දවස් දෙකක නිවාඩුවෙන් පස්සේ ඉරිදා දවල් ගෙදරින් ආවේ වේලාසනින් අපි කිහිප දෙනෙක් එකතු වෙලා ගත් කුලී ගෙදරට. ඇළ ඉස්සරහ තියෙන බෝඩිම් ජිවිතෙන් වෙන් වෙලා ටික කාලයක් වෙනවා. මේ ගෙදර පිහිටලා තියෙන්නේ නුගේගොඩ ආසන්නයේ.ඒත් ගේ පිහිටි ඉඩමට ඇතුල් වෙද්දී කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ මේ නගර බද පිහිටි ඉඩමක් කියල. අක්කරයක් විතර විශාල ඉඩමක්. ඉඩමේ හරි මද ඇති ඉතා පැරණි නිවසක් ඉඩම වටේ පිහිටා ඇති ගස් කොලන් දැක්කම කිසිකෙනෙකුට හිතන්නේ නැහැ කොළඹ පිහිටි ඉඩමක්ය කියා. පොල් ගස්, උණ පඳුරක්, උණ පඳුර ලඟම ළිඳක්.කොස් ගස්, පේර ජම්බු මේ හැම දෙයක්ම තිබුනා මේ වත්තේ. මේ හැම දෙයක්ම භාරව හිටියේ මාත් එක්ක හිටපු පස් දෙනාට. අයිතිකරු ඕස්ට්රේලියාවේ පදිංචිය. ගේ ඇතුලෙත් නිවසකට අවශ්ය සියලු ගෘහ භාණ්ඩ පවා දෑ තිබුනා. පාවෙන බෝඩිමේ හිටපු අපිට මේ ගෙදර අපේම වගේ තමා .අයිතිකරු ලංකාවේ හිටපු ඉංජිනේරුවෙක්. කළුතර මහා දාගැබ වෙනුවෙන් විශාල මෙහෙයක් කරපු පුද්ගලයෙක්. ඔහුගේ ගෙදර කරපු ඇතැම් නිර්මාණත් ගොඩාක් අද කාලෙට ගොඩාක් වැදගත්.(ගෙදර එකතු වෙන කුණු කසල වලින් බයෝ ගෑස් නිපදවල ඒ ගෑස් වලින් උයන්න සැලැස්වීම. වහලෙන් වැටෙන වතුර හා නාද්දී එකතු වෙන වතුර වෙන වෙනම ටැංකි දෙකකට එකතුවෙන්න සැලැස්වීම ඉන කිහිපයක්.)
හවස හතර විතර වෙද්දී මම ගෙදරට ආවේ. ඒ වෙද්දී කවුරුවත් නැහැ. මාසෙකට සැරයක් ගෙදර ගියාම අම්මා හදල දෙන කිරි ටොෆි පාර්සලෙන් ටිකක් වැඩිපුර තනියෙන් කාලා ඉතුරු ටික අනිත් අයත් එක්ක බෙදාගෙන කන්නමයි එහෙම වේලාසන ගියේ. තනියෙන් කෑම නරක පුරුද්දක් වුනාත් ඒ දේ කලේ මට සාධාරණයක් වෙන්න ඕනේ නිසා. ගෙදර ගියත් ඇතුලට යන්න විදියක් නැහැ යතුර හංගන තැන යතුර නෑ. එක තැනක නැතත් තව තැන් දෙකකම යතුර හංගන උපක්රමය අපි භාවිතා කලේ සොරුන් නොමග යවන්න. අවාසනවට කිසිම තැනකින් යතුර හොයාගන්න බැරි වුනා. යතුර නැති විත්තිය තේරුණා නිසා ඒ සතියේ ගෙදර නොගියපු කෙනා ළඟ අනිවාර්යෙන්ම යතුර ඇති තැන දන්නා නිසා කෝල් කලේ වෙන කරන්න දෙයක් නැති කමට.
මම : "කෝ... බං යතුර"
එහා පැත්තෙන් : "අඩේ.. උඹ ආවද ? මගේ ළඟ බං යතුර. මම කෙල්ල බලන්න ආවා තව පැයක් විතර යද්දී එනවා. අනේ බං කොහෙට හරි ගිහින් ඉඳපන් ... ඉතින් ඇයි බං උඹ වේලාසනින් ආවේ."
යතුර අරන් ගියපු එක නෙවෙයි වැරැද්ද මම වේලාසනින් ආපු එක. ඒ විදියට ඌ අදහස් කලේ. ඒත් ඒ කියපු පැය රබර් පැයක් කියන විත්තිය දන්නවා. අනිත් එක ඌ හෙන ඇබලයා. ගැලවෙන්නෙම නැහැ. කරන්න දෙයක් නැති තැන ගේ වටේ කැරකුණේ මිට කලින් හොරු ගෙට ඇතුළු උණු කවුලුවක්වත් තියේද බලන්නත්, පිටිපස්සේ දොර ගැන බලන්නත් එක්ක. ඒත් එදා මට මේ සිද්දිය වෙන්න ඕනේ නිසාම කිසිම දොරක් ජනේලයක් ඇරලා නැහැ. වට දෙකක් දොරවල් වලට තට්ටු දදා යද්දී තමා මට මතක් උනේ කොහොම හරි මැද මිදුලට පැනගත්තොත් එතනින් ගේ ඇතුලට යන්න පුළුවන් විත්තිය මැද මිදුලට එන දොර හැමදාම ඇරලා කියලා. ඒත් එතනට යන්න ඕනේ වහලට නැගලා. බෑග් එක ඉස්සරහ දොර ළඟ තියල තව වටයක් යද්දී දැක්කේ නගින්න ලේසි තැනක්. වතුර ටැංකියට අඩිය තියල වහලට නගින්න හිතපු තරම් අමාරු වුනේ නැහැ.
වහලේ උළු දිගේ මැද මිදුල තියෙන තැනට යන්නත් ටිකක් අමාරුයි. උඩක ඉඳං බිම බැලුවාම කකුල් වෙව්ලනවා, කැරකිල්ල හැදෙනවා. ඉස්සරනම් හිටියෙම ගස් උඩයි වහලවල් වලයි. ඒත් දැන් පොඩි උසකට නැග්ගත් බය වැඩි. වහල දිගේ යන්න ඕන තැනට මම දන ගා ගෙන ගියේ. ඉඩමේ පිහිටීම නිසා වත්ත ලොකු නිසාත් වහලක් උඩ දන ගාන කොල්ලෙක් ඒ වටේ පිටේ කිසි කෙනෙකුට දැකගන්න ලැබුනේ නැහැ.විනාඩි පහක වගේ කාලයක් ගියා මට එතනට යන්න. හෙමින් හෙමින්. වහල උඩ ඉඳං පහල බලන්නේ නැතුව ඈත බැලුවාම හරි ලස්සනයි වටේම පේනවා.
වහල උඩ ඉඳං පනින්න කොහෙත්තම බැහැ මෙතනට ආව වගේ නෙවෙයි කොහොමද බහින්නේ. ආයෙත් ගිහිං වතුර ටැංකිය දිගේ බැහැල යාළුවා එනකන් ඉන්නත් හිතුනා. ඒත් දැන් පරක්කු වැඩි. වහලේ ගැට්ටටම ගියා. පනින්න බැහැ අඩි 6ක් විතර උසයි. ඉස්කෝලේ තාප්පෙ මිට වඩා උසයි ඒ කාලේ හදිස්සියට අපි ඒ හරහා ගියාට මේ වගේ බයක් දැනුනේ නැහැ ඉස්සර. හොරෙන් ගස් වල පළතුරු කඩද්දි අයිතිකාරයා එද්දී ගහෙන් පැනල දුවපු මම දැන් මේ පොඩි උස තැනින් බහින්න බැරුව ඉන්නේ. එතෙක් වෙලා දනගහගෙන හිටපු මම වහල දිගේ බඩ ගෑවේ දිග ඇදිලා උළු වලට යටින් තියෙන පරාල දෙකේ එල්ලිලා පනින්න. පරාල ලඟට යද්දී මට පෙනේවා මෙතනට වඩා අනිත් පැත්තේ වහල පාතයි කියලා. ආමාරුවෙන් ඒ කොනට ආයෙත් දනගාගෙන යන්නේ.එතැනදී මට පේනවා හිටපු පැත්ත අනිත් හැම පැත්තටම වඩා පතයි කියල. දෙපැත්තට මාරු වේවි හිටපු මම වහලේ උඩ වැඩි වුනේ මොකක්ද කරන්නේ කියල කල්පනා කරන්න.
හදිස්සියෙන් හරි මම බහින්න ගිහිල්ල වැටුනොත් කෙලින් කරන්නවත් කෙනෙක් නැහැ. නැගිටින්න බැරුව හිටියොත් ආයේ මාව දකින්නේ කට්ටිය මහා රෑ නැත්නම් ඊළඟ දවසේ උදේ රෙදි වේලෙන්න දන්නා කෙනෙක් ආපුවාම.එතකොට මට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. එල්ලීලා ඉද්දි බිම වැටුනොත් කකුල් දෙකට මොනවා වෙයිද?. ඇවිදින්න බැරි වෙයි ද? රෝද පුටුවෙන් යන්න වෙයිද? එහෙම වුනොත් රස්සාව කරන්න වෙන්නේ නැහැ. විකාර අදහස් එකින් එක මැවෙනවා.කාලෙකට කලින් පත්තරේ තිබුන සිද්දියක් මතයක් වෙලා තවත් බය හිතුනා. වහලට නැගපු ගෙදර ගෘහමුලිකයා වැටිලා සිහිය නැතිවෙලා. දවසක්ම ඉඳල පස්සේ මිය ගිහිං. මට මේ හැම සිද්දියක්ම මතක් වෙනවා. වටෙන් පිටෙන් දැන් කරුවලත් වැටීගෙන එන්නේ. පැයකට වැඩි කාලයක් වහල උඩ, අරු කියපු විදියට කොහේ හරි ගිහිං හිටියනම් දැන් ඌ කෙල්ලව බලල එන වෙලාව. එහෙනම් මම මේ වෙද්දී ගේ ඇතුලේ.මදුරුවෝ එකා දෙන්න කන්න පටන් ගද්දි මම කරපු මෝඩ කමේ තරම තේරුනා.
අයෙත් බඩ ගාගෙන පොල් පරල දෙකක් අල්ලලා හෙමිහිට එල්ලුනා දැන් මුළු ඇඟේම බර තියෙන්නේ මගේ අත් දෙකේ.පොල් කීරකට අත හිල් උනා. එක අතක් අත ඇරියොත් අනිවාර්යෙන්ම මම වැටෙනවා. වේදනාව ඉවසාගෙන ටිකක් ආමාරුවෙන් එල්ලිලා හිටියේ. අත් දෙක ඇත ඇරියොත් බිම. උඩක ඉඳල එක සැරේ කකුල පොළොවේ වැදුනොත් අඩුම තරමේ වළලු කර ලඟින් උලුක් වෙන්නත් බැරි නෑ. අත් දෙක වෙවුලන තරම් වෙලා එල්ලිලා හිටියා බැරිම තැන මම ඇත අතෑරියා. අයියෝ.... කකුලයි පොලවයි අතර අඩියක තරම් පරතරයක් වත් තිබිලා නැහැ. හිතේ තියෙන බියගුළු ගතියට මට හිතුන සිතුවිලි.
මම එල්ලිලා හිටියේ මෙහෙමයි.
දැන් මම ඉන්නේ මැද මිදුලේ .ගේ ඇතුල හොඳටම කරුවලයි. මීට කලින් හොරු දෙවතාවක් ඇවිත් ගිහිං තිබුන නිසාම හිත පොඩ්ඩක් බය වෙලා තිබුනේ මේ ගේ ඇතුලේ කරුවලේ ඇවිදින්න.ඇතුලට ගිහිං ඇතුලෙන් දොර ඇරගෙන බෑග් එක අරං එන්න අඩිය තියද්දීම වැටුණු ලයිට් එළියක් එක්ක ඇහුන කට හඬින් මම ගැස්සිලා ගියා. " මොකද බං කරන්නේ බෑග් එකත එළියේ තියෙල කවුරු හරි ආවනම්!! මොකෝ බං දාඩිය දාගෙන කොහොමද බං ඇතුලට ආවේ" යාළුවා එහෙම අහද්දී මට වහල දිහා බැලුනේ ඉබේටමයි. ටිකක් වැඩි පුර කන්න ගෙනා කිරිටෝෆි ටික වෙනදා වගේම අයිතිකාරයාට අඩුවෙන් දෙන නීතිය යටතේ මට ලැබුනේ හරි පොඩ්ඩයි. මගේ යාළුවා හැම වැඩක්ම කරගෙන ගෙදර එනකම් මම වහල උඩ .
ප/ලි: හැමදාම වගේ සිත්තරේ ඇඳලා දුන්නු "තිලිණිට" ස්තූතියි!!

.jpg)

.jpg)

.jpg)