22 Mar 2012

අම්මගේ පරිප්පු හොද්ද හා මගේ තිත්ත පැටියා.

                                


                                    එදා ඉරිදා දවසක් උදේ ඉඳල ගෙදර හිටියේ අම්මයි මමයි විතරයි. ඉරිදා දහම්පාසල් යන්න තිබ්බත් උදෙන්ම බොරු ලෙඩක් අරන් ගෙදර නැවතුනේ දහම්පාසැල් ගියාට මගේ හිතට කිසි ගතියක් දැනුනේ නැති නිසා.දහම්පාසෙලේ ඉන්න කොල්ලෝ අපේ ගමේ වුනාට මම උන්ව වැඩිය අඳුරන්නේ නැහැ.උන් මාව ගනන්ගන්නෙත් නැහැ මම අලුත් කෙනෙක් නිසාත් වෙනත් ඉස්කෝලෙක ඉන්න නිසාත්.

කුකුළා නැතිවුනාට පස්සේ මම ආයෙත් තනි වුනා.ගෙදරට  හුරතල් සතෙක් ගෙන්න කියලා ඉල්ලුවත් කිසිම සතෙක් මට ලැබුනේ නැහැ.ඒ වෙද්දී මාළුවන්ට කැමැත්තෙන් හිටපු මම මාළු ටැංකියක් ඉල්ලලා කරදර කරත් කූඩු වල දාලා ඇතිකරන, ටැංකි වල ඇතිකරන, සත්තුන්ට අපේ ගෙදරින් කිසි අවසරයක්  ලැබුනේ නැ.වටේ ගෙවල්වල ඇති කරන ගිරවු සැළලිහිණි වගේ සතුන් අපේ ගෙදර ඇතිකරන්න කිසි අවසරයක් නැති නිසා මම කෑම අරගෙන ඒ ගෙවල් වලට ගිහින් වුන්ට කෑම දෙනවා.අහල පහල ගැට ගහල තියෙන වහු පැටියෙක් එතනින් ලිහාගෙන ඇවිල්ල අපේ වත්තේ ගැට ගහන්නේ කිසිම හුරතෙලෙක් නැති මට හරක් පැටියෙක්වත් ඇති කරන්න හිතාගෙන.ගමේ කොහේ හෝ වසු පැටියෙක් නැති වුනාත්  හරක් අයිති කාරයෝ කෙලින්ම එන්නේ අපේ ගෙදර වත්තේ බලන්න. ඒ තරම් වැඩේ දරුණු වුනා.

ඉස්කෝලේ ගිහිං ආවගමන් මම ගේ ඉස්සරහ තියෙන පොඩි ලඳු කැලෙට යන්නේ ගහක් බඩගාල ලේන් කුඩුවක්වත් තියෙනවද කියල බලන්න.හදිස්සියෙවත් පැටවූ හිටියොත් එකෙක් කුඩුවේ තියල අනිත් එකාව අරන් එන්නේ ඒ ලේන් අම්මා ගැන හිතලා මොකද පැටවූ දෙන්නම නැති වුනාට වඩා එකෙක් ඉන්න එක ගැන ඒ ලේන් අම්මට සතුටු වෙන්න පුළුවන් නිසා.එත් අපේ අම්මා මං ගැන  නොහිතා ඒ පැටියා ආයෙත් ඒ කුඩුව ළඟටම ගිහිං දානවා.  මට ඒ වෙද්දී අක්කාගේ සෙල්ලම් ගෙදර මුරකාරයගේ චරිතේ කරලා ඇති වෙලා තිබුනේ.ඉතින් මම පුළුවන් තරම් අක්කට නොපෙනෙන්න තමයි  හිටියේ.ඒ වෙද්දී සුරතල් සතෙක් ගෙදර ඇතිකරන්න ගත්තු හැම උත්සාහයක්ම  සාර්ථක වුනේ නැහැ.

අගෝස්තු මාසේ නිසා අපේ පළාතට හොඳටම පායනවා.ගඟේ වැල්ලත් පෑදිලා.ගඟේ වතුර අඩු නිසා කිසි අවසරයක් නැතිව ගඟට යන්න පුළුවන් කමක් තිබුනා.ගඟ ඉස්සරහම අපේ ගේ තිබුනාත් මම වතුර වැඩි කාලෙට ගඟ ළඟටවත් යන්නේ නැහැ.මාළු ටැංකියට ආසාවේ උපරිමයේම හිටපු මම ගඟේ ඉන්න මාළු දිහා බලාගෙන ඉන්න තරම් ආසා කලා.මාළුවෙක් අල්ලන්න ගියාත් අහුවෙන්නේ ඉස්සෝ.වතුර යට තියෙන කොටන් වතුරෙන් ගොඩට දාපු ගමන් කොට ඇතුලේ ඉන්න ඉස්සෝ එලියට ආවත් කවදාවත් මාළුවෙක් නම් එහෙම ආවේ නැහැ.මාළුවෙක් අල්ලනවනම් දෙන්නෙක්ගේ සහයෝගය ඕනේ.අක්කා ඇඳන් ඉන්න  සාය තමයි සහයෝගයට ගන්නේ. තනියෙන් අල්ලනවනම් කුස්සියෙන් කිරිගොට්ට ගෙන්න වෙනවා.අම්මා කිරිගොට්ට ගන්නවා දැක්කොත් අනිවාර්යෙන් දන්නවා ධීවර වැඩක් කරන්නේ කර අදින බව.එයට දඬුවම වෙන්නේ නිවාස අඩස්සියට පත් වීම.

එදා උදෙන්ම ගඟට බැස්සේ වැල්ලේ වලක් හාරලමායි.වලට වතුර පුරවල ගඟේ මාළුවා ගඟට පොඩ්ඩක් එහායින් තියලා ඇති කරන්න හදන්නේ ගෙදර ගෙනියන්න දෙන්නේ නැති නිසා.ටික වෙලාවකින් ගං කන්ඩිය අතරේ ඉඳල ටිකක් ලොකු තිත්ත පැටියෙක් අල්ලගන්න පුළුවන් වුනා.ඌව අතේ තියාගෙන ටිකක් ඌගේ හැඩ බලල  මමම හදාගත්තු  ටැංකියට ඌව දැම්මා.එදා මට දැනුන සන්තෝසේ මට කුකුළා ලැබුණු දවසේ දැනුනා වගේමයි.

වල වටේ ඌ පිනන දිහා හරි ආසවෙන් බලන් හිටියේ.වටයක් කැරකිලා උඩ පනිනවා. පැනල යන්න තමයි උගේ උත්සාහය.ඒ ගැන මම විශේෂයෙන්ම හිතපු නිසා කලින් සැරේ වගේ නැතිව වල ගැඹුරටම හාරලා වතුර වල භාගෙට පුරවල  තිබුණු නිසා මූ කොච්චර උඩ පැන්නත් යන්නනම් බැහැ.ගෙදර දුවල ගිහිල්ල පාන් කෑල්ලක් බත් ඇට ටිකක් ගෙනත් දැම්මේ කෑම ටිකක්වත් දෙන්න ඕනෑ නිසා.රවුම් කැරකිලා කෑම කාලා මහන්සි නිසා මම පොඩි කොට කැල්ලක් දැම්මේ කම්මැලි හිතුනාම ඌට හැංගෙන්න.


ටිකක් වෙලා බලාන ඉඳල ආයෙත් ගෙදර දුවන්නේ සැරින් සැරේ අම්මට පෙන්න නොහිටියොත් මාව හොයාගෙන අම්මා එන නිසා නැත්නම් ගෙදර ගියපු වෙලාවක ආයෙත් ගෙයින් එලියට එන්න  දෙන්නේ නැ. ඒ වෙලාවේ අම්මා දවල්ට උයමින් හිටියේ.දවල්ට උයනගමන් මට කතාන්දර කියල දෙනවා.ඊලඟ දවසේ දහම් පාසල් නොගියොත් ලොකු හාමුදුරුවන්ට කියනවා කියල මාව බයකරනවා.හැබැයි එදා අම්මා කේන්ති යන කිසි වැරද්දක් මම  කලේ නැහැ.දවල් එකට විතර ආයෙත් දිවුවේ වැල්ලේ ටැංකිය වෙතට.ඒ යද්දී උදේ පින පින හිටපු මාළුවා සුදු බඩ උඩු පැත්තට හිටින්න ඔළුව පතුලට හිටින විදියට  ටැංකිය වටේටම ඔහේ කැරකි කැරකි හිටියා.කැරපොත්තෙක්,ගෙම්බෙක්,වගේ සතෙක් උඩු බැලිව  හිටියොත් කවදාවත් උන්ට හරි විදියට ඉන්න බැහැ කාගේ හරි උදවුවක් නැතිව.මමත්  ඌව අරගෙන හරි පැත්තට හරවල තියන්න හිතාගෙන ටැංකියට ඇත දැම්මේ මූට උදවුවක් කරන්න. ගඟේ හිටියනම් වෙනත් සහෝදර මාළුවෙක්ගේ හරි ඉස්සෙක්ගේ හරි උදවු තියෙනවා නේ මේ ටැංකියේ කවුරුවත් නැති නිසා මම ඌට උදවුවක් කරන්න දෙපාරක් හිතුවේ නැහැ.අනිත් එක සතෙක්ට උපකාර කිරීම පිංසිද්ද වෙන වැඩක් කියල කලින් දවසක දහම් පාසලේදී කියල දුන්නා. අත  දැම්මට වඩා  වේගයෙන් ආයෙත් ගත්තේ මගේ අතට වේදනාවක් දැනුන නිසා.


ටිකක් වෙලා කල්පනා කරලා බලද්දී තේරුනේ කවුරු හරි මේ ටැංකියට උණු වතුර  දාල නේ කියල.මගේ අත පිච්චුනත් මම මාළුවා කෙලින් කරලා තිබ්බත් ඌ ඉන්නෙම උඩු බැලි අතටමයි.ටිකක් වෙලා කොටේ අස්සේ හිර කරලා  තිබුනත් ටික වෙලාවකින් ආයේ උඩ මතුවෙනවා.කරන්නම දෙයක් නැති තැන මම ඌ අරගෙන අයෙත් ගඟට දැම්මේ හුරු පුරුදු තැන නිසා ඌට සනීප වෙයි කියලා හිතුනු නිසා.එත් ඌ ඉන්නෙම උඩු බැලි අතට.ටිකකින්  තේරුණා අවුවේ රස්ස්නේට ටැංකියේ වතුර රත්වෙලා රස්නේ වැඩි කමට ඌ ටැංකියේම තෑම්බිල මැරිලා කියල.


අමාරුවෙන් අල්ලගත්තු මාළුවා එහෙම ලේසියෙන් ගඟේ පා කරලා යවන්න මට හිතුනේ නැහැ.ඌ අතට අරගෙන උගේ දත් කියක් තියේද වරල් මොනවගේද, පාට කියාක්‌ තියේද,මාළු බිත්තර දාන තැන මොනවගේ ද, කියල සියුම්ව පරික්ෂා කලා.ආයෙත් ඌව ගඟේ ඔබල  අරගෙන උඩ සාක්කුවේ දාගෙන ගෙදර ගියේ නිකන්ම විසිකරන්න ලෝභ හිතුන නිසා.
          
අම්මා ඒ වෙද්දී පරිප්පු වගේ දෙයක් හදනගමන්  හිටියේ.දෙපාරක් තුන්පාරක එහාට මෙහාට ගිහිං වට පිට බලද්දී අම්මා හිතුවේ මට බඩගිනි ඇති කියලා.හොදි එක "උතුරනවානම් කියන්න" කියල අම්මා ගියේ තව ටික වෙලාවකින් ගෙදර හැමෝම එන නිසා කෑම මෙසේ හදන්න වෙන්න ඕනේ.එතෙක් වෙලා සාක්කුවේ හිර කරන් හිටපු මාළුවාව අතට ගත්තේ නිකමටනම් නෙවෙයි.අනිත් අය කන්න කලින් මට කෑම ඕනේ වලදෙ ඉඳල කෙලින්ම පිඟානට බෙදන්න කියල අම්මට කිවුවේ මට අසාධාරණයක් වෙයි කියල බයට.


හොඳ සිරිත් පුරුදු වෙලා හිටපු මම කෑමට පෙර සබන් දා අත හෝදන්න කවදාවත් අමතක කලේ නැහැ.අම්මා  පුරවල දුන්නු වතුර බේසම ළඟ අත හෝදන අතරේදී කුස්සියෙන් ඇහුනේ "ඊඊඊඊඊඊඊයා....."චෙඑඑඑඑඑඉ වගේ සද්දයක්.මම සබන් පිටින්ම කුස්සියට දෙවුවේ මොකක්ද වෙලා තියෙන්නේ කියල දැනගන්න.මොකද ඒ වෙද්දී උණු උණු හොදි එකක්නේ අම්මා බෙදා බෙදා හිටියේ මට ටිකක් බය හිතුනා. මම එතනට ලං වෙද්දීම  මට ලැබුණු ගුටි කිහිපයක් විතරයි."මොකක්ද මෝඩයෝ මේ කලේ.දැන් කොහොමද මේකේ කන්නේ.ජරාවනේ  සම්පුර්ණ හට්ටියම විසිකරන්න වෙනවා ."පරිප්පු එකේ මාළුවෙක්". මම කිවුවත් එකේ ජරාව නැහැ කියල පිළිගත්තෙම නැ.ඌ ඉන්නෙත් ගඟේ වතුරේ සාක්කුවේ දාගන්න කලින් හොඳට හෝදලා දාගත්තේ.ඒත් මට ඒ මාළුවා පිරිසිදුයි කියල ඒත්තු ගන්නවන්න බැරි වුනා.අපිරිසිදුනම් මම ඇඳන් ඉන්න කමියේ අම්මා හරියට හෝදලා නැති වෙන්න ඕනේ.


උඩ සාක්කුවේ මාළුවා  හිටපු නිසා මාළුවාගේ ඉස්ම බේරිලා කමිසේ ගෑවුන දේවල් ඇඟේ ගෑවිලා  මුළු ඇඟම පීලි ගඳයි.එතෙක් වෙලා බඩගින්නේ හිටපු මාව ඇදගෙන ගඟට අරන් ගියේ මාව නවාන්න.දෙවැනි සැරෙත් අම්මා පරිප්පු හදනකම් ගෙදර හැමෝම මාව කෑවා.හැම ඉරිදාම දහම්පාසැල් යන්න මට සිද්ද වුනා.දහම් පාසලේ තුන වසරේ හිටපු මම පන්සලේ ලොකු හාමුදුරුවොන්ට කියලා අයෙත් දෙක වසරට  දැම්මේ මුල ඉඳල ආයෙත් ඉගන ගන්න ඕනේ නිසාලු.නෑමට හැර අනිත් කිසම දෙයකට ගඟ පැත්ත පළාතේ යන්න කිසිම අවසරයක්  ලැබුනේ නැහැ.ආයෙත් අකමැත්තෙන් වුනත් අක්කාගේ සෙල්ලම් ගෙදර මුරකාරයා වෙන්න සිද්ද වුනා.


~~අසර්~~


ප/ලි: මට අදටත් හිතාගන්න බැහැ එච්චර ආසාවෙන් ඇතිකරපු මාළුවාව හොදි එකට දාන්න හිතුනේ ඇයි කියලා.පසු කාලේදී තේරුනා එකේ වැරැද්ද?.

129 comments:

  1. පරිප්පුත් එක්ක මාළු රහයිනේ කියලා කන්නනේ තිබුනේ.. හිතට වැදුන්ම තැන තමයි අර ලේන් කූඩුවෙන් එක පැටියෙක් ලේන් අම්මට තියලා අනිත් පැටියා අරන් එනවාය කියපු එක.. ඊට පස්සේ ඉතින් කවදාවත්ම් සතෙක් ඇති කලේ නැද්ද අයියේ..

    ReplyDelete
    Replies
    1. අම්මට කොච්චර කිවුවත් තේරුම ගත්තේ නැහැ නේ.ඒ මාළුවා හෝදලා ගෙනාවේ කියලා.මම ගොඩාක් උත්සහ කල මොකෙක් හරි සතෙක් හදන්න ඒත් මම ඉස්කෝලේ ගියාම ආයෙත් ඒ සතා හිටපු තැනටම ගිහිං දැම්මා. අඩු ගානේ බලු පැටියෙක්වත් නෑ..

      Delete
  2. ඉස්සර පොඩි කාලෙ මමයි අපේ පොඩි අයියයි කලෙත් ඔය වගේ වැඩමයි..ලේන් පැටව් හැදුව..මයින් පැටව් හැදුව..ගිරව් හැදුව..අපේ වත්තෙත් ඇලක් තිබුනනෙ...ඒක වැස්ස කාලෙට නියමයි..මායි පොඩි අයියයි තිත්ත පැටව් අල්ලල බෝතල් වල දාගෙන ඉන්නව අම්ම ආපහු ඇලට ගිහින් හලනව..අර ගෙම්බො පැටව් ඉස්ගෙඩියොද මොක්කුද කියන්නෙ,අන්න උන්වත් අල්ලන් එනව..අපේ වත්ත පහල තිබුන පන්ගස්(ගල්ලැහැ+තුන්හිරිය.)හැදුන වතුර වලවල්..ඒවල උන්න කොරවක්කො..උන් කූඩු හදල ඒව ඇතුලෙ කලු කුකුල් පැටව් වගෙ කොරවක් පැටව්..අපි දෙන්න උන්වත් අල්ලගෙන එනව..බස්සො අල්ලන් එනව...අයියෝ ඉස්සර අපි දෙන්න උන්නෙ කැලේමයි..නැත් නම් ගස් උඩ.....

    ඔයාගෙ පෝස්ට් එක නිසා ආයෙමත් ඒ ලස්සන කාලෙට ගිහින් උන්න ටික වෙලාවක් මට තනියම හිනා දැනුත් අපි කරපුව මතක් වෙලා......

    ReplyDelete
    Replies
    1. ඔයා කොලු බාගයක් වගේ නේ කරලා තියෙන වඩාත් එක්ක බලද්දී.මමත් වැඩි පුර ගස වුද හිටියේ.ඔයාට අයියා කෙනෙක් හිටියා සපෝර්ට් එකට ඒත් මට කවුරුත් නැහැ.

      ඔයාගේ කමෙන්ට් එකෙන් මට අමතක වෙලා තිබුණු තවත් මතකයන් මතක වුනා.ඒ කාලේ අම්මත් එක්ක වළි දා ගත්තු තරමක්.

      Delete
  3. අනේ අනේ මිනීමරුවා..හි හී...ඔයත් නියම වැඩ තමයි කරන්නේ..මාලුයි පරිප්පුයි මොන රසද කියලා බලන්න නේද ගියේ??

    ReplyDelete
    Replies
    1. මට රසබලන්න පුදුම ආසාවාක් තිබුනේ ඒත් කොහෙද අම්මා හොදි හට්ටිය වීසි කලානේ.

      Delete
  4. ආයෙමත් පොඩි කාලෙට ගියා වගේ. අපිත් ඉස්සර ඔහොමයි . කානු වල බැහැගෙන මාළු අල්ලනව.
    ඔයාටත් ලස්සන පොඩිකාලයක් තිබිල තියෙන බව පේනවා.

    ReplyDelete
    Replies
    1. දැන් ඒවා මතක් වෙද්දී දැනෙනවා මගේ පොඩි කාලේ සුන්දරයි කියල.ඒ කාලෙනම් මට එපා වෙලා හිටියේ .නිතරම අම්මාගෙන් බැනුම්.

      Delete
  5. ගොඩක් අතීතෙට ගියා අප්පා මතකේ...ඒ දවස්වල අපිත් කරන්නේ මාළු අල්ලගෙන එනවා ඇලෙන්..ජෑම් බෝතල් වල දාගෙන ඉන්නේ ඇවිල්ලා..දවසක් නාන්න ගිහිල්ල ඇලේ බැහැලා මාළු අල්ලනවා..අනික් එකා වෙඩිල්ල වගේ උඩට පැන්නා...පාත් වෙලා තුවායෙන් මාළු ටික ෆලෝ කරගෙන යනකොට මූ ඒක දාලා කෑ ගහනවා බිම පෙරලිලා...පස්ස පැත්තේ පොඩි තුවාලයක් වගේ දළ දෙකක් වගේ ඇනිච්ච....මලියට හුංගා ඇනලා උණ හැදුනේ එහෙමයි...

    ReplyDelete
    Replies
    1. හුන්ගෙක් ඇන්නාම පුදුම විසක් ලු තියෙන්නේ.ගංගාවල් වල දන්න විදියට හුන්ගෝ නැහැ නේ.

      Delete
    2. ඇලෙන් කියලා කිව්වේ ඒකනේ බං ඒක ගඟක් නෙමේ පොඩි වතුරපාරක්..මඩ තමා වැඩි වතුර අඩුයි...අපි කිව්වේ මෝඩ ඇල කියලා..

      Delete
    3. මට ඇල කියන ඒක තේරුනේ නැහැ.මට මතක වුනේ නිල්වලා ගඟ.

      Delete
  6. මමත් පුංචි කාලේ අම්ම එක්ක ගගට නාන්න ගියහම මාලු අල්ලනවා. අල්ලලා වැල්ලෙ වලක් හාරලා ඒකට දානවා. වැල්ලෙ වල හාරද්දි ඇතිවෙන ලොකුම අවුල තමයි ඒක කැඩි කැඩී ලොකු වෙන එක. කොච්චර ලස්සනට හෑරුවත් වටෙන් කඩාගෙන හැලෙනවා. දැන් නම් ඒ ලස්සන වැල්ල හොයන්නවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඕව් එහෙම කරදරයක්නම් වෙනවා.ඒත් හීනි වැල්ලේ වල හාරද්දී එහෙම වෙන්නේ නැහැ.දැන්නම් මචං වැල්ලක් හොයන්නත් නැහැ.

      Delete
  7. මදැයි සුරතලෙක් හෙව්වා...

    ReplyDelete
  8. ආයෙත් පොඩි කාලෙට ගියා.........
    අපිත් ඉස්සර ගෙවල් ලඟ ඇලක හැමදාම මාලු අල්ලනවා. උන්ව ලොකු වීදුරු බෝතලේක දාල තමයි ඇති කරන්නෙ.......

    ReplyDelete
    Replies
    1. ඕව් ටිකක් ලොකු වුනාමනම් යාළුවොත් එක්ක එකතුවෙලා ඇලවල් වලින් මාළු ඇල්ලුවා.පොඩි කාලෙනම් තනියෙන්ම තමයි හිටියේ.

      Delete
  9. මටත් දහම් පාසල එපා උනේ ඔය සීන් එක නිසා බන්...

    සිරා මචන්... පොඩි කාලේ මතක් වෙනවා... උබලඟෙ ගඟ නම් බන් දැන් මාරක ප්ලේස් එකක්... වටේම උන් වැලි හාරල හාරල ඒක දැන් මහ පතලක් වගේ

    ReplyDelete
    Replies
    1. දන්න කොල්ලෝ හිටියේ නැතිවුනාම එපා වෙනවා නේද?

      සිරාවට මම අවුරුදු තුනකින් විතර ගඟේ නැවේ නැහැ.ලංකාවට ගියාමවත් හිතෙන්නේ නැහැ.ගඟ දකිද්දී දුක හිතෙනවා.

      Delete
  10. අනේ අහිංසක මාළුවා. මෙයා ඌ ව කන්නත් හිතපු එකනේ වැඩේ...උගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන...

    ReplyDelete
    Replies
    1. මේක කියවන ගොඩාක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් මම සාහාසික ධරුනු කෙනෙක් කියලා.ඒත් මම ඒ දෙ කරන්න හිතුවේ ඇයි කියල දන්නේ නැහැ.වයසේ පොඩි කමද කියලත් හිතෙනවා.එතකොට වයස 8 ක් වගේ මට.

      Delete
  11. අඩේ...මරු අප්පා!!!!
    හොද්ද නං රහට තියෙන්න ඇති. අපරාදේ

    ReplyDelete
    Replies
    1. පොද්දක්කවත් රස බලන්න බැරි වුනා නේ.බලන්න අපේ අම්මා කියනවා එකේ ජරාවලු.මාළුවා ඉන්නෙත් වතුරේ.

      Delete
  12. තිත්තයෙක් නැතිව ලොකු මාළුවෙක් ගෙනාවනම් අම්මා ඔහොම කියන එකක් නෑ.......
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් අම්ම හිතාවි ඉවුවේ පරිප්පු බෑවේ මාළු කියලා.

      Delete
  13. ඇත්තෙන්ම ඔබේ ලිපිය කියවද්දි මට දැනුනේ මට වුනා වගේ හැගීමක්. ළමා ලෝකයේ හැටි අදුන ගන්න ලොකු මිනිස්සුන්ට ගොඩක් අමාරුයි. මේක හරියට තේරුම් නොගත්ත දෙමාපියන් නිසා අඩු පෞර්ෂ්‍යයකින් යුත් දරුවන් බිහි වෙනවා. ඇත්තෙන්ම ළමයින්ගේ ලෝකය ඒ අයට දෙන්න.

    ReplyDelete
    Replies
    1. මගේ නිදහස ගොඩාක්ම අඩු කලේ නැහැ.ඒත් කරපු කිසිදෙයකට දඬුවම් විඳින්නේ නැතුව හිටියෙත් නැහැ.පුළුවන් හැම දෙයක්ම කලා.

      දෙමාපියෝ හිතන්නේ ළමයින්ට නොගැලපෙන දේවල්.ළමයින්ගේ පැත්තෙන් හිතනවානම් ඒ නිදහස ගොඩාක් වටිනවා.

      Delete
  14. මේකා නම් අදහන්න වටින චරිතයක්.තිත්ත පැටියත් කන්න නේද හැදුවෙ? :P
    අපිට නම් ගගක් තිබුනෙ නෑ.ඒත් වත්ත පහල තියෙන පිට ඇලෙන් මාලු අල්ලලා මගේ ඕලු විලට දැම්මා.ජෑම් බෝතල් වල දාපු මාලු නම් සමහර වෙලාවට හොයාගත්තෙ කුණුගොඩෙන්. :D
    අපි ඔක්කොම එක ජාතියෙ පිස්සො!

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ඉතිං හැමෝගෙම සිතුම් පැතුම් ඒක වගේනේ.ටිකක් ලොකු වුනාම මමත් ජෑම් බෝතල්වල දාල ඇති කලා.රවුම් බෝතල් වල දාල තියෙද්දී වුන්ට කැරකිල්ල හැදිලා උඩ මතු වෙනවා.

      Delete
  15. මේකා යකාගෙ පොරක්‍.... හරක් හොරෙක්... :)

    ලිවිල්ල සුපිරි මචන් :)

    ReplyDelete
    Replies
    1. හරක් හොරකම් කලේ නෑ පරිස්සම් කලා අපේ වත්තේ.

      Delete
  16. මාරම ලස්සන කතාවක් අයියේ මාව අවුරුදු ගානක් ආපස්සට අරන් ගියා....හරිම ලස්සනට සංවේදි විදියට ලියලා තියෙනවා....අසරණයා අයියා ලද දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න බව පේනවා ඇයි අප්පා හුරතල් සතා මැරුණාම පරිප්පු හොද්දට දාන්න කොයිතරම් ආදරයක් තියෙන්න ඇතිද හි හි

    ReplyDelete
    Replies
    1. හෙක්.. නෑ බං මලේ මට එවෙලේ හිතුනා ගෙදර ගෙනියන්න.ඒත් අම්මා උයන එක දැක්කාම ඌව හොදි එකට දන්නා හිතුනා.

      Delete
  17. මාරම ලස්සන කතාවක් අයියේ මාව අවුරුදු ගානක් ආපස්සට අරන් ගියා....හරිම ලස්සනට සංවේදි විදියට ලියලා තියෙනවා....අසරණයා අයියා ලද දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න බව පේනවා ඇයි අප්පා හුරතල් සතා මැරුණාම පරිප්පු හොද්දට දාන්න කොයිතරම් ආදරයක් තියෙන්න ඇතිද හි හි

    ReplyDelete
  18. අසර්ටත් ලස්සන සුන්දර කාලයක් තිබිල කියල පේනව ... හැබැයි මාලු පැටිය කන්න හිතපු එක කැතයි හලෝ... පව් ඌ..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ මට දැන් එහෙම හිතෙනවා මට ලස්සන ළමා කාලයක් තිබුනා කියල මේ කතා මතක් වෙද්දී.

      මට ඇයි දන්නේ නැහැ එහෙම හිතුනේ ඒ මාලුවැව වළඳට දාන්න.පවු කියල හිතුනෙත් නැහැ.

      Delete
  19. ඉස්සර වගේ නෙමෙයි දැං මාලු උණත් හිර කරං ඉන්නකොට අප්සැට් අයියේ... පුංචි සන්දියෙ නං කාෆෙක් උණත් ජෑම් බෝතලේක ඇති කරන්න පුලුවං දුකක් නැතුව..

    ReplyDelete
    Replies
    1. දැන්නම් එහෙම ආසාවක් නැහැ මොකද කාර්යබහුලයි නේ.ඒත් ලංකාවේ නැවතුන කාලෙක බලු පැටියෙක් නම ගෙන්න කියල හිතාගෙන ඉන්නේ.

      Delete
  20. අපි හැමෝටම ඔය වගේ ලස්සන පුංචි කාලයක් තිබුණා....
    මතක්වෙනකොට හරිම සුන්දරයි....
    ඒත් දැන් හැදෙන ළමයින්ට එහෙම කාලයක් ඇත්තෙම නෑනෙ.
    උන්ගේ අම්මලා උන්ව හදන්නෙ තනිකරම යන්ත්‍රවගේ.
    ඇල දොල ගංගා තාමත් තියෙනවා, සමනල්ලු ...කුරුල්ලො...මාලුවො තවමත් ඉන්නවා...ඒත් ඒ කිසිදේක ඇසුරක් ඇතුව නෙවෙයි ළමයි හැදෙන්නෙ. ඉතින් උන් හෘදසාක්ෂියක් ඇති මිනිස්සු වෙන්නෙ නෑ කවදාවත්...
    "මිනිස් සමාජයක්" ගැන හිතනකොට මේ තත්වය ඉතා භයානකයි. අධ්‍යාපන ඇමතිලාගේ කාලකණ්නි ප්‍රොජෙක්ට්වල අවසාන ප්‍රතිඵලය තමයි ඒ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්න ඇත්ත

      Delete
    2. @සුමිත් සිරා ඇත්ත ඒ කාලේ කොම්පුටෙර් දැකල තිබුනේ පින්තූර වලින් විතරයි.වීඩියෝ ගේම්ස් ගැන දන්නෙවත් නැහැ.අපිට තිබුනේ ඒ වගේ විනෝදයක් ලබන්න විතරයි.පරණ ඒවත් එක්ක ගලපලා බලද්දී ස්වභාවික විනෝදෙ ලබල තියෙන්නේ අපි.

      @නිලංග සුමිත් කියන්නේ අපිටත් වඩා ඒ කාලේ විඳපු කෙනෙක්.

      Delete
  21. ඇත්තටම මාර ලස්සනයි.. පුංචි කාලේ මේ වගේ මතකයන් හරිම සුන්දරයි.. මාලුවට කරපුදේ ගැනනම් දුකයි. ඒත් අපි පොඩිකාලේ මේ වගේ දේවල් කරනනේ හිතල බලලා නෙමෙයිනේ. නොතේරෙන කමටනේ. කොහොම උනත් කතාව ලස්සයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ඒ දෙ කලේ එවෙලේ හිතුනු නිසා.කොහොමත් ඌ මැරුණා.ඒත් ගෙදර අරන් ගියේ ටිකක් වෙලා අතේ තියාගෙන ඉන්න.ඒත් අම්මා උයනවා දැක්කම මට ඒක හොදි එකට දාන්න හිතුනා.

      Delete
  22. හපෝ ඊට පස්සෙ හරි දහම් පාසැල් ගිය එක ලොකු දෙයක්. හාමුදුරුවොත් හරි දෙ කරලා තියනවා පොඩි පන්තියට දාපු එක. (කතාව නම් Super)

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා කියල මම ෆේල් කෙරෙවුවේ.මම අයෙත් හත වසරේදී ෆේල් කලා.ටික කාලයක් ගිහිං දහම්පාසැල් යන ඒක ඉබේම නැතිවුනා අමතර පංති හා වෙනත් වෙනත් ප්‍රශ්න නිසා.

      Delete
  23. මටත් හිතට දැනුනෙ මහ වෙදන කියපුදේ තමයි. තමන්ට කුඩා කාලයක් තිබුන කියල හිතන්න පුළුවන් වැඩිහිටියන් ඉන්න දවසටයි ළමයින්ගෙ ලෝකය ලස්සන වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් එකඟයි.වැඩේ කියන්නේ ඒ දේවල් විඳපු වැඩිහිටියෝමනේ පොඩි වුන් යන්ත්‍ර වගේ උගන්වන්න හදන්නේ.

      Delete
  24. පව් අහිංසක මාලුවා. තැම්බිලා මැරෙන්න ඇත්තෙ. ඒ මදිවට උයලා කන්නත් ගිහින්..

    මටත් මතක් වුනා පොඩි කාලෙ කන්තලේ ගියාම සරම් වලට මාලු අල්ලපු හැටි…:)))

    ReplyDelete
    Replies
    1. හෙක්... අවු රස්නෙට වතුර රත්වෙලා ඌ තම්බිලානේ.

      සරම වලටත් අල්ලනවා හැබැයි දෙන්නෙක් ඕනේ වටකරන්න.

      Delete
  25. ටැන්කියක් හදල මෙච්චර ආදරෙන් අල්ලගෙන කෑමත් ගෙනත් දීල ඇත්තටම ඇයි ඔයාට ඌව කන්න හිතුනෙ..පව් හිතුන්නැද්ද..

    මොනව උනත් හරි හුරතල් කතාවක්..ලස්සන ළමා කාලයක්.. :)

    ReplyDelete
    Replies
    1. සිත්රූ ඌ එවේලේත් මරිලානේ හිටියේ.ඉතිං ගඟට විසිකරන්න හදල ආයෙත් ගෙදර අරන් ගියේ කන්න කියල හිතාගෙන නෙවෙයි. ඒත් මට එවෙලේ හිතුනා.

      ස්තුතියි ඔයාටත් ඒවගේ කාලයක් තියෙන්න ඇති කියල හිතනවා.

      Delete
  26. අනේ ඇත්තට මහ දඟයෙක් නෙ ඒ කාලේ.. පුංචි කාලේ මෙහෙම දඟ වැඩ නොකර හිටිය නම් වැඩකුත් නෑ අප්පා.. ලස්සන කතාව.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.ඒත් මම දඟ නැහැ.ගෙදරටම වෙලමයි මම හිටියේ.අක්කත් එක්ක.

      Delete
  27. තිත්ත මාළු කාලම නෑ :P

    ReplyDelete
    Replies
    1. කරවිල වගෙ වෙන්නැති.

      Delete
    2. @නුවන් මම කාලත් නැහැ.අරුව කන්න ලැබුනේ නැහැ නේ.

      @ඇනෝ නම තිත්තයා වුනාට තිත්ත නැතුව ඇති.හෙක් හෙක්ස්‌..

      Delete
    3. @නුවන් මම කාලත් නැහැ.අරුව කන්න ලැබුනේ නැහැ නේ.

      @ඇනෝ නම තිත්තයා වුනාට තිත්ත නැතුව ඇති.හෙක් හෙක්ස්‌..

      Delete
  28. ලස්සන කතාව අසරණයෝ.. ස්තූතියි අපිව ආයේ ළමා කාලෙට අරන් ගියාට.

    අපිටනම් ගඟක් තිබුනේ නැහැ.. අපේ වත්තයි, කුරුන්දයි මැද්දෙන් ගලාගන ගිය පොඩි අගලක් තිබුනා.. හැබැයි ඒකෙ නා නා ප්‍රකාර මාළු හිටියා බන්.. තිත්තයෝ, කනයෝ, හුන්ගෝ, කාවයියෝ.. වැහිකාලෙට උඩුගං පීනන ආඳෝ.. අපිත් ඉතින් උන්ව අල්ලලා ලිඳට දානවා.. හරි ලස්සනයි බන් ඒ කාලේ.. බොහොම ස්තූතියි මතක් කළාට. අද ඒ අඟල හිඳිලා.. 21 ශතවර්ශයේ සංවර්ධනයට යටවෙලා හැංගිලා ගිහිල්ලා. අපේ පොඩි උන්ට දැන් මුකුත් නැහැ.

    මචන් වලකට වතුර දාලා ඒ හැටි වෙලා තියන්ඩ බෑනේ බන්.. විශේෂයෙන් පායන කාලෙට, හිඳිලා යනවනේ.. උඹ කොහොමද ඒකෙ වතුර රඳව ගත්තේ ?

    ඇයි බන් ඇතිකරන්ඩ ගත්තු එකාව උඹ හොද්දට දැම්මේ.. පව්නෙ බන්.. ඌට චුට්ටක් හරි පන තිබ්බනම්.. පිච්චිලා නේද මැරිලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. උඹටත් සිරා ළමා වියක් තිබිලා තියෙනවා.මතක් වෙද්දීත් දුකයි තමයි.

      ගඟේ වැල්ලේ වලක් හෑරුවම වතුර උනනවා මොකද ගඟේ වතුර මට්ටමේ ඉඳල අඩියක්වත් දුර නැහැ.ඒ වගේම වල හාරන්න ඕනේ තෙත වැල්ල තියෙන තැන වියලි වැල්ල තියෙන තැන හැරුවොත් ගොඩාක් යටට හාරන්න වෙනවා.මම හාරපු තැන වතුර ආවා ඒවගේම වතුර හින්දෙන්නෙත් නැහැ.ඒත් රත්වෙනවා.

      වලේ ඉද්දීම ඌ මැරිලා පොද්දක්කවත් දැඟලුවේ නැහැ අනිත් ඒක ගඟට දැම්මමවත් ඌ පොඩ්ඩක්වත් දැඟලුවේ නැහැ.මම සත්තුන්ට මාර ආදරෙයි ඒත් මට ඒ වෙලේ එහෙම කරන්න හිතුනා.

      Delete
  29. කෝටුවකට නූලක් බැඳල, ඒක අග්ගිස්සට ඇල්පෙනිත්තක් නවල බිලීකොක්කක් බැඳල, කොක්කට බත් ඇටයක් අමුණ ගෙන, වරු ගණන් ගෙවල් ගාව ඇලේ, මාළු අල්ලන්න ට්‍රයි කරපු හැටි මතක් වුනා. අම්ම කවදාවත් එපා කිව්වේ නෑ, මන් හිතන්නෙ ඒකට මොන විදියකින් වත් මාළු අහුවෙන්නෙ නැති බව දැනන් හිටිය නිසා වෙන්නැති.. :-)

    ReplyDelete
    Replies
    1. බත් ඇට කන්නේ වෙජිටේටියන් මාළු විතරයි ඔබ මාමේ, පනුවෙක් ගැහුවනම් බඩුම තමා.. අද නම්, පනපිටින් පනුවව දෙකට කඩලා ඇල්පෙනෙත්තට ගහපු හැටි මතක් වෙද්දී ඇඟ හිරිවැටිලා ගියත් ඒ දවස්වල ඒවයේ ගානක් නැහැ.. ඒ දවස්වල අපිට පනුවො පෙනුනේ දැන් දේසපාලුවන්ට අපිව පේනවා වගේම වෙන්ඩ ඇති.. :-)

      Delete
    2. @ Observer අපේ අක්කත් එක්ක දවසක් බිලි පිත්තක් හොරකම් කලා අපේ වත්තේ කවුද කෙනෙක් හංගපු.අම්මා පොලේ යනකන් ඉඳල හොරෙන් පිත්ත දාගෙන හිටියා.ඒත් ගඟ එගොඩ ගොඩේ හිටපු කෙනෙක් අම්මට පොලේදී හම්බවෙලා ගෙදර අව් පස්සේ දෙන්නටම හොඳට හම්බ වුනා.ඒත් අපි ඔබා මාමා වගේ කරනවා ඒත් ඒවාට බැන්නේ නැහැ.

      @සේනා පනුවෝ අල්ලන්න හිරිකිත නිසා ගස් යට වැටිලා තියෙන වැල වරකා කෑලි ගැහුවේ ඒත් මට කවදාවත් එකෙක්වත් අහුවුනේ නැහැ.

      Delete
    3. අඩේ Senna කියනකං මතක් උනේ නෑ නේ වෙජිටේරියන් මාළු ගැන...ආපි මොකුත් නැතුව දිමියොත් කඩලා ඇමිනුවා ඒකාලේ...

      Delete
    4. දිමියෝන්ටත් මාළු අහුවෙනවද?මං හිතන්නේ උන් සාගතෙකට අහුවෙච්ච මාළු වෙන්න ඇති.නැත්නම් දිමියෙක්ගේ මොනවා කන්නද?

      Delete
  30. මම හිතුවා මේ මැරිච්ච මාළුවා අරන් ගියේ දුකට හරි, වල දාන්න හරි කියලා බැලින්නම් ගිහින් තියෙන්නේ රහ බලන්නනේ ..:P

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිතුනේ පුළුන් පුරවන්න.ඒත් පස්සේ හිත වෙනස් වුනා.

      Delete
  31. හුරතලා හොද්දේ........... ෂෝක් :D
    හොද්දෙං බඩේ උනානං තවත් ෂෝක්! :D

    ReplyDelete
    Replies
    1. මගේ තිබුණු ඒ ආසාව තවමත් ඉෂ්ඨ කරගන්න බැරි වුනා නේ.

      Delete
  32. මදැයි කරලා තියෙන දෙයක්. කස්ටිය පරිප්පු කන වෙලාවේ මාළුවා අහුවුණා නම් තමයි වැඩේ!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හිතපු නිසාම තමා කෙලින්ම පිඟානට බෙදන්න කිවුවේ.කොහේද වැඩේ දෙල් වුනා නේ.

      Delete
  33. ඊ...... මාර එක්කෙනෙක්නෙ මෙයා.. :/ :/ :@ මහ මෝඩයෙක්නෙ... අර අහිංසක සතාවත් කන්න ගිහින් අයියෝ!!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං මොනවා කරන්නද?.පොඩි එකා නිසා සමාවක් දෙන්න බැරිවෙයිද?

      Delete
  34. අනේ අර අසරණ මාළුවා. ගගේම ඉන්න දුන්නනම් තව ටිකක් කල් යහතින් ජිවත් වෙනවා. ආදරේ වැඩි වෙන එකත් වෙලාවකට ලෙඩක් තමයි...
    (තිත්ත පැටව් එක්කෙනෙක් හින්ද තමයි ඊයා. ගොඩාක් තිබ්බ නම් තිත්තයෝ හොදි.)

    ReplyDelete
    Replies
    1. හුරතල් කරන්න කියලනේ ඇති කලේ.ඒත් අපරාදේ.. සමහර විට ඌ වයසක මාලුවෙක්ද දන්නේ නැහැ නේ.

      තිත්ත පැටවූ ගොඩාක් හිටියොත් හිතාවි වැරදිලා මාළු හදල තියෙන්නේ කියල හික්ස්..

      Delete
  35. පව් බං මාලුවා.. අනික මැරුන මාලු මට අප්පිරියයි මචං.. අපෙ පොකුනෙ මාලු මැරුනම මට දුකයි. සුදු පාට වුනාම කැතයි.

    මම මේ වගේ වැඩක් කලා. පොඩි කාලෙ නෙවේ බං මේ ලගදි. ගිය අවුරුද්දේ

    අපේ පොකු‍නේ ලොකු මාබල් කැට් ෆිෂ් කෙනෙක් හිටියා. ගෙදර ගෙනාවෙ මම එතකොට අගලක් ඇති. පස්සෙ මූ අඩියකට වඩා ලොකු වුනා. මුගේ මුණට පූසෙක් ගහලද මන්දා තුවාලයක් ආව මට හරි දුක හිතිලා මාලු තුවාල බෙහෙත් පෙති දෙකක් ගෙනාව. ෆාමසියෙන් කීවේ එකක් දාන්න කියලා. මම ලොකු භාජනයකට දාල දියකලා එකක්. මූට සැර වැඩි වෙයි කියලා. ඊට පස්සේ මාලුවා දැම්ම. අවුලක් නැහැ පොර හිටියා. පහුවදා වතුර මාරැ නොකර දෙවෙනි පෙත්ත දැම්ම බං. මට තාම මතක් වෙද්දි දුකයි ඌ පස්සෙ බලනකොට ගල් වෙලා හිටිය. මගෙ ඇග තාමත් හිරි වැටෙනව මචං.

    සිරාවටම මම මිනි මරුවෙක් කියල එදා හිතුනේ..

    ReplyDelete
    Replies
    1. අනේ උඹ වගේ එකෙක්.. :-)

      යකෝ මිනි මරුවෙක් වෙන්ඩ මිනිහෙක්ව මරන්ඩ ඕනා බොල. ඔහොම බැලුවම ඔක්කොම ධීවරයො මිනී මරුවොනෙ..

      Delete
    2. දුක් වෙන්ඩ එපා සෑම් අයියා උඹ මිනීමරුවෙක් නෙවේ මාලු මරුවෙක් විතරමයි..

      Delete
    3. @ සෑම් උගේ බඩ විතරයි සුදු පාට වෙලාතිබුනේ.මැරිලා වැඩි වෙලාවක් නැහැ.
      ඌට සැර වැඩි වෙන්න ඇති පවු දෙවැනි දවසේ වතුර මාරු කරානම් හොඳයි නේ.ඒත් උඹ මිනි මරුවෙක් නෙවෙයි.

      @සෙනා හෙක් එතකොට මමත් මිනිමරුවෙක් විතරක් නෙවෙයි වනචරියෙක් හෙක් හෙක්ස්‌..

      @බට්ටා එකත් මාරු නම මාළු මරුවා.

      Delete
    4. @සෙන්නා - නැහැ මචං.. මට අදටත් මතක් වෙද්දි අප්සට්.. සිරාවට මම හරි ආදරේ කරපු මාළුවා. අනික පොඩි එකෙක් නෙවේ අඩියක් විතර. මම ඒකව ගේනකොට අගලක් විතර ඇති.

      @බට්ටා- අඩේ මොනා වුනත් මරුවෙක් නේ.. :((

      @අසරණයා - ඔව් බං මම වතුර මාරු නොකර අනිත් පෙත්ත කඩලා දැම්ම නිසා සැර වැඩි‍ වෙන්න ඇති..

      *** සොරි මචං. මේ රිප්ලයි ෆලෝ වුනේ නැහැ.. අනික දැන් අමාරුවෙන් බ්ලොග් ටික කියවන්නෙත්. කමෙන්ටු රිප්ලයි කරන්න තරම් වෙලාවකුත් නැහැ..**

      Delete
  36. හනේ හපොයි අසාර් අයියත් කොරන වැඩ අම්මපා. කතාවනම් කොරටම ලියල තියනවා. කියවල ඉවර වෙනකම් ඉවසිල්ලක් නැතුව කියෙව්වේ.

    මමත් බෙලි ගහක් යට තියන ගල් තලාවක සිමෙන්තියෙන් ටැංකියක් හදල තිප්පිලි ජෝඩුවක් ගඟෙන් ගෙනත් ඇතිකරන්න ගත්තා. එත් උන්ගෙන් එකෙක්ට ජීවත් වෙන්න වාසනාව තිබුනේ එක දවසයි.. බෙලි මල් ටැංකියට වැටිලා ටැංකියම තේ වතුර පාටයි.උන්ට වතුර විස වෙලා එකෙක් මැරිලා.අනිකා පන ඇද ඇද ඉන්නවා. ටක් ගාල එවලේම අනිකාව ගඟට ගෙනිහින් දැම්ම. මං හිතන්නේ ඌත් මැරෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයෝ දිරි ගැන්වීමට.

      මම දන්නා කිහිප දෙනෙකුත් ඔහොම ගස් යට ටැංකි හැදුවා.ඒ ගස්වල මල් ගැට වගේ වැටිලා වතුර පල් වෙලා මාළු ඔක්කොම මැරුණා.

      Delete
  37. මේ දවස් ටිකේ පාඩම් වැඩ වගේකට හිර වෙලා. හිමිට මේක කියවන්නම් හොඳේ

    ReplyDelete
    Replies
    1. හා හා ඒවා කරගන්න කෝ.වෙලා තියෙන විදියට කියවන්න.

      Delete
  38. ඇයි අන්දරේලෑ කාලේ කුරක්කන් පිට්ටුයි තිත්තයින් මැල්ලුනුයි කනවා ලූ !
    (කමෙන්ට් කිරිල්ල පැත්තකින් දාලා වමනේ කරලා ආවා)

    ReplyDelete
    Replies
    1. කුරක්කන් පිට්ටුනම් තිබ්බේ නැහැ බං.

      ඇයි බං මේක එච්චර අප්‍රියිද.එහෙනම් එක තමා අම්මා මට ගැහුවේ.

      Delete
  39. අනේ අනේ අසර් අයියෝ....

    ඇස්දෙකට කඳුළුත් ආව අයියෝ....චූටිකාලෙ මතක්වෙලා....:(

    ReplyDelete
    Replies
    1. චුටි කාලේ මතක් වුනාද? හා හා දන ඔය කඳුළු ටික පිහදගන්න.

      Delete
  40. මමත් මැටි වළවල්,ගස් ගල් එක්ක ජීවත් වෙච්ච එකෙක් බන්,,කොටින්ම මට ඔය උඩ කය වසා ගන්න හිතුනේ සෑහෙන්න කාලයක් ගිහින්,,එතකන්ම හිටියේ නාවර පෙරාගෙන... බිලිපිති හදාගෙන මාලු අල්ල අල්ල තමා පොඩි කාලේ හිටියෙම,,අහු වෙච්චි එකෙකුත් නෑ ඒ උනාට

    ReplyDelete
    Replies
    1. මමත් උඩට මොනවා හරි ඇන්දේ ගෙදරට කවුරුවත් ආවොත් විතරයි.මාළු බලා කවදාවත් මටත් අහු වෙලා නැහැ.ඒත් අපේ අක්කට එක දවසක් මාලුවෙක් අහුවුනා.

      Delete
  41. ඊඊඊඊඊඊඊයා මාලු ඔහොම හන සිරිතක් තියෙයිද අප්පා??

    ReplyDelete
    Replies
    1. දන්නේ කොහොමෙයි ඉතින්.ආසාවක් ආවා.

      Delete
  42. සුන්දර, ළමා කාලයක්...:)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔවු.ස්තුතියි!!

      Delete
  43. මම ඔය වයස පහු කරලා දශක කීයක් ගෙවිලා ගියත් ළමා කාලේ කරපු දේවල් මේ තරම් හිතට කිට්‍ටු ඇයි? අද ඊයේ වගෙ මතක ඇයි. මමත් බ්ලොග් එකේ ළමා කාලේ ගැන ලියන්නෙ අනිත් ඕනෙම දෙකට වඩා ආසාවෙන්. කියෙව්වෙ නැත්ද බබ බල්බ් එක ගිලපු එක, එතකොට පොල්පිති ගොන්නු හදපු කතාව හෙම!

    අපි කලෙත් ඔය වාගෙම වැඩනෙ. කිසිම වෙනසක් නෑ. ඔය වලවල් හදලා මාලු දාන එක අපෙත් ජනප්‍රිය විනෝදාංශයක්. හැබැයි පරිප්පු එකට මාලුවා දාන්න නම් මතක් වුනේම නෑ අසරණයා. ඒක නම් ඔරිමජිනල් අදහසක්.

    දැනුත් මගෙ පුතාට හුරතල් සතෙක් හදන්න අවසරෙ දෙන්න විදියක් නැත්තෙ අපි රටවල් දෙකක වාසය කරන නිසා. ඒ කියන්නෙ නිචාඩුවට ගෙදර යන්නයි ඉතිරි කාලෙ මෙහෙ ගතකරන්නයි තියෙන නිසා. මටත් හරි දුකයි ඒ ගැන.

    තව මේ වගෙ පෝස්ට් ලියමු අසරණයා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්න බැහැ තවමත් ඇයි මම එහෙම දෙයක් කලේ කියලා.හැමෝම ඒ වගේ වැඩ කරලා තියෙනවා කියල දන්නවා ඒත් මම ටිකක් නරකයි වගේ නේ.

      මතක් වෙන විදියට පරණ කතා ලියන්න හිතාගෙන ඉන්නේ.ස්තුතියි අය්යා.

      Delete
  44. අසරණ අයිය මාර විදියට අසරණ වෙන්න ඇති නේ.......

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හදාගත්තු මාළු හොද්ද රසබලන්න නැතිවුනා නේ.

      Delete
  45. සුන්දර ළමා කාලයක්..! මාත් ආයෙත් ගියා පුංචි කාලෙට..

    මටත් මතකයි පාට මාළු වගයක් කොයිද රටක ඇති කරනවා දැකලා අපේ අයියා ගප්පි පැටියෙක්ට පාට එන්නත් කලා.. මාළුවනම් මැරුණා.. :( අවසන් කටයුතු කරන්න වුණේ මට..

    මාළුවා අරන් යද්දි මටත් හිතුණෙ අයියත් වළලන්න යනවා කියලා.. වහුපැටව් අයියව හොයාගෙන ඇවිත් වගේ අයිතිකාරයො ගෙදරටම හොයාගෙන එන්නෙ..:D ලේන් පැටව් ගැන නම් දුකයි.. ආපහු හැරිලා බලද්දි ඒ කාලෙ කල දේවල් වලින් අද කොයිතරම් අපේ ජීවිතයට එකතුකරගෙන තියේද.. හොඳ නරක හිතට දැනු‍නු දෙයින්..

    අයියා පරිසමාර්ථ අර්ථයෙන්ම ඒ ළමා කාලය විඳලා තියෙනවා කියලයි මට නම් හිතුණේ..

    අෆරාදෙ අයියට තිත්ත+පරිප්පු හොද්ද වෙනුවට ගෙදරින් රස හොඳි හම්බවෙලා.. :P

    ReplyDelete
    Replies
    1. මට මතකයි ගප්පි ඇතිකරපු යාළුවො උන්ව පාට වෙන්න කියල කුකුල් සායම් දානවා.

      තිත්ත පැටියා කාටවත් ප්‍රොයෝජනයක් නැතිව ගියානේ.

      Delete
  46. අනේ මේ වගේ මැට්ටෙක්. ඔයා එහෙම මගේ මල්ලි වෙලා හිටියනම් එදා මම අනිනවා ටොක්කක් ඔලුව හිල් වෙන්ට :/

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ වර්ණාට හිතුන එකම තමයි..
      ටොක්ක් ඇන්නෙ නැතත් හැමදාම සෙල්ලම් ගෙදර මුරකාරයා කරනවා..!!

      Delete
    2. @ වර්ණා හොඳ වෙලාවට මම ඔයාගේ මල්ලි වුනේ නැත්තේ.ඔයා හරි සැරයිනේ මට බයත් හිතෙනවා.

      @ රූ.. ඔයාත් සැරයිද?ඒ චරිතේ හරිම අමිහිරි චරිතයක් මට එපා වෙලා හිටියේ.

      Delete
  47. මටත් පුංචි දවස්වල ඔය මාළු ඇතිකරන්න ආසාවක් ඇතිවුන.ගෙදරිනුත් අවසර ලැබුන.ඒ අවසරපිටම ලස්සන පුංචි මාළු ටැංකියක් ගත්ත වහලයක් තියෙන එකක් එක්කම.ඒකෙ පිටිපස්සට ලස්සන පින්තුර කොලයක් අලවල ටැංකියේ ඇතුලට ගල කොට කෑල්ලක් ප්ලාස්ටික් රුපයක් එහෙම දාල.වර්ග දෙකතුනක විතර ලස්සන මාළු ගෙනත් දැම්ම.ඒක තියල තිබ්බේ අපේ ඉස්තෝප්පුවේ.තාත්තගේ බයික් ඒක තිබ්බෙත් ඉස්තොප්පුවෙමයි.දවසක් අපේ ගෙවල් ළඟ ඉන්න මල්ලි කෙනෙක්ගෙ අතින් තාත්තගේ මොටෝ බයික් ඒක පෙරලුන.වැටුනේ මගෙ මාළු ටැංකිය උඩට මාළු ටැංකිය කාලි වලට ගියා.මම ඒ වෙලාවේ දැක්ක ඒක මාලුවෙක්ගේ අහක් හිල්කරන් විදුරු කෑල්ලක් ගිහින් තියෙනවා.ඒක දැක්ක දවසින් පස්සේ මමනම් කිසිමදවසක ආයේ මාළු ඇතිකරේ නැහැ....දැන්නම් මගෙ අයිය මාළු ඇතිකරනවා..

    අසර් අයිය ඉඳල තියෙන්නෙත් ලස්සන පැත්තක වගේ.පරිප්පු මාළුව දැක්කම අම්මට තරහගිය හැටි මැවිලා පේනවා...හික්..හික්..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මාළු ටැංකියට වුනු ගේ ගැන මටත් දුකයි ඉතින් ඒ මල්ලි ආයෙත් ඔයාගේ ගෙදර ආවද?

      අපේ පැත්ත එහෙමම ලස්සනක් කියන්න නැහැ ඒත් ගැමි කම තිනුනා.

      Delete
    2. ඔව් අයියේ.මම ඒ මල්ලියට මුකුත්ම කිව්වෙ නැහැ.කෑලි වලට කැඩිලගිය මගේ ටැංකිය දිහා බලන් උන්න.ඒක මල්ලිගේ අතින් වුන අතපසුවීමක්..

      ගැමිකම මේ කොන්ක්‍රීට් නගර වල ජිවත්වනවට වඩා හිතට සැහැල්ලුවක් දැනෙනවා.ඒ ගැමි කමට අයියත් හුඟක් ආදරේ වෙන්න ඇති නේද...

      Delete
    3. ඒ කාලෙනම් ගම එපා වෙලා තිබුනේ දැන්නම් ඉතිං ගමේ ඉන්න තියෙනවනම් කියල හිතෙනවා.දැන් ගමේ තියා රටේවත් නෙවෙයිනේ ඉන්නේ.

      Delete
  48. අනේ පව් අහිංසක මාලුවා.හුරතලේට ඇති කරපු සතාව කන්නත් හිතිලනෙ මෙයාට...අනේ ඇත්තට

    ReplyDelete
    Replies
    1. අවසාන මොහොතේ මගේ හිත වෙනස් වුනා නේ.ඒත් මම වැරදි නේද?

      Delete
  49. අනේ තිත්ත පැටියා පව්..........................

    ReplyDelete
    Replies
    1. ඕව් මටත් දුකයි ඌ ගැන. මොනවා කරන්නද?ආයේ එහෙම කරන්නේ නැහැ.

      Delete
  50. අසර් කරලා තියෙන්නෙම හරිම වැඩ තමයි..මාලුවා පව්...

    ලස්සන ලමා කාලයක්.ආසයි අහන්නත්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාළුවා පවු ඒත් ඌ මැරුවේ මම නෙවෙයි.

      අපි හැමෝගෙම ළමා කලේ ලස්සනයි.පොඩ්ඩක් මතක් කරලා බලන්න.

      Delete
  51. ආයිමත් ළමා කාලෙට අරන් ගියා මේ කතාව. ලියල තියන විදිහත් නියමයි. පොඩි කාලේ ඔහොම වැඩනම් අනන්තවත් කරලා ඇති. ඒත් මේ වගේ මාළු කන වැඩක් නම් කරලා නැහැ.

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට බලාගෙන යද්දී මම විතරයි නේ මේ වගේ නරක වැඩ කරලා තියෙන්නේ.චිහැ.. මාර අප්සෙට් ඒක.

      ස්තුතියි මේ පැත්තේ ආවාට.

      Delete
  52. අඩේ මටනම් පුදුම නිදහසක් තිබ්බා කැමති සතෙක් ඇතිකරන්න.මම හෙනම ආසාවෙන් හිටියා එළු පැටියෙක් ඇති කරන්න.ඒත් ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ආවට පස්සෙ ඒ හීනෙට කෙළවුනා.මතක් කරාට ස්තූතියි මෙගෙම අතීතෙ.

    ReplyDelete
    Replies
    1. අඩේ එළු පැටියෙක් හෙක් එකත නියමයි නේ.පසේ කාලෙක ඉතින් ට්‍රයි කලේ නැද්ද ආසාව ඉටු කරගන්න.

      Delete
    2. කොහෙ ට්‍රයි කොරන්නද බං.ඒ ආවා ආවාමයි තාම කොළඹ.

      Delete
    3. මට උන එකේ අනිත් එක.

      Delete
  53. පොඩිකාලෙනෙමෙයි මටනම් දැනුත්ඔහොම ආසාවල් එනව...කරන්න ගියොත් නඩුගොඩයි

    ReplyDelete
    Replies
    1. හොරෙන් කරන්න තියෙන්නේ.මේ මම වගේ.

      Delete
  54. අනේ උඹ වගේ එකෙක්

    ReplyDelete
    Replies
    1. හේ හේ. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.

      මම එත බැලුවා කුඩා මේ ඉන්දියන් නමක් තියෙන දැකල පුරුදු කොල්ලා කවුද කියල

      Delete
  55. අනේ අහිංසක මාලුවා.....

    ReplyDelete
    Replies
    1. එතකොට මම අහිංසක නැද්ද?

      Delete
  56. අහා....

    මට නම් සුරතල්ලු හිටිය පොඩි කාලේ... මාළු ටැංකියක් නම් අදත් අපේ මහගෙදර තියෙනවා..... මාළු ටැංකි කියන්නෙත් සමහර වෙලාවට ශෝකාන්තයක් වෙනවා... මට මතකයි එක පාරක් උදේ නැගිටලා බලනකොට සාලේ තිබ්බ ලොකුම ලොකු මාළු ටැංකියේ crack එකක් වෙලා රෑ එලි වෙනකල් වතුර ගිහින් මාළු ඔක්කොම මැරිලා හිටිය... අය්යු එහෙම දුක්බර අවස්ථාවක්!!!

    එත් තාමත් අපේ ගෙදර මාළු ටැංකිය නම් තියෙනවා...
    අපි ලේන් පැටව්ත් හැදුවා.... බල්ලෝ පුසෝ නම් හදුවේම නැහැ... පොඩි කාලේ අනේ පව් ඒ ලේනට අපි දීපු වදයක්!! ඌට නිදා ගන්නවත් දෙන්නේ නැහැ.... මම ඉස්සර ඉදන්ම හරිම ආසයි උන් නින්දෙන් නැගිටිනකොට අර දිව දාල ඈනුම් අරින හැටි බලන්න.... අදටත් ගහක් උද ලේනෙක් ඈනුම් අරිනවා දැක්කොත් සියලු වැඩ අතහැර එක බලන් ඉන්නවා.... ඉතින් මම පොඩි කාලේ කරන්නේ උදෙන් නැගිටලා අර ලේන් පැටියව කුචු කවල ඇහැරවන එක!! (අපෝ ඒ ඉස්සර... දැන් නම් පාන්දර ඇහැරෙන්නේ නම් නැතෝ....)

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...