4 Dec 2012

සිංහ උයන.



                                 අපි කාලයක් වටේම තියෙන සංගීත සංදර්ශන බලන්න පුරුදු වෙලා තිබුනා. ඉස්කෝලේ ගමන නවත්වලත් නැහැ ඒ වෙද්දී. ගෙදරට හැම දාම කියන බොරු ටික කියල ගෙදරින් පැන ගන්නේ රෑ 12 කලින් එන පොරොන්දුව පිට. ඒ කාලේ මට හරියට මල ගෙවල්, හත් දවසේ බන ගෙවල්,පිරිත් ගෙවල්,ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ට වගේ.ඒත් මම යන්නේ වෙන වෙන ගමන්.මැරෙනවා කියල ඒ හැටි මැරෙන්න තරම් අපේ ප්‍රදේශය විශාලා මහනුවර වගේ වුනේ නැහැ.ගියපු ඒ හැම තැනකින්ම  වින්දනයක් ලැබුවා.ඒ කාලේ නරක වැඩ කිසිවක් තිබුන කෙනෙක් නෙවෙයි මම සහ අපි. ගෙදර ඉඳලා 30Km දුර තිබ්බත් අපි යන්න පුරුදු වෙලා තිබුනා. ඒ හැම දවසකම අපි ගියේ අමාරුවෙන් හොයාගත්තු සල්ලි කියක් හරි එකතු කරගෙන ප්‍රෙට්‍රල් බෝතලයක් පුරවා ගෙන.අපිත් එක්ක ඉඳපු බස් අජිත්ගේ මල්ලි නිශාන්ත ගේ බයිසිකලෙන්. පොඩි වුන් වෙච්ච  අපේ ශරීර කුඩුව ඒ හැටි ලොකුත් නැහැ. පහසුවෙන් තුන්දෙනෙක් එක බයිසිකලේ යන්නත් පුළුවන් හෙල්මට් අවශ්‍ය ලියකිවිලි කිසිවක් නැහැ. එත් ඒ කාලේ තිබුන නීතියේ නිදහස් බවේ ප්‍රයෝජනය හොඳට ගත්තා.ප්‍රධාන පාරේ තියෙන පොලිස් ස්ථාන හෙල්මට් නැතුව තුන්දෙනක් එක්ක වයස 18 අඩු අපි පහුකරගෙන යන්නේ වාසනාව උරගාබැලිම වගේ.අපි වාසනාවන්තයි කවදාවත් අපි පොලිසියෙන් නැවැත්තුවේ නැහැ ඒ පාරෙන්ම අපි ආයෙත් ආවත් පොලිසියේ ඉදිරිපිට ඉන්න දෙදෙනා හොඳට නිදි දර්ශන තමා අපි හැම දාම දැක්කේ.

අපි 7 -8   වසරේ වගේ කාලේ කොහේ හෝ ගිහින් එද්දී මේ විදියට පොලිසියක් පහු කරන යද්දී පොලිසියට "හූ" කියල පොලිසියේ ආරක්ෂාවට ඉන්න නිලදාරීන් අවදිකරන භයන්කාර සෙල්ලම ආසාවෙන් කලේ.අපි ඒ කාලේ ෆුට්සයිකල් පැදගෙන ඕන දුරක් ගියා. වටේ පිටේ කසිප්පු තිප්පොළවල් වලින් අරගත්තු කසිප්පු බැරල් පොලිසියේ ගොඩ ගහල තියන්නේ. දවසක් නිශාන්තයි,මම තව දෙදෙනෙකුයි  රෑ ගිහින් එද්දී මේ බැරල් වලට  කළු ගලක් ගහල වේගයෙන් බයිසිකලේ පැද්දා එත් අවාසනාවකට නිශාන්තගේ රබර් සෙරෙප්පුව පාරේ හැලුනා. නමුත් ඕනවට වඩා එඩිතරයා මෝඩයා කියනවා වගේ ආයෙත් හැරිලා ගිහිං සෙරෙප්පුව අරගෙන අපි හිටපු තැනටම  ආවා.ඒ එද්දිත් තව ගලක් ගැහුවලු.(අපි නිශාන්තගේ හැටි දන්නවා ) 

එදා ඉතිං අපි 5 දෙනෙක් බයිසිකල් 2 න් යන්න සුදානම් වුනේ කානිවල් එකක් බලන්න. කලින් කිවුවා වගේ අවධානම අරගෙන අපි ගියේ හැම දෙයටම වඩා කානිවල් එකේ විනෝදය වැඩි නිසා. හැම බාධකයක්ම ජය අරගෙන අපි කානිවල් භූමියට ආවා.ඇතුල් වීම නොමිලේ. මුදල් නොගෙවා බලන්න තිබුනේ වෙළඳ කුටි විතරයි. මෙලිගෝ රවුම්,කතුරු ඔන්චිල්ලා  හැම දෙයක්ම ඉතින් සල්ලි සල්ලි වලින් තමා. කතුරු ඔන්චිල්ලාවේ යන වුන්ගේ කෑගැහිල්ල හරියට අපිට දැනුනේ අපිට "කෝචෝක්" කරන වගේ. තෙල් නැතිව කැරකෙන ඔන්චිල්ලාවේ "චිරි" "චිරි" සද්දේ අපිට ඇහුනේ "වරෙන් වරෙන් පලයන් රවුමක්"  කියන්නා වගේ.අපි යනවයි කියපු දානේ ගෙදරට අරන් යන්න සීනි ගන්න සල්ලි විතරයි ගෙදරින් දෙන්නේ. ඒකෙන් පෙට්‍රල් ගහගෙන ආවේ. අපි කවදාවත් මේවා පැද්දේ නැහැ.ලඟින් ගිහින් ඈතට වෙලා බලන් හිටියා විතරයි. විශාල පිට්ටනියක් නිසා ඇවිදින්න හොඳට ඉඩ තිබුනා අපි ඇවිද්දා ඈතින් ඇහෙන "චිරි චිරි" සද්දෙත් සංගීත සංදර්ශනේ වාදනයත් විඳ ගෙන අපි කොත්තු කඩ අයිස්ක්‍රීම් කඩ පහුකරගෙන යද්දී පිටනියේ එහා කොනට වෙනකන් අපි ඇවිත් තිබුනා. රාත්‍රී 2 විතර වෙලා නිසා වැඩිය සෙනගත් පේන්නත් නැහැ. 

ටිකක් කළුවර වැඩි ගස් කොලන් වලින් වට වුන තැනක ටකරන් වලින් වටේට ආවරණ කරපු තැනකට අපි ඇවිල්ල තිබුනේ.වැඩි ආලෝකයක් නැහැ, වැඩි සෙනගක් පේන්නත් නැහැ,ටිකක් පාළුයි වගේ තැනක්.ඒත් එය ඇතුලේ මිනිසුන් එකා දෙන්න එහාට මෙහා යනවා පේනවා.තව ටිකක් ලංවෙලා බලද්දී  දොරටුවේ අයිනේ තිබුන බෝර්ඩ් එක දැක්කාම අපි කාගේත් ආසාව වැඩි වුනා. "සිංහ උයන"  ඇතැම් කානිවල්වල සත්තු පෙන්වනවා මම අහල තිබුනා.අපි දැකල තිබුනේ පුහුණු  කරපු අපිට හුරු පුරුදු සතුන් විතරයි.එත් සිංහයෝ දැකලා නැහැ. පොඩි කාලේ අහුන්ගල්ලේ සත්තුවත්ත බලන්න ඉස්කෝලෙන් එක්ක ගිය වෙලේ අපිට බලන්න ලැබුනේ හරි පොඩි වෙලාවයි ඒකත් පෝලිමේ ගිහිං. සිංහ පැටවූ හරි හුරතල්. "බූල් දිග ලොකු පුසෝ" වගේ.අපිත් එක්ක හිටපු දෙන්නේක් "පොඩිවුන්ගේ ආශාවල් බං" කියල වෙන පැත්තකට ගියා. ඒත් අපි තුන්දෙනා මේ අදහසට ගොඩාක් කැමැත්තෙන් හිටියේ.වටේ පිටේ ටිකට් ගන්න කෙනෙක් හිටියෙත් නැහැ.අපි දන්නවා මේ වගේ තැන් වල ඇත්තේ හිලෑ කරපු සිංහයෝ හරියට අහුංගල්ලේ වගේ. ටකරං ආවරණේයෙන් උයනට ඇතුළු උනා. අපි හෙමින් හෙමින් අඩිය තිබ්බේ.. ගස් අස්සේ ඉඳල කොයි වෙලේ අපේ ඇඟට පනිවිද දන්නේ නැති නිසා.පොඩි පැටවුනම් කකුල් හූරනවා. ඒක තමා ඉවසන්නම බැරි.මේ සත්තුත්  බළල් පවුලේ නිසා කොයි පැටියත් එකයි.. තුන් දෙනාට තුන් දෙනා බයෙන් තව ඇතුලට ගියා.


                                            අපි එදා බයෙන් බයෙන් ඇවිද්දේ මේ වගේ.

ගහක් යට එක මිනිහෙක් ගහට හේත්තුවෙලා ඉන්නවා දක්කමනම් ටිකක් අමුතු  බයක් දැනුනා.ඒත් පෙනුන විදියට කරදරයක් වෙලා නැහැ.හෙමින් අපි එතනට කිට්ටු කලාම දැක්කේ.ගහට හේත්තුවෙලා නිදි කියල.පව් දවල් දවසෙම මහන්සියට වෙන්න ඇති.ඇඳුම් එහෙම එහෙ මෙහෙ වෙලා තිබුනෙත්.එක්කෙනා  දෙන්නා ඒ විදියට ගස් යට පොඩි පොඩි මේස තියාගෙනත් ඒවාට ඔළුව තියාගෙනත් නිදි.එත් අපි එක සිංහයෙක්වත් සිංහයෝ දාල තියෙන කුඩුවක්වත් දැක්කේ නැහැ තවම .සර්කස් කාරයෝ වගේ ඇඳන් ඉන්න කිසි කෙනෙක් දැක්කෙත් නැහැ.අපි ගස් අස්සේ වට පිටාව  බල බල බයෙන් බයෙන් ආපු අපි ඔළුව උස්සල ටිකක් දුර බැලුවා. එතකොට අපිට තේරුනා අපිට වෙච්ච දේ. කළු පාට බෝර්ඩ් එකක කහා පාටින් "LION" කියල ගහල තිනුනා. ගස් යට වැටිලා ඉඳල තියෙන්නේ හොඳට ලයන් ලාගර්  බියර් බීපු සෙට් එකක්.ඒ සිදු වීමෙන් පස්සේ අපිට ආයෙත් ගමේ කලිසමක් ඇඳන් යන්න බැරි තත්වයක් ඇති වුනා.


ස්තුතිය සිත්තර තිලිණිට.

88 comments:

  1. හි හි.....

    ඈ බං... ඇත්තටම සිංහ උයන කියලා ගහලා තිබ්බද.... මාරයිනේ.. හි හි

    ReplyDelete
    Replies
    1. ලයන් බියර් පබ් එකක් ඇතුලේ තිබුනේ. ඉතින් ඒ නිසා තමා සිංහ උයන කියල ගහල තියෙන්නේ..

      Delete
  2. අලේ.... එතකොට බයෙන් බයෙන් ගිහින් තියෙන්නෙ බීලා වැඩිවෙච්ච සිංහයෙක් බලන්න...හි හි හි

    කාලෙකට පස්සේ අසරණයා...පෝස්ටුව ලියලා තියෙන විදිය නම් උපරිමයි...අර චිත්‍රය හුඟාක් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. අපි ඇත්තටම හිතුවේ එහෙම තැනකය කියලා.මොකද ඒ කානිවල් එක ටිකක් ලොකුවට තිබුන එකක්.

      ඇයි ගිය මාසෙත් පොස්ට් එකක් දැම්මේ.!!!

      Delete
  3. අපි සිංහ වන්ශේ උඹ?

    ReplyDelete
    Replies
    1. මමත් ඒ වංශේ තමා මචං...

      Delete
  4. නියමයි ..විශාලා මහනුවර ...අය්යෝ අම්මල ඉතින් විශ්වාස කරන්න ඇත්ද

    ReplyDelete
    Replies
    1. මගේ පෙර වැරදි එහෙම තිබුනේ නැහැ නේ..ඉතින් අම්මා මාව විශ්වාස කළා.

      Delete
  5. හේ..හේ...නිකංද බඩු දීල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ සල්ලි වලට. එත් ඒක කවර කරලා තිබ්බේ ඇයි දන්නේ නැහැ..

      Delete
  6. හෙහ් හෙහ්..මට මතකයි අසාර් අයියගේ කලින් පොස්ට් එකක් ගැන. ගෙවල් ගාව සංගීතයක් තිබුනා කිව්වේ. බයිසිකලයක් කරේ තියාගෙනද කොහෙද ගියා නේද?.හම්මේ ගෙවල් වල ඉන්න දවස් වලනම් සංගීතයක් වරද්දන්නෙ නෑ. දැන් වුනත් එහෙමයි, ගම් පළාතේ සංගීතයක් තියනම් නිවාඩුවක් හරි දාලා සෙට් වෙනවා. අර සිංහ උයන අද කාලේ කාර්නිවල් වල වැඩිය දකින්න නැත්තේ මොකද දන්නේ නෑ. "පොඩි එවුන්ගේ ආසාවනේ" හෙහ් හෙහ් හෙහ්..ගෙදරින් අවුලක් වුනේ නැද්ද අසර් අයියේ ඒ කතාව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලෙනම් ඉතින් ඒවා බලන්න යන්නේ ආසාවට එත් සිංදු අහන්නවත් නෙවෙයි කට්ටියත් එක්ක එකතුවෙන්න තිබුන ආසාවට.කාලයක් යද්දී ඒවාට යන අදහස එපාම වුනා. ඒ ආසාව එහෙම්මම නැති වෙලා ගියා.

      අද කාලේ කානිවල් වල සිංහ උයන නැත්තේ මතට තිත සංකල්පය නිසා.ඒවාට විශේෂ අවසරයක් ගන්න වෙනවා නේ.

      //ගෙදරින් අවුලක් වුනේ නැද්ද // ගෙදරට කියල කිසිම කානිවල්, සංගීතයක් බලන්න ගිහිං නැහැ.. ගෙදරින් තවම දන්නේ නැහැ..

      Delete
  7. හහ්.. මැවිල පේනවා බං සිංහ උයනේ සෙල්ලං ටික. නියමයි..

    ReplyDelete
    Replies
    1. ටිකක් ඇතුලට යද්දී තමා සිද්දිය තේරුනේ.

      Delete
  8. උබලා බියර් බාර් එකකටද රිංගුවේ සිංහයෝ බලන්න..හික්..හික්..හික්.. බෝතලේ සින්හයෙක්ගේ පින්තුරයක් ගහලා තියෙන්නේ එකවත් බලන්න එපැයි..
    මේ අර චිත්‍ර ඇන්දේ මොකෙන්ද කියලත් කියපන් ලස්සනයි ඒක..

    ReplyDelete
    Replies
    1. එළියේ තිබුන බෝර්ඩ් එකේ කිසිම රුපයක් තිබුනේ නැහැ.ඇතුලට ගියත් එහෙම තිබුන කියල දැක්කෙත් නැහැ.එත් බියර් විකුණන තැන ඈතට පෙනෙනකම් අපි රැවටිලා හිටියේ..

      Delete
    2. මේ චිත්‍ර ඇන්දේ තිළිණි කියල කෙනෙක් නේ බං....

      Delete
    3. ආහ තිලිනිව මම දන්නවා ඔය කියන්නේ "සිත්තරි මං " කියන කෙනානේ

      Delete
    4. නැහැ මචං මේ වෙන කෙනෙක් මමයි සිත්තරි කියල නම දැම්මේ මේ චිත්‍ර අඳිනවට. මම පස්සේ දැනගත්තේ සිත්තරි මං කියලා කෙනෙක් බ්ලොග් ලියනවා කියලා.

      Delete
  9. හපොයි....සිංහයෙක් කෑවනම් ඔයිට සැපයිනෙ බන්..

    තිළිණිගෙ සිත්තරවල මාර දියුණුවක් තියනවා.. මේක තමයි මම දැකපු එයාගෙ හොඳම සිත්තරේ..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ගමේ වුන් කියපු කතා අහන්න වෙන්නේ නැහැ නේ.

      එන්න එන්න හැකියාව වර්ධනය වෙනවා.මම කියන්නම් උඹත් මෙහෙම කිවුවා කියලා.

      Delete
  10. Replies
    1. මේ සැරෙත් වුනා මචං..

      Delete
  11. හික් හික් ...මරු සිංහ උයන !සිංහයෝ z අකුර වගේද හිටියේ ...

    ReplyDelete
    Replies
    1. ගස් වලට හේත්තු වෙලා එක එක හැඩේන් හිටියා.සිංහ සෙයියාවෙන්..

      Delete
  12. සිරාවටම මේක නියම වැඩක්නේ අප් ගමේත් ඔයවගේ දේවල් වෙසක් එකට පොසොන් එකට කෙරෙනවා එතකොට මේ අංගයත් එකතුකරන්න දැම්මම හිතාගත්තා. මේ අද්දැකිම කිව්වට තුති.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. සිංහ උයනක් දාන්නද?.. වෙසක් එකට ඒවගේ එකක් හොඳ නැහැ නේ..මතට තිත..

      ස්තුතියි පැමිණීමට..

      Delete
  13. හික්ස් මැවිලා පේනවා ඔය බේබද්දො අස්සෙ උඹලා සිංහයො හොයපු හැටි...

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ ඇවිදින මල කඳන් වගේ සෙට් එක තමා හිටියේ. අපි ඇවිද්දේ ගස් මුල පඳුරු අස්සේ හොඳ විපරමකින්.

      Delete
  14. හිකිස්... බේබදු සිංහයෝ....:D

    ReplyDelete
    Replies
    1. හේ... කාලෙකින්...

      මේ අපිට නෙවෙයිනේ කිවුවේ....

      Delete
  15. ඔයාටත් වෙන වැඩ..අසරණයා කියන්නේ නිකන්යයි..අර චිත්රේ ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දන්නේ නැහැ මට මේ වගේ නවනින්ගිරා වැඩමයි සිද්ද වෙන්නේ.

      ස්තුතියි..

      Delete
  16. මැවිලා පෙනේවි සිංහ සෙයියාවෙන් හිටිය හැටි.. :D:D
    අදමද කොහෙද ආවේ මේ පැත්තේ.. ආපු දවසෙම හිනා වෙලා යන්න පුළුවන් උනා.

    ReplyDelete
    Replies
    1. ඔන්න අපිනම් නෙවෙයි අපි ඒ කාලේ පොඩි වුන්.

      ස්තුතියි පැමිණීමට...

      Delete
  17. ඇත්ත නේනනම්...සිංහයෝ තමයි ඉතින්..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. දැක්කනේ ගස් යට හිටපු විදිය.. මම හිතුවේ උදේ ඉඳල සිංහයෝ පස්සේ ගිහිං මහන්සියට නිදි කියලා.

      ඔබටත් දීර්ඝායු ලැබේවා.!!!

      Delete
  18. බලපං පොඩි කාලෙම බොන්න ගිහින් තියෙන තැන !

    ජය !

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් අපි එහෙම තැන් යනවද? 18 අඩුයි.. ඒ කාලේ ඉඳලම මම සත්තුන්ට ආසයි..හෙක්ස්..

      Delete
  19. ඇති යන්තම් අසරණයා පෝස්ට් එකක් දාලා. සිංහ උයන කියලා ගහල තිබුන එක තමයි කැත වැඩේ. ඉතින් ඔයගොල්ලෝ ආපහු හැරිලා ආවද?

    ReplyDelete
    Replies
    1. මම ගිය මාසේ පොස්ට් එකක් දැම්ම.ඔය එකට ඇවිල්ල තිබුනේ නැහැ. වැඩ නිසා ටිකක් හෙමින් පොස්ට් දාන්නේ..

      අපි දැනගත්තා ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා.පස්සේ තේරුණා "සිංහ උයන"කියන්නෙත් ඇයි කියන එක. ආපි ආව එන්න. 18 අඩුයි ඒ කාලේ..

      Delete
  20. අප්පේ! බැරි වෙලාවත් පදුරක් අස්සේ හැංගිලා ඉඳලා උඹලගේ ඇඟට සිංහයෙක් එහෙම පැන්නානම්!!හික්ස්!

    ReplyDelete
    Replies
    1. අපිට එක හිතුනා පලවෙනි සතිදෙකේ ගමේ වුන් කියපු කතා ඇහෙද්දී..

      Delete
  21. සෙල්ලංද කොල්ලො, මුං සිංහ උයනකත් ඇවිදල නිරුපද්‍රිතව ඇවිත්.

    අර චිත්තරේ ගති ඈ... එයාට කියන්නකෝ මතක් කළා කියල.

    ෴ ඒ සිදු වීමෙන් පස්සේ අපිට ආයෙත් ගමේ කලිසමක් ඇඳන් යන්න බැරි තත්වයක් ඇති වුනා. ෴

    ඉතිං, ඉතිං, මොනාද ඊට පස්සෙ පාවිච්චි කරේ, සරම්ද? අමුඩද?

    ReplyDelete
    Replies
    1. මම හිතුව උයනක් කිවුවාම මල් උයනක් වගේ හැම තැනම සිංහයෝ ඇති කියලා.

      මම කියන්නම් කෝ උඹ මතක් කළා කියලා.

      නැහැ මචං අපි මොකක් ඇන්දත් දැනුනේ මොනවත් ඇඳලා නැති වගේ...

      Delete
  22. Replies
    1. අනේ මම ස්පෑම් එකෙත් බැලුවා තිබුනේ නැහැනේ. ආයෙත් එක දාන්න. හෙන්ද්‍රි ගේ අදහස දැනගන්න ආසාවෙන් ඉන්නේ..

      Delete
  23. හහැහ හික්සි අපෝ මෙයාලට වෙන්නෙම මේ වගේ වැඩ තමයි හොඳ වැඩේ අහු මුළු වල රින්ගනවට සිංහයෝ බලන්න කියලා හු හු

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ අපේ ගම පලාතටත් සිංහයෝ ගෙනල්ලද කියල. අපි විමර්ශන කාරී කොල්ලෝ සෙට් එකක්.කුතුහලේ කියන දෙයට කැමතිම නැහැ නේ.

      කාලෙකින් බ්ලොග් කියවන්න ඇවිල්ල තියෙන්නේ.

      Delete
  24. හි හි හි.. සිංහයෙක්ගේ අඩි පාරක්වත් තිබුනේ නැද්ද බං? අඩි පාරක් හොයාගත්තනම් ඒක දිගේ ගිහින් සිංහයව හොයාගන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. වමනේ පාරවල් නම් තිබා..හෙක් හෙක්..සිංහයෝ හිටියා බෝතල් වල ස්ටිකර් වගේ අලවලා..

      Delete
  25. අනේ අනේ අසරණයෝ...ඔයාටත් වෙන වැඩ :D :D :D
    අර ඇඳල තියෙන චිත්‍රය නම් හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. මමත් මේ කල්පනා කලේ මට වෙලා තියෙන්නෙම මම ලජ්ජා හිතෙන වදමනේ..

      ස්තුතියි මම ඉතින් එයාට කියන්නම්.ඔය ලස්සනයි කිවුවා කියල.

      Delete
  26. සිංහයෝ ඇතුළට ගිය අඩි විතරයි, ආපහු ආව අඩි තිබුණෙ නෑ නේද හපොයි!

    ReplyDelete
    Replies
    1. ආවේ කරපිටින් නේ. යන ආදී විතරයි..

      Delete
  27. මෙහෙම සිද්ධියක් වුනාම නම් සිරාවටම අසරණ වෙනවා තමා..:D

    ReplyDelete
    Replies
    1. වඩා වැදගත් දේ තමා කොහොමද එයාලගේ මාර්කටින්.. ඕනෑම කෙනෙක් රැවටෙනවා..

      Delete
  28. සිංහ උයන ටිකට් දිලා පෙන්නුවා නම්...එතනම මෝචරියකුත් දාන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙනම් එක බලනවා කොහොම හරි හොරෙන් පැනලා.මොකද ටකරං අස්සෙන් පනින එක අපිට පුරුදු නැති දෙයක් ද?

      Delete
  29. හූ.... හූ.... අපොයි!!! චාටර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්!!!! හොද වැඩේ අර වර්නා කිව්වා වගේ එහෙ මෙහෙ රිංගන්න යනවාට... ;)

    චිත්‍රේ හරිම ලස්සනයි!!!!!

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං අප හා පරිසරය ගැන විමර්ශනයෙන් නේ...

      ස්තුතියි.

      Delete
  30. හප්පා... කොහෙද මෙච්චර කල් උන්නේ...? ලස්සන කතාවක් ලියල තියෙන්නෙ... අසරණ වෙච්චි නැති කතා ඇත්තෙම නැද්ද? කොහෙන් බලං ගියත් බකට් ඇදිලනෙ ඔයාට... මම ඔයාගේ "මියුසිකල් ෂෝ" එකේ පෝස්ට් එක බලලා ආවෙ දැනුයි.. හයියෝ සංසාරේ....

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඉස්සර වගේ සෙල්ලම් බැහැ නේ අනු වැඩ නේ.

      මට තවමත් ඉතින් බකර්ට් පෙරලිලි මදි නොලිකියන්න ලැබෙනවා.

      Delete
  31. කවුද බන් අර පොටෝ එකේ ඉන්න දැරිවි

    ReplyDelete
    Replies
    1. උඩ පොටෝ එකේ ඉන්න දරවිනම් කවුද දන්නේ නැහැ බං..

      Delete
  32. ඇත්තනේන්නම්..
    උයාලා වැරදි අර්ථකථනනෙ දීලා තියෙන්නෙ ඉතින්.. බලන්න සිංහ උයන ඒ විදිහටම හදලනෙ.. :P

    හිහිහී.. නිකන් සිංහයෝ දකින වෙලාවෙ අදහසක් පහලවුණේ නැතිද ඉතින් සිංහයොවුණ පාන‍යෙ රස බලන්න.. :D

    ReplyDelete
    Replies
    1. වයසක සිංහයෝ තමා ගස් මුල ඉන්නේ. තරුණ වුන් ගස් උඩ..

      ඒ කාලේ අපි ඒ පානයෙන් තොරයි. 18 අඩු ඇය පොලිසියෙන් අල්ලාගෙන යනවා නේ..

      Delete
  33. හෑ....ඒක සිංහ උයනද???
    ඒකත් කාගෙහරි කෝචෝක් වැඩක්ද මන්ද...

    ReplyDelete
    Replies
    1. නැහැ මචං ලයන් බියර් එකෙන් කරලා තියෙන්නේ. බියර් බොන්න වෙනම තැනක් හදලා. එකයි එතනට සිංහ උයන කියල දාල තියෙන්නේ..

      Delete
  34. mamath lion cap ekak dagena train eke yaddi mulu train ekama mata kivve sinhawansha ;

    xander

    ReplyDelete
    Replies
    1. කාලයක් ඒ වචනේ හොඳට නැගල ගියා නේ. ඒ උඹේ යාලුවෝ සෙට් එකද?

      Delete
  35. කාලා වරෙන්කෝ කිව්වලු. කට්ටිය සිංහ සෙයියාවෙන් වැතිරිලා සිංහාවලෝකයන කරනවා බලලා ඇවිත් වගේ :P

    ReplyDelete
    Replies
    1. අන්න වචන ටික. ඒ විදියටමයි හිටියේ..

      Delete
  36. හයියෝ අසරණයා... ඊට පස්සෙ ගමේ ඇවිද්දෙ කලිසම් නැතුවද බොල ?
    Thoughts Of Yasith|යසිත්ගේ සිතුවිලි

    ReplyDelete
    Replies
    1. කලිසම තිබ්බත් නිකන් අපිට දැනුනේ කලිසමක් නැති වගේ.

      සාදරයෙන් පිලිගන්නවා

      Delete
  37. අසරණයට උනොත් වෙන්නෙ ඉතින් ඔහොම රෙදි නැතුව යන්න වෙන වැඩක්ම තමයි.... හික්ස්...

    ReplyDelete
    Replies
    1. කාලෙක ඉඳල එන කෙනෙක් නිසා දන්නවා නේ මට වෙන වැඩ? කාලෙකින් දැක්කේ....

      Delete
  38. සිංහයෝ වෙරි වෙලාද බන් ? කාලෙකින් ආවේ බන් මේ පැත්තෙ... මග ඇරිච්චි ටික කියවන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. හේ හේ සිංහයෝ බලු වෙලා... හිමිහිට කියවපන් මචං....

      Delete
  39. ඒකාලේ අපටත් ඕවා පේන්න බෑ. ඇඹිලිපිටියටත් ගෙහුං තියෙනවා සංගීත බලන්න. හැබැයි අපිනම් සිංහ ලේබල් දෙකතුනකට වග කියලා තමයි ඕවට රිංගුවේ. දැන් එහෙම නෑ ආයිබොවං.

    ReplyDelete
    Replies
    1. අපි ඒ කාලේ ඒවාට වගකියනු නොලැබේ.

      Delete
  40. කැමති උනාට ගෙදරින් ඉඩක් නැ අපට නම් බලන්න යන්න.කොහේද සංදර්ශණ වල ගුටිබැට නේ තියෙන්නේ.නටන කොට ඇ‍ඟෙ හැප්පුණත් ගහ ගන්නවා.අම්මලා බයයි යවන්න.ලස්සන කථාවාක්
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඇ නොයන තරමට හොඳයි. දැන්නම් මම කොහොමත් ආස නැහැ ඒවාට..

      Delete
  41. හික් හික් හික් මමත් මේ කුතුහලයද මොකක්ද කියන එක උපරිමෙන් තියාගෙන බැලුවා බැලින්නම් ලොල් කේස් එකක්නේ අදමද කොහේ මේ පැත්තේ ගොඩවැදුනේ ආයෙම එන්නම් කෝ ඔන්න පාර මතක තියාගත්තා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ලෝල්ද කියන්නේ ලොලේ ලොල්.

      සාදරයෙන් පිලිගන්නවා !!!

      Delete
    2. අනේ පලයං කෝරලයෝ බොරුද කොහෙද උඹේ

      අනේ මීයෝ උඹටත් වෙන වැඩ

      Delete
  42. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!!

      සුභ අළුත් අවුරුද්දක් වේවා!!

      Delete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...