20 Nov 2011

දන්සලෙන් පොලිසියට







එදා හරියටම පොසොන් පෝය දවසක් කවදාවත් නැතුව නිවාඩුවට ගෙදර අවේ ඊට කලින් දවසේ.අපේ යහළුවෝ කට්ටියක් එක්ක පොඩි සුභ සාධක එකමුතුවක් හදාගෙන තිබුන ගමට වැඩක් කරන්න කියල හිතාගෙන.දැන් අපි කරන්න හදන්නේ අයිස්ක්‍රීම් ධන්සලක් දෙන්න කලින් දවසේ රැ 10.30 විතර  දන්සල දෙන මඩුව හදන තැනට අමාරුවෙන් ආවා රැ  10.30 බස් එක කියන්නේ බීපු නැති අය වෙරිවෙන වෙරි උනු අය කබරු තලගොයි පිටකරන ගඳක්  තියෙන බස් එකක්.මොකද ඒ බස් එකේ එන බීපු උත්තමයෝ පොලිස් උත්තමයෝත් එන්නේ එකම බස් එකේ මට මතක විදියට මං හොඳ  සිහියෙන්  හිටියේ මං විතරයි.(කොන්දස්තරත් බීල)

"දැන්ද යකෝ එන්නේ....!! වැඩේ ඉවරයි"  ඒ අපේ සභාපති තුමා මාව ඉහලින්ම  පිළිගත්තු විදිය.

මං අමාරුවෙන් දුර ගෙවාගෙන අරක්කු වල සුවද විඳගෙන අරක්කු ගදෙන්න් නොමිලේම මාත් ටිකක් වෙරිවෙලා මං "හට්" එක හදන තැනට එද්දී එයාල එක හදල ඉවරයි. ඉලග දවසේ උදේට කරන්න ඕනේ  මොනවද කියල කට්ටිය කතා කරනවා කුමාර සින්දු දෙනවා ගමටම ඇහෙන්න ,රෝහණ පුටු දෙනවා චමිල් තාම අමාරුම දේ කරන්නේ අපි දේන්න ගෙනාපු අයිස්ක්‍රීම්  පරිස්සම් කරන්නේ එයා.පස්සේ ආරංචි උනා පරිස්සම් කරන්න බාරගත්තු කෙනාගෙන් පරිස්සම් කරන්න අමාරු උනා ලු (අනේ අපිනම් දන්නේ නෑ කට්ටිය එහෙමයි  කිවුවේ)

"දෙවැනිවරටත්  පවත්වන මහා... අයිස්ක්‍රීම් දන්සලට ඔබත් සහභාගිවන්න " අපේ සභාපතිතුමා ගමටම ඇහෙන්න කෑ ගහනවා. ගමේ ප්‍රභූවරු නොවුනත්  ටිකක් ඒවගේ හිතපු  කිහිපදෙනෙක්  ආරාධනා  කරලා තිබුනා.මොකද එයාල ආවම ආධාරයක් විදියට  ටිකක් ලොකු ගානක් දෙනවා එකෙන් අපි ණය ගෙවන්නේ. චන්ඩි වගේ දන්සල් දුන්නට අතේ සතේ නෑ.. මුලින්ම පොඩි ළමයි ආව ඊටපස්සේ  අම්මලත් එක්ක ආවා, පොලිමෙනුත් ආව,පොලින් පැනලත් ආවා, ලග තියෙන පොලිසියේ මාමලත් එයාලගේ නන්දලත් එක්ක අවේ. එයාලටනම් අපි විශේෂෙන්  සැලකුවා මට බාර වෙලා තිබුනේ ටිකක් විශේෂ අයට සලකන්න ඉතිං පොලිසිය නිසා මං හොඳින් සලකල ගෙදර ගෙනියන්නත්  ටිකක්  දුන්නා (මං හිතන්නේ  මං වැරදි වැඩක් කලේ කියල ) මං එහෙම දුන්නම එයාල හරි සංතෝසෙන් අරගෙන මටත් නොසහෙන්න ස්තුති කරලා  අයිස්ක්‍රීම් අරන් දිවුවේ බලු පැටියෙක්ට මස් කටුවක් ලැබුනම අනෙත් බල්ලොන්ගෙන් එක පරිස්සම්කරගෙන හැංගි හැංගි දුවන ව්දියට.
පෙරේත කමකට නෙවෙයි  අයිස්ක්‍රීම් දියවෙයි කියල.අපේ පළවෙනි වැඩේ හවස 3 විතර   සාර්ථකව අවසන් උනා අපිට සංතෝසයි  රණ්ඩුවක් නොවී ඉවර උනු එක ගැන

හවස තියෙන්නේ පාර දිගට පහන් පත්තු කරන්න එතකන් මොකද කරන්නේ?

 විවිද යෝජනා  ආවා එත් ඒවා පෝය දවසක  කරන්න හොඳ වැඩ නෙවෙයි  "ශාලික ගනින් බයිසිකලේ උඩහ දමිතාගේ පොට්
  එකේ තියෙනවා"  දවල් වරුවෙම කිසිම වැඩකට නැතිව ඇලී මැළිව  පැත්තකට වෙලා හිටපු රෝහන හරි    කඩිසරව ඒ වැඩේට බැස්සේ  නිකන් කලන්තේ දාපු කෙනෙක්ට වතුර දෙන්න වෙහෙසෙනවා වගේ. කළු කඩ හොයාගෙන් ගිහිල්ල බල්ලොන්ට ගහන ඒවා "හතරැස් බෝතල්" කිහිපයක් හොයාගෙන ඇවිල්ල තිබුන. මං නම් ඒවා පානය කලේ නෑ  මොකද මට එවෙලේ හිතුනේ නෑ හෝරා වකට විතර පස්සේ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට ගොඩ බැස්ස වගේ හරි සතුටින් ගියපු දෙන්න ආව  තිබුණු සතුටට බයිසිකලේ නවත්වන්න කලින් බිමට පැන්නා.ගෙනාපු බෝතලේ රැකගන්න තවත් කිහෙප දෙනෙක් හිටිය කප් එකත් එක්ක සමුහ ජයරුපෙකට  ඉන්න වගේ හරි ආදරෙන් තුරුළු කරගෙන අකුලක් හොයාගෙන කට්ටියම එක පස්සේ එක වෙන්න හරි ශාන්ත ගමනින් චුත උනා.


දැන් කරුවලත් වැටිලා පහන් පත්තු කරන්න පටන් ගමු  කෝ කට්ටිය

පහන් ටික,ගෙන්න තෙල් ගෙන්න, කට්ටියක් මැටි පහන් ටික පේලියට තියාගෙන යන්න හරි කරච්චලේ සභාපති මොරදෙනවා.

ටික වෙලාවකින් ඔන්චිල්ලාවක් ගිලපු කොල්ලෙක් වගේ එක්කෙනෙක් පැද්දී  පැද්දී  අපේ පැත්තට ආව අයෙත් තව කෙනෙක් ආවා එයාලගේ පාඩුවේ එයාල පහන් පත්තුකරනවා.


පහන් 8000 ක් පත්තුකරන්න දැන් කට්ටිය ලස්තිවෙන්නේ එත් අපි දන්නවා  අපිළඟ  2000 ක් වත් නෑ. ටිකක් පත්තුකරගෙන යද්දී තෙල් ඉවර වුනා.තෙල් බාරව හිටපු දෙන්න ඒවා ගෙන්න එතනින් පිටත් වුනා 



"උබල පොඩ්ඩක් හිටපල්ලා අපි ඉක්මනටම අරන් එන්නම්"


 තෙල් එකතු කරපු අය ඒවා ගේන්න පිටත් උනා.
උන් තෙල් ගේනකන් මොකද බං කරන්නේ කඩයක් අයිනේ පඩියක් උඩ වැඩිවෙනගමන් මං ඇහුව (මට වැරදුනු දෙවෙනි සැරේ )

"ජෝලියටත් එක්ක සින්දුවක් කියමු"  


වෙන කොහේදෝ ඉඳල ආපු අපිත් එක්ක ඉන්නෙත් නැති  හැමවෙලාවෙම බිල ඉන්න අපතයෙක් වගේ එකෙක්  යෝජනාවක් දැම්මා
හපෝ බෑ ඉස්සරහම පොලිසිය එතන හිතපු බිවුවත්  හොද සිහියෙන් හිටපු කෙනෙක් කෙයනවගේත් ඇහුනා

අවුලක් නෑ  අද අපි දසලකුත් දුන්නා එයාලත් දන්නවා නේ..

හරි එහෙනම් පටන් ගමු

"අඩුකුලේ කියල අසරණ
යා මැඩලන්නේ මේ ලෝකේ වසලයා අ අ ආ .." 

හෙනහුරෙක් පහත් උනාවගේ අපු ඒක පටන් ගත්තා අනෙත් අයත් හෙමිහෙට තාලෙ ඇල්ලුවා ටිකක් සද්දේ වැඩි වගේ දැනුනත්  අපි දවල් කරපු පිං බලෙන්   මොනවත් කරදරයක් වෙන්නේ  නෑ  කියල  හිතුන නිසා දිගටම කරගෙන ගියා

"පොලිසියෙන් පොලිසියෙන් එනවා"..

චන්ඩි වගේ හිටපු උන් ඉස්සෙල්ලාම දිවුවා. ඒ කලේ ඉඳල මෝඩ කමට දුවන්නේ නැති  ඒ මෝඩකම එදත් කරා.වැඩියෙන්ම වෙරි උනු එකා අල්ලගත්ත එකට හිටපු එකෙක්ව දල දුවන්න තරම් මං බලු නැති නිසා මං පොලිසියේ මාමලත් එක්ක කතා කරා.

"රාළහාමි අපි මේ තෙල් ඉවර උනු නිසා පොඩ්ඩක් වැඩි උනේ අනෙත් කට්ටිය තෙල් ගෙන්න ගියා එයාල එන්න පොඩ්ඩක් පරක්කු නිසා සින්දුවක් කිවුවේ"
"පාරේ සින්දුකියන්න මොකක් කියල හිතුවද උබත් වරෙන් යන්න උබල දෙන්නම දානවා කුඩුවට"

 දවල් මං අයිස්ක්‍රීම් වැඩිපුර දීල  අනෙත් අයට හොරෙන් ගෙදර ගෙනියන්න දුන්නු ඒ පොලිස් මම මට හරි කරුණාවෙන් කතාකරල මාව අතින් අලගෙන පාරත් පන්නල පොලිසියට එක්කන් ගියා මට කිසි බයක් දැනුනේ නෑ මොකද එළියේ යාලුවෝ ගොඩක් ඉන්නවා අපි හොද වැඩක් දවලෙත් කර දැනුත් කර කර නේ හිටියේ එක නිසා  මං ඉක්මනින් නිදහස් කරයි  කියල හිතුනා ජීවිතේ පළමු සැරේට හිර කුඩුවක්  දැක්කේ එදා.මාත් එක්ක ආපු එකා නම ඒක හොඳට පුරුදුයි, ඒක ඌට ගෙදර  වගේ ලු ....

විනාඩි පැය උනා පැය ,පැය දෙක තුන උනා කවුරුවත්  අවේ නෑ  මං මහා රෑ කුරු  අතරින්  ඇත බලන් ඉන්නවා කවුරු හරි මාව බේරගන්න ඒවි කියල මාත් එක්ක උදේ ඉදන් එකට වැඩ කරපු උන් ඇයි  තවමත් පරක්කු . අනිත් එකටම ගානක්වත් නෑ හැමෝම දුවද්දී මං නැවතිලා මොනවහරි දෙයක් කරන්න හදපු නිසානේ මාත් බලු කුඩුවේ ලැග්ගේ  ඇයි  පරක්කු ?දැන්නම් හිතට පොඩි දුකක්වගේත් දැනුන රැ 1.00 විතර  යාළුවෙක්ගේ  අයිය කෙනෙක් අවා චීස් කැලි දෙකකුයි බිම  බෝතලයකුයි බොන්න කියල දුන්නා
 එකත් කලා හිතේ අමාරුවෙන් ඉන්න මං මදුරෝවන් ගෙනුත් කරදරේ ඒක ඇතුලෙන්  එන වැසිකිලි ගඳ  අපිට කලින් හිතපු  උන්ගේ කෙල,තුවාල ප්ලස්ටේර්, හැම ජරාවක්ම ඒක ඇතුලේ .අමාරුවෙන් ඉද්දි එක යාලුවෙක් අවා ඇවිල්ල කියල ගියා දැන් මොනවත් කරන්න බෑ  හෙට උදේ එලියට දානවා එතකන් ඉන්න අනිත් එකාගේ වෙරි බහිනකන් කොහෙවත් හිටපු එකෙක් නිසා මාත් බේබදු මාක් එක ගහ ගත්තා.හෙට උදේ වැඩට යන්නත් ඕනේ වැඩට නොගියොත් එතනත් ප්‍රශ්න ගෙදරට අරන්චිවූනොත් තවත් ප්‍රශ්න ගමේ යාලුවොන් දැනගත්තොත් විඳින්න වෙන  ආපහාස.ඒද රැ එළිවෙන්න පරක්කු උනා වගේ දැනුන.ජිවිතේ අදුරම දවසක් කොහොම හරි ගෙවුන  ටිකක් නින්ද ගියා පරණ යාලුවෝ ටිකදෙනෙක් ආව බලන්න එයාලගේ මුනේ හරි දුක්බර විදියට මැලවිලා තිබුන.මට උනු අකරතැබිය නිසාද දන්නේ නෑ . පැය 18 පස්සේ මමත් මගේ අපත යාලුවත් (යාලුවෙක් නොවූනත් ) එලියට දැම්මා මං නොදැනුවත්ම මාව එලියට ගන්න මාත් එක්ක දවල්  හිටපු ශාන්ත අයියා එළිවෙනකන් වෙහෙසිලා තියෙනවා  ජිවිතේ අමතක නොවන පාඩමකුත් ඉගන ගෙන මං එලියට ආව.

පොලිසියෙන් නිදහස් උනාට මට තව නිදහස් වෙන්න තව තැන්  කිහෙපයක්ම තිබුණා අපේ ගෙදරින් වැඩකරන තැන බොස් ගෙන් කියන්නේ නෙතුව නිවාඩු ගත්ටට  ගමේ යාලුවන්ගෙන් හිත හදාගෙන මොනවත් නොවුණු ගානට ගෙදර ගිහෙල්ල  හවසම ආයේ මං කොළබ ගියා.හොඳම දේ තවම අපේ ගෙදරින් දන්නේ නෑ  මං පොලිසියේ  රැයක් ගත කරපු එක  .අදටත් මට තේරෙන්නේ නෑ  මං එදා දුවපු නැති  එක වැරද්දක්ද කියල කවුරු හරි කියපු කෙනෙක් මට කියල දෙන්න. 

"අසරණය" කියන වචනේ මගේ ජීවිතේට ගොඩක් සමීපයි

නම්ගම් මනංකල්පිතයි  

12 comments:

  1. මෙක කියවද්දි ෆිල්ම් එකක සීන් එකක් වගේ. දන්සැලේ පින්තූර තියෙනවා එවන්නද? පරන අතීතෙ මතක් වෙන්න

    ReplyDelete
  2. ඔය වගේ වෙලාවට තමයි හරි හමන් යාළුවො කවුද කියල තේරෙන්නෙ. හවුලෙ වැඩ කරන අය කවුරුත් නෑ පොඩ්ඩක් වරදිනකොට. කොහොම හරි මල්ලි හොඳ පාඩමක් ඉගෙන ගත්තනෙ පෝය දවසෙ. ඒකම මදැයි....

    ReplyDelete
  3. @Music Girl = දැන් සින්දුවක් කියන තැනකවත් ඉන්නේ නෑ

    ReplyDelete
  4. දන්සල් මතක් උනා :))

    ReplyDelete
  5. @වර්ණා = ඔය හැම දන්සලකම පොලින්වල ඉන්නවා නේද? මං දැකල තියෙනවා

    ReplyDelete
  6. ඔව් ඔව් මම ඉන්නවා. ඔයා කොහොමද දැක්කේ මල්ලි, ඔයත් හිටියා නේද :D

    ReplyDelete
  7. @ වර්ණා = මං හිටියේ දෙසැරයක් පෝලිමේ යින්නේ කවුද බලන්න. ඔය දෙසැරයක් ආව නේ ..

    ReplyDelete
  8. අපේ අරක්කු අපිටම ගහනවා කියනවා වගේ ඔයාලගේ අයිස්ක්‍රීම් ඔයාලටම ගහලා :D

    ReplyDelete
  9. ඒ පොලිස් මාමට ඔයාව මතක තියෙන්න නැතිව ඇති :)) නැත්නම් එහෙම කරයිද..හිහි

    පාරේ සින්දු කිව්වට පොලිසි අරන් යනවා කියලා මම ඇහුවේ අදනේ..

    ReplyDelete
  10. පොලිසියෙන් කියලා විහිළුවට හරි කිව්වොත් මින් පස්සේ වත් දුවපන්.
    (අර පොලිසියේ එවුන් බලු පැටවූ කියපු කතාවට මම පට්ට ලයික්..)

    ReplyDelete
  11. අනේ මංදා බං උඹටත් වෙන වැඩ....

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...