18 Apr 2012

මුරලිදරන්ව ඝාතනය කරයි.



                                                    එදාත් හවස ගෙදරින් පිටත් වුනේ සෙල්ලම් කරන පිට්ටනියට යන්න.යකඩ පාලම උඩදී තුසිතව හම්බවුනේ කඩේ ලෑල්ල උඩ තියෙන පත්තරේ කියවල අයෙත් යන ගමන්. පත්තරේ තිබුණු දේයක් ගැන තුසිත කියපු විස්තරේ මම පිලි ගත්තේ නැහැ.ඒත් තුසිත මාව කඩේට එක්කං හිහිං  තිබුන විස්තරේ පෙන්නුවා.පිටුවෙන් භාගයක් පිරෙන්න තිබුණු ඒ ලිපියේ එක තැනක් ඇඟිල්ල තියල පෙන්නලා මා දිහා බැලුවේ නොරිස්සුම් ගතියකින්.  ඒක දැක්ක ගමන් මගේ පපුව හෝස්!!.. ගාල ගියා. මම පත්තරේ නවල ආයෙත් ලෑල්ල උඩ තියල අපි දෙන්නම බයිසිකලේ පදින්නේ නැතුව තල්ලු කරන් ගියේ එවෙලේ සයිකලයක් පදින්න තරම් ඇඟට කිසි පණක් නැති වගේ දැනුනා හින්දමයි. කටේ කෙල නැහැ කියලත් දැනුනා අපි දෙන්නට දෙන්න  කිසි දෙයක් කතා නැතුව දිනේෂ්ලගේ ගේ ළඟ පිට්ටනියට ගියේ වෙනදා වගේ  සෙල්ලම් කරන්න.


දිනේෂ්ගේ කාමරේ තෙයෙන බැට්‌, බෝල, විකට් කූරුත්, අරං ඇවිල්ල අපි දෙන්නා විකට් කූරුත් හිටවල  ඉතුරු පිරිස  එනකන් පොල් කොටයක් උඩ වාඩි වෙලා හිටියේ. මේ සියලු සිද්දි වෙනකන් අපි දෙන්නා අතරේ වචන දහයක්වත් හුවමාරු උනේ නැහැ.ටික ටික හවස් වෙද්දී එක්කෙනා දෙන්නා සෙල්ලම් කරන්න හිතා ගෙන ඇවිල්ලා . අපි දෙන්න ඉන්න විදිය දැකපු කෙනෙක්  ඇහුවේ 


"මොකද අදත් බොලේ පැලුනද ? හරි හරි තව ටිකකින් කට්ටිය එනවා නේ එතකොට සල්ලි එකතු කරලා එකක් ගේමු."


මොකද හැමදාම අපේ බොලේ පැලෙන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුනේ.ඒ වෙද්දී ඉරි අල්ලලා සෙල්ලම් කරන්න පුළුවන් පිරිසක් එකතුවෙලා හිටියේ.ඒත් තුසිත සේරටම කලින් කතාව කියන්න ගත්තා.


"අද පත්තරේ බැලුවද ? මුත්තයියා මරලලු..."


නෑ..........


ඒ එතන හිටපු පිරිස පුදුම උන හැටි.ඒ කොහොමද ?මොකක්ද වෙලා තියෙන්නේ මොන පත්තරේද තිබුනේ?.හැමෝටම එක එක ප්‍රශ්න. ඒ වෙද්දී හය හත වසරවල හිටපු අපේ වීරයා වුනේ මුරලි.ලංකාවේ ක්‍රිකට් වසන්තය තිබුණු කාලේ අපි බෝල දාන්නේ මුරලි විදියට අනුකරන කරලා. වේගෙන් දාලා දාල මහන්සි වුනාම  මුරලි විදියට දාන්නා හැමෝම උනන්දු වුනා. ඒ විදියට දුවන් ඇවිල්ලා ඇස් දෙක ලොකු කරලා තොල කරකවල අතත් ඒ විදියට කරකවලා දැම්මත් අපි කවුරුවත් දාන බොලනම් කැරකුණේ නැහැ. හදිස්සියෙවත් ගල් කැටයක් උඩට බොලේ වැදිලා බොලේ යන දිහාව වෙනස් වුනොත් අපි හිතුවේ ඒ මුරලි වගේ දාපු නිසා දඟ කැවුනා කියල.එහෙවු අපේ වීරයාට වුනු දේ ගැන අපි හැමෝම කම්පා වෙලා හිටියේ.


දැන් කොහොමද මැරිලා තියෙන්නේ.කවුද මරල තියෙන්නේ. මිනීය ලංකාවට ගෙනල්ලද? එක එක ප්‍රශ්න.ඔස්ට්‍රේලියාවේදී ලු මැරිලා තියෙන්නේ.කවුද දන්නේ නැහැ මරන්න  ඇත්තේ...අපි සිද්දිය ගැන ගැඹුරින් සාකච්චා  කරගමන් හිටියේ.





මම නම් හිතන්නේ ෂේන් වෝර්න්. මොකද ඌ තරහයි නේ මුරලිත් එක්ක. ඌට වඩා හොඳට බෝල් කරන  නිසා. ඒ තව එකෙක්ගේ අදහසක්. සමහර විට ඊයන් හිලි වෙන්න ඇති මම දැක්කා එදා මැච් එකේ මුරලිට මොනවද කියනවාත්. මමනම් හිතන්නේ උන් ඔක්කොම සෙට් වෙලා වැඩේ කරන්න ඇත්තේ මොකද උන් හැමෝටම මුරලිදරන්ගේ බෝල වලට ගහන්න බැහැ නේ.ඒ එක එක අදහස් ආවේ අපේ යාලුවෝ ටික දෙනෙක්ගෙන්. මට තිබුනේ වෙනත් ප්‍රශ්නයක්. මරපු හේතුවට වඩා  මරපු විදිය ගැන. "මම හිතන්නේ රෑ නිදගද්දී අරුන් හොරෙන් ඇවිල්ලා නහයට ලේන්සුවක් තියල මරන්න ඇත්තේ එතකොට සිහිය නැති වෙනවා අර ටින් ටින් එකෙත් එහෙම කළා මම දැක්කා.කොච්චර ආරක්ෂාව තිබුනත් වැඩක් නැහැ කෑ ගහන්න විදියකුත්  නැහැ නේ." ඒ මගේ හඬ. එක එක්කෙනා එක එක විදියේ අදහස් පල කලා  මුරලි මරපු විදියේ ගැන . හැංගිලා ඉඳල පොල්ලකින් ගහන්න ඇති නැත්නම් හොරෙන් කාමරේට  ගිහිල්ලා බෙල්ල මිරිකුවද දන්නේ නැහැ නේ.ඒ තවත් අදහසක්.






අපිට අයෙත් ඉතිං මැච් දිනන්න අමාරු වෙයි නේ මුරලි නැතුව . අපේ වීරයාට වුනු ඒ අවාසනාවන්ත ඉරණම ගැන අපි හැමෝටම දැනුන දුක කියල නිම කරන්න බැහැ. ඒ කාලේ අපි දැනගෙන උන්නු කුණු හරුප හැම එකකින්ම අපි බැන්නේ හිතේ තියෙන ආවේගය නිසා.වැඩි පුර බැන්නේ ෂේන් වෝර්න්ට හා ඔහුගේ දෙමා පියන්ට. මේක කරපු වුන්ට හෙනම ගහන්න ඕනේ දත් කුරු හපන ගමන් දෙස් තියන්නේ මේ ආරංචිය මුලින්ම දැගත්තු තුසිත.සමහර විට රජයේ ශෝක කාලයක් දාවි නේද ඒ තව එකෙක්.  එහෙම වුනොත් ඉතින් ඉස්කෝලත් නිවාඩුත් දෙවිනේ.අපි එහෙම වුනොත් අපි එදාට එහා ගමත් එක්ක මැච් එකක් ගහමු.මොන දේ වුනත් ඒ දේ වාසියට පෙරලා ගන්න අපේ එකෙක් ඒ විදියේ ගොන් කතාවක් කියපු එක ගැන අපි හැමෝටම ඌත් එක්ක කේන්ති ගිහින් හිටියේ.


   
මේ විදියට එකී නෙකගේ අදහස් දෙස් දොවොල් තියෙන අතරේ සම්පත් ආවේ සෙල්ලම් කරන්න වෙනදට වඩා පරක්කු වෙලා.අපි හය වසෙරේ හිටියත් සම්පත් හිටියේ එකළහ වසරේ.අපිත් එක්ක හිටපු උන්ගෙන් ශිෂ්සත්වේ පාස් වෙලා හිටපු එකම කෙනාවෙනදා මේ වෙද්දී හොර ලකුණු දාගෙන දෙපිලම රණ්ඩු වේවි ඉන්න වෙලාවේ කවදාවත් නැතුව අපි වට වෙලා කතා කරනවා දැකපු සම්පත් සාක්කුවෙන් සල්ලි ගත්තේ තවත් පරක්කු නොවී ඕවර හයේ මැච් එකක් ගහන්න එරෝප්ලේන්බෝලයක් ගේමුද  කියල අහන ගමන්.එත් සිද්ද වෙලා තියෙන දේ ගැන තව එකෙක් සම්පත්ට විස්තර කළා. එත් සම්පත් දුකෙන් හිටපු අපි ගැන සමච්චලේට හිනාවෙල නිකා හිටියා.


හිනා වෙන්න නෙවෙයි මුත්තයියාව මරලලු පත්තරේ තිබුනා මම දැක්ක නේ.පත්තරවල බොරු තියෙන්න විදියක් නැහැ නේ.තුසිත පොළොවට අත ගහන ගමන් දහ අතේ දිවුරනවා.(ඒ කාලේ අපි හිතන් හිටියේ පත්තරවල යන හැම දෙයක්ම ඇත්ත කියල.). බොරුනන් අහපන් මුගෙන් තුසිත මා ගිහාවට අත දික් කරලා පෙන්නුවේ මමත් එක් සාක්‍ෂි කාරයෙක් නිසා. ඉතිං මට මගේ ඇස් දෙක විශ්වාස නිසා මම කිවුවා මම දැකපු දේ. මං දැක්කා පත්තරේ  තිනුනා මුරලිදරන්  ඝාතනය කරල කියල ඉතිං ඝාතනය කරනවා කියන්නේ මරනවා කියන එක නේ.මමත් තුසිතගේ පැත්තට කතා කලා. එහෙම කොහෙත්තම වෙන්න බැහැ. එහෙනම් අපිට මීට කලින් ආරංචි වෙනවා. අනික හෝටල් වල ඇතුලට එහෙම කාටවත් යන්න බැහැ අපේ කණ්ඩායමට ආරක්ෂාව දීලා නේ තියෙන්නේ. කාගේ හරි බොරුවක් වෙන්න ඇති .සම්පත් අපි කියන දේ පිලිගන්න ලෑස්තිම නැහැ. අපිට වඩා කොච්චර වැඩිහිටියෙක් උනාත් අපි හැමෝම සම්පත් එක්ක කේන්තියෙන් හිටියේ.


හරි බොරුනන් යමන් කඩේට ගිහින් පත්තරේ බලමු.එතකොට උඹටත් තේරේවි මම කියන්නේ ඇත්ත කියල.තමන්ගේ  ආරංචිය පිළිගත්තේ නැති සම්පත් දිහා කේන්තියෙන් බලන ගමන් තුසිත කිවුවේ ඒ අවනම්බුවෙන් බේරෙන්න හිතා ගෙනමයි.අපි හැමෝම කඩේට යන්න පිටත් වුනේ බැට් බෝල තේ ගස් අස්සේ හංගලා.අපි කට්ටිය දහ දෙනෙක් විතර කඩේට කිට්ටු වෙද්දීම කඩේ මාම කිවුවේ "ටෙනිස් බෝලනම් ඉවරයි නේ පුතේ ". අපි දවසට එක බොලේ ගානේ මිලදීගන්න හොඳ පාරිභෝගිකයෝ හින්දා වටේ පිටේ කඩවල් වල රබර් බෝල විතරයි ඉතුරු.එත් අපි ආවේ පත්තරේ බලන්න කියල දැනගත්තු ගමන් කඩේ මාමගේ මුණ හරියට ඔට්ටපාළු බෝලයක් වගේ වුනා. අපි හැමෝම කියන සම්පත් විතරක් අවිශ්වාස කරන ඒ කණගාටුදායක ප්‍රෞතිය තිබුණු තැන තුසිත පිටු අතරෙන් වෙන් කරලා සම්පත්ගේ අතට දුන්නා. ඉඳා කියවපන් කියල. ඒ දිහා ටිකක් වෙලා බලන් හිටපු සම්පත් හිනා වෙලා අපි හැමෝටම ඇහෙන්න ශබ්දනගා කියවන්න ගත්තේ අපේ නොරිස්සුම් ගතිය නිසාමයි.මුලින්ම මතෘකාව කියෙවුවෙ මෙහමයි.  "ඔස්ට්‍රේලියානුවෝ මුරලිගේ චරිතේ ඝාතනය කරති"

(සම්පත් පසුව ගුවන් හමුදාවට බැඳුනු රණවිරුවෙක් එත් අවාසනාවත විදියට හදිසි අනතුරකින් ඔහුත් ඔහුගේ බිරිඳත් මෙලොවින් සමුගත්තා ඔහුන්ගේ එකම දරුවා අසාද්‍ය තත්වෙන් හිටියේ.) 


අප්‍රේල් 17 වෙනිදා සිය 40 වෙනි උපන්දිනය සමරන මුත්තයියා මුරලිදරන්ට දිර්ගයුෂ වේවා!!

සැ/යු: වැඩි දෙනාගේ අකමැත්ත නිසා "අසර්" කියන නමින් මින් ඉදිරියට පෙනී නොසිටින බව කරුණාවෙන් සලකන්න.

110 comments:

  1. හෙහ් චරිතේ! මුන්ගේ කලබලේට හිතපු දේවල්!

    ReplyDelete
    Replies
    1. තුසිත තමා වැඩේ කෑවේ... භාගෙට කියවල අපිවත් අමාරුවේ දැම්මා.

      Delete
  2. උබල හරි පොරවල් නෙ අයියා..

    ReplyDelete
    Replies
    1. අහිංසක පොඩි වුන් ටිකක් නේ.

      Delete
  3. මේකෙ මාතෘකාව දැකපු කීදෙනෙක් ඔය විදිහට හිතුවද මන්දා?

    මුරලි ඇස් ලොකු කරලා බෝලෙ යවනකොට නිකන් ආලවක යක්සයා වගේනෙ..

    ReplyDelete
    Replies
    1. හෙක්..හේස්..ඕව් මුණ දැක්කම කොහොමත් බැට්ස්මන්ලා බය වෙනවා.

      Delete
  4. අනේ බං උඹලත් මාර වැඩ නේ කරන්නේ. සම්පත් ගේ පොඩි එකාට මොකද උනේ? පවු..

    ReplyDelete
    Replies
    1. සම්පත්ගේ පොඩි එකාට මොකක් උනාද දන්නේ නැහැ මම ලංකාවෙන් එද්දිත් ඉස්පිරිතාලේ.

      Delete
  5. හයියෝ....සාටර් :) අනේ අර සම්පත්ට වුන දේ නම් දුකයි. එයාගේ ළමයාට මොකද උනේ?

    ReplyDelete
    Replies
    1. එයාගේ ළමයා ගැන හරි ආරංචියක් නැහැ.පොඩි එකාගේ අම්මාගේ ගම මාතර අරන් ගියාද දන්නේ නැහැ.

      Delete
  6. හිහි..බලද්දි සම්පත්ට විතරයිනෙ හරියට අකුරු කියවන්න දැනන් ඉඳල තියෙන්නෙ..:D

    මුරලිට මමත් හැපි බර්ත් ඩේ කිව්ව ඕන්..

    සම්පත්ටත් එයාගෙ වයිෆ්ටත් නිවන් සුව පතනවා..
    ( අසර් නම ශෝයි..ඒක වෙනස් කිරීම පිළිබඳ මාගෙ බලවත් විරෝධය..!!! )

    ReplyDelete
    Replies
    1. තිසිත තමා මාවත් නොන්ඩි කලේ.මම කියෙවුවෙ ඝනත්න කරලා කියන පොඩි වචන කිහිපය විතරයි.

      අපිටත් දුකයි සම්පත්ට වුන කරදරේ ගැන.

      අසර් කියන නම ෂෝයි ඒත් හරි නෑ වගේ කියල හිතුනා.

      Delete
  7. අයියෝ අර අහස කඩා වැටුනයි කියලා දුවපු හාවා මතක් වුනා ...හික්ස්..

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ මම එක වචනයක් හරි දැක්කා එතන ඉඳං සාප කරපු වුන් අකුරක්වත් දැක්කේ නැහැ.

      Delete
  8. හයියූ....මෙයාලනම්......හික් හික්.......

    ඇහ්...එකපාලටම නමට මොකෝ හලේ වුනේ....o.O

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කරපු තවත් ගොන් වැඩක් නේ.

      නම හරි නෑ වගේ නේද?

      Delete
    2. නෑ අනී...ඒක සෝයි අප්ප......^_^

      Delete
  9. මාත් මේකෙ හෙඩිං එක කියවලා කලබල වුනා. මම හිතුවෙ ඊයෙ ඔන්ලයින් පත්තර බලපු නැති නිසා මට ආරංචිය මිස් වෙන්න ඇති කියලයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බය වෙන්න දෙයක් නෑ.මේ චරිතේ ඝාතනය කරලා විතරයි.

      Delete
  10. සම්පත් හා පවුලේ අය ගැන බලවත් ශෝකය! :(

    ReplyDelete
    Replies
    1. අපිට වෙන කරන්න දෙයක් නැහැ ඉතිං ශෝක වෙන දේ හැර.

      Delete
  11. කාලෙකින් මේ පැත්තෙ ගොඩ වුනේ සමාවෙන්න ඕනෙ ඉතින් එන්න බැරි වුනාට....සම්පත් අයිය ඒ වෙලාවෙ සෙල්ලම් කරන්න ආවෙ නැත්නම් මාර කේස් එකක් වෙන්නෙ.........මොනා වුනත් අන්තිමට සම්පත් අයියට වුන දේට නම් දුක හිතෙනව......

    ReplyDelete
    Replies
    1. සම්පත් එතනට ආවේ නැත්නම් අපි ෂේන් වෝර්න් ගේ අතක් පයක් කැඩෙන්න කියල පොල් ගහනවා.එච්චර කේන්තියෙන් හිටියේ.

      Delete
  12. මුරලිදරන් දන්නේ බෝල දාන්න විතරක් නොවේ බෝල බස්සන්නත් දන්නවා. සෝමාවතිය පැත්තේ ඉඩම් ආමි එකට බෝල බස්සලා ගමේ මිනිස්සුන්ට නොදී කෙහෙල් ඉන්දන්නත් දන්නවා. ලංකාවේ cricketers ලා කියන්නේ සත පහකට රටට වැඩක් නැති උන් අපි උඩ තියන් හිටිය‍ට. අර HOPE කියන Cancer Hospital එකට වෙච්ච දේ මාතලන් ගෙන් අහලා බලන්න. වමනේ යනවා.

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙන් අහන්න කියන්නෙ තමන් නොදන්න නිසානෙ නොදන්න දෙ ගැන කතා නොකර ඉන්නවනම් තමා හොඳ

      Delete
    2. Loku John හරි...රටෙ තානාපතිවරු නිදි කිරද්දි ලොවට මෙ රට ගැන කියා දීමම ක්‍රිකට් ක්‍රීඩකයො කරන ලොකු වැඩක්...

      Delete
    3. ඇනෝ = ක්‍රීඩකයෝ දේශපාලුවෝ වගේ ප්‍රසිද්දියේ සමාජ සේවය කරන්නේ නැහැ.මුරලි හා අරවින්ද කරපුවා සමහර අමතිලවත් කරපු නැති ප්‍රජ සේවාවල් තියෙනවා.සංගක්කාරත් ඒ වගේමයි.ඉතිං ඔවුන් කරන දේවල් ප්‍රසිද්ද නැති නිසා එහෙම කතා කරන එක වැරදි නේ.

      @ ලොකු ජෝන් = මටත් හිතෙන්නේ ජෝන් කියපු දේම තමයි.නොදන්නා දේ කතා නොකර ඉන්නවනම් හොඳයි.

      @ ඉන්ද්‍රජිත් = මං ඉන්න අප්‍රිකාවේ මිනිස්සු ගොඩක් දෙනෙක් දන්නේ ක්‍රිකර්ට් ගහන රට කියල.

      Delete
    4. ලෝකේ අනිත් රටවල් අපේ රට ගැන පොඩ්ඩක් හරි දන්නවනම් ඒ ක්‍රිකට් හින්දා. වෙන එකම දෙයක්වත් තියනවද අපේ කියලා ලෝකෙටම ආඩම්බරෙන් පෙන්නන්න පුළුවන් දෙයක්?. "ශ්‍රී ලංකාව" කිව්වට දන්නේ නැති එවුන් "සනත් ගේ රට" කිව්වම දන්න කාලෙකුත් තිබුනා. එහෙම මනුස්සයෙක්ට ඉංග්‍රීසි වචනයක් වැරදුනාම අපේ කළු සුද්දෝ ඒක අල්ලගෙන ඔහුට නිග්‍රහ කරන විදිය නම් හරිම ශෝචනීයයි.

      මුරලිටත් කවදාහරි ඔය ටිකම වෙයි. ඔය විදියේ කතා කියයි (දැනටමත් කියල තියෙන්නේ). කළ ගුණ නොදන්නා මේ මිනිස්සු ඉන්නකං ඒවා එහෙමම වෙයි.

      Delete
    5. සයුරි සහතික ඇත්ත... අපේ මිනිස්සුන්ට ගුණයක් නැහැ.

      Delete
    6. දන්න හින්දා තමයි කිව්වේ.අරවින්ද අන්ධ විද්‍යාලයට ක්‍රිකට් පිට්ටනියක් හදලා දුන්නේ තමන්ගේ සල්ලිවලින්. නමුත් එදිනෙදා වේල ‍ගැට ගහගන්න මුං ඇට වවන බඩ ඉරිගු වවන මිනිස්සුන්ට ඉන්න තියෙන ඉඩම් දැන හැදුනුම් කම් උඩ සිවිල් බලය උඩ කොල්ලකාල කෙහෙල් ඉන්දන එක ඔය මහත්තුරුන්ට වටිනවාද? Hope එකට මම දන්න තරමට සාමාන්‍ය ජනයාගෙනුත් සල්ලි එකතු කළා.මේ ගැන මාතලන්ගේ post එකකත් තිබුනා.මේක සංගක්කාරට අදාල නැත.
      අනෙක cricketrs ලා නෙමේ යුද්දෙට ගියේ. බහුතරය ඔය පැත්තේම ඉන්න කොල්ලෝ කෙල්ලෝ තමයි. යුද්ධ කාලේ ඔය මහත්තුරු (මහත්වරු නෙමේ) තුවාලවෙලා ඉන්න සොල්දාදුවෙක්වත් බලන්න ගියාද? මම නම් දන්නේ නැහැ. අපි උඩ ඉදන් කෑ ගැහුවාට බැහැල බර ඇද්දේ උන්.රට කාගේ නමින් හැදුන්වුවත් වැඩක් තියෙනවාද රටේ බහුතර ජනතාවට වැඩක් නැත්නම්.
      ඔහොම ගියොත එහෙම ක්‍රිකට් ගහන රට විතරක් නෙමේ තවත් නම වලිනුත් ඉස්සරහට හඳුනවයි.

      Delete
  13. yakadoooo Muraliwa marala thiyenne meyalane....

    ReplyDelete
    Replies
    1. මුළු පත්තරෙන්ම එක වචනයක් කියවපු මමත් රැවටුනා නේ.

      Delete
  14. "මුරලි" කවදාවත් ක්‍රිකට් වලින් මරන්න බැරි නමක්

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් ඔහු අමරණීයයි.

      Delete
  15. අනේ අපොයි!
    මාත් මුරලිට ආසයි. ඔක්කොටම වඩ්ඩ බිංඩුවට අවුට් උනාමත් හිනා කටක් දාගෙන නෙ ග්‍රවුන්ඩ් එකෙන් එලියට යන්නෙ.
    අනේ ඒ අහිංස්කය දන්නව නම් මේව...
    : P

    ReplyDelete
    Replies
    1. මුරලි බෝල් කරනවට වඩා මමත් නම් ආස බැට් කරනවා බලන්න.. අස්ගිරියෙදිද කොහෙද 50 ගහපු මැච් එක නම් කවදාවත් අමතක වෙන්නෑ.. :) අනික ආරක්ෂාවට දාගන්ඩ තියෙන ඔක්කොම කෑළි ටික දාගෙන එන හැටි දැක්කම හිනා කාලා පණ යනවා..

      Delete
    2. @නිදහසේ නාවතැන = ඕව් මොන ප්‍රශ්නේ වුනාත් හිනා වෙලා ඉන්නව මනුස්සයා.

      @ නාකියා = එතකොට මතකද දවසක් අපි පරදින්න ගියපු මැච් එකක් බැට් කරලා ගොඩදාල දුන්නා.

      Delete
  16. ලගදි තිබුන අයිපීඑල් මැච් එකක කැච් එකක් ගන්නව දැක්කම මට නං හිතුනෙ අපරාදෙ මුරලි අයින්වුනේ කියල. උඹ දැක්කද?

    ReplyDelete
    Replies
    1. මටනම් බලන්න බැරි වුන ඒත් විශේෂ අවස්තානම් බැලුවා මුරලි බෝල් කරද්දී දුකත් හිතෙනවා.

      Delete
  17. අලුත් ඇඳුමක් අන්දවලා තියෙන්නෙ ඒක හොඳයි වගේ....

    ReplyDelete
    Replies
    1. ඔව් අලුත් වුරුද්දට ඉතිං හැමෝම අලුත් ඇඳුම අඳිද්දී මම විතරක් පරණ ඒවා ඇඳන් ඉන්න බැහැ නේ.

      Delete
  18. ඔය පත්තර කියෝපු විදිහට බෙහෙත් තුණ්ඩුවක් එහෙම කියෙව්වනං කොහොමට හිටීද :)

    ReplyDelete
    Replies
    1. මමනම් ආයේ කිසිම දෙයක් බාගෙට කියවන්නේ නැහැ. ගුටි නොකා බේරුනේ යන්තම්..

      Delete
  19. සම්පත් පවුල හා කට්ටියම වෙනුවෙන් බලවත් ශෝකය..

    මතෘකාව දැක්කම බය වුනා මචං..!

    ReplyDelete
  20. සම්පත් පවුල හා කට්ටියම වෙනුවෙන් බලවත් ශෝකය..

    මතෘකාව දැක්කම බය වුනා මචං..!

    ReplyDelete
    Replies
    1. අපිත් හොඳටම බය වෙලා හිට්යේ එදා..

      Delete
  21. උඹල දවසට එක බෝලෙ ගානෙ පැලුවා කියන එක කොහොමද මම පිළිගන්නේ????? :0
    අනික 6 ඉන්න හිච්චි එවුන්...


    අසාර් කියන එකට මොකාද බං අකමැති... මම නම් අකමැති ගෙඩි පිටින් අසරණයා කියන එකට..

    ReplyDelete
    Replies
    1. මෙහෙම නේ බොලේ පැලෙන්නේ.අපි ගන්නේ තියෙන ගනං අඩුම ටෙනිස් බොලේ.ඒ ගන්න බෝලත් දෙපාරක් විතර ගස්වල වදිනකොට පැලෙනවා. අපි ගහන වේගේ නිසා නම් පැළුනේ නැහැ.

      Delete
  22. අසරණය කිව්වට මේක මිනීමරුවෙක්නෙ..

    ReplyDelete
    Replies
    1. අනුන් කියන දේ විශ්වාස නොකරනු.

      Delete
  23. හිහ්..මාරයි බන් උඹලා..

    අවුරුදු 30ක් සිංහල දෙමළ කියලා දෙපැත්තට බෙදිලා ගහගත්තට, දෙමළ මනුස්සයෙක් මැරුනා කිව්වම කදුලු හලපු සිංහල ළමයි ටිකක් ගැන කියවුනු මේ කතාව ඇත්තටම මගේ හිතට වැදුනා..

    සම්පත් ගැනනම් ඇත්තටම දුකයි බන්.. ඒ ළමයට මොකද උනේ.. ?

    ReplyDelete
    Replies
    1. // දෙමළ මනුස්සයෙක් මැරුනා කිව්වම කදුලු හලපු සිංහල ළමයි ටිකක් //

      ලංකාවේ ඉන්න දමිළ ජාතිකයන්ගෙන් මම කැමතිම දෙන්නා තමයි මුරලි සහ කදිරගාමර් මහතා... දෙමළ ඈයින්ට පලු යන්න බණින අයත් මුරලිට ආදරෙයි... ඒ වෙලාවට හරි ජාතිබේදේ අමතක කරනවා කියන එකත් ලොකු දෙයක් ! දෙමළ ජාතිකයෙක් නොවුනා නම් මුරලිට ලංකාවේ කැප්ටන් වෙන්න වුනත් සුදුසුකම් තිබුණා...!!!

      Delete
    2. @ සෙනා = අපේ හිත් වල එහෙම භේදයක් තිබුනේ නැහැ.දැනටත් දෙමළ මිනිස්සුත් එක්ක කිසි තරහක් නැහැ.ඒත් සුළුතරයක් ඉන්නවා ජාතිවාදීන්

      ළමයා ගැනනම් හරියටම කියන්න දන්නේ නැහැ මම ලංකාවෙන් ආවාට පස්සේ තොරතුරක් නැහැ..

      @චතුරංග පෙරේරා. = ඒත් ඔහු උපනායක කම දරල තියෙනවා නේ සමහර මැච් වල.

      Delete
  24. කවුද බන් අසර් කියන නමට ගේම ඉල්ලුවෙ..? කොහොමත් ඔය අසරණයා කියන නම මාරු කොළොත් හොඳ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ගේමක් ඉල්ලුවේ නැහැ ටික දෙනෙක්ගේ අයහපත් ප්‍රතිචාර ආව.මමත් ඉතිං පස්සේ හිතලම ඒ නමින් ලියන එක නැවැත්තුවා.

      Delete
    2. ඕක වලව්වක ඇත්තියෙක් දාපු නමක් නේද ? ඉතින් පරිස්සම් කරගනින්..

      Delete
    3. හෙක් හෙක්... මුකුත් නොකියමි..

      Delete
  25. මුරලි කවදාවත් මැරෙන්නෙ නෑ බං... ඌ අමරණීයයි...

    ReplyDelete
  26. Replies
    1. ඔබා මාමා කොහොමද ලංකා ගමන තවම ලංකාවේද ඉන්නේ.

      Delete
  27. අපේ අය මෙහෙ එනකොට පත්තරවලින් මඩ ලොරි ගහන්ව.ඒ මේ රටේ උන්ගෙ හැටියක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ආරංචියි.සුද්දා කියන්නේ මහත්තැන් ගති තියෙන ජාතියක් කිවුවාට මුන්ගේනම් එහෙම නැහැ.

      Delete
  28. :D හයියූ.. මං හිතුවෙ අප්‍රේල් 01 පත්තරයක්වත් දෝ කියලා..
    යාළුවා හිටියෙ නැතිනම් බෝල නෙමෙයි කස්ටියගෙ ඔළුගෙඩි ටිකට තමයි බෙහෙත් දාගන්න වෙන්නෙ.. :D
    අසරණයා නම වෙනස් කරන්න හෙම අදහසක් නැතෙයි.. :)

    යාළුවාගෙ විස්තරේ කියෙව්වම නම් අර හිනාවෙවී කියෙව්ව ටික කොහෙද ගියා වගේ.. :(

    ReplyDelete
    Replies
    1. නෑ එදා වෙන දවසක්. එත අනුන් පෙන්වන වචන කියවන්න ගියපු නිසානේ මෙගේම වුනී.

      අසරණයා කියන නමනම් වෙනස් කරන්න අදහසක් නම් තවම නැහැ.

      මේක ලියද්දිත් මට යාලුවා මතක් වෙලා ලොකු දුකක් දැනුනා.

      Delete
  29. මාතෘකාව දැක්කම මමත් ඩිම් වුනා. මං හිතුවෙත් ඒක ඇත්තක් කියල

    සම්පත් අයිය ගැන කනගාටුයි. අර අසරණ පොඩි එකා ගැන ඊටත් වඩා.

    ReplyDelete
    Replies
    1. මේ සැහෙන්න කාලෙකට කලින් වුනු සිදුවීමක් නේ. බය වෙන්න කාරී නෑ..

      ඔව් අපිටත් දුකයි ඒ අවාසනාවන්ත සිද්දිය ගැන.

      Delete
  30. තව ටිකෙන් ගම පුරාම ඔය බොරු ආරංචිය පැතිරෙන්න තිබුනා.එහෙම උනානම් හොඳ බැණුම් ටිකකුත් අහගන්න තිබුනා ;) හොඳ වෙලාවට සම්පත් හිටියෙ.ඇත්තටම දුකයි එයාට උන දේ ගැන

    ReplyDelete
    Replies
    1. ගමේ ඉන්න මිනිස්සුනම් අපි කියන දේවල් ගණන ගන්නේ නැහැ.ඒ කාලේ වයස 11ක් - 12ක් වගේ නේ

      Delete
  31. අසර් දැන් දරුපවුල්වත් වෙලාද.

    ReplyDelete
    Replies
    1. හපෝ නැතෝ.... තවම නිදහස් ගොවියෙක්.

      Delete
  32. මේ හෙඩිම දැකලා මම දැනුත් බය උනානේ.. හදිසියේ මොකෝ නම වෙනස් උනේ?? අපිටනම් ඉතින් කෝකත් එකයි..

    ReplyDelete
    Replies
    1. අපිත් බය වුනු තරමක් එදා. නම ගැන ප්‍රශ්නයක් තියෙනවා වගේ නේ.

      Delete
  33. මරලම දානවට වැඩිය චරිත ඝාතනය හොදයි බොල.. :)

    //වැඩි දෙනාගේ අකමැත්ත නිසා "අසර්" කියන නමින් මින් ඉදිරියට පෙනී නොසිටින බව කරුණාවෙන් සලකන්න.//
    අපි මුකුත් කිව්වෙ නැහැ ඕං.. නිකං තේරුම ඇහුව විතරයි "අසර්" කියන එකේ.

    සම්පත් ගැන කණගාටුයි මචං !

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම දෙයක් නිසාම නෙවෙයි. වෙනත් අදහසක් එන්න ඉඩ තියෙනවා නේ එකයි.

      Delete
  34. නාකියා කිව්වා වගේ ගෙඩි පිටින් අසරණයා කියනවට වඩා අසර් නම කොච්චර හොදද? කපුටු පිහාට්ටක් දැකලා කපුටෝ හත දෙනෙක් වමනේ කළා කිව්වෙත් උඹලගේ යාලු සෙට් එකේ උන් වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඒ නමින් නේ මම නමක් හදාගත්තේ එත දැම්මනම් වෙනස් කරන්න හිතලා නැහැ.බලමු ඉස්සරහට.

      කපුටු පිහාටුව ගැන කතාවට අපි වගේම වෙනත් සෙට් එකක් වෙන්න ඕනේ..

      Delete
  35. හෙඩිම දැකල මාත් භය උනා...'අසර්' වෙනස් කරපු එක හොඳයි..'මහා කලු සිංහලයෙක්' ට සිංහල නමක් තියෙන්න ඕනෙ..:D:D

    ReplyDelete
    Replies
    1. 'මහා කලු සිංහලයෙක්' හික්ස්ස්.... ;)

      Delete
    2. ටිකක් දැකල බය වෙන්න එපා ඔක්කොම දකින්න.

      දැන් ඔයා නොකියා කිවුවේ මම කලුයි කියලද?

      Delete
  36. "මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න."

    මේවා කියෙව්වම බනින්න හිතෙනවද අනේ...
    හික් හික්..

    අසර් කියන නම හොදයි අසරණයට වඩා මගේ නම් අදහස...

    ReplyDelete
    Replies
    1. ඔයටා මේවා කියෙවුවාම දුක හිතෙනවද මිනෝලි.

      අසර් නම හොඳයි.???..........

      Delete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. අර අහින්සකයව මරලා දාන්න නේ හැදුවේ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද අපි. හරි අහිංසක ළමයි.තවමත් එහෙමයි.

      Delete
  39. ආව්... අලුත් අවුරුද්දෙ අයියා අලුත් ඇඳුම් ඇඳලා.. ;) ශෝයි!!!

    මිනිස්සු මරන්නෙපා..:/

    ප.ලි- හෑ... :O :O මම දන්න තරමින් නම් ඔය අසාර් කියන නමට අකමැති එක්කෙනයිනෙ ඉන්නෙ.. ;) :p අපි නොදන්න තව අය ඇති එහෙනම්..හික්ස්ස්.. හොදා හොදා..

    ReplyDelete
    Replies
    1. කොහොමද ඇඳුම පිටකොටුවේ සෙල් එකකින් ගත්තේ.

      අනේ දෙයියෝ පිළිගන්න මම නම මදුරුවෙක්වත් මරන්නේ නැහැ.

      ඔයාත් දන්නවද කෙනෙක්. අසර් කියන නමට අකමැති.

      Delete
  40. කමොන්...මුරේ....

    ReplyDelete
  41. මම ඒක පාරටම තුෂ්නිම්භූත උනා බං දැක්කම :p
    22 එනවද??

    ReplyDelete
    Replies
    1. දැක්ක ගමන් කිසිම දෙයක් විස්වාස කරන්න එපා මචං.......

      22 එන්නේ නැහැ ගිහිල්ල ෆොටෝස් දාන්නා. බලන ඉන්නේ හැමෝම මොනවගේද කියල දැක ගන්න.

      Delete
  42. ammo mama baya wunu tharamak :p
    _warnaa_

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා ඉතිං මොනවත් වෙලා නැහැ නේ. මොකද මේ ඇනෝ කෙනෙක් විදියට ඇවිත්.

      Delete
  43. හිකිස්.......................................................

    ReplyDelete
  44. පත්තරවල දෙපැත්ත කැපෙන්න ලියනවා. ඒත් ඉතින් ක්‍රීඩා ගැන ලියවෙන්නේ අන්තිම පිටුවෙ නිසා අවුලක් නෑ. හැබැයි ඉතිං වචනයක් මිස් වුණොත් අදහස අවුල්. සම්පත් වගේ මිතුරෙක් ගේ අබාවය කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. වෙන කෙනෙක් පෙන්නපු එක වචනයක් නිසා වුනු ඇබැද්දියක්..

      Delete
  45. හපොයි ඔවු අසර් කියන නම එපා මිත්‍රයා..... අසරණයා කියන එකේ අන්තිම අකුරු තුන ගන්නකො "රණයා" එහෙමත් නැත් නම් "රණේ" කියල දාමු.. සිංහල කොල්ලෙක්ට ඒ නම් දෙකෙන් එකක් නියමයි බන්..... :)

    ReplyDelete
    Replies
    1. රණේ..... එකත් නියම නම. හිතල බලන්න ඕනේ.

      ස්තුතියි යාළුවා..

      Delete
  46. අස-රණේ කියන නමත් මරුනේ නේද...

    මම සේරම පෙරලගෙන මේ පැත්තට ආවේ ipl එකේදිවත් මොනා හරි වෙලාද කියලා බලන්න බැලින්නම් මෙයානේ මුරලිට වැඩේ දිලා තියෙන්නේ... ලංකාවට ආවේ නැතෙයි??? මම හිතුවා සයිබර් සැණකෙලියට එයිම කියලා

    ReplyDelete
    Replies
    1. මොනවත් වෙන්නේ ගහක ගලක් වගේ ඉන්න මනුස්සයට.

      බලහන් බං එන්න බැරි වුනා නේ.උඹ ගැන ඉතිං සම හොඳ විස්තරයක් දීලා තියෙන්නේ.බලමු ඊළඟ සැරේවත් එන්න පුළුවන් වෙයිද කියල.

      Delete
  47. ආ..... ඔයා අසර් කියල දාල ආයේ අසරණයා කියල නම වෙනස් කරාද මම නොහිටපු ටිකට......

    මම මේ හෙඩිම දැකල දුවගෙන ආවේ... මෙයා අපිව බය කරනවනේ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ නම වෙනස් කලේ නැහැ.අසර් කියන නමින් පොස්ට් දන්නේ නෑ කියල කිවුවේ.

      බය වෙන්න එපාමොකද පහුගිය ටිකේ පෙන්න හිටියේ නැත්තේ..

      Delete
  48. මුත්තයියව නෙමේ එයාගේ යාළුවෙක් ඉන්නේ "චරිත" කියලා එයාව තමා ඝාතනය කරලා තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. හරියට හරි හසිත අපිට ඒ දේ තේරුනේ පහු වෙලා නේ.

      Delete
  49. හුටා ,., එල ඈ ,., ඔහොම ත්මයි ඉතින් ලංකාවේ පත්තර කලාව ,., කියවන අයත් කියවන්න එපැයි සිහි බුද්දියෙන් ,.,. ජයෙන් ජය

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...