9 Apr 2012
අපේ අම්මට අකුරු බෑ මිස්...
මම 8 වසරේ ඉද්දි අපේ පන්ති භාර මිස් අපේ සිංහල මිස්. ආසම විෂයක් එපා වුනේ අපේ සිංහල මිස් ගේ දැඩි දඬුවම් ක්‍රමය නිසා. ඒ කාලේ අපේ පන්තියට ගැහුවේ කිඹුරු මඩවද්දී අම්බරුවෝ පාලනය කරන්න ගන්න කෙවිටක් වගේ එකකින්.හදිස්සියෙවත් ඒ කෝටුව නැති වුනොත් ඒ හා සමාන කෝටුවක් ගේන්න පන්තියෙන් කෙනෙක්ට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්න වෙනවා.කෝටුවක් ගෙන්න සුදානම් වෙන්නේ හැමදාම ගුටි කන්න කන්න ලෑස්ති වෙලා ඉන්න කෙනාගේ තරහා කාරයෙක්.තමන්ගේ තරහ පිරිමහගන්න හොඳම අවස්තාව එනකන් හැමෝම බලන් ඉන්නේ.ගෙනාපු කෝටුව මිස්ගේ හිතට හරියන්නේ නැත්නම් ගෙනාපු කෙනාටම දඬුවම් විඳින්න වෙන නිසා කවුරුවත් පොඩි කෝටුනම් ගෙනාවේ නැහැ.
වයසට වඩා විලාසිත කරන පාසලකට උචිත නොවීන පාවෙන හෙට්ටි විදිය වගේ රත්රන් පුරවාගෙන ඉන්න කෙනක් මේ අපේ සිංහල මිස්.ආදරේට කිවුවේ "චවුලා" කියල.හිටපු ගමන "ජුහි චවුලා" කියලත් කියනවා.ගහන්න කොටුව උස්සන් එද්දී සාරියේ ලස්ස නැත්නම් කාරුබුවේ වටිනාකම ගැන කතා කලොත් මිස්ගේ කේන්තිය නැති වෙන්නේ අයිස් දිය වෙනවා වගේ වේගයකින්.ඒ කාලේ ගුටි නොකා බේරෙන්න කරපු තව දෙයක් වුනේ මිස්ගේ රුවට "ජුහි චවුලාගේ" රුව සමාන කිරීම.ලතා වල්පොල වගේ රුවකට සැබවින් හිමිකක් කියපු සිංහල මිස් ඒ කාලේ ස්ටාර් කෙනෙක්ට සමාන කිරීම ගැන ඇය සතුටු වුනා.පස්සේ පස්සේ මේ කරන්නේ බොරුවක් විත්තිය මිස්ට තේරුම ගිය බව දැන ගත්තේ දවසක් හරක් මඩවන කෙවිටදික් කරන් එද්දී මිස් අද ජුහි චවුලා වගේ ලස්සනයි කියල හැමදාම ගහපු තුරුම්පුව ගහපු දවසේ "චවුලා නෙවෙයි උඹල වවුලාට වගේ එල්ලලා ගහන්නේ ඊළඟ දවසේ කෑ ගහල අහු වුනොත්" .එයින් පස්සේ කට්ටියටම තේරුම ගියා මිස්ගේ ඇත්ත තත්වේ මිස්ටම තේරුම ගිය බව.
දවසක් සිංහල පාඩමේ කියා දෙන වෙලේ සුපුරුදු පරිදි වෙන වැඩ කර කර ඉද්දි කියා දීලා තියෙන්නේ පණිවිඩ කරුවන් පණවිඩ පතුරවන විදිය රජ කාලේත් වර්තමානේත්. පනීවිඩ කරුවෙක් ලියන විදියට පනීවිඩ ලියන්න මුළු පන්තියටම පැවරුමක් දුන්නා..තම තමන් ගේ පණිවිඩය හඬ නගා කියවන්න සිද්ද වුනේ එදා දවසේ මගේ තිබුණු අවාසනාවන්ත කම නිසාමද කොහෙද?. උගුරේ රැලි බුරුල් කරලා පටන් ගත්තා මගේ නිවේදනය කියන්න.
"ඩේන් කුටු ඩේන් කුටු ඩාන්.... ඩාන්....ඩාන්....." වරහන් ඇතුලේ බෙරේ සද්දේ.
"අසවු අසවු.."
මට එච්චරයි කියන්න ලැබුනේ සිංහල මිස් ගේ හඬ අවදි කළා. "අසවු නෙවෙයි යකෝ සරනේරු".රජ කාලේ එකෙක් නෙවෙයි වර්තමානේ එකක් ලියන්න දුන්නේ වෙන වැඩ කරන එකේ ඵලවිපාක නිසා මගේ කාර්ඩ් එක ටික කාලෙකට "සරනේරුවා" කියල වැටුනා.
කාලෙන් කාලෙට ඒ මිස් අලුත් අලුත් නීති අඳුන්වල දෙනවා.පාසල් එන්නේ නැති හැමෝම දවසකට රුපියලක් ගානේ දඩ ගෙවන්න ඕනේ ඒ සල්ලි වලින් පංති කාමරයට අවශ්‍ය කරන පොඩි පොඩි දේවල් ගන්නේ..දඩේ එකතු කරන්නේ පංති නායකයා වෙච්ච මම. වැස්ස දවසට පස්සේ දවස මට මගුල් වගේ අනිවාර්යෙන්ම ළමයි පස් දෙකෙවත් එදා ඉස්කෝලේ එන්නේ නැති නිසා මට ගෙඩි පිටින් රුපියල් පහක් ලැබෙනවා. වසර ඉවර වෙද්දී මට පන්තියේ හැමෝගෙන්ම ලොකු ගානක් ලැබිල තිබුනා ඒත් කවුරුවත් හොයල බැලුවේ නැහැ එකතු වුනු මුදල් වලට සිදිවුනු දේ ගැන. ඒ නිසා සිංහල මිස්ට පොඩි කැමැත්තක් තිබුනා මගේ හිතේ.
තවත් නීතියක් තමා ඉස්කෝලේ එන්නේ නැත්නම් ගෙදරින් ලිවුමක් අරං එන්න ඕනේ කියන නිතිය. එක දවසක් අවේ නැත්නම් නිදහසට කරුණු නැත්නම් ලිවුමක්.දවස් දෙකක් නෑවිත් ලිවුම නැත්නම් ගුටි. දවස් දෙකකට වඩා නෑවිත්ව ලිවුමකුත් නැත්නම් ප්‍රින්සිපල් ළඟ. ඒ විදියට තමා නීති සම්පාදනය වෙලා තිබුනේ. එදා බ්‍රහස්පතින්දා මහා වැස්ස දවසේ අමාරුවෙන් ගෙදර නැවතුනා.සිකුරාදා දවස බොරු ලෙඩ අරං අයෙත් ගෙදර නැවතුනා.එක දිගට දවස් හතරක් නිවාඩුවක් ලැබෙන්නේ හරි කලාතුරකින්.ඉරිදා දවසේ අල්ලපු ගමත් එක්ක ගහපු මැච් එක දිනපු ප්‍රීතියෙන් පහුවද ඉස්කෝලේ යන දේවල් සුදානම් කරගන්නේ නැතිව නින්දට ගියේ. පහුවදා සිංහල මිස් දැක්කම මතක් වුනේ පන්තියේ තියෙන නිතිය.හැමදාම ඉස්කෝලේ යන්න පුරුදු වෙලා හිටපු මම කලින් දවසේ සතුටත් එක්කම හැම දෙයක්ම අමතක වෙලා තිබුනේ.
සම්ප්‍රදායකව ඉස්කෝලේ එන්නේ නැති තුන් දෙනෙකුත් හදිස්සෙයෙන් එන්නේ නැති දෙන්නෙකුත් ඔක්කොම හය දෙනෙක් මට වගේම ලිවුම ගෙන්න අමතා වීම නිසා මරණෙට කැප වුනු බොයිලර් කුකුල්ලු වගේ බය වෙලා වුන්නේ. හැම දෙනාම දවස් දෙකක්ම ඇවිත් නැහැ.ඒ හැමෝටම ලැබෙන්න තියෙන දඬුවම කෝටු පාරවල් කැමති අතක් තෝරාගෙන ලබා ගැනීම.එදා මුලින්ම ගියපු කෙනා නිදහසට කරුණු කියන්නේ වෙවුල වෙවුල. ගොඩාක් දෙනෙක්ට ලිවුම ගේන්න අමතක වෙලා. තව කෙනෙක්ට ලිවුම ලියපු පොත ගෙනල්ල නැහැ.ඒ කිසි කෙනෙකුට ගුටි නොකා ඉන්න බැරි තරම් කරුණක් කියන්න බැරි වුනා. තව කෙනෙක් ඒ නිතිය දාපු දවසේ ඉස්කෝලේ ඇවිල්ල නැති නිසා එහෙම නීතියක් ගැන දැනගත්තේ එදා. ඒ නියා වැරදි දෙකකට දඬුවම් දෙකක්ම ලැබුනා.
අන්තිමටම ආවේ මගේ වාරෙ. හැමෝම කිවුවේ එකම විදියේ බොරු. ඒ කිසි කෙනෙකුට බේරෙන්න බැරි වුනා.අන්තිමට හිටියේ මම නිසා කලින් හැමෝටම ගහල කොටුවත් කැඩිලා තියෙන්නේ.එකේ වාසියත් ගන්න පුළුවන් නිසා කලින්ම මම අන්තිමයා වෙන්න තිරණය කලා.මගෙන් නිදහසට කරුණු අහන්න පටන් ගත්තේ උසාවියේ නඩු අහන වගේ.අනිත් අයට වඩා වැඩි සද්දෙකින්.
"මොකද අවේ නැත්තේ"....."උණ හැදුනා මිස්"...."කෝ ලිවුම ??.".අනිත් අයට වගේ අමතක වුනාද?... මිස් දිහත් පන්තිය දෙපැත්ත බැලුවේ නිකමට වගේ. මුළු පන්තියක්ම දැන් බලන් ඉන්නේ මගේ දිහා.ගෑණු ලමයිනම් හිත යටින් සතුටු උනා.මට කලින් ගුටි කාපු දෙන්නෙක් තවමත් අඬනවා. තව කෙනෙක් ඇස් රතු කරන ඉන්නේ. මුලින් ගුටි කනවට වඩා අන්තිමට ගුටි කද්දී වේදනාවට වඩා ලැජ්ජාව වැඩියි කියල මට එවෙලේ තේරුම් ගියා.
"කෝ ලිවුම කියනවා මොකද වුනේ".දරුනු අපරාධ කාරයෙක් ගෙන් හොර බඩු ගැන විස්තර අහනවා වගේ මගෙන් ප්‍රශ්න කරන්නේ. මට තවත් නිශ්ශබ්ද වෙලා ඉන්න බැරි වුනා.අහිංසක මූණක් මවාගෙන බිම බලාගෙන මිස්ට විතරක් ඇහෙන්න හේතුව කිවුවා.
"මිස් අපේ අම්මා අකුරු දන්නේ නැහැ ඉතිං ලිවුමක් ලියන්න බැහැ.එකයි ලිවුම ගෙනාවේ නැත්තේ".මගේ දිහා ටිකක් වෙලා බලන් ඉඳල මිස් පංතියෙන් එලියට ගියා.මම හිතුමේ මම ගැන දුක හිතල කාටවත් නොපෙනෙන්න සාරි පොටෙන් කඳුළු පිහදන්න ගියා කියල.පංතියම හොල්මන් හැමෝටම ගහල මට විතරක් නොගහ හිටපු එක ගැන.මිස් එලියට ගියාම පන්තිය පුරා යන බැල්මක බලල මට කලින් ගුටි කාපු වුන් දිහා බලල මාපට ඇඟිල්ල උස්සල "ෆිට් තමා" කියල හස්ත මුද්‍රවක් දුන්නේ මගේ බොරුවේ සාර්ථකත්වය පෙන්නන්න.
ටිකකින් අයෙත් පංතියට එද්දී ඇගෙ සුරතේ රැඳුනු දේ ගැන මගේ හිතේ පොඩි කැමත්තක්වත් තිබ්බේ නැ. පාවිච්චියෙන් පසු නැවත ලබා දෙන පොරොන්දුව මත එහා පංතියෙන් ණයට ඉල්ලාගත් ගොඩපර කෝටුව දකිද්දී මගේ පපුව හෝස්!! ගාල ගියා.අඩි දෙකක් විතර දිග කොටුවක් මිස්ගේ අතේ දුරට එහාට වෙන්න මම හිටියේ. කිසි දෙයක් කියාගන්නවත් හිතා ගනන්වත් බැරි වෙන්න පහර පිට පහර ලැබුනා ඉතා සැහැසික විදියට.හදිස්සියේ වත් මුණට වදින එක වලක්වන්න විතරයි මට කරන්න පුළුවන් වුනේ.කොටු පාරවල් විස්සක් විතර වැදුනා කියල ඉස්සරහ පේලියේ හිටපු ගෑණු ළමයින්ගෙන් පස්සේ දැනගත්තා.සුදු පාට ෂර්ට් එකේ කොළ පාට ඉරි විස්සකට වැඩිය තිබුනා.ඈතට මගේ ෂර්ට් එක ගොඩාක් ලස්සනට පෙනිලා තිබුනා. බොරුවට වෙනසක් කරන්න ගියපු මට ඉතුරු පීරියඩ් දෙකත් දණ ගහගෙන ඉන්න සිද්ද වුනා.සාමාන්‍ය බොරුව කිවුවනම් කොටු පාරවල් හතරකට වැඩිය ලැබෙන්නේ නැහැ.
මම නොදන්නා වුනාට අපේ අම්මගේ මිතුරියක් වුනු අපේ සිංහල මිස් මම ගැන හැම විස්තරයක්ම දන්නවා.ඉස්කෝලේ කරන හැම වැරද්දක්ම මම ගෙදර යන්නත් කලින් අපේ ගෙදරට තොරතුර ලබන්න හැකි අදී තාක්ෂණ උපකරණය මොකක්ද කියල දැනගත්තා.උප විදුහල්පතු තුමාගේ සිට ගොඩක් දෙනෙක් මම කාගේ කවුද කියන විත්තිය දැනගෙන ඉඳල තියෙන්නේ.කාලයක් යනකම් යහපත් ළමයෙක වගේ ආයෙත් සංවරව හිටියා.
~~අසර්~~
ලබන්නාවූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!..
Labels:
පොඩි කාලේ
Subscribe to:
Post Comments (Atom)
හපොයි..................ඔයට් කලගන්න වැඩ....
ReplyDeleteහොඩ වැඩේ බොලු කියන්න නනවත.....;)
ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා අයියෝ.....!!
මම ට්‍රයි කලේ ගුටි නොකා ඉන්න. අහුවෙන්නේ නැතිවෙන්න බොරු කිවුවොත් හැමදාම අහුවෙනවා.
Deleteමම හිතුවේ ගහන එකක් නෑ කියලා බැලින්නම් මිස් දීලා තියෙනවා ආයේ මදි නොකියන්න....අයියත් මාර නිර්මාණාත්මක බොරුවක්නේ කියලා තියෙන්නේ... එක අතකට හොඳම වැඩේ...
ReplyDeleteසාමාන්‍ය පෙලින් පස්සේ මම එක දිගට ඉස්කෝලේ යන්න ඇත්තේ දවස් තුනයි වැඩිම උනොත් හැබැයි සාපෙ කාලේ හැමදාම ඉස්කෝලේ ගියා වහින දවසටත් යනවා උදෙන්ම කාලෙකට ඉහත පිට්ටනියක් වෙලා තිබුනු පිට්ටනිය පොඩි වැස්සකටත් වැවක් වෙනවා ඒ කාලේ....11 වසරෙදි එක දවසයි ඉස්කෝලේ නොගියේ....
අර පින්තූරෙනම් මරු අපිත් ඔහොමයි ගුටිකන්න ලෑස්ති උනාම
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා අයියේ
මමත් හැමදාම ඉස්කෝලේ ගියා.ඉඳල හිටලා තම ගියේ නැත්තේ.මොකද ගෙදරට වඩා ඉස්කෝලේ ආතල් එක වැඩියි නේ.ඒත් බොරුවට වෙනසක් කරන්න ගිය එක සාර්ථක නැහැ.
Deleteෂැහ්... ඇත්තටම ඒක හරිම නිර්මාණාත්මක බොරුවක් තමයි, ඒත් කොස්සකට හිටියෙ ඇඳුනුම්කමනේ. ඒත් අඳුරනවා නම් අහවල් දේකටද ඔය තරම් තලන්නේ... අනේ මන්දා, හිතාගන්න බෑ. හැබැයි ආයේ එහෙම බොරු කියන්න නැතුව ඇති නේද? ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සහෝ!
ReplyDeleteඒ මිස් කොහොමත් ගහන්න ගිටියාම ගහන්නේ හරකට වගේ.මොකක් හරි මානසික ලෙඩක්ද දන්නේ නැහැ. අයෙත් ඒ විදියේ බොරු කිවුවේ නැහැ.
Deleteහොඳ වැඩේ. ඉතින් ටීච අම්මට කිව්වේ නැද්ද කතාව?
ReplyDeleteඅපිටත් හිටිය ඔය වගේම රාස්ස ටීච කෙනෙක් 3 වසරෙදි. එක දවසක් මහන්සි වෙලා හදාගන ගිය සඟරාවේ එක පිටුවක් අඩුයි කියලා ඔක්කොම පිටු ටික ඇදලා පන්තියේ එහා කොනට වීසි කරා. මන්ත්‍රී බිරිඳක් වෙච්ච එයා මුළු බාලිකාවම බය කරගන හිටියේ.
අම්මට පස්සේ දවසක ආරංචි වෙලා තිබුනා ඉතිං සුපුරුදු පරිදිත් එදා බැනුම් ඇහුවා.
Deleteඔයාට ඉතිං මොනවා හිතෙන්න ඇතිද කියල හිතාගන්න බැහැ.ඒ වගේ මෝඩ කමින් හිස උදුම්මවාගත් ගොන් ගෑනු ඉන්නවා. එයාලට ගුරුවරු කියන්නත් ලැජ්ජයි.
මෙහෙමත් ගහනවද...
ReplyDeleteමේක දැක්කම මට අපේ ඉස්කෝලේ සර් කෙනෙක්ව මතක වුනා.අපි 8 පන්තියට ගිහීන සර් අපේ පන්තියට ආව මුල්ම දවසේ පොතේ ඉස්සරහම පිටුවෙ මේ කවිය තමයි මුලින්ම ලියන්න දුන්නේ.
"නිමා කරනු මිස වැඩ ඇති තමා අත
පමාවට කරුණු මට උවමනා නැත"
හදිස්සියෙවත් කාටහරි ගෙදරවදක් කරන්න බැරි වුනොත් සර් මුලින්ම ඒ ළමයට පොත ගෙන්න කියල ඉස්සරහ පිටුව පෙන්නනවා.ඉඉට පස්සේ ඉතින් සර්ත් හරියට ඔය මිස් වගේම ප්‍රතිචාර දක්වනවා...
ලස්සන ලිපියක් අසාර් අයියේ...
ඕව් ඉතිං බලේ මට ගැහුවා.ඒ විදියට ගුටි කෑම සුලබ දෙයක්.
Deleteඔයාගේ සරුත් හොඳ කෙනෙක්.හැබැයි ගහද්දි ළමයින ගැන හිතනේ නැති එක තමා ප්‍රශ්නේ.
අයියෝඕ ඔය හැටි ගහලා මොනාද දන්නේ නෑ එයාට ලැබුනේ. හැබැයි මෝඩ බොරු කියන්න ගියාට නම් හොඳ වැඩේ. හි හි....ඕක අම්මට කිව්වනම් අම්මගෙනුත් ගුටි කන්න තිබුනා අම්මට අකුරු බෑ කිව්වට...
ReplyDeleteහිතේ තියෙන කේන්තිය නැති කරගන්නේ කාට හරි තලලා.එක ඒ මිස්ගේ හැටි. හැබැයි අම්මට පස්සේ දවසක කියල තිබුනා.එතකොට එකේ රස්නේ ගිහිල්ලා.
Deleteඔය කියලා තියෙන්නේ ඉදලා ඉදලා බොරුවක්.. වතාවක් දෙමාපිය රැස්වීමකට මට අපේ අම්මට එන්න කියන්න බැරි උනා.. මම කෙලින්ම කිවුවේ අම්මා රට ගියා කියලා.. ඊළග වාරේ දෙමාපිය රැස්වීමෙදි මිස් අම්මට කියනවා ළමයි මෙහෙම දාලා රට යන්න එපා කියලා.. එවෙලේ අම්මා මුකුත් කිවුවේ නෑ.. ගෙදර යනකොටම අක්කට කියලා.. ඉතින් ගිය ගමන් අක්කගෙන් ගුටි..
ReplyDeleteඅම්මෝ අක්කා මාර සැරයිනේ.අපෙත් ගොඩාක් යාලුවෝ කියන බොරුවක් තමා අම්මා රට කියන එක.
Deleteඔව්.. අම්මා කේන්ති ගියාට බනින්නේ නෑනේ.. ඒවටත් එක්ක අක්කා අල්ලනවා.. :) දැන් නම් එහෙම නෑ හැබැයි..
Deleteකියන්න අමතක උනානේ.. සුභ අළුත් අවුරුද්දක් වේවා අසාර් අයියටත්...
අපේ අක්කත් මට ගහන්න හිටියනම් මගේ කලිවත් හොයන්න ලැබෙන්නේ නැහැ.අම්මගෙන් ගුටි කාපු තරම්.බොරුනම් අපේ බිත්ති වලින් අහන්න.
Deleteහම්මෝ....මං කොට්ටල වාසනාවන්ටඩ.....:O
Deleteඅපොයි සරණේරුවො ! උඹත් දාගන්න ලෙඩ..යකෝ බොරු කියනවා කියලා ඔහොමත් ගල්පැලෙන බොරු කියනවද ?
ReplyDeleteඋඹටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !!!
හෙක් හෙක්... මට වෙලා තියෙන සිද්දි මම හීනෙන්වත් හිතපු නැති ඒවා. බොරුවට වෙනසක් කරන්න ගියේ.වැඩේ අසාර්ථකයි.
Deleteඋඹත් යනයන තැන මොකක් හරි ලෙඩක් දා ගන්නවනේ... :)
ReplyDeleteමදෑ ඔයිං ගියා....
අපිට හිටපු සිංහල මිස්ගේ පුතා හිටියෙත් අපේ පන්තියෙමයි. එක දවසක් මිස්ගේ පුතා කොළ ගුටියක් විසි කරලා ඒක ගිහින් මිස්ගේ මෙසේ උඩට වැටුනා.
මිස්ට එදා පුදුම විදිහට කේන්ති ගිහින් අරුට ගැහුවා ගහන්න පුළුවන් හැම විදිහටම. අඩි කෝදුවකින්, අතින්, කනට, කම්මුලට..... :(
හැබැයි මේ මිස් ලේසියෙන් කාටවත් ගහන්නේ නැහැ...
මගේ යාළුවා පහුගිය කාලයේ රට හිටියේ, ඌ නැති උනත් මම ඒ ගෙදරට යනවා හැමදාම වගේ නිවාඩුවට ගියාම.
මම ඉස්සර ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියත් නතර වෙන්නේ එහේ, මමනම් ගොඩක් කැමති ගුරුවරියක් තමයි අපේ සිංහල මිස්
(ඒ ඇරෙන්න මම කැමති වෙන ගුරුවරු නැද්ද කොහෙද)
උඹටත් පවුලේ සැමටත් සෞභාග්‍යයෙන් සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා.....!!
ඒ මිස්ට කේන්ති යන්න ඇත්තේ තමන්ගේ පුතා වැරදි කරද්දී අනිත් ළමයි හදන්න බැරි වෙන නිසා වෙන්න ඇති.
Deleteමටත් හිටිය මම ආස කරන ගුරුවරු ටිකක්. මේ සිංහල මිස්ගේ පුතත් මගේ යාලුවෙක් වුනා පසු කාලේදී.
//මගේ දිහා ටිකක් වෙලා බලන් ඉඳල මිස් පංතියෙන් එලියට ගියා.මම හිතුමේ මම ගැන දුක හිතල කාටවත් නොපෙනෙන්න සාරි පොටෙන් කඳුළු පිහදන්න ගියා කියල.පංතියම හොල්මන් හැමෝටම ගහල මට විතරක් නොගහ හිටපු එක ගැන.මිස් එලියට ගියාම පන්තිය පුරා යන බැල්මක බලල මට කලින් ගුටි කාපු වුන් දිහා බලල මාපට ඇඟිල්ල උස්සල "ෆිට් තමා" කියල හස්ත මුද්‍රවක් දුන්නේ මගේ බොරුවේ සාර්ථකත්වය පෙන්නන්න.//
ReplyDelete:D හලේ.. බොරුව කිව්වට පස්සෙත් නිකන් ඉදලා නෑ.. යාළුවො කිව්ව දේවල් පහුවට ඊට වඩා හිත රිදෙන්නෙ ඇති.. :D ඕන් බලන්න ඉතින් නිර්මාණාත්මක හැකියාවටත් තැනක් නැති හැටි.. :D මිස් කියලා තිබුණෙ නැතිද අම්මට පුතාගෙ නිර්මාණාත්මක හැකියාව ගැන...
ඒ මොනවා වුණත් ගොඩපර කෝටුවකින් මේ විදිහට ගුටි කන්න.. :(
අයියටමයි වෙන්නෙ..
උදාවෙන අළුත් අවුරුද්ද අයියටත් පවුලෙ හැමදෙනාටමත් හිත් සතුටෙන් පිරුණ සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..!!!! :)
Delete// ඕන් බලන්න ඉතින් නිර්මාණාත්මක හැකියාවටත් තැනක් නැති හැටි// රටේ අවාසනාව. අපේ හැකියාවට අත දෙන්න කවුරුවත් හිටියේ නැහැ නේ. මටම මේ දේවල් වුනේ මගේ ඒ කාලේ ඉඳලම වෙලාව හොඳ නැහැ.
Deleteමාර කෑමක්නෙ...
ReplyDeleteඔයාටත් සුභ සුභ අවුරුද්දක් වෙවා!
ඇති විශිෂ්ඨ කෑමක්.
Deleteමචං උඹ ඔය ඔප්පු කරන්න හදන්නෙ ඉස්කෝලෙත් ගියා කියලද?
ReplyDeleteඅළුත් අවුරුද්ද සුභ වේවා..
අනේ බං ඇයි එහෙම කියන්නේ. මම කම්පසුත් ගියා කැන්ටින් එක කරන්න.
Deleteබොරුකිවටනම් ගහන්ට ඕන. ඒත් දඩුවම වැඩි වගේ . පව් කොල්ල .
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් ඔබටත් !
ඔයා විතරයි අනුකම්පා කලේ මට. මම වගේම අනිත් හැමෝම බොරුනේ කිවුවේ.
Deleteනොනිමි සිහින සහෝ කියපු තාලේ සිද්ධියක් අපේ පන්තියෙදි උනා.. මගේ හොඳම මිත්‍රයෙක් තමයි චූදිතයා.. වැරැද්ද ගෙදරවැඩ නොකිරීම.. දඩුවම ගුටි කෑම සහ අනිවාර්යෙන් පීරියඩ් එක ඉවර වෙනකම් දණ ගහගෙන සිටීම.. සර් ගත්ත පොත.. පොතේ මුල් පිටුවෙම ලස්සනට ලියල තිබුනා "ඉගෙනීම කටු ඉත්තකි.. එහි ඵලය මල් ඉත්තකි" ඒකත් වෙන ළමෙකුට කියල ලියව ගත්ත එකක්.. සර් පොත බැලුවා.. වැඩ නොකලට උත්සාහය තියෙනවා වගේ.. "කමක් නෑ පුතා.. අනිත් දවසේ ඒ වැඩෙත් කරගෙන එන්න" කියල ඔළුවත් අතගාලා වාඩි කෙරෙව්වා.. ඇත්තටම සර් තව පිටු දෙකක් ඉස්සරහට පෙරළුවානම් යාළුව කපෝතියි.. අන්තිම වාරෙ වෙනකොටත් ඒ පොතේ සටහන් තිබුනේ පිටු දෙකක විතරයි...
ReplyDeleteආහ්, අසර් සුභම සූභ අළුත් අවුරුද්දක් වේවා ඔන්න !!
යකෝ ඒ යාලුවා අදහන්න වටිනා එකෙක් නේ.එපෙත් හිටියා ඒ වගේ කොල්ලෝ පිට කවර දාල ලස්සන පින්තුර අලවල තියෙන්නේ.ඒත් අතුල හිස්.
Deleteඔය කාලා තියෙන්නේ නැවු ගුටි..ලොකු උන්නැහේ අම්මා ටිචර් කෙනෙක් ද..මොකැ ඔය පුරාන පනිවිඩ සාර්ථකව ගෙදරට යැමේ අද්දැකීම් මටත් තියෙනව..උබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් මචො
ReplyDeleteඅම්මෝ.... කොහෙද අතුරුදහන් වෙලා හිටියේ.
Deleteඅපේ අම්ම ටීචර් කෙනෙක් නෙවෙයි ඒත් අපේ ලොකු අම්මගේ සම කාලිනයෝ නිසා අපේ අම්මව හොඳට දන්නවා.ඒ නිසා මගේ ගැනත් ඕනවට වඩා හොයනවා.
උඹ ඔය කියලා තියෙන්නෙ බන්ධනාගාර නියාමකවරියක් ගැන. ඔහොම එවුන් ගුරුවරියො හැටියට මමනම් සලකන්නෙ නෑ
ReplyDeleteගුරුවරයෙක් හෝ ගුරුවරයක් ඊට අදාල පෞර්ෂයෙන් යුතුව හැසිරන්නෙ නැත්නම් ගුරු භක්තිය ඔවුන් කෙරෙහි තබාගත යුතු නැත.
මේක කියවලා මටත් හිනා නොගියා නෙවෙයි.ඒත් ඊට වඩා කේන්ති ආවා...
සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!
ඇත්තම ඇත්ත....ඒ පුද්ගලයා ගුරුවරියක් වෙන්න බැහැ...ලමයින්ව කෝටුමස් කරන අමානුෂික ඔය වගේ ගෑනුන්ට කියන්න වචන නෑ..මට නම් පේන්න බැහැ උන්ව...මගෙ ලමයෙකුට එහෙම ඔහොම ගහල තිබ්බොත්,මොනම වැරැද්දකට හරි එහෙම ගැහුවොත් මම ඒ ගෑනිව යවනව ලංකාවෙ එයා කොනේම කැලෑවෙ මැද්දෙ තියන ඉස්කෝලෙකට...!!!!
Delete@ සුමිත් = ඒ මිස් අනිත් ගුරුවරුන්ට වඩා වැඩි පුර ළමයින්ට තලනවා.ගෑණු ළමයින්ටත් ඒ වගේ තමා හිටපු ගමන්.
Delete@කිරිල්ලි = අම්මෝ කිරිල්ලිට කේන්ති ගිහිං තියෙන තරම්. මටත් එහෙම පෙන්නනං බැහැ සත්තුන්ට වගේ ගහන ගුරුවරුන්ට.
අසර්ටත් වෙන වැඩ... ගුටි කන එක නම් ඉතිං සාමාන්‍යයි, ඒත් ඔය විදියට ගුටි දීම නම් ටිකක් අමානුශිකයි. ඒ ටීචර්ට ළමයි හිටියෙ නැද්ද?
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් අසර් !
ඒ ටීචර්ට ළමයින හිටියා ඒත් ටිකක් අමුතු විදියට හිතන පතන කෙනෙක්. ඒ ටීචර් ගේ පුතා පස්සේ මගේ යාලුවෙක් වුනා.
Deleteමම නම් දරුවන්ට ගහන එකට කැමති නෑ. නමුත් කරන මරු මූස් වැඩවලට නොගහත් බෑ.. මමත් හිතුවේ අඬන්න එළියට ගියා කියලා...
ReplyDeleteඕව් සමහර ළමයි කරන මරුමුස් වැඩ වලට නොගහත් බැහැ..හැමෝම හිතුවේ අඬන්න එලියට ගියා කියල තමා.
Deleteටීච අම්මට නිව්ස් එක දුන්නම අම්මටනම් හිනා යන්නැති හොඳටම..ඇයි අම්මා ගේ ඇතුලෙ තියාගෙන හදන අහිංසක පුතන්ඩියනෙ.. :P
ReplyDeleteපොඩි කාලේ මම කරපු කිසි වැඩකට අපේ අම්මා හිනා වුනේනම් නැහැ. ඒ ආරංචිය හැබැයි ඇවිල්ල තියෙන්නේ ගොඩාක් පරක්කු වෙලා. එදත් බැනුම්.
Deleteආපෝ ඔය දැනඇඳුනුම් කම් හින්ද හිරකාරයෙක් වගේ හිටියෙ පොඩි කාලෙ.. නිදහසේ කිසි දෙයක් කරන්න නෑනෙ... මම කෑව එකපාරක්, පන්තිය ඉස්සරහ බ්රේක් ඩාන්ස් දාන්න ගිහින්...
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා කොලුවො :)
මම කාගෙ කවුද කියල දැනගෙන හිටියාත් ඒ දේ ඇඟවුවේ නැහැ.. ඒ කියන්නෙත් උඹත් හොඳ නැට්ටුක් කාරයෙක් ද?
Deleteපංකාදු මුසාවක්නේ උඹ ඇද බාල තියෙන්නෙ!
ReplyDeleteහොර ලේඛනයක් හැදුවනම් වැඩේ ගොඩ දාගන්න තිබුනේ නැද්ද??:p
සුභ නව වසරක් වේවා අසර් අය්යටත් !
නැද්ද ඔය ඉන්න දිහාවේ අවරුදු උත්සව එහෙම??
බොරුවේ වෙනස ප්‍රතිඵලය වුනේ ඉරි ඉරි ෂර්ට් එකක් ගෙදර ඇඳන් යන්න.
Deleteඅනේ මෙහෙ ඉන්නේ ලංකාවේ තව එක්කෙනයි අපි දෙන්නා ඉතිං එදාටත් වැඩ?
ඔහොම කාල මදි බං :D
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා! :)
ඇයි බං එහෙම කියන්නේ.උඹට වගේ සද්දන්ත ශරීරයක් නැහැ මට.
Deleteබොරු කියන්න එපා කියන අවවාදෙ මෙහෙම දුන්නෙ නැත්නම් ළමයගෙ ඔළුවට යන්නෑ..
ReplyDeleteඒක නිසා ගුරුවරිය වැරදියි කියන්න නම් අමාරුයි..
කොහොම වුනත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..
අනේ ඉතිං එහෙම පොඩි ළමයින්ට ගහන්න හොඳ නැහැ නේ. ඒත් ඉතිං අයෙ මම ඒ බොරුව කිවුවේ නැහැ හැබැයි.
Deleteදැන් කාලෙ නැති උනාට අපිටත් ඔහොමම තමයි තැලුවෙ..එක සැරයක් ඒ පීරියඩ් එකේ ටීචර් ඇවිත් නෑ..අපි කලේ සෙට් එකම පැන්නා ළඟම තියෙන රබර් වත්තෙන් එහා පැත්තෙ තියෙන පැශන් ෆෘට් වගාවට..එදා දුන්නා ප්‍රින්සිපල්..කොට කලිසම් ඇඳලා හිටි අපිට කකුල් දෙකම පුපුරන්න දුන්නෙ..තාම ඒ තුවාල වල කැලැල් තියෙනවා..
ReplyDeleteදැන් ඉතිං ළමයෙකුට ගැහුවොත් ඒ ගුරුවරයා පොලිස් කුඩුවේ තමා ඉන්න වෙන්නේ. මටත් ඇති වෙන්න ගුටි කාල තියෙනවා ප්රින්ශිපල් ගෙන්.හැබැයි කිසිම කැළලක් නැහැ.(ශරීරයේ විතරක්)
Deleteයකඩො තොපෙ අම්මගෙ ඇඳුනුම් කමට තමා එහෙනම් නායක පට්ටම හම්බෙලා තියෙන්නෙ.
ReplyDeleteමට O/L කාලෙ පුදුම වදයක් දුන්නා බන් අපේ පන්ති භාර පොරත්.හැමදාම ගුටියක් ෂුවර් තමා.ඒ මදිවට මට ගණන්,ඉංග්‍රීසි උගන්නන වෙනම උන් පත් කරලා තිබ්බෙ.උන් හැමදාම මට වැඩ දෙන්නෝනි.නොකර හිටියම මම ගුටි කන්නෝනි.හනේ සංසාරේ ස්කෝලෙ කාලෙ වින්ද දුකක්.
නායක කම මට ලැබුනේ නිතරඟයෙන් පන්තියේ කොල්ලෝ ගේ කැමැත්තට. උන්ට ඕනේ දෙයක් කරන්න පුළුවන් මම නිසා.
Deleteඋඹත් දුක් විඳලා තියෙනවා නේ මම වගේ. ඉස්කෝලේ කාලේ විඳපු දුක ඉතිං එපා වුනා.කරුමේ කියල හිතිලා තියෙනවා ඒ කාලේ.
ඔය ඇදගෙන නාල තියෙන්නෙ ලෙසටම......අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!
ReplyDeleteනාපු එකමයි කලේ.ඒ කාලේ.
Delete"මිස් අපේ අම්මා අකුරු දන්නේ නැහැ ඉතිං ලිවුමක් ලියන්න බැහැ.එකයි ලිවුම ගෙනාවේ නැත්තේ".
ReplyDeleteමට ඇඩෙනව බං ඉහි ඉහි ඉහි හික්!
අනේ අඬන්න එපා!! ඒ මිසුත් ඇඬුවා මට දුක හිතුනා ඒ මිස් ගැන.
Deleteහෙන ගහනවනේ......
ReplyDeleteඕව් නේ.. වහින වෙලාවට.
Deleteආපෝ... ඉස්සර ඉදන්ම ගල් පැලෙන බොරු කියලා තියෙන්නෙ..:p හික්ස්ස්.. ජුහී චවුලා අයියාගෙ ආසම නිළිය වෙලා තියෙන්නෙත් ඒකමයි..;)
ReplyDeleteමට බොරු කියල හුරු නැති නිසා නේ මම නිතරම අහුවෙන්නේ. චවුලා නෙවෙයි වවුලාට වගේ එල්ලලා ගහන්නේ. එහෙමයි අපිට කිවුවේ.
Deleteමම ලංකාවෙදි ඉස්කෝලෙ ගියෙ අවුරුදු කිහිපයක් විතරයි..ඒත් මම කවදාවත් ගුටියක් කාල නැහැ ඉස්කෝලෙන්..එක දවසක් අපිට ගෙදරදි ලියාගෙන එන්න දුන්න රචනාවක් ලියාගෙන ආවෙ මම විතරයි..මිස් මුලු පන්තියෙම ලමයින්ව එලියට දැම්මා..දැන් ඔක්කොමල අව්වෙ හිටගෙන ඉන්නවා මම ඇතුලෙ ඉඳන් දැලේ එල්ලිලා බලාගෙන ඉන්නව එයාල දිහා..ටිකකින් මිස් එලියට ගියා..මට දුක හිතුන ඇයි මම විතරක් පන්තියෙ ඉන්නෙ ඔක්කොමල එලියෙ අව්වෙ ඉන්නකොට කියල..ඉතින් මාත් එයාල ගාවට ගියා..මිස් ආපහු එද්දි මම එලියෙ...හ්ම්ම්ම්ම්..ඊට පස්සෙ මොකෝ උනේ දන්නවද??
ReplyDeleteමිස් ඔක්කොම ලමයින්ව ඇතුලට ගත්ත මාව එලියෙන් තියල...ඉහි.ඉහි.ඉහි..!!!! :D :D :D :D.......
අහ්..කියන්න අමතක උනා...මම ලංකාවෙන් එන්න ඉස්කෝලෙන් අස්වෙනකොට ඒ මිස් මගෙ රචනා පොත් ටික ඉල්ල ගත්තා..එයාගෙ අනිත් ලමයින්ට පෙන්වන්න තියා ගන්න ඕනෙ කියල....
Deleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ....!!!!
ඔයාත් ඒ කාලේ ඉඳල මාර ඇබැද්දි වෙලා තියෙන්නේ අනිත් අය ගැන හිතලම.
Deleteඔයාට ඉතිං ඒ කාලේ ඉඳලම හොඳ ලිවීමේ හැකියාවක් තිබිලා තියෙනවා නේ.
හපොයි...මම හිතුවේ මිස් ගහන්නේ නැති වෙයි කියලා..බලද්දී මදි නොකියන්න පාර දීලා තියෙන්නේ..:D
ReplyDeleteමොනවා උනත් අහුවෙන බොරු කියන්න යනවට හොද වැඩේ... හැබැයි ඉතින් අම්මා අකුරු ලියන්න දන්නේ නෑ කියන බොරුව එච්චර බයෙන් ඉදිදීත් මතක් වෙන්න සැහෙන්න බොරු කියලා ප්‍රැක්ටිස් එකක් තියෙනේ ඕන...:P
හුගක් සුන්දර මතකයක් අයියේ.. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
එහෙම මම බොරු කියන්නේ නැහැ.ඉඳල හිටලා පොඩි එකක් කියනවා.ඒත් මම හිතුවා සහනයක් ගන්න පුළුවන් එකක් වෙයි කියල.කොහෙද දුන්න නේ සුදු ෂර්ට් එක බතික් වෙන්න.
Deleteඇත්තටම මම හිතුවේ අසාර් අයියගේ බොරුව ඇත්තක් වගේ හිතල ටීචර්ගේ හිත උණු වෙන්න ඇති කියල. බැලින්නම් සහනයක් ගෙන්නනේ ගිහින් තියෙන්නේ.
ReplyDeleteතාක්ෂණ උපකරණය එතකොට සිංහල ටීචර්ද?
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අසාර් අයියේ.
අපේ ටීචර්ට උණුවෙන හිතක් නැහැ.
Deleteඕව් ඕව් සිංහල ටීචර් කේලම් මල්ලක්.එක තමා රොයිටර් එක වගේ හැම දෙයක්ම අම්මට කියල තියෙන්නේ.
ඉල්ලගෙන කෑමක් නොවැ!!!!!!!!!!!!!!!
ReplyDeleteඅනේ බලහං බං මට වුන වැඩේ.
Deleteබොරු කියනවාට හොද වැඩේ.එත් දඩුවම නම් සැරවැඩිද මන්දා.
ReplyDeleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !
එකනේ තුෂා ඔයාට හිතුන දේ ඒ මිස්ට හිතුනේ නැහැ නේ.
Deleteස්තුතියි.!!
මොනව උනත් අයියෙ බොරුව නම් හරිම නිර්මාණාත්මකයි ;) ගුටි කන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මට නම් ඔහොම බොරුවක් ගොතාගන්නව තියා කතා කරගන්නවත් බැරි වෙයි.අම්මව ඒ ටීචර් දන්නවනම් ඔය කතාව අම්මට කිවුවෙ නැද්ද දන්නෙ නෑ.
ReplyDeleteඅසර් අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!
ඔයාලා වගේ ඉඳල හිටලා නෙවෙයි නේ මම ගුටි කෑවේ.හදිස්සියෙන් දවසක විතරයි ගුටි නොකාපු දවසක් තියෙන්නේ. පොඩ්ඩක් බය තිබුනේ ප්‍රින්සිපල්ට විතරයි.. අපේ අම්මට පස්සේ දවසක කියල තිබුනා.
Deleteමං අයියගේ ගොඩක් පෝස්ට් කියෙව්වා. අමතක නොවන අත්දෑකීම් ගොඩක් තියෙනවා නේද.......
ReplyDelete:)
මොනාවුනත් කැපී පෙන්න යන්නේ නැතිව අනිත් අය වගේම උත්තරයක් දුන්න නම් ඉවරයි.
මටත් හිතෙනවා නංගි මට එහෙම අත්දැකීම් තියෙනවා කියල බ්ලොග් කෙරුවාවට අව් පස්සේ නේ මේ හැම දෙයක්ම මතක් වුනේ.
Deleteකැපී පෙනෙන්න නෙවෙයි නගෝ මම ගියේ.ගුටි නොකා බේරෙන්න.
ප්‍රථමව ශෝකය කතාව බලන්ට එන්න පමා වුනාට :(
ReplyDeleteඅඩේ මම හිතුව සිරාවට ටීචර් දුකට බොට නොගහ ඉදී කියල. උබ ගම කාගෙන නොවැ..
උබ නොදැන හිටියට ඔක්කොම රිපෝට් කරන්න ඇති කලින් ඉදලම ගෙදරට..
ඔය ටීචර් අපේ 'ජම්බො ජෙට්' ටීචර් වගේ. එයා ලස්සනයි. සල්ලි තියෙනව කිව්වම සැර නැහැ. අපිට ආදරෙයි.
ජය අසාාාාාාාාාර් !
පමා වුනාට මක් වෙනවයි ඉතිං.
Deleteඅනේ බලහං බං මට වුන වැඩේ.අනිත් උන් වගේ එකම බොරුව කිවුවනම් ගුටි හතරකට වඩා ලැබෙන්නේ නැහැ.
අපේ ටීචර් ගොඩාක් ආසයි රත්රන් වල වටිනාකම කියද්දී.8 වසරේ හිටපු අපි කියන දේවල් පවා මිස් මිලිගත්තා නේ.
අයියෝ අසර් ඔන්න මම ඔයාට සරනේ කියනවා මීට පස්සේ..
ReplyDeleteමම නම් ළමයින්ට ගහනවට හොදටම විරුද්දයි. තමන්ගේ මානසික ප්‍රශ්න වලට අහිංසක දරුවෝ පලිද. උගන්නද්දී ටිකක් තදින් හිටියට සත්තුන්ට වගේ ළමයිට ගහන බනින ගුරුවරු එක්ක මගේනම් තියෙන්නේ ලොකු තරහක්. එයාලා මානසික ලෙඩ්ඩු.
ඔයාගේ අම්මා දැන්නම් දන්නවා ඇති නේද පුතාගේ තරම..
"අසරණයා" කියල හිටපු මම "අසර්" කලේ ඔයා නේ දැන් ආයෙත් "සරණේ" කරන්නද යන්නේ හෙක්ස්.
Deleteමමත් ඒ ටීචර්ට කැමතිම නැහැ ගහනවා නේ අපිට. අනිත් ගුරුවරු වගේ නෙවෙයි.
අම්මා පස්සේ කාලෙක දැනගෙන මට බැන්නා."උඹට මතකට පොඩි කාලේ මම අකුරු කියල දුන්නා කියලා."
මරු කතාව. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වෙවා !
ReplyDeleteස්තුතියි යාළුවා.කොහොමද කැම්පස් එකේ වැඩ?
Deleteඅතේ පැලවෙන බොරුවක්නෙ බොලේ...
ReplyDeleteඒක නෙමේ..සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා ඕං !
බොරුවක් තමයි ඒත් බේරෙන්න විදියක් ගැන මම හිතුවේ.
Deleteසික් බං. මේ ගුරුතුමීගෙ කතා විලාශය නක් අන්තිමයි. "අසවු නෙවෙයි යකෝ සරනේරු"!
ReplyDeleteඅනික ලමයි වැරදි කරපු පලියට ඔයවගෙ ශාරීරික මානසික දඬුවම් දෙන ගුරුවරුන් මම නම් හෙලා දකිනවා.ඕක මානසික රෝගයක්.
සුභ නව වසරක්
henryblogwalker the Dude
ඒත් ඒ මිස් කියන්නේ අපිට ඒ කතා කරනවත් හොඳ වැඩිලු. මම හිතන්නේ හැම ඉස්කොලේකම එහෙම නැතුව ඇති ඒ වගේ.ඒත් දැන්නම් කොහොමත් ඒ වගේ ගුරුවරුන්ට ඒ වගේ සෙල්ලම් දන්නා බැහැ නේද?
Deleteඔයත් ගුරුවරයෙක් නේද? මම දන්න විදියට.
මමත් ගුරුවරයෙක් වෙච්ච පලියට වැරදි දේ හරියි කියන්න බෑ නේ. ඔය වැඩේ අන්තිම වැරදියි. මමත් ප්ලංකාවෙ ඉස්කෝලවල උගන්නලා තියෙනවා අවුරුදු ගානක් මීට කාලෙකට කලින්. ලමයින්ට නොගහා මනුස්සයින්ට වගේ සලකලා අගේට උගන්නන්න පුලුවන්.
Deleteඅසර් කියන ආමන්ත්රණයට මම නම් එච්චර කැමති නෑ. :P
henryblogwalker the Dude
අයියා මුල් කමෙන්ට් එකට ඔයත් ගුරුවරයෙක් කියන දේ වැරදි විදියට වගේ මම අහල තියෙන්නේ. මොකද මට යන්තම් වගේ මතකයි ඔයා ගුරුවරයෙක් කියල.ඒක දැනගන්න එහෙම ඇහුවේ.මන් හිතන්නේ මම අහපු විදියේ වැරද්දක් තියෙනවා වගේ.
Deleteඅයියා කියන විදියේ ගුරුවරු මට හමු වෙලා තියෙනවා.11 වසරේ ඉංග්‍රීසි සර්.අපි කරපු වැරැද්දකට අපිට බැන්නෙත් නැහැ ගැහුවෙත් නැහැ.ඒත් ඒ කරපු දේ බරපතල කම අපිටම දැනෙන්න සර් කතා කලා. තවමත් ඒ සර්ට අපි ගරු කරනවා. ඒ වැරැද්ද අපි ආයෙත් කලේ නැහැ.වෙන කෙනෙක් කරන්න උත්සහ කලත් අපිට තේරුම කරලා දෙන්න පුළුවන් විදියට එදා ඒ සර් අපිට තේරුම කරලා දුන්නේ.
කලින් මම අසරණයා කියල තමා හිටියේ.ඒත් අපේ බ්ලොග් ලියන සහෝදරියක් අසරණයා කියන ඒක අර්ථ දැක්කුව එකේ ඒ විදියට කතා කරන්න එපා මොකද නමේ තේරුම හරි නැහැ මම කොහෙත්තම අසරණයෙක් නෙවෙයි ඒ නිසා නම කෙටි කරලා වෙනත් අදහසක් එන විදියට අසර් කරන්න කිවුවා ඒ විදියට තමා අසර් කියල මම පවිච්චිකලේ. බලමු ඉස්සරහට නම ආයෙත් වෙනස් කරන්න.
අයියා මේ දවස් වල ලංකාවේද ඉන්නේ.
හපෝයි, ඔච්චර සිරාවට හිතන්න එපා. ඔයා ගුරුවරයෙක්ද කියලාඅහපු එකේ කිසි වැරැද්දක් නෑ. මම ගුරුවරයා ඉස්කෝලෙ ඉන්න වෙලාවට විතරයි. මේ වෙලාවට බ්ලොගර්.
Deleteඒක තමයි මම කිව්වෙ ළමයින්ට නොගහා උගන්නන්න පුලුවන් කියලා. ඕකට මම අනිත් ගුරුවරුත් එක්ක ගැටිලත් තියෙනවා. ඒවා අල්ලලා දාමු.
අසර් කියන නම මුස්ලිම් නමක් වගෙනෙ. :P ඇත්තටම ඔයාට ඕනෙ නමක් දාගන්න ඔයාට අයිතියක් තියෙනවා. නමුත් අසරණයා කියන නමට මමත් පුද්ගලිකව කැමති නෑ. මමත් කැමතියි අසරණ බවක් නැති නමක් දාගත්තා නම්. නමුත් ඒක ඔයාගෙ නිදහස.
අපි ලංකාවට එන්නෙ නොවැම්බර්. අවුරුද්දක් වෙසක් එකක් දැකපු කාලයක් මතක නෑ.
වාසනාවන්ත නව වසරක් වේවා.
henryblogwalker the Dude
හෙක්ස්...
Deleteගොඩක් වෙලාවට ළමයින්ට ගුරුවරු හින්දා තමයි සිංහල වගේ ලස්සන විෂයක් එපා වෙන්නෙ.
ReplyDeleteගුටි කාපු එක ගැන කියනව නම් ඉතින් කියපු බොරුවෙ හැටියට ඔහොම වෙලා මදි..D
සුබ නව වසරක් වේවා!
හෆොයි ඔයාවත් මට අනුකම්පා කරන්නේ නැද්ද? වැඩේ වැරදි නේද..
Deleteස්තුතියි වර්ෂා.
ඔන්න මමත් ආවා.
ReplyDeleteමටත් ඔය වගේම වැඩක් වුණා දවසක් අපේ පාසැලේ නියෝජ්‍ය විදුහලපති හොඳ ඊළඟ දවසේකෝටුවක් අරන් එන්න කියල මට නියම කළා. මමත් කොටුව ගෙනිහින් වීරයා වගේ දුන්නා.ඒක දීලා පැයක් දෙකක් යන්නත් කලින් මොකද්ද වැරැද්දකට මටම දෙකක් වැදුනා. ගහලා මට කිව්වෙ "ඔන්න තමුසෙ ගෙනාව එකෙන් ඉස්සරවෙලාම තමුසෙට සළක්න වුණා" කියල. ආයෙ නම් කිසි දවසක් ගේන්න කිව්වත් කෝටු ගෙනිච්චෙ නෑ.
ඔබේ පෝස්ට් එක කියවල කඳුලු පනිනකම් හිනා ගියා. පාසැල් ජීවිතේ හිතේ ඇඳිලා.
මටත් ඒ වගේ සිද්දි ගොඩක් වෙලා තියෙනවා.හැබැයි පොඩි කාලේ.ලොකු වෙද්දීනම් පීරියඩ් එක ඉවර වෙනකන් කෝටු හොයනවා.
Deleteමෙය කියවා සුන්දර අතීතය මතකයට නැගෙනවානම් මා සාර්ථකයි කියල හිතෙනවා.
හෆොයි හොදටම පරක්කුයි නෙ :(
ReplyDelete…වෙනස් කරල කියන්න ගිය බොරුවට ඉතින් අනිත් අයට වඩා වෙනස් විදියට ගුටිත් ලැබින්න එපැයි. එහෙම බලද්දි ඉතින් සැබෑ වෙනසක් තමා කරලා තියෙන්නෙ : P
අවුරුදේ නේ ඉතිං පරක්කු වෙන එක අහන්නත් දෙයක් ද?
Deleteසබැ වෙනේසේ ප්‍රතිඵලය එවෙලේම දැනුනා. අම්මෝ..!! වේදනාව..
ගහන්න ට්ඨිබුනේ රම්පෙට පොරි පොකුරු පොකුරු හිටින්න. ඔය මදි :පි
ReplyDeleteඔයටනම් මොකද මම නේ ගුටි කන්නේ.කෙල්ලෝ ඔක්කොම එකයි.මට ගහනකම් හැමෝම බලන් ඉන්නේ.ඒත් මම එයාලට ආදරෙයි. හෙක්ස්..
Deleteඅම්මපා උඹ වගේ එකෙක්
ReplyDeleteතියන්න වටින්නේ නැහැ නේ.
Deleteහරී මට කතා දෙක තුනක් මතක් උනා. ලියන්නම්කො..
ReplyDeleteඇයි තව පරක්කු කරන්නේ.ඉක්මනින් දාන්න.
Deleteමට මේ කතාවෙන් මතක් වුණේ වෙන කතාවක්.
ReplyDeleteඋපුල් ශාන්ත සන්නස්ගල මුලින්ම ලියපු "සරසවි දියණියෝ" පොතේ පිදුම දාලා තියෙන්නේ මේ විදිහට
"දෑස නොපෙනෙනා හින්දා
මගේ පොතේ අකුරක්වත්
අප්පච්චි දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චිට අහන් ඉන්න
අම්මා කියවන්නේ කොයි ලෙසින්"
මේ පොත මගෙ අම්මාටයි මගේ අප්පච්චිටයි.................
ගුටිනොකා බේරෙන්න හැදුවේ. එත් අන්තිමේදී ඇතිවෙන්න කෑවා.
Deleteසන්නස්ගලගේ ඒ පිදුම හරි සංවේදියි.
මං හිතන්නෙ අද තමයි මං ඉස්සෙල්ලම මේ පැත්තෙ ආවේ! පට්ට කතාව! දන්න උංම තමයි බං අපිට ඇට්ටි හැලෙන්න තඩි බාන්නෙ! ඕවා ඔහෙම්මයි! මටත් තියනවා ඔය වගේ කතා දෙක තුනක්ම!
ReplyDeleteනෑ මාදව මිට කලින් ඇවිල්ල තියෙනවා. ඔව් අපි දන්නා වුන් තමා අපිට එරෙහි වෙන්නේ හැම පැත්තකින්ම. ඒ කතා ටිකක් දාල බලමු අපිටත් කියවන්න.
DeleteAde patteta hina gya mcho.
ReplyDeleteAs 2n kandulu enakam hina una.
Athe paththu wena boruwak ne kiyala tiyene uba.