5 Jun 2012
පාසැල ජිවිතේ තවත් අඳුරු දවසක්..
අපි හතර වසරේ ඉද්දි පිරිසිදු කිරීම තිබුනේ එළියේ. මිදුල අතු ගාන්න.හතර වසර පටන් ගද්දි මුලින්ම ලැබුනේ පංති කාමරය පිරිසිදු කරන්න. ගෑණු ළමයි ගොඩේ ඉන්න දැන් වගේ නෙවෙයි ඉස්සර අපි පොඩ්ඩක්වත් කැමති නැහැ.පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න තමයි බැලුවේ. ගෑණු ළමයින්ගේ පුටු අස්සේ, ඩේස් යට කුණු අතු ගාන්න අපි කැමති වුනේම නෑ. මොකවත් නිසා නෙවෙයි ගෑණු ළමයි කියන කථා ඉවසන්න බැරි කමට. මාස දෙකකට විතර පස්සේ පංති භාර මිස්ට වැඳලා මිදුල අතුගාන්න පුළුවන් විදියේ සුහද මාරුවක් ගත්තා. ඒකටනම් ගෑණු ළමයිනුත් කැමති වුනා මොකද එයාල අව්වට අකමැති නිසා.
ඒ කාලේ අපේ පංති නායකයා දුමින්ද. දුමින්ද 2 වසෙරේ ඉඳලම මම හිටපු පංතියේ හිටියේ. ඒ නිසා මම දිමියා ගැන දන්නවා හොඳට. නායකත්ව ලක්ෂණ හොඳට තිබුන කෙනෙක් එත් ටිකක් කපටි. තුන වසරේදී තවත් කෙනෙක් එක්ක සම සමව සල්ලි දාලා බබල්ගම් එකක් අරං දෙන්න හවුලේ කාපු හැටි මතකයි. ඒ සිද්දිය "හතරරියන් හා දෙරියන් කවි පන්තිය වගේ". ඒ ගත්තු බබල්ගම් ඒක දුමින්ද සම්පුර්ණයෙන්ම කටේ දාගෙන විනාඩි 10 ක් හපල ඩිලාන්ට දුන්නේ ඉතුරු ටික ඉස්කෝලේ ඉවර වෙනකන්ම හපලා ආයේ දෙන්න කියන පොරොන්දුවෙන්. පළවෙනි විනාඩි දහයේ තියෙන රසය ඊට පස්සේ නෑ ඩිලාන් දවසම හපන්න පුළුවන් නිසා දෙවනියට කන්න තීරණය කලා. හොඳම හරිය දුමින්ද රස බලල හාපෙ විතරක් ඩිලාන් බඩේ හුලන් පිරෙනකන්ම හැපුවා.
බ්‍රහස්පතින්දා මිදුල අතුගාන කණ්ඩායමේ පංති නායකයා වුන දුමින්දත් හිටියා. ගෙදර ලඟින් උදේ තියෙන බස් ඒක ඉස්කෝලේ ලඟට වෙද්දී ඉස්කෝලේ පටන් ගන්න ලඟයි. හැමදාම මම අතුගාන්න යද්දී අපේ කණ්ඩායම අතුගාල ඉවරත් වෙලා සෙල්ලන් කරනවා. වෙන පංති වල වගේ නෙවෙයි අතුගාපු නැති කෙනාගේ කොටස ඉතුරු කරන්නේ නැහැ. තනියෙන් හරි ඉන්න කෙනා අපේ පංතියට අයිති කොටස පිරිසිදු කරනවා. හැම දාම දුමින්දට කිවුවාම කියන්නේ "හරි හරි කමක් නෑ" අපේ පාරේ බස් ගැන හොඳට දන්න නිසා මට කිසි ප්‍රශ්නයක් වුනේ නෑ.එත් අපේ පංතිභාර මිස් වුනේ හතර වසරේ ඉන්නකං මගෙන් පළිගත්තා වජිරා මිස්. දුමින්දගේ හොඳ කම නිසා මට කිසි ප්‍රශ්නයක් වුනේ නෑ. අන්න නායකයෝ.
එත් මට මේ දේ හරි ප්‍රශ්නයක් වුනා මගේ හිතට. ඒක දවසක් වත් මගේ කොටස ඉවර කර ගන්න බැරි වුනානේ. මම එන බස් ඒක තමා අපේ පාරෙ ඉස්කෝලේ පැත්තට උදේන්ම යන බස් ඒක. කොහොමත් ඉස්කෝලේ පටන් ගන්න කලින් ඉස්කෝලේ ලඟට යන නිසා කාටවත් කරදරයක් නෑ. ගුරුවරු එන්නෙත් මේ බස් එකේනේ. වජිර මිසුත් ආවේ අපිත් එක්ක. එත් මම බස් එකේ නොගිහින් වෙනත් විදියකින් වෙනදට වඩා උදේන්ම පාසලට යන්න විදියක් ගැන කල්පනා කලා. එතකොට තමා මතයක් වුනේ බස් අජිත් ගේ මල්ලි නිශාන්ත්ව. නිශාන්තට ඒ කාලේ පොල්ලට උඩින් කකුල දාල බයිසිකලේ පදින්න පුළුවන්. ඒ වෙද්දී මම පැද්දේ කුඩුව ඇතුලේ. කලින් කථා කරගත්තු විදියට නිශාන්ත බස් ඒක නවත්වන තැනට බයිසිකලෙන් එනකං බලන හිටියත් නිශාන්ත වෙනදා වගේම ආවේ බස් එකේ යන්න සුදානමින්. බයිසිකලේ ගැන ඇහුවාම කිවුවේ "ඩිෆාරන්සල්" එකේ ප්‍රශ්නයක් තියන නිසා පදින්න බැහැලු. පස්සේ කාලෙක දැනගත්තේ ඩිෆාරන්සල් තියෙන්නේ ලොකු වාහන වල විතරයි කියල. ඌ මාව රැවට්ටුවා. හවුලේ කරන වැඩ එහෙමම අමතක කරලා දැම්මා.
මම තනියෙම ඉස්කෝලේ යන්න තීරණය කලා. මට ප්‍රශ්නයක් වෙන්න කලින් ඒ දේ නැති කරගන්න මම ගත්තු උත්සාහය ගැන උඩ ඉන්න කිසි දෙවි කෙනෙක් දැක්කේ නෑ. උදේ හයට විතර ගෙදරින් ගියොත් ඒක දවසක් හරි මිදුල අතුගාන්න උදවු වෙන්න පුළුවන්. ඊට පස්සේ සතියේ උදේන්ම යන්න අම්මගෙන් අවසරෙත් අරගෙන යන්න පුළුවන් කෙටි පාරවල් වල ඊට කලින් දවසේ ඇවිදලා වලවල් බෝක්කු ගැන හොඳ දැනීමක් ගත්තා.
උදේන්ම නැගිටලා කට්ට කරුවලේ හයට විතර ගෙදරින් පිටත්වුනේ අම්මගේ බැනුම් සද්දෙත් එක්ක. අද නම් කොහොම හරි මිදුල අතුගාල මම වෙනුවෙන් මෙතෙක් කල් කුණු ඇදපු මගේ යාළුවො වෙනුවෙන් ප්‍රතිඋපකාර කරන්න ඕන කියන හොඳ ප්‍රාර්ථනයක් එක්ක මම එලියට බැස්සේ. එත් මට වැඩි දුර යන්න ලැබුනේ නැහැ. පාර දෙපැත්ත කරුවලයි ගඟ අයිනේ කෙටි පාර දිගේ යද්දී උණ පඳුරු අස්සේ ඉඳන් කෑ ගහන කොරවක්කන්ගේ සද්දේ හුළඟට හෙළ වෙන වියලි කෙසෙල් කොළ, අවෙලාවේ මම දැකපු නිසා ඩොන්කා ගස් වල වහල හිටපු වවුලු අත්තටු ගහල පියාබිද්දී ඇහෙන සද්දේ නිසා මම බය වෙලා හිටියෙ. ආයෙත් ගෙදර ගියේ තව ටිකක් එලිය වැටෙද්දී යන්න හිතා ගෙන.
තව ටිකක් එලිය වැටෙද්දී මම කලින් දවසේ හොයාගත්තු පාරවල් දිගේ ඇවිදගෙන ගිහිං අපි උදේට බස් එකට නගින තැනයි ඉස්කෝලෙයි අතරේ මැද හරියෙන් වගේ තැනකින් මම මහා පාරට වැටුනා. පාර දෙපැත්තේ ඉන්න මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දීලාම එපා වෙලා. කවදාවත් නැතුව පයින් යද්දී මිනිස්සු මොනවා කියනවා ඇත්ද. කාටවත් ඇත්ත විස්තරේ කියන්න බෑ. තව ටික දෙනෙක් මගේ පස්සෙන් එන්න හදන්නේ වෙන මොනවා හරි ප්‍රශ්නයක්වත් නිසාදෝ කියල. ඉර එළියත් දැන් ටිකක් වැටිලා කණ දෙපැත්තෙන් දාඩියත් බේරෙනවා. හැම හංදියක් ලඟම ඉස්කෝල බස් ඒක එනකං ඉන්න ළමයි මගේ දිහා බලන්නේ හරි අමුතු විදියට වට පිට බලද්දී මට දැනෙනවා ටිකක් දවල් වෙලා වගේ. සමිරලගේ ගේ ටිකක් පහු වෙද්දී, ඇඟටත් ටිකක් මහන්සි එත් හිතටනම සතුටුයි ඉස්කෝලෙට තියෙන්නේ තව ටික දුරකින් නේ. සමීරගේ ගෙදර පහු වෙලා වැඩි දුර යන්න ලැබුනේ නැහැ මගේ පිටි පස්සෙන් ඇහුන ලොරි හෝන් සද්දෙට මම පාරේ කාණුවට බැහැල අයින් වුනේ ඒ ලොරිය ලොකු වැඩි නිසා සද්දෙන් මම දන්නවා ඒ කාගේ ලොරියද කියල. එත් ඒ ලොරියක් නෙවෙයි අපි හැම දාම උදේට ඉස්කෝලේ යන ඩිපෝ බස් ඒක. බස් ඒක මාව පහු කරන යද්දී මට හූ කිවුවේ, හිනා වුනේ කොළ කෑලි වලින් ගැහුවේ මම එද්දී පාර දෙපැත්තේ හිටපු උන් ටිකයි මම නගින තැනින් නගින නිශාන්තල කට්ටිය.
බස් ඒක පහුකරන් යද්දී කේන්ති ගියපු මම
බස් ඒක පස්සෙන් දිවුවත් වැඩක් වුනේ නැහැ. කිලෝ මිටර හතරක් විතර ඇවිදන් ඇවිල්ල දුවන්න කකුල් දෙකට පණ නෑ. මෙච්චර උදෙන් ඇවිල්ල කාලයක් හිතේ කැකෑරෙමින් තිබුන දේ ඉෂ්ඨ කරගන්න වෙන්නේ නැහැ කියන දුකයි බස් ඒක පහු කරන ගියපු කේන්තියත් එක්ක මම ඉස්කෝලේ ලං වෙද්දී "ටිලිං".... "ටිලිං"... සද්දේ ඇහුනා ඒ ඉස්කෝලේ පටන් ගන්න සීනුව. ඉතුරු ටිකක් අමාරුවෙන් ඇවිදලා ගේට්ටුව ලඟට එද්දී ගාථ කියන්න පටන් ගෙන. විනාඩි දහයක් විතර එළියේ ඉඳන් ගාථ කියල ඉස්කෝලෙට ඇතුල් වෙද්දී ලොකු සර් ( ඒ කාලේ ප්‍රින්සිපල්ට කිවුවේ ලොකු සර් කියල) වේවැලත් වන වනා ඉද්දි මගේ බඩ පපුව පිච්චිලා ගියා. පරක්කු වුනාට දඬුවම විදියට ස්කෝලෙ ගේට්ටුව ලඟ ඇති කුණුයි, බෝ ගහෙන් වැටෙන කොළයි ඔක්කොම සුද්ද කරලා පන්තියට ගිහිං එදා දවසම උතුරා යන සන්තෝසෙන් ඉගෙන ගත්තා. හතර වසර හිටපු මුළු අවුරුද්දෙම මම අතුගාන වැඩේට සම්බන්ධ වුනේ නැහැ.
Labels:
පොඩි කාලේ
Subscribe to:
Post Comments (Atom)
අවුරුද්දම මිදුල අතු නොගෑවට ඒකට හරියන්න ස්කෝලෙ ගේට්ටුව ලඟ ඇති කුණුයි, බෝ ගහෙන් වැටෙන කොළයි ඔක්කොම සුද්ද කරලා තියෙන්නෙ. ඒ මදෑ...
ReplyDeleteඅවුරුද්දකට හරි යන්න අතු ගෑවා එත දඬුවමක් විදියට හෙක් හෙක්.
Deleteheta nidahase kiyawannam hode
ReplyDeleteහා පස්සේ එන්න එහෙනම්.
Deleteඅපූරු ලිපියක්. පාසල් කාලෙට ආයේ ගියා වගේ.
ReplyDeleteහෙක්....... ඔයාත් මෙහෙම එළියේ කුණු ඇහිඳලා තියේද?
Deleteහිකිස්... උඹටමයි නේද වෙන්නෙ !
ReplyDeleteමචන් සිත්තර අඳින්නෙ කවුද බන් ? උඹමද ? මරු බන්..
ජයම පතමි !!!
බලපාන ඉතින් මට වෙච්ච දේවල්.
Deleteමම නෙවෙයි අඳින්නේ වෙනත් කෙනෙක්.
උඹටත් ජයෙන් ජය.
අඳින කෙනාගෙ නමත් කිවානම්නෙ හොඳ. එයා කැමති නැද්ද නම කියනවට ?
Deleteනැහැ මචං නම කියනවට කැමති නැහැ.
Deleteමාත් කිව්වේ නම දාපං කියල. තොරණක් ගහන්නවත් කන්ට්‍රැක් අරන් දෙන්න.
Deleteකියපං ඌට ජය කියල.
මම කියන්නම් සෑමා සෙනා ජය පැතුවා කියලා.
Deleteහාපුස්...මදැයි වැඩි හොදට වෙලා තියෙන හරිය ..
ReplyDeleteඅවන්කයා සැමදා දුකේ.
Deleteපව් අසරණයා.... චිත්තරේ මරු.. කලින් එකටත් වඩා
ReplyDeleteපව් කියන්න එපා. බං මට දුකයි.
Deleteස්තුතියි මචං...
වැඩි හොඳ කරන්න ගියාම නොදැනිම වැඩේ අඤ්ඤකොරොස් වෙනව තමයි. :)
ReplyDeleteහරි මචං හැමදාම මට කරදර වෙලා තියෙන්නේ වැඩි හොඳ කරන්න ගිහිං.
Deleteඅතුගාන වැඩේ කරන්න ගිහින් අතුගෑවිලාම ගිහින් වගේ :D
ReplyDeleteඑළියේ කුණු අතු ගාද්දී කට්ටිය බල බල ගියපු එක තමා ඉවසන්න බැරි වුනේ.
Deleteකමක් නෑ හලේ....හිට පිලෙන්නම එඩා කුණු ටික අස්කලානේ.........
ReplyDeleteමට දැනුන සන්තෝසේ කියා ගන්න බෑ...
Delete// අද නම් කොහොම හරි මිදුල අතුගාල මම වෙනුවෙන් මෙතෙක් කල් කුණු ඇදපු මගේ යාළුවො වෙනුවෙන් ප්‍රතිඋපකාර කරන්න ඕන කියන හොඳ ප්‍රාර්ථනයක් එක්ක මම එලියට බැස්සේ//
ReplyDeleteඋඹ හොඳ එකෙක් හැබය් හොඳ එවුන්ටමය් කෙලවෙන්නෙත්, වජිරා මිස් ගේ සීන් එකෙත් උනේ ඒකමනේ
අවංකය සැමදා දුකේ නේ. එකයි එහෙම වෙන්නේ.
Deleteගනං ගන්න එපා බං! ඕවා ඔහොම තමා!
ReplyDeleteදැන්නම් ඉතින් ඒ ගැන සුන්දර මතකයක් විතරයි තියෙන්නේ.
Delete"කසළ ඇමදීමෙන් සිදුවන කුසලය නිකසල හෙයින්....."
ReplyDeleteකාටූන් එකනම් මරු. උඹ නේද ඇන්දෙ....?
කාටුන් එකනම් මම නෙවෙයි ඇන්දේ...
Deleteඅපේ ඉස්කෝලේත් කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලම හිටියා ,හැමදාම දෙගොල්ලම ඉන්නවා අතුගාන ලිස්ට් එකේ අපි අතුගෑවේ නැතත් අපේ පන්තියේ කෙල්ලෝ අතුගාල තියෙනවා වෙන මොකකටවත් නෙමේ එතකොට මල් පාත්තියට වතුර අදින්න වෙන්නේ අපිට නිසා ........
ReplyDeleteඅන්න කෙල්ලෝ.අපිට ඒ වගේ ගානුලමයි හම්බ වුනේ ලොකු පන්ති වලට යද්දී.
Deleteහිකිස්... උත්සහවන්තයාට මහන්සිවේ කියන කතාව ඇත්ත එහෙනම්. ඒ උනාට උබ පව්ද මංදා. ජය....!
ReplyDeleteකීප දවසකින් එන්න බැරි උනා .සොරි හොදේ.
මම පව් තමා අච්චර දුක් විඳලත් වෙලාවට ඉස්කෝලේට යන්න බැරි වුනා නේ.
Deleteඅනේ පව්. අවංක උත්සාහයක් නේ අරන් තියෙන්නේ. කමක් නෑ ගේට්ටුව ළඟ කුණු හරි අයින් කරා නේ :)
ReplyDeleteආ මේ චිත්‍ර අඳින්නේ අසාර් මද? මරු නේ.
එත් මට දුක අපිට අයිති ටික සුද්ද කරන්න බැරි වුනා නේ.
Deleteමම නෙවෙයි මේවා අඳින්නේ වෙනත් කෙනෙක් නේ..
වැඩි හොද කරන්න ගිහින් කොරගෙන තියෙන දෙයක්.. මට මතක් උනේ ඉස්සර අපි ශිෂය නායකයෝ කාලේ පරක්කු වෙලා එන ලොකු උන්ට දුන්න පනිශ්මන්ට්..
ReplyDeleteඅදත් චිත්රේ මරු අයියේ..
උඹ වැඩිහිටියන්ට සලකලා නැහැ නේ. ලොකු අයියලා පස්සේ කාලෙක පාරේදී අහුවුනේ නැද්ද?
Deleteචිත්‍රේට ස්තුතිය්ය මට නෙවෙයි..
නෑ නෑ.. ඉස්කෝලේ නම රන්දපු අපේ අයියගේ බල පරාක්‍රමය නිසා අවුලක් උනේ නෑ.. :)
Deleteදේශපාලනේ වගේ තමා එහෙනම්.
Deleteඅනේ පව් අසරණ....මැවිලා පේනව මට ඇස්දෙකේ කඳුළු පුරවගෙන කුනු අහුලන හැටි..හික්ස්..!!
ReplyDeleteමම එහෙම ප්‍රසිද්දියේ අඬන්නේ නැහැ. කවුරුවත් නැති තැනක ඇඬුවත්....
Deleteමදෑ කලින් යන්න ගියා...කමක් නෑ ආසාව සංසිදෙන්න ටිකක් හරි අතු ගාන්න පුලුවන් වෙලානෙ.
ReplyDeleteමම ආස නෑ අනුන්ගේ කුණු අහුලන්න එත නොසිතු දෙයක් සිද්ද වුනේ.
Deleteපරක්කු වෙලා ගිහින් හරි අතුගාන්න ලැබුනනේ........ ඒකත් මදෑ නේද????
ReplyDeleteජය වේවා!
මගේ හිතට එත් මොකක්ද වගේ. එතන කුණු අහිඳපු එකට.
Deleteහොද වැඩේ තොට.... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
මෙහෙමත් කම්මැලි රජෙක් !
Deleteඔව් රජෝ මම හොඳ වඩක් කලේ.
Delete@ සෙනා = හෙක්...
හි...හි...එච්චර පරක්කු වෙනවද...?
ReplyDeleteලමයා ඊලඟ දවසෙ කොන්ඩෙ කපාගෙන එනව...!
මම කොන්ඩේට තෙල් ගාල පැත්තට පීරලා ගියේ. කේන්තිය වැඩි කමට කොන්දේ අවුල් උනා.
Delete:) මාත් ඒ දවස් වල මුලු පංතියම අතුගානවා අරුගෙ මුගේ කියලා බලන්නේ නැතුව`1
ReplyDeleteදුමින්ද වගේ තවත් කොල්ලෙක්.
Deleteඅවුලක් නෑ අවුරුදු ගානටම හරියන්න එක දවසක් අතුගැවනේව.....ඔන්න ණය ගේවිලා ඉවරයිලු මචෝ...අඩේ පිංතුරේ පංකාදු පහයි...
ReplyDeleteඑත් මගේ යාලුවොන්ට නය ගෙවන්න බැරි වුනා නේ.
Deleteස්තුතිය සිත්තරාට..
මල්ලිගේ විත්ති කතා පොත මතක් වුනා . ඉස්කෝලේ කතා වලට මන් හරිම ආසයි. චුයින්ගම් කාපු හැටි තමා නියම .
ReplyDeleteපව් ඉතින් අසරනයෙක්ම තමයි
ගොඩාක් දෙනා කැමති පාසල් කතාවලට. ඒ වගේ චුයින්ගම් කපු විදියක් අහල නැද්ද කලින්.
Deleteනම හොඳට ගැලපෙනවා නේ වෙලා තියෙන සිද්දීත් එක්ක.
අන්න අපේ පන්ති වල හිටි ගෑනු ලමයි මල් තියන්න වටින්නෙ..අපිට තිබුනු මිදුල පවා ඒ ගොල්ලො අතු ගාලා දෙනවා.. ඒ කරලා ටීචර්ස්ලගෙන් බැනුනුත් අහනවා..
ReplyDeleteඅපිට එයාල වගේ අය ලැබුනේ 11 වසරේදී හතර වසර කියන්නේ ගෑණු ළමයි ඇලජික් කාලෙනේ.
Deleteඔය ගෑණු ළමයි පෙන්නන්න බැරි ප්‍රශ්නෙ නම් සහතික ඇත්ත...මමත් ඔය අතුගාන ප්‍රශ්නවලට අනන්තවත් රණ්ඩු වෙලා තියනවා පිරිමි ළමයි එක්ක..!!
ReplyDeleteඅදත් සිත්තරේ නම් ලස්සනයි..
හපෝ... ඔයා හෙන සැරයි නේ. කෙල්ලෝ ඔක්කොම එකයි.
Deleteස්තුතියි එත් මම නෙවෙයි ඇන්දේ.
කොහොම හරි පිරිසිදු කරන්න පුළුවන් වුනානේ...
ReplyDeleteඔව් එත් හිතට හරි නැහැ.
Deleteඔයාගේ බ්ලොග් එක මොකක්ද?
කුනු ටිකක් ඇද්දට මොකදෑ වෙන්නෙ!
ReplyDeleteඅතේ කුණු ගෑවෙනවා නේ.
Deleteපව් අනේ අසරණ අසරණයා මට මැවිලත් පේනවා.... කොහොම හරි අතුගෑවනේ ඒ මදෑ !
ReplyDeleteඅර විදියට බබල්ගම් කෑවේ අසරණයවද්ද ඈ ??
ඒ වුනාට ඒ අතු ගාපු එකට මම ආස නැහැ. දඬුවමක් නේ.
Deleteමම නෙවෙයි කාවේ ඩිලාන්.
සිත්තරේ නම් මල් හතයි ඈ නියමයි... ඔය අතුගාන කරදරේ අපිටත් තිබුනා හැබැයි හතර පහ වසරෙදි නම් නෙමෙයි හය වසරෙ ඉඳන් 11 වසර වෙනකන් හැබැයි සතියක් අපි මිදුල අතුගෑවනම් අනික් සතිය පන්තිය අතුගාන්න තමා සෙට් වෙලා තිබුනේ.පන්තියේ ඩෙස් පුටු එහෙ මෙහෙ කර කර අතුගාන්න ගියාම තමා එපා වෙන්නේ මිදුල අතුගාන එක ලේසියි...
ReplyDeleteපන්තිය අතුගාන්න තියෙනකොට අපි කරන්නේ ඉස්කෝලේ ඇරිලා අතුගාලා යන එක.සමහර දවස්වලට ඩෙස් සේරම එක පැත්තකට ඇදලා පන්තිය අතුගාලා වන් බම්ප් පාරකුත් ගහලා තමා ගෙදර යන්නේ.පුරුද්දක් විදියට මම ඉස්කෝලෙට ගියෙ පරක්කුවෙලා නිසා මිදුල නම් අතුගාලා නෑ.හැබැයි කුණු බාස්කට් එක අරන් යන්නේ මම තමා.ඒක අරන් යන්න වෙලාව මදි වුනොත් අපේ පන්තිය ඉස්සරහා පිට්ටනිය වෙන් කරන්න තියෙන වැට ගාවට ගිහින් කුණු සේරම හලන්නේ පිට්ටනියට... පිට්ටනිය ගොඩාක් පාතින් තිබුනු නිසා කාටවත් මාට්ටු නෑ...
චුයින්ගම් කාපු හැටි නම් එල... කොහොමත් කෙල්ලෝ ඉස්සර එක බෝතලේ කට තියලා බොන්නෙත් නෑ පාටි වලට බීම බෝතල් ගෙනාවාම.... හැබැයි ඒකට 10 11 වසර වලදි කෙල්ලොන්ට බෝතලේ බඩේ තියලා ගත්තත් අවුලක් නෑ බීම ටික බොන්න ඇත්නම්...
අයියා පරක්කු වුනේ ඉස්කෝලේ දුර හින්දනේ.අපේ ඉස්කෝලේ තිබ්බේ මට පයින් යන දුර... පට්ට කතාව ඈ.හැමෝම චිත්‍ර අඳිනවා මේක හරියන්නෑ මාත් අඳින්න ඕනේ
අපිත් වෙනත් වසර වලදී හවස අතු ගාල ගියපු දවස තිබුනා. උඹ ඉස්කෝලෙට පරක්කු වෙලා එන්නේ හැමෝම වගේ ඉස්කෝලේ ලඟම එකා නිසා වෙන්න ඇති.
Deleteඋඹත් ඇඳපන් චිත්‍රයක්.එත් මේ මම නෙවෙයි ඇන්දේ.
මම නම් පොඩි දවස්වල හරි ආසාවෙන් ඉස්කෝලේ අතුගාන්නෙ. හේතුවනම් අහන්න එපෝ
ReplyDeleteමගේ යාලුවෙකුත් හිටියා ගෑණු ළමයින්ගේ කොටසත් කරන්න අසයි. ජෝන් එහෙම නෙවෙයි කියල අපි දන්නවා..
Deleteඅපිට කොහෙද බන් එහෙම වාසනාවක් අපි ගියෙ පිරිමි ඉස්කෝලෙකට.
Deleteඉස්සර අපි හිතුවේ අපියි අවසානවන්තයෝ කියල. මල වදේ බං කෙල්ලොන්ගෙන්.
Deleteඔහොම තමයි පෙරුම් පුරලා පුරලා මහන්සි වෙලා කරන දේවල් සමහර වෙලාවල් වලට හරියන්නෙම නෑ. මමත් මතක ඇති කාලෙක ශිෂ්ශත්ව පන්තියෙන් පස්සේ ඉස්කෝලේ පන්තිය අතුගාලා නෑ. මොකද මම දුර ඉඳන් එන හන්ද ඉස්කෝලෙට එනකොට හැමදාම ඉස්කෝලේ පටන් ගන්න වෙලාව පහු වෙනවා.
ReplyDeleteඅපිටනම් වැඩි දුර නැහැ කිලෝ මීටර් 5ක වගේ දුරක්.එත් ඉතිං අන්තිම තත්පරේදීනේ ඉස්කෝලෙට එන්නේ.
Deleteසහෝදරයට ශෝකාන්තමනෙ වෙලා තියෙන්නෙ
ReplyDeleteඅනේ බලහන් බං ඉතිං මටම වෙන දේවල්.
Deleteඑල එලම එල ආ,.,.,,.,
ReplyDeleteඑල සුදු මහත්තයා.
Deleteතුනේ පන්තියේ ඉඳන් අවුට් වෙනකම්ම මම මොකද්දෝ හේතුවකට හැමදාම පන්ති නායකයා. ඉතින් ඔය පොඩි පන්ති වල මම අතුගාන්නෙ නෑ. නායකයෝ අතුගාන්නෙ නෑ කියල සුපවයිස් පාර දාන්නේ .. අනික් උන් නායකයාගෙන් එක ගන්න හිටු කියල සේවේ.. (ඇයි ඉතින් අතුගෑවා වගේද අලුත් පොත්, අලුත් ඩෙස්ක් එහෙම හම්බෙන බෙනිෆිට් එහෙම?)
ReplyDeleteමට පංති නායක කම ලැබුනේ දෙන්න කෙනෙක් නැති වුනාම. ලොකු පංති වල නායකයෝ කියන්නේ අද කාලේ ජේෂ්ඨ ඇමති කෙනෙක් වගේ කිසි වැඩකට නැහැ. මමත් ඒ කාලේ ජේෂ්ඨ ඇමති කෙනෙක් විදියට හිටියේ.
Deleteඅවංකව බොක්කෙන් වැඩ කරන්න යන කොට ඔහොම අකරතැබ්බ වෙනවා මචං. ඕවා ගණන් ගන්න එපා. පිහියෙන් අනිනවා ඉවසන්න පුළුවන බැරි කොහිල කටු ඇනෙන එක ඉවසන්න තමා.
ReplyDeleteමගේ උදාරතන ප්‍රාර්ථනය එහෙම්මම නැති වෙලා ගියා.
Deleteඋඹ අවංකවම ඒ ගැන හිතපු නිසා වෙන්න ඇති උඹට කවදාවත් අතු ගාන්න වෙන්නේ නැතුව ඇත්තේ...
ReplyDeleteමමනම් පාන්දර 05:15 බස් එකේත් ඉස්කෝලේ ගිහින් තියෙනවා, අපි එහෙම යන්නේ අතු ගාන්න නෙමෙයි ක්‍රිකට් ගහන්න.
අතු ගාන එක අපි අතරේ බෙදිලා තිබුන නිසා ඒ තරම් ප්‍රශ්නයක් උනේ නැහැ කවදාවත්
මොනවා උනත් අපුරු කතාවක් බං.... පොඩි කාලේ මතක් උනා.
මමත් ලොකු පංති වලට යද්දී බයිසිකලෙන් ඉස්කෝලේ ගියේ උදෙන්ම අතුගාල ක්‍රිකට් ගහල දහඩිය පිටින් පලවෙනි පීරියඩ් එක ඉගන ගන්නේ. කොහොමද එතකොට දැනෙන සනීපෙ.
Deleteපාසැල් යන කාලේ මට තිබුණෙ පන්තිය අතුගාන්න. හැබැයි මම හැමදාම ඉස්කොලෙ ගියේ පුරුදද්දක් විදිහට පරක්කු වෙලා. ගේටට්ටුව ලඟදි පමා වෙන ලමයි කෙලින්ම ප්‍රින්සිපල් ගාවට . ශිෂ්‍ය නයකයෝ ටික හිත හොඳ එවුන් නිසා මගදිම පොත් ටික ඉල්ලගන්නවා. ඊට පස්සේ මමත් එයාලට සපෝට් එකට ආවාවගේ පමා වෙලා ආව වුන් ප්‍රින්සිපල් ලඟට එක්ක ගියා.
ReplyDeleteමිදුල අතුගාන එකත් නරකම නෑ.
ඔය වැඩේ මාත් කරලා තියෙනවා සමහර දවස්වලට පොත් ටික ලොකර් එකේ දාලා යනවා පහුවදා අත වන වන ආවාම හිමින්ම කැන්ටිමට රිංගතෑකිනේ
Deleteමටත් එහෙම චෑන්ස් තිබුනා 11 වසරේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා ගේ ඉඳල ලොකුම නායකයෝ ඉස්කෝලෙන් පස්සේ මාත් එක්ක එකටම ඉන්න කට්ටිය ඉතිං මට කිසි ප්‍රශ්නයක් වුනේ නෑ..
Delete@ ගැමි මට ඒ දේ කරන්න ලැබුනේ නැහැ හැමදාම ගෙදර වැඩ දෙනවා හදිස්සියේ හරි පොත් ඉස්කෝලේ දාල ගියාම ප්‍රින්සිපල් හිටපු ගමන් පන්තියට ඇවිල්ල පොත් ටික එකතු කරන යනවා.
අනේ පව්... මොනා උනත් ඒ කාලෙ හොඳ ලමයෙක් වෙලා ඉඳපු බව පේනවා...
ReplyDeleteඑතකොට මම දැන් නරක ළමයෙක ද?
Deleteමාර කට්ටක්නෙ...
ReplyDeleteඕව් ඒ කාලේ ඉඳලම කාවේ හිපපොටේමස් කටු.
Deleteචුයිංගම් කතාව තමා මරු !!!
ReplyDeleteචික් කපටි කොල්ලෝ.
Deleteඋබ හොදක් කරන්න ගිය නිසා දුක් වෙන්න එපා බං.
ReplyDeleteඅපේ කොල්ලෙක් හිටිය. පොර 13දි උප ප්‍රධාන ශිෂ්‍ය නායක. හැමදාම 8 පැනල ඉස්කෝලෙ එන්නේ. පොත් හතර අතේ තියාගෙන. පොර පරක්කු වුන ලමයි එලියෙ ඉන්නකොට ගාථා ඉවර වුනාම ඇතුලට එනවා. හරියට පරක්කු වුන ලමයි අල්ල ගත්ත වීරය වගේ. බැලින්නම් පොර හැමදාම පරක්කුයි.
:ඩී
අපෙත් හිටියා එකෙක් ඌට කියන්නේ "ආලවක" කියල.
Deleteඅසරණ වුණාට ඔයා හරි අවංකයිනේ.
ReplyDeleteඅර ඩිලාන් නම් හරි ෂෝයිනේ. අර බදුල්ල පැත්තෙන් ඡන්දෙ ඉල්ල පාර්ලිමන්ට් ගියේ ඒ ඩිලාන් නෙවෙයි නේ. :)
අපේ ගමේ ග්රමසේවකත් කිවුවා මම හරි අවන්කයා කියල.
Deleteනෑ නෑ... මේ වෙන ඩිලාන් කෙලෙන්ක්.
ඊඊඊඊ චුයින්ගම් කෑව හැටි.. :P
ReplyDeleteපිරිසිදු චේතනාව මදැයි ඔයින් ගියා.. :D
හාෆූ කුරුල්ලන්ට තරහා ගියාමත් කොණ්ඩෙ ඔය වගේ තමයි.. :P
රස වැඩක නෑ ගොඩාක් වෙලා හපන්න ලැබුනේ ඩිලාන්ට නේ ඉතින් ඩිලාන් දිනුම්.
Deleteමගේ කොන්ඩේ වළි කුකුලෙක් ගේ වගේ ද?
ඊයා චුයින්ගම් මාරු කරන් කාලා. ඔය නම් අසර්ගේ වැඩක්.
ReplyDeleteචිත්‍ර අදිනකොට ඔයාව ලස්සනට ඇදගන්නවා නේද..
ඔන්න මනං ඒ වගේ හවුලේ වැඩ කරන්නේ නැහැ. චුයින්ගම් කෑවම ලෙඩ වෙනවලු අපේ පන්තිභාර මිස් කිවුවේ.
Deleteමෙතන මම ලස්සනයිද. හොඳටම කේන්ති ගිහිල්ල ඉන්නේ.
අසරණ කරපු වැඩත් අනිත් අයගෙ එකවුන්ට් වලට දානවා වගෙ .
Delete…අපොයි ඔයාටත් වෙන වැඩ නේද ?
මම එහෙම කලේ නෑ.. වෙන කෙනෙක් කලේ මම බලාගෙන හිටියා.
Deleteඅනේ අපේ අසරණයා අයියා පව් අප්පා.... ඔයා චූටි කාලේ කතා ලස්සනට ලියනවා නේ... චූටිම කාලේ නොවුනත් මාත් ලියනවා ඉස්කෝලෙ කාලේ වෙච්ච කතා ටිකක් ඉස්සරහට....
ReplyDeleteමොකෝ ඒ පැත්තේ නාවේ... අපි එක්ක තරහද?
කවුරු ඇන්දත් චිත්‍රය නම් ලස්සනයි ගොඩක්...
එකනේ ඔයාගේ චුටි කාලේ කතා අහන්න ආසයි. ඒවත් ඉක්මනින් දන්නා.
Deleteඔයාගේ පැත්තේ එනවා.එත ඔයාගේ නව කතාව මම කියවන්නේ නැහැ. නව කතාවලට ආස නෑ මම. එක ඉතින් හැමෝම දානවා නේ.
නියමම නම දාගෙන තියෙන්නෙ.. අසරණයාම තමා.. හික්ස්ස්...
ReplyDeleteබැරිද මේ අපේ වත්ත පොඩ්ඩක් අතුගාලා දෙන්න එන්න..:p
චිත්රේ මරු!! කතාවත් මරු!!
සිද්දි ගැනම හිතෙද්දි නම ගැලපෙනවා කියල දන් මටත් හිතෙනවා.
Deleteඔයාගේ වත්ත පොඩි වත්තක්නම් සලකලා බලන්න පුළුවන්.
//චිත්රේ මරු!! කතාවත් මරු!!/ කතාව කියවපු ඔයාත් මරු..
අවුරුද්දම අතු ගෑවේ නැති උනාට එදා ....... අවුරුද්දටම හරියන්න අතුගාන්න ඇතිනේ.......
ReplyDeleteකියන්න අමතක උනා චිත්‍රෙත් නියමයි ...
Deleteඑදා ඉතිං අතු ගාවිල්ල ගැන මතක අක්රනවත් බෑ ලැජ්ජාව.
Deleteස්තුතියි
ඈ අසරණයා? ඔය ගුරුවරුන්ට ඇත්තම කිව්වම මේකයි ප්‍රශ්නේ කියලා අහන්නෙ නැද්ද? මේකත් හරියට පොලීසිය වගේනෙ!
ReplyDeleteඅර චිත්‍රෙත් කතාව වගේම මරු කියලා ඇඳපු ලැජ්ජාකාර බුවාට කියන්න.
henryblogwalker the Dude
එහෙම කිවුවනම් ශේප් වෙන්න තිබ්බා එත මට ඒ දේවල් කියන්න මතක වුනේ නෑ එවෙලේ මාර කේන්තියෙන් හිටියේ.
Deleteලජ්ජා කාරයාට කියන්නම් කෝ. මෙච්චර කාලයක් පෙන්න නැතුව හිටියේ ඇයි. ලංකාවටවත් ආවද?
අසරණයා, මගෙ අම්මාගෙ අභාවය නිසා පහුගියකාලෙ දවස් දහයක නිවාඩු අරන් ලංකාවට ඇවිත් හිටියා. ස්තුතියි ඇහුවට.
Deletehenryblogwalker the Dude
බොහොම කණගාටුයි.
Deleteපව් අසඑණයා අසරණ වෙලා....
ReplyDeleteහී හී.. උඹට දුක හිතුනට ලොකු සර්ට දුක හිතුනේ නැහැ නේ
Deleteකියන්න තියෙන්නේ ඉතින් අයියෝ සල්ලි කියලා තමයි!!
ReplyDeleteජය වේවා!!
අයියෝ යෝ යෝ...
Deleteඅපි උසස් පෙළ කරන කාලේ පාසල් ගියේ තට්ටු දෙකේ බස් එකේ. අර සිංහලෙන් කියන්නේ ඩබල් ඩෙකර් කියලා. කොල්ලෝ උඩ කෙල්ලෝ යට. (ඒ කාලේ කොල්ලෝ කෙල්ලෝ එක බස් එකේ යැව්වානේ අපේ මෝඩ . . . ලා. එකසිය ගානට සෙනෙහෙකොල මාරුවෙන්නේ. ඒ කාලේ මොන මොබයිල් ෆෝන් ද) ඔන්න ඉතින් කොල්ලෝ උඩ තට්ටුවේ යන ගමන් පාර අයිනේ තියන අඹගස්, රඹුටන් ගස්, වනසන්න පටන් ගත්තා. කඩවල් වල ටකරන් වහලෙට පොඩි ගල්කැට වැටෙන්න පටන් ගත්තා ස්කූල් බස් එක යන වෙලාවට. මේ ගැන පැමිණිලි ආවා ඉස්කෝලෙට. (ඒ වැඩ කරපු අන්ඩපාලයන්ගෙන් එකෙක් මේ ඊයේ පෙරේද පොලීසියේ ඩී. අයි.ජී. කෙනෙක් වුනා. . . . අනේ අම්මපා) ඉස්කෝලෙන් අතීසාරෙට අමුඩ ගහන විසඳුමක් දුන්නා. කෙල්ලෝ උඩ. කොල්ලෝ යට. හරී. . . . . . . . . . . . . ෂෝක්. කෙල්ලෝ උඩට යනකොට (මම එහෙම නෙවේ) වල් කොල්ලෝ, කන්නාඩි කෑලි අල්ලලා, කෙල්ලන්ගේ ඇඳුම් පැළඳුම් ගැන සාස්තර කියන්න පටන් ගත්තා. කෙල්ලෝ අඬාගෙන ගිහින් පැමිණිලි කළා. එකෙක් අර ඩී.අයි.ජී. ගේ අද නෝනා. ඒ කාලේ පෙම්වතිය. අද අමාත්‍යාංශයක සහකාර ලේකම් වරියක්. වැඩේ සවුත්තු වුනා. පැමිණිල්ල වැඩ කළා. අහෝ ඛේදයකි. බේදයකි. පරිච්ඡේදයකි. ඉරකි. තිතකි. වහාම ක්‍රියාත්මක වන පරිදි කොල්ලන්ට වෙනම කෙල්ලන්ට වෙනම බස් දෙකක් දැම්මා. මගේ කඩා වැටුණු පපුව පාරේ තිබිලා, බස් එකකට අහුවෙන්න නොදී බේරාගෙන, ගෙනත් දුන්නේ ඒ කාලේ මම ආශ්‍රය කල ගෑනු ළමයින්ගෙන් එක්කෙනෙක්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අපිට කොහෙන්ද ඒ වගේ චෑන්ස්. දෙගොල්ලොම එකම බස් එකේ ගියේ චොප්ප වෙලා ආදර හසුන් වගේ දේවල් අපේ බස් එකේ උනේ නැහැ. ඉස්කෝලේ ඇතුලේ ටිකක් විතර තිබුනා.
Deleteමම නම් ඉස්සර පරක්කු වෙලා ඉස්කෝලෙට යනකොට, ඉස්කෝලේ පෙන හරියට එනකොට bandage එකකින් අත හරි කකුල හරි ඔතාගෙන යනවා... ස්පෝර්ට්ස් කරපු නිසා මගේ බැග් එකේ නිතර ඒවගෙන් කීපයක් තිබුන..
ReplyDeleteඉතින් කව්ද අත කකුල ඉදිමුන, තුවාල උන කෙනෙක්ගෙන් වැඩක් ගන්න අහ් ? හැක් හැක් .....