ලියනවා මකනවා ආයෙත් ලියනවා ඒත් කොහොම ලියන්නද.වචන එන්නෙම නැහැ.ඒත් අමාරුවෙන් හරි මෙහෙම ලියන්නම්.
ඊයේ උදේ ඔෆිස් ගිහිල්ල වැඩ පටන් ගන්නවත් එක්කම නිකමට වගේ බ්ලොග් එකට ලොග් වුනේ අලුත් පොස්ට් තියෙන්නේ මොනවද බලන්න.මගේ බ්ලොග් රෝලේ තිබුණු අලුත් පොස්ට් එකක් දැක්ක "ඔබා මාමාට නිවන් සුව" කියල. ඒක දැකපු ගමන් මට හිනා ගියේ ඔබා මමත් එක්ක ඉන්න මිතුරන්ගේ තවත් විහිළු වැඩක් වෙන්න ඇති කියල හිතුන නිසා.මොකද ඒ වගේ විහිලුවක් බාර ගන්න පුළුවන් නිතාමානි අව්‍යාජ මිනිසෙක් මේ අපේ ඔබා මාමා. කලකට ඉහත වය ධම්ම සංඛාරා කියල පොස්ට් එකකුත් දාල තිබුනා මට එකත් ලාවට මතක් වුනා. ඒ පොස්ට් ඒක වැඩි දියුණු කරලා දෝ කියලා හිතුනා. ඕනෙම කෙනෙක් කරන විහිළුවක් "හෙක් හෙක් " ගලා ඒ විහිළුවට තවත් විහිළුවක් කරන් හිටපු මාමා. බ්ලොග් අවකාශේ අපේ වැඩි හිටියා, හැම කෙනෙක්ම ගරු කරපු මාමා.අයෙත් කැන්ගරු දේශයට ගොඩ බැස්සයින් පස්සේ සුපුරුදු විදියට බ්ලොග් අවකාශේ අලුත් අයටත් පරණ අයටත් අත හිත දෙන්න ගමන උන්නේ.
කොහොම වුනත් මගේ යටි හිතට අමුතු මූසිල හැඟීමක් ආව.මම අනිත් සැරේ බුකියට ලොග් වෙද්දී හැමෝම එකම විදියේ පින්තුර දාගෙන හිටියත් විස්තරයක් හරියටම දැනගන්න බලද්දී තමා වෙනි අයියා හිටියේ."ඔව් මල්ලි කතාව ඇත්ත." මගේ ප්‍රශ්නෙට මම හිතුවෙවත් නැති ඒ අවාසනාවන්ත තොරතුර ඇත්ත කියල තේරුම ගියා.එතනින් එහාට මට වෙනි අයියාත් එක්ක කතා කරන්න බැරිව ගියා.ඔහුව දැකලා කතා කරපු එකට හිටපු අනිත් සයිබර් මිතුරන්ට කොහොම දුකක් දැනෙන්න ඇතතිද?.. මට ඒ වගේ හැඟීමක් ආවනම්. ජිවිතේ ඔහුව මුණ ගැහෙන්න තිබුන අවසාන අවස්තාවත් මඟ ඇරිලා ගියා.අයෙ ඉතිං ඔබ වගේ කෙනෙක් මට මුණ ගැහෙන එකක් නැහැ.දැනටමත් ඔබට අලුත් මිතුරෝ මුණ ගැහිලා ඇති ඒ හැමෝමත් එක්ක අපි දිහා බලාගෙන ඇති.
මාමගේ "වයධම්ම සංඛාරා" පොස්ට් එකෙන් කොටස් කිහිපයක් උපුටා ගන්නවා ඔබේ අවසරයකින් තොරව. අවසර දෙන්නත් අද ඔබ අපි ළඟ නෑ. මේ දේවල් මෙච්චර ඉක්මනින් සිද්ද වුනේ කොහොමද?
ලොකු පුතාත් අපි කවුරුවත් හිතුවේ නෑ.
කවදාවත් නෑ.
ඕනෙම දෙයකට හිනා වෙලා ඉන්න තවත් අව්‍යාජ අවස්ථාවක්. ඒත් අපි කවුරුවත් එහෙම හිතුවේ නැහැ.යනවා කියල දැනගෙන හිටියාත් මෙච්චර ඉක්මණි යයි කියල අපි හිතුවේ නැහැ.තවමත් හිතාගන්න බෑ.
සෑම් නොහිතා දමපු කමෙන්ට් ඒක. මෙහෙම දකින්න වෙයි කියල කාටද හිතුනේ.
ලිවිමටනම් ඔබ ගැන බොහෝ දේ ඇත ඒත් අකුරු ගැට ගහ ගන්න අමාරුයි.මේ ඔබ මා වෙනුවෙන් තැබූ අවසාන මතක සටහන.ඔබේ අවසාන සටහනේදීත් මාව හිනා ගැස්සුවා. ඒ හිනාව අතීතයට එකතු වී හමාරයි.
"ඔබා මාමේ ඔබෙත් මගෙත් ජීවිතය අපිට අයිති නැත. අපි මෙහෙ ආ බැවින් ආයෙත් ටික කලකට එහෙ යා යුතුව ඇත."
මතු උපදින සංසාරේ ඔබ අපි අතරේම ඉපදේවා!!.
මමත් මරණෙ අයියගෙන් ඇහුව අදහගන්නත් බැරිනිසාමේක විහිළුවක්දකියල......:‘(
ReplyDeleteතාමත් නිකන් හීනයක් වගේ.....ඒත් ඒක ඇත්තක්......
සුබ ගමන් ඔබා මාමෝ............:(
ආවොත් යාතුබව මම දනිමි.
ReplyDeleteඒත් මෙතරම් හදිසියෙන්....
මොනවා කරන්නද?
අපි හරි අසරණයි අසරණයා.....
මටත් ටික වෙලාවක් යනකම් මේක තේරුම් බේරුම් කරගන්න බැරිවුනා. වෙනිගේ පෝස්ට් එකෙන් තමයි දැනගත්තෙ. ඊට ටික වෙලාවකට කලින් රාජ්ගේ පෝස්ට් එකටත් ඔබා අයියා කමෙන්ට් කරලා තිබුණ.
ReplyDeleteසිද්ධියෙන් කම්පනයට පත්වුන බ්ලොග් සගයන් කලබලේට දාපු පෝස්ට්වල අකුරුත් වැරදිලා තිබුණ. ඔහුගේ මරණය අපගේ ජීවිතවලට කළ බලපෑමේ ප්‍රභලත්වය එහෙමයි. තව කාලයක් යනකම් මේ කම්පනය මෙහෙමම තියේවි...
ඔබා අයියෙ, ඔබට සුබ රාත්‍රියක්.....!!!!
අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............
ReplyDeleteබ්ලොග් නිර්මාණයට අලුත් සාමාජිකාවක් නිසා මම ඔබා මාමා ගැන ගොඩක් දේවල් දන්නෙ නැති වුණත් දැකපු හැම තැනම ආදරණීය කමෙන්ට් එකකින් පුංචි විහිලුවකින් දැනුවත් කමකින් හැම පෝස්ට් එකකටම වීරයෙක් වුන චරිතයක් බව මම දැක්කා.ආදරණීය බව හැම කෙනෙකුටම බෙදා දීපු චරිතයක්..ඔබව මා නොදන්නවා වුනත් දැකල තිබුන නිසා ඔබගේ වියෝව මටද කම්පනයක් ඇතිකලා...
ReplyDeleteමෙවැනිම ආදරණීය මනුසත් බවින් පිරිපුන් ජීවිතයක් ඔබට නැවතත් හිමි වේවා.....
පැමිණ නෙක දනන් ගේ බ්ලොග් අඩවියට
ReplyDeleteකෙටුවා පද දෙකක් හැමටම සෑම ----- විට
මරුවා සමග ගිය දා ලොව හඬන ----- විට
ඔබා මාමේ සිනැහෙන් මොක් පුරේ -- සිට
මම ඒ අවාසනාවන්ත පුවත ඉස්සෙල්ලම දැක්කේ බුකියේ සෑම් අය්ය දාල තිබ්බ පොස්ට් එකකින්, මට දැක්ක ගමන හිනා ගියා
ReplyDeleteඊට පස්සේ මම දැක්ක රෙප් අය්යත් දාල තියෙනවා, ඊත් හිතුන බ්ලොග් එකේ මොකක් හරි පිස්සු පොස්ටුවක් දාල ඇති කියල ඒත නිකන් සැකෙට වගේ බ්ලොග් ලියන එකෙක්ට කෝල් එකක් දාල බැලුව එතකොට වෙලාව 11 ය් අදහගන්නත් බැරි උනා, උතුම් මනුස්සයෙක් අපි දාල ගියා
අපි හැමෝම දවසක මැරෙනවා ඒක නියතයක් ඒත් කව්ද හිතුවේ මෙච්චර ඉක්මනට ඔබා මාම අපිව දාල යය් කියල
අපරාදේ එකපාරක් හමුවෙලා කතාකරන්නවත් මට බක්මහ උළෙලට එන්න බැරි උනා නේ :'(
ඔබා මාමගේ අඩුව පුරවන්න කව්රුවත් නැති වේවි
ඔබා මාමේ ඔබට නිවන් සුව!!!
ඉපදුනොත් කෙනෙක් මැරෙනවමයි. ඒත් දුෂ්ට නපුරු මිනිස්සු ඉදිද්දී වටින මිනිස්සුන්ට ඒ මරණය මේ තරම් ඉක්මනින් ලගා වෙන්නේ ඇයි.
ReplyDeleteආදරණීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!
ඔබා මාමා ඔබට නිවන් සුව!
ReplyDeleteරූපය දිරයි නාමය නොදිරයි..
ReplyDelete"ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...
ඔබා මාමේ, ඔබට නිවන් සුව!!!
ReplyDeleteඅවරුදු උත්සවයේදී හම්බුවෙලා කතා කරද්දී කව්ද හිතුවේ ඒ ඔබ මාම හැබෑවට හම්බුවෙන අවසාන වතාව කියල.
ReplyDeleteජීවිතේ කියන දේ කොච්චර අනිත්‍ය ද කියල මේ වෙලාවට තමයි හිතෙන්නෙ !
ඔබා මාමේ ඔබට නිවන් සුව!
ඔබා මාමේ ඔබට නිවන් සුව!
ReplyDeleteවැඩක් නෑ සහෝ... ඔහු අපිව හඩවලා ගිහින් ඉවරයි..අපි අපේ දුක බෙදා ගන්ඩ මොන මොන දේවල් ලිවුවත් ඔහු ආයෙ එන්නෙ නෑ..
ReplyDeleteඔබා මාමේ, ඔබ නිවනින් නිවෙන තුරා යලි යලිත් අප අතරම ඉපදේවා !!!
හුඟක් අයගෙ ඔබා මාමා, ටික දෙනෙකුට ඔබා අයියා, කිහිප දෙනෙකුට නිකම්ම ඔබා වුන ඔබ සිංහල බ්ලොග් අවකාශයේ තරුණ, වැඩිහිටි සියළු දෙනාගෙම ආදරණීයයෙක්, සමීපතමයෙක් වුණේ ඉතාමත් කෙටි කාලයකින්. එතරම් කෙටි කාලයකින් හැමෝගෙම ආදරය, ගෞරවය දිනාගත් කිසිවෙක් මේ සයිබර් අවකාශයතුළ කිසිදාක පහළ නොවූවා සේම කිසි දිනෙක පහළ නොවේවි. එයයි ඔබ තුළ තිබූ සුවිශේෂත්වය. ඔබවැනි සහෘදයෙක්, ලෙන්ගතු වැඩිහිටියෙක් මේ තරම් හදිසියෙන් එක් වරම නික්ම යාම අපි කොහොම ද දරාගන්නෙ, විශ්වාස කරන්නෙ. වෙනදාට නිදහසක් ලද සැනින් බ්ලොග් අවකාශයට එන්නෙ කොයිතරම් නම් සතුටකින් ද? ඒත් අද දරා ගන්න බැරි පාළුවකින් සිත වෙළිල ගිහින්. මේ හැමදෙයක්ම නැවත Undo කරන්න පුළුවන්නම්, ඒත් සැබෑ ජීවිතේට මොන Undo ද? ඔබ අපට නොකියම අපෙන් සමුඅරන්. ඒත් ඔබට සමුදීමට නොහැකිව අද අපි හැමෝම ලත වෙනව. නොකියාම නික්ම ගිය සහෘදයාණනි! ඔබට සුබ ගමන්.
ReplyDeleteසදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!
උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!
ReplyDeleteඔබාමාමාගේ මේ ඡායාරූපය නිතර නිතර බ්ලොග් අඩවිවල කමෙන්ට්වල තිබුන නිසා ටිකක් දැකල පුරුද්දක් තිබුණා. ඒත් එතුමා කවුද මොකක්ද එයාගෙ බ්ලොග් එක කියලා වෙන වෙලාවක හොයන්න ඔනෙ කියලා හිතාගෙන හිටියත් සමහර වෙලාවට ඒක මග හැරුණා.
ReplyDeleteසදාකාලික නොවූ ලෝකයේ සදාකාලික කිසිවක් නැති බව පමණක් කියා නොකියාම නික්ම ගිය නොදුටු සුහදයාණෙනි ඔබට සුබ රාත්‍රියක්.
දුකයි මචන් ඒත් මොනව කරන්නද? ඔබා මාමට නිවන් සුව!
ReplyDeleteඅපටවත් අයිති නැති අපේ අසරණ ජීවිත.. :(
ReplyDeleteමතු උපදින සංසාරේ ඔබ අප අතරේම ඉපදේවා
ඔබා මාමෙ ඔබට නිවන් සුව...!!!
මචං හැම පෝස්ටුවක්ම, කමෙන්ට් එකක්ම කියවලා මට ආපු කදුලු මදි හින්දද උබ මගෙ කමෙන්ට් එකක් කපල දැම්මේ. ස්තුති සහෝ.. එදා මම ඔබා මමා හමුවුනු වෙලේ උබ ගැනත් කතා කලා. 'අසරනයා' ගැන ඒ මුවෙන් පිටවුනා. ඔහු නියම නිහතමානි චරිතයක්. එතුමා වෙනුවෙන් මෙච්චර හඩක් නැගෙද්දි, එතුමගෙ පවුලේ අයට කොච්චර නම් වේදනාත්මක ආඩම්බරයක් එනව ඇතිද, මේ අපේ ඥාතියා එකතු කරපු යාළුවෝ කියලා. මට ඔබා මාම ගැන ආඩම්බරයි බං.
ReplyDelete***************
වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.
මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.
විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා
ඔබා මාමාට නිවන් සුව.
(මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)
//මචං හැම පෝස්ටුවක්ම, කමෙන්ට් එකක්ම කියවලා මට ආපු කදුලු මදි හින්දද උබ මගෙ කමෙන්ට් එකක් කපල දැම්මේ.//
Deleteමම හිතුවේ නෑ උඹේ කමෙන්ට් ඒක මට මෙච්චර සංවේදී කමක් ඇති කරයි කියල..
ඔබා මාමාට නිවන් සුව...
ReplyDelete//"ඔබා මාමේ ඔබෙත් මගෙත් ජීවිතය අපිට අයිති නැත. අපි මෙහෙ ආ බැවින් ආයෙත් ටික කලකට එහෙ යා යුතුව ඇත."//
ReplyDeleteහ්ම්ම්ම් වෙන මොනා කියන්නද අසාර්.....ඔබට සුබ ගමන් ඔබා මාමේ...
ඔබට නිවන් සුව ඔබා මාමේ...
ReplyDeleteඔබා මාමාගේ අඩුව සැමදා එලෙසම තියේවි ........ එතුමන්ට නිවන් සුව අත්වේවා...
ReplyDeleteසුභ ගමන් ඔබා මාමේ!
ReplyDeleteකියන්න දෙයක් නෑ මචං! මාමා ගිහින්! පට්ට දුකක් දැනුනා! බ්ලොග් අවකාශේ හිනාවෙන් පුරවලා දැම්ම සොදුරු මනුස්සයා ආයෙත් බ්ලොග් අවකාශෙට ඒ විනෝදය අරන් එන්නෙ නෑ කියන්න විතරයි දන්නෙ!
ReplyDeleteමට තේරුනා අයියට එදා මම යවපු මෙසේජ් එකට තිබුණු රිප්ලයි එක දැක්කම..
ReplyDeleteනෑ.
එච්චරයි තිබුණේ!
මට නම් ආරංචිය ඇහුව ගමන් ඇස් වලට කඳුළු ආවා.. ඔබා මාමා මෙච්චර ඉක්මනට යාවි කියලා හිතුවේ නෑ..
සුබ ගමන් ඔබා මාමේ!
මම එන්න කලිනු ඔහු ගිහින්...
ReplyDeleteඔබා මාමාට නිවන් සුව !
ඉක්මනින්ම ගියොත් ඉක්මනින්ම එන්න පුලුවන්.. ඒක නිසාම ඔබා මාමා ඉක්මනින්ම යන්න ඇති... ඔහුට නිවන් සුව පතමු..!
ReplyDeleteඔබා මාමේ...ඔබට නිවන් සුව!
ReplyDelete