28 May 2012

බස් අජිත්ගේ පැහැර ගැනීම.


                                                      ඔහුගේ නම අජිත්. ඒත් කථා  කරද්දී වෙනස් වෙනස් විදියට  නම සංස්කරණය වෙලා තිබුනේ. අජ්ජා, අජිත්  මල්ලි, අජූත, වගේ නම් වලින්. වැඩි දෙනා හැඳිනුවේ "අජිත් මල්ලි" කියන නමින්. මට වඩා වයසින් වැඩි වුනත් අපි කථා කලේත් අජිත් මල්ලි කියල. පොඩි එකෙක් මල්ලි කිවුවට ඌ නම් ගණන් ගත්තෙම නැහැ. හැමදාම හවසට කට්ටිය එකතු වෙන තැන දී අජිත් මල්ලි අනිත් අයට වඩා කැපිලා පෙනුනා. ඒ වැඩියෙන් කථා කරන හා කරන මගෝඩි වැඩ  නිසා. අජිත් ඉස්කෝලේ කාලේ මිස් කෙනෙක්ව බයිසිකලේක හප්පලා මිස්ගේ අත කැඩූවයින් පස්සේ ටික කාලයක් යනකම් "මැර අජිත්" වුනා.මේ මොනවා කලත් හරි හිත හොඳ එකා.


මම දෙක වසරේදී තනියෙන් බස් එකේ එන්න බැරි කමට කනිෂ්ඨයේ පිට්ටනිය කොනේ වාඩි වෙලා පාරේ යන බස් ගණන් කර කර ඉන්නේ අක්කාගේ ඉස්කෝලේ ඉවර වෙනකං. එත් මට එහෙම වැඩි කාලයක් තනියෙන් ඉන්න ලැබුනේ නැහැ. මගේ තනියට ආවේ නිශාන්ත. ඒ මොන්ටිසෝරි කාලේ යාළුවා. හොඳ මිතුරෝ දුක සැප දෙකේදීම ළඟ ඉන්නවා කියල මට තේරුම් ගියේ දෙක වසරේදීමයි. නිශාන්ත කියන්නේ අපේ අජිත් මල්ලි ගේ මල්ලි. අයියා වගේම ගොන් වැඩ කරන්නේ සමහර විට ආරෙට යනවද දන්නේ නෑ.  ඒ කාලේ ටාසන් කථා මාලාව හොඳට ජනප්‍රිය වෙලා තිබුනේ.  මම වගේම අක්කලා අයියලා එනකං තනියෙන් හිටපු අපි කිහිප දෙනෙකුට කම්මැලි කම යන්න ගස් නැගීම පැනීම කම්බි වැටවල් යටින් රිංගීම වගේ වීර ක්‍රියා කලේ නිශාන්ත. පිට්ටනිය අයිනේ වවලා තියෙන අරලිය ගස් උඩ තමා වැඩි පුර කාලේ ගෙවුවේ. දවසක් ටාසන් ගහක් උඩ ඉඳල කැරකි කැරකි පනින සංදර්ශනයක් පෙන්වන්න ගහ මුදුනේ. "හූ" තුනක් කියල බිමට පැන්නේ වටයක් කැරකිලා කකුල් දෙක පොළොවේ වදින්න. එත් අවාසනාවට වුනේ වට බාගයක් කැරකිලා කකුල් දෙක හැර මුළු ඇඟම ඒක සැරේ පොළොවේ වැදීමයි.ටික වෙලාවක් යනකන් නිශාන්ත ඒ විදියටම නිදාගෙන හිටියේ. ටිකකින් අමාරුවෙන් නැගිටලා ඇලපත අතගාන ගමන් කිවුවේ "අද හරියට කැරකුණේ නැහැ බං" කියලා ඒ අයියගේ මල්ලි නේ. වැඩි වෙනසක් දැක්කේ නැහැ ගොන්කං වලින්.


අජිත්, නිශාන්ත හා අපි හැමෝම හවසට එකතු වුනේ හංදියේ බස් හෝල්ට් එකට. එතන ජිවිතේ හරි වෙනස්.  කවදාවත් එපා වෙන්නේ නැති අසනීපයක් හැදුනු දවසකටවත් ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ නැති හරියට අබින් කාපු වගේ ඇබ්බැහි විමක්‌ වෙලා තිබුනේ. හැම දාම හවස  තුන වෙද්දී කිසිම විදියකින් ගෙදර ඉන්න බෑ. කරන්න තියෙන හැම වැඩක්ම උදේ වරුවේ කරලා තුන වෙද්දී නාලා පිරිසුදු වෙන්නේ හංදියට එකතු වෙන්න.  සාමාන්‍ය පෙළ ලියලා කිසි වැඩක් නැතිව ඕපපාතිකයන් වගේ හිටපු මේ දවස් ටිකේ වැඩිපුරම කාලේ ගත කලේ එතන. එත් හැම වින්දනයකටම  දුෂ්ඨයෝ ඉන්න වගේම අපිටත් හිටියා. වෙන කවුරුවත් නෙවෙයි පොලිසියේ OIC දවසක් කියල ගියේ "උඹල ඔතන ආයේ මම එද්දී හිටියොත් ජනෙල් ටිකකුයි දොරකුයි හයිකරලා දෙනවා ඔතනම පදිංචි වෙලාම ඉන්න"  කියල එත් එතුමාගේ හිත රිද්දන්න බැරි නිසා ඈත නිල්පාට ජීප් එකක් එද්දී දුවන වගේ ශාරීර අභ්‍යාස කළා. අජිත් ගේ සමහර හුරතල් වැඩ වලට ගමේ මිනිස්සු ටික දෙනෙක් කිවුවේ මාදවීකාරයා කියල එත් ඔහු සැලුනේ නැහැ. මොකද නඩුකරයත් ඉන්නේ "කාරයා"කියන ගොඩේ නිසා.හැබයි ටික දෙනෙක් අනුමත කලා අපි එතන ඉන්න නිසා හංදියට ආරක්ෂාවක් ලැබෙනවා කියල. ඒ කාලේ අපි ඔවුන්ට දීර්ඝායුෂ පැතුවා.


අපේ ගේ පහුකරලා ඒ හංදියේ එක් ගමනාන්තයක් වෙන ඩිපෝ බස් එකක් යන්නේ හවස මම ගෙදරින් එලියට බහින වෙලවෙදිමයි. ගෙදර බයිසිකලයක් තිබුනත් නෑවයින් පස්සේ බයිසිකල් පදින්නේ නැත්තේ දාඩිය දාන නිසා. ඒ වෙනුවට කරන්නේ ගේ ඉස්සරහින් යන බස් එකේ එල්ලිලා හංදියේන් බැහැ ගැනීම ටිකට් නොගෙනම . කොන්දාස්තර මාමා එද්දී කියන එකම උත්තරය උනේ බයිසිකලේ හුලන් බැහැලා එකයි මේ එල්ලුනේ කියල. එත් ඒ බොරුව වැඩිකල්  කියන්න ලැබුනේ නැහැ. සුපුරුදු බොරුව කියපු දවසක  බස් එකටම ඇහෙන්න කිවුවේ "මල්ලි ඔයාගේ බයිසිකලේ හැමදාම හුලන් බහිනවා නේ. ලබන මාසේ පඩියෙන් ටියුබ් එකක් අරන් දෙන්නම් එතකන් ඉන්න කියලය". බස් එකේ පිටිපස්සට වෙන්න හිටපු ගෑණු ළමයි හිනා වෙන අතරේ එක ඔරවන මූණක් දැක්කා ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ අක්කා. එදායින් පස්සේ සල්ලි දීලවත් ඒ බස් එකේ ගියේ නැහැ දාඩිය දාගෙන බයිසිකලේ හංදියටම පැද්දා.


අපිත් එක්ක හිටපු පිරිසගෙන් වැඩිපුර රථ උණ තිබුනේ අජිත්ට. රියදුරු බලපත්‍ර තිබුණු දෙන්නාගෙන් එක්කෙනෙක් මේ අජිත්. කාගේ හරි බයිසිකලයක් දැක්කොත් හොරෙන්  පදින ගමන් තනි රෝදෙන් යන වගේ වැඩ කරන නිසා අපි  පුළුවන් තරම් ඔහුගෙන්  බයිසිකල් හංගන් ඉන්න උත්සහ කළා. ගේ ඉස්සරහින් එන බස් ඒක නවත්වන්නේ හංදියේ තියෙන තේ කඩේ ළඟ එතනින් සෙනග නග්ගගෙන ආයෙත් අනිත් ගමනාන්තයට පිටත්  වෙනවා. මේ පිටත් වීම පැය භාගයක් වගේ ඇති. ඒ හිටියත් බස් ඒක පිරෙන්නම රියදුරු මහතායි කොන්දාස්තර මහතායි විතරක් ඉන්න දවසුත් තියෙනවා. එච්චරට අපේ හංදියෙන් සෙනඟ. දවසක් අජිත් මේ බස් ඒක වටේ ඇවිද්දේ හරියට අපේ බයිසිකල් වටේ කැරකෙන වගේ. සුපුරුදු විදියට දෙන්නා කඩේ ඇතුලට ගියේ ඉතුරු පැය භාගේ තේ බිලා බුලත් විඩක් කාලා එන්න. මේ හැම දෙයක්ම අජිත් වෙනදට වඩා උනන්දුවෙන් බැලුවා. බස් සේවකයෝ දෙන්න එලියට අවම අජිත් වෙලාව බලල කිවුවේ "මුන් දෙන්නා තේ බොන්න පැය භාගයක් ගන්නවා නේ මචං" කියලා.ඒ කතාවේ ගැඹුරු අර්ථය අපිට තේරුනේ නැහැ.


පහුවදාත් බස් ඒක හරි වෙලාවට ඇවිත් කඩේ ඉස්සරහම නැවැත්තුවා. අජිත් වටයක් කැරකුනා අද මම මේ බස් ඒක අනිත් හන්දියට අරං ගිහිං ආයේ එනවා කවුද එන්නේ මාත් එක්ක. මම දැනගෙන හිටියා මේ දේ කවදාවත් කරන්න බැහැ මොකද යතුර ඩ්‍රයිවර් ළඟ නේ. එත් අජිත් විස්තර කලේ ඩිපෝ බස් වල යතුරු නැහැ වයර් දෙකක් එකතු කරලා ස්ටාර්ට් කරන්න පුළුවන් කියල. ඒ කියපු ක්ෂණයෙන් අජිත් බස් එකට නැගලා ස්ටාර්ට් කළා ඒ එක්කම මාත් එක්ක හිටපු තව දෙන්නෙකුත් නැග්ගා. මම නැග්ගේ නැත්තේ බස් එකක් පැහැර ගැනීම ලොකු වැරද්දක් කියල දන්න නිසා.  අනිත් ඒක මොන දේ කලත් පාසල් නිළ ඇඳුමින් හිටියොත් පොලිසියෙන් හරි සහනයක් ලැබෙනවා කියල දන්නවා. සාමාන්‍යන් මේ වගේ වැඩ කරන්න මම කොහෙත්තම එකතු වෙන්නේ නැහැ. අජිත්ට හරියන අනිත් දෙන්නත් එක්ක බස් ඒක හෙමිහිට තිබුන තැනින් පිටත් වුනා. ටික වෙලාවකින් රියදුරා ආව එලියට කොන්දොස්තරගේ පැත්තට හැරිලා 


"ඒ.... මල්ලි මාර වැඩේ නේ බස් ඒක නැහැ නේ. අපි ඩිපෝවට මොකද කියන්නේ ."
"අපි මෙතන නේද නැවැත්තුවේ." එදා හිටියේ අලුත් කොන්දොස්තර කෙනෙක්.


රියදුරා මගේ ලඟට ආවා   


"මල්ලි මෙතන තිබුන බස් ඒක දැක්කද?"


"අහ්... හංදිය පැත්තට ගියා ඒ ඔය ගොල්ලෝ නෙවෙයිද?" නොදන්නා විදියට ඇහුවේ. විනාඩි දෙකකින් විතර හන්දියට ගියපු බස් ඒක හරවාගෙන ආයෙත් එනවා  බස් ඒක තිබුන විදියටම හරවල නැවැත්තුවා. බස් ඒකෙන් බැහැලා ආවේ රියදුරු අජිත් හා සහයක රියදුරෝ දෙදෙනා. බසයේ ඔරිජිනල් රියදුරා අජිත් ලඟට ගියා ඒ සුනන්ගුවෙන්ම ඔහුගේ දකුණු අත අජිත්ගේ වම් කම්මුල සිප ගත්ත බව "චිටිස්‌".......   කියන සද්දෙන්ම තේරුනා. ඒ එක්කම හරි සංවේදී සිද්දියක් උනේ. අජිත්ගේ අත්දෙකම එකතු උනා ඉස්සරහට තිබුණු කකුල දණ හිස ලඟින් ටිකක් නැවුනා.


                                  අජිත් මල්ලිට ගහද්දි අපි බලන් හිටියේ මෙහෙමයි කොටේ උඩ ඉන්නේ මම.

"අනේ අයියේ ඔයාට ඕනෙනං මට ගහන්න නැත්නම් මාව මරාගෙන කන්න.පොඩි කාලේ ඉඳලම තිබුන ආසාවක් CTB බස් එකක් පදින්න. දැන් ඒකත් හරි. වැඩි දුර ගියේ නෑ අතන හන්දියට විතරයි ගියේ." උණුවෙන හිතක් තිබුණු රියදුරු මාමා තව බොරු සද්දයක් දැම්මේ ඔහුගේ රස්සාව ගැන හිතලමයි.පොලිසි නොගිහින් බේරුනේ අහුගේ තිබුන කාරුණික කම නිසා. ඒ සිද්දිය වෙනකොට අපි හතර දෙනෙක් විතර හිටියේ ඒත් හවස පහෙන් පස්සේ ආපු දෙන්නෙකුට මම සිද්දිය කිවුවා  හැමෝම දැනගෙන ඉන්න ඒක හොඳයි නේ.පස්සේ කාලෙකදී අජිත් මල්ලි අපේ ගමේ බස් අජිත් බවට පත්වුනා.



99 comments:

  1. බස් අජිත් කියපු ගමන් මට මතක් වුනේ... අජිත් මුතුකුමාරණ ගායකයවයි...

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවේ අසරණයා බස් අජියව (මුතුකුමාරණ )අඳුනනවා කියලා.

      Delete
    2. අජිත් මුතුකුමරණට එ නම වැටෙන්න කලින් අපේ අජිත්ද ඒ නම වැටුනේ. මම හිතන්නේ අපෙන් තමා ඒ නම කොපි කරන්න ඇත්තේ.

      @අමුතු ඉලංදාරියා = මම ඒ අජිත්ව දැකල තියෙන්නේ ටීවී එකේ විතරයි.

      හූ හූ කට්ටිය රැවටුනා නේ. .

      Delete
  2. ​අර අහිංසක ලංගම සේවකයගේ රස්සාවට මක්ක හරි වුනානම්...??

    ReplyDelete
    Replies
    1. ගහපු ඒක සාධාරණයි එකනේ අපි මොනවත් නොකර හිටියේ.

      Delete
  3. හිහිහිහ්..... එල බුවෙක් බං...
    ඌ ආයේ බස් පදින්න නැතුව ඇති :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ පස්සේ වෑන් එකක් පදින්න ගත්තා.

      Delete
  4. ඇත්තට බස් අජිත් කිව්වෙත් ඉතින් සිංදු අජිත නේව...අම්මපා අජිත් කියන නමයි බසුයි ගැලපෙන අපුරුව බං හරියට කිරියි පැනියි වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් බං උඹ කියනකන් ඒ දේ මට මතක් වුනේ නැහැ නේ. තව බස් අඩයා කියල එකෙක් ඉන්නවා උගේ නමත් අජිත්. බස් එකට යට වෙලා යන්තම් බේරුනේ.

      Delete
  5. මුලින්ම කියන්නම් සිත්තරේ නම් යසයි .. වෙලාවට තමා බොලේ අජිත්ව පොලීසි ගෙනියන්නේ නැතුව බේරලා යවුවේ . අපේ ගැන්සියේ කොල්ලෙකුත් බෝමතින් ප්‍රයිවට් බස් එකෙක් අරගෙන ගිහින් ඔරලෝසු කණුවේ වද්දලා ගල් පල්ලියේ හිටියා සති දෙකක් හෝ තුනක් උඹලාගේ මිත්‍රයා ඔයින් ගියා මදෑ ඉතින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං. අරු මොනවා උනත් හොඳ රියදුර අපේ අජිත් තවම ඒක සැරයි වහනයක් හැප්පුවේ. ඒ බස් එකට මොනවා හරි වුනානම් අර අහිංසකයෝ දෙන්නා ගස් නේ.

      Delete
  6. මම හිතුවෙම සිංදුකියන කෙනා කියලා.. මේ දැන් මියුසික් ෆීල්ඩ් එකට බහී කිය කිය හිත හිත දිගටම කියෙව්වා.. මේ වෙන අජියෙක්නෙ.. :)

    සිත්තරෙත් මරු.. කතාවත් මරු.. බස් එක කොහෙහරි මුල්ලකට දාලා මස් කළා නම් තමා වැඩේ..

    ReplyDelete
    Replies
    1. */මම හිතුවෙම සිංදුකියන කෙනා කියලා../*
      අම්මෝ බය හිතෙන කතා කියන්න එපා. මු සින්දු කියන්න ට්‍රය් කරා නම් තමයි, එත් කිව්වේ නෑ.

      Delete
    2. නැ නැ හරි මේ අජිත්ට කවියක්වත් කියවන්න බැහැ. වැඩි දුර ගියේ නැහැ මීටර් 600 ක් වගේ දුරක ගියේ. බස් එකක් පදින්න තිබුන ආසාවට නේ අරං ගියේ. ඒ බස් එකේ ගන්න දෙයක් නැහැ CTB බස් නේ.

      @ක්සැන්ඩර් = හරියට හරි මු සින්දු කිවුවනම් හෆොයි.

      Delete
  7. අජියා මාර වැඩනේ කරන්නේ.. බස් එකේ සෙනග නැති නිසා හොදයි.. කොහොම උනත් ඩ්‍රයිවර්ගේ හොද අගය කරන්න ඕන.. ඒත් ඉතින් මොකක් හරි අවුලක් උනානම් ඒ මනුස්සයටම තමයි ලෙඩේ වැටෙන්නෙත්..

    ඉට පස්සේ බස් එක පැය භාගයක් එතන නැවතුනයි... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ දෙන්නට උපරිමෙයින්ම අගය කරනවා නැත්නම් අහක හිටපු මමත් ඇතුලේ ලගින්න වෙයි.

      ඊට පස්සෙත් එතන නැවැත්තුවා නැතුව බැහැ නේ.එත් සමහර දවස් වලට හංදියේ ත්‍රිවිල් රියදුරෝ බස් රියදුරාට සල්ලි දීලා ඉක්මනින් යැව්වා හංදියේ එකතුවෙන සෙනග ත්‍රිවිල් වල එක්ක යන්න තියෙන ආසාවට.

      Delete
  8. පළවෙනියෙන්ම සිත්තරේ නම් හරි අගෙයි..කියලා වැඩක් නෑ..

    මේ වගේ අමුතු ආසාවල් හැමෝටම තියනවා නේ..වරදක් කියන්නත් බෑ ඉතින්..

    ReplyDelete
    Replies
    1. ලොකු බරපතල කමක් ඒ කාලේ දැක්කේ නැහැ එත් වරදක් කියල දන්න නිසා මම පැත්තකට වෙලා හිටියා.

      අගය කිරීම ගැන ස්තුතියි රූ..

      Delete
  9. යකෝ මිනී මරන වෑඩනේ මෙව්වා,වෙලාවට ඩ්‍රයිවර් පිලීසියට ගියෙ නෑත්තේ,ගියානම් අනිවා හෙන පෝරියල් එකක් ලෑබෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් බස් එකක් පැහැර ගත්තා කියල හිරේ දානවා පොලිසියේ OIC මහත්තයත් අපිත් එක්ක හිත හොඳ නැහැ නේ.

      Delete
  10. යක්ෂ පැටව් ටිකක්නෙ. දන්නවද තව නූලෙන් ඩබොල් කිරිමෙල්. ආයිත් දෙකක් නැහැ. මහ උළුගෙදර බොඩිම් බත් තමයි. ඇයි මේක පොදු දේපල පණත යටතේ එන වරදක්. ආයිත් ඇපවත් නැහැ. අර රියදුරා දෙවියෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. හෑ එච්චරම බරපතලයිද. වැරදි වැඩක කියලනම් දන්නවා වෙලාවට ඒ වගේ ටියදුරෙක් හිටියේ. එකක් ගහලා නිකා හිටිය ඒක ගැන සතුටුයි.

      Delete
  11. පට්ට සීන්එක බං. "අනේ අයියේ ඔයාට ඕනෙනං මට ගහන්න නැත්නම් මාව මරාගෙන කන්න.පොඩි කාලේ ඉඳලම තිබුන ආසාවක් CTB බස් එකක් පදින්න. දැන් ඒකත් හරි. වැඩි දුර ගියේ නෑ අතන හන්දියට විතරයි ගියේ." ඔහොම කිව්වම කාටද ආයෙ ගහන්න හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඌ කොච්චර සද්දේ දැම්මත් එතැනදී වලියට ගියේ නැහැ. අපිටත් දුක හිතුනා අජිත් අරෙහෙම කියද්දී. ආසාවනේ බස් පදින්න.

      Delete
  12. අතීත කතා කියවන එක හරිම සුන්දරයි නේද ? ඉස්සර කරපු වැඩ කොච්චර මෝඩ උනත් නුවනක්කාර උනත් ඒවා මතක් වෙනකොට හරිම සුන්දරයි,
    ඔය බස් එකේ නිකක් යන සීන් එකනම් මමත් කරලා තියෙනවා,තවත් කතා බලාපොරොත්තු වෙමි....!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අතීත කථා පාඨක වෙද්දී ඇඟ හිරිවැටෙන වෙලාවලුත් තියෙනවා. ඒ කාලේ වැඩි දුර දිග හිතන්නේ නැහැ නේ. මමත් හොරෙන් ගිහිල්ල තියෙනවා අහුවෙලත් තියෙනවා.

      මගේ පොඩි කාලේ අත්දැකීම් ගොඩාක් ලියල තියෙනවා ලේබල් කරලා තියෙන්නේ ෆ්‍රී වෙලාවක බලන්න

      ස්තුතියි රොබින්...

      Delete
  13. බස් අජිත් කිව්වාම මාත් හිතුවේ මේ සිංදු කියන අජිත් කියලා. දැන් මේ අජිත් කියන නම් මොකක්ද ? අලුත් විශේෂණයක් යෙදුණේ නැද්ද ???

    ReplyDelete
    Replies
    1. නැහැ ආයෙත් අජිත් මල්ලිම තමා දැන් ඒ හැටි මගෝඩි වැඩ කරන්නේ නෑ ඌ හොඳ වෙලා.

      Delete
  14. ම්මත් හිතුවෙ සින්දු කියන අජිත් ගැනයි කියන්න යන්නෙ කියලා.. හික්ස්ස්..:D

    ඉස්සරකාලෙ දේවල් අඅයෙත් මතක් කරද්දි හරිම සතුටක් නේද දැනෙන්නෙ??

    ReplyDelete
    Replies
    1. හූ හූ ඔයාත් රැවටුනා නේ.

      මට මේ කතාව මතක වුනේ ඔෆිස් එකේදී ලඟදි දවසක තනියෙන්ම හිනා.

      Delete
  15. මාර අත්දැකීම්නේ අයියේ ඔයාට තියෙන්නේ අර කවුදෝ මන්දා කියලා තිබුනා අයියගේ ලමා කාලේ ටොම් සෝයර් වගේ කියලා ඇත්තටම මේ කතාවත් ඒ වගේ සෑහෙන්න සුන්දර ලමා කාලයක්නේ තිබිලා තියෙන්නේ.... චිත්‍රයත් ගති ඈ පොටෝෂොප්ද?? මෝඩකම කියනවට වඩා කොලුකම කියන වචනේ හොඳයි වගේ මොකද හැමෝම ඔහොම වැඩ කරන්නේ මෝඩ වැඩක් කියලා දැන දැනම තමා නැද්ද....

    ලස්සනට ලියලා තියෙනවා හිතට දැනෙන විදියටම එක හුස්මට කියවතෑකි.... ජය වේවා අයියේ

    ඒක නෙමේ ආයේ බස් එක තිබ්බ තැනට එලවගෙන ආවෙත් අජිත්මද

    ReplyDelete
    Replies
    1. ආ.... මට එහෙම කිවුවේ අපේ සෙනා නේ. ඇත්තටම මගෝඩි වැඩ තමා එත් ටිකක් නරක වැඩ වගේ දේවලුත් කළා. දැන්නම් ඉතිං හැමෝම රස්සාවල් වල ලංකාවෙත් ඉන්නේ ටික දෙනයි.

      ස්තුතියි මචං දිරිගැන්වීමට උඹල වෙනුවෙන්ම මේ ලියන්නේ.

      ඌ හොඳ රියදුරා එතනට ඇවිල්ල තිබ්බ විදියටම නැවැත්තුවා.

      Delete
  16. ඇත්තටම මරැ කතාව බස් අජිත් කොහොම හරි ලංගම බසයක් ඩ්‍රයිව් කළානේ. දැන් මොකද අජිත් කරන්නේ? ජීවිතේ සුන්දරම මතකයක් කිසිදාක නොමියෙන විදියට තැන්පත් වෙලා තිබුණත් මේවගේ අත්දැකිම් අද ඉන්න යොවුන් වියේ අයට නම් කවදාවත් ලබාගන්න පුළුවන් කමක් නහැ.

    ලස්සන අතිත කතාවක්

    ReplyDelete
    Replies
    1. දැන් අජිත් පිට රට රැකියාවක් කරලා ආයේ ලංකාවට ඇවිල්ල ඉන්නවා. දැන්නම් මොනවා කරනවද දාන්නේ නෑ. දැන් ගොඩ දෙනෙක් එහෙම හවසට එකතුවෙනවා අඩුයි. කාලයත් එක්ක හැම දේම වෙනස් වෙලා.

      Delete
  17. හැබෑට කිසම කරදරයක් නැතුව බස් එක ආවද අයියෝ....???

    ෂා අර කොටේ උඩ ඉන්න අසර් හලි ලත්තනයිනේ.....

    ReplyDelete
    Replies
    1. බස් ඒක තිබ්බ හැඩේන්ම තිබුන තැනට ගෙනාවා.

      කොහොමද මම නළුවෙක් වගේ නේ.

      Delete
  18. ඔය වගේ දෙතුන්දෙනෙක් අපේ ගමේ හිටියනං අපේ ගම කොච්චර ලස්සනද? :D

    ReplyDelete
    Replies
    1. එහෙම උන් හිටියට ලස්සන වෙන්නේ නැහැ පාර අයිනේ ලස්සන මල් ගස් ටිකක් වවපන්.

      Delete
  19. මමත් දඩ බඩ ගාලා දුවගෙන ආවේ බස් අජිත් උස්සලද කියල බලන්න.....

    හොඳ වෙලාවටැ බස් එක රවුම් නොකර ගෙනාවේ.. නැත්තම් අර අහින්සකයො දෙන්නගේ රස්සාව ඉවරයි...

    ආණ්ඩුවෙත් වැරදි මෙව්වා.. බස්වලට හරි හාමන් යතුරක් හදල නොදෙන එක ( ආණ්ඩුවට බැන්නෙ නැත්තං නිකන් කහනවා කහනවා වගේ බං )

    ආ සිත්තරේ මරු ඈ

    ReplyDelete
    Replies
    1. බස් වලින් උස්සනවා තමා අජිත්ව තව ටිකකින් හෙක්..

      තිබුන විදියටම බස් ඒක ගෙනාව ඒක ගැන තවමත් අපි සතුටු වෙනවා.

      ඇත්ත ආණ්ඩුවේ වැරදි හැබැයි මේක වෙන කාලේ තිබුනේ අනිත් ආණ්ඩුව එත් ආණ්ඩුවේ බං වැරැද්ද.

      සිත්තරේ එළද?

      Delete
  20. බස් අජිත් කිවුවම මමත් හිතුවෙ අජිත් මුතුකුමාරණය කියල.

    හොඳ වෙලාවට ඌට බස් පදින්න ආසාවක් තිබුණෙ, කෝච්චි පදින්න ආසාවක් නැතුව.

    ReplyDelete
    Replies
    1. අපේ පාරේ කොච්චි නැති නිසා වටිනා ජිවිත ගණනක් බේරුනා.

      Delete
  21. උඹලටත් ඉන්නේ සුපිරිම මිත්තරයෝ නේ :ඩ්

    ReplyDelete
    Replies
    1. අන්න බලපන් විවිදත්වය.

      Delete
  22. පව් අනේ අජිත්..මම ඒ ඩ්‍රයිවර් මාමා උනා නම්..''තව රවුමක් ගිහින් වරෙන් පුතේ කියල බස් එක දෙනව..'' :D:D:D

    ReplyDelete
    Replies
    1. එහෙම කරානම් ඒ අහිංසක දරු පවුල් කාරයාගේ රස්සාව නැතිව එනවා මේ කරදර කාර කොල්ලෝ නිසා.

      Delete
  23. //හුරතල් වැඩ වලට ගමේ මිනිස්සු ටික දෙනෙක් කිවුවේ මාදවීකාරයා කියල එත් ඔහු සැලුනේ නැහැ. මොකද නඩුකරයත් ඉන්නේ "කාරයා"කියන ගොඩේ නිසා.//
    අලේ.. අයියටත් කොහෙන් මතක් වෙනවද මන්දා මේවා.. :D අන්න යාළුවො.. යාළුවට ගහන කොටත් කොටයක් උඩට වෙලා කණ්ණාඩි දාගෙන බලාගෙන ඉන්නවා..:P
    කතාවෙ හැටියට හිතුණෙ අජිත් බස්එක මඟ දාලා ඒවි කියලා.. කොහොම වුණත් පුංචි කාලෙ ආසාවට වයර්ෂෝට් කරගෙන බස්එකත් ස්ටාර්ට් කරගෙන ආයෙ තිබ්බ තැනින්ම තියන්නත් තරම් බස්එකක් එළවන්න කොච්චර ආසාවෙන් ඉන්න ඇතිද.. :)

    අයියෙ.. අර බයිසිකලේ හුලන් තවම තියේද.. :P

    ReplyDelete
    Replies
    1. වරදට නිසි දඬුවම් ලබන්න ඕනේ කියන මතේ මම ඒ කාලේ ඉඳලම හිටියා ඉතිං මම හරි ආසාවෙන් බලන හිටියේ ඒ දිහා. ඔව් ඒ අජිත්ට පුදුම ආසාවක් තිබුනේ ඒ වගේ නසරානි වැඩ කරන්න.

      බයිසිකලේ දැන් එලියට දාලා තියෙන්නේ හුලන් වදින්න නැත්නම් පුස් කනවා නේ.

      Delete
  24. අනේ මම මේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් මේ ආවේ බස් අජියාව උස්සපු බීරා මොකාද කියල බලන්න. මොකද ඉස්සර බස් අජිත් මගේ පරම හතුරෙක්. කණ පැලෙන්න සින්දු දාපු ප්‍රයිවෙට් බස් වල නැගල පැය 3-4 ගෙදර එනකොට තියන මහන්සියටත් එක්කම මුත් කණ කන්න හදන හින්දා මට මු එක්ක පට්ට මල.

    ReplyDelete
    Replies
    1. කවදාවත් ඌව බිරෙක්වනම් උස්සන්නේ නැහැ උස්සනවානම් උස්සන්නේ උඹ අපි වගේ මහන්සි වෙලා වෙන යන්න විදියක් නැතුව බස් එකේ යන කෙනෙක් වෙන්න ඕනේ. එතකොටවත් කරදෙරේ නැති වෙයි නේ.

      Delete
  25. බස් අජිත් කිව්වම මට මතක් උනේ අජිත් මුතුකුමාරණව !
    අඩේ අරූට මාර ආසාවක්නේ තිබිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තව එකෙක් හිටියා පොලිස් ජීප් එකක ඇතුලේ යන්න වැඩේනම් හරි ලේසියි එත් කලේ නැහැ.

      Delete
  26. සිරාවටම නියම කතාව..
    ඊට වැඩිය චිත්‍රය නියමයි..අත්සනකුත් දාන්න එපැයි...
    ඒ ඔය්යා කන්නාඩි දානවද...

    ReplyDelete
    Replies
    1. සිත්තරේ මම නෙවෙයි නේ ඇන්දේ.

      ඉස්සර කන්නාඩි දැම්ම ඉස්කෝලේ යන කාලේ කළු ලෑල්ල පෙන්නේ නැහැ නේ.

      Delete
  27. අජිත්ට තිබිල තියෙන්නෙ රථ ගායෙ දරුණුම එක

    බස් අජිත් නේ? බස් එකට කතා කරන්ඩ පුළුවන්නං ඒකත් කියයි “මොන මගුලක්ද ඕයි!“ කියල.

    ReplyDelete
    Replies
    1. පොඩි වාහන පදින්න නෙවේ ආසාව ලොකුවා.

      අපිට බස් අජිත් කියන නම මෙච්චර අමිහිරිනම් බස් වලට කොච්චර අමිහිරි ඇතිද?

      Delete
  28. ඒල කතාව...
    අජිතය පිස්සෙක්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් උපතින්ම පිස්සු.

      Delete
  29. //"අහ්... හංදිය පැත්තට ගියා ඒ ඔය ගොල්ලෝ නෙවෙයිද?"//

    අනේ අනේ අසරණයෝ :))

    අදත් කතාව නියමයි...හරි හරි යාළුවොනේ අසර්ට ඉඳලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මම මොනවත් දන්නේ නැති විදියට හිටියේ. නැත්නම් වරදකට අනුබල දුන්නා කියල මාවත් අල්ලාගෙන යාවි.

      ඒක ඒක විදියේ යාළුවො හිටියා මට ඒ කාලේ.

      Delete
  30. //ඈත නිල්පාට ජීප් එකක් එද්දී// යකෝ පොලිසිය පක්ෂෙ මාරු කරලද?

    කොල පාට නෙවේද ?

    බලපං ඒ කාලෙ බස් එකක් පැද්ද කිව්වම අජිය වැඩ්ඩෙක්. උබට තාම බයිසිකලෙත් බැහැ නේද? තල්ලු කරන් යනවා කිව්වේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. සෑමෝ...හැබැයි මටත් මතකයි වගේ නිල් පාට පොලිස් ජීප් තිබුනා :-/ හ්ම්ම්ම්ම්

      Delete
    2. අපේ ළමා කාලේ උඹේ තලස්තනි කාලේ ඒ කියන්නේ 2000 ආණ්ඩුව කාලේ ගෙන්වපු ඉන්දියන් ටාටා ජීප් නිල්පාටයි. හැම හන්දියක් ගානෙම කැඩිලා තිබුනේ ආන් ඒ ජීප්. කොළ පාට ජීප් තිබ්බේ උඹ තරුණ කාලේ නේ.

      මට දැන් බයිසිකලේ කුඩුවේ පදින්නත් පුළුවන්. වැටෙන්නේ නැතිවෙන්න.


      @සයුරි = අන්න දැක්කද මගේ වයසේ තව කෙනෙක්.

      Delete
  31. පව් කියලා හිතුනා අර ඩ්‍රයිවර් ගාව වැද වැටුනා කිව්වාම.. මම හිතුවා ඩ්‍රයිවර් ගැහුව හන්දා එ කොල්ලත් ගහයි කියලා..එහෙම නොවි ඔහොම හැසිරුනාම..හිතේ තිබ්බම ආසාව වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් එදා අපිටත් හිතුනා කොච්චර ආසාවක් තියෙන්න ඇතිද කියල.මොකද කාර් වෑන් එහෙම ඊට කලින් පැදලා තියෙනවා.

      එත් බස් එකක්?

      Delete
  32. ඌ උගේ හීනය සැබෑ කරගත්තා. අර කනේ පාර ඒ හැබෑවෙච්ච හීනයට වඩා කොහොමත් යටයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත් වෙන්න තියෙන කරදරේ ගැන නොහිතා ඒ වැඩේ කලේ. සාමාන්යෙන් අජිත් ගැහුවොත් ගහන වගේ කෙනෙක් එත් එදා අතකවත් ඉස්සුවේ නැහැ.

      Delete
  33. හරිම සුන්දර අතීතයක් නේද ? දැන් මතක් වෙනකොට රසය වැඩි . තාමත් අජිත් එක්ක යාලුකම පවත්වනවද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ විදියේ මතකයන් ටිකක් තියෙනවා ටික ටික දාන්නම්.

      අජිත් ගේ යාළුකම තවමත් තියෙනවා මොකද එයාගේ මල්ලි මගේ මොන්ටිසෝරි කාලේ ඉඳල යාළුවා.

      Delete
  34. රත්නපුර තියෙනවා හංගමුව කියල ගමක. එහේ CTB බස් රෑට නවත්තල තියනවා හන්දියක (රියදුරු, කොන්දොස්තර ගමේමයි). ගොඩක් අය එතනට කියන්නෙත් කියන්නේ ස්ටෑන්ඩ් එක කියල. ඔය කිට්ටුව පදිංචි වෙලා හිටපු අපේ මිත්‍රයෙකුගේ ගෙදර ටික දවසක් නතර වෙලා හිටියා බස් හිමි පුත්‍ර, රියදුරු/කොන්දොස්තර(දැන් දොස්තර) පළපුරුද්ද තියෙන තවත් මිත්‍රයෙක්. මුන් දෙන්න දවසක් CTB බස් එකක් නවත්තලා තිබුණු තැනින් සෑහෙන දුරකට ගෙනිහින් දමලා පයින් ආවා. :D

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි බං එහෙම කරලා තියෙන්නේ. අරුන් දෙන්නව බය කරන්නද? මොනවා උනාත් උන් දෙන්නත් නියමම දෙන්නෙක්.

      Delete
  35. හි හි!
    ඌ මාර පිස්සු අජිත් කෙනෙක්නෙ බං,ඌ හැබැයි අතුරු ආන්තරාවක් කරගන්නේ නැතුව අපු එකම මදෑ!නැත්තම් ඩ්‍රයිවර්ටයි කොන්දටයි ගෙදර යන්න තමයි වෙන්නෙ!:P
    ඒක නෙමේ කව්ද මේ අලුත් සිත්තරා??:P

    ReplyDelete
    Replies
    1. තිබ්බ විදියටම අරගෙන ආපු නිසා ඒක කනේ පාරෙන් ඔක්කොම ප්‍රශ්න විසඳුනා.

      සිත්තරේ ඇන්දේ මම නෙවෙයි. හික්...

      Delete
  36. Replies
    1. කෝ කෝ.. කෝල් පොලිස්..

      Delete
  37. ඔය වගේ එක එක ජාතියේ ආසාවල් තියෙන උන් ඉන්නවා බං.
    අපේ එකෙක් ඉන්නවා ඌට ආසලු අර කන්ටේනර් අදින ලොකු ප්‍රයිම් මුවර් එකක් පදින්න.
    ගුටි කෑවත් කමක් නැහැ බස් අජියා උගේ ආසාව ඉෂ්ට කරගත්තනේ, ඒ පිනම මදෑ ඩ්‍රයිවර් මාමට නිවන් දකින්න...:))

    ReplyDelete
    Replies
    1. උඹේ යාළුවයි මේ අජියයි දෙන්නම ඒක වල්ලේ. අපේ එකාට එහෙම ආසාවල් ඇති හොඳ වෙලාවට අපේ පාරේ එච්චර ලොකු වාහන යන්නේ නැත්තේ.

      Delete
  38. කවුද බන් සිත්තරේ ඇන්දෙ ? සිරා. ඉස්සර කාටුන් එකක හොරෙක් හිටියා, උඹ වගේමයි.. හෙහ් හෙහ්.

    උඹත් මාර පොරවල් තමා ආශ්‍රය කොරන්නෙ.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ හොරා මම වගේ ලස්සනයිද? ( මට උඹ හොරා කිවුවා නේ.)

      අමුතු අමුතු පිරිසක් ආශ්‍රය කළා කාලයක් දැන් හැමෝගෙන්ම ඈත් වෙලා පරිස්සමින් ඉන්නවා.

      ජයෙන් ජය.

      Delete
  39. පින්තූරේ ලස්සනයි. ඒක නියමෙටම ඇදලා තියෙනවා.

    අපරාදේ. අයියටත් බස් එකේ නැගලා යන්න තිබුනේ. එහෙනම් මේ වීර ක්‍රියාවට අයියත් දායක වෙනවනේ.
    :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නෙත්පානි එත් මම නෙවෙයි ඇන්දේ.

      හපෝ මම වරද දුටු තැන කැපෙනවා අනේ මටනම් බෑ හිරේ යන්න.

      Delete
  40. බස් අජිත් කිවුවම මම හිතුවෙ වෙන එකෙක් ව..පිතූරෙනම් පන්කාදුයි

    ReplyDelete
    Replies
    1. ඒ අජිත් හා මේ අජිත් හැර තව අජිත්ලා සිටීද?

      සිත්තරේ ගැන පසුව කියන්නම්.

      ස්තුතියි.

      Delete
  41. දැන්නේ දන්නේ අසර්ට ලස්සන චිත්‍ර අදින්න පුළුවන් බව. කොටේ උඩ ඉන්න කෙනා ඔයා කියලා කිව්වේ අනිත් අයට වඩා එයා ලස්සනට ඇන්ද නිසානේ.. :D

    මට මතක් උනෙත් බස් වල සිංදු කියන කෙනාව.
    ඔයාත් පොඩි කාලේ ඉදලා කරන්නේ හරිම වැඩ තමයි.

    ReplyDelete
    Replies
    1. මම නෙවෙයි චිත්‍ර ඇඳේ වෙන කෙනෙක්..... අයියෝ වැඩේ කෑවනේ දැන් හැමෝම දැනගන්නවා කොටේ උඩ ඉන්නේ මම නෙවෙයි කියල.

      ඒ අජිත් සිංදුවක් කියාගෙන පැත්තකට වෙලා ඉන්නවා මේ වගේ වැඩ කරලා නැහැ.
      මම අහිංසකව පැත්තකට වෙලා හිටියේ කිසිම දෙයකට සම්බන්ද නැහැ දෙයියම්පල්ලා..

      Delete
  42. මාත් සන්තෝසෙන් ආවේ බස් අජිත්ව පහර ගෙන ගිහින් ආයේ සින්දු කියන්න එපා කියල තර්ජනය කරලා කියා සීතලයි .අය්යෝ

    ReplyDelete
    Replies
    1. මෙච්චර පැහැර ගන්න රටේ ඒ වගේ වැදගත් වැඩක් කරන කෙනෙක් නැහැ නේ. කි දෙන්නම් සංතෝස වෙයි ද?.

      Delete
  43. දැන් එහෙනම් වංගු කෙළින් කරන් ‍යනවා ඇති..

    ReplyDelete
    Replies
    1. කාගේත් වාසනවාවට කිසි අතුරු අන්තරාවක් වුනේ නැහැ...

      Delete
  44. මටත් ඔහොමම ම උනා බන් ...! අම්මාගේ නිල මෙව්වා රථය උස්සන් ගිහින්..!! ඩයිවර් ලොක්කා අම්බානක බැන්නා...!!, හැබැයි සුපුරුදු පරිදි පුතාට වදින ගාථාවෙන් පටන් අරන් ගුටි පුජාවකින් මව් තුමිය සිද්දිය අහවර කොරා

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹට කියන්න වෙන්නේ බස් පොඩ්ඩා කියල.

      අම්මල ඉතිං ගහන එකමනේ වැඩේ. උඹටත් එහෙමෙයි.

      Delete
  45. බස් අජිත් කිව්වම මම හිතුවේ වෙන කෙනෙක් ගැන අප්පා. බස් එක පල්ලමකට පත බෑවුනා නම් හෙම කාට කියල කියන්නද අප්පා. මොනවා වුනත් පන ගිහින් හරි අජිත් තමන්ගේ ආසාව ඉස්ට කරගෙන තියනවා. අර ගල උඩ ඉඳන් ඉන්න ළමයාගේ හෙන ලුක් එක ආ......

    ReplyDelete
    Replies
    1. මොකෝ පරක්කු....

      ඒ පාරේ පල්ලමක් නම් නැහැ එත් ලොකු ගඟක් යනවා. එකට වැටුනානම් ඉස්සොටිකක් හරි බෝ කරගන්න තිබුනා.

      සිරා පොරක් නේද එතන ඉන්නේ කවුද බං ඒ..??

      Delete
  46. මන් සැහෙන්න පරක්කුයිනේ....එත් ඔන්න ආවා....
    මේ චිත්තරේ ඇන්දේ පේන්ට් වලින්ද අසර් අයියේ..?ලස්සනයි.......:)
    අනේ අම්මපා මෙයාලාගේ වැඩ නම්..අර අහිංසක මනුසයගේ රස්සාවත් නැති උනා නම් තමා....
    යාලුවා ගුටි කදී ඔහේ බලන් ඉන්න හැටි තම මරු...ශික් මුකුත් නොකරපු බබාලා වගේ අර මනුස්සයට උත්තර දීලා තියන ලස්සන.
    වැරදිලා හරි අජිත්ට බස් එකක්ම පදින්න ඕන උනේ ප්ලේනේ එකක් වගේ උනා නම් විනාසයි.....:)
    මොනවා උනත් පරණ දේවල් මතක් වෙනකොට ඒවා කොච්චර සුන්දරද කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍ර ඇන්දේ මව්ස් එකෙන් නංගි.

      මම මොනවත් කරන්න ගියේ නැහැ. වෙන හැම දෙයක්ම බලාගෙන හිටියා.

      තව එයා ගල් රෝලකුත් පැදලා තියෙනවා.

      Delete
  47. මම හිතුවෙ බන් 370 පට්ට ගහපු බස් අජියා ගැන කියලා

    ReplyDelete
    Replies
    1. නැහැ බන් එහෙම වුනානම් කීදෙනෙක් කැමති වෙයිද?

      Delete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...