.
ඔහුගේ නම රුවන් චාමර.රුවන් අපේ ඉස්කෝලෙට ආවේ වෙනත් කනිෂ්ඨ විද්‍යාලයකින් 6 වසරට.රුවන් මගේ පන්තියට වැටුනේ 7 වසරේදී.ඒ කාලේ ඉඳල ටිකක් කම්මැලි කොල්ලෙක්.කරාටේ ධම්මිකගේ ප්‍රශ්න වලදී මෙයා අපේ පන්තියේ හිටියේ.ඒ කලේ රුවන් පන්තියේ හිටියේ හරියට දැන් ඉන්න වෛද්‍ය ඇමති වගේ.හොඳත් නැහැ නරකත් නැහැ.(පතෝලා වගේ).රුවන්ට ඒ කාලේ පෙට්ටියා කියන නමින් අපි කතාකලේ.ඒත් තවත් පෙට්ටියෙක් හිටියා.ඌට කිවුවේ පෙට්ටි තුෂාර. නම තුෂාර මුණ පෙට්ටියක් වගේ. අපේ පෙට්ටියගේ මූණ පෙට්ටියක් වගේ නෙවෙයි උලක් වගේ.ඒත් අපි කතාකලේ පෙට්ටියා කියල.හේතුව දැනගත්තේ ගොඩාක් පස්සේ කාලේක.රුවන්ගේ අක්කා යාළු කොල්ලට කියන්නේ පෙට්ටියා කියලා. ඒ පෙට්ටි කඩයක් තියෙන නිසා. මාර ගහක් යට අඹ ගහක් යට තිබුණු කඩයක් නෙවෙයි හංදියක තිබුණු සාමාන්‍ය කඩයක්.ඔහු හොඳ වියාපරිකයෙක්.ඒත් කොහෙවත් හිටපු අපේ රුවන්ට පෙට්ටියා කියල නම වැටුණු විදිය ගැන හිතත්දී හරි දුකයි.
8 වසරේ ආවසානය 9 මුල් කාලේ වගේ වෙනකම් පන්තියේ අවසාන දහ දෙනා අතරේ තිබුණු කරට කර තරඟයේ මාත් එක්කම රුවනුත් හිටියා.ඉන්ද්‍රානි මිස්ගේ වචන වලින් පස්සේ මම ටික ටික ඉස්සරහාට ආවත් රුවන් තවමත් හොඳ සටනක හිටියේ ඒ ස්ථානය රැකගෙන.මොනවා හරි වැරැද්දකට ගුටි වැදෙද්දී ගෑණු ළමයි ඉස්සරහ වුනාත් කිසි විලි ලැජ්ජාවක් නැතිව අඬන්න හැකියාවක් තිබුණු කෙනෙක්.කාලයක් පෙට්ටියගේ අම්මා අපේ පන්තියට ආවා පෙට්ටියා ඉස්කෝලේ එන දවස් ගානට වඩා වැඩි කාලයක්.එක්කෝ මොනවා හරි වැරද්දක් කරලා ඉස්කෝලෙන් එන්න කියනවා නැත්නම් පෙට්ටියා ඉස්කෝලේ එන්නේ නැහැ කියන්න අම්මා ඉස්කෝලේ එනවා.
පෙට්ටියගේ අක්කා හැම අතින්ම දක්ෂ කෙනෙක්.ඒත් ඇයගේම මල්ලි වුනු පෙට්ටියා කිසි වැඩක් කරනේ නැති එකෙක්.එදා ඉරිදා දවසෙත් අම්ම පෙට්ටියට කෑ ගැහුවේ පොතක පතක මොනවා හරි දෙයක් කරන්න පාඩම් කරන්න කියලා. කියවීමට කිසි ආසාවක් නැති රුවන් කරන්නේ ගහකට නගින එක නැත්නම් දුවන එක.එදා ඉරිදා දවසේ අම්මා කෑ ගැහුවේ මොනවා හරි පාඩම් කරන්න කියලයි.කලින් දවසේ අසල් වැසියෙකුගේ ගෙදර තිබුණු තොවිලයක් බලන්න ගිහින් ගෙදර ඇවිත් තිබුනේ පාන්දර. වෙලාව උදේ 11.30 වගේ.එදත් සුපුරුදු පරිදි රුවන් ගේ වටේ දිවුවේ අම්මා එළවපු නිසා. ඒත් හිටි හැටියේම රුවන් නොපෙනි ගියේ අම්මටවත් හිතාගන්න බැරි විදියට.රුවන් හින්දා වට දෙකක් ගේ වටේ දුවපු රුවන්ගේ අම්මා වට පිටාවටම ඇහෙන්න කෑ ගැහුවේ ආයේ ගෙදෙර එන්න එපා කියලා කේන්තියෙන් .හැම දාම මෙහෙම කෑ ගැහුවත් දවල් කෑමට නැත්නම් අක්කා ගෙදර එන වෙලාවට කලින් ගෙදර එනවා.
එදා දවස ඒ අම්මා හිතපු නැති දෙයක් වුනේ.රුවන් ගෙදර ආවේ නැහැ.කන්දක් මුදුනක වගේ තිබුණු ගෙවල් සමූහයක ගෙදරක හිටපු රුවන්ලා වටේම මිනිස්සු හොඳට දන්නවා.අම්මා දන්න දන්න හැම ගෙයක් ගෙයක් ගානේ ගිහින් හෙවුවා.ඒ කිසිම තැනකින් කිසිම හෝඩුවාවක් ආවේ නැහැ.රුවන් නගින ගස් වටේ ගිහින් රුවන්ව හෙවුවේ ගහකට නගිද්දීවත් අනතුරක් වත් වෙලාද කියල දැනගන්න.වටේම ඉන්න තරුණ මහළු හැමෝම රුවන්ලාගේ ගෙදර.නෑදෑයෝ පිරිලා හුල්ලනවා.කරන්න කිසි දෙයක් නැහැ.කවදාවත් මෙහෙම තනියෙන් යන්නේ නැති කෙනෙක්.වටේ දිවුවත් ගේ අහල පහල විතරක් දුවපු රුවන් ගැන හැමෝම කම්පා වුනා.
රුවන්ගේ ගමට ගම් කිහිපයකට එහායින් තියෙන නිධානයක් ගන්න පොඩි ළමයි අරන් යන කතාවකුත් ඒ වෙලාවේ හිටපු වැඩිහිටියෙක් මතක් කළා.මේ සියල්ලම ඇහෙද්දී රුවන්ලාගේ අම්මා විලාප දුන්නේ අවට හිටපු සියල්ලන්ම කම්පාවට පත්කරමින්.වෙලාව තුනහමාර විතර වෙනකම් ගස්,ගල් යට ,යාළුවොන්ගේ ගෙවල් වල හැම තැනම සෙවුවත් කිසිම හෝඩුවාවක් හොයාගන්න ඒ අසරණ අම්මට බරිචුනා.ඒ වෙද්දී අක්කා ගෙදර ආවේ පංති අරන් ගියපු පොත් ටිකත් කුඩයත් පාරේ විසි කරලා විලාප තියාගෙන.ඒ වෙද්දී ඇය දැනගෙන නැහැ සිද්දිය.ගේ වටේ සෙනග පිරිලා ඒ මිනිසුන්ගේ මුහුණූ ශෝකෙන් පිරිලා ඒ අතරේ අම්මා අඬනවා ඒ සියල්ලම නිසා රුවන්ගේ අක්කාට දැනිල තියෙන්නේ සිදු වූ දෙයට වඩා සෝචනීය සිදුවීමක්.
මේ සියල්ලම මෙසේ වෙද්දී එතනට ආවේ "සප්සේ බඩා කිලාලේ" චිත්‍ර පටියේ ශාරුක් පැදපු හැඩල් එක නැවිච්ච පිටි පස්සේ හේත්තු වෙන්න කෑල්ලක් තියෙන දිග මෝටසයිකලයක් වගේ එකක වෙන කවුරුවත් නෙවෙයි ඔරිජිනල් පෙට්ටියා.ඒ අක්කා උදේ පංති ගිහින් හරියට ඉගනගත්තාදැයි සොයා බැලීමට.වටේ ඉන්න කිහිප දෙනෙක්ගෙන් සිදු වූ දේ කණ වැටුණු ගමන ගියේ මිදුලේ කොනට වෙන්න තිබුණු අතු තියෙන අඹ ගහ තරණය කිරීමට.ඒ දිග ඒරියල් එකක් තියෙන ඒ කාලේ හැමෝටම මැජික් එකක් වෙලා තිබුණු ජංගම දුරකතනයට සිග්නල් හොයාගන්න. ඒ වෙද්දීත් හැමෝටම අමතා වෙලා තිබුණු පොලිසිය දැනුවත් කිරීම ඔහු විසින් සිහි පත්කලා.
පැයක වගේ කාලයකින් පොලිසියේ දෙන්නෙක් ආවේ මැරතන් එකක් දුවපු දෙන්නෙක් වගේ.දාඩිය දාගෙන මහන්සියට දිව දොට්ට දාගෙන.රාජකාරිය පැත්තක තියලා පුටු දෙකක් ඉල්ලං වාඩිවුණේ කන්ද නැග්ගට වඩා බයිසිකලයකුත් තල්ලු කරන් ආපු ඒ මහන්සිය නිසා.ආදුනික පොලිස් නිලදරියන් දෙදෙනෙක් වූ ඒ රාළහාමිලා අයෙත් ගියේ සැක කවුරුවත් ඉන්නවද?තරහා කාරයෝ කවුරුවත් ඉන්නවද?මොනවා හරි තොරතුරක් ලැබුනොත් පොලිසිය දැනුවත් කරන්න අපිත් පරීක්ෂණ පටන්ගෙන තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ කියල ලොකු විස්තරයක් කියල.ගමේ වයසක කිහිප දෙනෙක් නම් කතා වුනේ ගමේ ග්‍රාමසේවක ආවනම් මිට වඩා හොඳයි කියලා.
තව කිහිප දෙනෙක් කතා වුනේ කලින් දවසේ තිබුණු බලි තොවිලේ ගැන.රුවනුත් එදා එතන හිටියා තනිකම් දෝසයක් භූත දෙසයක්වත් නිසා මොනවා හරි කරදරයක් වුනාද දන්නේ නැහැ.තොවිලේ වෙලාවේ කුකුලගේ ලේ ගන්න වෙලෙත් මෙය හිටියේ පෙරේත තටුව ලඟමනේ.එහෙම ඉඳල රෑ තුනට විතර තනියෙම ගෙදර ඇවිල්ලා තියෙන්නේ.වයසක තවත් කීප දෙනෙක් එහෙම සිද්දිය විස්තර කලේ රුවනට සිදුවුණා දේ අනුමාන කරමින්."පන්සලේ හමුදුරුවන්ටවත් කියල පිරිත් ටිකක් කියෙවුවත් මොකද"?ඒ රුවන්ලාගේ මාමා.පිරිත් කියන්නත් රුවන් හොයාගෙන ඉන්න එපයි.
මෙතෙක් වෙලා හැම දෙයක් ගැනම හොයා බලපු රුවන්ගේ මාමාත් අඩන්නට පටන් ගත්තා."මගේ දරුවෙක් වගේ මම ඌව බල ගත්තේ පවුලේ හැමෝම මූට ලෙන්ගතුයි අද උදෙත් මට කතා කරලා ගියේ එහෙවු එකාට මොකද මේ වුනේ....." පිරිසක් මැද්දේ පිරිමියෙක් අඬන දේ කොහොමත් දරාගන්න අමාරුයි කිහිප දෙනෙන් ඔහුව සනසන්න උත්සහ කලත් දුක තුනී වෙනකන්ම රුවන්ගේ මාමා හොඳටම ඇඩුවා.රුවන්ගේ අම්මා අක්කා ,මාමා මේ සියල්ලම අඬන දිහා එතන සියල්ලන්ම බලන හිටියේ දරාගන්න බැරි දුකකින්.ඒ වෙද්දී කැලේ පැත්ත බලන්න ගියපු ගමේ තරුණයොත් ආයෙත් ආවේ කිසිම හෝඩුවාවක් නැතිව.
ඒ වෙද්දී හවස 5 විතර ආපු කිහිප දෙනෙක් අයෙත් ගෙවල් වලට යන්න ගිහිං නැදෑයෝ ටික දෙනෙක් තවමත් පොලිසියෙන් තොරතුරක් ලැබෙනකන් රුවන්ගේ ගුණ කතා කියනවා.ඔරිජිනල් පෙට්ටියත් අක්කා ළඟටම වෙලා අක්කව සනසනවා.රුවන්ගේ මාමා හිටපු තැනින් නැගිට්ටේ හිටපන් මම උඹව තියන්නේ නැහැ කියාගෙන විදුලි වේගයෙන්.සියල්ලන්ම එකී නෙකාගේ මුණ දිහා බැලුවා.හවස 5.30 විතර වෙලා ගොම්මන් වෙලාව මිදුලේ හිටපු හැමෝම ගේ අතුල දිහා බැලුවේ මාමා ඒ පැත්තට යනවා දැකපු නිසා.ඔලුව දිගට බේරෙන මකුණු දැල් එක්ක කබ කඩ කඩා උළුවස්සෙන් ඉස්සරහට ආවේ රුවන් චාමර.ඒ එක්කම ඔරිජිනල් පෙට්ටියා කෙලින්ම දිවුවේ පොලිසියට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න.හවස් වරුවේ වුනු කිසි දෙයක් නොදත් රුවන් බයවෙලා ගේ පිරෙන්න මිනිසු හිටපු නිසා.රුවන් පස්සේ විස්තරේ කල සිද්දිය .රුවන්ගේ අම්මා එළවන් එද්දී අක්කගේ ඇඳ යටට රිංගල කලින් දවසේ හරියට නින්දක් නැති නිසා රුවන්ට එහෙම්මම ඇඳ යට නින්ද ගිහිල්ලා.
ඉංග්‍රීසි මිස් කිවුවේ "අන්ඩ ද බෙට්" කියාය. ඒත් අපි කිවුවේ "ඇඳ යට මහත්තයා" කියාය.ඌත් කැමති සිංහලෙන් කියනවට මොකද මහත්තයා කියලා කැල්ලක් තියෙන නිසා.
ප.ලි: මං දැක්කා වගේ කිවුවට අපේ පන්තියේ හිටපු ලක්ෂාන් තමයි ඉස්කෝලේ ඇවිත් ගිනි තිබ්බේ.නම් ගම් සියල්ල සත්‍යයි..
~~අසර්~~
ඉතින් හම්බුනාද ගුටි පූජාවක් අර ඔක්කොටමත් එක්ක.... කට්ටිය අඬපු හැටි කියවපු ඒවා මිනිහට අහගෙන ඉන්න පුළුවන් උනානම් පොරට ආඩම්බර හිතෙන්නත් තිබ්බ....
ReplyDeleteඕව් මිනිහා වෙනුවෙන් මිනිස්සු දුක් වුනු එක ගනමන් මිනිහට ආඩම්බර හෙතෙන්න ඇති.ඒත් වටේ හිටපු නෑදැයෝ කියපුවා ඇහුවම මොනවා හිතුනද කියලනම් දන්නේ නැහැ.හික්ස්..
Deleteහික්ස්ස්ස් මූත් මාර ඇම්ඩෙක්නේ,,,,
ReplyDeleteහැමදාම එහමයිලු එදා හැබැයි නින්ද ගිහිල්ල.
Deleteහැහ් හැහ් හැහ්.... හොදයි වෙච්චදේ. වැරදිලාවත් මූ ගේම ඉල්ලල ඇදයට හිටියනං හොදට කෑමකුත් සෙට්වෙන්න තිබුන. ආ... මමත් මොනව කියනවද මංද අතීත කාලයෙන්.
ReplyDeleteඌ වෙලාවට එලියට ආවේ.නැත්නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ.අම්මගෙන් විතරයිලු ගුටි කෑවේ..
Deleteහප්පේ මදැයි ඔයින් ගියා... මමත් බය වුණා.. :DD
ReplyDeleteඔයා බය වුනේ නිධානෙ ගන්න බිලිදුන්න කියල හිතලද? ඔයා අතුරුදහන් වෙලා හිටියනේ පහුගිය ටිකේ මම හිතුවේ මේ දවස්වල තියෙන රස්නේ නිසා අයිස් දියවෙලා කියල.
Deleteඇඳ යට මහත්තයත් කරල තියෙන වැඩක්.කට්ටියව අඩවපුවටත් හරියන්න පස්සේ හොඳ ගුටි වරුසාවක් හම්බවෙන්න ඇති නේද..
ReplyDeleteඅම්මගෙන් විතරයි ගුටි ලැබිල තියෙන්නේ.ඒත් අක්කගෙනුයි ඔරිජිනල් පෙට්ටියගෙනුයි මොනවා ලැබුනද කියල තවමත් කවුරුවත් දන්නේ නැහැ.
Deleteඅයියෙ ඊට පස්සෙ රුවන් ස්කෝලෙ ආවැයි...?
ReplyDeleteඕව් ඕව් ඌට ලැජ්ජාවක් නැහැ.කාලයක් යනකන්ම ඉතිං ඌව නැතිවෙන්නම නොන්ඩි දැම්මා.
Deleteඇඳ යට නින්ද ගිහින් නේද....හොඳ නිදිකිරා පොරක් වෙන්න ඇති...හරි සෝක් කතාව..
ReplyDeleteඕව් කලින් දවසේ තොවිලයක් බලන්න ගිහින්නේ ඉතිං එහෙම්මම නින්ද ගිහිල්ල ........
Deleteඌට දැන්වත් කණක් ඇහිල ඉන්න දෙනවද යාළුවො ?
ReplyDeleteදැන් ඌ රණවිරුවෙක් ඉස්කෝලේ කාලෙන් පස්සේ දැක්කෙම නැහැ.පව් මොනවා වුනාත් අහිංසක කොල්ලා.
Deleteමරු වැඩේ ඌට වෙලා තියෙන්නේ.. ඒත් මාමා කොහොමද බන් එක පාරටම ඌ ඉන්න තැන දැනගත්තේ..
ReplyDeleteමටත් මෙන්න මේ ප්‍රශ්නෙ මතු උනා කතාව කියවනකොට .
Deleteමාමා වාඩිවෙලා හිටපු තැනට වෙන්නැති ඉස්සල්ලම අරූ කබ කඩ කඩා එනව පේන්න ඇත්තෙ....
Delete@සෙනා ,ගිම්හානි = රුවන් නැගිටලා එද්දී මාමා දැකල ගේ ඇතුලේ ඉඳං එනවා.
Deleteමියුරු = මාමා හිටපු තැනට ගේ අතුල හොඳට පේනවා.
කතාව නම් එල. හැබැයි මාතෘකාව නම් තේරුනේ නෑ ඔන්න
ReplyDeleteතේරුනේ නැහැ වගේද?මොකද ඉගනගන්න කියල වැඩ කරන වෙදානවා නිසානේ මේ යකා අතුරුදහන් වුනේ.
Deleteඔය කතාව පත්තරේක දැම්ම ද ?
ReplyDeleteපත්තරේක ඔහොම කතාවක් තිබුණ වගේ මතකයි. :O
මමනම් දැම්මේ නැහැ.ඒත් මේ කතාව සිද්ද වුනේ 1999 අවුරුද්දේ.අපේ ගමෙත් ඉන්නවා පත්තර වලට ළිපි ලියන කෙනෙක්.
Deletekiyawagena yaddi mata hithune yaaluwa marenna ati kiyala.....mechchara keliyak wenakan aathal eke nida ganna mu yakekkne....
ReplyDeleteපැය 7 ක් විතර නින්ද ගිහිල්ලා.කලින් දවසේ නිදිමරලානේ ඉඳල තියෙන්නේ..
Deleteමාර වැඩේ! බලං සිද්ධි ටික! ගේ ඇතුලෙ හොයන්නෙ නැතුය රට වටෝ හොයලනේ! හැමෝම කරන්නෙ ඕක තමයි!
ReplyDeleteගේ ඇතුලේ ඉඳීවි කියල හිතන්නේ නැහැ.මොකද පැය කියාක්ද කොහේ හිටියාත් හවස අක්කා ගෙදර එන්න කලින් එනවා.
Deleteරුවන් චාමර පට්ට ඩයල් එකක්නෙ බොල....
ReplyDeleteඕව් උගේ කතා ගොඩාක් තියෙනවා එත පොස්ට් දාන්න තරම් මට කරුණු මතක නැහැ.
Deleteමේ අසර් ඔයා වෙන කෙනෙක්ගේ නමක් දාලා කිව්වේ ඔයාට වුන දෙයක් නේද.අම්මෝ කියන බොරු..පව් අර රුවන් බ්ලොග් කියවන්නේ නැති නිසා හොදයි...:D...:D:D
ReplyDeleteහෙක් හී.. අපේ අම්මා ඒ කාලේ ඉඳලම දන්නවා මම හැන්ගෙන තැන්.එහෙම නැත්නම් නංගි කෙනෙක් හරි අම්මට මාව පාවල දෙනවා.දුවලානේ මම ඉස්සර බේරුනේ.
Deleteමූත් මරු කොල්ලෙක් නේ. හික්ස් :)
ReplyDeleteඅන්ඩ ද බෙඩ් !
කියලා වැඩක් නැහැ ඌ ගැනනම්..
Deleteඅදහන්න වටින පොරක්නේ.. කොහොමද දවසක් විතර පොරට නින්ද ගියානම්.. ඒක නෙමෙයි අයියේ.. සප්සේ බඩා කිලාඩි එකේ ඉන්නේ ශාරුක් නෙමෙයිනේ...
ReplyDeleteමට මතක නැහැ එකේ හිටිය නළුවාගේ නම.දන්නේ එකම නමයි.නිකන් මාව නොන්ඩි වුනා වගේ.හෙක් හෙක්...
Deleteඅනේ නෑ අයියේ නෝන්ඩි කරන්න හිතන් කිවුවා නෙමෙයි.. මට මතක විදිහට ඒකේ ඉන්නේ අක්ශේ කුමාර්.. මෑන්සුත් ඉතින් හොද නළුවෙක් තමයි..
Deleteනැ නෑ...මම දන්නවා වැරද්දක් නිවැරදි කළා කියල.
Deleteගේ අස්සෙ හොයල බලන්න කියන්න පොලිස් රාලහාමිලටවත් මතක් වෙලා නෑනෙ...
ReplyDeleteආදුනික නිලධාරීන් නේ.ගෙදර මිනිසුන්ව ඕනනේ ගේ අතුල හොයන.
Deleteඅනේ ගොඩාක් දුක හිතුනා අර අක්කා කෑ ගහගෙන ආපු විදිය කියලා තියෙන හරියේදී :(
ReplyDeleteපෙට්ටියත් මාර පොඩි දඟමල්ලක් තමයි
බොරුවටනේ කට්ටිය කලබල වෙලා තියෙන්නේ.පෙට්ටියා ඇඳේ නිදගන්නවට වැඩ සැපෙන් ඇඳ යට නිදාගෙන.
Deleteඌ දඟ කොල්ලෙක් නෙවෙයි.ටිකක් කම්මැලියෙක්.
පට්ට ඩයල් එකක්නේ.... හී හී.... මටත් මාතෘකාව අවුල් වගේ
ReplyDeleteඌ නම් පට්ට.ඉස්කෝලෙත් ඔයවගේ වැඩ කරාල තියෙනවා.මාතෘකාව නිකන් ගැලපෙන්නේ නැහැ වගේද?
Deleteහික් හික්..අයියෝ මට ටොම් සෝයර් ව මතක් උනා..නියම බඩුවක්නේ රුවන් චාමර
ReplyDeleteහික්... රුවන් ඇඳ යට මහත්තයා පවු මොනවත් කියන්න එපා.
Deleteහොද වෙලාවට ඌ ඒ වෙලාවේ හරි නැගිට්ටේ,
ReplyDeleteඕව් ඕව් ඊළඟ දවසේ උදේ වෙනකං එහෙම්මම නිදගත්තනම් මොනවයින් මොනවා වෙයි ද?
Deleteඇද යට මහත්තයා... හයියෝ හයියෝ....
ReplyDeleteමරුවට තියෙන්න ඇති නේද ඔර්ජිනල් පෙට්ටියා බයික් එකේ එද්දි?? හිකිස්ස්... කොහොමහරි ඔයින්ගියා මැදැයි...:D
මාතෘකාවනම් මටත් අවුල්...
ඌ ලස්සනයිලු ඒ බයිසිකලේ එද්දී..කාටවත් කරදරයක් නැති අහිංසක රුවන්ටමනේ හැම දෙයක්ම වෙන්නේ..
Deleteඅන්ඩ ද බෙඩ් නෙවේ බං මේකගෙ අඩු කඩන්න තිබ්බේ...
ReplyDelete//පෙට්ටියගේ අම්මා අපේ පන්තියට ආවා පෙට්ටියා ඉස්කෝලේ එන දවස් ගානට වඩා වැඩි කාලයක්//
අපෙත් මෙහෙම එවුන් හිටිය..
ඔය එකෙක්ගේ අම්මා කෙනෙක් විතරයි. තව හිටියා හිටියා අම්මා විතරක් ඉස්කෝලේ එන සෙට් එකක්..
Deleteඅඩේ අම්මලාට යුනිෆෝම් දෙන්න තිබ්බේ.. සිරා මචං.. මැවිල පේනවා..
Delete:D මදැයි.. "පාඩම් කරන්න" කියන තිත්ත කෂාය අහන්න වෙන දෙයින් හැංගුණාට වුණ හරියක්..!
ReplyDeleteඉතින් හොඳම යාළුවව හොයන්න අයියා උදව්වට ගියෙ නැතිද.. :P මටත් හිතුණෙ නම වෙනස් කලත් අයියටම පාත් වුණ දේවාලයක් කියලා.. :D (විහිළුක් හොඳේ)
අපේ ගෙදර ඉඳල ගොඩාක් දුර රුවන් ඉන්නේ මට යන්න වුනේ නැහැ...හෙක්..මට නෙවෙයි පෙට්ටියා කියන්නේ.
Deleteමාර පොරක්නෙ...කට්ටිය පිස්සු නටද්දි මූ චූන් ඒකෙ නිදි...
ReplyDeleteසාමාන්‍යන් නිදාගන්න ගියාම කන ලඟින් පෙරහරක් ගියාත් නැගිටින්නේ නැහැ ලු.
Deleteහපෝයි... අපරාදේ අනේ එවෙලෙ නැගිට්ටේ රෑට කට්ටියම නිදාගත්තට පස්සෙ හොරෙන්ම ඇඳට ඇවිත් නිදා ගන්නයි තිබුණේ... ගමේම මිනිස්සු බය කරලා ලේසි පාසු වැඩක්යැ කරලා තියෙන්නෙ... :)))
ReplyDeleteගමක් කම්පාවට පත්කල රුවන්ගේ නින්ද අදහන්න වටිනවා.
Deleteමූට යකාගේ නින්දක්නේ ගිහින් තියෙන්නෙ, මෙච්චර මේ ගමේ මිනිස්සු ගෙදරට ඇවිල්ලා ඉද්දිත්!
ReplyDeleteකලින් දවසේ නිදාගත්තේ නැති නිසා වෙන්නත් ඇති.හැබැයි පොඩ්ඩක් කම්මැලියා.
Deleteමෙච්චර මිනිස්සු ගොඩක් ගෙදර ඉඳන් අඬන කතාබහ කරන සද්දෙටවත් ඇහැරුනෙ නෑ කියන්නෙ ඒක පුදුම නින්දක්නෙ.
ReplyDeleteකොහොම උනත් බලාගෙන හිටියා වගෙ ලස්සනට කතාව කියල තිබ්බ හින්දා මං හිතුවෙ ඇත්තටම අසර් ඒ වෙලාවෙ එතන හිටියා කියලා :)))
ඌ කොහොමත් කම්මැලියා නිදාගන්න ගියහම මෙලෝ සිහියක් නැති එකෙක් ලු.රුවන්ලාගේ ගෙවල් ළඟ කෙනෙක් ඇවිත් අපිට කිවුවේ.මේ උගේ වචනවලින් ලියල දැම්මා.
Deleteඅපෝ මෙයාවනම් තියන්න වටින්නෙ නැහැ.මාර කොල්ලෙක්.තව ටිකෙන් මමත් දානයක් දෙනවා.හි හි හී..
ReplyDeleteඌ අතුරුදහන් වුන නිසා පින් පිණිසද?
Deleteමම හිතුවෙම ගෙදරින් ගිය වෙලාවෙ මොනා හරි කරදරයක් වෙලා කියලා.:)
Deleteඅන්ඩද බෙට්...එක මරු.....
ReplyDeleteගමේ මිනිස්සු එකතු වෙලා ඌට තඩි බෑවෙ නැති එක තමා පුදුමෙ
ගමටම හරියන්න අම්මයි අක්කයි දෙන්න ඇති වැඩේ.එත ආරංචි වුනේ අම්මා ගැහුවා කියල විතරයි.
Deleteඅපේ උන් සෙට් එකක් හිටියා ඔහොම මල ගෙවල් වල එහෙම ගිහින් නිදිවරලා ඇවිත් නිදියන්නෙ එක ගෙදරක.. අම්මලා තාත්තලා නැති තමන්ගෙ ළමයි නැති උනොත් මුලින්ම හොයන්නෙ මේ ගෙදර..ඊට පසෙ තමයි වෙන තැන් වල සොයන්නෙ..
ReplyDeleteඒ කාලේ ඉතින් අපි පොඩි වුන් නිසා එහෙම සෙට් වෙන්නේ නැහැ.වැඩේ කියන්නේ මහා දවල්නේ වුනේ මේ සිද්දිය.
Deleteඅපොයි කතාවෙ අන්තිම වෙනකල් මං හිතුවෙ රුවනා ඉවරයි තමා කියලා...
ReplyDeleteගමේ මිනිස්සුත් හිතන හිතියේ නිදනේ ගැන කතාව. හෙක්ස්...
Deleteඅැඳ යට හරි සනීපෙට තියෙන්නැති නේ :D :D
ReplyDeleteඇඳට වැඩ සනීපෙට නින්ද යන්න ඇති එලිය වැටෙන්නෙත් නැහැ නේ..
Deleteහපොයි..
ReplyDeleteමාතෘකාව බලලා කියවගෙන යනකොට මම හිතුවෙම මේක බිල්ලට දීල කියලා...
ගමේ වුනුත් හිතුවේ මේ නිදි කුම්බරය බිල්ලටවත් අරගෙනද කියලා.
Deleteහපොයි....මාතෘකාව දැක්කම බයත් හිතුනා.......
ReplyDeleteඅම්මගේ වදේනේ පාඩම් වැඩ කරන්න කියලා.
Deleteදන්න කියන චරිත මේවා... සමහරු මම ඉන්න රටෙත් ඉන්නවා
ReplyDeleteරුවන් චාමර වගේ ඇඳ යට නිදාගත්තු එකෙක් .පරිස්සම් වෙයං
Deleteඇඳ යට මහත්තය!
ReplyDeleteමරු නම :p
රෙද්ද අස්සේ මහත්තය වගේ!:D
හෙක්.. සිරාවට ලස්සන නම මල අතේ අරන් දුවන්නේ..
Deleteදැන් ඔය රුවන් කියන හාදය ඉස්කෝලේ ඇවිල්ලා , අයි ඉස්කෝලෙන් අයින් වෙනකන්ම බයිට් වේවි ඉන්න ඇති සුවර් එකටම..
ReplyDeleteකාලයක් යද්දී රුවන් කිවුවට ගණන ගන්නෙවත් නැහැ.ඌ හිතන්නේ වෙනත් කාට හරි කියන්නේ කියල.එච්චරට නම රෙජිස්ටෙර් වුනා.
Delete