14 Mar 2012
සුනීතාගේ මංගල තෑග්ග
මගේ යාලුවෙක් වුනු සමන් මට වඩා පන්ති දෙකක් ඉහලින් ඉගන ගත්තේ.සමන්ගේ අක්කා සරසවි අධ්‍යාපනය හදාරමින් හිටියේ.කාලෙකට පස්සේ කැම්පස් ඉවර වෙලා ගෙදරට වෙලා ඉද්දි අපි එහෙ ගියපු දවස් වලට දකිනවා කැරකි කැරකි ඉන්න සමන්ගේ අක්කාව.ඒ කාලේ ටිකක් ගැමි ගතිය තිබුණු වෙල් යායක් ළඟ තිබුණු ගෙදරක මෙයාලා ජිවත් වුනේ.ඒත් සමන්ලගේ අක්කා සුනීතා කැම්පස් ගියපු මුල් දවසේ ඉඳල හැසුරුනේ බටහිර පන්නෙට.ගමේ ඉඳල කොළඹ ගියාම කොළඹ දකින්න ඇත්තේ අමුතු විදියට වෙන්න ඇති.ඒත් ගමේ ආවම ගම දැක්කෙත් කොළඹ විදියට.
වෙනද වෙළෙන් එහා පැත්තේ තියෙන ඇයගේ ආච්චි අම්මගේ ගෙදරට යන ඒක පවා මග ඇරියේ වෙල් නියෙරේ තියෙන ගොම පෑගෙන නිසා හා ගොම ගඳ නිසා.හදිස්සියටවත් යන්න ඕනේ වුනොත් යන්නේ ගම වටේන් ගිහින් වැඩි පුර හැතක්මක් විතර ත්‍රිරෝද රථයකින්.උපන්දා ඉඳල ගොම ගඳ හොඳට හුරු සුනීතා වෙනස් වුනේ සරසවි අධ්‍යාපනයේ තිබුණු බටහිර ගැති මොනයම් දෙයක් නිසාද කියල ඒ අම්මලා බයෙන් හිටියේ.ගොම වලට වෛර කලත් සුනිතලගේ ගෙදර හරක් පට්ටියක්ම හිටියා හැම උදේම කිරි බිවුවේ ඒ එළ වැස්සියන්ගේ කිරි.පැණිත් එක්ක කිරි කෑවේ හිටපු මී වැස්සියන්ගෙන් ගත්තු කිරි වලින්.සුනිතලගේ කුස්සියේ බිමට දාලා තිබුනේ මැටි ගොමත් එක්ක කවලම් කරලා.
දෙවෙනි වසර ඉවර වෙනවත් එක්කම බැලු බැල්මට හිතෙන්නේ කුරුඳු වත්තේ මනෝරි කෙනෙක් වගේ.අපි සමන්ලගේ ගෙදර යන්න ඒ කාලේ බයෙන් හිටියේ මොකද සුනීතා කතා කරන්නෙම ඉංග්‍රීසියෙන්.සුනිතගේ අම්මත් එක්ක රණ්ඩු වුනාම බනින්නේ ඉංග්‍රීසියෙන් නිසා ඒ අම්මා සුනිතාව කේන්ති ගැස්සුවේ නැහැ.සමන් අපිත් එක්ක කිවුවේ ඉස්සරහට ඉංග්‍රීසි නැතිව මොනවත් කරන්න බැරි නිසා අපිවත් ඒ විදියට හැඩ ගස්සවන්න ඕන නිසාලු අක්කා එහෙම කතා කරන්නේ.සුනිතගේ ගෙදරට එන වට පිටේ අහිංසක මිනිස්සුන් එක්ක වචන දහයකට 5 ක් විතර ඉංග්‍රීසියෙන් කතාව.එදා වේල හම්බකරන් ජිවත් වෙන මිනිස්සු වෙච්ච ඒ වයසක අච්චිලත් එක්ක ඉංග්‍රීසි වචන පාවිච්චි කලේ ඒ ආච්චිලගේ ආනාගතය වෙනුවෙන් කියලා ඒ වයසක මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව ඇති.ගමේ කොල්ලෝ නම් කියන්නේ වෙන කතාවක් සුද්දෙක් මොනවා හරි කරලා කියල එකලු එහෙම හැසිරෙන්නේ.
සරසවියෙන් පිට වෙද්දී බඳින්න කෙනෙකුත් හොයාගෙන හිටියේ.ඔහු නම් සාමාන්‍ය විදියට ඉන්න කෙනෙක්.වැඩි කාලයක් යන්න කලින් ඔහු රැකියාවකුත් කළා.සුනිතානම් කිවුවේ ඒ ලංකාවේ තියෙන හොඳම රස්සවකින් එකක් කියලා.ඒ කාලේ එයා ළඟ තිබුනේ හොඳම දේවල් අනිත් හැමෝම බාල දේවල් පාවිච්චි කරද්දී සුනීතා විතරක් හොඳම දේවල් මිලදී ගත්තා ඇය කියන විදියට.එකම අවුරුද්දේ එකම කැම්පස් එකේ කලා උපාධියක් ගත්තු දෙන්නෙක්ගෙන් එයා ගත්තු උපාධිය විතරක් වැදගත්ලු.හේතුව අපිට තේරුම ගන්න බැරි අපි කැම්පස් එකකටවත් ගිහින් නැති නිසා කියල සුනීතා අපිත් එක්ක කිවුවේ.
කාලයකට පස්සේ දෙන්න විවාහ වෙන්න තීරණය කරලා තිබුනේ.ඒ උත්සවයත් ගන්න මෙයා අදහස් කරන්නේ ඒ පළාතේම තියෙන හොඳම හෝටලේ.සාමාන්‍ය පවුලක් වෙච්ච සුනීතා මේ කරන්න යන වැඩේ ගැන සමන්ට තේරුමක් තිබුන නිසා ගෙදර උත්සවය ගන්න අක්කව කැමති කරවගත්තා.සමන්ගේ යාළුවො වෙච්ච අපිට කිසි ආරාධනාවක් කලේ නැත්තේ අපි ඉස්කෝලේ යන කොල්ලෝ නිසා වෙන්න ඇති.උපාධි දෙකේ වෙනස තේරුම ගන්න බැරි අපි වගේ මැට්ටෝ සුනීතගේ මගුලට සහභාගි කරවගන්න ලජ්ජා හිතෙන්න ඇති.ඒ කාලෙනම් අපිට හිතුනේ වෙනත් හේතුවක්.
විවහා උත්සවය දවසේ සැලකිය යුතු පිරිසක් ඇවිත් හිටියේ.සුනිතගේ යාළුවො නෑදැයෝ හමොමාත් අතරේ ඇයගේ සැමියා ගේ යාලුවෙක් ඒ කාලේ ගමේ ජිවත් වෙන මිනිස්සුට අමුතුවට දැනෙන පුදුම තෑග්ගක් දුන්නා නව යුවළට.සුනිතගේ ජිවන රටාවට ගැලපෙන නියම තෑග්ග."කතාව දෝලාවෙන් ගමන පයින්" විදියට හිටපු සුනිතට මංගල තෑග්ග විදියට ලැබුනේ මරුටි කාර් එකක්..එදා ඇවිත් හිටපු සුනිතගේ යාළුවෝ හැමෝටම කණ නිසහසේ තියාගෙන ඉන්න ලැබිලා නැහැ.
සමන්ලගේ ගමේ පොලිස් ජීප් එකයි මහා ට්‍රැක්ටර් එකයි විතරක් යන පාර මැද පොකුණු තියෙන ඒ මඩ පාරවල්වලත් මේ මරුටිය කිසි ලොබ කමක් නැතුව ගමන් කලා.මගුලේ උණුසුම සති දෙකක් විතර තිබුනා. දවසට දෙවරක් දත් මදින්නා වගේ උදේ හවස සුනීතලගේ මල්ලිලාට රථය සෝදන්න නියම වෙලා තිබුනා.සමන් වගේම සමන්ගේ අම්මත් ගොඩාක් සතුටින් හිටියේ තමන්ගේ බෑනාගේ වත්කම් ගැන.සමනුත් අපිත් එක්ක මරුටියේ විස්තර කියන්නේ අපි ගල් යුගයේ ඉඳල ආපු පිරිසක් කියල හිතාගෙන.ඒ අක්කගේ මල්ලිනේ ඉතිං
සුනීතා හැම සති අන්තයේ ගමේ ආවා. කාර් ඒක හරියට ඇඟට ඇලිලා වගේ තිබුනේ.ගමේ මිනිස්සුනම් කියන්නේ රැට නිදාගන්නෙත් ඒ කාර් ඒක ඇතුලේ කියලා.කාලය මාස දෙකක් විතර ගියා දැන් සුනීතා එන්නේ බස් එකේ.කාර් මොනවත් නැහැ.සැමියා එන්නෙත් බස් එකේ.කාලයක් කාර් ඒක නැතුව වසිකිලියටවත් යන්න බැරුව හිටපු සුනීතා තඩි මඩවල් වලින් පැනලා ගොම පාගාගෙන ආයෙත් ඇවිදින්න පුරුදු වුනා.ගමේ කෙනෙක් ඇහුවොත් මයිනර් එක කෝ කියල හැමදාම ගැරේජ්.එහෙම නැත්නම් හස්බන්ගේ යාලුවෙක් ඉල්ලන් ගිහින්.ගමේ වයසක මිනිස්සු දන්නේ කාර් වල එකම නමයි ඒ මොරිස් මයිනර් කියන නම විතරයි.
සමන් බොන්න පුරුදු වුන මුල් කාලේ මම ලඟට වෙලා සැන්ඩි විතරක් බීපු අවසාන දවසක් කීපයේ යාලුවෙකුගේ ගෙදර මළගෙයක් දවසේ විස්තරේ සමන් කිවුවා.ඒ කාලේ මරුටි කම්පනියෙන් දීලා තිබුනා දීමනාවක් රුපියාල් 50,000ක් ගෙවල ගෙදර අරන් යන්න පුළුවන් ලු.ඉතුරුවා මාස් පතා ගෙවන්න.සමන්ගේ මස්සිනාට ඒ මස්සිනාගේ යාළුවා සල්ලි වගයක් දෙන්න තිබිලා ඒ දේ අමතක වෙන්න ෆිනෑන්ස් කරල කාර් එකක් අරන් දීලා. මගුල් ගේ ඉවර වෙලා සති දෙක තුනකට විතර පස්සේ මස්සිනාට ලැබිලා තියෙන්නේ ඒ ෆිනෑන්ස් කම්පනියේ ලියකිවිලි ටික ඔහුගේ මිතුරාගෙන්.මරුටියේ ඉතුරු ලක්ෂ 8 ක හිඟ මුදල වාරික විදියට ගෙවන්න.ඒ මංගල තෑග්ගේ වටිනාකම රුපියල් විසිදාහක්.මොකද ඔහුගේ මිතුරාගෙන් මස්සිනාට කලින් ණයක් ලැබෙන්න තිබිල තිස් දාහක.රජයේ සාමාන්‍ය රැකියාවක් කරපු මස්සිනාට ඒ වාරිකය දරාගන්න බැහැ.හිඟ වාරිකයත් අතින් ගෙවල සුනීතාගේ සෝ සුසුම් මැද්දේ මරුටිය විකුණුවේ සුනීතාගේ ආඩම්බර කම නැති කරමින්.
එදා හැමෝම වෙනත් ලෝකෙක හිටපු වෙලාවේ සමන් කියපු ඒ කතාව ගලේ කෙටුව වගේ ආරක්ෂා කලේ මම මේ ලෝකේ හිටපු නිසා.ඒත් ටික කාලෙකදී ඒ කතාව ගම පරාම ප්‍රසිද්ද වුනා.මට මතක විදියට මමනම් කිවුවේ නැහැ. මේ දැන් කියනකං කාටවත්ම කිවුවේ නෑ.
~~අසර්~~
Labels:
පොඩි කාලේ
Subscribe to:
Post Comments (Atom)
අයියෝ පව් සුනීතා........ ඔහොම වෙනව තමයි ඉතින් මුල අමතක උනාම....
ReplyDeleteඅහ් මේ ඉන්නේ.. !! කොහෙද මෙච්චර කල් වහන් වෙලා හිටියේ.. ? කෝ නූරි.. ?
Deleteසම්මානි මොකද ඔයාට වුනේ..හොයාගන්නවත් නැතුව හිටියේ.
Deleteමුල අමතක වෙන හැමෝටම ඒ දේ පොදුයි.
අයියෝ සංසාරේ... මට වැඩ ගොඩ ගැහුණා.. ඒ ඉවරෙට මම ලෙඩ උනා ... ඊලගට ගෙදර අය ලෙඩ උනා . .. දැන් යාන්තම් හොද වෙනකොට නිවාඩු ගත්තුවගෙ වැඩ ආයිත් .. ඒත් කැන් මැනේජ් දැන්නම් .......
Deleteහොඳයි හොඳයි.ඒත් අපි බැලුවා මොකද එක සැරේ ඔයාට වුනේ කියලා.
Deleteහප්පා..කැම්පස් නොගිහින් පිටරටක ගියානම් වසලහමාරයිනේද
ReplyDeleteඅම්මෝ... එහෙම ගියානම් ඉතිං ගමේ මිනිස්සු ඉඳල ඉවරයි..
Deleteඅනිච්චේ දුක්ඛේ අනාත්මේ කිව්වලු :)
ReplyDeleteඔන්න ගෑණු..වාසනාවන්තයි නේ.
Deleteමගේ යළුවෙක් හිටියා, එයා කැම්පස් යද්දි කලිසම් ඇන්දත් ගෙදර ගියේ සායක් ඇඳගෙන. අපි ඉස්සර එයාට හිනා උනා, ඒත් පස්සේ අපි එයාගෙ ගමට ගිය දවසක තේරුනා එයා හරි බව. කොළඹදි කලිසම් ඇන්දත් ගමේ යද්දි ඒක ගැලපෙන්නේ නෑ කියලා එයාගේ අද්යාපන මට්ටම තේරුම්කරල දීල තිබුනා. දැන් එයා කලිසම් ඇඳගෙන ගමේ යනවා, ඒ මගේ යාළුව වෙනස්වෙලා නෙමෙයි ගම වෙනස් වෙලා.
ReplyDeleteඔයාගේ යාළුවා ගොඩාක් බුද්ධිමත් ඒ වගේ කෙල්ලෝ හරි අඩුයි.ස්තුතියි කමෙන්ට් එකට.
Deleteඅපේ ඔපීසියේත් ඉන්නවා ඔය සුනීතා වගේ උදවිය ....... අමුතුවෙන් මොඩ් වෙච්ච, අනේ බලන්ඩ ලස්සනයි ඒ තරමට කල කිරෙනවා.
ReplyDeleteසුන්දර ගැමිකම නැති කරගන්නමනේ ,.. මේ ගෑණු ට්‍රයි කොරන්නේ ...
සමහර කෙල්ලෝ දක්කිද්දී නරලොව හොල්මන් මතක් වෙනවා.
Deleteහතුරෙකුට අරන් දෙන්න කියාපු තෑග්ගක් :-D
ReplyDeleteනිකං හරියට ලෝක බැංකුවෙන් අපිට ණය දෙනවා වගේ..
Deleteවෙලාවට ඔය වගේ තෑගී අපිට හම්බ උනේ නැත්තේ.... :)
ReplyDeleteදැකපු ගමන් කි දෙනෙක්ට හිතෙන්න ඇතිද අනේ..අපිටත් කවුරුහරි එහෙම තෑග්ගක් දෙනවනම් කියල..
Deleteහිනාවෙන්නද අඩන්නද කියල හිතාගන්න බෑ මටනං. රහසක් රකින්න පුළුවන් අසරණය උනාට. :)
ReplyDeleteඅපි මුලින්ම හිනා වුනා පස්සේ ඇඬුවා.. කරුණු කාරණා තෙරෙද්දී.. ගලේ කෙටුව වගේ තමයි මට දෙයක් කිවුවොත්.
Deleteඕකට තමයි කියන්නේ ඇඟිල්ලේ තරමට ඉදිමෙනු කියල....:/
ReplyDeleteහරියට හරි ධාරා..ගොම පගේන්නවත් ගියේ නැහැ පුදුම ගෑණු..
Deleteමොනව කියන්නද කියලා හිතාගන්න බෑ අයියේ....ලොකුකම් හිතට අරන් මුල අමතක කරන අයට හොඳ පාඩමක් හැබැයි....මම නම් හිතන්නේ ලංකාවේ ජීවත් වෙන්න හොඳම විදිය තමයි ගැමි විදිය....හරිම සරලයි පුහු ආටෝප නැතිව අවශ්‍ය දේ විතරක් කරන එකෙන් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් මෙහෙම මෝඩ වැඩ නොකර
ReplyDeleteගැමියා සමඟ එකඟයි . මාත් මීට පස්සේ අසරණයට බය නැතුව රහස් කියනවා .:D
Deleteජිවන වියදමත් අඩුයි පුහු ආටෝපේ නැතිව හිටියොත්.
Delete@ගිම්හානි = දන්නවනේ ඉතිං මම ගැන එකෙකුට කිවුවේ නැහැ.අනිත් හැමෝටම කිවුවා.
බොරු කියන්න එපා අසරණයා....අසරණ පාට් එකෙන් ඉඳගෙන ගම පුරා කථාව පතුරල ගම කෑවෙ උඹ නේද ?
ReplyDeleteචීක්.. ඔබා මාමේ මම එහෙමත් කරනවද?අනිත් එක සමන් වගේ කෙනෙකුට.
Deleteබොරු සෝබනේ. ඒ වගේ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනා කරන්නද!
ReplyDeleteඅනුකම්පා කරලත් වැඩක නැහැ.තියෙන මෝඩ කම නිසානේ.
Deleteආදර්ශයක් ඇති කතාවකි...
ReplyDeleteඔව් ගතහැකි දේ ගන්න.ස්තුතියි.
Deletehiksssssssss....
Deleteමේක ඇත්ත කතාවක්ද???
ReplyDeleteයකෝ මාර උඩ යෑමක්නෙ ගිහින් තියෙන්නෙ... :O
ඕ..යෙස් මේවා රියල් කථා. අපේ ගමේ..
Deleteහිනා එකයි බොල ආච්චිලට ඉංග්‍රීසි උගන්නන කතාව දැකලා.. සජීවි විදිහට කතාව දීලා තියනවා.. හැබැයි උඹ ඕක ගමටම ප්‍රසිද්ධ කරලා කරේ කැත වැඩේ...ගම කාලනෙ අන්තිමට...
ReplyDeleteඅනේ මං විස්වාස කරපන්.. මම එකෙකුට කිවුවේ නැහැ.
Deleteසමහරු ඉන්නව කොලඹ ගිහින් දවස් දෙකෙන් ගමන බිමන කතාව ඇදුම් පැළදුම් ඔක්කොම වෙනස්..ඒ වුනාට ඇති දේකුත් නෑ..
ReplyDeleteඒවගේ අය දන්නෙත් නැහැ තමන් තමාටම හිනස්සගෙන කියලා මමත් අනන්ත දැකලා තියෙනවා.කොල්ලොත් ඉන්නවා ඒ විදියට හැඩ ගැහෙන..
Deleteඔහොම චරිත ඕනි පදම් බන්.. අන්තිමට උන්ට ගමත් නෑ නගරෙත් නෑ
ReplyDeleteඑක ඇත්ත.තැනට උචිත විදියට හැසිරෙන්න දන්නේ නැති කම නේ..
Deleteසමහර වෙලාවට කොමන් සෙන්ස් නැතුව වැඩ කරන්න ගිහාම ඔහොම වෙනවා...
ReplyDeleteඒත් එයාලා කවදාවත් පාඩමක් නම් ඉගෙන ගන්නෙ නෑ,.
මෙයා ඒ සිද්දිය වුනු පලවෙනි සති ටිකේ පොළොවේ පය ගහල ඇවිද්ද ඒත් ටික දවසකින් ආයෙත් උද ගියා.
Deletefattayi
ReplyDeleteසිරාය.ඒකිට ලැජ්ජාවක් නැත.
Deleteහෆ්ෆා.. මාර කෙල්ලෙක්නේ.. අපෙත් ඔය වගේ ළමයි නම් ඉන්නවා.. එක්කෙනෙක් මුලින්ම කැම්පස් ආවේ චීත්ත ගවුමයි දිග කොන්ඩෙකුයි එක්ක.. දැන් කොන්ඩේ අගල් හයක්වත් දිග නෑ.. චීත්ත ගවුම පේන්නවත් නෑ..
ReplyDeleteහැම තැනම ඉන්නවා.ඒවා කොහොම ඒ මිනිස්සුන්ට හිතෙනවද දන්නේ නැහැ.මෝඩ කමද නැත්නම් වෙන මොකක් නිසාද කියල තේරුම ගන්න බැහැ.
Deleteඔහොම ඈයො ටිකක් අපේ පැත්තෙත් ඉන්නවා.ගොඩක් අය හිතන්ඉන්නෙ ඩිග්‍රිය ගත්තු එකා/එකී හෙන කෙරුමා අනිත් උන් ගොඩයො කියලා,ඒ උනාට උන්ගෙ පස්සබිම ඇනුනාම උදව් වට එන්නෙත් ඔය කියන ගොඩයොම තමා,ලොකුකම් වලට ආයුෂ නෑ බන්ස්.
ReplyDeleteසිරාවට ලොකුකම් දාන වුන් බිම වැටෙන්නේ උන්ටවත් හිතාගන්න බැරි විදියට.ගෙවල් වලින්මද නැත්නම් උන්ගේ උපතින්ම තියෙන මෝඩ කමක් නිසාද ?
Deleteමුල අමතක වෙන එවුන්ට ඔහොම වෙලා මදි.. හරියට වාත වෙලා නැතුව ඇති.. හික් හික්!!
ReplyDeleteකොළඹ සමාජේ දැක්කම තමන් ඉන්නේ මොනවගේ තැනකද කියල තේරෙන්න ඇති.කාලයක් ඉද්දි හිටපු විදිය ආපු තැන අමතක වෙලා.
Deleteඅපෙත් කොල්ලො 2ගෙ හිටිය ගෑණු ළමයි උන් දෙන්නව අත ඇරිය. 2ම යාලු වෙලා ඉන්නෙ කොළඹ කොල්ලො 2ක් එක්කලු.උන් 2ම වැඩේ කරන්නෙ ආතල් එකට කියල විස්තර හෙව්වම ආරංචි වුණා. පව් ජීවිත අනුකම්පා කරනව ඇරෙන්න වෙන මක්ක කොරන්නෙයි........
ReplyDeleteඒවානම් ඉතිං පව් තමා .ඒත් වුන්ගේ මෝඩ කමට අපි මක් කරන්නේද?
Deleteපව් අෆ්ෆා සුනීතා...කාගෙ උනත් දරුවෙක්නෙ නේද......
ReplyDeleteහැබැයි එයානම් හිටියේ මනුස්ස දුවක් වගේ නෙවෙයි.හඳෙන් බැහැල ආපු වගේ.
Deleteඕ මයි මරුටී කයල කියවෙන්නැති
ReplyDeleteඅයියෝ සල්ලි කියල හිතුනද දන්නේ නැහැ.මොකද මාස දෙකකක් වාරිකත් ගෙවලානේ කාර් එක විකුණුවේ.
Deleteමේ වගේම කතාවක් මාත් අහලා තිබුනා මගුල් තෑග්ගට ටීවී එකක් අරන් දීලා. පස්සේ බැලුවම අරන්දීපු යාළුවෝ රුපියල් 2500ක් දීලා ඉතිරිය ගෙවන්න තමා අරන් දීලා තියෙන්නේ. හැබැයි ඒ කතාවේ කට්ටියනම් අමාරුවෙන් හරි සල්ලි ටික ගෙව්වාලු...:D
ReplyDeleteඅයියා ලක්ෂ 8ක් විතර කොහොම ගෙවන්නද? අනිත් එක රජයේ සුළු රැකියාවක් කලේ ඒ කාලේ සමන්ලගේ මස්සිනා.
Deleteඔයවගේ දෙයක් අපේ ගමේ උනානම් ගමේ උන් හිනාවෙන්නෙ කටින් නෙවෙයි.
ReplyDeleteඅපේ ගමෙත් එහෙම තමයි.. ඒත් සුනිතාටනම් ගානක්වත් නැහැ.
Deleteසුනීතා වගේ අය හැම තැනම ඉන්නවා නේ...අර යාලුවට තමයි දෙකක් නෙලන්න වටින්නේ හැබැයි. පුදුම ආණ්ඩයෙක් නේ.
ReplyDeleteයාළුවගේ කපටි මොලේ ලොකුවට තෑගි දුන්නට අර අහිංසකයාගේ සල්ලි වලින්ම ඌටම තෑග්ග දීලා තියෙන්නේ.
Deleteමරු... ඔයලෙඩේ වැඩිපුරම හැදෙන්නෙ ගෑණු උදවියට... හැබැයි එහෙම නැති අයත් ඉන්නවා...
ReplyDeleteඒ ලෙඩේ වැඩිය හැදෙන්නෙත් නැහැ.ටික දෙනෙක්ට හැදෙනවා කරුමේ කියන්නේ වැඩිපුර හැදෙන්නේ ගෑනුන්ටනේ..
Deleteසුනීත අක්ක වැරදිලාවත් බ්ලොග් කියවන්නෙ නෑනෙ?
ReplyDeleteමට හිතෙන විදියට නැහැ.ඒත් එයාගේ ඇත්ත නම සුනීතා නෙවෙයි.
Deleteසුනීත ඉංගිරිසියෙන් බනින එක එල බං.. දැනෙන්නෙ නැහැනේ..
ReplyDelete// ගලේ කෙටුව වගේ ආරක්ෂා කලේ මම මේ ලෝකේ හිටපු නිසා.ඒත් ටික කාලෙකදී ඒ කතාව ගම පරාම ප්‍රසිද්ද වුනා.//
දැන් ලෝකෙටම කිව්ව මදෑ..
මේව හොද පාඩම් බං.. පොලවේ අඩිය ගහල ඉන්නෙ නැති එකාලට..
ලෝකෙටම කිවුවට අපේ ගමටනම් මම කිවුවේ නැහැ.
Deleteසිරාවට උඩ පැන්නොත් බිම වැටෙයි..
එහෙ එවුන් බලන්න ඇති බං.. දැන් තාස්කනේ දියුනුයි නොවැ..
Deleteකැමති නම් සුනීතට අපේ ගෙදර නවාතැන් දෙන්නම්!
ReplyDeleteමොකකටවත් නෙමෙයි!
ඉංග්‍රීසි ඉගෙන ගන්න!:P
නුවන් මම එන්නම්කෝ.මටත් ඉගෙන ගන්න ඕනා ඉංගිරිසි.
Delete@නුවන් උඹලට බැහැ සුනීතාගේ ළඟටවත් යන්න මොකද උඹට උපාධියක් නැහැ නේ.
Delete@ඩ්‍රීම්ස් හා හා කොහෙවත් යන්න ඕනේ නැහැ.ගෑණු ළමයි ගෙවල් වලට වෙලා ඉන්න ඕනේ.ඔයා නිසා ඔන්න මම එන්නම් ඔයාගේ ගෙදර..
අනේ.ඉංගිරිසි එපා මට.හෙ හෙ හේ..
Deleteසුනීතා...:)))
ReplyDeleteෂහ්.....හඟුරන්කෙත බණ්ඩගේ ප්‍රොජෙක්ට් එකටනම් කියාපු බඩුව....
කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුනේ.මොකක්ද හඟුරන් කේත බණ්ඩාගේ ප්‍රොජෙක්ට් ...නිකන් තේරුනේ නැහැ වගේ.
Deleteඇඩ් දාන අයට හොඳ වැඩේ...ඒත් ඉතින් කෙල්ලෙක්නේ.පව්.
ReplyDeleteකෙල්ලෙක් වුනාට මොනවා කරන්නද.හෙන ගොනෙක් නේ.
Deleteයකෝ විලි ලැජ්ජාවයි.....
Deleteවචන හරියට පාවිච්චි කරපන්.....
"හෙන ගොනෙක් නේ."
:D :D :D
:O
Deleteසික් අසරනයා උබ ගම පුරා ප්‍රචාරය දුන්නා නේද? ඔය සිරස සුපර් ස්ටා කෙනෙක් ස්ටා උනේ නෑ,,පොරට ගමේ කස්ටිය කාර් එකක් අරන් දුන්නලු අනේ ඒකත් පත ලීසිං එකක් ලු...කොහොමත් යටි හිතෙන් තරහා කාරයෙක්ව වට්ටන්න නියම අදහස
ReplyDeleteඅනේ දෙයියෝ විස්වාස කරහන් මම කාටවත් කිවුවේ නැහැ.හැබැයි සමන් හිටපු විදියේ තත්වයකදී කටින් පිට වුනාදනම් කියන්න මතකයක් නැහැ.
Deleteදියරෙද්දෙන් බෙල්ල කැපිල්ල වගේ.
ඇහ්..? ඔය උඩ ඉන්නෙ දෙයියෙක්ද.?
Deleteasar kiyalaa kiyalaaa
Deleteමම ඒත් කල්පනා කලේ වෙඩින් එකක තෑග්ගකට කාර් එකක් දෙන්න ඒ තෑග්ග දෙන මනුස්සයා කොච්චර සල්ලි කාරයෙක් වෙන්න ඕනද කියලා..
ReplyDeleteඅසාර් අයියේ වැඩේ කැතයි හැබැයි.. වෙරි මරගාතේ යාළුවගෙන විස්තරේ අහන් ගමටම කිවුවා නේ.
වැඩි සල්ලි කාරයෙක් වෙන්න ඕනේ නැහැ.මනාලයාට කොහොමත් 30 ක් දෙන්න තියෙනවා .දීමනාව 50,000යි වියදම විසි දහයි.
Deleteඅනේ මම ගමේම කියල ඇවිද්දේ නැහැ.යන්තම් මතක විදියට එකෙක්ට කවුවා වගේ මතකයි.
ahh onnna dan kiyanne ekkenekta kiyalaalu :D
Deleteඉතිං එක්කෙන්ක්ටනේ.
Deleteදවසක් අපිට 'කිරින්දෙ' දි හමු උනා ඔය වගේ ගෑනු කෙනෙක්...අපි අර පන්සල පිටිපස්සෙ ලොකු ගල උඩ උන්නෙ..මගෙ අතේ තිබුනෙ හරිම පුන්චි කැමරාවක්..ඒක දිහා බල බල ඒ ගෑනු කෙනා කෑලි කැඩි කැඩි ඉන්ග්ලිශ් වලින් කියනව...''ගන්න අපේ කැමරාව මෙහාට ...අපේ එක මෙහෙමයි අරහෙමයි...මෙහෙම ගන්න මෙහෙම කරන්න'' අප්පේ...එයා මහා ගොඩාක් දේවල් කිව්ව එයාලගෙ විශාල කැමරාව ගැන එතන උන්න ඔක්කොටම ඇහෙන්න......ඒත් මගෙ කැමරාව මොකක්ද කියන එක එයාට කිසිම අයිඩියා එකක් තිබුනෙ නැහැ.....අපි හොඳටම හිනා උනා ඒ ගොන්පාට් එකට..................
ReplyDeleteඅම්මෝ ඒ වගේ ගොන් පාර්ට් දන මිනිස්සු ගොඩාක් ඉන්නවා.පරණ මොඩෙල් එකක් ලොකුවට තියෙනවනම් එක තම හොඳම කැමරාව.අලුතින් ඇවිත් තියෙන ඩිජිටල් ගැන දන්නේ නැහැ.ගොන් කම තමා නංගි.
Deleteහප්පෝ අසරනයෝ උඹ ලෝකෙටම කියලනේ සීන් එක...හික් හික් ඔය වගේ උං ඉන්නවා..අපෙත් මාමා කෙනෙක්ගේ පුතෙක් ඉංජිනේරු විභාගේ කරා කැම්පස් එකේ..ඒ කාලේ ඌ තමා වැඩ්ඩා අපි කැලේ...බැලින්නං මෙන්න මූ ඉඩං මනින විභාගයක් නේ කරලා තියෙන්නේ...
ReplyDeleteහා හා.. යකෝ ඌනේ දැන් කැලෙට වෙලා කැල මනින්නේ.මම දන්නා යාලුවෙක් හිටියා දවසක් ඇහුවහම කිවුවා දැන් කොළඹ ඉඳගෙන සීමන් කොර්ස් එකක් කරනවා කියල.පස්සේ දැනගන්න ලැබුනා සීමන් කොර්ස්එකට එකදවසක් ගිහිල්ලා ඒත් දවසක් කොහෙද යනගමන් ගංජා වගයක් තිබිල සාක්කුවේ. කළුතර බන්ධනාගාරේ මාස 3 ක් නැවතිලා.එහෙදිනම් ඉතිං සීමන් වුනාද කියන්න දන්නේ නැහැ හෙක් හෙක්.
Deletebandaara aiyath kiyana kathaa walata hinaa yanawa pana yanna :D
Deleteඅසරණයා අයියටත් තියෙනව සෑහෙන්න සුන්දර මතක... මරු.... ඉතින් ඔය සුනීතා අක්කා තාම ඇඩ් දාගෙන පොළවට වඩා අඟල් දෙකක් උඩින් යනවද දන්නෙ නෑ...
ReplyDeleteදැන්නම් කොහොමද දන්නේ නැහැ.හැබැයි එයාගේ උද්දජ්ජ ගතියනම් කවදාවත් අඩුවෙන්නේ නැති එකක්.
Deleteකළු සුද්දො ඔක්කොටම ඔය දෙය වෙනවා...
ReplyDeleteඔව් එයා වැඩිය කඩුව වන්නේ අහල පහලකවත් කඩුවක් නැති කෙනෙක්ට.
Deleteඔයවගේ අය ඕනි තරම් ඉන්නවා. මුල අමතක කරලා තමන් තමයි හැමදේම දන්නෙ කියල හිතාගෙන ඉන්නවා.අනිත් අය ඉස්සරහ තමන් විහිලුවක් වෙනවා කියල එයාලට තේරුම් ගන්න බෑ
ReplyDeleteහැබැයි එයා තවමත් දන්නේ නැහැ එයා සමාජයෙන් විහිලුවට ලක් වෙනවා කියලා.
Deleteඔය ඔ්වට ගියාම ඔහොම තමයිලු බං!............ :( (හැබැයි මං දන්න උන්ටනං මුල් මතකයි තාම!)
ReplyDeleteහැමෝම නැහැ බං ටික දෙනයි මම දන්නා වුන්ගෙන් ටික දෙනෙක් ඉන්නවා කොල්ලොත් එක්කම..
Deleteමෙයා කියලා ඇති.. මෙහෙම හිටියට මෙයා හෙන මගඩියෙක් :/
ReplyDeleteඅනේ මම කිවුවේ නැහැ ට්‍රස් මී.
Deleteara dan uda kiyalaa thiyenne ekkenekta kiyuwa kiyala :/
Deleteසුනිතාට මුල අමතක වුනා.හොද ආදර්ශමත් කතාවක්.
ReplyDeleteඇත්තෙන්ම ඔව්.ඒත් එයා ලැබූ පාඩමෙන්වත් දෙයක් ඉගන ගත්තේ නැහැ..
Deleteකලා උපාධියක් කරලා ඔහොම උඩින් ගියා නම් වෙන එකක් නොකලේ වෙලාවට, නැත්තම් ගමේ මිනිස්සුන්ට ඉන්න ලැබෙන එකක් නෑ. පුම්බන බැලුම් ටික කාලෙකින් බැහැලා යනවා ලොක්කා !
ReplyDeleteඒ එහෙම බැහැල යන්නේ තමන්ගේ මෝඩ කං තේරුම ගියහමනේ.ඒත් මේ කෙල්ල තවමත් මෝඩයි.
Deleteකතාව ලස්සනයි.
ReplyDeleteඔන්න මම 100 කමෙන්ට් එක දැම්මා. :D
ස්තුතියි.මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.. හොරා වගේ ඉඳල හරියටම 100 ගැහුවා නේ.
Deleteහෆ්ෆටසිලි!!! සුනීතාට ගිය කලක්..:O තමන්ගෙ තරම දැනගෙන වැඩ නොකලාම වෙන්නෙ ඔහොම එව්ව තමා.. මම දන්න කෙනෙකුත් ඉන්නවා.. එයාටත් කවදාහරි ඔය ව්අගේ දෙයක් වෙන්න බැරි නෑ..
ReplyDeleteඅපෝ අසරණයා වුනාට , මාර ඕපදූප කාරයෙක්නෙ..;)
ඔයා දන්නා කෙනාට මේ වගේ අපහස විඳින්න නොලැබේවා කියල ප්‍රර්ථනා කරනවා ඉක්මනින් මොලේ පෑදේවා.
Deleteමම ඕපාදුප කිවුවේත් නැහැ ඇහුවෙත් නැහැ.හැබැයි ඇහුනා.ඉතිං මම වැරදිද?
හොද වැඩේ.. සෝබන වැඩි උනාම ඔහොම වෙනවා තමා.. නියම කතාව...
ReplyDeleteඇත්තම තමයි ඒත් මේ එක්කෙනෙක් විතරයි.
Deleteඅපෝ අසර්. ඔයා හැමෝටම කියන්නේ නෑ කියලා බ්ලොග් එකෙන් ලෝකෙටම කියලනේ..ඔයා නම් නියමෙට රහස් රකිනවා යාලුවන්ගේ..
ReplyDelete:D... නියම කතාව..සමහර අය පිටරටවල් වලට ආවමත් ඔහොම තමයි..
දැන් ඉතිං ගොඩාක් කල් නේ.ගමේ මිනිස්සුත් කතාව දනනවා.ඔව් ඔව් ගොඩක් ගෑණු මිනිස්සු අරාබියේ සුල්තාන්ලගේ ළඟ වැඩ කරලා ලංකාවට ඇවිල්ල සුල්තන්ල වගේ ජිවත් වෙන්න හදන්නේ.ඉතිං මාස 6 න් හිටපු තත්තෙටම වැටෙනවා.
Deleteමාර සිද්ධික් තියෙනවා මේකට ටිකක් විතර සම්බන්ධ. මම ටිකක් විතර දන්න කොල්ලෙක් හිටියා ලක්ෂ දෙකක් දාල් බස් එකක් ගෙනාපු. හැබැයි වැඩේ කියන්නේ පොර හොද බර තියෙන තැනකින් බැන්දා බස් එකට පින් සිද්ධ වෙන්න. ඊට පස්සේ ඉතින් ගෑනිගෙ පිහිටෙන්ම ගොඩ ගියා.. :)
ReplyDeleteමේ සිද්ධියේ සුනීතලා වගේ අය නම් ඕනේ තරම් සමාජෙ බං.. හැබැයි මාර වැඩේ කියන්නේ සමාජෙත් දත කට මැදන් ඉන්නේ ඒ වගේ උන්ව ඉස් මුදුනින් පිළිගන්න..
ඇත්තටම ඉන්නේ උඩ නම් මේවගේ වුන් කියන කතා අහන් හිටියෑකි. එත් මුන් පොළොවෙත් වළක් ඇතුලෙ ඉදලා ගොඩ ඉන්න අපිට හඳ ගැන ටෝක් දෙනවා... කාටද ඉතින් කියන්නේ???? :)
අන්න එකනේ ඉවසල ඉන්න බැරි.ඇති දෙයකුත් නැහැ.මොනවා නැතත් තියෙනවා වගේ රඟ පාන්න පුලුවන්නම් හැමෝම ඒවගේ වුනාව පිළිගන්නවා.
Delete:D අපූරු මඟුල් තෑග්ගක්නෙ යාළුවා දීලා තියෙන්නෙ.. සුනීතට එයාවම ආයෙ මතක් වෙන්න..
ReplyDeleteරහසක් තියේ කියන්න.. අයියා හොඳ සිහියෙන් නේද.. :P
මම කොයි වෙලෙත් හොඳ සිහෙන් කෙල්ලේ.ඕනෙම රහසක් කියන්න.බය වෙන්න දෙයක් නැහැ ප්‍රසිද්දිය ගැන හරියට ලහිපිටේ දැම්ම වගේ.
Deleteහිකිස්.ඔය වගේ පඩ චරිත ඕන තරම් අපේ කැම්පස් එකේදිත් හම්බවෙලා තියෙනව අසර්.
ReplyDeleteමුලින් එන්නෙ රෙද්දයි හැට්ටෙයි ඇදගෙන,ටික දවසකින් "පොෂ් වනිතාවන්" වෙනවා :D :D
කොල්ලො නම් ඔහොම වෙනවා ටිකක් අඩුයි (මම දන්න විදියට).
පට්ට කතාව!
ස්තුතියි යාළුවා ඇත්තටම ඉන්නව බං හැම තැනම..
Deleteලෝකට පරකාසේ ගෙදරට මරගාතේ..... මොකද මේ ඕල්ඩ් හිට්ස් ආයි ??
ReplyDeleteනෑ බං කියවපු නැති අයට මචං..
Deleteහොද පාඩමක්
ReplyDeleteඕව් ඇත්තටම. ඒත් හැදිලා නැහැ..
Deleteයශෝරාවය ටෙලිය මටක් උනා
ReplyDeleteපොළොවේ පයගහල ජීවත් වෙන්න ඕනේ කවුරු උනත්
ඇත්ත එක අපි උඹලට තේරුනාට ඒ වගේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.
Delete