මද්යම අප්‍රිකාවේ රටක් වූ කොංගෝවේ මා සිටි කාලය තුල ලබපු අත්දැකීම් කිහිපයක් ඔබවෙත ඉදිරිපත් කිරීම ගන්නා උත්සහයයි.
කොංගෝව අප්‍රිකාවේ ඇති දෙවන විශාලතම රටයි. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර 2,345,406 පමණ පමණ දිළිඳු රටකි.ජනගහනය මිලියන 71 කට වඩා ඉහල අගයක් ගනියි. අප්‍රිකා මහාද්වීපයේ උතුරින් මද්යම අප්‍රිකාවටත්, දකුණු සුඩනයටත් ඊසානට වෙන්න උගන්ඩාව,රුවාන්ඩා, බුරුන්ඩි යන රටවලටත් දකුණෙන් සැම්බියා,ඇන්ගෝලාවටත් කොංගෝ ජනරජයටත්, "තන්ගන්යිකා" විලෙන් ටැන්සානියාවත් වට වුනු රටකි.රටේ අග නගරය "කින්ෂාසා" නගරයයි.සියලු ප්‍රධාන පෙලේ ආයතන පිහිටා තිබෙන්නේ කින්ෂාසා කේන්ද්‍ර කොටගෙනයි.
ජාතික කොඩිය.
1960 දී බෙල්ජියෙමෙන් නිදහස ලැබ ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතී රටක්.එහෙත් එවකට ජනාධිපතිව සිටි "පැට්රිස් ලුලුම්බා" ගේ ඝාතනයෙන් පසු ඉතා වේගයෙන් යලිත් දිළිඳු තාවයට පත් වු තවමත් දියුණුව ඉබිගමනින් යන දුෂිත රටකි.ඔහුව ඝාතනයට ලක් වුනේ කින්ෂාසා අගනුවර සිට 2000 Km ඈතින් පිහිටි එලිසබත්විලි නම් නගරයේදීයි. පසුව එය ඔහුට ගරුකිරීමක් විදියට ලුබුම්බෂි කියන නම බාවිතයට ගැනින.ඔහුව ඝාතනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය වක්‍රව සම්බන්ධවී ඇත එයට හේතුව කොංගෝව වේගයෙන් දියුණු වීම බටහිර ජාතිකයන්ට ඉවසන්න නොහැකි වීමයි. දැනට පවතින දිළිඳු තත්වෙට හේතුව එක්සත් ජාතින් මිතුරු වෙසින් ඇවිත් ඒ රට වින්සා කිරීමයි.රටේ උගත් කමක් ඇති ඇතැම් පිරිස් මේ සියල්ල නිහඬව විඳ දරාගෙන සිටින්නේ වෙන කරන්න දෙයක් නැති කමට.
ප්‍රධාන භාෂාව වෙන්නේ ප්රංස භාෂාවයි දේශීය භාෂා අතරින් ලිංගල,ස්වයිලි,කිකොන්ගෝ,ශිලුබා භාෂාවන් වැඩි වශයෙන් බාවිතා කරයි.ඉංග්‍රීසි බාවිතා ඇත්තෙම නැති තරම්.ප්රංස කතා කිරීමට නොහැකිනම් තමන්ගේ වැඩ කටයුතු කිරීමට කොහෙත්තම හැකියාවක් නැහැ.එහෙත් දැන් තරුණයන් ඉංග්‍රීසි ඉගන ගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා.නිදහස් අධ්‍යාපනයක් නැති දිළිඳු වුවත් රජයේ පාසල් වලට මුදල් අයකරගන්නා අධ්‍යාපන ක්‍රමයක් ඇති නිසා ඉතා විශාල ප්‍රමාණයක් කිසිම අධ්‍යාපනයක් නොලබා හැම දාම දිළින්දන් විදියට ජිවත් වෙන්නේ. රෝගියෙකුට නොමිලේ බෙහෙත් ගන්න ක්‍රමවේදයක් ඒ රටේ නැහැ.එක්සත් ජාතීන්ගේ සංවිදානය තැනින් තැන කඳවුරු පවත්වාගෙන දෙන බෙහෙත් ලබා ගැනීමට හැකි වෙන්නේ ඉතාම සුළු පිරිසකට පමණයි.
ප්‍රධාන වශයෙන් ඇති මැලේරියාව නිසා විශාල ප්‍රමාණයක් මිය යනවා.පාචනය හා සෙන්ගමාල වගේ රෝගීන් සුලභව දැකිය හැකි.මුදල් ඇති රෝගීන් ජිවත් වෙනවා නැති සියලු දෙනා මිය යනවා.රජයක් විදියට ඒ රටේ මිනිසුන් වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග ඉතා සීමිතයි.රටේ ජනාධිපති ගේ සිට සියලුම රාජ්‍ය සේවකයෝ දුෂිතයි..රටේ ඇති අඩු අධ්‍යාපනය හා අසරණකම නිසා ඒවාට විරුද්ද වෙන පිරිස් නැති කමේ ප්‍රයෝජනය ඒ පාලකයෝ ඉතා හොඳින් තමන්ට රිසිසේ පාලනය ගෙන යනවා.නල ජලය ලැබෙන ටැංකි අවුරුදු 10 සැරයක්වත් පිරිසිදු කර නැහැ.ඉතා දිළින්දන් පමණක් එම ජලය පානය කලත් අනිත් සියලු දෙනා භාවිතා කරන්නේ පිරිසිදු කටයුතු කරගැනීමට පමණයි.ස්වභාවයෙන්ම ජලය අඩුවෙන් පානය කිරීමට ශරීරය සකස් වී ඇති නිසා ඒ දේ ඔවුන්ට ඉතා පිටිවහලක් වෙනවා.
දවසේ වැඩි වෙලාවක් විදුලිය කප්පාදුවකට ලක් වීම ඉතා සුලබව දැකිය හැකි දෙයක්. එයට හේතුව ඒ රටේ වගකිවයුතු නිලධාරීන්ට ඇති ඉන්ධන පිරවුම්හල් නිසා.විදුලිය නැති එහෙත් වැඩ කල යුතු සියලු ආයතන වැඩ කරන්නේ ජෙනරේටර් ආධාරයෙන්.ජෙනරෙටරයට අවශ්‍ය ඉන්ධන ලැබෙන්නේ ඉහත කියපු නිලධාරීන්ට අයත් ඉන්ධන පිරවුම් හල් වලින් .කොංගෝවේ රජයේ සේවකයෙකුට "HUMMER" ජීප් එකක් මිලදී ගැනීම එතරම් අපහසු කටවුත්තක් නෙවෙයි.මොකද රජයේ සේවකයෝන්ට ලැබෙන ඉහල වැටුප්.රටෙන් 90% රැකියා නෑ. රැකියා උත්පාදනයකුත් නැහැ.විදේශ ගත වෙන්නත් ඒ රටේ මිනිසුන්ට ඉතා අමාරු දෙයක් මොකද බොහෝ රටවල් කොංගෝවරුන්ට විසා දෙන්න ඇති අකමැත්ත.
සැ/යු. මේ සියලු විස්තර මගේ ඇහැට දැකපු කනට ඇසුණු තොරතුරු පදනම් කරගෙන ලියන ලදී.තව වැදගත් විස්තර ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න.
සැ/යු. මේ සියලු විස්තර මගේ ඇහැට දැකපු කනට ඇසුණු තොරතුරු පදනම් කරගෙන ලියන ලදී.තව වැදගත් විස්තර ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න.
හපොයි දෙයියනේ අපි කොයිතරම් වාසනාවන්තයිද.......
ReplyDeleteඑහෙනම් ගෑස් එහෙම තව රුපියල් 3000 - 4000 ඉහල දාන්න කියමුද??
Deleteකියකිය ඉන්න ඕනේ වෙන එකක් නෑ මයේ හිතේ..
Deleteඅනේ දෙයියනේ ඉතින් මං කිව්වෙ මේ රටත් එක්ක බලනකොට අපි මොනතරම් වාසනාවන්තද කියල.....:(
Deleteඅග්නි = ඒත් ඒ දේ තේරෙන්නේ රටෙන් පිටවුනයින් පස්සේ.යුරෝපා රටකට ගියොත් ඒ දේ තේරෙනවා අඩුයි.
Deleteහෙලයෙකුගෙන් ලොවට = ජිවන වියදමට වඩා වැඩි බැරෑරුම් දෙයක් තියෙනවා.
ක්සැන්ඩර් | Xander = තව ඉස්සරහට.
අග්නි = ඔයා හරි.
// එයට හේතුව කොංගෝව වේගයෙන් දියුණු වීම බටහිර ජාතිකයන්ට ඉවසන්න නොහැකි වීමයි//
ReplyDeleteකොංගෝව දියුණු උනා කියල බටහිර ජාතින්ට අමුතුවෙන් ඇති වෙන ප්‍රශ්නේ මොකක්ද ?
දියුණු වෙන්න ඕනි කමක් තියනව නම් බටහිර ජාතින්ට නෙවෙයි මොකාටවත් ඒක වලක්වන්න බෑ , එහෙම එක එක්කෙනාට වලක්වන්න පුලුවන් කම තිබුනා නම් සිංගප්පුරුව , මැලේසියාව , වියට්නාමය අද ඔය ඉන්න තත්වේ ඉන්නෙත් නෑ
වලක්වන්න උත්සහ නොකරේ නෑනේ.ඔය කියන රටවල් වල මිනිස්සුන්ගේ උත්සහාහය නිසා දියුණු වුනා මිස බටහිරින් බලපෑම් නොකර නිසා දියුණු වුනා කියන්න බෑ.බටහිර උන් පවත්වාගෙන එන ධනවාදී රටාවට අනුව රටක් දියුණු වෙනව කියන 1 ප්‍රශ්නයක් තමයි.
Deleteබටහිරින් බලපැම් එල්ලවෙන්නේ රටක් දියුණු වීම කියන සාධකය මත නෙවෙයි අදාල රටේ නායකයින් බටහිරට දක්වන අනුකුලතාවය අනුව . සිම්බාවේ ආර්ථිකය විනාශ කරපු මුගාබේට බටහිර විරුද්ධ වෙන්නෙත් දකුණු කොරියාව සංවර්ධිත රාජ්‍ය බවත් පත්වෙන්න උදව් උපකාර කරන්නෙත් ඒ අනුව .අනික් කාරණය ධනවාදය කියන්නේ බටහිරට සීමා වෙච්ච දෙයක් නෙවෙයි , පහුගිය කාලයේ සීඝ්රයෙන් සංවර්ධනය වුනු හැම රටක්ම ගියේ ඔය පාරේ .ධනවාදි අර්ථ ක්රමයේ අවශ්‍යතාවයන් අනුව බලවත් ඕනිම රටකින් දුර්වල රටකට එන බලපැම් උපක්‍රම ශිලිව හසුරවාගන්න පුලුවන් නම් අදාල දුර්වල රටටත් ගොඩ යන්න බැරි කමක් නෑ
Delete//බටහිරින් බලපැම් එල්ලවෙන්නේ රටක් දියුණු වීම කියන සාධකය මත
Deleteනෙවෙයි අදාල රටේ නායකයින් බටහිරට දක්වන අනුකුලතාවය අනුව . //
හරියටම හරි...ඕක ලංකාවට අදාලව කියනවනම් ලංකාවට ඇමරිකාවෙන් බලපෑම් එන්නෙ රට ධනවාදී නොවන නිසා නෙවෙයි, රටේ පාලකයා රනිල් නොවීම නිසා. නැත්නම් රනිල් මොකද මරා මොකද, දෙන්නම තරගෙට සුපර් ස්ටාර්ස්ලට සුබ පතනවා. මරා වගේම රනිලුත් (බ්‍රෑන්ඩ් එක ලිවයිස් වුනත්) අමුඩයක් ගහගෙන නල්ලූර්
කෝවිලේ අළු ගාගන්න යනවා. අටපිරිකර උස්සගෙන මහා නායකයො බෑ දකින්න යනවා.
//සිම්බාවේ ආර්ථිකය විනාශ කරපු මුගාබේට බටහිර විරුද්ධ වෙන්නෙත්.....//
මුගාබේ සිම්බාබ්වේ හිඟන රටක් කරපු එක බටහිරට අවුලක් නෑ. අවුල තියෙන්නෙ බටහිරට ගැති නොවීම කියන කාරනයෙයි. මහතීර් මොහමඩ් ඒකාධිපතියෙක් කියලා මැලේසියානු ජනතාවට "ප්රජාතන්ත්රවාදය" දෙන්න ඇමරිකාවට තිබුණ ඇම්ම කොයි තරම්ද..? ඒත් ජනතාව මහතීර් සමග එකට සිටි නිසා ( හෝ එසේ සිටින බව
පෙන්වීමට හැකි වූ නිසා) ඇමරිකාවේ දුෂ්ඨ උවමනාව හකුළාගන්න සිද්ධ වුනා. වියට්නාමය විනාශ කරන්න ඇමරිකාව උත්සුක වෙන්නෙ " හෝ චි මිං " කොමියුනිස්ට්වාදියෙක් වීම නිසාත්, සෝවියට් කඳවුරට ළංවීම නිසාත් මිසක වෙනත් හේතුවක් නිසා නෙවෙයි.
කොංගෝවෙ ලුමුම්බා ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වෙන කොමියුනිස්ට්වාදියෙක්,. ඔහු කොංගෝව සංවර්ධනය කරන්න උත්සාහ කරන්නෙ සෝවියට් ආධාර ඇතුව. යම් විදියකින් කොංගෝව ස්ථාවර රටක් වුනානම් සෝවියට් හිතවාදී රැල්ලක් අප්‍රිකාව පුරා පැතිරීයාමේ අවධානම ඇමරිකාව කල්තියා දැක්කා. ඒ හින්ද තමයි ලුමුම්බාව ඝාතනය කරන්නෙ.
//දකුණු කොරියාව සංවර්ධිත රාජ්‍ය බවත් පත්වෙන්න උදව් උපකාර කරන්නෙත් ඒ අනුව //
ඇමරිකාව දකුණු කොරියාව සංවර්ධිත රටක් බවට පත්කරන්න උදව් උපකාර කරන්නෙ දකුණු කොරියාවට ඇති ආදරයක් හින්ද නෙවෙයි. ඇමරිකාවට හිසරදයක් වෙච්ච උතුරු කොරියාවට එරෙහිව යුධමය සහ උපාය මාර්ගිකව දකුණු කොරියාවේ ඇති වැදගත්කම හින්දයි.
සුමිත් බොහෝ දුරට මගේ අදහසත් එක්ක එකඟයි වගේ ,
Deleteදකුණු කොරියාව පිලිබඳ ඔබගේ අදහසට එකඟ්යි , බටහිර හෝ වෙනයම් බලවත් රටක අවශ්‍යතාවයන් තමන්ගේ වාසියට හරවා ගැනීම සඳහා දකුණු කොරියාව හොඳ උදාහරණයක්
අවශ්‍යතාවයේ හැටියට උදාහරනයට ගත්තාට මැලේසියාව සංවර්ධනයේ පරමාදර්ශයක් විදිහට මම දකින්නේ නැති බව සඳහන් කරන ඕනි . මොකද ප්රජාතන්ත්රවාදයෙන් තොර සංවර්ධනයක් ගැන මම විශ්වාස නොකරන නිසා , මම කියවල තියන තොරතුරු අනුව මට නම් මහ තිර් කියන්නේ පැහැදිලිවම ඒකාධිපතියෙක් , හැබැයි ඒ තුල රටට වැඩක් කරපු කෙනෙක් , ලී ක්වාන්යුත් එහෙම තමා
පෝස්ටුව කියෙව්වා..
Deleteසුමිත් අයියගේ කමෙන්ටුව බලන්න ආයෙ එන්න වෙයි..
සැනසිල්ලේ කියවන්න ඕනේ නැත්තං පැටලෙනවා.. බර වැඩී ;)
බුවාගේ සිතුවිලි = දිළිඳු රටක් දියුණු වෙනවනම් බටහිර රටවලට ඇති වෙන ගැටලුව මට වඩා ඔබ දන්නවා ඇති.ඔවුන්ට අවශ්‍ය ආකාරයට එම රටවල කරන ඇතැම් ක්‍රියාකාරකම් වලට ප්‍රශ්න ඇතිවෙනවා.
Deleteනුවන් = උත්සාහය තියෙනවනම් පුළුවන් ඒත් ප්‍රශ්නේ තියෙන්නේ උත්සහ කරන නායකොයෝ නැති වෙන එක.
සුමිත් = //කොංගෝවෙ ලුමුම්බා ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වෙන කොමියුනිස්ට්වාදියෙක්,. ඔහු කොංගෝව සංවර්ධනය කරන්න උත්සාහ කරන්නෙ සෝවියට් ආධාර ඇතුව. යම් විදියකින් කොංගෝව ස්ථාවර රටක් වුනානම් සෝවියට් හිතවාදී රැල්ලක් අප්‍රිකාව පුරා පැතිරීයාමේ අවධානම ඇමරිකාව කල්තියා දැක්කා. ඒ හින්ද තමයි ලුමුම්බාව ඝාතනය කරන්නෙ.// මේ ටික ඇත්ත ඇමරිකාව කැමති නැහැ රුසියාවත් එක්ක වැඩ කරනවට.ලුලුම්බාගෙන් පසු ආපු නායකයෝ ඇමරිකන් ගති ඇත්තන් වුනාත් රට දිවුනුව යන්නේ හරි හෙමින්.ඇමරිකාව තවමත් කරන විනාසය මගේ ඉදිරි ලිපියෙන් බලාපොරොත්තුවෙන්න.
සෑම් = හෙමිහිට කියවන්න ඕනේ කමෙන්ට් එකක්.
අපි හරිම වාසනාවන්තයි...අපිට රටෙන් ගොඩක් දෙ නිකන් දුන්නත් මිනිස්සුන්ට අගයක් නැහැ...
ReplyDeleteඅපිට නැතිවෙද්දී පමණයි ඒ දේවල් වල අගය දැනෙන්නේ.
Deleteඋබ ඉන්න රට ගැනත් ලියපන්,,ආසාවෙන් කියවන්නේ මේ වගේ ඒවා
ReplyDeleteමචා කොන්ගොවත් මම හිටපු රටක තමයි.දන් ඉන්න රටේ විස්තර තව හොයමින් ඉන්නේ.කොංගෝ ගැන තව පොස්ට් එකක් තියෙනවා.
Deleteපැට්රිස් ලුලුම්බා ගැන නම් අහල තියෙනව.රුසියාවේ තියෙන ලුලුම්බා සරසවියත් නම් කරල තියෙන්නේ ඔහුට ගෞරවයක් වශයෙන්!
ReplyDeleteඔව් ඔහු හොඳ උගතෙක් ඒ වගේම ආර්ථිකය ගැන හොඳ දැක්මක් තිබුණු නායකයෙක්.
Deleteඔන්න වැදගත් ලිපි තමන්ගේ අද්දැකීම් මෙසේ බෙදා හදා ගැනිම ඉතා වටිනව..හැබැ පුතො බලාගෙන උබව ඉන්ටපොල් එකේන් ඉස්සුවොත් සොරිම තමා....
ReplyDeleteඅනේ මං ඉන්ටෙර්පොල් ඒකෙන අල්ලන යන තරම් දෙයක් කලේ නැහැ නේ.
Deleteකොංගෝව ගැන නවකතා වලින් කියවා ඇති මතකයක් තිවුනට දේශපාලනික පසුබිම ගැන දැනගත්තේ අද..ගොඩක් ස්තුතියි..
ReplyDeleteමේ විදේශීය කුමන්ත්‍රණ ගැන තව විස්තර ටිකක් බෙදාගත්තොත් අපිත් අනාගත කොංගෝවක් වීමට ඇති හැකියාව ගැන දැන ගත හැකිවේවි..
ඒත් අපේ සිවිල් හඬ ගොළුවී ඇති විටෙක මේවා දැන ගැනීමෙන් ඇතිවන්නේ සාහිත්‍ය රසය පමණයි..!
ඔව් රූ මම තව කොටසක් ලියන්න බලාපොරොත්තු වෙනවා.අපේ රට ගැන මතයක් වෙද්දී හරි දුකක් ඇති වෙන්නේ.ඒ රටේ මිනිසුන්ට පිකටිං කරන්නවත් වෙලාවක් නැහැ ඒ වෙලාවෙත් මොනවා හරි දෙයක් විකුනනවා ජිවත් වෙන්න මුදල් ඕනේ නිසා.
Deleteහොඳ ලිපියක්. පැට්රිස් ලුමුම්බා ගැන නම් අහල තිබ්බ. ජේ වී පී නායක රෝහණ විජේවීර එක්ක හිටිය සමකාලීනයෙක් කියනවා නේද මේ ලුමුම්බා?
ReplyDeleteඔව් මමත් ඒ කතාව පස්සේ කාලෙක දැනගත්තා එම නායකයෝ දෙන්නම එකට අධ්‍යාපනය ලැබුවා කියල.
Deleteහම්මෝ.. වෙලාවට ලංකාවෙ ඉපදුනේ!! කොහොමටත් මම අප්‍රිකානු රටවල් ගැන ඒ තරම් ව්ඉස්තර දන්නෙ නෑ..අයියා ඉන්න රට ගැනත් ලියන්න.. තව තව පින්තූර එක්ක..
ReplyDeleteතව විස්තර දැන්නම්.මගේ ලඟත් තියෙනවා තව පින්තුර ටිකක්.ඒවාත් දැන්නම් පුළුවන් පුළුවන් වෙලාවට.
Deleteබොහෝම වටිනා සටහනක්. මමත් හිතන්නේ එක එකාට ඇගිලි දික් කරන්න කලින් තමන් කරන ගොන්කම් අවම කර ගැනීම මේ රටවලට විතරක් නෙමෙයි අපි කාට කාටත් සුභයි. සුද්දා කියන ගෙරිහමට තල තලා හිටියොත් වෙන්නේ අපායටම යන්න තමයි. නමුත් අපි අපේ දුයුණුව බලා ගන්නව නම් කාටවත් ඒක වලක්වන්න බැහැ. වලක්වන්න ඕනෙකම තිබුනත් බැහැ.
ReplyDelete// සුද්දා කියන ගෙරිහමට තල තලා හිටියොත් වෙන්නේ අපායටම යන්න තමයි. නමුත් අපි අපේ දුයුණුව බලා ගන්නව නම් කාටවත් ඒක වලක්වන්න බැහැ. වලක්වන්න ඕනෙකම තිබුනත් බැහැ.//
Deleteදාන්න පහක් , ඔන්න ඕක තමා ලංකාවේ ගොඩක් ඇයින්ට නොතේරෙන්නේ
ප්‍රශ්නේ තියෙන්නේ එන්න ඉන්න පාලකයෝන්ව මුදල් දීලා බටහිර නායකයෝ ඔවුන්ව රූකඩ බවට පත්කරන එක නේ.කොංගෝවේ ඉන්න දැනට ඉන්න පාලකයෝත් එහෙම තමයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ තොරතුරු එක් කරන්න වුනු මහන්සිය ගැන අසරණයාට තුති. මේ වගේ රටවල් ගොඩක ආර්ථික වර්ධනය ඇමරිකානුවන් විසින් කඩාකප්පල් කරපු ආකාරය "ආර්ථික ඝාතකයකුගේ පාපෝච්චාරණය" පොතින් කියෙව්වා. එහෙම දේවල බටහිර ජාතීන් නොකරනවාම කියලා කාටවත් කියන්න බෑ. මේ රටවල් දුප්පත්ව පැවතුනොත් තමයි ඔය කියන ජාතීන්ට පෝසත් වෙලා ඉන්න පුළුවන්. එවැනි ජාතීන්ට අපනයන් කරන්නේ සහ ඔවුන්ට Low Cost Labour සපයන්නේ මේ දුප්පත් ජාතීන්. කෙටියෙන් කිව්වොත් සූරාකෑම. ඉස්සර ඔවුන් රටවල් යටත් කරගෙන මේවා කරා. දැන් ඒ වහල් කමෙන් ගැලවෙන්න බැරි තත්වයන්ට මේ රටවල් පත් කරලා. එක උදාහරණයක් ඝාණාවේ කොකෝවා යොදාගෙන ලොව ඉස්තරම් පාණයන් එවන්නේ බටහිර රටවලින්. ඝාණාවට ඒ තාක්ෂන්ණය හදා ගන්න උදව් කරනවා තිය එහෙම කරන්න බැරි තත්වයට ඔවුන් පත් කරලා. මැලේසියාව හා තායිලන්තය තමන්ගේම නිෂ්පාදන කරනවා. ඒත් තායිලන්තය ඇමරිකාවේ ගැත්තෙක් වුන නිසා එයාලට ප්‍රෂ්ණයක් නැහැ.
ReplyDeleteමම මේ තොරතුරු සොයන්න ලොකු මහන්සියක් උනේ නැහැ.මම ඒ රටේ හිටපු වසරක කාලය තුල ලබපු අත්දැකීම්. ඒ රටවල් දුප්පත්ව පැවතුනොත් පමණයි ඔවුන්ට පොහොසත් වෙන්න පුළුවන් ඒ කතාව හරියට හරි.
Deleteඔන්න ඉඳලා ඉඳලා දැම්මා නියම පෝස්ට් එකක්...ගැටය සංදියේ කතා බෝරිං වෙලා හිටියෙ.(ඒවත් ඕනැ)
ReplyDeleteඋඹ ඉන්න ඝානාව ගැනත් පෝස්ට් එකක් දාපන් වැඩි දෙනාගෙ ඉල්ලීම ඒකයි.
මම නම් ආස ගැටයා සන්ධියේ කතා වලට.. ඒවා කියවනකොට මට නිකන් "ටොම් සෝයර්" කියවනවා වගේ තමා දැනෙන්නේ..
Deleteහිකිස් කලවමේ දාපල්ලකෝ...
Deleteසුමිත් = අඩේ... මගේ කතා ටික එපවෙලාද හිටියේ.එක තමා කලින් පොස්ට් එකට මේ පැත්තේ ඇවිත් තිබුනේ නැත්තේ.හෙක්ස්.. මම මේ පොස්ට් එක දන්නා හිතාගෙන හිටියේ මාස හතරකටස් කලින් ඒත් එක එක හේතු නිසා දාන්න බැරි වුනා.
Deleteසෙනා = ඔව් සෙනා මටත් කිහිපදෙනෙක්ම කිවුවා ඒ කතා හොඳයි කියල. හැම කතාවක්ම ඉස්සරහට දාන්න හිතාගෙන ඉන්නවා.
සෑම් = කවලේම දාන්න හිතා ගත්තා.
අපි නොදන්න ඒත් අපි දැන ගන්න ආසාවෙන් ඉන්න තොරතුරු ගොඩාක් බෙදා හදා ගන්න එක මෙන්න මේ වගේ වටිනවා හරියට...!!!
ReplyDeleteමම ඒත් මේ පොස්ට් එක දාන්න පරක්කු කලේ කට්ටිය එච්චර කැමතිවෙන එකක් නැහැ කියල.ඉදිරියේදී තව විස්තර ටිකක් ලියන්න හිතාගෙන ඉන්නවා.
Deleteඅපි හරිම වාසනාවන්තයි. අපේ රටේ මිනිසුන්ට මොන දේ ලැබුනත් නැතත්, අධ්‍යාපනය සහ සෞඛ්‍යය අනිවාරෙන්ම ලැබෙනවා නෙ. කොන්ගොව ගැන අපි නොදන්නා තොරතුරු ගොඩාක්, අපිත් එක්ක බෙදා හදා ගන්න උත්සහ ගත්ත ඔයාට ගොඩාක් ස්තුතියි...:)
ReplyDeleteඔව් එක ඇත්ත.මට ඇත්තටම ඒ රටේ මිනිස්සු ගැන ගොඩාක් දුක හිතුනා.සමහර පොඩි වුන් මැරෙනවා ලෙඩවලට බෙහෙත් ගන්න මුදල් නැති කමින්.
Deleteනියමයි අසරණ තෙමේ.. මේවගේ ඒවත් දාපන් ඉඳලා හිටලා අපිටත් දැන ගන්ඩත් එක්ක..
ReplyDelete// ඔවුන්ට ඉතා පිටුවහලක් වෙනවා. // ඔතන "පිටිවහල්" වශයෙන් නිවැරදි වෙන්ඩ ඕනා..
ස්තුතියි සෙනා කමෙන්ට් එක දැක්ක ගමන මම ඒ වචනේ වෙනස් කල.
Deleteඔව් ටිකක් අධ්‍යාපනික වැදගත්කමක් ඇති ඒවත් දාන්න හිතාගෙන ඉන්නේ.
මොනවා වුනත් බලාගෙන යනකොට අපේ රට කොච්චර හොදද....
ReplyDeleteඔව් දේශපාලනික පැත්ත නැතුව බැලුවොත් ගොඩාක් හොඳ රටක.ඒත් ඒ දේ තේරෙන්නේ ටික දෙනෙකුට විතරයි.
Deleteඅපේ රටේ මිනිස්සුන්ට මොන තරම් දේවල් ස්වභාධර්මයෙන් ලැබිල තියනවද? ඒත් ඒවා අපේ අයට අගයක් නැත්තෙ නිකම්ම ලැබෙන නිසා...අපේ මිනිස්සු දුක් විඳල නැහැ...මේ වගේ ලිපි හරිම වැදගත් අපේ අය හැමෝටම වගේ කියවන්න දැන ගන්න ලැබෙනවා නම්......
ReplyDeleteලංකාවෙන් පිට ඉන්න මම නම් හොඳටම දැකල තියනව ජීවත් වෙන්න මහා ගොඩාක් දුක් විඳින මිනිස්සු...පෝසත් රටවල උනත් පොලව යට වතුර නල..ගෑස් නල යන මාර්ග වල පුංචි ඉඩක වකුටු වෙලා ජීවත් වෙන මිනිස්සු...මිනී කනතු වල..මිනී ගෙවල් අස්සෙ ජීවත් වෙන මිනිස්සු....මේවා දැක්කාම අපේ රටේ මිනිස්සු එක්ක එන්නෙ ඇත්තටම කේන්තියක්...දවල්ට පාරෙ තියන කුනු බක්කියක් අවුස්සල බඩට මොනා හරි දාගෙන රෑට ලඟම තියන කනත්තෙ මිනී ගෙයක් ඇතුලෙ මහ පොලව බදාගෙන නිදා ගන්න මිනිස්සු ලංකාවෙ ඉන්නවද? මට නම් අපේ රට දිව්‍යලෝකයක්..!!
ඇත්ත මේ මම ලබපු අත්දැකීමක්. දවසක් මම කන්න පොඩි ගහක යට තියෙන රෙස්ටුරෙන්ට් එකක් වව්ගේ තැනකට ගියා.සාමන්යෙන් තියෙන්නේ ඒ වගේ තැන.. මම කාල ඉවර වෙනකන් කෙනෙක් බලන ඉඳල මගෙන් ඇහුවා මම කාපු මස් කටු ටික දෙන්න පුලුවන්ද කියල.මම ඉතින් දුන්න මොකද ඒ වටේ පොල්ලෝ දෙන්නෙකුත් කැරකෙනවා දැක්කා.ඒත් මම දැකපු දේ මටම හිතාගන්න බැහැ.මම කාල ඉතුරු වුනු මස් කටු ටික ඒ මනුස්සයා ගහක මුලට ගිහින් කන්න පටන් ගත්තා.එච්චරට ඒ රටේ මිනිස්සුන්ට කන්න නැහැ.
Deleteරටවල් ගැන තොරතුරු ලියන එක ගැන මාත් සතුටුයි.. මොකද ඒකත් කෙරෙන්න ඕන දෙයක්නේ..
ReplyDeleteබලාගෙන යද්දි කොංගෝව කියන්නේ හොර ගුහාවක්නේ.. ප්ය ගොඩක් අප්‍රිකානු රටවන් දිළිදු උනේ යුරෝපීන් ඔවුන්ගේ සම්පත් සූරාකාපු නිසා කියන කතාව මම අහලා තියෙනවා..
ඔව් දිනේෂ් ඒ දේ වැදගත් කියල මට දැන් හිතෙනවා.
Deleteරටේ ජනාධිපතිගේ විස්තර ඉදිරි පොස්ට් එකෙන් බලන්නකෝ.
කොංගෝ වල පත වනාන්තරයක් තියෙනව නේද, ඒ ගැනත් ඊළග ලිපියෙන් චුට්ටක් ලියාවි කියල බලාපොරොත්තු වෙනවා
ReplyDeleteමේ ලිපිය නියමය් :) නොදැන සිටි හුගක් දේවල් දැනගත්ත
ජය වේවා !!
ඔව් මම ඒ වනන්තරේ ගැන ටිකක් ලියන්නම්.ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වනාන්තරයක් තියෙනවා කියල ඒ රටේ ගොඩාක් මිනිස්සු දන්නේ නැහැ.
Deleteඑක අතකට බලන් ගියාම ලංකාවේ අපි කොච්චර වාසනාවන්තද. වරු ගානක් පෝලිමේ ඉඳල හරි නොමිලේ බෙහෙත් ටිකක් ගන්න පුළුවන් ගොඩක් වෙලාවට. අප්‍රිකාවේ උපදින අය කොච්චර අවාසනාවන්තයෝද එතකොට.
ReplyDeleteමේ පොස්ට් එක නියමයි.
නිරෝගිව ඉන්න මොනවා නැතත් අපිට පුළුවන් නේ.ඒත් කොංගෝවත එක්ක බලද්දී අපි අහසට පොලොව වගේ.මනුස්සකම අතින් වුනාත්.
Deleteමට නම් බය හිතෙනවා කවද හරි දවසක කවුරු හරි ලංකාව ගැනත් මේ වගේ ලිපියක් ලියාවිද කියලා. ඒවායින් කමක් නෑ. බොහොම ස්තුතියි මේ විස්තර අපිත් එක්ක බෙදා ගත්තට. ඉඳල හිටලා මේ වගේ ලිපිත් ලියන්න :) හොඳ ලිපියක්....
ReplyDeleteඔයාගේ කමෙන්ට් එකට රිප්ලයි කරනං කිසිදෙයක් මතක් වෙන්නේ නැහැ. මොකද මගේ තොල කට වේලිලා ගියා.
Deleteලංකාව භුවිෂමතා අනුව ගත්තත් වාසනාවන්තයි මචං..
ReplyDeleteඒත් මෙකෙ ලස්සන තියාගන්න දෙන්නෙ නැති එකාල තමා ඔය දියවන්නාව තරනය කරල ඇතුලෙ ඉන්නේ..
ඒ රටේ ඒඩ්ස් ඒමත් ජයටම තියෙනව නේද බං !
ඔව් එක ඇත්ත අපේ රටත් මෙහෙම ගියොත් ආසියාවේ කොංගෝව වෙන්නත් බැරි නැහැ.
Deleteවටින ලිපියක්, ගොඩක් විස්තර දැනගත්තා. බලාන ගියා ම කොහෙත් හොරු ඉන්නවා නේද?
ReplyDeleteඑහෙ ඉන්නේ නිකන් හොරු නෙවෙයි කම්බ හොරු.
Deleteලහිරුට පිස්සුද මන්දා... මං දැක්ක ඇමරිකාවේ පත්තරේක තියනවා ලෝකේ හොරු නැති එකම රට ශ්‍රී ලංකාව කියලා :D
Deleteවටින ලිපියක් මචං.......
ReplyDeleteජය.......!
ස්තුතියි කිරි.
Deleteමොන තරම් අසාධාරණ විදියට සල්ලි හම්බකරන මිනිස්සු හිටියත් අපේ රටේ අද යම් තැනක තියෙනවා නේද ලංකාව.
ReplyDeleteමේක කියෙව්වම නම් පොඩි ආඩම්බරකමක් දැනුනා ලංකාව ගැන...
:)
එක ඇත්ත.මටත් අපේ රට ගැන ආඩම්බරයක් ඇති උණා..අපේ මිනිස්සු මෙහෙම හිටියනම් වගකිවයුතු ඉහල නිලධාරීන්ව මරයි.
Deleteඔව් අනිත් පොස්ට් එකෙන් ලංකාවේ පොලිසිය ගැනත් ආඩම්බරයක් ඇතිවේවි.
Deletedreams = ලංකාවේ මොනවා වුනාත් ප්‍රශ්නයකදී හඬක් නගනවා නේ.
මෙවන් ඉරණමක් ලංකාවට උදා නොවේවා. කොංගෝවට යහපත් පාලකයන් පහළ වේවා
ReplyDeleteඔව් අපිත් එහෙම හිතනවා.සමහර විට වෙනසක් වෙන්න පුළුවන් ප්රංස ජනධිපති මාරු වුනා නේ.
Deleteඅලුත් වටිනා තොරතුරු ටිකක් දීලනේ අයියා..ඇත්තටම ඔය ඉන්න රට ගැනත් ඕනා/...
ReplyDeleteනංගි මෙත් මම හිටපු රටක විස්තර තමා.දැන් ඉන්න රටේ විස්තර තව ටික දවසකින් දාන්නම්.
Deleteඅගේ ඇති විස්තර ටික . මහ පුදුම රටක්නේ බලනකොට .
ReplyDeleteඔව් හිතාගන්න අමාරුයි ඒ රටේ පාලනය.ඇත්තෝ කති බොති කියන එකට හොඳම උදාහරණයක්.
Deleteඅයියට ලිංගල පුළුවන්ද...... මම හිතුවේ වැරදිලා සිංහල වෙනුවට ටයිප් කළා කියලා.....
ReplyDeleteලිංගල නම් බැහැ ඒ රටේ මිනිස්සුත් වැඩිය කතා කරන්නේ ප්රංස භාෂාවෙන්.
Deleteඔය රටේ කැලැ එහෙම තියෙනවා නේද ලස්සන....?
ReplyDeleteඔව් ඇමේසන් වලට පස්සේ ලොකුම වැසි වනාන්තරය තියෙන්නේ කොංගෝවේ..
Deleteඅන්න නියමයි අසරණයා. අපි කවුරුත් හරි කැමතියි අපේ කශ්ටිය ඉන්න රටවල් ගැන ඔයවගෙ පෞද්ගලික අත්දැකීම්, අදහස්, දැකපු කියපු දේ, කියවන්න. එතකොට කාලයක් හිටිය කිව්වෙ දැන් නැත්ද? මට මතක අසරනයා ඝානාවෙ ඉන්නවා කියලා, මම හරිද?
ReplyDeletehenryblogwalker the Dude
ඔව් වෙනසකටත් එක්ක මම මේ කොංගෝ ගැන දැම්මේ.කට්ටිය මේ පොස්ට් එකට කැමතියි වගේ. මම ඉස්සර හිටියේ කොංගෝවේ දැන් ඉන්නේ ඝානාවේ.කොංගෝ ගැන තව විස්තර ටිකක් තියෙනවා ඒ ටිකක් දාල ඝානාව ගැන ලියන්නම්.
Deleteඅඩේ මරු පෝස්ටුව බං.
ReplyDeleteස්තුතියි රාජ්.
Deleteලංකාව වගේ රටක්...
ReplyDeleteපැට්රිස් ලුලුම්බා මරා දැම්මෙ Shombe කියල කෙනෙක් මම ඉස්කෝලේ යන කාලේ.
ඒ කාලේ කව්රු හරි බයිල එකක් කිව්ව 'කොංගො රටේ මුල් අගමැති පැට්රිස් ලුමුම්බා ....ෂොම්බෙ මරා දැම්මා මුළු ලෝකෙ කලම්බා' කියල.
ඔව් ලංකාව වගේ රටක් තවත් නැහැ.
Deleteඔබා මාමාගේ කමෙන්ට් එක කියෙවුවහම තවම හිනා.
ම්ම්ම්ම්ම් භය හිතෙනවා මේව අහනකොට ඉස්සරහට අපිටත් මෙහෙම වෙයිදෝ කියලා.....
ReplyDeleteඅසරණයෝ මං අහල තියන විදියට පාරිසරික දේෂගිණික වෂයෙන් හුගක් වැදගත් කමක් තියෙන රටක තමයි ඔයා ඉඳලා තියෙන්නේ,.. ඒවා ගැනත් අපිව දැනුවත් කරමුකෝ බලන්න
ලොව දෙවන විශාලතම වැසි වනාන්තර පිහිටා තියෙන්නේ කොංගෝ වේ.මම හිටපු අග නගරේ ලොකු වෙනස් කමක් තිබ්බේ නැහැ ජනකිර්නයි.
Deleteමේ... මේ පෝස්ට් එක අපේ රටේ ආණ්ඩුවේ වැදගත් උත්තමයෙකුට එහෙම පෙන්නන්න එපා. එයාල හිතාවි අපි සැප විඳිනවා වැඩියි කියලා.
ReplyDeleteබලන් ගියාම කොංගෝවත් නිකං සෝමාලියාවක් එහෙමත් නැත්නම් ඉතියෝපියාවක් වගේ නේ පේන්නේ. ඇයි ඉතිං ඔය තරම් වැසි වනාන්තර තියෙද්දි මිනිස්සුන්ට ජලය නැත්තේ.
අනික මේ රටවල මිනිස්සුන්ට කන්න බොන්න නැතිවුණත් ඔලිම්පික් වගේ ගේම්වලදි පදක්කම් ගන්නවනේ මාර විදිහට.
කොංගෝ වනාන්තරවලද වනචාරී මිනිස්සු ඉන්නේ..? කොංගෝවෙ වනනාත්ර ගැනයි ලුලුම්බා ගැනයි තමයි වැඩි හරියක් දන්නේ.
අසරණයා ඔයා ඔය රටෙන් පිටවුණ එක හොඳයි. මොකද ඔය රටේ තව ටික කාලයක් හිටියානම් ඔයාට ලංකාවට එන්න වෙන්නේ ඉතියෝපියාවෙ පෙනුමෙන්. ගෙදර අය අනේ අපොයි කියාවි ඇඟේ හැටි දැකලා
ඔවුන්ට ජලය තියෙනවා රජයෙන් දෙන ජලය කිසිම පිරිසිදු කමක් නැතුව දෙන්නේ. අගනගරයෙන් පිටතට වෙන්න ජලය හොයාගන්න පුළුවන් උල[ඇත ජලය.විශාල ගඟකුත් තියෙනවා. ඒත් කින්ෂාසා නගරයේ ජිවත් වෙන මිනිසුන්ට බොන්න වතුර හොයාගන්න අමාරුයි.
Deleteඔව් ඒත් ලිම්පික් වගේ ඒවාට කොන්ගොවෙන් සහබගිත්වය අඩුයි.ඉතියෝපියාව ඒ පැත්තෙන් ගොඩාක් දියුණුයි.
මම ලංකාවට එද්දී ඉතියෝපියානුවෙක් වගේ තමයි මගේ බර කිලෝ 17න් අඩුවෙලා තිබුනා.
අම්බෝ බං..... පික්ෂු කොර
ReplyDeleteතව පිස්සු හැදෙන සිද්දි ඇස් දෙකට දැක්කා.
Deleteඅම්මේ මේ දේවල් නම් අහලාවත් තිබුනෙ නෑ. ඇත්තටම වටින ලිපියක් අයියා..
ReplyDeleteමේ අය එක්ක බලද්දි අපි කොයි තරම් වාසනාවන්තද කියලා හිතෙනවා..
මම ඒ රටට පය ගහනකම්ම දැනන් හිටියේ නැහැ ඒ රට ඒ වගේද කියල. සතියක් දෙකක් ඉද්දි තේරුනා ලංකාවේ මිනිස්සු කොච්චරනම් වාසනාවන්තද කියල.
Deleteපව් අෆ්ෆා...අසරණ දරුපැටව් ටික...
ReplyDeleteඔව් එක ඇත්ත එයාලට කාගෙන්වත් පිහිටක් නැහැ.
Deleteසෑහෙන්න වටින විස්තරයක් අයියේ.අපේ රටේ කී දාහක් ඉන්නවද මේ රටේ ඉන්නවට වඩා පිට රටක ඉන්නවනම් හොඳයි කියලා හිතන...මේවා මෙහෙම එලියට එන්නේ නැති කාරණා.මේවා කියවද්දි හිතෙනවා මේ රටේ උපදින්නත් කොයි තරම් පිනක් කරලා තියෙන්න ඕනද කියලා...මේ පින්තූර දැක්කම මේ මිහිපිට අපායක්ද කියලත් හිතෙනවා.
ReplyDeleteදූෂණය සම්බන්ධව කතාකරද්දි නම් තව අවුරුදු 10ක් විතර යද්දි මේ රටේ පාලකයොත් මේ රට ඒ තත්වෙට ගෙනල්ලා හොඳ ආශ්චර්යයක් පෙන්නයි වගේ...සුමිත් අයියගෙයි බුවාගෙයි අදහස් දැක්වීමත් අගය කරන්න ඕනේ ඒවා සෑහෙන්න වැදගත් සංවාද.
දැන් අයියට ප්‍රංශ පුළුවන්ද.ඒ රටවල්වල කෑම එහෙම ඉල්ලන්නේ කොහොමද ඉංග්‍රීසියෙන්ද.ඒඩ්ස් එහෙම යහමින් ඇති නේද.
තවත් මේ වගේ විස්තරාත්මක පෝස්ටුවක් බලාපොරොත්තු වෙනවා පින්තූර ගොඩක් සමග.
ගුවන් තොටුපළෙන් බැහැල යද්දීම මග දිගට පෙන ඒවා දකිද්දී හිතෙනවා මිහිපිට ආපයක්දෝ කියල එච්චරටම අප්‍රසන්නයි..
Deleteඔව් ඉස්සරහට දුෂණය අතින් ලංකාවත් කොංගෝ වගේම වෙයි මගේ හිතේ.සුමිත් අයියා ගේ වගේම බුවාගේ අදහස් ගොඩාක් වටිනවා.පොඩ්ඩක් පොඩ්ඩක් ප්රංස පුළුවන්.ඉංග්‍රීසි දන්නේ හරිම ටික දෙනයි.ඒත් කඩවල් වල වැඩකරන අයට කොහෙත්තම බැහැ.
තව එක පොස්ට් එකක් තියෙනවා වැඩිපුර පින්තුර දාන්න බලන්නම්....
විශාල ගෙවල් හදන්න අප්‍රිකානුවන්ගෙන් යොදා ගත්ත එදා යුරෝපියන්ගෙ ප්‍රථිපල අදටත් දකින්න පුළුවන්.. එයාලා ටිකක් ආඩම්බරයි යුරෝපයේ.. ලංකාව තරම් ලස්සන රටක ඉපදෙන්න අපි හැමෝම වාසනාවන්තයි.. ඒත් දුකකට තියෙන්නෙ පාලකයන්ට ඒ බවක් නොතේරෙන එක.. :(
ReplyDeleteතවත් රටක ජීවිතය ගැන අත්දැකීම් තියන කෙනෙක්ගෙන් අහන තොරතුරු ගොඩක් වටිනවා.. ඉදිරියට කොංගො රට ගැනත් ඉන්න රට ගැනත් තොරතුරු බලාපොරොත්තු වෙනවා.. :)
ස්තූතියි ගොඩක් මේ වටින ලිපියට.. :)
පාලකයෝන්ටත් තේරෙනවා ඒත් නොතේරෙන විදියට ඉන්නවා මගේ හිතේ.
Deleteතව විස්තර ටිකක ඉදිරි පොස්ට් එකේ දාන්න හිතාගෙන ඉන්නේ.
අනේ පව් :(
ReplyDeleteමිහිපිට් අපායක් වගේ.
Deleteවටින විස්තරයක් අසර්.
Deleteආසාවෙන් කියෙව්වා ආයෙත් මෙහෙම එකක් බලාපොරොත්තු වෙනවා...
ස්තුතියි..
Deleteතව කොටසක් දාන්න කරුණු එකතු කරගෙන ඉන්නේ.
මේ වගේ තොරතුරු අපිටත් දැනගන්න ලිව්වට ගොඩක් ස්තුතියි... අපි කොච්චර පිං කරල තියෙනවද ලංකාවෙ ඉපදෙන්න.
ReplyDeleteඔව් එක අපිට හෙතෙන්නේ රටින් පිට වුනාමනේ.ඒත් දේශපාලනය පැත්තෙන් වැඩි වෙනසක් නැහැ.
Deleteඅයියෝ මම ගොඩක් පරක්කුයිනෙ.. :( පහුගිය ටිකෙ කියවන්න බැරි උන බ්ලොග් දැන් තමයි කියවන්නෙ...කොහොම උනත් අයියෙ වැදගත් ලිපියක්.හැබැයි අයියගෙ අතීත කතාත් දිගටම ලියන්න....හරිම ආසයි ඒව කියවන්න :)
ReplyDeleteඔයා පෙන්න හිටියේ නැහැ තමා ඔයගෙනුත් අලුත් පොස්ට් එකක් තිබුනේ නැහැ.
Deleteපරණ මතකයනුත් පුළුවන් පුළුවන් වෙලාවට දානවා.