15 Feb 2012
කරාටේ ධම්මික රටට හදුන්වාදුන් 7 වසරේ කරාටේ පන්තිය 1 කොටස.
යන්තම් ස්කොලේම හිටපු පොඩිවුන් කියන නම නැතිකරගෙන අපි 7 වසරට ආවා.එකම නමින් තියෙන ස්කොලේ කණ්ෂ්ඨ විද්‍යාල හා මහා විද්‍යාල කියල දෙකක් තිබුනේ.මහා විද්‍යාලයේ පොඩිම පන්තිය 6 වසර.ඒ ඉස්කෝල දෙකටම ප්‍රින්සිපල්ල දෙන්නෙක් ඉන්නවා.ඒ දෙක වෙන් වෙන්නේ රැට හරක් ලඟින උදේට පොඩිම පන්තිය කොල්ලෝ ගොම එකතුකරන ඉස්කෝලේ නැති දවස් වල වටේ කොල්ලෝ පිස්සු කෙලින ක්‍රීඩා පිටියකින්.6 වසරට එන්නේ කණ්ෂ්ඨ විද්‍යාලේ හිටපු ළමයි විතරක් නෙවෙයි වටේම තියෙන මහා විද්‍යාල නැති අනිත් කණිෂ්ඨ විද්‍යාලවල අලුත් ළමයිනුත් එනවා.ඒත් ඔවුන්ගෙනුත් අපෙත් කිසිම වෙනසක් තිබුනේ නැහැ සියල්ලන්ම අලුත් නිසා අපිට දැනුනේ අපි හෝඩියට භාරදුන්නු දවස වගේ.
වසරවල් 7 ක අයියලා හා අක්කල ගේ තාඩන පීඩන මැද ඒ වසර ඉවරවුනේ අපි තව ඒක වසරක කොල්ලෝ ටික දෙනේක්ගේ අයියල කියන අහිංසක ආඩම්බරයෙකුත් එක්ක.ලොකු පන්තිවල අයියලා අපිට කන මිරිකලා ගැහුවත් අපෙන් රුපියකක් දෙකක් උදුර ගත්තත් අපිට කිසි තරහක් දුකක් නැහැ.ඒත් ලොකු පන්තිවල අක්කලා අපිට "චූ කොල්ලෝ" කියන ඒක අපිට ඉවසන්න බැරිවුනා.ප්‍රභලයා දුභාලයව මර්ධනය කරන දේ අපි 6 වසර විද්‍යා පාඩමේ ආහාර දාමය යටතේ ඉගන ගත්තත් ඒ දේ අපි ප්‍රයෝගිකව අත්වින්දා.
හත වසරේදී අපිට හිටපු පොඩිම හා එකම පන්තිය 6 වසෙරේ වුන්ට අපි විඳපු දුකක ටිකක් හරි දෙන්න අපි උත්සහ කරත් අපි කරපු දේට අපිට ලැබුනේ බිත්තියකට විසිකරපු ටෙනිස් බෝලයක් වගේ. කැරකිලා අපේ පැත්තටම ඒ දේ ආවේ.මොනවා හරි දෙයක් කලොත් අපි ගැන ගුරුවරුන්ට කියල නිත්‍යනුකුලව අපිට ලැබිය යුතු දේ ලැබෙනවා නැත්තනම් ඒ පොඩි කොල්ලොන්ගේ අයියලාගෙන් කැලෑ නිතින් දඬුවම් ලැබෙනවා.මොනවා කලත් ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩියවගේ හිටපු අපිට කාලයත් යද්දී 6 වසරේ හිටපු නාහෙට අහන්නේ නැති උනුත් අපිට පාර්ට් දැම්මා.අපි තුන් පැත්තකින් තෑලෙද්දී අපි නම්බු පිටින් කාටවත් කරදරයක් නොකර ඉන්න උත්සහ කලා.
පලවෙනි වාරේ අප්‍රේල් ඉවර වෙන්න කලින් අපිට තිබුනා අවුරුදු උත්සවයක්. අපිටත් ලැබුනා අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වෙන්න.එහා පන්තියත් එක්ක කඹ ඇදීමට.ඒ තරගේ බ්‍රසිලයත් එක්ක ෆුට් බෝල ගහන ශ්‍රී ලංකා කණ්ඩායම වගේ.අපි ශ්‍රී ලංකා කණ්ඩායම තරම් ශක්තිමත්.උපතින්ම අඩු බර උපත් සිදුවෙච්ච කණ්ඩායමක් තමයි අපිට හිටියේ.අනිත් පන්තියේ පිරිස 7 වසරේ හිටියට 9 වසරවත් ඉන්න ඕනේ තරම් හෙන ඇඟ පත ලොකු සෙට් එකක්.පන්ති බෙදද්දී අපිට ආසධාරණය වෙන විදියට ඒ දේවල් සිද්ද වෙලා තියෙන්නේ.පන්ති පන්ති වල සටන් යද්දී ඒ දේ අපිට ගොඩාක් බලපෑවා.දිනන්න තිබුන අවස්ථා නැතුවම නොවෙයි. ඒත් රජ කාලේ ඉඳල තිබුණු සටන පාවා දීම 7 වසරේ අපිටත් උරුම වෙලා තිබුනා.අපේ පන්තියේ ඉඳල එලියට යන්නත් ආයේ එන්නත් සිදු වුනේ එහා පංතිය ඉස්සරහින්.හැම දෙයක්ම ඒ විදියට සිද්ද වෙද්දී භුමියේ වාසියත් උන් ප්‍රයෝජනයට ගත්තා. ඉතිං අපි හැමදාම එහා පන්තියෙන් ගුටි කෑවා.
එදා උත්සවය දවසේ ළමයි 3200 ක් ගුරුවරු 105 ක් හා දෙමාපියන් පිරිසක් එක්ක පාසලේ සුළු සේවකයෝත් ඉන්න තැනක අපි ගියේ කඹ ඇදීමට. ඒ තරඟයට සහභාගී වෙන්න තිබුණු එකම සුද්දුසුකම ප්‍රින්සිපල්ගේ නියෝගයක් වුනු හැම ළමයෙක්ම ඒක තරඟයකට සහභාගී විය යුතු ඒ තීරණය .එහා පන්තියේ ඇඟ ලොකුම එකා චමිල්. වෙනත් ස්කොලකින් අපේ එකට ආවේ.ඌට හැමෝම කියන්නේ බල්දියා කියල මොකද උගේ මුණ ළිඳේ තියෙන වතුර අදින බාල්දිය වගේ.ඒත් අපි ඌ ලඟින් යද්දී කියන්නේ පනිට්ටුවා කියලා.නැත්නම් උගෙන් ගුටි කෑවම බාල්දි කොක්කෙන් කෑවා වගේ සනීපයි.
අපේ පාසලේ තිබුණු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා තැන නොතැන බලලා කෑ ගහන එකා මේ චමිල්. කන්න ගියාමත් අඩි 65 කැන්ටෙර් ලොරියකට වැලි පටවනවා වගේ කෑමක් කන්නේ.ගුරුවරු ඌට කැමතියි මොකද ඉන්න තැන පාලු නැති නිසා.අපිටනම් පෙන්නන බැරි එකා.අපේ පන්තියේ ගොඩ දෙනෙක් කෝටු කිතයියා ඉඳිකටු පංචා වගේ ඇඟපත තිබුණු පිරිසක්.චමිල්ලගේ පන්තියේ හිටියේ රබ්බඩයියා පුවක් බඩිල්ලා වගේ පිරිසක්.4000 ක් විතර පිරිසක් වටවෙලා ඉන්න තැනක අපි ගියේ අපිට විදුහල්පති නියමයෙන් හිමිවුණු පරාජය උරුම වූ තරඟයකට.
කණ්ඩායමේ ඉස්සරහින්ම ඉන්නේ පන්තියේ හිටපු පොඩිම කෙනා වුනු තිලිණ උගෙන් අපේ කණ්ඩායමට ඇති කිසිම තිළිණයක් නැහැ. වටේ ඉන්න සියලු දෙනාගේම ඇස් තියෙන්නේ අපේ තරඟ දිහාවට.හැම දෙයකට ඉස්සරහට යන අපි කඹ ඇදලත් ඉස්සරහට යන්න පුළුවන් කියල තරඟයට කලින්ම අපි දැනගෙන හිටියේ.මුලින්ම හිටියේ තිලිණ අන්තිමට හිටියේ අපේ පන්තියේ ලොකුම එකා සුරංග.ලොකු ඇඟක් තිබ්බට සෙම ඇඟක්.ලබ්බට කෝටු ගහල වගේ.තරගේ පටන් ගන්න සියල්ල සුදනාම්.ආරම්භ කිරීමට ලැබුනා වූ විදානයෙන් යාන්තම් ඇහුන වගේ මතකයි ඒ එක්කම හුස්ම ගන්න අමාරුවුනා.උල් වගේ ඒවා ඇනෙනවා වගේ දැනුනා මගේ ඇඟ උඩ 4 දෙනෙක්.මමත් තව දෙන්නෙක්ගේ ඇඟ උඩට වැටිලා.ඒ හිටපු කොල්ලොන්ගේ කෝටු කෑලි වගේ අත පය ඇනේද්දී මට දැනුනේ උල් ඇනෙන වගේ වේදනාවක්.
තිලිණගේ තොල කැඩිලා ලේ එනවා සුරංග තරගේ පටන් ගද්දිම කඹේ අත ඇරලා.එයා පන්තියේ හයි හත්තිය තියෙන වුන් අපිට හිතන්නවත් ඉඩක් නොදී ඒ තරගේත් දිනුවා.පරාද වුනාට වඩා වටේ බලන් හිටපු පිරිසගේ හිනාව අපිව දැක්කම අපිට කියන කතන්දර පැරදුනාට වඩා ඒ දේවල් ඉවසන්න බැරි වුනා.අපිට ඇත්තටම තිබුනේ ලැජ්ජාවක්.කොහොම තරඟ කරත් අපි එහා පන්තියත් එක්ක හැමදාම පරාදයි.ඇඟේ හයියෙන් දිනන්න බැරි නිසා මමත් ඒක නිතරම හිටපු 6 දෙනාගේ සෙට් එකේ අදහස වුනේ බුද්ධිමය ගේමක් දෙන්න .වාරේ අවසාන දවසේ එදා දිනපු කණ්ඩායම් වලට තෑගී දුන්නා.අපිත් බලන් හිටියේ සැනසිලි තෑග්ගත්වත් ලැබෙයිදෝ කියල.ආවසනාවට පැරදුනු කණ්ඩායම් වලට තෑගි ලැබුනේ නැහැ.
චමිල්ලා තෑග්ග අපේ ඉස්සරහින් අරන් ගියේ 7 වසරේ චන්ඩි වගේම අපිත් එක්ක කොහොම ආවත් දිනන්න බැරි වැඩ කාරයෝ ටිකක් විදියට.මාස 3 ක් පුරා කෑකැරෙමින් තිබුණු කේන්තිය අපේ තවත් වැඩි වුනා.දුවල ගන්න බැරි තෑග්ග අරන් දුවන්න අපි තීරණය කලා. ඒ කියන්නේ හොරෙන් ගන්න.සියල්ල අවසානේ තිබුනේ විවිධත් ප්‍රසංගය.හැමෝම කවි සින්දු රස විඳින වෙලාවේ අපිට තිබුනේ සතුරාව මානසිකව රිද්දන්න.හොරෙන් එහා පන්තියට පැනල කඹ ඇදීමෙන් ලැබුණු ඒ තෑග්ග අපි කිසි මහන්සියක් නැතිව අපේ පන්තියට ගෙනත් ආරක්ෂක උපක්‍රමයක් විදියට ඉස්කෝලේ වත්තේ පොඩි ලඳු කැලෑවක හැන්ගුවේ ගෙදර යද්දී කට්ටියත් එක්ක බෙදාගන්න.ඒ වෙද්දී අපේ පලාතට බක්මහා වැස්ස පටන් අරන් තිබුනේ.තෑග්ග හංගල වැඩි වෙලාවක් යන්න කලින් ඒ මහා වැස්ස පටන්ගත්තේ වැස්සකට තිබිය යුතු කිසිම පෙර නිමිත්තක් වත් නැතුව.
වැස්සෙන් පස්සේ වතුර ගොඩෙ අමාරුවෙන් කැලේ ඇතුලේ තිබුණු තෑග්ග ගන්න ගියත් එතන තිබුනේ පෙඟුණු කාර්ඩ් බෝර්ඩ් පෙට්ටියක් ඇතුලේ පාට 6 පැන්සල් පෙට්ටිය කිහිපයක්.ලස්සන කොලයක ඔතලා තිබුණු ඒ පෙට්ටිය දියවෙල කර්ඩ් බෝර්ඩ් ගොඩක ලස්සන රටා මවමින් පාට පාට පැන්සල් ටික විතරක් පෙඟුණු ලී කෝටු වගේ තිබුනේ.වැඩිය හිතන්න නැතිව එතනම තිබුනොත් පැන්සල් දිරන නිසා කාර්ඩ් බෝර්ඩ් ටික තියල පැන්සල් ටික විතරක් සමගියෙන් ගෙවල් වල අරන් ගියේ අයෙත් චමිල්ලට දුන්නොත් ලස්සන පෙට්ටිය විනාස වුනු ඒක ගැන එයාලට දුක හිතේයි කියල .පාසල් නිවාඩුයි හැම දෙයක්ම හොඳින් සිද්ද වුනා.ආවසාන දවසේ සිදුවීම් කිසිකෙනෙක් දැක්කේ නෑ.."ඔපරේෂන් තෑගි පෙට්ටිය" අති සාර්ථක විදියට අවසන් වුනා.
අවසාන මහා සටන ඊළඟ කොටසින්.
දෙවැනි කොටසට මෙතනින් යන්න
~~අසර්~~
Labels:
පොඩි කාලේ
Subscribe to:
Post Comments (Atom)
කවුද බං පොඩිකාලෙ ඔයවගේ පෝරිසද වඩ නොකරන්නෙ.අනිත් ටිකත් ලියපං ඉක්මනට
ReplyDeleteඅනිත් ටික ලියලා තියෙන්නේ ඉක්මනින්ම දාන්නම්.එත අද අපිට තේරෙනවා එදා කල වැඩේ හොඳ වැඩක නෙවෙයි කියලා.
Deleteයකො..හොරකන් නොකර ෆෙස්ටු ෆෙස් ගහගනින් බං..හොරකං කරන එක බොකු බඩවැල් වලට අකෑපයි...නැත්තං මොලෙන් වැඩක් දියං හැබැ හොරකං නොකර...හික්..ජය
ReplyDeleteෆෙස්ටු ෆේස් ගහගත්තු හැම දවසකම අපි ගුටි කෑවා..මොලෙන් දුන්නු ගේම තියෙන්නේ අනිත් කොටසෙන්..
Deleteහාපෝ මහ නැහැදිච්චි ළමයිනෙ ඔයාලගෙ ක්ලාස් එකේ ඉදල තියෙන්නේ !
ReplyDeleteගුරුවරුත් කිවුවා .හැදිච්ච දෙමාපියන්ගේ නැහැදිච්ච දරුවෝ කියල.අපේ අම්මා දන්නා ගුරුවරු ටික දෙනෙක් හිටියා
Deleteඇග පොඩියට දීල තියන අයට හොද මොලයක් සොබාදහමින් දීල තියනවනේ. ඒකයි ප්‍රයෝජනයට ගන්න ඕන. ඒක ඕනෑම සිද්ධියකට අදාලයි. "Collage" කියන film 1 බලල තියනවද?
ReplyDeleteRaj
අපි දෙන්න කතාවෙලා වගේනෙ එන්නෙ බං හැමතැනටම.
එකනේ බං සහොදරයෝ කියන්නේ..
Deleteමම කැමති බොලාලා දෙන්න හැම තැනම දකින්න.
Deleteවෙනසක් නැතිව "සිංහල රාජ් සහ ඉංග්‍රීසි Raj"
දෙන්නෙක් හිටපු නිසා හොදට ගියා. තව එකෙක් හිටියනම් විනාසයි !
@සිංහල රාජ් = ඒ ෆිල්ම් ඒක බලල නැහැ.මොළෙන් ගේම දෙන්න හිතෙද්දි අපි පරක්කු වෙලා.කොහොම හරි රිද්දන්න වැඩක් කරන්න අපි හිතාගත්තා.
Delete@ඉංග්‍රීසි රාජ් = අකුරු දෙකේ වෙනස හා අකුරු තුනේ වෙනස හික් හික්.
@සෑම් = රාජ රත්නම් වගේ කෙනෙක් හිටියානම් කොහොමට තියෙයිද?
This comment has been removed by the author.
Deleteකිරිල්ලි මොකද කමෙන්ට් ඒක මැකුවේ.පස්සේ හිතුනා නේද හරි නැහැ කියල. හික් හික්....
Deleteවෙන ප්ලෑනක් තිබ්බෙම නැද්ද?
ReplyDeleteඅපේ අලුත් ප්ලෑනක් තිබුනා ඒක තමයි නියම ප්ලැන..
Deleteනිකන්ද අසරණයා කියන්නේ????? හැමදාම අසරණ වෙන වැඩම තමයි වෙන්නේ නේද?
ReplyDeleteඑකනේ යාලුවා අසරණයා කියල නම දාගත්තේ. හික් හික්..
Deleteගහගන්න බැරි නම් ඔය වගේ ජිල්මාට් තමයි දාන්න ඕන.ඊළඟ පෝස්ට් එකේ ගුටි කෑව කියල නම් දාන්න එපා ඔන්න.
ReplyDeleteහිතන්නේ නැති ආවසානයක්..
Deleteහනෙ අම්මේ......මාර වීරකමක් නේ.....:)
ReplyDeleteඒ කාලේ වීර කමක් විදියට දැක්කට පස්සේ කාලේදී අපි ගැනම අපිට කලකිරුණා.
Deleteපාසල් කාලේ මගෝඩි වෑඩක් නිසා මුකුත් නොකියමි .
ReplyDeleteඒක හොඳයි.එත් ඒ කලදේ මහා වැරදි වැඩක් පස්සෙනේ අපිට තේරුනේ..
Deleteඅපරාදෙනෙ පාට පැන්සලකට හොරෙක් උනේ.. :S
ReplyDeleteඔව් එකනේ.. හැංගිලා ඉඳල ගැහුවනම් එකත් එකක්.
Deleteඅසරණයාගේ පන්තියේ ඉඳල තියෙන්නෙත් අසරණයෝ ටිකක්නේ..අරගොල්ලන්ට තෑග්ග නැති බව දැන ගත්තම නියමෙට තද වෙන්න ඇති...ඊ ළඟ කොටසේ තියෙන්නේ ඒ ටිකද...
ReplyDeleteඅසරණයි කියන්නේ අපි හැමදාම පරාදයි.තෑග්ග නැතිවෙලා කියල දැනගද්දී අපි ඉස්කෝලෙන් ගිහිල්ල .
Delete//පන්තියේ හිටපු පොඩිම කෙනා වුනු තිලිණ// ඔය කතාව නම් හරියටම හරි අයියේ මොකෝ දන්නවද මමත් ඔහොමයි මීට කාලෙකට කලින් හි හි හැම කෙහෙල්මලකටම ඉස්සරවෙලා යනවා ගුටි කන්න වුනත් එච්චරයි.... වෙන ප්ලැනක් තිබ්බෙම නැද්ද අප්පා මොකක් හරි නූල් සූත්තරයක් අදින්න එපැයිනේ ඊළඟ ලිපියෙන් කියයිද දන්නේ නෑ තෑගි අරන් දෙන්න උනා කියලා..... එදා ඉඳන්ම අයියා අසරණයිනේ
ReplyDeleteමල්ලිට තේරුනා නේ.මගේ තත්වේ.ඊට පස්සේ අපි මාර ප්ලෑනක් ගැහුවේ.රිටන් ඒක දෙන්න.
Deleteමං හිතුවෙ කේක් ගෙඩියක් වෙන්නැති තෑග්ග කියල...හෙහ්...හෙහ්...
ReplyDeleteකේක් ගෙඩියක් තිබුනානම් අපිට ගන්න වෙන්නේ හිස් පෙට්ටියක් විතරයි.මොකද ඒ වැස්සට දියවෙලා.
Deleteහොරකමනම් හොඳ නැහැ කොල්ලෝ...
ReplyDeleteහිතේ දුකට ඒ දේවල් කලාට පස්සේ කාලේදී කිසි දෙයක් හොරකම් කලේ නැහැ.ලොකු පන්තිවලට යද්දී ඒවායේ බරපතල කම් තේරුණා.
Deleteඇග තියෙන එවුන් වෙනමයි. ඇග නැති එවුන් වෙනමයි විදිහට නෙවේ ටීචර්ලා පන්ති බෙදන්නේ. වැඩ කරන එවුන් සහ නොකරන එවුන්. හැබැයි මචං එහෙම බෙදුවම වෙන්නේ ඇග තියෙන මැට්ටෝ වෙන පන්තියකත්. ඇග නැති මොල කාරයේ වෙන පන්තියකටත් වැටෙන එක.
ReplyDeleteමැක්ස.. සාර්ථකයි කතාව.. :)
වැඩ බැරි පංති හා වැඩ පුළුවන් පංති බෙදිල්ල නැවැත්තුවා මොකද වැඩ බැරි දුරුවල ළමයින් ඉස්කෝලේ කොන් වෙන ඒක නවත්වන්න.ඉතින් හැම විදියෙම ඇයො අපේ පන්තියේ හිටියා.එත් එකෙක්ටවත් ගහගන්න බැහැ.
Deleteලෝකේ හුඟක් ලොකු වැඩ කරලා තියෙන්නේ ඇගෙන් පොඩි මිනිස්සු.. නිකමට වගේ හොයලා බලපල්ලා..
Deleteඔව් ඔව් මට මතකයි ඉස්සර දවසක කියවපු ලිපියක ඒ ගැන තිබුනා.
Deleteසෙනා ඒක නෙවෙයි මොකද අලුත් පොස්ට් එකක් දැම්මේ නැත්තේ..
බලපං අමරදේව මාස්ටර් සුපිරි බඩුවක් නොවැ.. එතකොට ජනාධිපතතිතුමා අහ් වැරදුනා එයා මහතයි නේද ?
Deleteමාර වැඩනෙ කට්ටිය කරලා තියෙන්නෙ. ඊලඟ කොටසත් ඉක්මනට ලියන්න...
ReplyDeleteඔව් යාළුවා මෝඩ කමට කරපුව ගැන අද අවංකව දුක වෙනවා.ඊළඟ කොටස ඉක්මනින් දානාවා.
Deleteඅනේ මන්ද ඇයි අප්පා ඔයාටම ඔහොම වැඩ වෙන්නෙ.. පාට පැන්සලුත් හොරකං කරනවද මං අහන්නෙ..
ReplyDeleteමොළෙන් දුන්නු ගේම ලියනකල් බලා සිටිමි... කතාව එල... (බූත වනේ විදිහේ අවසානයක් නම් දෙන්න එපා හොඳේ)
පාට පැන්සල් කියල දැනගෙන නෙවෙයි හිටියේ.එත් බාල්දියගෙන් පාලි ගන්න ඕන නිසා ඒ දේ කලේ.
Deleteමොළෙන් දුන්නු ගේම ම්..ම්.. එක්කෝ ඕනේ නැහැ.
හෆ්ෆා.. මාර පුදුම ළ්මයිනෙ බොලේ... හැබැයි ඉතිං ඔයාට කියාපු නම තමා අසරනයා..:D
ReplyDeleteඅසරනය? හහ්..ඒ කාලෙ කරපු පව් වහගන්න දා ගත්ත නමක් ඕක....
Deleteහිතුවක්කාරී = වැඩේ වැරදි තමයි එත් මොනවා කරන්නද සහෝදරි..අපි හැමදාම ගුටි කෑවා..
Delete@කිරිල්ලි = නෑ නෑ... මං එච්චර වැරදි වැඩ කරලා නැහැ නේ..
කොහොම හරි උබලා දිනුවා
ReplyDeleteනෑ තවම නැහැ.එත් ඒ තෑග්ග ගන්න පුළුවන් වුනා.
Deleteඅවසන් මහා සටන බලන්න අපිත් එනෝ.. ඉක්මනට ඒකත් දාමු.. මරු කතාව..
ReplyDeleteඅවසාන මහා සටන අවසානයට.හරි යාළුවා එකත් ඉක්මනින් දානවා.
Deleteහැඩට වැඩට අපි සුරයෝ
ReplyDeleteඅපිත් ගාල්ලේ කොල්ලෝ!;)
නැද්ද අය්යෙ???
නැත්නම් මලේ.වැඩ බැරිවුනත් ගම ගාල්ලේ.එත් එහා පන්තියේ හිටියේ වැඩ කාරයෝ ටික දෙනෙක්.
Deleteපැන්සල් ටික විතරක් සමගියෙන් ගෙවල් වල අරන් ගියේ අයෙත් චමිල්ලට දුන්නොත් ලස්සන පෙට්ටිය විනාස වුනු ඒක ගැන එයාලට දුක හිතේයි කියල
ReplyDeleteෂාහ් මාරු කතාව ඈ....
හෙක්.පොඩි හිත් වලට දුක හිතෙන වැඩ කරන්න හොඳ නැහැ නේ.
Deleteඅවසාන මහා සටන නිකං බෘස්ලි රඟන ෆිල්ම් එකක් වගේ අැති නේ :D
ReplyDeleteඇඟ කිලිපොලායන සටන් තියෙන්නේ..
Delete6 වසරෙ හිටපු අලුත් කොල්ලො ටික නම් එල බුවාල ටිකක් වෙන්න ඇති නේද.......?
ReplyDeleteනැත්නම් පොඩි වුන් අපිටත් සද්දේ දැම්මා.ශික්......
Deleteපැරදුනු කණ්ඩායම් වලට මොන රටේද තෑගී දෙන්නේ මැට්ටෝ හිහි
ReplyDeleteඒක ඇත්ත එත් නිකමටවත් තෑගි දේවිද කියල හිතුවා.
Deleteහොඳින් බැරි නම් නරකින් හරි උඹලා තෑගි ගත්තනේ . ඒකම මදෑ බං සතුටුවෙන්න .
ReplyDeleteඊගාව කොටසකුත් තියනවාය කියන්නේ . මොකක්ද අප්පා ඒකේ උනේ උඹලා තෑග්ග ගත්තු බව අනිවා අරුන් දැනග්න්න ඇති
තෑග්ග අරගත්තා ඊටපස්සේ අයෙත් වලි.. හපෝ එහෙම කෑමක්...
Deleteහපෝ උඹලා කරලා තියෙන වැඩ,,,,,
ReplyDeleteඇයි බං අපිට කරපු වැඩ ගැන හිතපන්කෝ..
Deleteදැනුයිනෙ සටන පටන් ගන්න යන්නෙ.ගුටි කන්නද මන්ද ඊළඟ මෙහෙයුම.හික්..බලමුකෝ ඊළඟ කොටසින්...
ReplyDeleteද්වන්ද සටන තව සුළු මොහොතකින්..
Deleteඊළඟ කොටස එනකන් බලාගෙන ඉන්නෙ ...
ReplyDeleteතව දවස් දෙකක් ඉන්නකෝ..
Deleteඅපොයි දෙයියනේ කරලා තියෙන වැඩ....නම අසරණයා වුනාට බ්ලොග් එකේ...අදමයි ආවෙ මාත් මේ පැත්තෙ...
ReplyDeleteසා ආදරයෙන් පිලි ගන්නවා.අපි කලේ නැහැ මොනවත් චමිල්ලනේ අපිට රිදෙවුවේ.
Deleteඅපොයි අසාර්.. ඔයාලා නම් හරිම පෝරිසාදයො ටිකක්...
ReplyDeleteඅපෝ එහෙම නැහැ.වෙන කරන්න දියක් තැනි කමට අපි එහෙම දේවල් කලේ.
Deleteහොඳම පරාජිතයාටවත් තෑගි දුන්නා නම් නේද... මක් කොරන්නෙයි ඉතින්! මේක මහ අසාධාරණ ලෝකයක් බං ! කොලුකමට ඔහොම වැඩ වෙන්නැත්තම් තමයි පුදුමේ!
ReplyDeleteබොක්ෂින් වලනම් හොඳම පරජිතයට තෑගි දෙනවා.අපි හිතුවේ අපිටත් දෙයි කියල මචං..
Delete:D අයියත් කරලා තියෙන වැඩ.. ඉතින් ඊට පස්සෙ..
ReplyDeleteකතාව ලියද්දි රසය වැඩිවෙන්න උපකාර කරගෙන තියෙන රටාවනම් ගොඩක් ලස්සනයි..
ජය වේ..!!
ඉතිරි කොටස ඉක්මනට ඕනෝ.. :D
ස්තුතියි නංගි ඇගයීමට.අලුත් කතාව දැම්මා.
Deleteලස්සන පරිසරයක් මැවෙනවා මේ කතාව බලද්දි මගෙ හිතේ. ඔයාට සුභ පැතුම්.
ReplyDeleteස්තුතියි සහෝදරි.සාදරයෙන් පිළිගන්නවා සරණක් වෙන්න ආපු එකට..
Deleteඇත්තට ම අපි ගත කල හොඳ ම කාලය අපේ පාසල් කාලය ම තමයි.. කාලෙකින් මේ පැත්තේ ආවේ..
ReplyDeleteඔව් මචං ඒ කාලේ ගැන මතක් කර කර හිනා වෙන්න විතරයි පුළුවන්.
Deleteලියලා තියන විදිය ලස්සනයි. කියවගන යන්ට ආසා හිතෙනවා. :))
ReplyDeleteස්තුතියි දිරිගැන්වීමට.
Delete