කිංස්ලි ඔෆෝසු ඉපදුනේ 1970 දිය. කාර්මික ඉංජිනේරුවෙක් වීමට සිහින මැව්ව ඔහුගේ එම සිහිනය බොඳ වුනේ ඉදිරියට අධ්‍යාපනය කරගෙන යාමට ඔහුගේ මවට වියදම් කිරීමට හැකියාවක් නොමැති කම නිසයි.එළවලු හෝ පළතුරක් විකිණීම රැකියාව කරගත් ඔහුගේ මවට ගෙදර බර වැඩි බව තේරුම් ගිය නිසා කුඩා කාලෙදිම පාසල් ගමනට නැවතීමේ තිත තබන්නට කිංස්ලිට සිද්ධවෙනවා. තම සහෝදරයන් රැකීමට යම් යම් රැකියාවල් කල ඔහුට වරායේ රැකියාවක් හිමි වන්නේ මේ අතරතුරදී.1992දි පමණ දියුණු තාක්ෂණයක් නොතිබුණ අවදියේදී නැව් වලට භාණ්ඩ පැටවීම සිදු වී තිබුනේ කම්කරුවන් අතින්. මොහුද එවන් කම්කරුවෙක්. අප්‍රිකාවෙන්, කොකෝවා යුරෝපයට ප්‍රවාහනය කිරීම සහ යුරෝපයෙන් පාවිච්චියෙන් පසු ඉවත දමන භාණ්ඩ අප්‍රිකාවට ආනයනය කිරීම ප්‍රධාන වශයෙන් සිදු වුණා.
තරුණයකුට යුරෝපයට යෑමට අවශ්‍යව, ඔහු ගුවන් මගින් ගියහොත් ඒ සමාජය පිලි ගන්නේ පිරිමියෙක් නොවන,නිකමෙක් විදියට. වීරයෙක් වීමටනම් මුහුදු මගින් යුරෝපයට පැනීම අත්‍යවශ්‍ය කාර්යක් වුනා. රැකියාවන් සඳහා යෝරෝපයට යන බොහෝ තරුණයන් වැඩි වශෙයෙන් තෝරාගත්තේ නැව් සේවයයි. එයත් නැවේ කාර්යමණ්ඩලයට හොරෙන් සති දෙකක් හෝ තුනක් ඉතා දුෂ්කර ගමනකින් යුරෝපා රටකට ඇතුල් වීමෙනුයි. අවුරුදු 22 තරුණයෙකු වූ කිංස්ලි ඔෆෝසුද මෙම දුෂ්කර ගමනට පිඹුරුපත් සැකසුවා. ඔහුගේ මිතුරන් මිට ඉහත මේ ආකාරයෙන් විදේශ ගත වී තිබුනත්, ඒ කිසිම කෙනෙකුගෙන් කිසිම තොරතුරක් ඔවුන්ගෙ ඥාතීන්ට දැනගන්න හැකි වී තිබුනේ නැහැ. එහෙත් ඔවුන් යුරෝපයේ සුපිරි ජිවිතයක් ගත කරනවා ඇතියි ඔවුන් තරයේ විශ්වාස කළා.
1992 ඔක්තෝම්බර් 24 වෙනිදා බහමාස් කොඩිය යටතේ යුක්රේන ජාතික කාර්ය මණ්ඩලයක් සේවය කරන භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඝානාවේ "තකොරාඩි" වරායෙන් පිටත් වුනේ ප්‍රංශය බලා ගමන් කිරීමටයි. කාර්ය මණ්ඩලයට අමතර තවත් අමුත්තන් පිරිසක් ඇති බවට කෞකවේ කිසි කෙනෙක් දැනගෙන සිටියේ නැහැ. කිංස්ලි ඔෆෝසු සහ ඔහුගේ බාල සහෝදරයත් තවත් මිතුරන් 6 දෙනෙකුත් මෙම අති දුෂ්කර මාරාන්තික ගමනට එකතු වී අවසානයි. නැව පිටත් වී හයවෙනි දවසේ උදේ මොවුන් 8 දෙනාට අමතරව තවත් කළු කැමරුන් ජතිකයෙකුත් කොකෝවා ගෝනි අතරේ සිට මොවුන්ට හමු වෙනවා. මේ අයුරින් යුරෝපයට පැන යෑමට අප්‍රිකාවේ බොහෝ රටවල් වල තරුණයන් උත්සහ දැරූ බවට කදිම නිදසුනක්. එදාම හවස නැවේ කාර්ය මණ්ඩලයට මොවුන් කොටු වෙන්නෙ ආවසානවන්ත විදිහට.
මෙම අනවසර පුද්ගලයන් කොටුවීමෙන් පසු යම් යම් හේතු කියා වෙන් කිරීමට ඔවුන් කටයුතු කරනවා. සියල්ලටම කලින් මෙම පුද්ගලයන් ළඟ ඇති සියළුම මුදල් මෙම කාර්ය මණ්ඩලය විසින් එකතු කරනු ලබන්නෙ ආරක්ෂාකරිව ප්‍රංශයට ඇතුල් කරන පොරොන්දුව මත. එහෙත් කිසි විටකත් ඔවුන් සියලු දෙනාම එකම ස්ථානයේ රඳවා තබන්න උත්සහ කලේ නැහැ. දැනට කොටු කර ඇති ස්ථානයෙන් එක වර තිදෙනකු අවස්ථා කිහිපයකදී රැගෙන යන්නෙ පොරොන්දු වූ විදියට සඟවා තැබීමටයි. ඔෆෝසු සහ ඔහුගේ සහෝදරයා පමණයි අවසානයට ඉතුරු වුයේ. මොවුන් දෙදෙනාත් රැගෙන යද්දී කිසියම් වෙනසක් මොවුන් දෙදෙනාට තේරුම් ගියා. මොවුන්ව රැගෙන යන්න ආ පුද්ගලයාගේ කලිසමේ ඇති ලේ පැල්ලම් හා නැවේ තැන් තැන් වල විසිරි ඇති ලේ පැල්ලම් දැකීමෙන් සිදුවෙන්න යන දේ ඉවෙන් මෙන් තේරුම් ගත්න කිංස්ලි සහ ඔහුගේ සහෝදරයත් හැකි වේගෙන් දිව්වත්, අවාසනාවට සහෝදරයට වෙඩි වැදෙනවා. කිංස්ලි හැකි අයුරින් ඔහුවත් රැගෙන සැඟවෙන්න උත්සහා දැරුවත් මේ මිනීමරු නැව් කාර්ය මණ්ඩලයට වෙඩි වැදී ඇති සහෝදරයාව කොටු වුණා.
තමන් කුඩා කාලේ වින්ඳ දුක තමන්ගේම දරුවන්ටත් විඳින්න දීමට නොහැකි කම නිසා මොවුන්ගේ නුපන් දරුවන් වෙනුවෙන් මෙම සහෝදරයන් දෙදෙනා ගත්ත උත්සාහය වැරදි තීරණයක් බව තේරුම් යද්දී බොහෝ මිතුරන් මියගොස් අවසානයි. කිංස්ලිට ඔහුගේ සහෝදරයා මෙම මැරයන් විසින් මුහුදට විසිකිරීම බලා සිටීම හැර කරන්න කිසි දෙයක් තිබුනේ නැහැ. මොවුන්ගේ මීළඟ ඉලක්කය වුනේ මේ සියල්ලම දන්නා තමන් විසින් ඝාතනය කරන අයුරු දුටු කිංස්ලි ඔෆොසුව ඝාතනය කර මේ සියල්ල ලොවෙන් සැඟවීමටයි. මෙයට ඉහත නැව් වලින් යුරෝපයට ගමන් ගත් මිතුරන්ට සිදු වූ දේ ගැන සිතාගන්නට කිංස්ලිට පුළුවන් වුණා. තමා ඝාතනය කිරීමට එන මේ පිරිසෙන් බේරීමට ඔහු නොගත් උත්සහයක් නැහැ. දින තුනක් තිස්සේ නැවේ බඩු අස්සෙත්, විවිධාකාර බට අස්සෙ සැඟවිලා එහාට මෙහාට දුව දුව නැව ඇතුලේ නිරුපද්‍රිතව සිටින්නට ඔහුට හැකිවෙනවා. නෞකාව කිසියම් වාරයක නැවතුන බව දැනගත් ඔහු නැංගුරම් කවුළුව අස්සෙන් යකඩ දම්වැල දිගේ මුහුදට බැස කෙටිදුරක් පිහිනා වරායට ඇතුළු වී හැකි වේගයෙන් දුවද්දි ඔහුගේ වාසනාවට ඒ මොහොතේ වරාය පොලිස් රථයක් පැමිණ තිබුණෙ. ඒ හැටි අධ්‍යාපනයක් නොමැති ඔහු දන්නේ ඔහුගේ දේශීය බස පමණයි. පොලිසියට කොටු වූ විගස ඉංග්‍රීසියෙන් කියන්නට දැනගෙන සිටියේ "ඝානා මෑන්, ඝානා මෑන් " පමණයි. ඝානා භාෂා පරිවර්තකයෙක් මගින් සියල්ල ප්‍රංශ පොලිසියට දැනගන්න ලැබෙනවා. ඒ ක්ෂණයෙන් නැවේ කැප්ටන් සහ අනෙකුත් සියලු දෙනාම අත්අඩංගුවට පත් විය.
**********
මේ පුවත ලෝකයම කැළඹුව සිදුවීමක් බවට පත්වෙන්නෙ මෙතෙක් කල් ලෝකයට වසන් වී තිබුණු අපරාධයක් ලොවටම හෙළිවීමෙන්. ඒම කාලේදී එක්සත් ජාතික සංවිදානයේ ප්‍රධානියා වී සිටියේත් ඝාන ජාතිකයෙක් වන "කොෆි අනන්". එම නිසා මෙයට තවත් ප්‍රභල, ප්‍රසිද්දියක් ඇතිවිය. දුප්පත් අප්‍රිකානුවන්ගේ ජිවිත බේරාගන්නට ඔවුන්ව දැනුවත් කල කිංස්ලි ඝානාවේ වගේම අප්‍රිකාවේ සෙසු රටවල වීරයෙක් බවට පත්විය. වසර තුනක නඩු විභාගයකින් පසුව එම කාර්ය මණ්ඩලයට වසර 20ක සිර දඬුවමක් ද නැවේ ප්‍රධානියා හා තවත් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වාද සිර දඬුවම් හිමිවිය. නැවේ ප්‍රධානියාට ඇති අනිත් චෝදනාව වන්නේ කිසිම නිත්‍යානුකුල ලියවිල්ලක් නොමැතිව වසර තුනක් භාණ්ඩ ප්‍රවාහන කරවීමයි.
මෙම සියලු සිද්දිය පසු කාලෙක චිත්‍රපටියකට නැගින. එය 1996 දී තිරගත විය. කිංස්ලි ගේ පුර්ණ කැමැත්ත ඇතුව චිත්‍රපටි සමාගම ඔහුට ඇමරිකානු ඩොලර් 60,000 ගෙවීමට පොරොන්දු නමුත් ඔහුට අද වෙනකම් ලැබී ඇත්තේ $10,000ක් පමණයි. ඔවුන් විවිධ හේතු මත කිංස්ලිව මගහරිනු ලැබූහ. එහෙත් විවිද සංවිධාන, රාජ්‍යන් ගෙන් ලැබුණු විශාල ආධාර මත ඔහු විශාල පොහොසතෙකුද විය. කාලයත් සමග ඔහු වටා සිටියවුන්ගෙන් රැවටීමට ලක්වීම ,කාන්තාවන්ට ලොල් බව හා යම් යම් හේතු නිසා ඔහු සාමාන්‍ය පුද්ගලයෙකුගේ මට්ටමටම අද වෙන විට ඇද වැටි ඇත. එහෙත් කුඩා කාලේ සිට තිබුන කාර්මික ඉංජිනේරුවෙක් වීමේ ආසාව සඵල විය. ඔහුගේ බිරිඳත් දරුවන් හතර දෙනාත් සමඟ ප්‍රංශයේ දැනට ජිවත් වෙයි. මෙම චිත්‍ර පටිය "යු ටියුබ්" හරහා ඉතා පහසුවෙන් නැරබිය හැක.මෙන්න මෙතනින්.
සැ/යු. මගේ ආයතනයට සම්බන්ද කෙනක් මට මේ සිද්දිය විස්තර කෙළේ.කිංස්ලිට ඇති සම්බන්දයනම් කිංස්ලි වාරයේ රැකියාව සොයා දී ඇත්තේ මා කලින් කිව් මිතුරාගේ සහෝදරයයි.
අනේ මචන් ඕව දකිද්දී මටත් උබ එක්ක
ReplyDeleteඅසරණ වෙන්න ආසයි ..මාවත් අසරණ
කරපංකෝ ..:(
හි හි...
Deleteඅසරණයෙක් වෙන්න හොඳට පුහුණු වීම් වෙන්න. ඉස්සෙල්ලම කොංගෝ වේ අවුරුද්දක් වර කරලා එන්න.
Deleteහිරු = මොකද දැන් දිග කමෙන්ට් කරන එකෙන් ඈත් වෙලාද? හේ හි..
මේක අලුත්ම කතාවක් මාමා අදමයි මේ පැත්තට අවේ. හොඳ කතාවක් කියල හිතුනා මෙන්න පලවෙනි comment එක. අපේ දිහත් ඇවිත් යන්න කෝ.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා.
Deleteඔව් මේක මටත් අළුත් කතාවක්. අප්‍රිකාවේ ඔබ නොදුටු සිදුවීම් හැකි විදියට දාන්නම්. ඒ පැත්තෙත් ඇවිත් යන්න එන්නම්.
ම්..මිනිස්සු සල්ලි නිසා විඳින දුක නම් නිමක් නැහැ..චිත්‍රපටිය බලන්න ඕන ලිස්ට් එකට දාගත්තා...
ReplyDeleteඑක ඇත්ත හැම මිනිසෙක්ම විඳින්නේ දුකක්.එත් ඒ විඳින දුක විවිධාකාරයි.
Deleteනියම කථාවක් අසරණයා... කිංන්ස්ලි ඇත්තටම වීරයෙක්... දින 3 ක් තිස්සෙ බාහිර සමාජයෙන් හුදෙකලා වූ මිනීමරුවන් පිරිසකගෙන් නිරුපද්‍රිතව බේරීම හාස්කමක් කියලත් හිතෙනවා...අතීතයේ සිරිලංකාවෙ අයත් බෝට්ටු වලින් ඉතාලියට ගිහින් එතැනින් දේශසීමා තරණය කරන්න විවිධ වාහන වල අහුමුළු වල හැංගිලා ගිහින් සෑහෙන ප්‍රමාණයක් මියගිහින් තියෙනවා...
ReplyDelete//අතීතයේ සිරිලංකාවෙ අයත් බෝට්ටු වලින් ඉතාලියට ගිහින් එතැනින් දේශසීමා තරණය කරන්න විවිධ වාහන වල අහුමුළු වල හැංගිලා ගිහින් සෑහෙන ප්‍රමාණයක් මියගිහින් තියෙනවා...//
Deleteසිරා මේ ගැන ලියන්න කෝ පොස්ට් එකක්
ඔය ගැන ලියන්න මට එච්චරම කරුණු නෑ...වතාවක් පුවත් පතක ඔය අත්දැකීම් ලබලා 99 ජීවිතේ බේරාගත්තු කාන්තාවක් දැක්වූ අදහස් මම කියවලා තියෙනවා...
Deleteසිරා = එක ඇත්ත අප්‍රිකානුවන් එකයි ඔහුව සැබෑ වීරයෙක් විදියට සලකන්නේ.
Deleteමිල්ල සොයා ෆිල්ම් එකෙත් සිද්දිය ඒ වගේ දෙයක් නේ.ලංකාවෙත් 90 දශකයේ ඉතාලියට කියා දැන් ඉතින් යන්නේ ඔස්ට්‍රලියාවට නේ.
කල්පනා = සිරා අයියා යටින් දාල තියෙනවා නේ උත්තරේ. අපි බලමු ඒ ගැන දන්නා හොඳ කෙනෙක් පසු කාලෙක දාවිද කියලා.
කතාවටත් වැඩිය පුදුම මේ මිනිස්සුන්ගෙ ඇදහිලියි මට නම්,
ReplyDelete>> ගුවන් මගින් ගියහොත් ඒ සමාජය පිලි ගන්නේ පිරිමියෙක් නොවන,නිකමෙක් විදියට. වීරයෙක් වීමටනම් මුහුදු මගින් යුරෝපයට පැනීම අත්‍යවශ්‍ය කාර්යක් වුනා. <<
ඒ නැතත් ගුවන් ගමනක බර පැන ඔවුන්ට දරාගන්න බෑ නේද? අනික වීසා ප්‍රශ්ණ?
ඇත්ත මිනිස්සු ඒ විදියට හිතාගෙන ඉන්නත් ඇත්තේ සාමාන්‍ය විදියට යන්න නොහැකි කම නිසා වෙන්න ඕනේ.
Deleteකුමක් හෝ විදියකින් විසා ගත්තොත් ,මුදල් තිබුනත් අර විදියේ ගමන් යන්න වැඩි දෙනා පෙළඹිලා තියෙනවා.
// වීරයෙක් වීමටනම් මුහුදු මගින් යුරෝපයට පැනීම අත්‍යවශ්‍ය කාර්යක් වුනා. // මාරයි නෙ :O හරිම පුදුමයි මිනිස්සුන්ගෙ විශ්වාස ගැන..
ReplyDeleteෆිල්ම් එක බලන්න ඕනෙ.. මෙහෙම එව්වා ලියලා අපිව අප්ඩේට් කරනවාට තෑන්ක්ස් අයියෙ.
අපේ රටේ වීරයෝ බහුලයි. හැබැයි යන්නේ ඕස්ට්‍රෙලියාවට :))
Deleteඑක ඇත්ත වීරයෝ වෙන්න විවිදා කරේ ප්‍රබන්ධ ගොතා ගන්නවා නේ. ඒ වගේමයි ඒවා මෙහෙයවන පිරිසත් කතා ගොතනවා.
Deleteස්තුතියට ස්තුතියි..
සෑම් = ඉස්සර තව තව රටවලට ගියා නේ.
ayi ithaliyata? :)
Deleteබලන්න ඕන චිත්‍රපටිය.
ReplyDeleteඅපේ රටෙත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වෙනව ඇති.පිටරට පටවන හැටියට.
ඔව් ඉස්සර ටෝලර් එකේ යද්දී කෙනෙක් මියගියොත් මිනිය මුහුදට විසිකරනවා කියල අහල තිබුනා.
Deleteමිනිහා ජීවිතේ බේර ගත්ත එක හරි පුදුමයි.. නැව්ක එහෙම දවස් තුනක් හැන්ගිලා ඉන්න එක ලේසි වැඩක් නෙමේනෙ බන්.. සාමාන්‍යයෙන් නීති විරෝදීව සැගව යන්නන් අහුවුනාම ඒකෙ වගකීම නැවේ කැප්ටන් පිට තමා පැටවෙන්නෙ.. නීති විරෝදීව බඩු ප්‍රවාහනය කරන එකක්නම් ඉතින් බඩුම තමා.. ඒක නිසා වෙන්න ඇති උන් මෙහෙම ගේමක් දෙන්න ඇත්තෙ..
ReplyDeleteදවසක් කොළඹ වරායෙන් සේල් වෙච්ච අපේ නැවක ඉඳලා ලංකාවෙ එකෙක් අහු වුනා.. මිනිහා නම් කිව්වෙ නැව ඇතුලෙ නින්ද ගියා කියලා.. ( වැඩට එන කම්කරුවො මුල්ලක් අල්ලන් නිදා ගන්න එක සාමාන්‍යය දෙයක් ). අන්තිමට මිනිහව ඊජිප්තුවෙන් බස්සලා කැප්ටන්ගෙ අතින් ටිකට් එක අරන් දීලා ගෙදර එව්වා.
මේ කතාව හොයලා කිව්වට උඹට ගොඩක් ස්තූතියි..
ඔව් ඒක ඇත්ත. කිසිම ආහාරයක් නැතිව දින තුනක් නැවේ එහාට මෙහාට දුව දුව ජීවිතය රැක ගැනීමත් වීරකමක්.
Deleteඝානවට එන්න කලින් ඒ නැව තිබුල තියෙන්නේ ඇමරිකාවේ නිව්යෝක් වල. නිව්යෝක් වලදී මේ විදියට ආපු පිරිසක් අහුවෙලා. නිව්යෝක් වරායෙන් කැප්ටන්ට දඩ ගහලා.මෙයලවත් මරපු හේතුවට කියල තියෙන්නේ තමන්ට ප්‍රශ්නයක් වන නිසා ඝාතනය කලා කියල. නමුත් නීතිය තියෙන්නේ එහෙම අහුවුනොත් කිසි කරදරයක් නොකර වරායකට ආපු ගමන් එම රටේ තානාධිපති හරහා ඔවුන්ගේ රටවලට භාර දීමයි. මම හිතන්නේ සෙන්නා දන්නවා මට වඩා හොඳට ඒ නීතිය ගැන.
මම ඒ කතාව ඇහුවෙත් අයි මචං. සමහර විට ඇත්ත වෙන්නත් ඇති,. එත් කොහොමද ටිකට් එකක් විතරක් තිබිලා රටකින් තවත් රටකට එන්නේ කිසිම වෙන ලියකියවිල්ලක් නැතුව.
චිත්‍රපටය නැරඹීමට ආසාවක් ඇති වුණා අසාර්
ReplyDelete:)
එහෙනම් බලන්න. මේ කතාවයි චිත්‍රපටිය අතර කොච්චර සමානකමක් තියෙනවද කියලා.
Deleteශා මේ පෝස්ට් එකත් චිත්‍රපටියක් වගේ මට.චිත්ත රූප මැවුනා.
ReplyDeleteස්තුතියි නිසුපා..
Deleteවාර්තා නොවන මෙවැනි දේ කොච්චර ඇද්ද.. මොනවා උනත් කිංස්ලිට වාසනාව තිබිල තියනවා ජීවත් වෙන්න.
ReplyDeleteඇත්ත ඔහු සැබෑ වාසනාවන්තයෙක්.
Deleteඅපේ රටෙත් ඉන්න උං ඒක වෙන්නැති පිරිමිකම පෙන්නන්න ට්‍රෝලර් බෝට්ටු වලිං ඔස්ට්‍රේලියා පයින්නේ...
ReplyDeleteපිරිමි කම පෙන්වන්න පටන් ගෙන තියෙන්නේ 80 දශකයේ ඉඳලම නේ.
Deleteහිටපං බං පොඩ්ඩක්, තව අවුරුදු දයකින් විතර අපි ආශ්චර්යට ලං වුනාම බලාපන් ඕස්ට්‍රේලියන්කාරයො අපේ රටට හොරෙන් පැනල එනකොට.
Deleteඅනේ වාසනාවන්.
Deleteදැන්නම් ඔහොම අහු වුනාම වෙඩි තියල දාන්නේ නැහැ.. කන්න බොන්න වතුර එක්ක පොඩි බැරල් බෝට්ටුවකට පටොල මුදට බස්සනවා...
ReplyDeleteඒ කොහෙද එහෙම කරන්නේ. කෑම තියෙන තාක්කල් ජිවත් වෙන්න පුළුවන් නේ..
Deleteලංකාවෙත් මේ සෙල්ලම තියෙනවා, කවුරුවත් වැඩිය දන්නෙ නැති වුනාට. හැබැයි අර තරම් ම්ලේඡ්චනම් නෑ.
ReplyDeleteඑරික් ඉලයප්පාරච්චිගේ "ලලිත සමය" පොතේ මේ ගැන ටිකක් කියවෙනවා.
ඒ කියන්නේ ටෝලර් ඇතුලේ යන එකද නැත්නම් නැව් අස්සේ යන එකද?... සෙන්නත් දාල තියෙන පොඩි විස්තරයක් ලංකාවේ නැවක් ඇතුලේ සිද්ද වුන දෙයක්..
Deleteයුරෝපයයේ ගොඩක් මේ විදියට ගිය කලු ජාතිකයෝ ඉන්නවා. මේ කතාව කලින් දැකපු බවක් මතක නම් නෑ.
ReplyDeleteකමෙන්ට් කරන්ට හදනකොට පෝස්ට් එක නැති වෙලා තිබුනනේ. :)
ඊයේ පොස්ට් එකේ පොඩි අළුත් වැඩියාවක් තිබුනා නේ.එකයි නැති වෙන්න ඇත්තේ..
Deleteකාලයක් ඔවුන්ට යන්න තිබුන එකම විදිය මේ විදිය තමයි..
අදමයි මේ පැත්තට ආවේ හොද ලිපියක්
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..
Deleteලස්සන කතාවක්
ReplyDeleteස්තුතියි ..
Deleteකතාව චිත්‍රපටයක් වගේ . දේශ සීමාතරනය ලේසි පහසු වැඩක් නෙවෙයි වගෙ.. අපූරු කතාව
ReplyDeleteඇත්ත ලේසි පහසු දෙයක් නෙවෙයි මාරයත් සමඟ සටනක්.. ජය ලබන්නේ ටික දෙනයි.
Deleteස්තුතියි..
නැවේ උනුත් හොරු, මුනුත් හොරු......
ReplyDeleteහොරු නැති ලොවක් නැත..
Deleteඒවගේම නැතිවුනත් මේ කතාව කියෙව්වට පස්සෙ මගේ ඔලුවට එකපාරට ආවෙ “මචං“ ඒ වගේම “නිල්ල සොයා“ කියල ෆිල්ම් දෙක....
ReplyDeleteඔහු ඇත්තටම දක්ෂයෙක්...දවස් තුනක් අරවිදියට බේරිලා ජීවත්වෙන්න....
ඔව් මචං ෆිල්ම් එකත් මම බලල තියෙනවා. උන් යන්න හදන්නේ වෙනත් විදියකින් නේ?..
Deleteවීරයන් අතරේ සැබෑ වීරයෙක්..
meka kiyewwama ithin chithrapatiya baluwa wage thamayi. elakiri.
ReplyDeleteඔව් නේද මම මුළු කතාවම මෙතන ලියලා නේ.
Deleteමාර ගෙමක් දෙන්න අැති බෙරෙන්න....සුපිරියට ලියලා තියෙනවා...
ReplyDeleteඅන්න වටින කතාවක්.. මට දැනුනේ නිකං ස්ටිව් බිකෝ වගේ කියල...
ReplyDeleteමොකක්ද බං ඒ.. ස්ටීව් බිකෝ??
Deleteමේකට අදාළ නෑ බං ඒ උනත් ඔෆෝගේ මූන දැක්කම මට මතක් උනේ දකුණූ අප්‍රිකානු ශිෂ්‍ය ක්‍රියාකාරියා ස්ටීව් බිකෝ.. අහල නැත්ද බං.. ක්‍රයි ෆ්‍රීඩම් කියල පොතක් තියෙනවා මිනිහ ගැන.. මට ඉංගිරිසි පොත ලිව්ව කෙනාගේ නම මතක නෑ.. ඒත් ඒක සුනිල් මාධවයන් පරිවර්තනය කරල තියෙනවා හඩනු මැන නිදහස කියලා.. ආ ෆිල්ම් එකත් තියෙනවා..
Deleteඅදමයි මේ කථාව ඇහුවෙ.ඇත්තටම ඔහු හරිම වාසනාවන්තයි අර විදිහට ජීවිතේ බේරගන්න ලැබුන එකට. මේ විස්තරේ කියෙව්වම නම් මටත් ෆිල්ම් එක බැලුව වගේ දැනුනා :)
ReplyDeleteකියෙවුවාට කමක් නැහැ ෆිල්ම් එකම බලල වෙනස වැටහ ගන්න.
Deleteමම හිතුවෙ ම ගෙතුව කථාවක් කියලයි. කොහොම වුණත් වාසනාවට කොයිතරම් සල්ලි ලැබිලත් ඒ දේවල් කලමණාකරණය කරගන්න බැරිවුණ එක ගැන නම් කණගාටුයි! අපූරුවට ලියලා තියෙනවාත් කියලා කිව්වෙ නැත්තම් ඒකත් අඩුවක් සහෝ!
ReplyDeleteඇත්ත ඔහු කාලයක් හොඳ පොහොසතෙක් වුනා පස්සේ පස්සේ තමන්ගේ බිරිඳවත් දික්කසාද කරන්න හදල වෙනත් කාන්තාවන් නිසා.
Deleteඅදටත් කලු ජාතිකයෝ යුරෝපෙට ඇතුල් වෙන්න මේ ක්‍රම භාවිතා කරන්නේ..අසරනයා ගොඩක් කාලෙකින් නේද?
ReplyDeleteතවමත් ඒ විදියමද? කළු වුන්ට විසා දෙන්න යුරෝපය බයයි. ඒ නිසා වෙන්න ඕනේ,
Deleteමම දැන් ටික ටික පොස්ට් දානවා.. මේ මාසෙට දෙවෙනි එක.
මගේ අප්පේ .... ඇඟේ මයිල් ස්මයිල් වුනා ඒ කතාව අහල. මම හිතන් හිටියෙ ඔහොම දාමරික නාවිකයො හිටියෙ එකදාස් හත්සිය බර ගනන්වලට කලින් කියල.
ReplyDeleteමේ විදියට තමන්ගෙ ජීවිතෙ අනතුරේ දමාගෙන ලබාගන්න මොන මොන මඟුලක්ද වටින්නෙ. කොහොම උනත් අපේ වීරයා නම් ගොඩක් වාසනාවන්තයි.
එහෙම ධමරිකයෝ තවමත් ඉන්නවා.
Deleteඒ රටේ දුක් විඳිනවට වඩා තවත් ඒ විදියේ දුකක් විඳගෙන නොදන්නා සැපක් හොයාගෙන යන්නව ඇත්තේ.
ඇත්ත ඔහු සැබෑ වීරයෙක්..
කාගේ උනත් ජිවිත අත්දැකිම් අපේ ජිවිත හසුරුවා ගන්න උපකාරි කර ගන්න පුළුවන් නම් වටිනවා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔව් ඕනෙම නීතිවිරෝදී වැඩ කරන කෙනෙකුගෙන් උනත් අපිට ගන්න පුළුවන් ආදර්ශ තිබෙනවා.
Deleteධාරිත්ය බව මැඩගත් ධෛර්්‍යයේ ශක්තිය..! මාරාන්තික මුහුදුගමන පුරාම ලියැවුණ කතාවක් කියලා හිතුණා.
ReplyDeleteකිංස්ලිට ලැබුණ මුදල් ආධාර වලින් කොටසක් ඔහුත් එක්ක ගිය අයගෙ පවුල් සමඟ බෙදාගත්ත බවට සඳහනක් නෑනේද.. මාරන්තික මුහුදු ගමනෙන් පසු ඔහුගෙ සිහින සැබෑකරගනිද්දි , වීරයෙක් වෙද්දි අනිත්අතින් ඔහු දුගියෙක්වෙනවා දරුවත් බිරිඳත් අතහැරදමන්න තරම්..! ඒත් ඔහු තවමත් සිය පවුලත් එක්ක ජීවත්වෙන්න වාසනා ලද වීරයෙක්..!
පැහැදිලිව සරලව ඉදිරිපත් කෙරුණ චිත්‍රපටයේ විස්තරකිරීම ඇත්තටම අගෙයි..!
ලැබුණු මුදල් වලින් අනිත් මිතුරන්ගේ බිරින්දෑ වරුන්ට සැලකුවා ඒ වගේමයි වෙනත් වාසි ලබාගන්නත් ගිහින් තිබුනා. කෙසේ වෙතත් දැන් සිය පවල පිටින් හොඳින් ජිවත් වෙනවා.
Deleteස්තුතියි නන්දු..
මිනිස්සු මෙච්චර දේවල් කරන්නේ ජීවත් වෙන්නනේ කියලා හිතෙනකොට පිස්සු හැදෙනවා බං. සල්ලි තියෙනවනම් ඔච්චර දුක් විඳිනවායැ. (පෝසත් කමේද මට්ටම් ඇති අතර දුප්පත් කමේ පහලම අඩියේ ඉන්න එකා තරම් අවදානමක් අනික් උන් ගන්නවා අඩුය. ගත්තත් සේෆ්ටි ෆර්ස්ට්)
ReplyDeleteඔව් ඒ විදියේ දුප්පත් මිනිසුන් නොදන්නා සැප සොයාගන්න ඕනෙම දෙයක් කරනවා. කිංස්ලි සහ ඔහුගේ යාලුවෝ සියලු දෙනාම සිතුවේ ඒ ආනාගතය පමණයි..
Deleteමට මතක් වුනේ පයිරේට් ෆිල්ම් එකක් .තාමත් මුහුද මැද තියෙන්නේ වෙනස් නීති. හැබැයි ඉතින් අපරාධයක් හැමදාම සඟවන්න බැහැනේ .
ReplyDeleteඅහලම නැති කතාවක් අසරණය . ඔබ ඉන්නේ ඝානාවේ එහෙනම් .
ඔව් කවදා හෝ විඳවන්න සිද්ද වෙනවමයි.
Deleteඔව් මම ඝානාවේ මිට කලින් පොස්ට් කිහිපයකම දැම්මා නේ මම ඉන්න රට ගැන විස්තර.
නියම පෝස්ට් එකක් !
ReplyDeleteස්තුතියි මචං..
Deleteමේක අදම බා ගන්න ඕනි
ReplyDeleteවැඩි අමාරුවක් නැහැ.ඉක්මනින් පුළුවන් බා ගන්න.
Deleteමොකද දැන් වැඩිය පෙන්න නැත්තේ..
වෙයි කියල හිතන දෙයක්ද කවදාවත්.... පුදුමාකාර ජිවිත අත්දැකීම් තමයි
ReplyDeleteජීවිතය කොච්චරනම් වෙනස් ද? එක එක විදියේ අද්දැකීම්..
Deleteඅසරණයෝ මේක සිරා බ්ලොගයක් නොවැ , මං තාම කල්පනා කරන්නේ ඇයි මට මෙච්චර කාලෙකට මේක මග ඇරුනේ කියලා
ReplyDeleteස්තුතියි මචං අගය කිරීමට.
Deleteඉතින් හැමදාව වරෙන් කෝ මේ පැත්තේ දොර ඇරලා තියෙන්නේ..
අනේ අසර් මටත් අසරන කමක් දැනුනා මෙක දැක්කම..
ReplyDeleteඇත්ත මේ මිනිසුන් ජිවත් වෙන විදිය සියසින් දකින මමත් හොඳටම අසරණයි..
Deleteමිනිහට නොසෑහෙන වාසනාවක් තිබිලා තියෙනවා ඒ වගේ වාතාවරණයක් යටතේ කෑමත් නැතිව බේරිලා ඉන්න.... ඒ වෙනකොට ඊට කලින් තව කී සීයක් අවසන් ගමන් ගිහින් තියෙන්න ඇත්ද අන්තිම දරුණු විදියට.... අර උඩම තියෙන පින්තූරෙ එයා අතින් අල්ලන් ඉන්න පත්තර කෑල්ලෙ තියෙන්නෙ මොකක්ද කියල අසාර් දන්නවද...?
ReplyDeleteඔව් ඔහුගේ වාසනාව නිසා අප්‍රිකාවේ තවත් තරුණයන්ට ජිවත් වෙන්න වාසනාව පැදුනා.. අර පින්තුරේ ගැනනම් මට ඒ හැටි විස්තර කරන්න දන්නේ නැහැ.
Deleteඅනේ මේ අසරණයාට මේ මාසෙත් මක්කා හරි දෙන්න දෙයියෝ.. (මොනා හරි ලියල පබිලිස් කොරත් ඇති.. අමාරුනං)
ReplyDeleteමචං මම හෙටම එකක් දානවා. මගේ පොස්ට් කියවන්න කැමැත්තෙන් ඉන්නවා දැනගත්තාම අවංකව සතුටුයි මචං..
Deleteසල්ලි වලට මිනිස්සු මොනවද නොකරන්නේ.... ෆිල්ම් එක බලන්න ඕනි...
ReplyDeleteඔව් බන් ඇතැමුන් ජිවත් වෙන්න මිනිසුන් මරනවා.තව කොටසක් ජිවත් වෙන්න ගිහින් මැරෙනවා.
Deleteලස්සන කතාවක්.