2 Aug 2012

වේදනාකාරී දුම්රිය ගමන.



                                       කොහේදෝ අතුරු පාරකින් ඇවිත් වැටුනේ ගාල්ල කොළඹ පාරට. වටපිට බලද්දී  දැනගත්තේ  මේ ඉන්නේ මොරටුව හංදියේ බව. ගෙදර යන දවසට මම බස් එකේ  යන්නේ. එදා සෙනසුරාදා මම වෙලාවට කලින් ඔෆිස් එකෙන් පැනපු නිසාත් මාසෙකට දවසක් ගෙදර යන නිසාමත් බස් එකට වඩා සැපට යන්න තියෙන කැමැත්ත නිසා  ඉක්මනින් යන වාහනයක් නිසා කෝච්චියේ යන්න තීරණය කළා. මිට කලින් මම ගාල්ල කොළඹ අතර මැද කොතැනකදීවත් දුම්රියට නැගල බැහැලා පුරුද්දක් නැති නිසා දුම්රිය යන එන වෙලාවක් ගැන හරි අදහසක් තිබුනේ නෑ..


 මගෙන් තිබුන  කරදරේ ඉවසන්න බැරුව තාත්තා මාව මුලින්ම කොච්චි පැද්දුවේ මං තුනවසර ඉගෙනගන්න කාලේ දී. එදා ඉඳල අද වෙනකන් මම වැඩිපුරම කැමති කෝච්චියේ ගමන් යන්න. කොල්ලෝ ටික දෙනෙක් එක්ක එකතු වෙලා හැම අවුරුද්දෙම  සීතල විඳින්න නුවරඑළි යන්න පාවිච්චි කලෙත් කෝච්චිය. එහෙම ගියාම අපි පට්ටිපොලින් බැහැලා නුවරඑළි යන්න අපි බස්, එහෙම නැත්නම් වෙනත් කුලී රථයක් පාවිච්චි කරන්නේ නැහැ. තවමත් ඉස්කෝලේ යන රැකියාවක් කරන්නේ නැති අපි "දරිද්‍රතාවේ අඩියේම" හිටියේ. ගෙදරින් දුන්න සල්ලි පුළුවන් තරම් ඉතුරු කරගෙන "ලෝ බජට්" සංකල්පේ අකුරටම ක්‍රියාත්මක කළා. අනිත් දේවල් වලට ලෝබ නැතුව වියදම් කළා. ගොඩාක් වෙලාවට අපි ගියේ එළවලු ලොරියක පිට්පස්සේ. ආවරණයක් නැති වාහනයක යද්දී මුළු පලාතම මාර ලස්සනට පෙනුනා.


අතේ සල්ලි ඉවර වෙද්දී අපි ආයේ ගෙදර එන්න පිටත් වුනා.ගමනේ බාගයක් ගෙවෙද්දී  හදිසියේම  ටිකට් පරීක්ෂකයෝ ඇවිත් එක්කෙනා එක්කනා හොඳට චෙක් කරනවා. අපි ලඟටත් ආවා. මට ටිකට් නැහැ. ගියේ යාලුවෙකුගේ තාත්තා කෙනෙක් හදල දුන්න වොරන්ට් එකෙන්. එදා මගේ නම වෙනස් කරගෙන මගේ යාලුවයේ සහෝදරගෙ ඉපදුන දවස, නම, පවුලේ විස්තරත්, හොඳින් කට පාඩම් කරන් ගියේ. අපිව වෙන වෙනම චෙක් කරා මොනවා හරි සැකයක් ඇති වෙලා වගේ. පියාගේ නම දෙන්නටම  තිබ්බට  අපි දෙන්න අහසට පොළොවට වගේ වෙනස් . "මේ ඔයාල දෙන්න අයියයි මල්ලි වුනාට හරි වෙනස් නේ" මොනවා හරි සැකයක් නිසා වෙන්න ඇති  මෙහෙම අහන්නේ. මම කිසි පැකිලීමක් නැතුව උත්තර දුන්නා. "එයා අම්මා වගේ මම තාත්තා වගේ එකයි අපි දෙන්නා වෙනස්" (බයටම කියවුනාද කොහෙද) . ටිකකින් ඔවුන්ගේ අවසාන තුරුම්පුව ගැහුවා. ජාතික හැඳුනුම්පත දෙන්න බලන්න.?  "අපි මේ නුවරඑළි ගිහින් එනගමන්. ග්‍රේගරි වැවේ නාන්න ගියපු වෙලේ පර්ස් එක නැති වුනා සල්ලිත් එක්ක ID එක පර්ස් එකේ තිබුනේ". හොඳ වෙලාවට සාමාන්‍ය දැනුම නැතිකෙනෙක් හිටියේ ග්‍රේගරි වැවේ නාන්න බැහැ කියල දන්නවනම් යාළුවගේ තාත්තගේ රස්සාවත් නැති වෙනවා මට දඩේ ගෙවන්නත් වෙනවා. ජිවිතේ එක දවසකට  මම තාත්තාව මාරු කළා.


ඊට පස්සේ අවුරුද්දේත් අපි ගියේ ටිකට් අරගෙනමයි. දවස් හතරකට පස්සේ අපි එද්දී ආවෙත් කෝච්චියෙම. එදාත් කළුතර පහුවෙලා ටික දුරක් යද්දී ටිකට් පරීක්ෂකයෝ පැන්නා. උතුරලා යන සෙනග ඉන්න පෙට්ටියේ ඇදී ඇදී මම ඉන්න තැනටත් ඇවිත් සුපුරුදු වචන ටික කියද්දී එඩිතරව මගේ ටිකට් එක දුන්නේ කිසිදෙයකට බය නැති නිසා. එදා අපි සම්පූර්ණ ගමන ගියේ නිත්‍යානුකුලව. ඒත් අපේ සිට් එකට ඉස්සරහ හිටපු ගෑණු ළමයි තුන්දෙනා  ලොකු වරදක් කරලා වගේ ඒ නිලධාරීන්ගේ හැසිරීමෙන් අපිට තේරුම් ගන්න වැඩිවෙලා ගියේ නෑ.. කරුණු කාරනා හොයල බලද්දී තුන්වැනි පංතියේ ටිකට් වලින් දෙවැනි පංතියේ පෙට්ටියක වාඩිවෙලා ඇවිත්. ඒ අතරේ සිට් නැති ගැහැණු දෙන්නෙක්  ආඩාපාලි කියනවත් ඇහුනා අර ගෑණු ළමයි දෙන්නට. නිලධාරීන්ගේ වචන වටේ ඉන්න මිනිසුන්ගේ බැල්ම ඒ හැම දෙයක් නිසාම මේ තුන්දෙනා  ගොඩාක් අසරණ වෙලා වගේ අපි දැක්කේ. කල වැරැද්දට දඩයක් ගෙවන්න සිද්ද වෙලා. රුපියල් 1400 ක්. ඒත් ඒ තිදෙනා ලඟ ඒ හැටි මුදලක් නැ. කොළඹ ඇඟලුම් කම්හල් සේවිකාවන් වෙන මේ තිදෙනා ජිවිතේ පළමු වතාවට දුම්රියේ යන්නේ ඒ හදිසියේම පවුලේ කෙනෙක් මිය ගිහින්. බස් වලට වඩා ඉක්මනින් ගෙදර යන්න පුළුවන් නිසා. දෙවැනි පන්තිය තුන්වැනි පන්තිය කියන සිද්දියක් දැනගෙන ඉඳල නැහැ. අඬන්න ඔන්න මෙන්න කියල හිටපු කෙල්ලෝ තුන්දෙනාට ඊළඟ ස්ටේෂමෙන් බහින්න කියන අවසාන නිවේදනය දීලාත් ඉවරයි. අපි කතා කරලා සහනයක් කරන්න හැදුවත් ඵලක් වුනේ නැහැ අපිත් එක්කම ඒ පෙට්ටියේ ගියපු හමුදා නිලධාරියෙකුත් අපිත් එක්ක එකතු වුනා. පරීක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වගේ කෙනාට ටිකක් කතා කරලා දඩය රුපියල් 700ට අඩු කරගන්න හැකි වුනා. හමුදා නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් ඒ පෙට්ටියටම ඇහෙන්න කතා කරලා හැකි සහනයක්  ඉල්ලුවා. මුලින්ම අපේ අතේ තියෙන ටික එකතු කරලා විනාඩි දෙකක් වගේ යද්දී පෙට්ටිය පිරෙන්න හිටපු මිනිසුන්ගෙන් දහයේ කොළ විස්සේ කොළ හා අතරින් පතර රුපියල් පනහේ කොලත්. මගේ අත පිරෙන්න ලැබුනා. විනාඩි 10ක් යන්න කලින් රුපියල් 700 එකතුකරලා එම නිලධාරීන්ට දඩේ ගෙවන්න හැකි වුනා. සියල්ල අවසානේ බලද්දී රුපියල් 60 ක් මගේ අතේ ඉතිරියි. සෙනග ගොඩේ ආයේ බෙදන්න ගියේ නැහැ ඉතිරිය මා සතුවිය :ඩි. එදා අපි කෝච්චියේ වීරයෝ වුනා. අවුරුද්දකට පස්සේ ඒ ගෑණු ළමයින්ගෙන් කෙනෙක් රට ගියා. ඒ යද්දිත් අපේ කෙනෙක්ට  කෝල් කරලා නැවත වතාවක් ස්තුතියි කරලා ගියේ. 


මේ මොන සිද්දි සිද්ද වුනාත් හැම වෙලාවකම කෝච්චියේ යන්න තමා උත්සහ කලේ. එදා මම මොරටුවෙන් නැග්ගේ ඒ නිදහස් ගමන යන්න. කොළඹින් පිටත් වෙන සීග්‍රගාමීය මොරටුවට ලංවෙද්දි තව පැය එකහාමාරක් වගේ කාලයක් ගතවෙන බව දැනගත්තේ බෝර්ඩ් කෑල්ලක් කියවපු වෙලේ. සිග්‍රගාමි එක එද්දී මේ මන්දගාමී එකේ ගිහින් මට යන්න ඕන තැනට වේලාසනින් යන්නත් පුළුවන්. මොනවා වුනාත් පැය එක හමාරක් ඉන්නවට වඩා මේ යන්න ඔන්න මෙන්න තියෙන එකේ නැග්ගේ තව සැරයක් හිතන්නේ නැතුව. ගොළු බෙල්ලෙකුට වඩා ටිකක් වේගෙන් යන මේ කෝච්චිය දකින දකින ස්ටේෂන් වල නවත්වල විනාඩි ගණන් නවත්වලා ඉන්නේ අපිට වෙන වැඩ නැහැ කියල හිතන ඉන්නා වගේ. ඒත් මුහුද දිහා බලන් රැල්ල ගලේ වැදිලා බිඳෙන හැටි බලන් ගියපු නිසා ඒ හැටි පරක්කුවක් දැනුනේ නැහැ. ඒ කෝච්චිය පානදුරෙන් එහාට යන්නේ නෑ. එතනින් බැහැලා තව එකක නැග්ගේ එකත් ඒවගේම වේගයක් තමා තිබුනේ. මම ආවෙත් මේ විදියට කැඩී කැඩී යන්න නේ. සිග්නල් නැතුව අතර මැද නවත්වීම් තව දුම්රියක් මාරුවෙනකන් කොහේ හෝ නවත්වා ගෙන සිටීම ප්‍රයිවට් බස් වගේ දකින දකින ස්ටේෂන් වල මගින් ගැනීම නිසා මටත් කේන්ති ගිහින් හිටියේ රියදුරාත් එක්ක. ඒත් මන්දගාමී කෝච්චියේ උපරිම වේගය මෙය වෙන්න ඇති. කෝච්චියේ ගියපු අනිත් හැමෝම හරි සතුටින් තම තමාගේ වැඩ කරගෙන ගියේ. 


තියෙන කම්මැලි කමට සින්දුවක් අහන්න හැදුවේ. ෆෝන් එකේ කෝල් ගන්න පහසුකමට අමතරව තිබුනේ ටෝච් එක විතරයි. හදිස්සියකට සින්දුවක් අහන්න වගේ ඒ කාලේ මම පිටකොටුවෙන් අරන් තිබුනා හැන්ඩි රේඩියෝවක්. ඒකත් කණේ ගහන ඉද්දි "තණකොළ පෙත්තාගේ මාමණ්ඩිය වූද,ඔබේ රුව  වැඩිකිරීමේ රහස හාර්පික්," වගේ FM චැනල් එක පිට එක මාරුවෙලා ඇහෙනෙන්න ගත්තා. ටිකකින් භ්ක්..ස්..ස්..ස්ප්..ෂෝ.. සද්ද විතරයි ඇහුනේ. කිසි වැඩකට නැති රේඩියෝ එක තිබ්බ තැනම නිධාන් ගතකරලා ඈත බලන් හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. ආයෙත් ටිකකින් ස්ටේෂමක නැවැත්තුව ඒ වෙන මොකටවත් නෙවෙයි අපේ පිටි පස්සෙන් එන කොළඹ මාතර කෝච්චිය අපි ඉස්සර කරගෙන යන්න. අතන මම පැය එකහමාරක් හිටියනම් මේ වෙද්දී මේ අධිවේගයෙන් යන කෝච්චිය ඇතුලේ. මාව පහුකරන් ගියපු කෝච්චිය  දිහා බලාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. කොහොම හරි අලුත්ගමටත් ආව හැමෝම බැහැල ගියා කවුරුත් නැග්ගෙත් නැහැ මේ කෝච්චිය අළුත්ගමින් එහාට යන්නේ නැති එකක්. මගේ ඊළඟ උත්සාහය වුනේ අළුත්ගම ඉඳල යන ඊළඟ කෝච්චියේ නගින්න. අළුත්ගමින් එහාට කොච්චි යන්නේ ආයේ හවස පහෙන් පස්සේ කියල දැනගත්තු ගමන් මගේ පපුව "හෝස්" ගාල ගියා. අකමැත්තෙන් වුනාත් එකම විකල්පය වුනේ ගමනේ ඉතුරු ටික බස් එකේ ගමන් කරන්න.


                                                කේන්තියට කොන්ඩේ කෙලින් වුන මම.

ගාල්ල මාතර බස් එකක යනවට වඩා මම නැග්ගේ කතරගම එකක. අනිත් ඒවාට වඩා වේගෙන් යනවා හැම තැනම නවත්වන්නේ නැහැ. ගාන ටිකක් වැඩි වුනාට ඉක්මනින් යන නිසා හිතට සනීපයි. බාගෙට ඇරලා තියෙන කවුළුවෙන්  හුළඟ ඇවිත් මගේ මුණේ වදිද්දී ඒ හුලන්ගත් එක්ක කේන්තියත් ගහගෙන යනවා එතකොට නම් හිතට දැනෙන සනීපෙ ගැන කියල වැඩක නැහැ. වංගුවක් ගද්දි බස් ඒකත් එක්ක ඇඹරෙද්දී කට්ටිය එකා පිට එකා වැටෙද්දී මට තේරුනේ පුදුම වේගයකින් යනවා කියල. නවත්වන තැන් වල නැවත්තුවත් යන වෙලාවට දැනෙන්න යනවා. ලාවට ඇස් දෙක පියවෙද්දී කොන්දාස්තර කෑ ගහනවා ඇහුනා. යුද්ධෙ අවසාන කාලේ හින්දා  ගොඩාක් මාර්ග බාධකවල දුරයන බස් නවත්වනවා. කොතරම් හදිස්සි වුනත් නීතියට හිස නවන්න ඕන නේ. කට්ටියත් එක්ක පොලිමේ ගිහිං පෙන්වන්න තියෙන ඒවා පෙන්නලා ආයේ බස් එකට ආව. එතන හැමෝම චෙක් කරත් එක සීයා කෙනෙක් නවත්වාගෙන  හැඳුනුම්පත නැතිව. මොන මොනවදෝ කතා කරගෙන යන්තම් විනාඩි තිහකට විතර පස්සේ ගමන යන්න පිටත් වුනා. කලින් වතාවේ වගේ මුහුදු හුළඟ ඇඟේ වදිද්දී කේන්තිය නිකන්ම නිවෙනවා.  බස් අජිත්ගේ අදෝනා සිංදුත් කරන්න දෙයක් නැති කමට විඳින ගමන් අම්බලන්ගොඩ කිට්ටුවෙන් හිටියේ. වේගය අඩුවෙනවත් එක්ක සිංදුවේ සද්දේ නැති වෙලා කොන්දස්තර අයියාගේ සද්දේ වැඩි වුනා. "ගමන් මහන්සිය නිවාගන්න ඉක්මනින් මොනවහරි කාල බිලා එන්න." ඒ වෙද්දීනම් මට මගේ ඇඟිල්ල හපාගෙන මැරෙන්න තරම් කේන්තියක් ඇවිත් තිබුනේ. හැම බාධාවක්ම බිඳගෙන පැය තුනෙන් යන ගමන පැය හයහාමරකට පස්සේ ගාල්ලට ලඟා වෙද්දී මගේ සංතෝසය උතුරා ගිහින්.


පලි: අද වෙනකන් කිසිකෙනෙකුට කිවුවේ නැති  ලජ්ජා සහගත සිද්දිය ලියන්න කියල හිතුනේ "මට හිතෙන හැටි" බ්ලොග් එකේ හෙන්රි අයියාගේ මෙන්න මේ පොස්ට් එක කියෙවුවාම.


අනුග්‍රහය "සිත්තර තිලිණි"..

120 comments:

  1. Replies
    1. අසරණයා අසරණ සරණ වීම.

      Delete
    2. 1ද? තෑග්ගට ඉතුරු රුපියල් 60.

      Delete
  2. මට නම් තාම කෝච්චි ගමන් ගැන තියෙන්නෙ සුන්දර අත්දැකීම් විතරයි !

    ReplyDelete
    Replies
    1. මටනම් තියනවා දෙහිවල බෝම්බ අත් දැකීමත්

      Delete
    2. ඕව් මටත් තියෙන්නේ ඒ වගේ සුන්දර අත්දැකීම් තමා.එදා වුන සිද්දියත් දැන්නම් සුන්දරයි.

      ලොකු ජෝන් = එකනම් මහා භයානක අත්දැකීමක් නේ.

      Delete
  3. මම කෝච්චියේ යන එක නැවැත්තුවේ මොරටුවේ ඉස්ටේසමේ කාක්කො දෙන්නෙක්(ඉගිල්ලෙන වුන් නෙමෙයි) මට කරපු වැඩක් නිසා.. ඒ කතාව ලිව්වා නම් හරි.. හැබැයි ලියනවා නම් නම් ගම් එක්කම ලියන්න ඕනෙ..

    අච්චර සෙනගගෙන් සල්ලි එකතුකරලා දෙනකම් අර බූරු ටික්කො මොකද බං කෙරුවෙ.. උන් අර කෙල්ලන්ට සමාව දුන්නානම් එතනම වැඩේ ඉවරනෙ... 700ට අඩු කරලා දඩ කොළේ දුන්නද සල්ලි අතට ගත්තද? උන් එදා දවසෙ ගාන කවර් කරගන්න ඇති. ඔය වගේ සල්ලිවලින් කන එව්වා දිරවනවද මන්දා.. මම කියන්නේ නෑ කෙල්ලො හරි කියලා... ඒත් උන් තමුන්ගෙ මඩිය තර කරගන්නයි බලන්නෙ..

    ReplyDelete
    Replies
    1. කෙල්ලො වැරදි නෑනේ බන්.. උන් නොදන්න කමටනෙ දෙවෙනි පන්තියට නැගලා තියෙන්නෙ.. අනිත් එක ලංකාවෙ කෝච්චි වල මොන පන්ති බේදද බන්.. ඔක්කොම එක වගේ..ඉලක්කම විතරයි වෙනස්... මල විකාර..

      Delete
    2. @ හරි අර කඩේ කතාව වගේ ඒ කතාවත් ලස්සන වෙයි.

      හෝව්.. හෝව්.. හරි මලයට කේන්ති ගිහින් නේ. සමාව දෙන්න බැහැ කිවුවා අපි කරන්නේ අපේ ජොබ් එක කිවුවා. දඩ කොලේ දුන්නා අපිට. තුන් දෙනෙක් වෙනුවට දඩය ලිවුවේ එකහාමාරකට එකයි 700 ක් වුනේ.. මොනවා වුනාත් හිත හොඳ මිනිස්සු ටිකක්.

      සෙන්නා = ඇත්ත ඒ පැත්තෙන් බැලුවාම කෙල්ලෝ වැරදි නැහැ. පන්ති බෙදේ තියෙන්නේ බං සිට වල තුන්වෙනි පන්තියේ මුනට මුණ බාලගෙන යන්න පුළුවන් දෙවැනි පන්තියේ එහෙම බැහැ. එකතමා එකම වෙනස.

      Delete
  4. කෝච්චිවල ඔය වගේ කතා නම් එමටයි අසරණයා..
    මටත් මතක් වුනා පේරාදෙණියෙ ඉඳන් ඔහිට පැය 6ක් ගියපු හැටි..අන්තිමට පට්ටිපොල හරියෙදි අපේ කට්ටිය බැහැලා කෝච්චිය තල්ලු කරන්න පුළුවන්ද කියලා බලන තරමට මන්දගාමී වුනා..:)

    කොහොම වුනත් ආයේ කෝච්චියේ යද්දි ළඟ පාත පන්සලකට හරි කෝවිලකට හරි පඬුරක් දාලා දෙවියන්ට පින්දීලා ගමන පටන් ගන්න

    ආ කියන්න බැරිවුනා මට සිත්තරේ පේන්නෑනේ..

    ReplyDelete
    Replies
    1. මොකද එච්චර හෙමින් ගියේ. ඒත් ට්‍රිප් එකක් යද්දී ඒ හරියෙන් හෙමින් යන එක නියමයි නේ වට පිටාව හොඳට බලාගෙන යන්න පුළුවන්.

      අපිට ඒ වගේ දෙයක් මතක් වුනේ නැහැ නේ. පඬුරු දාන්න.

      තවමත් චිත්‍ර පෙන්නේ නැද්ද?

      Delete
  5. Replies
    1. නෑ දැන් පහා නෙවෙයි ඔයා පරාදයි.

      Delete
  6. හයියෝ..
    මොනා වුනත් අර ගෑනු ළමයි ටිකට කරපු උදව්ව නම් හරිම හොඳයි අසාර් අයියේ.

    ReplyDelete
    Replies
    1. දැක්ක නේ හැමදාම මට අන්ඩ පාලයා කියලනේ කියන්නේ. මම හෙන හොඳ කොල්ලෙක්.

      Delete
  7. හික්ස්...මේකනම් මරු ඈහ්..... "තණකොළ පෙත්තාගේ මාමණ්ඩිය වූද,ඔබේ රුව වැඩිකිරීමේ රහස හාර්පික්,"

    අපරාදේ මන්දගාමී කෝච්චි කොහොමත් හෙමින්නෙ.මදෑ කලින් ගියා.

    ReplyDelete
    Replies
    1. රේඩියෝ චැනල් එකපිට ඇහෙද්දී ඒ වගේ තමා කිසි දෙයක් තේරුම ගන්න බැහැ..

      අපරාදේ මගේ වේලාසනින් ගෙදර යෑමේ සිහිනේ..

      Delete
  8. මාර කට්ටක්නේ..ඒ වුනාට උඹල කරල තියෙන්නෙ හොඳ වැඩක්...නියම කොල්ලෙක්..!

    ReplyDelete
    Replies
    1. ඒ ගමන නම් එපා වුනා. අර වැඩේනම් ඇත්තටම හොඳයි නේ. නෙයම කොල්ලෙක් නෙවෙයි මචං එතන තව කොල්ලෝ හිටියා.

      Delete
  9. රටක් වටින වැඩක්! ඵල ඵල

    ReplyDelete
  10. මම නම් කෝච්චියෙන් ගමන් යන තරම් බස් එකෙන් යන්න ආස නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මමත් ආසා නැහැ. කොච්චර සෙනග හිටියත් කෝච්චියේ ගමන මහන්සිය නැහැ නේ..

      Delete
  11. ඉදහිට අසරණයාත් අසරණයින්ට පිහිට වෙනවා..... :)

    ReplyDelete
    Replies
    1. හිඳහිට නෙවෙයි ගොඩාක් වෙලාවට. මගෝඩි වැඩ ටිකයි.

      Delete
  12. ඔය විදිහෙ පරිප්පුවක් මමත් කාල තියෙනව. එකම වෙනස කෝච්චිය වෙනුවට බස් එකේ යන්න වෙච්ච එක.

    ReplyDelete
    Replies
    1. ඒ කොහොමද මමත් ඒ පරිප්පුවේ අවසානය කෑවේ බස් එකේ..

      Delete
  13. කෝච්චි ගැන නම් මටත් තියෙන්නෙ සුන්දර මතකයන් විතරයි. නිතර නිතර යන අයට නම් ඔයවගේ එක එක විදියෙ අත්දැකීම් තියෙනව කියල මම අහල තියෙනව.

    අසරණයා ගාල්ලෙද? දකුණෙ කොල්ලෙක් ආඃ .... සතුටුයි සතුටුයි.

    ReplyDelete
    Replies
    1. හැමදාව උදේ හවස යන මිනිස්සුන්ට ඉතිං ඉහේ කෙස් ගානට අත්දැකීම් ඇති නේ.

      උඹත් ගාල්ලේද?

      Delete
    2. ඇයි අපිත් ගාල්ලෙ තමයි අරි..!

      Delete
    3. ෴ උඹත් ගාල්ලේද? ෴

      නෑ බං, මම මාතර. ඒකනේ දකුණෙ කොල්ලො කිව්වෙ.

      Delete
  14. හම්මේ කොච්චි මතක් කරනකොටත් ජොලි...... මං නං ඉස්සර කෝච්චිය හිමිං යන තරමට කැමතියි.. එතකොට ඉතිං ලවු කරන කාලේ නේ........ ඉස්කෝලෙන්වත් වැඩට යනකොටත් පරක්තුවෙලා ගෙදර ගියාමත් කෝච්චිය පරක්කු වුනා කිව්වම ලෙඩ දාන් නෑ..

    ReplyDelete
    Replies
    1. අපි වගේ හදිස්සියට යන වුන්ට දැනෙන සනීපෙ ඉතිං ලවස් ලට තේරෙන්නේ නැහැ නේ. හෙක් හෙක්..

      Delete
    2. ඉස්කෝලෙ යන කාලෙ ඉතිං ගෙදර ගිහින් කරන්නෙ දවල් හීන දකින එක තමා..... හි හි.........

      Delete
  15. අෆ්ෆා මමත් ඔහොම කටු කාලා තියෙනවා. වේලපහින් යන්න කියලා අයියෝ
    මමනම් කෝච්චියේ තනියම කොහෙවත් ගිහින් නැහැ. එත් අපි යාළුවො කට්ටියක් නුවර එලිය ගියා කෝච්චියේ වොරන්ට් වලට.යද්දිත් හිටගෙන එද්දිත් හිටගෙන. කකුල් නිකන් නැහැ වගේ :පි

    ReplyDelete
    Replies
    1. ඒ කොහොමඩ් එච්චර සෙනගක්. ඒ හරියේ මිනිස්සු අඩුයි නේ. ෆුට් බෝර්ඩ් එකේ වාදී වෙලා ආවනම් ඉවරයි නේ. ටිකක් බයානකයි.

      Delete
    2. අප්‍රේල් සීසන් එකේ කොළඹ බදුල්ල දුම්රියේ සෙනග අඩුයි? හෑ?

      Delete
  16. මට නම් තියෙන වේගවත්ම ප්‍රවාහන මාධ්‍යය තමයි කෝච්චිය. අපි යන එන වෙලාවලට වාහනයක කොළඹ ඉදලා කළුතරට එනවා නම් අඩුම ගානේ පැය එකහමාරක්වත් යනවා. කෝච්චියක ආවොත් විනාඩි 45 ත් පැයත් අතර කාලෙකින් එන්න පුළුවන් බොහෝ වෙලාවට.
    ඒ වගේම තමයි ඉතින් පරිප්පු කන්න වෙන වෙලාවටත්. පොල්ගහවෙලයි කඩුගන්නාවයි ස්ටේෂන් දෙකේම මම පැය හය හතක් කාලේ කාලා තියෙනවා ඉස්සරහින් ආපු කෝච්චිය පිලි පැනපු නිසා.

    ReplyDelete
    Replies
    1. ඕව් වේගයෙන් යන්න පුළුවන් තමා කෝච්චියේ ගියොත්.

      ඇයි බං එච්චර වෙලා කට්ට කෑවේ.. බැහැල යන්න එපැයි බස් එකේ..

      Delete
    2. ඔය ඔක්කොම ගමන් නන්නත්තාරේ ගිය ගමන් මිසක් වැඩක් ඇතුවට ගිය එව්වා නෙවෙයිනේ. මොකට බස් එකේ යනවද. යන වෙලාවක පල කියලා අපි හිටියා ඔන්‍න‍ ඔහේ :P

      Delete
    3. එහෙම දවස් වලට කොච්චර පරක්කු වුනත් ගානක් නැහැ. යන්නෙත් කොල්ලෝ සෙට් එකත් එක්ක නේ..

      Delete
  17. එල කොල්ලෙක්...හරක් හොරෙක්... :-)

    මට නං වෙලාවකට බස් එක සැපයි... තව වෙලාවකට කෝච්චිය සැපයි..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ කපටියා තනි උත්තරයක් දෙන්නේ නැහැ.

      ඇත්ත ගමනේ ස්වභාවය අනුව තෝරාගන්න ඕනේ..

      Delete
  18. පරහිතකාමී පොරක් නෙ?
    …හෙන කට්ටක් කාල වගේ....

    ReplyDelete
    Replies
    1. කොයිවෙලෙත් එහෙමයි අනුන් උදෙසාම කැපවුනෙමි.

      Delete
  19. මම නම් එච්චර ආස වාහනයක් නෙමේ කෝච්චිය කියන්නෙ.. දවස් දෙක තුනක් වැඩට ගියා.. මගෙ කරුමයක්ද මන්දා.. මම ගිය දවසට කෝච්චිය කැඩෙනවා.. ඒ කැඩෙන්නෙත් බැහැලා බස් එකකවත් යන්ඩ පුලුවන් තැන් වල නෙමේ.... එහෙම නැත්තම් අම්බානකට පරක්කුයි..

    උඹලා හොඳ වැඩක් කරලා තියෙන්නෙ.. උන්ට එහෙම දඩය අඩු කරන්ඩ පුලුවන්ද ? ඒ කියන්නෙ උන් යටි මඩි ගැහිල්ලක් වෙන්ඩ ඇති කරන්ඩ ඇත්තෙ..

    ලිවිල්ලනම් පන්කාදුයි.. අර මීටර් අල්ලපු විදිහ ලියලා තිබුන එක සුපිරියි..

    ReplyDelete
    Replies
    1. උඹ යන්නේ හැම දාම කැඩෙන්න ඔන්න මෙන්න තියෙන කෝච්චිවල ද?

      ඕව් මම හොඳ වැඩ කරලා තියෙනවා මතක නැහැ බං. නරක වැඩ තමා හිතේ තියෙන්නේ. අනේ මන්දා.. උන් දඩය ලිවුවේ තුන්දෙනෙකුට නෙවෙයි ලොකු කෙනෙකුටයි පොඩි කෙනෙකුටයි එකයි දඩේ අඩු..

      මීටර් අල්ලපු විදිය කිවුවේ රේඩියෝ එකේ වෙන්න ඇති..

      Delete
  20. මාත් හරි ආසයි කෝච්චියේ යන්න... හැබැයි තාම ජීවිතේටම එක පාරයි... :(

    ReplyDelete
    Replies
    1. අඃ.. තවම එක සැරයි ද? ටිකර්ට් එකක් අරන් නිකමට ගිහින් එන්න ඉස්සර තට්ටු දෙකේ බස්වල අපි ගියා වගේ.

      Delete
  21. හප්පට සිරි අසාර් සහෝත් දකුණේ බුවෙක්ද? මම නම් කෝච්චියේ ඉක්මටම ගෙදර යන්න ඕන නම් හවස තියන ඔෆීස් ට්‍රේන් එකක තමා යන්නේ. දැන් මුහුදුබඩ රේල්පාර හදලා නිසාත් ඔෆිස් ට්‍රේන් වල අලූත් කෝච්ච් පෙට්ටි ඇති නිසාත් ඒවා බස් වලට වැඩිය ඉක්මනින් යනවා. ගාල්ලටම පැය 2ක් ගියෙත් නෑ(හැබැයි අනිත් පරණ කෝච්චි නම් යන්න වැඩිවෙලාවක් ගන්නවලු. මට රේල්පාර හැදුවට පස්සෙ ලඟඳි පරණ කෝච්චියක යන්න වුන් නෑ) කොලඹ පැත්තේ බස් එකේ යද්දි ට්‍රැෆික් එකට අහුවුනාම තමා ඇඟේ මාළු නටන්නේ..

    ReplyDelete
    Replies
    1. තොටියා දකුණේද? සංතෝසයි..

      මම දැන් ලංකාවේ නැති නිසා ගොඩාක් කාලෙකින් ගියේ නැහැ. ඒත් ඒ හැටි වේගයක් නැහැ කියලත් ආරංචියක් තියෙනවා නේ..

      Delete
  22. හිහිහී ඉස්සර අපිත් උ/පෙ කරද්දි යන්නෙම කෝච්චියේ ඇයි ඉතින් වියදම සැර නැනේ...කිසි ප්‍රශ්නයක් නෑ කොච්චියට නගින්න විතරයි තියෙන්නේ බහිනකම් වට පිට බලබල යන්න විතරයි තියෙන්නේ ..බහිද්දිනම් පොඩිපොඩි ප්‍රශ්න තියෙනවා මොකද කෝච්චි ටිකට් එක ඉල්ලනවනේ කවුද ඉතින් ටිකට් ගන්නේ එතකොට අයිස්ක්‍රීම් කන්න සල්ලි දෙන්නෙ ස්ටේශන් එකෙන්ද නැහැනේ.... ඒ නිසාම ස්ටේශන් එකෙන් පිට නොවී රේල් පාර දිගේම යන්න තීරණයකලාම ඒ බාධකයෙනුත් නිදහස්.....

    අදටත් ආස කොච්චියෙ යන්නමයි....හික්ස්....

    ReplyDelete
    Replies
    1. දන්නවද කොච්චි පාරෙ යන්නත් ටිකට් තියෙන්න ඕනේ ..

      Delete
    2. මට මතක විදියට මම ටිකට් නැතුව ගිහිල්ලා නැහැ. ඒත් ටිකට් එකක් අරගෙන ටිකට් නැති විදියට හොරෙන් යන්න ට්‍රයි කළා මොකද ඊළඟ දවසේ හොරෙන් යන්න. වැඩේ හරි ගියේ නැහැ. මම බහින තැනින් එලියට යන්න තිබ්බේ එකම තැනයි..

      ලොකු ජෝන් = කොච්චිපාරේ කිවුවේ ස්ටේෂන් එක කිට්ටුවෙ විතරයි නේද?

      Delete
  23. කොච්චිය කියන්නෙ කොච්චර සුන්දර තැනක්ද මටනම් මතක් වෙනකොටත් නින්ද යනවා හරියට ගෙදර වගේ

    …අර චෙකර්ස්ලගෙ කතාවෙදි නම් මට මතක් උනේ අර කූඹියට වඩා ටිකක් ලොකු සතා ..... අන්න ඌව

    ReplyDelete
    Replies
    1. අර ගස්සිල්ලට නිකන් තොටිල්ලේ තියල පැද්දෙනවා වගේ නේ. පුරුදු උවුනොත් ඉතිං සැප නින්ද

      මොකක්ද බං ඒ කතාව..

      Delete
  24. කොන්ඩේ ලස්සනට හදාගන්ට ඕනිම නම් මීට පස්සේ තරහා ගන්ට. එතකොට කොන්ඩේ මාර ලස්සනයි.:D
    කෝච්චියේ යන්ට මාත් ආසයි. ලංකාවේ කෝච්චියක ගිය කාලයක් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. කොන්ඩේ පොඩ්ඩක් නළු ලුක් එක ඇවිල්ලනේ. දැනුත් එහෙම තමා.

      මමත් ගිහින් නැහැ අවුරුදු දෙකකින් විතර..

      Delete
    2. @පොඩී...ඒකනම් ඇත්ත ශෝයි කොන්ඩේ...!හිකිස්.!

      Delete
  25. අසරණයට මගෙ පෝස්ට් එක දැකලා මේ කතා ලියන්න හිතුනා වගේ, මේ පෝස්ට් එක දැකලා මට ආයෙම තව කෝච්චි අත්දැකීම් ටිකක් මතක් වුනා. අර ටික්කො කේස් හෙම.
    ඇත්තෙන්ම කොල්ලො කට්ටිය කරලා තියෙන්නෙ නියම වැඩක්. අර අසරණ වෙච්ච ගෑනු ළමයි තුන් දෙනාට උපකාර කරන්න සංවිධානය වෙච්ච එක. මගේ ආචාරය.

    අසරණය කොහොමද ඔය කටේ දිවේ නොගෑවී බොරු කියන්න ඉගෙන ගත්තෙ නීතිඥයෙක් / දේශපාලුවෙක් වගේ ? හැබැයි යාලුවගෙ තාත්තට විරුද්ධව විනය පරීක්ෂණයක් තියාවි වැඩේ ගැස්සුනානම්. :)

    අර ෆුල් ඔප්ෂන් ෆෝන් එකයි චැනල් පනින රේඩියෝ කෑල්ලයි නම් එලස්. මටත් මතක් වුනා ඔහොම ශරීර සුවතා වැඩසටහනකුයි රෙසිපියකුයි එකට පැටලිච්ච කතාවක්. ඒකෙ අන්තිමට කියනවා. " දැන් තක්කාලි යුෂ සමග... ගැඹුරට හුස්ම ගන්න..."කියලා.

    කේන්ති ගියාම කොන්ඩෙ මරු ඈ!

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒ කතාවත් දාපන්කෝ අපිට කියවන්න. උඹත් අහුවුනාද ටික්කොන්ට. අපේ සංවිධානය ශක්තිමත් වුනේ අර හමුද නිලධරියා නිසා.

      //අසරණය කොහොමද ඔය කටේ දිවේ නොගෑවී බොරු කියන්න ඉගෙන ගත්තෙ// බයටමද කොහෙද ඒ දේවල් කියා වුනේ..

      මම දැන් එපාර ඉඳලා හැම වෙලාවේම කේන්ති අරගෙන ඉන්නේ..

      Delete
    2. නෑ ටික්කන්ගෙන් බේරිච්ච හැටි බං. සමහර කතා පරෙස්සමෙන් දාන්න ඕනෙ.
      කේන්ති ගත්තම හෙයා ජෙල් වලට යන ගානත් ඉතුරුයිනෙ.:D
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. ඒ ටිකත් ඉක්මනින් දාන්න..

      Delete
  26. මේච්චර චාටර් කාලා එළිවෙලා ගාල්ලට ගියත් සැපයි... බස් අජිත්ගෙ ගොරහැඩි සින්දු යන බස් එකක යනවට වඩා... අත්දෑකීමෙන් කිව්වෙ...

    දිනක් බස්රථයක් හාමුදුරැවන් කෙනෙක් අසුන්ගෙන සිටියේලු.. එතැනම උඩ තිබූ බෆල් පෙට්ටියෙන් කන පැලෙන්න බස් අජිත් මොර දෙනවාලු...බස් එකටම අප්පිරියා වුනත් කොන්දා මල්ලි වගේම ඩැයිවර් අයියටත් උගෙ ජහ ජරා සින්දු නැගලා ගියාලු... බැරිම තැන සංඝයා වහන්සේ

    මහත්තයො හරිම ලස්සන සින්දු ටික...මට මේ සල්ලි අරන් කැසට් එක දෙන්න... ටවුමෙන් තව එකක් ඕගොල්ලො ගන්න... මට ඕවායෙ යන්න වෙලාවක් නෑ... කියලා කැසට් එක සල්ලි දීලා අරගෙන මගීන්ට සහනය සලසා දුන්නලු...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අමාරුවෙන් හරි ස්ටේශමේ හිටියනම් සැපයි කියල මටත් හිතුනා.

      ඒ හාමුදුරුවෝ නං නියම වැඩැක් කරලා තියෙන්නේ.

      Delete
  27. යකෝ මේකට ලජ්ජා නැති සිද්ධිය කියනවනම් එහෙම එකකට කියන්නේ මොකක්ද?

    අනේ කොච්චි කතා නම් එමටය,. කියන්නේ කුමටය...

    ReplyDelete
    Replies
    1. අපේ වුන්ට කිව්වනම් හැම වෙලාවේම මාව බයිට් කරනවා නේ උඹලට කිවුවට අවුලක් නැහැ.

      අඳුරු කතා ආදර කතා එහෙම ඇති නේ..

      Delete
  28. ane mama tama train eke gihin nane.......:( mona unath asar ayya ara akkilata udaw karapu ekanam godak hodai ayya.

    ReplyDelete
    Replies
    1. ඔයාත් තවම ගිහින් නැද්ද? ඉක්මනින් යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

      අපි හොඳයි කොහෙද මේ කෙල්ලොන්ට ඒ කතා පෙන්නේ නැහැ නේ.

      Delete
    2. prarthanawata godak tanku ayya........

      Delete
  29. අවුලක් නැ.. හැමදාම නෙවෙයිනේ.. එක සැරයක් ඔහොම ගමනක් ගියාට පාඩු නෑ.

    ReplyDelete
    Replies
    1. ඕව් එහෙම හිතාගෙන හිත හදා ගත්තා එදා හවස කරන්න හිටපු හැම වැඩක්ම කරගන්න බැරි වුනා.

      Delete
  30. ඉස්සර මම මාතර යන්නේ කෝච්චියේ...අම්මලා උදේ ඉඳලා බලං ඉන්නවා උයාගෙන...රෑ කෑමට තමා මම යන්නේ...හික් හික් ....

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා උඹ වෙන කොහේ හරි සර්වර් එකක් හදන්න යන්න ඇති. ඒවාට කොච්චි පලි නෑ බං..

      Delete
    2. හික් හික් නෑ නෑ බං මී ඇස් දෙක පල්ලා.....

      Delete
  31. ඕක ඔය හැටි ගනන් ගන්න දෙයක් නෙමේ යාළු.අනික කෝච්චියේ යන එක හරිම ජොලි වැඩක්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත ජොලි ඒත් එදා මට ටිකක් ඉක්මනින් යන්න ඕනේ වුනා. ඒත් දැන්නම් මතක් වෙද්දීත් ජොලි..

      Delete
  32. ඉක්මන් කොටයි කියන්නේ ඕක තමා ඉතින්. මටත් ඔය වගේ වැඩ අනන්තවත් වෙලා තියනවා.

    ReplyDelete
    Replies
    1. මෙතැනදී ඉක්මන කොට වුනේ නැහැ. නොහිතු විදියට දිග් ගැස්සුනා.

      Delete
  33. හි හි..කොච්චි කතා ගොඩක් කියෙව්වා.ඇත්තටම ආසයි මාත් කෝච්චියේ යන්න..ඒත් කටු කන්න නම් බයෝ......:)අපූරු චිත්රේ :)

    ReplyDelete
    Replies
    1. කටු කන්න බය වෙන්න එපා ඒත් කට්ටක් කාල ඉවරවුනාම තමා දන්නේ අපි කට්ටක් කාව කියලා.

      ස්තුතියි..

      Delete
  34. අනේ මං බට්ටි තාම කොච්චියක ගිහින් නෑ...

    ReplyDelete
    Replies
    1. හරි සරල සිද්දියක්. ගන්න ටිකට් එකක් නැග්ගා හරි තැනින් බැස්සා..

      Delete
  35. කෝච්චියේ ගමන් බිමන්වලට නම් ආසයි. කෝච්චියේ යන්න ගමනක් දාගන්නවත් වෙලාවක් නැති එකයි අවුල. ළඟදීම කොහේ හරි යන්න සෙට් වෙන්න ඕනේ :D

    ReplyDelete
    Replies
    1. හැමෝම ඉතිං ආසයි නේ මේ ගමනට මොකද තියෙන නිදහසට. ඉක්මනින් යන්න ලැබේවා!!

      Delete
  36. දුකේ බෑ බං :ඩ්
    මං නම් අවුරුදු එකහමාරකින් විතර කෝච්චියක ගියේ නෑ :/

    ReplyDelete
    Replies
    1. ඇයි ගේ පිටිපස්සේ නේ කොච්චි පාර තියෙන්නේ. රතු කොඩිය වැනුවා නැග්ගා කොළ කොඩිය වැනුවා. සිම්පල්.

      කොහොමද විභාගේ කවදද ඉවර වෙන්නේ.

      Delete
    2. මම විභාගේ ලියන්නේ 2014 බොල :/

      Delete
    3. පොඩි එකෙක් නේ..

      Delete
  37. මොනා උනත් ගෑල්ලමයෙක්ගේ කේස් එකකදී හිත උනු වීම එල කොල්ලෙක්ගේ ගති ලක්ෂණයකි!!!!

    ReplyDelete
    Replies
    1. පල පල අපි එහෙම නෙවෙයි . බොක්කෙන් බැස්සේ ගේමට..

      Delete
  38. අර ගැහැණු ළමයි වෙනුවෙන් කෙරුව දේනම් ගොඩක් වටිනවා...ඔයාගේ සතුටෙන් ගිය පැය හයේ ගමන ගැනත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඔයාට හරි හැපී නේ අපි මග රස්තියාදු වුනාම. කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නේ..

      Delete
  39. මම කොච්චියේ හොරෙන් ගියේ මිලාන් ගිය වෙලේ.. ටික්කෝ එද්දි බැහැලා අනිත් පෙට්ටියට නැග්ගා..

    අෆරාදේ අර පැය එකහාමර හිටියනම් මීට කලින් ගිහින් තමා.. :)

    දැන්නම් හැබැයි අයියේ කේන්ති ගත්තට කොණ්ඩේ ඔය වගේ එන එකක් නෑ... ;)

    ReplyDelete
    Replies
    1. යකෝ උඹ ජාත්‍යන්තර හොරෙක් නේ. ඔහොමත් යනවද?

      ඕව් ඇත්ත එදා ලලනාවක් දිහා බලන හිටියනම් වෙලාව යනවා තේරෙන්නේ නැහැ.

      දැන් බං කෙලින් වෙන්න කොන්ඩේ නැහැ ..

      Delete
    2. යූරියා ටිකක් ඉහලා දාපං කොන්ඩෙට.:D
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  40. මම මේ සැරේ ලංකාවට ගිහින් සෑහෙන්න කෝච්චි ගමන් ගියා, හැටන් ගියා කෝච්චියේ කෝච්චි ගමන මරු තමා

    ReplyDelete
    Replies
    1. මමත් හිතං ඉන්නවා ටිකක් ලොකු ගමනක් යන්න. ට්‍රිප් එකක් වගේ.

      Delete
  41. ඉක්මන් ගමන් යන්න ගිහින් ඔහොම වුන වෙලාවල් නම් ගොඩක් මටත් තියෙනවා. කමක් නෑ කියන්න කතාවක් හරි ඉතුරු වුනානෙ.

    ReplyDelete
    Replies
    1. ඕව් අන්තිමට හොඳ මතයක් ඉතුරු වුනා නේ.

      Delete
  42. // මාව මුලින්ම කොච්චි පැද්දුවේ මං තුනවසර ඉගෙනගන්න කාලේ දී.// කෝච්චි පදින්නෙ කෝමෙයි?? අර සෙල්ලමට ඉස්සර යන කෝච්චි මතක් වුනා..:D

    ඔය කිව්වට මාත් අඅසයි කෝච්චි ගමන් වලට.. ඒත් අපේ පැත්තෙ ඉදන් කොළබ යන්න එන්න කෝච්චි පාර නෑනෙ..:/ සොරි තමා..

    ආ..කොණ්ඩෙ කෙලින් ව්උනාම හරිම හැන්ඩ්සම් හෆ්ෆා ඔයා.. ;) ;)

    ReplyDelete
    Replies
    1. කොච්චි පදින්නේ බයිසිකල් පදිනවා වගේ. ඔයා යන්න පිටකොටුවට ඊටපස්සේ පොඩි දුරක් ගිහිල්ලා අයෙ බස් එකේ එන්න.

      ජෙල් වලට යන සල්ලි ඉතුරුයි.

      Delete
  43. මාවත් මෙහෙදි අල්ලගත්ත..2 ක්ලාස් ටිකට් එකට 1 ක්ලාස් ඉඳගෙන ගිහින්...අනේ ඇත්තමයි ඒ කෝච්චිය අලුත්ම වගේ එකක්..මට ටැපලුනා හලෝ...දන්න භාශා ඔක්කොගෙන්ම කිව්ව සොරි කියල..ම්හුම්.....දඩේ ගෙවල මම සතුටින් විසිර ගියා....

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා හොර වැඩක් කරන්න නේද ගියේ. දඩේ ගෙවල සතුටින් විසිර යද්දී කොහොම සන්තෝසයක් දැනෙන්න ඇතිද?

      Delete
  44. කරපු උදව්ව රටක් වටිනවා මචං..

    ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං අපිත් රටක් වටිනා කොල්ලෝ..

      Delete
  45. පව් ඒ අය ගොඩක් බයවෙලා ඉන්න ඇති.. ගොඩක් පින් ඒ උදව්වට.. :) මමත් ආසම කෝච්චියේ යන්න.. අපිට පන්තිභේද තිබුණෙ නැති නිසා ඕන විදිහට යන්න පුළුවන්.. ආසාවට චෙකර්ස්ලා පැනලා නෑනෙ.. :( ස්ටේෂන් එකෙන් එළියට යද්දි ඒ ටිකට් එක දීලා යන්න තිබුණේ.. ඒත් සමහර දවස්වලට කවුරුත් නෑ.. එහෙම දවස්වලට ගෙදර ගෙනවා ටිකට් ගොඩක් තිබුණා එකතු කරලා..

    ලේන්නුත් ඔය වගේලුනෙ තරහා ගියාම.. තරහා ගන්න එපා ඉතින් ඔච්චර.. :P තිළිණිට කියන්න ඕන කොණ්ඩෙට ජෙල් ගාලා චිත්‍රය අඳින්න කියලා ආයෙ.. :D ;D

    ReplyDelete
    Replies
    1. කට්ටියගේ අස් බොඳ වෙලා තිබුනේ. අපි ඉතිං බැස්සා ගේමට. ලේන්නුන්ටත් කොන්ඩේ තියේද?

      මම තිලිනිට කියන්නම් කොන්ඩේ තෙල් ගාලාතියෙන විදියට අඳින්න කියලා.

      Delete
  46. මුලින්ම අර අක්කලට කරපු උපකාරයට මගේ උත්තමාචාරය හැමෝටම පුද කරන්න ඕනෙ...

    කෝච්චි කියන්නේ මට මතක ගොඩාක් එකතු කරලා දීපු තැනක්.දන්න කාලෙ ඉඳලා මගෙ ගමන කෝච්චියෙ තමා.ආදරී බලන්න මාසෙකට සැරයක් දෙසැරයක් අවුරුදු ගානක්ම ගියා කෝචිචියෙන් උඩරට.ඒ වෙච්චි සිද්ධි අතර සිදුවුනු අකරතැබ්බ බොහොමයි ඒවා කිව හැකි සහ කිව නොහැකි දෙකටම අදාලයි...

    යාළුවොත් එක්ක කෝච්චියෙ ගිය අන්තිම සැරේ අපි ගියෙ නුවර.යද්දි වෙච්චි සිද්ධිය ඩුඩි අයියගේ පෝස්ටුවට කොමෙන්ටුවක් විදියට දැම්මා.මේ සිද්ධිය වුනේ එද්දි...

    සාමාන්‍යයෙන් නුවර ඉඳන් කොළඹ එන කෝච්චිය උදේ 9ට විතර නුවරට ඇවිත් නවත්තන් ඉන්නවා.බොහෝ විට ඊටත් කලින් ඉඳන්ම තියෙනවා.උදෙන්ම යන අයට සීට් අල්ලගත්තැකි.අපි හැමෝම උදෙන්ම ඇවිත් හොඳ සීට් එකක් අල්ලගත්තා ජනේලේ ගාවම.කෝච්චිය අද්දන්න ගොඩක් වෙලා තියෙන නිසා මලියයි ලයියයි ගියා කන්න මුකුත් අරන් එන්නම් කියලා... මම විතරයි කෝච්චියේ.ඔය අතරේ ආවා සුද්දියො දෙන්නෙකුයි ගාඩ් කෙනෙකුයි.මගෙ එහාපැත්තේ බෑග් දෙක අරගෙන මගෙ අතට දෙන ගමන් ගාඩ් සුද්දියන්ව ඉන්දෙව්වෙ නැතැයි එතන.මට හොඳම එකෙන් මල.මම කෙලින්ම යුද්ධ ප්‍රකාශ කලා මනුස්ස භාෂාවෙන් මනුස්සයෙක් විදියට කිසිම නරක වචනයක් නැතිව.එතකොට මගෙ බෙල්ලෙන් ඇදලා එලියට දානවා කියලා ගාඩ් සුද්දියො ඉස්සරහා සද්දෙ දාන්න ගත්තා...

    මමත් අතෑරියෙ නෑ මම කිව්වා සුද්දියො දෙන්නට වහාම නැගිටින්න කියලා.එතටකාට ගාඩ් තවත් ෆෝම් වෙලා කියාපි සීට් අල්ලන එක තහනම් කියලා.මම එතකොට ඇහුවා මෙච්චර බෑග් තොගයක් තනි මම උස්සන් ආවා කියලා හිතන්න තරම් මොලයක් නැද්ද කියලා.ඔහොම සටන ඇවිලෙනකොට සුද්දියො දෙන්නා නැගිට්ටා කමක් නෑ අපි හිටගෙන යන්නම් කෑ ගහන්න එපා කියලා.ගාඩ් සද්ද නෑ.... එතකොට සෑහෙන්න වයසක ආච්චිඅම්මා කෙනෙක් ආවා පෙට්ටියට.මම ඉඳගෙන හිටිය තැනින් එයාව වාඩි කරවලා මම සුද්දියන්ට කිව්වා මට හිටගෙන යන එක මහ දෙයක් නෙමෙයි ඒත් මෙයා කරපු වැඩෙයි වැරදි මගෙන් ඇහුවනම් මම නොදී ඉන්නෙ නෑ කියලා.සුද්දි කිව්වා ඒක ප්‍රශ්නයක් නෑ කියලා...

    ඒ අතරේ කෑම ගන්න ගියපු උන් දෙන්නා ආවා.මුං අර සුද්දියන්ව කන්න වගේ බලාගෙන ඉන්නවා වචනයක්වත් නොකියා.උදේට කාලා අවෙ නැති මං මුන්ගෙන් ගෙනාවේ මොනාද අහද්දි මුං මටත් එක්ක ගත්තු අලි පේර බෑග් ටිකක් පෙන්නනවා..... මට තවත් තරහයි.එතකොට ගාඩ් තුමා මට කියාගෙන ගියා

    "මට ඕන්නම් තමුසෙලාට දඩ ගහලා මේකෙන් බස්සන්න පුළුවන්.අදට යනවකෝ" කියාගෙන.

    සිද්ධිය විස්තර කලාම උන් දෙන්නටත් හොඳටම තද වෙලා.එතකොට මගෙ තරහ නිවිලා තිබුන නිසා ගානක් ගියෙ නෑ.මම හිටගෙන ඉද්දි අනිත් ඩබලට ඉඳගෙන යන්න බැරි නිසා උනුත් නැගිටලා අර සුද්දියන්ට ඉඳගන්න දුන්නා.ගියා ව‍ගේම එද්දිත් පාපුවරුවේ සිංදු කිය කිය මුළු පෙට්ටියටම හොඳ වින්දනයක් දෙමින් තමයි ආවේ.

    මේ සියළු ගහබැනගැනීම් අපේ සීට් වලට පිටිපස්සෙන් හිටිය පොලිස් මහත්මයෙක් නොදැක්කා වගේ හිටියා කියලා තේරුනේ පස්සේ....එතුමා නිර්භීත පොලිස් මහතෙක් වගේ ගොරව ගොරවා දොයියන් ඉන්න හැටිත් පොටෝවක් අරගත්තා... මේ කතාව බ්ලොගේ දාන්න හිතුනු දවසක ඒ පොටෝවත් නුවර යන මග දිගට ගත්තු වීඩියෝ දාන්නම්කෝ...

    අදත් චිත්‍රය ලස්සනයි ඈ...

    ReplyDelete
    Replies
    1. එල කමෙන්ට් එක. අර ගයිඩ් එතන පොර වෙන්න යන්න ඇත්තේ. හොඳ වැඩේ උට ලජ්ජා වෙන විදියට කතා කලේ.

      කෝච්චියේ සින්දුවක් කියාගෙන යද්දී තියෙන ජොලිය අපිත් වින්දා කාලෙකට කලින්.

      අර පොලිස් නිලදාරියා ගැන මගේ ප්‍රණාමය.

      Delete
  47. කොච්චියේ යනකොට තියන සුන්දර අත්දැකිම් කියල නිම කරන්න බෑ. මටත් අත්දැකීම් දෙක තුනක්ම තියෙනවා. එකදවසක් හදිස්සියේ ගම්පහ යන්න කියලා නැග්ගා මේක වෙඩ්ල්ල වගේ යනවා. මම ඇහුවා පෙට්ටියේ හිටපු කෙනෙක්ගෙන් ඇයි මේක මේතරම් හයියෙන් යන්නේ කියා. ඌ දිපු උත්තරෙන් මට තරු පෙනුනා. ඌ කිව්වේ මේක ආයෙ නවත්වන්නේ පොල්ගහවෙල කියලා.දෙය්යෝ සාක්කි. මොනව කරන්නද යන්න ගිය ගමන නවතා පොල්ගහවෙල ඉඳලා රෑ දෙ‍ගොඩජාමේ ගෙදර ආවා.
    තවත් අත්දැකිම් දෙකයි. දෙකම ටිකට් නැතුව ගිහින්.

    ඔබ ගිය ගමනත් නරකම නෑ.

    ReplyDelete
    Replies
    1. මටනම් එහෙම දේවල් වෙලා නැහැ වගේ. කමෙන්ට් එක දාන්නත් කලින් මේ කල්පනා කරේ ඇත්තටම එහෙම දෙයක් වුනාද කියල. බස් වලනම් ඒ වගේ සිද්දි වෙලා තියෙනව.

      Delete
  48. කෝච්චි වල මාර ආතල් ඒවා වෙනවලු නේද..මටනම් වැඩිය යන්න වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඕව් එහෙම වෙනවලු හැමදාම යන අයටලු වැඩියෙන් වෙන්නේ.

      Delete
  49. මගෙත් තියෙන්මව කෝච්චි ගැන හොඳ හොඳ කතා. මමත් හැම වීක් එන්ඩ් එකකම වගේ ගෙදර යන්නෙ කෝච්චියෙනේ.

    ගිය සතියෙත් රුහුන ගාල්ලට යන්න පැය 3 වඩා ගත්ත, කෝච්චියේ අවුලක්. ඒක නිසා මේ සතියේ ගාලු කුමාරි වෙලාවෙම මාතර බස් එකකට නැග්ගා. බස් එක වෙලාවටම කෝච්චියත් ගාල්ලේ. කාට කියන්නද.

    මොනව වුනත් කෝච්චියෙ යන්නමයි හිත, නිඩ්ගහසේ යන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. අපි ගියොත් ඔහොමමයි මොකක් හරි මරාලයක් වෙනවා. මට තවම පාර හැදුවයින් පස්සේ යන්න වුනේ නැහැ. අළුත් කෝච්චියේ යන්න හිතන ඉන්නවා "නයනා කුමාරි" එකේ.

      සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..

      Delete
    2. ඒකනම් ඇත්ත මච0. අලුත් පාර හැදුවට පස්සෙ කෝච්චිය ඉක්මනට යනව. අවුල තියෙන්නෙ සෙනග වැඩි වෙලා හොඳටම.

      අලුත් කෝච්චිය යන්නෙ හික්කඩුවෙ ඉඳන්නේ..

      Delete
  50. උනු උනුම කොච්චි කතාව දන්නවද

    ඉයෙ හරි පෙරෙදා හරි බදුලු කොච්චියේ බලහත් කාරකමක් වෙනව කියල නාවලපිටිය පොලිසියට පැමිනිල්ලක් ගිහින්. පොලිසිය ඇවිත් බලන කොට කොච්චි වැසිකිලියක අඩනිරුවත් පිරිමි 3ක් සහ එක් මැදිවියේ ගැහැනියක් ඉඳලා පස්සේ හිටපු මගින්ට ස්තුති කරපු පොලිසිය අර කස්ටියව පොලිසියට අරන් ගොහින්. කට උත්තර ගන්න කොට අර ගැනී කියල මම කැමැත්තෙන්මයි එහේම හිටියේ කියල හික්ස්

    ReplyDelete
    Replies
    1. ඕව් මම කියෙවුව ඒ නිව්ස් එක. එත වෙනත් දෙයකට ඒ පිරිසකට නඩුදාලා නේ.

      Delete
  51. හුරුපුරුදු අත්දැකීම් කිහිපයක එකතුවක්.සන්තොෂය උතුරා යා යුතුමයි :D

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...