delete
  35. පව්... හැම දේකම අපි නොදකින පැත්තක්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත නොදකින පැතිවල දුක වැඩි..

      Delete
  36. මමත් හිතුවේ ගුවන් සේවිකාවො පට්ට ආතල් එකේ ඉන්නවා කියලා.. ඒ උනාට ඔයා කියන කතාව ඇත්ත තමයි.. කීපාරක්නම් ට්‍රොලි තල්ලු කරන් එහෙ මෙහෙ යනවද.. පව් අප්පා...

    ගුවන් ගමන් වලදි ඔය කන් කේස් එක මටත් තියනවා.. මන් හිතන්නේ පීඩනයේ වෙනස හින්ද වෙන්න ඇති.. යලුවෙකුට කිව්වහම එයා කිව්ව හැදීගෙන එනකොටම බරකරල කෙල ගිලින්න කියලා... ඊලඟ ගුවන් ගමනෙදි මන් අථදා බැලුව.. ඇත්තටම ඒක 100% නැතත් පොඩි සහනයක් දැනුනා

    ReplyDelete
    Replies
    1. හිතන තරම් සුන්දර නැති රැකියාවක්.ඒ ට්‍රොලිය තල්ලු කරනවා කියන්නෙත් ලේසි වැඩක නෙවෙයි.

      කනේ අමාරුව මටනම් එක දවසයි ඒ ප්‍රශ්නේ ආවේ.

      Delete
  37. කථාව නියමයි....
    ඊලග පාර Contact No 1ka නැත්තම් FB id 1ka ඉල්ලගන්න අමතක කරන්න එපා!!!!!!!

    ජයෙන් ජය :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා

      ඊළඟ සැරේනම් ගෙදර නොම්බරේ හරි ඉල්ලගෙන එනවා.

      Delete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...