12 Jun 2012

පාවෙන බෝඩිම

                       


                                             මම රස්සාව කරන්න පටන් ගෙන පළවෙනි අවුරුද්ද ගෙවුනා විතරයි. ඒ වෙද්දී මීගමුවේ පැත්තේ "නෙට් වර්ක්" එකකට ගිහිං කලින් හිටපු බෝඩිමට යන්න බස් නැතුව බස් හෝල්ට් එකක නිදාගෙන උදේ සිඟන්නේක් එක්ක නැගිටින්න වුන ඒ සිද්දිය වෙලා කාලයක් ගිහිල්ලා. පස්සේ වැඩකරන තැනට ටිකක් ලඟින් ඒ කාලේ වැටුපට ඔරොත්තු දෙන තැනක් හොයා ගත්ත්තා හරිම අමාරුවෙන්. වටේ පිටේ සුන්දරත්වයක් නැති රාත්‍රී 12 න් පස්සේ ඉතා නිශ්ශබ්ද ප්‍රදේශයක්. අළුත් කෙනෙක් ආවාම බෝඩිමේ පාලකයා අපිව සුර ලෝකේ මවා පෙන්වන සිද්දිය මදි නොකියන්න මටත් ලැබුනා. දවස් දෙකක් යද්දී  පළවෙනි වෙනි දවසේ ලැබුන විශේෂ සැලකිල්ල දෙවැනි දවසේ ඉඳල අනිත් අයටම වගේ මටත්  ලැබුනේ සියල්ලන්ටම සම තැන දෙන්න ඕන නිසා වෙන්න ඇති. අපි හිටිය උඩ තට්ටුවේ මට ලැබුණු ඇඳ තිබුනේ මුදුන් වහලට කෙලින්ම. ඒ වැහි කාලේ හැම වැහි දවසකම  මගේ කොට්ටේට වතුර බිංදු වැටිලා කෝට්ටේ පෙගිලා යනවා. ඇඳ පස්සට ඇද්දොත් කකුල් දෙකට වතුර වැටිලා හිරිකිත සීතලක් දැනෙන්නේ. මේ දුක ටික දවසක් ඉවසගෙන නොගැලපෙන අළුත් යාළුවොත් එක්ක ආමාරුවෙන් සතියක් ඉඳල ඒ අයිතිකාරයගේම වෙනත් ගෙදරකට මාරුවීමක් ගත්තා.


ඒ ගෙදර වෙනම පැත්තක බෝඩින් වෙන්න ඉඩ තිබුනත්  දැනට ඉන්නේ මම විතරක් නිසා මගේ පාසැල් කාලේ මිතුරන් දෙන්නෙකුත් කතා කරගත්තා සහයෝගයෙන් බෝඩින් ජිවිතේ කටුක කම විඳින්න.එක්කෙනෙක් කේක් බස් හෝල්ට් කතාවේත්  සමීරගේ පත්තෑයා කාපු වෙලේ  සිද්ධාලේප ගාපු අසංක. අනිත් කෙනා තවත් පාසැල් මිතුරෙක්. ගෙවල් විස්සක විතර පොඩි වත්තක් මැද්දේ තියෙන අපේ බෝඩිමේ දොර ඇරියාම කෙලින්ම වැටෙන්නේ  වත්ත මැද්දෙන් වැටිලා තියෙන පාරට. පාරෙන් එහා පැත්තේ ඇති ඇල අපිට තිබුන කරදර තවත් වැඩි කළා. ඇලට මායින්ව ඇති ගෙවල් වලින් විසි කරන ඉඳුල් ගෙයින් එලියට දාන හැම දෙයක්ගෙන්ම මේ ඇල පුරවල තිබුනේ මේ නිසා වත්ත  එහා කොනේ ඉඳල මෙහා කොනට වෙනකං ඇලේ වතුර බැහැලා යන්නේ ලොකුම වැස්සකදී විතරයි. එතකං මේ ජරාව ඇල ඇතුලෙම පල් වෙනවා.


මේ පල් වතුරෙන් නහයට දැනෙන ගඳ දැනුනත් ඇඟට දැනුනේ මා වවුලෙකුට වඩා පොඩ්ඩක් පොඩි මදුරුවෙක් විදින වේදනාව විතරයි.පල් වතුරේ හැදෙන මදුරුවෝ හිටියත් ඒ වටේ ගෙවල් වල කිසි කෙනෙක් මදුරුවන්ට බය වුනේ නෑ ඩෙංගු නොවන විත්තිය දන්නා හින්දමයි. හවස වැඩ ඇරිලා ගෙදර  ඇවිත් නාල තුන් දෙනා  යන්නේ මදුරු දැල් යටට.  අපේ දවසේ හවස් යාමේ ගත වුනේ  මේ මදුරු දැල යට. අපි ඉන්නේ මොන තරම් අපිරිසිදු තැනකද කියල තේරුම ගියපු නිසා අපි තුන්දෙනාට අමතරව කිසි කෙනෙකුට අපේ මේ සුන්දර වාසස්ථානය ගැන දැනගන්න සැලැස්සුවේ නෑ. ඒ වෙද්දී ගිටාර් වාදකයෙක් වෙන්න ආසාවෙන් හිටපු මට අනිත් දෙන්නගෙන් ලැබුනේ ගැරහීම් විතරයි.  ඇලෙන් එන "පල් පුවක් ගඳත්" මගේ ගිටාරයෙන් එන ශබ්දයත් ඒ දෙන්නට ජිවිතේ දුක තවත් වැඩියි මට වඩා. ඒත්  මාව අඩපණ කරන්න හැදුවත් මටම බෑ කියල නවත්වනකන් ඒ දෙන්නට මගේ ආසාව නැති කරන්නම් බැරි වුනා. ඒත් ගිටාරයේ ශබ්දයට මදුරුවෝ අඩු වීමක් තිබිල තියෙන බව පස්සේ දවසක මට ඒ දෙන්නගෙන් දැනගන්න ලැබුනා.


ආරක්ෂාව ගැන තත්ව සහතිකයක් දීලා තිබුන නිසා අපි බයක් නැතිව රස්නේ දවස් වලට දොර , ජනේලේ ඇරගෙන නිදාගන්න පුරුදු වෙලා හිටියේ. සොර සතුරු කරදර ඒ වත්තේ වෙලා නැති නිසා. වටේටම කරදරයක් වුන හොරු ටික ජිවත් වුනේ අපි හිටපු වත්තේ නිසා තමන්ගේ වත්තේම ගෙවල් වලට පැනල මංකොල්ල කෑම් කරන්නේ නෑ කියන ඒක බෝඩිම් පාලකයා හොඳට දන්නා නිසා ඒ වගේ සහතිකයක් දුන්නේ. මේ වත්ත කොළඹ ඇති මුඩුක්කු ප්‍රදේශයක් නොවුනත් ඒක ළඟ ගෙවල් ගොඩාක් තිබුනා . රජයේ රැකියාවල් කරන හා තවත් වැදගත් රැකියා කරන මිනිසුනුත් මේ වත්තේ ජිවත් වෙනවා. රාත්‍රී ඇඳුම පිටින් වත්ත මැද්දෙන් ගමන් කරන කාන්තාවන්  ඇසට (අ)ප්‍රිය  දසුන් මහා දවාලටත් දකින්න පුළුවන්.


එදා දවසේ රෑ හිටියේ මම විතරයි ටිකක් රස්නේ නිසා ජනේලය ඇරලා දොරත් භාගෙට ඇරගෙන නිදාගත්තේ පොඩි හරි සිතල හුළඟක් වදින්න ඕනේ නිසා මදුරු දැල තිබුනොත් හුළඟ බාල වෙන නිසා රෑ 10 න් පස්සේ මදුරුවොත් අඩු නිසා  මදුරු දැල   උඩ එල්ලා නිදාගත්තේ. එළිවෙන යාමේ මහා වැස්සෙ "හෝ" හෝ" සද්දෙත් වතුර බිංදු වහලට වැටෙන ශබ්දයත් මම ආසකරන සුන්දරම ශබ්ද දෙකත් එක්ක හීතල හුළඟත් නිසා ඔලුවේ ඉඳල පොරවාගෙන හොඳට නිදාගන්න පුළුවන්. ඇරලා තියෙන ජනේලෙන් එන හිරිකඩ තවත් අමුතු ගතියක් ගෙනාවා. ඒ ශබ්ද වැඩි වෙලා ඇහුනේ නෑ තිබුන සනීපෙට හොඳට නින්ද ගිහිං.  උදේ ඒක සැරේම අත ඇඳෙන් එලියට වැටෙද්දී කවදාවත් නැති සීතලක් "ජබුක්‌..!!" සද්දයකුත් ඇහුනා. මිට කලින් නින්දෙන් ඒ වගේ සීතලක් සද්දෙකුත් ඇහිලා නැති මම  ටිකක් කල්පනා කරලා අමාරුවෙන් ඔලුව උස්සල බලද්දී  බලන්න ලස්සනයි  පුටු දෙකත් මේසයත්  මගේ සපත්තුත් කාමරේ තැන් තැන් වල පාවෙනවා. ඇරලා තිබුන දොරෙන් හා ජනේලෙනුත් කමරේට ආපු වේලුනු පොල්ලෙලි විසිකරපු සපත්තු සෙරෙප්පු  වගේ දේවල් කාමරේ පිරිලා. ඇලේ තිබුණු කුණු රොඩු  ගෙවල් වලින් දාන ඉඳුල් හැම ජරාවක්ම හේදිලා ඒ වතුර මගේ කමරේ පිරිලා ඇඳ මිට්ටම ලඟට වෙනකං.


                                             මෙහෙමයි කාමරේ උදේ තිබුනේ

ඒ වත්තේ මිනිස්සුන්ටනම් ඒ දේ එච්චර ගානක් නැති බව කතා කරන දේවල් වලින්, හිනාවෙන් තේරුනා එදා ඉස්කෝලේ යන්නේ නැති පොඩි වුන් බෝට්ටු හදල පා කරන සිද්දි මම ඇඳ උඩට වෙලා බලන් හිටියේ. කුණු රොඩු අස්සේ මගේ ඒක සෙරෙප්පුවක්  තිබුනත් අනිත් ඒක දක්කින්න තිබුනේ නෑ. පාවෙලා ගියපු අනිත් සෙරෙප්පුව ඇතුලේ වෙනත් කාමරේක  තියෙනවා දැකපු තව කෙනෙක් ගෙනත් දුන්නත් මම මේ ජරා වතුරටනම් බැස්සෙම නෑ.  වත්තේ ටිකක් වැඩිහිටි  කෙනෙක් ඊට කිලෝ මීටරයක් විතර දුරින් ඇති සොරොව්ව ඇරලා විනාඩි පහළොවක කාලයක් ඇතුලත වතුර ඔක්කොම බැහැල ගියා. වතුර බැහැල ගියාත් ඉතුරු වුණු මඩ, කුණු රොඩු, අයින් කරලා පෙගිච්ච සපත්තුත් දාගෙන දවල් ඔෆිස් යද්දී ආයතනයට නොදන්නවා සේවයට වාර්තා නොවුන නිසා  වරුවක පඩි කපාලා.


ගිය සැරේ නිවාඩුවට ගියපු වෙලේ පරණ මතකයන් බලන්න ඒ ලඟට ගිහිං ඈතට වෙලා බලන් හිටියා .ඉස්සෙර  අපි වගේම තවත් පොඩි කොල්ලෝ දෙන්නෙක් ඒ බෝඩිමේ ජිවත් වෙනවා. අපි විඳපු දුක උනුත් දැන් විඳිනවා ඇති.. පව් වැඩේ..

107 comments:

  1. මට වමෙනට වගේ බොල.....

    ReplyDelete
    Replies
    1. ඒ මොකද බං... එහා පැත්තේ හිටියේ උඹද?

      Delete
  2. කොහෙද මචං ඔය ඇල තියෙන්නේ. ?

    උබ ඇහැරෙන්න කලින් ඕකට අත දාගෙන ඉන්න ඇති කක්කා..

    ReplyDelete
    Replies
    1. කොළඹ තදාසන්න ප්‍රදේශයක.

      නැහැ එලි වෙද්දී තම අත එලියට දැම්මේ.

      Delete
    2. නාරාහේන්පිට

      Delete
  3. හොපොයි... ඕවයෙ ඉන්නෙ මිනිස්සුද ? සත්තුද බන් ?

    උඹ ජීවිතේ මාර කටු කාල තියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සුන්ටනම් ගානක් නැහැ.

      මම ගොඩක් කටු කාල තියෙනවා ටික ටික ඒ හැම දෙයක්ම හොඳින් විසඳුනා. දැන් වුනාත් තව කෙනෙකුට කට්ටක් කියන දේ මට කට්ටක් නෙවෙයි.

      Delete
  4. හික් හික් හික්,.,., මේ මතන් දැන් ව්අත් ඉතින් ස්‍රමදානයක්වත් තියල ඔය ඇල සුද්ද කරල දෙන්න,.නෞඹල විදපු දුක දන්නවනේ ,., ඉතින් මොකටද අනික් අයටත් ඕක විදින්න දෙන්නේ ,., එල ආ ජයෙන් ජය අසරණයා

    ReplyDelete
    Replies
    1. අපි මාසේ මුල්ම සල්ලි දෙනවා ඒ යක්කු ඉතිං සල්ලි ගන්නවා විතරයි...

      සැපට හැදුනොත් ප්‍රශ්නවලිදී මලානිකයි ඒ නිසා කට්ට ටිකක් කන්න ඕනේ.

      Delete
  5. අපොයි....බෝඩින් වල හිටියට ඔහොම එකක් ගැන ඇහුවාමයි...කොහොම හිටියද මන්දා...

    ReplyDelete
    Replies
    1. වැඩි කල් හිටියේ නැහැ ඊළඟ ඉන්ක්‍රීමන්ට් එකේදී වෙනත් බෝඩිමකට ගියා.

      Delete
  6. ඔයාටත් වෙන වැඩ නේද . මෙහෙම දේවල් වෙලා නොතිබුනානම් බ්ලොග් වල ලියන්න දේකුත් නෑනේ .

    ReplyDelete
    Replies
    1. දැන් හිතෙනවා මටත් වෙලා තියෙන දේවල් වල බරපතල කම. සිදු වුන අත්දැකීම් නේ මේ ලියන්නේ හේ හෙක්..

      Delete
  7. හපොයි මට මතක් උනේ මාත් ඔය ගේම බෝඩිමක හිටපු හැටි......

    ReplyDelete
    Replies
    1. නෑ උඹ හිටියද අපිත් එක්ක.

      Delete
    2. නෑ නෑ ඔය වගේම....
      ඒකත් ඕකට දෙවනි නෑ...
      හැබැයි ඒක ආච්චි කෙනෙක්ගෙ බෝඩිමක්..බොරලැස්ගමුව පැත්තේ...

      Delete
  8. අපේ කැම්පස් එක හරියේ තියෙන ගාණ අඩු හුඟක් බෝඩිම්වලත් තත්වය ඕක තමා... කරන්න දෙයක් නැති නිසා ඉතින් ළමයි බෝඩිමේ ඉන්නවා..... මට නම් තාම බෝඩිම් අත්දැකීම නැහැ. ඉස්සරහට මදි නොකියන්න හම්බෙයිද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. එහෙම බෝඩිමක ඉන්න නොලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. කැම්පස් වලත් මේ වගේ වෙන්න ඇති. ජොබ් කරද්දී මෙහෙමනම්.

      Delete
  9. The Adventures of Asaranaya! මරුම වැඩේ පඩි කපපු එක. මට නම් කිසිම පුදුමයක් නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් ආයතනය පැත්තෙන් සාධාරණ තීරණයක්‌.

      Delete
  10. කොළඔ ගොඩක් බෝඩ්ම් වල ඇත්ත තත්වය අසර්..
    කුණු ඇළක් ගාව නොහිටියත් මමත් ඔය අත්දැකීමට මූණ දීලා තියනවා දෙතුන් සැරයක්..ඒ නම් නුගේගොඩ පැත්තෙ..
    සපත්තු නොදාන නිසාත් රෙදි බෑග් තිවුනෙ උඩ නිසාත් මෙච්චර කරදරයක් නම් වුනේ නෑ..

    මටත් ආපහු බෝඩ්ං ජීවිතේ මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. කවුද හිතන්නේ ඒ වගේ වතුරක් එයිද කියල. සපත්තු දෙකක් වේලෙන්න දවස් දෙකක් වත යනවා නැත්නම් ගඳ?..

      ඒ බෝඩිම තමා මගේ ජිවිතේ ගත කරපු ජරාම බෝඩිම.

      Delete
  11. (එ)පාවෙන බෝඩිම...:(

    අපි කලින් හිටිය කුලී මාලිගාවටත් ඉද හිට ඔය වගේ ජල පහසුකම් ලැබෙනවා. හැබැයි ගේ ඇතුලට දාන්නෙ නෑ. ගේ පිටිපස්සෙ පේව්මන්ට් එකයි අතිරේක කුස්සියක් හැටියට පාවිච්චිකළ කෑල්ලයි යට වෙනවා. අඟලක හමාරක මඩ තට්ටුවකුත් ඉතුරු කරලයි වතුර බැහැලා යන්නෙ. සාමාන්‍යයෙන් ඒ විදියට සාර සොබාවට වැහැපු දාට ලයිටුත් නොරොච්චෝල් වෙන හින්දා මටනම් කොහොමත් නිවාඩු.

    ReplyDelete
    Replies
    1. හපෝ ඒවා හෝදලා අයින් කරනකන් කොහොමද ඉන්නේ ගඳ? අවුරුද්දකට සැරයක් අපේ ගෙදරත් වතුර එනවා ගඟෙන්. ඒ දවස් ටික තම අවුරුද්දෙම ජොලියේ ඉන්න දවස් ටික.

      Delete
  12. මට නම් බෝඩිම් ඇලජික්ය. බෝඩිමට යනවා කියන්නේ රස්සාව ඉවරයි කියන එක තමයි..

    ReplyDelete
    Replies
    1. ඒ කොහොමද බෝඩිමට ගියාම රස්සාව නැති වෙන්නේ. මටත් ඇලජික් පස්සේ අපිට නියම බෝඩිමක් සෙට් වුනා ගෙදරට වඩා ජොලි..

      Delete
  13. එල සීන්එක. චිත්‍රෙත් නියමයි! ඇහුවට මොකුත් හිතන්න එපා නිදාගන්න උඹේ ශීට් එක ඇඟේ මැද හරියෙදි ඉස්සිලා තියෙන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. ෂැහ්... මාර ඇහැක්නේ. බලන්නකෝ රාජ් අයියා වටින ම දේ ඉක්මනටම ගත්ත හැටි!

      Delete
    2. රාජ් අයියගේ තීක්ෂණ ඇස්වලට මගේ ප්‍රණාමය +++++++

      Delete
    3. මේ චිත්‍රෙ හැටියට, අසර් නිදාගන ඉන්නෙ මුනින් අතට. ඒක හින්දා ඔය අනුමාන කරන එක වෙන්ඩ බෑ...

      Delete
    4. මුනින් අතටද? එහෙනං අවුලක් නෑ. ප්‍රස්නෙ ඉල්ලා අස් කරගන්නව. :-)

      Delete
    5. අසාර් මස්සිනා නිදා ගෙන ඉන්න පැත්ත අනුව උත්තරේ වෙනස් වේ.. ශුවර් එකටම කියාවි මුනින් අතටෙයි ඉන්නේ කියලා.. බලන්නකෝ.. රාජ් අයියගේ උකුසු ඇසින් බේරෙනවා බොරු... :)

      Delete
    6. @රාජ් මම නෙවෙයි මචං චිත්‍ර ඇන්දේ.. උඹ අහල තියෙන ප්‍රශ්නෙට සේනා උත්තර දිලානේ.

      @ලහිරු මෙච්චර තැන් තියෙද්දී බලපාන මු බලල තියෙන තැන්.

      @ගැමියා උඹ වැරදි හූ....

      @ උඹට පිං වෙන්න ගිය අවනම්බුව නැති කරාට.

      @ රාජ් හරි දැන්නම් මට ලැජ්ජයි වගේ.

      @දිනේෂ් වැරදි නේ දිනේෂ් සෙන්න හරි දේ කියල තියෙන්නේ. මම නිදා ගත්තේ අන්න ඒ විදියට.

      Delete
  14. මේ කියන්නේ නුගේගොඩ දෙල්කඳ හරහා යන කටු ඇල ගැනද.... එහෙමනම් මම හොඳටම දැකපු සිද්දියක්... පව් ඒ මිනිස්සු පුදුමාකාර දුකක් විඳින්නේ ඒ ඇල හින්දා

    ReplyDelete
    Replies
    1. නැහැ මේ බෝඩිම තිබුනේ නාරාහේන්පිට. ඒ දුක විඳින්නේ ඉතිං ඒ වත්තේ මිනිස්සුන්ගේ ගොන් වැඩ නිසා බං...

      Delete
  15. අත්දැකීම් මිනිසා සම්පුර්ණ කරයි කියලා කතාවක් තියෙනවානේ ,දැන් ඇලේ පාඩමත් හරි ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත ඒ දේවල් වලින් ජිවිතේට ගත්තු පාඩම් ගොඩයි.

      Delete
  16. කියවන කොටත් ඒ දුඟද දැනෙනව දැනෙනවා වගේ අවුරුදු කීපයකම බොඩිම් අත්දැකීම් මටත් තියනවා. හිතාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් ඇති පිනිස්සුන් ඒ දුක දන්නවා. ඒත් කවද හරි ඒ දුක මිහිරියි.

      Delete
  17. මේ ලියපු ලිපිය කියවනකොට අපිට ඈක්කා කියලා හිතුනට අදටත් කොළඹ ආශ්‍රිතවම ඔයිටත් වඩා කටුක විදියට ජිවත් වෙන බෝඩින් කාරයෝ ඕන තරම් ඉන්නවා. ඒ සි කාමර ඇතුලේ ඉදගෙන හැම දෙයක් ගැනම තීන්දු තීරණ ගන්න ලොකු තැන් වල උන්ට කවමදාකවත් ඒ ජිවිත පේන්නේ නැති එක තමා අවුල.
    මම මේ ලගදි දවසක ගියා ඔරුගොඩවත්ත පැත්තේ. එතන තියෙන කුණු කන්ද තමයි ඒ හරියේ මිනිස්සුන්ගේ ජීවිතෙත්. කුණු කන්දට ගෙනත් දාන කුණු වල තියෙන යකඩ ප්ලාස්ටික් වගේ ඒවා එකතු කරලා විකුණන එක තමයි සමහරුන්ගේ රස්සාව. ඒ කුණු කන්ද ලහිනුත් වතුර පාරක් ගලාගෙන යනවා. වැස්ස දවසට ඒකත් ඔය කිව්වා වගේ උතුරලා යනවා ඇති. ඒත් ඒ මිනිස්සු දැන් ඒකට පුරුදු වෙලා ඉන්න නිසාද මම දන්නේ නෑ කොච්චර අපිරිසිදු උනත් ගද ගැහුවත් එතන දාලා යන්නෙත් නෑ.....

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙනවා ඔරුගොඩ වත්තේ මිනිස්සු එතනින් එහාට යන්න කැමති නැහැ කියල. ඒ ලැබෙන වාසිය නිසාම වෙන්න ඇති.

      Delete
  18. හපුයි ඩෙයි හාමුඩුලුවනේ.......:O

    ReplyDelete
    Replies
    1. දෙයියොම බලාගන්න ඕනේ.

      Delete
  19. හැම දෙයක් ගැනම පුදුමාකාර අත්දැකීම් ලැබිලානේ.... මට නම් හිතාගන්නවත් බෑ ඔහොම කොහොම හිටියද කියලා... චිත්‍රය නම් උපරිමයි ඈ ඒක දැක්කම හිනාත් ගියා...

    වෙලාවට අත වැදුනේ නැත්තම් ඇඳත් එක්ක කොහේට හරි යනකන්ම මෙයා නිදාගෙන ඉඳියි... නවම් අයියගේ බෝඩිං සීන් ටිකක් කියවලා මේ දැක්ක දෙවෙනි සීන් එක... බෝඩිං ජීවිත සුන්දර නැති වගයි පේන්නේ....

    ReplyDelete
    Replies
    1. දැන් ගැමි මලයා දන්නවා නේ මගේ ගැන. ඒක ඒක විදියේ අත්දැකීම් ලැබුවා. ස්තුතිය සිත්තරාට.

      වැඩිවෙලා වතුර රැඳුනේ නැහැ ඉක;අනින් බැහැල ගියා. බෝඩින් ජිවිතේ සුන්දර නෑ බං. ඒත් පහු කාලීනව හොඳ ගෙයක් ලැබුනා එකනම් ගෙදරට වඩා හොඳයි.

      Delete
  20. අසර්ට වෙන්නේම ඔහොම වැඩ. හපොයි මට නම් හිතාගන්නවත් බෑ.
    ඔයාද අර නිදන් ඉන්නේ:. කොන්ඩේ නියමයි... :D

    ReplyDelete
    Replies
    1. මේ සිද්දිය මට විතරක් නෙවෙයි ගොඩාක් දෙනෙකුට සසිදු වෙන සිද්දියක්.

      කොහොමද මගේ කොන්ඩේ බෙකම්ගේ කොන්ඩෙත් මේ වගේ නේ. මගෙන් කොපි කලේ.

      Delete
  21. මමත් බෝඩිං කීපෙක හිටියා (දැනටත් බෝඩිං කාරයෙක්). දැකපු ගොඩක් බෝඩිං ඔය වගේ. කොහොම උනත් හැම බෝඩිමක්ම වෙනස්ම අත්දැකීමක්. කටුක උනත් ඔය විදිහට ජීවිතේට ලැබෙන පන්නරේ වටිනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ කටු තමා ගොඩාක් වටින්නේ. මොකද ජිවිතේ තේරුම ගන්න පුලුවන් වෙන්නේ එතකොට නේ.

      Delete
  22. ශෝයි....මාලුවෙකුත් ඉන්නෙ...!
    බෝඩිම්..ජීවිත ගැනනම් කියලා වැඩක් නැත..,බෝඩිම් අත්දැකීම් මටද එමට ඇත..!

    ReplyDelete
    Replies
    1. අල්ලපු ගෙදර ටැංකියේ හිටපු එකා.

      බලන ගියාම බ්ලොග් ලියන ගොඩ දෙනෙක් බෝඩින් ජිවිත ගත කරපු උදවිය නේ.

      Delete
    2. ඒකනම් ඇත්ත බොඩින් වල ගෙවන ජීවිත,කන කටු ඒ වෙලාවට අමාරු උනත් ඒවා ජීවිතේට මාරම අත්දැකීම් ගොඩක් ගෙනත් දෙන්නේ....

      Delete
    3. හරියට හරි දැන් බලපන් උඹ ඩෙංගු හදාගත්තේ.. ඉස්පිරිතාලේ ගිහිං ගත්තු ආතල් ඒක.

      Delete
    4. කටාර් වල කියලා හිටියේ අපේම ගේක යෑ තව සෙට් එකක් එක්ක කම්පැනි එකමඩේෂන් එකේනේ. ඉතින් බෝඩිම් තමයි. මේ ඉන්නේ.

      Delete
  23. මටත් බොඩිම මතක් වෙනවා... අපොයි..!!

    ReplyDelete
    Replies
    1. ඒ බෝඩිමනම් මතක් කරන්නත් ආස නැහැ.

      Delete
  24. මේ පින්තුර ඔයාද අදින්නේ ...

    මට නම් බෝඩිම් අත්දැකිම් නැහැ..ඔහොම කියද්දි එ අත්දැකිම විදගන්න හිතෙන්නේත් නැහැ..එත් පව් එහෙම ඉන්න වෙන අයට නම්.කොහොම ඉන්නවද කියලා හිතාගන්නත් බැහැ.

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍ර අඳින්නේ මම නෙවෙයි.

      කවදාවත් එහෙම ඉන්න හිතන්නවත් එපා ඒත් හොඳ බෝඩින් තියෙනවා ඒත් ඒවාට යන්න කලින් මේ වගේ කටු කන්න වෙන්නේ මොකද හොඳ වෙන්න වෙන්න ගැනත් ලොකුයි නේ.

      Delete
  25. ජීවිතේ තවත් එක අත්දැකීමක්.. අයියට මේක කෙටි කාලෙක එකක් උනාට මේ දුක හැමදාම විදින මිනිස්සුත් ඉන්නවනේ අපේ රටේ.. ඒ මිනිස්සුන්ට ගානක් නැතුව ඇති..

    චිත්‍රේ ඇන්දේ උඹද අයියේ නැත්නම් වෙන කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත මට ඒවගේ අත්දැකීමක් ලැබුනේ ඒක දවසයි. පොඩි වැස්සකට ගේ යට වෙන මිනිස්සු කි දෙනෙක් නම් ඉන්නවද?

      මම නෙවෙයි මේ අඳින්නේ. වෙන සිත්තරෙක්..

      Delete
    2. සිත්තරා ගැන සදහනක් දැම්මොත් හොද නැද්ද අයියේ...

      Delete
    3. ඇත්ත .හරි අපුරුවට චිත්‍රේ අදිනවා..සදහනක් නොදැම්මොත් එක පාඩුයි,,,

      Delete
    4. අවසර ඇරගෙන අනිත් දවසේ ඉඳල නම දැන්නම්.

      නිම්ෂා = ඔව් මමත් හිතුවා ඒත් අනිත් දවසේ ඉඳල නම සඳහන් කරන්නම්.

      Delete
    5. " අවසර ඇරගෙන අනිත් දවසේ ඉඳල නම දැන්නම්.."

      මෙහෙම කිවුවම මට හිතුන දේ හරිද මන්දා.. හොයලා බලන්න ඕන... :)

      Delete
    6. දිනේෂ් වැරදි වගේ ඒත් ඊළඟ ඒක එනකන් ඉන්න.

      ගැමිය එහෙනම් නම බලාගන්න කො...

      Delete
  26. ඊයා බන් ;(
    වෙලාවට ඇදෙන් බැස්සේ නැත්තේ
    උඹ නියම චිත්තර කාරයෙක් නේ අය්යේ :ඩ්

    ReplyDelete
    Replies
    1. බැස්සේ නම් නෑ. ඒත් වතුර බැස්සයින් පස්සේ ඒ කුණු ඔක්කොම සුද්ද කරන්න වුනා.

      මම නෙවෙයි බං මේ අඳින්නේ.

      Delete
  27. මම තවම විදල නැති බේඩිං දිවිය ගැන මරු විස්තරයක්නෙ...?

    ReplyDelete
    Replies
    1. විඳින්නත් එපා බං දුක වැඩි.

      ස්තුතියි බං.

      Delete
  28. ඇල කොහොමද මෙතෙන්ට ආවේ ?? -- මෙන්න මෙහෙම !!!

    ඒක නෙමෙයි. අසර්ට තියෙන්නේ තඩි පස්සක් නෙව !!!!

    ReplyDelete
    Replies
    1. නැහැ බං මේ කොට්ටයක් තියාගෙන ඉන්නේ.

      Delete
    2. @ මධුරංග : ඇණේ හයියෙන් ගහන්න මිටියේ බර ඕනේ වෙනවා.

      Delete
    3. ක්සැන්ඩර් = මොකක්ද බං ඒ හරුපේ මොකක් වුනත් කමක් නැහැ හික් හික්..

      Delete
    4. @ක්සැන්ඩර් | Xander :
      ඒ කතාව නම් සහතික ඇත්ත !!!

      Delete
  29. බෝඩිම් ජීවිතේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. එත් එක අතකට ඒවගේ ජීවිතයක් නොලබා මේ ජීවිතෙන් වැඩකුත් නෑ.

    අපේ පරණ බෝඩිමත් තිබුනේ වත්තක (කොළඹ) අසාර් අයිය කියන නිදහස උපරිමෙන්ම තිබුන. දවාලක් රැයක් කියල නෑ දොර ජනෙල් හායි ගාල ඇරලා දාල ඉන්න පුළුවන්.

    ඒ වුන්නට මදි නොකියන්න අපේ බෝඩිමත් වැස්ස දවසට පිටාර යනවා. පහල තට්ටුව වතුරෙන් පිරෙනවා. අහල පහලින් ගලාගෙන යන වතුරයි, උඩ තට්ටුවේ වහලෙන් වැටෙන වතුර පීල්ලයි දිය ඇල්ලක් වගේ ලෑලි සොල්දොර අස්සෙන් පහල ඉන්න බණ්ඩාර අයියගේ ඇඳට වැටෙනවා. ඒවගේ දවස් වලට උගේ කටින් පිටවෙන අමු තිත්ත කුණු හරුප සෙට් එක මට කට පාඩම්. ඒ වුන්නට අපි පට්ට ආතල් එකේ නම් හිටියා. අර නයිටි පිටින් යන (අ) රුප සුන්දරියොත් අඩුවක් නැතුව නම් හිටිය එහෙත්. (දුක විඳින ඕනේ කෙනෙකුට සතුට අත ළඟ අසාර් අයියේ)


    දැන් අසාර් අයිය චිත්‍රත් අඳිනවා වගේ. මරු ඈ චිත්රේ.. "ඇල කොහොමද මෙතෙන්ට අවේ" පට්ටම සීන් එක

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දේවල් උනත් එච්චර ගානක් නැහැ ඒක වගේම කොල්ලෝ ටිකක් ඉද්දි. මොකද ඕනෑම දෙයකට ඉන්නවා නේ. ගැලපෙන්නේ නැති උන් ඉද්දි එපා වෙනවා

      මම නෙවෙයි බං මේ අඳින්නේ. කුලියට කෙනෙක් ගත්තා.

      Delete
  30. හෆ්ෆෝයි................. ඊක්කා....ඔය බෝඩිම් ජීවිතයක අත්දැකීම් මට නැතිවුනත් මම අහලා දැකලා තියෙන එව්වා නිසා ඔයා කාපු කට්ට හිතා ගනන් පුලුවන්..

    හික්ස්ස්.. ආසාර් අයියා චිත්‍රත් අඳිනවාද අනේ?? ශෝයි ඒක.. මරේ මරු!!

    ReplyDelete
    Replies
    1. ඔයාලා ඉතිං කොළඹ කෙල්ලෝ නේ ඉතිං මොන බෝඩින් ද?.

      මම නෙවෙයි මේ අඳින්නේ වෙන කෙනෙක්. එයාට ස්තුතියි කියන්නම්.

      Delete
  31. මමත් රත්මලාන පැත්තේ ඔයවගේ බෝඩිමක හිටියා. හැබැයි තත්වේ ඔයතරම්ම නරක නෑ. රෑට රෑට කුණුහරුප ඇහුන එක විතරයි ලොකු අවුලකට තිබුනේ

    ReplyDelete
    Replies
    1. දැන් නැහැ නේ ඒවගේ බෝඩිමක ඒක හොඳයි. ඉතිං බං කුණුහරුප අහුනට මොකද ශෝක් නේ.

      Delete
  32. මටත් දැන් හිතෙනව ඔය වගේ බෝඩිමක ඉඳල බලන්න...හැමෝම බෝඩිං බෝඩිං කියනව මට නම් මැජික් වගේ...අපේ බත්තරමුල්ලෙ තියන ගේත් බෝඩිමක් කරල තියෙන්නෙ..මරු කොල්ලො ටිකක් ඉන්නව ඒකෙ.හැබැයි ඒක නම් ඔය ඔයාල කියන විදියෙ බෝඩිමක් නෙවේ....

    ReplyDelete
    Replies
    1. හපෝ ඉන්නනම් එපා දවසෙන් එපා වෙයි.

      ඔයාලගේ බත්තරමුල්ලේ තියෙන ගෙදර ඉන්නේ මම වගේම එල කොල්ලෝ ද?

      Delete
  33. මටනම් බොඩිං ජීවිතේ පුරුදුයි. හැබැයි ඒ හිටිය කාලෙ වුණත් මෙහෙම කට්ටක් කෑවෙ නෑ.

    කොළඹ අවට මේවගේ ඒරියා එකක් තියෙන්නේ රාජගිරිය "ඔබේසේකර පුරයි"
    අනික තමයි වත්තල කිට්ටුව හැමිල්ටන් ඇල.

    මොනව ළුුණත් හොඳ අත්දැකිමක් විඳලා තියෙන බව නම් පේනවා

    ReplyDelete
    Replies
    1. මේ ඒරියා ඒක නාරාහේන්පිට. අමුතු අමුතු අත්දැකීම් විඳලා තියෙනවා. බෝඩින් ජීවිතේදී.

      Delete
  34. කොහොමද ඒ මතක අවදිවෙද්දි හිතට දැනේන හැඟුමන්...ජිවිතේ සුන්දරයි මචෝ

    ReplyDelete
    Replies
    1. සුන්දරයි ඒත් ඒ ඩේ දැනෙන්නේ අද වගේ කාලෙක. ඒ කාලේ හිතුනේ මොකක්ද මේ ජිවිතේ කියල..

      Delete
  35. මටත් ඔහොම අත්දැකීමක් තියෙනවා. 2007 අවුරුද්දෙ මුලින්ම ආපු බෝඩිම. වැස්ස දවසට බෝඩිම වටේටම වතුර. ඇල උතුරලා. වාසනාවට කවදාවත් ඇතුලටනම් ආවෙ නෑ...

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට එහෙම වතුර ආවේ නැත්තේ. ඇලවල් වල එන්නේ මහා ජරා වතුර බං..

      Delete
  36. මාත් බෝඩින් කිපෙකම හිටියා (කටු බැද්දේ). ඒවා මෙච්චරම අවුල් නම් නැහැ. අන්තිමටම හිටපු බෝඩිම නියමයි.

    අසාර් ට නම් මාර වැඩ තමා වෙන්නේ. පව් අප්පා.

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයින්ගේ බෝඩින් ඉතිං කොහොමත් හොඳයි නේ. මරු සිරා අක්කත් හිටියේ ඔයා අන්තිමට හිටපු බෝඩිමේ නේද? අපි අන්තිමට හිටිය බෝඩිමමත් මතු.

      මට වෙන වැඩ?

      Delete
    2. මරුසිරා අක්කා හිටියේ අන්තිම බෝඩිමට කලින් එකේ. අපිට එතනින් යන විදියට වැඩ සෙට් උනානේ. ඒවත් ලියන්නම් වෙලාවක...

      Delete
    3. ඒකත් ඉක්මනින් දන්නා.

      Delete
  37. අම්මෝ.... තව ටිකක් නිදා ගත්තනම් කුණු වතුරේ ගිලිලා මැරෙන්න තමා වෙන්නේ... මමත් හොස්ටල් හම්බවෙන්න කලින් බෝඩින් ගණනාවක හිටියත් ඔය තරම් දරුණු තැනක නම් හිටියේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඇඳ මිට්ටම ලඟට විතරයි ආවේ. සොරොව්ව ඇරපු ගමන් වතුර බැහැල ගියා.

      Delete
  38. කොහොමද ඔය වගේ බෝඩිමක හිටියේ... මට නම් හිතා ගන්නත් බෑ වගේ...

    ReplyDelete
    Replies
    1. මිට වඩා අපිරිසුදු තැනුත් තියෙනවා. ඒත් මම හිටපු අපිරිසිදු බෝඩිම.

      Delete
  39. මට මේ කතාව කියවද්දී මතක් උනේ කොළඹ කොටුවේ හිටිය කතා.. මහා රෑ දෙගොඩහරියේ පොලිසියෙන් පනින ඇන්ටි එයා ගන් එක කාමරේට එහායින් තියන දුවිලි පිරුණු සොමිබර ජීවිතේ.. රෑක වැස්සොත් උදේට පහල ගංවතුර ගලන ඒ කාලේ මාරයි බං

    ReplyDelete
    Replies
    1. ගංවතුර ගැලුවාම අපි පොඩි කාලෙත් මාර ජොලි.

      Delete
    2. මේ මචං මගේ බෝඩිම් ජීවිතේ..

      Delete
    3. නෑ මට මතක් වුනා ගංවතුර..

      Delete
  40. වෙලාවට නින්දෙන් අත වතුරට වැටුණෙ.. :( නැතිනම් අයියව හොයන්න වෙන්නෙ අර සොරොව්ව ගාවින් තමයි.. :D මේ තරම් කටු කෑව ජීවිතයෙ සතුටු හිතුණ දවසකුත් ලියන්න.. :)

    ඇලේ පිරානලත් හිටියද.. අර අයියගෙ අතේ අඟිලි දිහා බලාගෙන ඉන්නෙ බයවෙලා වගේ.. :P

    ReplyDelete
    Replies
    1. මම පින්නව ගහගෙන ගියොත් මට හොඳට පීනන්න පුළුවන්.

      පිරානා මගේ ඇඟිල්ල කන්න බයේ ඉන්නේ. කෑවොත් ඌ ඉවරයි.

      Delete
  41. එළ එළ දැං කවද්ද ඉතින් ගෙදර යන්නේ...ස්තූතියි මචෝ පහුගිය ටිකේ හොයලා බැලුවට....

    ReplyDelete
    Replies
    1. තව මස දෙකකින් විතර යනවා. දැක්කේ නැතුවට ඉතින් හොයල බැලුවේ.

      Delete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...