ගුරුකම් වලට ලංකාවේ ප්‍රසිද්ද දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයයි.ලංකාවේ ඈත අතීතයේ ලෝකය පුදුමයට පත්වෙන විදියේ ගුරුකම් තිබුනත් අද ඇති ගුරුකම් වල එතරම් සත්‍යක් නැහැ කියන ඒක ප්‍රසිද්ධ කරුණක්. ලෝකේ ප්‍රබල ගුරුකම් ශාස්ත්‍රයක් තවමත් තියෙන්නේ ඉන්දියාවේ. ඒත් අප්රසිද්ධව තව කොතෙකුත් රටවල් ඇතිද? 14 වන සියවසේ සිට බටහිර රටවල් වලද මේ ගුරුකම් ශාස්ත්‍රය පැවතුනා. ප්‍රධාන වශයෙන් බටහිර රටක් වෙන එංගලන්තයේද එම රටට ආවේනික ගුරුකම් සාස්තරයක් තිබිල තියෙනවා. "රොබින් හුඩ්" කතා මාලාවේ මායාවරුන්ට කතා කරන දර්ශන වල ඇත්තේ 14 වන සියවසේ එංගලන්තයේ තිබුන ශාස්ත්රයි . උදාහරණයක් විදියට අරාබියට ,ජපානයට ඊජිප්තුවට යන රටවල ඔවුන්ටම ආවේනික ගුරුකම් ශාස්ත්‍රයක්ද බටහිර විද්‍යාවෙන් ඉදිරියෙන්ම ඉන්න ඇමරිකාවටද ගුරුකම් ක්‍රමයක් තිබිලා තියෙනවා. නමුත් බටහිර රටවල් ඔවුන්ට තිබුන ඒ ගුරුකම් ශාස්ත්‍රය පිළිගන්න තවමත් කැමති නැහැ.
සති කිහිපයකට විතර පෙර අප්‍රිකානු ගුරුන්නාන්සේ කෙනෙක් එක්ක කථා කරන්න හැකි වුනා. මේ රටේ ඇති ඇතැම් විජ්ජාවන් ගැන කථා කරන්න. අප්‍රිකාවේ බටහිරට වෙන්න ඇති රටවල් හා දකුණුට වෙන්න ඇති රටවල් වල ඇති ගුරුකම් ගැන දැනගන්න. මම මේ කියන ඇතැම් කරුණු පිළිගන්න අමාරු වෙන්න පුළුවන්. එත් ඒ ගුරාත් සමග හිටපු අපේ ආයතනයේ තවත් සේවකයෙක් කියපු සිද්දින් හා ඔහුගේ අත්දැකීම් නිසා මට විශ්වාස කරන්න පුළුවන් වුනා.
අප්‍රිකාවේ රටක් වෙන "බෙනේ" කියන රටේ හා "මලාවි" කියන රටවල් දෙකේ ප්‍රධාන වශයෙන් මේ ගුරුකම් ශාස්ත්‍රය තියෙන්නේ. අප්‍රිකාවේ ඇති ගුරුකම් එකම දේ නොවුනත් ටිකක් සමානයි.මේ හැම දෙයක්ම පැවතගෙන එන්නේ මේ රටවල වල ඇති ගෝත්‍රයන්ගේ පරම්පරාවෙන්. අනිත් සිසු අප්‍රිකානු රටවල සිට මේ ශාස්ත්‍රය ගැන වැඩිදුර ඉගෙනීමට "බෙනේ" රටට එනවා. මේ ගුරුකම් ඇතැම් වෙලාවට අපිට හිතෙන්නේ මේ ශාස්ත්රයේ ඇති සැහිසික කම හා පුහු ආකල්පයි. කොංගෝ වේ 2008 අවුරුද්දේ විතරක් ළමුන "පනස් දහසකට" ආසන්න ප්‍රමාණයක් ගෙදරින් එලියට දාල තියෙනවා එම දරුවන් යක්කුන්ගේ දරුවන් කියල හිතලා. යලිත් ඔවුන්ගේ පවුල් වලට එකතු කරගෙන නැහැ.මේ පිලිබඳ එක්සත් ජාතින් විසින් කෙටි චිත්‍රපටියක් නිර්මාණය කරලා තියෙනවා පසු කාලෙක. තව පිරිමින්ගේ පුරුෂ ලිංගය ගුරුකම් මගින් නැති කිරීම වගේ සාහැසික සිද්දීත් කොංගෝවෙන් සහ ඝානාවෙන් වාර්තා වෙනවා. ඒ සියලුම පිරිමින් අධික ලේ යාම නිසා මිය ගිහින් තියෙන්නේ. එම දේවල් නැති කරල තියෙන්නේ කිසිම ආයුධයක් නොමැතිව. ඒ විදියට නැති කරන්න හේතුව ඒ කට්ටටියන්ගේ බලය වැඩි කරගැනීමට.
ටැන්සානියාවේ, කෙන්නියාවේ වගේ රටවල් වලත් ඒ ඒ ගෝත්‍රිකයන්ට ආවේනික ක්‍රම තියෙනවා. ලංකාවේ තොවිල් වගේ ශාන්තිකර්ම වලට සමාන දේවල් කරනවා. ඒ අවස්ථාවල ඔවුන් අදහන ආගම් අනුව ඔවුන්ගේ දෙවියෝ ලඟට යන්න මිනිසුන් ඉදිරිපත් වෙන්නේ කිසි පැකිලමකින් තොරවයි. ශාන්ති කර්මය ඇති අවස්ථාවේ දෙවියන් ලඟට යන්න අවශ්‍ය පුද්ගලයා එම ස්ථානයේ බිම නිදාගෙන ඉද්දි කට්ටඩියා ඇවිත් උල් ආයුධයකින් පපුව පළලා හදවත එලියට ගන්නවා. ඒ හදවත ලේත් සමඟ ආහාරයට ගන්නේ ගුරුන්නාන්සේගේ බලය වැඩි වෙන්නත් අර පුද්ගලයා දෙවියෝ ලඟට යන්නත් එක්ක. හදවත වගේම තවත් ශරීරයේ කොටස් ඒ විදියටම ගැලවීම් ක්‍රම තියෙනවා.නමුත් දැන් එම රටවල පොලිසිය මගින් කට්ටඩියන්ව අත්තඩංගුවට ගැනීම සිද්ද කරනවා.
මට මුණ ගැසුන කෙනා ඒ ගෝත්‍රයේ නෙවෙයි. මිනිසුන්ට සෙතක් වෙන දේවල්. කරන්නේ. ලේ මිශ්‍ර වෙන කාර්යක් සිද්ද කලොත් ඔහුගේ පලය නැති වෙනවා.මේ රටවල ඇති වගා ඉඩම් වලට කිසිම ආරක්ෂාවක් නැහැ. අප්‍රිකාවේ එතරම් ආහාර නැතත් කිසි දිනක මේ ඉඩම් වලට දිළින්දන් බඩගිනි වුනත් ඇතුල් වෙන්නේ නැහැ.ඔවුන් දන්නවා ඒ ඉඩමට ඇතුළු වුනොත් සිද්ද වෙන්නේ මොන වගේ දෙයක්ද යන වග. හදිස්සියෙන් වත් ඇතුළු වුනොත් ඉඩමේ අයිති කාරයා නැවත එනකන් ඒ ඉඩමෙන් එලියට යන්න බැහැ ඒ සොරාට එලියට යන්න හිතෙන්නෙත් නැහැ. පලතුරු ගස් කොච්චර තිබුනත් අයිතිකාරයා ඇවිත් ඵල නෙලාගන්නකන් ගහ යටට කිසිම කෙනෙක් එන්නේ නැහැ. මේ සිදුවීම සාමාන්‍ය සිද්දියක් මේ රටවලට.
ඇමරිකානු ජාතිකයෙක් ඝනාවට මිට අවුරුද්දකට කලින් ඈවිත් තිබෙන්නේ මේ ශාස්ත්‍ර ඉගනගන්න. මාස තුනකට පසු ඔහු යලිත් ගියේ ගොඩාක් දක්ෂ කට්ටඩියෙක් විදියට. තමන්ගේ දැනුම විදේෂකයන්ට විකුනන්න කිසිම විදියකින් මැලි වෙන්නේ නැහැ.. ඇමරිකානු පුද්ගලයත් එක්ක අපේ ආයතනයේ මිතුරා වැඩකරලා ඇති නිසා ඔහුත් පිළිගත්තා අමරිකානුවගේ හැකියාව. මේ කාරනා ඇතැම් විට විහිළු විදියක් වෙන්න පුළුවන්. මේ දවල් පිළිගන්න කියල කියන්නෙම නැහැ ඒත් මෙහෙම දේවල් තියෙනවා කියල තහවුරු කරන්න පුළුවන් කියල මේ රටේ කිහිප දෙනෙකුගෙන් දැනගන්න පුළුවන් වුනා.විශේෂ ගහක කොලයකට මැතිරිමෙන් එම කොලය බිම දිහේ ඇවිදීම, ලංකාවෙ වගේ කනප්පුව ඇවිද්දවනවා වගේ. එක වර විශාල පුද්ගලයන් පිරිසක් සමඟ සටන් කිරීමේ හැකි බලයක් ලැබීම . ප්‍රශ්නයක් වෙන අවස්තාවලදී එම වස්තුව නැතිකිරීම වගේ දේවල් උදාහරණයක් විදියට කිසියම් ලියකිවිල්ලක් අපිට අවශ්‍ය ආයතනයට යැවීම උසාවියේ විභාග වෙන නඩුවක් ජය ගැනීම හෝ තමන් කැමති අයුරින් විසඳීම වගේ දේවල්. ඔහුට හැකි තවත් දෙයක් නම් යම් තැනක ඉඳල තවත් තැනකට අතුරුදහන් වීමේ හැකියාව. හදිසි අවස්ථාවකදී. මේ හැකියාව මිට අවුරුදු 100 කට කලින් සුලබ දෙයක්. එත්දැන් ඒම හැකියාව තියෙන පුද්ගලයෝ ඉන්නේ ඉතා සීමිත පිරිසක්. ඔහුගේ පියාට මේ හැකියාව තිබී නැහැ.
තරුණයෙක් සමඟ හාවයි දුපතට යන අවස්ථාව.
මේ දර්ශනය අවට ලෝකයේ සුලභ දර්ශනයක් වැඩි වශයෙන් දෙසැම්බර් ජනවාරි කාලයයේ. ඒත් ගැහැණියෙක් සහ පිරිමියෙක් මේ විදියට ඉන්න අවස්තාවක් ගැන අහල තියෙනවද? අප්‍රිකානු ගුරුකම් නිසා මේ වගේ දකින්න පුළුවන්. අසම්මත ඇසුරක ඵලවිපාක. පහත වීඩියෝ ඒක එවැනි සිද්දියක්.මෙතනින් ගිහිං බලන්න පුළුවන්. "මෙය වඩාත් සුදුසු වැඩිහිටියන්ට. " මෙම වීඩියෝවේ මැද හරියේ සුදු පාට කමිසයක් ඇඳන් ඉන්න පුද්ගලයාගේ බිරිඳ වෙනත් පිරිමියෙක් සමග අනියම් ඇසුරක් පවත්වනවා කියන සැකය නිසා ගුරුකමක් මගින් අතටම අල්ලගන්න කරපු උපක්‍රමයක්. මේ කෙන්නියාවේ දිළිඳු ගමක සිද්දියක්. එම ගමේ නිවාඩු නිකේතනයක ගියපු අවස්ථාවේ ඔවුන් දෙදෙනා ඒ විදියට හිර වීමෙන් පැය 4ක් වගේ කාලයක් ඉඳල තියෙනවා පුට්ටු වීමෙන්.පසුව පොලිසියෙන් නීතියට සම්බන්ධ නිලදාරීන් ද ඇවිත් දොර කඩා දෙදෙනා කොටු කරගත් අවස්ථාවයි මේ. පසුව එම කාන්තාවගේ සැමියාට හොර පුද්ගලයා කෙන්නියානු මුදලින් 20,000ක මුදලක් දෙන්න පොරොන්දුව පිට ඔහු කට්ටඩියෙක් හරහා එම බන්ධනයෙන් නිදහස් කරනවා. වීඩියෝවේ අවසානයේ තියෙන්නේ එම ගමේ ඇති මුදල් ගන්න ටේලර් මැෂින් ඒක. ඒ දේ දැක්කම හිතාගන්න පුළුවන් නේ ඒ ගමේ දියුණුව.
මේ ඇතැම් කරුනුත් ඔබට පිළිගන්න අමාරු ඇති ඒත් තවමත් හිතාගන්න අමාරු ගුප්ත හැකියාවන් මොවුන් සතුව තියෙනවා. සුළු සුළු ක්‍රම මටත් උගන්වන්න කැමතියි කිවුවා ඒ පිරිසක්ව පුදුම කිරීමේ හැකි ක්‍රියාවන්.
"අනියම් ඇසුරු අතටම අසුකර දෙනු ලැබේ"
ඒ මාරයි අදහන්නත් බෑ ... මේ අර පූට්ටු මන්තරේ ලන්කාවෙ උන්ට එහෙම උගන්නන්න එපා ඈ...
ReplyDeleteඇදගන්න ටිකක් අමාරුයි. මොකද මී ගොඩයෝ උඹ බයවෙලා. උඹට කරදරයක් කරන්නේ නැහැ.
Deletepuluwannam oya mantare apta kiyala denna
ReplyDeleteකොයි මන්තරේද හිර වෙන එකද?
Deleteඇඬෙනවා ඇඬෙනවා.......
ReplyDeleteමේ දේවල් මිථ්‍යාව කියලා බැහැර කරන්න බෑ.මමත් වෙද ගෙදර ඉද්දි විශ්වාස කරන්න අමාරු ගොඩක් දේවල් දැක්කා.ඒවා ලියනවද නැද්ද කියලා මට හිතාගන්නවත් බෑ... මේ ගැහැණු පිරිමි ලොක් වෙන සීන් එක කරන්න පුළුවන් වෙන්න ඕනේ නෑ කටින් කිව්වත් ඇති ලංකාවේ... ඒකනේ මේ තරම් බොරුවෙන් වංචාවෙන් මිනිස්සුන්ව මුලා කරන්න පුළුවන් වෙන්නේ ඇත්ත නැත්ත නොසොයා යනවනේ....
මරු ලිපිය අයියේ මේ වගේ තව දේවල් ලියන්න පස්සේ කාලෙක ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි සෑහෙන්න දේවල් හොයලා ලියන්න එක එක අංශ යටතේ... මාරම වටිනවා
මම හැමදාම උඹේ ඉල්ලන්නේ වේද ගෙදර කථා දාන්න කියලා. හිතාගන්න බැරි දේවල් තියෙනවා මේ ලෝකේ.
Deleteජිවිත අත්දැකීම් වලට වඩා මේ වගේ දෙයක් ලියද්දි ටිකක් අමාරුයි තමා. ඒත් විස්තර හොයල පුළුවන් විදියට දෙනවා හැමෝටම.
සුපිරිය අසර් මචෝ.. සුපිරියි... උඹ මේක ලියලා තියන විදිහත් මරු.
ReplyDeleteඅඩේ මාරයි බන්...ඕක නාට්‍යයක් එහෙම නෙමේ වෙන්ඩ ඇති නේද ? හොඳ වැඩේ හොරා කන උන්ට..
ලංකාවෙත් ඉස්සර ළමයි හම්බෙන ගෑනුන්ගෙත් ළමයා හම්බ නොවෙන්ඩ හිර කරන සීන් එකක් තිබිලා තියනවා නේද ?
යකෝ ඕවා දියුණු කරලා ගත්තනම් උන්ට ලෝකෙම නටවන්ඩ තිබුනනේ බන්..
//ළමයා හම්බ නොවෙන්ඩ හිර කරන සීන් එකක් තිබිලා තියනවා නේද ?//
Deleteමොකෝ සෙන්නා?????
ඕකට කියන්නේ වැදුම් ගෙයි බන්ධනය කියලා....
"මොකෝ සෙන්නා" කිව්වෙ මොකෝ ????
Deleteනෑ මන් බැලුවේ මොකටද ඒ ගැන හොයන්නේ කියලා :පී
Deleteආ.... මට ඒක මතක් වුනා මේක දැක්කම..
Deleteඅසර් උඹ ඕවා කොහොම හරි ඉඟන ගනින්.. ඊට පස්සෙ අපි ගේමට බහිමු..
නිකන් හිතපන් ඔය ලොකු මෝරෙක් කොටු පනින වෙලාවක් බලලා අල්ලගත්තොත්.. කල්ල මරේනෙ.. හා නැද්ද ?
ඒ ගමන මෝරු අල්ලන්න තොපි මූදු යන්නද හදන්නේ?
Deleteඅසර් මුට හොද බිලි පිත්තක් වගේ එකක් ගෙනෙන්. මන්තර එපා..
සෑමාගේ අවවාදය- තම් පවුල් පන්සල් වලට මේ පෝස්ටුව නොපෙන්වනු.
@සෙන්නා= ස්තුතියි අගය කිරීමට.
Deleteනෑ මේක රඟපෑමක් නෙවෙයි.බබලගේ සිද්දියට සයුරි මිස් උත්තරේ දීලා තියෙන්නේ.
මෙහෙ ගොඩාක් දෙන මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. ක්‍රිස්තියානි ආගම ඇදහන්නේ ඒ නිසා. වෙනත් ආගම් වල කිහිප දෙනෙක් විතරයි ගුරුකම් එක්ක ඉන්නේ. ඒත් මොනවා හරි ප්‍රශ්නයක් වුනාම හැම ආගමකම කෙනෙක් මෙගොල්ලොන්ගේ පිහිට පතනවා.
@සයුරි = වැඳුම් ගේ බන්ධනය කියන වචනය අහල තිබුනා එතකොට මේකටද එහෙම කියන්නේ.
@සෙන්නා = //නිකන් හිතපන් ඔය ලොකු මෝරෙක් කොටු පනින වෙලාවක් බලලා අල්ලගත්තොත්.. කල්ල මරේනෙ.. හා නැද්ද ?// උඹ මගේ බෙල්ල ගහල යන වැඩක් නේ මේ කියන්නේ. උඹ මාත් එක්ක තරාද?
@ සෑම් = උඹ බය වෙලාද ඉන්නේ. වෙන්ඩ වයිෆ් දකීවි කියල.
@අසාර් : යැස් යෑස්...අර අබා ෆිල්ම් එක බලල තියද? ඒකෙ ඔය ගුරුකම කරනවා. පරුමුක ගේ වයිෆ් ට බබා හම්බ වෙන එක පරක්කු කරන්න ඕන වෙලා.
Deleteසෙන්නා නැව් කප්පිත්තෙක් නේ. ඉතින් මෝරු එහෙම තමයි අල්ලන්නේ.
Deleteආයෙත් අප්‍රිකාව ගැන පෝස්ටුවක් දාපු එකට ස්තූතියි.
ReplyDeleteඑහෙනම් ඉතින් කොටු පනින උන් පරිස්සම් වෙයල්ලා.....අසරණයා පූට්ටු මන්තරෙත් ඉගෙන ගෙන...:O
මචං මම කාටවත් කරදරයක් නොකර අහිංසකව ඉන්න මනුස්සයා උන්ගේ නිදහසේ වැඩක කරගෙන ඉන්න දෙනවා. හැබැයි මට කේන්ති ගියොත්.
Deleteඅලේ මාරයිනේ...මම හරි ආසයි අතුරුදහන් වෙන ක්‍රමයක් දැන ගන්න...හිහි
ReplyDeleteඅර වීඩියෝව නම් තාම බලන්න බැරි උනා. ඔෆිස් එකේනේ ඉන්නේ. මෙතන ඕපන් කරන්න සුදුසු නැති එකක් වෙන්න ඇති මම හිතන්නේ...
සයුරි මම ඒ අදහස තවම අතහැරලා නැහැ. අතුරුදහන් වීම ගැන තවත් සොයනවා. ඒ ගැන තව විස්තර ඔහු මුණගැහුන වේලාවකදී දැනගන්නවා. වීඩියෝ කරගන්නත් උස්සහ කරනවා.
Deleteගෙදර ගිහිල්ලම බලන්න.
ඒත් ඔපීසියක මේවා බැලුවම කස්ටියගේ අදහස් මාර ඒවා. පට්ට කතා කියන්නේ. :)
Deleteසෑම් = උඹ කි දෙනෙකුට පෙන්නුවද? බවලත් උදවියට.
Deleteහුටා! අසරණය මේක ඉගෙනගෙන ලංකාවට ආව කියන්නෙ නිළියන්ටයි නළුවොන්ටයි අපේ මැති ඇමතිවරුන්ටයි බුදු සරණයි, දෙවි පිහිටයි, ආරක්ෂාවයි.. :P :D පට්ට සීන් එක ඈ, අර හවායි දූපතට යන කතාව නං මාර පුදුමයක්, හිතාගන්න බෑ... පට්ට ඈ... ජය ශ්‍රී..!!
ReplyDeleteමොකක් ඉගන ගෙන ආවත් පූට්ටු මන්තරේ නම් ඉගන ගන්නේ නැහැ. මටත් හිතාගන්න බැහැ මේ ගුරා කියන සමහර දේවල්.
Deleteඅප්පේ අර පූට්ටු මන්තරය නං ලංකාවට ගේන්ඩ එපා.ලංකාවෙන් බාගයක්ම පූට්ටු වෙලා ඉදියි
ReplyDeleteඋඹ බය උනා නේ. ලංකාව දැන් එච්චර දිවුනුයි ද? හැමෝම පූට්ටු වෙලා ඉන්න තරම්.
Deleteඅද කාලේ ලංකාවෙ හරියටම මත්‍ර ගුරුකම් ශාස්ත්‍රය ඉතිරිව තියෙනවනම් ඒ ගොඩක් අඩු පිරිසක් ළඟ.. අප්‍රිකානුවන් ළඟ තාමත් මේ දේවල් ඉතිරිව පැවතීම ගැන දැනගත්තෙනම් අද.. නියමටම ලියලා තියෙවා.. වෙලාවක් ලැබුණොතින් ඉක්මනටම අර ගුරුකම් කරන කෙනාව හම්බවෙලා වීඩියෝවත් දාන්න.. :) බලාගෙන ඉන්නවා..
ReplyDeleteහිහිහී.. බැරිද අර රටකින් තවත් රටකට මාරුවෙන මන්ත්‍රය ගැන දැනගන්න.. කාලෙ හැටියට වටිනවා නෙව ඒක.. :D
නැතුව නැතුව... ලංකාවට ගිහින් ආයෙම එන්න මටත් ඒක වටිනවා... :)
Deleteනන්දු = රටකින් රටකට යන්න එක දැනගත්තත් වැඩි දුර බැහැ දුර අනුව වෙනස් වෙනවා නේ. මගදී බලය නැති වෙලා ගඟකට මුහුදකට වැටෙන්නත් ඉඩ තියෙනවා.
Delete@ දෙනේෂ් = මම යන දවසකට කියන්නම් අපි දෙන්නා යමු. මගදී බිම වැටුනොත් වගකියන්නේ නැහැ.
@ අසරණයා. අවුලක් නෑ මචං මෙහෙ ඉඳං ඉන්දියාව කිට්ටුවටම ගිහින් මතුරනවා. එතකොට එහෙ වැටෙයි. එතනින් පාකිස්තාන් බෝඩර් ඒක ලඟට ගිහින් මතුරනවා. (ගංගාවල් නැති ටිකේ ඈ..) එහෙම එහෙම යනවා.
Deleteමම බලල තියෙනවා ජෝඩුවක් අතටම අහු වුන විඩියෝවක්. පොලිසියෙන් එද්දිත් දෙන්න හිර කරගෙන.
ReplyDeleteඒකත් මේ පූට්ටු සිද්දියක් ද? නැත්නම් වෙන හේතුවක් ද?
Deleteමේවා ප්‍රසිද්දියෙ කියල ලංකාවට එද්දි බලාගෙන....කටුනායකදිම උස්සගෙන යාවි....
ReplyDeleteඇත්ත නේන්නම් කට වැරදුනාද කොහෙද?
Deleteමූ අතුරුදන් වෙයි. සුටුස් ගාලා.
Deleteහෙක්..
Deleteඅන්න අසාර් අයියේ... වැඩ කරන ගමන් ඔය සාස්තරේ ඉගෙන ගත්තට පාඩු නෑ.. මොකෝ ලංකාවේ ඔහොම දේවල් කරන්න පුළුවන් කියන්නේ ඉතින් සෑහෙන තැනනේ... :)
ReplyDeleteලංකාවේ කැබිනට් එකේ ඉන්න හැමෝගෙම වයිෆ්ල පෝලිමේ ඒවි මාව බලන්න. ඒ එන හැමෝටම තේ දෙන්න ඕනේ දැන් සීනිත් ගණන් කිරිත් ගණන්. එක්කෝ බැහැ ඉගන ගන්න.
Deleteකොච්චර ආවත් අවුලක් නෑ බං...නුවනක්කාර අම්මණ්ඩිගෙ බුරුල්ල හොදයි....
Deleteකාමේසු මිච්චාචාරා වේරමනී සික්ඛාපදං සමාදියාමී..
ReplyDeleteඅම්බෝ...
මේ පැත්තට අළුතෙං
පෝස්ට් එකනං පට්ට..
ජයවේවා!!!!!!!
සාදරයෙන් පිලිගන්නවා තරියා.
Deleteස්තුතියි අගය කිරීමට.
අපේ අයියලා දැන් අප්‍රිකාවෙන් කට්ටඬියෝ ගෙන්නන්න පටන් ගනීවි වගේ :D
ReplyDeleteගෙන්වන්නේ නැහැ මම තමා. ඔක්කොම කරන්නේ.
Deleteහොඳා.... හොඳා... හොඳ ගාණක් හොයාගන්න පුලුවන් වෙයි අපේ උන්දැලාව හොඳ හැටි අන්දගත්තා නම් :)
Deleteමචං උබ ඔන්ලයින් නැති නිසා මෙතන දාන්නේ "African Back Magic" ද ? BLACK ද ?
ReplyDeleteහිටු කියවල නැවත එමි.. ජය !
මම හිතුවෙ වීඩියෝව උඹ ගෙඩි පිටිං පෝස්ට් එකට ඔබලා කියලා. මේ ක්‍රමේ හොදයි. ලින්ක් එක දාපු එක..
Deleteකස්ටිය කිව්ව වගේ මචං පොඩ්ඩක් ඉගෙන ගෙන වරෙන්. නොපෙනී යන ඒවා භාවනා මගින්ද කරන්නේ?
ලොක් කිරිලි උබ ඉගෙන ගත්තොත්, නිත්යානු කූලව බැදපු ජෝඩු පවා ලොක් වෙයි. උබ ඒ තරම් මිනිහා..
ජය කට්ටඩි සහෝ !
උඹ තමා දැක්කේ මම ගුරුකම් බලෙන් "L" එක නැති කලා ඔන්න ආයේ ගෙන්නුවා.
Deleteස්තුතියි මචං එක පෙන්නලා දුන්නට.
නොපෙනී යන එක කරන්නේ භාවනා මගින් නෙවෙයි මොකක් හෝ අමුතු බලයකින්. මන්තර වගේ වචන කිහිපයක් කියවීමෙන් පස්සේ.
මම අහිංසක එකා ඒ වගේ වැඩ කරන්නේ නෑ. සත්තයි.
අපූරු ලිපියක් නොවැ. වෙන්න පුලුවන්. ලෝකෙ සිද්ධ වෙන හැමදේම පැහැදිලි කරන්න තරම් විද්‍යාව දියුණුයි කියන්නත් බැහැනෙ.
ReplyDeleteඇත්ත විද්‍යාවට නොපෙනෙන අමුතු දේවල් මේ ලෝකේ තියෙනවා
Deleteඑලකිරි! උඹට බැරිවුනාද ඔය මන්තරයක් දෙකක් ඉගනගන්න. අප්‍රිකානු මන්තර ගැන මම අහල තියෙන්නෙ නවකතා වලින් විතරයි.
ReplyDeleteතව විස්තර කියන්න උත්සහ කරන්නම්. දැනට තියෙන තොරතුරු පොස්ට් එකක් ලියන්න තරම් වැදගත් නැහැ.
Deleteඅඩේ විස්තරෙ නම් පංකාදුයි..හැබැ පුතො ඔය පුට්ටු මන්තරේ මෙහේ ගෙනාවොත් නම් බිස්නස් එක නැගල යයි..මචො අර නැතිවෙලා වෙන තැනකින් මතුවෙන්ඩ පුලුවං මන්තරේ අරං වරෙන් අපි දාමු පොඩි කොම්පැනියක්
ReplyDeleteරාජ් ල දෙන්නම කථා වෙලාද මේ ඇවිත් තියෙන්නේ.
Deleteමම පූට්ටු මන්තරේ ඉගනගෙන ආවොත් මගේ ආරක්ෂාව ගැන උඹ සහතික වෙනවද?
නැතිවෙන මන්තරේ ඉගෙන ගත්තත් ආයේ පෙන්න පුළුවන් විදියක් ඉගන ගන්නත් එපැයි.
අනේ අම්මේ මේක නම් මට පුදුමයි!!! ඔයා ඕවා ඉගෙන ගත්තට කමක් නැහැ. ලංකාවේ ගානක් හොයන්න වැඩි කලක් යන එකක් නැහැ.
ReplyDeleteමේවායෙන් ගානක් හොයාගන්න වැඩි කාලයක් යන එකක් නැහැ ඒත් මගේ බෙල්ල යන්න වැඩි කාලයක් යන එකක් නැහැ දැන් තියෙන තත්වේ හැටියට හෙක් හෙක්...
Deleteහැක් හැක්. ඕක ලංකාවට හරියන එකක් නෑ අසරණයා. මොකද ඕක ටික දවස්කින්ම සාමාන්‍ය දෙයක් වෙයි. ගෙවන ගානත් රුපියල වගේම පහත බහී.
ReplyDeleteමරු පෝස්ට් එක ඈ.
henryblogwalker the Dude
රුපියල ස්ථාවර උන දවසක පටන් ගමු. අනිත් එක මේවාට වැඩි පුර අහු වෙන්නේ ඇමති ගොල්ලොනේ ඉතිං ලැජ්ජාව නැති මිනිස්සු නේ.
Deleteමම නම් මේ ගැන හාංකවිසියක්වත් දැනං හිටියෙ නෑ..මාර වැඩනේ මැජික් කාරයන්ට කරන්න පුළුවන්..!!
ReplyDeleteලංකාවට ආපු දවසක අසරණයට බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් වේවි...
මට ඉතිං ඔහොම කියාදී මාර සතුටුයි නොදන්නා දෙයක් දැනගත්තා කිවුවාම.
Deleteබලමු ඉස්සරහට බිස්නස් එකක් කරන්න
මාර ගුරුකමක් නේ ....විළි ලැජ්ජාවේ සංතෝසේ බෑ.....ජිබූතියෙත් හොයලා බලන්න ඕනේ ඔය පූට්ටු මන්තරේ දන්න කියන එකෙක් ඉන්නවනං ඉගෙන ගන්න....
ReplyDeleteපොඩ්ඩක් ගම් බඩට වෙන්න බලපාන් අනිවාර්යෙන් ඇති. මොකද අප්‍රිකාවේ මේ දේ සුලබයි.
Deleteමටත් ආසයි ඉගෙනගන්න........
ReplyDeleteවස්තු අන්තරස්දාන කරන එකටයි වැඩිපුරම කැමති ;)
හැබැයි ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ට නම් කිසිම "මැජික්" බලයක් නෑ.එයා කරන හැම දේම ඇස් බැන්දුම්.එයා කරපු සමහර "මායා දර්ශන" කරන හැටි මමත් දන්නව :ඩී
අන්තරස්දාන කරන එක ඉගන ගත්තා වගේ නෙවෙයි ආයේ ඒ දේවල් ගෙන්වන්නත් ඕනේ.
Deleteඩේවිඩ් කොපර්ෆීල්ඩ්ටකරන ඇතැම් ඒවා ගැන පුදුමයි.
"Magic's Biggest Secrets-Finally Revealed"
Deleteහොයාගෙන බලන්න.ඔක්කොම තියෙනව ඒකෙ..
මටත් පුලුවන් මැජික් ඒක බලලම :D
ඔව් බටපොලයෝ. මමත් ඔය වීඩියෝව බැලුවා. ඒත් තව තැනක මම බලපු වීඩියෝ එකක කොපර්ෆීල්ඩ් කිසිම ගහක් වත් බිල්ඩිමක් වත් නැති තැනකදී එකපාරම අහසට යනවා. ඔය වීඩියෝ වල පෙන්නපු විදියටනම් ඒක වෙන්න බෑ,
Deleteපුදුම හිතෙනෙව කියල තියෙන විස්තර කියෙව්වාම . විඩියො එකත් බැලුවා . මෙහෙම දේවල් තියෙන බව අසා තිබුනට දැකල තිබුනෙ නෑනෙ . ගොඩාක් ස්තූතියි රසවත් විස්තරයක් .
ReplyDeleteඔයා කලින් මේ ගැන දැනගෙන හිටියාද මම දැනගත්තෙත් මේ ලඟදි.
Deleteස්තුතියි ගිම්.
හපුයි ඩෙයියනේ...............:O
ReplyDeleteදෙයියෙක් නෙවෙයි ගුරෙක්.
Deleteඅනුන්ගෙ කුරුලු කූඩුවලට ගල් ගහන්න ඉගන ගන්න එපා බං මේවා යහපත් වැඩකට යොදාගන්න ඉගන ගන්න දෙයක් ඉගන ගනිං. වීඩියෝව වෙන වෙලාවක නිදහසේ බලනවා.
ReplyDeleteමොනව වුණත් මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ලෝකයේ හැම රටකම තියෙනවා. එක එක ක්‍රම වලට. හැබැයි අධයයනයක යෙදෙනව නම් ලියනව නම් කරුනු ගොඩයි.
ඒ උදවියගේ පාඩුවේ තහනම් ගැහෙ ගෙඩි කන්න දීලා බලාගෙන ඉන්නවා. මේවා ඉගනගන්නත් එච්චර ලේසි නැහැ. නිදහසේ බලන්න ඒත් ලොකු දෙයකුත් නැහැ ඒ වීඩියෝ එකේ.
Deleteඑක එක ගෝත්‍ර වලට වෙනමම ක්‍රමයක් තියෙනවා. විත්තර ඉන්ටර්නෙට් එකෙත් ඒ හැටි විස්තරයක් නැහැ.
අම්බෝ අර කිව්වත් වගේ පූට්ටු මන්තරේ නම් ලංකාවට ගෙන්ඩ එපා.
ReplyDeleteආයේ බේරන්ඩ බැරුව යයි !!!!
උම්බෙන්ද බේරෙන්න බැරි වෙන්නේ.
Deleteඅනෙ අම්මෝ අසර්ව ආශ්‍රය කරන්නත් බයයි බයයි වගේ...
ReplyDeleteමේ අප්‍රිකාවෙ දේශීය දැනුම අපිත් එක්ක බෙදා හද ගන්න එක නම් මාර වටිනවා..
ඔන්න ඕකනේ වෙනි අයියා මම වැඩිහිටියන්ට ගරු කරන කෙනෙක්. බය වෙන්න එපා
Deleteස්තුත්යි.
විස්තර දැනගෙන හිටියත් මෙච්චර දුරට දැනගෙන හිටියෙ නැහැනේ. තව ටික දවසකින් ඉම්පෝටඩ් අප්‍රිකානු මන්තරකාරයන්ගෙ විරැකියා ගැටළුව ලංකාවෙදි විසඳෙයි වගේ! ඵල ඵල!
ReplyDeleteමමත් පත්තරේ ඇඩ් එකක් දාලා වැඩේ පටන් ගන්නත් හිතෙනවා මලයාලි ගුරුකම් වලට වැඩ හොඳ ඇති නේ.
Deleteඅදමයි මේ පැත්තෙ ආවෙ...අනෙ අම්මෝ....හිහි
ReplyDeleteබොහොම සාධරයෙන් පිලිගන්නවා.
Deleteබය වෙන්න දෙයක් නැහැ. කරදරේ වෙන්නේ නරක මිනිසුන්ට විතරයි.
ඔය වගෙ දේවල් තහවුරු කරන්න අපි කියන විද්‍යාව දියුනු නැතුව ඇති...
ReplyDeleteඔව් ගුප්ත බලයක් මේ ලෝකේ තියෙනවා.
Deleteහ්ම්ම්... අසර්,
ReplyDeleteඔන්න මම ඔයාගෙ බ්ලොග් එකේ හැම පොස්ට් එකම කියවල ඉවර කරා. වෙන කිසිම තැනක මන් කොමෙන්ට් කලේනම් නෑ. (මෙතෙන්ට නොගැලපුනත් මට මෙතන යමක් ලියන්න කියල හිතුන.අනෙක් අය මට සමාවෙන්න හොඳේ)
මට ලොකු කනගාටුවක් දැනුන ඔයාගෙ විස්තර කියෙව්වාම. ගුරුවරයෙක් ගෙ නොමනා ක්‍රියාවක් නිසා අද්ධ්‍යාපන කටයුතු වලින් පසු බැස්සුන එක ගැන කියවද්දිනම් පුදුම දුකක් දැනුන. ඒකට හේතුව මමත් ඔයා වගේම ගොඩක් අසරණ වෙලා තියෙන එකමයි. වෙලාවකට මට හිතුන මට වෙච්චි දේවල් වගේම දේවල්නෙ ඔයාටත් වෙලා තියෙන්නෙ කියල.ගොඩක් වෙලාවට මටත් එහෙම අසරණ වෙන්න උනේ අවන්ක කමයි මානුශිකත්වයයි නිසා කියල තමයි මට හිතෙන්නෙ. ඒත් ඒ හැම වෙලේම මම සැලුනෙ නෑ. තවත් ශක්තිමත් වෙන්න කියල හිතුව.
මේ බ්ලොග් එක කියවද්දි මට සතුටක් දැනුනු එකම අවස්තාව තමයි හැම වෙලාවෙම ඔයා "මට කනගාටුවක් නෑ. මට මේව පුරුදුයි" කියල කියන එක. තැලෙන තරමට තමයි යකඩෙ උනත් වඩා හොඳවෙන්නෙ කියනවනෙ. ඉතින් ඔය හැම අත්දැකීමක්ම ඔයාගෙ ජීවිතය වඩ වඩාත් ශක්තිමත් කරාවි.
මට තේරෙන විදියටනම් දැනටත් ගොඩාක් ශක්තිමත් කරල තියෙන්නෙ. ඒ නිසා ඔය ප්‍රොෆයිල් එකෙ දාල තියෙන හඳුන්වාදීම ටිකක් වෙනස් කරගන්න බලන්න. ඒක දැන් ඔයාට ගැලපෙන්නෙ නෑ.(ඒ මගෙ අදහස හොඳේ). මොන ප්‍රශ්නයක් ආවත් අර තමන් ගාව තියෙන හොඳ ගතිගුන නැති වෙන්නනම් දෙන්න එපා. (ඒක මගේ ඉල්ලීමක්).
අහ්: ඔය බොන එකෙනුත් ඈත් වෙනවනම් හොඳයි.
(මම මෙතන ඇවිත් උපදෙස් දෙනව කියල හිතන්න එපා. මට දැනුනු සමීප කම නිසයි මෙහෙම කියන්නෙ)
ගොඩක් ලිපිවලින් ජීවිතේට ගන්න යමක් තියෙනව කියල මට හිතුන. ඉදිරියට තව හොඳට ලියන්න. රකියාවෙ හා පෞද්ගලික ජීවිතයෙ ඉදිරි කටයුතු සර්වප්ප්රකාරයෙන් සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව. ඔබට ජය. බුදුසරණයි!!!
බොහොම ස්තුතියි මගේ බ්ලොග් එකට පැමිණීම ගැන.
Deleteඇත්ත මම 4 වසරේ ඉඳල 8 වසර වෙනකන් දුරුවල ළමයෙක. පස්සේ මම ටිකෙන් ටික ආයේ වැඩකරන ළමයෙක්ගේ තත්වෙට ආවා. රැකියාව ආරම්බයේදී ගොඩාක් කටුනම් කෑවා ඒ කලෙත් අදත් මට ඒ දේවල් දුකක් කියල දැනුනේ නැහැ. ඉස්සරහටත් එහෙම හිතෙනකක් නැති වෙයි.
මගේ ප්‍රොෆයිල් එකේ ඒ දේ දැම්මේ මේ බ්ලොග් එක හදපු දවසේ ඊට පස්සේ ඒ ගැන බැලුවේවත් නැහැ. සමහර විට දැන් ගැලපෙන්නේ නැතුව ඇති. ගොඩාක් ස්තුතියි ඒ ගැන මතක් කරලා දුන්නට.
//ඔය බොන එකෙනුත් ඈත් වෙනවනම් හොඳයි. // මම එහෙමම බොන්නේ නැහැ. මගේ වයස අනුව මම දන්නවා මොන අවස්ථාවලදීද බොන්න ඕනේ කියලා. ඇතැම් පොස්ට් වල බීපු සිද්දි තිබුනාත් පසු රැකියාවත් එක්ක කාර්යබහුල උනායින් පස්සේ ඊවයෙන් ගොඩාක් ඈත් වෙලා ඉන්නේ.
ගොඩාක් ස්තුතියි මේ උපදෙස් වලට මේ හැම දෙයක්ම මට ලොකු ශක්තියාක්. හැම කාරණයක් එක්කම මම එකඟ වෙනවා.
ජය වේවා.
ඇත්ත මම 4 වසරේ ඉඳල 8 වසර වෙනකන් දුරුවල ළමයෙක/// මම මොන්ටිසෝරියේ ඉදන් එලියට යනකනුත් දුරුවලයි,,
Delete//මම මොන්ටිසෝරියේ ඉදන් එලියට යනකනුත් දුරුවලයි,,// මට මැරෙන්න හිනා.
Deleteඔන්න අසර් අදනම් මම ඇනෝ කෙනෙක් නොවී එලියට ආව. ඔය උඩින් ඇනෝ කොමෙන්ට් එක කලේ මම. ඔයාලගෙ බ්ලොග් කියවලම මටත් එකක් තිබ්බනO හොඳයි කියල හිතුන. ඉතින් ඔන්න මම අද ඉඳන් අසරණගෙ යාව ජීව සාමාජිකයෙක්.
Deleteඅර වීඩියෝ එකෙ තත්වෙ මොකද? පුලුවන් වෙලාවක ඒව දාන්න. ඝානාව ගැනනම් මට තියෙන දැනුම බිoදුවයි. ඒ ගැනත් ලියන්න හොඳේ (දැන් ඉන්නෙ ඝානාවෙ නෙද?)
සතුටුයි ඔයාගන දිගටම ලියන්න. මගේ බ්ලොග් ඒක කියවල ඔයාගෙම එකක් හදාගත්ත ඒක ගැන මට නිහතමානිව ආඩම්බරයි.
Deleteතවම මට වීඩියෝ ඒක ගන්න බැරි වුනා. පුළුවන් ඉක්මනින් එකත දානවා.
මැජික් වල වැඩි හරියක් තියෙන්නේ ඇහැ රැවටීම ඒත් ඩේවිඩ් කොපිෆිල්ඩ් වගේ කීපදෙනෙක් අරුමපුදුම දේවල් ඇත්තටම කරනවා
ReplyDeleteඋඹ මේ පොස්ට් එක දානකන් බලාගෙන හිටියේ,අර කට්ටදියාගේ වීඩියෝ එකත ඉක්මනට දාන්න
ඒ දේ කවදා දෙන්න පුළුවන් වේවිද කියල දන්නේ නැහැ. ඒත් ලබාගන්න පුළුවන් වුන ගමන මම ඒ දේවල් ඉක්මනින් දැන්නම්.
Deleteවශි ගුරුකං කරන්න ඉගෙනගත්තනං එළ! :D
ReplyDeleteලස්සන post එකකි! :)
අලි අල්ලන මන්තරේ එහෙම කොහොමද?
DeleteBlack Magic නෙහ්. හැබැයි ඉතිං ‘යකා බැඳගත්ත වගේ‘ කියල කියන්නෙ නිකමටම නෙවෙයි.
ReplyDeleteඔව් වැඩක නැතුවම ඉන්නනම් බැහැ.
Deleteඅපූරු ලිපියක්. ලංකාවෙත් ඔයවගේ කතන්දර ඕන තරම් ඇති, වෙලාවක් තිබුනොත් ටිකක් හොයලා ලියන්න. හොඳ මාතෘකාවක්.
ReplyDeleteලන්කාවෙදිනම් මගේ කිසිම යහළුවෙක් හිටියේ නැහැ සබැ කට්ටඩියෝ. ලංකාවේ හැබැයි පුරාණේ මේ වගේ දෙයක් තිබිල තියෙනවා.
Deleteහත්වලාමයි මොකක්ද බං මේ හුටප්පරේ....
ReplyDeleteඔන්න ඔහොමලු මේ සාස්තරේ වෙන්නේ.
Deleteඅනේ මම නං නැතෝ.......පූට්ටු වෙන්න බැරියෝ......... :) :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මූවනම් පූට්ටු කරලා තියන්නමයි වටින්නේ...
Delete@ රල්වජ = එකකට විතරක් සිමා කරපං.
Delete@දෙනේෂ් = අපි ටිකක් බලමු නේ.
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා :D මේ මන්තරේ දන්නවනම් එක සතියෙන් සක්විත්තෙක් වෙන්න පුලුවන්නේ...උඹ ඉගෙන ගෙන ආවම මටත් කියල දීපන් ඈ......:D
ReplyDeleteපට්ටම පෝස්ටුවක්, ඉතුරු ඒවත් දාපන් පුළුවන් විදියට. ජය!
සක්විත්තෙක් වගේ කිවුවේ සල්ලි නැති කරන මන්තරේ නිසාද? හැබැයි පුතෝ උඹටනම් කියල දෙන්නේ නැතෝ.
Deleteඉතුරු විස්තර පුළුවන් විදියට ලියන්නම්.
මම රීඩර්ස් ඩයජස්ට් එකේ කියවලා තියනවා අප්‍රිකානු ගුරුකම් ගැන. බොහොම ප්‍රභල දේ ඔවුන් කරලා පෙන්වලා තියනවාලු. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ගැනත් මම අහලා කියවලා තිබ්බට මෙහෙම කතාවක් ඇහුවේ අද. ඔහුට එකම තැනකින් ඉහලට පාවෙන්න (Elevation/Levitation)හැකියාව තියනවාලු.
ReplyDeleteබොහොම වටිනා ලිපියක් මචං. පොඩ්ඩක් පරක්කු වුනා. පට්ට බිසී මේ ටිකේ..
ඩේවිඩ් කොපර්ෆීල්ඩ් පාවෙන විදිය බොරුවක් කියල ඔප්පු කරලා තියෙනවා වෙනත් කෙනෙක්. කෙබල් මගින් පා වෙන්නේ. එත එතන ඉඳල තව තැනකට අතුරු දහන වෙන එක හිතා ගන්න බැහැ.
Deleteපරක්කු වුනාට මොකෑ බං...
ඒත් අර බටපොලයාට මම කිව්ව සීන් එක මිනිහා කලේ ඔය අභියෝගයට උත්තර විදියට.
Deleteහෆ්ෆා... අසාර් අයියෙ ඔයා ඔය සාස්තරේ ඉගනගනීවි වගේ ලඟදීම මට පේන්නෙ.. බලන්න කෝ ඔයාට ඕක ඉගනගන්න කියලා තියෙන ඉල්ලීම් ගාන..;)
ReplyDeleteඅප්‍රිකාව ගැන මෙහෙම ලියන එක මරු!! ත්ව එව්වා ලියන්න. අපිට ඉගනගන්න..
මේ හැමෝම කියන්නේ මගේ හොඳට නෙවෙයි එයාලටත් ප්‍රොයෝජන ගන්න. දැක්කා නේද කපටි යාළුවො.
Deleteයන්තර මන්තර ...එළය අසර් ,එළය
ReplyDeleteමම නොකිවුවට බොට හිතෙනවා ඇති මට හිතෙන්නෙ මොනවද කියලා
''අනේ එකක් දෙකක් ඉගෙනගෙන වර''
උඹ මහා වනචරයි බං. ඒවා ඉගෙන ගෙන එන්න කියන්නේ.
Deleteමාර වැඩක්නේ අප්පා,,,
ReplyDeleteනමුත් මම නම් ඕක විස්වාස කරන්නෑ... ඉගනගෙන ආවනම් එකක් හරි. ටෙස් කරලා බලන්න තිබ්බ.
පුට්ටු වෙන එකෙන්ම ටෙස් කරමු. උඹ පුට්ටු කරන්නම්. වැඩේට කැමතිද හෙක් හෙක්.....
Deleteඅ - ආනන්දය
ReplyDeleteස - සමඟ
ර - රසය ගෙනෙන
න - නල්ලමලේ
යා - යාලුවා
අසරනයා... :ඩී
ලිපිය නියමයි. දැන් ඉන්න රටේ විස්තරත් ලියන්න හොඳේ. ඒව කියවන්න මම කැමතියි
ජය වේවා!!!
ස්තුතියි ඇනෝ. හඳුන්වාදීම ගැන.
Deleteමේ රටේ විස්තර තව ටික දවසකින් දාන්න හිතාගෙන ඉන්නේ. විස්ත්තර එකතු කරනවා.
හම්මා..අයියෙ මරුනේ...මේ අර ඔයා විඩියෝ කර ගන්න ටිකත් ඉක්මනට දාන්න ඈ..
ReplyDeleteනෑ මම තවම වීඩියෝ කරගත්තේ නැහැ. ඒ දේවල් තව ටික දවසකින් පුළුවන් වෙයි බලාගන්න.
Delete//"අනියම් ඇසුරු අතටම අසුකර දෙනු ලැබේ"//
ReplyDeleteඅද කාලයට සුදුසුම වර්ගයේ ගුරුකමක් කල හැකි නම්. අදමයි මන්දා මේ පැත්තේ ආවේ...ආවාම දැක්කේ මොකක්ද අප්‍රිකානු ගුරුකම්. බයෙත් බෑ අප්පා....:D
අද කාලෙට කොච්චර හරිගියාත් ගුටි කන වැඩක වගේ.
Delete//අදමයි මන්දා මේ පැත්තේ ආවේ.// නැහැ කුමාරිහාමි මිට කලින් ඇවිත් තියෙනවා කිහිප සැරයක්ම.
බයවෙන්ට දෙයක් නැ ඉතිං යහපත් කල්කිරියාවක් ඇත්නං ;)
Deleteමොනව උනත් මන්තරේ භයානකයි ... මේදේවල් දැනගන්න ලැබෙන්නෙත් කලතුරකින් නෙ ...:ඩී
ReplyDeleteහරියට කරනවානම් හරි බලගතුයි.
Deleteදෙයක් දෑන්ගත්තනාම් ඒ ගැන සතුටුයි.
හුරේ මම හොයා ගත්තා ජොයින්ට් එක ගලවන විදිහ !
ReplyDeleteඒ කොහොමද බං. සල්ලි නොදී ඔය වැඩේ කරන්න බැහැ. සුපෙර් ග්ලූ ගෑවා වගේ.
Deleteපෝස්ටුව එලය... දානවා කියපු වීඩියෝ දානකම් බලා සිටිමි ජය!
ReplyDeleteඒක තවම වීඩියෝ කරගත්තේ නැහැ. ඒක ලැබුන ගමන ඉක්මනින් දාන්නම්..
Deleteස්තුතියි සිරා.
මාරයිනේ ..අන්න අර අන්තිම එක නම් නියමයි . ස්තුතියි අපි වැඩිය නොදන්නා අප්‍රිකාව ගැන තොරතුරු ගේනවට. මමත් ඉතියෝපියා පැත්තේ ගිහින් තියේ . අසරණයා ඉන්නේ බටහිර අප්රිකාවේද
ReplyDeleteඅනිතිම ඒක කිවුවේ මොකක්ද?? වීඩියෝ එකද?.. ඔව් මට මතකයි අඩිසි බාබා ගැන ලියපු පොස්ට් දෙකම.
Deleteඔව් මම ඉන්නේ ඝානාවේ.
නියමයි යාළු.......................
ReplyDeleteස්තුතියි..
Delete"තව පිරිමින්ගේ පුරුෂ ලිංගය ගුරුකම් මගින් නැති කිරීම වගේ සාහැසික සිද්දීත් කොංගෝවෙන් සහ ඝානාවෙන් වාර්තා වෙනවා."
ReplyDeleteබලාගෙන අසාර් පරිස්සමෙන්.. අනාගතය අඳුරු වෙයි :O :p:p:p
අම්මෝ මාර සිද්දීයක්නේ.. ඉගෙන ගන්න අනේ ඔයා ඕවා. කෝකටත් හොඳයිනේ :p
එන්න පරක්කු වුනා. තරහා නැහැනේ
වර්ණා මගේ අනාගතේ ගැන මට බය හිතෙන කතා කියන්න එපෝ....
Deleteමට හිතාගන්න බැරි මොන එකද ඉගන ගන්නේ කියල.
එන්න පරක්කු වුනාට එහෙමත් තරහා වෙනවද?...
හා හා හා.නියම පෝස්ට් එක :D
ReplyDeleteඅප්‍රිකානු අයට මැජික් කරන්න පුළුවන් කියලා දානං හිටියට වැඩි විස්තර දැනගෙන හිටියේ නෑ නේ.
තවත් විස්තර දාන්න.
ඉගෙන ගෙන ටියුෂන් ක්ලාස් එකක් දැම්මොත් නරකද? :p
මම නම් අදමයි මේ පැත්තේ ආවේ.දිගටම එනවලු ඔන්න.
ඕව් ඉගන ගත්තොත් පාඩු නැහැ ප්රබූ පෙලන්තියටම උගන්වල හොඳ ගානක් හොයාගන්න පුළුවන්.
Deleteමේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා.
ලංකාවෙත් ගුරුකම් වල දක්ෂ වැඩකරුවෝ ඉන්නවා කියල මම අහල තියනවා. එත් දැන් සල්ලි විතරක් අරමුණ කරගෙන ගුණාත්මක බවෙන් තොරව කරන ගුරුකන් නිසා බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙන එක නවත්තන්න බෑ. මම Devid ගෙ මැජික් වීඩියෝ බලල තියනවා. මගේ කනෙක්ෂන් එකේ අසාර් ස්යියගේ වීඩියෝව ලෝඩ් වෙන්නේ නෑ. මට අයියගේ කතාවේ අන්තිම හරිය තමයි තේරුනේ නැත්තේ.
ReplyDeleteකතාවේ අන්තිම හරිය කියන්නේ ඒ වීඩියෝ එක සම්බන්දව ද?. එතන සිද්ද වෙන්නේ අනියම් ඇසුරක් අතටම අහුවෙන අවස්තාවක්. ගුරුකම් මගින් දෙන්න පුට්ටු වෙන සිද්දියක්. ඒ පුට්ටුව ගලවන්න පුළුවන් අනියම් ඇසුර ලබන කාන්තාවගේ සැමියාට විතරයි. මම හිතන්නේ මේ දේ ගැන නේද ඇහුවේ.
Deleteඔබගේ බ්ලොග් ඉසව්වෙන් මෙම ලිපිය අප ලබාගන්න ලදී,ඒ පිළිබ්ඳව විරෝධ තාවයක් නැතැයි සිතමු.යම් කාරණයක් ඇතොත් අපගෙ email-info@srilankayouthnews.com ලිපිනියට දැනුම් දෙන්න
ReplyDeleteweb-www.srilankayouthnews.com
National Youth Services Council | No 65, Maharagama
We, as a pioneer public sector organization are working towards the development of the youth in Sri Lanka to become well functioning, independent and valuable citizens to contribute towards national development. The NYSC focuses on their personal development while creating a conducive environment to become youth leaders at the grass root, local and Global level.
මන් නම් මචන් ඕක ගුරුකමක් නිසා උනා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඔය වගේ දේවල් වෙනවා කියලා කලිනුත් අහලා තියෙනවා. ලංකාවේත් ඔය විදිහට වෙන්න ගුරුකම් කරනවා කියලත් අහලා තියෙනවා. :-)
ReplyDeletehttp://www.answerbag.com/q_view/9932
ඔව් මචන් සමහර දෙනෙක්ට විශ්වාස කරන්න බැහැ නමුත් අමුතු ගුප්ත දේවල් තියෙනවා මේ රටේ.
Deleteමන්තර ගැන නම් ටික ටිකක් අහල තිබුනා. ඒත් මචං මේ ජොයින්ට් කේස් එක නම් ඇහුවමයි.. කොහොමත් අපිට එක වරම තේරුම් ගන්න අමාරු වුනාට ඔහොම දේවල් තියනවා.
ReplyDeleteඇත්ත මචං තේරුම් ගන්න අමාරුයි. මේ දල තියෙන වීඩියෝ එකත් දකින්න ඇති නේ?.
Deleteඔබේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියට එක්කර ගැනිමට කෙරෙන කාරුණික ආරාධනයි මේ ……..
ReplyDeletehttp://syndi.wikasitha.com/
ඔයාට පණිවිඩයක් දෙන්න විදිහක් නැති නිසයි පණිවිඩය මෙතන දැම්මේ.. ඇවිත් අපේ සින්ඩියේ Register වෙන්න…ස්තුතියි…
ස්තුතියි මම එකතු වුනා.
Deleteදැන් තමයි මම මේ පෝස්ට් එක දැක්කේ අසාර්..
ReplyDeleteමාර සීන් තමයි..මම ඕව බොරු කියල නම් කියන්නේ නැහැ..
නමුත් ලංකාවේ කට්ටඩි කියල ඉන්නේ ඉන්නේ නම් හොරු..
පුළුවන් නම් ඕව ටිකක් ඉගෙන ගන්න..වටිනවා..
යන්ත්‍ර මන්ත්‍ර වලින් නොහිතන වැඩ කරන අය ඉන්නවා ..
මෙන්න සුපිරි මන්තර
ReplyDeletehttp://nomileguru.blogspot.com