දවස් දෙකක නිවාඩුවෙන් පස්සේ ඉරිදා දවල් ගෙදරින් ආවේ වේලාසනින් අපි කිහිප දෙනෙක් එකතු වෙලා ගත් කුලී ගෙදරට. ඇළ ඉස්සරහ තියෙන බෝඩිම් ජිවිතෙන් වෙන් වෙලා ටික කාලයක් වෙනවා. මේ ගෙදර පිහිටලා තියෙන්නේ නුගේගොඩ ආසන්නයේ.ඒත් ගේ පිහිටි ඉඩමට ඇතුල් වෙද්දී කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ මේ නගර බද පිහිටි ඉඩමක් කියල. අක්කරයක් විතර විශාල ඉඩමක්. ඉඩමේ හරි මද ඇති ඉතා පැරණි නිවසක් ඉඩම වටේ පිහිටා ඇති ගස් කොලන් දැක්කම කිසිකෙනෙකුට හිතන්නේ නැහැ කොළඹ පිහිටි ඉඩමක්ය කියා. පොල් ගස්, උණ පඳුරක්, උණ පඳුර ලඟම ළිඳක්.කොස් ගස්, පේර ජම්බු මේ හැම දෙයක්ම තිබුනා මේ වත්තේ. මේ හැම දෙයක්ම භාරව හිටියේ මාත් එක්ක හිටපු පස් දෙනාට. අයිතිකරු ඕස්ට්‍රේලියාවේ පදිංචිය. ගේ ඇතුලෙත් නිවසකට අවශ්‍ය සියලු ගෘහ භාණ්ඩ පවා දෑ තිබුනා. පාවෙන බෝඩිමේ හිටපු අපිට මේ ගෙදර අපේම වගේ තමා .අයිතිකරු ලංකාවේ හිටපු ඉංජිනේරුවෙක්. කළුතර මහා දාගැබ වෙනුවෙන් විශාල මෙහෙයක් කරපු පුද්ගලයෙක්. ඔහුගේ ගෙදර කරපු ඇතැම් නිර්මාණත් ගොඩාක් අද කාලෙට ගොඩාක් වැදගත්.(ගෙදර එකතු වෙන කුණු කසල වලින් බයෝ ගෑස් නිපදවල ඒ ගෑස් වලින් උයන්න සැලැස්වීම. වහලෙන් වැටෙන වතුර හා නාද්දී එකතු වෙන වතුර වෙන වෙනම ටැංකි දෙකකට එකතුවෙන්න සැලැස්වීම ඉන කිහිපයක්.)
හවස හතර විතර වෙද්දී මම ගෙදරට ආවේ. ඒ වෙද්දී කවුරුවත් නැහැ. මාසෙකට සැරයක් ගෙදර ගියාම අම්මා හදල දෙන කිරි ටොෆි පාර්සලෙන් ටිකක් වැඩිපුර තනියෙන් කාලා ඉතුරු ටික අනිත් අයත් එක්ක බෙදාගෙන කන්නමයි එහෙම වේලාසන ගියේ. තනියෙන් කෑම නරක පුරුද්දක් වුනාත් ඒ දේ කලේ මට සාධාරණයක් වෙන්න ඕනේ නිසා. ගෙදර ගියත් ඇතුලට යන්න විදියක් නැහැ යතුර හංගන තැන යතුර නෑ. එක තැනක නැතත් තව තැන් දෙකකම යතුර හංගන උපක්‍රමය අපි භාවිතා කලේ සොරුන් නොමග යවන්න. අවාසනවට කිසිම තැනකින් යතුර හොයාගන්න බැරි වුනා. යතුර නැති විත්තිය තේරුණා නිසා ඒ සතියේ ගෙදර නොගියපු කෙනා ළඟ අනිවාර්යෙන්ම යතුර ඇති තැන දන්නා නිසා කෝල් කලේ වෙන කරන්න දෙයක් නැති කමට.
මම : "කෝ... බං යතුර"
එහා පැත්තෙන් : "අඩේ.. උඹ ආවද ? මගේ ළඟ බං යතුර. මම කෙල්ල බලන්න ආවා තව පැයක් විතර යද්දී එනවා. අනේ බං කොහෙට හරි ගිහින් ඉඳපන් ... ඉතින් ඇයි බං උඹ වේලාසනින් ආවේ."
යතුර අරන් ගියපු එක නෙවෙයි වැරැද්ද මම වේලාසනින් ආපු එක. ඒ විදියට ඌ අදහස් කලේ. ඒත් ඒ කියපු පැය රබර් පැයක් කියන විත්තිය දන්නවා. අනිත් එක ඌ හෙන ඇබලයා. ගැලවෙන්නෙම නැහැ. කරන්න දෙයක් නැති තැන ගේ වටේ කැරකුණේ මිට කලින් හොරු ගෙට ඇතුළු උණු කවුලුවක්වත් තියේද බලන්නත්, පිටිපස්සේ දොර ගැන බලන්නත් එක්ක. ඒත් එදා මට මේ සිද්දිය වෙන්න ඕනේ නිසාම කිසිම දොරක් ජනේලයක් ඇරලා නැහැ. වට දෙකක් දොරවල් වලට තට්ටු දදා යද්දී තමා මට මතක් උනේ කොහොම හරි මැද මිදුලට පැනගත්තොත් එතනින් ගේ ඇතුලට යන්න පුළුවන් විත්තිය මැද මිදුලට එන දොර හැමදාම ඇරලා කියලා. ඒත් එතනට යන්න ඕනේ වහලට නැගලා. බෑග් එක ඉස්සරහ දොර ළඟ තියල තව වටයක් යද්දී දැක්කේ නගින්න ලේසි තැනක්. වතුර ටැංකියට අඩිය තියල වහලට නගින්න හිතපු තරම් අමාරු වුනේ නැහැ.
වහලේ උළු දිගේ මැද මිදුල තියෙන තැනට යන්නත් ටිකක් අමාරුයි. උඩක ඉඳං බිම බැලුවාම කකුල් වෙව්ලනවා, කැරකිල්ල හැදෙනවා. ඉස්සරනම් හිටියෙම ගස් උඩයි වහලවල් වලයි. ඒත් දැන් පොඩි උසකට නැග්ගත් බය වැඩි. වහල දිගේ යන්න ඕන තැනට මම දන ගා ගෙන ගියේ. ඉඩමේ පිහිටීම නිසා වත්ත ලොකු නිසාත් වහලක් උඩ දන ගාන කොල්ලෙක් ඒ වටේ පිටේ කිසි කෙනෙකුට දැකගන්න ලැබුනේ නැහැ.විනාඩි පහක වගේ කාලයක් ගියා මට එතනට යන්න. හෙමින් හෙමින්. වහල උඩ ඉඳං පහල බලන්නේ නැතුව ඈත බැලුවාම හරි ලස්සනයි වටේම පේනවා.
වහල උඩ ඉඳං පනින්න කොහෙත්තම බැහැ මෙතනට ආව වගේ නෙවෙයි කොහොමද බහින්නේ. ආයෙත් ගිහිං වතුර ටැංකිය දිගේ බැහැල යාළුවා එනකන් ඉන්නත් හිතුනා. ඒත් දැන් පරක්කු වැඩි. වහලේ ගැට්ටටම ගියා. පනින්න බැහැ අඩි 6ක් විතර උසයි. ඉස්කෝලේ තාප්පෙ මිට වඩා උසයි ඒ කාලේ හදිස්සියට අපි ඒ හරහා ගියාට මේ වගේ බයක් දැනුනේ නැහැ ඉස්සර. හොරෙන් ගස් වල පළතුරු කඩද්දි අයිතිකාරයා එද්දී ගහෙන් පැනල දුවපු මම දැන් මේ පොඩි උස තැනින් බහින්න බැරුව ඉන්නේ. එතෙක් වෙලා දනගහගෙන හිටපු මම වහල දිගේ බඩ ගෑවේ දිග ඇදිලා උළු වලට යටින් තියෙන පරාල දෙකේ එල්ලිලා පනින්න. පරාල ලඟට යද්දී මට පෙනේවා මෙතනට වඩා අනිත් පැත්තේ වහල පාතයි කියලා. ආමාරුවෙන් ඒ කොනට ආයෙත් දනගාගෙන යන්නේ.එතැනදී මට පේනවා හිටපු පැත්ත අනිත් හැම පැත්තටම වඩා පතයි කියල. දෙපැත්තට මාරු වේවි හිටපු මම වහලේ උඩ වැඩි වුනේ මොකක්ද කරන්නේ කියල කල්පනා කරන්න.
හදිස්සියෙන් හරි මම බහින්න ගිහිල්ල වැටුනොත් කෙලින් කරන්නවත් කෙනෙක් නැහැ. නැගිටින්න බැරුව හිටියොත් ආයේ මාව දකින්නේ කට්ටිය මහා රෑ නැත්නම් ඊළඟ දවසේ උදේ රෙදි වේලෙන්න දන්නා කෙනෙක් ආපුවාම.එතකොට මට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. එල්ලීලා ඉද්දි බිම වැටුනොත් කකුල් දෙකට මොනවා වෙයිද?. ඇවිදින්න බැරි වෙයි ද? රෝද පුටුවෙන් යන්න වෙයිද? එහෙම වුනොත් රස්සාව කරන්න වෙන්නේ නැහැ. විකාර අදහස් එකින් එක මැවෙනවා.කාලෙකට කලින් පත්තරේ තිබුන සිද්දියක් මතයක් වෙලා තවත් බය හිතුනා. වහලට නැගපු ගෙදර ගෘහමුලිකයා වැටිලා සිහිය නැතිවෙලා. දවසක්ම ඉඳල පස්සේ මිය ගිහිං. මට මේ හැම සිද්දියක්ම මතක් වෙනවා. වටෙන් පිටෙන් දැන් කරුවලත් වැටීගෙන එන්නේ. පැයකට වැඩි කාලයක් වහල උඩ, අරු කියපු විදියට කොහේ හරි ගිහිං හිටියනම් දැන් ඌ කෙල්ලව බලල එන වෙලාව. එහෙනම් මම මේ වෙද්දී ගේ ඇතුලේ.මදුරුවෝ එකා දෙන්න කන්න පටන් ගද්දි මම කරපු මෝඩ කමේ තරම තේරුනා.
අයෙත් බඩ ගාගෙන පොල් පරල දෙකක් අල්ලලා හෙමිහිට එල්ලුනා දැන් මුළු ඇඟේම බර තියෙන්නේ මගේ අත් දෙකේ.පොල් කීරකට අත හිල් උනා. එක අතක් අත ඇරියොත් අනිවාර්යෙන්ම මම වැටෙනවා. වේදනාව ඉවසාගෙන ටිකක් ආමාරුවෙන් එල්ලිලා හිටියේ. අත් දෙක ඇත ඇරියොත් බිම. උඩක ඉඳල එක සැරේ කකුල පොළොවේ වැදුනොත් අඩුම තරමේ වළලු කර ලඟින් උලුක් වෙන්නත් බැරි නෑ. අත් දෙක වෙවුලන තරම් වෙලා එල්ලිලා හිටියා බැරිම තැන මම ඇත අතෑරියා. අයියෝ.... කකුලයි පොලවයි අතර අඩියක තරම් පරතරයක් වත් තිබිලා නැහැ. හිතේ තියෙන බියගුළු ගතියට මට හිතුන සිතුවිලි.
මම එල්ලිලා හිටියේ මෙහෙමයි.
දැන් මම ඉන්නේ මැද මිදුලේ .ගේ ඇතුල හොඳටම කරුවලයි. මීට කලින් හොරු දෙවතාවක් ඇවිත් ගිහිං තිබුන නිසාම හිත පොඩ්ඩක් බය වෙලා තිබුනේ මේ ගේ ඇතුලේ කරුවලේ ඇවිදින්න.ඇතුලට ගිහිං ඇතුලෙන් දොර ඇරගෙන බෑග් එක අරං එන්න අඩිය තියද්දීම වැටුණු ලයිට් එළියක් එක්ක ඇහුන කට හඬින් මම ගැස්සිලා ගියා. " මොකද බං කරන්නේ බෑග් එකත එළියේ තියෙල කවුරු හරි ආවනම්!! මොකෝ බං දාඩිය දාගෙන කොහොමද බං ඇතුලට ආවේ" යාළුවා එහෙම අහද්දී මට වහල දිහා බැලුනේ ඉබේටමයි. ටිකක් වැඩි පුර කන්න ගෙනා කිරිටෝෆි ටික වෙනදා වගේම අයිතිකාරයාට අඩුවෙන් දෙන නීතිය යටතේ මට ලැබුනේ හරි පොඩ්ඩයි. මගේ යාළුවා හැම වැඩක්ම කරගෙන ගෙදර එනකම් මම වහල උඩ .
ප/ලි: හැමදාම වගේ සිත්තරේ ඇඳලා දුන්නු "තිලිණිට" ස්තූතියි!!

හැක හැක හැක අයියෝ අර දෙවෙනි පින්තුරේ දැකලා මට හිනා ගියා පන යන්න රොබින් හුඩ් සෙල්ලම :ඔ :පි
ReplyDeleteපව් අනේ අසාර් ව වක්හල උඩ තියපු යාළුවාව උල තියමු.. :/
මම 1 වෙලා හුරේ..
Deleteකොහොමද අපේ සෙට් ඒක. කඩු හංගල තිබුනේ.පොඩි පොඩි සටන් වලට උණ බම්බු ගන්නේ.
Deleteඒක උනාට තෑග්ග කිරිටෝෆි.කැමති ද?
ලයික්
Deleteලයික් මමත් :පි
Deleteහි හී නියම කතාව..තිලිනි අක්කිගෙ චිත්‍රෙත් ලස්සනයි :)
ReplyDeleteකතාව රස වින්දනම් මට සතුටුයි.
Deleteමම තිලිනිට කියන්නම ඔයා ලස්සනයි කිවුවා කියල.
හි හි හී ඇත්තමයි නියම කථාව..ඉස්කෝලෙ යන කාලෙ කොලුකමට වැඩ කලාට මොකද අයියේ දැන් ඉතින් වයසයිනෙ හිත හයිය වුණාට දැන් ඒව කරන්න බෑ..ආයෙ ඔය වගේ වැඩ කරන්නන එපා හි හි හී...
ReplyDeleteඅපි තවමත් කොල්ලෝ හරියේ.. හේ හේ මේ සිද්දිය වෙද්දී මට වයස 23 යි. ඒත් ඉතිං බය කියන දේ හිතට ඇවිල්ල විතරයි නේ.
Deleteදැන් බයිසිකලේක හයින්වත් යන්නේ නැහැ.
මේක කියවද්දි මට මතක් වුනේ ශ්‍රීනාත් මද්දුමාගේ ඇස්බැස්ටෝස් ඇඩ් එක. තාත්විකව කතාව කීමට ඔබ දක්ෂ බව මේ කතාවෙනුත් තේරෙනවා.
ReplyDeleteමටත් උඩම පින්තුරේ දකිද්දී ඒ ඇඩ් ඒක මතක් වුනා.
Deleteස්තුතියි වේද මහත්තයා.
බැරි වැඩ නොකරන් අසාර් කියලා අපේ මුතුන් මිත්තෝ කියලා තියෙන්නේ කට කහනවටද මන් අහන්නේ?
ReplyDeleteඅයෙ වහල වල් උඩට නැග්ගේ නැහැ. පරණ පුරුද්දට නේ නැග්ගේ. ටැංකිය දිගේ නගිද්දීත් කිසි ගානක් තිබුනේ නැහැ.
Deleteහි හි....
ReplyDeleteවයසට ගියාම ඕම තමයි අසරණයෝ!!!!!
පට්ට කතාව..
අපි ඒ කාලෙත් කොල්ලෝ හරියේ.. පොඩ්ඩක් හිත බය වෙලා විතරයි.
Deleteහපොයි බඩ අල්ලන් හිනා වුනා අප්පා..
ReplyDeleteමෙවන් වීරයෙක් අපි අදහන්න ඕන..අමාරුවෙන් නැග ගත්තට වහලෙන් පනින්න බැරි වුන එකනෙ වැඩේ..!!
හික්ස්
හා හා වැඩිය හනා වෙන්න එපා ෆිගර් ඒක අවුට් යාවි.
Deleteනගින්න පුළුවන් බහින්න බැරි සිද්දිය ගොඩාක් දෙනෙකුට තියෙනවා නේ... ඉස්කෝලේ කාලෙන් පස්සේ උසකට නැග්ග පලවෙනි දවස එකයි පොඩ්ඩක් අප්සෙට් ගියේ.
අප්පේ... ඔය වගේ වැඩ උනාම හිතට දැනෙන සුන්දර හැඟීම ගැනනම් කියල වැඩක් නෑ නේද අසර්. (අත්දැකීමෙන් කියන්නෙ) :D
ReplyDeleteසඳ වහලක් උඩ ඉඳල තියෙනව වගේ. බය හිතෙන්නේ නැත්තේ කාටද?
Deleteමාත් පිලිගන්නවා වහලක් උඩට නැග්ගම බය හිතෙන බව. මොකෝ මාත් වහලක් උඩ ඉඳල තියනවා..බිම ඉඳං බලද්දී හිතෙන්නේ නෑ එහෙම. නැගලම බලන්න ඕන ඉතින්...
Deleteමේ කෙල්ල මොකටද වහලවල් උඩ නැග්ගේ පිකටින් කලාද මොනවා හරි ඉල්ලීමක් කරලා.
Deleteවෙරළු කඩන්න :( එක ගෙඩියක්වත් කඩන්න කලින් බලධාරීන්ට අහු උනා...
Deleteහික් හික්. පොඩි කාලෙ ආතා ගහකට නැගල බැහැගන්න බැරිව හිටිය.
Deleteඒක නෙවෙයි මම කීවෙ. හෙන අමාරුවෙන් මහන්සි වෙලා වහලෙට නැගල, වහලෙන් පැනල ගෙට යනකොටම අනෙක් කෙනා දොර ඇරගෙන ලේසියෙන් එනකොට හිතට දැනෙන සනීපෙ ගැන.
ඒ විතරක් නෙවෙයි ලැජ්ජාව..
Deleteඅපෝ ඉවසගෙන ඉන්න තිබුනානෙ යාලුවා එනකල්.නැත්නම් කරන්න තිබුනෙ ඔච්චර පෙරේතනම් එලියට වෙලා ඉදගෙනම කිරිටොෆි ටික කන්නනේ.:)
ReplyDeleteඇතුලට ගිහින් වොෂ් එකක් දාගෙන කුල් ඒක කන්න හිතාගෙන ගියේ. වටේ චුට්ටක් අප්සෙට් ගියා නේ.
Deleteඅසරණය අසරණ වෙච්ච තරමක්........ එකනෙ පුතා කියන්නේ ඉවසන්න කියලා
ReplyDeleteඉවසනං බැහැ බං හැම දාම මට අසාධාරණේ උනේ.
Deleteවෙලාවටඅහලකවත් ගෙයක්නොතිබුනෙ,නැත්නම්කොහොමදඑකයිඑකයිනමයකින් ඇවිත්බිමටගන්නකොට?
ReplyDeleteමමත් ෆිල්ම් එහෙක දැකල තියෙනවා උසකට නැගල බහින්න බැරිව කඹ දාල ඒ මනුස්සයා බිමට ගත්තේ. මමනම් පනිනවා පහලට.
Deleteඅර වතුර ටැංකිය හරියෙන් ඉඳගෙන කිරිටොෆී ටික කාලා, වට පිටාවේ සුන්දරත්වයත් නරඹන ගමන් පොඩි නින්දකුත් දැම්මනම් හරිනේ. යාලුවා එනකොට උඩ ඉඳන් බය කරන්තත් තිබුනා.:)
ReplyDeleteලියලා තියනවා ලස්සනයි.
මම වහලට නැග්ගේ බෑග් ඒක දොර ළඟ තියල නේ. විනාඩි පහෙන් බහින්න පුළුවන් කියල හිතුන නිසා වනේ වන සතුරෙකුටවත් වෙන්න එපා එහෙම දෙයක්.
Deleteස්තුතියි දිරිගැන්වීමට.
හොද වැඩේ බොලාට... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මම දුක් විඳපු ඒක හොඳ වැඩක්ද බොලව්...
Deleteහික්..හික්... වෙච්චි දෙයක්..
ReplyDeleteඅනේද කියන්නේ....
Deleteඅර වහලෙන් පනින්න බයට ඇතිවෙච්ච සිතුවිලි හරිම තාත්විකයි. ඔතෙන්ට තව කෑල්ලක් මතක් වුනා එකෙක් කියපු. ඌ කිව්ව විදියටම' "අඩෝ, ඔය අපි ඉස්සර වහලෙ ඉඳලා බිමට පනිනවා නේද? ඒ පනින පාරට ඇතිවෙන ප්‍රෙෂර් එකට කිඩ්නි, ලිවර් හෙම පුපුරන්න පුලුවන්ලු. ඔය බෝම්බ වලට අහු වුනාමත් ඒක වෙනවලු බං." ඕක අහලා මාත් බයවුනා, ඉස්සර පැනපු පැනිලි වලට. :)
ReplyDeletehenryblogwalker the Dude
ඉස්කෝලේ යන කාලේ අපේ එකෙක් කිවුවේ බොක්ක පුපුරනවා කියල. ඒ වෙලේ පිපුරුවේ නැත්නම් රැ නිදාගද්දී පුපුරනවලු. මමත් බය වෙලා අම්මට කිවුවා. අම්ම කිවුවා හැම දාම හවසට බුදුන් වැඳලා නිදගත්තාම එහෙම වෙන්නේ නෑ කියල මම ඉතිං ඒ කාලේ හැමදාම බුදුන් වැඳලා නිදාගත්තේ..
Deleteඅලයා කියලා මෝල් ඩයල් එකක් ඉන්නවා අපේ පැත්තේ!ටිකක් වයසයි! මෑන්ස්ට විහිලු කරලා මෑන්ස් තඩි කලු ගලකුත් අතින් අරං අපිව එලවන්න පටන් ගත්තා! අපේ සෙටාර් එක එතන තිබුන කම්බි වැටවල් පෙරලගෙන දිව්වේ! මට තාම ඒ කම්බි වැට දැක්කම හිතා ගන්න බෑ අපි කොහොමද ඒ දවස් වල ඒක උඩින් පැන්නේ කියලා!
ReplyDeleteමරණ බය!!. මම දන්නා අයිය කෙනෙකුත් පෙරහැරක් බලනගමන් ඒ පරහරේ ගියපු අලියා නිකමට හැරිලා අඩි හතක් විතර උස තාප්පෙන් පැනල තියෙන්නේ. ඒත් ඒ අයියාගේ උස අඩි පහක් වගේ.
Deleteවහලෙ උඩ අසර් දන ගහන සීන් එකෙ ෆොටො එකක් තිබ්බනම්, ශෝක් තමා. :D නියම කථාව!
ReplyDeleteඅනේද කියන්නෙ.....:D :D :D
Deleteපොටෝ ගහන්න එකෙක් ළග පාතක හිටියනම් වහලෙට නැගලා සාටර් වෙන්නෙ අහවල් එකටද....?
ෆාති = ඔයා ආසයිද නව නින්ගිරාවක් වෙනවට මගේ චරිතෙට.
Deleteසුමිත් = සිරාවට ඇත්ත.
ලොලේ ලොල් ඈ..
ReplyDeleteරොබින්හුඩ් සෙල්ලම නම් මරේ මරු :D
දැන් මටත් ලොලේ ලොල් ඒත් එදා???
Deleteකරන්න වැඩක නැති වුනාම ඒවා කලේ.
හනේ හෆොයි උඹත් කොරගන්න වැඩ.. පට්ටය.. බෝඩිං ජීවිතේ තියෙන ආතල් ගැන නම් කියල වැඩක් නෑ..
ReplyDeleteහිටපු පොදින් එක්ක බලද්දී මේ බෝඩිම මාර ජොලි. ගත්තු ආතල් ඒමට..
Deleteහෙක්...හෙක්... සිරාම වැඩක්නෙ වෙලා තියෙන්නෙ..! ඇත්තටම දැන් අපිට ඒ වගේ වැඩ දාන්න බෑ තමයි..! (ව්‍යායාම කොරපන් කොල්ලො දැන්මම.)
ReplyDeleteකව්ද....ඔය... "තිලිණි"......................!!!
දැන් වෙලාවක් නැහැ බං. ව්‍යායාම කරන්න. වැඩ වැඩ හැම වෙලේම. උඹටත් බැරිද ඉස්සර කාපුව කරන්න.
Deleteහෙහ් උඹට වෙන ඒවා.. ඒත් අඩි හයක් කියන්නෙ මහ උසක්ද බන්... උඩ ඉඳම්ම පැන්නත් මුකුත් වෙන්නෑ...
ReplyDeleteඋඹලා මේ මහ ලොකු වෙලත් රොබින් හූඩ් කළාද ? අදහන්ඩ ඕනා පොරවල් !!
ඕව් සෙන්නා ඒ කාලේ ඊටත් වැඩ උද ඉඳල පැනල තියෙනවා රස්සා කරන්න ගත්තට පස්සේ හිත බය වෙලා පොඩි උදකින් වත පනින්න බයයි.
Deleteහිටපු ගමන් වැස්ස දවස වල අතුරු මිතුරු සෙල්ලමත් කරා මතක් වෙද්දී ලැජ්ජයි වගේ.
රොබින් හුඩ් බංකර් යකෝ දැන් හැදෙන පොඩි උන්වත් ඕවා කරන්නෑ මෙන්න එල කොල්ලෝ
ReplyDeleteඅපි වයස 23 -25 උනුත් ඔතන හිටියා කොහොමද අපේ ජොලි ජිවිතේ. අයියෝ අපි රට ආවේ.
Deleteහයියූ හිනාකාල පණ ගියා අප්ප.........^_^
ReplyDeleteබුදු නංගියේ පණ යවාගන්න එපා.
Deleteමේං බොලේ රොබින් හුඩ් සෙල්ලං කොරනවා අලි කොල්ලෝ ටිකක්.... (යකෝ රොබින් හුඩි විදියට රඟපාන්න නළුවන්ට පුළුවන්නම් ඇයි අපිට බැරි??)
ReplyDeleteඅපරාදේ මූණූ බොඳකලේ... මරු සිද්ධිය ඈ... වහලෙන් පනින ටික නම් මරු කොහොමත් උස තැන්වලින් පනින්න ගියාම ඔහෝම වෙනවනම් තමා.කාලෙකින් උඩක ඉඳන් පැන්නේ නෑ හැබැයි මම දැන් පැන්නොත් නම් එලොවටම යනවා කෙලින්ම....
මාරම ලස්සනට අත්දැකීම විස්තර කරලා තියෙනවා අයියේ.දැන් මේ මං කංපනා කලේ මැද ගෙදර ඉඳන් ගේ ඇතුලට පනින්න පුළුවන්නම් යතුර එක එක තැන්වල හංගන්නෙ මක්කැයි ??
සතියේ මැද දවස වල කරන්න දෙයක් නැති වුනාම ක්‍රිකර්ට් ගහන බොලේ පලුනාම මේවා තමා කලේ.
Deleteමටත් මේ ෆොටෝස් ටික දැක්කාම මාර දුකක් ඇති වුනේ.උඹ කොහෙන්වත් පනින්න යන්න එපා ඔන්න ඔහේ හිටපන්. වේද ගෙදර වේද මහත්තයත් නැති එකේ.
ඒක හිතපු තරම් ලේසි නැහැ හොරු හැබැයි දන්නෙත් නැහැ ඒ දෙදරා මැද මිදුලක් තියෙන විත්තිය.
හයියෝ සල්ලි කිවුවලු.. අයියේ උඹේ උස කීයද.. පරාලේ එල්ලිලා ඉදලත් අඩි 6ට අච්චර බය උනේ?
ReplyDeleteතිළිණිගේ සිත්තරේ ලස්සනයි... :)
මගේ උස අඩු හයට අඟලක් විතර කොටයි.
Deleteඑදා ඉඳල කිවුවනේ නම දන්නා කියල ඔන්න මම නම දැම්මා.
යතුරු සීන් නම් එපා වෙනවා බෝඩිමේ ඒ කට්ට මාත් කල තියනවා ඒ හින්ද බැරිම තැන තව එකක් කපා ගත්තා/.......
ReplyDeleteඅපේ ඉතිං හැම වෙලාවේම කෙනෙක් හිටියා නැත්නම් ඒක තැනක හංගලා යන්නේ. ඒත් එදා මගේ අවාසනාව.
Deleteමටත් ඕනි උඩක් නගින්න පුළුවන් ඒ උනාට උඩ ඉඳන් බිම බලන එකයි..ආපහු බිමට බහින එකයි නම් බෑ..
ReplyDeleteහැහ්... හැහ්! මටත් ඕනතරම් දුරක් පහළට කිමිදෙන්න පුළුවන්, ඒත් උඩට එන්න දවස් දෙක තුනක් යනවා! ඩුඅ ඉඳන් පනිනවා නම් විද්‍යානුකූල ව විළුඹේ ඇඟිලි බිම වදින විදියට තමයි පනින්නෝන! අත්දුටුවයි!
Deleteවෙනි= ඇයි අර කජු ගැහෙ හිටියේ සරම ඇඳගෙන ඒ කාලේ බිම බලද්දී ඇතිවෙන ලෙඩේ තිබ්බේ නැද්ද?
Deleteලහිරු = අයෙ උඩ එන්න ඕනේ නැහැ ඉබෙම් දවස තුනකින් උඩ එනවා. ඒ වෙලාවේ ඒ කිසි දෙයක් මතක් වුනේ නැහැ.
විළුබෙ ඇඟිලි ???? :-)
Deleteහ්හේ හේ.. සෙන්නා මටත් දන එක මතක් වුනේ.
Deleteහෙහේ.. මංනම් ඉගෙන ගත්ත පාඩම තමයි ඔහොම වැඩ වෙද්දි අයියා වගේ ඒ කාලය ගෙවෙන්න මේ වගේ වැඩක්වත් කරන්න ඕන බව.. එතකොට අර චුයින්ගම් වගේ ඇදෙන වෙලාව ඉගිලිලා යනවනේ.. අපරාදෙනෙ කිරිටොෆි ටික.. වහලෙ උඩට වෙලා කාලා ඉතිරි වැඩ පිළිවෙල හිතන්න තිබ්බා.. :P
ReplyDeleteරොබින්හුඩ් සෙල්ලමේ අයියා කවුදෝ.. :D
එච්චර දුර දිග හිතුනේ නැහැ නේ නංගි ඒ වෙලාවේ. නැත්නම් වත්තේ තිබුන අඹ ගහකටවත් නගිනවා.
Deleteමම තමා රොබින් හුඩ් කතාවේ මැරියන් නගා...
මටනම් මතක් වුනේ Mr.Bean.....:D
ReplyDeleteඑච්චරම නොන්ඩිද ඒ වැඩේ.. හෙක් හෙක්...
Deleteඅපොයි අසරණය ටත් වෙන වැඩ
ReplyDeleteඇත්තටම මට සිද්ද වෙන වැඩ ගැන හිතද්දී මටම හිනා දැන්..
Deleteayyo.......asaranaya ayyawa tawath asarana wena wadakne wela tiyenne........duke be... :))
ReplyDeleteහේ හේ කුඩා මේ අරලියා??
Deleteඕව් නංගි මටමයි වෙන්නේ.පෙරේත කමට වෙන වැඩ..
මටත් ඔහොම දේවල් වෙනවා. බිම නොබලා පුළුවන් තරම් ඉහලට යනවා. උඩට ගියාම මළා තමයි දෙයියෝ බුදුන් සිහිවෙනවා. බෝඩිං ජීවිතෙත් නරක නෑ නේද මමත් නුගේගොඩ මහරගම, අවුරුදු ගානක්ම බෝඩිං වල හිටියා. හොඳම අත්දැකිම් ලබපු කාලෙ. සිකුරාද හැන්දෑව තමයි නොවැරදීම සෙට්වෙන හැන්දෑව
ReplyDeleteමම කලින් හිටපු බෝඩිමත් එක්ක බලද්දී මේ බෝඩිමේ මාර සැප. නිදහසේ උපරිමය.අපිත් සිකුරාදා හවස සෙට් වෙනවා අපි විතරක් නෙවෙයි සමහර දවස වලට 20 ක් විතර ඉන්නවා තබාරුමක් වගේ කොච්චර සද්දේ දැම්මත් වටේ පිටේ කිසි කෙනෙකුට ඇහෙන්නේ නැහැ.
Deleteහිහි...මේ ගොල්ලෝ රස්සා කරන කාලෙත් රොබින් හුඩ් කරලා නේ. මරු මරු :) ඒ කට්ටියගෙන් අසරණයා කවුද? අර කොන්ඩේ වවාගෙන ඉන්න එක්කෙනාද?
ReplyDeleteඅපි ඒ කාලේ අතුරු මිතුරු සෙල්ලම කරලා තියෙනවා කියල කිවුවොත් පිළිගන්නවද? වැස්ස දවස වල එලියට යන්න බැරි වුනාම. IT පෙනුමක් තියෙන කෙනා කවුද?? එයා තමා මම...
Deleteතිළිණිගේ සිත්තරෙත් එක්ක කතාව පට්ට නෙහ්.
ReplyDeleteඅරූ එනකන් ලඟපාත කඩේකටවත් ගිහින් මොනාහරි කාලා බීලා එන්ඩනේ තිබ්බේ. හික්ස් :)
ස්තුතියි.
Deleteඕව් ඌ කියපු විදිය කරානම් මම හොඳ ජොලියේ ඉන්නවා කිසි දුකක් නොවිඳ.
එල සීන් එකක් නෙ...
ReplyDeleteවලක උඩ හිටපු එක එළද බං මල්ලියේ.
Delete"අයියෝ.... කකුලයි පොලවයි අතර අඩියක තරම් පරතරයක් වත් තිබිලා නැහැ"
ReplyDeleteහික්ස්, අර අක්කා මරු චිත්තර කාරියක් නේ
බයටම මට ඒ උසත් මහා උසක් විදියට දැනුනේ.
Deleteඒ අක්කා හෙන කලාකාරිනියක්.
තොට තදියම නිසා හොද වැඩේ..
ReplyDeleteමචං "සතියේ මැද පෝය දවසක රොබින් හුඩ් සෙල්ලම කරන ගමන්." එකේ කෝ මැරියන්. ඒකට හිටියේ අසරණයද?
තිලිනි අක්කට ජය කියපං. උබට මොකට ජය කියනවද අපි ?
මචං මැරියන් නගා තමා මම. ඌරේක් එළාගන්න ගියපු වෙලේ ගත්තු පින්තුරේ.
Deleteහරි මං කියන්නම් එයාට ජය කියල. මට ජය නෑ කියන්නම්.
අපේ ගෙදරටත් දෙතුන් වතාවක් මමත් වහලෙන් පැනලා තියෙනවා...... අත පය, උළු මොකුත් කඩන්නේ නැතුව :)
ReplyDeleteඅනේ වාසනාවන් උළු අතපය කඩා ගන්නේ නැතුව බැස්සට.
Deleteහොර පොල් කඩන්න ගිහින් වගේ..
ReplyDeleteහොර කිරිටෝෆි බං..
Deleteඅනේ මන්දා. කටාර් ගිහින් වතුර ටැංකියකට නැගලා ඒක හදලා ඉවරවෙලත් බහින්න බැරුව නටපු නාට්ටිය මතක් වුනා.
ReplyDeleteඅප්පට සිරි උඹටත් මට වගේ සිද්දි වෙලා තියෙනවා නේද? ඉතින් කඹ දාලද බැස්සේ..
Deleteහොඳ වැඩේ උඹේ පෙරේතකමට!:P
ReplyDeleteඅර ගුරුකම් සීන් 1ත් දාපන් ,ඒක එනකම් මේ බලන ඉන්නේ!:)
උඹත් මට හොඳ වැඩේ කියලද කියන්නේ.
Deleteඑකේ තව ටිකක් තියෙනවා කරුණු හොයන්න. හදිස්සි වෙන්න එපා.
එක මනුස්සයෙක් රෑ කන්දකින් පහලට වැටෙනවලු. විනාඩියක් විතර වැටෙනකොට මොකක්දෝ ගහක අත්තක් අතට අහුවෙලා ඒකෙ එල්ලිලා ඉඳලඋදේ වෙනකල්. උදේ බලනකොට තව අඩියක් විතරලු ඉතිරිවෙලා තියෙන්නෙ. මේකත් ඒවගේ.
ReplyDeleteඋඹේ කමෙන්ට් එකට මැරෙන්න හිනා. මට හිතුන හැම සිතිවිල්ලක්ම ඒ මනුස්සයටත් හිතෙන්න ඇති.
Deleteඕක මම අහලා තියෙන්නෙ මෙහෙම;
Deleteඑක්තරා කඳු නගින්නෙක් යනවා කන්දක් නගින්න.. එක රැක මිනිහා ලෙස්සලා වැටිලා ආධාරක කඹයෙන් එල්ලි එල්ලි ඉන්නකොට වෙන්ඩ ඕන විදිහටම මිනිහා දෙවියන්ට ආයාචනා කරනවා අනේ මාව බේර ගන්ඩ කියලා. මිනිහගෙ කන්නලව්ව අහපු දෙවියො මිනිහට කතා කරලා කියනවා මම උඹව බේර ගන්නම් උඹ මාව විශ්වාස කරනවද කියලා. අර මිනිහත් ඔවු කියනවා.. දෙවියන්ගෙ උත්තරේ මොකක්ද දන්නවද ?
"එහෙනම් කඹේ කපපන්" කියනවා. කඹේ කැපුවම වැටිලා මැරෙන බව දන්න මිනිහා දෙවියන් කියන දේ කරන්නෑ.. සීතලේ එල්ලි එල්ලි ඉන්නවා උදේ වෙනකම්..
පහුවදා මිනිහව හොයන්ඩ ගිය කට්ටියට පොලවෙ ඉඳලා අඩියක් උඩින් එල්ලි එල්ලි තිබුන මිනිහගෙ මිනිය හම්බෙනවා..
ඔන්න ඔහොමයි..
මම ඒ කතා දෙකම අහල තිබුනේ නැහැ කලින්.
Deleteවහලවල් දෙගේ බඩගාපු අතීතයක් මටත් තිබුන...පට්ට කතාව.රොබින්හුඩුයි,සෙට් එකයි නිකන් තුවක්කු තියාගෙන ඉන්නව වගේ
ReplyDeleteඒ කාලේ උඹ ගෙවල් වලට හොරෙන් ඇතුළු උනාද?
Deleteකඩු හොයාගන්න අමාරු උනා ඒත් අපි තුවක්කු වගේ කඩු වලින් සෙල්ලම් කලේ.
හයියූ...පව් අෆ්ෆා...
ReplyDeleteපව් තමා මලේ..
Deleteඑල කිරි තමයි. මමත් දවසක් පන්ති කට් කරලා ගෙදර ආව හොරෙන්, කට් කරේ නෑ යන්න බස් එකක් නැතුව ටව්මට ගිහින් පැයක් විතර ඉඳල ආවේ ඉතින් ක්ලාස් ඒක ඔටෝ කට් වෙලා මම ගෙදර ආවා. , කරුමෙට එදා ගෙදර කවුරුත් හිටියේ නෑ. යතුර හංගන්න ඔය කීව තාක්ෂනෙත් පාවිච්චි කරාට එදා ඕක කරලා තිබ්බේ නෑ. මමත් අපේ ගෙදර වහලේ කුස්සියට උඩින් තියන ස්ලැබ් එකෙන් කාවුලක් තියනවා. ඒක වහල තියෙන්නේ කාඩ් බෝඩ් දාල මම මට යන්න පුළුවන් විදිහට ඒක හදාගෙන එල්ලිලා අමාරුවෙන් ඇතුලට බැස්ස. කුස්සියේ ලිපෙන් එන දැලි දුඹුලු ඔක්කොම ඇඟ පුරාම ඒ මදිවට අත්දෙක හමගහගත්තා මදි නොකියන්න. ඒ විතරක් නම් මදැයි. ඒක කකුලත් පරිප්පු ඇතිලියේ.
ReplyDeleteහි හි මමනම් කෙලින්ම දොර ඇරගෙන ගෙදර ආවේ යතුර නැති දවස් දෙකකදි.එක දවසක් ගෙදර ඇවිත් ෆිල්ම් එකක් ආතල් එකේ බල බල ඉද්දි අම්මා ඇවිත් කුඩෙන් නෙලගෙන නෙලගෙන ගියා... අම්මා හිතලා මුලින් දොර ඇරලා තියෙද්දි හොරෙක් කියලා පස්සේ මම ආතල් එකේ ඉන්නවා දැකලා ආපු කේන්තියට නෙලලා තියෙන්නේ.... ටික දවසකින් අළුත් අගුලක් ගෙනත් දැම්මා... ඒකටත් වුනේ ඒ සෙතේමයි...
Delete@පැතුම් = මටත් ඒ විදියට ඔටෝ කට වෙලා තියෙනවා ඒත් අපේ ගෙදර හැම දාම හැම වෙලේම කවුරු හරි ඉන්නවා. මම ෆිල්ම් එකක දැක්කා ඒ විදියට දුම් කවුළුවෙන් පනින්න ගිහින් ඇතුලේ හිර වෙලා කෙනෙක් මැරිලා. ආයේ ඉතිං ඕවා කරන්න යන්න එපා. කොහොමද එදා පරිප්පු වෙනදට වඩා රසට තියෙන්න ඇති නේද?
Delete@ගැමියා = මට මතකයි මේ සිද්දිය ගැන ගැමි මලයා කොහේදෝ තැනක කියල තිබුනා. උඹේ වාසනාවට අම්මාගේ අතේ කුඩයක් තිබුනේ ඊට වඩා බර දෙයක් තිබ්බනම්!!
සුපිරි ෆන් එක... :D
ReplyDeleteසිරා
Deleteතෑන්ක් යූ...
හෑ............ :O මට මේක මිස් වෙලානෙ... :( :( දැන් දැක්කෙ..
ReplyDeleteහික්ස්ස්ස්ස්ස්ස්... හිනා ගිහින් පණ නෑ... අනේ අසාර් අයියේ ඔයා එල්ලිලා හිටියෙ ඇත්තටම එහෙමද?? හික්ස්ස්..
Deleteනෑ.. තවම මිස් උනේ නැහැ.
Deleteපරිස්සමින් හිනා වෙන්න. කරදරයක් කරගන්න එපා මට බැහැ වග කියන්න.
කොහොමද මගේ වැඩ ඔයාට බැහැ නේ එච්චර වෙලා එල්ලිලා ඉන්න.
හික් හික්...අයියෝ පව්...
ReplyDeleteරසවත් කතාවක් මල්ලී...
චිත්‍රය ලස්සනයි...
මට වුනු තවත් සුළු අකරතැබ්බක්.
Deleteස්තුතිය සිත්තරවී තිළිනිට..
අසරණයා ඇත්තටම අසරණ උනු වෙලාවක් වගෙයි...
ReplyDeleteඕව් බං වහල උඩ මදුරුවෝ බං. හරියට.
Deleteහිතට ෆිට් වුණ බ්ලොග් 1ක්. අදයි ආවෙ. ඔන්න පස්සෙනුත් ආවා. දිගටම එන්නම්
ReplyDeleteසන්තෝසයි හිතට වැදෙන්න දෙයක් ලියවෙනවානම්.
Deleteස්තුතියි.
උඹටත් වෙන වැඩ... කිරිටොපි ටිකට එහෙනම් එදත් සාම්ප්‍රදායික නීතිය ක්‍රියාත්මක වුනා :)
ReplyDeleteඔව් බන් එදත් මට කන්න ලැබුනේ නැහැ බං හරියට.
Deleteඅනේ මන්ද... මට හිනාව නතර කර ගන්න බැහැ !!!!
ReplyDeleteපුදුම වැඩ තමයි ඔයාට වෙන්නේ නේද.....
එකපාරක් මගේ යාලුවෙක්ට මරු වැඩක් වෙලා තිබ්බ... එයාගේ ගෙදර එයාගේ වයසේ යාලුවෙක් නතර කරගෙන ඉදල තියෙනවා ඉස්කෝලේ යන කාලේ. මිනිහට නින්ද ගියාම බෝම්බයක් වැදුනත් ඇහැරෙන්නේ නැති ලු...
එක දවසක් මගේ යාලුවට කලින් අර කොල්ල ගෙදර ඇවිත්.... ඉතින් මගේ යාළුවා දොර ඇර ගන්න සැහෙන වෙලාවක් තිස්සේ මොර දීල.. මෙයාගේ කෑගැහිල්ලට අල්ලපු ගෙවල් වල මිනිස්සුත් ඇවිත් දැන් කතා කරනවාලු එත් මිනිහ නෙවෙයි ලු දොර අරින්නේ අන්තිමට ඔය කල වගේ අල්ලපු ගෙදර තාප්පෙන් නැගල වහලේ දිගේ ඇවිත් අරුන් නිදාගෙන ඉන්න කාමරේ ජනේලේ ගාවට ගිහින් කතා කරලා... ඒත් මු නිදි ලු..... අන්තිමට ගලකින් ගහල තමයි ඇහැරවගෙන තියෙන්නේ!!!!