ජාත්‍යන්තර ගුවන්තොටුපළ
පළමු කොටස.
න්ජිලි ගුවන්තොටුපලේ සිට මා වැඩ කරන ආයතනයට රැගෙන යන්න ඒ ආයතනයෙන් දෙදෙනෙක්ක් ගුවන් යානය ළඟටම ඇවිත් හිටියා.හරියට පිට කොටුව බස් ස්ටැන්ඩ් එකට අඳුරන්නේ නැති කෙනේව ගන්න එනවා වගේ.ඇතුලේ සම්බන්ධතා වලින් ඕනෙම තැනක ඇවිදින්න පුළුවන්.ආරක්ෂාවක් ගැන ඒ හැටිම තැකීමක් නෑ.ගුවන් තොටුපලේ ඇතුලත හරියට ලංකාවේ පිටිසරබද ප්‍රදේශයක බස් නැවතුම් පලක් වගේ අපිරිසිදුයි. ජාත්‍යන්තර ගුවන් තොටුපලකට තිබිය යුතු පහසුම් ඇත්තෙම නැති තරම්. කොංගෝ රජයට අයත් ගුවන් සේවාවක් නෑ. වෙනත් ගුවන් සේවා කිහිපයක් ක්‍රියාකාරිව සිටිනවා. දිනකට ගුවන් යානා 3 ක් පමණ ගොඩ බහින්නේ. ගුවන් තොටුපළින් පිට වුනාම මහා අමුත්තක් දැනුනා. ඒ මම ලංකාවෙ සිට වෙනත් රටක පය ගහපු පලවෙනි වතාව නිසා නුහුරු ගතිය වෙන්න ඇති. මඟ දෙපස මිහිපිට ආපායක් වගේ දකින දසුනක්වත් කිසි පිරියක් නෑ පාර දෙපස ජිවත් වෙන මිනිසුන්ගේ ජිවන රටාව ගැන දකිද්දී.
පහත දැක්වෙන්නේ ඉන් කිහිපයක්.
කොංගෝව 1971 සිට 1997 දක්වා හැඳින් වුයේ zසියරා යන නමින්.පළමු කොංගෝ සිවිල් යුද්ධයෙන් පසු zසියරව කොංගෝ නම් විය. පළමු සිවිල් යුද්දයෙන් මිනිසුන් ලක්ෂ 8ක් පමණ මියගොස් තියෙනවා.දෙවන කොංගෝ සිවිල් යුද්ධය ආරම්භ වුයේ.1998 අගෝස්තු. අවසානය 2003 ජුලි මේ අතර කාලයේ යුද්ධය නිසා සෙබළුන් හා සාමාන්‍ය වැසියන් සියල්ලන්ම මිලියන 7.8 ක් පමණ මිය ගොස් තියෙනවා. එම කාලය තුල දිනකට සාමාන්‍ය වැසියන් දහසකට වඩා මිය යෑම සාමාන්‍ය දෙයක්.රටවල් කිහිපයක දේශ සීමාවන් අතරේ ඇති වූ යුද්ධයක් නිසා මිය යෑමේ ප්‍රතිශතය වැඩි.කෙසේ වෙතත් පසුව කොංගෝවේ ජනාධිපති වූ ජෝශප් කබිලා ගේ නායකත්වයෙන් සමග යුද්ධය නැවත්වීමට හැකියාව ලැබුනා.
යුද්ධය අවසානයෙන් පසු තවමත් රුවන්ඩා , බුරුන්ඩි ,කොංගෝ දේශ සිමා ආසන්නයේ ඇමරිකානු සෙබළුන් ඒ දේශ සීමාවන්ට ආරක්ෂාව සපයනවා.ජාත්‍යන්තරය දන්නේ ඒ විදියට.නමුත් තවමත් දිනකට මිනිසුන් 14-15 ක් මිය යනවා ඒ ප්‍රශ්නේ රටවල් තුනම දන්නවා.මේ තොරතුරු එරටේ මාද්යවල ඵලවෙන්නේ නෑ. රටේ බහුතරයක් මේ ප්‍රශ්නේ ගැන දන්නේ නැහැ.මෙම යුද්ධයට හේතුව ඒ රටේ දියමන්ති සම්පත ඉතා විශාලයි.ඇමරිකානු හමුදාව ඒ ප්‍රදේශවල බොරු යුද්ධයක් මවාපාලා දියමන්ති සම්පත ඇමරිකාවට රැගෙන යෑමයි.මේ සියල්ල වෙන්නේ රටේ ජනාධිපතිවත් දැනුවත්වයි.දිනකට මිනිසුන් 15 ක් පමණ මිය යෑම නිසා සිවිල් වැසියන් ඒ ප්‍රදේශවල සැරිසරන්නේ නැති නිසා ඇමරිකානුවන්ට ඒ දේවල් නිදහසේ කරන්න හැකියාවක් තියෙනවා. කොංගෝව ප්‍රංසයත් සමඟ ඉතා කිට්ටු සම්භන්ධ තාවයක් තියෙන්නේ ඔවුනුත් මේ දේවල් වලට සම්බන්ධයක් තියෙනවා.ඇමරිකාව ප්රංසය කොංගෝවේ සම්පත් හුරගෙන ඒ රටවල් වලට රැගෙන ගියාත් රටේ ජනාධිපති විදියට ඔහු නිහඬයි. ඒ ජනාධිපතිට ලැබෙන අමතර වාසි නිසා.ඇමරිකාව ඔහුගේ ජනාධිපතිකම ආරක්ෂා කරන්නේ එම වාසිය ලබා ගැනීමටයි.ඇමරිකාවට හිතකර රාජ්‍ය නායකොයෝ වෙනුවෙන් උදවූ කරන්නේ ඉහත කී හේතුව නිසා ( පිළිගන්න අමාරුයි ඇති මේ තොරතුර දුන්නේ කොංගෝ ජාතික මගේ මිතුරෙක් මේ ලිපියට තොරතුරු සපයා ගත්තේ ඔහුගෙන් ) ආදී කාලේ ගිනි කඳු වලින් ගහන වුනු රට මැද තවත් ස්ථාන වල දියමන්ති සම්පත තිබුනත් ඒ ප්‍රදේශවල ජනතාවට දැනීමක් නෑ ඒ දේවල් ගොඩ ගෙන විකුණා මුදල් ගන්න.අගනගරයේ සිට කිසි කෙනෙක් ගිහින් එම ප්‍රදේශවලට දියමන්ති ගොඩ දැමීමක් කරන්නේ නැහැ ඒ ප්‍රදේශ වල ඇති දුෂ්කර තාවය නිසා.
කොංගෝ පොලිසිය ලෝකේ තියෙන දුෂිතම පොලිසිය වෙන්න ඕනේ.බොරු වැරදි වලින් වැරදි කරු කරලා මුදල් ලබා ගැනීම සුලභ දෙයක්.ඔවුන්ගේ වැටුප ලංකාවේ මුදලින් රුපියල් 6000 ක් විතර.එම වැටුපෙන් ඒ රටේ ජිවන වියදමත් එක්ක සතියක් ජිවත් වෙන්නවත් බෑ.වැරදි කරුවෙක් මුදල් දීලා නිවැදි කරුවෙක් වෙන්න පුළුවන්. කිසිම දෙයකට සම්බන්ධ නැති කෙනෙක්ව වැරදි කරුවෙක් කරන්න ඒ රටේ දේශපාලනය කරන්නම ඕනේ නැහැ.ඩොලර් 10 ක් වගේ මුදලකට ඕනෙම දෙයක් කරන පොලිස් නිලධාරින ඉන්නවා.මේ මගේ ඇස් දෙකට දැකපු සිද්දියක්. ජනාකීර්ණ තැන් වල හොරු සහ පොලිසියෙන් දෙගොල්ලොන්ම ගැවසෙනවා හොරා මොනවා හරි අරන් දිවුවොත් අපි ඉන්න පොලිස් නිලධාරීන්ගෙන් සහයෝගය ගන්නනම් ඔවුන්ට මුදල් දෙන්න වෙනවා ඒ ඉල්ලන්නෙත් අපේ නැතිවුන් භාණ්ඩයට වඩා වටිනා මුදලක්.මහා මගදී අපිට වගේම ස්වදේශිකයන් පවා අසරණයි .හවසට එම හොරු හොර බඩුවලින් කොටසක් එම පොලිස් නිලධාරීන්ට දෙන්න වෙනවා.මම දැක්කේ ඒ දෙගොල්ලෝ ලාභය බෙදාගන්න අවස්ථාව.අපේ ආයතනයේ රියදුරා ඒ සිද්දිය සත්‍ය බව ඔප්පු කරලා පෙන්නුවා වෙනත් දවසක. හොරකම් මංකොල්ල කෑම් බොහෝදුරට සිද්ද වෙන්නේ හවස හයෙන් පසු වගේ.මම කොංගෝවේ හිටපු කිසිම දවසක පොලිසින් දැක්කේ නෑ හවස් යාමේ. නගරයේ පොලිස් ස්ථාන රාත්‍රී කිසිම ආලෝකයක් නෑ.ප්‍රධාන ස්ථාන හැර අනිත් සියලුම තැන් රාත්‍රී 10 න් පසු වසා දමපු ආයතන වගේ. හිටපු ගමන් විශේෂ එකක නගරේ සක්මන් කලත් ඒ සිවිල් ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි.
දිනක් අපේ ආයතනයේ සේවය කරන ප්‍රංශ ජාතිකයා ගිය වහනය අනතුරකට ලක් වුනා .ලෝකේ සාමාන්‍ය නිතිය වාහනයේ රියදුරා අත්තඩංගුවට ගැනීමයි.නමුත් මේ දුෂිත පොලිසිය රියදුරා හා ප්රංස ජතිකයත් අත්තඩංගුවට ගත්තා මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන්.විදේශිකයෙක් පාරේ යද්දී මුදල් සිගරට් ඉල්ලනවා තවත් කරදර මේ සියල්ලම වෙන්නේ නිල ඇඳුම පිටින්.යාචකයන් හා පොලිසිය අතර ඇති වෙනස නිල ඇඳුම පමණයි.
දිනක් මම තවත් කොංගෝ ජාතික මිතුරෙක් එක්ක ජනාකීර්ණ නගරයක යද්දී මගේ ෆොනේ එක මංකොල්ල කෑවා දෙනෝ දාහක් දෙනා බලාන ඉද්දි. සාක්කුවට අත දාලා.ඒ සියල්ල වෙන්න තත්පර 5 ක් වත් ගියේ නෑ. කලින්ම රටේ තත්වේ ගැන දන්න නිසා හැම වෙලේම පවිච්චිකලේ ඉතා ලාභ උපකරණ. මගේ ෆෝන් එක ගන්නවා දැකපු මිනිස්සු මා දිහා බලලා හිනාවෙවී හිටියා විතරයි. කිසි කෙනෙක් ඒ වෙලේ උදවුවට ආවේ නෑ.ඒ එරටේ හැටි. වහෙනකට තල්ලුවක් දාන්නෙත් මුදල් බලාගෙන.
කොංගෝවේ සාමාන්‍ය ගෙදරක පවුල් දෙකක් තුනක් විතර ජිවත් වෙනවා.විවාහ නොවී එකට ජිවත් වීමෙන් ඇතිවෙන දරුවන් හදා වඩා ගන්න වෙන්නේ තවත් පිරිසකට මේ හේතුව නිසා ආනාත වෙන පිරිස් වැඩියි ඒ රටේ බොහෝ කාන්තාවන්ට දරුවන් සිටින්නේ කලින් පෙම්වතාගෙන් සහා දැන් ඉන්න කෙනාගෙන් ලෙසයි. එක ගෙදර සිටින පිරිස රාත්‍රී නිදාගන්නේ අවස්ථා දෙකකදී. පිරිසක් වේලාසනින් නිදාගෙන අලුයම 2ට පමණ අවදි වෙනවා ඊට පසු අනිත් පිරිස නිදාගන්න යනවා.එක පිරිසක් අවදි වෙනකන් ඉතුරු අනිත් පිරිස ඉන්නේ එළියේ පුටුවක් උඩ එහෙම නැත්නම් ඒ අවට තියෙන ගහක් යට. වැස්ස දවස් වලට ඇති වෙන තත්වේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ.
සාම්ප්‍රධායික නිවසක්.
ගමනා ගමනය හරියාකාරව ඇත්තේ කින්ෂාසා අගනුවර විතරයි. අගනුවර සිට ගොඩ බිමෙන් ගමන කරන්න පුළුවන් අනිත් නගරය වෙන්නේ මටාඩි වලට විතරයි.කොංගෝවේ ප්‍රධාන වරයා පිහිට තියෙන්නේ මටාඩි වල.කින්ෂාසා සිට අනිත් නගරවලට ගොඩ බිම මාර්ගයක් නෑ උදාහරණයක් විදියට කොළඹ සිට ගාල්ලට, කොළඹ සිට මහා නුවරට යන්න ගොඩ බිම මාර්ග තිබෙන වගේ කින්ෂාසා සිට මහා මාර්ග භාවිතයෙන් ඒ ප්‍රදේශ වලට යන්න තරම් දියුණු නෑ.භාවිතා කරන්න තිබෙන්නේ ගුවන් ගමන් හා රට පුර විහිදිලා ඇති කොංගෝ ගඟයි.මේ හේතුව නිසා අධ්‍යාපනයට අගනුවරට පැමිණි විශාල ප්‍රමාණයක් අයෙත් ඔවුන්ගේ උපන් බිමට ගිහින් නෑ. බෝට්ටු මගින් ගමන් කිරීම විශාල දවස් ගණනක වැයය වීම වගේ සිද්දි නිසා පසුව විවාහ වෙලා කින්ෂාසා වලම ජිවත් වෙනවා..
රටේ ප්‍රධාන නගර සියල්ලටම ගුවන් තොටුපලක් ඇත.අභන්තර ගුවන් සේවා වෙදේශ සමාගම් වලින් පවත්වාගෙන යනවා.එහෙත් ආරක්ෂාව ගැන එතරම් විශ්වාසයක් තබන්න බැහැ. 2001 සිට 2011 මම රටෙන් පිට වෙන දවස වෙනකන් අභ්‍යන්තර ගුවන් අනතුරු 147 ක් වාර්තා වෙනවා මිනිසුන් 460 ආසන්න ප්‍රමාණයක් මිය ගොස් 1300 ක් පමණ තුවාල ලබා තියෙනවා.මම ඒ රටෙන් පිට වෙන්න දවස 3 විතර කලින් සිදු වුන අනතුරෙන් විදේශිකයන් ඇතුළු කොංගෝ වැසියන් 35 දෙනෙක් පමණ මිය ගොස් සිටියා.මේ අනතුරුවලට හේතුව ගුවන් සංඥා පාලකයෝන්ගේ නොසැලකිල්ල. එක්සත් ජාතීන්ට අයත් ජෙට් යානාද මේ අතර වෙනවා. එම රටේ ඇති වෙන විනාශ රටෙන් පිට වෙන්නේ නැති තරම්.රටේ ජනතාවටවත් ඒ රට ගැන හැඟීමක් නෑ.ඊසාන දිගට වෙන්න ඇති යුද්ධය ගැන දන්නේ රටේ කිහිප දෙනෙක් විතරයි.
කොංගෝවේ ගමනා ගමනයෙන් වැඩි හරියක් වෙන්නේ කොංගෝ ගඟ හරහා.මෙය ලොව විශාලත්වයෙන් තුන්වන ගඟයි.එහි ගැඹුර මීටර් 220 ක්.ගඟේ දිග 4,700 Km.එය ලෝකෙන්ම දිගම ගංගා අතරින් නවවන ස්ථානයයි. කොංගෝ ගඟේ ප්‍රවාහනය සිදු වෙන්නේ විශේෂිත බෝට්ටු වලින්.එය ලංකාවේ පාලම් පාරුවට සමානකමක් තියෙනවා. සාමාන්‍ය ටෝලර් බෝට්ටුව වටේ විශාල ප්‍රදේශයක් ආවරණ වෙන විදියට බැරල් හෝ පාවෙන දෙයක් එකතු කරලා ඒ හරහා ලෑලි වලින් සම්බන්ධ කරලා ටෝලර් එකට එකතු කිරීමයි කරන්නේ.තවත් විස්තර කරනවානම් කෙසෙල් කොට පහුරක් පාරුවකට තියල ගැට ගහල ගං වතුරේ පදින්න යෝදගන්නවා වගේ.ඇතැම් බෝට්ටු ගමන ආරම්භයේ සිට අවසාන වෙන්න මාස 8 ක් වගේ කාලයක් ගත වෙනවා.කින්ෂාසා සිට බුකාමා දක්වායි එම කාලය ගත වෙන්නේ.සෑම රාත්‍රීයකම ගොඩ බිමක නතර කිරීම සිදු වෙනවා.එයට හේතුව ගඟේ ඇති ගල් පර වලින් බෙරිමටයි.
අධික සැඩ පහරේ මාළු අල්ලන ධීවරයෝ.
රට පුරා පිහිටා ඇති කොංගෝ ගඟ.
ඇතැම් බෝට්ටුවල වෛද්‍ය වරයෙකුත් සේවය කරනවා.සමහර මගින් තමන්ගේ ගමනාන්තයට ලඟා වෙන්නත් පෙර විවිද හේතු නිසා මිය යන අවස්ථාවල් සාමාන්‍යයි.එවැනි මල සිරුරු ලඟම ඇති ගම්මානයක වල දැමීමයි සාමාන්‍ය ක්‍රමය. මේ බෝට්ටුව ඇතුල කුඩා නගරයක් වගේ. සැලෝන් වෙළඳ සැල් ,අහර අලෙවි, සැල් දකින්න පුළුවන්.තවත් පිරිසක් ඔවුන්ගේ නගරේ සිට එළුවන් වගේ සතුන් අගනුවරට රැගෙන එන ගමන් අමතර ව්‍යාපාරයක් විදියට මේ විදියේ දේවල් වල නිරත වෙන්නේ. යලිත් කින්ෂාසා සිට ඔවුන්ගේ නගරයට යන්නේ ජංගම දුරකථන කාන්තා ආලේපන වගේ භාණ්ඩ රැගෙනයි.අධික මගීනුත් ප්‍රමතියෙන් තොර කෑලි එකතු කිරීම නිසා මෙවැනි යාත්‍රා වැඩි අනතුරට පත්වීම විශාල මිනිසුන් මිය යාම දකින්න පුළුවන්.මේ හැම අනතුරක් සිදු වුනාත් කොංගෝ වැසියන්ට ඒ දේ සාමාන්‍ය එක් සිදු විමක් පමණයි.
අධික මගීන් පටවාගත් යාත්‍රා.
යාත්‍රාවක ඇතුලත.
යාත්‍රාවක ඇතුලත.
කොන්ගෝ වැසි වනාන්තරය ලෝකේ තියෙන දෙවන විශාලතම වැසි වනාන්තරයයි.ඇමේසන් කිවුවාම මතක් වෙන්නේ දකුණු ඇමරිකාව, නයිල් ගඟ කිවුවාම මතක් වෙන්නේ ඊජිප්තුව,ඇමේසන් වනාන්තරයත් රටවල් කිහිපයකට අයත්. නයිල් ගඟ උගන්ඩාවෙන් ආරම්භ වෙලා රටවල් කිහිපයක් හරහා ගමන් කරලා ඊජිප්තුවෙන් අවසන් වෙන්නේ.ඒ වගේම කොංගෝ වනාන්තරයත් රටවල් 6 ක් පුරා පැතිර තියෙනවා.ඒ කැමරුන්, මද්යම අප්‍රිකාව, කොංගෝ ජනරජය ,කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය,ගුනියා ගැබොන්.යන රටවලුයි .අක්කර මිලියන 1.5 පමණ විශාල මෙම වනතරේ විශේෂිත ගස් වර්ග 600 ක් විශේෂිත සත්වටන් 10,000 ක් විතර වෙනවා. පහත දැක්වෙන්නේ කොංගෝ වනන්තරේ ජිවත් වෙන සත්වයන් කිහිපයක්.ඇතැම් සතුන් ඇමේසන් වනාන්තෙරේද දැකගන්න පුළුවන්.
කොංගෝ වනාන්තරය විහිති ඇති රටවල්.
ඔකාපි නම් සත්වයායි.ඇති වෙනස ඉතා දිග දිවක් ඇති සත්වයකි.
ඌරු පැටවූ
ඌරා
වඳුරු විශේෂයක්.
ගෙඹි විශේෂ
වල් ඌරා
කලුයි සුදුයි කපුටා.
සැ/යු.. කොංගෝවේ මා ගත කල දුෂ්කර කාලය තුල ඇසු දුටු සිදුවීම් කිහිපයක්. ඉහත ඇතැම් කරනු හා ඇතැම් චායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. මෙම ලිපි දෙක පල කිරීමට මා උනන්දු කල කුරුන්දේ "සෙනා" ටත් ආරම්භය දින නොමැතිව කල් දාපු ප්‍රහාරයේ "සුමිත් නිරෙල්ලටත්" මගේ ස්තුතිය.
ෂහ් මරු. බොහොම ආසාවෙන් කියෙව්ව. තවත් විස්තර දාන්න. නරක පාලනය නිසා සිද්ධවෙන විනාශය කොච්චරද කියල තේරුම්ගන්න කොංගෝව හොද උදාහරණයක් වගේ.
ReplyDeleteඇත්ත මම ඒ රටට යද්දී හිතන හිටියේ ලෝකේ නරකම් අපොලිසිය ඉන්නේ ලංකාවේ කියලා.ඒ වගේම ජිවන වියදම. ආසියාවේ තවත් කොංගෝවක් ඇතිවෙන්න නොහැකි වෙන්නේ නෑ.
Deleteඅනේ මන්දා....සෑහෙන්න දුක හිතෙනවා ඒ රට ගැන
ReplyDeleteඔව් ඇත්ත. ඒ රටේ මිනිස්සුන්ගේ ජිවිත දිහා බලද්දිත් ඒ දේවල් එහෙමයි.
Deleteඉතාම වටිනා විස්තරයක්. ඔබ ලස්සනට ගලපලා තිබෙනවා. ඡායාරූපත් විශේෂයි. ලංකාවත් යන්නේ ඒ පාරෙද කියලා හිතෙනවා. කොටින්ම අප කුඩා කළ තුබූ සංවර බව ක්‍රමාණූකූල බව සහ විනය ආදියත් දැන් අපට වෙලා තිබෙනන දේත් අනුව නම් අප යන්නේත් කොංගෝ පාරෙම වගේ මට නම් දැනෙන්නේ. ඒත් එතකොට ආශ්චර්යය??? අනේ මන්ද???
ReplyDeleteමොහොම ස්තුතියි දිරිගැන්වීමට.ඒ දේ දැන් හොඳට තේරෙනවා රටේ වෙන සිද්දීත් එක්ක අපේ රටට වෙන්න යන නස්පැත්තිය.
Deleteවිලක් උනත් නිල් දියපිරි විලක් නොවේ
ReplyDeleteමලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් උනත් පසලොස්වක සඳක්නොවේ
රටක් උනත් මගෙ රට වැනි රටක් නොවේ
+++++++
Deleteඒ රටේ පය ගහපු පලවෙනි දවසෙම මට ඒ දේ තේරුණා. එක සාමාන්‍ය වැසියන් විදියට අපිට තේරුනට පලකයෝන්ට තේරෙන්නේ නැති එකයි දුක.
Deleteවිස්තර ටික නම් එල..... ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා ඇයි ඔබ කොන්ගෝ වට ගියේ කියලා???
ReplyDeleteමචං මම රැකියාවකට ගියේ. ටික කාලයක් ඉඳල දැන් මම ඉන්නේ වෙනත් රටක.
Deleteඅපොයි අර වගේ හොරුන්ගෙන් බේරිලා ඉන්නෙ කොහොමද මන්දා.පරිස්සමින් මොනවා වුනත්.
ReplyDeleteඅර මහ වෙදනා කියලා තියෙන එක ඇත්තක් වෙයිදෝ කියලා බයයි.මට හිතෙන්නෙ ලෝක විනාසෙ අත ලඟම එනවා.සදාචාරෙ විනාස වේගෙන යනවා.
ඒ රටේ දී එලියට යන්නේ නැති තරම්. එදා මම ගියපු පලවෙනි දවසේ මගේ ෆෝන් එක ගත්තේ.
Deleteමට දැනෙන විදියට වේදනා කියල තියෙන දේ ටික ටික වෙනවා වගේ.
බොහෝම වටිනා ලිපියක්... ස්තුති අසරණයා...
ReplyDeleteමිනිසුන්ගේ ජීවන රටාව ගැන තව ලියන්නකෝ පුලුවන්නම්... එයාලගේ කෑම බීම, ඇදුම් පැලදුම්, තව සෞඛ්‍යය ඔය වගේ දේවල්... පොඩි දරු පැටවුන්ගේ ලෝකය එහෙම...
මම මේ ලිපියෙන් කොංගෝ ගැන අවසන් කරන්න හිටියේ.මගේ කොංගෝ ගැන ලියපු පලවෙනි කොටස බැලුවේ නැද්ද? මම තව ටිකක් ඒ ගැන විස්තර හොයල අයෙත් පොස්ට් එකක් දාන්නම්.
Deleteස්තුතියි.
Liyanna balanna api asai kiyawNna
Deleteසැහෙන්න වටිනා විස්තරයක්නෙ...ස්තුතියි අසර් අයියේ...
ReplyDeleteහපෝ සාක්කුවේ තියන ෆෝන් එක අරන් යන ජාතියේ මිනිස්සු ඉන්න රටක්නේ අප්පා..අනේ මන්දා...:( ඉතුරු විස්තර ටිකත් 2 වෙනි ලිපියෙන් දාමු..
ලංකාවේ කපුටා සුදු වෙලානේ...මල්ටි කලර්ස් ගෙම්බෝ ටිකයි,ඌරු පැටවූ ටිකයි හරි ශෝක් අප්පා...:)
නංගි මේ දෙවැනි ලිපිය පලවෙනි ලිපිය මම කලින් දැම්ම නේ. මල්ටි කලර්ස් ගෙම්බෝ මම දැක්කෙත් මේ ලඟදි.
Deleteලස්සන විස්තරයක්. පුදුමම රටක් බලන් ගියාම ..
ReplyDeleteඑකනම් ඇත්ත මට මග අරුණු තව විත්තරත් ඇති.
Deleteඋන් අසරණ වෙලා වගේ..සිතට දැනෙනවා......
ReplyDeleteඇත්ත උන් හොඳටම අසරණයි.එත උන් දන්නේ නැහැ උන් අසරණයි කියල.
Deleteහම්ම්ම්... අනේ මං ද... ඔය හැමදේම ඒ රටේ මිනිස්සුන්ට ඒ රට ගැන හැගීමක් නැතිකම නිසා කියලයි මට හිතෙන්නේ. තමන්ගේ රටේ යුද්ධයක් තියෙනවා කියලා, වටිනා කියන සම්පත් තමන් ගාවම තියෙනවා ඒවයින් ගොඩ එන හැටියක් නොදන්න තරම්...
ReplyDelete:(
:(
මොනව වුනත් සත්තු ටිකනම් ලස්සනයි. ඌරයි, වදුරයි, ගෙම්බො ටිකයි මෙහෙට වඩා ලස්සනයි.
තමන්ගේ රට ගැන හැගීමක නැත්තේ තමන්ගේ රටෙන් කිසි දෙයක් ලැබෙන්නේ නැති නිසා වෙන්න ඇති.පොලව යට තියෙන දියමන්ති ගොඩ අරන් විකුණලා සල්ලි ගන්න තරම් ඒ මිනිස්සු දන්නේ නැහැ.අධ්‍යාපන තාත්තේ ඉතා පහල මට්ටමක තියෙන්නේ.
Deleteවැසි වනාන්තර වල ඉන්න තවත් අලංකාර සතුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා සත්ව කොටස් 10,000 කට වඩා වැඩියි.
කොංගො වනේ තමයි මරු !!!
ReplyDeleteඕව් එවන්නද ඇති කරන්න ගෙම්බෙක්.
Deleteපුදුම රටක් නෙ:0 කොහොම උනත් හොඳ විස්තරයක් අයියෙ...වැදගත් ලිපියක්.අර පින්තූරවල ඉන්න සත්තු නම් ලස්සනයි.අර වගේ පාට පාට ගෙම්බො නම් දැක්කෙත් අදයි :)
ReplyDeleteඕව් තව ඇමේසන් වනේ මිට වැඩ ලස්සන සත්තු ඉන්නවලු.දැක්කම හිතන්න බෑ උන් පන තියෙන සත්තුන්ද කියලා.
Deleteඅම්මෝ.... මම නම් යන්නවත් හිතන්නෙ නැහැ එහෙ. විස්තරය එක දිගට කියෙව්වා. ස්තුතියි.
ReplyDeleteලංකාවේ මිනිස්සු වැඩිය යන්නේ නැති රටක.ලංකාව ගැන දන්නේ ඒ රටේ කිහිප දෙනෙක් විතරයි.
Deleteඅපි වාසනාවන්තය් කියල හිතෙනවා අසරණයෝ :/
ReplyDeleteඑල ලස්සන පොස්ටුවක් !!
ඕව් අපිට තවමත් හිතෙනවා අපි වාසනාවන්තයි කියල.
Deleteස්තුතියි..
ගොඩක් හොද ලිපියක්
ReplyDeleteස්තුතියි ඇනෝ..
Deleteහොඳ කතාව ... මේක කියවත්දි අප්‍රිකාවෙ ඉඳල අපේ ඔෆිස් එකට ආපු දෙන්නෙක් කියපු කතාවක් මතක් වුනා.
ReplyDelete[මාත් අහන්න හිටියෙ ... ඇයි බං උඹ ඒ රටට ගියේ ... යන්න මෙච්චර රටවල් තියෙත්දි ...?]
මම වැඩකරන ආයතනයෙන් මම යැවුවේ කොන්ගොවට එත වෙනස් අත්දැකීමක් නිසා ගියා.
Deleteබොහොම ආසාවෙන් කියෙව්ව. පුදුමම රටක් නෙ! එම රටේ පුරවැසින් ගැන හිතෙන කොට ගොඩාක් දුක හිතෙනවා. එ මිනිසුන්ට තමන්ගෙ රට ගැන කිසීම හැඟිමක් නැති එකයි පුදුමෙට හේතුව. ඉතාමත්ම පැහැදිළිව එ රටේ විස්තර අපිට ඔයා කලිනුත් කියලා තියනවා. අදත් වටිනා ලිපියක්. ස්තුතියි ඔයාට. අසරණයා එහෙ රස්සාවක් ද කරන්නෙ?
ReplyDeleteඒ රටේ හැඟීමක් ඇති වෙන්න විදියක් නැහැ මොකද රටෙන් කියල රටේ වැසියන්ට ලැබෙන දේවල් නැති තරම්.දවස ගණන් බඩගින්නේ හිටියත් රටෙන් නොමිලේ කිසිදෙයක් ලැබෙන්නේ නැහැ.
Deleteඕව් මම කාලයක් එහෙ රස්සාව කළා.දැන් මම අප්‍රිකාවේ වෙනත් රටක වැඩ කරන්නේ.
නියමයි..අසරණයා මචෝ
ReplyDeleteස්තුතියි මචං..ගැටේ..
Deleteසෑහෙන වටින තොරතුරු ටිකක්.. රටේ මිනිස්සු හිතන්නේ නැති පාලකයෝ.. අනේ මන්දා ඉතින්...
ReplyDeleteඅවසානාවන්ත ජාතියක් අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නෑ.
Deleteනියම ලිපියක් මචන්
ReplyDeleteස්තුතියි මචං
Deleteඅපේ රටේ මානව හිමිකම් උල්ලංගනය වෙනවා කියල පොර ටෝක් දෙන උදවියට මේවගේ ඒවා පෙන්නේ නැත්ද දන්නේ නෑ. ඇත්තටම උපදින ආත්මයකවත් ඒවගේ රටක අහලකවත් උපදින්න ලැබෙන්න එපා කියලයි මම ප්‍රර්ථනා කරන්නේ. වටිනා විස්තරයක් අයියේ. නියමයි.
ReplyDeleteඒ රටේ එහා කොනේ වෙන දේවල් අගනුවරට ආරංචි වෙන්ව අඩුයි.සංනිවේදනයේ ඇති දුරුවලතාවයන්.එකයි ඒ වගේ දේවල් ගොඩාක් දෙනෙක්ට දැනගන්න ලැබෙන්නේ නැත්තේ.
Deleteස්තුතියි පැතුම්.
ලෝකයේ තවත් රටක් ගැන දැනගන්න ලැබීම ගැන සතුටුයි. හිඟන්නන්ගේ දේ මංකොල්ල කන එවුන්ට කියන්න වචනයක් හොයනවා. සමහරවිට ඇමරිකන් කාරය කියන එක හොඳයි වගෙ. අපේ ගුණදම් කෙතරම් ඉහලද ?
ReplyDeleteමට මේ කමෙන්ට් එකට රෙප්ලයි කරන්න බැරි වෙලා නේ.
Deleteඇත්තටම ඒ වචනේ අද කාලෙට ගැලපෙනවා.
බොහොම හොඳ පෝස්ට් එකක්....අර පාට පාට ගෙම්බෝ නම් විසයිලු හොඳේ...අල්ලන්න යන්න එපා. සුදු කළු කපුටෝ දැක්කෙත් අදමයි. අර ගිරා හොටක් වගේ එකක් තියන සතාගේ නම දාල නැහැනේ...අසරණයා ඒ රටෙන් ආපු එක ගැනනම් හරිම සතුටුයි..
ReplyDeleteලස්සන හැම දෙයක්ම විසිනේ ගැහැණු ළමයිනුත් එකනේ විස.හෙක් හෙක්... කළු සුදු කපුටු විතරයි එහෙ ඉන්නේ.ඒ කපුටෝ දෙන්නා මම නැවතිලා හිටපු තැනදී ගත්තේ.අර හොටේ වගේ තියෙන සතාගේ නම හරියටම ෂුවර් නෑ එකයි දැම්මේ නැත්තේ. මගේ නිවාඩු කාලෙන් පස්සේ වෙන රටක් ඉල්ලගෙන ආවා.
Deleteස්තුතියි සයුරි..
නියමයි අසර් නියම පෝස්ට් එකක්.. යම් රටක් ගැන අන්තර්ජාලයෙන් හොයලා ලියපු විස්තරයකට වඩා ඒ රටේ පොළොවෙ පය ගහලා ලියපු විස්තරයක් බොහෝ වටිනවා..
ReplyDeleteලිපිය කියෙව්වාම කාරණා දෙකක් හිතුනා
1.මෙවැනි රටවලට වැරදිලාවත් යන්න ලැබෙන්න එපා
2.අපේ රට කවදාවත් මේ වගේ වෙන්න එපා
මේ ඔක්කොම දේවලට මුල අඩු සාක්ෂරතාවය වගේම ඒ රටේ මිනිසුන්ගේ දුර්වල ආකල්ප වෙන්න ඕනෙ.. අපේ රටෙත් සංඛ්‍යාත්මකව ලොකු සාක්ෂරතාවයක් තියෙනවා තමයි ඒත්..
මුලින්ම කොහෙද මෙච්චර දවසක් අතුරුදහන් වෙලා හිටියේ.
Deleteඔව් මගේ අත්දැකීම් හා අන්තර්ජාලයේ තොරතුරු සමහර තැන් වල පරස්පරයි.එත මගේ ඇස් දෙකෙන් දැකපු විස්තර ඊට වඩා විශ්වාස නිසා දැම්මේ. ඇත්තටම ඒ රටේ ගොඩක් මිනිස්සු ඉගන ගන්නේ නැහැ. වෙලාවක් තිබුනොත් කලින් ලිපියත් කිවල බලන්න.
අසනීප වෙලා හිටියා..
Deleteකලින් ලිපිය මම කියෙව්වා.. පරක්කු නිසා කමෙන්ට් කළේ නෑ..
දැන් හොඳටම සනීපයි ද?එත් අපි බැලුව මොකද වුනේ කියලා.
Deleteසුපිරි ම ලිපියක්. දැනගත්ත දේවල් නම් බොහෝමයි! මම ඒත් බැලුවා ඇමරිකන්කාරයා එහෙට වෙලා මොකද කරන්නේ කියලා. බලද්දි දියමන්තිනේ හේතුව. සත්තු ටික නම් හරි ලස්සනයි වගේ ම ඒ වගේ රටකින් ඉක්මනට ආව එකත් ලොකු දෙයක්...
ReplyDeleteමුලින්ම ස්තුතියි දිරිගැන්වීමට. නොදන්නා දෙයක් දන්ගත්තනම් මම සාර්ථකයි. සුද්දෝ යන්නේ නැති තැනුත් තියෙනවා රට මැද තියෙන දුෂ්කරතාවල් නිසා ඒ දේවල් බේරිලා තියෙනවා.
Deleteමසුරං වටින ලිපියක්. කොංගෝවෙන් වැඩි හරියක් කැලෑව වගේම තියෙන්නෙත් කැලෑ නීතිය විතරමයිද කොහෙද. ඔය යුනිසෙෆ් එකෙංවත් ඔය රටට මොකවත් ආධාරයක් කරන්නෙ නැද්ද?
ReplyDeleteඑක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සියලුම සංවිධාන තියෙනවා. ඒ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න ඒ කාටවත් බෑ රටේ ජනාධිපතිගේ සිට අනිත් සියලු දෙනාම දුෂිත නිසා රටේ සංවර්ධනේ යන්නේ හරිම හෙමින්.
Deleteඅප්‍රිකාවේ එවුන් මහ දරුනුයි බං.. සර්පයෝ කන්න, මිනී මස් කන ජාතියෙ ගෝත්‍රිකයේ ඉන්නව නේද?
ReplyDeleteමචං මම දවසක් ටීවි එකේ දැක්ක උන්ගේ ගෑල්ලමයි ලොකු වෙන උත්සවයක්... ඒවත් ඔහෙ තියෙනවද ?
ජය.. අරක කෝ ?
අප්‍රිකාවේ ඉන්නවා ඒ වගේ මිනිස්සු එත් ඒ රටේ මිනිස්සු කියන්නේ නැහැ එහෙම පිරිසක් ඉන්නවා කියල.සර්පයෝ පුසෝ වගේ කෑමට ගන්න මිනිස්සු පිරිසකුත් ඉන්නවා. ගෝත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ හැම එකකම සංස්කෘතිය වෙනස්.
Deleteඅරක වෙනම දෙන්නම් ටිකක් බයයි වගේ.
බලල්ලු කෑවලු ඉස්සර ලංකාවෙත්.. 'කොලබ කොටුවෙ බලල් මසුත් ගිනි ගනන් වුනා' කවිය මතකැති නේද ?
Delete@ sAm (සෑම්)
Deleteසීතාවක රාජසිංහ රජතුමා කොළඹ කොටුව වටලාගෙන ඉද්දි ඇතුළේ හිරවෙලා ඉන්න අයට කන්නම දෙයක් නැති නිසයි බළල් මසුත් කෑවයි කියන්නේ.ඒ ඇරෙන්න ඒක හැමදාම කරපු දෙයක් නෙමේ
හා දැං කියාපල්ලකො අපේ ආණ්ඩුවයි, පොලෝසියයි දූසිතයි කියලා....
ReplyDeleteඒක නෙවෙයි අසරණයෝ ඔහේ සුදු වෑන් එහෙම නෑ නේද?
උඩ ටික ලිව්වෙ කට කහනවට
හුගාක් වැදගත් විස්තරයක්.. ආසාවෙන් කියෙව්වා.. ෆොටෝ ටික මරු.. අපේ රටේ ඌරන්ට වඩා පස්ට වෙනස් නේද එහෙ ඌරො.....
********************************************************
වැටයි නියරයි ගොයම් කනවනම් කාට කියන්නද ඒ අවනඩු කියලමයි හිතුනේ
හා කියපන් බලන්නමම කියන්නේබෝරුද කියල.
Deleteමෙහෙ සුදු වෑන් තිබුනට වැඩක නෑ ටිකක් දුර යද්දී ලොකු වැලක් එහෙම නැත්නම් ගල් ගොඩාක් පැහැරගෙන යෑම් නෑ වෙඩි තියනවා විතරයි.
ඔව් බං මේ ඌර ඇති කරන්න හොඳයි හුරතලේට.
මේක නම් පට්ට බං...හිතාගන්නත් අමාරුයි සමහර දේවල් නම්.... ඔය වගේ තව අත්දැකීම් තියෙනව නම් දාපන්කෝ..
ReplyDeleteපුළුවන් පුළුවන් විදියට තව විස්තර දැන්නම්.මම දැන් ඒ රටේ නැහැ.
Deleteඒ වගේ රටකට වෙලා අයියා හිටිය එකට තෑගි දෙන්න වටිනවා.. :(
ReplyDeleteඇත්ත ඇති සැටියෙන්ම දකින්න දැනගන්න ලැබෙන එක කොච්චර වටිනවද.. ස්තූතුයි මේ වටින අත්දැකීම් ලිපියට..! :)
නැතිද එක්කන් ආවෙ තනියට අර ගෙබි පැටියෙක්වත්.. :P හුරතලේට ඇති කරන්නවත්.. එයාලා ලස්සනයි අෆ්ෆා.. :D
එකනේ ලංකාවේ මිනිස්සු යන්නේ නැති රටක් මට ඉතින් තෑගී නැතෙයි..
Deleteලස්සන ගෙම්බෙක්ව අරන් අවා ඌ ලස්සන නිසා අපේ ගෙදරට ආපු කෙනෙක් කිස් එකක් දීලා ඒ ගෙම්බා කුමාරිකාවක් වුනා ඔන්න දැන් ඒ කුමාරි අපේ ගෙදර වලන් හොද හොඳ ඉන්නවා.
:D :D පව් ගෙම්බා.. :D
Deleteවිශිෂ්ඨයි අසරණයා. සුපිරිම ලිපියක්.. එක හුස්මට කියවලා දැම්මා ලියලා තියන විදිහ නිසා..
ReplyDeleteමට ආපු පළවෙනි ප්‍රශ්ණෙ මොකටද බන් ඔහොම රටකට ගියේ ? ඔහෙ අපිට ගිහින් කරන්ඩ දෙයක් තියනවද.
ස්වභාවධර්මයාගේ විශිෂ්ඨ නිර්මාණයක් මිනිසා විසින් කාබාසිනියා කරලා දාල තියන හැටි තමා මම මේ ලිපිය පුරාවටම දැක්කෙ.
මටනම් ඉතින් කොංගෝ කියපු ගමන් මතක් වෙන්නෙ ටාසන් ගොයියව.
ඔය අප්‍රිකාවෙ සුදු ජාතිකයන් කරන දියමන්ති මංකොල්ලය නියමෙට පෙන්නනවා බ්ලඩ් ඩයමන්ඩ් ෆිල්ම් එකේ.
තව තවත්, තව තවත් මේවාම ලියන්ඩ ලැබේවා. ස්තූතියි ඉල්ලීම සලකා බැලීම ගැන.
ජයම පතමි !!!
මචං මම වැඩකරන්නේ ප්‍රංශ ආයතනයක එහෙං මට යන්න ලැබුනේ කොංගෝවට. රැකියානම් තියෙන්නේ වෙනත් රටක ආයතන වලත් එක්ක දේශීය ආයතනවල රැකියා නැහැ.
Deleteඇත්ත රටේ තියෙන සම්පත්වලින් රට දියුණු කරන්න පුළුවන් පාලකයෝන්ට උවමනාවක් තියෙනවා නම්.
දැන් නම් ටසන්ලා නැහැ හෙක්..
බ්ලඩ් ඩයමන් ෆිල්ම් එක හදල තියෙන්නේ සියරාලියෝන් කියන රටේ.
මම මේ වගේ පොස්ට් එකක් ලියන්න කිසිම අදහසක් තිබ්බේ නෑ මුලින්ම උඹේ ඉල්ලීම නිසයි ලියන්න හිතුනේ.ඒ වෙනුවෙන් ස්තුතියි හිතුවට වඩා ගොඩාක් දෙනෙක් කැමතියි.
ඩිස්කවරි වලින් අප්‍රිකානු රටවල් ගැන බොහෝ දේ දැන ගත්තත් අපේ කෙනෙක් තමන්ගෙම අත්දැකීම්වලින් ලියනකොට වගේ දැනෙන්නෙ නෑ.ගොඩාක් ආසාවෙන් කියෙව්වා. මේ වගේ පෝස්ට් එකකට තිබිය යුතු භෘෂාව ලෙසටම තියෙනවා.පොඩි අවුලකට තියෙන්නෙ අක්ෂර වින්‍යාසයයි.
ReplyDeleteකව්රු මොනවා කිව්වත් ලංකාවනම් ඔය තත්ත්වෙට ගෙනියන්න ලේසි වෙන්නෙ නෑ. ඒකට හේතුව අධ්‍යාපනය,අප්‍රිකාවෙ බොහෝ රටවල මිනිස්සුන්ට නැත්තෙත් ඒකමයි.
අක්ෂර වින්‍යාසයයි ගැන තව ටිකක් හිතන්න ඕනේ.මම දෙසැරයක් වගේ කියල බැලුවා මගේ ඇහැට ගොඩාක් වැරදි දැක්කේ නැහැ.ස්තුති මචං
Deleteඇත්ත අපේ ගොඩක් මිනිසුන්ට අධ්‍යපනය හොඳින් තියෙනවා. රටක් දුප්පත් වීම තවත් පිරිසකට වාසියක් තියෙනවා ඉතින් ඒ රටවල් හැමදාම දිලින්දුයි.
මම මුලින්ම සුමිත් අයියගේ නම කියෙව්වේ සුමිත් නයිරිල්ලා කියලා අසරණයා අයියත් එහෙම්මයි මගෙ හිතේ කියවලා ඇත්තේ... ඇත්ත නම නිරිඇල්ල ලු
Deleteඔව් මම හරි අමාරුවෙන් කියෙවුවෙ නිරිඇල්ල කියල. ඉස්සෙල්ලම කිවුවේ නිරිල්ල කියල.
Deleteකලින් ලිපිය වගේම මේකත් හරි ආසාවෙන් කියෙව්වා... තව විස්තර දාන්න. මේවා ජනමාධ්‍ය වල යන්නෙ නෑනෙ...
ReplyDeleteඒක නෙමෙයි, ඇයි ඔයා එච්චර කලක් ඒ ජරා රටට වෙලා හිටියෙ කියල මට හිතාගන්න බෑ...
ස්තුතියි තරා ඔව් මේ විස්තර එහෙ ජනමාද්‍ය වල යන්නෙත් නැහැ.
Deleteමම ඒ රටේ රස්සක් කළා මගේ මව් සමාගමෙන් හැම දේම දුන්න නිසා ප්‍රශ්නයක් නැහැ.දැන් මම ඉන්නේ වෙනත් රටක.අපේ සමාගමෙන් යොමුකරන ඕනෙම රටක වැඩ කරන්න මම කැමැත්තෙන් නේ ඉන්නේ. හෙක්.හැමෝටම මේ අවස්ථාව ලැබෙන්නේ නෑ..
mahawedana oba hari
ReplyDeleteඔව් එතුමා හරි
Deleteස්තුතියි ඇනෝ.
අර සත්තු ටික ලස්සන ලස්සන ඇඳුම් ඇඳලනෙ ඉන්නෙ... හරිම ලස්සනයි....
ReplyDeleteප්‍රංශ කොම්පැනියක නම් වැඩ කරන්නෙ එයාලගෙ භාෂාවෙන්මද ඔක්කොම කෙරෙන්නෙ? මේ විස්තරේට අසරණයට බොහොම ස්තුතියි.... ඔය එහේ මෙහේ තියෙන විස්තරවලට වඩා ඇස් දෙකෙන්ම දුටු කෙනෙක් අපේ භාෂාවෙන්ම කියන විස්තර අහන්න ආසයි..... හරිම දුක හිතුනා ඒ රට ගැන අහනකොට.... අනේ අපේ රටට නම් මේ වගේ වෙන්න එපා..... ආපෝ....
ඔව් ඒ සතුන් ලස්සනයි වැසි වනාන්තර වල ඉන්නේ.
Deleteමම කොංගෝ වේ වැඩ කල ප්‍රංශ භාෂාවෙන් දැන් ඉන්නේ වෙනත් රටක නිසා වැඩ කරන්නේ ඉංග්‍රීසි වලින්.මුල් මාස ටිකෙනම් ගොඩාක් අමාරු උනා වැඩ කරගන්න.
ඇත්තටම ගොඩාක් දුකයි බඩගින්නේ ඉන්න මිනිස්සු දැක්කම දුකයි එත කාලයක් යද්දී කි දෙනෙක් වටේ හිටියත් මම තනියෙන් කළා එන්න පුළුවන් තත්වෙට මානසිකත්වය හැඩ ගැහුනා. අපේ රටටත් එහෙම වෙන්න එපා කියල අපිත් කියන්නේ.
අම්මියෝ අපි හරි වාසනාවන්තයි නේ
ReplyDeleteඇත්තටම හරි. අපිට නැත්තේ හරියාකාර දේශපාලනයක් විතරයි.
Deleteමුල් ලිපිය කියෙව්වම ඒ මිනිස්සු කොයිතරම් පව්ද කියලා හිතුනා පුදුම කලකිරීමක් ඇතිවුනේ... අර ඔයා කාපු කටු ටික ඉල්ලන් කාපු එක අපේ අම්මට කිව්වම අනේ පව් කියලා අම්මට කියවුනා ඒක පුදුම සංවේදි සිද්ධියක්....
ReplyDeleteඅපේ රට මේ තත්වෙට යයි කියන කතාව විශ්වාස කරන්න වෙනවා මේ යන විදියට... නකල්ස් රක්ෂිතයේ මැති ඇමතිවරු හෝටල් ගහද්දි හන්තානේ දිය උල්පත් නැති කරලා හෝටල් ගහද්දි හැමෝම ඔහේ බලාගෙන ඉන්නවා අන්තිමට අපේ රට මේ තත්වෙට වැටුනාම මෙහේ තියෙන ස්වාභාවික සම්පත හූරගෙන යන්න ඇමෙරිකාව පය ගහන එක වැඩි ඈතක නෑ..
මාර ආසාවෙන් කියෙව්වේ අයියේ සෑහෙන්න කියවන්න ආසා හිතෙන්න ලියලා තියෙනවා ඒ වගේමයි දැනෙන දුක... අර සාම්ප්‍රදායික නිවස ලංකාවේ වගේ පෙනුමක් තියෙන්නේ පරිසරයත් එහෙමයි...ඔයා ලබන මේ අත්දැකීම් මිල කරන්න බෑ පරිස්සමින් ඉඳලා එන්න... ජය වේවා අයියේ
ඇත්තටම ඒ සිදුවීම මගේ ජිවිතේට අමතක වෙන එකක් නෑ. මටත් ඒ සිද්දිය මතක් වෙද්දී පුදුම දුකක් දැනෙනවා.
Deleteඇමතිලා කරන විනාශය ගැනනම් කියල වැඩක නැහැ.පාළු ගෙදර වලන් බිඳිනවා වගේ වැඩ නේ දැන් වෙන්නේ.ඒ වගේ බොරු ප්‍රශ්න මවා පාලා ඇමරිකාව මේ රටට ඇතුල් වෙන එක වැඩි ඈතක නෙවෙයි මෙහෙම ගියොත්.එත් ඇමරිකාව එන්න කලින් ලංකාවේ ඉන්න පරපෝෂිතයෝ වගේ උන් නිධන් ටිකනම් ඉවර කරයි.
මම ආවා මචං මිට අවුරුද්දකට කලින්. දැන් ඉන්නේ වෙනත් රටක.
අයිය මොනව කරන්නද ඔහොම අපායකට ගියෙ...
ReplyDeleteරස්සාවකට ගියේ.මගේ ආයතනයෙන් යන්න ලැබුනේ ඒ රටට.එත් මම දුක් වෙන්නේ නැහැ ඒ රටට ගිය එක ගැන.
Deleteඅයිය un ඒකෙද වැඩ?
Deleteනැහැ මචං මම ඉන්නේ ප්රංස සමාගමක පරිඝනක සම්බන්ද රස්සාවක්.
Deleteඇත්තමයි මං කියෙව්වෙ නෑ අයියෝ.....පලවෙනි එකෙන්ම මට ටිකක් අප්සෙට් වුනා...:(
ReplyDeleteඑච්චරම දුක හිතුනාද කමක් නැහැ.අප්සෙට් නම් කියන්න එපා.
Deleteමම මෙච්චරකල් හිතා හිටියෙ අල්ලසහ දූෂණය අතින් අපි මුල්තැන කියලා. බලන් ගියාම කොන්ගෝව අපිට වඩා ටිකක් ඉදිරියෙන්.
ReplyDeleteකොංගෝවෙ පින්තූර ටිකත් නියමයි. අර කපුටො මට හිතෙන හැටිය නම් ජාන වෙනස් වෙච්ච උන් වගේ.
රසවත් බොහොම හොඳ සංචාරක අත්දැකිමක්
මම ඒ රටට යනකම්ම හිතන් හිටියේ දුෂණය අතින් අපේ රටට සම කරන්න තවත් රටක් නෑ කියල.
Deleteඒ රටේ ඉන්න හැම කාක්කම මේ වගේ "කාක්" කියන සද්දෙත් ටිකක් වෙනස්.
ස්තුතියි..
මම පරක්කු වෙලා මේක කියවන්න. ඒත් අවුලක් නෑ. ඇති උඹ පරිස්සමට ආවා ඔහොම තැනක ඉඳල. ලංකාවත් ඔහොමම වෙයිද? මම නම් හිතන්නේ නෑ.. බලමුකෝ..
ReplyDeleteවිස්තරේ සැහෙන්න වටිනවා. නියමෙට ලියල.. ස්තුතියි.
ඒ හැටි පරක්කුවක් නැහැ මම මාස 11 ඒ රටේ වැඩ කල. දැන් ඉතින් ආවා වෙනත් තැනකට ලංකාවට දුෂිත වෙන්න දෙන්නේ නැහැ ඒ හැටිම ලංකාවේ ගොඩක් පිරිසක් ඉගන ගෙන ඉන්න නිසා නිදහසේ ඒ දේවල්ල කරන්නනම් ටිකක් අමාරු වෙයි.
Deleteස්තුතියි මචං..
පුදුම රටක් නේද... ගොඩක් වටින ලිපියක් අසර්...
ReplyDeleteතමාගේ රටේ මිනිස්සු ගැන වැඩිය හිතන්නේ නැති පාලකයෝ ඉන්න තවත් රටක්.
Deleteස්තුතියි කුමාරි..
Harima watina lipiyak. Americawa hamadama karey oya de thamai. Diyamanthi thel walata ratawal wala yudda mawanawa. Ekatama hariyana rata karawana lokko.
ReplyDeleteBohoma sthurhi lipiyata.
ස්තුතියි ඇනෝ...
Deleteහැම රටකටම මේ සෙතේ තමා එත් මේ හැම දෙයක් වෙන්නෙම ඒ ඒ රටවල තවත් පිරිසකගේ උදවුවෙන්.
අපේ රටත් මේ වගේ වෙයිද කියල හිතෙනවා..
ReplyDeleteස්තුතියි අසරණයට මේ වගේ ලිපියක් බෙදාගත්තට..
රටේ ප්‍රශ්න එලියට ගෙනිච්චොත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්.ඒ ප්‍රශ්නවලින් ඇමරිකාව වාසියට ගන්නවා.
Deleteමෙහේ ඉන්න කට්ටියටත් කොංගෝවේ ට්‍රේනින් එකක් දුන්න නම් දුෂණයේ භීෂණයේ කප් එක ගහන්න තිබ්බා අපටත්. :P ඇත්තටම ඔය තියෙන තත්වේ හැටියට මේ රට රත්තරන් නේ බං
ReplyDeleteඇත්ත මේ දේ මට තේරුනේ මම එහෙ පය ගහපු පලවෙනි දවසේ. මේ රට තරම් රටක් තවත් නැහැ. කොච්චර දේශපාලන මඩ ගොහොරුවක් උනාත් ..
Deleteහොද ලිපියක්!! අර සයුරි අක්කා කිව්වා වගේ ඔයා එහෙන් ආව එකටනම් සතුටුයි!!අම්මෝ මහ පුදුම රටක්නෙ ඒක..:/
ReplyDeleteඅර පාර පාට ගෙම්බෝ මරු!! ඒත් ඊයා.. හිරිකිතයි දැක්කාම.. අනික ඔහෙ ඌරෝ කැතයි.. ලංකාවෙ ඌරෝ ලස්සනයි..:p
මම එහෙං එනදවසේ දැනුන සන්තෝසේ. එයාර් පොර්ට් එකේ කෙල ගහලා ආවේ.එච්චරටම එපා වුනා.
Deleteලංකාවේ ඌරෝ වගේම කෙල්ලොත් ලස්සනයි කොංගෝවේ කාක්කෝ සුදුයි එත් මිනිස්සු කළුයි.
මාරයි බං...සිරාවටම එල ඈ...
ReplyDeleteඑන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පරක්කු වුනාට අවුලක් නැහැ රජවරු වෙලාවට එන්නේ නැහැ නේ.
Deleteරාජ්‍ය කාලය දිගුකල් දිලේවා..
මොකක්ද අප්පා ඕක රටක්ද??
ReplyDeleteඔව් ඔව් මේ ලෝකේ තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටක්.
Deleteඅනේ අනිච්චං මෙහෙම රටවලුත් තියෙනවානේ.
ReplyDeleteඅපේ රට මේ අතින් බලද්දී කොච්චර හොඳද කියලා සතුටක් ඇති වුණත් මේ රටෙත් ඉන්නේ අපි වගේම මිනිස්සු නේද ඒ මිනිස්සුන්ගේ හෙට දවස මොකක් වෙයිද කියලා හිතෙද්දී නම් කණගාටුවක් තමා තියෙන්නේ
ඔව් එත් මිට වඩා දුක්කිත රටවල් තියෙනවා පොඩි පොඩි රටවල්.සුඩානය දැන් ඒ වගේ මොකද එහෙ තියෙන යුද්දය නිසා.
Delete