එදා දෙසැම්බර් 26 වෙනිදා නත්තල් දවසට පසු දින විභාගේ නිවාඩුයි.ඒ මම සාපෙ ලියපු අවුරුද්ද.විභාගේ ලියන්න හැර අනිත් කිසිම දෙයකට ගෙදරින් පිට වෙන්න කිසි අවසරයක් ලැබුනේ නැහැ.පාඩම් කලේ නැතත් පොතක් අතේ තියාගෙන ඉන්න ඒක අම්මට සතුටක් ගෙනාවා.විභාගේ ලියන මට වඩා අම්මට වුවනාව තිබුනේ මට පාඩම් කරවන්න.එහෙම තත්වයක් තියෙද්දී හන්දියේ පාලම,තරංගගේ ගෙදර මට මැවි මැවි පෙනුනා.එදා රෑ අපේ ගමේ තිබුනා සංගීත සංදර්ශනයක් එතනට මගේ යාළුවො හැමෝම එකතු වෙන්න කතා වෙලා තිබුනේ.මම හැර අනිත් යාළුවො හැමෝම මට වඩා වැඩිමල් නිසා කිසි අමතර කරදරයක් නැතුව එතැනදී මුණගැහෙන්න ස්ථිර වෙලා තිබුනේ.
අපේ ගෙදර ඉඳල පාරේ දිගේ ගියොත් කිලෝ මීටර් දෙකක් විතර දුර ගුවන් සැතපුම් වලින් බැලුවොත් මීටර් 200 ක්.ඒ කියන්නේ ගෙදර ඉස්සරහම තියෙන පිටියේ තියෙන්නේ.ගෙදරට කොච්චර කිට්ටුවෙන් තිබ්බත් මේකටනම් යන්න දෙන්න නැහැ කියල හොඳා කාරම දන්න නිසා මම නිකන් වචන නාස්ති කරගන්න ගියේ නෑ.ඒ වෙද්දී රුපවාහිනියේ හැර සංගීතයක් බලල නැති මම ගේ ළඟ තියෙන එකටවත් යන්න දෙන්නේ නැති ඒක ගැන කලකිරීමෙන් හිටියේ.ගායකයෙක් වාදකයෙක් සියසින් දැකගන්න තිබුණු ආසාවට කාලෙන් කාලෙට අපේ ගම අවට තියෙන සංගීත සංදර්ශන තියෙන තැන් වලට හවස් වෙලාවට ගිහින් බලන්නේ වැරදිලාවත් ගායකයෙක් වත් ඉන්නවද කියල බලන්න.ඒත් ඒ හැම දාකම හිටියේ සංගීත කණ්ඩායමේ වැඩ කරන අප්‍රසිද්ද වේදිකාවේ ලයිට් හයිකරන නැත්නම් බෆල් හයිකරන සේවකයෝ විතරයි. රෑ වෙන්න කලින් ගෙදර ගියේ අම්මා බනිනවට නෙවෙයි බයිසිකලේ ඩයිනමෝව වැඩ නැති නිසා.(කරුවලේ යන්න බැහැ බයයි.)
අම්මගේ මතය වුනේ සංගීතයක් බලන්න යනවා කියන්නේ උතුරු නැගනහිර රාජකාරි කරන්න යන රණවිරුවෙක් වගේ.සංගීතයක් තිබුණ දවසට පසු දින අම්මට ආරංචි වෙන්නේ තුවාල කරුවන් ගනන සහ මියගිය ගණනන පිහි ඇනුම් හා දේශීය නිෂ්පාදනයක් වුනු සැමන් ටින් බෝම්බ වලින්.මෙහෙම යුධ වාතාවරණයක් තියෙද්දී සංගීතයක් බලන්න යන්න අවසර දෙන්න තරම් අම්මා එඩිතර වුනේ නැහැ.ඒත් මේ ගේ ලඟටම ආ අවස්ථාව මග අරින්න කොහෙත්තම මගේ හිත ඉඩ දුන්නේත් නැ.
හවස මම හෙදරින් පිටත් වුනේ ඉක්මනින් ආයෙත් ගෙදර එන පොරොන්දුව පිට.වෙනදා මගේ බයිසිකලේන් පාරට ගියත් එදා මගේ බයිසිකලේ ඒ ඇතුලේ දාලම ඇවිදගෙනම ගියේ මගේ යටි හිතේ තියෙන අරමුණ ඉටු කරගැනීමේ අදහසින්.මම යද්දිත් තරංගලගේ ගෙදර කට්ටිය පිරිලා.කාලය ගත කරන්න වැඩියෙන්ම ආස මේ කොල්ලෝ ටිකත් එක්ක ඒත් මගේ ආවාසනාවට විභාගයක් තියෙන නිසා ඒ දේ මට ලැබුනේ හරි අඩුවෙන්.බයිසිකලේ ගේ ඇතුලේ දාලා පයින්ම ආපු ඒක ගැන අම්මගේ හිතේ සැකයක් ඇති වුනේ නැහැ.අම්මට වුනු පොරොන්දුව නිසා මම ඉක්මනින් ගෙදර යන්න පිටත් වුනේ යාලුවෙක්ගෙ බයිසිකලයක් ඉල්ලගේනමයි.ඇවිදන් ගියපු මම බයිසිකලේ එනවා දැකපු අම්මා කර කර හිටිය වැඩේ නවත්වල බැලුවේ මොකද මේ අනුන්ගේ බයිසිකල් එකක් අරගෙන එන්නේ කියල.පොරොන්දු වුනු විදියට ඉක්මනින් එන්න ඕනේ නිසා යාළුවෙක්ගෙන් බයිසිකලයක් ඉල්ලගෙන ආවා කියල අම්මට තේරුම් කරලා දුන්නම අම්මා අමුතු හිනාවක් දාලා අහක බලාගත්තේ ආඩම්බර කමක් හිතිලද නැත්නම් මම කීකරු වීම ගැන සන්තොසටද කියල හිතුනේ නැහැ.
අම්මත් එක්ක කතා කරලා හැමෝටම කලින් කාමරේට ගියේ පාඩම් කරන්න තියෙන නිසා.පාඩම් කරද්දී නිදිමත වුනොත් තේ බොන්න මට උණු වතුර බෝතලයකුත් බිස්කට් පැකට එකකුත් ගෙනල්ල දුන්නා.වෙලාව රෑ 10ට විතර ඇති බෆල් වල සද්දේ ඇහෙන්න ගත්තා අම්මා ගෙදර පිරිත් දානවට වඩා සද්දෙට ප්‍රසංගය පටන්ගන්න කලින් ගිටාර්,ඩ්‍රම් සෙට්, ටේස් කිරීම පටන් ගෙන තිබ්බේ. ඒ සද්ද ඇහෙද්දී මට දත් කැක්කුම හදුනා වගේ.වාඩි වෙලා ඉන්නත් බැහැ ඇවිද ඇවිද ඉන්නත් බැහැ නිදාගෙන ඉන්නත් බැහැ යන්නමයි හිතෙන්නේ.ගේ ඇතුලේ කිසි සද්දයක් නැහැ වටේම කරුවලයි හීනියට වැහි පොදකුත් ගිහිල්ල තිබුනේ සීතලත් එක්ක ගෙදර හැමෝම සැප නින්දේ.දුන්නු බිස්කට් පැකට ඒකෙන් ටිකක් කාලා හදල දුන්නු තේත් බිලා හෙමින් දොර ඇරියේ ගෙදර ඉන්න බ්රවුනටවත් සද්දේ ඇහෙන්නේ නැති අඩු හර්ට්ස් ගානකින්.
ගේ ඇතුලෙන් එලියට මම අඩිය තිබ්බේ කොරවක්කා නෙළුම් කොළ ඇවිදින විදියට.යටි පතුලේ පොළොවේ වදින සද්දෙවත් තව කෙනෙක්ට ඇහෙන්නේ නැති වෙන්න. වටේම ඝන කළුවරේ කලාමැදිරි එලිය රැහැයියන්ගේ සද්දෙත් එක්ක කණ ලඟම ඇහෙන සංගීතය හරි අමුතුවට දැනුනේ.කලිම සැලසුම් කරපු විදියට මිදුලේ නවත්වල තිබුණු යාළුවගේ බයිසිකල් ඒක ලඟට කිට්ටු වෙන්න කලින් අයෙත් වට පිට බැලුවේ කවුරුවත් දැක්කොත් ඔක්කොම ප්ලෑන් වතුරේ යන නිසා.ඒත් මං දැක්ක දෙයින් ගැස්සිලා ගියා මගේ කකුල් දෙක ළඟ බ්‍රවුනා.සාක්කුවේ දාගෙන තිබුණු ඉතුරු බිස්කට් ටික ඌට දීලා එතනින් ගියේ ඌ බිස්කට් කද්දී කිසි කෙඳිරිලි සද්දයක් එන්නේ නැති නිසා.මේක පැදගෙන ගියොත් කරත්ත සද්දේ වගේ. තල්ලු කරන් ගියත් සද්දේ වටපිට බලල බයිසිකල් ඒක ගත්තා කරට ටික දුරක් උස්සගෙන යන්න. ඒත් හෙමින් අඩි තියල වැඩි දුර යන්න ලැබුනේ නැහැ.
"මොකද පුතේ බයිසිකල් ඒක කරේ තියාගෙන."
ඈ... අම්මා ලිඳ ළඟ.
"ඕක තමා වේලාසනින් පාඩම් කරන්න කියල කාමරේට වැදුනේ. දැන් තියනවා බයිසිකල් ඒක බිමින්. හ්ම්..හ්ම්... යනවා යනවා ගිහින් 12 කලින් ගෙදර එන්න ඕනේ නැත්නම් දොර අරින්නේ නැහැ රෑට" කියල බොරු සද්දයකුත් දැම්මා.
භාධක ජයගෙන එතනට යද්දී කට්ටිය බලං හිටියේ මං පරක්කු නිසා.සෙනග ගොඩේ ඉස්සරහටම ගිහිංඉන්න බෑන්ඩ් එකේ හැමෝම හොඳ හැටි බලාගෙන අයෙත් හිටපු තැනටම ආවා.වටේම ඉන්න හැමෝම නටනවා.ඒත් මම මිට කලින් ගෙදර කවුරුවත් නැති වුනාම දොර වහන නැටුවට මෙහෙම කවදාවත් නටල නැහැ. අඳුම් ඇඳන් ඉන්න පිරිසක් මැද්දේ නිරුවතින් සිටීමත් නිරුවතින් ඉන්න පිරිසක් මැද ඇඳුම් ඇඳන් සිටීමත් හාස්‍යට ලක්වීමක් වගේ නටන පිරිසක් මැද නටන්නේ නැතිව බලාගෙන සිටීමත් හාස්‍යට ලක්වෙන ඒක නවත්වන්නත් බැහැ.වට පිට බලල ගමේ කිසිම කෙනෙක් පෙන්න නැති නිසා ජැමෙයිකාවේ ඉඳල ආපු කොල්ලෙක් වගේ එකෙක් නටන දිහා බලං ඉඳල මමත් අතපය දිග ඇරලා හොඳට නැටුවා.ඒත් විභාගෙන් පස්සේ පාරේ යද්දී ගමේ කොල්ලෝ එදා මම නටපු විදිය නටල පෙන්වනවා විලි ලෑජ්ජාවේ බැහැ.එදා දැක්කේ නෑ කියල හිතුවට ගමම දැකල.විභාගෙන් පස්සේ කොළඹ ආවා අයෙත් ගමේ යද්දී ඒ දේ හැමෝටම අමතක වෙලාම ගිහිං.
~~අසර්~~
හි හි .... හොරෙන් යන්න ගිහින් ඒකත් මාට්ටු වෙලානේ ......
ReplyDeleteපාසල් යන කාලේ සංගීත සංදර්ශන බලන්න ගියාට දැන් නම් යන්න හිතෙනෙත් නෑ.
මමත් ඒ කාලේ ගියේ ඊට පස්සේ තනියෙන් ඕනේ තැනක යන්න පුළුවන් නිදහස ලැබුනට පස්සේ ඒ දේවල් කිසි තේරුමක් නැති දෙයක් කියල හිතුනා.
Deleteමම නම් සංගීත බලන්න යනන් ආස නෑ. කන් දෙක පැලෙනවනේ අනේ සද්දෙට.
ReplyDeleteහැබැයි ඉතිං කාමරේ දොරවහගෙන නම් සිංදු දාගෙන නටනවා.
ඔයාලගේ අම්මා හොදයි නේ. රෑ 12 වෙනකල් දොර ඇරලා තියනවා කියන්නේ. ඒකට අපේ තාත්තා අයියට අන්තිම වෙලාව දීලා තියෙන්නේ 7. සමහර දවසට අයියා ගෙදර කියලා පෙන්නන්න මම එයා වගේ ඇදේ ඔළුවේ ඉදන් පෙරවගෙන නිදිය ගෙනත් තියෙනවා.
මටත් ඒ වගේ තමා 7 වෙද්දී ගෙදර ඉන්න ඕනේ ඒත් එදා මගදී අහු වුන නිසා කවදාවත් නැතිව 12 වෙනකන් ඉන්න කිවුවා.ඒක ඇහුවම මට නිකං කිති වගේ.
Deleteමමනම් ඔය සංගීත සංදර්ශන බලන්න යන්නෙම නෑ, අම්ම යන්න දෙන්නෙ නෑ, අනික ඕවයෙ සද්ද වලට මට ඔලුවෙ කැක්කුම හැදෙනවා.....
ReplyDeleteඔයාටත් ච්ත්ත රූප මැවෙන විදියට ලියන්න පුලුවන් නේද ! :)
ඔයාල ඉතිං ගෑනු ළමයි නේ කොහොමත් ඒවාට යන්න දුන්නේ නැති එකමයි හොඳ?මුලින්ම සංගීතයක් බලපු දවසේ මට බය හිතුනා පපුවේ කෑලි දෙදරනකොට ඒවායේ සද්දේ නිසා..
Deleteසිරාවටම උඹට යන්න දුන්නද.
ReplyDeleteඑකනේ බං මට හිතා ගන්න බැරි වුනා.මං හිතන්නේ පස්සේ දුක හිතෙන්න ඇති.
Deleteහෙ හෙ.. අම්මාගෙන් ගුටි නොකාපු එක පුදුමයි.
ReplyDelete… පාඩම් කරන්න කියලා තේත් බීලා බිස්කට් ටිකත් කාලා යසයි පාඩම් කරලා තියෙන හැටි : P
ගැහුවේ නැහැ විභාගේ අස්සේ හිත රෑනක් කරන්න හොඳ නැහැ නේ.
Deleteඒ සද්දෙට ඉතිං කොහොමත් පාඩම් කරන්න බැහැ.යන්නයි හිතෙන්නේ.
මට මැවිල පෙනුනා බයිසිකලේ කර තියන් යන්න හැදුව හැටි..අර එදා ජැමයිකාවෙ කොල්ලෙක් වගේ නටපු නැටුම කාටවත් වීඩියෝ කරගන්න බැරිවුනාද දන්නැහැ..අපිටත් පොඩ්ඩක් බලන්න.. ;)
ReplyDeleteඒ කාලේ වීඩියෝ කරන්නේ ලොකු දේවල් විතරයි.ඒත් අනිත් වුන් නටල පෙන්වද්දී හපෝ කියල හිතුනා.
Deleteපොලව පළාගෙන යන්න හිතෙන්න ඇති නේද බයිසිකලේ කර තියාන යනව අම්ම දකිද්දි.
ReplyDeleteලොවටම හොරෙන් කරන්න ගියේ.ඒත් පුදනකොටම කාපි යකා වගේ වැඩේ දෙල් වුනා.
Deleteඅම්මට දුක හිතෙන්න ඇති මේ ගේ අස්සෙ හිරකරගෙන ඉන්නෙ අංගසම්පූර්ණ ඉලන්දාරියෙක් නේද කියලා..
ReplyDeleteමමනම් ඔය කාලේ 50km ඇතුළත තිබුණ එකම සංගීතයක්වත් මගහැරියෙ නෑ. වෙන මොකකටවත් නෙවෙයි නැටිල්ලටමයි.
ඒ කාලේ සංගීතයක් තිබුනොත් වලියක්.ඉතිං අම්මා මට කොහෙත්තම යන්න දුන්නේ නැහැ.ඊට කලින් මමත් නටල තිබුනේ නැහැ ඒත් එදා නැටුවා.හැබැයි තවමත් බැහැ නටන්න හරියකට.
Deleteඅම්මට දුක හිතෙන්න ඇති මේ ගේ අස්සෙ හිරකරගෙන ඉන්නෙ අංග සම්පූර්ණ ඉලන්දාරියෙක් නේද කියලා..
ReplyDeleteමම නම් කි.මී. 50ක් ඇතුළත එකම සංගීතයක්වත් මගහැරියෙ නෑ ඔය කාලේ, වෙන මොකකටවත් නෙවෙයි නැටිල්ලටමයි.
ඒක නෙවෙයි බං ඉදහිටවත් උඹ ඉන්න රට ගැනත් ලියපන්කො.
ඕව් මචං මම ඒ රට ගැන ලියන්න කරුණු ගොයගෙන යනගමන්.ඉක්මනින් දාන්නම්.
Deleteඉස්සර පුදුම පු** අමරුවක්නේ තිබුනේ,සංගීත බලන්න යන්න
ReplyDeleteඅපේ අම්මත් කියනව හැමදාම 10 වෙනකොට ගෙදර එන්න කියල.එත් ඉතින් 12 පහු වෙනව,හැමදාම !
ඒ කාලේ ඉතිං දැන් වගේ දෙයක් තේරුම් ගන්න බැහැ නේ. මමත් එද්දී රැ 12 පහු වෙනවා ඉතිං දවස ගානකට ආයේ එළියට යන්න ලැබෙන්නේ නැහැ.
Deleteඑච්චර රෑ වෙනකම් අම්මා ළිද ළග හිටියේ පුතාගෙ හොරේ අල්ලන්නම ද දන්නෑ....
ReplyDelete:)
මට ඔහොම දෙයක් වුනානම් ඒ වෙලාවෙම භූගත වෙනවා.
මේ මගේ පළවෙනි කොමෙන්ටුව.
බොහොම ආදරෙන් පිළිගන්නවා.හැබැයි මිට කලින් ඇවිත් ගිහිං තියෙනවා නේද?
Deleteනෑ ඊට පහුවෙදා අම්මා කොහෙද යන්න ඕනේ නිසා වතුර පුරවන්න වගේ මොනවා හරි දෙයක් කර කර හිටියේ.
ලැජ්ජාවේ උපරිමයටම ආවා.මොනවා කරන්නද ඉතිං
සංගීත සංදර්ශණ නං චාටර් හලෝ!
ReplyDeleteමටත් දැන් තේරෙනවා චාටෙර් කියල.
Deleteහැක හැක හැක මට මැවිලා පේනවා මෙයා නටන විදිය.
ReplyDeleteඅර වෙඩින් වලට ගියාම සමහර පිරිමි අය නටන විදිය දැක්කම මට පන එපා කියලා හිනා යනවා. ඒ වෙලාවට මම කරන්නේ ඒ අය දිගා බලාගෙන හැක හැක හැක කියලා හිනා වෙන එක :පි
අපිනම් වේදීන් වලදී ලස්සනට නටනවා.මාත් දැකල තියෙනවා බෙල්ල සාක්කුවේ දාගෙන කට්ටිය නටන විදිය අපිටත් හිනා ඉතිං.
Deleteඔයාව තමයි මම එහෙම හිනා වේවි නටනවා දැකලා තියෙන්නේ හැක හැක හැක
Deleteඩි
Deleteමගේ ප්‍රතිපත්තියක් විදියට ගෙවල් (අම්මලාට ආරංචි වෙන දුරින්) තියෙන කිසිම සංගීතයකට යන්නේ නෑ.. ඊට එහායින් තිබුනොත් එහෙම ගිහිල්ල පොඩි රවුමක් නම් දාල එනවා.. හැබැයි තාමට නම් ගෙදරින් කියල කිසිම දේකට වාරණ නම් දාල නෑ...
ReplyDeleteමට ගෙදරින් එළියට යනවා කියන්නේ රැට මොකක්ද එකෙන් නිදහස ලබනවගේ. හරි හදිස්සියෙන් එළියට යන්න දෙන්නේ.දුර තියෙන ඒවාට යන්න දෙන්නේ නැහැ කොහොමවත්.
Deleteඅඩේ අසරණයෝ ඔය එදා උඹ බයිසිකලේ උස්සන් යද්දි අම්මා අරගත්තු ෆොටෝ එකද ?
ReplyDeleteමට නම් ඔය සංගීත සංදර්ශණ අරහන්.. මේලෝ රහක් නැහැ..
උඹටත් හරි හරි ඇබැද්දි වෙලා තියනවා නේද බලාගන යනකොට ?
කොහොමද මගේ සික්ස් පැක් ඒක පිස්සු හැදෙනවා නේ.හෙක්ස්..
Deleteමටත් දැන්නම් මෙලෝ රහක් නැහැ යන වුන්ටත් බනිනවා ගොන් වැඩ නොකර ඉන්න කියල.
හොදම වැඩේ හොර වැඩ කරන්න ගියාට
ReplyDeleteබයිසකලේ බරයිද :D
ඔයා ගියේ ගෑනු ලමයෙක් බලන්න නේද
බයිසිකල් ඒක මගේ එකට වඩා බර අඩුයි එකයි මම ඒ විදියට යාළුවගේ ඒක අරගෙන ආවේ.
Deleteඅපෝ ඒ කාලේ ගෑනු ළමයෙක දිහා බලන්නෙත් නැහැ.මොකද අපි මිශ්‍ර පාසලකට ගියේ ඉතිං කෙලෝ අරහං.ඉස්කෝලේ වැඩිපුර ගුටි කෑවේ ගෑණු ළමයි නිසා.
ඔතන අම්මට අහුවුන එකේ තමයි ගතිය තියෙන්නෙ.......කොහොමහරි යන්න අවසරේ ලැබුනනෙ ඒ ඇති.........
ReplyDeleteකරන්නම දෙයක් නැති තැන යන්න දෙන්න ඇති.මොකද දැන් මලේ උඹෙන් අලුත් පොස්ට් නැත්තේ.
Deleteබයිසිකලේ අරන් එද්දි අම්ම හිනාව දාන්න ඇත්තෙම වැඩේ දැනගෙන... ඔය කාලෙ හොරෙන් කලා කියල අපි හිතන් ඉන්න ගොඩක් දේවල් හොරෙන් කරල නෙමෙයි... අම්මල තාත්තල දැනගෙනත් නොදන්නව වගේ ඉඳල විතරයි...
ReplyDeleteමම නම් සංගීතෙකට ගිහින් තියෙන්නෙ එකම පාරයි... ඒකත් යාළුවන්ගෙ වදේට... ගෙදරින් නම් කිසිම වාරණයක් නෑ... සංගීත කියන ඒවා මට දිරවන්නෙ නෑ (පිට්ටනි වල කන් පැලෙන්න ගහන සංගීත)
Deleteසමහර විට මොනවා අහරි දෙයක් කලින්ම දැනුනද දාන්නේ නැහැ.මං කරපු දේවල් කරලා ගෙදර එන්න කලින් අපේ ගෙදරට දැනගන්න පුළුවන් අදී තාක්ෂණික මෙවලම් අපේ ගමේ තිබුනා.
Deleteමමත් දෙක තුනකට වඩා බලල නැහැ.දැන්නම් කොහෙත්තම යන්න ආස නැහැ.
හිකිස්.....:P
Deleteහපෝයි මට නම් ඔය සංගීත පේන්න බෑ ජීවිතේට ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ.... හැබැයි ගෙදර දොර වහන කේස් එකනම් මම අට වසරට ආවාට පස්සේ තාත්තා ඒ විදියටම දැම්මා... ඉතිං 12 පහුවුනාම ගෙදර එන්නේ නෑ ගිය තැනක ඉඳලා පහුවදා උදේට තමා එන්නේ පස්සේ තාත්තා නීතිය වෙනස් කලා කීයට හරි ගෙදර වර කියලා....
ReplyDeleteමොකද බං ගැමියෝ කේන්ති ගිහිල්ල වගේ. අපේ අම්මත් නිතිය පස්සේ සංශෝදනය කලා රැට ගෙදර එන්න එපා යාලුවෙක්ගෙ ගෙදර ඉඳල එලිය වටුනයින් පස්සේ එන්න කියල.
Deleteකේන්ති ගිහිල්ලා නෑ අයියේ.... ඒ වගේද මන්දා ලියලා තියෙන විදියට පේන්නේ.... සංගීතේ කියද්දි මෙහේ පිට්ටනියේ සංගීත තියෙන දවස්වලට අපිට බලෙන් සිංදු අස්සවනවනේ ඇඳේ බුදියගෙන නටන්න පුළුවන් එච්චරට සද්දේ අර නීතිය ආවේ නැත්තම් විනාසයි.... පොඩි කාලේ ඉඳන් ඒ ගෝසාව එපා වෙලා නිසා වෙන්නැති ඕවට ආසා හිතෙන්නේ නැත්තේ
Deleteනැහැ නැහැ මම විහිලුවට කිවුවේ හැම දාම පැණි රස කෑමවහමත් පැණි තිත්ත රස වෙනවා නේ.
Deleteසංගීතයක් කොතනද අපේ සෙට් එක එතන ඇති..අල්ලපු ටවුන් එකේ වෙසක් සහ පොසොන් ව්ලට තොරන් තොයෙනවනෙ.. දවස් 7 නැත්නම් 10ක්... හැම රෑම සංගීතයක්..හවස යනවා..උදේ එනවා නිදියනවා..ආයිමත් හවස් යනවා..ඒ කාලෙ කහවත්තෙ ගුරුගේ තොරන තමයි ප්‍රසිද්ධම..80 සහ 90 මුල.. අපේ පැත්ත මැණික් පලාතක් නිසා..සංගීත සංදර්ශන වැහි වැහැලා තිබ්බෙ..මග හැරුනෙ කීපයයි..
ReplyDeleteඅපේ ඉස්කෝලේ කොල්ලෝ ඒවායේ ගිහිල්ල රසකර කර කියද්දී ඉතිං ඉන්න බැහැ නලියනවා.වයස 17 දී වගේ මම මුලින්ම සංගීතයක් බැලුවේ.
Deleteමට නම් චිත්ත රුප මැවෙන සීන් එක තමයි අසාර් අයිය බයිසිකලේ කරේ තියන් යද්දී අම්මට මාට්ටු උන හැටි. මරුවට ලියලා තියනවා ඈ...
ReplyDeleteඅපේ අම්මනම් තහංචි දැම්මේ නෑ. කොල්ලෙක්ගේ කොලුකම් අම්මට තේරුම් ගන්න පුළුවන් වුන හන්ද කියලයි මං හිතන්නේ. මොකද අම්මට අපිව විශ්වාසයි. .
හම්මෝ සංගීතයක් මිස් වුනා කියන්නේ කොඳු ඇට පේලියේ කශේරුකාවෙන් එකක් නැති වුනා වගේ. ඉස්සර ගෙදර ඉන්න කාලේ ගමේ දවස් 7 ක් පුරාවට තියන කාර්නිවල් එකේ හැම දවසම නියෝජනය කරනවා. ඇයිද මන්ද කමෙන්ට් දාල තියන ගොඩක් අයට සංගීත අරහන්.
අපි නම් ගිහින් නටනවා නැටිල්ලක් අන්තිමට ගෙදර එන්න කකුල් දෙකට පණ නෑ. ජොබ් එකට ආව මුල් දවස් වල ගමේ තිබ්බ සංගීතයකට ගියේ මාරම මාර කට්ටක් කාල.
එහෙම මැවෙනවානම් මම සාර්ථකයි.
Deleteඅපේ අම්මට විස්වාසයක් තිබුනත් හැමදාම ඉතිං පිහි ඇනුම් අරවා මේවා නේ.ඉතිං යන්න දුන්නේ නැහැ.මමත් ඉස්සර ගොඩාක් ආසාවෙන් හිටියේ ඒත් පස්සේ මටම එපා වුනා.
අච්චර කට්ටක් කන්න වෙන්නේ නෑනේ කෙලින්ම යන්න අහුවනම්.. ඒත් අම්මා කියන්නේ ඔය ටිකම තමයි.. මම මේ කල්පනා කලේ ජැමෙයිකාවේ නැටුම මොකක්ද කියලා..
ReplyDeleteයන්න දේවි කියල හිතන්නවත් බැහැ.මොකද විභාගේ කරන ගමන් නේ හිටියේ.ජැමෙයිකාවේ නැටුම කියන්නේ ඌ රස්ත බෝයි කෙනෙක්.ඒ විදියට ඉතිං නැටුවා හපෝ හෙන කැතයි.
Deleteමුල ටික කියවද්දී මට මතක් වුනේ මමයි අයියයි ඕලෙවල් ඒලෙවල් කරන කාලේ පාඩම් කර කර ඉන්න අපිව තාත්ත ඇවිල්ල tv බලන්න එක්කගන යනවා. අම්මට මාර කේන්තියි ඒ වැඩේට.
ReplyDeleteහොඳ වැඩේ හොරෙන් යන්න ගියාට. හැබැයි අම්ම යන්න දුන්න එක නම් නියමයි.
තාත්තාට හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් නිසා තමා හෙම කරන්න ඇත්තේ.
Deleteහොරෙන් ගියේ ඇහුවට යන්න දෙන්නේ නැති නිසා.පස්සේ අම්මටම තේරෙන්න ඇති මම කොච්චර ආසවෙන්ද ඉන්නේ සංගීතයක් බලන්න.
වස ලැජ්ජාවයි...පුහුල් ගෙඩිය කරේ තියෙද්දීම හොරා මාට්ටු වෙලා. ආ ඒක නෙමෙයි අර බ්‍රවුනා ඔයාලගේද? අඬලා අඬලා සුරතලෙක් ඉල්ලගෙන වගේ...
ReplyDeleteපස්සේ දවසක අම්මා ප්‍රසිද්දියේම කිවුවා මම එදා ගියපු විදිය.බ්‍රවුනා ගේද්දී මට සුරතල් සතුන් ඇතිකරන ආසාව ගිහිල්ලා.ඒ අම්ගේ වුවමනාවට ගෙනාවේ.ඒත් මම ආසයි ඌට.
Delete//ගේ ඇතුලෙන් එලියට මම අඩිය තිබ්බේ කොරවක්කා නෙළුම් කොළ ඇවිදින විදියට.//
ReplyDeleteලස්සන යෙදුමක්.. මැවිලා පෙනුනා..
හිහිහී.... මැවිලා පෙනුනා කළුවරේම බයිසිකලේ උස්සගෙන යද්දි අහුවුණාම හිටිය විදිහ.. :D
//ඒත් විභාගෙන් පස්සේ පාරේ යද්දී ගමේ කොල්ලෝ එදා මම නටපු විදිය නටල පෙන්වනවා//
:D අලේ.. ඒ නැටුම ආයෙ දකින්න විදිහක් නැතිද අයියේ අපිට.. :D
හෙක් විලි ලැජ්ජාවේ බෑ ඒක මතක වෙද්දී.
Deleteඅයෙනම් ඒ විදියේ නැටුමක් කවදාවත් බලන්න ලැබෙන්නේ නැහැ.හැමදාම නැහැ හැම තැනම නැහැ.
හික්.....අනෝ...ඒකත අපේ මව්නි......අපිව සංගීත බලන්න එක්කගෙන ගියා.......ඕනෙතරම් නටල කෑගහල සිංදු කියල විනෝද වෙන්න ඉඩදුන්න.....අයියල සෙට් එකකුත් හිටියනේ.......^_^
ReplyDeleteඑහෙනම් ඔයාට මේවගේ අකර තැබ්බි වෙලා නැතුව ඇති නේ.ඒ හිටියේ ඔයාගෙම අයියල ද?
Deleteඊ...නෑ හලේ....මං එකා යකානෙ....
Deleteඒවුනාට නෑඩෑවෙන අයියෙක් හිටිය අපෙ මව්නිගෙ පණ වගේ.....අන්න ඒ බෆලෝ ඇතුළු බෆලෝ සෙට්එක......
පට්ට ම සීන් එක තමයි බයික් එක කරේ තියන් යන එක අම්මට අහුවුණ එක...
ReplyDeleteඒක අහුවුනේ නැත්නම් මම මෙහෙම පොස්ට් එකකුත් ලියන එකක් නැහැ.හෙක්ස්..
Deleteසික්ස් පැක් එකේ නම් කිසිම අසරණ කමක් පේන්න නෑ. හික්ස්! මාත් ගැන්සියත් එක්ක සංගීත වලට ඇදපු කාලයක් තිබ්බා. පරිණාමය වෙනකොට අතෑරලා දැම්මා. ඔය සංගීත බලන්න යන්නෙ සංගීතෙ අහන්නම නෙමෙයිනෙ. හරියට බිග් මැච් එක දවසට මැච් එක බලනවා වග්. නොබලන්නෙම මැච් එක.
ReplyDeleteසමහර එවුන් නටන හැටි දැක්කම අප්පිරියයි බං. ඔහොම කැතටම නටන එකෙක් තමයි Boney M ගෲප් එකේ කොල්ලා. Bobby Farrel. කැතේ උපත! සමහරුන්ට අමුවට නටන්නම බෑ, නැටුම් තෙල් ඕනෙමයි.
මටත් පස්සේ කාලේදී එපාම වුනු දෙයක් තමා සංගීත බැලිල්ල.
Deleteඅපේ ගමේ වුන් නටල පෙන්නුවේ ඒ විදියට තමා.හැබැයි මම ඕනෙම තැනක දිවුරලා කියනවා මම නටද්දී එච්චර කැත නැහැ කියලා.
අපේ අම්මලත් ඉස්සර මාව යවන්නෙ නැහැ මචං ඕවට. අනික පුට් සයිකලේ ප්‍රධාන පාරෙ පදින්න බැහැ. අතුරු පාරවල් වල විතරයි. ඒ පාරක ගිහල්ලත් ආච්චි කෙනෙක් හප්පු නිසා අයෙ චොර වුනා.
ReplyDeleteඒ කාලෙට ගිහින්ම ලියල තියෙනවා මචං..
උබ ලියන විදිහ ප්‍රස්ද්ධ බ්ලොග්කරුවෙකුගේ විදිහකට සමානයි. කවුද කියන්නෙ නැහැ අමුතුවෙන්. උබට මුලදි ඔහු උදව් කලාලු නේද? මම දැක්ක පෝස්ටුවක් පොර ගැන තිබ්බා..
මටත් කාලයක් ගේ අවට විතරයි දුන්නේ ඒත් හොරෙන් යනවා 50 KM වගේ.යකෝ උඹ අපරිෂකාරි රියදුරෙක් නේ.
Deleteඅඩේ මොනවද බං මේ කියන්නේ මට නිකං මොනවද වගේ.මම එච්චර හැකියාවක් තියෙන කෙනෙක් නෙවෙයි.ඒත් ඒ බ්ලොග් කරුවා තමා මට ලිවීමේ රටාව කියල දුන්නේ.
බයිසිකලෙත් කරේ තියාගෙන යද්දී අම්මාට අහු උන එක නම් මැවිලා පේනවා:D අසර්ගෙ උපමා නම් කියල වැඩක් නෑ...ලස්සනට ලියලා තියෙනවා :)
ReplyDeleteහොඳ වෙලාවට ඔයාලා කවුරුවත් මගේ මුණ අඳුනන්නේ නැහැ.නැත්නම් කොහොම හිතාවිද? ස්තුතියි දිරිගැන්වීමට.
Deleteවිභාගේ වැඩ දැන් ඉවරයි ද?
විභාගෙ ඉවරයි අසර්.ඒ නිසා තමයි දැන් ටිකක් වැඩිපුර බ්ලොග් එකත් එක්ක ඉන්නෙ :))))
Deleteමාර නැටිල්ලක් නටන්න අැතිනෙ?
ReplyDeleteකියල වැඩක් නැහැ හිතේ හැටියට නැටුවා.
Deleteසංගීත සංදර්ශණ වල කියන සිංදු ඇහෙද්දි නිකං දත් සැට් එකටම එකපාර දත්කැක්කුමක් ඇල්ලුව වගේ දැනෙන නිසා මං නං ඕව බලන්න ගිහිංම නෑ. ඔය නැටුමට පස්සෙ “අසර් නැටුව වගේ“ කියල ගමේ ප්‍රස්ථාව පිරුලක් එහෙම සම්මත උනේ නැද්ද?
ReplyDeleteදන්නවනේ වයසේ වැරැද්දට කරන දේවල්.අමුතු අමුතු කතානම් කිවුවා ඒත් රට්ටු කියන කතා මම නියපොත්තෙන් උඩට ගත්තේ නෑ..
Delete//ගේ ඇතුලෙන් එලියට මම අඩිය තිබ්බේ කොරවක්කා නෙළුම් කොළ ඇවිදින විදියට.යටි පතුලේ පොළොවේ වදින සද්දෙවත් තව කෙනෙක්ට ඇහෙන්නේ නැති වෙන්න. //
ReplyDeleteමැවිලා පෙනුනා..:D හික්ස්ස්.. මරු!!
මටත් සංගීත බලන්න යන්න මාර අඅසයි!! ඒත් අපිව යවන්නෙ නෑනෙ..කොල්ලෙක් වුනානම් මරු කියල හිතෙන්නෙ ඔහොම වුනාමයි!!
හෙක් ඉස්සර ඉන්ලම ඒ විදියට ගේ ඇතුලේ ඇවිදින්න පුරුදු වෙලා හිටියේ.මොකද අම්මට හොරෙන් එහෙ මෙහෙ යනවනේ.
Deleteඔයාට තියෙන ආසාවට ඒ දේ වෙනස දැනෙන්නත් එක්ක ඒක දවසක් ගිහිල්ල බලන්න.අනාගත භාර කාරයට කියන්න ඉතිං දවසක එක්කගෙන යන්න කියල.
ඒකතමා භාරකාරයට කියලා කියලා බලන්න වෙයි..:D
Delete//ඒ සද්ද ඇහෙද්දී මට දත් කැක්කුම හදුනා වගේ.වාඩි වෙලා ඉන්නත් බැහැ ඇවිද ඇවිද ඉන්නත් බැහැ නිදාගෙන ඉන්නත් බැහැ යන්නමයි හිතෙන්නේ.//
ReplyDeleteමටත් තාම ඔය උණ අසර් ! ඕක ඒ දවස්වල ඉඳලා තියෙන උණක් ! තාමත් හොඳ නෑ. ඉස්සර අපේ උන් කියන්නේ උඹලට නම් මෝල්ගහකින් පිටි කොටන සද්දෙත් ඇති කුලප්පු වෙන්න කියලා !!!
//"මොකද පුතේ බයිසිකල් ඒක කරේ තියාගෙන."// විලි ලැජ්ජයි, සන්තෝෂයි !!! අතේ මාට්ටු !!!
// ගමේ කිසිම කෙනෙක් පෙන්න නැති නිසා ජැමෙයිකාවේ ඉඳල ආපු කොල්ලෙක් වගේ එකෙක් නටන දිහා බලං ඉඳල මමත් අතපය දිග ඇරලා හොඳට නැටුවා.// ඕක තමයි නරකම දේ ! ඇයි බං අපිට ඕනේ විදියට නටන්නත් බෑනේ නේද ? මම නම් ඉතින් වැඩිය නටන්න සෙට් වෙලා නෑ. ඔය උඹ නැටුවා වගේ නටන උන් දිහා බලාගෙන ආතල් එකක් ගත්තා විතරයි. සංගීත වලින් වැඩි හරියක් මම උන්නේ ස්ටේජ් එක උඩ නොවැ !!!
කථාව නම් එළ ඈඃ ! කිව්වත් වගේ දැන් අසර් ගෙන් තරු ලක්ෂණ පේනවා ... ! ජයවේවා !!!
//ඉස්සර අපේ උන් කියන්නේ උඹලට නම් මෝල්ගහකින් පිටි කොටන සද්දෙත් ඇති කුලප්පු වෙන්න කියලා !!!// ඒ කියන්නේ හොඳ රසිකයෙක්.එතකොට ඇයි ස්ටේජ් එකේ ඉන්නේ උඹ සංගීත කණ්ඩායමක වාදකයෙක් ද?උඹල වගේ වුන් බලන්න තමා පුදුම ආසාවකින් හිටියේ.
Deleteසැමත් ඒ වගේ කතාවක් කිවුවා. මට තරු පෙනුන සිද්දි තම ඉතිං ඔන්න ඔහේ ලියල දාන්නේ.මොකක් හරි ප්‍රගතියක් තියෙනවා කියලනම් හිතෙනවා
ස්තුතියි මචං අගයකිරීම ගැන.
//ඇයි ස්ටේජ් එකේ ඉන්නේ උඹ සංගීත කණ්ඩායමක වාදකයෙක් ද?//
Deleteඅසර් බෑන්ඩ් කථා බලලා නැහැ වගේ.... මෙන්න පාර
http://chathucn.blogspot.com/2011/11/7.html
දාන්නේ මතක වුනේ මම ඒ කතා ටික කියවල තියෙනවා.කමෙන්ට් කරාදත් කොහෙද?
Deleteඔය කරගෙන තියෙන්නේ....
ReplyDeleteමාවත් අපේ අම්මගේ අතටම මාට්ටුවෙලා තියෙනවා මේ වගේ නසරානි වැඩක් කරන්න ගිහින්
ඒක මෙහෙම කියන්න බැහැ, පෝස්ට් එකක් විදිහටම දාන්න ඕනේ කතාවක්
මතක් වෙනකොටත් හිනා යනවා වගේම දුකකුත් දැනෙනවා ඒ කාලේ මතක් වෙලා...
මමත් ඕ ලෙවල් ඒ ලෙවල් කරන කාලේ වගේ යාළුවො එක්ක සංගීත බලන්න ගියා...
ඒත් ඒ උණ එහෙම්මම නැතිවෙලා හොඳටම හොඳ වෙලා ගියා, දැන්නම් සංගීතයක් විතරක් නෙමෙයි සද්දෙට සින්දුවක් දාල තියෙන ගෙයක් ගාවින් යන්නවත් හිතෙන්නේ නැහැ
හරියට නිකන් ඇලජික් එකක් හැදිලා වගේ.
පුදුම අකමැත්තක් ඇතිවෙලා තියෙන්නේ ඒ ගැන
කාලය මැව් වෙනසක අරුමේ කියල තමයි කියන්න වෙන්නේ.... :)
එහෙනම් ඒ පොස්ට් එකත් ඉක්මනින් ලැබේවි කියල හිතෙනවා.මටත් මේ කතාව ලියද්දිත් හිනා වේවි ලිවුවේ.මොකද එදා බයිසිකල් ඒක කරේ තියන යන සිද්දිය මතක් වෙද්දීත් හිනා යනවා.
Deleteමගේ වුනාත් එහෙම්මම බැහැල ගියා.දැන්නම් යන්න හිතෙන්නෙත් නැහැ රුපවාහිනියේ යන එව්වත් බලන්න හිතෙන්නේ නැහැ.
වෙනස වයසත් එක්කම නේ.
ඉස්සර අපේ ටවුමෙත් සංගීතයක් තියෙනකොට ඉන්න බෑ දත් කැක්කුම වගේ තමා..ඩ්‍රම් එක එහෙම ටෙස්ට් කරන සද්දේ ඇහෙනකොට දුවන්න හිතෙන්නේ....ගෙදරින් නං අවුලක් උනේ නෑ ඒකාලේ ඉඳලා...ඉස්සරහා කාමරේ ග්‍රිල් එක ගලවලා තිබුනේ...දොර දෙකේ ජනේලේ ඇරියම කෙලින්ම ඇඳේ.....
ReplyDeleteමගේ ගෙදර කාමරේ එළියෙන් තියෙන්නේ එන යන වෙලාවල් දාන්නේ නැහැ කියල හිතන හිටියට මම දවස් කියාක් මාට්ටු වෙලා තියේද?
Deleteඔයත් හොද හොද නැටුම් නටල තියනවා නේද ඉස්සර.
ReplyDeleteමාත් ඉස්සර හරි ආසයි සංගීත සංදර්ශනය බලන්න . අම්මත් ආස නිසා මට අවස්තාව ලැබුන ..
ටට්ටු කියන තරම් මම නැට්ටුවෙක් නෙවෙයි දන්නවනේ ඉතිං ඉරිසියාවට කියන කතා.අම්මත් එක්ක හෝ ලඟම කෙනෙක් එක්ක බලන්න යනවා වගේ නෙවෙයි අම්මල බයයි අපිව යවන්න රන්දුනේ හැමදාම ඒවායේ.
Deleteහෙහ් හෙහ්...මමත් ඔහොම නටන්න ගිහින් අපේ ගෙදර කස්ටිය සති ගානක් හිනා උනා :)
ReplyDeleteවෙලාවට අපේ ගෙදර කාටවත් දැනගන්න ලැබුනේ නැහැ මම නටපු හැටි.හැබැයි එදා බයිසිකල් ඒක අරන් ගියපු විදිය ගැන විහිළු කළා.
Deleteහි හී.. අසරණයා අම්මා ඉස්සරහ අසරණ ම වෙලා වගේ....
ReplyDeleteඕවා ඔහොම තමයි අයියේ,ඒ කාලේ තිබුණ ගායවල් කාලයත් එක්ක ම හොඳ වෙලා යනවා....
~~~**දඟ මල්ල**~~~
හපෝ මට මතක වෙද්දීත් ලැජ්ජයි.
Deleteඕව් මටත් කාලයක් යද්දී එපා වුනා.
අම්මගෙ කෙස් පැහුනෙ වයසටම නෙවේ වගේ..මේ වගේ පුතාලා එක්ක කොහොම ඉහ ගහගෙන ඉන්නද?..හික්ස්
ReplyDeleteවැඩිය නරක වැඩ කෙළේ නැහැ.මට යන්න දෙන්නේ නැහැ ඒ වගේ ඒවාට.ඉතින් කොහොමද මගේ ප්ලැන.
Deleteනෙලුම් කොල උඩ ඇවිදින කොරවක්කන්ව මැවිල පෙනුන.....මම පොඩි කාලෙ ගිහින් තියනව ඔය වගේ ෂෝ බලන්න..ඒත් මම නම් ආශ නැහැ ඒවට කන්දෙක බීරි වෙන සද්දෙ නිසා..ගොඩාක්ම අහගෙන ඉන්න බැරි අර නිවේදකයො ගිරිය පුප්පගෙන කෑගහන විදිය.......:)
ReplyDeleteකිරිල්ලිත් එතකොට ගම වටේ නටල තියේද? හොපෝ මටත් එකනම් එහෙම තමයි සංගීතයේ තියෙන රසය නැති වෙනවා නිවේදකයාගේ කෑ ගැහිල්ලට.
Deleteගෑනු ළමයි අඩි උස සපත්තු දාල ඇවිදිනකොට පෙනෙන්නේ "නෙලුම් පත් මත ඇවිදින කොරවක්කුන් මෙන් " කියල ඉස්සර මගේ යාලුවෙක්
ReplyDeleteකියපු කතාවක් මතක් වුණා....බයික් එක කරේ තියාගෙනත් ඇවිද්දේ නෙලුම් පත් මතමද ?
අනේ... මම නම් අදමයි මේ පැත්තේ ආවේ ..සන්තෝසයි හම්බුනාට
මල් පියලි
පියලි ඔයා ආදරයෙන් පිලිගන්නවා.
Deleteහෙක් ගෑණු ළමයි මම දැකල තියෙනවා හරි අමාරුවෙන් ඇවිදිනවා ඒවා දාගෙන.
අයෙත් සැරයක් ගොඩාක් ස්තුතියි මේ පැත්තේ ආවට
හික් හික්,මටත් මැවිලා පෙනුන අර බයිසිකලේ කරේ තියන් ගියපු විදිය ගැන..සැහෙන දවසකට පස්සේ බ්ලොග් එකක් කියවන්න.. කියල හිතිලා මේ පැත්තට ආවේ..හපොයි සංගීතයක් නිසා පොලව පලාගෙන යන වැඩනේ වෙලා තියන්නේ...:D
ReplyDeleteලැජ්ජාවේ උපරිමය මම ඒ දවස ටිකේ වින්දා? එක තම මමත් බැලුව මොකද ඔයා පෙන්න හිටියේ නැත්තේ කියල.
Deleteඑදා නම් නියමෙට නටන්න ඇති. හික් හික්ස්... :D
ReplyDeleteමට හිතුනු විදියට මම නැටුවා.පස්සේ තමා තේරුනේ මම නටපු කැත විතරක් කියල.
Deleteඔන්න 100 වෙනි කොමෙන්ටුව මගෙන්!
ReplyDeleteමමත් ඔයිට වඩා ලොකු වෙනසක් නෑ ඒ කාලේ. :D
රජ ගේම් දීලා තමා ගෙදරින් පැනගන්නේ.
හොරා වගේ ඉඳල 100 වෙනකම්ම හිටිය නේ....
ReplyDeleteඋඹත් මම වගේද බං.පාලමෙන් එහා පැත්තේ නේ
මම තාම සංගීතය බලන්න ගිහින් නැහැ අයියේ...
ReplyDelete"මොකද පුතේ බයිසිකල් ඒක කරේ තියාගෙන."
ඈ... අම්මා ලිඳ ළඟ.
අම්ම දැක්කම බයිසිකලේ අරන් ගිය හැටි මැවිලා පෙනුන.ලස්සන ලිපියක් අය්යේ...
ඇත්තටම නොගිය එකත් එක අතකින් හොඳයි ඒ දෙ ලොකු වින්දනයක් නම් නැහැ.හැබැයි ජිවිතේට පාඩමක් ඉගන ගන්න ගියත් කමක් නැහැ.
ReplyDeleteඔයාත් අලුත් කෙනෙ නේ.සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.
බයිසිකලේ කරේ තියාගෙන යද්දීම අහු උනාම වහ කන්න හිතෙන්න ඇති නේ. අම්මා හොඳ නිසා හොඳයි.
ReplyDeleteමතක් කරන එපා ඒ අඳුරු මතකය.
Deleteපට්ට ආතල්නෙ මචං.මටත් පුංචි කාලෙ ගමේ තිබුන සංගීතෙ මිස් වුනා අපේ අයියා කාරයා බීලා මාට්ටු වෙලා මාවත් අම්ම ගෙදර ඇදන් ගිය නිසා.
ReplyDeleteමට වෙලාවට අයියා කෙනෙක් හිටියේ නැහැ.ඒත් මම ඕවට ගිහිං බිල තියෙනවා ඒත් අහුවෙලා නෑ...
Deleteකවුද එකෙක් කියපු කතාවක්... මේසන් බාස් කෙනෙක් ඉන්නවාලු ඌ ඩාන්ස් කරන්නේ බිත්තියක බඳින විදීහටලු. කොන්දෙක් ඉන්නවලු ඌ ඩාන්ස් කරන්නේ බස් එකේ යන විදිහලු :D
ReplyDeleteමට තවම හිනා උඹේ මේ කමෙන්ට් එකට. කොහෙද බං උන් දෙන්න ඉන්නේ.
Delete