28 Apr 2012

රුවැත්තියක් මට අත වනනවා මම ඉඳගෙන බෑ බෑ කියනවා..


                                                       සෙනසුරාද වැඩ තියෙන්නේ වෙනද වගේ නෙවෙයි දවස් භාගයයි.වැඩ ඉවර වුන ගමන් මාත් එක්ක වැඩ කරන තනිකඩයෝ හෙව්වේ අපේ සමාජෙට ගැලෙපෙන්නේ එවුන් නිසා.ඒත් එදා මට මේ නව නින්ගිරා වැඩේ සිද්ද වෙන්න ඕනේ නිසා මගේ නපුරු වෙලාවට කාටවත් මාත් එක්ක  සමාජ ගත වෙන්න එදා බැරි වුනා. ඒ හැම දෙයක්ම අසාර්ථක  වුනු  හින්දම බම්බලපිටියෙන් බස් එකට නැග්ගේ පිටකොටුවට ගිහින් තවත් ගමනක් යන්න හිතාගෙන.


වැඩි සෙනගක් නැති බස් එකේ මාත් එක්කම හතර පස් දෙනෙක් හිටගෙන කවුලුවෙන් එලිය බලාන යන්නේ වෙන කරන්න දෙයක් නැති කමට.ජිවිතේ අනිත්‍ය තේරුම යන වයස දහ අටේ  සිට හැත්තෑව දක්වා හිටපු කෙල්ලෝ ඇන්ටිලා ආච්චිලා අතරේ මමත් ඒ බස් එකේම ගියේ... එක එක සුකුරුත්තම් කරන කෙල්ලෝ ගොඩක් එක්ක තනි වුනු තව කෙල්ලෙකුත් ඒ බස් එකේ හිටියා.සුකුරුත්තම් පිරිස කොල්ලුපිටියෙන් බැස්සත් තනි වුනු කෙල්ල තවමත් තනියෙන් . 


ඒ කාලේ ලංකාවට අලුත් විලාසිතාවක් වුනු කොන්ඩේ කෙලින් කරන් (ස්ට්‍රේට්)  විලාසිතාවත් පොල් කටු වලින් හදාගත්තු කරාබු දෙකකුත්, ඇට ඇට මාලයෙකුත් පැලඳ ගෙන.අවු කණ්නාඩිය ඔලුවේ දාගෙන ඉන්න මේ කෙල්ල මට වඩා සීට් පේලි හතරක් එහායින් දොර ළඟ හිටියේ.බස් එක  ඒ වෙද්දී ගොල් ෆේස් කිට්ටු කරලා තිබුනේ .පොඩි කාලේ ඉඳල බලන්නම ආස හින්දාම මම යන්නෙම ගෝල ෆේස් පාරෙන් යන බස් වල විතරයි.පොඩි කාලේ තාත්තත් එක්ක මුහුද දිහා බලන් ඉන්න ආසකරපු මම පස්සේ කාලෙක මල් මල් කුඩයක් යට ඉඳං මුහුද දිහා බලන් ඉන්න ආස කලා.දවල් වෙලාවක කොහේදෝ යන්න එතනින් බැහැපු මට එදා තේරුනා මෙතනට ආදරේ කරන්න  එක්කන් එන්න හොඳ තැනක් නෙවෙයි තමන්ගේ පෙම්වතියට දඬුවම් දෙන්න හොඳ තැනක් විත්තිය.මොකද ඒ වෙද්දී "නයා" කට ඇරියා වගේ පුදුම රස්නයක් තියෙන්නේ.මල් මල් කුඩ යට ඉන්න තිබුණු මගේ ආසාව නැති වුනා.ඒත් බධක ජය ගන්න අවංක ප්‍රේම වන්තයොන්ට ඒ අව්වත් අව්වක්‌ නෙවෙයි විත්තිය මම හැබැහින් දැකල තියෙනවා.


මමත්  තව වයසක සීයා කෙනෙකුත්  අඟනක් වගේ කෙල්ලත් විතරයි හිටගෙන .වැඩි උස නැති එත් උස වෙන්න දාගෙන හිටපු ආඩි උස සෙරෙප්පුවේ උල දැක්කම ලඟට යන්න හිතේන්නේවත් නෑ.මම බැලුවේ නැතත් මගේ ඇස් දෙක යන්නෙම ඒ කෙල්ල දිහාවටමයි.මගේත් ඇයගේත් ඇස් එකට ගැටුණු වෙලාවේ ඇය මාත් එක්ක සිනා සුනාත් මම එක සැරේම හිනාවෙන්නේ නැතිව වට පිට බලලා හිනා වුනේ මීට කලින් මගේ පිටු පස හිටපු කෙනෙක් වෙනුවෙන් මම හිනා වුන ඒ අතීත ලජ්ජා සහගත මතකය නිසාමයි.ඇ හිනා වෙනවා දැකපු සීයා මගේ දිහා බලල ජනේලෙ අතරෙන් අහසත් මුහුදත් ගෑවෙන දිහා බැලුවේ යටි හිතෙන් මට ඉරිසියා කරන ගමන්.ඒ කෙල්ලට ගැලපෙන වයස කෙනෙකුට හිටියේ මම විතරයි ඒ මුළු බස් එකේම ඉතිං දැනගත්තා ඒ හිනා වුනේ මාත් එක්කම තමයි කියල.


ඇ හිටි තැනින් තවත් දොර ලඟට කිට්ටු වුනේ බහින්න විත්තිය මට තේරුන් ගන්න වැඩි වෙලා ගියේ නැහැ.බහින්න කලින් තව වතාවක් හිනාවෙන්න ආසාවෙන් හිටපු මම ඇය දිහා බැලුනේ ඉබේටම.මගේ එතෙක් ජිවිතේට නොහිතපු දෙයක් සිද්ද වුනා.ඇ තව සැරයක් මාත් එක්ක හිනා වෙලා ලඟට කතා කළා බහින්න. ඒ සියල්ල වුනේ හස්ත මුද්‍රාවෙන්.ඒ තැනත් එච්චර හොඳ තැනකුත් නෙවෙයි.පොඩි කාලෙම ගෝනි බිල්ලා ගැන අහල තිබුණු අපි අම්මත් කියා දීලා තිබුනා අඳුරන්නේ නැති කාත් එක්කවත් යන්නවත් කතා කරන්නවත් එපා කියන දේ.පොඩි කාලේ කියා දුන්නත් අද කාලෙටත්  වලංගුයි කියන එක  මට එවෙලේ තේරුනා.මම ඔළුව වනලා බෑ කිවුවා.




ඒ විදියට කොල්ලෝ රවටන් ගිහිං සිහිය නැතිවෙන්න ටොෆි ,චෝකොලට් වගේ දීලා පර්ස් එක සුද්ද කරලා හෙමින් මාරු වෙන කෙල්ලෝ ගැන පත්තරවල අනත්වත් අහල තියෙනවා.ඊට කලින් දවසේ මගේ පඩි පත ලැබුනෙ. මා ගැන දන්නා කෙනෙක් වෙන්නත් ඕනේ.මම වැඩ කරන තැන ඉඳලම මා ගැන ඇහැ ගහගෙන ආපු කෙල්ලෙක් වෙන්න ඕනේ.මගේ මුළු පඩියම පර්ස් එකේ.එක තමා මාත් එක්ක කට පුරෝවල හිනා වුනේ.නැත්නම් වැඩි පුර බස් වල යන්නේ ඔරවන කෙල්ලෝ .හදවතට නෙවෙයි බුද්ධියට ඉඩදෙන්න ඕනේ කියල මට තේරුම ගන්න වැඩි වෙලා ගියේ නැහැ.හදිස්සියෙවත් මෙතනින් බැහැල කතා කර කර ඉන්න ගමන් මොනවා හරි දුන්නනම් මට සිහිය නැති වෙනවා.මාසයක් වැඩකරලා ගත්තු මගේ පඩිය කාටවත් නිකන් දෙන්න බැහැ නේ.එහෙම වුනොත් මට මෙතන ඉඳල මගේ බෝඩිම තියෙන  නාරාහේන්පිටට පයින්ම යන්න වෙන්නේ.කාටවත් කෝල් එකක් දෙන්න ඒ කාලේ මම ෆොනේ  පාවිච්චිකලේ නැහැ.අනිත් එක අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ.කොහෙත්තම අඳුරන්නේ නැති කෙල්ලොත් එක්ක වැඩි බජෙනට යන්න හොඳ නැහැ කියල මට එවෙලේ තේරුම ගියා.




ඇයත් මම වගේ තනිකඩ කෙනෙක් වෙන්න ඕනේ.ඇයත් තනියෙන් මමත් තනියෙන් දෙන්නම එකතු වුනාම දෙන්නටම තනි නැ එහෙම හිතපු නිසාද දන්නේ නැහැ බහින්න කියන්නේ.හැම බන්කුවකම කුඩ යට දෙන්න දෙන්න ඉන්න දර්ශනමයි තියෙන්නේ.කරන හැම දෙයක්ම මම දෙපාරක් හොඳට හිතන කෙනෙක් නිසා වෙන කොල්ලෝ වගේ එක සැරේ ලඟට ගිහිං හා කිවුවේ නැ.එක සැරයක් බෑ කියපු මගෙන් ආයෙත් ලජ්ජා නැතුව  අතින් කතා කරනවා.බහින හෝල්ට් එක දිහාට අත දික් කරලා පෙන්නන්නේ මෙතනින් බහින්න කියන්නාක් වගේ.දෙවැනි සැරෙත් මම සද්දේ පිට නොවෙන්න  තොල් වලින් බෑ කියන ගමන්  ඔළුවත් වැනුවා. කෙල්ලෙක් කවදාවත් මෙහෙම කොල්ලෙක්ට කතා කරන්නේ නැහැ ඒත් මට මේ කතා කරන විදියෙන් සැක හිතුනා.මේ නම් මාව රවටගෙන අරන් ගිහිං පර්ස් එක සුද්ද කරන කෙල්ලෙක් වෙන්න ඕනේ. විච්චුරන විදියට ඇඳ පැලඳ ගෙන කොළඹ හතේ කෙනෙක් විදියට යද්දී ඕනෙම කෙනෙක් ඉතිං අහුවෙනවා. ඇය එක අතකින් සීට් එකක් අල්ලාගෙන අනිත් අතින් උඩ පොල්ල දිහා බලලා අල්ලන්න හදනේ ඒත් ඇය උස නැති නිසා කොහෙත්තම උඩ පොල්ල අල්ලන්නම් බෑ..


තුන් වෙනි සැරේ මට කතා කලේ ඔළුව පැත්තට හරවාගෙන "අනේ එන්නකෝ" කියනව වගේ.අපි දෙන්නගේ මේ සංවාදේ දිහා මා සිටි තැන වාඩි වෙලා හිටපු අයියා බාලගෙන හිටියේ.ඇ දිහාත් මා දිහාත් මාරුවෙන් මාරුවට බලපු ඒ අයියා හිටපු තැනින් නැගිටලා බස් එක දිගට යන කඹේ ඇදල බෙල් එක ගැහුවා.ඒ එක්කම බස් එක නවතින ගමන් ඩ්‍රයිවර් ගෙන ඇහුනේ සුන්දර වචන ටිකක්."ලඟට එනකන් ඉන්නවා බහින්න මතක් වෙන්න මොන ලෝකෙද ඉන්නේ" බස් එක නැවැත්තුවා කෙල්ල බැහැලා ගියා .එයා කොහෙද මාව රවටන්නේ මම මටම කියා ගත්තා.කඹේ ඇදපු අයියා මගේ ලඟට ඇවිත් "අර ගෑණු ළමයා අච්චර බෙල් එක ගහන්න කියලත් ඇයි මල්ලි ඔයා බෑ කිවුවේ"



 රුවැත්තියක් මට අතවනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා..
අනෙ එයා හිටන් කම් කම් කියනවා..
මම ඉඳගෙන නෝ නෝ කියනවා..






96 comments:

  1. දැන් බෙල් එක ගහන්න අයියටම කතා කරේ මොකද දන්නෙ නෑ නේ..........;)

    ReplyDelete
    Replies
    1. එතන හිරගෙන හිටියේ මමත් එක්ක එක අංකල් කෙනෙක් විතරයි.එක නිසා වෙන්න ඇති.

      ඔන්න එක වුන නිසා මගේ ගානේ පාන් ගෙඩ්ඩක්..

      Delete
  2. අපිටත් දවසක හඳ පායනවා.. නෙහ්

    ReplyDelete
    Replies
    1. මාසෙකට දවසක් හඳ පායනවා නේ......

      Delete
  3. අපරාදේ, මොනවහරි කතාකරලා ම කියන්න තිබුණේ! මැණික් ගලේ පය හැපුනට කණා අහුලලා ගනීද කියන්නේ මේකට නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. ..අඳුරන්නේ නැති කෙල්ලොත් එක්ක මම යාවි කතාවට...

      Delete
  4. හිහ් හිහ්... අඩේ සිරාවටම කෙල්ල බෙල් එක ගහන්ඩද කියලා තියෙන්නෙ ?

    උඹටත් වෙන අලකලංචි බන්..

    එළටම ලියලා තියනවා..

    ReplyDelete
    Replies
    1. කඹේ අදින්න කියන එක තමා මම තේරුම අරන් තිබුනේ ලඟට කතා කලා කියල.

      අනේ මන්ද මට පුදුම දේවල් වෙලා තියෙන්නේ.

      Delete
  5. මලලසේකර... මේ බෙල් එක ගහන්ඩද ඔච්චර තටමලා තියෙන්නේ. මං හිතුවෙම නෝටි ලංකා ගර්ල් කෙනෙක් කියලා.
    කොහෙද ඉතින් වල් හිතනේ :-)))

    ReplyDelete
    Replies
    1. මම වල්ගේ පාගාගෙන මට එක එක විකාර දේවල් ඒ තප්පර ගානට හිතුනා.

      Delete
  6. මචං බස් වල "ෂීට්" තියෙනවද?... ඇස්බැස්ටෝස් ද?

    ReplyDelete
    Replies
    1. අයියෝ........එතන වැරද්දක් තියෙනවා නේ.හැබැයි පස්සේ ඒක හැදුවා.

      Delete
  7. කෙල්ලන් ගැන නරක දෘශ්ටියකින් දකිනවට නම් හොදම වැඩේ...
    :D

    ReplyDelete
    Replies
    1. මාත් එකගයි මේ කතාවට . හොද වැඩේ :D

      Delete
    2. මිනෝලි = අද කාලේ හැදිච්ච කොල්ලෙක්ට පාරේ බැහැල යන්න බැහැ නේ නරක කෙල්ලෝ නිසා.

      ගිම්හානි = මගේ නරක අදහසක් නෑ ඒත් ඉතිං ඒ ප්‍රදේශය හොඳ නැහැ නේ එච්චර..මම බය වුනා...

      Delete
  8. //ගෝනි බිල්ලා ගැන අහල තිබුණු අපි අම්මත් කියා දීලා තිබුනා අඳුරන්නේ නැති කාත් එක්කවත් යන්නවත් කතා කරන්නවත් එපා කියන දේ.//

    ඒක සිරා...


    පව් බං උදව්වක් ඉල්ලුවම උබල රටේ නැති ඒව කරන්න හිත.. :)

    ජයෙන් ජය..

    අපිව වටේ යැව්වද මන්දාා

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ එයාට ඕනේ බෙල් එක ගහගන්න කියලා.

      අනේ උඹලව වටේ යැවුවේ නැහැ ඒත් මම එවෙලේ වටේ ගියා ඒ හිනා වුන එකටයි හස්ත මුද්‍රවටයි.

      Delete
  9. :D :D
    උඹටත් වෙන වැඩ
    :P

    ReplyDelete
    Replies
    1. අනේ බලහන් බං කාටවත් කරදරයක් නැති මට වෙන දේවල්.

      Delete
  10. අයියෝ මුල ඉදලම කැත හිත!!
    බස්සෙකේ යන ගෑලමයෙකුට උදව්වක්වත් කරන්න බැරි හැටි..ගෑල්ලමයත් ගිහිල්ලා ඩ්‍රයිවර්ට කියන්නැතුව ඔයාටම කියපු හැටි..!!

    ReplyDelete
    Replies
    1. එයා හිටියේ පිටිපස්සේ දොර ළඟ මම මැද හරියේ හිටගෙන ඉතිං එක නිසා වෙන්න ඇති මට කියන්න ඇත්තේ.ඒත් වගකීමෙන් කියනවා මගේ කැත හිතක්නම් තිබ්බේ නැ.. සිරා ඇත්ත..

      Delete
  11. මේ සිද්ධිය වෙනකොට මගේ වයස යන්තම් 17 ක් 18 ක් ඇති. (1960 දශකයේ අග භාගයේදී) මගේ ලොකු අක්කා ඉන්නේ පිටකෝට්ටේ. ඒ කාලයේ මම කොළඹට කිලෝ මීටර් 70 ක් විතර ඈතින් පිහිටි අපේ ගෙදර ඉඳලා ලොකු අක්කලාගේ ගෙදර එන්නේ කොලොම්පුරේ පොඩි රස්තියාදුවක් ගහලා 'පිචර්' එකක් එහෙම බලන්නයි. ලොකු අක්කගේ මහත්තයත් මමත් 'නියම මචන්ලා'. එයා මට කියලා තියෙන්නේ 'මචන් මරදාන පිටකොටුව පැත්තේ පරිස්සමෙන් පලයන්, දවල්ටත් සුද්දෙ දෙන ගෑනු ඉන්නවා' කියලා. මම දවසක් මරදානේ නිව් ඔලිම්පියා එකේ බැලුවා වැඩිහිටියන්ට පමණයි පිචර් එකක්. 6.30 දර්ශනය බලලා, එලියට ආවා. බස් හෝල්ට් එකට ඇවිත් 114 හෝ 115 පිටකෝට්ටේ බසයක් එනතුරු ඉන්න අතරේ මම දැක්කා, ලස්සන කාන්තාවක් තනියම බස් හෝල්ට් එකේ ඉන්නවා. මම හිතුවා මොකද මෙයා මේ රෑ තනියම, මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැ කියලා. ඇය මා සමග සිනාසුනා මමත් සිනාසුනා. ඇය මට වඩා අඩුම ගණනේ අවුරුදු 10 කින්වත් වැඩිමල් ඇති. ඇය එක්වරම මා අසලට ආවා. බස් හෝල්ට් එක අල්ලාගෙන හිටිය මගේ අත උඩින් ඇගේ අත තියලා මිරිකලා, මගෙන් ඇහුවා, 'නැද්ද මල්ලී මොකුත් වාසියක්' කියලා. මගේ හිතේ විදුලියක් කොටනවාක් මෙන් එකවරම මතක් වුනා, මගේ මචං මට කියපුදේ. මම වහාම අත ගසාදාලා කුණුහරප දෙකකුත් කියාගෙන පණ කඩාගෙන දුවලා ගිහින් නැවතුනේ ඉබ්බන්වල හන්දියේ.

    ReplyDelete
    Replies
    1. මාත් කොළොඹ ආපු මුල් දවස් වල දන්නේ නැතිව ඔහොම රැවටිලා තියෙනවා.නොදන්නා කමට අපි ඒ වගේ තැනක කවුරුහරි එනකන් හිටියත් වටේ පිටේ මිනිස්සු හිතන්නේත් වැරදි විදියට..

      Delete
  12. ශික්... මට සෙට් වෙන්නේ නෑ නේ බෙල් එක ගහන්න !!!
    මම නම් අනිවාර්යෙන්ම ගහනවා..... බෙල් එක !!

    ReplyDelete
    Replies
    1. ඉතින් ඕක සෙට් වෙනකම් බලන් ඉඳල හරි යන්නෙ නැහැ...බස් එකට නැග්ගාම කෙල්ලො ලඟින්ම හිට ගන්න..අහන්න මම ගහන්නද කියල බෙල් එක..!!

      Delete
    2. කිරිල්ලියේ, යුද්ධ හමුදාවේ සුප්‍රසිද්ධ කතාවක් තියනවා 'ඔයා බෙල් එක ගහනවා වගේ ඇහුනා' කියලා. කරුමේ කියන්නේ ඒක 'අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි' කතාවක් වීමයි. මෙතන කියන්න බැහැ.

      Delete
    3. @මධුරංග = හරියට බෙල් එක පෙන්නලා කිවුවනම් මමත් හොලවනවා ඒ කඹේ..

      @කිරිල්ලි = ඇයි ඔයා කොන්දස්තරද කියල ඇහුවොත්.. හතර විලිලජ්ජවයි නේ.

      @අනෝ = හිතා ගන්න පුළුවන් ඒත් මට විතරක් රහසෙන් කියන්න..

      Delete
  13. බඩුම තමා.. සික් දාගන්න තිබ්බ ලකුනු ටිකනේ කෙලවගන තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ දුර දිග බලන්නේ නැහැ නේ.හිනා වුන වෙලේ කිට්ටු කරානම කොහොම තියේවිද?

      Delete
  14. බෙල් එක ගහන්න කියලද එයා කියල තියෙන්නේ?
    අසරණය වුනත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන කෙනෙක් වගේ. පැනල දෙන කෙල්ලොත් එක්කනම් යාලු වෙන්නම එපා.

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද ඔයා විතරයි මම කරපු හොඳ වැඩේ අගය කලේ.අනිත් ඔක්කොම මට බැන්නා.මගෙන් ඔයාට ඇතෙක් බරට වස්තු ළඟදීම ඔබේ නිවසට. දොර ඇරලා තියන්න....

      Delete
  15. හත් දෙයියනේ අතේ තිබ්බ චාන්ස් එක මිස් වෙලාඅර ගෑනු ලමයා මොනවා කියාගෙන බැහැල ගියාද මන්දා.
    වෙන කාටවත් නෙවෙයි "මටමයි වෙන්නේ" කියලා හිත දහා ගමු.

    ReplyDelete
    Replies
    1. අවාසාවක මහත බෙල් එකක්වත් ගහල ගොඩ යන්න තිබුණු චෑන්ස් එක.

      Delete
  16. ඕකේ අනිත් පැත්ත ඒ කිව්වේ මුලින් හිතුව දේ වෙන්නත් පුලුවන්නේ

    ස්ත්‍රිය ගැන බමුණෝ ඕක කලින්ම දැනගෙන හිටියා

    දර්ශනං චිත්ත වෛකල්‍යං
    ස්පර්ශනං ධන නාශනං
    ශයනං මරණං තුර්යාත්
    ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී

    දැකුමෙන් සිහි විකල් වෙයි, ස්පර්ශයෙන් ධනය විනාශ වෙයි, සයනය කළොත් මරණය හිමිවේ. මෙනිසා ස්ත්‍රිය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රාක්ෂණියකි :D

    ReplyDelete
    Replies
    1. හසියා සිරා කතාව බන් #එච්

      Delete
    2. @හසිත ඔය බමුණෝ ගැන කියල තියෙන දේට උත්තර දෙන්න බැරුව මම අසරණ වෙලා ඉන්නේ. බවලත්තු කී දෙන්නම් තරහ වෙයිද? මොනවා උනත් කතාව ඇත්ත..

      @චුටි පුතා = ඕව් නියම කතාවක ධර්මෙන්ම විස්තර කරලා තියෙන්නේ.

      Delete
  17. ඒල එල වටේ ගිහින් මැදට ආවා

    ReplyDelete
    Replies
    1. මම වටේ ගියා ඒ හිනාවට ඒ කියපු දෙයට විකාර හිතෙන්න ගත්තා. දැන්නම් අපරාදේ කියල හිතෙනවා.

      Delete
  18. අනේ මන්දා අසාර් අයියත් කර ගන්න වැඩ.. මනෝ ලෝක වලට ගිහින් මොනා කර ගන්නවද මන්දා??

    ReplyDelete
    Replies
    1. මම කරගන්නේ නැහැ බං මට වෙන්නෙම ඒ වගේ වැඩ? මට හීනියට හින්ට් එකක් ගැහුවා නේ මම හිනා ලෝකෙක ඉන්නවා කියලා හික් හික්ස්..

      Delete
    2. හීන ලෝකෙක නෙමෙයි අයියේ.. ඒ කෙල්ල දිහා මුල ඉදන්ම වරදියට බැළුවයින්නේ මේක උනේ..

      Delete
    3. ඇරඹුමම කඳුලක් වෙලා.

      Delete
  19. අනේ සාදු හොඳ වැඩේ .. හොඳම වැඩේ.. කෙල්ලෝ නරක නෑ කෙල්ලෝ නරක නෑ... කියන තරම් කෙල්ලෝ නරක නෑ හු හු

    ReplyDelete
    Replies
    1. මට හොඳ වැඩේ කියන්නේ ඇයි? අපි ලජ්ජා බයට හැදුනු කොල්ලෝ. එහෙම කතා කර පලියට අපිනම් යයි..

      Delete
    2. හැක හැක හැක

      Delete
  20. දැක්කද නිකන් අහිංසක කෙල්ලන්ට කතාවක් හදන්න ගිය ලස්සන..:)

    ReplyDelete
  21. හික්ස්...ඔයාල වගේ අය කෝමද ඉතින් සමාජ සේවයක් කරන්නෙ..?? බෑ බෑ කිය කියත් හැරි හැරි බැලුවෙ මොකෝ..????

    ReplyDelete
    Replies
    1. බෑ බෑ කියල හැරි හැරි බැලුවේ ආයෙත් මට කතා කරනවද කියල බලන්න. ඒ බලපු හැම සැරේකම කතා කළා නේ.

      Delete
  22. අයියෝ ඒ ගෑල්ලමයට කට නැද්ද ඕක කට ඇරල කියන්න... බාග ව්ලාවකට අහින්සකියන්ද දන්නෙත් නෑ.. හැබැයි අර කිව්වත් වගේ කොලඹ කාක්කියක්ද දන්නෙත් නැති නිසා සැකයේ වාසිය පිතිකරු ගනිපු එක හොදා ..... :- තොටියා

    ReplyDelete
    Replies
    1. තොටියා මොකද මේ අනෝ විදියට.

      දන්නවනේ කෙල්ලෝ කොමලේ පාපා නේ වැඩ?කොළඹ කාක්කියක් කියල හිතුවට එහෙම නෙවෙයි වගේ ...

      Delete
  23. හිකිස්...හොඩ වැඩේ.....:P

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම කලේ හොඳ වැඩක්.ඒ කෙල්ල එක්ක ගියේ නැහැ නේ.

      Delete
  24. අසරණයා කියන නම හොදටම ගැලපෙනවා ඔයාටනම්..හික්ස්ස්..:D ඒත් බලන්න ඉතින් අර ගෑණූ ළ්මයා ගැන මුල ඉදන්ම හිතලා තියෙන්නෙ වැරදියටමනෙ.. :/

    ReplyDelete
    Replies
    1. එකනේ මම මේ නම දාගත්තේ. එයා බෙල් ඒක ගහන්න කියන විදියට නෙවෙයි ඇත වනුවේ.නිකන් ලඟට කතා කරන වගේ නේ.

      Delete
  25. ඕකනෙ මල්ලි කියන්නේ මනුස්ස කමට කෙල්ලෙක් උදව්වක් ඉල්ලුවහම උබල ඒකත් දකින්නෙ වැරදියට.......

    අනිත් එක නාරිලාතා මල් දැක දැක අහක බලන බඹරෙක් දැක්කමයි

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනේ මගෙන් ගත හැකි ආදර්ශ බෝමයි. කාවූරුවත් මාව අගය කරන්නේ නැහැ නේ.

      Delete
  26. ලැජ්ජා බයට හැදුන අසරණය වගේ අයියෙක් ගත්ත තීරණේ හරියටම හරි. කියන්ඩ බෑනේ බස් එකෙන් බස්සගෙන ගිහින් පර්ස් එක සුද්ද කරන්නද හැදුවේ කියල. එත් අන්තිමට වුනේ වහ කන්න වෙන විදිහේ වැඩක්නේ.

    මං මේ කල්පනා කලේ බස් එකේ බෙල් එක ගහන්න "කඹයක්"ගැටගහල තිබුනේ කොහොමෙයි කියල.

    ReplyDelete
    Replies
    1. අයි බං දැකල නැද්ද නයිලෝන් "කඹ" ගැට ගහපු සී ටී බී බස් එහෙම? ඔබා මාමාව කන්සල්ට් කරපන් කියල දෙයි.

      Delete
    2. කොහොමද කෙල්ල මට සිහිය නැති වෙන්න දුන්නොත් චොකලට් ඉවරයි නේ මගේ මාසේ පඩිය.. කඹේ තිබුනේ වහලේ ගෑවී නොගෑවී ඉතිං ඒ ගෑණු ළමයා උස නැහැ ඒක අදින්න.

      ක්සන්ඩර් = ++++++++

      Delete
  27. මේ ගෑණු ළමයා බ්ලෝග් එකක් හෙම ලියනවනම් අයියා ගැන ලියන දේවල් මතක් වුණා.. :P
    බලන්න ඉතින්.. ඒ ගෑණු ළමයා බස්එකේ ඉන්න උසම කෙනාවනෙ හොයලා තියෙන්නෙ.. හිනාවෙන්න ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති.. :P
    කෝකටත් අම්මගෙ ඔවදන් මතක්වුණ ‍එක හොඳා.. :)

    ReplyDelete
    Replies
    1. දැන් මටත් හිතෙනවා ඒ ගෑණු ළමයා මේක කියෙවුවොත් හිතෙන දේවල්.. ඒ හිතෙන දේවල් කියන්න ඕනේ නැහැ නේ.

      අපි අම්මට තාත්තට කීකරුව හැදුනු ළමයි නේ.බොරුනං අහන්න අපේ ගමේ ග්‍රාමසේවකගෙන්..

      Delete
  28. හය්යෝ කෑවා කැවා මගේ සුපියල් පා කෑවා.. අඩේ බං මන් හිතුවෙම එකී උඹට කතා කරන්නේ බහින්න කියල, බැලින්නම් බෙල් එක ගස්සගන්න නේ .. හය්යෝ සල්ලි..

    ReplyDelete
    Replies
    1. මගේ උපන් වෙලාවේ වැරද්දක් තියෙනවද කොහෙද.ඇයි බං මටම වෙන්නේ.

      Delete
  29. උඹට ඕක තේරුනේ නැත්තෙ මොකද කියල මට තාම හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. බෙල් ඒක ගහන්න කියල අතින් කිවුවේ හරියට ලඟට එන්න කතා කළා වගේ. බෙල් ඒක පෙන්නලා කිවුවනම් ඉතිං ඕක අදිනවා නේ.

      Delete
  30. //"නයා" කට ඇරියා වගේ පුදුම රස්නයක්//

    හිකිස්‌ මරු..අයි ළමයෝ නයෙක් ඔයා ලඟට ඇවිත් කට ඇරලා තියනවද?

    වෙනදා වගේම සුපිරි කතාව. අසරනයාටමයි ඔහොම වැඩ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ අපේ ගමේ වයසක මිනිස්සු එහෙමයි දවල් රස්සේ වැඩි වුනාහම කියන්නේ.මමත් ඕක එයාලගෙන් අහල තියෙනවා. එතකොට කියනවා ඕව් කියල.

      ස්තුතියි අගේකිරිම ගැන..

      Delete
  31. Replies
    1. හපෝ....... ඉතුරු ටික කියන්න එපා.

      Delete
  32. හයියෝ අය්යා අසරන උනා වගේ එදා....

    ReplyDelete
    Replies
    1. කවදත් අසරණයා මටමයි වෙන්නේ.

      Delete
  33. අයියා එහෙම අහලා කිවුවේ නැද්ද මල්ල කට දෙපැත්තත් පිහිද ගන්න කියලා..

    ReplyDelete
    Replies
    1. මම හුනා වගේ පැත්තකට වුනා තවත් නොන්ඩි වෙන්න බැහැ නේ.

      Delete
  34. හම්මෝහ්! මාත් නිකං ඔකඳ වෙලා වාගෙ ගියා ඒක කියවලා. හිතෙන් ගිය දුරක්, නේ?

    මෙන්න මේකත්පොඩ්ඩක් කියෙව්වා නම්...

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෙක් මට වුන එකේ අනිත් ඒක.මෙච්චර කාලයක් කියෙවුවෙ ෂීට් කියලනේ.

      Delete
  35. මට මේක කියෙව්වේ හිනා වෙවි කොච්චර ලැජ්ජා බයට හැදුනු කොල්ලෙක්ද අයියා.... හැබැයි ඉතින් අසරණයා කියන එක ගානට හරි හැමවෙලේම වෙන්නේ අසරණ වෙන වැඩමනේ...අන්තිමට අර අක්කා බෙල් එක ගහන්නද කිව්වේ කියලා දැනගත්තම ආයේ කතාව උඩ ඉඳන් කියෙව්වා... මට හිතුනෙම අයියට සුද්දෙ දෙන්න ආපු රෑ මනමාලියක්වත්ද කියලා...කොටුවේ ඔහොම මනමාලියෝ වැහි වැහැලා

    ReplyDelete
    Replies
    1. කොටුවෙනම් ඉන්නවා මෙයානම් එහෙම කෙනෙක් නෙවෙයි.ඒත් ඉතිං අතින් කියපු දේ හරියට තේරුම ගන්න බැරි වුනා නේ. කොහොමද මගේ බ්ලොග් එකේ නම හරියටම ගැලපෙනවා නේ.

      Delete
  36. කොච්චර නම් ලජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්ද. කෙල්ලෙක් දැක්ක ගමන් හිතන්නේ ගෝල් ෆේස් යන එක ගැන, අයියෝ අසරණයා...

    ReplyDelete
    Replies
    1. කියන්න බැහැනේ අද කාලේ හැදිච්ච කොල්ලෙක්ට පාරේ බැහැල යන්න බැහැ නේ. මේ නරක කෙල්ලෝ නිසා.

      Delete
  37. අම්මගේ චුටි පැටියාව නරක කෙල්ලෙක් රවට්ටගෙන යන්න හදල නේද.... :(
    හනේ බොල අසර්... තෝවනම් කෝවක දාල මකවලම ගන්න වෙනවා බොල..

    ReplyDelete
    Replies
    1. ඇයි බං මටම බනින්නේ.මම කෝකටත් කියල පරිස්සම් වුනා.

      //තෝවනම් කෝවක දාල මකවලම ගන්නවා// අපේ අම්මත් කියල තියෙනවා.

      Delete
  38. අර ගෑණු ළමයා අච්චර බෙල් එක ගහන්න කියලත් ඇයි අයියේ ඔයා බෑ කිවුවේ? :)))

    ReplyDelete
    Replies
    1. එයා බෙල් එක ගහන්න වගේ නෙවෙයි නිකන් ලඟට කතා කල වගේ අත වැනුවේ.

      Delete
  39. දැන්නම් හිතෙනවා නම ගැලපෙනවා කියලා

    ReplyDelete
    Replies
    1. එකනේ කලින්ම මේ නම දාගත්තේ.

      Delete
  40. අසරණයා අයියා අසරණියන්ට ඔහොමද සලකන්නේ.....අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. කලින් තේරුනේ නැහැ නේ ඒ ඇත්ති අසරණියක් ය කියල.

      Delete
  41. හය්යෝ.... ඒ පෙනුනේ හිතේ තියන ඒවා තමා ... :)

    ReplyDelete
    Replies
    1. සමාජේ විසයි.අපි පරිස්සම් වෙන්න ඕනේ නේ.

      Delete
  42. හපොයි මෙයා නම් මාර එක්කෙනෙක් තමා....බෙල් එකක් ගහන්න කියල කෙල්ලෙක් අත වැනලා කතා කරාම මෙයා හිතලා තියෙන දේවල්....පඩියලු පර්ස්ලු මොනවහරි දෙයිලු සිහිය නැති වෙයි ලු....අන්තිමට අර කඹේ ඇදපු අයියා ඉස්සරහා අසරණ උනා (නමට ගැලපෙන්න) නෙ....අනේ පව්...:P

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.
      එයා ඇත වැනුවේ ලඟට කතා කරන විදියට නේ.ඉතින් මම රැවටුනා.ඒත් අර අයියා කියපු දේ කාටවත් ඇහුනේ නැහැ.හෙක්..

      Delete
  43. අයියෝ පව් මෙයා..හික්ස්..:D

    ReplyDelete
  44. අනේ දෙවියනේ.......... පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා මේ කතාවට!!!!!!!
    පොඩ්ඩක් බිම පෙරලිලා හිනා වෙන්න ඕනේ!

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...